ආනන්දයේ පෙරළිය
"දැන් ඉස්කෝලෙ ඉස්සර වගේ නෙවේ. සෑහෙන්න වෙනස් වෙලා"....
"මචං දැන් ඉස්කෝලෙට ගියාම, නිකං අපි ඉස්කෝලෙට අයිති නෑ වගේ දැනෙනවා බං. ඒ තරමට වෙනස්. අපි Full හොල්මන් වෙලා අතරමං වෙනවා ඇතුළට ගියාම"....
"ඉස්කෝලෙ දැන් ඉස්සර තිබ්බ දේවල් නෑ නෙහ් බං. දැන් ඔක්කොම අලුත්"....
"පස් මහල කඩපු එකට නම් දුකයි. මොන තරම් මතකයන් තිබ්බද අපේ?"....
ඒ, මෑත කාලයේ ආනන්දයේ එක එක වැඩ වලට ගියපු සමහරක් යාලුවො මට කියපු දේවල්. ඇත්තම කියනවා නම්, මමත් අන්තිමටම ඉස්කෝලෙ එක එක වැඩ වලට ගියපු දවස් වල ඔය දේවල්ම කල්පනා කළා. අපි හිටපු කාලෙත් එක්ක බලන කොට ඉස්කෝලෙ දැන් ගොඩාක් භෞතික අතින් සහ සාමාජීය අතින් වෙනස් වෙලා.
ඒවා ඉතින් එහෙම තමයි. ලෝකයේ තියෙන ඕනෑම දෙයක් හොදට හරි නරකට හරි, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් මේ දේවල් ගැන කල්පනා කර කර ඉන්න වෙලාවෙ ආපු සිතුවිල්ලක් අනුව තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. මේ ලිපියෙන් මම ආවර්ජනය කරන්න කල්පනා කරන්නෙ මම කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු කාල පරාසයේ, ඒ කියන්නෙ 1999ත් 2012ත් අතර කාලයේ, ආනන්දයේ අපි දැකපු, අපි අහපු සහ අපි අත්දැකපු, සුවිශේෂී සිද්ධීන් සහ සන්ධිස්ථාන කිහිපයක් ගැනයි.
මේ ලිපිය ලිවීමේ ප්‍රධානතම අරමුණ තමයි 1999ට කලින් හිටපු අයියලාටත්, 2012න් පස්සෙ ආනන්දයත් එක්ක අත්වැල් බැඳ ගත්ත අපේ ආදරණීය මල්ලිලාටත්, 1999 - 2012 වසර 13ක කාල පරාසයේ ආනන්දයේ වුණු වෙනස්කම් කිහිපයක් ගැන දැනුවත් කරන එක. අපි එහෙනං කතාවට බහිමු.

1999 ඉදලා 2012 වෙනකන් ගත වුණු කාලයේ ආනන්දයේ විදුහල්පතිවරු කිහිප දෙනෙක්ම සේවය කළා. අපි 1999 අවුරුද්දෙ ආනන්දෙට ඇතුළත් වෙනකොට හිටියෙ ටී.බී.දමුණුපොල සර්. දමුණුපොල සර් කියන්නෙ හරිම ප්‍රසන්න පෙනුමක් තිබ්බ, හොඳ, නිහතමානී විදුහල්පතිවරයෙක්. මට මතකයි අපි 1 වසරට ආපු මුල්ම කාලයේ අපිව විදුහල්පති කාර්යාලයට අඩගහලා, හැම ළමයෙක්ටම, එකින් එක චොකොලට් දුන්නා. ඒ වෙලාවෙ සර්ගෙ මූණෙ තිබ්බ ඒ හිනාව මට තාමත් මතකයි. ඒ කාලයෙ හරිම ජනප්‍රිය චොකොලට් ජාතියක් තමයි, කාර් එකක හැඩයට ආපු චොකොලට් ජාතිය. මට හම්බුණේ කොළ පාට කවරයක ඔතපු චොකොලට් එකක්.
ඒ කාලේ දමුණුපොල සර්ගෙ සහායට නියෝජ්‍ය විදුහල්පතිවරයා විදිහට හිටියෙ තිස්ස පෙරේරා සර්. තිස්ස සර්ගෙ මූණ, ඡායාවක් වගේ තමයි මගේ මතකයේ තියෙන්නෙ. තිස්ස සර් ගැන කියන්න තරම් ලොකූ මතකයක් නෑ. මොකද තිස්ස සර් 2000 අවුරුද්දෙදි ආනන්දයෙන් සමු ගත්තා.

2000 වසර අයිති වුණේ ප්‍රභාකරන්ගේ 3 වෙනි ඊළාම් යුද්ධය තිබුණු කාල පරිච්ඡේදයටයි. ඒ කාලයේ යුද්ධය සෑහෙන්න දරුණුයි. 2000 අවුරුද්දෙ 2 වසරෙ ඉන්නකොට, පන්තියෙ ළමයින්ට බෝම්බයක් පිපුරුවොත් ක්‍රියා කරන විදිහ කියලා දෙන්න කියලා, ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්යතුමිය, හැම පංතිභාර ගුරුවරයෙකුටම නියෝගයක් කරලා තිබුණා. මට තාමත් මතකයි අපේ පංතිභාර අයේෂා ඉලුක්කුඹුර මැඩම් ඒ දේ අපට කියලා දීපු විදිහ. "බෝම්බයක් තියෙනවා කියලා දැන ගත්තොත්, Speaker එකෙන් නලාවක් සද්ධ කරනවා. ඔයාලා මුලින්ම මේසෙ යටට යන්න ඕන. ගිහින් හොදට කණ් දෙක වහගෙන ඉන්න ඕන. පුලුවන් තරම් හයියෙන් දත්මිටි කන්න ඕන. නැත්නම් කණ් අඩි පුපුරනවා. මම දැන් අත්පුඩියක් ගහනවා. එතකොට ඔයාලා මම කියපු දේ කරන්න ඕන".
මැඩම් අත්පුඩිය ගහනකොට, අපි මේසෙ යටට ගිහින්, දත් මිටි කාගෙන, කණ්දෙක වහගත්තා. "ආ දැන් කට්ටිය පුටුවල වාඩි වෙන්න. ඔන්න තව පාරක් කරනවා". ආයිත් මැඩම් අත්පුඩියක් ගැහුවා. අපි ඔක්කොම මේස යටට ගිහින් අර විදිහම කළා. මම ගොඩක්ම බය වුණේ බෝම්බෙ පිපුරුවම, කණ පැලෙන කතාවටයි. මට තාමත් මතකයි, පෙරහුරුවකදි වුණත්, මම හයියෙන් දත්මිටි කාගෙන, කණ් වහන් හිටපු විදිහ.

දන්නවද ඔය උඩ පින්තූරයේ ඉන්න ආච්චි? ආනන්දයේ ප්‍රාථමික අංශය කියලා කිව්වම, උඩින්ම අපට මතක් වෙන චරිතයක් තමයි මේ ආච්චි. එයා නිසා තමයි මල්ලියේ ඒ කාලෙ ආනන්දෙ ප්‍රාථමික අංශය ලස්සනට තිබ්බෙ. උදේ පාන්දර සීතලේ, අව්ව වැස්ස බලන්නෙ නැතුව මුළු ප්‍රාථමික අංශයම ආච්චි අතුපතු ගාලා සුද්ධ කරනවා. ඒ වගේම වැසිකිලි කැසිකිලි පවිත්‍ර කරලා, සුවඳ ගහලා, ලස්සනට තිබුණෙත් ඒ ආච්චිගෙ අත් දෙකට පිං සිද්ධ වෙන්නයි.
හැම ළමයෙක්ටම කට පුරා "මහත්තයා" කියලා කියපු මේ ආච්චි, විවේක ගන්න වෙලාවෙදි ගොඩක්ම ආස කළේ 1 ශ්‍රේණියෙ පන්ති කාමර පේළිය ළග පුටුවක් තියලා වාඩිවෙලා ඉන්නයි. 1 ශ්‍රේණියෙ පන්ති වල ගුරුවරු, පන්ති කාමරයේ තියෙන තේ සහ බිස්කට් ජාති වලින් ආච්චිට සංග්‍රහ කරන්න අමතක කළේ නෑ. මේ ආච්චිත් අපි උසස් පෙළ කරලා බොහොම සුළු කාලෙකින් විශ්‍රාම යනවා. මම හිතන්නෙ ප්‍රාථමික අංශයේ මේ ආච්චිගෙ පිළිමයක් හැදුවත් පාඩු නෑ !

උඩ පින්තූරයේ තියෙන්නෙ 2000 වසරේදී අපි හිටපු 2 ශ්‍රේණියෙ පන්ති තිබුණු ගොඩනැගිල්ලයි. ඒත් අපි ආනන්දයේ කණිෂ්ඨ / ජ්‍යේෂ්ඨ පන්ති වල ඉන්නකොට වගේ ඔය ගොඩනැගිල්ලත් ඉවත් කෙරුණා. අද ඔතන තියෙන්නෙ මහල් දෙක තුනක විශාල ගොඩනැගිල්ලක්.
2001 අවුරුද්දෙදි තමයි ටී.බී.දමුණුපොල සර් විශ්‍රාම යන්නෙ. ඒ විශ්‍රාම ගැනීමත් එක්කම, ආනන්දයේ නව විදුහල්පතිවරයා විදිහට වැඩ භාර ගන්නේ බී.ඒ.අබේරත්න සර්. මට අද වගේ මතකයි අබේරත්න සර් ඉස්කෝලෙ වැඩ භාර ගත්ත දවස.
සර් ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධානී විදිහට ඒ කාලයේ හිටපු ජේ.ඩී.ඒ.රණසිංහ නොහොත් "ලොකු මැඩම්" එක්ක ප්‍රාථමික අංශයට ආවා. පන්තියෙන් පන්තියට ගිහින්, හැම පන්තියකම ළමයින් ලව්වා "දින දින කිතුගොස බෝ වී" ගීතය කියවලා, සැබෑ ආනන්දියෙකුගේ තියෙන්න ඕන ලක්ෂණ ගැන අපිට පොඩි දේශනයක් දුන්නා.

ආනන්දයට ආපු ගොඩක් සිංහල විදුහල්පතිවරු, මහ නුවර ධර්මරාජයේ සේවය කරලා, ආනන්දෙට එකතු වුණු අය. ඒක, නිකන් හරියට සම්ප්‍රදායක් වගේ. දමුණුපොල සර්ත් එහෙමයි. ඒත් අබේරත්න සර් එහෙම කෙනෙක් නෙවේ. ඒ නිසා අබේරත්න සර්ගෙ ආගමනයත් එක්ක ඒ සම්ප්‍රදායෙන් පිට පැන්නා.
එදා ආනන්දේ 4, 5 වසරේ ගොඩනැගිල්ල ඉස්සරහා අබේරත්න සර්, දමුණුපොල සර්, රණසිංහ මැඩම් සහ තවත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සමූහ ඡායාරූපයකට පෙනී හිටියා. පින්තූරෙ ගත්තෙ අපේ ආදරණීය කුලරත්න අංකල්. ඒ වෙලාවෙ ඒ පින්තූරය අරගන්නවා බලාගෙන හිටපු කෙනෙක් හිටියා නම්, ඒ මුළු ඉස්කෝලෙන්ම මම විතරයි. ඒ වෙලාවෙ කිසි කෙනෙක් පේන තෙක් මානයක හිටියෙ නෑ. වැසිකිලිය පැත්තට යන ගමන්, අහම්බෙන් ඒ සිද්ධිය දැකලා, කරන්න ගිය වැඩෙත් අමතක වෙලා, මම ඒක දිහා බලන් හිටියා. රණසිංහ මැඩම්, "ඔයත් එනවද පින්තූරෙට?" වගේ බැල්මක් දාගෙන විටින් විට මගේ දිහා බල බල, මට හිනා වුණා.

අබේරත්න සර් ආවයින් පස්සෙ, අබේරත්න සර්ගෙ දකුණු අත විදිහට හිටියෙ රෝහණ පොන්නම්පෙරුම සර්. එයා තමයි ආනන්දයේ නියෝජ්‍ය විදුහල්පති වුණේ. අබේරත්න සර් ආනන්දයේ භෞතික දියුණුව වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ නිසා අබේරත්න සර්ගේ කාල පරිච්ඡේදය තුළ, ආනන්දයේ භෞතික අංශය සෑහෙන්න දියුණු වුණා සහ වෙනස් වුණා.
එහෙම වුණු පළවෙනි වෙනස්කම විදිහට මට මතක් වෙන්නෙ, ආනන්දයේ කුඩා පිහිණුම් තටාකයේ කරපු වෙනස්කමයි. ආනන්දයේ පිහිණුම් තටාක දෙකක් තියෙනවා. එකක් හෙන විශාලයි. අනික බොහොම කුඩායි. 2002න් වගේ පස්සෙ ආපු අය විශ්වාස කරනවද, ඉස්සර කුඩා පිහිණුම් තටාකයේ ආකෘතිය වෘත්තාකාරයි කියලා? ඔව්. ඇත්තටම කුඩා පිහිණුම් තටාකය තිබ්බේ වෘත්තාකාරවයි. ඒක හරියට බැලූ බැල්මට ළිඳක් වගෙයි. එහෙමත් නැත්නම් පොකුණක් වගෙයි. අපි ප්‍රාථමික අංශයේ ඉන්නකොට, ඒකෙ තමයි පිහිණුම් පුරුදු වුණේ. අබේරත්න සර් වැඩ භාර ගත්තායින් පස්සෙ, ඒ පිහිණුම් තටාකය කඩලා, ඒ වෙනුවට තමයි නියමිත පිළිගත් ප්‍රමිතියට අනුව අද තියෙන සෘජුකෝණාස්‍රාකාර කුඩා පිහිණුම් තටාකය හැදුවෙ. ඒ විතරක් නෙවේ, පිහිණුම් තටාක තියෙන ඉසව්වටම සම්බන්ධ කරලා තියෙන, දිග කොරිඩෝව සහ ආපන ශාලාවත්, මේ කාලයේම එකතු වුණු තවත් අංගයක්.

එතනින් නොනැවතුණු අබේරත්න සර්, ආනන්දයේ ප්‍රධාන ශාලාව වුණු කුලරත්න ශාලාව ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගන්නවා. ඔයාලා දන්නවද අපිට ඉස්සර තිබ්බෙ අශ්ටාස්‍රාකාර කුලරත්න ශාලාවක් කියලා? ඔය උඩ පින්තූරෙ වම් පැත්තෙ තියෙන්නෙ ඒක තමයි. ඒ කාලෙ වෙනකොට ඕක සෑහෙන අබලන් වෙලයි තිබුණෙ. ශාලාව ඇතුළෙ එහෙම, උඩ බැලුවම, පරාල ගැලවිලා, වයර් කෑලි, ලී කෑලි එළියට පැනලා. බොහොම කැතට තිබුණෙ. මට මතක විදිහට මේ ශාලාව අයින් කළේ 2003 අග භාගයේ හරි 2004 මුල් භාගයේ හරි. ඊට පස්සෙ තමයි අද අපි දකින වර්තමාන කුලරත්න ශාලාව නිර්මාණය වෙන්නෙ.
අශ්ටාස්‍රාකාර ශාලාව අයින් කරපු එකට, ඒ කාලයේ ශාලාවත් එක්ක ආදරයෙන් වෙළිලා හිටපු අය, විශේෂයෙන්ම ගුවන් විදුලි සංගමයේ අය එහෙම එච්චර කැමති වුණේ නෑ. මම නම් මෑතක් වෙනකන්ම අලුත් ශාලාවට කැමැත්තෙන් හිටියත්, දැන් ආයිත් ඒ අතීතය සිහිපත් කරනකොට හිතෙනවා, "ඒ ශාලාව කඩලා, ආයිත් ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කළා නම් කොච්චර අපූරුද?" කියලා. මොකද ඒ ආකෘතිය හරිම විරලයි. අදත් තිබ්බා නම්, ආනන්දයේ බුදු මැදුර වගේම, ඒ ශාලාවත් ආනන්දය නියෝජනය කරන සළකුණක් / අනන්‍යතාවයක් වෙන්න තිබ්බා.
ඒ අතරෙ අබේරත්න සර්ගෙ අවධානය, ක්‍රීඩා පිට්ටනිය දිහාවටත් හැරුණා. අපි ආනන්දයට ඇතුළත් වුණු කාලයේ, ක්‍රීඩා පිට්ටනියේ ගුණාත්මක තත්වයේ අඩුවක් තිබුණා. ඒක ඇත්තටම සහරා කාන්තාරෙ වගේ කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඉතින් අබේරත්න සර් මේ ක්‍රීඩා පිට්ටනියම උඩු යටිකුරු කරලා, හොඳ ජාත්‍යාන්තර ප්‍රමිතියකට අනුව ආයිත් නිර්මාණය කළා. ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙනවත් එක්කම, මුළු ක්‍රීඩා පිට්ටනියම හරිත පැහැයකට හැරුණා. බලන් ඉන්නත් ආසයි. තැන තැන වතුර මල් තිබුණා. ඊට පස්සෙ එදා ඉදලා දිගටම පිට්ටනියේ නඩත්තු කටයුතු අකුරටම කෙරුණා.
ඒ කාලයේ ප්‍රාථමික අංශයේ පරිසරයේ සුළු අපිළිවෙලක් තිබුණා. ඒක දැකපු අබේරත්න සර්, මුළු ප්‍රාථමික අංශයම 100%ක් 5S කළා. කසල බදුන් හදුන්වලා දීලා අපද්‍රව්‍ය නියමිත ස්ථාන වලට බැහැර කරන ව්‍යාපෘති ආරම්භ කළා. තැන තැන මල් පැළ රෝපනය කෙරෙව්වා. තැන තැන 5S සංකල්පය, හොඳ පුරුදු ගැන කියවෙන පුවරු ස්ථාපනය කළා. කොටින්ම කිව්වොත් ඇවිදින කොට දකුණු පැත්තෙන් ඇවිදින්න කියලා, පඩි පෙළවල් වලත් ඊතල ඇන්දෙව්වා. ඉතින් අබේරත්න සර්ගේ මේ වගේ භෞතික අංශයේ දේවල් දියුණු කිරීමේ ප්‍රතිපත්ති නිසා, ඒ කාලයේම ඇහැට කණට පෙනෙන සීඝ්‍ර වෙනස්වීමක් අපිට අත්විදින්න ලැබුණා.

ඒ කාලයේ ඉස්කෝලෙ ආරම්භ කළේ උදේ 7.45ට. ඉස්කෝලෙ අවසන් වෙන එක අදියර තුනකට සිද්ධ වුණා. පළවෙනි අදියරයට අයිති වුණේ 1 සහ 2 ශ්‍රේණි වල ළමයි. එයාලට ඉස්කෝලෙ අවසන් වුණේ දවල් 12.00ට. දෙවෙනි අදියරයට අයිති වුණේ 3 ශ්‍රේණියෙ ළමයි. එයාලට ඉස්කොලෙ අවසන් වුණේ දවල් 1.15ට. තුන්වෙනි අදියරයේ අයට ඉස්කෝලෙ අවසන් වුණේ දවල් 1.45ට. ඒ කියන්නෙ 4 වසරේ ඉදලා 13 වසර වෙනකන් හිටපු ළමයි. මේ වෙලාවල් ටික 2005 / 2006 කාලය වෙනකන්ම තිබ්බා. ඊට පස්සෙ තමයි ඒ කාලයේ තිබුණු ආණ්ඩුවෙන්, අපේ රටේ වෙලාව ආයිමත් පැය භාගයක් ඉස්සරහට දැම්මෙ. ඒකෙ ප්‍රතිපලයක් විදිහට 2005 / 2006න් පස්සෙ තමයි අද පාසල ආරම්භ වෙන සහ අවසන් වෙන වෙලාවට ආවෙ. ඒ කියන්නෙ පිළිවෙලින්, උදේ 7.30 සහ දවල් 1.30 වේලාවන් !
අපි ආනන්දෙට ආපු කාලයේ නම් මොකක් නිසාද දන්නෙ නෑ, පාසල අවසන් වෙනකොට ඡත්තමානවක ගාථාව ගායනා කරන එක නතර වෙලයි තිබ්බෙ. මතක විදිහට 2002 අවුරුද්දෙ වගේ ඉදලා තමයි ඒක ගායනා කරන එක ආයිත් ආරම්භ කළේ.
2002 අවුරුද්දෙ වුණු තවත් විශේෂ සිද්ධියක් තමයි ජාතික ගීයේ සම්පූර්ණ අනුවාදයම ගායනා කිරීම ආරම්භ වුණු එක. 2002 මැදක් වෙනකන්ම ආනන්දයේ උදෑසන රැස්වීමට ගායනා කළේ කෙටි අනුවාදයයි. ඒ කියන්නෙ "පිළිගනු මැන අප භක්ති පූජා - නමෝ නමෝ මාතා" වලින් ඉවරයි.

ප්‍රාථමික අංශයේ ඉන්න කාලෙ වුණු තවත් වෙනස්කම් ගැන කියනවා නම්, ඔය උඩ පින්තූරයේ (2013) අපේ පසුබිමේ තියෙන කොටස ගැන කියන්නම ඕන. ඔය ඇවිල්ලා ප්‍රාථමික අංශයේ 4 සහ 5 ශ්‍රේණි තියෙන ගොඩනැගිල්ලෙ බිම් මහල. අපි ප්‍රාථමික අංශයේ ඉන්න කොට ඔය බිම් මහල සම්පූර්ණයෙන්ම හිස් වෙලා තමයි තිබුණෙ. ගොඩනැගිල්ලෙ උඩ තට්ටු ටික දරාගෙන ඉන්න කොන්ක්‍රීට් කණු ටික අතරින් පතර තිබුණා. ඒ ඇරෙන්න බිම් මහල කොණේම පොඩි වේදිකාවක් තිබුණා. ප්‍රාථමික අංශයේ ගොඩක් කෙටි උත්සව කටයුතු සිද්ධ වුණේ ඒ වේදිකාව උඩයි. අපි ඉතින් ඒ වගේ දවස්වලට ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවල ඉදන් කොරිඩෝව දිගේ, පුටුත් කරේ තියාගෙන, පඩිපෙල් බැහැගෙන පහළට ඇවිත්, ඒවායෙ තමයි ඉද ගත්තෙ. උත්සව ඉවර වෙන කොට ආයිත් ඒවා අරගෙන උඩට නගිනවා.
මේ ගොඩනැගිල්ලෙ හිස් අවකාශයේ රැදෙන්න අපි හුගක් ආස කළා. එකක් තමයි ප්‍රාථමික අංශයේ 1 වසර සහ Basket Ball පරිශ්‍රයේ තිබ්බ විවෘත ප්‍රදේශයෙන් හමාගෙන එන තද සුළග, මේ ගොඩනැගිල්ලෙ බිම් මහලට වැදෙනකොට හරිම සුවයක් දැනෙනවා. ඒ වගේම ගොඩනැගිල්ලෙ අනිත් පැත්තෙන් තිබුණු පුංචි හරිත උයනේ රූස්ස ගස් අතරින් එන හුළගත් කෙලින්ම ඇවිත් වැදුනේ ඒ බිම් මහලට. අනිත් අතට සූර්යයාගේ දැඩි අව් රශ්මියෙන් මිදුණු ප්‍රාථමික අංශයේ ප්‍රධානතම ස්ථානය වුණෙත් මේ බිම් මහලම තමයි.
ඒ දවස්වල අපි මේ යට කොටසෙ ඉදන් අහසෙ තරු ගාණටත් වඩා සෙල්ලම් කරන්න ඇති. විශේෂයෙන්ම ඒ කොන්ක්‍රීට් කණු, ගස් මාරුව සෙල්ලම කරන්න අපි භාවිතා කළා. ඒ විතරක් නෙවේ, 4 සහ 5 ශ්‍රේණි වල ළමයි උදේ රැස්වීමෙදි පෝලිම් ගැහිලා හිටියෙත්, පන්ති කාමරයෙන් එළියෙ ක්‍රියාකාරකම් කළෙත්, විෂය භාහිර ක්‍රීඩා කටයුතු කළෙත්, සංගම් සහ සමිති වල වැඩ කළෙත්, සංගීතය සහ නැටුම් පුරුදු වුණෙත් මේ ගොඩනැගිල්ලෙ පහළ තිබුණු විවෘත අවකාශයේ ඉදගෙනම තමයි.
ඔයාලා දන්නවා ඇති නෙහ් ආනන්දෙටත් "අනඳ රිද්ම" කියලා FM Channel එකක් තියෙනවා කියලා. මේක 2002 අවුරුද්දේ ජූනි මාසයේ 27 වෙනිදා ඉදලා ජූලි මාසයේ 02 වෙනිදා වෙනකන්, දවසේ පැය 24 පුරාම නොකඩවා දවස් 6ක් විකාශය වුණා. ඒක ඒ කාලෙ හැටියට මුළු ලංකාවෙම පාසල් අතර වාර්තාවක් වුණා.

ඒ කාලයේ ප්‍රාථමික අංශයේ කෙටි ආහාර කඩ දෙකක් තිබ්බා. එකක් තිබ්බෙ අද 4, 5 වසරේ ගොඩනැගිල්ලේ දකුණු පැත්තෙන් තියෙන පඩිපෙළට වම් පැත්තට වෙන්නයි. තව එකක් තිබ්බා ප්‍රාථමික අංශයට මුහුණලා තියෙන, පිහිණුම් තටාකයේ නරඹන්නන්ගේ වේදිකාව පහළ කොටසෙ. මේවායෙන් අන්තිමට සඳහන් කරපු කඩය නම් 2001දි වගේම වැහුණා. සර්පිලාකාර සහ එක එක හැඩතල වලින් එන මුරුක්කු ජාති, චොකොලට් බෝල, කොත්මලේ කිරි පැකට්, පච්ච ස්ටිකරෙ තියෙන චූටි හතරැස් චුවින්ගම්, සමපෝෂ පැකට්, අයිස් පැකට් වගේ දේවල් තමයි ඉතින් ඒ කාලෙ Trend එක වුණේ.
අපි ප්‍රාථමික අංශයේ ඉන්න කාලයේ අපට 5 වසරෙ ශිෂ්‍යත්වය තිබුණෙ නෑ. ඒක අපිට ලොකු සහනයක් වුණා. අවංකවම කියනවා නම් සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයෙන් අපේ අය අපේක්ෂා කරන්නෙ, ළමයින්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම. ආනන්දය කියන්නෙ පහසුකම් අතින් හොඳ පාසලක්. ඒ නිසා ආනන්දෙන්, තවත් පාසලකට යෑමේ අවශ්‍යතාවයක් කාටවත් තිබුණෙ නෑ. ඉතින් කැමති නම් විතරක් භාහිරින් ශිෂ්‍යත්වය කිරීමේ අවස්ථාව තිබුණා. කොහොම හරි මහින්ද රාජපක්ෂ රජය යටතෙ 5 වසර ශිෂ්‍යත්වය හැම පාසලකටම අනිවාර්ය වුණා. ඒ තීරණයෙන් පස්සෙ තමයි ආනන්දෙ 5 වසරෙ ළමයි ශිෂ්‍යත්ව විභාගයටත් සහභාගි වෙන්න ගත්තෙ.
ඊට අමතරව ගත්තොත්, ඔයාලට මතක ඇති ප්‍රාථමික අංශයේ ගේට්ටුවෙන් ක්‍රීඩා පිට්ටනිය වටේ පාරෙන් ඇවිත් තමයි අපි ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි තියෙන කොටසට ඇතුළ් වෙන්නෙ? පොඩි පඩි පෙළක් බැහැලා ඉස්සරහට ගිහින් දකුණට හැරෙනවා. ඒ පඩි පෙළ බැහැලා යන පාර තියෙන්නෙ බැඩ්මින්ටන් ශාලාවත්, 3 ශ්‍රේණියෙ ගොඩනැගිල්ලත් අතරෙයි (අපි ඉන්න කාලයේ නම් ඒක 3 ශ්‍රේණියේ ගොඩනැගිල්ල විදිහටයි භාවිතා වුණේ). ඒත් ඒ කොටස නිර්මාණය වුණෙත් අබේරත්න සර් ආවට පස්සෙ. එතකන් අපි ප්‍රාථමික අංශයෙන් පිට්ටනියට යන්න සහ පිට්ටනියෙන් ප්‍රාථමික අංශයට එන්න භාවිතා කළේ, බැඩ්මින්ටන් ශාලාවට එළියෙන් තියෙන කොරිඩෝවයි.
දැන් අපි ටිකක් ප්‍රාථමික අංශයෙන් මිදිලා උඩ පන්ති වලට එමු. ප්‍රාථමික අංශයෙන් සමු අරගෙන, අපි 6 වසරට ඇතුළත් වෙන්නෙ 2004 වසරෙයි. 2005 වසරේ පළවෙනි වාරය ආරම්භ වෙන දවසෙ, ඒ කියන්නෙ අපි හා හා පුරා කියලා 7 වසරට යන්න ඉන්න දවසේ නම් මුලින්ම අහන්න ලැබුණෙ අපේ පුංචි හිත් ගොඩාක් පෑරුණු ආරංචියක්. ඒ තමයි, 6 වසරේ ගුරුවරයෙක් විදිහට සේවය කරපු අපේ ආදරණීය ජයසිංහ සර්ගේ අභාවය. ජයසිංහ සර් ඒ කාලයේ 6 වසරේ විනය භාර ගුරුවරයා විදිහටත් කටයුතු කළා. ඒ වගේම පාසලේ පිහිණුම් ක්‍රීඩාව භාරවත් හිටියා.
ගොඩක් බහුශ්‍රැත, හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරපු සහ හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වුණු සර් කෙනෙක් තමයි ජයසිංහ සර් කියන්නෙ. ලංකාවේ එතෙක් මෙතෙක් සිද්ධ වුණු බිහිසුණුම දුම්රිය අනතුරෙන් තමයි සර් නැති වුණේ. ඒ, 2004 දෙසැම්බර් 26 වෙනිදා, සර්ගෙ බිරිඳත් එක්ක ගාලු යමින් ඉන්නකොට, පැරෑලිය හරියෙදි ගොඩ ගහපු සුනාමි මුහුදු රැල්ලට අහුවෙලයි.
මේ ව්‍යසනය නිසා 2005 අවුරුද්දෙ ආනන්දයේ ක්‍රීඩා උත්සවය අවලංගු කළා. මොකද මුළු රටක් ලෝකයක්ම ශෝක වුණු කාලයක් ඒක. ක්‍රීඩා උත්සවය වෙනුවෙන් වෙන් කරලා තිබුණු මුදල්, සුනාමියෙන් අවතැන් වුණු අයගේ සුබසාධනය වෙනුවෙන් යෙදෙව්වා කියලා තමයි අපට ආරංචිය ආවෙ (සත්‍ය අසත්‍යතාවය නොදනිමි).

2005 අවුරුද්ද කියන්නේ ආනන්දයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලකුණු වුණු අවුරුද්දක්. විශේෂයෙන්ම දෙවෙනි පාසල් වාරයේ මුල් මාස දෙකේම අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වුණා. ඒකට හේතුව වුණේ අබේරත්න සර්ගෙ වැඩ තහනමයි. සමහරු මේක කැරැල්ලක් විදිහටත්, සමහරු මේක අරගලයක් විදිහටත්, තවත් සමහරු මේක සිංහල බෞද්ධයන්ගේ අන්තිම සටන විදිහටත් හැඳින්නුවා. කොහොම හරි මේ සිද්ධිය නිසා භාහිර ලෝකයෙන් අපේ පාසලේ කීර්ති නාමයටත් යම් ආකාරයක කළු පැල්ලමක් එකතු වුණා. ඒ, ආනන්දයේ පාසල් ශිෂ්‍යයන්ගේ ඇති වුණු නොසන්සුන්තාවන් නිසා සහ උද්ඝෝෂණ කටයුතු සඳහා හය හතර නොදන්න කුඩා පාසල් ශිෂ්‍යන්ව පෙළඹවීම නිසයි. 2005 අවුරුද්දේ මාර්තු 31 තමයි ඒ දවස. බ්‍රහස්පතින්දා දවසක්.
ආනන්දයේ ගුවන් විදුලි සංගමයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ උදෑසන 6.45ට විතර. උදෑසන 6.45 සිට උදෑසන 7.25ට පාසල් රැස්වීම ආරම්භ වෙනකංම පාසල පුරාවටම තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දේශාභිමානී සහ ළමා ගීත විකාශය කෙරෙනවා. ඒත් එදා ඒ කිසිම දෙයක් නෑ. මුළු ඉස්කෝලෙම නිශ්ශබ්දයි. ප්‍රධාන ගේට්ටුව දෙපැත්තේ තියෙන තාප්පවල අතුරු සිදුරු නැතුව පෝස්ටර් අලවලා. ඒ පෝස්ටර්වල තිබ්බේ සටන් පාඨ. හරියට විප්ලවයකට ලෑස්ති වෙනවා වගේ.
අන්‍යාගමිකයන් රිංගවන්න - ආනන්දය දංගෙඩියට
අනද උරුමය රැක ගන්න - බෞද්ධයිනි පෙරට එන්න !
මගේ පොඩි ටාරා - පී පී ගෑවා
ජාතික පාසල් - ඔක්කොම කෑවා !
ආනන්දය රැක ගනිමු !
මේ අතරේ එක ළමයෙක් ගේට්ටුව ළග ඉදගෙන ඇතුල්වෙන හැම කෙනාටම කහ පාටට හුරු, පොඩි අත්පත්‍රිකාවක් බෙදනවා. ඒකෙ ගහලා තිබ්බේ බී.ඒ.අබේරත්න විදුහල්පතිතුමාව වැඩ තහනමකට ලක් කරලා කියලා. ඒකට හේතුව විදිහට මාධ්‍ය මගින් ප්‍රචාරය වුණේ අල්ලස් චෝදනාවක් කියලා.
එදා එක Prefect අයියා කෙනෙක්වත් උදේ රැස්වීම වෙනුවෙන් අපිව පහළට එක්කරගෙන යන්න ආවේ නෑ. ඉදලා ඉදලා බැරිම තැන අපිම පහළට ගියා. ඒත් ඉතින් ඉස්කෝලෙ කිසිම සද්ධයක් බද්ධයක් නෑ. පන්සිල් සමාදන් වෙන්න පටන් ගන්නකොට වෙලාව 8.00 කිට්ටු කරලා ඇති. පන්සිල් දුන්නායින් පස්සෙ කිසිම හා හූවක් නෑ. අපිත් ඉතින් ඔහේ බලාගෙන හිටියා. ඒත් වෙනදා වගේ සිංහල සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශනය තිබ්බෙත් නෑ. පන්සිල් සමාදන් වෙලා විනාඩි 15කට විතර පස්සේ එක පාරටම ජාතික ගීයයි, පාසල් ගීයයි විකාශනය කළා. ඊට පස්සෙ තමයි අපි පන්තිවලට ගියේ. පැයක් විතර ගියාට පස්සේ දේශාභිමානී ගීත විකාශය වෙන්න පටන් ගත්තා මහා සද්ධෙට. වැඩියෙන්ම විකාශය වුණේ බණ්ඩාර ආතාවුද මහත්තයාගේ "නන් සුරන් බැතියෙන් පිදූ" ගීතය.

මේ දේශාභිමානී ගීතවල සද්ධෙත් පරද්දවලා ලොකු සද්ධයක් මහ පාර දිහාවෙන් ඇහුනා. ඒකෙන් මේකෙන් අපිට තේරුම් ගියා එළියේ ලොකූ උද්ඝෝෂණයක් යනවා කියලා. එතකොට අපි හිටියේ 7 වසරේ. අපි දැක්කා 8 සහ 9 වසරවල්වල ඉන්න අයියලා පොලු කෑලි, පෝස්ටර් කෑලි අරගෙන පහළට දුවගෙන දුවගෙන යනවා. ඒ කාලේ 7 වසරේ අංශ භාරව වැඩ කළේ සෙනවිරත්න කියලා මැඩම් කෙනෙක්. සෙනවිරත්න මැඩම් 2005 අවුරුද්ද අගදි විශ්‍රාම ගියා. ඉතින් සෙනවිරත්න මැඩම් ඇවිල්ලා ඔක්කෝම 7 වසරේ පන්තිවල දොරවල් වහලා, එළියෙන් අගුල් දැම්මා. උද්ඝෝෂණය නිසා මුළු පස්මහලම හිස් වෙද්දි, 7 වසරේ ළමයි විතරක් ඉතුරු වුණා. එක පැත්තකින් දේශාභිමානී ගීත. තවත් පැත්තකින් මහා උද්ඝෝෂණ සද්ධ. ඒ අස්සේ ඉස්කෝලෙන් එළියෙයි, ඉස්කෝලෙ ඇතුළෙයි හැම තැනම රතික්ඤා, චීන පටස් එහෙමත් මහා සද්ධෙට පුපුරන්න ගත්තා.
ඒත් එක්කම ආරංචියක් ආවා උද්ඝෝෂණේ ඉන්න අයට දිගට හරහට කදුළු ගෑස් ගහනවා කියලා. ආරංචිය ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ පිටිපස්සෙ ගේට්ටුවෙන්, පුලුවන් ඉක්මනට ගෙවල්වලට යන්න කියලා නියෝගයක් ආවා. ඉතින් අපි එදා පිටිපස්සේ ගේට්ටුවෙන් පිටවුණා. එතකොට වෙලාව උදේ 11.00ට විතර ඇති. එදාට පහුවෙනිදා (අප්‍රේල් 01) තමයි අපිට 1 වෙනි වාර නිවාඩුව හම්බ වෙන්න තිබ්බේ. ඒත් අපේ ඉස්කෝලෙ වාර නිවාඩුව මාර්තු 31ම ලැබුණා.
ඒ කාලයේ අපේ රටේ ජනාධිපතිතුමිය වුණු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය, අපේ රටේ පාසල්වල සිද්ධ වෙන අල්ලස් චෝදනා ගැන හොයලා බලන්න කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව හැදුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය (ටාරා ද මැල්). ඉතින් මේ උද්ඝෝෂණයට මූලිකත්වය අරගත්ත ගුරුවරු, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන් කිව්වේ ආනන්දයේ බෞද්ධ අධ්‍යාපන රටාවටත්, ආනන්දයේ ක්‍රීඩා සහ විභාග ජයග්‍රහණ වලටත්, ආනන්දයේ කීර්ති නාමයටත් තියෙන ඉරිසියාව නිසා ලේකම්වරිය විදුහල්පතිතුමාට අල්ලස් චෝදනාවක් එල්ල කළා කියලා.
කොහොම හරි සති දෙකක වාර නිවාඩුව ඉවර වෙලා දන්නෙම නැතුව ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආවා. අපිත් ඉතින් බොහොම ප්‍රීතියෙන් ඉස්කෝලෙ ගියා, ඒ හැම ප්‍රශ්නයක්ම දැන් හොදින් විසදිලා ඇති කියන සතුටුදායක සිතුවිල්ලත් එක්ක. ඒත් කවුරුත් නොහිතපු විදිහට මාර්තු 31 තිබුණු තත්වෙටත් වඩා, තත්වය දරුණු අතට හැරුණා.
ඒ වෙනකොට ඉස්කෝලෙට "නෝනිස්" කියලා අලුත් විදුහල්පති කෙනෙක් පත් වෙලා ආවා. ආරංචියේ හැටියට මෙයා ඒ කාලයේ JVP එකෙන් පත් කරලා එවපු කෙනෙක්. ඒ වගේම කතෝලිකයෙක්. මේ කතෝලික විදුහල්පතිවරයාගේ ආගමනයත් එක්ක, පාසලේ තියෙන බෞද්ධ පරිසරයට හානියක් වෙයි කියලා හැමෝම බය වුණා. මේ බය නැති කරන්නමද කොහෙද නෝනිස් සර් බුදුන් වදින්න කියලා අපේ ඉස්කෝලේ බුදු මැදුරට ගියා. එහෙම ගියේ සපත්තු දෙකත් දාගෙනමලු. මේ තමයි ආනන්ද විහාරයට සපත්තු දාගෙන පුද්ගලයෙක් ඇතුළු වුණු පළවෙනි සහ එකම අවස්ථාව.
මේක දැක්කා ඉස්කෝලේ සහකාර විදුහල්පතිවරයා. ඒ කියන්නේ අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය ඇතුළේ ලොකු බලයක් තිබුණා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේ අරගලය දියත් කරපු මහා මොළකරුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට හොදටම කේන්ති ගියා, නෝනිස් සර් සපත්තු දාගෙන විහාර මන්දිරය ඇතුළට ගියපු එකට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ විහාර මන්දිරය සදහටම වහලා දැම්මා, කාටවත් ඇතුල් වෙන්න බැරි විදිහටම.
මේ සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ ගුවන් විදුලි සංගමයට නියෝගයක් ආවා ඉස්කෝලේ විකාශන වැඩ කටයුතු නවත්තලා දාන්න කියලා. ඉතින් ඉස්කෝලේ උදේට විකාශය කරන ජය පිරිත, ළමා සහ දේශාභිමානී ගීත විකාශය, පන්සිල් සමාදන් වීමේ වැඩසටහන, සිංහල ප්‍රවෘත්ති, ඉංග්‍රීසි ප්‍රවෘත්ති, ජාතික ගීය, පාසල් ගීය, විශේෂ නිවේදන, ඡත්තමානවක ගාථාව, විද්‍යාලීය ගීතය..... මේ ඔක්කොම නැවතුනා. ඉස්කෝලෙ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් ගලවලා තිබ්බා කියලත් සමහරු කිව්වා.

වාර නිවාඩුව අවසාන වුණු දවසේ ඉදලා ආනන්දෙට ඇදිරි නීතිය දැම්මා වගේ. කිසිම සද්ධයක් බද්ධයක්, හා හූවක් නෑ. මුළු ඉස්කෝලෙම පාළුවට ගියා. ආසාවට බලු බල්ලෙක්වත් දකින්න නෑ. තනියම ඉස්කෝලෙ ඇතුළෙ ඇවිදගෙන යන්නත් බය හිතුනා. සමහරක් දවස්වල, එකම වෙලාවට, ඉස්කෝලෙ හැම තැනින්ම රතිඤ්ඤා, චීන පටස් පුපුරන සද්ධ ඇහුනා. ඒවා සැලසුම් කරපු අයත්, ඒවා පිපිරෙව්වේ හොදට දෝංකාරය දෙන පැතිවල. ඒ කාලේ Toilets නම් ගන්න දෙයක් නෑ. හැම තැනම රතිඤ්ඤා කොළ. Toilets විතරක් නෙවේ. අවට පරිසරයත් එහෙමයි. රතිඤ්ඤා කොළ, අවට ගස්වලින් වැටෙන කොළ, පෝස්ටර් කොළ, අත්පත්‍රිකා කොළවලින් පිරිලා ඉතිරිලා. ඉස්කෝලෙ පවිත්‍ර කිරීමේ කටයුතු ඔක්කොම නැවතිලා. තාප්පවල, බිත්තිවල හිටං එක එක සටන් පාඨ ලියලා.
මේ අස්සේ කැරලිකාර ළමයින්ව අල්ලන්න ශිෂ්‍ය නායකයින්ට වෙනම මෙහෙයුමක් දියත් කරන්න වුණා. ඒත් ඒක හිතන තරම් සාර්ථක වුණේ නෑ. මොකද ශිෂ්‍ය නායකයින්ට වඩා, අනිත් පැත්තේ ඉන්න සේනාව වැඩියි. ඉස්කෝලෙ හැමෝගෙන්ම විරෝධතා ආවත්, නෝනිස් සර් හැමදාම ඉස්කෝලෙ ඇවිත් ඒ වැඩ කටයුතු ටික කරගෙන ගියා. හැබැයි ඉස්කෝලෙ නැවතුනේ නෑ. ඒ වගේම සර්ගේ ආරක්ෂාවටත් පොලීසියේ කිහිප දෙනෙක්ව දාලා තිබ්බා. අපි හිටියේ පස්මහලේ. පස්මහල ඉස්සරහම තියෙන නිසාත්, ප්‍රධාන පිවිසුමට මුහුණලා තියෙන නිසාත් අපි මේ අරගලයේ ගොඩාක් දේවල් දැක්කා.
මේ දවස්වල අපේ අංශයේ දිනපතා වාර්තා කරන ළමයි සහ ගුරුවරුන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩු වුණා. අපේ අංශයේ විතරක් නෙවේ, හැම අංශයකම එහෙම තමයි. දවසක් දවල් වරුවේ සියවස ශාලාව ඉස්සරහා ලොකූ කලබලයක් නිර්මාණය වුණා. අපිත් ඉතින් පස්මහලෙ බැල්කනියට වෙලා සිද්ධිය බලාගෙන හිටියා. බැලින්නම් අපේ ඉස්කෝලේ ඉන්න අයියලා මුළු සියවස ශාලාවම වටලලා. මුළු ගොඩනැගිල්ල වටේටම අස්සක් මුල්ලක් නෑරම, අයියලාගෙන් පිරිලා. එයාලා ඉතින් ශාලාව ඉස්සරහා රතිඤ්ඤා පුපුරනවා. ඒ මදිවට ගල් ගහනවා. ජනෙල් දොරවල් වලට තඩි බානවා. හූ තියනවා. බනිනවා. කෑ ගහනවා. එතන එකම යුධ පිටියක්. අහළ පහළ ඉන්න ගුරුවරුත් ඈත ඉදන් සිද්ධිය දිහා බලාගෙන හිටියට, ළගට ගියේ නෑ. සියවස ශාලාව ඇතුළෙන් දොර අගුලු දාලා. අයියලාගේ අරමුණ දොර කඩාගෙන ඇතුළට යන්න. ගොඩනැගිල්ල ඇතුළේ නෝනිස් සර් කොටු වෙලා. මේ සිද්ධිය පැයක් විතර තිබුණා. නවත්තන්නේ නැතුව එක දිගට රතිඤ්ඤා වැල් පිපුරුණා.
ඊට පස්සේ ඉස්කෝලෙට පොලීසියෙන් ආවා. පොලීසියෙන් ඇවිත් තමයි නෝනිස් සර්ව ඉස්කෝලෙන් එළියට එක්කගෙන ගියේ. ඒ මෙහෙයුමටත් පැය භාගයකට වඩා ගියා. එයාලට සර්ව ශාලාවෙන් එළියට ගන්නම ලොකු සටනක් දෙන්න වුණා. කොහොමින් කොහොම හරි සර්ව එළියට අරන්, පොලිස් වෑන් එක අස්සට දාගත්තා. වෑන් එක ඕන්නම් මීටර් 10ක් ඉස්සරහට යන්න ඇති. ඊට පස්සේ හැමෝම වෑන් එක වට කර ගත්තා. අපි මේ සිද්ධිය බලාගෙන හිටියේ උඩ තට්ටුවක ඉදන්. උඩ තට්ටුවක ඉදන් බලලත්, අපිට වෑන් එක හරියට පෙනුනේ නෑ. ඒ තරමට වෑන් එක වට කරලා මහා සේනාවක්. අන්තිමේදී ඉස්කෝලෙට එනකොට තිබ්බ පොලිස් වෑන් එක නෙවේ, ඉස්කෝලෙන් යනකොට තිබ්බේ. පැතිවල තිබ්බ වීදුරු නම් ඔක්කොම වගේ කුඩු වුණා. ඉස්සරහා තියෙන වීදුරුවත් කුඩු වුණා වගේ මතකයක් තියෙනවා.
ඉතින් 2005 පළවෙනි වාර නිවාඩුව ඉවර වෙලා, ඕන්නම් සතියක් හරි සති එක හමාරක් හරි යන්න ඇති. මේ දවස් ටිකම ඔය වගේ තමයි. හිටපු ගමන් ඉස්කෝලේ ඇල්පෙනිති හඩක් ඇහෙන තරමටම සන්සුන්. හිටපු ගමන් මුළු මරදානම හෙල්ලෙන විදිහට නොසන්සුන්. පස්සේ ඉස්කෝලේ දින නියමයක් නොමැතිව වහලා දැම්මා. ආයිත් ඉස්කෝලේ ඇරියේ සති දෙකකට විතර පස්සේ. ඒ කියන්නේ අබේරත්න සර් නඩුවෙන් දින්නම. ඊට පස්සේ තමයි මාස ගාණක් තිස්සේ නැවතිලා තිබ්බ ඉස්කෝලෙ වැඩ කටයුතු ආයිත් හරියාකාරව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ.

2006 වෙන කොට මාවිල් ආරු සොරොව්ව වැහීමත් එක්ක, ප්‍රභාකරන්ගේ 4 වෙනි සහ අවසාන ඊලාම් යුද්ධය ආරම්භ කෙරුණා. ඉතින් රට පුරාම යුධ බිය ආයිත් පැතිරෙන්න ගත්තා. කලින් තිබුණු යුද්ධ වලට වඩා මේක සෑහෙන්නම දරුණු වුණා. ඒ කාලෙ හමුදාවට ඔත්තුවක් ලැබුණා එල්.ටී.ටී.ඊ එක සිංහල බෞද්ධ ඉස්කෝල වලට ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලා. එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන්ව යොදාගෙන ඉස්කෝල ළමයි විදිහට අන්දවලා, ඒ ඒ ඉස්කෝලවලට එවන සැලසුමක්. ඉතින් අපේ ඉස්කෝලෙත්, ඒ කියන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලයත්, ඒකට අහුවුණා. මේ නිසා 2007 ඉදලා 2009 යුද්ධය ඉවරවෙලත්, ටික කාලයක් යනකන් අපේ ඉස්කෝලෙ ආරක්ෂාව තර කළා.
ගේට්ටුවෙන් ඇතුල්වෙන හැම ළමයෙක්වම සහ හැම ළමයෙක්ම අරන් එන බෑග් පූර්ණ පරික්ෂාවකට ලක් කළා. පැනලා යන්න කිසිම ඉඩක් තිබුණෙ නෑ. බෝම්බ වෙනුවට අහුවුණේ CD, DVD, Pendrive, ජංගම දුරකතන වගේ දේවල්...... ඒත් ඒක වෙනම කතාවක්. ඉතින් දිගට හරහට පරික්ෂා කරනවා හැමදාම. ගේට්ටුව ළග ඉදලා මීටර් ගාණක් ඈතට යනකන්ම හෙනම හෙන පෝලිම. ඒත් පරික්ෂා කිරීම් දිගටම ගියා. පස්සෙ මේකට දෙමාපියන්වත් සම්බන්ධ කළා. හැම පන්තියකම ළමයින්ගේ දෙමාපියන් දෙන්නෙක්ට ඉස්කෝලෙ ඉන්න වුණා, දවස පුරාම. එයාලට සිද්ධ වුණා ගේට්ටු ළග ඉදගෙන, යන එන අයව පරීක්ෂා කරන්න. 2007 මේ යුද්ධයත් එක්ක ආරම්භ වුණු බෑග් පරික්ෂාව තමයි අදටත් තේරුමක් ඇතුව හෝ නැතුව, ඉස්කෝලෙ උදේට සිද්ධ වෙන්නෙ.
ඉස්කෝලෙ හැම කොනකම අට්ටාලයක් හදලා, හමුදා නිළධාරියෙක්ව රදවලා තිබුණා. එහා පැත්තෙ තියෙන ආනන්ද මාවත සම්පූර්ණයෙන්ම වැහුවා. ඉස්කෝලෙ වටේටම පොලිස්, හමුදා සහ සිවිල් සේවා ආරක්ෂක බලකායේ අයව ස්ථානගත කරලා තිබුණා. ඒ වගේම මුර සංචාර එහෙම ගොඩාක් දකින්න පුලුවන්කම තිබුණා.

හැමදාම, හැම පන්තියකම ළමයි දෙන්නෙක්ට, ඉස්කෝලෙ 1.30ට ඇරුණහමත්, පන්තියේ නැවතිලා මේසයක් මේසයක් ගානෙ, අල්මාරියක් අල්මාරියක් ගානෙ, අස්සක් මුල්ලක් ගානෙම පරීක්ෂා කරන්න නියම වුණා. ඊට පස්සෙ සැක කටයුතු මොකුත් තිබ්බෙ නෑ කියලා, පහුවෙනිදා පොතක අත්සන් කරන්න ඕන. මටත් දෙපාරක්ම ඒ රාජකාරිය පැවරුණා. හැමතිස්සෙම අපිට පාසල් හැදුනුම්පත ළග තියාගන්න කියලා තමයි කිව්වෙ.
ඒ කාලෙ නිතරම අපිට ආරක්ෂක පුහුණුව දුන්නා. නළා සද්දෙ එනකොට කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා. ඉතින් ඒ පුහුණුවේදි අපි මුළු ඉස්කෝලෙ වටේම දිව්වා, හරියට මැරතන් එකක් දුවනවා වගේ. ජගත් අල්විස් සර් තමයි, ඒ මෙහෙයුමේ ප්‍රධානියා. පෙළක් අවස්ථා වල කවුරු හරි ඉස්කෝලෙ ළග වාහනයක් නවත්තලා ළග තියෙන කඩයකට ගියත්, ඒ නළා සද්ධෙ නාද කළා. අපි ඉතින් ඒ හැම සැරේම පාර අයිනෙ තියෙන ගොඩනැගිලි වලින් අයින් වෙලා, ඉස්කෝලෙ ඕල්කට් පුස්තකාලය ළගට රැස් වුණා.
ඒ කාලෙ ප්‍රසිද්ධ වුණු "මුහුද දෙබෑ කරන ගීතය", හැමදාම උදේ 7.29ට අනිවාර්යෙන්ම විකාශය කළා. ඒක ඇහෙනකොට ගොඩක් අය ඒ ගීතය මුමුණනවා. ඒක ඇහෙනකොට කියාගන්න බැරි තරමේ හැගීමක්, ජවයක් ඇගට එනවා. මම හිතන්නෙ ඒ ගීතය තාමත්, 7.29ට විකාශය කරනවා.

ඔයාලා දැකලා ඇති ආනන්දෙ බුදු මැදුර පරිශ්‍රයේ ජාතික කොඩිය සහ පාසල් කොඩිය තියෙන කොඩි කණු වලට අමතරව, 10 ශ්‍රේණිය ගොඩනැගිල්ලත් එක්කම වගේ බෞද්ධ කොඩියක් තියෙනවා. අපි 7 වසරට එන කොටත් (2005) හිස් කොඩි කණුවක් තිබ්බා මිසක්, එතන බෞද්ධ කොඩියක් තිබුණෙ නෑ. මතකය හරි නම්, එතනට බෞද්ධ කොඩිය එකතු කළේ 2007දි වගේ (වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න).
2007 අවුරුද්දේ වුණු ඛේදනීය සිද්ධි දෙකක් තිබුණා. පළවෙනි සිද්ධිය තමයි පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වුණු රෝහණ පොන්නම්පෙරුම සර්ගෙ හදිසි අභාවය. ඒ, ක්ෂණිකව ඇති වුණු හෘදයාබාධයක් නිසයි.
දෙවෙනි සිද්ධිය තමයි, දෙසැම්බර් නිවාඩුවේදී අපේ අංශයේ ඉගෙන ගත්ත ළමයෙක්, බස් බෝම්බයකින් ජීවිතක්ෂයට පත්වීම. යාලුවෙක් නොවුණත්, 1 වසරෙ ඉදන්ම හිටපු නිසා, අනන්තවත් එයාව ඕනතරම් දැකලා තියෙනවා. අපේ වයසෙ ළමයි අතරෙ හිටපු උසම ළමයින්ගෙන් කෙනෙක්. සුදුම සුදුයි. උසයි. කෙට්ටුයි. නම, පැතුම් ! නැන්දත් එක්ක ගමනක් ගිහින් එනකොට, බස් එකක පුපුරපු පාර්සල් බෝම්බයකින් තමයි නැති වුණේ. ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ ලියන්න අවුරුද්දක් තියලා..... මට මතකයි 2008 පළවෙනි පාසල් වාරය පටන් ගන්නකොට, ඉස්කෝලෙ ගේට්ටු ඉස්සරහා එයාගෙ පින්තූරය තියෙන බැනර් එකක් එහෙම එල්ලලා, හෙන විශාල සුදු කොඩියක් දාලා තිබ්බා. උදෑසන ප්‍රවෘත්ති විකාශයෙදිත් විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවයක් පැවැත්තුවා.
පුංචි කාලයේ ඕනෑම පිරිමි ළමයෙක්ගෙ ලොකුම ලොකු හීනයක් තමයි, ඉස්කෝලෙදි ඉක්මනටම දික් කලිසම් අඳින එක. අපිටත් ඒ හීනය සහ ආසාව තිබුණා. අපිත් 2007 දෙසැම්බර් මාසයේ ඇගිලි ගැන ගැන තමයි හිටියෙ, 2008දි දික් කලිසම් අඳින්න. ඒ ළමයත් ඉතින් එහෙම ඉන්න ඇති ගොඩක් ආසාවෙන්. පව් !
2008 අවුරුද්ද ආරම්භ වෙන කොට කොළඹ නගරය ඉලක්ක කරලා සිද්ධ වෙන බෝම්බ පිපිරීම් ඉහළ යන්න ගත්තා. ඒ නිසා ආරක්ෂක හේතූන් අනුව 2008 අවුරුද්දෙ ආනන්දයේ ක්‍රීඩා උත්සවය අවලංගු කෙරුනා. 2008 අවුරුද්ද කියන්නෙ කලින් මතක් කළා වගේම අපි 10 වසරට ආපු අවුරුද්ද. ආනන්දයේ ක්‍රීඩා උත්සවයේදී 10 වසරෙ ළමයිව ගත්තෙ ආචාර පෙළපාලියට. ඒ අවුරුද්දෙ ක්‍රීඩා උත්සවය අවලංගු වුණු නිසා අපට ඒ වරම අහිමි වුණා.

2007 අවුරුද්දේ රෝහණ සර්ගේ අභාවයත් එක්ක හිස් වුණු නියෝජ්‍ය විදුහල්පති ධූරයේ අඩුව පුරවන්න භාර වුණේ ලාල් දිසානායක සර්ටයි. 2008 අවුරුද්දෙ මැදක් වගේ වෙනකොට, ආයිත් අබේරත්න විදුහල්පතිතුමාට අල්ලස් සහ දූෂණ චෝදනාවක් එල්ල වෙනවා. 2005 අවුරුද්දෙ පළවෙනියටම මෙහෙම චෝදනාවක් එල්ල වුණාම, ආනන්දයේ ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපිය සංගමය සහ ගුරු සංගමය, අබේරත්න සර්ගෙ හයියට හිටියා. ඒ කාලයේ ඒ අයගේ සහයෝගය නොතිබුණා නම් අබේරත්න සර් ඒ කාලයේම වැඩ තහනමකට ලක් වෙන්න තිබුණා.
ඒත් 2008 සිද්ධියේදි අබේරත්න සර්ගෙ උදව්වට කවුරුත් හිටියෙ නෑ. කවුරුත් පෙළ ගැහුණෙත් නෑ. ප්‍රධාන ගේට්ටුව ඉස්සරහා පැයක් වගේ සුළු කාලයක්, භාහිර පරිසරයට බාධා නොවෙන, සාමකාමී උද්ඝෝෂණයක්, නාමිකව පැවැත්තුවා. එච්චරයි. ඊට පස්සෙ අබේරත්න සර්ව වැඩ තහනමකට ලක් වුණා. ඒත් එක්කම ආනන්දයේ නියෝජ්‍ය විදුහල්පති වුණු ලාල් දිසානායක සර්, ආනන්දයේ වැඩ බලන විදුහල්පති ධූරයට පත් වුණා.

ලාල් දිසානායක සර් ආනන්දයේ නිළ නොලත් විදුහල්පතිවරයෙක් වුණත්, සර්ගේ ධූර කාලය තුළ තමයි "අනඳ විරු හරසර" පැවැත්තුවේ. ඒ අවුරුදු 30ක් අපේ රට වෙලා ගත්ත කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කරලා, රටේ සාමය ඇති කරලා, මාස එක හමාරක් විතර යනකොටයි.
2009 අවුරුද්දේ ජූලි මාසයේ පවත්වපු මේ විශේෂ උත්සවයේ අරමුණ වුණේ ආනන්දයේ ආදි ශිෂ්‍යයන් වුණු යුධ නායකයන්ට උපහාර පිදීමක් කිරීමයි. ඉතින් අපේ රටේ සේනාධිනායකයා වුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගි වුණා. එදා තවත් ඓතිහාසික සිද්ධියක් වුණා. ඒ තමයි රටේ ජනාධිපතිවරයට එකම පාසලක සිටින යුධ, නාවික, ගුවන් සහ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම් හතරම, එකම මොහොතක ආචාර දක්වපු පළවෙනි අවස්ථාව (ලංකාවේ පළවෙනි නාවික හමුදා ශිෂ්‍ය භට කණ්ඩායම ආරම්භ කළෙත් ආනන්දයෙන්. ඒ 2007 අවුරුද්දෙ වගේ).
මේ අවස්ථාවට යුද්ධයට අණ දීපු සියලුම ආනන්දයේ ආදි ශිෂ්‍යයන් ඇවිත් හිටියා. ප්‍රසිද්ධ චරිත ගැන මතක් කරනවා නම් රටේ අගමැතිවරයා වුණු දිවන්ගත රත්නසිරි වික්‍රමනායක මහතා, එවකට ආරක්ෂක ලේකම්වරයා වුණු ගෝඨාබය රාජපක්ෂ මහතා, යුධ හමුදාපතිවරයා වුණු සරත් ෆොන්සේකා මහතා, නාවික හමුදාපතිවරයා වුණු වසන්ත කරන්නාගොඩ මහතා, සිවිල් සේවා බලකායේ ප්‍රධානියා වුණු සරත් වීරසේකර මහතා, 53 වෙනි සේනාංකයට අණ දීපු කමල් ගුණරත්න මහතා, 56 සහ 57 සේනාංක වලට අණ දීපු ජගත් ඩයස් මහතා, 55 වෙනි සේනාංකයට අණ දීපු ප්‍රසන්න ද සිල්වා මහතා, 59 වෙනි සේනාංකයට අණ දීපු චාගි ගාල්ලගේ මහතා වගේ අය කැපී පෙනුනා.
ඊට අමතරව ප්‍රසාද් සමරසිංහ මහතා (කාලයක් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක විදිහට හිටියා), මහේෂ් සේනානායක මහතා (පසු කාලෙක යුධ හමුදාපති ධූරයට පත් වුණා), කේ. යහම්පත් මහතා (පසු කලෙක ගුවන් හමුදාපති වෙන්න හිටියත්, දේශපාලනික බලපෑමක් මත වේලපහ විශ්‍රාම යැව්වා) වගේ සෑහෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් නායකයන් හිටියා. ඒ වගේම රාජිත සේනාරත්න, ඩලස් අලහප්පෙරුම, ගීතාංජන ගුණවර්ධන, දිනේශ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන වගේ සෑහෙන අමාත්‍යවරු පිරිසකුත් හිටියා.
ඊට මාස එක හමාරකට කලින්, ත්‍රස්තවාදය අවසන් වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පළවෙනියටම ජාතිය අමතපු මොහොත ලාල් දිසානායක සර්, එදා ශබ්ද විකාශන යන්ත්‍ර හරහා මුළු පාසලටම අහන්න සැලැස්සුවා. ඒ කතාවෙ තමයි අර "පළමුවත් මගේ රට. දෙවනුවත් මගේ රට. තෙවනුවත් මගේ රට" කියන ඓතිහාසික ප්‍රකාශනය සිද්ධ කළෙත්.

2009 අවුරුද්ද ඉවර වෙන්න කලින්, ආනන්දයේ නව විදුහල්පතිවරයා විදිහට එල්.එම්.ඩී ධර්මසේන සර්ගේ ආගමනය සිද්ධ වුණා. අබේරත්න සර් පාසලේ භෞතික සංවර්ධනයට මූලිකත්වය දුන්නත්, ධර්මසේන සර් ප්‍රධානම ස්ථානය දුන්නෙ අභ්‍යන්තරික දියුණුවටයි. ඒ කියන්නෙ ළමයින්ගේ ආකල්ප, සිතුවිලි, හැකියාව, පෞර්ෂත්වය, ගුණදම්, පිරිසිදුකම, නීතිගරුක බව වගේ දේවල් වලටයි.
සාමාන්‍යයෙන් ඕනම විදුහල්පතිවරයෙක්ගෙ දේශනයක් ඉවර වෙන කොට ළමයි ඒකට අත්පුඩි ගහන්නෙ "අම්මෝ ඇති යාන්තම් මේ මළ දානෙ ඉවර වුණා නෙහ්" කියන සිතුවිල්ලෙන්. අපෙත් කම්මුල් රිදුනා, ඈණුම් තද කරගෙන ඉදලා. ඒත් ධර්මසේන සර්ගෙ දේශන එහෙම නෑ. අහගෙන ඉන්න හරිම ආසයි. ඒ තරමටම රසවත්. ධර්මසේන සර් පෙළක් අවස්ථා වලදි විහිළු, එහෙම නැත්නම් හිනා යන විදිහේ වචන සහ වාක්‍ය කෑලි එහෙම දේශන වලට රිංගවලා තිබ්බා. ඒ නිසා ඒවා හරිම විනෝදකාමී දේශන වුණා. හැමතිස්සෙම ඒ දේශන වල කියවුණේ මම අර කලින් සඳහන් කරපු යහපත් ආකල්ප සහ ගුණ ධර්ම ගැනයි. ඒ වගේම සැබෑ ආනන්දියෙකුගෙන් සමාජයට ඉටු වෙන්න ඕන කාර්යභාරය ගැනයි. ඒ දවස් වල ධර්මසේන සර්ගෙ කටේ නිතරම තිබ්බ ප්‍රකාශයක් තිබුණා. නොදන්න අයගේ දැන ගැනීමට ඒකත් මෙහෙමම ලියන්නම්.
" ආනන්දයෙන් බිහි වෙන ශිෂ්‍යන් දෙපිරිසක් ඉන්නවා. එක පිරිසක් ආනන්දයේ නමින් තමන්ව බබළව ගන්නවා. තවත් පිරිසක් තමන්ගේ නමින් ආනන්දය බබළවනවා. සැබෑ ආනන්දියා කියන්නෙ තමන්ගේ නමින් ආනන්දය බබළවන ශිෂ්‍යයාටයි "
ඒ නිසා කලින් හිටපු විදුහල්පතිවරුන්ට වඩා ධර්මසේන සර්, ගොඩාක් ළමයින්ට සමීප වුණා. ධර්මසේන සර් ඒ දවස් වල උදේ රැස්වීම තියෙන කොට, පාසලේ එක එක පැති ඉලක්ක කරගෙන හදිසි කඩා පැනීම් කළා. එක වෙලාවකට මොකක් හරි ශ්‍රේණියක් තෝරගෙන ඒකෙ ඉන්න ළමයින්ගේ උදේ රැස්වීම් පෝළිම් වලට ගිහින් හැමෝගෙම නියපොතු, කොණ්ඩෙ, නිළ ඇදුම, මේස්, සපත්තු එකින් එක පරික්ෂා කළා. තවත් වෙලාවක ජාතික ගීය ගායනා වෙන වෙලාවලට, එක එක ළමයා ළගට ගිහින් එයාගෙ ඉරියව් අධ්‍යනය කරලා, සීරුවෙන් ඉන්න විදිහ ගැන දේශන පැවැත්තුවා. තව අවස්ථා තිබුණා සමහරක් ළමයි කාල පරිච්ඡේද මගාරින්න භාවිතා කරපු ස්ථාන වලට කඩා පැනීමේ මෙහෙයුම්. ආනන්දයේ ගුරුවරු පවා ඇතුල් වෙන්න බය වෙලා හිටපු ශිෂ්‍ය භට කණ්ඩායමේ කාමරයට කිහිප වතාවක්ම කඩා පැනීම් කළා. තව..... පරක්කු පෝලිම අධීක්ෂණය කරන්නත් සර් අමතක කළේ නෑ.

|
|
අපි 1 වසරට ආපු කාලයේ ඉදන්ම ආනන්දයේ ගුරුවරු විදිහට සේවය කරපු විශාල පැවිදි ගුරු මණ්ඩලයක් හිටියා. පැවිදි බවේ ජ්‍යේෂ්ඨත්වය අනුව උන්වහන්සේලාගේ නම් පෙළ ගැස්සුවොත් පිළිවෙල හැදෙන්නෙ පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි, පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, පූජ්‍ය අකුරැටියේ විමලවංශ හිමි, පූජ්‍ය මෙදේරිපිටියේ තපස්සි හිමි, පුජ්‍ය හගුරන්කෙත චන්ද්‍රරතන හිමි කියලයි.
අපේ කාලයේ 6 ශ්‍රේණියේ බුද්ධාගම විෂය ඉගැන්වීම් කටයුතු සහ 11 ශ්‍රේණියේ බුද්ධාගම විෂය ඉගැන්වීම් කටයුතු සිදු කළේ පිළිවෙලින් අකුරැටියේ විමලවංශ සහ වේපතඉර හේමාලෝක හිමිවරු. වේපතඉර හේමාලෝක හිමියන් 2009 අවුරුද්දෙ විශ්‍රාම ගියා. උන්වහන්සේගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් මූවර් ශාලාවේ කෙටි උත්සවයක් සංවිධානය කළා. ඒ කාලයේ 11 ශ්‍රේණියේ ඉගෙන ගත්ත ළමයි ඔක්කොම, ඒ කියන්නෙ 700ක් විතර පෝළිමට වේදිකාව උඩට නැගලා, උන්වහන්සේට වැන්දා. අකුරැටියේ විමලවංශ හිමියන්ගේ විශ්‍රාම ගැනීමත් ඒ කාලෙම වගේ සිද්ධ වුණා. ඒත් ඒක ගැන ඒ තරම් මතකයක් නෑ. මොකද අපි ඒ කාලෙ වෙනකොට හිටියේ ජ්‍යේෂ්ඨ පන්ති වලයි.

2011 අවුරුද්දෙ වෙසක් එකට තමයි, 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ලැබුවෙ. එදා මුළු ඉස්කෝලෙම සිල් සමාදන් වුණා. ඒ ඒ පන්ති වල ළමයින්ට සිල් සමාදන් වෙන්න නියම වෙලා තිබුණු ස්ථාන වලට ශබ්ද විකාශන යන්ත්‍ර හයි කරලා තිබුණා. ඉතින් ඉස්කෝලෙ එක ස්ථානයක ඉදගෙන තමයි ඒ වැඩසටහන පැවැත්තුවේ. එදා නම් අපේ විසේකාරයො ගොඩක්ම තැන්පත් වෙලා තමයි හිටියෙ. අපි සිල් සමාද වුණේ නේවාසිකාගාරයේ. අපි 1,2,5,7,9 වගේ පන්ති වලත් සිල් සමාදන් වෙලා තිබ්බට, එදා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිල් සමාදන් වුණු දවස නම්, ජීවත් වෙලා ඉන්න තුරු අමතක වෙන එකක් නෑ.
ඒ වගේම බුදු මැදුරෙ දහවල බුද්ධ පූජාව තියන කොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් හිටි හැටියෙ කඩාගෙන පාත් වුණා. මහින්ද රාජපක්ෂ කොහොමත් පුංචි ළමයින්ට ආසයි නෙහ්. ඉතින් එයා ගියා ප්‍රාථමික අංශයේ ළමයි වගයක් ඉන්න ඉසව්වකට. යනවත් එක්කම මුළු ප්‍රාථමික අංශයෙම ළමයි එයාව වට කර ගත්තා. එයාගෙ අතින් අල්ලන්න හැමෝම පොර කෑවා. එතන කොච්චර තදබදයක් ඇති වුණාද කියනවා නම් ජනාධිපතිවරයා එහාට මෙහාට තල්ලු වෙලා, වැටෙන්නත් ගියා.

ආනන්දෙ හිටපු ප්‍රධාන නැටුම් ගුරුවරයෙක් වුණු විද්‍යාරත්න ප්‍රනාන්දු සර්ගෙ අභාවය සිද්ධ වුණේ 2012 අවුරුද්දෙ පෙබරවාරි මාසයේ වගේ. හදිසි හෘදයාබාධයකින් වගේ තමයි මතක. විද්‍යාරත්න සර්ව මම මුලින්ම දැක්කෙ 2002 අවුරුද්දෙ. ඒ කාලයේ ප්‍රාථමික අංශයේ හිටපු නැටුම් ගුරුවරයාගේ සමු ගැනීමත් එක්කම තමයි, විද්‍යාරත්න සර් ප්‍රාථමික අංශයට නැටුම් උගන්වන්න ආවෙ. පාසලේ තිබ්බ හැම උත්සවයකටම නැතුවම බැරි චරිතයක් විදිහට විද්‍යාරත්න සර්ව හඳුන්වන්න පුලුවන්. මොකද ක්‍රීඩා උත්සව, කලා උළෙලවල්, ආරාධිත අමුත්තන්ව පිළිගැනීමේ අවස්ථා සහ අනිත් උත්සව කටයුතු, නර්තන කවය..... එකී නොකී මෙකී අකී හැම වැඩකටම විද්‍යාරත්න සර් හිටියා. ඒ වගේම අනඳ ප්‍රතිභා එක එහෙම හැම අවුරුද්දකම ලස්සනට සංවිධානය කළා. සර්ගෙන් අපි ඕන තරම් බැණුම් අහලා, ගුටි කාලා, ටොකු කාලා ඇති. ඒ වුණාට සර් නැති වුණු ප්‍රවෘත්තිය ආරංචි වුණාම අපටත් මොකුත් හිතා ගන්න බැරි වුණා.
විද්‍යාරත්න සර් කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවේ. අපේ රටේ නර්තන පරම්පරාවකින් පැවත ගෙන ආපු කෙනෙක්. ඒ වගේම අපේ රටේ සාම්ප්‍රදායික නර්තන කලාවන් ගැන ගවේෂණ සහ පරීක්ෂණ කරලා එක එක අත්හදා බැලීම් කරපු කෙනෙක්. ඒ වගේම ඒවා සම්බන්ධව පොත් ලියපු කෙනෙක්. ජයලත් මනෝරත්නයන්ගේ ගොඩාක් වේදිකා නාට්‍ය වල නර්තන නිර්මාණ කටයුතු, සංගීත නිර්මාණ කටයුතු සහ සංගීත වාදන කටයුතු කරලා තියෙන්නෙත් අපේ ආදරණීය විද්‍යාරත්න සර්. ඒ අතරින් ගුරු තරුව, අන්දරේලා, සඳ ගිර, කනේරු මල් වගේ වේදිකා නාට්‍ය ප්‍රධානයි. ඒ විතරක් නෙවේ විද්‍යාරත්න සර්ත් නාට්‍ය නිර්මාණය කළා. උදාහරණ විදිහට ජවනිකා, උරුමයේ අරුමය, සම්මත අසම්මත වගේ නාට්‍ය හඳුන්වන්න පුලුවන්. විද්‍යාරත්න සර් කියන්නෙ ලංකාවේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්. ඉතින් සර්ගෙ හදිසි අභාවය ආනන්දයට වගේම මුළු රටටම විශාල පාඩුවක් !

ධර්මසේන විදුහල්පතිතුමාගේ යුගයේ ආනන්දයේ සනිටුහන් වුණු ප්‍රධානතම සන්ධිස්ථානය විදිහට "අනඳ අභිමන්" මහජන ප්‍රදර්ශනය හඳුන්වන්න පුලුවන්. ඒ කාලය වෙන කොට ලංකාවේ පාසලකින් සංවිධානය වුණු විශාලතම අධ්‍යාපනික, සංස්කෘතික සහ වෙළඳ ප්‍රදර්ශනය වුණේ ඒකයි. පාසලේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රදර්ශන කුටි තිබුණා. පාසලේ එක එක අංශ, සමිති සමාගම් වල කුටි වගේම අධ්‍යාපනයට සම්බන්ධ භාහිර අංශ වල කුටි එහෙමත් දකින්න ලැබුණා. ප්‍රදර්ශනය 2012 මාර්තු මාසයේ මැද තමයි ආරම්භ වුණේ. දවස් 7ක් එක දිගට තිබුණා. ආරම්භයේ ඉදලා අවසන් වෙනකන්ම විශාල මහජන ගංගාවක් ගැලුවා.
ඒ වෙන කොට අපි හිටියෙ උසස් පෙළ විභාගයට මුහුණ දෙන අවුරුද්දෙ. ඉතින් අධ්‍යාපනික කටයුතු නිසා පරිපාලනය, අපේ උදව් අපේක්ෂා කළේ නෑ. අපිව සම්පූර්ණයෙන්ම මේ වැඩ වලින් නිදහස් කළා. ඒ වුණාට එහෙමයි කියලා අපි නිකන් හිටියෙත් නෑ. පුලුවන් විදිහට, ඇති හැකි අයුරින් උදව් කළා.
ආනන්දය ගැන ලියවුණු මෑත කාලයේ ගීත අතරින් ජනප්‍රියම ගීතය වුණේ "අනදතා පාන" ගීතයයි. ඒ ගීතය නිර්මාණය වුණෙත් මේ ප්‍රදර්ශනයට මාස කිහිපයකට කලින්. මොකද ආනන්දයේ 125 වෙනි ජන්ම සංවත්සරය යෙදිලා තිබුණෙත් ඒ අවුරුද්දෙමයි. ඉතින් මේ ප්‍රදර්ශනයත් එක්කම, ඒ ගීතයත් වේගයෙන් ජනප්‍රිය වෙන්න ගත්තා. ගීතය ගැන කියනවා නම් ආනන්දයට සම්බන්ධ සෑහෙන පිරිසක් ඒක තම තමන්ගෙ ජංගම දුරකතන වල Ringing Tone එක විදිහට භාවිතා කළා. ජගත් වික්‍රමසිංහ, මධු මාධව අරවින්ද, භාතිය ජයකොඩි, ජනනාත් වරකාගොඩ, නිමන්ත හේශාන්, ඉසුරු ජයරත්න, සහන් රන්වල (හරියටම මතක නෑ), කසුන් කල්හාර, අකලංක ගනේගම, දුමාල් වර්ණකුලසූරිය, හර්ෂණ දිසානායක, සචිත් අනුත්තර වගේ ආනන්දයෙන් බිහි වුණු ආදි ශිෂ්‍යයන් ගණනාවකගේ හඬින් තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නෙ.

2012 අවුරුද්දෙ මැද වෙන කොට ආනන්දයේ තවත් පහන් කණුවක් ආනන්දයෙන් විශ්‍රාම ගියා. ඒ පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවන්. 1999 අපි ආනන්දෙට ආපු කාලයෙ ඉදන්ම, 2012 විශ්‍රාම යනකන්ම ආනන්දයේ සහකාර විදුහල්පතිවරයා විදිහට කටයුතු කළේ උන්වහන්සේ. විදුහල්පතිවරයාගේ දකුණු අත විදිහට උන්වහන්සේ කටයුතු කළත්, විදුහල්පතිවරයාටවත් නැති බලයක් උන්වහන්සේට තිබුණා. ආනනද හාමුදුරුවන් කියන්නෙ උස මහත දේහදාරී හිමි නමක්. උන්වහන්සේට තිබුණෙ මහා පෞර්ෂයක්. ධර්මය ගැන විශාල ගැඹුරු දැනුමක්. ඒ වගේම අභිමානවත් සහ ප්‍රතාපවත් කට හඬක් තිබුණා.
ආනන්දයට විපත්තියක් ආපු හැම වෙලාවකම මුලින්ම නැගී හිටපු හිමි නම වුණේ ආනන්ද හාමුදුරුවන්. ආනන්දයේ විනය භාරව හිටියෙත් උන්වහන්සේම තමයි. ශිෂ්‍ය නායක මණ්ඩලයේ සභාපති ධූරය දැරුවෙත් උන්වහන්සේම තමයි. ඒ වගේම බුද්ධාගම සහ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය භාරවත් කටයුතු කළා. උන්වහන්සේ හොදට හොද වුණත් නරකට නරක වුණේ නෑ. උන්වහන්සේ නරකට, "අන්තිම" නරකයි. ඒ නිසා ළමයි වගේම ගොඩක් ගුරුවරුත් උන්වහන්සේට බයයි. උන්වහන්සේගෙන් ගුටි කාපු ළමයින්ට නම් ලේසියෙන් එදා දවස අමතක වෙන්නෙ නෑ මැරෙනකන්ම.
උන්වහන්සේ අපි 7 වසරෙ ඉන්න කොට අපේ පන්තියට බුද්ධාගම විෂය ඉගැන්නුවා. ඊට අමතරව උන්වහන්සේ 2012 අවුරුද්දෙ විශ්‍රාම ගියෙත්, 2012 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න හිටපු 13 ශ්‍රේණියෙ අපිට බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වමින් ඉන්න කොටයි. ඒ නිසා උන්වහන්සේගේ ආනන්දයේ අන්තිම ශිෂ්‍ය පරපුරේ පුරුකක් වෙන්න ලැබුණු එකත් ලොකු භාග්‍යක් (මාත් එක්ක තවත් 3 දෙනෙක් බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගෙන ගත්තා).

මේ කාලය වෙන කොට ආනන්ද හාමුදුරුවො වගේම පාසල හොල්ලගෙන හිටපු, පාසලේ ළමයින්ව බය කරගෙන හිටපු, ඒත් පාසල වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කරලා, පාසලට එක එක ජයග්‍රහණ හරහා ගෞරවයක් ලබා දීපු ගුරුවරු පාසලෙන් සමු අරගෙන තිබුණා. සමහරු ගෞරවනීය විදිහට විශ්‍රාම ගියා. සමහරු ගෞරවනීය විදිහට අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වෙන වෙන අංශ වලට එකතු වුණා. තවත් සමහරු විනය විරෝධී ක්‍රියාවන්ට අහුවෙලා පාසලෙන් යන්න වුණා හෝ ඉල්ලා අස් වුණා.
මට මතක විදිහට 2005 වෙන කොට ශිෂ්‍ය භට කණ්ඩායම භාරව හිටපු බැසිල් සර් අස් වුණා. ශිෂ්‍ය භට කණ්ඩායම, කදු නගින්නන්ගේ සංගමය, පාසලේ සමස්ථ ක්‍රීඩා පරිපාලනය භාරගෙන හිටපු පාලිත සර් 2008 අග අස් වුණා. එතකොට වොලිබෝල් සංගමය භාරව හිටපු ජයන්ත සර්ත් 2009දි වගේ අයින් වුණා.

2012 අවුරුද්දෙ විද්‍යා අංශයේ ගොඩනැගිල්ල ගිනි ගැනීමකට ලක් වුණා. ගිනි ගැනීම වුණේ හවස් වරුවක නිසා කාටවත් හානියක් වෙලා තිබුණෙ නෑ. පහුවදා අපි ඒ පැත්තට යන කොට ගොඩනැගිල්ලෙ වීදුරු පුපුරලා, බිත්ති කළු වෙලා, පිච්චිලා තිබ්බා. කොහොම හරි ගින්න පැතිරෙන්න කලින්ම, ඒක පාලනය කර ගන්න පුලුවන් වුණා කියලා ආරංචි වුණා.
"පස් මහල" ඉවත් කරන්න ගත්ත තීරණයත් අපි උසස් පෙළ කරන කාලයේ අර ගත්ත තීරණයක්. පාදමේ ඉදලා තට්ටු 5ක ගොඩනැගිල්ලක් වුණු පස් මහලේ උඩම තට්ටුවෙ තිබුණු ශාලාවට කීවෙ "මූවර් ශාලාව" කියලයි. ඒ නිසා සමහරු මේ ගොඩනැගිල්ලට "මූවර් ගොඩනැගිල්ල" කියලත් කිව්වා. පාදමේ ඉදලා යටම තට්ටුවෙ තිබුණෙ ශිෂ්‍ය නායකයන්ගෙ කාමර, වැසිකිලිය, කෙටි ආහාර කඩයක්, විද්‍යාගාරයක්, 10 වසරෙ එක පන්තියක් හෝ පන්ති දෙකක්. ඊළග තට්ටුවෙ 7 ශ්‍රේණියත්, ඊළග තට්ටුවෙ 8 ශ්‍රේණියත්, ඊළග තට්ටුවෙ 9 ශ්‍රේණියත්, උඩම තට්ටුවේ මූවර් ශාලාවත් තිබුණා. පස් මහල, අපේ රටේ ඉස්සර නුවර එළිය පැත්තෙ තිබුණු තේ කර්මාන්ත ශාලාවක ආකෘතියක් අනුසාරයෙන් නිර්මාණය වුණු ගොඩනැගිල්ලක්. මූවර් ශාලාවේ තමයි කුලරත්න ශාලාවේ නොපවත්වන ඔක්කොම කෙටි උත්සව, කණිෂ්ඨ පන්තිවල සතිපතා සභාවන්, දෙමාපිය රැස්වීම්, ශ්‍රේණි විභාග සඳහා සහතිකපත් ලබා දීම්, කෙටි දේශන වගේ දේවල් පැවැත්තුවේ.
මේ ගොඩනැගිල්ල විවෘත කරලා, ගොඩනැගිල්ලෙ අධ්‍යාපනය ලබපු පළවෙනි කණ්ඩායමට අපේ තාත්තත් ඇතුළත් වුණා. තාත්තා කියපු විදිහට මේ ගොඩනැගිල්ල 1974 / 1975 කාලයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නිර්මාණය කරපු ගොඩනැගිල්ලක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි, මේ ගොඩනැගිල්ල බිංදුවේ ඉදන් නිර්මාණය කරපු ගොඩනැගිල්ලක් නොවීම. මේ ගොඩනැගිල්ලේ එක එක කොටස්, වෙන් වෙන් වශයෙන්, එක එක වැඩපලවල් වලලු නිර්මාණය කරලා තියෙන්නෙ. එහෙම වෙන් වෙන්ව නිර්මාණය කරපු කොටස් විශාල Crane වලින් ඉස්කෝලෙට අරගෙන ඇවිත්, උස්සලා හිටවලා, එකට එකතු කළාලු (Assemble). ඒ කාලෙ නම් මේ ගොඩනැගිල්ලෙ උඩ තට්ටුවට ශ්‍රී පාදස්ථානය හිටං පෙනිලා තියෙනවා.
ඒ වගේම දැන් නිර්මාණය වෙලා තියෙන "සත් මහල" ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කළේ ආනන්දයේ ආදි ශිෂ්‍යයෙක් වුණු මගේ ඥාති සහෝදරයෙක්. මේ වෙලාවෙ එයා කියපු දෙයකුත් මතක් වෙනවා. එයා කිව්වෙ මෙහෙම කතාවක්.
" පස් මහල කඩන්න කලින් අපි ඕකෙ පහළ ලොකු Inspection එකක් කළා නෙහ්. Building එකේ Concrete කණු, Foundations බලලා, Main Engineer ඒ වෙලාවෙම ඔළුවේ අත ගහගත්තා. එයා කිව්වා, Building එක මේ තියෙන විදිහට, මේක මෙච්චර කාලයක් කඩන් වැටෙන්නෙ නැතුව තිබුණු එකත් පුදුමයක් කියලා ".
දුර දිග බලන්නෙ නැතුව, අනාගතය බලන්නෙ නැතුව, තර්කානුකූලව හිතන්නෙ නැතුව, කඩිමුඩියෙ වැඩ කළාම පේනවා නෙහ් වෙන දේවල්? ඉතින් අපි හැමෝගෙම සුන්දර මතකයන් ගොඩාක් රැදිලා තිබුණු මේ ගොඩනැගිල්ල, අවුරුදු 40ක් සපිරෙන්න කලින්ම අපේ ඇස් ඉදිරිපිටම සමු ගත්තා.

ඒ කාලයෙ ඉතින් මේ ගොඩනැගිල්ලෙ ඉන්නවා කියන්නෙ මහගිරි දඹේ නගිනවා වගේ වැඩක්. දියවැඩියාව තියෙන අයට එහෙම හොඳයි, සීනි බස්සගන්න. 7, 8, 9 ශ්‍රේණි තිබුණු තට්ටුවල ආකෘතිය එක හා සමානයි. ඒවායෙ ඉතින් ගුරු විවේකාගාර සහ කාර්යාලත් තිබුණා. සමහර පන්ති පාසලේ ඉදිරිපසට මුහුණලා තිබුණා. අනිත් පන්ති පාසල පිටිපස්සෙ ආනන්ද මාවතට මුහුණලා තිබුණා. ගොඩනැගිල්ලෙ එකම ආකෘතියට හදපු තරප්පු කොටස් දෙකක් තිබුණා. ඒ කාලෙ මේ මුළු ගොඩනැගිල්ලම භාරව හිටියෙ ඉතින් රෝහණතිලක වීරසූරිය සර් තමයි. ගොඩනැගිල්ලෙ ඉදිරිපස තියෙන පන්ති සහ පිටිපස්සෙ තියෙන පන්ති වෙන් වෙන කොටසෙ අයින්වල පුංචි දැලක් ගහලා තිබුණා. ඒ නිසා ඉදිරිපස පන්ති වල ඉන්න අයට ඒ දැල හරහා පිටිපස්සෙ පන්තිය පේනවා. පිටිපස්සෙ පන්තියේ ඉන්න අයට ඒ දැල හරහා ඉදිරිපස පන්තිය පේනවා. උඩ පින්තූරයේ පේනවා ඇති ජනේල තිබ්බෙ කොහොමද කියලා. Vertical Pivot ජාතියෙ ජනේල තමයි තිබුණෙ.
පස් මහල ඉවත් කරන්න ආරම්භ කරන්න කලින්, ඒ වැඩපිළිවල යටතෙ ආනන්දේ විශාල පරිසර හායනයක් සිද්ධ කළා. ඒ කාලෙ ආනන්දෙ ගොඩාක් ගහ කොළ තිබුණා. ඒත් පස් මහල කඩලා, සත් මහල හදලා විවෘත කරනකන් 7, 8, 9 ශ්‍රේණි වල ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්න ඕන නිසා, සමහර තැන්වල තාවකාලික පන්ති කාමර නිර්මාණය කළා. මොකද මම කලින් කිව්වා වගේ පස් මහලෙ පන්ති කාමර 35ක් විතර තිබ්බා. එක පන්තියක ළමයි 50ක් ඉන්නවා කියලා හිතුවොත් ළමයි 1750කට, ඒ කියන්නෙ 2000කට කිට්ටු වෙන්න පන්ති කාමර පහසුකම් අවශ්‍ය වුණා බොහොම ඉක්මනටම. උදාහරණයක් විදිහට වොලිබෝල් පිටිය ඉස්සරහා තියෙන තාවකාලික පන්ති කාමර පෙළ අරගන්න පුලුවන්.
මේ ක්‍රියාවලියේ ලොකුම සිදුවීම විදිහට අපි දැක්කෙ පස් මහල ඉස්සරහා තිබුණු කොස් ගස් දෙක කපපු එකයි. මේ කොස් ගස් දෙක නිසා ඒ කාලෙ මුළු ඉසව්වම හෙවනයි. සිසිලසයි. 7 වසරෙ ඉන්න කොට නම් උදේ රැස්වීම් වලදි කාක් බෙටි වලිනුත් අපි බැට කෑවා. ඒ මතකයන් එහෙම අපට තවමත් තියෙනවා. ඒත් මොනවා කරන්නද ඉතින්?

ඔන්න ඔහොම තමයි 1999 ඉදලා 2012 වෙනකන් අවුරුදු 13ක කාලයේ ආනන්දයේ වුණු විපර්යාස ගැන මගේ මතකයේ තියෙන්නෙ. මතකයෙන් ගිලිහිලා තියෙන ඒවත් මතක් වෙන, මතක් වෙන විදිහට ඉස්සරහදි එකතු කරන්නම්. මේ කාල පරාසයේ ආනන්දයේ හිටපු අයත් ඒ මතකයන් වලට යන්න ඇති කියලත්, ආනන්දයේ කලින් හිටපු සහ පස්සෙ සම්බන්ධ වුණු අය ආනන්දය ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ඇති කියලත් හිතනවා. ලිපියේ කතෘ හිමිකම දීලා නැති ඔක්කොම ඡායාරූප වල ගෞරවය, ඒවායේ නියම හිමිකරුවන්ට හිමිවෙනවා.
ඒ වගේම අපි අවිවාදයෙන්ම පිළිගන්න ඕන දෙයක් තමයි, ඒ ඡායාරූප වලිනුත් වැඩි ප්‍රමාණයක් අර ගන්න ඇත්තෙ අපේ ආදරණීය කුලරත්න අංකල් කියන එක. කුලරත්න අංකල් අද අපි අතරෙ නෑ. එයා තමයි 1985 ඉදලා 2015 හදිසියේ අභාවප්‍රාප්ත වෙනකන්ම ආනන්දයේ නිළ ඡායාරූප ශිල්පියා විදිහට කටයුතු කළේ. දවස පුරාම ආනන්දයේ එහෙ මෙහෙ අහු මුළු වල දකින්න හිටපු චරිතයක්. කුලරත්න අංකල් සහභාගී නොවුණු පාසලේ එකම එක වැඩ කටයුත්තක්වත් නැති තරම්.
අවසාන වශයෙන් අවුරුදු 13ක පාසල් කාලය ගැන ලියපු මගේ අනිත් ලිපි සහ ඡායාරූප එකතුවත් පල කරගෙනම ලිපිය අවසන් කරන්නම්. එව්වත් බලන්න කියලා ආරාධනා කරනවා !

ලිපි
01. අපේ ඉතිහාසය සෑර් 02. අපේ සයන්ස් සෑර් 03. ආනන්දේ සඝ රස බස් 04. ආනන්දේ කළු ජූලිය 05. පාසල් ජීවිතේ සොදුරු මතකයන් 06. සිංහලේ දින දර්ශනය 07. අනද විදු භූමිය |