ජපන් රටට ගිය වලස් පැටව්
මේ කියන්න යන්නෙ එක්දහස් නවසිය බර ගණන්වල සිද්ධ වුණු කතාවක්. අපේ සීයාගෙ (පියාගෙ පාර්ශවයේ) බාප්පට ඒ කාලයේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් තිබුණා. මේකට නම තිබ්බෙ Don Charles And Sons කියලා. මේ ව්‍යාපාරයෙන් කෙරුනෙ උත්සව භාණ්ඩ කුලියට දෙන එක සහ ලී වෙළදාම. සීයාගෙ බාප්පට දරුවො හිටියෙ නැති නිසා කාගෙත් කැමැත්ත මත මේ ව්‍යාපාරය අන්තිමේදි සීයාට පැවරුණා. මේ කාලය වෙන කොට සීයාගෙ මල්ලිලා දෙන්නම ඉස්කෝලෙ යන වයසෙ. 40 දශකයේ පුටු 50කින් සහ බර බාගෙකින් ව්‍යාපාරයේ දෙවෙනි පියවර ආරම්භ කරන සීයාට, ව්‍යාපාරය දියුණු තත්වයකට ගේන්න සුළු කාලයක් ඇතුළත හැකියාව ලැබෙනවා.
ඊට පස්සෙ මේස, පුටු, ටෙන්ට් වගේ උත්සව භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ ව්‍යාපාරයේ වැඩ වලට ලොරි 5කුත් මිළදී ගන්නවා. දුෂ්කර කැළෑ ආශ්‍රිත පළාත් වලට ගිහින් ලී අරගෙන කොළඹ එන්න තමයි සීයා වැඩිපුරම කාලයක් ගත කරලා තියෙන්නෙ. දවසක් කැළෑවෙ යන කොට සීයාට අතරමං වුණු වලස් පැටව් දෙන්නෙක්ව හම්බ වෙනවා. අසරණ වෙලා, අතරමං වෙලා ඉන්න වලස් පැටව් දෙන්නා දැකලා හිත උණු කර ගත්ත සීයා, අන්තිමේදි වලස් පැටව් දෙන්නවත් වාහනේට දාගෙන කොළඹ යනවා. සීයාගේ ව්‍යාපාරික ස්ථානය පිහිටලා තිබ්බෙ වැල්ලවත්ත ප්‍රදේශයේ (වර්තමානයේ ඩෙල්මන් ඉස්පිරිතාලය පිහිටලා තියෙන ඉඩමේ). ඉතින් මේ වලස් පැටව් දෙන්නා හැදුනෙ වැඩුනෙත් සීයාගෙ ව්‍යාපාරික ස්ථානය ඇතුළෙ.

සීයාගෙ ගම් පළාත වුණේ කැළණියයි. මේ කාලයේ සීයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයෙක් වෙලා හිටියා. සීයා වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නෙ රිචඩ් ගෝඨාබය සේනානායක (ආර්.ජී.සේනානායක) මන්ත්‍රීතුමාට. 1956 පැවැත්වුණු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කරනවා. SWRD බණ්ඩාරනායක මැතිතුමා රටේ අගමැතිවරයා වෙද්දි, රිචඩ් ගෝඨාබය සේනානායක මැතිතුමා වෙළද හා වාණිජ කටයුතු පිළිබද ඇමතිවරයා වෙනවා. මේ අවුරුද්දෙම ජපානයේ ඔටුන්න හිමි අකිතෝ කුමාරයා ඔහුගේ සහකාරිය වුණු මිචිකෝ කුමරියත් එක්ක ලංකාවට එනවා. එහෙම එන්නෙ ලංකාවේ සංචාරයක නිරත වෙන්න. මේ දෙපල විවාහ වුණෙත් 1956 වසරෙදිමයි. රාජකීය පවුල පිළිගන්න අපේ රටේ අය ලහි ලහියේ ලක ලෑස්ති වෙද්දි, "රාජකීය පවුලට තෑග්ගක් දෙන්න ඕන" කියලා අභිනවයෙන් කැබිනට් අමාත්‍යාංශයේ වැඩ භාර ගත්ත රිචඩ් ඇමතිතුමාට හිතෙනවා. ඉතින් රිචඩ් ඇමතිතුමා අපේ සීයාගෙන් ජපන් රාජකීය යුවලට තිළිණ කරන්න හොදවෑයින් තෑග්ගක් ඉල්ලනවා.
"මට නම් දෙන්න දෙයක් නෑ. ඕන නම් මගේ ගාව ඉන්න වලස් පැටව් දෙන්නව දෙන්නම්" ඒ සීයා රිචඩ් ඇමතිතුමාට දීපු උත්තරේ. ඊට පස්සෙ හැමෝගෙම කැමැත්තෙන් සීයා ළග හිටපු වලස් පැටව් දෙන්නව, අකිතෝ කුමාරයට සහ මිචිකෝ කුමරියට තෑගි කරන්න තීරණය කළා. වලස් පැටව් දෙන්නව තිළිණ කිරීමේ උත්සවය තිබුණෙ අරලියගහ මන්දිරයේ. පහළින් තියෙන්නෙ ඒ සුවිශේෂී අවස්ථාවේදී ගත්තු ඓතිහාසික ඡායාරූපය. ඡායාරූපය අරගෙන තියෙන්නෙ Times එකෙන්.
පින්තූරෙ වම් පැත්තෙන්ම ඉන්නෙ අපේ සීයා (දොන් සයිමන් වික්‍රමආරච්චි). ඊට දකුණෙන් අනිත් වලස් පැටියා වඩාගෙන ඉන්නෙ සීයාගෙ බාල මල්ලි (දොන් පියදාස වික්‍රමආරච්චි). ඊටත් එහා පැත්තෙන් ඉන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ? SWRD බණ්ඩාරනායක අගමැතිතුමා. ඊටත් එහා පැත්තෙන් ඉන්නෙ උත්සවයේ ගෞරවණීය අමුත්තන් වුණු ඔටුන්න හිමි රාජකීය යුවල. ඒ කියන්නෙ "අකිතෝ ෂෝධා" කුමාරයා සහ "මිචිකෝ ෂෝධා" කුමරිය. ඊටත් පස්සෙ පින්තූරයේ දකුණු පැත්තෙ කොනේම ඉන්නෙ රිචඩ් ගෝඨාබය සේනානායක ඇමතිතුමා.
මේ හැමෝටම ඉස්සරහා තියෙන පෙට්ටියේ ගහලා තියෙන්නෙ Presented By Don Charles And Sons කියලා. ඒ පෙට්ටියෙන්ලු වලස් පැටව් දෙන්නා ලංකාද්වීපයේ ඉදලා ජපන් රටට ගියේ. ලංකාවෙන් තමන්ට ලැබුණු මේ අමතක නොවෙන තෑග්ග නිසා ගොඩාක් සතුටු වුණු රාජකීය යුවල, පස්සෙ කාලයක ඒ වෙනුවෙන් ලංකාවට ජපන් වලස් පැටව් දෙන්නෙක්ව පරිත්‍යාග කළාලු. ඊට පස්සෙ ලංකා රජයෙන් මේ ජපන් වලස් පැටව් දෙන්නව, දෙහිවල සත්තු වත්තට භාර දුන්නලු.

ඊට පස්සෙ කාලයෙත් Don Charles And Sons ව්‍යාපාරය පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව දියුණු කරන අපේ සීයා, පස්සෙ කාලයක ව්‍යාපාරය බාල සහෝදරයාට පවරනවා. බාල සහෝදරයාගෙන් පස්සෙ අද මේ ව්‍යාපාරයේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්නෙ, සීයාගෙ බාල සහෝදරයාගේ එකම පුත්‍රයා (දිනේශ් වික්‍රමආරච්චි). ව්‍යාපාර ආයතනය වර්තමානයේ වැල්ලවත්තේ ඩෙල්මන් රෝහල පිහිටලා තියෙන ඉඩමට ටිකක් එහායින් තියෙන මූවර් පාර අසලට ගෙනිහින් තියෙනවා.
1990 වර්ෂයේ තම පියා වුණු "ෂෝවා" අධිරාජ්‍යාගේ අභාවයෙන් පස්සෙ, අකිතෝ කුමාරයා ජපන් රාජකීය වංශයේ 125 වෙනි අධිරාජ්‍යයා විදිහට පත් වුණා. 1990 අවුරුද්දෙ ඉදලා අද වෙනකන්ම ජපානයේ අධිරාජ්‍යයා විදිහට කටයුතු කරන්නේ "අකිතෝ" අධිරාජ්‍යයායි.

1956 අවුරුද්දෙ ජපන් රාජකීය යුවලගේ ලංකා සංචාරය නිමිති කරගෙන ලක් රජයෙන් අලි පැටව් දෙදෙනෙකුත් තිළිණ කළා. ඒත් මේ වලස් පැටව් දෙන්නා තිළිණ කරපු සිද්ධිය නම් ගොඩක් අප්‍රසිද්ධ කතාවක්. මේ වගේ අප්‍රසිද්ධ සිදුවීමක් ගැන අපේ ඈයො දැනුවත් කරන්න මේ විදිහෙන් හරි ලිපියක් ලියන්න ලැබුණු එක ගැන නම් දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. ඊටත් වඩා අපේ සීයා ගැන නම් ලොකු ආඩම්බරයක් දැනෙනවා..!!!!!!!