කැමරා සොහොයුරෝ
කැමරාව කියන්නෙ අද කොහේ ගියත් හැම තැනකම දකින්න පුලුවන් සුලභ දෙයක්. අද වෙන කොට කැමරාව Laptop එකට, Mobile Phone එකට වගේම Tab. එකටත් ඇවිල්ලා. ඉස්සර හොද කැමරා ශිල්පියෙක් වෙන්න නම් හොද ඇහැක් තියෙන්න ඕන කියලා සමාජය විසින්ම සම්මත කර ගත්තු පිළිගැනීමක් තිබුණා. ඒත් වර්තමානය වෙන කොට හොද කැමරා ශිල්පියෙක් වෙන්න නම්, තියෙන්න ඕන ඉහළම සුදුසුකම කැමරාවක් සහ ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාවක් හෙවත් Edit කිරීමේ හැකියාවක් තිබීමයි. Digital Cameras වලට පිං සිද්ධ වෙන්න කැමරාව මොන අතට තියලා පින්තූර ගැහුවත්, ගන්න පින්තූර ටික ඉස්තරම් තත්වයක තියෙනවා. මේ නිසාම අද පදුරකට පයින් ගැහුවත් ඡායාරූප ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන් යැයි කියා ගන්නා පුද්ගලයින් දහස් ගණනක් විසික් වෙලා යන තත්වයක් දකින්න පුලුවන්. ඒත් ඉස්සර එහෙම නෑ. කැමරාවක් තිබුණෙත් බොහෝම සුළුතරයකට විතරයි. ඒ වගේම ඒ කාලයේ කැමරා පාවිච්චි කරන්නත් අමාරුයි.
මේ කියන්න හදන්නෙ ඡායාරූපකරණය ගැන පාඩමක් එහෙම නෙවේ. මේ කියන්න යන්නෙ 1999 ඉදලා මේ දක්වා (2013) මම පාවිච්චි කරලා තියෙන කැමරා කිහිපයක් ගැන විස්තර ටිකක්. විශේෂත්වය තමයි මේ කැමරා වලින් එකක් ඇරෙන්න, අනිත් ඔක්කොම ටික මගේ ළග තවමත් සුරක්ෂිත විදිහට තියෙන එක.
මේ කියන්න හදන්නෙ ඡායාරූපකරණය ගැන පාඩමක් එහෙම නෙවේ. මේ කියන්න යන්නෙ 1999 ඉදලා මේ දක්වා (2013) මම පාවිච්චි කරලා තියෙන කැමරා කිහිපයක් ගැන විස්තර ටිකක්. විශේෂත්වය තමයි මේ කැමරා වලින් එකක් ඇරෙන්න, අනිත් ඔක්කොම ටික මගේ ළග තවමත් සුරක්ෂිත විදිහට තියෙන එක.
මගේ ළග සුරක්ෂිතව තියෙන පළවෙනි කැමරාව 1999 අවුරුද්දෙ මිළදී ගත්තු කැමරාවක්. 1999 කියන්නෙ Digital කැමරා වලින් තොර Reel දාන කැමරා තිබුණු යුගයක්. මේ කැමරාව Canon Novacam I වර්ගයේ එකක්. මාලදිවයිනෙන් ගෙනාපු මේ කැමරාවේ මිළ රුපියල් 2500ක් විතර ඇති. මේ කැමරාවල නම් වාසි වලට වඩා ගොඩක්ම තියෙන්නෙ අවාසි තමයි. පින්තූර උපරිම වශයෙන් ගන්න පුලුවන් 40ක් වගේ සුළු සංඛ්‍යාවක්. ඒ වගේම "ගත්තු පින්තූරය හරියට ආවද..????" කියලා දැන ගන්න ක්‍රමයකුත් නෑ. පින්තූර ටික Print කරන්න, කැමරාවේ Reel එක දීලා සැළකිය යුතු කාලයක් බලා ගෙන ඉන්න වෙනවා. ඒ නිසා Digital කැමරා ආපු හැටියෙම බොහෝ දෙනා, මේ වගේ කැමරා අතෑරලා ආදරයෙන් Digital කැමරා වැළද ගත්තෙ, සාපේක්ෂ වශයෙන් ඒවායේ අති විශාල වාසියක් තියෙන නිසයි. ඒත් 1999 විතර ගත්තු මේ කැමරාව, 2006 අවුරුද්ද වෙන කොටත් පාවිච්චි කරන්න පුලුවන් මට්ටමක තිබුණා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද..?????
අද වෙන කොට ජපානයේ Canon සමාගමෙන් මේ වර්ගයේ කැමරා හදන එක සම්පූර්ණයෙන්ම නතර කරලයි තියෙන්නෙ. ඒ නිසා අද ලෝකයේ ඉතිරි වෙලා තියෙන මේ වර්ගයේ කැමරා අතරට මගේ කැමරාවත් එකතු වෙනවා. මම අදුරන සිය දාහක් පුද්ගලයන් අතරින්, අද වෙන කොටත් මේ වගේ Reel දාන කැමරාවක් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඉතුරු වෙලා ඉන්නෙ අපේ සීයා විතරයි. මේ වගේ කැමරාවල අවාසි ගොඩක් තිබුණත් එක වාසියක් මම දකිනවා. Digital කැමරා වලට වඩා මේ වගේ කැමරා වලින් දක්ෂ ඡායාරූප ශිල්පීන් බිහි කරන්න පුලුවන්. මොකද මේ කැමරාව පාවිච්චි කරන කොට මූලික වෙන ප්‍රධානතම දේ, ඡායාරූපය ගන්නා කෙනාගෙ ඇසයි. Display Screen, Delete Option සහ ගත්තු පින්තූරය නැවත බැලීමේ හැකියාවක් නැති මේ වගේ කැමරා, ගන්නා පින්තූරය හරි අවස්ථාවේදී, හරි විදිහට අරගන්න ඡායාරූප ශිල්පියාව පොළඹවනවා. ඒ තුළින් විචාරපූර්වකව කල්පනා කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඉවසීම කියන ගුණාංගයත් වර්ධනය වෙනවා.
ඊළගට අපේ ගෙදරට ගෙනාවෙ Mercury Pencam වර්ගයේ එකක්. ඒ 2004 අවුරුද්දෙ විතර. මේ තමයි අපේ ගෙදරට ගෙනාපු පළවෙනි Digital කැමරාව. මිළ රුපියල් 6000යි. අද වෙනකොට මේ වර්ගයෙ කැමරා හදන එකත් නතර කරලයි තියෙන්නෙ. මේ කැමරාව සාමාන්‍ය කැමරාවක් විදිහට වගේම Web Cam. එකක් විදිහටත් පාවිච්චි කරන්නත් පුලුවන්. අදටත් මේ කැමරාව පාවිච්චි කරන්න සුදුසු තත්වයක තියෙනවා. කුඩා පරිමාණයේ Display Screen එකක් කැමරාවෙ පිටිපස්සෙ තිබුණට, පින්තූර ගන්න වෙන්නෙ කැමරා හිලෙන් බලලා. Display Screen එකේ පෙන්නන්නෙ කැමරාවේ Storage එකට අනුව තව දුරටත් අර ගන්න පුලුවන් පින්තූර ප්‍රමාණය විතරයි (Two Digits). කැමරාව උඩ තියෙන බොත්තම Press කළාම පින්තූරය ගන්න පුලුවන්. පිටිපස්සෙ තියෙන බොත්තම් On, Off, Reset වගේ අවශ්‍යතා සදහා පාවිච්චි කරන්න පුලුවන්. භාවිතය අතින් Reel දාන වර්ගයේ කැමරාවකට සමාන වුණත්, පින්තූර සුද්ධ කරන්න එහාට මෙහාට Reel එක දි දී ලත වෙන්න ඕන නෑ. USB Port එක හරහා පින්තූර ටික Computer එකට මාරු කර ගන්න පුලුවන්.
ඊළගට ගෙනාවේ ජපානයේ Yashika සමාගමෙන් නිෂ්පාදනය කරපු EZ Digital 3011වර්ගයේ කැමරාවක්. මේ කැමරාව ගෙනාවේ රුපියල් 10 000කට විතර තායිලන්තයෙන්. බරින් 88g වෙන මේ කැමරාව 4x දක්වා Zoom කරන්න පුලුවන්. ගණනින් Mega Pixel 3යි. මේක තමයි අපේ ගෙදරට ගෙනාපු වීඩියෝ කිරීමේ හැකියාවක් සහිත පළවෙනි කැමරාව. වැඩි වැඩ කෑලි නැතත් මේ කැමරාව 2006 ඉදලා 2007 වෙනකන් පාවිච්චි කරන්න හැකියාව ලැබුණා. 2007 අවුරුද්දේ කැමරාවේ Display Screen එක පේන්නෙ නැතුව ගිය නිසා, මේ කැමරාව භාවිතයෙන් ඉවත් කරන්න සිද්ධ වුණා.
මේ කැමරාවට අගල් 1.5ක තිරයක් තියෙනවා. ඒ වගේම කැමරා කාචය පැත්තට තල්ලු කරන්න පුලුවන් පියනකින් ආවරණය කරලා තියෙන්නෙ.
ඊළගට මම පාවිච්චි කළේ Pentax Optio A20 වර්ගයේ කැමරාවක්. මේ කැමරාව හම්බුනේ ඩුබායි වලින්, රුපියල් 30 000කට විතර. බරින් 125gක් වෙන මේ කැමරාව 2008 ඉදලා 2011 වෙනකන් පාවිච්චි කරන්න පුලුවන් වුණා. 2011 සිංහල අලුත් අවුරුද්දට ගමේ ගියපු වෙලාවෙ මගේ අතින් මේ කැමරාව බිම වැටිලා, Display Screen එක පේන්නෙ නැතුව ගියා. Mega Pixel ප්‍රමාණය 10ක් වෙනවා. 4x දක්වා Zoom කරන්න පුලුවන්. මේ කැමරාවේ වීඩියෝ කිරීමේ හැකියාව උපරිමේටම තිබුණා. ඒ වගේම Macro Mode එකෙන් ගන්න පින්තූරවල ගුණත්වය 100%ක්ම ඉහළයි. ඒ වගේම 100%ක් පැහැදිලියි.
මේ කැමරා වර්ගය Soft, Black & White, Sepia, Slim, Black & White Red filter, Blue Filter Black & White, Illustration, Green Filter B / W වගේ විශේෂ ලක්ෂණ වලින් යුක්තයි. ඒ වගේම Landscape, Portrait Mode, Text, Surf & Snow, PET, Food, Flower, Night Scene, Sports Mode, Candle, Frame Composition වගේ අවස්ථා වලට උචිත විදිහට කැමරා කාචය හැඩ ගැස්වීමේ හැකියාවත් තියෙනවා. ඒ ඔස්සේ ගන්නා පින්තූරය සුපැහැදිලිව අරගන්න අවස්ථාව ලැබෙනවා. අතිරේක ලක්ෂණ ගැන කතා කරනවා නම් Audio Recording, Direct Print, RGB Primary Colour Filter, Auto Power Save, Digital Noise Reduction, Fate / Time Stamp, DPOF Support, Digital Image Rotation, PRINT Image Matching, PictBridge Support, Histogram Display, Red-Eye Removal, Cropping An Image, Digital Image Stabilization (Video Mode), Face-Priority AF function, Timer වගේ ලක්ෂණ මුල් තැනක් ගන්නවා. දිගින් 8.9cm වෙන මේ කැමරාවේ පළල 5.5cmයි. ඝනකම 2.3cm වෙනවා. තිරය අගල් 2.5යි.
2011 අප්‍රේල් මාසයේ Pentax කැමරාව බිම වැටුණායින් පස්සෙ, ඉක්මණින්ම කැමරාවක් මිළදී ගැනීමේ අවශ්‍යතාවයක් පහළ වෙනවා. මොකද වෙසක් පෝයට තිබුණෙ හරියටම සති 3ක වගේ කාලයක්. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිසා, 2011 වෙසක් උත්සවය ඉහළින්ම සමරන්න කටයුතු යොදමින් තිබ්බ කාල වකවානුවක්. මේ නිසා 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, අලුත් කැමරාවක් රුපියල් 25 000කට මිළදී ගත්තා. ඒ තමයි අපි පාවිච්චි කරපු පළවෙනි Touch Screen වර්ගයේ කැමරාව. Nikon Coolpix S4000 වර්ගයට අයිති වුණු මේ කැමරාව පිටිපස්සෙ අගල් 3x3 Touch Screen Display එකක් තිබුණා. බරින් මේ කැමරාව 131g වෙනවා. අනිත් කැමරා වගේම මේකත් 4x දක්වා Zoom කරන්න පුලුවන්. ඒත් Macro Mode අතින් නම් ගොඩක් දුර්වලයි. Mega Pixel 12යි.
මේ වර්ගයේ කැමරාවක් තුළ Black & White, Sepia, Vivid, Blueprint, Normal වගේ විශේෂ ලක්ෂණ ඇතුළත් වෙනවා. අමතර ලක්ෂණ විදිහට Audio Recording, Touch-Screen Control, Digital Image Stabilization, 720p HD Movie Recording, Panorama Preview, Intelligent Scene Selector Device, Red-Eye Fix, Face-Priority AF Function, D-Lighting Technology, Best Shot Selector (BSS), USB Charging වගේ ලක්ෂණ වගේම Blink Detection Technology, Motion Detection Technology, Smile Detection Technology වගේ අති විශේෂ අමතර ලක්ෂණත් ඇතුළත් වෙනවා. අද වෙන කොට Nikon සමාගමෙන් මේ වර්ගයේ කැමරා නිෂ්පාදනය කරන එක නවත්තලා කියලා තමයි දැනට තියෙන ආරංචිය. පරීක්ෂණ ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරපු මේ Touch Screen Camera ව්‍යාපෘතිය නැවැත්වීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නෙ Touch Screen Display එක විවිධ දෝෂ වලට ලක් වීමයි. විශේෂයෙන්ම තිරයේ සංවේදකය ක්‍රියා විරහිත වීම් වාර්තා වීම. කැමරාවේ මිනුම් ගැන සදහන් කළොත් දිග 9.5cmයි, පළල 5.7cmයි, ඝනකම 2cmයි.
ඊට පස්සෙ 2013 ජනවාරි 13 වෙනිදා Olympus Vg-150 වර්ගයේ කැමරාවක්, රුපියල් 13 900කට ගන්න වෙනවා. 4x දක්වා Zoom කරන්න පුලුවන්, Mega Pixel 12 ප්‍රමාණයෙන් යුක්ත කැමරාවක්. කැමරාවේ ආවරණය හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්. ඒ නිසා කැමරාව බරින් හරිම සැහැල්ලුයි. ඕනෑම තැනක පහසුවෙන් අරගෙන යන්න පුලුවන්. ඒත් 105gක බරකින් යුක්තයි. මේ කැමරාවෙත් Landscape, Portrait Mode, Beach / Snow, Self-Portrait, PET, Fireworks, Night Scene, Sports Mode, Sunset, Indoor, Cuisine, Candle, Night Scene With Portrait, Documents වගේ අවස්ථා වලට උචිත විදිහට කැමරා කාචය හැඩ ගැස්වීමේ හැකියාවත් තියෙනවා. ඒ විතරක් නෙවේ පින්තූර වලට කලාත්මක බවක් එක් කරන්න පුලුවන් Fisheye, Soft Focus, Drawing, Pop Art, Pin Hole, Punk, Sparkle වගේ විශේෂ ලක්ෂණත් ගොඩාක් තියෙනවා.
Audio Recording, Direct Print, USB 2.0 Compatibility, RGB Primary Colour Filter, Digital Noise Reduction, Date / Time Stamp, DPOF Support, Display Brightness Control, PRINT Image Matching, Camera Orientation Detection, PictBridge Support, Cropping Image, Panorama Preview, Resizing Image, Scene Detection Technology, (APM) Automatic Pixel Mapping, USB Charging, Help Guide, Exif Print Support, Shadow Adjustment, Advanced Technology Face Detection, Shade Correction, Intelligent AUTO (iAUTO) Distortion Control වගේ අතිරේක ලක්ෂණ ගොඩක් තියෙන මේ කැමරාව දිගින් 5.4 cmකුත්, පළලින් 9.2 cm කුත්, ඝනකමින් 2cm කුත් වෙනවා. තිරය අගල් 2.7යි.