ගුණානන්ද සිල්වත් තැන
ප්‍රථම රහත් හැට නම සම්පූර්ණ වුණාම බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් හැට නමව ආමන්ත්‍රණය කරලා මෙහෙම දේශනා කරනවා.
"චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසේථ"
"පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගකින් නොගොස් ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න"
මේ ප්‍රකාශය තුළින් භික්ෂුවකගේ වගකීම සහ කාර්යභාරය මොකක්ද කියලා හොද අදහසක් සහ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. තමා ධර්මය අවබෝධ කර ගන්න ගමන්ම අනිත් අයටත් ධර්මාවබෝධය ලබා දෙන්න කටයුතු කිරීම වගේම වැරදි මතවාද වලින් සසුන කිලිටිවීමට ඉඩ තියෙන අවස්ථාවල ඒවා හදුනාගෙන පරවාද මත ඛණ්ඩනය කරන්නත් භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්න ඕන.
ඒ වගේම මාර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළගට ඇවිත් උන්වහන්සේට පිරිණිවන්පාන්න කියලා ආරාධනා කළාම, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "අනාගතයේදී ගොඩ නගන සිව්වනක් පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, විනයධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සාමීචිප්‍රතිපන්න පිරිසක්ව ධර්මය දේශනා කරමින්, විවරණය කරමින්, කටයුතු කරන තෙක් මා පිරිනිවන්පාන්නේ නැත" කියලා. මේ ප්රකාශයෙනුත් බුද්ධ ශ්රාවකයින්ගෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ මොන විදිහේ දෙයක්ද කියලා හොදින් පැහැදිලි වෙනවා.

ඒත් සෑම භික්ෂූන් වහන්සේ නමක්ම මේ බුද්ධ වචනය අනුව යමින් කටයුතු කරන අවස්ථා දකින්න ලැබෙන්නෙ නෑ. මේ කියන්න යන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අනුව යමින් රට, ජාතිය, ආගම සහ භාෂාව කියන උතුම් රත්නයන් හතරටම එක හා සමාන සේවාවක් කරපු උතුම් බුද්ධ පුත්‍රයෙක් ගැනයි. උන්වහන්සේ නමින් මැදවෙල ගුණානන්ද හාමුදුරුවො. ඒත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ බදුල්ලේ ගුණානන්ද හාමුදුරුවො කියලා.
මේ නායක හාමුදුරුවො උපත ලබන්නෙ හිදගොඩගෙදර වලව්වේ ජයසේකර මුදියාන්සේලාගේ බණ්ඩාර ආරච්චි සහ රාජපක්ෂ මුදියාන්සේලාගේ ඩිංගිරි අම්මා කුමාරිහාමි කියන මා පිය දෙපලට දාව 1881 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 27 වෙනිදා. උන්වහන්සේ මැදවෙල ශ්‍රී ජිනජෝතිකාරාමාධිපතිව වැඩ වාසය කරපු දෙළුම්ගහවත්තේ ශ්‍රී ගුණරතන හාමුදුරුවන්ගෙන් පැවිදි බව ලබා ගන්නවා. ඒ, වයස අවුරුදු 13දි, 1894 අවුරුද්දෙ නොවැම්බර් මාසයේ 29 වෙනිදා වගේ දවසකයි. කුඩා කාලයේ ඉදලම උන්වහන්සේට සිංහල, ඉංග්‍රීසි භාෂාවන් ගැන හොද දැනුමක් තිබිලා තියෙනවා.
පැවිදි ජීවිතයට ඇතුළත් වුණායින් පස්සෙ තමන්ගේ ගුරු හාමුදුරුවන් වුණු දෙළුම්ගහවත්තේ ශ්‍රී ගුණරතන හාමුදුරුවන්ගෙන් ධර්ම විනය ඉගෙන ගන්න මැදවෙල ගුණානන්ද හාමුදුරුවන්ට 1900 අවුරුද්දේ අගෝස්තු මාසයේ 8 වෙනිදා විදුරුපොල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ බද්ධ සීමා මාලකයේදී උපසම්පදාව ලබා ගන්න වාසනාව හිමි වෙනවා.

ගුණානන්ද හාමුදුරුවන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන්නේ පානදුරේ සද්ධර්මාකර පිරිවෙණින්. ඊට පස්සෙ වැඩිදුර අධ්‍යාපනය සදහා කොළඹ විද්‍යෝදය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. 19 වන සියවසේදී අපේ රටේ ඇති වුණු සිංහල බෞද්ධ ප්රබෝධයේ පළවෙනි වෙඩිමුරය පත්තු කරපු කිහිපදෙනා අතර හිටපු හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන්ගෙන් අධ්‍යාපනය ලබන්න තරම් ගුණානන්ද හාමුදුරුවන් භාග්‍යවන්ත වෙනවා.
ඊට අමතරව මහගොඩ ශ්‍රී ඥානෙශ්වර නායක හාමුදුරුවන්ගෙනුත් අධ්‍යාපනය ලබනවා. බුද්ධ ධර්මයටම සීමා නොවුණු උන්වහන්සේ මේ කාලය තුළ සිංහල, පාලි, සංස්කෘත, ඡන්දාලංකාර, ව්‍යාකරණ එහෙමත් ඉගෙන ගන්නවා. |
අධ්‍යාපනය අවසන් කළායින් පස්සෙ ගුණානන්ද හාමුදුරුවන්, තමන් වහන්සේගේ ඉතිරි ජීවිත කාලයම සම්පූර්ණ වශයෙන් ශාසනික වැඩ කටයුතු වෙනුවෙන් කැප කරනවා. බදුල්ලේ ශ්‍රී සුධර්මාරාමය, කීරියගොල්ලේ ශ්‍රී සුදර්ශනාරාමය, වේවැල්හින්නේ ශ්‍රී සුගතාරාමය, හැතප්මේ තපෝධනාරාමය, කළුබෝවිල ශ්‍රී සුදර්ශනාරාමය වගේ විහාරස්ථාන රාශියක් පිහිටුවන්න උන්වහන්සේට හැකියාව ලැබෙනවා. රට පුරාම මේ වගේ විහාරස්ථාන අලුතින් පිහිටුවන ගමන්ම බදුල්ලේ ශ්‍රී ගුණාලංකාර, කීරියගොල්ලේ ආරියවංස, මැදවෙල පියදස්සි, බදුල්ලේ සුගතඤාන, කීරියගොල්ලේ සුගතනන්ද වගේ ශාසනාභිවෘද්ධියට හිතැති උගත් බුද්ධිමත් පැවිදි පරපුරක් බිහි කරන්නත් උන්වහන්සේ අමතක කරන්නෙ නෑ.
1939 අවුරුද්දෙදි බළංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගෙන් ථේරසම්මුති ප්‍රදානයෙන් පිදුම් ලබන ගුණානන්ද හාමුදුරුවන් 1955 අවුරුද්දෙ මැයි මාසයේ 23 වෙනිදා උඩරට අමරපුර සාමග්රි සංඝ සභාව පිහිටුවන්න මූලිකත්වය ගන්නවා. ඊට පස්සෙ සංඝ සභාවේ මහා නායක හාමුදුරුවන් විදිහටත් කටයුතු කරනවා.

මැදවෙල ගුණානන්ද හාමුදුරුවො, කරගහ උල්පොත රජයේ විද්‍යාලයේ ආදිකතෘවරයාණන් වහන්සේ නමක්. තමන්ගේ ආරාමයේ දහම් පාසලක් පිහිටුවන්නත්, ඊට පස්සෙ පන්සල මූලික කරගත්තු දිනපතා පන්සල් පාඨශාලාවක් පිහිටුවන්නත් උන්වහන්සේ මූලිකත්වය ගන්නවා. දවසින් දවස දියුණු වුණු මේ ආයතනවල ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුරුවරු සංඛ්‍යාව සීඝ්රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සෙ මේ පාඨශාලාව රජයට පවරන්න ගුණානන්ද හාමුදුරුවන් තීරණය කරනවා.
මේ විදිහට ජාතිකවූත් ශාසනිකවූත් වැඩ කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ අවුරුදු 90ක් ආයු වළදලා 1969 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා දායකකාරකාදීන් ශෝ සයුරේ ගිල්වමින් අපවත් වෙනවා.
මේ විදිහට ජාතිකවූත් ශාසනිකවූත් වැඩ කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ අවුරුදු 90ක් ආයු වළදලා 1969 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා දායකකාරකාදීන් ශෝ සයුරේ ගිල්වමින් අපවත් වෙනවා.
මැදවෙල ගුණානන්ද හාමුදුරුවන් ගැන, එහෙමත් නැත්නම් බදුල්ලේ ගුණානන්ද හාමුදුරුවන් ගැන මේ විදිහට ලිපියක් ලියන්න අදහස් කළේ විශේෂ හේතුවක් නිසා. ඒ ගුණානන්ද හාමුදුරුවන් සහ අපි අතර තියෙන ඥාතීත්වයයි. ගුණානන්ද නායක හාමුදුරුවන් සහ අපි අතර තියෙන ඥාති සම්බන්ධතාවය ගැන මුලින්ම හෙළිදරව් කළේ සමරකෝන් මාමා. ගුණානන්ද හාමුදුරුවො කියන්නෙ මගේ තාත්තගෙත් සීයාගේ, ඒ කියන්නෙ මගේ මුත්තාගෙ අයියා. මාමා තමයි ලිපියට අවශ්‍ය කරන හැම විස්තරයක්ම හොයලා දුන්නෙ. ලිපියේ දාලා තියෙන නායක හාමුදුරුවන්ගෙ කළු සුදු පින්තූරත් සමරකෝන් මාමා ගත්තු පින්තූරය.
ඒ වගේම නායක හාමුදුරුවන්ගේ අපවත්වීම වෙනුවෙන් 1969 අප්‍රේල් 29 වෙනිදා දිනමිණ පත්තරෙන් පල කරපු උන්වහන්සේගේ ජීවිත කතාව ඇතුළත් ලිපිය, උන්වහන්සේගේ අපවත්වීම ගැන ප්‍රසිද්ධ කරපු නිවේදන පත්‍රිකාව එව්වෙත් සමරකෝන් මාමාම තමයි. මගේ මුත්තාගෙ ආදාහන උත්සවයට සම්බන්ධ පින්තූරත් සමරකෝන් මාමා ගත්ත පින්තූර.
මේ ලිපියේ සදහන් කරලා තියෙන ගුණානන්ද නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් වුණු බදුල්ලේ ගුණාලංකාර හාමුදුරුවන් කියන්නෙත් අපේ ඥාතියෙක්. ඒ කියන්නෙ මගේ මුත්තාගෙ අක්කගෙ පුත්‍රයෙක්. එතකොට ඥාතීත්වය අතින් ගුණානන්ද හාමුදුරුවෝ, ගුණාලංකාර හාමුදුරුවන්ගේ මාමා කෙනෙක් වෙනවා. උන්වහන්සේත් ගුණානන්ද හාමුදුරුවන් වගේම රට දැය සමය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරපු උගත් හාමුදුරු නමක්. උන්වහන්සේගේ අපවත්වීම වෙලා තියෙන්නෙ එන්නතක් වැරදිලා. අපේ අරමුණ වුණේ උන්වහන්සේ ගැනත් ලිපියක් ලියන්න. ඒත් අවාසනාවකට වගේ උන්වහන්සේ ගැන තොරතුරු හොයාගන්න අපි ළග තිබුණු එකම සම්පතත් නැති වුණා. ඒ තමයි අපේ තාත්තාගෙ ලොකු අම්මා. තවත් විදිහකින් කිව්වොත්, මගේ ආත්තම්මාගේ වැඩිමහල් සහෝදරිය. බදුල්ලේ ගුණාලංකාර හාමුදුරුවන් ගැන විස්තර හොයන්න, ඒ දවස්වල ආත්තම්මා ගොඩක් මහන්සි |
වුණා. පන්සල් ගාණෙ ඇවිද්දා. පොත්පත් කියෙව්වා. ඒත් ඔක්කොම තොරතුරු හොයාගෙන, ඒවා එකට ගලපගන්න කලින් තමයි ආත්තම්මා නැතිවුණේ. "දනාගෙ පලා මල්ලෙ" හොදම පාඨකයා නැති වෙන අතරෙම, අනිත් පැත්තෙන් අපිට අපේ මුළු පරම්පරාවම නැති වුණා කියලා දැනුණා. අපේ පරම්පරාවේ ඉතිහාස කතා ගැන අහගන්න හිටියෙ මේ ආත්තම්මා විතරයි. ඒ විස්තර ඔක්කොමත්, ආත්තම්මා එක්කම නැති වුණා. ඒක එදා මෙදා තුර අපි හැමෝටම වුණු ලොකුම ලොකු පාඩුවක්.