මා දුටු ජූලි 09
2015 වසරේ බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ යහපාලන රජය පිළිබඳව අප රටේ පුරවැසියන්ගේ සිත් තුළ තිබුණු පැහැදීම කල් යත්ම කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබූ දෑ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමයි. කොටින්ම කියතොත් දින 100 ක්ෂණික වැඩපිළිවෙලෙහිද ලැයිස්තු ගත කර තිබූ සියල්ලද සම්පූර්ණ ලෙස ඉෂ්ඨ කිරීමට යහපාලන රජය අපොහොසත් විය.
කල් යත්ම ඊට පෙර පැවති රජයේ භෞතික සංවර්ධන ක්‍රියාවලීන් නතර කිරීම, වැඩ අවසන් කළ ඇතැම් භෞතික සංවර්ධන කටයුතු වලට හානි පැමිණවීම සහ අත් හැර දැමීම, ජනාධිපතිවරණයේදී හොරු යැයි චෝදනා එල්ල කළ තමන්ගේම ප්‍රතිවාදීන්ට ආණ්ඩුවේ තනතුරු පිරිනැමීම, මහ බැංකු බැදුම්කර වංචාව, මාධ්‍යය ඉදිරියේ කියූ බොහෝමයක් ප්‍රකාශන පසුකාලීනව තමන් එසේ ප්‍රකාශ කළ බව මතක නැතැයි කීම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරේ ඇති වූ මත ගැටුම් සහ සීතල යුද්ධ, මැති ඇමතිවරුන්ගේ පදනම් විරහිත බුද්ධි හීන ප්‍රකාශන, පෙර රජයේ දඩුවම් ලැබිය යුතු පුද්ගලයන්ට නීතිමය ක්‍රියා මාර්ග නොගැනීම, ජනාධිපතිවරයාගේ කැමතිම ප්රකාශනයක් වූ "මම මේක දැන ගත්තෙත් පත්තරෙන්" යන ප්‍රකාශය වැනි දෑ උදාහරණ ලෙස ගත හැක.

එහි උච්ඡතම අවස්ථාව පාස්කු බෝම්බ ප්‍රහාරය ලෙස නම් කළ හැක. ඊට හේතුව වූයේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් රතු නිවේදන 100ක් පමණ නිකුත් කර තිබුණත්, ආරක්ෂක ලේකම් ඇතුළු රජයේ ඉහළ තනතුරු දැරූවන් ඒ පිළිබඳව තැකීමක් නොකර සිටීමයි.
එහි ප්‍රතිපලය වූයේ මීට පෙර අප රටේ අති බහුතරය විසින් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ යුගයක්, 2019 ජනාධිපතිවරණයේදී නැවතත් උදාවීමයි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්වරයා ලෙස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස යමක් කළ බැවින්ද, ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ අප රටේ ජනාධිපතිවරයෙකු ලෙස යම් මෙහෙවරක් සිදු කළ බැවින්ද අප රටේ බහුතරයක් දෙනාගේ පැතුම වූයේ යහපාලන රජයේ අසාර්ථකත්වයන් නැවත නිවැරදි කර, සාර්ථකත්වයක් කරා, නොඑසේ නම් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යා හැකි බවයි.

රට, ජාතිය, ආගම පෙර දැරිකරමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳව අප රටේ බහුතරයක් ජනතාව මුල් මාස කිහිපයේ පැහැදීමෙන් සිටි බව නොරහසකි. ඊට හේතූ සාධක ලෙස විවිධ රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු වලට සිදු කළ හදිසි කඩා පැනීම් මෙන්ම, පළමු කෝවිඩ් රැල්ල අතිසාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වීම නම් කළ හැක.
නමුත් කෙමෙන් කෙමෙන් යහපාලන රජයටත් වඩා අන්ත ලෙස පාලන කටයුතු සිදු කිරීම සහ තීන්දු තීරණ ගැනීම ඇරඹීමත් සමඟ අප රටේ ජනතාවට ගෝඨාභය ජනාධිපතිවරයාව ඉක්මණින් එපාවිය. 2015 වසරේ පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව, සමස්ථ ජනතාවම ප්‍රතික්ෂේප කිරීමට වසර හතරක් පමණ ගත වූවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව නීරස වීමට සහ අසාර්ථක යැයි නිගමනයන් වලට එළඹීමට ගත වූයේ මාස 8ක් වැනි සුළු කාලයකි.

ගෝඨාභය රාජපක්ෂ චරිතය මා හට අප්‍රියජනක වූයේ 2020 වර්ෂයේ ජූලි මාසය තුළයි. මීට හේතුව වූයේ පළමු රැල්ල සේම, ඉතාමත් සූක්ෂම සහ ක්රමානුකූල ලෙස කෝවිඩ් දෙවෙනි රැල්ල පාලනය කිරීමට හැකියාව තිබියදී සුදුසු කල, සුදුසු ලෙස තීන්දු තීරණ නොගෙන, ඉතාමත් මන්දබුද්ධික ලෙස කෝවිඩ් දෙවෙනි රැල්ල පැතිරීමට ඉඩ හැරීමයි. එහි ප්‍රතිපලය වූයේ 16,000කට අධික ප්‍රමාණයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස මිය යෑමයි. එමෙන්ම 665,000ක් පමණ පිරිසක් රෝගයට ගොදුරු විය.
ඉන්පසුව මරණ දඩුවම් ලැබූ අයට ජනාධිපති සමාව ලබා දීම්, නැවතත් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කිරීම, වංචා සහ දූෂණ, මහා බැංකු බැදුම්කරය සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව අංශු මාත්‍රයක තරම්වත් විමර්ශනයක් නොකිරීම, හිතවත්කම් මත වැට් බදු ඉවත් කිරීම්, කාබනික පොහොර භාවිතය සඳහා ක්ෂණික පරිවර්තනය, ගැසට් එළිදැක්වීම් සහ අවලංගු කිරීම්, භාණ්ඩ හා සේවා වල මිළ ගණන් හතර පස් ගුණයකින් ඉහළ යෑම්, රාජපක්ෂ පවුල් ගස වර්ධනය වීම සහ ඒ අයට තනතුරු පිරිනැමීම්, රාජ්‍ය දේපල අවභාවිතය, ගෑස් සිලින්ඩර පිපිරීම්, ගෑස් හිගයන්, ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන හිගයන්, ආනයන සීමා කිරීම්, පැය 15 විදුලි කප්පාදු කාලසටහන්, මැති ඇමතිවරුන්ගේ මන්ද බුද්ධික ප්‍රකාශන, දැරිය නොහැකි ණය බර, රැකියා වියුක්තිය, ආයෝජන නැති වීම, බෙහෙත් හිග වීම, පෝලීම් වල මිනිසුන් රෝගාතුර වීම හෝ මිය යෑම, බෙහෙත් හිගයන් හේතුවෙන් මිනිසුන් මිය යෑම, ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතරේ ගැටුම් නිර්මාණය වීම ආදී වශයෙන් පිටු ගණන් ලැයිස්තු ගත කළ හැකි බොහෝ ඛේදනීය දෑ සිදුවිය.

ඉන්පසුව ජනාධිපතිවරයාට එරෙහිව රට පුරා විරෝධතා මතු වන්නට විය. ඒ අතර විවිධ රැකියා ක්ෂේත්‍ර වල ඉල්ලීම් දිනා ගැනීමේ විරෝධතා, විපක්ෂයන්හී යටි අරමුණු සහිත විරෝධතා මෙන්ම සිවිල් පුරවැසියන් විසින් සංවිධානය කළ සාමකාමී විරෝධතාද විය. පෙබරවාරි මාසයේ මුල් සතියේ සිට මාර්තු මාසයේ අග දක්වා සෑම රාත්‍රියකම කොහුවල මංසන්ධියේ පැවත්වූ නිහඬ විරෝධතාවය ඊට කදිම නිදසුනකි.
මේ සියල්ලේම ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය, 2022 මාර්තු 31 වන දා රාත්‍රියේ සටහන් විය. එය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ දීර්ඝතම රාත්‍රිය ලෙසද නම් කළ හැක. අප රටේ බහුතරයක් රාජපක්ෂලාගෙන් සැදුම්ලත් නව රජයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන්නද, රාජපක්ෂ පවුලේ කිසිදු සාමාජිකයෙක්ට එරෙහිව සමාජ මාධ්‍යය හරහා ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන වලින් පහර දීමට ගියේ නැත. ඊට හේතුවද නොරහසකි. නමුත් ඉන්පසුව සියලුම දෙනා සමාජ මාධ්‍යන් වල තමන්ගේ ගිණුම් වල කළු කොඩි ප්‍රදර්ශනය කළ අතර බොහෝමයක් පිරිස් රාජපක්ෂ පවුලට එරෙහිව අසභ්‍ය වචන වලින් ශාප කිරීම ආරම්භ කළෝය.

රාජපක්ෂ පවුලට එරෙහිව අතක් එසවීම සිහිනයක් යැයි සිතූ බොහෝ දෙනෙක්, මාර්තු 31 වන දින වූ සිදුවීමත් සමඟ නින්දෙන් අවදි විය. විශේෂයෙන්ම විචාර පූර්වකව කල්පනා කළ හැකි, නිර්පාක්ෂික මධ්‍යස්ථ තරුණ ප්‍රජාව... ඉන්පසුව රට පුරා සෑම ප්‍රධාන නගරයකම උද්ඝෝෂණ සංවිධානය වූයේ නිසි සැලසුම් වලට අනුකූලවයි.
ඒ අතරේ සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ පිරිස් ජාතිය පුබුදුවාලීමේ වැඩසටහන් සහ වීඩියෝ එළි දක්වන්නට විය. එම නිසා මමද ඊට සමගාමීව වීඩියෝ මාලාවක් රැගෙන ඒමට තීරණය කළෙමි.
එහි පළමු වීඩියෝව වූයේ අපේ වගකීම වීඩියෝවයි. එහිදි මා ප්‍රධාන ලෙස මාතෘකා දෙකක් පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කළෙමි. පළමු වැන්න නම් තාරුණ්‍යයේ සිත් පුබුදුවාලීම සහ තාරුණයින් ලෙස මෙම අරගලයට සහාය දැක්වීමට අපට ඇති ක්රමවේදයන්ය. බොහෝමයක් තරුණයින් අරගලය වෙත කායික ශ්‍රමය ඔස්සේ දායකත්වයක් ලබා දුන්නද, කායික ශ්‍රමය ලබා දීමට නොහැකි තරුණ තරුණියන් හට මානසික ශ්‍රමය ඔස්සේ දායකත්වයක් ලබා දිය හැකි ක්‍රමවේද පිළිබඳව මා ඉදිරිපත් කළෙමි.
අන් අයගේ වීඩියෝ වල ඒ සෑම අයෙකුම අරගලයක් තුළින් දූෂිත දේශපාලුවන් පන්නා දැමීම පිළිබඳව සාකච්ඡා කළද, පුරවැසි වගකීම් සහ යුතුකම් පිළිබඳව එම වීඩියෝ තුළ ගැබ් වූයේ නැත. මාගේ දෙවෙනි මාතෘකාව වූයේ පුරවැසියන් ලෙස අපට ඇති වගකීම් සහ යුතුකම්, සාරධර්ම සහ ආකල්ප වර්ධනය, භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම පිළිබඳවයි.

ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ පරිපාලන ඒකකය, ගුරු සංගම්, ආදි ශිෂ්‍ය සංගම් දිවා රෑ නොබලා වැඩ කළ බවද නොරහසකි. ඉන් 99% දෙනා ඔහු එම පාසලේ ආදි ශිෂ්‍යයෙක් වීම හේතුවෙන් ඔහුව දිනවීම සඳහා කටයුතු කළද….. ප්‍රතිපත්ති ප්රකාශනයන්, ඇවතුම් පැවතුම්, ගෝඨාභය චරිතයේ ඉතිහාසය, ජනාධිපතිවරයෙකු ලෙස පත් වූ පසුව ඇති වන යහපත් හෝ අයහපත් තත්වයන් පිළිබඳව තැකීමක් කළේ නැත.
එබැවින් මාගේ දෙවන වීඩියෝව වෙන් වූයේ තමන්ගේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ පමණින් කෙනෙක්ව ඔසවා රජ පුටුවේ තැබීමෙන් තමන්ටත්, තමන්ගේ පාසලටත් අත් වන ඉරණම පිළිබඳවයි.

මේ කාලය තුළ අරගලය ගාලු මුවදොර පිටියට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම ඉතාමත් ශක්තිමත් ලෙස සහ සංවිධානාත්මක ලෙස නිර්මාණය විය. ඊට රට වටින් විවිධ පිරිස් පැමිණි අතර සියල්ලෝම වැඩ මුර පටිපාටිය අනුව එහි ලැගුම් ගත්තෝය. රට පුරා ප්‍රධාන නගර වලද ගෝටාගෝ ගම් නිර්මාණය වීම ඇරඹිනි.
"අපි Update වෙමු" වීඩියෝව එළිදැක්වීමට මා හට අවස්ථාව ලැබෙන්නේ මේ කාලය තුළයි. තරුණ ප්‍රජාව දේශපාලන විෂය කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි? යන ඉතාමත් ගැඹුරු මාතෘකාවට සරල පිළිතුරක්, එක් විනාඩියක් තුළ මා එම වීඩියෝව හරහා ගෙන ආවෙමි. එම වීඩියෝව තවමත් සමාජය තුළ සංසරණය වෙමින් තිබෙනු දැකීම ඉතාමත් සතුටට කරුණකි.

විවිධ හේතූන් මත අරගලය සඳහා කායිකව දායකත්වයක් ලබා දීමට නොහැකි වූවද මේ අයුරින් මානසික ශ්‍රමයෙන් දායකත්වයන් අඛණ්ඩව ලබා දුන්නෙමි. එමෙන්ම ජනතාව පුබුදු කරලීම සඳහා විවිධ අයුරින් Graphic නිර්මාණ කටයුතු රාශියකට eLearning.lk ආයතනය සමඟ දායකත්වය ලබා දුන්නෙමි.
සමාජ මාධ්‍යන් වල විවිධ පින්තූරු, ලිපි, වීඩියෝ සඳහා විනයානුකූලව මාගේ අදහස් Comment කිරීමටත්, විශේෂයෙන් විවිධ කාලීන සිදුවීම් පිළිබඳව Facebook ඔස්සේ කුඩා සටහන් (Status) ලිවීමටත් ක්‍රියා කළෙමි. එමෙන්ම වර්තමාන අර්බුදය පිළිබඳව ඉතිහාසයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් පිළිබඳව ලිපි මාලාවක් රචනා කරන අතරෙ වාර්තාමය වැඩසටහන් රාශියක්ද නිෂ්පාදනය කළෙමි.
මේ ඔස්සේ මාගේ ප්‍රධානතම අරමුණ වූයේ මානසික ශ්‍රමයෙන්ද අපට බොහෝ දෑ කළ හැකි බව, කායික ශ්‍රමය ලබා දීමට නොහැකි අය වෙත ඒත්තු ගැන්වීමයි. එමෙන්ම තරුණ තරුණියන් හට තර්ක විතර්ක හරහා විචාරවත් සහ බුද්ධිමත් ලෙස යම් යම් දෑ පිළිබඳව සිතන්නට සැලැස්වීමත්, යම් දැනුමක් ලබා දීමත්, උත්තේජනයක් ලබා දීමත් අනෙකුත් අරමුණු විය.

බොහෝමයක් දෙනා අප වැන්නවුන් උපහාසාත්මක ලෙස Keyboard වීරයන් ලෙස හඳුන්වති. ඒ පිළිබඳව කිසිදු කණගාටුවක් නැත. ජනමාධ්‍යය යන සුන්දර වචනය අද වන විට ජඩ මාධ්‍යය ලෙස පරිවර්තනය වී හමාරය. දේශපාලඥයා, දේශපාලුවා වී හමාරය...... ඒ ආකාරයෙන්ම පහත් ලාමක පවිටු ඡේතනා වලින් යුක්තව, මුදල් සහ යටි අරමුණු සහිතව, අවිචාරවත් ලෙස, අසික්කිත ලෙස ලිවීමේ සහ නිර්මාණකරණයේ යෙදෙන්නන් කෝටි ප්‍රකෝටි ගණනක්... වදුරාට දැලි පිහිය ලැබුණා සේ එළි බැස ඇත.
මෙම අර්බුදයේ මීළග හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ 2022 මැයි මස 09 වන දිනය. ඒ, මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින් විසින් අග්‍රමාත්‍ය සහ ජනාධිපති කාර්යාල ඉදිරිපිට තිබූ සාමකාමී අරගල භූමි වෙත අමානුෂික ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි. පැය කිහිපයක් ගිය පසු එම ප්‍රහාරය, ප්‍රහාරයට සහභාගී වූවන්ට සහ ප්‍රහාරය මෙහෙය වූ අයට ආපසු කැරකී දෙගුණ තෙගුණ වී වැදී ගිය අයුරු අපි දනිමු. එහි ප්‍රතිපලයක් ලෙස මහින්ද රාජපක්ෂ සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. එය එක්තරා ආකාරයකට "හැමදේම වෙන්නෙ හොඳටයි" යන කියමන සනාථ වීමකි. අරගල භූමි වලට එම ප්‍රහාරය එල්ල නොවන්නට, මහින්ද රාජපක්ෂ තවත් කාලයක් එම ධූරයේ සිටීමට නියමිතව තිබිණි.

එය මෑත කාලීන ලංකා ඉතිහාසයේ දෙවෙනි දීර්ඝතම රාත්‍රිය විය. ආරක්ෂක අංශ, සාමකාමී ජනතාව සමඟ සිටගන්නවා වෙනුවට ආණ්ඩු ප්රක්ෂයේ ප්රචණ්ඩකාරීන්ව ආරක්ෂා කිරීමට ඊට ප්‍රධාන හේතුවයි. එබැවින් එදින උදෑසන ඇති වූ ගැටුම පසු දින උදෑසන වන තුරුද පැවතිනි. 2022 මැයි 09 යනු සිත තුටින් නින්දට යෑමට කිසිසේත්ම නොහැකි වුණු දිනයකි. පසුදින උදෑසන 3.00ට පමණ මා ක්ෂණික වැඩසටහනක් රූගත කළෙමි.
ඒ, මැයි 09 වන දින සිදු වූ සිදුවීමෙන් පසුව අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරදීම උදෙසාය. ඒ සඳහා මා ක්ෂණිකව තෝරාගත් ලංකා ඉතිහාසයේ සිදුවීම් කිහිපයක් පිළිබඳව විස්තර ගෙන ආවෙමි.
ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 2,500කට සීමා වුවද, මානව ශිෂ්ටාචාරයේ ඉතිහාස කතාව මීට වසර 150,000කට පෙර කාලයකට දිව යයි. ඉතිහාසය නැවත නැවත සිදුවේ යන කියමන ඉතා සත්‍යයක් බව ඉතිහාසය අධ්‍යනය කරන්නවුන් දනියි. ඉතිහාසයෙන් අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැක. ඒ ඔස්සේ අපට වර්තමානය සහ අනාගතය පිළිබඳව ඉතාමත් බුද්ධිමත්ව තීන්දු තීරණ ගත හැක. එහෙත් එසේ නොවීම සමස්ථ ජාතියේම අවාසනාවකි. මේ සා දීර්ඝ ඉතිහාසයකින් පවා පාඩම් ඉගෙනීමට අප අපොහොසත් වී ඇත.

ජූනි මස 09 වන විට බැසිල් රාජපක්ෂ ඉවත් විය. එයද මේ කාල සීමාවේ ප්‍රධාන සන්ධිස්ථානයකි. මීළග සන්ධිස්ථානය පැමිණෙන්නේ ජූලි 09 වන දින බව ඔබත් මමත් හොඳින් දනිමු.
කෙමෙන් කෙමෙන් ජූලි මස 08 වන දින උදාවිය. 2022 ජූලි මස 08 වන දින, මෑත කාලීන ලංකා ඉතිහාසයේ තුන්වන දීර්ඝතම රාත්‍රිය ලෙස හැදින්විය හැක. ඒ, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 90% ක් වූ පුරවැසියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය ධූරයෙන් ඉවත් වීමට ලබා දුන් අවසාන දිනයයි. ජූලි මස 08 වන දින සවස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ උද්ඝෝෂණ ව්‍යාපාරය සහ පා ගමන Galle Face පිටියට ළගාවිය. ඉන්පසුව Galle Face අරගල භූමියේ සිටි, එමෙන්ම අප රටේ සෑම ප්‍රදේශයකම විසිරී පැතිරී සිටින, යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින දකින සියලු දෙනා, පසු දින උදාවන තුරු දැඩි අවදානයෙන් බලා සිටියෝය. 2022 ජූලි 09 වන දින උදෑසන 12.00 සිට බලපවත්වන පරිදි කොළඹ ප්‍රදේශ ගණනාවක ප්‍රකාශයට පත් කරන ලද හදිසි ඇදිරි නීතිය, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුව ආරක්ෂා කරන ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද අවසාන තුරුම්පුව ලෙස සැලකිය හැක.
මෙතෙක් කල් මානසික ශ්‍රමය ලබා දෙමින් සිටි මා හටද පසුදින පැවැත්වීමට නියමිත සාමකාමී අරගලය උදෙසා කායික ශ්‍රමය ලබා දීමේ බලවත් සිතුවිල්ලක් ඇති විය. එනමුත් මෙම ඇදිරි නීති තත්වය හේතුවෙන් එම සිතුවිල්ල යම් ආකාරයකට සෘණාත්මක තත්වයකට පැමිණි අතර මෙම පා ගමන් සඳහා සහභාගි වනවාද? එසේත් නොමැති නම් නිවසේ රැඳී සිටිනවාද? යන්න පසුදින උදෑසන තීරණය කිරීමට සිතුවෙමි.

අනෙකුත් දින වල උදෑසන 9:30, 10.00 පමණ වන තුරු නිදා ගැනීම සාමාන්‍යය සිරිත වූවත් එදින හිමිදිරි උදෑසන මා අවදි වූයේ, මෙම කටයුත්ත සඳහා තිබෙන උද්වේගය නිසාය. එදින පොලීසිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇදිරිනීතිය වලංගු ඇඳිරි නීතියක් නොවන බවට ඒ වන විට හෙළි වී තිබූ අතර පොලීසිය විසින් එම ප්‍රකාශය නැවත හකුලාගෙන තිබිණි. එම නිසා ප්‍රචණ්ඩත්වයෙන් තොරව, සාමයට යටත්ව උද්ඝෝෂණය කිරීමේ අයිතිය මහජනතාවට හිමිවිය.
ගාලු මුවදොර පිටිය වෙත යෑමට මා හට විශාල ආශාවක් තිබුණත් එම ආශාව නිෂ්ප්රභා කරන විශාල බාධක කිහිපයක් විය. ප්‍රධානතම බාධකය නම් දින කිහිපයක් පුරාවට උණ රෝගය සෑදීම හේතුවෙන් ඉතාමත් අපහසුවෙන් සිටීමයි. ජූලි 09 වන දින වන විට උණ රෝගය සුව වී තිබුණත්, ක්ෂණිකව ඇති වී විනාඩි ගණනක් යනතුරු ඇතිවන නොනවතින කැස්සත්, හිසරදයත්, ශරීරයේ උදාසීන බවත්, සෙම්ප්‍රතිශ්‍යාවත් තිබිණි.
දෙවන බාධකය නම් මේ සදහා මාත් සමඟ සහභාගිවීමට මිතුරෙක් නොසිටීමයි. උවමනාව ඇති සියලුම මිතුරන් ඒ වන විටත් ගාලු මුවදොර පිටියේ සිටි අතර ඇතැමුන් ඒ වනවිටත් පා ගමනින් පිටත් වීම ආරම්භ කර තිබිණි.
තුන්වන බාධකය නම් ගාලු මුවදොර පිටිය වෙත යෑමට ප්‍රවාහන පහසුකම් නොතිබීමයි. මා හට තිබූ එකම විකල්පය නම් පාගමනින්ම ගාලු මුවදොර පිටිය වෙත යෑමයි. මා හට ගාලු මුවදොර පිටිය වෙත පාගමනින් යෑමට ශක්තියක් නොමැති බව මා හොඳාකාරව දැන සිටියෙමි. ඊට හේතුව නම් 2008 වර්ෂයේ සිට අඛණ්ඩව මාගේ වම් පාදයේ පවතින ඉතාමත් දරුණු ආබාධිත තත්වයයි. එම තත්ත්වය මත නොනවත්වා විශාල දුරක් ඇවිදීම අපහසු වන අතර මා විසින් එය පරික්ෂා කර තිබුණේ උපරිම කිලෝමීටර් හතරක දුරක් පමණි. එනමුත් අප නිවසේ සිට ගාලු මුවදොර පිටිය වෙත ආසන්න වශයෙන් කිලෝ මීටර් 15ක දුරක් ඇත. එම නිසා ගාලු මුවදොර පිටිය වෙත නොයා, ආසන්නතම මංසන්ධියක පැවැත්වෙන කෙටි උද්ඝෝෂණයකටවත් සහභාගිවී වීමට තීරණය කළෙමි.

Video Credits - Sanjaya Elvitigala
එහෙත් මංසන්ධි ආශ්‍රිතව වෙසෙන මිතුරන්ගෙන් මා දැනගත් පරිදි ඒ ආශ්රිත කිසිදු උද්ඝෝෂණයක් තිබුණේ නැත. උදෑසන තිබූ උද්ඝෝෂණයන්ද, ඒ හරහා කොළඹ දෙසට ඇදෙන ප්‍රධාන රැළි වෙත එකතු වී තිබිණි.
කර කියා ගත නොහැකි වූ තැන උදෑසන සිට දහවල වන තුරු සමාජ මාධ්‍ය ඔස්සේ සහ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කෙරෙන සජීවී දර්ශන මා නරඹමින් සිටියෙමි. දහවල් 12:30 වන විට මා පාරට බැසීමට තීරණය කළෙමි.
ඒ ගාලු මුවදොර පිටියට යෑමට නොව, අසල ඇති මංසන්ධි වල උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කෙරෙනවාද යන්න මා විසින්ම සොයා බලා, එවැන්නක් දුටුවොත් ඒ සඳහා සහභාගි වීමටයි. මාගේ ගමන් මාර්ගය වූයේ නිවසේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හරහා විජේරාම මංසන්ධියට පිවිස නුගේගොඩ මංසන්ධිය වෙත යෑමයි. නුගේගොඩ මංසන්ධිය වෙත පැමිණ එම මංසන්ධියේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොතිබුනොත් නැවතත් නුගේගොඩ මංසන්ධියේ සිට කොහුවල මංසන්ධිය වෙත පැමිණ, ඒ හරහා බොරලැස්ගමුව මංසන්ධිය වෙත ගමන් කර, ඒ ආසන්නයේ තිබෙන අප නිවස කරා නැවත පැමිණීමයි.
දහවල් 1.30, 2.00 පමණ වන විට අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගත්තෝය. ඒත් සමගම තවත් බලා සිටීමෙන් පලක් නොමැති නිසා මමද බෑගයට වතුර බෝතල් දෙකක්, ලේන්සු පහක්, තොප්පියක්, මයික්‍රොෆෝනයක්, ජංගම දුරකථනය, මුඛ ආවරණ කිහිපයක්, පැනඩෝල් පෙති වැනි ඖෂධ වර්ග ආදී වශයෙන් අත්‍යාවශ්‍ය විය හැකිය යැයි සිතෙන දේවල් ගණනාවක් දමාගෙන පෙර සැලසුම් කළ පරිදි නුගේගොඩ මංසන්ධිය වෙත යෑමට නිවසෙන් පිට වූයෙමි.

පෙර කීවා සේම පාදයක පවතින ආබාධිත තත්වය හේතුවෙන් මා හට ඇවිදිය හැකි උපරිම දුර කිලෝ මීටර හතරක් ලෙස මා පරික්ෂා කර තිබිණි. නමුත් මා අදහස් කරමින් සිටින සංධිස්ථානය වෙත යෑමට සහ ඉන්පසුව නැවතත් නිවස බලා පැමිණීමට ආසන්න වශයෙන් කිලෝ මීටර නමයක දුරක් තිබේ. එම නිසා මම ඉතාමත් ඉබි ගමනින් ගමන ආරම්භ කළෙමි. නිවසේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුකරමින් විජේරාම මංසන්ධිය වෙත ගමන් කරන තුරුත් ආසාවටවත් මිනිස් පුළුටක් හෝ වාහනයක් දක්නට තිබුණේ නැත. සියලුම පාරවල් ජන ශූන්‍ය වී තිබේ. එය මේසා දුරක් තනිව ගමන් කිරීමට පවා චකිතයක් ඇති කරවයි.
විජේරාම මංසන්ධිය පේන තෙක් මානය වෙත ළඟා වන විට මිනිසුන් එක්කෙනා දෙන්නා පෙනෙන්නට පටන් ගත්ත අතර පාපැදි සහ යතුරුපැදි කිහිපයක් පාරේ ධාවනය වන බව දුටිමි. විජේරාම මංසන්ධිය වෙත පැමිණි මා, ඉන්පසුව අපට හමුවන ප්‍රධානතම මංසන්ධිය වන දෙල්කද මංසන්ධිය බලා යෑම ආරම්භ කළෙමි.
ඉදිරියට ඇදෙමින් යන විට කොළඹ දෙසටත්, කොළඹ දෙස සිට ප්‍රතිවිරුද්ධ දෙසටත් කෝටියකට එක බැගින්ද, මිලියනයකට එක බැගින්ද, දහසකට එක බැගින්ද සෙනග පිටවූ ට්‍රක් රථ, ලොරි රථ මා පසුකර යමින් තිබිණි. ඒ සෑම වාහනයකින්ම "ගෝ හෝම් ගෝඨා" සහ "ගෝඨා පිස්සෙක්" යන සටන් පාඨ වලින් මුළු පළාතම පිරී ඉතිරී ගිය අතර ඒ සෑම වාහනයක්ම දකින විට මා හට මතක් වූයේ මීට පෙර නරඹා ඇති යුද්ධ චිත්‍රපට ගණනාවක දකින්න ලැබුණු, යුද්ධයට යන හමුදා වාහනයි. නමුත් එම වාහන සහ මෙම වාහන අතරේ තිබුණු වෙනස නම් එම වාහන වල සිටියවුන් අවි ආයුධ දරා සිටියද, මෙම වාහන වල සිටියේ නිරායුධ සිවිල් ජනතාව වීමයි. තවත් ඉදිරියට ඇදෙන විට කොළඹ දෙසට පා ගමනින් ගමන් කරන්නේ මා පමණක් නොවන බව මා හට වැටහිණි. තවත් තරුණ තරුණියෝ කුඩා කුඩා කණ්ඩායම් ලෙස එකතු වී කොළඹ දෙසට ගමන් කරමින් සිටියෝය.

එමෙන්ම ඔවුන්ගෙන් බොහෝමයක් කොළඹ දෙසට ගමන් කරමින් තිබෙන වාහන දෙසට අත් දික් කළ අතර ඇතැම් වාහන එම මොහොතේම නතර කර ඔවුන්වද රැගෙන කොළඹ දෙසට ගමන් කළෝය. ඒ බොහෝමයක් වාහන වල, ඒ වන විටත් ධාරිතාවය ඉක්මවා තිබිණි. පිටුපස මිනිසුන් දහයක් පමණ රැගෙන යා හැකි වාහන වලද මිනිසුන් පනහ හැට පටවා තිබිණි.
දිශාවන් දෙකටම මා පසුකරමින් යන සෑම වාහනයකම සිටි සෑම කෙනෙක්ම, පාරේ ගමන් කරන අයටද සිනහමුසු මුහුණින් ජය ප්‍රාර්ථනා කරමින් අත වැනුවෝය. ඔවුන්ටද පෙරළා සිනහමුසු මුහුණින් සටන් පාඨයක් දෙකක් කියමින් අත වැනීමට කොළඹ දෙසට පා ගමනින් ගමන් කරන පිරිස් උත්සුක විය.
මාගේ ප්‍රධානතම අරමුණ වූයේ නුගේගොඩ මංසන්ධිය හරහා ගොස්, උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගී වීම හෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොතිබුණොත් නැවතත් නිවස කරා යෑමයි. දැන් මාගේ සිතුවිල්ල වෙනස් වීමට ආරම්භ විය. එනම් නුගේගොඩ මංසන්ධිය දක්වා ගොස් උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොතිබුනොත්, නුගේගොඩ මංසන්ධියෙන් නතර නොවී කොළඹ දෙසට ගමන් කිරීමයි. එමෙන්ම පිරිස් අඩු කොළඹ දෙසට ඇදෙමින් පවතින වාහනයක් දුටුවොත් ඒ ඔස්සේ ගාලු මුවදොර පිටිය වෙත යෑමයි.

මෙලෙස ඉදිරියට ඇදෙමින් යනවිට පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවේ ඉතාමත් සිත් ගන්නා සුළු දසුනක් විය. එනම් කුඩා උද්ඝෝෂණ ව්‍යාපාරයකි. එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිටියේ කුඩා ළමුන් වීම මෙහි විශේෂත්වයයි. වයස අවුරුදු අටත් එකොළහත් අතර යැයි සිතිය හැකි ළමුන් දහ දොළොස් දෙනෙක් එකට එකතු වී විවිධ සටන් පාඨ කියමින් කුඩා මංසන්ධියක් ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිටියෝය. ඔවුන්ගේ දෙමාපියන් යැයි සැලකිය හැකි සීමිත පිරිසක් ඔවුන්ව පෙනෙන සීමාවේ ඔවුන් දෙස බලා සිටියෝය. එය ඉතාමත් හුරුබුහුටියි උද්ඝෝෂණයක් වූවත් එය නිසි අවබෝධයෙන් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයක්ද යන්න ප්‍රශ්නාර්ථයකි.
ඇතැම් විට එය දෙමාපියන්ගේ ඕනෑකමට සිදු කෙරෙන උද්ඝෝෂණයක් විය හැක. එසේත් නොමැති නම් ඔවුන් තමන්ගේ දෙමාපියන් සහ භාහිර සමාජය අනුකරණය කරමින් හෝ රැල්ලට සිදුකරන උද්ඝෝෂණයක් විය හැක. එසේත් නොමැති නම් ගෝඨාභය ඇතුළු ආණ්ඩුව නිසා රටට සිදුවී ඇති මහත් වූ විපත පිළිබඳව නිසි අවබෝධයක් සහිතව සිදු කරන උද්ඝෝෂණයක් විය හැක.
එම ළමුන් පමණක් නොව ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණ වලට වයස අවුරුදු තුන හතරේ කුඩා ළමුන් පවා වැඩිහිටියන් විසින් ලියන ලද සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් සහභාගි වී තිබුණු බව අප සමාජ මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. ඒ සෑම පිංතූරයක් සදහාම සෑම අයෙකුම ධනාත්මකව අදහස් පළ කළ බවද අපි දුටුවෙමු. එසේ නම් වයස අවුරුදු පහේදී විජය කුමාරතුංග මහතා සමඟ පෙළපාලි ගොස් කඳුළු ගෑස් ප්‍රහාරයකට තමන් ලක් වූ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, සමාජයේ විශාල හාස්‍යයට ලක් වූ චතුර සේනාරත්නට සිනහා වූ පිරිස් ප්‍රථමයෙන් ඔහුගෙන් සමාව ලබා ගත යුතු යැයි මට හැඟිණි.

තවත් ඉදිරියට ඇදුනෙමි. ඒ වන විටත් පාරේ ගමන් කරමින් සිටි කුඩා කුඩා කණ්ඩායම් කොළඹ වෙත රැගෙන යෑමට යම් යම් වාහන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ සෑම වාහනයකම ගමන් කිරීමට සුදුසු තත්වයක තිබුනේ නැත. ඇතැම් වාහන වල පිටුපස ඩිකියද විවෘත කොට ඒ තුළද මිනිසුන් පහක් හෝ හයක් ඉතාමත් අවදානම් ලෙස ගමන් කරමින් සිටියෝය.
දෙල්කඳ මංසන්ධියට ළං වන විට කුඩා උද්ඝෝෂණයක් තිබුණි. ජාතික කොඩි කිහිපයක් රැගත් පස් හය දෙනෙක්, එතැන සිට සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළෝය. එනමුත් එය මා බලාපොරොත්තු වන අන්දමේ උද්ඝෝෂණයක් නොවිණි. ඔවුන්ද, ඔවුන් පසු කරමිනි කොළඹ දෙසටත්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටත් යන සෙනග රැගත් වාහන වෙත ජය ඝෝෂා සහ ප්‍රීතිඝෝෂා කියමින් අඛණ්ඩව ජය පතමින් සිටියෝය. මා ඔවුන්ද පසුකර තවත් ඉදිරියට ඇදුනෙමි. කෙමෙන් කෙමෙන් නුගේගොඩ මංසන්ධිය වන විටත් මා පෙර කියූ පරිසරය අඛණ්ඩව දැකිය හැකි විය. මා මෙන්ම විශාල පිරිසක් පාගමනින් කොළඹ දෙසට ගමන් කරමින් සිටි අතර ඇතැමුන් විජේරාම මංසන්ධියේ සිටම මා හට හමුවූ අයයි.
නුගේගොඩ මංසන්ධිය පෙනෙන සීමාව වෙත පැමිණෙන විට නුගේගොඩ මංසන්ධියේ කිසිදු උද්ඝෝෂණයක් නොවිණි. මාගේ බලාපොරොත්තු විශාල වශයෙන් සුන් විය. දැන් මා තීරණය කළ යුත්තේ කොළඹ දෙසට ගමන් කරනවාද, නැතහොත් නුගේගොඩ මංසන්ධියෙන් හැරී කොහුවල දෙසට ගොස් නැවතත් අප නිවස කරා ගමන් කරනවාද යන්නයි. මා එම තීරණය අනිවාර්යයෙන් ගත යුතු වන අතර නුගේගොඩ මංසන්ධිය පසුකර විශාල දුරක් ගොස් ආබාධිත තත්ත්වයන් උත්සන්න වූවොත් නැවතත් නිවස කරා පැමිණීම අපහසු වන බව මා ගණනය කර තිබිණි. එනමුත් මා හදිස්සි වූයේ නැත. මා නුගේගොඩ මංසන්ධිය පසුකර සිරි ධම්මාරාම විහාරය දක්වාම ගමන් කර එම තීරණය ගැනීමට අදහස් කළෙමි.

නොදැනීම මාත් සමගම කොළඹ දෙසට ඇදෙන පිරිස වැඩි විය. කොළඹ දෙසට යන සෙනඟ පැටවූ වාහන සංඛ්‍යාවද වැඩි විය. බොහෝමයක් දෙනා අතේ ජාතික කොඩි දක්නට ලැබිණි. කොළඹ දෙස සිට ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණෙන සෙනග පැටවූ වාහන සංඛ්‍යාවද වැඩි විය.
පුද්ගලයෙක් පුද්ගලයෙක්, වාහනයක් වාහනයක් දකින වාරයක් පාසා මා හට විශාල සතුටක් ඇති වුණි. එනම් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පෙර නොවූ ලෙස ජාති, ආගම්, කුල, මල, පක්ෂ, පාට, භේද අතහැර (යටි අරමුණු සහිතව සහභාගී වූ පිරිස් නොසිටියා යැයි මා කිසිසේත් නොපවසමි), සාමය අගයන, ප්රජාතන්ත්රවාදයට ලැදි, යහපත් හෙටක් පිළිබඳව සිහින දකින විශාල ජනකායක්, එකාවන්ව, එකම අරමුණක් උදෙසා කටයුතු කිරීම සියැසින් දැකීමට ලැබීමයි. එයද කිසිසේත්ම හැප්පිය නොහැකි යැයි වසර ගණනාවක් පුරාවට සම්මත කරගෙන සිටි බල ලෝභී, මර්ධනකාරී, උද්ධදච්ච පවුල් ගසක් සහ ඒ පවුල් ගස් වටා සිටින අතිරේක පිළිල වැල් කිහිපයකට එරෙහිවයි. ඒද, සාමාන්‍යය පුරවැසියා ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී සිටින ආරක්ෂක අංශ, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීති උල්ලංඝනය කරමින්, රාජපක්ෂවාදීන්ව ආරක්ෂා කරමින්, සාමාන්‍ය පුරවැසියා දෙසටම අවි දික් කරමින් සහ පහර දෙමින් සිටින මොහොතකයි.
නුගේගොඩ මංසන්ධියට ඉතාමත් ආසන්න වන විට "ආ දනුල" යන හඩින් මාගේ දකුණු උරහිසට අතක් වැටිණි. ඒ වෙනකෙකු නොව ඉෂාර ලක්මිණ පීරිස් නොහොත් මරදාන ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ කලා අංශයේ ඉගෙන ගන්නා කාලවකවානුවේදී මට සිටි හොදම මිතුරා ය. එසේ නැතහොත් හොදම මිතුරන්ගෙත් හොඳම මිතුරාය.

උස මහත, කතා කරන විලාසය අතින් මෙන්ම, සිතුම් පැතුම් වලින්ද ඉෂාර සහ මා බොහෝ අතින් එක සමානය. උසස් පෙළ පන්ති වලදී අප දෙදෙනා එකට එක්ව විෂයන් ඉගෙන ගත්තෙමු. එකට පාඩම් කළෙමු. එකිනෙකාට උදව් කර ගත්තෙමු. උසස් පෙළ විභාගයට පාඩම් කිරීම සඳහා මෙන්ම විෂයන් ඉගෙනීමේ වැඩකටයුතු සදහාද ඉෂාරගෙන් මා වෙත ලැබුණු සහයෝගය සුළුපටු නොවේ. උසස් පෙළ විභාගය ලියා අවසන් කළද අප දෙදෙනාගේ මිත්‍රත්වය අඛණ්ඩව පැවතිණි. උසස් පෙළ විභාගයෙන් පසුව සෑම සිංහල අලුත් අවුරුදු දිනකම මා බැලීමට පැමිණ අප නිවසේ දවසක් ගත කිරීම ඉෂාරගේ සිරිත විය. 2019 වර්ෂයෙන් පසුව ඉෂාරට පමණක කරදර කාලයක් එළඹිනි. එම නිසා ඔහු කොළඹින් පිට ස්ථාන කිහිපයකම රැකියා කටයුතු වල නිරත වූයේය. එබැවින් මා ඉෂාරව මේ දකින්නේ වසර තුනකට පසුවයි. මෙම හමුවීම අදටද මට සිහිනයකි. එනම්, ඔහුව කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතක හමු වීමයි.
"කොහොමද? හුග කාලෙකින්. කොහෙද යන්නෙ මචං?" වසර තුනකට පසු ඉෂාර සිනහමුසු මුහුණින් මා වෙත පැවසූ පළමු වෙනි වාක්‍ය ඛණ්ඩය එයයි. "මම ඔහේ ඇවිදගෙන යනවා. ලොකු අරමුණක් නෑ. මං මේ නුගේගොඩ හන්දියට ගිහින් බලනවා එතැන උද්ඝෝෂණයක් තියෙනවද කියලා. උද්ඝෝෂණයක් තිබ්බෙ නැත්නම් එක්කො ගෙදර යනවා. නැත්නම් කොළඹ දිහාවට යන්නත් ආසාවක් තියෙනවා. ඔයා කොහෙද යන්නෙ?". මාගේ ප්‍රශ්නයට ඉෂාර පිළිතුරු දුන්නේ ය. "මම Galle Face යනවා මචං. ඊයෙත් රෑ වෙනකන් ගෝල්ෆේස් එකේ ඉදලා මහ පාන්දර තමයි ගෙදර ආවෙ. ඒ නිසා අද උදෙන්ම පිටත් වුනේ නෑ."
එය අසනවත් සමඟම මා ඉතාමත් සතුටට සහ ප්රබෝධයට පත් වුණෙමි. එය වචන වලට පෙරළිය නොහැකි ය. ඒත් සමගම මා හට අනගාරික ධර්මපාලතුමා නොහොත් සිරි දේවමිත්ත ධර්මපාල හාමුදුරුවන්ගේ දින පොත් වල ලියා තිබූ සටහන් දෙකක් සිහියට නැගිණි.
01. මම මෙසේ නළලත වජ්රාසනය කෙරෙහි තැබූ කෙනෙහිම, මට එක් සිතුවිල්ලක් පහළ විය. ඒ මේ මහා ශුද්ධ භූමිය රැක ගැනීමට කැපවීමයි. එම සිතුවිල්ල මා තුළ පැන නැගුණු විගස, "ඔබත් මා සමඟ එක්වනවාද?" යැයි මා සමඟ වූ කොසේන් හිමියන්ගෙන් ඇසුවෙමි. එතුමාද එය සතුටින් පිළිගත්තා පමණක් නොව එතුමාටද එම සිතුවිල්ල පහළ වී තිබුණි.
02. ඕල්කට්තුමා මාගේ දෑත අල්ලා සෙලවූ විට ඉන් ඇති වූ ප්රබෝධය වචනයෙන් කිව නොහැකි විය.
මෙම අවස්ථාවද එවැන්නකි. දැන් මාගේ අරමුණ නුගේගොඩ මංසන්ධියෙන් හැරී කොහුවල හරහා නැවත නිවස කරා යෑම නොව, අඛණ්ඩව ගාලු මුවදොර පිටිය වෙත ගමන් කිරීමයි. ඒ සඳහා ඉෂාර විශාල උත්තේජනයක් විය. අප දෙදෙනාම සෙමෙන් සෙමෙන් වසර තුනක ආගිය තොරතුරු කතා කරමින් ඉදිරියට ගමන් කළෙමු. නුගේගොඩ මංසන්ධියද පසු විය. ඒ වනවිටත් අපගේ ඇස්, පාරේ කොළඹ දෙසට ගමන් කරමින් තිබෙන පිරිස් අඩු වාහන පීරමින් තිබුණි.

එක්වරම කළු පැහැති ඇදුම් ඇදගත් අපගේ වයසේ යැයි සිතිය හැකි තරුණයින් තුන් දෙනෙකු නැග සිටි, අප ඉදිරියේ තාවකාලිකව නතර කළ ට්‍රක් රථයක් අපගේ නෙත ගැටිණි. "Galle Face පැත්තටද යන්නේ?" මා ඇසුවෙමි. "ඔව් ඔව්. නගින්න නගින්න" යැයි පැවසීමත් සමඟම අප දෙදෙනාද හනික දිව ගොස් එම ට්‍රක් රථයට ගොඩ වුණෙමු. අප දෙදෙනාගේ සිත් තුළ තිබූ ප්රබෝධය, උද්වේගය සහ සන්තෝෂය තවත් වැඩි විය. ට්‍රක් රථය ගමන ආරම්භ කළ අතර අප දිගටම ඉදිරියට ඇදුනෙමු.
නැවත වරක් මා හට පෙර නරඹා ඇති යුධ චිත්‍රපට කිහිපයක් මතක් විය. අප වගේම අය පුරවාගත් වාහන අප ඉදිරියෙන්ද, පසු පසින්ද, ප්‍රතිවිරුද්ධ දිශාවේ මාර්ගයෙන්ද ගමන් කළ අතර පාගමනින්ද කොළඹ දෙසට සහ කොළඹින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන පිරිස්ද විය.
යුධමය චිත්‍රපට මාලාව සිහියට නැගීමට හේතු වූයේ..... ඒ වන විටත් ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින බව අප දනිමු. එහෙයින් අප ඒ දෙසට ගමන් කිරීම සතුරු ප්‍රදේශයක බලය තහවුරු කරගෙන සිටින හමුදා කණ්ඩායමකට සහායට සේනාවක් පැමිණීම හෙවත් Reinforcement එකක් වැනිය. මාර්ගයේ ඉදිරිපස තවත් තරුණයින් දෙතුන් දෙනෙක් අප ට්‍රක් රථයට අත් දැමූ අතර ඔවුන්ටද ට්‍රක් රථයට ගොඩ වීමේ අවස්ථාව හිමි විය. එලෙස විශාල දුරක් යනතුරු කොළඹ දෙසට පයින් ගමන් කරමින් සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් අප ට්‍රක් රථයට ගොඩ වුණි. මා ට්‍රක් රථයේ ඉදිරිපසින්ම සිටගෙන සිටි නිසා මා හට ඉදිරියේ ඇති මාර්ගය හොඳින් දැක බලාගත හැකි වූ අතර අපගේ පිටුපසින් තරුණ තරුණියන් විස්සක් පමණ නැග ඇති බව මාගේ ඇස්තමේන්තුව විය.
විශාල දුරක් ගිය පසු "අයියා පොඩ්ඩක් වාහනය නතර කරමුද?" යනුවෙන් ට්‍රක් රථයේ සිටි තරුණයින් දෙදෙනෙක් රියදුරු මහතාට පිිටුපස ජනේලයෙන් එබී පැවසුවෝය. ට්‍රක් රථය නතර විය. ඉන්පසුව ඒ දෙදෙනා අසල ඇති වෙළඳ සැලකට දිව ගියෝය. ඒ අතර වාරයේ විශාල ලොරියක් අප ඉදිරියේ නැවැත්වූ අතර එම ලොරියෙන් බැසගත් තරුණයෙක් විශාල පෙට්ටියක් රැගෙන පැමිණ අප රථයේ සිටි අයට බනිස්, බිස්කට්, කෙසෙල් ගෙඩි බෙදුවේය. ට්‍රක් රථයේ සිටි සැමටම ආහාර ප්‍රමාණවත් නොවූ හෙයින් සැමෝම, එක මවකගෙ එක බඩවැල කඩාගෙන පැමිණි සහෝදර සහෝදරියන් සේ එම ආහාර දෙකට තුනට කඩමින් බෙදාහදා ගන්නට විය.
වෙළඳසැලට දිව ගිය තරුණයින් දෙදෙනා විශාල බෑග් දෙකක්ද රැගෙන නැවතත් ට්‍රක් රථයට ගොඩ විය. නැවතත් ගමන ආරම්භ කෙරිනි. ඔවුන් දෙදෙනාගේ බෑග් තුළින් කිරි පැකට්, පැණි බීම බෝතල් මතුවන්නට විය. ඔවුන් රථයේ ගමන් කළ සැමට ඒවා බෙදා දුන්නෝය.

පෙරකී සේම අප ඉදිරිපසින් සහ අප පසුපසින් කොළඹ දෙසට රථවාහන වලින් සහ පාගමනින් ඇදෙන පිරිස් මෙන්ම, කොළඹ සිට ආපසු රථවාහන වලින් සහ පාගමනින් පැමිණෙන පිරිස්ද එකිනෙකාට ජයඝෝෂා නැංවූවෝය. "ගෝඨා පිස්සෙක්" , "ගෝ හෝම් ගෝඨා" වැනි සටන් පාඨ අප රථයෙන්ද සෙමෙන් සෙමෙන් මතුවන්නට විය.
ට්‍රක් රථයේ වේගයද යම් ආකාරයකට වැඩි වූ අතර එයද නවමු අත්දැකීමක් විය. යම් වේලාවකට පසුව අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවාසයට ඇතුල් වන මාර්ගය පසු කළෙමු. එම මාර්ගයේද විශාල මාර්ග බාධක යොදා හමුදා කණ්ඩායම් ස්ථානගත කර තිබිණි.
එම මොහොතේදී අපගේ ට්‍රක් රථයෙන් නැගුණු සටන් පාඨ වල ශබ්දය වඩාත් අධික වූ අතර වඩාත් තීව්ර විය. එපමණක් නොව එතෙක් කියමින් පැමිණි සටන් පාඨ "ගෝ හෝම් රානිල්" , "රානිල් පිස්සෙක්" ලෙස වෙනස් විය. මාද එම සටන් පාඨ හැකි උපරිම හඩින් කීවෙමි.
ඉන්පසුව ධම්මික පෙරේරාගේ නිවස පසු කෙරිනි. ඊටද අවටින් ගමන් ගත් රථ කිහිපයකින්ම හූ හඬ මතුවිය.

කෙමෙන් කෙමෙන් අප ගාලු මුවදොර පිටිය ආසන්නයට ආවෙමු. අප ඒ අසලට පැමිණෙන විටත් අරගලයට සහභාගී වූ පිරිස් දහසක් පමණ නැවතත් තම තමන්ගේ ගම් බිම් සහ ගෙවල් දොරවල් බලා යමින් සිටියෝය. එය මා හට ඉතාමත් දුක්මුසු අවස්ථාවක් විය. ඔවුන්ද තව දුරටත් මෙම භූමියේ රැඳී සිටියා නම්, එය මෙම භූමියේ රැඳී සිටින අනෙකුත් අයට මෙන්ම එම භූමියේ රැඳී සිටීමට යන අපටද ඉතාමත් ශක්තියකි. එනමුත් සතුට නම් අරගල භූමියෙන් ඉවත් වී යන පිරිස හා සමාන පිරිසක් එම භූමියට පැමිණෙමින් තිබීමයි. එබැවින් දවස පුරාවට මෙම භූමියේ ජනයාගෙන් කිසිදු අඩුවක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි විය.
රථයේ රියදුරු අපව ගෙන යා හැකි උපරිම දුරක් ගෙන ගොස් යම් ස්ථානයක නතර කළ අතර අප සැමෝම එම ට්‍රක් රථයෙන් බැස ගත්තෙමු. රියදුරු මහතාගේ පමණක් නොව ට්‍රක් රථයට අපව නග්ගා ගත් අනෙකුත් සහෝදරයින්ගේ නම් ගම් කිසිවක් අප දන්නේ නැත. මුහුණුද මේ වන විට මතකයෙන් ගිලිහී අවසන්ය. නමුත් ඔවුන් අප වෙත කළ උපකාරයට අප සදා ණය ගැතිය. ඔවුන් නොසිටින්නට ඇතැම් විට අපට මෙම අවස්ථාව ගිලිහී යන්නටද ඉඩ තිබිණි.
අප බැස ගත් ගත් ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කිලෝමීටර තුනක පමණ දුරක් ආසන්න වශයෙන් තිබිණි. ඉෂාරත්, මමත් නැවත අප දෙදෙනාගේ පාගමන ආරම්භ කළෙමු. අප ජනාධිපති ලේකම් කාර්යාලයට අතුරු පාරවල් ඔස්සේ ගමන් කළ අතර අප ඉදිරියේ උසස් පෙළ කාලයේ අපත් සමග සිටි තවත් ගජ මිතුරෙක් සිටගෙන සිටියේය. ඒ හිමේෂාන් ය. ඔහුගේ වාසගම අල්විස් බැවින් අප ඔහුව ආමන්ත්‍රණය කළේ අල්විස් කියාය. හිමේෂාන්ද අරගලයට සහභාගී වී නැවතත් නිවෙස කරා යෑමට සූදානමින් සිටියේය. ඉෂාරත්, මමත් ඔහු සමඟ මිනිත්තු 5ක් පමණ සුහද පිළිසඳරක නිරත වී ඔහුට සමුදී නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම ඇරඹුවෙමු.

මිනිත්තු ගණනාවකට පසුව අප කෙමෙන් කෙමෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ළඟා වුණෙමු. ඒ වන විට සමස්ථ ප්‍රදේශයම මහා ජන ගගකින් පිරී ඉතිරී ගොස් තිබිණි. ඉෂාර පෙරමුණ ගත් අතර මා ඔහු පසුපසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කළෙමි. මා තනි පුද්ගලයෙක් පමණි. එහෙයින් මා මෙම භූමියට පැමිණීමෙන් යම් ප්‍රයෝජනයක් එහි ප්‍රධාණ අරමුණට ලැබෙන්නේද? ඒ, ඉදිරියට ඇදෙමින් යනවිට මට සිතුණු දෙයකි. ඉන්පසුව එම ප්‍රශ්නයට ඔව් යන පිළිතුර මා විසින්ම ලබා දෙන ලදී. වතුර බිංදුවක් යනු කුඩා ද්‍රවයකි. එනමුත් වතුර බිංදු බිංදු විශාල ප්‍රමාණයක් එකතු වී එහි අවසාන ප්‍රතිපලය ලෙස මහා ගංගාවක් නිර්මාණය වේ. මෙයද එවැන්නකි. තනි තනි පුද්ගලයන් එකතු වී මහා ජන ගංගාවක් නිර්මාණය වී තිබේ.
අරගල භූමියේ ස්වභාවය ඔබ සැවොම මීට පෙර එහි ගොස් සජීවීව අත්දැක ඇති හෙයින්ද, එසේත් නොමැති නම් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් පරිපූර්ණ ලෙස ඡායාරූප වලින් සහ වීඩියෝ වලින් දැක ඇති හෙයින්ද, අරගල භූමියේ ස්වරූපය පිළිබඳව සටහන් කිරීමට කාලය මිඩංගු නොකරමි.

අරගල භූමියේ අධිකතම තදබදය පිහිටි ස්ථානය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව හෙවත් Gate Zero එක ඉදිරිපිටය. තදබදය කොපමණ ප්‍රබලද කියතොත්, අපට තිබෙනුයේ සිටගෙන සිටීමට පමණි. මහජන ගංගාව අපව අප කැමතියි දිශානතියට ඉබේම ගමන් කරවනු ලබයි. අධික තදබදය සහ තෙරපිල්ලේ ප්‍රතිපලයක් ලෙස ඉෂාරව වෙන් විය. දැන් මට මා පමණි. විශාල පිරිසක් එකම ස්ථානයක රොද බැඳගෙන සිටින බැවින් ජංගම දුරකථන වල සංඥාද ඉතාමත් අවම මට්ටමක පැවතිණි. එබැවින් මා හැකි තරම් ජන ගංගාව ඉදිරියටම ගොස් ජන ගංගාවෙන් වෙන්වී, ජනතාව අඩු ස්ථානයක නතර වුණෙමි. දැන් මා සිටිනුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ යකඩ වැට අසලයි.
ජනාධිපති ලේකම් කාරයාලය ඉදිරිපිට පිරිසක් මයික්‍රෆෝනයෙන් කතා කරමින් සිටින අතරේ ජනාධිනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටද තවත් පිරිසක් තවත් මයික්‍රෆෝනයකින් කතා කරමින් සිටියි. ඊට අමතරව තවත් කුඩා කුඩා මයික්‍රෆෝන වලින් තැන් තැන් වල ජනතාව ආමන්ත්‍රණය කරන පිරිස්ද නැතුවා නොවේ.
මා ජනාධිපති ලේකම් කාර්යාලය දෙස බලා සිටියෙමි. දස දහසක් වූ දෙනා ගොඩනැගිල්ලේ පඩිපෙළ මත වාඩිවී සිටින අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මිදුලද ඇඟිල්ලක් ගැසීමට නොහැකි වන තරමටම පිරී ඉතිරී ගොස් අවසන්ය. නමුත් තවත් බොහෝ පිරිස් මා ඉදිරිපස කඩා බිඳ දමා ඇති යකඩ වැට තුළින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මිදුලට රිංගමින් සිටියෝය. ඇතැමුන් යකඩ වැට උඩ නැග ඒ දෙස බලා සිටියෝය. මමද විශාල වේලාවක් එම ස්ථානයේම රැදීමට තීරණය කළ අතර ඒ, එම ස්ථානයේ ජනතාව ඉතාමත් අවම බැවිනි.

විශාල වේලාවකට පසුව ප්‍රධාන මයික්‍රෆෝනයෙන් අප බලා සිටි ප්‍රවෘත්තිය ප්‍රචාරය විය. එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට අදහස් කරන බවයි. එම ආරංචිය නිවේදනය කිරීමත් සමඟම මුළු භූමියම රතිඤ්ඤා ශබ්ද වලින් පිරිණි. රතිඤ්ඤා ශබ්දය අවසන් වනවාත් සමගම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ගීතය ගායනා කිරීම ආරම්භ කෙරිණි. එම අවස්ථාවේදී අංශක 360ක වපසරියක, එසේත් නොමැතිනම් මා වටා සිටි අයගේ මුහුණුවල තිබුණු සිනහව මා හට වචනයෙන් විස්තර කළ නොහැකිය. ඒ සිනහවන් ඇතැම් විට මා මැරෙන තුරු වුවද මාගේ මතකයෙන් වියැකී නොයනු ඇත. ඒවා ඒ තරමටම නව බලාපොරොත්තු, එසේත් නොමැති නම් නව සිහිනයන් ඉස්මතු කරන සිනහවන්ය. ජාතික කොඩි සිය ගණනක් අහස දෙසට එසවී ඒ මේ අත වැනෙන්නට පටන් ගැනිණි. විසිල් ගැසිණි. අත්පුඩි ගැසිණි. ප්‍රීති ඝෝෂා නැංවිනි. තව තවත් සටන් පාඨ කියවිනි.
අරගල භූමිය වෙත ගිය ගමනේ අනෙකුත් අවස්ථා කිසිවක් මාගේ කැමරාවේ සටහන් වූයේ නැත. ඒවා ඇත්තේ මාගේ මතකය තුළ පමණි. එනමුත් මෙම ඓතිහාසික අවස්ථාව වීඩියෝ කිරීමට මා වාසනාවන්ත වූයෙමි. එම වීඩියෝපට එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ මා විසින් හසු කරගෙන තිබෙන වටිනාම වීඩියෝපට වලින් කිහිපයක් වනු නොඅනුමානය. මේ ඔබ දකින්නේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වීමට අදහස් කරන බව නිවේදනය වූ මොහොතයි.

මා රැඳී සිටින ස්ථානයට පමණක් සීමා නොවී තවත් ඉදිරියට යෑමට මට විශාල කැමැත්තක් තිබුණත් එයට තිබූ විශාලතම බාධකය වූයේ මහජන ගංගාවයි. එම නිසා නැවතත් ප්‍රධාන පාරට ඇතුළු වූවොත්, කිසිදු අරමුණක් නොමැතිව මහා සාගරයේ පාවෙමින් තිබෙන රුවල කැඩුණු නෞකාවක් සේ, ජන ගංගාව යන අතටම යෑමට සිදු වන බැවින් එම අදහස් අතහැර ගත්තෙමි.
මා තවත් බොහෝ වේලාවක් එම ස්ථානයේම රැඳුනෙමි. කෙමෙන් කෙමෙන් ඇඳිරි වැටීම ආරම්භ වීමේ සළකුණු පහළ වෙමින් තිබිණි. නැවතත් නිවස කරා යෑමට ඇති බැවින් අරගල භූමියෙන් මා සමු ගැනීමට තීරණය කළෙමි. දැන් මා හට කිලෝමීටර 15ක දුරක් පාගමනින් යෑමට සිදුවේ. ඒ මා මීට පෙර සඳහන් කරන ලද බාධකද ඇතිවය. එනම් 2008 වසරේ සිට බැට කන වම් පාදයේ ආබාධිත තත්ත්වයත්, දවස් කිහිපයකට පෙර උණ රෝගය සෑදීමෙන් දුර්වල වූ ශරීරයත් කැටුවය.
නැවතත් මා මහා මාර්ගයට පැමිණ මා පැමිණි ප්‍රදේශය වෙත යෑමට ජන ගංගාවට එකතු වුණෙමි. ප්‍රධාන ගේට්ටුව අසල ඇති තදබදය හේතුවෙන් මාද ජන ගංගාව සමග මා යායුතු දිශාවට ඉබේම තල්ලු වෙමින් ගමන් කළෙමි. ප්‍රධාන ගේට්ටුවෙන් පසුව තදබදය වියැකී ගිය අතර පහසු වේගයකින්, හුදෙකලාව ගමන් කිරීමට ඉඩහසර තිබිණි. ට්‍රක් රථය ඔස්සේ මා පැමිණි ගමන් මාර්ගය වෙත මා මතකයෙන් ගමන් කළෙමි. මා එම ඉසව්වෙන් පිටවන විටද අතිවිශාල පිරිසක් එම ඉසව්වෙන් පිට වෙමින් සිටි අතර ඒ හා සමාන අතිවිශාල පිරිසක් එම ඉසව්වට පැමිණෙමින් සිටියෝය.

මා කොළඹ ප්‍රදේශයේ හුදෙකලාව ගමන් කරන්නේ නැති තරම්ය. මා කොළඹ ප්‍රදේශයට අයත් වුවද අද වන තුරුත් කොළඹ පාරවල් පිළිබඳව අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැත. එබැවින් මා කොළඹ ගමනාගමනයේ යෙදීමට බියවේ.
එනමුත් මා හට එවන් බියක් එදින තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුව නම් පා ගමනින් ගමන් කිරීමට හැකි වීමයි. එහිදී ගූගල් සිතියම මාගේ හොඳම මිතුරා විය. දෙවන කරුණ නම් බස් රථ සේවාවන් මුළුමනින්ම අඩාල වී තිබූ හෙයිනි මා වැනිම බොහෝ පිරිසක් පාගමනින්ම තම තමන්ගේ නිවාස කරා යෑම ආරම්භ කර තිබීමයි. එහෙයින් පාගමනින් ගමන් කරන විට යම් ස්ථානයක යාචකයෙක් ලෙස වාඩිවී සිටියත් එය කාටවත් ප්‍රශ්නයක් හෝ පුදුමයක් වන්නේද නැත. යම් අනතුරක් වූවත් උපකාර කිරීමට බොහෝ පිරිසක් එක් රොක් වනු ඇත.
මා පාගමනින්ම ගූගල් සිතියමද බලමින් ඉදිරියට ඇදුනෙමි. ඉදිරියට ඇදෙනවිට එක්තරා වයෝවෘධ මිනිසෙක් කපුටන් දහ පහළොස් දෙනෙක් වෙත "බැසිල් බැසිල්" කියමින් බනිස් කෑලි දමමින් සිටි අතර කපුටන්ද බනිස් කමින් සිටිනු දක්නට ලැබිණි. එය මා ඇතුළු ඒ අවටින් ගමන් කරන සෑම දෙනාටම සිනහ උපදවන දසුනක් විය.
අතුරු පාරවල් ඔස්සේ ඉදිරියට ගමන් කර ප්‍රධාන පාරට සම්ප්‍රාප්ත විය. ප්‍රධාන පාර ඔස්සේ මා ගූගල් සිතියමද ඒ මේ අත කරකවමින් නිවස කරා යෑම ආරම්භ කළෙමි. එවිට ජංගම දුරකතනය නාද විය. ඒ ඇමතුම අම්මාගෙනි. "කොහෙද ඉන්නේ?" ඇය ඇසුවාය. මා ගාලු මුවදොරට පැමිණි බව ගෙදරට දැන්වූයේ නැති බව මා හට මතක් වූයේ එම අවස්ථාවේදීය. ඒ වන විටත් මා පැය හතරයි මිනිත්තු 30ක් පමණ සම්පූර්ණ ගමනට යොදවා තිබිණි.

ප්‍රධාන මාර්ගයේ අප පසුකරමින් පොලිස් බස්රථ කිහිපයක් විටින් විට ඉදිරියට ඇදුනි. අප පසුකර අරගල භූමිය දෙසට පොලිස් නිලධාරීන් කණ්ඩායම් විටින් විට ගමන් කළෝය. තවත් වරෙක යම් යම් ස්ථානවල හමුදා ලොරි රථ නවතා ඒ තුළින් ආයුධ රැගත් හමුදා සෙබළුන් බසිමින් සිටියෝය. ඒ සෑම අවස්ථාවකම ඒ අවට සිටි සෑම අයෙක්ම ඒ සෑම නිලධාරියෙක්ටම හූ හඩින් සංග්‍රහ කළෝය. මහජනතාවගේ හූ හඬ එම ප්‍රදේශ රැව් පිළිරැව් දෙමින් ගිගුම් දෙන්නට විය. එය වචනයෙන් විස්තර කළ නොහැකි ඉතාමත් විශාල වූ හඩකි. මා හට අප රටේ ආරක්ෂක අංශ පිළිබඳව ඉතාමත් කණගාටුවක් ඇති විය.
අපට ඔවුන්ව විවේචනය කළ නොහැකිද? ඒ ඔවුන්ගේ රස්සාව නිසාද? එසේ නම් සොරා සොරකම් කිරීමේද වරදක් නැත. මිනීමරුවා මිනීමැරීමේද වරදක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වීමේද වරදක් නැත. මක් නිසාද යත් ඔවුන්ද කරනුයේ ඔවුන්ගේ රස්සාවන්ය.
තමා කරන රැකියාව, තමන්ගේ සිතට එකගව සිදු කළ නොහැකි නම්, කළ හැකි හොදම දෙය තම රැකියාවෙන් ඉවත් වීමයි. එය වඩාත් ගෞරවනීයයි. යුද්ධය පවතින මොහොතේදී අප කිසිවෙක් අප රටේ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ රැකියාව යැයි සිතුවේ නැත. අප ඔවුන්ට උපකාර කළෙමු. ඔවුන්ට ලේ දුන්නෙමු. ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් යැව්වෙමු. ඔවුන්ගේ "අපි වෙනුවෙන් අපි අරමුදල" වෙනුවෙන් අපට බැර කළ හැකි සෑම මුදලක්ම බැර කළෙමු. ඔවුන් සමග යුධ බිමේ සිටිය නොහැකි වූවත් අප ඔවුන් සමඟ හදවතින් සිටියෙමු. ගිගුරුම් සහිත නා කපන වැසි ඇදහැලෙන සමයන්හිදීද අපටද හරිහැටි නින්දක් නැත. "අනේ අපේ කොල්ලො වැස්සේ තෙමෙනවා ඇති" යනුවෙන් නින්දට යෑමට සැරසෙන විට සිතුණු අවස්ථා අපමණය.

අප ඔවුන් වෙනුවෙන් බෝධි පූජා සිදු කළෙමු. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් වෙත, දළදා හාමුදුරුවන් වෙත, රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වෙත පඩුරු ගැට ගසමින් ඔවුන්ගේ ආරක්ෂාව පැතුවෙමු. ශ්‍රී ලංකාව රකින, සම්බුද්ධ ශාසනය රකින සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වෙත බාර හාර වුණෙමු. මියගිය සෑම ආරක්ෂක අංශ සාමාජිකයෙක් උදෙසාම පිං අනුමෝදන් කළෙමු.
යුද්ධය අවසන් කර අප රටට සාමය උදා කිරීම වෙනුවෙන් අප ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු ඉහළම ගෞරවය ලබා දුන්නෙමු. ඔවුන්ව දේවත්වයෙන් සැලකුවෙමු. අට පාස් ආමි කාරයා යන සම්ප්‍රදායික තුච්ච සිතුවිල්ල අප විසින්ම අප රටේ බහුතරයකගේ ඔළු තුළින් තුරන් කර, රණවිරුවා යන ගෞරවනීය පදය හදුන්වා දුන්නෙමු. එනමුත් එම ගෞරවය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් විය. තුවක්කුව දික් කරනු ලැබුවේ අප රට විනාශයට පත් කළ කාලකන්නි පජාත දේශපාලුවන්ගේ දෙසට නොව, ඔවුන්ගේ තාඩන පීඩන වලට ලක් වන අහිංසක ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතටයි. එසේ ගත් කල සැබැවින්ම මුල අමතක කාටද?
ඔවුන් නඩත්තු වන්නේද කාලකණ්ණි දේශපාලකයන්ගෙන් නොව, අහිංසක සිවිල් පුරවැසියාගේ බදු මුදලින් බව ඔවුන්ට අමතකය. එසේ ගත් කල අප රටේ සිවිල් පුරවැසියන් ආරක්ෂක අංශ වලට වඩා දක්ෂය යැයි මා සිතමි. ඊට හේතුව වන්නේ අප රටේ සිවිල් පුරවැසියන් හැප්පුනේ අතේ නියපොතු කපන නේල් කටරයක්වත් නොමැතිවයි. දූෂිත දේශපාලුවා ඉදිරියේ ආරක්ෂක අංශ වල කොණ්ද නැමෙයි. සැලියුට් ගසයි. ඔවුන්ගේ තග අහිංසක සිවිල් පුරවැසියන් වෙත පමණි.
ආරක්ෂක කටයුතු වලදී මෙන්ම ස්වභාවික ආපදා වලදීද ආරක්ෂක අංශ වල සහාය අපට ලැබෙයි. යුද්ධය නිමා කර දීම නිමිත්තෙන් අප ඔවුන්ව දේවත්වයෙන් සලකා දැන් අප පාඩමක් ඉගෙන ගත්තෙමු. එම නිසා ස්වභාවික ආපදා අවස්ථා වලදී ආරක්ෂක අංශ අප වෙත උදව් උපකාර කිරීමේදීද අප ඔවුන්ව දේවත්වයෙන් සැලකිය යුතුද? අරගලයට සහාය නොවී දේශපාලුවා සමඟ සිට ගැනීම ඔවුන්ගේ රාජකාරිය නම්, ස්වභාවික හා ආපදා වලදී මහජනතාවට පිහිට වීමද ඔවුන්ගේ රාජකාරිය මිස, එය ඔවුන් විසින් සිදු කරනු ලබන උතුම් ක්‍රියාවක් සේ සැලකිය හැකිද? ඉහළ නිලධාරීන් විසින් නියෝග දුන් විට පහළ නිලධාරීන්හට අහිංසක ජනතාවට වෙඩි තැබීමට, පොලු වලින් ගැසීමට සිදුවේ නම්....... ස්වභාවික ආපදාවලදීද ඔවුන් ක්‍රියා කරනුයේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මතය. එනම් එම ක්‍රියාවන් දෙකෙහි වෙනසක් නැත. හේතුව, ඔවුන් සැමවිටම නියෝග මතම ක්‍රියාත්මක වීමයි. එබැවින් ස්වභාවික ආපදාවක් සිදු වූ විටද ඔවුන් මහජනතාවට සහයෝගය ලබාදෙන්නේ ඒ ඔවුන්ගේ රාජකාරිය මෙන්ම ඉහළින් පැමිණෙන නියෝගයක් මත මිස ස්වෙච්ඡාවෙන් හෝ සිය කැමැත්තෙන් එම ප්‍රදේශ වලට ගොස් නොවේ. අප ඒ බිඳ දැමූයේ ඔවුන් විසින්ම ගෙන ආ තර්කයක් මිස අප විසින් ඔවුන් වෙත එල්ල කරන ලද චෝදනාවක් නොවේ.
අප රටේ සහ ලෝකයේ තිබෙන එකම රැකියාව ආරක්ෂක අංශ වල සේවය නොවේ. එයද ආරක්ෂක අංශ විසින්ම තේරුම් ගත යුත්තකි. එබැවින් ආරක්ෂක අංශ වලටද, අනෙකුත් සිවිල් පුරවැසියන්ගේ රැකියාවන් / නිෂ්පාදන / සේවාවන් අවශ්‍ය වන බව සිහියේ තබාගත යුතුය. ආරක්ෂක නිළ ඇදුම ගැලවූ විට ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් වන බව අවබෝධ කරගත යුතුය.
ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් නිර්මාණය කර, සිවිල් යුද්ධයක් නිර්මාණය කර, ඒ ඔස්සේ තිස් වසරක පැවති යුද්ධය සේම තම තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට කාලකණ්ණි සුනඛ දේශපාලුවන් ක්‍රියා කරමින් තිබෙන බව අපි දනිමු. එහෙයින් සිවිල් පුරවැසියන් කිසිදු ආකාරයකින් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇති කිරීමට ඉදිරිපත් නොවිණි. ඒ, ඔවුන් මෙම උගුල අවබෝධ කරගෙන සිටි බැවිනි. එනමුත් ආරක්ෂක අංශ වලට සුනඛ දේශපාලුවන්ගේ සැලසුම් අවබෝධ කර ගැනීමට නොහැකි විය. ඔවුන් ඊට හසුවිය.
ධන බලයෙන්, මැර බලයෙන්, මත් වී සිටින පවුලක් රැකීම උදෙසා මෙතරම් පීච්චං වන ඔවුන්ගේ ලැජ්ජා නහර කපා ඇද්දැයි මා, මාගෙන්ම ප්‍රශ්න කළෙමි.

එමෙන්ම ආරක්ෂක අංශ තුළ නිවැරදි නායකත්වයක් නොතිබීමත් මෙම ගැටළුවට හේතුවක් සේ සැලකිය හැක. ආරක්ෂක අංශ වල තිබෙන හමුදා අධිකරණ සහ දැඩි විනය නීති හේතුවෙන් සාමාන්‍ය සෙබළුන් අරගලයට සහභාගී වීමට පසුබට වූවත්, ඉහළ පෙළේ හමුදා නායකයින් මෙම අරගලයට සහයෝගය දුන්නේ නම්, අනෙකුත් සෙබළුන්ද දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව තම නායකයාව අනුගමනය කරමින් මෙම කර්තව්‍යයට සහයෝගය ලබාදීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.
මේ සියලු දේවල් ගැන සිතමින් මා ඉබි ගමනින් ඉදිරියට ඇදුනෙමි. මේ වන විට මා හට සිටි එකම මිතුරා ගූගල් සිතියම වූවත්, ගූගල් සිතියමද ඇතැම් අවස්ථා වල සූක්ෂම ලෙස නිවැරදිව මාර්ගය පෙන්වීමට මැළිකමක් දක්වන බැවින්, අවස්ථා කිහිපයකම පාර වැරදුණු අවස්ථාද තිබුණි. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන විට පාදයේ ආබාධය උත්සන්න වූ බැවින් මා අසල ඇති කඩ සාප්පුවක පඩි පෙළෙහි වාඩි වුණෙමි. වතුර උගුරු කිහිපයක් බොමින් මුහුණද සෝදාගෙන විනාඩි 10ක් පමණ විවේක ගත්තෙමි. ඉන්පසුව නැවතත් ඉදිරියට ඇදුනෙමි. තවත් විශාල දුරක් ගොස් ගොඩනැගිල්ලක ජනේල පඩියක් අසල වාඩි වී සිටියෙමි. පසුව නැවතත් ගමන ආරම්භ කළෙමි. තවත් දුරක් ගොස් බස් නැවතුම්පොලක බංකුවක වාඩි වී සිටියෙමි.
මෙලෙස තැනින් තැන වාඩි වෙමින්, එක් ස්ථානයක මිනිත්තු දහයක් පමණ සිටිමින්, ගිමන් හරිමින්, කිසිදු කලබලයකින් තොරව, ඉබි ගමනින් ඉදිරියටම ගියෙමි. මා හට කිසිදු ආකාරයකින් බියක් නොතිබිණි. ඊට හේතුව, මා ගමන් කරමින් සිටින දිශාවටම මාගේ ඉදිරිපසින්ද, මා පසුපසින්ද, මා මෙන්ම ගාලු මුවදොර පිටියට, ගොස් නැවත පා ගමනින් නිවෙස් බලා යන සිය දහස් ගණනක පිරිසක් සිටීමයි. එම නිසා ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් නොමැත. තනිකම පිළිබඳව ගැටලුවක් නොමැත. ඔවුන්ද මා වැනි ය. ඔවුන්ද පා ගමනින් ගමන් කරන විට, ගමන් මහන්සිය දැනෙන විට, තැන් තැන්වල විනාඩි කිහිපය බැගින් නතර වෙමින් ගමන් කළෝය. "අපි හැමෝම එකම පන්තියේ", මා මා හටම කියා ගත්තෙමි.

මහා මාර්ගයේ දාහකට එකක් වාහන ගමන් ගත් අතර මිලියනයකට එකක් බස් රථ ධාවනය විය. එම බස් රථ වල කොපමණ මගීන් සිටියාද කියතොත් බස්රථයේ පිටුපසද මගීන් පස් හය දෙනෙක් එල්ලී ගමන් කරනු දක්නට ලැබිණි. කෙමෙන් කෙමෙන් ඇඳිරි වැටීනි. රාත්‍රිය උදා විය. වාහන නොමැති මහා මාර්ගයේ සිය ගණනක් වූ අපි අවට ඇති ආලෝක බුබුළු වල ආලෝකය ඔස්සේ ගමන් කළෙමු. අප ඉදිරියට යන විට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තවත් බොහෝ පිරිසක් අප පසුකරමින් අරගල භූමිය වෙත ඇදෙමින් සිටියෝය.
දැන් මා කෙමෙන් කෙමෙන් විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණියෙමි. එනම් කිලෝ මීටර හතර හමාරක දුරක් පැමිණ අවසන්. එනමුත් තවත් කිලෝමීටර් දොළහකට ආසන්න දුරක් ඉතිරිව තිබේ. විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිට මා මිනිත්තු පහළවක් පමණ වාඩිවී, කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල දෙස බලාගෙන සිටියෙමි. ඉන්පසුව නැවතත් ගමන ආරම්භ කළෙමි.

මෙලෙස නැවති නැවතී ගිමන් හරිමින් කොළඹ විශ්වවිද්‍යාලය පමණ වන තෙක් ගමන් කළෙමි. ඉන්පසුව පෙර පිනකට මෙන් මා හට විජේරාම මංසන්ධිය හරහා යන කාර් රථයක් මුණ ගැසුනි. ඉන් පසුව ඊට ගොඩ විණි. වෙනත් කාලයක මාර්ගයේ තනිව ගමන් කරන විට එවැනි රථයක් පැමිණ "Lift එකක් දෙන්නද?" යැයි පැවසූවොත් විය හැකි සිදුවීම් දෙකකි. පළමු වැන්න නම් හැකි උපරිම වේගයෙන් පසුපස නොබලා දිව යෑමයි. එසේත් නොමැති නම් "පිස්සුද ඕයි?" යනුවෙන් ඇසීමයි. එනමුත් මෙම අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳව කිසිදු බියක් නොදැනිණි. එහෙයින් ඔවුන් සමඟ ගමනේ යෙදිණි. විජේරාම මංසන්ධියේදී මා ඔවුන්ට ස්තූති කර බැස ගත්තෙමි.
එතැන් සිට අපගේ නිවසට ආසන්න වශයෙන් කිලෝමීටර් දෙකක් පමණ ඇත. එම දුර හැකි අයුරින් පාගමනින් ආවරණය කළෙමි. හැකි අයුරින් යනුවෙන් අදහස් කරනු ලැබුවේ, ඒ වන විට පාදයේ ආබාධය ඉතාමත් උග්‍ර වී තිබූ හෙයිනි. නිවසේ ගේට්ටුව ළඟට පැමිණෙන විට මහත් සන්තෝෂයක් ඇතිවිණි. ඒ, අරගලයට පැය කිහිපයකට හෝ සහභාගී වීමට ලැබීම පිළිබඳව මෙන්ම කිසිදු අනතුරක් නොමැතිව නිවසට පැමිණීමට ලැබීම පිළිබඳවයි.
නිවසට පැමිණීමත් සමඟම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව කතානායකවරයා විසින් දැනුම් දෙන ප්‍රවෘත්තිය විකාශය කෙරිණි. සැබැවින්ම එය ඉල්ලා අස්වීමක් නොව, යහපත් අනාගතයක් සහ යහපත් ශ්‍රී ලංකාවක් උදෙසා සිහින දකින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියලු පුරවැසියන් විසින් පයින් ගසා එළවා දැමීමක් ලෙස නිවැරදි විය යුතුය. ඒ අතරතුර අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේ සිදුවීම සහ සිරස රූපවාහිනී නාලිකාවේ සාමාජිකයින්ට පහරදීම් වැනි බොහෝ දෑ සිදු වී තිබිණි.

තවත් පැය කිහිපයකින් ජූලි මස 10 වන දින උදාවීමට නියමිතයි. එනමුත් 2022 ජූලි මස 09 යනු ලංකා ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් වන බව නොඅනුමානයි. මෙම සිදුවීම අනිවාර්යයෙන්ම තවත් වසර ගණනාවක් ගිය පසු අප රටේ ඉතිහාසය, දේශපාලන විද්‍යාව වැනි පාසල් විෂය නිර්දේශ වල පවා ලියවෙනු ඇත. එමෙන්ම මෙම සාමකාමී අරගලය පිළිබඳව සහ සාමකාමී ජයග්‍රහණය පිළිබඳව මුලුමහත් ලෝකයක් අප දෙස බලා සිටි බව අප දනිමු. ඒ අතරද අප රටට වින කිරීම සදහා යටි අරමුණු සහිතව අරගලයට සුබ පැතූ රාජ්‍ය නායකයින්ද සිටින බව අප හොදාකාරවම දනිමු.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට එකඟ වූවත් එය ජූලි මස 13 වන දින සිදු කිරීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා එදිනම ඉල්ලා අස් නොවී තවත් කල් මරන්නේ, අරගලකරුවන් රවටමින්, තමන්ගේ බලය තව දුරටත් රැක ගැනීමට, තවත් දැවැන්ත සැලසුමක් ක්‍රියාත්මක කිරීම පිණිස බව බොහෝ අය සිතයි. එනමුත් සැබැවින්ම එය තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නා තෙක් ජනාධිපති බලතල තබාගෙන සිටීමක් පමණක් වේයැයි මා හට සිතේ.
ගෝඨාභය රාජපක්ෂට අනිවාර්යෙන්ම සිය ජනාධිපති ධූරයෙන් ඉවත්ව වීමට සිදු වේ. ඒ, ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රකාශ කර අවසන් හෙයිනි. එමෙන්ම ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙක්ම, විදෙස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම කෙනෙක්ම, සෑම මහා පරිමාණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්ම ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව දැඩි අවධානයෙන් සිටියි. එහෙයින් ගෝඨාභය රාජපක්ෂ ඉවත් නොවූවොත්, මීටත් වඩා විශාල කැළලක් ඔහුට සිදුවීමට නියමිතයි. එම නිසා ඔහු අනිවාර්යයෙන්ම ජූලි මස 13 වන දින ඉවත් වනවා නොඅනුමානය.

මෙම සාමකාමී විරෝධතාවය ලෝක ඉතිහාසයේද රන් අකුරින් ලියවෙනු ඇත. ඒ, සියලු දෙනාම එකා මෙන් එකමුතු වූවොත්, කිසිදු අවි ආයුධයක් නොමැතිව, සාමකාමීව මෙවන් ප්‍රතිරෝධයක් එල්ල කිරීමට තිබෙන හැකියාව පිළිබඳවයි. එපමණක් නොව ඇතැම් විට වෙනත් රටවල පාලන තන්ත්රයේ ධන බලයෙන්, මැර බලයෙන් පෑගී සිටින සිවිල් පුරවැසියන් පවා අපව අනුගමනය කරමින් මෙවැනිම අරගලයක් හෙට අනිද්දා හෝ ඉදිරි වසරක හෝ තවත් වසර සීයකින් හෝ ඇරඹිය හැක.
ගාලු මුවදොර පිටියේ පැවති විශේෂත්වය වන්නේ එම අරගල භූමිය සැබැවින්ම ආදර්ශ සැපයූ භූමියක් වීමයි. එහිදී සාමකාමී විරෝධතා වලට අමතරව තවත් බොහෝ දේවල් සිදු වූ අතර ඒවා 200% සංවිධානය වී තිබීම ඉතාමත් විශේෂිත කරුණකි. සැමට ආහාරපාන සපයන ආහාර කුටි, මුළු මුළුතැන් ගෙවල්, මාධ්‍ය සහ පරිගණක මධ්‍යස්ථානයක්, පාසලක්, වගා භූමියක්, කලාගාරයක්, චිත්‍රපට ශාලාවක්, පුස්තකාලයක්, දේශන ශාලාවක් වැනි බොහෝ ස්ථාන තිබිණි. විවිධ උගත් බුද්ධිමත් වියත් පිරිස් ගෙන්වා සිදුකරන ආර්ථිකමය, වෘත්තීමය සහ දේශපාලනික දේශන සංවිධානය විය. එය සැබැවින්ම උද්ඝෝෂණ භූමියක් නොව විශ්වවිද්‍යාලයකි.
එමෙන්ම මෙම සාමකාමී අරගලය ඉතාමත් නිර්මාණශීලී වූ බවද අපි දනිමු. මීට හොඳම නිදසුන නම් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රොජෙක්ටර් ආලෝකයකින් ආවරණය කිරීමයි. ඊට අමතරව විවිධ නාට්‍ය රඟදැක්වීම්, සංගීත ප්‍රසංග, තොවිල් පවිල්, අභිරූපණ ඉදිරිපත් කිරීම්, සත්යග්රහ, මිය ගිය පුද්ගලයන් සිහි කිරීම්, වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සැමරීම, ධර්ම දේශනා පැවැත්වීම්, සාංඝික දානමය පිංකම්, පිරිත් සජ්ජායනා, රාමසාන් උපවාසය වැනි බොහෝ දෑ සිදු කෙරිනි.
අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සෑම දිනකම අව්වේ වේලෙමින්, වැස්සේ තෙමෙමින්, පොලීසියේ කදුළු ගෑස් ප්‍රහාර වලට ලක් වෙමින්, හමුදාවේ යකඩ පොලු ප්‍රහාර වලට ලක් වෙමින්, රාජපක්ෂ පාක්ෂිකයින්ගේ සාවද්‍ය දෝෂාරෝපණ වලට ලක් වෙමින් ගාලු මුවදොර පිටියේ යටි අරමුණු රහිතව සිටි සියලු දෙනාට මේ අවස්ථාවේදී ප්‍රශංසා කළ යුතුය.

ලිපිය අවසන් කිරීමට පෙර අදින් පසු උදා වන අනාගතය පිළිබඳව මා දකිනා ආකාරයට අනාවැකි කිහිපයක් පළ කිරීමට අදහස් කළෙමි. මේවා ඇතැම් විට ඇත්තක් බවට පත් විය හැක. ඇතැම්විට පුස්සක් විය හැක. කෙසේ හෝ වේවා මෙම අනාවැකිය පුස්සක් වනු දැකීම මාගේ සිහිනයයි.
පළමුවැන්න නම් අරගලකරුවන්ගේ නියම අරමුණ කුමක්ද යන්නයි. අරගලය වෙත සහභාගී වූවන්ගෙන් ඇතැමුන් ශ්‍රී ලාංකිකයා යන සංකල්පයෙන් මිදී පෙරටුගාමී, සමාජවාවාදී, ජේවීපී, සජබේ යනාදී පක්ෂ නියෝජනය කරමින්, කැපුවත් ඔවුන්ගේ ශරීර වලින් එම පක්ෂයේ පාට වැගිරෙන බව උපකල්පනය කරමින් සහභාගී වන්නට ඇත (අග්‍රාමාත්‍යවරයා බවට රනිල් වික්‍රමසිංහ පත්වන විට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් අරගලයෙන් ඉවත් වුණෝය. අරගලයට ප්‍රශංසා කළ ඔවුන්, තම නායකයාට බලය ලැබීමත් සමඟම අරගලය විවේචනය කළෝය). ඇතැමුන් මෙය උද්වේගකාරී සහ ජවසම්පන්න අවස්ථාවක් බැවින් ඒ වෙනුවෙන් සහභාගී වන්නට ඇත. දැන් ප්‍රධානතම ප්රශ්නය නම් ඉන්පසුව සිදුවන්නේ හෝ සිදු කරන්නේ කුමක්ද යන්නයි.

ඈත අතීතයේ ජාතික රූපවාහිනියේ දියකඩඉම (Water Margin) යනුවෙන් චීන ටෙලි කතා මාලාවක් විකාශනය කෙරිණි. එම කතා මාලාවේ තිබුණේ දූෂිත රජයකට විරුද්ධව තනි තනිව සටන් කරන සහ අසාධාරණයට ලක්වූ එක් එක් සමාජ මට්ටම් වල සිටි මිනිසුන් 108 දෙනෙක්, සෙබළුන් 10,000කගේ හමුදාවක් ගොඩනගා කණ්ඩායමක් ලෙස එකට එක්ව සිදු කරන අරගලයක් සම්බන්ධවයි. එනමුත් මෙය ආයුධ සන්නද්ධ අරගලයකි. යුධමය අතින් අරගලය ජයග්‍රහණය කිරීමට ආසන්නව පවතින විට එම අරගලකරුවන් හට නායකත්වය ලබාදෙන පුද්ගලයා "යුද්ධය නිමා වූවාට පසුව ඔබ ඊළඟට කුමක්ද සිදු කරන්නේ?" යනුවෙන් අරගලකරුවන් එකිනෙකාගෙන් ඇසුවේය.
එනමුත් ඒ කිසිවෙකු ළග ඊට පිළිතුරක් තිබුණේ නැත. ඔවුන් අරගලය ජයග්‍රහණය කරන සිහියෙන් සිටියා මිස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ඉන් ඔබ්බට සිදු කරන්නේ කුමක්ද සහ ඉන් තමන්ටත් අන් අයටත් සිදු වන දේශපාලනික, සාමාජීය, ආර්ථික බලපෑම් පිළිබඳව සිතා තිබුණේ නැත.

එබැවින් දැන් හෝ ඒ පිළිබදව සිතා බැලීමට කාලය එළඹී තිබේ. අරගලයේ මූලික අරමුණ වූයේ ගෝඨාභය සහ මහින්දව ගෙදර යැවීමයි. මේ වන විට එම අරමුණු ඉෂ්ඨ වී අවසන්ය. එමෙන්ම ඊට සමගාමීව බොහෝ යහපත් දේ සිදු වූ බවද අප දනිමු. පැය 15 විදුලි කප්පාදුව පැය 2කට සීමා වීම, කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් බොහෝමයක් ස්වාධීන වීම, ඒ හරහා ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකෙහි බලය අහිමි වීම, අප රටේ ආර්ථික අවපාතයට වගකිවයුතු ප්‍රධාන චූදිතයෙක් වන බැසිල් රාජපක්ෂ ඉවත්වීම, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොදු නීතියට අනුකූලව ක්‍රියා කරන ජනතාව වෙනුවෙන් නොමිළේ පෙනී සිටීම, සියලුම මැති ඇමතිවරුන්ට තමන්ගෙ බලය විදහා පාමින් ආරක්ෂක සාමාජිකයින් සමඟ පවා මහ පාරේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සෘජු අවධානය යොමු වීම, ජාත්‍යන්තර මාධ්‍ය වල සෘජු අවධානය යොමුවීම වැනි දෑ ඊට උදාහරණ ලෙස දැක්විය හැක. දැන් ඉන් ඔබ්බට සිතිය යුතු කාලයයි.
එමෙන්ම නුදුරු අනාගතයේදී හෝ අනාගතයේදී මෙම අරගලයට සහභාගී වූ සහ නායකත්වය දුන් බොහෝ දෙනා බෙදී වෙන් වී යනු ඇතැයි මා හට සිතෙයි. එය මෑත කාලීන ලංකා ඉතිහාසයේ අප නිතරම දුටු දෙයකි. ගංවතුර ගැලීම්, නාය යෑම්, නියං කාල වකවානු වලදී, සුනාමි අවස්ථාවේදී, හතරවන ඊලාම් යුද්ධයේදී, පාස්කු ප්‍රහාරයේදී අප සියලු දෙනාම ජාති, ආගම්, කුල, මල, පක්ෂ, පාට, භේද අතහැර එකාමෙන් එකට එකතු වුණෙමු. ඒ අභියෝග ජයග්‍රහණය කිරීම උදෙසා ක්‍රියා කළෙමු. එම අභියෝග ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව විවිධ මත ගැටුම් ඇති කර ගනිමින් බෙදී වෙන් වූයෙමු. එහෙයින් මෙම අවස්ථාවේදීද එවැන්නක් සිදු නොවේ යැයි සිතිය නොහැක. එනමුත් නැවත මෙවැනි ජාතික අවශ්‍යතාවයක් පැමිණි විට සියල්ලන්ම මෙලෙසින් එකමුතු වනු ඇත.
මීළඟ අවදානම නම් අප සැමවිටම ඉස්මතු කළ "ඔවුන් හැප්පුනේ වැරදි පරම්පරාවක් සමගය" යන පාඨයයි (මීට බොහෝ වශයෙන් හේතු වූයේ තරුණ තරුණියන් සමාජ මාධ්‍යය, තාක්ෂණය, නිර්මාණශීලීත්වය, දැනුමින් සහ බුද්ධියෙන් පෝෂණය වී තිබීමයි). මෙම පාඩම අනාගත පාලකයින් කෙසේ භාවිතයට ගනීද යන්න සැක සහිතය. යහපත් ධාර්මිෂ්ඨ පාලකයන් අනාගතයේදී පත් වූවොත් ඔවුන් එය පාඩමක් කරගනිමින්, රටවැසියාට හැකි උපරිම අයුරින් සේවය කරනු ඇත. එනමුත් යම් හෙයකින් මෙවැනිම බලලෝභී පාලකයින් පත්වූවොත්, ඔවුන් මෙම අරගලයේදී තරුණ තරුණියන් විසින් සිදුකළ සියළු ක්‍රියාකාරකම් පිළිබඳව නිසි අධ්‍යයනයක් කර, අනාගතයේදී මෙවැනි නැගී සිටීමක් සිදු කිරීමට ඇති ඉඩ අවකාශයන්, අණ පනත් නීති කෙටුම්පත් සංශෝධනය කිරීම් ඔස්සේ අහුරනු ඇත. එහෙයින් අප විසින් මෙම පාලකයින්ට ලබා දුන් පාඩම, එය පාඩම් කරනු ලබන පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව වෙනස් වන බව විශේෂයෙන්ම මතකයේ තබා ගත යුතුයි.
මීළඟ කරුණ නම් ජාත්‍යන්තර මැදිහත්ව වීමයි. යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳව සිහින දකින සෑම අයෙකුම අරගලය උදෙසා සිය හද පතුලින් සහයෝගය පල කළද, ජාත්‍යන්තර වශයෙන් මේ සදහා ලැබුණු සහයෝගය පිළිබඳව අප 100%ක් විශ්වාස කළ යුතු නැත. ඊට හේතුව නම් ඕනෑම කුඩා රටක් අස්ථාවර වූවොත් හෝ අස්ථාවර වීමට සහයෝගය ලබාදී, එයින් උද්ගත වන තත්තවයෙන් ආර්ථික සහ දේශපාලනික වාසි ලබා ගැනීම ඇමරිකාව ප්රමුඛ යුරෝපීය රටවල් වල සිරිත වීමයි. ඔවුන් පමණක් නොව ඉන්දියාව, චීනය, රුසියාව වැනි රටවල්ද එසේමය. එබැවින් අරගලයට දායකත්වය ලබා දෙන්නන් අතරින් සතුරන් සහ මිතුරන් වෙන්කර බැලීම ඉතාමත් ඉක්මණින් සිදු කළ යුතුයි. මේ වන විටද අප සිටිනුයේ ජනාධිපතිවරයෙක් නොමැති රටකය. එබැවින් ජනාධිපතිවරයෙක් තෝරා පත් කිරීම හැකි ඉක්මණින්ම කළ යුතුය.

මීළඟ අනාවැකිය නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බොහෝ දුරට මීළග ජනාධිපති ධුරයට තරග කළ හැකි අතර බොහෝ දුරට ඔහු ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවයක් තිබේ. එසේ වූවොත් ආණ්ඩුවේ බලය එක්සත් ජාතික පක්ෂය නොහොත් පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නොහොත් පොඩිකර පයින් ගසා කුණු කූඩයට දැමූ, එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් ඇති පක්ෂයකට හිමි වනු ඇත. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලේ ප්‍රධාන ආරක්ෂකයා බව අප හොදාකාරවම දනිමු. ඒ බව යහපාලන රජය පැවති සමයේ සක්සුදක් සේ පැහැදිලි විය. මහජනතාව මුලා කිරීම පිණිස රාජපක්ෂලාව උසාවි ගෙන්වමින් සිටි අතර එම නඩු විභාග වල අවසානයක් හෝ ඔවුන්ට දඩුවම් කිරීමක් සිදු වූයේ නැත. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණෙන විට සපථ කළ මහා බැංකු වංචාවේ ප්‍රධාන චූදිතයාට එරෙහිව කටයුතු කරනවා වෙනුවට, එම පුද්ගලයාට අගමැති පුටුව භාරදුනි. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූවොත් ඔහු සුපුරුදු පරිදි රාජපක්ෂ පවුල ආරක්ෂා කරනු ඇත. රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම යනු රාජපක්ෂ පවුලේ පශ්චාත් භාගය ලෙවකන මැති ඇමැතිවරුන්ද ආරක්ෂා කිරීමකි.
අවසාන අනාවැකිය නම් රාජපක්ෂ සහ යහපාලන රජය විසින් දැඩි අවදානය යොමු කළ යුතු තර්ජන බල්ලාට දැමීමෙන් සහ ඒවා තම තමන්ගේ වාසි වලට හැරවීමෙන් උද්ඝත වී තිබෙන තත්වයයි. එම නිසා අද වන විට කිසියම් ස්ථානයකින් ආයුධ සොයා ගත්තත්, කොරෝනා වසංගතය වැළදුනු රෝගීන් 150ක් සොයා ගත්තත්, කොරෝනා මරණ 10ක් වාර්තා වූවත්, උතුරේ බෞද්ධ පූජනීය ස්ථානයක් ඩෝසර් කරනවා යැයි ප්‍රවෘත්තියක් පල වූවත්.... ඒවාද දේශපාලුවන් විසින් ඇටවූ මහජනතාව භේද කිරීමේ උගුල් සේ සළකා HaHa Reacts දමනු ලබයි. 90% ජාතීන් එකමුතු වී සිටියද, තවමත් අප රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික අන්තවාදය ක්‍රියාත්මකය. එබැවින් යම් ප්‍රවෘත්තියක් දුටු විට ඒ පිළිබඳව විචාරපූර්වකව කල්පනා කළ යුතුය. විශේෂයෙන්ම මාධ්‍ය ආයතන ඒවා පල කිරීමේදී සැළකිලිමත් විය යුතුය. පාලක පන්තිය බොරු ප්‍රචාර ඉවත දමා වගකීමෙන් කටයුතු කළ යුතුය. එසේ නොවූවොත් "කොටියා ආවෝ" යැයි සැබෑවටම විලාප තබන විට, කිසිවෙක් ඒ පිළිබඳව ප්‍රතිචාර නොදක්වනු ඇත.

අරගලය අවසන්ද? ගාලු මුවදොර අරගල භූමිය ජූලි මස 13 වන දින ඉවත් කර ගනීද?
අරගලයේ ප්‍රධානතම අරමුණ වූ ගෝඨාභය සහ මහින්දව එළවා දැමීම දැන් සාර්ථකව අවසන් වී ඇත. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් සමු ගන්නවාත් සමගම අගමැති ධූරයට පත් වන රනිල් වික්‍රමසිංහ එලවීම යන උප අරමුණ, දැන් අරගලයේ ප්‍රධානතම අරමුණ වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එමෙන්ම අරගලයේ තවත් උප අරමුණක් වනුයේ 225ම එපා යන වදනයි. එයද තවමත් සාර්ථක වී නොමැති අතර එය තව වසර ගණනාවක් යනතුරු සාර්ථක නොවන බව මාගේ පුද්ගලික මතයයි.
අරගලයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ගාලු මුවදොර පිටිය වූවත් සැබැවින්ම අරගලය ගාලු මුවදොර පිටියේ පමණක් තිබෙන බවට සිතාගෙන සිටින අය වේ නම් ඔවුන් වෙනුවෙන් පැය 24කවත් නිශ්ෂබ්ධතාවයක් පැවැත්විය යුතුයි. අරගලය තිබෙනුයේ ගාලු මුවදොර පිටියේ නොව, යහපත් ශ්‍රී ලංකාවක්, යහපත් අනාගතයක්, ආලෝකමත් හෙට දවසක් පිළිබඳව සිහින දකින සාමයට ලැදි සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සිත් තුළයි. එසේත් නොමැති නම් සීඝ්රයෙන් වැඩි වෙමින් පවතින උද්ධමනය සමඟ ජීවන යුද්ධය ජය ගැනීමට වෙර දරමින් සිටින ශ්‍රී ලාංකිකයා තුළයි.
එලෙස ගත් කල මෙම අරගලය තවත් වසර ගණනාවක් යන තුරු සිදුවේ. 2022 ජූලි 09 වන දින සිදු වූයේ ඒ සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම පමණි.
උදාහරණ කිහිපයකින් කියතොත්.... මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද තමන්ගේ ටොෆි කොළය පරිසරයට විසික් නොකර තමන්ගේ සාක්කුව තුළට දමා ගන්නා තුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද අල්ලස් දීමෙන් වළකින තුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද අනෙකුත් ජාතීන්ට, අනෙකුත් ආගම්වලට ගරු කරන අතරේ අප රටේ පවතින පන්ති භේදය පිළිකුල් කරන තුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද පහත් ලාමක පවිටු සිතුවිලි වලින් තොරව සමාජයට සේවය කරන තුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද තමන්ගෙ ප්‍රතිවාදියා විසින් යහපත් දෙයක් සිදු කළ විට එය ඇගයීමට පුරුදු වනතුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද අප රටේ වෙසෙන අනෙකුත් ගහ කොළ සතා සිවුපාවුන්ට ආදරය කිරීම ආරම්භ කරනතුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද තමන්ගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම ආරම්භ කරන තුරු, මිලියන විසිදෙවෙනි ශ්‍රී ලාංකිකයාද අප රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා දායකත්වය ලබා දෙන තුරු මෙම අරගලය නිමා වන්නේ නැත. එනම් මෙය නොනවතින අරගලයකි!
- 2022.07.09