ඩොටේ අක්කා
ඒ කාලෙ රස්සාව කරන තැන, වැඩ කරන්න ආවා අක්කා කෙනෙක්. බදුල්ල තමයි මේ අක්කාගෙ ගම් පළාත. ඉතින් කොළඹ පාරවල් ගැන දැනගන්න ඕන වුණාම, මේ අක්කා මගෙන් තමයි අහන්නෙ. මගේ මතක ශක්තියේ තරම කොයිතරම්ද කියනවා නම් අවුරුදු 3 ඉදලා, මේ වෙනකං වෙලා තියෙන ජීවිත සිදුවීම්වලින් විශාල ප්‍රමාණයක් මතකයේ තියෙනවා. බොහොම සුළු සුළු සිද්ධීන් පවා. එක පාරක් මූණක් දැක්කොත්, ආයිත් කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. කවදද, කොහෙදිද, කීයටද, ඒ වෙලාවෙ ඇදගෙන හිටපු ඇදුමේ පාට, කෑවේ බිව්වෙ මොනවද, ඒ වෙලාවෙ තිබ්බ කාළගුණික තත්වය.... මේ හැම දෙයක්ම, ගලේ කෙටුවා වගේ මතකයේ තියෙනවා. ඒත් කවදාවත්ම මට මතක නොහිටින දේවල් දෙකකුත් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය පැත්තට සම්බන්ධ දේවල්. අනිත් එක තමයි පාරවල්. ඉතින් මේ අක්කා මගෙන් කොළඹ පාරවල් ගැන අහන අහන සැරේට, මටත් හරි හිනා. මොකද මාර මනුස්සයෙක්ගෙන් තමයි පාරවල් ගැන අහන්නෙ. එතකොට ඉතින් මම කියන්නෙ "කොළඹ දිස්ත්‍රික්කයේ හිටියට, අපි ඉතින් කොළඹමත් නෙවේනෙ. අපි ඉන්නෙ ඩොටේ නෙහ්" කියලා. ඒ වෙලාවට අක්කා කියනවා "අයියෝ දනුල. ඔයාලා කොළඹ වෙලත් ඩොටේ කියනවා නම්, අපිට කියාගන්න වෙන්නෙ මොකක්ද? අපි ඇවිල්ලා එහෙනං හද්ද ඩොටේ" කියලා.
ඉතින් නිතරම අපි අතරේ පාවිච්චි වුණු ඔය "ඩොටේ" කියන වචනය නිසා තමයි, මේ ලිපියට "ඩොටේ අක්කා" කියලා නම තිබ්බේ. මේ අක්කාගෙ ගම් පළාත බදුල්ලෙ වුණාට යාපනය, කොළඹ වගේ පැතිවල අවුරුදු ගණන් ඉදලා තියෙනවා. ඉතින් මේ අක්කා විවේක වෙලාවට යාපනයේ සහ කොළඹ ගත කරන කාල වකවානුවල වුණු අත්දැකීම් සහ බදුල්ලේ ජීවන අත්දැකීම් ගැන අපිට කියන්න අමතක කළේ නෑ.
මේ ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණත්, මේ අක්කා අපිත් එක්ක බෙදා හදා ගත්තු දේවල්, ඔයාලා එක්ක බෙදා හදා ගන්නයි.

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "ඔබ දුප්පතෙකු වී ඉපදුනොත්, ඒ ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතෙකු වී මැරුණොත්, ඒ ඔබේ වරදක්" කියලා. මේ කියමනට සමාන කියමනක්, මේ අක්කත් නිතරම කියන්න පුරුදු වෙලා හිටියා. ඒ කියමන ඇවිල්ලා, මෙන්න මේ වගේ කියමනක්.
"කොළඹ ඉපදෙන්න තියෙනවා කියන්නෙ ලොකූ වාසනාවක්. හැබැයි කොළඹ ඉදලත් ජීවිතේ ගොඩ ගියේ නැත්නම්, ඒක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම අවාසනාව".
ඒකට හේතුව තමයි අපේ රටේ අනිත් දිස්ත්‍රික්කවලට වඩා, කොළඹ දිස්ත්‍රික්කයේ හැම සැප සම්පතක්ම තියෙන එක. මේ අක්කා කාලයක් කොළඹ එක්තරා සුප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලකත් ඉගැන්නුවා. කොළඹින් ලබා ගත්තු අත්දැකීම් අනුව මේ අක්කාගෙ මතය තමයි "අපේ රටේ අනිත් පළාත්වලට සාපේක්ෂව කොළඹ ළමයි හරි මෝඩයි" කියන එක. ඒකට හේතු පාඨය විදිහට දක්වන්නෙ "කිසිම සාමාන්‍ය දැනීමක් නෑ" කියලයි. තවත් දීර්ඝව විස්තර කරනවා නම් හම්බවෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ නෑ කියලයි. මේ ගැන අක්කා කිව්වෙ මෙන්න මේ වගේ දෙයක්.

"ඔයාලට මොනවද දනුල අඩු? තියෙන හැම සැප සම්පතක්ම තියෙනවා. ඒත් කොළඹ ළමයි ඒවායෙන් හරියට ප්‍රයෝජන ගන්නෙ නෑ. මෙහේ පදුරකට පයින් ගැහුවත් ටියුෂන් පන්ති විස්සක් විතර විසික් වෙනවා. ඒත් අපේ පැතිවල ටියුෂන් පන්තියක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ. හතරක් පහක් තමයි වැඩිම වුණොත් තිබ්බේ. ඒත් ටවුමේ. දැන් තමයි පොඩ්ඩක් හරි වැඩිවෙලා තියෙන්නෙ.
අපි ඉතින් ඉගෙන ගත්තෙ තනියෙන්මයි. අපිට කියලා දෙන්න කවුරුත්ම හිටියේ නෑ. ඒ අතින් ඔයාලා කොච්චර වාසනාවන්තද? අපි තනි රූල් |
පොත් පාවිච්චි කළෙත් හරිම පරිස්සමෙන්. පොතක් පෑනක් ගන්නවත් අපේ පැතිවල කඩයක් නෑ. ටවුමටම යන්න ඕන. ඒ නිසා හෙන චූටියට අකුරු ලිව්වේ. ඒ පැතිවල ගොඩාක් ළමයි ඉන්නවා ජීවිතේට Computer එකක් නොදැකපු. ඒ අතින් ඔයාලා හරිම වාසනාවන්තයි. ඒත් කොළඹ ළමයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඉගෙන ගන්නවා නම් කොළඹ කොච්චර තැන් තියෙනවද? කොච්චර දේවල් තියෙනවද? ඒත් ඉගෙන ගන්න කාලෙ, හරියට ඉගෙන ගන්න උනන්දුවක් නෑ. හැම තිස්සෙම ජොලි කර කර ඉන්නවා විතරයි!"
ඒ කාලේ අපිට බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තුන්දින ප්‍රදර්ශනයකට ඉන්න වුණා. ඒ දවස්වල අපේ පණ රැක ගන්න බොස්ගෙ මූල්‍යමය ආධාර ඇතුව එක එක බීම ජාති ගෙනත් තිබුණා. මම ඉතින් මේ එකක්වත් බොන්න ගියේ නෑ. මොකද මට බෝතලේට කට තියන්නෙ නැතුව බීලා පුරුදු නෑ. අනිවාර්යෙන්ම කට තියන්න ඕනමයි. මම කට තියලා බිව්වොත්, මගේ කටේ තියෙන ලස්සන ලස්සන දේවල්, බීම එක්ක මිශ්‍රවෙලා බෝතලේ ඇතුළට ගිහින්, තවත් අලුත්ම වර්ගයක බීමක් නිෂ්පාදනය වෙනවා. ඒක බොන කෙනා එක්කො ලෙඩ වෙයි. එහෙමත් නැත්නම් කූරියා ගහයි.
මේ අස්සේ මේ අක්කාගෙන් පොරේ බීම බොන්න කියලා. මමත් ඉතින් බීම බොන්නෙ නැති එකට හේතුව කිව්වා. එතකොට අක්කා හිනාවෙලා කිව්වා "අයියෝ ඔව්වා මොනවද දනුල? ඔයා විශ්වාස කරන්න දනුල, කැම්පස් එකේ රැග් එකේදි 200කට වැඩි දෙනෙක්, එකම චුවීන්ගම් එක හැපුවා" කියලා. ඒක නම් අහන් ඉන්නත් අප්පිරියයි.

"එහෙනං ඔයාලා පොඩි අයව රැග් කළේ නැතුව ඇති නේද?" මමත් ඉතින් නිකං ඉන්න බැරිකමට ප්‍රශ්නයක් ඇහුවා. "ආපෝ පිස්සුද? අපි උන්ට ඔයිට වඩා දේවල් කළා. නැත්නම් උන් හැදෙන්නෙ නෑ"... ඔන්න අක්කා දීපු උත්තරේ.!
මේ තමයි අක්කා, අක්කාගෙ විශ්වවිද්‍යාල ජීවිතය ගැන පළවෙනි වතාවට විස්තර හෙළි කරපු දවස... මේ අක්කා ගියේ යාපනය විශ්වවිද්‍යාලයට. එක්තරා අවුරුද්දක ගණිත අංශයෙන් උසස්පෙළ විභාගය ලියපු, අපේ කතානායිකාව ඉහළින්ම විභාගය සමත් වුණු කෙනෙක්. ඒත් විශ්වවිද්‍යාල තෝරා ගැනීමේ පත්‍රිකාව පුරවනකොට වුණු සුළු අත්වැරැද්දක් නිසා, අන්තිමේදි මෙයාට හම්බුණේ යාපනය විශ්වවිද්‍යාලයයි. අක්කා අනාවරණය කරපු කරුණු කාරණා අනුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය, එච්චරම සිත් ගන්නා සුළු කාල වකවානුවක් නෙවේ. හරිම නීරස, කටුක සහ දුක්මුසු කාලයක්.
අක්කා කියන විදිහට යාපනය කියන්නෙ ලංකාව ඇතුළෙ තියෙන වෙනමම රටක්. දකුණට වඩා හාත්පසින්ම වෙනස් ආගමික, දේශපාලනික, සාමාජීය සහ සංස්කෘතික විවිධත්වයකින් හෙඹි දිස්ත්‍රික්කයක්. යාපනය විශ්වවිද්‍යාලයේ බහුතරය දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. මුස්ලිම් සහ සිංහල අය හිටියෙ බොහොම සුළුවෙන්. අක්කා අනාවරණය කරපු දේවල් අනුව මේ විශ්වවිද්‍යාලයේ, බොහොම කලාතුරකින් ජාතිවාදී සිදුවීම් මාධ්‍යයට වාර්තා වුණත්, විශ්වවිද්‍යාලය තුළ ජාතිවාදය හැමදාමත් තියෙනවලු. හැබැයි ඒ එළිපිට පේන්න නෙවේ. ඇතුළතින්. විශ්වවිද්‍යාලයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වාසිසහගත වෙන විදිහටලු. මේ අසාධාරණ තීන්දු තීරණ ගන්නෙත්, ඒ විශ්වවිද්‍යාලයේම ඉන්න දෙමළ කථිකාචාර්යවරු සහ උපකුලපතිවරුන්ලු. මේක හරියට නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්!

මේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ එක්තරා විශේෂවේදී උපාධියකට ඇතුළත්වීමේ විභාගයක් තිබිලා තියෙනවා. විභාග ප්‍රතිඵල අනුව අක්කාට A සාමාර්ථයක් ලැබිලා තියෙනවා. අක්කාලු පළවෙනියා වෙලා තියෙන්නෙ. අනිත් හැමෝටම තිබුණේ C සාමාර්ථලු. ඒ හැමෝම දෙමළ ළමයිලු. ඉතින් මේ උපාධිය සදහා ලොකූ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන හිටියත්, හිටිගමන්ම කිසිම හේතුවක් නැතුව, මේ උපාධිය අවලංගු කළාලු. මේ සිද්ධියෙන් අක්කා මානසිකව වැටුණා. අහස උසට තියාගෙන හිටපු බලාපොරොත්තු, ඔක්කොම සුන්!
ඊට පස්සෙ කාලෙක තවත් විභාගයක් තිබ්බලු. ඒකෙදිත් අක්කා ඉහළ ලකුණු ගන්න අතරේ, අනිත් දෙමළ ළමයි ඔක්කොම අරගත්තෙ අඩු ලකුණුලු. ඉතින් ඒ විභාගයෙත් ප්‍රතිඵල, හිටිගමන්ම අවලංගු කළාලු. මේ සිද්ධීන් අක්කාට ලොකූ පීඩනයක් ගෙනල්ලා තියෙනවා. කොහේ හිටියත් නිතරම මතකෙට එන්නෙ විභාග ප්‍රතිඵල අවලංගු වුණු සිද්ධීන්ලු. ඒ නිසා නිතරම ඇඩුවලු. විශ්වවිද්‍යාලයේ දේශන අතරතුරදිත්, කිසිම හේතුවක් නැතුව ඇස්වලින් කදුළු එනවලු. අන්තිමේදී මේක විශාදයක් දක්වා වර්ධනය වුණාලු. අපිට තේරෙන විදිහට කිව්වොත් Depression හැදුනලු. මේකෙත් උච්ඡතම අවස්ථාව විදිහට, අක්කා විශ්වවිද්‍යාලයේ උපකුලපතිව හොයාගෙන ගියපු සිද්ධිය හදුන්වන්න

පුලුවන්. "අන්තිමේදි මම පිහියකුත් අරගෙන Deanව හොයාගෙන ගියා. ගිහිල්ලා මම හිතේ තියෙන ඔක්කෝම ටික මූණටම කියලා දැම්මා. මම කිව්වා 'ඒක කොච්චර කැත වැඩක්ද? කොච්චර අසාධාරණයිද? ඒ දේ ඔයාගෙ ළමයෙක්ට වුණා නම් ඔයා කැමතිද? මේ කැම්පස් එකේ ඉන්න හැමෝටම එක හා සමානව සළකන්න ඕන නේද? ඔයාට මේ කැම්පස් එකේ Dean වෙන්න තියා, අඩුම තරමේ දෙමාපියෙක් වෙන්නවත් කිසිම සුදුසුකමක් නෑ. මගේ අම්මලා තාත්තලා කොච්චර දුක් විදිනවා ඇත්ද? මම කොච්චර මානසිකව වැටුණද මේ නිසා?' කියලා. එයා ඉතින් අන්තිමේදි 'Sorry' කිව්වා. පස්සෙ මම කිව්වා 'දැන් Sorry කියලා වැඩක් නෑ. වෙන්න තිබුණු ඔක්කොම හරිය වුණාට පස්සෙද Sorry කියන්නෙ? දැන් ඔක්කොම වෙලා
|
ඉවරයි' කියලා. හැබැයි එයා එදා Sorry කියපු නිසා හොදට ගියා. නැත්නම් ඇත්තමයි දනුල, මම ඌට පිහියෙන් අනින එක අනිනවා. මම එදා ඒ කාමරේ ඇතුළට ගියේ, එයාව මරන්නමයි. එහෙම වුණා නම් මම අද මෙතන නෑ. මම අද හිරේ." ඒ මගේ වචන නෙවේ. අපේ කතානායිකාවගේ සංස්කරණය නොකරන ලද වචනයි.
ඊට පස්සෙ සැළකිය යුතු කාලයක් මේ අක්කට ඉස්පිරිතාලයේ නැවතිලා ප්‍රතිකාර ගන්න වුණා. ඒ මේ විශාදය සුව කරගන්න. "මම ඉස්සර ගොඩාක් කෙට්ටුවට හිටපු කෙනෙක් දනුල. මේ විදිහට බතල වුණේ, Depressionවලට බෙහෙත් බීලා. ඇයි ඉතින් අවුරුදු ගාණක් එක දිගට අරගන්න වුණානෙ. හරිම සැර බෙහෙත්. මේ බෙහෙත්වලින් සෑහෙන්න මහත් වුණා. ඒ වගේම අනිත් පැත්තට නැති ලෙඩ හැදෙන්න ගත්තා. නැත්නම් මමත් ඉස්සර කෙට්ටුවට හිටපු කෙනෙක්". මේ කතානායිකාව ඉස්සර බොහොම කෙට්ටුවට හිටියා කියන එක නම් තේරුම් ගියා, එයාගේ Facebook ගිණුමේ පරණ පින්තූර බැලුවම.
"ඉස්පිරිතාලේ ඉදගෙන බෙහෙත් ගන්නකොට මගේ එහා ඇදේ හිටියා ගෑණු කෙනෙක්. ළමයෙක් හම්බවෙන්න ගිහිල්ලා, ඒ ළමයා නැතිවෙලා. ඒ නිසා මානසිකව ලෙඩ වුණු කෙනෙක්. එයාගෙ බඩ ටිකක් ලොකුයි. එයාට මතක නෑ එයාගෙ ළමයා නැති වුණා කියලා. එයාට මතක තාමත් එයාට ළමයෙක් හම්බවෙන්න ඉන්නවා කියලා. ඉතින් එයා හැමතිස්සෙම කියනවා එයාට ළමයා පයින් ගහනවා දැනෙනවා, ඔන්න දැන් එයා අනිත් පැත්තට හැරෙනවා, එයා දැන් දගලනවා කියලා." ඒ, ඉස්පිරිතාලේ ප්‍රතිකාර ගන්නකොට අක්කට ලැබුණු අත්දැකීමක්.

"ඉතින් දෙමළ යාලුවො කොහොමද? එයාලා Shapeද?" ඒ මට තිබුණු ප්‍රශ්නේ. ඒකට අක්කා හැරෙන තැපෑලෙන් උත්තරයක් දුන්නා. "ආපෝ එයාලා ඊට හපන්. එයාලා, එයාලා ගැන විතරයි හිතන්නේ. උඩින් යාලුයි වගේ හිටියට, එයාලා ගේම ගහන්නෙ යටින්. 'සිංහල මිනිස්සු කියන්නෙ හරිම දරුණු මිනිස්සු ජාතියක්' කියලා හිතාගෙන ඉන්න අය එහේ තාමත් ඉන්නවා. සමහරක් අය අපිත් එක්ක කතා කළායින් පස්සෙ කිව්වා 'අපි මෙච්චර කාලයක් සිංහල මිනිස්සු ගැන හිතන් ඉදලා තියෙන්නෙ වැරදියට' කියලා. ඒ තරමටම එහෙන් උන්ගේ Brain Wash කරලා තිබිලා තියෙන්නෙ." මේ අක්කාගෙ ගෙවල් තියෙන්නෙ බදුල්ලෙ වතුකර ප්‍රදේශයක. ඒ නිසාම පුංචි කාලෙ ඉදන්ම වතුකරයේ වැඩ කරන දෙමළ අයව ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා මේ අක්කාට පුංචි කාලයේ ඉදලම දෙමළ භාෂාව පුලුවන්. ඒ හැකියාව, යාපනය විශ්වවිද්‍යාලයේ ගත කරපු අවුරුදුවල ලොකු ආශිර්වාදයක් වුණාට කිසිම සැකයක් නෑ.
යාපනයේ හිටියත්, කොළඹ හිටියත්, අපායේ හිටියත් අක්කගෙ හිත තියෙන්නෙ බදුල්ලෙ. අක්කට කඩ කෑම දිරවන්නෙ නෑ. හැමතිස්සෙම මතක් කරන්නෙ, අම්මා ගෙදරදි හදන බත් එක ගැන. ඒ බත් එකේ රස ගැන. ලොකු කන්දක, තේ වත්තක පින්තූරයක් දැක්කොත්, හැම තිස්සෙම කියන්නෙ "අනේ ගෙදර ගිහින් එන්න හිතෙනවා" කියලයි. ඉතින් විවේකයක් ලද සැනින් අක්කා බදුල්ලෙ යන්න තමයි හදන්නෙ. අක්කාට තියෙනවා පොඩි ස්කූටරයක්. මෙයා ඉතින් මේකෙ
|
නැගලා, තනියම බදුල්ලෙ යනවා, කිලෝ මීටර 200කටත් වැඩි දුරක් ගෙවාගෙන. සාමාන්‍යයෙන් ඉතින් ඒ වගේ දෙයක් ගෑණු ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඉතින් මෙයා වෙනස්ම චරිතයක්. යකෙක් වගේ තමයි වැඩ. ඒ වගේම යකෙකුටවත් බයත් නෑ. එහෙම බය නම්, යාපනයෙ ගිහින් ඉන්න විදිහකුත් නෑ. ගේම නම් ගේම. Shape නම් Shape.
මේ අක්කාගෙ ප්‍රියතම ආහාරයක් තමයි කිරිබත්. කේක් කන්නත් හරිම ආසයි. "අපේ ගෙවල්වල Oven තිබ්බෙ නෑනෙ දනුල. ඉතින් අපි කේක් හැදුවේ මිදුලෙ තියලා. අලී දර ගොඩක් දාලා, ලිපක් බැදලා, ඒකට උඩින් ලොකූ භාජනයක් තියලා. ඊට පස්සෙ ඉතින් කේක් හදන්න ඕනවෙන දේවල් ඒක ඇතුළට දාලා, ඒක වහලා, අම්බානෙකට ගින්දරවලින් රත් කරනවා. ගොඩක් වෙලාවට ඉතින් හොදටම කර වුණු කේක් තමයි

කන්න වෙන්නේ." මේ අක්කට පුදුම අයිස්ක්‍රීම් මේනියාවකුත් තිබුණා. ඒ දවස්වල කාර්යාලයේ වැඩ කරන අතරේ, අයිස්ක්‍රීම් ත්‍රීවීල් එකක සිංදුවක් එහෙම ඇහුණොත්, කර කර ඉන්න වැඩත් අතරමග දාලා, ඒක පස්සෙ දුවනවා. අක්කා අයිස්ක්‍රීම්වලට කොච්චර ආදරේද කියනවා නම්, දවසක් රුපියල් 90 අයිස්ක්‍රීම් එකක් ගන්න, රුපියල් 5000ක් දුන්නා. එතනින් මරු නෑ කිව්වම, කඩවල් ගානෙ එහාට මෙහාට දුවලා, හරියට මහන්සිවෙලා 5000ක් මාරු කර ගත්තා.
අපේ රටේ මොකක් හරි රෙජිමේන්තුවක ආදර්ශ පාඨයක් තියෙනවා "කළ නොහැක්කක් නොමැත" කියලා. මේ අක්කාගෙත් ආදර්ශ පාඨය වුණේ ඒකමයි. හරිම උත්සාහවන්තයි. දන්නෙ නෑ කියලා, අතෑරලා දාලා, නිකං ඉන්නෙ නෑ. තනියෙන්ම හොයාගෙන ඉගෙන ගන්නවා. |
"අපේ තාත්තා කසාද බැන්දෙ අවුරුදු 40ත් පහුවෙලා. අවුරුදු 40න් පස්සෙ තමයි මාව හම්බුනේ. ඊට පස්සෙ අවුරුදු ගාණකට පස්සෙ අපේ නංගිව. ඒ වුණාට ඔය යස අගේට සන්තෝසෙන් ඉන්නෙ. ගෑණු ළමයෙක් නෑ කියලා කවදාවත්ම දුක් වෙන්න එපා. හොදම කෙනා, හොදම කාලෙදි හම්බවෙයි. එතකන් ඉවසගෙන ඉන්න තමයි තියෙන්නෙ. ඉක්මන් වෙන්න හොද නෑ!"
ඔය අක්කා නිකං ඉන්න වෙලාවට කියන දේවල්. ඒ කතා අහන් ඉන්න හරි ආසයි. හරිම රසවත්. ඒ වුණාට, මේ අක්කාව ආශ්‍රය කරන්න හම්බුනේ මාස 4ක් වගේ සුළු කාලයක් විතරයි. ඒ ගැන නම් තියෙන්නෙ විශාල දුකක්. මීටත් වඩා තවත් වැඩි කාලයක් ආශ්‍රය කරන්න හම්බුනා නම්, මීටත් වඩා දේවල් ලියන්න තිබුණා..!!!!!!!