මිල්ලන්ගොඩ ලොකු රාජා
දළදා මාළිගාවේ රාජා ඇතාගේ මරණින් පස්සෙ සධාතුක කරඩුව වැඩම වීමේ භාර දූර කාර්යය හිමි වුණේ මිල්ලන්ගොඩ වලව්වේ "රාජා" ඇතාටයි. 1945 ආනමඩුවෙන් හොයා ගත්තු මේ සද්ධන්තයා, ඒ වෙනකොට හුරු බුහුටි ඇත් පැටවෙක්... ක්රමයෙන් වැඩි වියට පත් වෙනකොට ,මේ ඇතෙක් කියලා අදුර ගන්න මිල්ලන්ගොඩ මහත්තයා සමත් වුණේ වැඩෙන දළ යුගලය දැකලා. මිල්ලන්ගොඩ රාජා , දැයෙන් සමු ගන්නා තෙක්ම , බෞද්ධ සoස්කෘතිය වෙනුවෙන් විශාල වගකීමක් ඉෂ්ඨ කළා. 2011 අගෝස්තු 3 වෙනිදා දැයෙන් සමු ගත්තු මේ අපූරු සද්ධන්තයා මුළු ආසියාවෙන්ම දිගම දළ යුගලය හිමි ඇතා විදිහට අභිෂේක ලබලා හිටියා. හුනපිටිය ගංගාරාමයේ "නවාම් රාජා"ගේ මරණයෙන්, හරියටම මාසයකට පස්සෙ තමයි, මිල්ලන්ගොඩ රාජාගේ අභාවය සිද්ධ වුණේ. මේ මාස දෙක පුරාවටම ,මුළු බෞද්ධ ලෝකයම
|
කැළඹුනා. සධාතුක දළදා කරඩුව වඩම් වන්න සුදුසුකම් ලබපු ඇතුන් ගණන 3ක් දක්වා පහළට බැස්සා..අපේ රටේ හීලෑ දළ ඇතුන් ගණන 22ක් දක්වා අඩු වුණා. මමත් ගොඩාක්ම දුක් වෙච්ච මාසයක් වුණා....මිල්ලන්ගොඩ රාජා දැයෙන් සමු ගත්තෙ දළදා පෙරහැරේ ආරම්හයට හරියටම මාසයක් තියලා...
මිල්ලන්ගොඩ රාජා සමු ගත්තෙ කාලයක් තිස්සෙ පැවතුනු රෝගී තත්වයක් උත්සන්න වෙලා. ඔබත් මමත් එදා ලෙඩ වෙලා හිටපු |
මිල්ලන්ගොඩ රාජාට, අපේ හාමුදුරුවන් වහන්සේලා පිරිත් කියනවා Tv එකෙන් දැක්කා.. ළගදි දවසක මට අහම්බෙන් පින්තූර CD එකක් හම්බුණා. ඒ CD එකේ තිබ්බෙ කම්පියුටරේ තියෙන පින්තූරවල මුල් පිටපත් ටිකක්. නිකමට වගේ ඒ පින්තූර ටික අතරින් පතර බලන කොට, හම්බුණු එක පින්තූරයක් දැකලා මම ගැස්සිලා ගියා.
ඒ පින්තූරයේ හිටියේ වෙන කවුරුත් නෙවේ... මිල්ලන්ගොඩ රාජා
මිල්ලන්ගොඩ රාජාව මගේ කැමරා කාචයට අහු වුණේ 2009 අවුරුද්දෙ අගෝස්තු මාසෙ දවසක් මහ නුවර හරහා අපි මාතලේ යනකොටයි. ඊට දවස් දෙක තුනකට උඩදි තමයි දළදා පෙරහැර අවසන් කරලා දිය කැපුවෙත්.. එදා පෙරහැරට සහභාගි වෙලා,ආයිත් පිටත් වෙලා යන |
|
අලි ඇතුන්ගේ පින්තූර කිහිපයක් ගත්තේ වාහනෙන් යන ගමන්. පාරේ කොනක, මිල්ලන්ගොඩ වලව්ව බලා ඇවිද ගෙන යන මේ මහා සද්ධන්තයව , කැමරා කාචයේ සටහන් වුනෙත් හරිම අහම්බෙන්...
එතකොට මේ මිල්ලන්ගොඩ රාජා කියලවත් මම දැන ගෙන හිටියේ නෑ. ඒ ඇතා ගැන දැන ගත්තෙත් 2011 ජූනි මාසයේ විතර.. මේ පින්තූරය දැකපු ගමන් මට කියා ගන්න බැරි දුකක් ඇති වුණා. මොකද අද මිල්ලන්ගොඩ රාජා අපි අතර නැති නිසා...!!!!!!!!!!