සිංහලේ දින දර්ශනය
"ආයුබෝවන්. මේ දනුල නේද කතා කරන්නෙ...???? දනුල, අපේ හෙළ සිසු හවුලෙන් ලබන අගහරුවාදට සිංහල දින දර්ශනයක් එළි දක්වනවා. ඊට අමතරව ඊලියන් ද සිල්වා මැතිතුමාට උපහාර උත්සවයකුත් තියනවා. ඒකට ආරාධිත අමුත්තන් විදිහට අගලකඩ සිරි සුමන හාමුදුරුවො, පණ්ඩුල ඇදගම, සූරිය ගුණසේකර, උදය ගම්මන්පිල වගේ අයත් එනවා. මේක තියෙන්නෙ දවල් 2.30ට සියවස ශාලාවෙ. ඉතින් ඒකට එන්න කියලා ආරාධනාවක් කරන්නයි කතා කළේ. " 2013 අප්‍රේල් 27 වෙනි සෙනසුරාදා මගේ ජංගම දුරකතනයෙන් ඇහුනෙ විමුක්තිගෙ කට හඩයි. මේක ඇහුවායින් පස්සෙ මම දෙලොවක් අතර තනි වුණා. මොකද NSBM ආයතනයේ බක් මහා උළෙලත් යෙදිලා තිබුණෙ එදාටමයි. හුග වෙලාවක් කල්පනා කරලා කරලා, බක් මහා උළෙල පැත්තකින් තියලා, හෙළ සිසු හවුළේ උත්සවේට යන්න තීරණය කළා.
මොකද මේක ඇවිල්ලා අපේ ඉස්කෝලෙ වැඩක්. අපි මොන දේ කළත් මුල අමතක කරන්න නරකයි. අද අපි මේ තත්වයෙන් ඉන්නෙ අපේ ඉස්කෝලෙ නිසයි. ඒ වගේම මේ උත්සවය රට, ජාතිය, ආගම සහ භාෂාව කියන මේ උතුම් රත්නයන් හතර පෙරදැරි කරගෙන සංවිධානය කරපු උත්සවයක්. ඒ විතරක්

නෙවේ කලා අංශයේ එකට ඉගෙන ගත්ත යාලුවො හම්බ වෙන්නත් මේක හොද අවස්ථාවක්. හිතුවා වගේම එදා විමුක්තිට අමතරව කලා අංශෙ ළගින් ආශ්‍රය කරපු යාලුවො කිහිප දෙනෙකුත් මේ අවස්ථාවට සහභාගි වෙන්න ඉස්කෝලෙ ඇවිත් හිටියා (ධනුෂ්ක, බුද්ධික, චමත්, ලක්මිණ, නිලංග, චානක).
එදා මේ අවස්ථාවට වරලත් උවැසුරු මැවිසිරු ඊලියන් ද සිල්වා මැතිතුමා, මානව විද්‍යාඥ ආචාර්ය පණ්ඩුල ඇදගම මැතිතුමා, ආචාර්ය සූරිය ගුණසේකර මැතිතුමා, සමන්ති අහුබුදු මහත්මිය, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිතුමා වගේම අපි සාමාන්‍ය පෙළ කරන කොට බුද්ධාගම උගන්නපු වේපතඉර හේමාලෝක හාමුදුරුවොත් සහභාගි වෙලා හිටියා. එදා හෙළ සිසු හවුලෙන් එළි දක්වපු අභිනව සූර්යය වර්ෂය උදෙසා වූ සිංහල දින දර්ශනය ගැන, හෙළ සිසු හවුලේ |
සභාපතිතුමා පැහැදිලි කළේ මෙහෙමයි. " මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. හෙළ සිසු හවුල කියන්නෙ කවදත් සිංහල ජාතිය, භාෂාව, බුදු දහම සහ දේශීයත්වය වෙනුවෙන් කටයුතු කරපු සංගමයක්. ඉතින් අද මේ උත්සවය පවත්වන්නෙත් ඒ වගේ කටයුත්තක් සදහයි. අද දවසේ අපේ අරමුණු දෙකක් තිබෙනවා. ඒ තමයි හෙළ සිසු හවුලෙන් නිර්මාණය කරපු සිංහල දින දර්ශනය එළිදැක්වීම සහ වරලත් උවැසුරු මැවිසුරු ඊලියන්ද සිල්වා ශූරීන්ට උපහාර දැක්වීම. මෙතන ඉන්න බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති ඇයි මේ දින දර්ශනයක් අවුරුද්දෙ මැද හරියෙදි එළිදක්වන්නෙ කියලා.
බටහිර ක්‍රමයට අනුව අවුරුද්ද ජනවාරි වල ආරම්භ වුණාට, සිංහල ක්‍රමය අනුව අපේ අවුරුද්ද ආරම්භ වෙන්නෙ බක් මාසයෙන්. එහෙමත් නැත්නම් අප්‍රේල් මාසයෙන්. ඉතින් මේ තමයි අපේ අවුරුද්දෙ පළවෙනි මාසය. ඒ නිසාම අප්‍රේල් මාසය තුළ මේ දින දර්ශනය එළි දක්වන්න අපි තීරණය කළා. හෙළ සිසු හවුලේ පළවෙනි දින දර්ශනය නිර්මාණය වෙන්නෙ 2003 අවුරුද්දෙ. 2006 අවුරුද්දෙ දෙවෙනි දින දර්ශනය නිර්මාණය වෙනවා. මේ තමයි තුන්වෙනි දින දර්ශනය. මේ දින දර්ශනය අනිත් දින දර්ශන දෙකටම වඩා වෙනස්. මොකද මේක අපි දේශීයත්වය ඉස්මතු වෙන විදිහට සිංහලෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ ඒ මාසය වෙනුවෙන්, ඒ ඒ මාස 12ට අදාළ පින්තූර 12ක් මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඒ මාසවල තියෙන විශේෂත්වයන් ගැනත් විස්තර සදහන් කරලා තියෙනවා. ඒ ඒ පින්තූර සහ විස්තර සාම්ප්‍රදායික පින්තූර සහ විස්තර වලින් මිදුණු ඒවා වීම තවත් විශේෂත්වයක්.

අපේ සිංහල අවුරුද්ද තියෙන බක් මාසය තමයි සශ්‍රීකත්වයේ මාසය. අස්වනු ගෙට ගන්න කාලය. එදාට අපිට මතක් වෙනවා සිංහල අලුත් අවුරුද්ද. ඒත් අපි බක් මාසය වෙන් කළේ මහා සම්මත රජ්ජුරුවන් වෙනුවෙන්. මහා සම්මත මනු රජතුමා තමයි අපේ රටේ පළවෙනි පාලකයා වුණේ. ඒ මීට අවුරුදු 30 000කට කලින්. මහා සම්මත මනු රජතුමාගේ රාජ්‍ය පාලනයෙන් තමයි මේ සූර්ය වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නෙ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ලංකාගමනය සිද්ධ වෙන්නෙත් මේ බක් මාසය තුළයි. වෙසක් මාසය කියන්නෙ සම්බුදු තෙමගුල සිද්ධ වුණු මාසයට. ඒත් අපි වෙසක් මාසයට දාලා තියෙන්නෙ අංගම්පොර ශිල්පයට සම්බන්ධ පින්තූරයක්. අපේ ඉස්කෝලෙ අංගම්පොර කියන විෂය ප්‍රසිද්ධ වුණේ හෙළ සිසු හවුලෙන්. ඒ හෙළ සිසු හවුලේ අංගම්පොර බලකාය පිහිටුවීම හරහයි. මේ සදහා රිටිගල සුමේධ ඇදුරුතුමා තමයි මූලික
|
වෙලා කටයුතු කළේ. පොසොන් මාසය වෙන කොට අපි හැමෝටම මතක් වෙන්නෙ මහින්දාගමනය. ඒත් අපේ දින දර්ශනයේ පොසොන් මාසය වෙන් කරලා තියෙන්නෙ හෝර්ටන් තැන්නේ මීට අවුරුදු 18 000කට පෙර සිද්ධ කෙරුණු කෘෂිකර්මාන්තයක තොරතුරු හෙළි කරන්නයි. ඇසළ මාසය ගැන කතා කරනවා නම් දළදා පෙරහැරින් ඔබ්බට ගිය සිදු වීමක් වෙනුවෙන් අපි ඇසළ මාසය වෙන් කරලා තියෙනවා, අපේ දින දර්ශනය තුළ. ඒ තමයි වීරපුරන් අප්පු සිහිපත් කරන්න. 'මාගේ අම්මා මම වගේ තව හත් අට දෙනෙකු වැදුවා නම් පර සුද්දව මේ රටින් පන්නනවාමයි' කියන උදාර ප්‍රකාශය එතුමානන්ගේ මුවින් පිටවූවක්. එතුමා 1848 අරගලයට පණ දුන් ශ්‍රේෂ්ඨ නායකයෙක්. මාතලේ නිදහස් අරගලය දියත් වෙන්නෙ ඇසළ මාසයේ 28 වෙනිදා වගේ දවසකයි.
අපි නිකිණි මාසය වෙන් කළේ මුල්ලේරියා සටන වෙනුවෙන්. 1562 මුල්ලේරියා සටන කියන්නෙ අභීත සිංහලයන්ගේ ඓතිහාසික සටනක්. රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසීන් ලබපු අන්තම පරාජය ලැබුවෙ මුල්ලේරියා සටනෙදි. ඒ වගේම අපේ දින දර්ශනයේ අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සිහිපත් කරන්න බිනර මාසය වෙන් කරලා තියෙනවා. වප් මාසය වෙන් කරලා තියෙන්නෙ මහා රාවණ රජ දවස නිර්මාණය වුණු සීගිරියේ ඇති විශ්මිත දේවල් ගැන විස්තර කරන්නයි. ඉල් මාසය හෙවත් නොවැම්බර් මාසය වෙන් කරලා තියෙන්නෙ ආනන්ද විද්‍යාලයේ ආදි කතෘ දිනය සිහිපත් කරන්න. 1886 නොවැම්බර් 01 වගේ දවසක තමයි ආනන්ද විද්‍යාලය නිර්මාණය වෙන්නෙ.
දෙසැම්බර් මාසය අපි වෙන් කරලා තියෙන්නෙ ගංගොඩවිල සෝම හාමුදුරුවන් උදෙසායි. සෝම හාමුදුරුවන් මිත්‍යා දෘෂ්ටිකයන් අතින් ඝාතනය වුණේ උදුවප් මාසයේ. දුරුතු මාසයේ තමයි මහ නුවර දළදා මාළිගාවට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ. ඒ වගේම නවම් මාසයේ තමයි අපිට නාම මාත්‍රික නිදහසක් ලැබුණෙ. මාර්තු හෙවත් මැදින් මාසය වෙන් කරලා තියෙන්නෙ අරිසෙන් අහුබුදු ශූරීන් වෙනුවෙන්. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ උපන් දිනය යෙදිලා තියෙන්නෙ මැදින් මාසයට. එතුමා අපේ සංගමයේ ගමන් මග වෙනුවෙන් විශාල මෙහෙවර සිදු කළා."

මේ විදිහට සභාපතිතුමා මේ දින දර්ශනයේ මාස 12ට දාලා තියෙන පින්තූර ගැන දීර්ඝ විස්තරයක් කළා. ඊ ළගට තිබ්බෙ වේපතඉර හේමාලෝක හාමුදුරුවන්ගෙ දේශනයයි. හේමාලෝක හාමුදුරුවන්ගෙ දේශනය වුණේ මෙහෙමයි.
" අපේ රටේ ගොඩක් උත්සව පටන් ගන්නවා කියපු වෙලාවටම පටන් ගන්නෙ නෑ. ගොඩක් වෙලාවට අපේ රටේ උත්සව පටන් ගන්නෙ පැයක්, පැය එක හමාරක් විතර පරක්කු කරලා. ඒත් අද මේ උත්සවය කියපු වෙලාවටම පටන් ගත්තා. අන්න ඒක තමයි හෙළ සිසු හවුලේ තියෙන විශේෂත්වය. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන එක හොද දෙයක්. මම ගොඩාක්ම සන්තෝස වෙනවා අද මේ උත්සවයට සහභාගී වෙන්න ලැබුණු එක ගැන. මොකද මම ආනන්දෙ උගන්නන කාලෙ තමයි හෙළ සිසු හවුල ආරම්භ වුණේ. ඒ වගේම හෙළ සිසු හවුල භාර ආචාර්යවරයෙක් විදිහටත් මම කාලයක් හිටියා. හෙළ සිසු හවුල පටන් ගන්න කොට අපිට ගොඩක් බාධා තිබ්බා. අපේ ඉස්කෝලෙ ඇතුළෙ එක එක සංගම් වලින්, එක එක පාර්ශව වලින් වීරෝධතා ආවා. හුග දෙනෙක් මේක තහනම් කරන්නත් උත්සාහා කළා. අන්න එහෙම අභියෝග ගොඩක් මැද්දෙ තමයි මේ සංගමය ආරම්භ වුණේ. ඒ සිංහල ජාතිය, සිංහල භාෂාව සහ බුදු දහම රැක ගැනීමේ චේතනාව ඇතිවයි. අද සිංහල ජාතිය පිරිහෙමින් යනවා. මේ හැමෝම මතක තියා ගන්න

ඕන, මේක සිංහල රටක්. සිංහල ජාතියක් කියලා දෙයක් තියෙන්නෙ අපේ රටේ විතරයි. සිංහල භාෂාව පාවිච්චි වෙන්නෙ අපේ රටේ විතරයි. සිංහල ජාතිය සහ සිංහල භාෂාව අපේ රටෙන් නැති වෙනවා කියන්නෙ මුළු ලෝකෙන්ම නැති වෙලා යනවා කියන එකයි. ඒ නිසා අපි අපේ ජාතියත් භාෂාවත් රැක ගන්න ඕන. එදා තිබ්බ මාලදිවයින, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය වගේ බෞද්ධ රටවල් වලට අද වෙලා තියෙන දේ අපේ රටෙත්
|
වෙන්න ඉඩ තියන්න බෑ. අද සමහරු "සර්වාගමික" කියලා මොකක්ද වචනයක් දාගෙන. ලෝකයේ හැම ආගමක්ම එක සමානලු. මට කියන්න බලන්න මේ ලෝකයේ අපේ බුදු හාමුදුරුවන්ට සමාන කරන්න පුලුවන් එකම මිනිහෙක්වත් ඉන්නවද...????? බුදු හාමුදුරුවන්ට කාවවත් සම කරන්න බෑ. ඒ නිසා මම නම් තදින්ම ඒකට විරුද්ධයි. ඒක බුදු හාමුදුරුවන්ටත් කරන නින්දාවක්. අද ආගම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කළාම, අපේම සමහරක් සිංහල ගොන් හරක් කියනවා අපි ජාතිවාදීලු. අපි ආගම්වාදීලු. ඔව් මම ජාතිවාදියෙක්. මම ආගම්වාදියෙක්. මම බය නැතුව ඒක ප්‍රසිද්ධියේ කියනවා. තමන්ගෙ ජාතියට, ආගමට ආදරේ නැති එකා තමන්ගෙ අම්මට තාත්තටවත් ආදරේ නෑ. පහු ගිය දවස්වල සිංහල අපිට විශාල ප්‍රශ්නයක් තිබ්බා. මොකක්ද ඒ...? හලාල් ප්රශ්නය! මුස්ලිම් සුළුතරයක් විසින් විශාල මුදල් ගැරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒකට ඒ අයට බැනලා වැඩක් නෑ. ඒ අය ඒ දේ කළේ ඒ අයගෙ ජාතිය වෙනුවෙන්. ආගම වෙනුවෙන්. බනින්න ඕන අපේ සිංහල මිනිස්සුන්ටයි එව්වා පස්සෙන් යනවට.
අද සිංහල ජනගහනය වේගෙන් අඩු වේගෙන එනවා. අද මහණ කරන්නවත් ළමයෙක් හොයා ගන්න නෑ. ඒ වුණාට ඉස්සර පවුල්වල ළමයි ගොඩාක් හිටියා. ඒ නිසා සිංහල මිනිස්සු එදා ගොඩක් හිටියා. අපේ පවුලෙ 10ක් හිටියා. මම තමයි 4 වෙනියා. අපේ අම්මලා තාත්තලත් "පුංචි පවුල රත්තරං" කියලා හිටියා නම් අද මම නෑ. ඉස්සර පවුල්වල ගොඩක් ළමයි හිටිය නිසා ඒ අය රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් තමයි ඉස්සරහට ගියේ. සමහරක් අය හමුදාවට බැදෙන කොට, සමහරක් අය මහණ වුණා. මගේ අම්මට දැන් වයස 94ක් වෙනවා. අපේ පවුලෙ අයගෙන් අම්මා ගොඩක්ම ආදරේ මට විතරයි. මැරෙන කොට පැවිදි කෙනෙක් ළග හිටියම ඒක වාසනාවන්ත මරණයක් වෙනවා. මරණය කියන එක කාටත් පොදුයි. ඒත් වාසනාවන්ත මරණය කියන එක හැමෝටම ලබන්න වෙන්නෙ නෑ.
අද සමහරක් අය චෝදනා කරනවා මේ දේවල් ගැන කතා කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද කියලා? භික්ෂුවටත් තමන්ගෙ රට, ජාතිය, ආගම, භාෂාව ගැන කැක්කුමක් තියෙනවා. ඒකයි සිංහලයගෙ වගකීම. අපේ ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කතා කරන කොට, සමහරක් සිංහල මිනිස්සුන්ම පහු ගිය දවස්වල කියලා තිබ්බා අපේ අඩු කඩනවා කියලා. මම දන්නෙ නෑ උන් අංගුලිමාලලද කියලා. ඊ ළගට අද සිංහල භාෂාව පිරිහෙමින් යනවා. රූපවාහිනියක් බලන්න බෑ. ගුවන් විදුලිය දාන්න බෑ. ගොඩක් මාධ්‍යවේදීන් මේ අපේ වටිනා කියන සිංහල භාෂාව නොමරා මරණවා. භාෂාව විකෘති කරනවා. මේ අයට තේරෙන්නෙත් නෑ. ඒ වගේම මේ අයට කියා දෙන්න කවුරුත් නෑ.
මේ වගේ සිංහල දින දර්ශනයක් එළි දක්වපු එක අගය කරන්න ඕන. ආසියාවෙ අපිට විතරයි මේ වගේ අවුරුද්දක් තියෙන්නෙ. යුරෝපීය රටවල්වල අයට අවුරුද්ද තියෙන්නෙ තත්පරයයි. රාත්‍රී 11.59 පහුවෙනිදා පාන්දර 12 වෙනවා. ඊට පස්සෙ ඉවරයි. ඕන නම් දවස් දෙකක් කාලා බීලා විනෝද වෙයි. එච්චරයි. ඒත් අපේ අවුරුද්ද දවසකට දෙකකට සීමා නොවී මාසයක් පුරාවටම තියෙනවා. සමහරක් විට මාසයකට වඩා තියෙනවා. එතෙනදි අපි ඔක්කෝම එකම නැකතකට තමයි වැඩ කරන්නෙ. පරණ තරහා මරහා අමතක කරනවා. එක එක අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල නියැලෙනවා. ඉතින් අපිටම උරුම වෙච්ච දියුණු සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා අවුරුදු මාසෙම මේ දින දර්ශනය එළිදක්වපු එක ගොඩාක් හොදයි. මොකද අද මේ වගේ සිංහල දින දර්ශන දකින්න තියෙනවා බොහොම අඩුයි. ඒ නිසා මේ වගේ කාලෙක සිංහල ජාතිය, භාෂාව සහ බුදු දහම වෙනුවෙන් හෙළ සිසු හවුලෙන් කරන මේ වගේ වැඩ කටයුතු ගැන මම අතිශයින් සන්තෝස වෙනවා. ඒ වගේම ආශිර්වාද කරනවා. "

උත්සවයේ ඊළග අවස්ථාව වෙන් කරලා තිබ්බෙ වරලත් උවැසුරු මැවිසිරු ඊලියන් ද සිල්වා ශූරීන්ට උපහාර දක්වන්නයි. එතුමානන්ට සමරු සටහන පිරිනැමුවෙ, හෙළ සිසු හවුලේ නිර්මාතෘ භාතිය අයියා. ඊට පස්සෙ අපිට ඊලියන් ද සිල්වා ශූරීන් පහු ගිය අවුරුද්දක, අපේ ඉස්කෝලෙදි කරපු දේශනයක සුළු කොටසක් බලන්න සැලැස්සුවා. ඒ දේශනයෙදි ඊලියන් ද සිල්වා ශූරීන් කියපු කරුණු වලින් සුළු කොටසක් මෙහෙම සදහන් කරන්න හිතුවා.
" අද අපේ භාෂාවට වචනයක් ඇවිල්ලා තියෙනවා තාක්ෂණය කියලා. ඒක ඉංග්‍රීසි භාෂාවේ Technology කියන වචනයෙන් හදා ගත්තු එකක්. ඒ අපිටම කියලා වචනයක් හදා ගන්න බැරි වුණු නිසා. ඒත් මම නම් ඒ වචනය භාවිතා කරන්න කැමති නෑ. මම ඒ වෙනුවට භාවිතා කරන්නෙ "සිප්ලකුව" කියලා. Tech යනු සිල්පයයි. Ology යනු ලක්ෂණ යි. ඒ අනුව Tech යනු සිප්. Ology යනු ලකුව. සිප් සහ ලකුව එකතු වුණාම, "සිප්ලකුව" වෙනවා. තාක්ෂණය කියන වචනය යොදන්නෙ වඩු කර්මාන්තයට විතරයි. අපේ භාෂාවේ මේ වගේ වෙනස් විය යුතු වචන රාශියක් තියෙනවා. සිංහල භාෂාව කියන්නෙ හරි ලස්සන භාෂාවක්.
අද බොහෝ දෙනෙක් පරිශීලනය කරන කෘතියක් තමයි මහා වංශය කියන්නෙ. ඒත් මහා වංශයේ තියෙන කරුණු අපිට නම් ඒ හැටි පිළිගන්න අමාරුයි. විශේෂයෙන්ම විජයාවතරණය කතා පුවතෙන් ලංකා ඉතිහාසය විකුර්ති කරලා තියෙනවා. මහා වංශයට අනුව මේ රටේ සිංහල ජාතිය නිර්මාණය වෙන්නෙ විජය කුමාරයගෙන්. මහා වංශය ලියපු හාමුදුරුවො, විජය කුමාරයාව ඈදා ගත්තෙ සිංහල ජාතිය සහ බුදුන් වහන්සේ අතර නෑකමක් හදා ගන්නයි. අන්න ඒක කියන්න ඔය කතාව ගොතා ගත්ත නිසා තමයි මෙහෙම හුටපටයක් ඇති වුණේ. ඒත් සිංහල ජාතිය විජය උන්නැහේ ලංකාවට එන්න කලින් ඉදලම තිබ්බා. සිව් හෙළය තමයි සිංහලයන් බවට පරිවර්තනය වෙන්නෙ. විජය කුමාරයාගේ පළවෙනි විවාහයෙන්
උපන්න දරුවන් දෙදෙනාගෙන් වැද්දන් නිර්මාණය වුණා කියලා මහා වංශය කියනවා. මම නෙවෙයි කියන්නෙ මහා වංශය. විජයගේ දෙවෙනි විවාහයෙන් විජයට දරුවන් ලැබුණෙ නෑ. විජයගෙන් සිංහල ජාතිය බිහි වුණා නම් විජයගේ මුල් විවාහයේ දරුවන් දෙදෙනත් සිංහලයන්. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් අපි පැවතෙන්නෙ විජයගෙන් කියලා අපිවත් වැද්දන් හැටියට තමයි සළකන්න වෙන්නෙ. ඒත් ඒක පිළිගන්න මහා වංශය සූදානම් නෑ. අපිට අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් තියෙනවා. විජය අපේ රටට එන්න අවුරුදු 250කට කලින් ඉදන්ම මෙහේ ඇගලුම් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. සේද නූලෙන් රෙදි හදලා, රෙදි වියලා, රත්තරං නූලෙන් වැඩ දාලා ඉන්දියාව වගේ රටවල් වලට අපනයනය කරලත් තියෙනවා. ඉන්දියාවේ රජගොල්ලන් ඇන්දේ මෙහෙන් හදපු ඇදුම්. විජය අපේ රටට ඇවිත් යක්ඛ ගෝත්රිකයන්ව මරලා ඒ අයගේ ඇදුම් ඇන්දාය කියලා මහා වංශයේ තියෙනවා. එහෙනම් විජය ඇතුළු පිරිසට හරි හමං ඇදුමක්වත් තිබිලා නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා. ඒත් මේවා පිළිගන්නෙ නැති අයත් ඉන්නවා.
ඉස්සෙල්ලා මෙව්වා අපේ මහා වංශය එහෙම නම් කියන්නෙ නෑ. මේක කියන්නෙ ඉන්දියන් ඉතිහාසෙ. ඒක අපට බොරුයි කියන්නත් බෑ, ඉන්දියන්කාරයා අපේ හොද කියන තැන. නේරු උන්නැහෙත් මේ ගැන කියලා තිබ්බා. සිංහලයා තමයි කියන්නෙ මේ ඔක්කොම බොරුය. අපේ |
ඉස්සර හිටියෙ යක්කු භූතයො කියලා. කුවේණියත් කපු කැටීම කළා කියලා තියෙනවානෙ. කපු කටින්නෙ රෙදි වියන්නනෙ. කන්න නෙවේනෙ. එහෙම ගත්තොත් ඒ කාලෙ අපේ රටේ හිටපු භූතයො රෙදි ඇදපු හොද වැදගත් භූතයො. අද ඉන්න භූතයො වගේ නෙවේ. එතකොට විජයට කලිනුත් අපේ රටේ මිනිසුන් හිටියා. ඒ අයත් අපත් එකම කුලයට අයිති එකම වර්ගයක මිනිස්සු. එතකොට සිංහලයා කියන්නෙ අර ඉස්සර හිටපු මිනිසුන්ටයි, දැන් ඉන්න මිනිසුන්ටයි. එහෙමනම් "ගේ" කියලා වචනයක් තියෙනවා. සිංහලයාගේ සිප්ලකුව. කොහොමද අපි මේක දැන ගන්නෙ සිංහලයාගේ සිප්ලකුවද? නැත්නම් වෙන කාගෙ හරිද කියලා?
අපි බලමු ශිල්පය කියන්නෙ මොකක්ද කියලා. සොබාදහමේ ඉරියව් සහ හැසිරෙන විදි තියෙනවා. ඒ විධි එක්කහු කරලා හැසිරෙන හැටි බලාගෙන, ඒක අපේ වැඩට යොදවා ගන්න පුලුවන්. අන්න එහෙම යොදන කොට තමයි ශිල්පය වෙන්නෙ. සිංහලයාගේ වෙන්නේ සිංහලයාට ඕන විදිහට ඒක කෙරෙන නිසා. එතකොට පරිසරයට ගැලපෙන ආකාරයට ඒක යොදනවා නම් අන්න ඒක තමයි සිංහලයාගේ ශිල්පය. ඒක පිටරට දෙයක් නෙවේ. නමුත් අර මූලික දහම එකයි. ඒක මුළු ලොවටම පොදුයි. ඒ සියල්ල අරන් ඇවිල්ලා අපේ විදිහට යොදනවා නම් තමයි අපේ ශිල්පය කියලා හදුන්වන්නෙ. ඒ දවස්වල බටහිර සිප්ලකුව පවරන්න බටහිර අය මෙහෙ ආවා. ඒ අය මුලින්ම බැලුවා අපේ සිප්ලකුව ගැන. ඒ අය දුටුවා අපේ උඩරට පළාත්වල දිය උණ ගහක පළුවකින් (පීල්ලකින්) ඇවිල්ලා වැක්කෙරෙනවා. තවත් තැනක දුටුවා ඔවුන් පළුවක් නෙවේ එහෙම් පිටින්ම උණ ගහකින් වැක්කෙරෙනවා. එතනදි අප නැවතිලා කිව්වා දැන් බලන්නෙයි මේ උණ ගහේ ගැට තියෙනවා අඩියෙන් අඩියට. එතකොට වතුර ගන්න නම් ඒ ගැට අහක් කරන්න ඕන. ඒ අය ඇහුවා කොහොමද ඒක කළේ? අපේ ශිල්ප ක්‍රමය අනුව ඒ ගැට ටික අහක් කළාම ඒ දේ කරන්න පුලුවන්. නමුත් ඒ අය හිතන්නෙ ඒ උණ ගහ ඇතුළට යකඩ කූරක් ඇතුල් කරලා ඒ කූර කැරකෙව්වොත් විතරයි එහෙම කරන්න පුලුවන් කියලා. ඒක ඒ අයගෙ සිල්පය. ඒත් අපිට එව්වා හුරු නෑ. කරකවන එව්වා නෑ. ඒත් අපේ මිනිස්සුත් ඒක කරලා තියෙනවා. එතකොට සිංහලයට සිල්පයක් තිබුණා.
ඒ අය ඇහුවා ඒක කොහොමද කළේ කියලා. අපේ අය කළේ මොකක්ද, අර යකඩ කූර අරන් උණ ගහේ පළවෙනි ගැටේ විතරක් හිල් කළා. ඊට පස්සෙ ඒක පොළොවට ඇන්නා. ටිකක් වෙලා යනකොට ඒ යකඩ කූර මේ පැත්තෙන් ආවා. ඒකෙ බරට අර ගැට ටික කැඩීගෙන කැඩීගෙන ආවා. ඒක අපේ සිප්ලකුව. අරක බටහිර සිප්ලකුව. අන්න වෙනස. එතකොට සිප්ලකුව යොදන්න ඕන පරිසරය අනුව. පරිසරයට හානියක් නොවෙන්න. එතකොට බටහිර අයගෙ සිප්ලකුව මෙහේ ගෙනාවොත්, ඒ සිප්ලකුව යොදලා තියෙන්නෙ එහේ පරිසරයට ගැලපෙන්න නම්, ඒක මෙහේ පරිසරයට ගැලපෙන්නෙ නැත්නම් මහා හානියක් වෙනවා

අපට. අපේ මිනිසුන් වෙහෙර විහාර හැදුවා. රුවන්වැලි සෑය හැදුවා. අභයගිරිය වගේ ගොඩනැගිල්ලක් ලොවේ මිනිසා විසින් හදලා නෑ කවදාවත්, අද වෙනකන් ගඩොල් වලින්. ඒත් සිංහලයාවත් දන්නෙ නෑ. ඒත් මෙතන අනුරාධපුරේ තියෙන එක ලෝකෙටම ලොකුයි කියලා කවුරුත් කියන්නෙත් නෑ. ඔය කියන රුවන්වැලි සෑයෙ විතරක් නෙවේ, හැම සෑයකම කොතක් තිබුණා. කොත පළිගුවෙන් හැදුවා. ඒ විදුලි කෙටීමේ උවදුරු වළක්වන්න. විදුලි කෙටීම ගැන, ස්ථිති විද්‍යුතය ගැන ඔවුන් අවුරුදු 2300කට කලින් දැන හිටියා. ඒත් බටහිර මිනිස්සු හිතුවෙ Throll කියලා දෙවි කෙනෙක් මිටියෙන් ගහනවාය. එතකොට මෙහෙම සද්ධයක් එනවාය කියලා. ඒ අයට මෙහෙම දැනුමක් තිබුණෙ නෑ. ඒ අයට ඒ දැනුම ආවේ අර ඇමරිකන්කාරයෙක් හිටියා අවුරුදු 225කට කලින්. අන්න එයාගෙන්.
මහා වංශයම කියනවා පණ්ඩුකාභය රජතුමා හදපු අබා වැවෙන් අඩි 400ක් උසට යන්තර සූත්තර වලින් දිය ගෙනිහිල්ලා රුවන්වැලි සෑය නෑව්වා කියලා. ඉතින් අඩි 400ක් උසට වතුර ගෙනියනවා |
කියන එක අදත් කරන්න ටිකක් අමාරුයි. ඒත් උන්නැහෙලා එව්වත් කරලා තියෙනවා. බලන්න මාදුරු ඔයේ වෙච්චි එක. මාදුරු ඔයේ වේල්ලක් බදින්න බටහිර හිටපු ලොකු ඉංජිනේරුවො ආවා. මෙහෙ හිටපු උසස්ම ඉංජිනේරුවොත් එක්ක එකතු වෙලා පොළව මැනලා, ගණන් හදලා, ගල හොදයි, මෙතන හොදයි, මෙතන තමයි උසස්ම තැන කියලා ලකුණු කරලා, මෙතන දිය බස්සන්න සොරොව්ව මෙතනින් තමයි හදන්න ඕන කියලා. මෙව්වා මේ නිකං සාස්තර අහලා බලලා කරන එව්වා නෙවේ. හරියටම ගණං හදලා බලලා කරන එව්වා. මෙහෙම කරලා, ලෝක බැංකුවේ මුදලින් මේ වැඩේ පටන් ගන්න කැළේ එළි කරලා, එතන හෑරුවා වේල්ල හදන්න. ටිකක් වෙලා යනකොට මොකද වුණේ. අපේ පැරැන්නො හදපු වේල්ලක් මතු වුණා. එව්වා මේ කවුරුත් කියපුවා නෙවේ. අපි ඇහෙන් දැකපු දේවල්. ඒවා බොරුයි කියන්න බෑ. ඊට පස්සෙ දිය බස්සන්න තියෙන සොරොව්ව දිහා බැලුවා. ඒකත් හරියටම එතන තියෙනවා. අපේ සීගිරිය තියෙනවා, ලොවේ ඉහළම ඉංජිනේරු තත්වයෙන් තියෙන්නෙ. සීගිරිය ගැන මහා වංශයේ එක වචනයක් නෑ. වෙන රටවල්වල පොත්වල තියෙනවට අපේ ඉතිහාස පොත්වල සීගිරිය ගැන නෑ. සීගිරියෙ තියෙලා හම්බුණා යකඩ කූරු වගයක්. එව්වා මහ පුදුම කූරු වගයක්. ඇතුළෙ යකඩ. පිට වානෙ. බොහොම ඉහළ ඉංජිනේරු තාක්ෂණයක්. පොළොව හාරනකොට තවත් මේ වගේ කූරු සිය ගණනක් හම්බුණා. බැලින්නම් සීගිරි ගල විදලා, මේ කූරු හයි කරලා, එව්වා උඩ තමයි ලී දාලා, තරප්පු දාලා තියෙන්නෙ. එතන වානෙ කම්හලක නටබුන්වුත් හම්බුණා. ඒ වානේ ලෝකෙ හොදම වානෙ. මැද පෙරදිගට යවපු ඒ වානෙ වලින් තමයි Damascus Swords කියන කඩු හැදුනෙ කියලා ලොවම පිළිඅරගෙන තියෙනවා. අපේ මිනිසුන් හොද වානෙ හැදුවා.
බලන්න වැව් ගැන නම් වැඩිය කියන්න ඕන නෑ. එකක් ගැන කිව්වම ඇති. කලා වැව තියෙනවනෙ? පුත්තලම හරියෙන් එන්නෙ. ඒකෙ දිය පිරුණම උඩින් පිටාර ගිහින්, ජය ගගට යනවා. ජය ගග පිටාර ගලන කොට, ඒ වතුර ගග දිගේ ගිහින් තිසා වැවට වැටෙනවා. තිසා වැව පිටාර ගලන කොට, තවත් වැව් කිහිපයකට ඒ පිටාර වතුර ටික යනවා. ඔහොම වැව් ගණනාවක් පිරෙනවා. ඔය ජය ගගේ හැතැප්ම 17දි, එක හැතැප්මයක් යනකොට ගග ඇලවෙන්නෙ අගල් 6යි. ඒකත් ලෝක ඉංජිනේරු තාක්ෂණයේ පුදුම කටයුත්තක්. මේ ජය ගග හැතැප්ම 58ක් දිගයි. ඒක කෙළින් යන්නෙ නෑ. ඒක යන්නෙ නයෙක් වගේ. බටහිර මිනිස්සු හිතුවා මේ රටේ මිනිස්සුන්ට මේක කෙළින් හදා ගන්න බැරි වෙලා කියලා. උන්නැහේලා මේකෙ කෙලින් කෑලි ටික අරගෙන, අර නයා වගේ කෑලි ටික කපලා දැම්මා. අලුතෙන් කෑලි පූද්දලා කෙලින් කළා. වැහි ආවා. කලා වැව පිටාර ගැලුවා. ඒක ජය ගගට වැටිලා සැණිං පිටාර ගියා. තිසා වැව පිටාර ගැලුවා. ඊට පස්සෙ අනිත් වැව් ටිකත් පිටාර ගලලා, ගං වතුරින් යට වුණා. ඉතින් මේ වතුර අපිට නැති වුණා. සිංහල රජ කාලෙ එහෙම නෙවේ කළේ. අර ගගේ නයා වගේ තියෙන තැන තවත් වැවක් තිබ්බා. ඒකට කිව්වෙ ගමේ වැව කියලා. ඒකට වතුර පුරවලා තමයි අනිත් වැව් වලට වතුර පිරෙව්වෙ. ඒකෙන් වැටහෙනවා සිංහල රජ්ජුරුවන්ට දිය පුරවන්න තිබ්බ ප්‍රමාණෙ මේ අය අඩු කරලා දාලා. ඒකෙන් ජල සම්පත නැති වුණා. බටහිර ශිල්පය කියලා අපේ අය බොහොම නිවිමසිල්ලෙන් ඒක භාර ගන්නවා. බටහිර ශිල්පය බොහොම හොදයි. ඒ අය දාන තොප්පිය මට දාන්න බෑ. ඒක බොහොම ලොකුයි. මගේ ඔලුව පොඩියි. මම ඒක දැම්මම මගේ ඇසුත් වැහෙනවා. ඒක බොහොම භයානක දෙයක්.
තමන්ට සුදුසු විදිහට තමයි තොප්පිය දාගන්න ඕන. දැන් අප නිකං රූකඩයින් වගේ. බටහිර මිනිහා නූල් වලින් අදිනකොට අපත් මෙහෙම මෙහෙම ඉන්නවා. අපේ හැගීම තිබ්බට, සුදු මිනිසුන් කරන හැම දෙයක්ම අගේ නෑ. 1556 වගේ අරන් බලන්න. අපේ මිනිසුන් තුවක්කු හැදුවයි. එව්වා බොහොම ඉහළ තුවක්කුයි කියලා කිව්වට කවුරුත් පිළිගන්නෙ නෑ. අපේ හැගීමක් තියෙනවා අපිට එව්වා කරන්න බෑ කියලා. පෘතුගීසිකාරයා ගැහුවා රාජසිංහ රජ්ජුරුවන්ට. රජ්ජුරුවෝ පෘතුගීසිකාරයට ගැහුවා. පෘතුගීසිකාරයා කියනවා 'අප මෙහෙට එන කොට සිංහලයා ගිනි අවි හෝ වෙඩි බෙහෙත් ගැන කිසිම දැනුමක් තිබුණු තැනැත්තෙකු නොවේ. එහෙත් අපේ යුද්ධය පටන් ගෙන මාසයක් ගියේ නැත, සිංහල රජා ගිනි අවි සන්නද්ධ සිංහල සෙබළුන් 20 000ක හමුදාවක් අප වෙත එව්වාය. සිංහලයාගෙ ගිනි අවි අප සාදන ගිනි අවි වලට පමණක් නෙවේ, බටහිර සාදන ගිනි අවි වලටත් වඩා ඉස්තරම්' කියලා. රාජසිංහ රජ්ජුරුවොයි පෘතුගීසියි කාරයොයි මෙහේ ගහ ගන්න කොට, මෙහාට ආවා ප්‍රංශයේ මිනිහෙක්. මෙයා ආයිත් ප්‍රංශයට ගිහින් පොතක් ලියනවා. ඒකෙ ලියනවා 'මම යනකොට රජ්ජුරුවොයි, පෘතුගීසීනුයි ගහ ගන්නවා. රජ්ජුරුවන්ගෙ වගේ තුවක්කු පෘතුගාලෙත් නැත. ප්‍රංශෙත් නැත. අපේ බටහිරත් නැත' කියලා. අප කුඩා අවධියේ සිසිල් බීම බෝතල් ගෙනි යන..........."
කාලය වේගයෙන් ගලාගෙන යන නිසා, මේ රූප රාමු පෙළ අතර මගදී නවත්තන්න සංවිධායක මණ්ඩලයට සිදු වුණා. ඊට පස්සෙ තිබුණේ ආචාර්ය පණ්ඩුල ඇදගම ශූරීන්ගේ දේශනයයි.
"මට මේ උත්සවේට එන්න කියලා කතා කරලා කිව්වම මම දෙපාරක් තුන් පාරක් හිතන්නෙ නැතුව එක වතාවෙන්ම කැමති වුණා. මොකද ආනන්ද විද්‍යාලය කියලා කියන්නෙ මම ආසා කරන පාසලක්. මම

ආනන්දීයෙක් නොවුණත් සිංහල බෞද්ධ පුනරුදයෙන් බිහි වුණු මේ ආනන්දයට ගොඩක් ආදරය කරනවා. ඒ වගේම කොළඹ මියුසියස්, ආනන්ද බාලිකා, නාලන්ද වගේ බෞද්ධ පාසල් නිර්මාණය වෙන්නෙත් ආනන්දය නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ නිසා එව්වා ආනන්ද විද්‍යාලයේ ශාඛා විදිහට හදුන්වන්න පුලුවන්.
අද වෙනකොට අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ කිව්ව විදිහට අපේ ජාතියේ යම් පසු බෑමක් තියෙනවා. අපි මේක යථා තත්වයට ගන්න ඕන. මතක තියා ගන්න දුවේ පුතේ. ගොඩක් දෙනෙක් සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තයව හැදින්නුවේ ඩෙනමෝර් බෞද්ධයෙක් විදිහටයි. ඒත් එතුමා සැබෑ බෞද්ධයෙක්. බුදු දහමට දේශපාලනය එකතු කළේ නෑ. නමුත් දේශපාලනයට බුදු දහම එකතු කළා. ඒ නිසා තමයි එතුමා අපේ රටට නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය ගෙනාවෙ. එතුමා තමයි අපේ රටේ පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට ජාතික ඇදුමින් සැරසිලා ගියපු දේශපාලඥයා. ඒ නිසා අපි එතුමාට ගරු කරන්න ඕන. |
ඉංග්‍රීසි භාෂාව කියන්නෙ වැදගත් භාෂාවක්. ඒත් ඒ ජාත්යන්තරයෙදි විතරයි. තමන්ගෙ මව් රටේදි අපි අපේ මව් භාෂාවෙන් කතා කරන්න ඕන. ඒත් සමහරක් සිංහල මිනිස්සුන්ට තවත් සිංහල මිනිහෙක්ව මුණ ගැහුනම ඒ අය කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්මයි. ඉතින් මේ වගේ දේවල් අපි හදා ගන්න ඕන. අද ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා පිටරටවල දේවල්ම පරිභෝජනය කරන්න. අපේ දේවල් ගැන කිසිම උනන්දුවක් නෑ. ඒ නිසා අපි දේශීයත්වයට ගරු කරන්නත් ඉගෙන ගන්න ඕන. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වගේ පොත්පත් අරගෙන බලන්න. ඒවායෙන් අපිට කෘෂි කර්මාන්තය ගැන ඔක්කොම දේවල් ඉගෙන ගන්න පුලුවන්. ආයිත් අමුතුවෙන් වෙනත් රටවල උපදෙස් පතන්න ඕන නෑ. අපිට විශාල තාක්ෂණයක් තිබ්බා. රුවන්වැලි මහා සෑයෙන්, ජේතවනාරාමයෙන් මෙව්වා ඔප්පු වෙනවා. මහා වංශයේ තියෙන රුවන්වැලි සෑය නිර්මාණය කරන්න පටන් ගැනීමේ ඉදන්, නිර්මාණය කරලා අවසන් වෙනකන් තියෙන කතාව කියෙව්වහම අපිට හිතා ගන්න පුලුවන් මොනතරම් අපූරු තාක්ෂණයක්, අපේ පැරැන්නෝ ගොඩනැගිලි ඉදි කරන කොට භාවිතා කරලා තියෙනවද කියලා. ඉස්සර භාවිතා වුණු මේ වගේ තාක්ෂණයන් අද භාවිතා වෙන්නෙ නැත්තෙ ඇයි කියලත් අපිට විශාල ප්‍රශ්නයක් මතු වෙනවා.
අපි හුගක් දෙනෙක් කතා කරන්නෙ අතීතය ගැන. ඒත් වර්තමානය සහ අනාගතය ගැන කතා කරන්නෙවත් හිතන්නෙවත් නෑ. අපිට ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුණාය. අපේ පැරැන්නො ඒවායෙන් මේ වගේ වැඩ කටයුතු කළාය කියලා අතීතය ගැනම කියව කියව හිටියට, ඒ වැළලිලා ගියපු තාක්ෂණය නැවත අනාගතයේ භාවිතා කරන්න අදහසක් නෑ. උනන්දුවක් සහ උවමනාවක් නෑ. ඒ නිසා ඒ තාක්ෂණයන් අපි වර්තමානයේ භාවිතා කරනවා නම් මම හිතනවා අපේ රට ලෝකයේ අනිත් රටවලට වඩා දියුණු රටක් කරන්න වගේම දීර්ඝ ගමනක් යන්නත් හැකියාව ලැබෙයි කියලා. "
අපේ ඉස්කෝලෙ නියෝජ්‍ය විදුහල්පති මහමිතව සර්ට, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිතුමාට, ආචාර්ය සූරිය ගුණසේකර මැතිතුමාට, සමන්ති අහුබුදු මහත්මියට (අරිසෙන් අහුබුදු ශූරීන්ගේ දියණිය),

භාතිය අයියාට ඉතිරි දේශනා සදහා විනාඩි 5 බැගින් බෙදිලා ගියා. ඔන්න ඔහොම තමයි එදා දවස ඉවර වුණේ.
අපේ රටේ කොයි කාගේත් ගෞරවාදරයට පාත්‍ර වෙච්ච උගත් බුද්ධිමත් විද්වතුන් කිහිප දෙනෙක්ව සියැසින් දැක ගන්නත්, ඔවුන්ගේ දේශනා ශ්‍රවණය කරන්නත්, උසස් පෙළ කාලයේ එකට හිටපු යාළුවො කිහිප දෙනෙක් මුණ ගැහෙන්නත්, මැඩම්ලා කිහිප දෙනෙක් මුණ ගැහෙන්නත්, ඉස්කෝලෙ වටේ පොඩි රවුමක් යන්නත් එදා අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ දේශනය අවසානයේදී අපිට පොඩි සංග්‍රහයකුත් ලැබුණා. සංග්‍රහය නම් අඩුවක් නැතුව හොදට තිබුණා කියලා තත්ව සහතිකයක් වුණත් දෙන්න පුලුවන්. ඔක්කොම තිබ්බෙ සිංහල රස කැවිලි වර්ග. |
ඒ විතරක් නෙවේ හෙළ සිසු හවුලේ නිර්මාතෘ භාතිය අයියා එක්ක වගේම හෙළ සිසු හවුලේ නිරෝධ රූපසිංහ අයියා වගේ පරණ සාමාජිකයො කිහිප දෙනෙක් එක්කත් කතා කරලා, දැන අදුර ගන්න අවස්ථාවක් උදා වුණා. ඉතින් එදා මට හරි වටිනා සහ සුවිශේෂී දවසක් වුණා. ඉතින් මේ උත්සවය සදහා ආරාධනා කළාට, අපේ විමුක්ති සහෝදරයට ස්තූතියි කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
අමතර කරුණක් දෙකක්
හෙළ සිසු හවුලේ උත්පත්ති කතාව
" එකී අබිමනැති ඉතිහස් මගෙහි සක වසින් 1923 (කිතු වසින් 2001) වන වසර යනු අනඳ මවුනට ඉතා වටනා යුගයකට අත වැනූ වසකි. අනඳ විදුහල බිහිකිරීමේ මුල් අරමුණ වූ හෙළ දෙස , බස , රැස රැක්මට තවත් උර දෙමින් නව හවුලක් බිහි කෙරුණි. ඒ "හෙළ බොදු සිසු කවය" යි. භාතිය තිසේරා නම් සිසුවා විසින් එකල තතු වටහාගෙන එකලට සුදුසු එවන් කවයක් තනනු ලැබීය. බුද්ධික සේනාධිපති නම් මිතුරාද ඔහුට සවියක් විය. පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි හා එකල මේජර් ජගත් අල්විස් ඇදුරිඳුගේ සහයෝගයෙන් හෙළ බොදු සිසු කවය සවිමත් විය. නෙක ගැරහුම් , අපවාද මැද බිහිවූ "හෙළ බොදු සිසු කවය" පසුව "සිහල සිසු සේනා" බවටත්, ඉන්පසු "හෙළ සිසු හවුල" බවටත් විකසනය විය.
හෙළ සිසු හවුල අනඳ පින්බිමේ තවත් එක හවුලක් නොවීය. අනඳ පුතුනට හෙළ දෙස, බස , රැසට පෙම් කිරීමට හෙළ සිසු හවුලෙන් ඉගැන්විණි. විජයගෙන් පෙර අපට මහා ඉතිහසක් ඇති බවත් , එය ඉස්මතු කළ යුතු බවත් ඉගැන්විණි. හෙළ දෙසට පමණක් උරුම අංගම් සටන් සිප් කලාව අනඳ පුතුනට දායාද කෙරුණි. අනඳ සිසුන් සතු විය යුතු හෙළ බොදු ගුණය වැඩි දියුණු කෙරුමට හෙළ සිසු හවුලෙන් මුල් පියවර තැබිණි.තෙල බණු දෙඩුමක් අරඹන විට නොරටුන් ගේ වදන් නොව "ආයුබෝවන්" යන වදනින් අනෙකා ඇමතීමටත්, වෙන්ව යන විට "බුදු සරණයි" යනුවෙන් ආසිරි පැතුමටත් අනඳ සිසුනට හුරු කළේ හෙළ සිසු හවුලයි. හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව අනඳ විදු බිමේ මහත් විමසුමට ලක් වූ දැන්වීම් පුවරුවකි. දිනකට වැඩිම සිසු පිරිසක් කියවන දැන්වීම් පුවරුව බවට එය පත් විණි. දෙස, බස, රැස කෙරෙහි අනඳ පුතුන්ගේ හැඟුම වැඩීමට එය මහත් සේ ඉවහල් විණි. අදට එය එකක් නොව දෙකක් බවට වැඩී තිබේ. එමගින් දැනුම බෙදා දීමේ හැකියාව තවත් වැඩී ඇත.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟී ,
හිඟා කෑම බැරි වුණ දා ලගී ගයා මර ගී.."
යන කුමරතුඟු වදන ගුරු කොට, හෙළ සිසු හවුලෙන් සැම විටම නව දෙයක් කෙරිණි. බොහෝ විට එය උඩු ගං බලා පිහිනීමක් විය. එනමුදු අනඳ සොයුරන්ගේ සවියෙන් එම වෑයම සැම විටම පාහේ සරු විය. හෙළ සිසු හවුල පැමිණි ගමන් මගේ අපට උවදෙස් ලබා දුන්නෝ බොහෝ වෙති. ඒ අතරින් පූජ්‍ය වේපතඉර හේමාලෝක , අගලකඩ සිරිසුමන , හඟුරන්කෙත චන්දරතන , රම්මල ධම්ම රක්ඛිත හිමිවරුන් මුල් වූ මහ සඟ රුවන මුල් තැනක් ගනී. කලාසුරු අරීසෙන් අහුබුදු , මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම වන් ගිහි වියතුන්ගේ උවදෙස් ද හෙළ සිසු හවුලට නිරතුරු ලැබුණි...... "
උපුටා ගැනීම ;-
හෙළ සිසු හවුල Facebook වෙබ් පිටුවෙන්
සටහන ;-
උත්පල කෞෂල්‍ය සොයුරා විසින්

සිංහලයාගේ සිප්ලකුව
උත්සව සභාවේදී පෙන්වන ලද රූප පෙළේ ඊලියන් ද සිල්වා ශූරීන් කළ දේශනයේ, සම්පූර්ණ කොටස පහත වීඩියෝව හරහා ශ්‍රවණය කළ හැක.
උත්සව සභාවේ නිළ ඡායාරූප එකතුව
රාවන ගීතය
උත්සවය නිමා වන විට විකාශනය කරන ලද "රාවණා සොහොයුරන්ගේ" මහාසෙන් දැහැන ගීත ඇල්බමයෙහි ''රාවන'' ගීතය
* ගායනය- සමන් ලෙනින්
* සංගීතය- පබළු විජේගුණවර්ධන
* රචනය- ධම්මික හෙට්ටිආරච්චි
* ඉදිරිපත් කිරීම- රාවන සොයුරෝ
* ගායනය- සමන් ලෙනින්
* සංගීතය- පබළු විජේගුණවර්ධන
* රචනය- ධම්මික හෙට්ටිආරච්චි
* ඉදිරිපත් කිරීම- රාවන සොයුරෝ
එදා පාසල් ගිය ආදි ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් :)
"අනද අභිමන්" සතියෙ හෙළ සිසු හවුලේ ප්‍රදර්ශන කුටිය (2012.03.26)
හේමාලෝක හිමියන් සිය කාහල නාදය අවධි කරයි
Buddhist Awaking, ආනන්දය, සහ Buddhist Places In Sri Lanka යන Facebook වෙබ් පිටු ත්‍රිත්වයේ සියලු පරිපාලකවරුන්ගේ එකමුතුවෙන්, ආනන්දය වෙබ් පිටුව විසින් නිර්මාණය කළ ලිපිය