කවරයේ කතාව
NSBM ආයතනයේ පළවෙනි වර්ෂාර්ධයේ Web Designing පාඨමාලාවේ, Digital Imaging විෂයේ අවසාන පැවරුම විදිහට අපිට තිබ්බෙ පොත් කවරයක් නිර්මාණය කරන්න. මේ සගරාව නිර්මාණය කරන්න ඕනි අපිට පළවෙනි වාරයේ උගන්නපු දේවල් ගැනත් අවධානය යොමු කරගෙනයි. පොත් කවරයට ඇතුළත් කරන ඡායාරූප අපිම ගත්තු ඒවා වෙන්නත් ඕන.
කවරය නිර්මාණ කරන්න තිබ්බෙ මොකක් හරි සංකල්පයක් තේමා කරගෙනයි. අපේ රටේ වෙහෙර විහාර තේමා කර ගෙන දිගටම නිර්මාණ කරපු නිසා, ටිකක් වෙනස්ම ආකාරයක සංකල්පයක් යටතේ පොත් කවරය නිර්මාණය කරන්න හිතුවා. ඉතින් හිතලා හිතලා හිතලා, අන්තිමේදි මාතෘකාව විදිහට තෝර ගත්තෙ අපේ රටේ "සංඝ සමාජය" ගැනයි.
සංකල්පය තමයි.... "භික්ෂුව නොමැති කල ශාසනයක්ද නොමැත" ....කියන සංකල්පය.
Photoshop මුදෘකාංගයෙන් නිර්මාණය කරපු මේ පොත් කවරය අනිත් අයගේ පොත් කවර තරම් ලස්සන නැති වුණත්, මහා ලොකු වැඩක් නොවුණත් මේ ගැන සටහනක් ලියන්න හිතුවේ අපේ රටේ සංඝ සමාජයේ ආරම්භය ගැන නොදන්න අයට සුළු හෝ දැනුමක් ලබා දීමේ චේතනාවෙන්.

අපේ රටේ මහින්දාගමනයට කලින් ඉදලම ඉන්දියාවේ තිබුණු බ්‍රාහ්මණ දහම, ජෛන දහම, පරිබ්‍රාජක, අචේලක, සචේලක, නාග සහ යක්ෂ වන්දන, වෘක්ෂ සහ ස්වභාවික වස්තු වන්දන තිබිලා තියෙනවා. ඉන්දියාවේ තිබූ අනිකුත් ආගම් සියල්ලක්ම පාහේ තිබුණේ නම් බුදු දහම පමණක් නොතිබෙන්නට හේතුවක් නෑ. විජය රජතුමා කියන්නේ ජීවමාන බුදුන්ගේ කාලයේ ජීවත් වුනු පුද්ගලයෙක්. සමහරක් විට ගෞතම බුදු හාමුදුරුවන්ව දැකලත් ඇති. මහා වංශයට අනුව උපුල්වන දෙවියෝ තවුස් වෙසක් මවා ගෙන ලක්දිවට ඇවිත් විජයගේ අතේ පිරිත් නූල් ගැට ගැහුවේත්, පිරිත් පැන් ඉස්සේත් ගෞතම බුදුන් වහන්සේගේ නියමය පරිදියි. විජය ඇතුළු 700ක පිරිසක් ලක්දිවට ගොඩ බහින්නෙත් බුද්ධ පර්නිර්වාණය සිදු වුනු දවසේමයි.
ආර්යය පෙළපතේ ලක්දිව 2 වන පාලකයා වුණු පන්ඩුවාසදේව රජතුමත් බුදුරදුන් වැඩ සිටි කාලයේ ජීවත් වුනු තැනැත්තෙක්. ඔහුත් බුදු දහම පිළිබද යම්තාක් දුරට හෝ දැන ගෙන ඉන්න ඇත. පන්ඩුවාසදේව රජුගේ විවාහයට ආපු භද්දකච්ඡායනා බිසව සිදුහත් ගෞතමයාණන් වහන්සේගේ ලේ ඥාතිවරියක්. ශුද්ධෝදන රජුගේ පරපුරේ ශාක්‍ය වාංශික කුමාරිකාවක්. බුද්ධ පරම්පරාවේ ලේ නෑකම නිසාම බිසව බුදුරදුන් සහ බුද්ධ ධර්මය පිළිබදව අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඇති. ඒ විතරක් නෙවේ බුදුන් වහන්සේගෙන් ධර්මය පවා අහන්නට ඇති. බුදුන් වහන්සේ කියන්නෙ භද්දකච්ඡායනා බිසවගේ මාමාවරයෙක්.
බුදුරජාණන් වහන්සේත් අපේ රටට 3 වරක් වැඩම කරලා ස්ථාන 16ක සමවත් සුවයෙන් වැඩ හිටියා කියලා කියනවා. උන්වහන්සේ ප්‍රථම වරට මහියංගනයට වැඩම කරලා යක්ඛ ගෝත්‍රිකයන් දමනය කරලා ඔවුන්ට ධර්මය දේශනා කරලා බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා.බ්දෙවන වරට උන්වහන්සේ ලංකාවේ නාගදීපයට වැඩම කරලා, නාගයින් පිරිසක් අතර ඇති වෙන්න ගියපු ගැටුමක් නිරාකරනය කරලා නාග ගොත්‍රිකයන්ට දහම් දෙසලා ඔවුන්වත් බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා. මණි අක්ඛික නා රජුගේ ආරාධනයෙන්, තුන්වන වර බුදුරදුන් 500ක් රහතන් වහන්සේලා සමග ලක්දිවට වැඩම කරලා, නාග ගෝත්‍රිකයන්ට දහම් දෙසලා, කැලණිය ඇතුලු ප්‍රදේශ 14කට වැඩම කරලා සමවත් සුවයෙන් වැඩ හිටියා කියලත් අපි දන්නවා.
සුමන සමන් දිව්‍ය රාජයා කියන්නේ බුදුරදුන්ගේ 1 වන ලංකා ගමනේදී දහම් අසා සෝවාන් වුනු බෞද්ධ දෙවි කෙනෙක්. මහියංගන සෑය ඉදි කරන්න බුදුරදුන්ගෙන් කේශ ධාතු ලබා ගත්තේත්, බුදුන් වහසේට සමනල කන්දට වැඩම කරන්න ආරාධනා කලෙත් සුමන සමන් දෙවියන්. කතරගම හෙවත් මහසෙන් දෙවියන් කියන්නෙත් බුදුන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වුනු දෙවි කෙනෙක්. උන්වහන්සේගේ 3 වන ලංකා ගමනේදී, බෞද්ධයන් ආරක්ෂා කිරීමේ වගකීම, බුදුන් වහන්සේ කතරගම දෙවියන්ට පවරනවා. උපුල්වන් දෙවියනුත් බෞද්ධ දෙවි කෙනෙක්. ලංකාවත් බුදු දහමත් ආරක්ෂා කිරිමේ වගකීම බුදුරදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයා හරහා උපුල්වන් දෙවියන්ට පැවරුවා කියලා ජනප්රවාදයේ සදහන් වෙනවා. විජයගේ අතේ පිරිත් නූල් බැන්දේත්,පිරිත් පැන් ඉස්සේ උපුල්වන් දෙවියන්. බුදුරදුන්ගෙන් දහම් ඇසූ ප්‍රථම දේවාචික උපාසකයන් දෙදෙනා වුනු තපස්සු බල්ලුක දෙදෙනා, බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කරලා අපේ රටේ "ගිරිගඩු" සෑය ඉදි කළා.ඔවුන් බුදුන් දැක බුදුන්,දහම් සරණ ගිය ප්‍රථම දේවාචික උපාසකවරු. ඒ වගේම කිත්සිරිමෙවන් රජමහා විහාරයේ ස්තූපය, කැළණි විහාරයේ ස්තූපය ජීවමාන බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ රටේ නිර්මාණය වුණු ස්තූප. සමනළ කන්ද, දීවා ගුහාව ආදීය පූජනීය ස්ථාන බවට ඒ කාල වකවානුවේදීම පත් වෙනවා.
මේ කරුණු වලින් පැහැදිලි වෙනවා මහින්දාගමනයට කලින් ඉදලම අපේ රටේ බුද්ධ ධර්මය ගැන දන්නා අය සිටියාය කියලා. ඒත් රට තුළ බුදු දහම දීර්ඝ කාලයක් පැවතුනේ නෑ. සංඝ සමාජයක් ස්ථාපිත වෙලා නොතිබුණු එක ඊට ප්රබලතම සහ එකම හේතුව වෙනවා. ධර්මය ව්‍යාප්ත කරන්න සංඝ සමාජය අත්‍යවශ්‍යයි. ගිහියන් විදිහට අපි ධර්මය ඇහුවත්, අහපු ධර්මය වෙනත් අයට කියලා දෙන්න යන්නෙ නෑ. ඒත් හාමුදුරුවරු කියන්නේ මේ අසිරිමත් ධර්මය ලෝකයාට දේශනා කරන්නම කැප වුණු පිරිසක්. උන්වහන්සේලා සියලුම ගිහි සැප අතහැර දාලා, අනගාරිකත්වයට ඇතුළත් වුණේ අන්න ඒ නිසයි. ධර්මය කියා දෙන්න භික්ෂූන් නොසිටි නිසා ධර්මය අපේ රට තුළ ව්‍යාප්ත වුණේ නෑ. බුද්ධ ධර්මය පිළිබද දන්නවුන්, තම තමන්ගේ සිත් තුළම ඒවා තබා ගෙන හිටියා. අපේ රටේ සංඝ සමාජය ඇති වෙන්නේ මහින්දාගමනයෙන් පස්සෙ.
මීට වසර 2550කට විතර කලින් ගෞතම බුදුන් වහන්සේගේ තෙවරක් ලංකාවට වැඩම වීම තුළින් අපේ රටේ බුදු දහම යම් මට්ටමකට ස්ථාපිත වුණත් ,සංඝ සමාජය නොසිටි නිසා කාලයත් සමග ධර්මය සිරි ලංකාද්වීපයෙන් ඈත් වෙලා ගියා. භික්ෂුව නොමැති නම් ශාසනයකුත් නැහැ. ඒ තරමට භික්ෂූන් වහන්සේලා වැදගත්...!!!!!!!!

පොත් කවරය මම හුගක්ම සරල විදිහට, මාතෘකාව සහ සංකල්පය ඉස්මතු වෙන විදිහට නිර්මාණය කරන්න පුලුවන් තරම් උත්සාහයක් දැරුවා. කවරයේ උඩම තීරුවට සෙල්ලිපියක් අන්තර්ගත කළා. අපේ රටේ සෙල්ලිපි කලාව හරියාකාරව ව්‍යාප්ත වෙන්න ගත්තෙ මහින්දාගමනයෙන්. ඒ වගේම මේ පින්තූරයේ තියෙන්නෙ සිතුල්පව්ව විහාරයේ සෙල්ලිපියක්. මේ සෙල්ලිපියේ සදහන් වෙලා තියෙන්නෙ අවුරුදු 2000කටත් වඩා ඉපැරණි ලංකාවේ සංඝ සමාජය ගැනයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ නිරූපනය කරන්න කොන් හතරට බෝ කොළ හතරක් දාලා, භික්ෂුවක් තුළ ඇති පද්මාකාර සහ පිවිතුරු ජීවිතය (මඩ වතුරේ ඉපිද, හැදී වැඩී ඉහළට එන නෙළුම, ජලයෙන් වෙන් වී සිටින්නාක් සේ, භික්ෂුවත් ලෝභ, ද්වේෂ, මෝහ වලින් යුතු සමාජය තුළ, වාසය කරන්නෙ එවැනි අයහපත් සිතුවිලි වලින් තොරවයී සංඛේතවත් කරන්න නෙළුම් මල යෙදුවා. දාන ගෙවල් වලදී, මග තොටේදී, පිරිත් පිංකම් වලදී මගේ කැමරා කාචයට අහු වුණු භික්ෂූන් වහන්සේලාගේ ඡායාරූප තමයි මේකට යෙදුවෙ.
මෛත්‍රීය බෝධිසත්ව රූපය සහ ඒ දෙපස තියෙන දේව රූප රාජගිරියේ සුදර්ශනාරාම විහාරයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා. ඒ ප්‍රතිමා වාද්දුව මුහුදු වෙරළේ ගත්තු පින්තූරයක් උඩින් ස්ථානගත කරලා, වටේට මුහුදු රැල්ලේ පින්තූර කිහිපයක් තියලා, මීදුම් සහිත ස්වරූපයක් එන විදිහට හරි ගැස්සුවා. ගිනි දැල්ලක කොටසක පිටපත් කිහිපයක් අරන් කවරය උඩින් ස්ථානගත කරත්, ඒක හිතපු තරම් සාර්ථක වුණේ නෑ. පොත් කවරයේ අකුරු වලට යෙදුවේ සිවුරේ තියෙන පාටවල එකතුවක්.