ගවේෂණ අංක 14
105. සීගිරිය - ඇතුළු දිය අගල
පිට දිය අගල හරහා යන පාර දිගේ ඉදිරියට යනකොට හමුවෙන්නෙ ඇතුළු දිය අගලයි. එහෙමත් නැත්නම් මීට පෙර සඳහන් කරපු අනිත් දිය අගල් වර්ගයයි. මේ තමයි සතුරු ආක්‍රමණයකදී සතුරොන්ට හමුවෙන දෙවෙනි බාධකය. ඇතුළු දිය අගල, පිට දිය අගලට වඩා පටු වුණත්, විශාල ගැඹුරකින් යුක්ත වෙනවා. හැබැයි මේ දිය අගල්, පර්වතය වටේටම අඛණ්ඩව නිර්මාණය වෙලා නෑ.
106. සීගිරිය - කුඩා ජල උද්‍යානය (ජල උද්‍යානය 01)
සීගිරියේ පහළ ප්‍රදේශය විවිධ කොටස් වලට බෙදලා තිබෙනවා. ඉන් පළමු වෙනි කොටස තමයි ජල උද්‍යානය කියලා හඳුන්වන්නෙ. සීගිරි පර්වතය දිහාවට යනකොට අපිට හමු වෙන පළවෙනි ජල උද්‍යානය තමයි කුඩා ජල උද්‍යානය කියන්නෙ. මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නෙ කොටස් පහක ආකෘතියකටයි. ඒ කොටස් අතරෙ ජල ක්‍රීඩා මණ්ඩප, පොකුණු, ජල උද්‍යාන වගේ අංග ඇතුළත්. මේ පොකුණු නොගැඹුරු, සෙමෙන් ගලා යන ජලයෙන් වැසුනු, පතුළු බොරළු හෝ කිරිගරුඩ වලින් නිර්මාණය කරපු පොකුණුයි.
මේ උද්‍යානයේ අංග එකම කාලයක නිර්මාණය වුණු දේවල් නෙවේ. පෙළක් අංග 5 වන සියවසේ අග භාගයේදී නිර්මාණය කරපුවා. තවත් ඒවා 10 වන සහ 13 වන සියවස් අතර කාලයේදී නිර්මාණය කරපුවා. හැබැයි තවමත් මේ උද්‍යානයේ කැණීම් කටයුතු සම්පූර්ණ වශයෙන්ම නිම කරලා නෑ.

107. සීගිරිය - ත්‍රිත්ව දොරටුව
තවත් ඉදිරියට යනකොට අපිට හමුවෙනවා ත්‍රිත්ව දොරටුව. සීගිරි පර්වතයට යන හැමෝම මේ දොරටුවෙන් ඇතුළ් වුණත්, මේ දොරටුව ළග නතර වෙලා මේක අධ්‍යනය කරන කෙනෙක් නැතිම තරම්. මෙතන ප්‍රධාන දොරටුවක් සහ ඒ දොරටුව දෙපස පරිවාර දොරටු දෙකක නටබුන් දැකගන්න පුලුවන්.
108. සීගිරිය - පැරණි කපරාරුව
ඊළගට අපිට දකුණු පැත්තෙන් පඩිපෙළක් හමුවෙනවා. එතනින් උඩට නැග්ගොත් පැරණි කපරාරු බිත්තියක් දැක ගන්න පුලුවන්. මේක ගැන නම් වැඩි විස්තරයක් කොහෙවත් නෑ.
109. සීගිරිය - ජල උද්‍යානය – 02
සීගිරි පර්වතය දිහාවට යන ගමනේදී අපිට දෙවනියට මුණ ගැහෙන ජල උද්‍යානය නම් කරලා තිබෙන්නේ ජල උද්‍යානය අංක 02 කියලයි. මේ ජල උද්‍යානයේ ජල මල් හතරක් දැක ගන්න පුලුවන්.
මේ ජල මල් හතර ටිකක් විතර ප්‍රසිද්ධයි. මොකද මේ ජල මල් හතරට ජලය සැපයෙන්නේ භූගත ජල කාණු තුළින්. අදටත් වර්ෂාව සහිත අවස්ථා වලදී, මේ ජල මල් ක්‍රියාත්මක වෙනවා.
110. සීගිරිය - ජල උද්‍යානය – 03
මීටත් පස්සෙ හමු වෙන ජල උද්‍යානය තමයි ජල උද්‍යානය – 03 කියලා හඳුන්වන්නෙ. මේ ප්‍රදේශයේ පොකුණු දෙකක් දැකගන්න පුලුවන්. එක පොකුණක් අටපට්ටමක හැඩයක් අරගන්න අතරෙ අනිත් පොකුණ L හැඩයේ ස්වරූපයක් අරගන්නවා. කුඩා පර්වතයකට සම්බන්ධ කරලා නිර්මාණය කරලා තිබෙන අටපට්ටම් පොකුණේ ශෛලමය පිය ගැටපෙළක් දැක ගන්න පුලුවන්.
111. සීගිරිය - චෛත්‍යය
ජල උද්‍යාන කොටසට පස්සෙ අපි ළගා වෙන්නෙ ශිලා උද්‍යන කොටසටයි. මේ ප්‍රදේශය ස්වභාවික පර්වත බහුල ප්‍රදේශයක් නිසා තමයි මේ නම වැටිලා තියෙන්නෙ. දැනට සීගිරියේ සිදු කරලා තියෙන පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තියෙන පැරණිතම පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන තියෙන්නෙ ශිලා උද්‍යානය ආශ්රිත ප්‍රදේශයෙන්.
මීට හොඳම උදාහරණය තමයි මේ ආශ්රිත ප්‍රදේශයෙන් සොයා ගත් වසර 6000ක් තරම් පැරණි ප්රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ සාධක.
මීට හොඳම උදාහරණය තමයි මේ ආශ්රිත ප්‍රදේශයෙන් සොයා ගත් වසර 6000ක් තරම් පැරණි ප්රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ සාධක.
ඊටත් අමතරව ක්‍රි.පූ 3 වන සියවසේදී මේ ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වුණු ආරාම සංකීර්ණයක සාධකත් හොයාගෙන තියෙනවා. ජල උද්‍යානය පහු කරනවත් එක්කම දකුණු පැත්තට තියෙන ගුරු පාර දිගේ ගියොත් අපිට මේ ආරාම සංකීර්ණයට පිවිසෙන්න පුලුවන්. ඊට අයත් වෙන කටාරම් කෙටූ ගල් ලෙන් 30ක් අතරින් ගල් ලෙන් 8ක බ්රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි සොයාගෙන තියෙනවා.
කාශ්‍යප රජතුමාගේ කාලයේදී මේ ප්‍රදේශය රජ මාළිගා පරිශ්‍රයට අයත් වුණත් කාශ්‍යප රජතුමාගෙන් පසුව නැවතත් මේ ප්‍රදේශය ආරාම සංකීර්ණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ දැකගන්න ලැබෙන ස්තූපය, කාශ්‍යප රජතුමාගෙන් පසු අවධියට අයත් වන ස්තූපයක්.

මේ ස්තූපය ඉදි කරලා තිබෙන්නෙ කුඩා ගලක් මතයි. ඒ ආසන්නයේ ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක් දැකගන්න පුලුවන්.
112. සීගිරිය - බෝධිඝරය
මේ ආරාම සංකීර්ණයට අයත් වැදගත් ස්මාරකයක් වන බෝධිඝරයත්, කාශ්‍යප රාජ්‍ය පාලන සමයෙන් පසු කාලයක ඉදි වුණු අංගයක්. මේ බෝධිඝරයේ සැලසුමේ කොටස් විදිහට කළුගලින් නිර්මාණය කළ වටකුරු පිට බැම්ම, ගඩොලින් නිර්මාණය කළ වේදිකාව, එහි මැද කොටසේ බෝධිය සඳහා ගල් පුවරු වලින් වට කළ ආවාටය හඳුන්වන්න පුලුවන්.
බෝධිඝරයට පිවිසීම සඳහා ආරම්භ වෙන පඩිපෙළ ආසන්නයේ පා දෝණියක් දැකගන්න පුලුවන්. පා දෝණියක් කියලා කියන්නෙ පාද ධෝවනය සඳහා ජලය රැස් කරලා තිබෙන අංගයකටයි. ඒ වගේම මේ පඩිපෙළෙත් කැටයම් දකින්න නැති ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක් තියෙනවා.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව මේ බෝධිඝරය නිර්මාණය කරලා තියෙන්නෙ අදියර දෙකක් යටතෙයි. ඒ අනුව වටකුරු ගල් බැම්ම සහ සමචතුරශ්‍රාකාර වේදිකාවේ තිබෙන හුණුගල් පළමු අදියරයට අයත් වෙනවා.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව මේ බෝධිඝරය නිර්මාණය කරලා තියෙන්නෙ අදියර දෙකක් යටතෙයි. ඒ අනුව වටකුරු ගල් බැම්ම සහ සමචතුරශ්‍රාකාර වේදිකාවේ තිබෙන හුණුගල් පළමු අදියරයට අයත් වෙනවා.
දෙවන අදියරය නොහොත් දෙවන අවධියට වේදිකාවේ තිබෙන ගඩොල් ඇතුරුම සහ චතුරස්රාකාර ආවාටය වටා තිබෙන කළුගල් පුවරු අයත් වෙනවා.