මට හිතෙන හැටි
අපි අපේ රටේ ඉතිහාසය ගැන ගවේෂණයක් හෝ අධ්‍යනයක් කරන කොට වැඩියෙන්ම භාවිතා කරන්නෙ සෙල්ලිපි, කාසි සහ නටබුන් කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. ඊ ළගට අපි දේශීය සහ විදේශීය වශයෙන් සාහිත්‍යය මූලාශ්‍රත් පාවිච්චි කරනවා. රටක ඉතිහාසය ගැන කරුණු හොයන කොට ගොඩක්ම විශ්වසනීයත්වයෙන් යුක්ත වෙන්නෙ පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර. මොකද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නෙ එළිපිට සත්‍ය වශයෙන්ම දැක ගන්න පුලුවන් මූලාශ්‍ර නිසා. ඒත් සාහිත්‍යය මූලාශ්‍ර ගැන නම් ගොඩක් වෙලාවට අපිට විශ්වාසය තියන්න අමාරුයි.
පොතක තිබ්බ පලියට ඒ ටික ඒ විදිහටම ගන්න නරකයි. ඒක බොහොම භයානක වැඩක්. සමහරක් කරුණු කාරණාවල තියෙන විශ්වසනීයත්වය ගැන ප්‍රශ්න මතු වෙනවා. සාමාන්‍යයෙන් පොතක් රචනා වෙන්නෙ, මොකක් හරි සිදුවීමක් මූලික කරගෙන. ඒත් ඒ සිදුවීම වෙච්ච හැටියෙම පොත රචනා වෙන්නෙ නෑ. ඒක රචනා වෙන්නෙ ඒ සිදුවීම වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඒ පොත ලියන ලේඛකයා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරලා, එයාට ඕන විදිහට ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා ඔස්සේ අහලා ලියන්නත් පුලුවන්. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා වගේ.
ඉතිහාසය අධ්‍යනය කරන කොට අපි විචාරපූර්වකව කල්පනා කරන්න ඕන. තර්ක විතර්ක දාලා බලන්න ඕන. පොතක තිබ්බ පළියට, කවුරුත් කියපු පළියට ඒ කරුණු ඒ විදිහටම විශ්වාස කරන්න නරකයි. ඒ නිසා අපි ඒ කරුණු ගැන කිහිප පාරක්ම හිතලා බලන්න ඕන. චින්තන හෙවත් පරිකල්පන ශක්තිය හරහා වෙනස් විදිහකට හිතලා බලනවා නම් ඒකත් බොහොම හොදයි.
" ඇයි මේක මෙහෙම වුණෙ..??? මේක මෙහෙම්මම වෙන්න ඕනද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව මෙහෙම වෙන්න බැරිද..??? මේක මෙහෙම වෙන්නෙ නැතුව, මෙහෙම වුණා නම්, ඇයි අරක මෙහෙම නොවුණේ..??? බැරිවෙලාවත් මේක මෙහෙම වුණා නම් මොකක් වෙයිද..??? මේක මෙහෙම නොවුණා නම් මොකක් වෙයිද..??? " ඔන්න ඔය වගේ තර්ක විතර්ක දාලා, වෙනස්ම කෝණයකින් හිතන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිටත් අලුත් මත අපේ ඉතිහාසය ගැන ගොඩ නගන්න පුලුවන් වෙනවා. ඒ විදිහට හිතලා බලනකොට, දැනට පවතින මතයන් ගැනත් ගොඩක් අඩු පාඩු අපිට පේන්න ගන්නවා. අපි පිළිගත්ත මත ප්‍රතික්ෂේප කරන්න වෙනකොට, පිළි නොගත්ත ගොඩක් මත අපිට පිළිගන්න වෙනවා. මේ කියන්න යන්නෙ එහෙම හිතන කොට, මගේ හිතට ආපු අදහස් ටිකක්.
01. සදකඩ පහණ
* දැනට පවතින මතය ;- සදකඩ පහණින් සංසාර චක්‍රය නිරූපණය වීම
* මට හිතෙන හැටි ;- සතර දිශාවෙන් පැමිණෙන ජනතාව නිරූපණය වීම

සදකඩ පහණ කියලා කියන්නෙ පූජනීය ස්ථානයකට ඇතුල් වෙනකොට මුරගල් දෙක අතර, කොරවක්ගල ඉස්සරහා දකින්න තියෙන අර්ධ කවාකාර කැටයමකටයි.
සද (චන්ද්‍රයා) + අඩ (භාගය) + පහණ (පාෂාණය) = සදඅඩ පහණ = සදකඩ පහණ
මහ නුවර යුගයේ සදකඩ පහණ් ඇරුණු කොට අනිත් සෑම යුගයකම සදකඩ පහණ් ගත්තොත් ඒවායෙ දකින්න තියෙන්නෙ එකම රූප ටිකක්. ඒ නිසා සදකඩ පහණ ගැන මත ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මත අතරින් දැනට පිළිගත්ත මතය තමයි සෙනරත් පරණවිතාන ශූරීන්ගේ මතය. ඒ කියන්නෙ සදකඩ පහණින් "සංසාර චක්‍රය නිරූපණය කරනවා" කියන මතය. ඒ අනුව සෙනරත් පරණවිතාන ශූරීන් තමන්ගේ මතය තහවුරු කරන්න, සදකඩ පහණේ තියෙන එක එක රූපය ගැන පැහැදිලි කිරීමක් කරනවා.
* කවාකාර තීරැවේ පෙනෙන ගිනිදල් = කමාග්නියේද ක්‍රෝධාන්තියේද සංකේතය
* ඇතා, අශ්වයා ,සිංහයා, ගවයා = ඡාති, ඡරා, ව්‍යාධි, මරණ යන සතර බිය
* ලියවැල = තණ්හාවේ සංකේතය වන ලතාව
* හංස රූප = අභිනිෂ්ක්‍රමණය
* මැද පියුම = නිර්වාණය
සෙනරත් පරණවිතාන ශූරීන් කියන්නෙ අපේ රටේ ඉතිහාසය වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු උත්තරීතර මනුස්සයෙක්. එතුමානන්ට පිං සිද්ධ වෙන්න තමයි අද අපේ අය සෙල්ලිපි අක්ෂර ලියන්නෙ සහ සෙල්ලිපි පරිවර්තනය කරන්නෙ. ඒත් එතුමා ඉදිරිපත් කරපු මත නම්, අපිට ඒ විදිහටම පිළිගන්න පුලුවන් කමක් නෑ. මොකද එතුමා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන ඉදිරිපත් කරපු සමහරක් මත වලින් කියවෙන්නෙ, අපි හිතනවටත් වඩා වෙනස්ම වෙනස් අදහසක්. බැලූ බැල්මට ඒ මතයන් හරියට "යන්නෙ කොහෙද, මල්ලෙ පොල්" වගේ...

උදාහරණයක් විදිහට සීගිරියේ බිතු සිතුවම් ගමු. සීගිරිය බිතු සිතුවම් ගැන සෙනරත් පරණවිතාන ශූරීන් දරන්නෙ වෙනස්ම වෙනස් අදහසක්. ඔහුගේ මතය සීගිරියේ ළලනා රූප වලින් "විජ්ජුලතා" සහ "මේඝලතා" සංඛේතවත් වෙනවා කියලයි. විජ්ජුලතා කියන්නෙ විදුලියට. මේඝලතා කියන්නෙ වළාකුළු වලට. මේ මතය ඉදිරිපත් කරන්න සෙනරත් පරණවිතානයන් යොදා ගත්ත තර්කය තමයි "කුවේරයා".
කුවේරයා කියන්නෙ සැපයට අධිපති දෙවි කෙනෙක්. සමහරක් අය කුවේරයාව වෙසමුණි (වෛශ්‍රවණ) කියලත් හදුන්වනවා. මේ කුවේරයා ජීවත් වුණේ ආලකමන්දාවක. ආලකමන්දාව කියන්නේ විශ්වයේ තියෙන උසස්ම උසස් මාළිගාවකට. ඒ මාළිගාව නිර්මාණය කරලා තියෙන්නෙ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා. කුවේරයාගෙ මාළිගාවට හැමදාම දවසේ පැය 24ම වහිනවා. කවදාවත් පායන්නෙ නෑ. ඉතින් මේ කුවේරයා තමන්ගෙ මාළිගාවෙ උඩු මහලට වෙලා වර්ෂාව දිහා බලාගෙන සතුටු වෙනවලු. සෙනරත් පරණවිතාන ශූරීන්ගේ තර්කය අනුව මහා කාශ්‍යප රජතුමත් මේ උසස් මාළිගාව හෙවත් සීගිරිය නමැති ආලකමන්දාවේ ජීවත් වුණේ හරියට කුවේරයා වගේලු.
කුවේරයාගේ මාළිගාවට හැමදාම වර්ෂාවක් පතිත වෙන නිසා ඒ වර්ෂාව සංඛේතවත් කරන්න, ඒ ළලනා රූප සිතුවම් කළාලු. නිල් පාට කාන්තා රූපවලින් වළාකුළුත්, රං පාට කාන්තා රූපවලින් විදුලියත් සංඛේතවත් වන බව පරණවිතාන මහත්තයා ප්‍රකාශ කරනවා. පිදුරංගල විහාරයට යන කුමාරිකාවො, අන්ත:පුර බිසෝවරු, කාශ්‍යප රජතුමාගේ දූවරු, දිව්‍ය අප්සරාවන්, මාළිගාවේ සේවිකාවන්, සාමාන්‍ය ස්ත්‍රීන් ආදී වශයෙන් සීගිරි බිතු සිතුවම් ගැන මත විශාල ප්‍රමාණයක් පල වෙලා තිබුණත්, අද පිළි අරගෙන තියෙන්නෙ සෙනරත් පරණවිතාන මහත්තයාගේ මතයයි.
අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ තියෙන "මිනිසා සහ අශ්ව හිස" කැටයම ගැනත් මත රාශියක් පල වෙලා තියෙද්දිත්, අද පිළිගත් මතය වෙලා තියෙන්නෙ සෙනරත් පරණවිතානයන්ගේම මතයක්. පරණවිතානයන් මේ කැටයම අර්ථ කථනය කරලා තියෙන්නෙ "අග්නි සහ පර්ජන්‍ය" කියලා. ඒක තව දුරටත් පැහැදිලි කළොත් අශ්ව හිසෙන් ගින්නට අධිපති අග්නි දෙවියනුත්, මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් සංකේතවත් කරනවා කියලා තමයි පරණවිතාන ශූරින් අදහස් දක්වන්නෙ.

නෙළුම් මලක් උඩ වැඩ ඉන්න පුලුවන් බුදුවරයෙක්ට විතරයි කියලා දැන දැනම මතයක් ගොඩ නැගුවා, පොළොන්නරු ගල් විහාර හිටි පිළිමයෙන් නිරූපණය වෙන්නෙ ආනන්ද හාමුදුරුවො කියලා.
ඉතින් සෙනරත් පරණවිතානයන් ඉදිරිපත් කරපු මේ වගේ මතත් එක්ක බලන කොට, සදකඩ පහණට ඉදිරිපත් කරපු මතය ගැන ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෑ. හැබැයි පරණවිතාන ශූරීන්ට අනුව සදකඩ පහණෙන් සංඛේතවත් වෙන්නෙ නිර්වාණය නම්, "නිර්වාණය වගේ උතුම් දෙයක් , හැම කෙනෙක්ගෙම පයට පෑගෙන්න, දොරකඩක් ළග කැටයම් කරයිද..????" කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා.
ඒ නිසා මම හිතන්නෙ සදකඩ පහණ කියන්නෙ යම්කිසි ස්ථානයකට ඇතුල් වෙනකොට, ඇතුල් වෙන ස්ථානය ඉදිරිපිට කැටයම් කරපු අලංකාර පාපිස්නාවක් (පා පුවරුවක් /පාපිස්සක්) කියලයි. ඒ වගේම සිංහයා, අශ්වයා, ගවයා, ඇතා කියන සතුන්ගෙන් සතර දිශාවෙන් පැමිණෙන මිනිසුන්ව සංඛේතවත් වෙනවා... අපේ රටේ ඉස්සර එක එක දිශාව සංඛේතවත් කරන්න, එක එක සතුන් යොදලා තියෙනවා. ඒ දිශාවන් අතර උතුර, නැගෙනහිර, බටහිර සහ දකුණු දිශාවන් සංඛේතවත් කරලා තිබිලා තියෙන්නෙ සිංහයා, අශ්වයා, ගවයා, ඇතා කියන මේ සතුන් හතර දෙනාගෙන්. ඒ වගේම ඒ ඒ දිශාවල අන්තයේ මේ සතුන් හතර දෙනාගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමා නිර්මාණය කරලා තිබිලා තියෙනවා. නැගෙනහිර පළාතේ මුහුද පේන මානයක ඒ වගේ අශ්ව ප්‍රතිමාවක කැඩී ගිය කොටසක් හොයා ගැනීමත් එක්ක මේ මතය තවත්

තහවුරු වෙනවා. ඒ වගේම පරණ දාගැබ් වටේට නිර්මාණය කරලා තියෙන වාහල්කඩ හතරෙත් සිංහයා, ගවයා, ඇතා, අශ්වයා කියන මේ සතුන් හතර දෙනාවම කැටයම් කරලා තියෙනවා දකින්න පුලුවන්. ඒ ඒ දිශාවන්වල වාහල්කඩවල් වල, ඒ ඒ දිශාවන් සංඛේතවත් වෙන විදිහට තමයි මේ සතුන් හතර දෙනාව ස්ථාන ගත කරලා තියෙන්නෙ. ඒ වගේම සලපතල මළුවක් ගත්තොත් සලපතල මළුවට ඇතුල් වෙන දිශා හතරටම සදකඩ පහණ් හතරක් තියෙනවා. ඒ දිශා හතරෙන් සලපතල මළුවට ඇතුල් වෙන ජනතාව උදෙසායි.
සදකඩ පහණේ මැද පියුම, හංසයො, ලියවැල් ආදීය සැගවුණු අර්ථ වලින් තොර අලංකාරය සදහා කැටයම් කරපුවා විය යුතුයි. සැ.යු ;- මේ සටහන ලිව්වායින් පස්සෙ එම්.සී.පී.බෙල්, වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් |
රෝලන්ඩ් වගේ පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයනුත්, සදකඩ පහණ සතර දිශාව නිරූපණය කරන්නක් ලෙසට මතයක් ඉදිරිපත් කරලා තියෙන බව දැන ගන්න ලැබුණා.
ගවයා, අශ්වයා, සිංහයා සහ ඇතා කියන සතුන් සිව් දෙනා සමහරක් තැනක "අෂ්ඨ මංගල වස්තු" විදිහටත් සැළකෙනවා. ලංකාවේ පැවතුනු විවිධ රාජධානි අනුව සදකඩ පහනත් විකාශය වුණා. මේ අනුරාධපුර යුගයෙන් පස්සෙ පොළොන්නරු, දඹදෙනි, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, සීතාවක, මහ නුවර ආදී යුග වෙන කොට සදකඩ පහණේ සැලකිය යුතු වෙනස් වීම් වලට භාජනය වුණා. පොළොන්නරු යුගයේ සදකඩ පහණෙන් ගවයා ඉවත් වුණා. මහ නුවර යුගයේ සදකඩ පහණ වෘත්තාකාර ස්වරූපයෙන් මිදිලා ත්‍රිකෝණාකාර ස්වරූපයක් ගන්නා අතරෙම ලියවැල් සහ නෙළුම් මල් වලට පමණක් සීමා වුණා.
ඒ විතරක් නෙවේ අනුරාධපුර යුගයේ සදකඩ පහණ් අතරත් විවිධ වෙනස්කම් තියෙනවා. බිසෝ කොටුවේ තියෙන සදකඩ පහණ අපේ රටේ සාම්ප්‍රදායික සදකඩ පහණ විදිහට පිළිගැනෙනවා. ගිනි දැල්, සත්ව රූප සතර, ලියවැල්, හංස රූප සහ පියුමක් එහි කැටයම් කරලා තියෙනවා. ඒත් අනුරාධපුර යුගයේ සදකඩ පහණ් අතරත් විවිධ වෙනස්කම් තියෙනවා. අභයගිරි ආවාසයේ තියෙන සදකඩ පහණේ කැටයම් කරලා තියෙන්නෙ මැද පියුම විතරයි. වෙස්සගිරියේ සදකඩ පහණ්වල කිසිම රූපයක් කැටයම් කරලා නෑ. නෙළුම් මල, ලියවැල සහ සත්ව පේළියට විතරක් තීරු වෙන් කරලා තියෙන පංකුලිය අශෝකාරාමයේ සදකඩ පහණේ සත්ව පේළියේ කැටයම් කරලා තියෙන්නෙ ඇතා සහ අශ්වයා විතරයි. ගවයා සහ සිංහයා කැටයම් කරලා නැති වීම ගොඩක් සුවිශෙෂියි. ඇතෙක්, අශ්වයෙක්, ඇතෙක් ආදී වශයෙන් මාරුවෙන් මාරුවට මේ සතුන්ව කැටයම් කරලා තිබුණත්, සදකඩ පහණේ මැද කොටසේ විතරක් එක ළග සිටින ඇතුන් දෙදෙනෙක්ව දකින්න පුලුවන්. අනුරාධපුර යුගයේම නිර්මාණය වුණු ලාහුගල මගුල් මහා විහාරයෙත් මේ හා සමාන සදකඩ පහණක් දකින්න පුලුවන්. ඒ සදකඩ පහණේ කැටයම් කරලා තියෙන්නෙ ඇත් පේළියක් විතරයි. ඇතුන් පිට නැග ගත්තු පුද්ගලයන්වත් අතරින් පතර කැටයම් කරලා තියෙනවා. මේ වගේ අපේ රටේ සදකඩ පහණ් වල විශාල විවිධත්වයක් තියෙනවා. ඒ නිසා එක සදකඩ පහණක ආකෘතියක් දිහා බලලා, සමස්ථ සදකඩ පහණ් ගැනම මේ වගේ මතයක් ඉදිරිපත් කිරීම නම් කොහෙත්ම පිළිගන්න බෑ...!!!!!

02. ලක්දිව ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව
* දැනට පවතින මතය ;-
වළගම්බා රජතුමා කුපික්කලතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීම, පෞද්ගලික ආරාම පූජාවක්
* මට හිතෙන හැටි ;-
වළගම්බා රජතුමා කුපික්කලතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීම, පෞද්ගලික ආරාම පූජාවක් නොවේ

මහා වoශයට අනුව නම් වළගම්බා රජතුමාගේ අභයගිරි විහාර පූජාව පෞද්ගලික ආරාම පූජාවක් වෙනවා. මහා වංශයේ ඒ ඉතිහාස කතාව සටහන් කරලා තියෙන්නෙ මෙහෙමයි. භික්ෂු ශාසනයේ සම්ප්‍රදාය පොදු දේපල ක්‍රමයක්. සියලු පූජා පොදු අයිතිය පදනම් කර ගෙනයි පූජා කෙරෙන්නෙ. ඉතින් පෞද්ගලික පූජාවක් විදිහට අභයගිරි විහාර පූජාව හදුන්වපු, මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා කුපික්කලතිස්ස හාමුදුරුවන්ට දඩුවම් කරන්න ලෑස්ති වුණා. මේ නිසා කුපික්කලතිස්ස හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙක් වුණු "බහලමස්සුතිස්ස" හාමුදුරුවෝ, 500ක් හාමුදුරුවරු එක්ක, කුපික්කලතිස්ස හාමුදුරුවන්ට සහයෝගය පල කරන්න අභයගිරියට යනවා. ඉතින් මහා වoශයට අනුව මෙතන නිකාය භේදයක් ඇති වෙනවා වගේම, ලoකාවේ පළවෙනි නිකාය භේදයේ නිර්මාපකයා විදිහට වළගම්බා රජ්ජුරුවෝ ඉතිහාසගත වෙනවා. එතනින් පස්සෙ මහා විහාරයයි, අභයගිරියයි වෙන වෙනම ගමන් කරනවා.
ඒත් මගේ මතය අනුව නම් මේ ඔක්කොම බොරු. අභයගිරිය කිව්වම අපි ඔක්කොටම මතක් වෙන්නෙ චෛත්‍යයක්. ඒත් ඇත්තටම මේක විහාර සoකීර්ණයක්. චීන ජාතික පාහියන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තා වලට අනුව නම් මේකෙ දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා 5000ක් නේවාසිකව වැඩ හිටියා. එතකොට මේකේ පිරිසිදු කිරීම් කරන සේවකයන්, මුරකරුවන්, උපාසක උපාසිකාවන්... මේ හැමෝම ගත්තම 6000ක් විතර අභයගිරියේ භූමි සීමාවේ ගැවසෙන්න ඇති. ඒ විතරක් නෙවේ. අද අපි අනුරාධපුරේ ගියාම දකින බිසෝ කොටුව, කුට්ටම් පොකුණ, රත්නප්‍රාසාදය, අභයගිරි ස්තූපය, පළවන වන සමාධි පිළිමය, දෙවන සමාධි පිළිමය, තුන්වන සමාධි පිළිමය, දාන ශාලාව, ආවාස ගෙය, ඇත් පොකුණ, ලංකාරාම ස්තූපය, ප්‍රතිමා ගෘහය, අභිෂේක මණ්ඩපය .... මේ හැම දෙයක්ම පිහිටලා තියෙන්නෙත් අභයගිරි විහාර භූමියේ. ඉතින් ඒ කාලයේ මේ සoකීර්ණය කොච්චර ලොකුවට තියෙන්න ඇතිද..??? මේ වගේ ලොකු නිර්මාණයක්, හරියට මහා බ්‍රහ්මයා ලෝකය මැව්වා වගේ කරන්න බෑ. අඩුම තරමේ අවුරුදු 10කට ආසන්න කාලයක්වත් යන්න ඇති. අනුරාධපුර පූජා භූමිය අභයගිරි, මහා විහාර, ජේතවනාරාම, මිහින්තලේ සහ ඇතුළු නුවර කියලා කොටස් 5කට බෙදෙනවා. සමස්ථ පූජා භූමියෙන්ම 50%කටත් වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන්නෙත් අභයගිරි විහාර සංකීර්ණය වෙනුවෙන්.
ඉතින් මේ වගේ විශාල ව්‍යාපෘතියක් ඉදි වෙන කොට මහා විහාරයේ හාමුදුරුවරු ඇස් පියාගෙනද හිටියේ හැබෑටම..??? අපි වුණත් අහල පහල ගෙදරකට අලුතින් කට්ටියක් පදිoචියට එන කොට හොයලා බලනවනෙ, එයාලගෙ පවුල් පසුබිම. කවුද දන්නෙ කසිප්පු විකුණන අයද කියලා..!!!! ඉතින් මහා විහාරයේ අය හොයලා බැලුවෙ නැද්ද ඇයි මේක හදන්නෙ, කාටද හදන්නෙ, කාගෙ අදහසක්ද මේ කියලා..???? මේක හදන කොට එයාලට මේක නවත්තන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ. ඊ ළගට කුපික්කලතිස්ස හාමුදුරුවන්ට මේක පූජා කරන කොට ලොකු රාජකීය මට්ටමේ උත්සවයක් ගන්න ඇතිනෙ. එතනදි නවත්තන්න තිබ්බනෙ "ඕක වැරදි වැඩක්" කියලා. එහෙම කළෙත් නෑ. මේක කුපික්කලතිස්ස හාමුදුරුවන්ට පූජා කරලා ඉවර වුණාම තමයි විරුද්ධ වෙන්නෙ.

අනිත් එක තමයි මේක පෞද්ගලික ආරාම පූජාවකුත් නෙවේ. ගෙදරකට හාමුදුරුවරු හත් නමක් වඩම්වලා දානයක් දුන්නොත්, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, මේ දානය දෙන්නෙ ඒ හාමුදුරුවරු හත් නමට විතරයි කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ මේ ලෝකයේ වැඩ සිටින සමස්ථ භික්ෂූන් වහන්සේලා උදෙසා මේ දානය පූජා කරනවා කියන එක. මහානාම හාමුදුරුවන්ගේ කරුණුවලට අනුව එහෙනම් සාoඝික දානයත් පෞද්ගලික පූජාවක් වෙනවා. ලෝකයේ ඉන්න හාමුදුරුවරුන්ගෙන්, හාමුදුරුවරු හත් නමකට විතරයිනෙ දන් දෙන්නෙ. කෝ එතකොට අනිත් හාමුදුරුවරු..??? එහෙම වෙන්නෙ නෑනෙ..??? ඒක නිසා මේක පෞද්ගලික ආරාම පූජාවක් වෙන්න කොහෙත්ම බෑ. අභයගිරි පූජාව කියන්නෙත් පොදු පූජාවක්. ඒ නිසා හැම භික්ෂුවකටම අභයගිරිය ගැන පොදු අයිතියක් තියෙනවා.
|
අපි සිවුරක්, පාත්තරයක්, කුඩයක්, වටාපතක් පූජා කරන්නෙ එක භික්ෂුවකට වෙන්න පුලුවන්. ඒත් ඒ භික්ෂුව අපවත් වුණායින් පස්සෙ, ඒ භික්ෂුව පරිහරණය කරපු දේවල් අනිත් භික්ෂූන් වහන්සේලා අතර බෙදිලා බෙදිලා යනවා.
එහෙනම් ඇයි මහා වoශය ලියන මහානාම හාමුදුරුවෝ වළගම්බා රජ්ජුරුවන්ව, කුපික්කලතිස්ස හාමුදුරුවන්ව පල්ලෙහට ඇදලා දාන්න පෞද්ගලික ආරාම පූජාවක් එළියට ඇද්දෙ..??? ඒ මහා වoශය ලියන මහානාම හාමුදුරුවොත් මහා විහාරයේ හාමුදුරු නමක් නිසා.
අභයගිරියෙ ස්වාධීන ආයතනයක දකින්න පුළුවන් හැම ලක්ෂණයක්ම තිබුණා. ඒක පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් වෙනවා. මහා විහාරයට වඩා සැප පහසුකම් අතින් ගොඩක් ඉහළයි. ඒ වගේම ඉස්තරම්. අද කාලේ හැටියට ගත්තොත් Peo Tv, පිහිණුම් තටාක, AC තියෙන Place එකක්. ඉතින් වෙනත් රටවලින් එන හාමුදුරුවරු ඔක්කොම ටික වැඩම කරන්නෙ අභයගිරියට. මහා විහාරයට වඩා අභයගිරිය ජනප්‍රිය වෙන කොට, මහා විහාරයේ තිබුණු ජනප්‍රියත්වය අඩු වෙනවා. ඒ නිසා මහා විහාරයේ හාමුදුරුවරු, අභයගිරියත් එක්ක ලොකු ඊර්ෂ්‍යාවකින් හිටියා. මේ නිසාම මහානාම හාමුදුරුවොත්, ඒ ඊර්ෂ්‍යාව පදනම් කර ගෙන වළගම්බා රජතුමාට, මහා වoශයෙන් පුලුවන් තරම් ගහන්න ගත්තා.

03. ලක්දිව ප්‍රථම නිකාය භේදය
* දැනට පවතින මතය ;-
වළගම්බා රජතුමා කුපික්කලතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීමෙන් නිකාය භේදයක් ඇති විය
* මට හිතෙන හැටි ;-
වළගම්බා රජතුමා කුපික්කලතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීමෙන් නිකාය භේදයක් ඇති නොවිනි

අභයගිරි පූජාව නිසා නිකාය භේදයක් කොහෙත්ම ඇති වෙන්නෙ නෑ. මොකද අභයගිරියට යන්නෙත් මහා විහාරයේම පිරිසක්. මහා විහාරය ථේරවාදී. එහෙනම් මහා විහාරයෙන්, අභයගිරියට යන අයත් ථේරවාදී. එහෙනම් කොහෙද නිකාය භේදයක්...?????
පස්සෙ කලෙක අභයගිරිය කේන්ද්‍ර කරගෙන ලොකු අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇති වෙලා, අභයගිරියට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබෙනවා. එතකොට පිටරටවලින් ථේරවාදී වගේම, මහායානික හාමුදුරුවරුත් අධ්‍යාපනය ලබන්න එනවා. අභයගිරිය හදලා අවුරුදු ගණනාවකට පස්සෙ තමයි මහායානික හාමුදුරුවරුන්ගේ පැමිණීම සිද්ධ වෙන්නෙත්. ඊට පස්සෙ තමයි නිකායවල් බිහි වෙන්න පටන් ගන්නෙ (ධර්මරුචි නිකාය) . එහෙම නිකායවල් බිහි වුණත් නිකාය භේදයක්, එහෙමත් නැත්නම් භික්ෂූන් අතර ඔය කියන විදිහේ භේදයක් තිබිල නෑ.

04. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සහ වළගම්බා රජතුමා
* දැනට පවතින මතය ;-
වළගම්බා රජතුමා මාතලේ අලු විහාර සංගායනාවට සහයෝගය දුන්නෙ නැත
* මට හිතෙන හැටි ;-
වළගම්බා රජතුමා මාතලේ අලු විහාර සංගායනාවට සහයෝගය දෙනු ලැබිනි

මාතලේ "ආලෝක විහාරය" හෙවත් "අළු විහාරයේ" ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම වළගම්බා රාජ්‍ය සමයෙම සිද්ධ වුණු එක තවත් විශේෂත්වයක්. මේ කාලය තුළ අපේ රටේ තිබුණු මහා සාගතය නිසා දහස් ගණන් භික්ෂූන් වහන්සේලා අපවත් වුණා. බොහෝ පිරිසක් මේ දේශගුණය ඉවසගන්න බැරුව වෙනත් වෙනත් රටවල් වලට වැඩම කළා. මේ වෙන කොට තිබුණේ ධර්මය කට පාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන ක්‍රමයක්. ඉතින් භික්ෂූන් වහන්සේලාගේ අපවත් වීම නිසා බුද්ධ ධර්මය අපේ රටෙන් මැකිලා යන්න පටන් ගත්තා. පොත්පත්වල තියෙන විදිහට නම් මේ මහා සාගතය නිසා, සමහරක් හාමුදුරුවරු අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් පොළොවේ, වැල්ලෙ තමන්ට ඒ වෙලාවේ මතකයට එන ධර්ම කරුණු සටහන් කළාලු. තවත් හාමුදුරුවරු අපවත් වෙන්න යන බව දැන ගෙන, අසාධ්‍ය තත්වයේ හිටියත්, තමන්ගේ ළග ඉන්න හාමුදුරුවරුන්ට කණට කොදුරලා තමන් දන්න දහම් කරුණු දේශනා කළා. මේ මහා සාගතය නිසා ඒ හාමුදුරුවරුත් ඉක්මනින්ම අපවත් වෙන බව දැන දැනත් මේ දේවල් කළේ, අසිරිමත් ශ්‍රී සද්ධර්මය තව මොහොතකට හරි ආරක්ෂා කරන්නයි.
මේ නිසා අපේ හාමුදුරුවරු 500 නමක් එකතු වෙලා ගොඩක් වටිනා තීරණයක් ගන්නවා. ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු 84 000ක ධර්ම ස්කන්ධය හෙවත් සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. බුදු දහම කට පාඩමින් පවත්වා ගෙන යනවා වගේම, ග්‍රන්ථවලත් ඒ දේවල් සටහන් කරනකොට, ආයිත් මේ වගේ සාගතයක් ආවත් බය වෙන්න දෙයක් නෑ. මොකද ධර්මය මේ පොත්වල සටහන් වෙලා තියෙන නිසා. මහා වoශයට අනුව මේ විශේෂ කටයුත්තට අනුග්‍රහය දුන්න කෙනෙක් හොයා ගන්න නෑ. ඒත් මේකට ප්‍රාදේශීය නායකයෙක් හරි අගමැතිවරයෙක් හරි අනුග්‍රහය දුන්නා කියලා

මතයක් තියෙනවා. මේ කර්තව්‍යට අත ගහන්නෙ මහා විහාරයේ හාමුදුරුවරු. මේ කර්තව්‍යට අත ගහන්නෙ මහා විහාරයේ හාමුදුරුවරු. වළගම්බා රජතුමා අනුග්‍රහය දුන්න බවක් මහා වoශයේ සදහන් වෙන්නෙ නැත්තෙ, වළගම්බා රජතුමා මහා විහාරයත් එක්ක අභයගිරිය නිර්මාණය කරලා ප්‍රශ්නයක් ඇති කර ගත්තු නිසා වෙන්න ඇති කියලා ඉතිහාසඥයන් කියනවා. එත් මගේ "පුද්ගලික" මතයට අනුව නම් මේක මහානාම හාමුදුරුවන්ගෙ ප්ලෑනක්. මහානාම හාමුදුරුවන් මහා වoශය ලියන කොට පක්ෂග්‍රාහී බවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසා මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරුන්ව මහා වoශයේ ඉහළින්ම වර්ණනා වෙනවා. මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තු රජවරුන්ව විවේචනය වෙනවා වගේම, මහා වoශයෙන් ඉවතට විසික් වෙනවා. පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා දුටුගැමුණු රජ්ජුරුවෝ "මහා වoශයේ" වීරයා වෙන්නෙ අන්න ඒ
|
නිසයි. ඒත් මේ පක්ෂග්‍රාහී බව නිසා රජවරුන්ගේ සැබෑ ඓතිහාසික තොරතුරු යටපත් වෙලා යන එකයි වෙන්නෙ. දේශපාලනික අoශය අතින් ගත්තොත් වළගම්බා රජ්ජුරුවෝ දුටුගැමුණු රජ්ජුරුවන්ට වඩා යුද්ධ ජයග්‍රහණයට ලොකු වෙහෙසක් ගත්තා. අපේ වචන වලින් කියනව නම් "ලොකු කට්ටක්" කෑවා. කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්ධ කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබුනු නිසා, දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ රජ වුනු ගමන් එළාරට ගහන එක විතරයි. ඒත් වළගම්බා රජ්ජුරුවන්ට මේ ඔක්කොම අවුරුදු 14ක් තිස්සේ එකින් එක එකින් එක ප්ලෑන් කරන්න වුණා. දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ එළාරගේ පාලනයෙන් අපේ රට මුදවා ගන්න විතරයි. ඒත් වළගම්බා රජතුමාට එකවර අභියෝග 4කට මුහුණ දෙන්න වෙනවා (තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල, සත් ද්‍රවිඩ ආක්‍රමණය, ගිරි නිගන්ඨයා, බැමිණිතියාසාය) . දුටුගැමුණු රජ්ජුරුවො යුද්ධ කරන කොට අපේ රට ආහාර අතින් ස්වයoපෝෂිත වෙලා තිබුණා. ඒත් වළගම්බා රජ්ජුරුවන්ගේ කාලයේ ලොකු ආහාර හිගයක් තිබුණා. මේ සාගතය අවුරුදු 14කටත් වඩා තිබුණා. මෙහෙම බලනකොට මහා වoශයේ වීරයා වෙන්න ඕන වළගම්බා රජතුමා.
මගේ "පුද්ගලික අදහස" වළගම්බා රජතුමා මේකට සහයෝගය දුන්නා කියන එකයි. මොකද මේක මහා පරිමාණයේ යෝධ ව්‍යාපෘතියක්. බුදු හාමුදුරුවන්ගේ 84 000ක ධර්ම ස්කන්ධය සූත්‍ර, විනය, අභිධර්ම විදිහට කොටස් 3කට බෙදලා ඒවා එකින් එක, පුස්කොල පොත්වල සටහන් කරන්න ඕන. ඊට පස්සෙ ඒවා කිහිප වරක් නැවත නැවත කියවලා, වැරදි නිවැරදි කර ගන්න ඕන. ඊට පස්සෙ මේකෙන් පිටපත් ගොඩක් ගන්න ඕන. ඒ වගේම තවත් පිටපත් වගයක් වෙනම අරගෙන එව්වා අනිත් බෞද්ධ රටවලටත් යවන්න ඕන. ඉතින් මේ වගේ දේකට "රාජ්‍ය අනුග්‍රහය" අනිවාර්යෙන්ම අවශ්‍යයි. රජතුමා මහා විහාරයේ හාමුදුරුවරු එක්ක ප්‍රශ්න ඇති කර ගෙන හිටියත්, මේ කටයුත්ත සමස්ථ බුදු සසුනේම චිරස්තිථිය සහ පැවැත්ම උදෙසානෙ. එහෙම නේද...????

05. චෛත්‍යක අංග
* දැනට පවතින මතය ;-
චෛත්‍යයක අංග වලින් නිර්වාණය සංඛේතවත් කරයි
* මට හිතෙන හැටි ;-
චෛත්‍යයක අංග වලින් නිර්වාණය සංඛේතවත් නොකරයි

බොහෝ විද්වත්තු ප්‍රකාශ කරන්නේ ස්තූපයකින් ආගමික අර්ථයක් කියවෙනවා කියලයි. ඒ අය කියන විදිහට බෞද්ධයෙක් තම ආගමික ජීවිතය ක්‍රමයෙන් දියුණු කර අවසානයේ නිවනට පත් වීම, පේසා වළලුවල සිට චූඩා මාණික්‍යයෙන් අවසන් වන ස්තූපයෙන් නිරූපණය වෙනවා. ඒ අනුව චෛත්‍යයක දකින්න පුලුවන් එක් එක් අංග ගැන ඒ අය පැහැදිලි කරන්නෙ මෙහෙමයි.
පේශා වළලු ත්‍රිත්වය ;- අලෝභ, අදෝෂ, අමෝහ
ධාතු ගර්භය ;-
සතරැස් කොටුව ;- සතර බ්‍රහ්ම විහරණ
කොත් කැරැල්ල ;- ආර්ය අෂ්ඨාංගික මාර්ගය
චූඩා මාණික්‍යය ;- නිර්වාණය
ඒත් ඇත්තටම ගත්තොත් පේශා වළලු කියලා කියන්නෙ චෛත්‍යයක අත්තිවාරමේ පොළොව මතුපිට කොටසටයි. ඒ කොටස තමයි සමස්ථ චෛත්‍යයේම ස්කන්ධය දරාගෙන ඉන්නෙ. ධාතු ගර්භය නිර්මාණය කරලා තියෙන්නෙ ධාතුන් වහන්සේලාව තැන්පත් කරන්න. චූඩා මාණික්‍ය හයි කරලා තියෙන්නෙ චෛත්‍යයේ ලස්සනට කියලා නොදන්න අය කිව්වට, චූඩා මාණික්‍යයකින් කෙරෙන්න අකුණු පාරවල් එන එක වළක්වන එක. ඒ කියන්නෙ මේක අකුණු සන්නායකයක්. ඒ කියන්නෙ මීට අවුරුදු දහස් ගණනකට කලින් අපේ අය අකුණුවල ස්වභාවය, විද්‍යාව ගැන එහෙම දැනගෙන ඉදලා තියෙනවා. අපේ රටේ පළවෙනි අකුණු සන්නායකය හදන්නෙ දුටුගැමුණු රජතුමාගෙ කාලයේ. ඒ රුවන්වැලි මහා සෑයෙ හයි කරන්න. ඒත් ඒ වෙනකොට ඔය බටහිර රටවල්වල නොදියුණු මිනිස්සු හිතන් හිටියෙ අකුණු ගහන කොට, දෙවි කෙනෙක් අහසෙ ඉදගෙන පොළවට ගිනි බෝල එවනවා කියලා. ඒත් අපේ අය දැනන් හිටියා මේක ස්වභාවික දෙයක් කියලා. එහෙම ගත්තම ලෝකයේ පළවෙනි අකුණු සන්නායකය හැදුවෙ අපි. ඒ "ලෝකයේ පළවෙනි අකුණු සන්නායකය නිර්මාණය කිරීමේ" ගෞරවය අපෙන් උදුර ගත්තු "බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්" ඉපදෙන්නත් අවුරුදු 1867කට කලින්. අදෘෂ්‍යමාන ස්ථිති විද්‍යුත් ආරෝපණය, ඉලෙක්ට්‍රෝන ගැන එහෙමත් අපේ මුතුන් මිත්තො දැනගෙන ඉදලා තියෙනවා.
මේ ගැන Facebook එකේ ප්‍රවීන් ගුණවර්ධන කියලා මහත්මයෙක් හොද ලස්සන විග්‍රහයක් කරලා තිබුණා, රූප සටහනකුත් ඇදලා. ඉතින් එතුමාගේ අදහස් ඒ විදිහටම අපි පහතින් සදහන් කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක ඵල කරන්න අවසරය ගන්න, අපිට එතුමාව නම් සම්බන්ධ කර ගන්න බැරි වුණා.
"අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි. නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි. ඉතින් මේ දේ ඉස්සෙල්ලාම ප්‍රායෝගිකව යොදාගෙන තියෙන්නේ පැරණි ලාංකික රජවරු. ඒ දාගැබ් හදද්දී. ඔයාලා දැකලා ඇති හැම දාගැබකම වගේ තියෙන්නේ තඹ වලින් හදපු කොතක්. මේ කොතේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා. මම දළ සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න. අකුණ දිහාවට ඇඳලා තියෙන ඊ තල අර විද්‍යුත් සුලඟ. ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක් බව ඔයාලට හිතා ගන්න පුලුවන් නේද? විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි. ඒ අර්ධ ගෝලය තුල ඒ කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද?? ඒ වුනාට අපේ රජවරු ඒ තාක්ෂනේ ඒ කාලෙත් යොදන් තියෙනවා".

අකුණු සන්නායකයක් නිර්මාණය කරන්නෙ ඉදි කිරීමෙන් වෙන් කරලා. ඒ නිසා චෛත්‍යයෙන් වෙන් වුණු කොත් කැරැල්ල මත චූඩා මාණික්‍ය පිහිටලා තියෙනවා. චෛත්‍යයක් කියන්නෙ ගෝලාකාර ඉදි කිරීමක් නිසා, කොත් කැරැල්ල පිහිටුවන්න පහසු වෙන්න, සතරැස් කොටුව සහ දේවතා කොටුව නිර්මාණය කරලා තියෙනවා.
06. ප්‍රථම බුදු පිළිමය නිර්මාණය වීම
* දැනට පවතින මතය ;-
ලොව පළවෙනි බුදු පිළිමය නිර්මාණය වූයේ කනිෂ්ක රාජ්‍ය සමයේදියි.
* මට හිතෙන හැටි ;-
ලොව පළවෙනි බුදු පිළිමය නිර්මාණය වූයේ කනිෂ්ක රාජ්‍ය සමයටත් බොහෝ කලකට පෙර සිටය

ජීවමාන බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන්ම බුද්ධ ප්‍රතිමා නෙළීමේ කලාව තිබිලා තියෙනවා. ජීවමාන බුදු හාමුදුරුවන්ගේ ශරීර ප්‍රමාණයටම, බුදු හාමුදුරුවන්ගේ රූපයක් සදුන් දර ලීයකින් නෙළලා, මාළිගාවෙ තියලා කොසොල් රජතුමා ජීවමාන බුදුන්ට කරනවා හා සමානව ඒ රූපයට වන්දනාමාන කළා කියලා කෝසල බිම්බ වර්ණනාවේ සදහන් වෙනවා.
ඒත් අද පිළිගත් මතය තමයි ලෝකයේ පළවෙනි බුද්ධ ප්‍රතිමාව කනිෂ්ක රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණා කියන එක. ඉතිහාසඥයන් කියන විදිහට ඒ කාලයේ මිනිස්සු බුද්ධ ප්‍රතිමා නෙළන්න බය වෙලා තියෙනවා. මොකද බුදු කෙනෙක් කියන්නෙ මේ ලෝකයේ කල්ප කාලාන්තරයකට පස්සෙ පහළ වෙන උත්තරීතර පුද්ගලයෙක්. ඒ නිසා නොදැකපු බුදු කෙනෙක්ව නිර්මාණය කරලා, ඒ බුද්ධ ප්‍රතිමාව සමග සැබෑ බුදුන් වහන්සේගේ රූපය ගැලපුණේ නැත්නම්, ඒ හරහා බුදුන් වහන්සේට අගෞරවයක් වෙයි කියලා මිනිස්සු බය වුණා. ඒ වගේම පිළිමය නිර්මාණය කරපු තමන්ටත් විශාල පාප කර්මයක් වෙයි කියලා ඒ මිනිස්සු හිතුවා. ඒ නිසා ඉන්දියාවෙ මිනිස්සු බුදුන් වහන්සේව සංඛේතවත් කරන නෙළුම් මල්, ධර්ම චක්‍ර, සිරි පතුල් ගල් වගේ වස්තූන් වලට වන්දනාමාන කළා. ඒ වගේ වස්තූන්ට වන්දනාමාන කිරීම සැබෑ බුදු හාමුදුරුවන්ට වන්දනාමාන කළා හා සමානයි කියලා ඒ අය හිතනවා.
මේ අතරෙ තමයි කනිෂ්ක රජතුමාට බුදු පිළිමයක් නෙළීමේ අදහස පහළ වෙන්නෙ. මේ වෙනකොට ග්‍රීසියේ දේව ප්‍රතිමා නෙළීමේ කලාව ආරම්භ වෙලා. ඒ නිසා රජතුමා ග්‍රීසියෙන් දක්ෂ ශිල්පීන් පිරිසක් ඉන්දියාවට ගෙන්න ගන්නවා. ඊට පස්සෙ ඉන්දියාවේ වැඩ උන් අතීතය දැකීමේ ඥාණයක් තියෙන මහ

රහතන් වහන්සේලාගෙන්, සැබෑ ගෞතම බුදු හාමුදුරුවන්ගේ අභ්‍යන්තරික සහ භාහිර දේහ ලක්ෂණ ගැන තොරතුරු ලබාගෙන, ඒ තොරතුරු පදනම් කරගෙන, ග්‍රීක ශිල්පීන් ලවා බුද්ධ ප්‍රතිමාවක් නෙළනවා. ඊට පස්සෙ ග්‍රීක ශිල්පීන් විසින් ඉන්දියානු කැටයම් ශිල්පීන් වෙතටත්, ඉන්දියානු කැටයම් ශිල්පීන් වෙතින් මුළු මහත් ලෝකයටත් මේ පිළිම නෙළීමේ කලාව ව්‍යාප්ත වෙනවා.
කනිෂ්ක රජතුමා ඉන්දියාව පාලනය කරලා තියෙන්නෙ ක්‍රි.ව 78දි විතර. ඒත් ධර්මාශෝක අධිරාජ්‍යයා රාජ්‍ය පාලනය කරලා තියෙන්නෙ ක්‍රි.පූ 272දි විතර. ඒ කනිෂ්ක රජතුමා ඉපදෙන්නත් කල්ප කාලාන්තරයකට |
කලින්. ධර්මාශෝක රජතුමාගෙ කාලයේ අපේ රට පාලනය කළේ දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පියතිස්ස රජතුමා "ශිලා පටිමාඝ" කියලා රත්තරං බුදු පිළිමයක්, ථූපාරාම චෛත්‍යය ඉදිරිපිට තැන්පත් කළා කියලා වංශ කතාවල සදහන් වෙනවා.
ඒ වගේම දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ ජීවමාන බුදු හාමුදුරුවන්ගේ ප්‍රමාණයට තනි රනින් කළ බුදු පිළිම 3ක් තැන්පත් කළා කියලා මහා වංශයේ සදහන් වෙනවා. දුටුගැමුණු රජතුමා රාජ්‍ය පාලනය කළේ ක්‍රි.පූ 161දි. එතකොටත් ඉන්දියාවෙ කනිෂ්ක කියලා පාලකයෙක් බිහි වෙලා තිබුණෙ නෑ.

~ සිත දියුණු කර ගත් කාන්තාවක් සමග මාධ්‍යකින් කළ සාකච්ඡාවක කොටසක් ~
ඒ වගේම ක්‍රි.පූ 103දි රාජ්‍ය පාලනය කරපු වළගම්බා රජතුමත්, දඹුල්ල ලෙන් විහාරයේ බුදු පිළිම කරවලා තියෙනවා. දඹුල්ල ලෙන් විහාරයේ බුදු පිළිම අතරින් අනුරාධපුර යුගයට අයිති බුදු පිළිම වලින් ඒ ගැන තහවුරු වෙනවා.
මේකෙන් පේනවා කනිෂ්ක රජතුමා ඉපදෙන්නත් කලින් ඉදලම බුදු පිළිම නෙළීමේ කලාව ඉන්දියාවෙත්, අපේ රටෙත් තිබිලා තියෙනවා කියලා. ඒ නිසා ලෝකයේ පළවෙනි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ ගෞරවය, කනිෂ්ක රජතුමාට ලබා දීම ඒ තරම් සුදුසු දෙයක් නෙවේ..!!!!!!!