සොදුරු මං සළකුණු
අපි ඉන්නේ රත්තණපිටියේ. රත්තණපිටිය අයිති වෙන්නේ බොරලැස්ගමුවට. බොරලැස්ගමුවේ ඉතිහාස කතාව කලින් ලිපිවල සදහන් කරලා තියෙන නිසා, ආයිත් ඒක ගැන කතා කරන්න කාලය වැය කරන්නේ නෑ. අපි බොරලැස්ගමුවේ හිටියත්, කිලෝ මීටරයක් විතර එහා පැත්තේ තියෙන බොරලැස්ගමුවේ හංදියට යන්නේ ඉදලා හිටලා. ගොඩක් වෙලාවට අපි කරක් ගහන්නේ බොරලැස්ගමුවට මෙහා පැත්තෙන්. ඒ කියන්නේ විජේරාම, දෙල්කද, පැපිලියාන, කොහුවල, නුගේගොඩ වගේ තැන්වල.
මේ තැන් පහු කරලා එහාට මෙහාට යනකොට ගොඩාක් දේවල් දකිනවා. ඒ අතරේ මම හැමදාම අමතක කරන්නේ නැතුව අනිවාර්යෙන්ම බලාගෙන යන දේවලුත් ගොඩාක් තියෙනවා. අද හිතුනා ඒවා ගැන පොඩි සටහනක් ලියලා දාන්න.
01. නුගේගොඩ මංසන්ධිය
මේ තැන් පහු කරලා එහාට මෙහාට යනකොට ගොඩාක් දේවල් දකිනවා. ඒ අතරේ මම හැමදාම අමතක කරන්නේ නැතුව අනිවාර්යෙන්ම බලාගෙන යන දේවලුත් ගොඩාක් තියෙනවා. අද හිතුනා ඒවා ගැන පොඩි සටහනක් ලියලා දාන්න.
01. නුගේගොඩ මංසන්ධිය
නුගේගොඩ හංදිය තමයි අපේ පළාතේ තියෙන ජනාකීර්ණම නගරය. වැඩ පටන් ගන්න සහ වැඩ ඇරෙන වෙලාවල්වලට කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සුන්ගෙන්, නුගේගොඩ හංදිය වැහිලා යනවා. මොකද නුගේගොඩ කියන්නේ කොළඹ තියෙන ප්‍රධාන ගමන් මාර්ගයක්. ඒ වගේම ප්‍රධාන සංධිස්ථානයක්. ඉතින් හැමදාම NSBM එකේ පන්ති ඉවරවෙලා නුගේගොඩ නගරය හරහා යනකොට, ගොඩක් වෙලාවට මිනිස්සු වගේ වගක් නැතුව එහාට මෙහාට යන හැටි, අසරණ යාචකයන් මිනිස්සුන්ගෙන් පිහිට ඉල්ලන හැටි, වෙළෙන්දො වෙළදාම් කරන හැටි, කඩසාප්පුවල ගණුදෙණු කෙරෙන හැටි, දහස් සංඛ්‍යාත වාහන කන්දරාවක් එහා මෙහා යන හැටි දකිනවා. මේ කලබලකාරී නගරයේ, කලබලකාරී මිනිස්සු ටික දකිද්දි හැමදාම මගේ සිතුවිලි අවුරුදු 600කටත් වඩා ඈත අතීතයකට දිව යනවා. නුගේගොඩ අද කලබලකාරී නගරයක් විදිහට මෙහෙම තිබුණට, අවුරුදු හය හත්සීයකට කලින් මෙතන තිබ්බේ යෝධ වැවක් කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? මේ යෝධ වැව මත තමයි, මේ කලබලකාරී නගරය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඒ දවස්වල මේ පරිසරය කොහොමට තියෙන්න ඇත්ද?
අභාවප්‍රාප්ත ප්‍රකට ලේඛකයෙක්, ගවේෂකයෙක්, සිනමාවේදියක් වුණු ආචාර්ය තිස්ස අබේසේකර ශූරීන්, ඔහුගේ "අයාලේ ගිය සිතක සටහන්" කියන කෘතියේ " නුගේගොඩ නගරය එදා වැවක්ව තිබූ වගයි" කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. තිස්ස අබේසේකර ශූරීන්ට අනුව අද නුගේගොඩ සුපිරි වෙළද සංකීර්ණය පිහිටලා තියෙන තැන ඉස්සර තිබ්බේ ක්‍රීඩා පිට්ටනියක්. මේ පිට්ටනියට ගියාම ඒ කාලයේ නුගේගොඩ ප්‍රදේශය දිස් වුණේ කදු වළල්ලක් මැදිකරගෙනලු. ඉතින් මේ ප්‍රදේශය ගවේෂණය කරපු තිස්ස අබේසේකර ශූරීන් පරණ සිතියම් හොයනකොට, එක සිතියමක නුගේගොඩ නගරය ලකුණු කරලා, ලියලා තිබුණලු Abandoned Tank කියලා. ඒ කියන්නේ නුගේගොඩ නගරය පිහිටලා තියෙන්නේ මේ වැව මධ්‍යස්ථයේ.

02. ධාතුමළුවේ හිටි පිළිමය
කොහුවල හංදියත්, පැපිලියාන හංදියත් අතර තියෙන ශ්‍රී ධාතුමළු විහාරයේ හිටි පිළිමය කියන්නේ අපේ පළාතේ තියෙන උසම පිළිමයක්. මම දන්න තරමින් මේ පිළිමය උසින් දෙවෙනි වෙන්නේ බෙල්ලන්විල රජමහා විහාරයේ හිටි පිළිමයට විතරයි. මේ ප්‍රතිමාව හදලා තියෙන්නේ ධාතුමළු විහාරයේ මායිමට වෙන්න. ඉතින් පාරට හොදට මේ ප්‍රතිමාව පේනවා. අභය මුද්‍රාවෙන් නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවේ වර්ණ සංකලනය හරි අපූරුයි. ඉතින් හැමදාම මේ ස්ථානය පහුකරගෙන යනකොට මම අනිවාර්යෙන්ම මේ පිළිමය දිහා බලන්න අමතක කරන්නේ නෑ. විශාල පියුමක් මත මේ ප්‍රතිමාව විරාජමානව වැඩ ඉන්නේ, හරියට කොහුවල ඉදලා පැපිලියාන දිහාවට ගමන් කරන උදවියට ආශිර්වාද කරන්නාක් මෙනි.
03. පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන
03. පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන
පැපිලියාන හංදිය හරහා යන හැම වෙලාවකම දකුණු පැත්තත්, වම් පැත්තත් බලන එක මගේ පුරුද්දක්. හංදියේ එක පැත්තක සුනෙත්‍රාදේවි රජමහා විහාරය දැක ගන්න පුලුවන්. හංදියේ අනිත් පැත්තේ සුනෙත්‍රාදේවි පිරිවෙන දැක ගන්න පුලුවන්. මේ විහාරස්ථාන දෙක සංසන්දනය කළොත්, වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන. මොකද මේ පිරිවෙන තියෙන්නේ හංදිය මැද්දෙමයි. සුනෙත්‍රාදේවි රජමහා විහාරය පිහිටලා තියෙන්නේ හංදියේ ඉදලා මීටර් 200ක් විතර දුරින්. හැබැයි හංදියේ ඉදන් බැලුවම ටිකක් ඈතින් පේනවා. පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය නිර්මාණය කරන්නේ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා (1415). ඒ තමන්ගේ මෑණියන් වුණු සුනෙත්‍රාදේවි බිසව සිහිවෙන්න. ඊට පස්සෙ තමයි සුනෙත්‍රාදේවි පිරිවෙන නිර්මාණය වෙන්නේ. පිරිවෙන පාලනය වුණෙත් රජමහා විහාරයේ කොටසක් විදිහට. අද මේ විදිහට පාරක් නිසා වෙන් වෙලා තිබ්බට, ඒ කාලයේ මේ ඔක්කොම තිබ්බේ එකම ඉඩමක.
සුනෙත්‍රාදේවි පිරිවෙනට අනන්‍ය වුණු අංගය තමයි නව බුද්ධ මන්දිරය. මහා පාරට හරි විශාලෙට පේනවා. මේ බුද්ධ මන්දිරය මෑත භාගයේ නිර්මාණය වුණත්, අද වෙනකොට මේක සුනෙත්‍රාදේවි පිරිවෙනටම ආවේණික වුණු සංඛේතයක් වෙලා. සුනෙත්‍රාදේවි පිරිවෙනටම ආවේණික වුණු ආකෘතියක් වෙලා. මේ බුදු මැදුර හරිම ප්රතාපවත්. අභිමානවත්. ඒ වගේම විරාජමානයි. බුදු මැදුරේ ප්‍රධාන දොරටුව දෙපැත්තේ තියෙන දොරටු පාලක ප්‍රතිමා දෙකත්, දොරටුව උඩ තියෙන විශාල මකර තොරණත් හොදට පාරට පේනවා. විශේෂයෙන්ම ඒවායේ තියෙන කැටයම් පවා. ඉතින් හැමදාම මේ පිරිවෙන පහුකරගෙන යනකොට මට චිත්තරූප මැවිලා පේනවා අවුරුදු 600කට එහා ඈත අතීතය ගැන. දහස් ගණන් සුදු වතින් සහ කසාවත්වලින් මේ ඉසව්ව පිරී ඉතිරුණු හැටි. මුරකරුවන් මුර සංචාරයේ යෙදුනු හැටි. අලි ඇත්තුන්, අශ්වයින්, ගොන් කරත්ත එහාට මෙහාට ගියපු විදිහ. රජතුමා විහාරය වන්දනා කරන්න එන හැටි.... ඔන්න ඔය වගේ.
04. රත්තණපිටිය බෝධිය

රත්තණපිටිය හංදිය මැද්දේ තියෙන මේ පුංචි බෝධිය අපි දන්න කියන කාලෙ ඉදන්ම තියෙනවා. 2014 වෙනකංම එතන තිබ්බේ තැඹිලි පාට චීවරයක් තියෙන පුංචි බුදු පිළිමයක්. ඊට පස්සේ බෝධිඝරයට ලොකු ලොරියක් හැප්පුනා. ඒ නිසා බෝධිඝරයේ කෑල්ලකුයි, බුදු පිළිම කුටියයි විනාස වුණා. ටික කාලයක් ගියායින් පස්සේ ආයිත් බෝධිඝරය තිබ්බ විදිහටම හැදුවා. එතනට කලින් තිබ්බ ස්වරූපයේම බුදු පිළිමයක් තැන්පත් කළා. හැබැයි මේ බුදු පිළිමය සුදු පාටයි.
05. සෝම හිමියන්ගේ ප්‍රතිමාව
05. සෝම හිමියන්ගේ ප්‍රතිමාව
දෙල්කද හංදියේ වෙළද සංකීර්ණය ඉස්සරහා තියෙන සෝම හාමුදුරුවන්ගේ ප්‍රතිමාව දිහාත්, එතන පහු කරගෙන එහා මෙහා යනකොට නිරායාසයෙන්ම බැලෙනවා. මට මතක විදිහට සෝම හාමුදුරුවන් අපවත් වෙලා අවුරුද්දක් හෝ අවුරුදු එක හමාරක් ගියායින් පස්සේ තමයි මේ ප්‍රතිමාව හැදුවේ. දෙල්කද හරියට තමයි ගංගොඩවිල කියන්නේ. ඒ කියන්නේ සෝම හාමුදුරුවන්ගේ ගම. ප්‍රතිමාවට ගාලා තියෙන්නේ තැඹිලි පාටට හුරු දුඹුරු පාටක්. සෝම හාමුදුරුවන්ගේ උඩුකය විතරක් දකින්න තියෙන මේ ප්‍රතිමාවේ, උන්වහන්සේ වටාපතකුත් අල්ලගෙන ඉන්නවා. අංග ලක්ෂණ බොහෝ දුරට උන්වහන්සේට සමානයි කියලා කියන්න පුලුවන්. ප්‍රතිමාව දිහා බලනකොට ඉතින් ලොකු දුකක් දැනෙනවා. උන්වහන්සේ එදා කියපු දේවල් අද එකින් එක ඇත්ත වේගෙන යනවා. අනිත් අතින් උන්වහන්සේ අදටත් ජීවත්වෙලා හිටියා නම්, අපේ රටේ තත්වය ගොඩාක් දුරට යහපත් වෙන්න ඉඩකඩ තිබුණා.
06. සිරි ධම්මාරාම මහා විහාරය
06. සිරි ධම්මාරාම මහා විහාරය
නුගේගොඩ පාලම ඉස්සරහා තියෙන මේ විහාරය හැමදාම NSBM එකේ පන්ති ඉවරවෙලා නුගේගොඩ හංදිය පැත්තට යනකොට දකිනවා. විහාරයේ බෝධිය හෙන විශාලයි. බෝධියයි, චෛත්‍යයි දෙකම තියෙන්නෙ පන්සල මායිමේ. පන්සල මායිමෙන් තමයි අපි යන එන පදිකවේදිකාව වැටිලා තියෙන්නෙත්. ගොඩක් වෙලාවට මම පන්සලේ වළාකුළු බැම්මෙන් එබි එබී පහළ බලාගෙන යනවා. මොකද චෛත්‍ය සහ බෝධිය, පදිකවේදිකාවට සමාන්තරව පෙනුනට ඒවා තියෙන්නේ ගොඩාක් පහළට වෙන්න. පන්සල ළගින් යනකොට හවසට මාර හදුන්කූරු සුවදක් එනවා. ඒ හදුන්කූරු සුවදට නම් මං හරිම ආසයි. පන්සල ඉස්සරහා තියෙන මකර තොරණත් හරිම දර්ශනීයයි.
07. පිල්ලෑවේ වෙල්යාය
07. පිල්ලෑවේ වෙල්යාය
අපේ ගමේ ඉස්සර නම් ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ පැවතුණේ කෘෂිකර්මාන්තය නිසා. රට එක්සේසත් කළායින් පස්සේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාත් අපේ ගමේ කුඹුරු අස්වද්දලා කෘෂි කර්මාන්තය දියුණු කළා කියලා කියවෙනවා. පිල්ලෑවේ වෙල් යාය තියෙන්නේ අපේ ගෙවල් පාර (ජී.එච්.පෙරේරා මාවත) ඉස්සරහා. ඉස්සර ඉදන්ම තියෙන වෙල් යායක්. දකුණු පැත්ත බැලුවත්, වම් පැත්ත බැලුවත් අක්කර ගාණක් ඈතට යනකන් තියෙන්නේ කුඹුරු. පිල්ලෑවෙ ඓතිහාසික බෝධි පරිශ්‍රයට, බෙල්ලන්විල රජමහා විහාරයට එහෙමත් මේ වෙල්යාය හරහා යන්න පුලුවන්. බොරලැස්ගමුව වැවෙන් තමයි මේ කුඹුරුවලට වතුර එන්නේ. ඒ කුඩා ඇළ මාර්ග හරහා. ඒවායෙන් එක ඇළක් අපේ ගෙදර පිටිපස්සෙන් තමයි යන්නේ. කුඹුරු කරන කාලෙට ඉතින් මේ වෙල් යායවල් ගොවිතැන් කරන උදවියගෙන්, මී හරක්ගෙන්, සුදු කොක්කුන්ගෙන් පිරිලා. අගෝස්තු කාලෙට ගොඩක් ළමයි මේ වෙල් යායවල්වල තියෙන නියරවල්වල ඉදගෙන සරුංගල් යවනවා. අපේ ගෙදර පිටිපස්සෙන් යන ඇළට එහා පැත්තෙන් තියෙන්නේ ලදු කැළෑවක්. මේ ලදු කැළෑවේ මායිමේ තියෙන්නේ එගොඩවත්තේ කුඹුරු.
08. රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය
08. රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය
මේ තමයි අපේ ගමේ පන්සල. ගමේ පන්සල හරහා එහා මෙහා යනකොට පන්සල ගැන පුදුමත් හිතෙනවා. අපේ පන්සල හැදෙන්නේ 1929. ඒ වෙනකං රත්තණපිටියටයි, එගොඩවත්තටයි පන්සලක් තිබිලා නෑ. මේ පන්සල හැදෙන්නේ රත්තණපිටිය සහ එගොඩවත්ත දෙගම්වාසීන්ගේ මූලිකත්වයෙන්. ඉතින් මේ පන්සල ප්‍රදේශ දෙකකට අයිති වෙනවා. අදටත් ඒක එහෙම්මමයි. අදටත් ගමේ පන්සලේ තියෙන හැම පිංකමකටම රත්තණපිටියෙන් වගේම එගොඩවත්තෙනුත් මිනිස්සු එනවා. ඉතින් අපේ පන්සල නිසා ප්‍රදේශ දෙකක් එකට එකතු වුණා. ඒ විතරක් නෙවේ අපේ පළාතේ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පන්සල කේන්ද්‍ර කරගෙන. පන්සලෙන් සමාජ සුභසාධනය වෙනුවෙන් වාර්ෂිකව දැවැන්ත ව්‍යාපෘති ගොඩක් සිද්ධ කරනවා. ඒ වගේම පන්සලේ සමිති සමාගම්, පදනම් සහ දහම් පාසලෙන් ගමට වෙන සේවාවත් හරිම ප්‍රශංසනීයයි. "ගමයි පන්සලයි" කියන සංකල්පය අපේ ගමේ නම් 200%ක් ක්‍රියාත්මකයි.