බෙල්ලන්විල පිළිමගෙය
NSBM ආයතනයේ පළවෙනි වර්ෂාර්ධයේ Web Designing පාඨමාලාවේ, Typography විෂයේ අවසාන පැවරුම විදිහට අපිට තිබ්බෙ සගරාවක් නිර්මාණය කරන්න. මේ සගරාව නිර්මාණය කරන්න ඕනි අපිට පළවෙනි වාරයේ උගන්නපු දේවල් ගැනත් අවධානය යොමු කරගෙනයි. සගරාවට අපිට මාතෘකා 4ක් ලැබුණා.
01. පරිසරය
02. කීර්තිමත් පුද්ගලයෙක්
03. ප්‍රසිද්ධ නිෂ්පාදනයක්
04. ප්‍රතිමා සහ ගොඩනැගිලි ස්මාරක
මේ ව්‍යාපෘතියට අපි නිර්මාණය කරන සගරාවට අවශ්‍ය කරන සෑම සියලු පින්තූරයක්ම අපිම ගත්තු පින්තූර වෙන්න ඕන. ඒ නිසාම මොකක් හරි පන්සලක් මාතෘකා කරගෙන මේ සගරාව හදන්න තීරණය කළා. මොකද අපේ Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය නිසා මේ වෙන කොටත් අපේ රටේ පන්සල්වල පින්තූර 4000කට කිට්ටු ප්‍රමාණයක් එකතු වෙලා තිබ්බෙ. ඒ නිසා අමුතුවෙන්ම පන්සල් යන්න අවශ්‍යතාවයක් මතු වුණේ නෑ. ඊළගට තිබුණු ප්‍රශ්නෙ තමයි මොකක්ද තෝර ගන්න පන්සල කියන එක. ටික දවසක් කල්පනා කරලා කරලා, බෙල්ලන්විල රජමහා විහාරය මාතෘකාව විදිහට තෝර ගත්තා. මොකද බෙල්ලන්විල රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ අපේ ගමේ. ඒ නිසා බෙල්ලන්විල රජමහා විහාරය කියන්නෙ අපේ ගමේ ඉතිහාසය ගැන ලෝකයටම හඩ ගා කියන්න පුලුවන් එක්තරා සුවිසල් සලකුණක්. බෙල්ලන්විල රජමහා විහාරයෙත් "බුදු මැදුර" ගැන තමයි මාතෘකාව විදිහට ගත්තෙ.

මේ සගරාවට බෙල්ලන්විල රජමහා විහාරයේ බුදු මැදුර ගැන විස්තර ගොඩක් අවශ්‍ය වුණා. ඊළගට ආපු ප්රශ්නය තමයි කොහොමද විස්තර හොයා ගන්නෙ කියන එක. බෙල්ලන්විල රජමහා විහාරයේ අනුරාධපුර යුගයේ සිට මේ දක්වා තියෙන ඉතිහාස කතාව, බෙල්ලන්විල රජමහා විහාරයේ නිළ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන් වුණත් බෙල්ලන්විල රජමහා විහාරයේ බුදු මැදුර ගැන තියෙන්නෙ බොහොම අල්ප ප්‍රමාණයේ විස්තර කිරීමක්.
අන්තර්ජාලයේ අනිත් වෙබ් අඩවි වලත් බෙල්ලන්විල රජමහා විහාරයේ බුද්ධ මන්දිරය ගැන කිසිම සදහනක් කරලා නෑ. ඒ නිසා බෙල්ලන්විල රජමහා විහාරයේ බුදු මැදුර බලන්න ගිය අවස්ථාවල මම දැකපු දේවල් සහ මම අහපු දේවල් පදනම් කරගෙන තොරතුරු ටික ලියන්න කල්පනා කළා. ඊට අමතරව රංජිත් අමරකීර්ති පලිහපිටිය මහතා විසින් සම්පාදිත "ඓතිහාසික බෙල්ලන්විල" කියන ග්‍රන්ථයෙනුත් තොරතුරු කිහිපයක් සුළුවෙන් උපුටා ගත්තා. ඊට අමතරව |
"අපේ ගම" ලිපිය වෙනුවෙන් කරපු ගවේෂණයෙන් ලබා ගත්ත තොරතුරුත් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේ විදිහට බෙල්ලන්විල විහාරයේ බුදු මැදුර ගැන එකතු කරලා, සිංහලෙන් ලියපු සටහන් ටික ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න ඩිෂාන් රාජපක්ෂ, යසිදු රන්දිල්, සුරේශ් අබේගුණවර්ධන, ෂෙහාන් වාස් ගුණවර්ධන කියන සහෝදර පිරිස උපරිම සහයෝගය ලබා දුන්නා. ඉතින් මේ විදිහට නිර්මාණය කරපු සගරාව සදහා එකතු කරපු විස්තර සහ තොරතුරු ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අදහස් කළා...!!!!!!
පිදුම
මෙවැනි ව්‍යාපෘතියක් කිරීමට අවස්ථාව ලබා දුන් මගේ ගුරුතුමියට ප්‍රථමයෙන් ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි. මෙම සගරාව ඉතිහාසය, පුරාවිද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය සහ බෙල්ලන්විල රජමහා විහාරය පිළිබදව අධ්‍යනය කරනා සෑම සියලු අයෙක්ටම ප්‍රයෝජනවත් වේවා.
දනුල වික්‍රමආරච්චි

පටුන
ඉතිහාසය 01 - 02
පිටත ආකෘතිය 03 - 04
ඇතුළත ආකෘතිය 05 - 05
ප්‍රතිමා 06 - 12
බිතු සිතුවම් 13 -16
ඉතිහාසය 01 - 02
පිටත ආකෘතිය 03 - 04
ඇතුළත ආකෘතිය 05 - 05
ප්‍රතිමා 06 - 12
බිතු සිතුවම් 13 -16
විහාරයේ ඉතිහාසය
කොළඹ නගරය ආසන්නයේ, බෙල්ලන්විල නම් ගම්මානයේ පිහිටා ඇති බෙල්ලන්විල රජමහා විහාරය ඉතා දීර්ඝ සහ පූජනීය ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම විහාරය ශුද්ධ භූමියක් බවට පත් වීමට මෙහි ඇති බෝධි වෘක්ෂය ඉතා ප්‍රබල සාධකයකි. මෙම බෝධි වෘක්ෂය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අනුරාධපුරයේ රෝපණය කරන ලද විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගත් දෙතිස් ඵල රූපී බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් බවට, පැරණි සාහිත්‍ය මූලාශ්‍ර සාක්ෂි සපයයි. බෝධි වෘක්ෂය මෙහි රෝපණය කළ දින සිට ක්‍රිස්තු වර්ෂ 15 වන සියවස වන තෙක් සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාව පිළිබදව මෙතෙක් පුරාවිද්‍යාත්මක වශයෙන් අනාවරණය කර ගෙන නොමැත. ඒ පිළිබදව කිසිදු තත් කාලීන සාහිත්‍ය මූලාශ්‍රයක තොරතුරු සටහන් වී නොමැත.
නැවත වරක් බෙල්ලන්විල පූජා භූමිය පිළිබදව අසන්නට ලැබෙන්නේ 15 වෙනි සියවසේ සාහිත්‍ය මූලාශ්‍ර හරහාය. මෙම කාල පරිච්ඡේදයේ ලක්දිව අග නුවර වූ කෝට්ටේ නගරය පිහිටියේ බෙල්ලන්විල පූජා භූමියට නුදුරිනි. කෝට්ටේ යුගයේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ (1412 - 1467) රාජ්‍ය අනුග්‍රහය යටතේ, බුදු සසුනේ විශාල සංවර්ධනයක් සිදු විය. මෙම කාල පරිච්ඡේදය තුළදී පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ සහ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනෙහි ශාඛාවක් ලෙස බෙල්ලන්විල රජ මහා විහාරය පත් වී ඇත.

17 වන සියවසේ අග භාගයේ පෘතුගීසීන් විසින් සියලු මුහුදුබඩ පළාත් ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ රාජධානියේ පරිහානිය ආරම්භ විය. රාජ්‍ය අනුග්‍රහය නොමැති වීම හේතුවෙන් මෙම යුගයේ බුදු දහමේ විශාල දෙදරීමක් සිදු විය. පෘතුගීසී ආක්‍රමණ හේතුවෙන් ජනතාව ප්‍රදේශ අත හැර උඩරට පළාත් වලට යෑමත් සමග, මෙම ප්‍රදේශ සියල්ලක්ම ජන ශූන්‍ය වූ මහා ඝන වනාන්තර වලින් වැසී ගොස් ඇත. ඉන්පසු සියවස් දෙකක නිහඩත්වයකින් පසුව 19 වන සියවසේ මැද භාගය වන විට මෙම පූජා භූමිය පිළිබදව නැවතත් ඇසීමට ලැබේ. මෙම පූජා භූමිය නැවත සොයා ගනු ලබන්නේ බෙල්ලන්විල ප්‍රදේශයට නුදුරින් පිහිටි අත්තිඩිය විහාරයේ, "තෙන්ගොඩගෙදර හාමුදුරුවො" නම් භික්ෂූන් වහන්සේ නමක් විසිනි.
ජනප්රවාදයට අනුව 1850 වසරේ තෙන්ගොඩගෙදර හාමුදුරුවන් අත්තිඩියේ සිට තොටියෙකු සමග කුඩා පාරුවකින්, කටු ඇළ හරහා පැපිලියාන දෙසට ගමන් කරන විට, අසල වූ වනාන්තරයකින් මහා බෙර හඩක් ඇසී තිබේ. යන ගමනද නවතා දමා, මහා ඝන වනාන්තරය පීරමින් බෙර හඩ ඇසෙන දිශාවට ගමන් කළ, තෙන්ගොඩගෙදර හිමියන්ට හමු වූයේ විශාල බෝධි වෘක්ෂයකි. ඒත් සමගම බෙර හඩ අතුරුදහන් විය. මෙම බෝධි වෘක්ෂය දෙතිස් ඵල රූපී බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් බව හදුනා ගත් උන්වහන්සේ, ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව බෝධි වෘක්ෂය වටා එළි පෙහෙළි කර, බෝධි වෘක්ෂය කේන්ද්‍ර කර ගත් විහාරයක් නැවත ගොඩ නැංවිය.

පිටත ආකෘතිය
බෙල්ලන්විල රජමහා විහාරයේ බුද්ධ මන්දිරය, බෙල්ලන්විල සෝමරතන මහා නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් නිර්මාණය වූවක් වන අතර එය මහා පරාක්‍රමබාහු රජු විසින් නිර්මාණය කරන ලද පොළොන්නරු ජේතවනාරාමයේ ආකෘතියකි.
විහාර මන්දිරය වෙත පිවිසෙන විට තිබෙන සුවිසල් මකර තොරණට ඉහළින් සමාධි බුදු රුවක් කැටයම් කර ඇති අතර ඊට මදක් පහළින් බෝධිසත්ව රුවක් කැටයම් කර ඇත. ප්‍රධාන දොරටුව දෙපස දොරටුපාල ප්‍රතිමා යුගලයකි. විහාර මන්දිරයේ උතුරු, බටහිර සහ නැගෙනහිර බිත්ති මත දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු, නිශ්ශංකමල්ල, 6 වෙනි පරාක්‍රමබාහු යන රජවරුන්ගේ රූප අඹා ඇති අතර සියලුම හිඩැස් බහිරව, ඇත් සහ හංස රූප වලින් ආවරණය කර තිබේ.

ඇතුළත ආකෘතිය
බුද්ධ මන්දිරය තුළට පිය නගන විට, බුද්ධ මන්දිරය කොටස් හතරකට බෙදා තිබෙනවා දැකිය හැක. ප්‍රධාන දොරටුවෙන් පිවිසුනු විට දිස් වන්නේ බුද්ධ මන්දිරයේ ප්‍රධානතම කොටසයි. එය එක් දිසාවකට අට බැගින් බෙදුනු කුළුණු 16කින් වටවී ඇති අතර පොළොන්නරු යුගයට අයත් සාම්ප්‍රදායික අලංකාර මල් කැටයම් වලින් සරසා තිබේ. ප්‍රධාන කොටසට දකුණු පසින් සහ වම් පසින් දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලට පිවිසිය හැකි අතර, දෙවෙනි සහ තුන්වෙනි කොටස් හරහා සිව් වෙනි කොටසට පිවිසිය හැක.

ප්‍රතිමා
බුද්ධ මන්දිරය මධ්‍යයේ ඇති ප්‍රධාන දොරටුව දෙසට මුහුණලා සිටින, හිටි බුදු පිළිමයේ උස අඩි 40කි. එය වර්තමානයේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා අතරින් උස බුදු පිළිමයක් වන අතර අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියකි. බුද්ධ මන්දිරය තුළට පිවිසෙන සෑම බැතිමතෙකුගේම දැඩි අවධානයට ලක් වන ප්රතිමාවකි.
අවුකන බුද්ධ ප්‍රතිමාවේ දක්නට ලැබෙන ලෙසම මෙම බුද්ධ ප්‍රතිමාවේද සිරස්පතක් දැකිය හැක. සිරස්පත යනු බුද්ධ ප්‍රතිමාවේ ඉහළම කොටස වේ. එසේම අවුකන බුද්ධ ප්‍රතිමාවේ සේම මෙම බුද්ධ ප්‍රතිමාවද නෙළුම් මලක් මත ස්ථානගත කර තිබේ. වෙනත් විහාරස්ථානවල මෙන් මෙහි බුද්ධ ප්‍රතිමා කිසිවක් තිර රෙදි වලින් හෝ වීදුරු වලින් ආවරණය කර නැත.

හිටි බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් ඇත්තේ සැතපෙන බුදු පිළිමයකි. දිගින් අඩි 27ක් වූ එම ප්‍රතිමාව පොළොන්නරු ගල් විහාරයේ, සැතපෙන ප්‍රතිමාවේ අනුරුවකි.
සැතපෙන ප්‍රතිමාවට වම් පසින් මෛත්‍රීය බෝධිසත්ව ප්‍රතිමාවක් දැකිය හැක. ඊට අමතරව විහාර මන්දිරය වටා සමාධි ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයකි. විහාර මන්දිරයේ වහළය ආසන්නයේ සූවිසි විවරණය පිළිඹිබු වෙන ප්‍රතිමා දැකිය හැක.

මෙම විහාරයේ ප්රතිමාවල විශේෂ ලක්ෂණ රාශියක් දක්නට ලැබේ. මෙම ප්රතිමාවල මුහුණුවල ඉරියව් තුළින් ඒ ඒ ප්රතිමාවල හැගීම් ඉස්මතු කර තිබේ. එම නිසා බැලූ බැල්මට මෙම ප්‍රතිමා සජීවී පණ ඇති මිනිසුන් මෙන් දිස් වෙයි.
ඕනෑම අයෙකුට මෙම විහාරයේ බුද්ධ ප්‍රතිමා දෙස ඇසි පිය නොහෙළා, ඕනෑම ඉරියව්වකින්, ඕනෑම වෙලාවක් බලා සිටිය හැක. දීර්ඝ වේලාවක් එම ප්‍රතිමා දෙස බලන්නෙකුට බුදුරජාණන් වහන්සේ, ඔහු ඉදිරියේ සජීවීව වැඩ සිටිනවා මෙන් හැගෙයි. මෙම අලංකාර ප්‍රතිමා තුළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තිහක් දැකිය හැකි අතර ප්රතිමාවල ආලේප කර ඇති වර්ණවල සංකලනයත් ඉතා මනරම්ය.
ඉහත සටහනට මෙම ඡායාරූප කදිම උදාහරණ ලෙස දැක්විය හැක. මෙම ප්රතිමාවල තාත්විකත්වය කෙතරම් උසස් මට්ටමක තිබෙනවාද කියතොත්, සෑම බුද්ධ ප්‍රතිමාවකම චීවරය තුළින්, බුදුරජාණන් වහන්සේගේ බද පටිය පවා දිස් වනු දැකිය හැක.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවද මීට කදිම නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැක. උන්වහන්සේගේ චීවර යුගළය තුළින් පාද යුගලය දිස් වන අයුරු හොදින් නිරීක්ෂණය කළ හැක.

බිතු සිතුවම්
මෙම බුද්ධ මන්දිරයේ බිතු සිතුවම් වලට ජාත්‍යන්තර තලයේ කීර්තියක් ලැබී තිබේ. මෙහි බිතු සිතුවම් නිර්මාණ සදහා දායකත්වය ලබා දී ඇත්තේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති මහතා විසිනි. බුද්ධ චරිතය, මහා වංශයේ එන ඓතිහාසික සිදු වීම්, බෙල්ලන්විල රජ මහා විහාරයේ ඉතිහාස කතාව මෙම සිතුවම් සදහා වස්තු විෂය වී ඇත.
පස් මහා බැලුම් බලන සන්තුසිත දිව්‍යරාජයා
සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය
සිද්ධාර්ථ කුමාරයාගේ ශිල්ප ඉගෙනීම
යොවුන් වියේ පසු වන සිද්ධාර්ථ කුමාරයා
සිද්ධාර්ථ සරණ මංගල්‍යය
මහා අභිනිෂ්ක්‍රමණය
දුෂ්කර ක්‍රියාව
මුචලින්ද නාගදරණය
බුදුන්ගේ මහා කරුණාව
ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ චිතකය වටා බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පැදකුණු කිරීම
චුන්දකර්මාර පුත්‍රයාගේ දානය වැළදීම
මල්ල රජ දරුවන්ගේ දානය වැළදීම
අටලෝ දහමින් කම්පා නොවන බුදුරදුන්
ආදීය බුද්ධ චරිතය පිළිඹිබු කරන සිතුවම් සදහා කදිම නිදසුන් වේ.

අශෝක රජු බුදු දහම වැළද ගැනීම
3 වන ධර්ම සංගායනාව
බුදුරදුන්ගේ පළවන ලංකාගමන
මාතලේ ආලෝක විහාරයේ ධර්ම සංගායනාව
සමන් දෙවියන් බුදුරදුන්ව හමු වීම
විජයාවතරණය
මහින්දාගමනය
ශ්‍රී මහා බෝධිය වැඩම වීම
ශ්‍රී මහා බෝධි රෝපණය
දන්ත ධාතුන් වහන්සේගේ වැඩම වීම
වළගම්බා රජු යුද්ධ කිරීම
පාහියන් හිමියන්ගේ ලංකා සංචාරය
බෙල්ලන්විල බෝධිය නැවත සොයා ගැනීම
බෙල්ලන්විල පෙරහැර
1930දී බෙල්ලන්විල
ආදීය ශාසන ඉතිහාසය පිළිඹිබු කරන සිතුවම් සදහා උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන්ම බිත්තිවල හිඩැස් පෘතග්ජන සහ මහ රහත් ගිහි පැවිදි පිරිස්ගේද, දෙව් බඹුන්ගේද රූප වලින් පුරවා ඇත. මෙම සිතුවම් වලින් මනා සමබරතාවයකින් යුතුව කලාත්මක අගය ඔප් නංවයි. බෞද්ධ කලා ශිල්පයන්වල අනන්‍යතාවය මෙම මන්දිරයෙන් කදිමට පිළිඹිබු වේ.