මන්දාකිණියෙන් ඔබ්බට
"සංහිදියාවයි ලොවට කියන්නේ" ලිපියෙන් ආරම්භ වුණු අපේ "සොදුරු කතා බහ" ලිපි මාලාවේ දෙවෙනි ලිපියෙන්, ඔබ වෙත ගෙන එන්නේ තවත් ඒ වගේම දක්ෂතා තියෙන තරුණයෙක් ගැන. මේ ලිපි මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙම සැගවුණු දක්ෂතාවන් තියෙන අයව සමාජයට හදුන්වා දීම සහ ඔවුන්ගේ අත්දැකීම්, දැනුම ඔබත් සමග බෙදා හදා ගැනීමයි. "සොදුරු කතා බහ" ලිපි මාලාවේ, දෙවෙනි ලිපියෙන් අපි හදුන්වා දෙන්නෙ බ්ලොග් ලියන්නෙක්ව.
ඒ වෙන කවුරුත් නෙවේ අශාන් රවිදු යුගන්ත. අශාන් (21) අද ප්‍රකට වෙලා ඉන්නෙ සයිබර් අවකාශය තුළ "තාරකා විද්‍යාව සහ පිටසක්වල ජීවය" ගැන ලිපි ලියන්නෙක් විදිහටයි. අශාන් ඔබේම රස වින්දනය සහ දැනුම වෙනුවෙන්, හැම සතියකම "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් එක හරහා තාරකා විද්‍යාව සහ පිටසක්වල ජීවය ගැන අලුත් අලුත් ලිපි අරගෙන එනවා. විෂය ගොඩක් රසවත් වුණත්, විෂය හරිම ගැඹුරු නිසා මේ සම්බන්ධව ලිපි පල කරන අය අපේ රටේ හොයා ගන්නවත් නැති තරම්. ඉතින් මේ දිග හැරෙන්නෙ අපි අශාන් සමග කළ කතා බහයි. "තාරකා විද්‍යාව සහ පිටසක්වල ජීවය" ගැන අශාන් කරපු තොරතුරු ගවේෂණ වලින්, අපි කොයි කාටත් දැනුමක් ලබා ගන්න පුලුවන් කරුණු කාරණා ටිකක් එළියට ගැනීම තමයි අපේ එකම අපේක්ෂාව වුණේ.....

01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** අශාන් රවිඳු යුගන්ත ද කොස්තා
02. අද ඔබව හදුනන්නෙ?
** අශාන් කියලා.
03. උපන්න ගම් පළාත?
** පිළියන්දල
04. ඉගෙන ගත්ත පාසල?
** ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක 1 කණිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඇතුළු වුණා.
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** ගණිත අංශයෙන්
06. දැන් අශාන් මොනවද කරන්නෙ?
** මේ වෙනකොට උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

07. මොකක්ද මේ "මණ්දාකිනියෙන් ඔබ්බට" කියන්නෙ?
** මන්දාකිණියෙන් ඔබ්බට කියන්නේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යාත්මක ලිපි පළවෙන බ්ලොග් අඩවියක්. පිටසක්වළ ජීවයට වැඩිපුර පුංචි ඉඩක් දුන්නත් තාරකා විද්‍යාවෙත් සරලම මට්ටමේ ඉඳන් අතිශය සංකීර්ණ මට්ටම් දක්වා විද්‍යාත්මක කරුණු හැකි තරම් තේරුම් ගන්න පහසු විදියට පළකරන්න බලාපොරොත්තු වෙනවා. මේ බ්ලොග් අඩවියේ පරමාර්ථය මම අවුරුදු ගාණක් තිස්සේ පොත්පත්, ලිපිලේඛන හරහා ආසාවෙන් ඉගෙන ගත්ත තාරකා විද්‍යා දැනුම අන් අයටත් ලබා දීම. ලෝකය පුරාම ඉතාම වේගයෙන් ප්‍රචලිත වෙමින් තියෙන මේ විෂය ලංකාවෙත් දැන් ටිකෙන් ටික ව්‍යාප්ත වෙමිනුයි තියෙන්නේ. ඉතින් ඒකට පුංචි හරි තල්ලුවක් දෙන්න පුළුවන් නම් ඒක මට සතුටක්. |
08. කොහොමද මේ විෂයට ආසාව ඇති වෙන්නෙ?
** හරියටම මතක නැහැ. ඒත් හුඟක්ම පුංචි කාලේ ඉඳන්ම ඒ ආසාව තිබුණා. විෂය සම්බන්ධව තිබුණු ලිපි, පොත්, විද්‍යා ප්‍රබන්ධ වගේ දේවල් හොය හොයා කියෙව්වා. ඒ තිබුණු දේවල් වලින් වැඩි හරියක් තේරුණේ නැතත්. මට තාරකා විද්‍යාව ගැන උනන්දුවක් ඇති වුනු කාලය ගැන නිශ්චිතවම මතකයේ නැති වුණත්, ඒ මම 2 වසරට ඇතුළත් වෙන්න කලින් කියලා නම් මතකයි. 2 වසරෙ පන්ති පටන් ගනිද්දි පන්ති භාර ගුරුතුමිය, අනාගත රැකියාව ගැන අහපු ප්‍රශ්නයකදී මුළු පන්තියෙන්ම මම විතරක් තාරකා විද්‍යාඥයෙක් වෙන්න අත ඉස්සුවා.
09. තාරකා විද්‍යාව ගැන ඉගෙන ගන්න ඉස්කෝලෙන් ලැබුනු පිටුවහල ගැන මතක් කළොත්?
** තාරකා විද්‍යාව ගැන මගේ හිතේ තිබුණු උනන්දුව තීව්ර කළේ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමය කිව්වොත් හරි. මාසිකව පැවැත්වුණ ආරාධිත දේශන, සතිපතා තාරකා විද්‍යා පන්ති, රාත්‍රී කඳවුරු වගේ දේවල් වලින් අපිට මිල කරන්න බැරි දැනුමක්, පන්නරයක් ලැබුණා. නමුත් අවාසනාවට ලංකාවේ පාසල් විද්‍යා අධ්‍යාපනය තුළ නම් තාරකා විද්‍යාවට නිසි තැනක් ලැබිලා නැහැ තවමත්.
10. බ්ලොග් එකේ ලිපි වලට දාන්න කොහෙන්ද ඔච්චර කරුණු හොයා ගන්නෙ?
** මම අදටත් තාරකා විද්‍යාවට සම්බන්ධ ලිපියක්, පොතක් හරි වෙනත් ඕනෑම දෙයක් දැක්කොත් ඒක ලේසියෙන් මග හරින්නෙ නැහැ. මෙතෙක් පළවුණු ලිපි හැම එකකම වගේ තියෙන්නේ ඒ විදිහට මම එක එක කාලවලදී විවිධ ක්‍රම වලින් ලබාගත්ත දැනුම සහ සමහර අවස්ථාවලදී මගේ පෞද්ගලික අදහස්. බොහෝවිට මේ ලිපි පළකරද්දී මම වර්ෂ, දින වකවානු, සමහර නම් වගේ දේවල් ගැන අන්තර්ජාලය හරහා ආපහු හොයලා බලනවා ඒ වගේ දේවල් මතකයේ තියාගන්න අමාරු නිසා. ඒ වගේම සමහර වෙලාවට මම කලින් දැනගෙන හිටපු දේවල් මේ වෙනකොට වෙනස් වෙලාද, යාවත්කාලීන වෙලාද කියලත් සොයා බැලීමක් කරනවා. හැම ලිපියකම නිරවද්‍යතාව උපරිම මට්ටමේ තියාගන්න උත්සාහ කරනවා.
11. බ්ලොග් එක ගැන අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නෙ කොහොමද?
** විශේෂ දෙයක් කරන්නේ නැහැ. බ්ලොග් සින්ඩිකේටර වලට එකතු කරලා තියෙනවා. ෆේස්බුක් පිටුවෙයි, බ්ලොග් වෙනුවෙන් තියෙන ගෲප්ස් වලයි අළුත් ලිපි ගැන දැනුවත් කිරීම් දානවා. ඒ ඇරෙන්න අනිත් බ්ලොග්කරුවෝ එක්ක සුහදව කටයුතු කරනවා.
12. කොහොමද බ්ලොග් එකට මේ දවස්වල තියෙන ප්‍රතිචාර?
** ඉතාම හොඳයි. බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දක් පහු වුණත්, එයින් මාස 11ක්ම අධ්‍යාපන වැඩකටයුතු නිසා දිගටම ලියන්න ලැබුණේ නැහැ. අවුරුද්දක් පහු වෙද්දි තිබුණේ ලිපි 10යි. සමහර ලිපි 2ක් අතර පරතරය මාස 3කටත් වැඩියි (ඒත් දැන් දිගටම ලියාගෙන යනවා). එහෙම වෙලත් මේ වෙනකොට බ්ලොග් අඩවිය කියැවුම් වාර එකොළොස් දහසකට කිට්ටු වෙලයි තියෙන්නේ. කියවන අයගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර, දිරිමත් කිරීම් ලැබෙනවා.

13. බ්ලොග් එකට ලිපියක් ලියන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගත වෙනවද?
** ලිපියේ ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. "මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි." ලිපිය ලිව්වේ විනාඩි 20කින් විතර. "විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය - පළමු කොටස" ලියන්න පැය 2කට වඩා ගියා.
14. එතකොට බ්ලොග් එකේ ලිපියක් පල වෙන්නෙ?
** විශේෂත්වයක් නැහැ. නිදහස් වෙලාවක් ලැබෙන විදිය අනුව තමයි.
15. බ්ලොග් එක කරන කොට, මුහුණපාන්න වෙන අභියෝග මොනවද??
** ප්‍රධානම අභියෝගය ලියන්න කාලය හොයාගන්න එක තමයි. ඒ ඇරෙන්න ලිපියක් ලියද්දි, විශේෂයෙන්ම පිටසක්වළ ජීවයට සම්බන්ධ ලිපියක් ලියද්දි ඒ ඒ කරුණුවල වැරදි නිවැරදි බව හොයන එක සහ ඒවට අදාල සත්‍ය ඡායාරූප හොයාගන්න එකත් ලොකු අභියෝගයක්. මොකද මේ කියන විෂයෙන් 85-90%ක් විතරම තියෙන්නේ බොරු.
16. මුලින්ම පල කරපු ලිපිය මතකද? ඒක කාටද මුලින්ම පෙන්නුවේ?
** "ගමනක ආරම්භය". හොඳම යාළුවට. හුඟක් අගය කළා වගේම දිරිමත් කළා. ඊට පස්සෙ ලිපිය දැකපු අම්මයි, තාත්තයිත් එහෙමයි.
17. මිනිස්සු දිගක් පළලක් නැති විශ්වය ගැන හොයනවා හොයනවා ඉවරයක් නෑ. කවදාවත් හොයලා ඉවර කරන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙම ඉවර කරන්න පුලුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ. ඉතින් මෙහෙම මිනිස්සු විශ්වය ගැන හොයන එක, කාලය කා දමන මහ මෝඩ වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද?
** නැහැ. දැනුම කියන්නේ කොච්චර එකතු වුණත් අපතේ යන දෙයක් නෙමෙයි නේද? අනික මේ විශ්ව ගවේෂණ වැඩකටයුතු වලදී වෙනත් අංශ වලින් මිනිසාට සෑහෙන්න ප්‍රයෝජනවත් දේවල් පවා හොයාගැනීම්/ නිපදවීම් වෙන්න පුළුවන්.

18. මේ දවස්වල මේ විෂයට සම්බන්ධ අතිශය ජනප්‍රිය මාතෘකාවක් තමයි අගහරු ග්‍රහලෝකය කියන්නෙ. අගහරු ලෝකය ගැන පරීක්ෂණ සිදු කෙරෙනවා විතරක් නෙවේ, දැන් අගහරු තරණයටත් මිනිසා ලක ලැහැස්ති වෙනවා. අගහරු ලෝකයේ ජීවය ගැන ගොඩක් මත පල වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් අගහරුවල ජීවයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අශාන් අධ්‍යනය කරපු විස්තර අනුව අගහරු ලෝකය තුළ ජීවයක් පවතිනවද? නැද්ද?
** දැනට හොයාගෙන තියෙන විදියට නම් අඟහරු මත කිසිම ජීවයක් නැහැ. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ. හැබැයි අතීතයේ ජීවයක් පවතින්න ඇති කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. |
19. දැනට ආසම කරන තාරකා විද්‍යාඥයා කවුද?
** එහෙම එක්කෙනෙක් කියන්න අමාරුයි. මොකද තාරකා විද්‍යාඥයො අතරේ "වැඩක් නොකරපු උන්" කියල ජාතියක් නෑ. විශේෂත්වයක් අවශ්‍යම නම් මම තෝරගන්නේ දැනටත් ජීවතුන් අතර ඉන්න ස්ටීවන් හෝකින්. ඒ ඔහුගේ බුද්ධි මහිමය වගේම අප්‍රතිහත ධෛර්යය නිසා. හෝකින් මහත්මයා ALS රෝගියෙක් (ALS Ice Bucket Challenge පැවැත්වුණේ මේ වගේ අය වෙනුවෙන්). ඇවිදින්න, අතපය හොලවන්න තියා කතා කරගන්නවත් බැරි කෙනෙක්. කතා කරන්නේ තාක්ෂණික උපකරණයකින්. ඒත් ඔහු තාරකා විද්‍යාවට කරපු, දැනටත් කරමින් ඉන්න මෙහෙය අතිවිශාලයි. ඔහු ඇත්ත ලෝකයේ ඉන්න ඇත්ත සුපිරි වීරයෙක්.
20. මෑත කාලයේ අපේ රටෙන් බිහි වුණු ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් විදිහට මහාචාර්ය සරත් ගුණපාලයන්ව හදුන්වන්න පුලුවන්. එතුමා ගැන මොනවද හිතන්නෙ?
** නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක්. ලෝක ප්‍රසිද්ධ අභ්‍යවකාශ මෙහෙයුම් සෑහෙන ප්‍රමාණයකට ඍජුවම දායක වෙච්ච ශ්‍රී ලාංකිකයෙක්. ලංකාව කියලා රටක් තියෙන බව ලෝකයට දන්වපු කිහිපදෙනා අතරේ ඉහළින්ම ඉන්න කෙනෙක්.
21. කවදා හරි දවසක වෙනත් ග්‍රහලෝකයක ඉන්න බුද්ධිමත් ජීවීන් පිරිසක් එක්ක අදහස් හුවමාරු කරන්න ලැබුනොත්, මොනවද එයාලගෙන් අහන ප්‍රශ්න? මොනවද එයාලගෙන් දැන ගන්න කැමතියි?
** අපේ ජීවිත කාලය තුළ එහෙම දෙයක් වෙයි කියල නම් අදහසක් නැහැ. වැරදිලාවත් එහෙම වුණොත් ඉතින් අහන්න නම් සෑහෙන්න දේවල් තියෙනවා නේද? එයාලගෙ තාක්ෂණය, බුද්ධිය, සම්භවය වගේ දේවල්
22. අපිට සමාන බුද්ධියක් තියෙන, පෘතුවියේ වගේම පරිසරයක් තියෙන, මිනිස්සු ඉන්න තවත් ග්‍රහලෝක තියෙන්න බැරිද?
** පුළුවන්. තාම එකක්වත් හොයාගෙන නැහැ, නමුත් ඒක විද්යාත්මකයි වගේම තර්කානුකූලයි. අපි ඉන්න ක්ෂීරපථ මන්දාකිණියේ සූර්යයා වගේ තරු බිලියන 200ක් විතර තියෙනවා. මේ වෙනකොට විශ්වයේ ගවේෂණය කරල තියෙන කොටසේ (observable universe) පමණක් තරු සෙක්ස්ටිලියන 300ක් (300 x 10²¹) විතර තියෙනවා. තරු ගණන එච්චර වෙනව නම්, ග්‍රහලෝක ගණන? අඩුම තරමේ ඒ වගේ දෙතුන් ගුණයක්වත් විය යුතුයි. ඉතින් පෘථිවියේ වෙච්ච ක්‍රියාවලිය ඕවයින් අඩුම තරමේ එකකවත් වෙන්න බැරිද? ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහක ජෛව ක්‍රියාවලියක් වෙන්න බැරිද? හැබැයි මම කියන්නෙ නැහැ අතිශය දියුණු, බුද්ධිමත් ජීවියොම ඉන්නවා කියලා. බෙන්ටෙන් එකේ ඉන්න අයගේ ඉඳලා පුංචි ඒක සෛලික ක්ෂුද්‍ර ජීවියෙක් දක්වාම ඉන්නේ ජීවියො තමයි. ඒ වගේම සමහර විද්‍යාත්මක මත තියෙනවා හරිම ලස්සන. සමාන්තර ලෝක සංකල්පයක් ගත්තොත් (සමාන්තර ලෝක සංකල්ප කීපයක්ම තියෙනවා). මේ පෘථිවියේ දනුල මේ වෙලාවෙ බ්ලොග් එක ලිය ලිය ඉඳිද්දි, සමාන්තර පෘථිවියක තවත් මේ වගේම දනුල කෙනෙක් වෙන වැඩක් කර කර ඉන්නවා වෙන්න පුළුවන්. මේවා තාමත් ඇත්ත කියලා ඔප්පු වෙලා නෑ වගේම බොරු කියලා ඔප්පු වෙලත් නෑ.
23. ඔයාට හිතෙන විදිහට තව අවුරුදු 100කින්, ඒ කියන්නේ 2114 අවුරුද්ද මොන වගේ වෙයිද? ඒ කාලෙ වෙන කොට තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ගත්තොත් මිනිසා විසින් මොන වගේ ජයග්‍රහණ අත් කරගෙන ඉදීවිද?
** අභ්‍යවකාශ සෝපානයක් හරි කිහිපයක් හරි නිෂ්පාදනය වෙලා තියෙයි. සමහරවිට චන්ද්‍ර ජනපද, අඟහරු ජනපද ඇත්ත වෙලා තියෙයි. අභ්‍යවකාශ තරණයේදි දැනට තියෙන කාලය, ඉන්ධන, වේගය වගේ ප්‍රශ්න සුළුවෙන්වත් විසඳිලා තියෙයි. සමහරවිට පිටසක්වළ ජීවයක් හම්බ වෙලා තියෙයි.
24. ලෝකයේ උත්පත්තිය, පැවැත්ම, විනාශය ගැන දැනට තියෙන ප්‍රධාන ආගම් හතරෙම විස්තර වෙනවා. ඒ ඒ ආගම් සහ දර්ශන වලත් වෙනත් ජීවීන් ඉන්න ලෝක ගැන කියවෙනවා. බුදු දහමෙත් එහෙමයි. බුදුහාමුදුරුවන් විශ්වය ගැන, වෙනත් වෙනත් සෞරග්‍රහ මණ්ඩල, වෙනත් වෙනත් ලෝක, පිටසක්වල ජීවය ගැන ගොඩක් දේශනා කරලා තියෙනවා. මේවායේ එන කරුණු ගැන අධ්‍යනය කිරීමක් කරන්නෙ නැද්ද?
** මම බෞද්ධයෙක්. මම ආසාවෙන්ම කියවපු, අධ්‍යයනය කරපු සූත්‍රයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය. ඒ වගේම වෙන ආගම්වල තියෙන ඒ වගේ කරුණුත් හොයලා බලනවා. ඉස්සරහට ඒවා ගැනත් ලිපි පෙළක් පළකරනවා. හැබැයි ආගමයි, විද්‍යාවයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විෂයය ක්ෂේත්‍ර 2ක්. ඒ දෙක පටලවා ගැනීම විෂයයන් 2ටම කරන අසාධාරණයක්.
25. ඇයි හැමතිස්සෙම විද්යාවෙන්ම බලන්නෙ? නවීන විද්‍යාවටත් අහු වෙන්නෙ නැති ගොඩාක් දේවල් තියෙනවා නේද?
* පැහැදිලිවම. විද්‍යාව කියන්නේ පරිපූර්ණ දෙයක් නෙමෙයි. අපි දන්න දේවල්වලට වඩා නොදන්න දේවල් ගොඩක් තියෙනවා.
26. අපි හිතමු කවදා හරි දවසක අශාන්ට කවුරු හරි කියනවා "ඔය ලිපි ලියන එකෙන් වැඩක් නෑ. ඔව්වා ලිව්වා කියලා අඩු ගානෙ අතටවත් කීයක් හරි එනවද? තේරුමක් නැති, කාලය කන වැඩ. ඕක නවත්තලා දාන්න" කියලා. අශාන් මොකක්ද ඒකට දෙන උත්තරය?
** නිදහසේ ඉන්න වෙලාවල් වලදී මගේ ආසාවට, විනෝදාංශයක් විදියට වගේම මම අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත්ත, ඒත් ප්‍රමාණයෙන් ඉතාම පුංචි දැනුම තවත් කෙනෙකුටත් දෙන්න හිතාගෙන තමයි බ්ලොග් එක ලියන්නේ. අතට කීයක්වත් එන්න ඕන නැහැ.
27. බ්ලොග් එක ගැන අහන අවසාන ප්රශ්නය. මම කියනවා "අශාන් මේ බ්ලොග් එක කරන්නෙ අනිත් අයගේ අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් හැටියට සහ සමාජය අතර, බ්ලොග්කරුවන් අතර කැපී පෙනෙන 'පොරක්' වෙන්න" කියලා. දැන් මොකද අශාන් කියන්නෙ?
** "පොරක්" වෙන්න කරන්න ඕන දේවල් වල ලැයිස්තුවක් හැදුවොත් බ්ලොග් ලිවීම එන්නේ අනිවාර්යයෙන්ම ඒ ලැයිස්තුවෙ අග හරියට. "පොරක්" වෙන්න ඊට වඩා පහසු ක්‍රම තියෙනවා. බ්ලොග් එකක් පවත්වාගෙන යනකොට එන අපහසුතා ගැන මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද ඔබත් බ්ලොග් ලියන්නෙක්. මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය ආරම්භ වෙන්නේ මගේ ආසාවට. ඒක අදටත් එහෙමයි.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** අධ්‍යාපනයෙන් හැකිතාක් ඉහළටම යා යුතුයි මුලින්ම. ඊට පස්සේ තාරකා විද්‍යා ක්ෂේත්රයට ඇතුළු වෙන්න ආසාව තියෙනවා. බලමු ඉස්සරහට.
29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
** අනිවාර්යයෙන්ම. හැමදාම ඕනම දේකට මගේ පිටිපස්සෙන් ඉන්න අම්මා, තාත්තා සහ හොඳම යාළුවාත්, මෙතෙක් කල් මට උගන්වපු ගුරු භවතුන් සහ පාසලත් ආදරයෙන් සිහිපත් කරන්න ඕන. මගේ හිතේ තාරකා විද්‍යාවට ආසාවක් ඇති කරපු තාරකා විද්‍යාඥයන් සහ තාරකා විද්‍යා ලේඛකයන්වත් අමතක කරන්න බැහැ.
30. අශාන්ට ලියනවා නම්?
** පහසුම ක්‍රමය ෆේස්බුක් පණිවිඩයක් එවන එක. එහෙම නැත්නම්, [email protected]
ඉතින් ඔන්න ඔහොමයි අපි අශාන් එක්ක කරපු කතා බහ අවසන් වෙන්නෙ. අශාන් ඉස්සරහට තාරකා විද්‍යා විෂය ගැන කරන කියන දේවල් දැන ගන්න කැමති නම්, පහළ තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක රැදිලා ඉන්න.
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.