ගවේෂණ අංක 13
97. බටහිරාරාමය - A කලාපය
පධනාගර, පශ්චිමාරාම, පතනගල, පියංගල වගේ නම්වලින් හදුන්වන බටහිරාරාම විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නෙ අනුරාධපුරයේ ලෝලුගස් වැව ආසන්නයේ. මේ ස්ථානයේ වැදගත්කම, ප්රාග් බෞද්ධ යුගය දක්වාම යනවා. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ මේ ස්ථානය සුසාන භූමියක් වෙනුවෙන් වෙන් කළා කියලා මතයක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය කරපු බටහිරාරාම විහාර සංකීර්ණයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩ ඉදලා තියෙනවා. මේ විහාර සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නෙ අනුරාධපුරයේ ප්‍රධාන විහාර සංකීර්ණ සහ ජනාවාසවලින් ඈතට වෙන්නයි. විශාලත්වය අතින් අක්කර ගණනාවක් ඈතට විහිදුනු භූමි ප්‍රමාණයක් වුණත්, අද වෙනකොට විවිධ ඉදිකිරීම් සහ මහා මාර්ග නිසා මේ පූජා භූමිය කෑලි කෑලිවලට බෙදිලා ගිහින් තියෙනවා. ඒ නිසා අධ්‍යනයේ පහසුවට මේ කොටස් ඉංග්‍රීසි හෝඩියේ A අකුරෙ ඉදලා H අකුර වෙනකං කලාපවලට බෙදලා තියෙනවා. අද වෙනකොට මේ හැම කලාපයක්ම, මහා ඝන වනාන්තරවලින් වැහිලා ගිහිල්ලා. බටහිරාරාම විහාර සංකීර්ණයට අයිති කලාප අතරින් ප්‍රධානතම කලාපය තමයි, A කලාපය. Google සිතියමේ "බටහිරාරාමය" කියලා හෙව්වම, අපිට පෙන්නන්නෙ මේ කලාපයයි.
ගොඩනැගිලි ගණනාවකම නටබුන් මේ කලාපයේ විසිරිලා පැතිරිලා තියෙනවා. ඒවා අතරින් පිවිසුම් දොරටු, ගල් කණු, පඩිපෙල්, කොරවක්ගල් අදටත් දෘෂ්යමානයි. ඒ වගේම පොකුණු කිහිපයකුත් තියෙනවා. බොහෝමයක් තියෙන්නෙ කුඩා ප්‍රමාණයේ පොකුණු. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ පොකුණකුත් නිර්මාණය කරලා තියෙනවා දැක ගන්න පුලුවන්. A කලාපයේ සැලැස්ම අනුව, ඒ කාලයේ මේ කලාපය වටේට දිය අගලකුත් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මේ ආරාම සංකීර්ණයේ තියෙන ගොඩනැගිලි සහ ගොඩනැගිලි අංගවල තියෙන විශේෂත්වය තමයි, ඒ කිසිම ගොඩනැගිල්ලකවත් අංගයකවත්, කිසිම කැටයමක් නිර්මාණය කරලා නොතිබීම. මේ ස්ථානයේ වැඩ වාසය කරපු භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ සරලත්වය, මේකෙන් පැහැදිලි වෙනවා.
හැබැයි මේ ස්ථානයේ අපිට දකින්න හම්බවෙන කැසිකිලි ගලට නම් ඒ දේ වලංගු නෑ. අනිත් කිසිම ස්ථානයක දකින්න නොලැබුණත්, මේ කැසිකිලි ගලේ විතරක් සිංහ රූප, මකර රූප, ලියවැල් ආදී වශයෙන් අලංකාර කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මතයක් නිර්මාණය වෙලා තියෙනවා කැසිකිලි ගල්වල විතරක් කැටයම් නිර්මාණය කරලා තියෙන්නෙ, භාවනායෝගී භික්ෂූන් වහන්සේලා විසින් සියලු ලෞකික සැප සම්පත් ප්‍රතික්ෂේප කිරීම සංඛේතවත් කිරීමට කියලා.
98. බටහිරාරාමය - H කලාපය
ප්‍රධාන මාර්ගයෙන් හැරිලා බටහිරාරාම A කලාපයට එනකොට, අපිට බටහිරාරාම H කලාපය දකින්න පුලුවන්. බටහිරාරාම A කලාපය සහ H කලාපය අතර දුර මීටර් 200ක් විතර වෙනවා. බටහිරාරාම H කලාපය නිර්මාණය කරලා තියෙන්නෙ පොළොව මට්ටමෙන් ටිකක් උස් කරලා. මේ ස්ථානයෙත් නටබුන් කුඩා ප්‍රමාණයක් ආරක්ෂා වෙලා තියෙනවා.
99. බටහිරාරාමය - C කලාපය
මේ කලාපය පිහිටලා තියෙන්නෙ ප්‍රධාන කලාපයට ටිකක් දුරින්. මේ කලාපයෙත් ඈතට ඈතට විසිරිලා ගියපු ගොඩනැගිලි අත්තිවාරම්, ගල්කණු, මුරගල්, කොරවක්ගල් තියෙනවා. පිවිසුම් ස්ථානය අදටත් දෘශ්යමානයි. මේ ස්ථානයෙ මධ්‍යම ප්‍රමාණයේ පොකුණක් දැක ගන්න පුලුවන්.
100. බෝපේ සුධර්මාරාම පුරාණ විහාරය
ගාල්ලෙ බස් නැවතුම්පල ළග තියෙන වක්වැල්ල පාර දිගේ ගිහිල්ලා, කලේගාන හංදියෙන් වමට හැරිලා, ටික දුරක් ඉස්සරහට යනකොට මේ විහාරයට පිවිසෙන්න පුලුවන්. මේ පන්සල තියෙන්නෙ පොඩි කන්දක් උඩ. ඒත් පන්සල ළගටම වාහනෙන් යන්න පුලුවන්. අවාසනාවකට වගේ මේ පන්සලේ ඉතිහාසය ගැන නම් කිසිම තොරතුරක් අපිට හොයාගන්න බැරි වුණා. අන්තර්ජාලයෙත් මේ විහාරය ගැන කිසිම සදහනක් නෑ. මේ විහාරය පුරාණ විහාරයක්. රජමහා විහාරයක් නෙවේ. රජමහා විහාරයක් කියන්නෙ සිංහල රජ කාලයේ රජතුමාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වුණු පන්සල්වලටයි. පුරාණ විහාරයක් කියන්නෙ සිංහල රජ කාලයේ රජතුමාගේ අනුග්‍රහය යටතේ නැතුව, වෙනත් කෙනෙකුගේ හෝ පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වුණු පන්සල්වලටයි. මේ විහාරය අවුරුදු 100කට වඩා ඉපැරණි, මහ නුවර යුගයේ නිර්මාණය වුණු පන්සලක් කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. ඒකට හේතුව තමයි පන්සල වටේ ඉතුරුවෙලා තියෙන පුංචි පුංචි ගල් කණු සහ මහ නුවර යුගයේ ශෛලීන් අනුව නිර්මාණය වෙලා තියෙන ඉපැරණි බුද්ධ මන්දිරය.
මේ බුදු මැදුරේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන දොරෙන් ඇතුළ් වුණාම තමයි, පළවෙනි කොටසට පිවිසෙන්න පුලුවන් වෙන්නෙ. මේ කොටසේ බිත්තිවල හිඩැසක් නෑරම අඛණ්ඩකථන ක්‍රමයට (බිත්තිය තීරුවලට බෙදලා), ජාතක කතා විශාල ප්‍රමාණයක් සිතුවම් කරලා තියෙනවා. ඔක්කොම රතු පාට පසුබිමක සිතුවම් කරපු මහ නුවර යුගයේ චිත්‍ර. මේවා නම් වැඩි කාලයක් පවතින එකක් නෑ. බුදු මැදුරේ දෙවෙනි කොටසට යන්න තියෙන්නෙ, පළවෙනි කොටසේ තියෙන විශාල මකර තොරණ යටින්. මේ මකර තොරණත් ගොඩාක් පරණයි. අපේ රටේ අනිත් පන්සල්වල දකින්න තියෙන, බෝධිසත්ව පිළිමයකට මැදි වුණු මහා පරිමාණයේ මකර තොරණ්වල අච්චුවම තමයි මේකෙත් තියෙන්නෙ.
දෙවෙනි කොටසේ විශාල සැතපෙන පිළිමයක් තියෙනවා. බිත්ති හතරෙම උඩ කොටසේ සූවිසි විවරණය නිර්මාණය කරලා තියෙනවා. ගෞතම බුදු හාමුදුරුවන්ගේ පෙර ආත්මයන් සිතුවම් කරලා තියෙද්දි, ඒ ඒ බුදුවරුන්ව ප්රතිමාවලට අඹලා තියෙනවා. ඒ ඒ බුදුවරුන්ගේ චීවරයේ පාට, චීවරයේ සැකැස්ම, ඉරියව් සහ මුහුණු එකිනෙකට වෙනස් විදිහට තමයි අඹලා තියෙන්නෙ.
බිත්තිවල කඩුපුල් මල් අතින් ගත්ත මහ රහතන් වහන්සේලාගේ රූප, සත් සතිය, ඉපැරණි සිංහල සැරසිලි මෝස්තර, ඉපැරණි සිද්ධස්ථාන යන ආදී වශයෙන් ගොඩක් සිතුවම් ඇදලා තියෙනවා දකින්න පුලුවන්.
ඊට අමතරව මේ විහාරයේ ඉපැරණි සතර මහා දේවාලයක් සහ පරිවාර දේවාල ගොඩකුත්, විශාල චෛත්‍යයක්, කුඩා බෝධියක්, විශාල ධාතු මන්දිරයක් එහෙමත් දැක ගන්න පුලුවන්.
101. ථූපාරාම පිළිමගෙය
ථූපාරාමයේ නිරිතදිග නිර්මාණය කරලා තියෙන ගොඩනැගිල්ල, ථූපාරාමයේ පිළිමගෙය කියලා හඳුනාගෙන තියෙනවා. මේ පිළිමගෙය අදියර දෙකක් විදිහට නිර්මාණය කළා කියන එක තමයි ඉතිහාසඥයන්ගේ මතය. පළවෙනි අදියරය නිර්මාණය වෙලා තියෙන්නෙ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයෙදියි. සමහරක් අය මේ ස්ථානය ථූපාරාමයේ දළදා මන්දිරය විදිහටත් හදුන්වන්න පෙළඹිලා තියෙනවා. ඒත් ඒක වැරදි මතයක්.
සෙල්ලිපි විශේෂඥයෙක් වුණු ඩී.එම්.වික්‍රමසිංහ මහත්මයා රට ඉන්නකොට, එතුමාගේ පහළ නිළධාරීන් පිරිසක් අනුරාධපුර ඇතුළු නුවර දළදා මාළිගාවෙන් සොයා ගත්ත සෙල්ලිපියක් පිටපත් කරලා යවලා තියෙනවා. එහෙම යවලා තියෙන්නෙ ඒ සෙල්ලිපිය ථූපාරාමයෙන් හොයා ගත්තාය කියලයි.
ඒ සෙල්ලිපියේ තිබුණු දළදා මාළිගාව කියන වචන පරීක්ෂා කරපු වික්‍රමසිංහ මහත්මයා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මාළිගාව විදිහට හඳුන්වනවා. පස්සෙ සිද්ධ වුණු වැරැද්ද ගැන දැන ගන්න වික්‍රමසිංහ මහත්මයා, ආයෙත් ඒ වැරැද්ද නිවැරදි කරලා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මන්දිරය නෙවේ කියලා වැරැද්ද නිවැරදි කරගෙන තියෙනවා.
ඒ සෙල්ලිපියේ තිබුණු දළදා මාළිගාව කියන වචන පරීක්ෂා කරපු වික්‍රමසිංහ මහත්මයා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මාළිගාව විදිහට හඳුන්වනවා. පස්සෙ සිද්ධ වුණු වැරැද්ද ගැන දැන ගන්න වික්‍රමසිංහ මහත්මයා, ආයෙත් ඒ වැරැද්ද නිවැරදි කරලා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මන්දිරය නෙවේ කියලා වැරැද්ද නිවැරදි කරගෙන තියෙනවා.
102. නාගලු ළිඳ
“නාගලු ළිඳ” කියලා හදුන්වන ළිඳ ථූපාරාම විහාරයේ පිළිම ගෙය ආසන්නයේ දකින්න පුලුවන්. මේ ළිඳ ථූපාරාම විහාරයේ වැඩ සිටි භික්ෂුන්ගේ ජල පහසුකම් සපුරාලන්න නිර්මාණය කරපු ළිඳක්. ළිඳ වටේ තියෙන අත්තිවාරම් පරික්ෂා කළාම, මේ ළිඳ ශාලාවක් ඇතුළේ නිර්මාණය කරලා තිබුණා කියලා මතයකට එළඹෙන්න පුලුවන්.
103. ථූපාරාම පොහොයගෙය
ථූපාරාම චෛත්‍යයට දකුණින් දකින්න පුලුවන් වෙන මේ පොහොය ගෙය භාතිකාභය රජතුමා හෝ භාතියතිස්ස රජතුමා නිර්මාණය කරන්නට ඇති කියලා ඉතිහාසඥයන් මත පල කරලා තියෙනවා. අද වෙනකොට මේ ස්ථානයේ දැක ගන්න පුලුවන් වෙන්නෙ පොහොය ගෙයෙහි උඩ කොටස දරාගෙන සිටි, පහළ කොටසේ තිබුණු ගල් කණු කිහිපයක් සහ ඇතුළ් වෙන ස්ථානයේ තිබූ කැටයම් නොකරපු ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක්, මුරගල් ද්විත්වයක් සහ කොරවක්ගලක් විතරයි.
104. සීගිරිය - පිට දිය අගල
අපේ රටේ වගේම අනිත් රටවල් වල වුණත් ගොඩක් රාජධානි, මාළිගා නිර්මාණය කරනකොට දිය අගල් වර්ග දෙකක් නිර්මාණය කරනවා. ඒ දෙකෙන් පළවෙනි දිය අගල තමයි පිට දිය අගල කියන්නෙ. පිට දිය අගල නිර්මාණය වෙන්නෙ රාජධානිය හෝ මාළිගාවේ මායිම වටේටයි. මේ තමයි සතුරු ආක්‍රමණයකදී සතුරන්ට හමුවෙන පළවෙනි බාධකය. පිට දිය අගල, සාපේක්ෂ වශයෙන් වැඩි පළලක් අරගන්නවා. සීගිරියේ පිට දිය අගල තරණය කරන්න අපහසු වෙන්න කිඹුල්ලු දාලා තිබ්බා කියලා සැළකෙනවා.