රෝද තුනේ කතා
බස් කතා ගැන ලියපු එකේ, රෝද තුනේ කතා ගැන නොලියා ඉන්නෙ කොහොමද? ඉපදුනු දවසෙ ඉදලා මේ වෙනකන් එක එක හේතු නිසා ත්‍රීරෝද රථවල, එහෙමත් නැත්නම් ත්‍රීවීල්වල හිසේ කෙස් ගාණටත් වඩා ගිහින් තියෙනවා. ඉතින් එහෙම යනකොට වුණු අත්දැකීම් කිහිපයක් ලිපියක් හරහා බෙදාගන්න හිතුනා.
සාමාන්‍යයෙන් අපි ත්‍රීවීල් එකක යන්නෙ පහසුව අතින් ඉහළ නිසා. අනිත් අතට ඉක්මනට ගමනාන්තයට යා ගන්න පුලුවන් වෙන නිසා. දැන් කාලෙ නම් ත්‍රීවිල් රථ රියදුරන් ගැන තියෙන පොදු සමාජ මතය නම් හරිම සෝචනීයයි. ගොඩක් අය ත්‍රීවිල් තහනම් කරනවට කැමතියි. ඒ අයගෙ මතය අනුව මාර්ග තදබද ඇති වෙන්න සහ රිය අනතුරු සිද්ධවෙන්න වැඩි වශයෙන් දායකත්වයක් දෙන්නෙ ත්‍රීරෝද රථ රියදුරො.
ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඒක නම් කොහොමත් එළිපිටම දකින්න තියෙන දෙයක්. අපේ රටේ රථ වාහන අනතුරු ලේඛන ගත්තම, හැම අවුරුද්දකම වගේ ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය යන සංඛ්‍යාව දෙවෙනි වෙන්නෙ, යතුරු පැදිවලින් මිය යන සංඛ්‍යාවට විතරයි. මේකට ප්‍රධාන හේතුව තමයි පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගමන්ම තමන්ගෙම කියලා ත්‍රීවීල් එකක් පැදගෙන, කාටවත් යටත් වෙන්නෙවත් අත පාන්නෙවත් නැතුව, තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන් ඉන්න තියෙන ආසාව. ඉතින් මේ කර්මාන්තයට වැඩියෙන්ම එන්නෙ තරුණ අය. තරුණ අය විසේකාරයි. ඒ අයගෙ හික්මීමක් නෑ. අභියෝග භාර ගන්න කැමතියි. ඒ නිසා දවසෙන් දවස ත්‍රීරෝද රථවලට පිං සිද්ධ වෙන්න, අපේ රටේ වෙන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යනවා. හැබැයි නොහික්මුණු අය වගේම විනීත රියදුරොත් ඉන්නවා කියලා මතක තියා ගන්න ඕන.

ඊට අමතරව ගත්තොත්, බස් එක වගේම සමාජය ගැන හොද අධ්‍යනයක් කරන්න පුලුවන් වාහනයක් තමයි ත්‍රීවිල් එක. මොකද ගොඩක් ත්‍රීරෝද රථ රියදුරො ගමන යන ගමන් ආගිය තොරතුරු කතා කරන්න පෙළඹිලා ඉන්නවා. ගොඩක් අය සමාජ විශ්ලේෂකයො. සමහරු ආර්ථික විද්‍යාඥයො. තව සමහරු දේශපාලඥයො. එතකොට නීතීඥයො..... ඔය වගේ චරිත ගණනාවක්ම නියෝජනය වෙනවා ඒ අයගෙන්. මාත් ඉතින් ඒ අය කියන දේවල්වලට "ඔව් ඔව්" කිය කිය යනවා. එතකොට තමයි ඒ අය එයාලගෙ කතා දිගටම අරගෙන යන්නෙ. අනිත් අතට "නෑ" කියපු හැටියෙම කතා කරන එක නවත්තනවා.
හික්මීම සහ නොහික්මීම ගැන කතා කරනකොට මුලින්ම මතකයට එන්නෙ නුගේගොඩ සහ කොහුවල අතරේ මුණ ගැහුනු ත්‍රීවීල් එකක්. කොහුවල හංදියට එනකොට රතු එළි වැටිලා. අපිට හංදියෙන් වම් පැත්තට හැරෙන්න ඕන නිසා, අපි හිටියෙ වම් පැත්තෙ තීරුවේ, දෙවනියට. මැද තීරුවේ කෙලින් යන වාහනත්, දකුණු තීරුවේ දකුණට හරවන වාහනත් නැවතිලයි තිබුණෙ. අපිට කලින් හිටපු කාර් එක වම් පැත්තෙ තීරුවේ තිබුණත්, Signal දාලා තිබුණෙ දකුණට. ඔන්න ඉතින් ඒක දැක්ක වෙලාවෙ ඉදලා අපේ රියදුරු මහත්තයා ටිකක් නොසන්සුන්. කොළ එළි පත්තු වුණත්, දකුණට හරවන්න ඕන නිසා ඉස්සරහා කාර් එකට හෙලවෙන්න බෑ. ඒක යන්නෙ නැති නිසා, ඒක පිටිපස්සෙ ඉන්න අපිටත් යාගන්න බෑ. අපේ රියදුරු මහත්තයා Horn එක ඔබාගෙනම ඉන්නවා. මහා සද්ධෙට කෑ ගහනවා.
හරිම අමාරුවෙන් කාර් එකේ කෙනත් දකුණට හරවගෙන යන්න ගියා. කොහුවල ඉදලා අපේ ගෙදරට කිලෝ මීටර 4ක් විතර තියෙනවා. ඔන්න ඉතින් රියදුරු මහත්තයා දේශනය පටන් ගත්තා. "ඉතින් කොහොමද පුතා මේක කරන්නෙ? මේ වගේ එකෙක් දෙන්නෙක් හිටියා නම් ඇති. මේ වගේ ගොන් යක්කු නිසා තමයි පාරවල්වල Block හිටින්නෙ. හරියට එළවගන්න බැරි නම්, මාර්ග සංඥා නීති රීති දන්නෙ නැත්නම් මොන එහෙකට මෙව්වා පාරට දානවද මන්දා". මාත් ඉතින් මොනවා හරි කියන්න එපැයි. ඉතින් හොදට හිතලා මතලා "හ්ම්ම්ම්" කියලා මාත් ප්‍රතිඋත්තරයක් දුන්නා. "තරුණ ළමයෙක්! Sure එකටම RMV එකට ගාණක් දීලා කරවගන්න ඇති. හහ්. මම නම් කියන්නෙ මේ වගේ නීති රීති කඩන අයට දඩුවම් දෙන එක වැඩි කරන්න ඕන. නීති වැඩි කරන්න ඕන. එතකොට Accidentsවුත් අඩු වෙනෝ. අනික RMV එක නම් මෙලෝ වැඩකට නැති තැනක්. ඒකෙ ඉන්න කම්මැලියො ටික එලවලා, හොද මොළේ ඇති අය අරගෙන, ක්‍රමවත් කරන්න ඕන. දැන් බලන්න, Reverse කරනවා කියලා උන් ඇතුළකනෙ කරවන්නෙ? License ගන්නෙ RMV එක ඇතුළෙ පදින්නද? ඉතින් කොහොමද මහා පාරෙ තියෙන පරිසරය ගැන ඉගෙන ගන්නෙ? Trial එක දාන්නෙ එක්කො කෙලින් පාරක යන්න. ඒත් බොහොම පොඩි දුරක්. අනික එව්වත් මිනිස්සුයි වාහනයි අඩු පැති. ඉතින් වැඩක් තියෙනවද මං අහන්නෙ? Trial එක දාන්න ඕන උදේ හරි හවස හරි. Traffic එක වැඩියෙන් තියෙන, කදු පල්ලම් වංගු හංදි හැම තැනම තියෙන තැනක. එතකොට තමයි හරියටම එලවන්න පුලුවන්ද කියලා බලාගන්න ලේසියි. RMV එකත් මේ රටේ වෙන වාහන අනතුරුවලට, පාරවල් Block හිටින එව්වට කෙලින්ම වග කියන්න ඕන. අපේ රටේ තියෙන ලොකුම ජරාව අරගන්න තැන තමයි ඕක". ඊට පස්සෙ ඔන්න මගෙන් ප්‍රශ්නයක් අහපි. "ඔයාට license තියෙනවද?". මමත් ඉතින් මොනවැයින් මොනවා කියයිද දන්නෙ නෑ කියලා බයෙන්, හෙමින් "ඔව්" කියලා උත්තරයක් දුන්නා. ඔන්න ආයිත් කතාව පටන් ගත්තා.

"ඉතින් මම කියපු දේ හරිනේ? දකින්න ඇතිනෙ RMV එකේ වෙන දේවල්?". මාත් ඉතින් උත්තරයක් බැන්දා. "ඔව්. අපිට දුන්නෙත් වාහන අඩු, කෙලින් පාරක එලවන්න. දෙවෙනි ගියර් එකටවත් මාරු කරන්න හම්බුනේ නෑ, Trial එක ඉවර කරලා Pass කළා".
ආයිත් රියදුරු මහත්තයා කතාව පටන් ගත්තා. "ඕක තමයි තත්වෙ. මට ඕක භාර දුන්නා නම්, මම දන්නවා කරන දේ. ඔහොම කරලා කාවද රවට්ටන්නෙ ඉතින්. ටිකක් ප්‍රායෝගිකව හිතන්න එපැයි. අනික ඔය බලපත්‍රෙ ගත්තු පලියටම රියදුරෙක් වෙන්නෙ නෑ. ඒකට හොද අවබෝධයක්, හික්මීමක් වගේම අනිත් අතට හැකියාවකුත් තියෙන්න ඕන. මනුස්ස ජීවිතත් එක්කනෙ පුතා මේක කරන්නෙ". ඔන්න ඉතින් දන්නෙම නැතුව අපේ ගෙදරටත් ආවා. ගේට්ටුව යටින් ඔළුව දාලා බලනකොට, වාහන දෙක මිදුලෙ තියෙනවා දැක්කා අපේ රියදුරු මහත්තයා. "ආහ් ඔය තියෙන්නෙ වාහන දෙකක්ම. එලවනවා නේද?". "එහෙමටම කියලා නෑ ඉතින්. ඔය මහා පාන්දර 2.00ට, 3.00ට වගේ තමයි. ඒත් කලාතුරකින්". ගමනාන්තයට ඇවිල්ලත් ඔන්න ඉතින් දේශනය ආයිත් පටන් ගත්තා. "එහෙම බෑ. එහෙම බෑ. මිනිස්සු පාරේ ඉන්න වෙලාවට එලවන්න. එහෙම කරලා හොදට පුරුදු වෙන්න. අර වෙලාවට පාරට දැම්මා කියලා අත්දැකීමක් අරගන්න බෑනෙ. ඒ නිසා මිනිස්සු ඉන්න වෙලාවට පාරට දාගෙන, තව කවුරු හරි දන්න කියන කෙනෙක් එක්ක යන්න. එතකොට නිකන්ම හුරු වෙනවා. නැත්නම් පදින විදිහත් අමතක වෙනවා."
ඊට පස්සෙ මෙයා තවත් කියවන්න පටන් ගත්තා. "ඔයාලා වාසනාවන්තයි. පහසුකම් ගොඩක් තියෙනවා. වැඩ ලේසියෙන් කරගන්න පුලුවන්. ඒත් අපේ කාලෙ එහෙම බෑ. අපි ගෙව්වෙ හරිම දුෂ්කර විදිහට. අපි 100%ක් හරියට වාහන එලවන විදිහ, මාර්ග සංඥ්ඥා ගැන ඉගෙන ගත්තෙ හරිම අමාරුවෙන්. අපිට ඔළු පැලෙන්න ටොකු ඇන ඇන කියලා දුන්නෙ. පොඩ්ඩක් වරද්දපු ගමන් පොලුවලින් ගැහුවේ. නැත්නම් අඩුවද, නියනද, මිටියද කියලා බලන්නෙ නෑ..... අහුවෙන එකෙන් ගහනවා. සමහරක් දවස්වලට කෑම දුන්නෙවත් නෑ...".
පොදු සමාජයෙන් මාර්ග නීතිරීති කඩ කරන, නොහික්මුනු කෙනෙක් විදිහට හංවඩු ගහපු කැටගරියකට වැටිලා තියෙද්දිත්, මේ මහත්තයා නීතිරීති, සංඥ්ඥා ගැන රථ වාහන කොමසාරිස්ටත් වඩා හොදට දන්නවා. ඉතින් මම ඇහුවා "මාමා කොහෙන්ද ඉතින් ඉගෙන ගත්තෙ?" කියලා. ඒකට හැරෙන තැපෑලෙන් උත්තරයක් හම්බුනා. "මම වැඩ කළේ Army එකේ Driver කෙනෙක් විදිහට. Army එකෙන්ම තමයි ඉගෙන ගත්තෙ".

මේත් එක්කම මට මතක් වෙනවා අපේ ගෙවල් පාරෙ ඉන්න මාමා කෙනෙක්. මාර්ග සංඥඥා උපරිමයෙන්ම පිළිපදිනවා. වම් පැත්තෙ අස්සෙන් අස්සෙන් ගහලා යන්න කොච්චර ඉඩ තිබුණත්, කවදාවත් ඒ වැඩේ කරන්නෙ නෑ. තමන්ගෙ මං තීරුවෙන්ම තමයි යන්නෙ. හයියෙන් පදින්නෙත් නෑ. හරිම හෙමින් තමයි වාහනේ පදින්නෙ. මෙයා හැම තිස්සෙම මට කතා කළේ "මහත්තයා" කියලා. කොයිවෙලාවෙ බැලුවත් "මහත්තයා මහත්තයා මහත්තයා....." පස්සෙ දවසක් මම බැරිම තැන මෙයාට කිව්වා "මට මහත්තයා කියනවට වඩා, පුතා කියලා කතා කරනවා නම් මම හරි කැමතියි" කියලා. ඒ වෙලාවෙ ඉතින් මෙයා හරිම නිහතමානී විදිහට හිනා වෙලා බිම බලා ගත්තා. ත්‍රීවිල් පදින අයගෙන් මම දැකපු හරිම නිහතමානී චරිතයක්. කොයිවෙලාවෙ බැලුවත් කට පුරා හිනා වුණු ගමන්ම තමයි ඉන්නෙ. දෙන ගාණට මාරු නැති වුණොත්, අමතක කරන්නෙ නැතුව ඒ කොටස, ඊළග Hire එකේදි අඩු කරලා දෙනවා. ඊට පස්සෙ සතියකත් මම මෙයාට කතා කළා Hire එකක් යන්න. විස්තරේ කියලා ඉවර වුණාම මෙයා කිව්වා "හා හොදයි. පුලුවන්. මං එන්නම් මහත්තයා...... ආහ් නෑ. වැරදුනා. පුතා" කියලා. මටත් ඉතින් මැරෙන්න හිනා ඒක කියපු විදිහට. මෙයාගෙ තියෙන පුරුද්දක් තමයි රාජකාරිය දේවකාරිය කරගෙන ඉන්න එක. හදිසි ඇමතුමක් දීපු හැටියේ, අපායෙ හිටියත් කඩාගෙන බිදගෙන එනවා. ගොඩක් වෙලාවට මෙයාට කිසිම විවේකයක් නෑ. ඒ ඉතින් ජීවන යුද්ධය ජය ගන්න ඕන නිසා. එක දවසක් හවස 3.00ට ආවා ගමනක් යන්න. ඒ වෙනකොටත් උදේට බීපු තේ එක විතරයි. දවාලට තියා උදේටවත් කෑම කාලා නෑ.
මට මතකයි ඡන්ද කාලවලදි තාප්ප පුරා පෝස්ටර් අලවලා කැත කරලා තියෙනවා දැකලා, මෙයා කියපු කතාවක්. "මේ බලන්න. මිනිස්සු නිකන් බොරුවට පෝස්ටර් අලවනවා. කාගෙ සල්ලිද මේ? අපේම සල්ලිනෙ. අපි මුළු දවසෙම නැහිලා එදා වේල කන්න කියලා බොහොම අමාරුවෙන් හම්බ කරනවා. මෙයාලා ඒවා කිසිම ගාණක් නැතුව වියදම් කරනවා. බලන්න කොච්චර ආත්මාර්ථකාමීද කියලා? තේරුමක් තියෙන වැඩක් නම් කමකුත් නෑ. කිසිම තේරුමක් නෑනෙ. ඕක උඩින් තව කට්ටියක් එයාලගෙ පෝස්ටර් අලවනවා. ඒවා උඩින් තවත් කට්ටියක්, වෙනම පෝස්ටර් අලවනවා. අනිත් එක බලන්න ඔව්වා වැස්සට ගැලවිලා, පෙගිලා ජරා වෙලා යනෝ. කොච්චර පරිසර දූෂණයක්ද? තමන් ගමට වැඩ කරලා තියෙනවා නම් ඔහොම පරිසරය දූෂණය කරගෙන පෝස්ටර් ගහලා 'මට ඡන්දෙ දෙන්න' කියන්න ඕන නෑ. මිනිස්සු කොහොමත් ඡන්දය දෙනවා. මේ මිනිස්සු මේ විදිහට කරන්නෙ ලොකූ ජාතික අපරාදයක්. අපරාදෙ සල්ලි."

2015 මම මුලින්ම රස්සාවකට ගියපු කාලෙ, අපේ නෑදෑයින්ටත් කලින් මෙයාට තමයි මම මුලින්ම කිව්වෙ. ඒ වෙලාවෙ එයා ගොඩක් සතුටු වුණා.
"අනේ ඇත්තද? කොච්චර දෙයක්ද? හරිම සන්තෝසයි. මේ වයසෙම රස්සාවක් කරන එක. ඕක ගොඩක් ළමයින්ට ලැබෙන්නෙ නැති දෙයක් නෙහ්. විශ්වවිද්‍යාල ළමයින්ට නම් විශ්වවිද්‍යාලවල තියෙන එක එක ප්‍රශ්න නිසා ඒ අයට රස්සාවක් කරන්න තියෙන කාලෙ ටික ටික පහුවෙනවා. මේ වගේ කාලෙක රුපියලක් හරි හම්බ කරන එක වටිනවා. වැඩ කරලා ඉතින්, දෙමාපියන්වත් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. ඒ අයටත් ශක්තියක් වෙනවනෙ එතකොට...." |
සමහරක් ත්‍රීරෝද රථ රියදුරු මහත්තුරු තමන්ගේ වෘත්තිය ගැන පසුතැවෙන බවකුත් පෙනුනා. හොදම උදාහරණයක් විදිහට 2010 අවුරුද්දෙ IDM එකේ හිටපු කාලයේ වුණු සිද්ධියක් මතක් වෙනවා. ඒ කාලෙ කොහුවල පැත්තෙ ත්‍රීවීල් එකකින් තමයි නිතරම ගෙදර ගියේ. සාමාන්‍ය පෙළ ප්‍රතිපල ආපු කාලෙ වෙනකොට, ඒ ගැන විස්තර කතා කර කර යන වෙලාවක, ඒකෙ රියදුරු තැන මෙහෙම කතාවක් කිව්වා. "මල්ලි හොදට ඉගෙන ගන්න. නැත්නම් පේනවා නේද මේ? ඉගෙන ගන්න පුලුවන් කාලෙ හොදට ඉගෙන ගෙන, ලොකු තැනකට යන්න. පාඩම් කරලා දුක් මහන්සිවෙලා වැඩ කරන්න. නැත්නම් ඉතින් අපි වගේ තමයි ඉන්න වෙන්නෙ." ඔය වගේ සෑහෙන දුක් ගැනවිල්ලක් එයා එදා කිව්වා.
ඒක ඇහුනු වෙලාවෙ නම් දරාගන්න බැරි දුකක් ආවා. ඒ දුක අදටත් තියෙනවා. බටහිර රටවල්වල ධනය සහ සම්පත් සමස්ථයක් විදිහට සමාන්තරව බෙදිලා ගියත්, අපේ වගේ පෙරදිග රටවල්වල එහෙම නොවුණු එකේ ප්‍රතිඵල තමයි ඒ. උදාහරණයක් විදිහට ඇමරිකාව ගත්තොත්, ඇමරිකාවේ සමානාත්මතාවය කියන එක ඉහළින්ම තියෙන දෙයක්. ඒ රටේ මිනිස්සුන්ට ඉංජිනේරුවද, වෛද්‍යවරයාද, නීතීඥයාද, පොලිස් නිළධාරියාද, ලියුම් බෙදන කෙනාද, බස් රියදුරාද, කරණවෑමියාද, පාරවල් සුද්ධ කරන කෙනාද, ටැක්සිකාරයාද, බාසුන්නැහේද කියලා නෑ..... ඒ රටවල හැම වෘත්තියක්ම සළකන්නෙ එක සමාන විදිහට. ඒ වගේම හැම වෘත්තියකටම ඒ රටේ මිනිස්සු ගරු කරන්න, ඒවා අගයන්න පුරුදු වෙලා ඉන්නවා. පාරෙ කුණු අරන් දාලා පාර සුද්ධ කරන මිනිහට වුණත්, පෙදරේරුවට වුණත්, පත්තර බෙදන කෙනාට වුණත්, කාටවත් අත පාන්නෙ නැතුව, හොදට ජීවත් වෙන්න පුලුවන් තරමේ වැටුප් හම්බවෙනවා. අලුතින් ඉඩමක් අරගන්න, අලුත් ගෙයක් හදාගන්න, දරුවන්ට හොදට උගන්වන්න, ගෙදරට අලුත් ගෘහ උපකරණ ටිකක් ගන්න ආදී වශයෙන් ඒ අයට පුලුවන් තමන්ගේ අනාගතය ගැන ලස්සන සැලසුමක් හදන්න.
ඒත් අපේ රටවල්වල ඒකෙ අනිත් පැත්ත. ධනය අඩුයි. සම්පත් අඩුයි. ඒ නිසා මේවා හරියට බෙදිලා ගිහිල්ලා නෑ. සමහරුන්ට වැඩියෙන් හම්බවෙලා. තවත් සමහරුන්ට අඩුවෙන් හම්බවෙලා. අපි අපිම උසස් සහ පහත් කියලා වෘත්තීන් නම් කරගෙන ඉන්නවා හරිම අසාධාරණ විදිහට. උසස් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි දොස්තරවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, නීතීඥයො, කථිකාචාර්යවරු, පරිපාලකයො වගේ අයව දාලා තියෙන්නෙ. පහත් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි කරණවෑමියො, කොන්දොස්තරවරු, රියදුරෝ, පිරිසිදු කිරීම්වල ඉන්න අය, ගොවියො, කම්කරුවො වගේ අයව දාලා තියෙන්නෙ. මේ අයට අලුතින් ඉඩමක් අරගන්න, අලුත් ගෙයක් හදාගන්න, දරුවන්ට හොදට උගන්වන්න, ගෙදරට අලුත් ගෘහ උපකරණ ටිකක් ගන්න වගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු නෑ. මේ අය බලන්නෙ එදා වේල කාලා ජීවත් වෙන්න.
ඒත් මේ අයත් ඉන්න ඕන. අපි එකිනෙකාට උදව් කරගෙන, එකම ගමනක් යන්න ඕන. කොන්දොස්තර වෘත්තිය කියන්නෙ ගෞරවනීය වෘත්තියක්. බස් රියදුරු වෘත්තියත් එහෙමයි. මෙයාලා එක දවසක් වැඩ වර්ජනය කළොත් වෙන දේ හිතා ගන්න පුලුවන් නෙහ්? මේ අය අපිට ලොකු උදව්වක් කරනවා. නගරය පිරිසිදු කරන අය හිටියෙ නැත්නම්, කොච්චර දොස්තරවරු ඉංජිනේරුවරු හිටියත් වැඩක් තියෙනවද? කරණවෑමියො හිටියෙ නැත්නම් කථිකාචාර්යවරුන්ට දේශනවලට යන්න වෙන්නෙ වැද්දො වගේ. ගොවි මහත්තුරු හිටියෙ නැත්නම් අපි කොහොමද තුන් වේල කන්නෙ? ඉතින් මම දකින විදිහට රැකියාවල උස් සහ පහත් කියලා එකක් නෑ. ඒ හැම රැකියාවක්ම උසස්. හේතුව ඒ ඒ රැකියාවන්ට තියෙන අනන්‍යතාවයන් නිසා. ඒ හැම එකක්ම, හැම එක්කෙනෙක්ටම කරන්න බැරි නිසා. ඒ ඒ රැකියා නැතුව, අනිත් රැකියාවලට ඉදිරියක් නැති නිසා. රැකියාවන් අතරේ මේ විදිහට පරතරයක් හිටලා තියෙන්නෙ මම කලින් කිව්වා වගේ ධනය සහ සම්පත් හරි විදිහට බෙදිලා ගිහින් නැති නිසයි. හැම රැකියාවකටම එක හා සමාන වටිනාකමක් ඇතිවෙන, සමානාත්මතාවය රජ වෙන දවසක් අපේ රටේ කවදා උදාවේවිද ඉතින්?
ඒ එක්කෙනෙක් කියපු දෙයක්. "සෑහෙන දවසකින් හොද Hire එකක් ගියේ නෑ. මේ දවස්වල අතේ සතේ නැතුව ඉන්නෙ. ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන් මල්ලි. අපායට හරි කමක් නෑ යමු." කියලා තවත් හුග දෙනෙක් මට කියලා තියෙනවා. ඒ වගේම නොකියපු අයත් හුග දෙනෙක් හිටියට කිසිම සැකයක් නෑ.
තව නුගේගොඩ NSBM එකේ ඉන්න කාලෙ, එක කාල සීමාවක පුරුදු වෙලා හිටියා ඒ අවට තියෙන ත්‍රීවිල් කිහිපයක් එක්ක ගෙදර යන්නත්. ඒ අයත් එක්ක ආගිය තොරතුරු, රස බර තොරතුරු ගොඩාක් කතා කළා. ඒ හැම එකක්ම ලියන්න නම් වෙලාව නෑ. එහෙම කතා කරනකොටත්, ඒ හැමෝම වගේ කිව්වෙ, "හොදට ඉගෙන ගන්න" කියලයි. ඒ වගේම "අධ්‍යාපනයට මුල් තැන දෙන්න" කියලයි.
තවත් විශේෂ දෙයක් මතක් වෙනවා මේ වෙලාවෙ. සාමාන්‍යයෙන් අපි ත්‍රීවිල් පදින කෙනෙක් ගත්තම ඒ අය හැමෝම ඉන්නෙ බොහොම සාමාන්‍ය ඇදුමින්. හැබැයි ඒ පැත්තෙ එක්කෙනෙක් ඉන්නවා, එයා ඉන්නෙ හොද විධිමත් ඇදුමෙන් සැරසිලා. හොද කමිසයක් ඇදලා. කළු කලිසමෙන්, කමිසය යට කරලා. Belt එකක් දාලා. මේස් සපත්තු දාගෙන. කොණ්ඩෙ ලස්සනට පීරලා. එයා නම් එයාගෙ රස්සාව හොද ගෞරවනීය රස්සාවක් කරගෙන ඉන්න හැඩයි.

අපේ පැත්තෙ හැම ත්‍රීවිල් රියදුරු මහත්මයෙක්ම මහින්දවාදියෙක්. මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව ඉන්න කිසිම කෙනෙක් තාමත් හම්බුනේ නෑ. හැමෝම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආදරේ. ඒකට බලපාලා තියෙන්නෙ ඒ කාලයේ ගෝඨාබය රාජපක්ෂ මහත්මයා පටන් ගත්තු යෝධ සංවර්ධන වැඩපිළිවෙල. මේ ව්‍යාපෘතිය අපේ ගමේ සහ ගම අවට පළාත්වලත් අතිසාර්ථකව සිද්ධ වුණා. බෙල්ලන්විල, බොරලැස්ගමුව, කටුවාවල, වේරහැර, පැපිලියාන, දෙල්කද, රත්තණපිටිය, විජේරාම වගේ තැන්වල. මේ පළාත්වල ඉස්සර ඉදන්ම පදිංචි වෙලා ඉන්න අය දන්නවා, මේ පැති තිබ්බෙ කොහොමද කියලා. මේ හැම පැත්තක්ම තිබ්බෙ යකාගෙ කටේ. පොඩි වැස්සක් වැස්සත් කුඹුරුවලින් වතුර දාලා, පාර යට වෙනවා. හැම තැනම අහස උසට කුණු ගොඩවල්. වැව්වල, ඇළවල්වල කුණු. පළාතම ගදයි. පාරවල් කෑලි කෑලිවලට කැඩිලා. අලි නාවන වලවල්. වාහන දෙකකට මාරු වෙන්න බෑ. ඒ නිසාම මාර්ග තදබද. පදික වේදිකාවල කැළෑ වැවිලා. වෙළෙන්දො එව්වා අයිති කරගෙන. හැම තැනම දූවිල්ල.
ඉතින් ගෝඨාබය රාජපක්ෂ මහත්මයාගෙ අධීක්ෂණය යටතේ මේ පළාත් මහා පරිමාණයෙන් සංවර්ධනය වුණා. හැම තැනම පාරවල් පළල් කරලා, Carpet කළා. වැහි වතුර බහින්න කියලා අලුතෙන් කුඩා වැව් හතරක් නිර්මාණය කළා. වේරැස් ගග පිරිසිදු කළා. පදික වේදිකා පුළුල් කරලා, ඒ අවට ගස් හිටවලා, ඇවිදින මං තීරු, ඇළ පාරවල් හැදුවා. කුණු සුද්ධ කළා. කුඩා ව්‍යාපාර නගා සිටවලා, 5S ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඉතින් මේ පාරවල්වල නිතරම යන එනකොට, මේ පැතිවල ත්‍රීරෝද රථ මහත්තුරු, මහින්ද සහ ගෝඨාබය සුසංයෝගයේ ප්රශස්ති ගායනා කරනවා. පිං දෙනවා. ඒක හරිම සුලභ දෙයක්.
"බලන්න මහින්ද මහත්තයයි, ගෝඨාබය මහත්තයයි එකතුවෙලා කරපු දේවල්? කොච්චර නම් මේ පාරවල් හදලා, ලස්සන කළාද? ඒත් දැන් තියෙන ආණ්ඩුව මෙලෝ හසරක් කරලා නෑ නෙහ්. එයාලා කරපු ඒවා විවෘත කර කර ඉන්නවා මිසක්. දැන් මේ ලස්සන ආයිත් එන්න එන්න අඩු වෙනවා. දැන් ආණ්ඩුව මේවා ගැන බලන්නෙ නෑ නෙහ්. හොදට තියෙන එව්වත් විකුණ විකුණ ඉන්නවා මිසක්. දැන් ඉන්න අයට කොන්ද පණ නෑ. එහාට මෙහාට වැනෙනවා. දැන් බලන්න උතුරෙ මිනිස්සුන්ටයි, දකුණෙ මිනිස්සුන්ටයි සළකන විදිහ දෙවිදියක් නෙවේද? එයාලගෙ පදවලට නටනවා. විග්නේශ්වරන්ලා ෆෙඩරල් ඉල්ලනවා. ඔය දෙන්නෙ නෑ දෙන්නෙ නෑ, ගෑවට අපිටත් හොරෙන් ඕක දෙන එක දෙනවම තමයි ඉතින්. ප්රභාකරන් එක්ක ගිවිසුම් ගැහුවෙත් හොර රහසෙනෙ. අනික මෛත්‍රිපාලව ජනාධිපති කරන්න දෙමළ සන්ධානෙනුත් උදව් කළා. ඉතින් උන් කියන දේ නාහා ඉන්න බෑ. ෆෙඩරල් දුන්නොත් අපේ රට විනාශ වෙනවා. දන්නවද මොකක්ද ෆෙඩරල් කියන්නෙ කියලා? එයාලට වෙනමම පළාතක් ඉල්ලනවා. ප්රභාකරන්ට යුද්ධ කරලා කරන්න බැරි වුණු දේ, උන් හදන්නෙ ගිවිසුම්වලින් කර ගන්න. වෙනම පළාතක් දුන්නම, ඒ පළාතෙ ක්‍රියාත්මක වෙන්නෙ වෙනමම නීතියක්. වෙනම උසාවි. වෙනම පොලීසි. එකම රට වුණත්, මෙහේ ඉදලා එහාට යන්නත් වෙනම අවසර ගන්න වෙනවා. අපිට නම් දැන් මොනවා වුණත් එකයි. අපි වයසයි. අපි ඉන්නෙ බොහොම ටික කාලයයි. ඒත් ඔයාලා තරුණයි. ඔයාලා තමයි මේ රට භාර ගන්න ඉන්නෙ. ඒ නිසා ඉස්සරහදි හොදට විමසිල්ලෙන් කටයුතු කරන්න ඕන. මේ පාර ඡන්දෙන් වැඩි ප්‍රතිශතයක් හිටියෙ තරුණ ළමයි. එයාලට අත්දැකීම් නෑ. 80ව කාලෙ ගැන එයාලා දන්නෙ නෑ. එයාලා නිකං Internet හම්බ වෙන නිසා ඡන්දෙ දුන්නා. දැන් ඉතින් හුග දෙනෙක්ට තේරිලා තියෙන්නෙ. ඒ නිසා ඔයාලා රට වෙනුවෙන් හරි තීරණ ගන්න ඕන." ඔය එක රියදුරු මහත්මයෙක් ගායනා කරපු ප්රශස්තියක්.

තව දවසක් අයියා කෙනෙක් එක්ක ගියා පැලවත්තෙ අකුරේගොඩ ඉන්න යාලුවෙක්ගෙ ගෙදරකට. එයාගෙ ගෙදරට යන පාරෙ තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අලුත් මූලස්ථානය හදන්නෙ. ඒක හෙනම හෙන විශාලයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙ හදන්න පටන් ගත්තු මහා පරිමාණ ව්‍යාපෘතියක්. ඒ කාලෙ ඒකෙ වැඩ භාගෙට කරමින් තිබුණෙ. අපි මේ යන දවසට කලින් දවසෙ රෑ තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හැම නාලිකාවකම විශේෂ ප්‍රකාශයක් කළේ. ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට තරග කරලා ජයග්‍රහණය කළත්, එයාව අගමැති විදිහට, නම් කරන්නෙ නෑ කියන ප්‍රකාශය. අපි ගියපු ත්‍රීරෝද රථයෙ මහත්තයා, ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානය ළගින් යනවත් එක්කම කට ඇරියා. ඊට පස්සෙ එයයි, අපේ අයියයි අතරේ වුණේ මේ වගේ කතා බහක්.
A = රියදුරු මහත්තයා
B = අපේ අයියා
A = මේ බලන්නකො. කොහොමද? අපේ මහින්ද මහත්තයාගෙ වැඩ නෙහ් මෙව්වා. යුද්ධය ඉවර කරපු අපේ නායකයා. දැන් ඉන්නෙ නිකං පඹයොනෙ. උන් කරයිද මේවා?
B = ඒකනේ. ඒ කාලෙ කොච්චර නම් වැඩ කළාද?
A = ඔව් ඔව්. අපේ රට දියුණු වුණානෙ. දැන් නම් දවසින් දවස පිරිහෙනවා. ඇහුවද ඊයෙ මෛත්‍රිපාලගෙ ප්‍රකාශය? එයා ඒකෙන් තමයි නා ගත්තෙ.
B = මහින්දට දෙන්නෙ නෑ කිව්වනෙ? ඔහොම අයට නම් කවදාවත් හරි යන්නෙ නෑ. ඔය එයා වටේ ඉන්න අය කියන කතානෙ එයා එළියට දාන්නෙ.
A = ඒකනෙ? බලන්න කොච්චර කුහකද කියලා. අනිවාර්යෙන් විස්කි මැඩම්, සතියක් තිස්සෙ මෙයාට හෙන Training එකක් දෙන්න ඇති මෙහෙම කියන්න, මෙහෙම කියන්න කියලා. එකට කාලා බීලා හිටපු අයනෙ. හැබැයි ඕකෙන් මෛත්‍රිපාල නා ගත්තා. දැන් මිනිහා අනිවාර්යෙන්ම බය වෙලා ඇත්තෙ. කරපු මෝඩකම කියලා දැන් කල්පනා කරනවා ඇති. ඕක කිව්වම නිදහස් පක්ෂෙ දෙකට බෙදෙනවනෙ කොහොමත්. දැන් නම් ඡන්දෙ නොදා ඉන්න හිටපු අයත්, මහින්ද මහත්තයට ඡන්දෙ දෙයි.
B = පුදුම ගොන්කමක් නෙහ් තියෙන්නෙ. ඇත්තටම දැන් බයෙන් ඇති. රටේ නායකයා කියන්නත් ලැජ්ජයි.
A = අනිවාර්යෙන්ම. මහින්ද මහත්තයා තමයි නියම ජනාධිපති. තාමත් අපේ ජනාධිපති එතුමා තමයි. ගෝඨයි මහින්දයි දෙන්නා, ජනාධිපතියි අගමැතියි වෙන්න ඕන. එතකොට තමයි රටට හරියන්නෙ. නැත්නම් ඉන්න උන් එක්ක මේක හදන්න බෑ! මහින්ද මහත්තයා දෙයියෙක්.
ත්‍රීවිල් එකෙන් බැහැලා ත්‍රීවිල් එක නොපෙනී ගියපු ගමන්ම, මම අයියාගෙන් ඇහුවෙ එකම එක ප්රශ්නයයි. "දැන් බැරි වෙලාවත් ඒ මනුස්සයා, එක්සත් ජාතික පක්ෂෙ එක්කෙනෙක් නම් මොකද කරන්නෙ?". ඒකට මෙන්න මට හම්බුනු උත්තරේ........ "අනේ මට වැඩක් නෑ මල්ලි. එහෙනං මාත් එක්සත් ජාතික පක්ෂෙ..."

ආරක්ෂාව ගැන කතා කරනවා නම් අනිත් වාහනවලට සාපේක්ෂව හරිම අවධානම් වාහනයක්. තැලිලා පොඩිවෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. ආගම දහමට ගොඩක් නෑඹුරු කෙනෙක් නොවුනත්, අවංකව කියනවා නම් සමහරක් ත්‍රීවිල්වල යනකොට, "දැන් වැදෙයි. දැන් වැදෙයි" කියලා බයෙන් බයේ දෙයියො බුදුන් සිහිකර කර කර යන වෙලාවල් තියෙනවා. එහෙම යනකොට වාහනවලට හැප්පෙන්න ගියපු වෙලාවල් එහෙමත් නැතුවා නෙවේ. අනිත් අතට මිනිස්සු හැප්පෙන්න ගිය වෙලාවල් එහෙමත් නැත්තෙමත් නෑ. පයින් ඇවිදන් යනකොට මමත් පස් පාරක් විතර ත්‍රීවිල්වල හැප්පෙන්න ගිහින් 99න් බේරිලා තියෙනවා. ඒ ඉතින් ඒ අයගේ තියෙන නොසැළකිලිමත්කම නිසා. එයින් දෙපාරක්ම හැප්පෙන්න ගියේ කහ ඉර උඩදි. කහ ඉරත් දැන් හරිම අවධානම්. වාහන නැවැත්තුවම ඉස්සර මිනිස්සු කහ ඉරේ ඇවිදන් ගියාට, දැන් නම් වාහන නැවතිලා තිබුණත්, මිනිස්සු කහ ඉර දිගේ දූවනවා. ඒ තරමට විශ්වාසයක් තියන්න බෑ. විජේරාම කහ ඉර දිගේ නම් ත්රීවීල්වුත් එහාට මෙහාට යනවා. නුගේගොඩ හංදිය පැත්තෙ එක දවසක් ත්‍රීවිල් එකකින් ගෙදර ගියා. ගෙදර යනකන්ම ඒ මහත්තයා ත්‍රීවීල් එක එලෙව්වෙ තනි අතින්. අනිත් අතින් සිකරට් එකක් බිබී තමයි ගියේ. ඒ මදිවට හෙන වේගයෙන් ගියේ. වේගය වැඩි නිසා ඉස්සරහින් පිටිපස්සට එන හුළග ගොඩක් සැරයි. මෙයා කටින් පිට කරන හැම දුමක්ම, ඇවිත් වැදුනෙ මගේ මූණෙ. ගන්ධස්කාරයේ බෑ.
ත්‍රීරෝද රථ ගැන කතා කරනකොට මට මතක් වෙනවා මුලින්ම අපේ ගමට "චූන් පාන්" විකුණන කෙනෙක් ආපු දවසත්. මට මතක විදිහට 2005 හරි 2006 හරි වෙන්න ඕන. අවුරුදු බර ගාණක් තිස්සෙ අපේ ගමට පාන් බෙදන කෙනා ආවෙ බයිසිකලේකින්. ඔය කියන අවුරුද්ද වෙනකොට චූන් පාන් එකකුත් එන්න පටන් ගත්තා. ඉස්සර ඉදන්ම පාන් බෙදපු කෙනාට කලින්, මහා සද්ධෙට ප්‍රසිද්ධ සංගීතෙත් දාගෙන එන නිසා, හැමෝම එයාගෙන් කෑම ගන්න පුරුදු වුණා. අන්තිමේදි බයිසිකලේ එන කෙනාට Business නැතුව ගියා. දවසක් හෙන ඈත ඉදන් චූන් පාන් ත්‍රීවිල් එක පස්සෙන් හඹාගෙන ආපු බයිසිකලෙන් පාන් බෙදන කෙනා, චූන් පාන් ත්‍රීවිල් එක ඉස්සර කරලා, බයිසිකලේ හරහට දැම්මා. එහෙම කරලා ඉතින්, ඉස්සර ඉදන්ම ගමට පාන් බෙදපු එයාගෙ Business නැති කරනවා කියලා හොදටම බැන්නා. කොහොම හරි ටික කාලයක් ගියාම ඒ මිනිහත් බයිසිකලේ අතෑරලා චූන් පාන් ත්‍රීවිල් එකක් පදින්න ගත්තා. දැන් නම් අපිට චූන් පාන් ත්‍රීවිල් වදයක් වෙලා තියෙන්නෙ. මොකද එකම සංගීතය කණ පැලෙන්න දාගෙන, එකම වෙලාවට චූන් පාන් ත්‍රීවිල් 5ක් 6ක්ම යනවා.
මේ අස්සෙ හිනා යන කතාවකුත් මතක් වෙනවා. දවසක් උදේ වැඩට යන්න විජේරාම හන්දියේ බස් නවත්තන තැන හිටියා. එහෙම ඉන්නකොට ත්‍රීවිල් එකක් ආවා. ඊට පස්සෙ ත්‍රීවිල් රියදුරා මෙන්න මෙහෙම කියන්න ගත්තා. " අවිස්සාවෙල්ල. රත්නපුර..... අවිස්සාවෙල්ල. රත්නපුර..... අවිස්සාවෙල්ල. රත්නපුර..... නගින්න නගින්න..... අවිස්සාවෙල්ල. රත්නපුර..... නගින්න..... අවිස්සාවෙල්ල. රත්නපුර..... අවිස්සාවෙල්ල. රත්නපුර..... නගින්න නගින්න..... " ඉතින් එතන හිටපු හැමෝම තක්බීර්වෙලා ඒ දිහා බලාගෙන හිටියා. කවුරුත් ආවෙ නැති නිසා එයා එහෙම්මම යන්න ගියා.
ඔන්න ඔය වගේ අත්දැකීම් තමයි රෝද තුනේ වාහන ගැන තියෙන්නෙ. අමතක වුණු ඒවා ගැන වගේම ඉස්සරහටත් වෙන අත්දැකීම් ගැන එහෙමත් ඉස්සරහට ලියන්නම්. සමහරක් වෙලාවට හිතෙන්න පුලුවන් ත්‍රීවිල්වල පිටිපස්සෙ ගහලා තියෙන සිත් ගන්නා සුළු වාක්‍ය ගැන එහෙම මොකුත් ලියවිලා නෑ නේද? කියලා. ඒක ගැන මතක් වුණත්, ලිව්වෙ නැත්තේ ඒක වෙනමම විෂයක් නිසා....