අයාලේ ගිය සිතක සටහන්
අද සමාජයේ ඉන්න වැඩි දෙනෙක් හරිම කාර්යබහුල අය. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරනවද කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. ඒ තරමටම විවිධාප්‍රකාර වැඩ රාජකාරි. මෙහෙම ඉන්න කොට හිතෙනවා "අනේ ආයිත් පුංචි කාලෙට යන්න ඇත්නම්" කියලා. මොකද ඒ තමයි මිනිස් ජීවිතයේ සුන්දරම සහ රසවත්ම අවධිය. යුතුකම් සහ වගකීම් ඉෂ්ඨ සිද්ධ කරන්න නෑ. අපේ කෙලිලොල් වයස. ඉතින් මේ කියන්න යන්නේ මගේ පුංචි කාලය ගෙවුණු හැටි. සාමාන්‍යයෙන් ළමා අවධිය කියලා කියන්නේ වයස අවුරුදු 18ට පෙර කාලය.
1993 අවුරුද්දෙන් ආරම්භ වුණු මගේ සුන්දර ළමා කාලය මට අහිමි වුණේ වයස අවුරුදු 14දී. ඒ කාලයේ තමයි අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් හම්බුනේ. ඒත් එක්කම තමයි Facebook එක ලෝකය වටේ ජනප්‍රිය වෙන්න ගත්තේ. ඉතින් ළමා කාලයෙන් වැඩි ප්‍රතිශතයක් හරි සුන්දර විදිහට ගත කරන්න ලැබුනු එක ගැන මම හරි සතුටුයි.

ඒ කාලේ අපේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. ඉතින් අප්‍රේල් සහ අගෝස්තු මාසවල දෙන නිවාඩුවට අපි කළේ උදේ නැගිට්ට වෙලාවේ ඉදන්, රෑ වෙනකන්ම වටේ පිටේ ඉන්න අක්කලා, නංගිලා, මල්ලිලා එක්ක ක්‍රිකට් ගහපු එක. එහෙම ක්‍රිකට් ගහන කොටත් අපිටම ආවේණික නීති පද්ධතියක් ගොඩ නැගුණා. ගස් කැච් ඔට්ටු නෑ. බැට් එකේ වදින බෝලෙ කෙලින්ම ගිහින් තාප්පේ වැදුනොත් 6යි. ඉස්තෝප්පු කෑල්ලට බිම දිගේ ගියොත් 4යි. ගෙදරින් එළියට ගියොත් Out. පදුරක් ඇතුළට බෝලෙ ගියොත්, පන්දු රකින්නන්ට සිදු වෙන අපහසුතාවය හේතුවෙන්, පිතිකරු ලකුණු ලබා ගන්නෙ නැතුව ඉන්නත් ඕනි.
ඒ වගේම එක්කෙනෙක්ට බැට් කරන්න විනාඩි 15ක් හම්බුනා. Out වුණේ නැතත් විනාඩි 15 ඉවර වෙනකොට එයා අයින් වෙන්න ඕන. එහෙම කළේ අනිත් අයටත් අවස්ථාව ලබා දෙන්න. මොකද දවස තිස්සෙම Out කර ගන්න බැරි වුණොත් එහෙම? ඉතින් කටු කැරකෙන ඔරලෝසුවක් ගෙනල්ලා තියනවා හැමෝටම පේන විදිහට. ඒ කාලේ අපි ටෙනිස් බෝල 5ක් විතර පාවිච්චි කළා. ගොඩක් ඒවා ගහලා ගහලම දෙකට තුනට පැලෙනවා. සමහරක් ඒවා උඩින් ගිහින් වැටෙන්නේ අහළ පහළ තියෙන ගෙවල් වලට, ළිං වලට, කැළෑ වලට. ඒ නිසා එක බෝලයක් පාවිච්චි කළාට, තව ටෙනිස් බෝල ගොඩක් Stand By තියා ගත්තා.
මේ සෙල්ලම් වලදී අපි තනියෙන් බැට් කරලා, තනියෙන් ලකුණු ගන්න ඕන. වැඩියෙන්ම ලකුණු ගන්න කෙනා තමයි වැඩකාරයා. ගොඩක් වෙලාවට ඉතින් සමහර අය අතිනුත් ලකුණු දාගන්නවා. ඉතින් මුළු දවසෙම රණ්ඩු රණ්ඩු රණ්ඩු ! විකට් දෙකට අපි පාවිච්චි කළේ කනපිට හරවපු ප්ලාස්ටික් බාල්දි දෙකක්. Crease එක ලකුණු කළේ කොහු මිටවල් දෙකකින්. බැට් කරන කෙනා ඉන්නේ ගේට්ටුව ළග. ඉතින් ගේට්ටුව දෙපැත්තෙන් බෝලෙ ගියොත්, ඒක Wide එකක් වෙනවා. අම්මා බිස්කට් සහ බීම අරගෙන එන වෙලාව තමයි Interval එක කියන්නේ. බල්ලා ළගට බෝලය ගියා කියන්නේ ඉතින් මැච් එක Draw.

ඊට අමතරව හැංගිමුත්තන්, අල්ලන සෙල්ලම්, එල්ලේ, Badminton වගේ දේවලුත් කළා. ඒත් ක්‍රිකට් තරම් ජනප්‍රිය වුණු ක්‍රීඩාවක් අපි අතරේ තිබ්බේ නෑ. තව සම්බෝල කැඩුවා. Catch ඇල්ලුවා. ගෙදර ඇතුළේ ඉන්න වෙලාවට කට්ටියම එකතු වෙලා චෙස් ඇද්දා, දාම් ඇද්දා, කැරම් ගැහුවා. චෙස් සහ දාම් වලට වඩා අපි ගොඩක්ම ආස කළේ කැරම් වලට. මොකද ඒකේ දෙන්නෙකුට වඩා සෙල්ලම් කරන්න පුලුවන් නිසා. සැරෙන් සැරේට ලෑල්ල පුරා පවුඩර් දාලා ඇතිල්ලුවා. ගේම ඉවර වෙනකොට ඇගිලිතුඩු, නියපොතු ඔක්කොම රිදෙනවා. Snake & Ladders, Monopoly, Scrabble, Who Am I? වගේ Board Games එහෙමත් ඒ දවස්වල අපි සෙල්ලම් කළා. Card සෙල්ලම් කරපු වෙලාවල් එහෙමත් ගොඩක් තිබුණා. ඒ කාලේ අපි දැනගෙන හිටියේ Joker ගහන්න විතරයි. වැඩක්ම නැති වෙලාවට Cards වලින් අපි පුංචි පුංචි ගෙවල් හැදුවා. ඒක හරිම ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඔක්කොම ටික කඩාගෙන වැටෙනවා. අපි හදපු ගෙවල් ඇවිල්ලා අංග සම්පූර්ණ ගෙවල්. ඒවායේ Garage හිටන් තිබ්බා.
තව තිබුණා මාළු බාන Game එකක්. ඒකට අගට කාන්දමක් හයි කරපු ප්ලාස්ටික් බිලී පිත්තක් තිබුණා. ප්ලාස්ටික් රවුමක හිල් ඇතුළේ චූටි චූටි ප්ලාස්ටික මාළු හිටියා. මෙයාලාගෙ කටවල් ඇතුළේ කාන්දම් හයි කරලා තිබ්බා. මෙයාලා කට අරින කොට, ටක් ගාලා බිලී පිත්තෙන් මෙයාලව ඇදලා ගන්න තමයි තිබ්බේ. තව තිබ්බා විනිවිද පේන ප්ලාස්ටික් පෙට්ටියක්. ඒක ඇතුළට වතුර පුරවලා වළලු වගයක් පාවෙන්න දාලා තිබ්බා. අතරින් පතර වළලු රදවන්න පුලුවන් පොඩි පොඩි කණු තිබ්බා. පෙට්ටියේ හයි කරලා තියෙන බොත්තම එබුවම, යටින් වතුර බුබුළු උඩට එනවා. ඒත් එක්කම පාවෙන්න ගන්න වළලු ටික, ප්ලාස්ටික් පෙට්ටිය එහාට මෙහාට හරව හරව, කණු වලට දාගන්න එක තමයි ඒකෙ තිබ්බ අභියෝගය.
තව තිබ්බා Brick Game කියලත් ගැජට් එකක්. ඒකෙ එහෙම නම ගහලා තිබ්බට Brick Game එකට අමතරව Tanks, Racing Cars වගේ ඒවත් තිබ්බා. ඒකෙ තිබ්බ හැම රූපයක්ම හැදිලා තිබ්බේ චූටි චූටි සමචතුරස්‍ර වලින්.

ඒ විතරක්ද? "ඇයි ගෑණු, පිරිමි, මල්, පළතුරු"? 90 දශකයේ ළමයි අතරත් අති ජනප්‍රිය වුණු, හරිම විනෝදකාමී සෙල්ලමක්. හැබැයි ඉතින් කැතම වැඩේ කියන්නේ මේක කරන අතරේ සමහරු වතුර බොන්න යනවා කියලා කුස්සියට ගිහින්, අපේ අම්මගෙන් උදව් අරගත්තු එක තමයි. දවසක් මට අතටම අහු වුණා. මාත් අතෑරියේ නෑ. එදා මුළු දවසෙම අපේ ගෙදර එකම යුද්ධයක් ! තව තිබ්බා "ටක් ටික් ටුක්" කියලා සෙල්ලමක්. කඩදාසි කෑල්ලක සිරස් සහ තිරස් අතට කොටු 9ක් අදිනවා. එක්කෙනෙක් එක කොටුවක හරියක් අදිනවා. තවත් කෙනෙක් තව කොටුවක බිංදුවක් අදිනවා. එක පේළියකට මුලින්ම හරි 3ක් හෝ බිංදු 3ක් ලියන කෙනා තමයි දිනන්නේ.
යුද්ධයක් කියන කොටයි මතක් වුණේ. ඒ කාලයේ ගොඩක් පිරිමි ළමයි ළග සෙල්ලම් පිස්තෝල තිබුණා. මේ අතරින් ගොඩක්ම ජනප්‍රිය වුණේ 3යි. එකක් තමයි වතුර විදින පිස්තෝලය. අනිත් එක ඇටබෝල පිස්තෝලය. අනිත් එක කාර්ටිස් පිස්තෝලය. ඒ අතරිනුත් ඇටබෝල පිස්තෝලයෙන් සෙල්ලම් කරන එක හරි අමාරු වැඩක්. ඇට බෝල දාලා වෙඩි තියන එක ලේසි වුණාට, එහාට මෙහාට විසි වුණු ඇටබෝල හොයන එක හරිම කරදර වැඩක්.
වතුර විදින පිස්තෝලය ඉතින් ගොඩක්ම පාවිච්චි කළේ අහළ පහළ ඉන්න පූසෝ, කටුස්සො වෙනුවෙන්. ඊට අමතරව ගෙදර හිටපු බල්ලා එක්කත් සෙල්ලම් කළා. එහෙමත් නැත්නම් ඉතින් මල් පැළයක් දිහාවට Aim කරලා වතුර විද විද හිටියා. ඊට අමතරව හිස් Injection සිලින්ඩර් වලටත් වතුර පුරවලා විද්දා. කාර්ටිස් පිස්තෝලෙ පාවිච්චි වුණේ අපේ අක්කලා, නංගිලාව බය කරන්න තමයි. ඒ කාලේ හැටියට කාර්ටිස් පිස්තෝලය කියන්නේ අපිට මාර Magic සෙල්ලම් බඩුවක්.

අපි වැස්ස කාලෙත් උපරිම ප්‍රයෝජන ගත්තා. අද වගේ විදුලි කොටන වෙලාවට Computer, Internet Wire ගලවලා, හොදට පොරවගෙන නිදා ගත්තේ නෑ. ඒ දවස්වල වැස්ස කාලෙට අපි කළේ කඩදාසි බෝට්ටු හදපු එක. එක එක ප්‍රමාණ වලින් බෝට්ටු හැදුවා. සමහරක් එව්වට බෝට්ටු කියන්නත් බෑ. නිකං නැව් වගේ. මේවා හදලා වැස්සත් එක්ක වත්ත පුරාවට ගලාගෙන යන වතුර පාරට, කාණුව දිගේ ගලාගෙන යන වතුර පාරට දැම්මා. ඒකෙන් අපි ලබපු වින්දනය මෙච්චරයි කියලා කියන්න බෑ. කඩදාසි බෝට්ටු විතරක් නෙවේ, ඔය ඔරිගාමි ගැන තියෙන පොත් කියවලා අපි එක එක ජාතියේ එව්වා පාට පාට කඩදාසි වලින් හැදුවා.
වැස්ස පෑව්වායින් පස්සෙ කොච්චර ගලලා තිබ්බත් අපි මිදුළට දුවනවා. එක හේතුවක් තමයි මහා ඝෝෂාවක් වගේ තිබ්බ පරිසරයේ එක පාරටම ඇති වුණු නිහඩතාවය රසවිදින්න. අනිත් එක තමයි සීතල සුළග සහ නැවුම් සුවද. ඒ වගේම වැස්සට පස්සේ පායන දේදුන්න. ගොඩක් වෙලාවට වැහැලා ඉවර වුණායින් පස්සේ අපේ දිහාවේ ලොකූ දේදුන්නක් පායනවා. දේදුන්නක තියෙන ලස්සන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ? සමහරක් වෙලාවල් වලට දේදුනු දෙකක් පායලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේම වැස්ස කාලයට ඉබේ හැදෙන චූටි චූටි හතුවල වර්ණ රටාවන් එහෙමත් දකින්න ගොඩක් ආස කළා.

ඒ කාලෙ තාත්තා කිව්වා "රෑ අහසෙ අපිට පේන්න තියෙන හැම එකක්ම තරු නෙවේ" කියලා. මම ඇහුවා "එහෙනං ඒ මොනවද?" කියලා. තාත්තා කිව්වා "නිවි නිවී පත්තු වෙන්නෙ (දිලිසෙන්නේ) තරු විතරයි. ඒ කියන්නෙ වෙනත් සෞරග්‍රහ මණ්ඩලවල තියෙන, අපේ වගේම ඉරවල්. නිවි නිවී පත්තු වෙන්නෙ නැතුව තියෙන්නෙ ග්‍රහලෝක" කියලා. ඒ කාලෙ මහා රෑ වෙනකනුත් එළියේ සෙල්ලම් කළා. එහෙම කරන කොට හැම තිස්සෙම අහස දිහා තමයි වැඩි හරියක්ම බැලුවෙ.
තාත්තා කියලා දුන්න විදිහට ඉරවල් අතරින් ග්‍රහලෝක වෙන් කරන්න උත්සහා කළා. පුංචි නංගිලා මල්ලිලාටත් ඒ දේවල් කියලා දුන්නා. එයාලා එක්ක තරගෙට ග්‍රහලෝක, ඉරවල් ගණන් කළා මතකයි. ඒ කාලෙ රෑ අහස දිහා බලන කොට හිතුනා "අපි මේ විදිහට ග්‍රහලෝක දිහා බලාගෙන ඉන්නවා වගේම, ඒ ග්‍රහලෝකවල ඉන්න අයත් අපේ පෘතුවිය දිහා බලාගෙන ඇති" කියලා.
ගොඩක් වෙලාවට තාරකා රටා අදුර ගන්න උත්සාහ කළා. පහන් තරුව, උදා තරුව, ඉරබටු තරුව වගේ නම් වලින් හදුන්වන සිකුරු ග්‍රහයව පහසුවෙන් හදුනා ගන්න පුලුවන් වුණා. හද හැරුනු කොට අහසේ දකින්න පුලුවන් දීප්තිමත්ම වස්තුව විදිහට සිකුරු ග්‍රහයාව හදුන්වන්න පුලුවන්.

මට මතකයි තාත්තා ඒ දවස්වල මට කුරුම්බැට්ටි මේෂිමක් හදලා දුන්නා. ඒ වයසට ඒක කරකව කරකව ඉන්න එකත් හරිම ජොලි වැඩේ. තව හුළගට කරකැවෙන පාට පාට කොළවලින් හදපු හුළං පෙති එහෙමත් තිබුණා. සබන් බෝල පුම්බන එකත් 90 දශකයේ ළමයි ගජරාමෙට කළා. ගොඩක් වෙලාවට ඒකට ගත්තේ, ඒ වෙනුවෙන්ම ප්ලාස්ටික් වලින් හදලා තියෙන දේවල්. සමහරක් ගස්වල පිතිවලිනුත් සබන් බෝල පුම්බපු අවස්ථා එහෙමත් තිබුණා. ඒවායෙන් සබන් බෝල එළියට ගන්න නම් මාර පිඹිල්ලක් පිඹින්න ඕන.
ඒ කාලේ විනෝදාංශ අතින් ගොඩක් අයගේ විනෝදාංශය වුණේ මුද්දර එකතු කිරීම. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඒකෙ ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් පරම්පරාවන් හරහා වගේම පාසල් හිතමිතුරන් හරහාත් දේශීය සහ විදේශීය මුද්දර හුවමාරු වුණා. ඒ දවස්වල ගෙදරට ලියුමක් එනකන් අපි හිටියේ ඇගිලි ගැන ගැන. ඉතින් වෙසක් කාලෙට, අවුරුදු කාලෙට අපිට වැඩ කෝටියයි. ඊටත් අමතරව හුගක් ළමයි පොත් කියවන්න පුරුදු වෙලා හිටියා. පින්තූර සහ චිත්‍ර තියෙන පොත්වලටත් වඩා ගොඩක් ළමයි ප්‍රිය කළේ පින්තූරු නැති, අකුරු විතරක් තියෙන ලොකු ලොකු පොත් කියවන්න. චිත්‍රකතා පොත් අතරින් ළමයි අතරේ ජනප්‍රිය වුණේ ටිංටිං පොත් සෙට් එක විතරයි. මිහිර සහ විජය පත්තර දෙක තමයි ඒ දවස්වල ළමා ලෝකයේ රජ කරපු පත්තර වුණේ. තව චිත්‍ර එහෙමත් ඇන්දා. ඒ දවස්වල අපි සෙල්ලම් කරපු ටීක් බෝල නම් අද කාලේ දකින්නවත් නෑ.
පිකාසෝලා නොවුණට දිය සායම් පෙට්ටිවලට ගොඩක් ආස කළා. එහෙම පෙට්ටියක් ඇරියම ඒවායේ තිබ්බ දියසායම් කුඩුවල පාට, ඒවායේ සුවද තාමත් මතකයි. ඒ දවස්වල අම්මා නෙළුම් අල පෙති විදිහට කපලා දුන්නා. ඉතින් මම කළේ ඒවා දිය සායම්වල එක එක පාටවල්වලින් පොගවලා, කඩදාසි කොළවල අච්චු තියපු එක.
අපේ වත්තේ ලොකූ පළතුරු ගස් කිහිපයක්ම තිබුණා. ඉතින් පළතුරු වාරෙ එනකොට මුළු වත්තම ලස්සන වෙලා. ජම්බු, නාරං, අඹ වගේ පළතුරු කැඩුවේ කෙක්කකින්. පේර ගහේ පේර කැඩුවේ ගහ උඩට නැගලා.

ඒ කාලේ Video Games ආපු අලුත. මහන්සි වෙලාවට අපි කළේ Video Games සෙල්ලම් කරපු එක. එදා අතිජනප්රියම සෙල්ලම වුණේ Super Mario Game එක. Tank කියන එකත් නිතරම ගැහුවා. මොකද ඒකෙ දෙන්නෙකුට සෙල්ලම් කරන්න පුලුවන් නිසා. තව ගොඩක් ඒවා ගැහුවා. ඒත් ඒවායේ නම් මතක නෑ. Racing Cars එව්වා කිහිපයක්ම සෙල්ලම් කළා මතකයි.
|
|
|
අපේ ටයි මාමා සහ අතුල රන්සිරිලාල් මාමා අපි වෙනුවෙන් කාටූන් මාලාවක්ම හඩ කවලා විකාශය කෙරෙව්වා. ඇත්තටම ඒ කතා වලින් අපේ ජීවිත වලට ලොකූ ආදර්ශ සමුදායක් ලැබුණා. ඒවායේ තේමා ගීත වුණත් අකුරක් අකුරක් ගානේ අර්ථාන්විත වුණා. ඒවායෙන් මොකක් හරි පණිවිඩයක් අපිට දුන්නා. මේ නිසා ටිංටිං, දොස්තර හොද හිත, බෲම්, ඉගුරු පාන් මල්ලියා, සෝරෝ, කැස්පර්, පන් පසිදුවන්, වලස් මාමා, පිස්සු පූසා, ඇපල් ආධිපාදතුමා, කාබාසිනියාතුමා, කූඹිච්චි, ජැක් සහ බෝංචි වැල, සැගවුණු ලෝකය, ගලිවර්ගේ චාරිකාව, Alice In Wonder Land, Round The Twist, Crash Zone, හයිලෑන්ඩර්, ටොම් සහ ශීනා, රොබින්සන් කෲසෝ, කෝලි කුට්ටු සහෝදරයෝ, ලැසී, හා හා හරි හාවා, රොබින්සන් අන්දරය, නයිල් නදියේ කුමරිය, මායා බන්ධන, ඔෂීන්, රොබින්හුඩ්, Silver Shadow, සක්වල දගයෝ, ඇලඩින්ගේ පුදුම පහන, පුංචි ඇත් පැටවා, සුරූපී සහ විරූපී, මල්ගුඩි දවස, හිම කුමරිය, දියකඩඉම, අතුරු මිතුරු, ර.ස.ර, අහළ පහළ, පිනෝකියෝ, Sesame Street වගේ ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් දේවල් විකාශය වුණා.
ජාතික රූපවාහිනියෙන් එහෙම වෙනකොට, සිරසෙන් ජනප්‍රිය වුණා පුංචි කැළේ කියන කාටූන් එක. ඊට පස්සේ සූරවීර සෑම්, සූර පප්පා, තොත්ත බබාලා, ටිංටිං, දගයා, පැංචා, කවුද බෝයි, Thunder Cats, G.I Joe, Mummies Alive, Beast Machines, Biker Mice, අපි රජ ඉබ්බෝ වගේ කාටූන් එහෙමත් කරලියට ආවා. 1997/98 වගේ කාලයේ සිරසෙන් විකාශනය කළා "ජෝන් රෝස්" කියලා කතාවක්. කුණාටුවකට අහුවෙලා මුහුදු බත් වුණු නැවක කට්ටියක් සූලු රටට ගිහින්, එහේදී මුහුණ දෙන්න වෙන අත්දැකීම් ගැන තමයි ඒ කතාව පුරාවටම තිබුණේ. ජෝන් රෝස් කියන්නේ නැවේ හිටපු Cabin Boyට. පුංචි පැංචි වැඩසටහනත් පොඩි අයට ගොඩක් උචිතයි. ITN එකෙන් ගොඩක්ම ජනප්‍රිය වුණේ Night Rider, Amazon, Relic Hunter, Zack Files, Incredible Hulk සහ Lost World කියන හය. තව සෙල්ලම් ගෙදර එහෙමත් ගොඩක් ජනප්‍රිය වුණා. හැම අගහරුවාදා දවසකම වරද්දන්නේ නැතුව හරිම ආසාවෙන් බැලුවා. පොඩි පොඩි අයගේ, ලොකු ලොකු වැඩ ! උස සෙරෙප්පු සපත්තු දාගෙන, සාරි ඇදගෙන, ටයි කෝට් ඇදගෙන, රැවුල් ඇදන්, මූණ පුරා ලිප්ස්ටික් - මේකප් දාලා, බලද්දිත් හිනා යනවා. ඒත් ඉතින් අන්තිමට ඒක කෙලවර වෙන්නේ මොකක් හරි ජරමරයකින්. එතකොට හසන්ත හෙට්ටිආරච්චිගෙ අටපට්ටම?
ආහ්! තව එකක්! ජාතික රූපවාහිනියෙන් තවත් ජනප්‍රිය වුණු එකක් තමයි Art Attack කියන එක. ඒකෙන් අපේ නිර්මාණාත්මක කුසලතා ගොඩක් වර්ධනය වුණා. අපිත් ඒකෙ කරන ඒවා උත්සාහ කරලා බැලුවා. ගොඩක්ම ආස කළේ ඒකෙ අන්තිම විශේෂාංගයට. ඒක ඉදිරිපත් කරන කෙනා අහක දාන කුණු ගොඩවල් වලින්, එක එක කෑලි බෑලි අරගෙන නිර්මාණයක් කරනවා. අන්තිම මොහොත වෙනකන්ම අපි දන්නෙ නෑ මොකක්ද හදන්නෙ කියලා. මොකද ඒ නිර්මාණය පේන්නේ උඩු ගුවනට විතරයි.
ඒ කාලයේ Channel Eye එකෙන් පැය 24ම වගේ Discovery පෙන්නුවා. ITN එකෙන් හවසට National Geography පෙන්නුවා. මේ අතරේ ස්වර්ණවාහිනියෙන් ජනප්‍රිය වුණා සිල්වාන් කියන කාටූන් එක. ඊට අමතරව Ocean Girl කියන කතාව. ඇයි හපන් පැදුර? හැම සෙනසුරාදාවකම හවස නොවරදවාම බලපු වැඩසටහනක්. Woody Woodpecker, ITN එකෙන් වගේම Art Tv එකෙනුත් පෙන්නුවා. Art Tv එක එන්න කලින් තිබ්බේ Dynavision කියලා Channel එකක්. ඒ කියන්නේ 90 දශකයේ. ඒකෙ හැමදාම හවස 4.00ට චූටි ළමයි වෙනුවෙන්ම හදපු ඉංග්‍රීසි කාටූන් විකාශය කළා.

ඒ කාලේ අහළ පහළ ඉන්න කාත් කවුරුවත් නැති බලු පැටවුන්ට අපි කෑම දුන්නා. ගොඩක් වෙලාවට දුන්නේ පාන් කෑලි, පාන් වාටි, බිස්කට් වගේ දේවල්. බත් එහෙමත් ඉදලා හිටලා දුන්නා. අපේ ගෙදරින් එයාලට දෙන සංග්‍රහය තරම් සංග්‍රහයක්, අපේ පාරේ කිසිම ගෙදරකින් එයාලට හම්බුනේ නෑ. ඒ නිසා එයාලා අපිත් එක්ක ගොඩක් හිතවත් වුණා. කොච්චර හිතවත් වුණත් එයාලව මිදුල ඇතුළට ගන්නවත්, අත පත ගාන්නවත් ගියේ නෑ. ගේට්ටුවේ ඩ්‍රිල් එක අස්සෙන් තමයි අපි එයාලට පාන් කෑලි, බිස්කට් වගේ දේවල් දුන්නේ. මේ නිසා එයාලා හැමතිස්සෙම වගේ හිටියේ අපේ ගෙදර ගේට්ටුව ඉස්සරහා. අපි කොහේ හරි ගියත්, ටික දුරක් යනකන් අපේ පස්සෙන් එන්නත්, කොහේ හරි ඉදන් ගෙදරට එනකොට අපිව පිළිගන්නත් එයාලා බලාගෙන හිටියා. අපේ එක්කෙනා වත්ත ඇතුළෙ ආරක්ෂාවට ඉන්නකොට, තාප්පෙන් එළියේ අපේ ආරක්ෂාවට හිටියේ එයාලා.
මුලින්ම හිටියේ බලු පැටව් 5ක් හරි 6ක් හරි. ඒ අයට මම එක එක නම් දැම්මා. ඒ එයාලගේ හැසිරීම බලලා. එක්කෙනෙක්ට දැම්මා "දගදාස" කියලා. එයාව බැලුවොත් කොච්චරවාත් දාංගලේ. හරිම දගයි. එයා තමයි එතන හිටපු අයගෙන් වේගයෙන්ම නැට්ට වැනුවේ. එයා දුඹුරු පාටට හුරුයි. එයා අපේ ගේට්ටුව යටින් රිංගලා එන්න හරි දස්සයා. තව එක්කෙනෙක්ට දැම්මා "හොදදාස" කියලා. එයා හරි හොදයි. ගාණට මිම්මට ඉන්නවා. එයාට තමයි එතනින් ලස්සනම ඇස් දෙක තිබ්බේ. එයා සුදු පාටයි. තව කළු පාට එක්කෙනෙකුත් හිටියා. එයාට දැම්මා "අහිංසක" කියලා. එයා කාටවත් කරදරයක් නෑ. එයාගේ පාඩුවේ ඉන්නවා. ඔය විදිහට කිහිප දෙනෙක්ම හිටියා. අපේ එක්කෙනා නැති වුණාට පස්සේ එයා වෙනුවෙනුත් (පිං පිණිස) අපි මෙයාලට සමහරක් සමහරක් දවස් වලට කෑම දුන්නා. මෙයාලගෙන් පස්සේ මෙයාලගේ පැටවුන්ට, මෙයාලගේ පැටවුන්ගෙන් පස්සේ, පැටවුන්ගේ පැටවුන්ට ආදී වශයෙන් පරම්පරා ගණනාවකටම අපේ ගෙදරින් නානාප්‍රකාර සංග්‍රහයන් හම්බුණා.
ඒ කාලේ මටම කියලා ලොකු වගාවකුත් තිබ්බා. ඒක දානකොට වයස අවුරුදු 9ක් ඇති. අපේ මිදුලේ කොනට වෙන්න පොඩි ඉඩ කොටසක, කම්බි වැටක් ගහලා තමයි ඒක වෙන් කළේ. ඇතුල් වෙන්න තිබ්බේ පුංචි කඩුල්ලකින්. වතුර බහින කාණුත් මමම කැපුවා. ඒ කාලයේ ඉස්කෝලෙ ගිහින් ආපු වෙලාවේ ඉදන් පුංචි උදැල්ලත් අරගෙන මම කළේ වගා වැඩ. තක්කාලි, මිරිස්, වට්ටක්කා, කරපිංචා, නිවිති, මඤ්ඤොක්කා, වම්බටු, ගොටුකොළ, ඉගුරු වගේ ගොඩාක් එළවළු පළතුරු ජාති මමම තනියෙන් හිටෙව්වා. එව්වට වතුර දාලා දරුවො වගේ තමයි එව්වා රැක්කේ. ඉඩම සුද්ද කළෙත් මමමයි. ඉතින් ඵලදාව එන කාලෙට මගේ ඉහේ මලක් පිපුණා වගේ තමයි. ඊට අමතරව කූඩලු මල් වගාවකුත් තිබ්බා. රතු පාට, තැඹිලි පාට, දම් පාට ආදී වශයෙන් හැම පාටකින්ම කූඩලු පැළ තිබුණා. ඒක හෙන විශාලෙට පැතිරිලා ගියා. එක උදලු පාරක් ගැහුවම ගැඩවිල්ලු පොකුරු පිටින් මතු වුණා. ඒ තරමටම පස සාරවත්.
ගොඩක් වෙලාවට වගාව පාළු වුණා නම් ඉතින් ඒකට වගකියන්න ඕන ගොළුබෙල්ලො තමයි. ගොළුබෙල්ලො එන එකට කළේ පාත්තිය පුරාවටම ලුණු කැට ඉහපු එක. ගොළුබෙල්ලෝ වැඩි වෙනකොට, ඊට සාපේක්ෂ වශයෙන් අපේ වත්තට එන ඇටිකුකුළෝ ප්‍රමාණයත් වැඩි වුණා. ඉතින් සමහර කාලවල්වල අපේ වත්ත ගොළුබෙලි සුසාන භූමියක් වගේ. ගොළුබෙලි කටු හැම තැනම. ඒවා තිබුණෙත් එක එක ප්‍රමාණ වලින්. ගොඩක් ඒවායේ කටුව හරිම දුර්වලයි. වැස්ස කාලයට තවත් ගොළුබෙල්ලො ජාතියක් එනවා. එයාලට කියන්නේ හම්ගොල්ලො කියලා. එයාලට කටුවක් නෑ. රබර් එක වගේ හමක් විතරයි තියෙන්නේ. තව ගොළුබෙල්ලො ජාතියක් හිටියා රවුම් කටුවක් තියෙන. අරගොල්ලොන්ට සාපේක්ෂව මෙයාලගෙන් වගාවට හානියක් වුණේ නැති තරම්.

අපේ වත්තේ ගොඩක් සමනල්ලු හිටියා. වැඩියෙන්ම හිටියේ කළුපාට තටු තියෙන, තැඹිලි පාට ඇගක් තියෙන සමනල වර්ගය. එයාලගේ පිහාටුවල සුදු පාට තිත් දකින්න පුලුවන්. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ තනි සුදු සහ තනි කහ සමනල්ලුත් සුලභව දකින්න හිටියා. වර්ණ රටා තියෙන යෝධ සමනල්ලු හිටියත්, එහෙම අය හිටියේ එක කාලෙකට විතරයි. දළඹු වර්ග ගත්තොත් සාමාන්‍යයෙන් දකින්න ඉන්න කළු පාට පුංචි බූල් බූල් තියෙන දළඹුවන්ට අමතරව එක එක මෝස්තර තියෙන, එක එක පාටවල් වලින් දළඹුවො හිටියා. යෝධ දළඹුවොත් ඉදලා හිටලා දකින්න හිටියා. එයාලා තමයි ලස්සනම දළඹුවො. එයාලගෙ ඇගේ බූල් (බූව) තිබ්බේ නෑ.
ඒ විතරක් නෙවේ. අපේ වත්තේ හකරැල්ලෝ ජාති 2ක් හිටියා. සුලභව දකින්න ඉන්න දුඹුරු පාට අයයි, කළු පාට ඇගේ කහ පාට තිත් තිත් තියෙන අයයි. බත් කූරෝ වර්ග කිහිපයක්ම දකින්න හිටියා. තව ඔය ලස්සන Lady Bird කුරුමිණියෝ එහෙමත් පේන්න හිටියා. එයාලා ගොඩක්ම හිටියේ වැස්ස කාලෙට.

වත්තේ පිටියේ වැඩ කරන කොට නිතරම දකින්න හම්බුණු කූඹි වර්ග තුනක් ඉන්නවා. ඒ තමයි කඩියෝ, දිමියෝ සහ නයි කූඹි.
ඉතින් අපේ වගාව නිසා මේ වගේ සත්තු අවට ගැවසුනා. මේ සත්තු නිසා ගොඩක් මකුළුවොන්ට හරි වාසියි. අපේ වත්තේ ගස්වැල් අතර මකුළු ජාති කිහිපයක්ම හිටියා. ඒ අය ගෙවල් ඇතුළේ ඉන්න මකුළුවන්ට වඩා ගොඩක් වෙනස්. සමහරක් මකුළුවන්ගේ ඇගේ වර්ණය ගස්වල අතු සහ පොතුවල වර්ණයට සමානයි. ඒ නිසා එයාලාව ලේසියෙන් ඇස ගැටෙනවා අඩුයි. සමහරක් මකුළුවන්ගේ ඇගේ පාට ගොඩයි. එක එක පාට. හරියට තොරණක් වගේ. තව හිටියා සුදු පාට මකුළුවො ජාතියක්. එයාලට තියෙන්නේ කකුළුවෙක්ගෙ පෙනුමක්. එයාලගේ පිටිපස්ස කොටස මිනිහෙකුගේ මූණකට සමානයි. මේ මකුළුවො ගෙවල්වල ඉන්න අය වගේ මකුළු දැල් හදන්නේ නෑ. එයාලා ඔහේ ගස්වල පොතු අස්සේ, මල්වල පොහොට්ටු අස්සේ තමයි ජීවත් වෙන්නේ.
අපේ වත්තේ තාප්පේ අයිනේ ලොකූ අඹ ගස් දෙකක් තියෙනවා. ඒ දෙකම තියෙන්නේ එක ළග. තාප්පේ අනිත් පැත්තේ පාර. පාරෙන් එහා පැත්තේ ගෙදරත්, අපේ වගේම ලොකූ අඹ ගස් දෙකක් එක ළග තිබුණා. අපේ අඹ ගස්වල අතුයි, ඒ අඹ ගස්වල අතුයි උඩදි එකට එකතු වෙලා වියනක් වගේ හැදිලා තිබ්බා. ඒ නිසා අපේ සහ එයාලගෙ මිදුල් වලට වගේම, පාරේ යන එන අයටත් ගොඩාක් හෙවන සහ සිසිලස දුන්නා. එහා වත්තේ ඉදලා අපේ වත්තට එන්නත්, අපේ වත්තේ ඉදලා එහා වත්තට යන්නත් මේ අඹ ගස් ටික ගුවන් පාලමක් විදිහට පාවිච්චි කරපු සත්ව කොට්ඨාශයක් තමයි ලේන්නු කියන්නේ. අඹ ගස්වල හැම අත්තකම වගේ කුරුළු කූඩුවක්, ලේන් කූඩුවක් තිබුණා. මේ නිසා සමහරක් වෙලාවට උඩින් වැටෙන කුරුළු පැටව්, ලේන් පැට්ව්ව බලාගන්න රාජකාරිය පැවරුනෙත් අපිට. දවස් දෙක තුන යනකන් ඇස් ඇරලවත් නැති ලේන් පැටව්, කුරුළු පැටව් අපි බලාගත්තේ කවලා පොවලා.
අපේ අම්මා අඹ ගහේ යට අතු දෙකක් අස්සේ පොඩි ලෑල්ලක් ගහලා තිබුණා. ඉතින් හැමදාම උදේට අම්මා පාන් කෑලි, බත් ගුලි වගේ දේවල් ඒකට දැම්මා. මේ නිසා උදේ වරුවට ගොඩක්ම අහළ පහළ ඉන්න ගිරව්, දෙමලිච්චෝ, ලේන්නු අපේ වත්තට එකතු වුණා. උදේට ඉස්කෝලෙ යන්න වෑන් එක එනකන් මම මිදුලට බැහැලා කළේ, මෙයාලා කෑම කන හැටි බලන් හිටපු එක. එයාලගේ හැසිරීම් රටවාන් එහෙමත් නිරීක්ෂණය කළා. මාල ගිරව් තමයි ගොඩක්ම ආවේ. ලේන්නු කෑම කන විදිහ, කුරුල්ලන් එක්ක ගැවසෙන විදිහ, පරිසරය ගැන අවධානයෙන් ඉන්න හැටි, එයාලගෙ වලිගයේ, ඇස්වල චලනයන් ගැනත් මම ගොඩාක් නිරීක්ෂණය කළා. ඉතින් උදේ වරුවට කෑම නොදැම්මොත්, මෙයාලා මුළු පළාතම දෙවනත් වෙන්න කෑ ගගහා ඉන්නවා. ඊට අමතරව දවල් වරුවට, හවස් වරුවට එහෙමත් කෑම ජාති දැම්මා.

මේ අයට අමතරව පොල්කිච්චෝ, සූටික්කෝ, බට්ටිච්චෝ, කොණ්ඩ කුරුල්ලෝ, කහ කුරුල්ලෝ, අළු කොබෙයියෝ, පැණි කුරුල්ලෝ, මයිනෝ, කාක්කෝ, වඩු කුරුල්ලෝ අපේ වත්තේ නිතරම ගැවසුනා. අළු කොබෙයියාගේ පෙනුම පරවියාගේ පෙනුමට ගොඩක් සමානයි. ඒ දවස්වල ඉදන්ම අපේ ගෙදර එළියේ ලීයක කොබෙයියෝ කූඩුවක් බදින්න පුරුදු වෙලා හිටියා. සාමාන්‍යයෙන් කොබෙයියො එක වතාවකට බිත්තර 2ක් දානවා. පැටව් ලොකු වෙනකන්ම එකට ඉන්නවා. ඊට පස්සෙ මෙයාලා යන්න යනවා. ආයිත් ටික කාලෙකට පස්සේ කොබෙයියා ඇවිත් ආයිත් කූඩුවක් හදලා බිත්තර දානවා. පැටව් ලොකු වෙනකන් ඉන්නවා. ආයිත් මෙයාලා යනවා. ආයිත් ටික කාලෙකට පස්සේ කොබෙයියා එනවා. ඔය විදිහට හිසේ කෙස් ගාණට මෙයාලා පරම්පරා ගාණක් යනකන් අපේ ගෙදර හිටියා. මෙයාලා වෙනුවෙන් අපි වත්ත පුරා බජිරි ඇට ඉස්සා.
කටුස්සෝ ගැන කතා කරනවා නම් එක එක විදිහේ කටුස්සෝ ගොඩක් පේන්න හිටියා. සමහරු ප්‍රමාණයෙන් ලොකුයි. සමහරු හරිම පුංචියි. අවට තියෙන පරිසරයට ක්ෂණිකවම අනුවර්ථනය වීමේ හැකියාව නොහොත් පාට මාරු කිරීමේ හැකියාව නිසා මෙයාලව බැලූ බැල්මට පේන්නේ නෑ. ඒ වගේම මෙයාලට හරිම වේගයෙන් දුවන්න පුලුවන්. ඒ දවස්වල කටුස්සෙක් දැක්කම, මම ඌව අල්ලගන්න ඌගේ පස්සෙන් දුවනවා. එහෙමත් නැත්නම් හැංගිලා ඉදලා ඌව අල්ලගන්න ඌ ඉස්සරහට පනිනවා. ඒත් කවදාවත් කටුස්සෙක්ව අල්ලගන්න වුණේ නෑ. අපි එක අඩියක් තියෙනකොට, කටුස්සා ගව් ගාණක් ඈතට ගිහින්. කටුස්සෙක් දැක්කම මම මුලින්ම බැලුවේ ඌගේ ඇස් දෙක දිහා. එයාලට තිබ්බේ මාළුවෙකුගේ වගේ එහාට මෙහාට කරකවන්න පුලුවන් විශාල ඇස් දෙකක්.
නිදිකුම්බා පැළවල කොළ අල්ලන එකත් එක්තරා ආකාරයකට හොද සෙල්ලමක් වුණා ඒ කාලෙ. නිදිකුම්බා කොළේ නිදාගන්න හැටි (මැලවෙන හැටි) බලන්න අපි ගොඩක් ආස කළා. ඒක ඒ කාලෙ පුංචි වයස්වල හිටපු අපිට හරිම පුදුමාකාර දෙයක් වුණා. නිදිකුම්බා මලත් හරිම ලස්සනයි. කොච්චර ලස්සන වුණත්, මේවා එක්ක පරිස්සමෙන් සෙල්ලම් කරන්න අපි වග බලා ගත්තා. ඒ ඉතින් කවුරුත් ඒ පැළ ගැන කියලා දීලා නෙවේ. අපේම අත්දැකීම්වලින්.

අපේ ගෙදර පිටිපස්සේ තිබ්බේ මහා ඝන කැළෑවක්. පේන තෙක් මානෙක ගෙයක් තිබ්බේ නෑ. මිනිහෙක් පේන්න හිටියේ නෑ. අක්කර ගාණක් යනකන්ම ඈතට විහිදිලා තිබ්බේ මහා ඝන කැළෑව. මේ නිසා කැළෑවේ ඉන්න තලගොයි, කබරගොයි, ඉබ්බෝ, කැළෑ මීයෝ, නයි, ගැරඩි, සර්පයෝ එහෙමත් අපේ වත්තට නිතර නිතර ආවා.
අපේ ගෙදර පිටිපස්සේ තාප්පයක් නෑ. ලොකු දැලක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා, අපේ පුංචි වගාවේ වැඩ කරලා ඉවර වෙලා, මහන්සිය නිවා ගත්තේ කැළෑව දිහා බලාගෙන ඉදලා. දැල ළග වාඩි වෙලා කැළෑව දිහා බලාගෙන ඉන්නකොට සිතට වගේම ගතටත් ලොකු සනීපයක් දැනුනා. අපේ ගෙදර ඉඩමයි, කැළෑවයි මැද්දෙන් පොඩි ඇලක් ගලාගෙන යනවා. මේ ඇල ගලාගෙන එන්නේ එගොඩවත්තේ තියෙන කුඹුරු වලින්. එහෙම එන ඇලේ වතුර, පිල්ලෑව සහ බෙල්ලන්විල පැතිවල තියෙන කුඹුරු වලට ගලාගෙන යනවා. ඇලේ චූටි චූටි මාළු හිටියා. එයාලා ගැන නම් කියන්න මතකයක් නෑ. ඊට අමතරව ගොඩක් ඉස්ගෙඩියො හිටියා. ඇල සම්පූර්ණයෙන්ම වගේ පිරිලා තිබ්බේ දිය හබරල වලින්.
මේ ඇල නිසා ඇල වටේට ලොකූ ජෛව විවිධත්ව පද්ධතියක් ගොඩ නැගුනා. ඇල වටේ තියෙන ගස්වල නිතරම සුදු කොක්කු, පිළිහුඩුවෝ, කොරවක්කෝ, දුඹුරු කොක්කු වගේ කුරුල්ලෝ ජාති නිතරම පේන්න හිටියා. කොරවක්කා කියන්නේ බියගුළු පක්ෂියෙක්. මෙයා නිතරම ආවරණය වෙලා ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නෙ. නිතරම පදුරු අස්සෙන්ම තමයි එහා මෙහා යන්නේ. ඇල ගාවින්ම වගේ කීරල්ලුත් ගැවසුනා. එහෙම හිටියේ රත් යටි මල් කීරලා. එයාලා හිටියේ රංචු වශයෙන්. එයාලා වැඩිය කෑ ගහන්නේ නෑ. කෑ ගහනවා නම් කෑ ගැහුවේ ලොකු වැස්සක් ළග එනකොට. වැස්සක් එහෙම වැස්සම ඇලේ වතුර ප්‍රමාණය සහ ගලා යන වතුරේ වේගය වැඩි වෙනවා. එහෙම වෙනකොට දිය හබරල එහෙම ගැලවිලා ගිහින්, ඇල සුද්ද වෙනවා. මේ ඇල දිගේ එහා මෙහා යන කබරගොයි ජෝඩුවක් හිටියා. එයාලා ගියායින් පස්සෙ ඇලේ වතුර ගන්න දෙයක් නෑ. ඔක්කොම බොර වෙනවා. වැහි කාලෙට දියකාවොත් එක්කෙනෙක්, දෙන්නෙක් එහෙමත් පේන්න හිටියා. හැබැයි බොහොම කලාතුරකින්.
ඇලට එහායින් තියෙන කැළෑව ගැන කතා කරනවා නම් කැළෑවේත් කුරුලු වර්ග ගොඩක් හිටියා. ඒ අතර දුර්ලභව දැක ගන්න ලැබුණු කුරුල්ලෙක් විදිහට පොරෝ කෑදැත්තාව නම් කරන්න පුලුවන්. එයාලා සංචාරක පක්ෂි විශේෂ. තව හිටියා කවුඩෝ. කවුඩාගේ විශේෂත්වය තමයි අනිත් සත්තුන්ගේ හඩවල් අනුකරණය කරන්න පුලුවන් වීමේ හැකියාව. එහෙම අනුකරණය කළෙත් ඒ ඒ සතාගේ වයස් වලට අනුව. ඒ නිසා එයා දකින දකින සත්තුන්ගේ කට හඩවල් අනුකරණය කළා. මේ නිසා කවුඩාව ප්‍රචලිත වෙලා තියෙන්නේ අහිංසක සත්තුන්ගේ දිවි බේරන්නෙක් විදිහට. උදාහරණයක් විදිහට කවුඩා පූසෙක් වගේ කෑ ගැහුවම, අනිත් සත්තු තේරුම් ගන්නවා අහළ පහළ පූසෙක් ඉන්නවා කියලා. මේ නිසා එයාලා ආරක්ෂා වෙන්න පියවර ගන්නවා.
මේ කැළෑවේ සුදු රෙදි හොරු වගේම සිවුරු හොරුත් ඒ කාලේ නිතරම ගැවසුනා. මේ දෙන්නටම දිග වලිගයක් තිබුණා. සුදු රෙදි හොරා සුදු පාටයි. සිවුරු හොරා දුඹුරු පාටයි. දෙන්නගෙම මූණ පිරිමි කොණ්ඩ කුරුල්ලෙකුගේ වගේ. සිවුරු හොරා කියන්නේ, සුදු රෙදි හොරාගේ දෙවෙනි අවධිය කියලා හදුනාගෙන තියෙනවා. මෙයාලා අද ආසාවටවත් දකින්න නෑ. තව රතු කෑරැල්ලු හරියට හිටියා. පොලොස් කොට්ටෝරුවෝ, රත් මූණත් කොට්ටෝරුවො එහෙමත් හිටියා. අප්‍රේල් මාසය පුරාවටම කොහාගේ හඩ අහන්න ලැබුණත්, කොහා කියන්නෙත් නිතරම පේන්න හිටපු පක්ෂියෙක්. කොහා වගේම කෙවිලියොත් පේන්න හිටියා. කෙවිලියගේ කටහඩ කොවුලාගේ කටහඩට (කොහා) වඩා සැරයි. ඒ වගේම මිහිරි නෑ. හරිම අමිහිරියි. කනට හරිම අමාරුයි. මම කලින් කිව්ව කහ කුරුල්ලා, පොරෝ කෑදැත්තා වගේම කොවුලා කියන්නෙත් සංචාරක පක්ෂියෙක්. දුර බැහැර රටවල්වල ඉදලා අපේ රටේ සංචාරය කරන්න එන කොවුලන්ගෙන් කිහිප දෙනෙක්, ඒ රටවල්වල ශීත සෘතුව ඉවර වුණත්, ආයිමත් ඒ රටවල්වලට යන්නේ නැතුව අපේ රටේම නතර වෙනවා. එයාලා තමයි අපේ රටේ අවාරෙටත් පේන්න ඉන්නේ.

මෙයාලා හිටියේ තනි තනිව. කණ්ඩායම් වශයෙන් හිටපු සත්තු ගත්තම හෝතම්බුවෝ, වදුරෝ වගේ අය ඉදිරියෙන්ම ඉන්නවා. හෝතම්බුවෝ කෑ ගහනවා ඇහුනට, හැම තිස්සෙම පේන්න ඉන්නේ නෑ. මෙයාලගේ රංචුවක හෝතම්බුවෝ 5ක් 6ක් විතර ඉන්නවා. ඒ දවස්වල කැළෑවේ පැලපදියම් වෙලා හිටපු වදුරු රංචුවේ වදුරෝ 20ක්වත් ඉන්න ඇති. ලොකු අය වගේම, පුංචි පැටව් එහෙමත් හිටියා. ඉතින් කැළෑවේ වදුරො ගස් උඩට වෙලා ඉන්නකොට, අවුරුදු කාලෙට අරගෙන ඉතුරු වෙලා තියෙන බඹරචක්කර එහෙම තිබ්බොත්, පත්තු කරලා උඩට විසික් කරනවා. බඹරචක්කරෙන් එන පුංචි සද්ධය, දුම, ගින්දර නිසා ගොඩක් වදුරො කලබල වෙනවා. සමහරක් අය බිමට පැනලත් දුවනවා.
රෑට කැළෑවෙන් ගෙම්බන්ගේ සද්ධ, රැහැයියන්ගේ සද්ධ එහෙමත් ඇහෙනවා. ඒ විතරක් නෙවේ. මේ කැළෑවේ හිවල්ලු රංචුවකුත් හිටියා. හිවල්ලුන්ගේ හූව (කෑ ගැසීම), අපේ ගමේ ඒ දවස්වල රෑට ඇහුනු සුලභ සද්ධයක්. එහෙම කෑ ගහපු වෙලාවට මුළු ගමේම බල්ලෝ හුග වෙලාවක් යනකන් උඩු බුරනවා. හිවලා කියන්නේ නරියට වඩා පුංචි සතෙක්. හැබැයි නරියා වගේම භයානකයි. ඉදලා හිටලා කැළෑවෙන් මතු වුණු සතෙක් විදිහට කලවැද්දාව මතක් කරන්න පුලුවන්. දැන් වගේ නෙවේ. ඒ කාලෙ කනාමැදිරියො හිසේ කෙස් ගාණට පේන්න හිටියා මහා රෑ වෙනකොට. ඉතින් අපි සෙල්ලමට කළේ කනාමැදිරියොන්ව අල්ලලා බෝතල් ඇතුළේ, ෂොපින් මළු අතරේ දාපු එක (ටික වෙලාවකට පස්සෙ ආයිත් නිදහස් කරනවා). ඉතින් කනාමැදිරියො ගොඩක් එකතු වුණාම, ඒ බෝතල්, ෂොපින් බෑග් හරියට වෙසක් තොරණ් වගේ. ඒ වගේ අහිංසක වැඩවලින් පුංචි අපි, කියා ගන්න බැරි තරම් ලොකු වින්දනයක් ලැබුවා.
කැළෑවේ මායිමේ තිබ්බේ එගොඩවත්තේ කුඹුරු. ඒ කුඹුරුත්, ගොවියෝ මහන්සියෙන් වැඩ කරන හැටිත් හීනියට පෙනුනා. කුඹුරු අස්වද්දන කාලෙට එයාලගේ මී හරක් ටික කැළෑවේ ගැට ගැහුවා. මී හරක් 50කට වඩා හිටියා. ලොකු අය වගේම පැටව් එහෙමත්. හවසට කුඹුරු වැඩ ඉවර කරලා, මෙයාලව කැළෑවේ ගැට ගහනවා. ආයිත් උදේ පාන්දර මෙයාලගෙන් කිරි දොවලා, කුඹුරු වැඩ වලට අරන් යනවා. ඉතින් මහ රෑ පුරාවටම මෙයාලගේ සද්ධ තමයි ඇහුනේ. පෙළක් දවස් වල ගොවියො ඒ මී හරක්ව කුඹුරු වලට අරන් ගියේ ඇළ දිගේ. මොකද ඇළ කෙලින්ම කුඹුරු වලටම යන නිසා, ඇළ මාර්ගය දිගේම ගියාම බාධක අඩුයි.
අපේ ගමේ මිනිහෙක් හිටියා. එයාටත් හරක් පට්ටියක් තිබුණා. හරක් 5ක් 6ක් වගේ. වහු පැටියෙකුත් හිටියා. ඉතින් කුඹුරු අස්වද්දන්නෙ නැති කාලෙට එයාගේ හරක් තමයි කැළෑවේ ගැට ගහලා ඉන්නේ. එයාලා කරන්නේ දවසෙම තණකොළ කකා ඉන්න එක. පුංචි කාලේ එයාලව බලන්නත් මම ගොඩක් ආස කළා. අපේ ගෙදර එහා පැත්තෙන් ගියත්, මෙහා පැත්තෙන් ගියත් පිටිපස්සේ තියෙන කැළෑවට ඇතුල් වෙන්න පුලුවන්. ඉතින් කොයි පැත්තෙන් මේ හරක් ටික කැළේ ඉදන් එළියට ආවත් මම එයාලව බලන්න, අපේ ගේට්ටුව ගාවට දුවනවා. කැළෑවේ මායිමේ කුඹුරු තිබ්බ නිසාමද කොහෙද කැළෑවේ වී කුරුල්ලෝ රංචු එහෙමත් හිටියා. තව කැළෑවේ හෙන විශාල රුක්-අත්තන ගහක් තිබුණා මතකයි.

කැළෑවේ අහස ගැන කතා කරනවා නම් අහසේ නිතරම පේන්න හිටියා පරෙවියෝ රෑනක්. මෙයාලට හුගාක් උසින් උකුස්සෝ දෙතුන් දෙනෙක් රවුමට කැරකි කැරකි හිටියා. හවස අහස අලංකාරවත් වුණේ V හැඩයට පියාඹගෙන යන කොක්කු රෑනකින්. අගෝස්තු, සැප්තැම්බර් කාලෙට කැළෑවේ අහසේ සරුංගල් කිහිපයක්ම දැක ගන්න ලැබුණා. ඒ එගොඩවත්ත පැත්තේ කුඹුරු යායවල්වල ඉදගෙන සරුංගල් අරින ළමයින්ගේ සරුංගල්. කැළෑව තිබ්බේ නැගෙනහිර පැත්තෙන්. ඒ නිසා උදේ වරුවේ ඉර මතුවෙන දර්ශනය හරිම සුන්දරයි. හවසට ඉර බැස්සේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. ඒ දිශාවේ අහස හවස් වරුවට රත්තරං පාටයි. හරිම ලස්සනක් තියෙන්නේ. පෙළක් වෙලාවට අහසේ ලස්සන වළාකුළු රටාවන් සුදු පාටට මැවුණා. ටික ටික කළුවර වෙනකොට අහසේ විශාල ප්‍රමාණයේ ලොකු ලොකු වවුලෝ රංචු පිටින් යනවා. කැළෑව ඇතුළේ නම් පේන්න ඉන්නේ කිරි වවුලෝ. ඉදලා හිටලා බස්සොත් පේන්න ඉන්නවා.
රත්මලානේ ගුවන් තොටුපලට නුදුරින් සහ ගුවන්යානා ගමන් කරන මාර්ගයේ අපේ ගෙදර තිබ්බ නිසා හෙලිකොප්ටර්, ජෙට්, ප්ලේන් එහෙමත් හුගක් වෙලාවට එහා මෙහා ගමන් කළා. ඒ කියන්නේ දවසට 5 වතාවක් වගේ. ඒවා බලන්න මොන වැඩේ තිබ්බත් අපි ගෙදර ඇතුළේ ඉදන් එළියට දුවගෙන ආවා. ඒවා ගියේ අපිට අල්ලන්න පුලුවන් තරම් පහළින්. හරියට අවට තියෙන ගස්වල ගෑවී නොගෑවී වගේ. ඊට අමතරව කිලෝ මීටර් ගාණක් දුර අහසෙත් ප්ලේන් යනවා එනවා දැක්කා. ඒවා පෙනුනේ හෙන චූටියට.
ඔහොම තමයි ඉතින් ගමේ ජීවිතය. හරිම සුන්දරයි. ගමේ සුවද වගේම, ගමේ ගදත් තිබුණා. ගමේ පිං ළිද තියෙන්නෙ අපේ ගෙදර පිටිපස්සෙ. ගමේ නිර්ධන පාන්තිකයෝ නාගන්න, ඇදුම් හෝදගන්න එහෙම එන්නේ මේ ළිදට. ඉතින් අනන්තවත් ගමේ ගෑණුන්ගෙ කසුකුසුව ඒ දවස්වල නිතරම ඇහුනා. වැඩිහරියක් ඉතින් ඕපදූප තමයි. ගන්න දෙයක් නෑ. එයාගෙයි මෙයාගෙයි ඇදකුද ගැන තමයි. ගමේ ගොඩක් වලි, රණ්ඩු සරුවල් ඇති වුණෙත් මෙතනම තමයි. සමහරු බැන ගන්නවා. සමහරු මරා ගන්නවා. දවසක් ලොකු රණ්ඩුවක් ගියා. අන්තිමේදි ඒ රණ්ඩුවට පැටලුණු මිනිස්සු ගඩොල් කෑලි, ගල් කෑලිවලිනුත් ගහන්න පටන් ගත්තා.

ඉස්සර අපේ ගෙදර මාළු ටැංකියක් තිබුණා. මාළු ටැංකියක් බලා කියා ගන්න එකත් හරි ජොලි වැඩේ. කුරුල්ලන්ගෙන් පරිස්සම් කරන්න ඕන. සැරෙන් සැරේට වතුර පිරිසිදු කරන්න ඕන. මාළුන්ට කෑම දාන්න වගේම, එයාලගේ ලෙඩ දුක් ගැනත් බලන්න ඕන. මාළු ටැංකියේ ලොකූ ස්කැවෙන්ජර් මාළුවෙක් හිටියා. තව චූටි එකෙකුත් හිටියා. මාළු ටැංකියට කාලෙන් කාලෙට එක එක ජාතියේ මාළු ගෙනත් දැම්මා. ගෝල්ඩ් ෆිෂ්, ඒන්ජල්ස්, ප්ලේන්ටිස් වගේ අයව තමයි දැනට මතකයේ තියෙන්නේ. සමහරක් වෙලාවට මාළු ටැංකියේ මාළු දිහා හුගාක් වෙලා බලන් හිටියා. ඒක මනසට හරි සැහැල්ලුවක්.
උත්සව කාල ගත්තොත් ගොඩක්ම ආස කළේ වෙසක් කාලෙට. අද නම් තියෙන කාර්යබහුලත්වය නිසා කඩෙන් සැකිල්ල අරන් සව්කොළ අලවනවා. එහෙම අලවන්නෙත් අම්මා. ඒත් ඒ දවස්වල උණ බට ගෙනල්ලා, ඒවා කපලා, තාත්තා එක්ක එකතු වෙලා කූඩු හැදුවා. අටපට්ටම්, තරු, බිලිං වගේ කූඩු. තව බුද්ධ චරිතය නිරූපණය කරන කොඩි වැල් හැදුවා. බුදු රැස් මාලා හයි කළා. සමහර ඒවායේ LED බල්බ් පත්තු වෙනවා. සමහර ඒවායේ පුංචි ෆෑන් එකක් හයි කරලා, රැස් මාලාව කැරකෙන්න දැම්මා. ඒ කාලේ හැමදාම බුදුන් වැන්දා. ඔක්කොම ගාථා ටික කියලා ඉවර වෙනකොට දන්නෙම නැතුව පැයක් විතර ගිහින්. හැම පෝයටම ඒ කාලේ පන්සල් ගියා.
අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දට ආත්තම්මා සීයා බලන්න ගාල්ලේ ගියා. එහෙම ගියේ පරණ ගාලු පාරේ. අද වගේ අධිවේගී මාර්ග තිබ්බේ නෑ. ඉතින් පැය 4ක 5ක ගමනක්. එහෙම යනකොට ඇසිපිය ගහන්නේ නැතුව මුහුද දිහා බල බලා තමයි ගියේ. මුහුදු රැල්ල ගොඩ බිමට ඇවිත් වදින හැටි, රැල්ල මැද්දෙදි ඇඹරිලා යන හැටි, කොළ සහ නිල් පාටවල් වලින් මිශ්‍ර වෙලා යන හැටි බලන්න ආස කළා. අවුරුදු දවසේ ලිප ගිනි මෙලෙව්වේ ගඩොල් කැට තුනක් උඩ තියපු කිරි මුට්ටියකින්. නිලා, බබර චක්කර පත්තු කළා. රතිඤ්ඤා, චීන පටස්, අහස් කූරු වගේ දේවල් හරි හරියට ආශ්‍රය කළා.
හැම මාසෙකම වගේ වේදිකා නාට්‍ය දෙකක් විතර බලන්න ගියා. ඒ අතරේ කාලගෝල, එලොව ගිහින් මන් ආවා, හිම කුමරිය, තොප්පි වෙළෙන්දා, සිංහබාහු, නරිබෑනා, මධුර ජවනිකා, සුභ සහ යස වගේ වේදිකා නාට්‍ය තාමත් මතකයේ තියෙනවා.

කැසට් එකක් සහ පෑනක් අතර තියෙන සම්බන්ධය ගැන අපිට වඩා දන්න අය ඉන්න විදිහක් නෑ. ඒ කාලේ VHS එහෙමත් හරියට පාවිච්චි වුණා. කැසට්වල එපා කරපු එකම දේ තමයි, ටේප් එක ගැලවිලා එළියට එන එක. Video Game (Tv Game) වලට වෙනම කැසට් ජාතියක් තිබුණා. තව තිබ්බා Walkman. අද කාලේ ගොඩක් අය ජංගම දුරකතන වලින් කර ගන්න ඒවා, අපි ඒ කාලේ කළේ Walkman වලින්. ඒවට කැසට් දාලා සිංදු ඇහුවා. තව හිස් කැසට් වලින් පටිගත කිරීම් එහෙමත් කළා. තව Pocket Radio එහෙමත් පාවිච්චි වුණා.
Floppy Disks එහෙමත් නැත්නම් Diskettes ගැන නම්, දැන් ඉන්න ගොඩක් ළමයි දන්නේ නැතුවත් ඇති. ඒ කාලේ හැම ගෙදරකටම Computer තිබ්බේ නෑ. ඒ කාලේ Computer Games තිබ්බ යුගයක් නෙවේ. ඉතින් අපි සෙල්ලම් කළේ Microsoft එකෙන් දීලා තියෙන Games ටික. Card Games වලට අමතරව Bow & Arrows, Pin Balls, Mines වගේ ඒවත් අපි සෙල්ලම් කළා. දැන් කාලේ අය පාවිච්චි කළේ නැති වුණාට ඒ කාලේ අපි අතරේ ජනප්‍රිය වෙච්ච එකක් විදිහට Ms Paint නම් කරන්න පුලුවන්.
ඒ කාලේ තිබ්බ Mouse වල යට තිබ්බේ පොඩි බෝලයක්. මේක නිතරම සුද්ධ කරන්න ඕන. සමහරක් වෙලාවට ගැලවිලා රෝල් වෙලා යන වෙලාවලුත් තිබ්බා. Monitor එක මාළු ටැංකියක් තරමටම ලොකුයි. Internet පාවිච්චියට වෙනම Card තිබ්බා.

අද කාලේ වගේ Computer Games සුලභව තිබ්බේ නැති නිසාමද කොහෙද, ඒ කාලේ අපි අතරේ පාවිච්චි වුණේ දැනුමක් ලබා ගන්න පුලුවන් අධ්‍යාපනික දේවල්. උඩ තියෙන්නේ ඒ කාලේ මම පාවිච්චි කරපු Dinosaur Hunter කියලා එකක ආරම්භක ගීතය. මේක ඒ කාලේ පාවිච්චි කරපු අය අතරේ ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්. ඒකෙ තිබ්බේ ඩයිනෝසෝරයන් ගැන දේවල්. ඇත්තම කිව්වොත් ඒකෙ තිබ්බ හැම කරුණක්ම විශ්ව විද්‍යාල මට්ටමේ දේවල්. ඒත් ළමයින්ට තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට තමයි නිර්මාණය කරලා තිබ්බේ. Nature කියලා එකකුත් නිතරම පාවිච්චි කළා. ඒකෙ තිබ්බේ අප්‍රිකාවේ කැළෑ ගැන. පින්තූර එකතු කරලා අංශක 360ම බලන්න පුලුවන් වෙන විදිහට තමයි ඒක හදලා තිබ්බේ. හරිම නිර්මාණශීලී එකක්. සත්තු 150ක් ගැන ඒකෙ තිබ්බා.
Game සෙල්ලම් කළත් එහෙම සෙල්ලම් කළෙත් මොකක් හරි දැනුමක් ලබා ගන්න පුලුවන් ඒවා. Jump Start, I Love Spellings, I Love Science, Clue Finders, Amazing Animals, Learn To Speak English, Hoyle Word Games වගේ ඒවා තාමත් මගේ මතකයේ තියෙනවා. ඒ කාලේ අපේ Wikipedia එක වුණේ Encarta සහ Britannica කියන දෙක. ඒවා තමයි ඒ කාලේ අපේ විශ්වකෝෂ. ඒවායේ ලිපි වගේම පින්තූර සහ වීඩියෝ එහෙමත් තිබ්බා. මේ දෙකට අමතරව Encyclopedia Of Nature, Animals Encyclopedia, World Atlas වගේ ඒවත් මම පාවිච්චි කළා. ඒ දවස්වල Encyclopedia පොත්, දැනුම මිනුම පොත් එහෙමත් ගොඩක් ළමයි පාවිච්චි කළා.

හැම අවුරුද්දකම මුල් සතියේ SLT එකෙන් බෙදුවා Yellow Pages කියන පොත. ඒක හෙන බරයි. ඒකෙ තමයි අපේ රටේ හැම දුරකතන අංකයක්ම සටහන් වෙලා තිබුණේ. මට මතක විදිහට පොත් දෙකක් බෙදුවා. එකක් පෞද්ගලික දුරකතන අංක. අනිත් එකේ තිබුණේ සමාගම් සහ ආයතනවල දුරකතන අංක. ඉතින් ඕක හම්බුනු වෙලාවේ ඉදලා, මෙලෝ සිහියක් නැතුව අපේ සහ අපි දන්න අදුරන අයගේ දුරකතන අංක හොයපු එක තමයි කළේ.
හොයනවා කිව්වම තවත් දේවල් කිහිපයක්ම මතක් වෙනවා. ඒ කාලේ අපි පාවිච්චි කළේ කඩදාසි සිතියම් කොළ. අද වගේ GPS, Google Maps තිබ්බේ නෑ. ඉතින් දුර ගමන් යනකොට පාරේ නැවති නැවති තමයි ගියේ. ගොඩක් වෙලාවට පාරවල් පටලවගත්තු, වරද්දගත්තු අවස්ථා අනන්තයි. අප්‍රමාණයි. ගමනාන්තයට කිට්ටු වෙනකොට හොදටම ප්‍රමාද වෙලා. ඒ වුණාට ඒකත් හරිම විනෝද වැඩක්. Atlas වගේ සමාගම්වලින් ගැහුවා ලෝක සිතියම් පොත්. පුංචි කාලේ අපි කළේ යාලුවොත් එක්ක තරගෙට රටවල් හොයපු එක. එක්කෙනෙක් මොකක් හරි රටක නමක් කියනවා. සිතියම් පොතේ තියෙන සිතියමෙන්, එක්තරා කාල සීමාවක් ඇතුළත අනිත් අය ඒ රට හොයන්න ඕන. සිතියම් පොත්වල පිටිපස්සේ තිබුණා, ලෝකයේ රටවල්වල ජාතික කොඩි. අපි ඒ කොඩිවලිනුත් අර සෙල්ලමම කළා. ඒ නිසා අදටත් අපිට ගොඩක් රටවල්වල ජාතික කොඩි මතකයි.

ඒ කාලේ වචන වලින් කරපු සෙල්ලම් එහෙමත් තිබුණා. "බස්" කියන සෙල්ලමෙන් තමයි අපි ගණන් චක්කරේ පාඩම් කළේ. සෙල්ලමට සහභාගී වෙන අය පිළිවෙලින් 1 ඉදලා ගණන් කරගෙන යනවා. 5 වරක් චක්කරේ අදාළ කරගෙන යනවා නම්, 5න් බෙදෙන ඉලක්කමක් එන එක්කෙනා, ඒ ඉලක්කම නොකියා, "බස්" කියලා කියන්න ඕන. වැරදිලාවත් ඉලක්කම කිව්වොත් එයා සෙල්ලමෙන් ඉවත් වෙනවා. ඒක වේගෙන කියාගෙන කියාගෙන යන්න ඕන. ඒ නිසා හිත හිතා ඉන්න වෙලාවක් නෑ. "කළු අවතාරේ" කියලත් සෙල්ලමක් තිබුණා. "කන්ද උඩින් එන කළු අවතාරෙට අපි බය වෙමුද?" කියලා සෙල්ලමට සහභාගී වෙන අයව ගණන් කරගෙන යන්න ඕන. අන්තිම වචනෙන් නැවතුන එක්කෙනා මොකක් හරි ගමක නමක් කියන්න ඕන. "කොළඹ" කියලා කිව්වොත්, ඒ ළමයාගේ ඉදන් ඉස්සරහට ගණින්න ඕන "ඒ ළමයා කිව්වේ කොළඹ කියලයි" කියලා. අන්තිම වචනෙන් නැවතුන එක්කෙනා තවත් ගමක් කියන්න ඕන. ඔය විදිහට සෙල්ලම යනවා, ගමක් මතක් කර ගන්න බැරුව හැමෝම තරගයෙන් ඉවත් වෙලා යනකං. තව තියෙනවා. ඇයි "ඔව් නෑ බෑ" සෙල්ලම? ගීතයෙන් ගීතයත් ඒ දවස්වල අපි හරි හරියට කළා. හස්ථ මුද්‍රාවෙන් කරපු සෙල්ලමක් වුණු Rock, Paper, Scissor කියන ජනප්‍රිය සෙල්ලම, අදත් සමහරක් ළමයි කරනවා දැකලා තියෙනවා. පෙර පාසල් කාලයේදී නම් කළේ "කන් කන් බූරු" සෙල්ලම තමයි ඉතින්. තව අපි සෙල්ලම් ගෙවල් හදපු කාලෙකුත් තිබුණා. ගොඩාක්ම පුංචි කාලෙ "කිරි කිරි බෝලේ" සෙල්ලම කළා මතකද? ඇයි අතුරු මිතුරු දබදිවතුරු? තේරවිලි අහපු කාලෙකුත් තිබ්බා. තේරවිලිත් වර්ග කිහිපයක් තිබුණා. තුන් තේරවිලි තිබුණා. තව තේරවිලි කවි තිබුණා.
ඒ කාලේ අපි කරපු තවත් සෙල්ලමක් තමයි "රහස් කෝච්චිය" කියන්නේ. කට්ටිය එක පේළියකට ඉන්නවා. එක කෙළවරක ඉන්න කෙනෙක්, එයාගෙ ළග ඉන්න එක්කෙනාට රහසක් කියනවා. ඒ රහස එයා ඊළග එක්කෙනාටත්, ඊළග එක්කෙනා එයාගෙන් පස්සෙ ඉන්න එක්කෙනාටත් ආදී වශයෙන් කියාගෙන කියාගෙන එනවා. අන්තිමටම ඒ රහස අහන එක්කෙනා, හැමෝටම ඇහෙන්න ඒ රහස හයියෙන් කියනවා. ඕක තමයි "රහස් කෝච්චිය". මේකෙ තියෙන මිහිරිම දේ තමයි, මැද හරියට එනකොට එක එක්කෙනා රහස තමන්ට ඕන විදිහට වෙනස් කරන එක. ඉතින් මුල්ම එක්කෙනා "ගමරාල වමනෙ දැම්මා" කිව්වම, ඒක එක එක්කෙනාගෙ කටින් කියාගෙන ගිහින්, අන්තිම එක්කෙනාට එන්නෙ "ගමරාල කපුටො හතක් වමනෙ දැම්මා" කියලා. අන්න ඒ වගේ. ඉතින් ගොඩක් වෙලාවට රහස ඉවර වෙන්නෙ, ඒ පේළියේම ඉන්න එක්කෙනෙක් ගැන මොකක් හරි හිනා යන වාක්‍යකින්. ඔය අස්සෙ "ගුටි පාස්" එහෙමත් කළේ නැතුවාම නෙවේ.

ඉතින් මේ තමයි අපේ සුන්දර ළමා කාලය. අපි ළමා කාලයෙන් වැඩි හරියක්ම හැදුනේ වැඩුනේ අපි අවට තිබ්බ පරිසරය එක්ක. දැනට මතක් වෙන්නෙ මේ ටික තමයි. ඒ වගේම අද ගොඩක් වැඩිහිටියෝ පම්පෝරි ගහන්නත්, අපිව අවඥාවට ලක් කරන්නත් පුරුදු වෙලා ඉන්නවා ඒ අයගේ සුන්දර ළමා කාලය ගැන කියවමින්. ඉතින් ඒ අය අනිත් දවසේ අපේ ළමා කාලයේ දුක්මුසු බව ගැන කියන්න කලින් දෙතුන් වතාවක් පොඩ්ඩක් හිතන්න ඕන. ඒත් එයාලා හිතනවා නම් අපිට සුන්දර ළමා කාලයක් තිබ්බේ නෑ කියලා, ඒකට වගකියන්නත් ඕන එයාලම තමයි. මොකද එයාලා අපිට සුන්දර
|
ළමා කාලයකට අවශ්‍ය කරන පරිසරය සකස් කළේ නැති නිසා. අනිත් එක තමයි තරගකාරී අධ්‍යාපන ක්‍රමය.
ඉතින් මේ ලිපිය කියවලා ඔයාලත් ඔයාලගේ සුන්දර ළමා කාලයට පිය මනින්න ඇති කියලා හිතනවා. මේ ලිපිය කියවලා විතරක් ඉන්නේ නැතුව, ඔයාලාගේ සුන්දර ළමා කාලය ගැන මතක් කරලා, අත්දැකීම් සහ මතකයන් කිහිපයක් පහළින් ලියන්න. මේ ආරාධනාව ළමා කාලයක් තිබුණු අයට වගේම ළමා කාලයේ ඉන්න අයටත් වලංගුයි. ලොකු පොඩි භේදයක් නෑ..!!!!!!
මේ ලිපියට නම දැම්මේ අප අතරින් වෙන්වුණු තිස්ස අබේසේකර ශූරීන් ලියපු පොතකින්. ඒ නිසා මේ මාතෘකාවේ හිමිකාරීත්වය තිස්ස අබේසේකරයන් සතු වෙනවා ඇති. ලිපියේ ගොඩක් වෙලාවට "අපි" කියන එකෙන් අර්ථවත් කරලා තියෙන්නේ "මම" කියන වචනය. ගොඩක් වෙලාවට මගේ අතින් මම කියලා ලියවෙනවා අඩුයි. ඒ කාලයේ කියලා හැදින්නුවේ 1997ත් 2005ත් අතර කාලේ. ඒ කියන්නේ මගේ අවුරුදු 4ත් 12ත් අතර වයස.
ප.ලි -
01. අවසාන පින්තූර එකතුවට සහ පින්තූර ගැලරියට යොදා ඇති ඡායාරූප කිසිවක් මා සතු නොවන අතර ඒවායේ හිමිකාරීත්වය මුල් නිර්මාණකරුවන් සදහා හිමි වනු ඇත (2015.03.27)
02. කැළෑවක් කිව්වට මේ කැළෑව හැදිලා තිබ්බෙ, ප්‍රයෝජනයට අරගන්නෙ නැතුව අතෑරලා දාලා තියෙන ඉඩම් ගණනාවක එකතුවකින්. 2005 වෙනකොට, මේ ඉඩම් ඔක්කොම ප්‍රසිද්ධ සමාගමකින් අරගෙන, සුද්ද බුද්ද කරලා, ගොඩ කරලා, කට්ටි කරලා, විකුණුවා. ඉතින් හය හතර නොතේරෙන කාලෙ ඉදන්ම ගෙදර පිටිපස්සෙ තිබ්බ ඒ සුන්දර කැළෑව, 2005න් පස්සෙ නැතිවුණා. ගස් කොළන් කැපුනා. භූමියත් නැති වුණා. ඒත් එක්කම ඇලත් හිර වුණා. වතුර එන එක ටික ටික අඩුවෙලා, හිදිලා ගියා. වතුරත් නැති නිසා ඇළ පාර, දියහබරලවලින් වැහිලා ගියා. සත්තු ඔක්කොම ටික යන්න ගියා. ඒ කාලෙ දුර්ලභව දකින්න හිටපු සත්තු දැන් නෑ. ඒ කාලෙ සුලභව දකින්න හිටපු සත්තු, දැන් දුර්ලභ සත්තු වෙලා. දැන් තමයි අලුත් කතාව කියන්න හදන්නෙ. මේ අලුත් ඉඩම්වලින් අපේ ගෙදර ළගම තියෙන ඉඩම් දෙක ආයිත් අතෑරලා දාලා. දැන් ඒ ඉඩම් දෙකම එකට එකතුවෙලා, ලදු කැළෑවක් විදිහට පරිවර්තනය වේගෙන එනවා. ඒක නෙවේ හොදම ආරංචිය. ඊයෙ පෙරේදා දවසක ආණ්ඩුවෙන්, මේ ඇල ආයිත් සුද්ද කළා. දියහබරල ගලවලා, යටට හාරලා, හිරවුණු තැන් අයින් කළා. දැන් ඇළ පාර, විවෘතවෙලා. ඒ අස්සෙ මෙහාට ධාරාණිපාත වැස්ස. ඉතින් ආයිත් වතුර ගලාගෙන යන්න පටන් අරන්. වතුර මට්ටමත් ටිකක් වැඩිවෙලා. මේ ඔක්කොම අලුත් වෙනස්කම් සහ සාධක නිසා, මේ දවස්වල ඇල වටේට, ඒ කාලෙ මම දැකපු ගොඩක් කුරුල්ලො ජාති රංචු පිටින් එකතුවෙලා ඉන්නවා. සුදු කොක්කු, දියකාවො, කොරවක්කො, කීරල්ලු, පිළිහුඩුවො, දුඹුරු කොක්කු වගේ ජලාශ්‍රිතව ඉන්න කුරුල්ලො ජාතීන්ගේ වැඩිවීමක් තියෙනවා. උන් ගිනි ගහන අව්වෙත් ඇලේ ඉදගෙන, එක එක සත්තු ජාති අල්ලනවා. ආයිත් වැස්ස නැතිවෙලා, අව්ව වැඩි වුණු කාලයක, මේ ඇල හිදිලා දියහබරලවලින් වැහිලා යාවි. ගෙයක් හදාගන්න ඕන වුණු කාලෙක, ඉඩම් අයිතිකාරයො කැළේ සුද්ද කරලා, ගෙයක් හදාවි. එතකොට ආයිත් මේ ජෛව විවිධත්ව පද්ධතිය නැති වෙනවා. ඒත් පුංචිම පුංචි කාලෙකට හරි, මේ ජෛව විවිධත්ව පද්ධතිය ආයිත් හැදුනු එක ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. මොකද මේ ජෛව විවිධත්ව පද්ධතිය ආයිත් මම දකින්නෙ සහ ආයිත් නිර්මාණයවෙලා තියෙන්නෙ අවුරුදු 12කට පස්සෙ. ඉතින් සති අන්තයේ නිවාඩුපාඩු වෙලාවෙ, මේ පුංචි කැළේ දකින්න හම්බවෙන සත්තුන්ව ඡායාරූපගත කරන්න හිතුනා (2017.09.16)