ඉසිපතනාරාමය සොයා
ඉසින්බැස්සගල රජමහා විහාරය ගැන ගවේෂණ අංක 10 ලිපියේ විස්තරයක් සටහන් කළත්, මේ ස්ථානය ගැන වෙනම ලිපියකින් ලියන්න හිතුනා. ඒකට හේතු පාදක වුණේ මේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන්, මේ විහාරස්ථානය ගැන කියපු දීර්ඝ කතාව. මේ ස්ථානය ගැන අපි මුලින්ම දැන ගත්තේ 2014 අවුරුද්දේ ජනවාරි මාසයේ. ඒ මැදවච්චිය හරහා A9 පාරේ ගමනක් යනකොට. 2014 අවුරුද්දේ මේ ස්ථානය ගැන දැන ගත්තත්, මේ ස්ථානයේ සංචාරයක නිරත වෙන්න අවස්ථාවක් ලැබුණෙ 2016 අවුරුද්දේ.
මේ විහාරය පිහිටලා තියෙන්නේ අඩි 530කටත් වඩා උස, විශාල ගල් තලාවක් උඩයි. ඒත් මේ ගල් තලාව නගින්න ඒ තරම්ම අමාරු නෑ. මොකද ගල් තලාවේ හැම තැනම ස්වභාවිකව හෑරුණු වලවල් තියෙනවා. ඒවා උපකාරයෙන් ගල් තලාව තරණය කරන්න පුලුවන්. ටික දුරක් යනකොට තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු, කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයක් හම්බ වෙනවා. මේ ප්රතිමාවත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට ගල් පඩිපෙලක් හම්බ වෙනවා. මේ ගල් පඩිපෙල නැග්ගම තමයි මේ විහාරස්ථානයට පිවිසෙන්න ලැබෙන්නෙ.
පිවිසෙන ස්ථානය දෙපැත්තේ ප්‍රතිමා දෙකක් දැක ගන්න පුලුවන්. එකක් තමයි විතර්ක මුද්‍රාවෙන් වැඩ ඉන්න ශ්වේත වර්ණාලේපිත විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ. අනිත් ප්‍රතිමාව දේවානම්පියතිස්ස රජතුමාගේ රන් පැහැති ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාවේ විශේෂත්වයක් තියෙනවා. දේවානම්පියතිස්ස රජතුමා කිව්වම, අපේ හිත්වල මැවෙන්නෙ මැදි වයසේ ඉන්න, මුහුණ පුරාම රැවුල වවාගත්තු රජ කෙනෙක්ව. ඒත් මේ ප්‍රතිමාවේ ඉන්නෙ රැවුල නැති, බොහොම කඩවසම්, තරුණ රජ කෙනෙක්. ඉතින් මේ ප්‍රතිමාව දිහා බැලූ බැල්මට අපිට මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමාවයි. තව ටිකක් ඉස්සරහට යනකොට මේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේව දකින්න පුලුවන්. සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රමාණයේ බෝධීන් වහන්සේ නමක්. මේ බෝධීන් වහන්සේ නම ඉස්සරහා, මේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් හිටියා පුටුවක වාඩිවෙලා. ඉතින් අපිත් නායක හාමුදුරුවන් ළගට ගියා. ඊට පස්සෙ උන්වහන්සේ සහ අපි අතර ඇති වුණේ මේ වගේ කතා බහක්.
හාමුදුරුවො - මේ අය කොහේ ඉදන්ද?
තාත්තා - අපි කොළඹින්.
මම - 2014 අවුරුද්දෙදි තමයි මේ විහාරය ගැන දැන ගත්තෙ. ඒත් එන්න හම්බුණෙ අද.
හාමුදුරුවො - ගොඩක් අය මේ විහාරය බලන්න එන්නෙ නෑ.
මම - ගොඩක් අය ඉතින් අටමස්ථාන බලන්න යනවා මිසක් මේ වගේ තැන් හොයාගෙන එනවා කොහොමත් අඩුයි.
හාමුදුරුවො - මේ විහාරය මහින්දාගමනය සිද්ධ වුණු කාලයේ නිර්මාණය වුණු විහාරයක්. මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවේ නිර්මාණය වුණු දෙවෙනි චෛත්‍යය තියෙන්නේ මේ විහාරයේ. මේ විහාරයට ඉසින්බැස්සගල, ඉසිපතනාරාමය කියලා කියන්නේ ඈත අතීතයේ ඉදන්ම මේ ගල් තලාවේ සෘෂීන් සහ මහරහතන් වහන්සේලා වැඩ හිටපු නිසා. මිහිදු හාමුදුරුවන් අපේ රටට වැඩම කළායින් පස්සෙ මුලින්ම ආවේ මෙතනට. ඒ වෙලාවෙ මෙතන හිටපු සෘෂීන් සහ මහරහතුන් එක්ක කතා බහ කරලා තමයි මිහින්තලාවට වැඩියේ.
මම - ඒ කියන්නේ මිහිදු හාමුදුරුවො අපේ රටට එනකොටත්, මෙහෙ රහතන් වහන්සේලා හිටියා?
හාමුදුරුවො - හිටියා හිටියා. දහස් ගාණක් හිටියා. මේ ඉසිපතනාරාමය, ඉසින්බැස්සගල කියන නම්, මිහිදු හාමුදුරුවො අපේ රටට එනකොටත් තිබුණ නම්.
ඊට පස්සේ අපි හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන තවත් උඩහට ගියා. උඩහා තියෙන්නේ චෛත්‍යයක් විතරයි. ඇත් පවුරකින් වට වුණු, මධ්‍යම ප්‍රමාණයේ අලංකාර චෛත්‍යයක්. බැලූ බැල්මට පේන්නේ මිරිසවැටිය ස්තූපය වගේ. මේ ගල් තලාව උඩට නැග්ගම අංශක 360ක අලංකාර දර්ශනයක් දැක ගන්න පුලුවන්. චෛත්‍යය ආසන්නයේම ශෛලමය සිරි පතුල් ගලක් තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සෙ අපි ආයිත් ගල් තලාවෙන් පහළට බහින්න ගත්තා.

එතකොට හාමුදුරුවො එතනම ඉන්නවා. මේ වෙනකොට මම රස්සාවට ගිහින් මාස 5යි. හම්බවුණු වැටුපෙන් කාටත් ප්‍රයෝජනවත් වැඩක් කරන්න වුණේ නැති නිසා, "හාමුදුරුවනේ, මේක විහාරයේ දියුණුව වෙනුවෙන්" කියලා එක්තරා මුදලක් හාමුදුරුවන්ට පරිත්‍යාග කළා. උන්වහන්සේ කීයටවත් අපෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ කියලා හාමුදුරුවන්ගේ හැසිරීම් රටාවෙන් තේරුණා. ඊට පස්සෙ උන්වහන්සේ ටිකට් දෙකක් දීලා, අපිට බෝධීන් වහන්සේ ළග තියෙන බංකුවල ඉදගන්න කිව්වා. ඊට පස්සෙ උන්වහන්සේ අපිට පිං දීලා, ආගමික වතාවත් සිද්ධ කළා. ආගමික වතාවත් ඉවර වුණාට පස්සෙ, උන්වහන්සේ මේ පූජා භූමියේ ඉතිහාස කතාව කියන්න ගත්තා. හාමුදුරුවන් මේ පූජා භූමිය ගැන විස්තර කළේ මෙන්න මෙහෙමයි...
" ඉස්සර ඉන්දියාවේ හිටපු සෘෂීන් වහන්සේලා, මහරහතන් වහන්සේලා එයාලාගේ නුවණින් අවබෝධ කර ගත්තා, මේ ස්ථානය භාවනා කටයුතුවලට අතිශයින්ම සුදුසු ස්ථානයක් කියලා. ඒ නිසා මේ සෘෂීවරු සහ රහතන් වහන්සේලා ඉන්දියාවේ ඉදලා සෘද්ධියෙන් මේ ස්ථානයට ඇවිල්ලා බණ භාවනා කරන්න පුරුදුවෙලා හිටියා. මෙයාලා මේ ගල් තලාව රත්වෙන කාලය වෙනකංම භාවනා කරනවා. ඌෂ්ණය වැඩි වෙනකොට තමයි ආයිත් ඉන්දියාවේ හිමාලය පැත්තට යන්නේ. ඊට පස්සෙ ආයිත් මේ ගල් තලාවේ පරිසරය සිසිල් වෙනකොට, ඉන්දියාවට ගිහින් හිටපු සෘෂීන් සහ මහරහතුන් ආයිත් මේ ගල් තලාවට එනවා භාවනා කරන්න. ඉතින් ඉන්දියාවේ ඉදලා අපේ රටට එහෙම එන සෘෂිවරු, මහරහතුන් පතිතවෙන්නේ මේ ස්ථානයේ නිසා, මේ ස්ථානය හැදින්නුවේ "ඉසිපතනාරාමය" කියලා. ඒ වගේම මෙහේ ඉන්න මිනිස්සුන්ට, මේ සෘෂීන් ගල් තලාවෙන් පහළට බහිනවා දර්ශනය වුණු නිසා, මේ ස්ථානය "සෘෂීන් බැස්ස ගල" කියන අර්ථයෙන් "ඉසින්බැස්සගල" කියලත් හදුන්වලා තියෙනවා. ඉන්දියාවේ ඉසිපතනාරාමයට සාපේක්ෂව ලංකාවේ සහ ලෝකයේ ඇති එකම ස්ථානය විදිහටත්, මේ ස්ථානය හදුන්වන්න පුලුවන්. ඒ කාලෙ මේ පැත්තෙ හිටියේ නාග මිනිස්සු.
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 218ක් විතර ගියාම ඉන්දියාවේ 3 වන ධර්ම සංඝායනාව පැවැත්තුවා. ඒකට මුල් වුණේ ධර්මාශෝක රජතුමා. එතනදි ගත්තු වැදගත් තීරණයක් තමයි නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතිය. මේ වෙනකොට අපේ රටේ හිටියේ දේවානම්පියතිස්ස රජතුමා. තිස්ස රජ්ජුරුවොයි, ඉන්දියාවේ ධර්මාශෝක රජතුමයි හොද මිත්‍රයෝ. හැබැයි කවදාවත් දැකලා නෑ. ඉතින් ධර්මාශෝක රජ්ජුරුවො, දේවානම්පියතිස්ස රජතුමාට පණිවිඩයක් එවනවා. 'අපිට අසිරිමත් ධර්මයක් ලැබුණා. ඔබත් ඒක වැලදගන්න' කියලා. අපේ රටට දහම් පණිවිඩය ගෙන යන්න භාර ගන්නේ මිහිදු හාමුදුරුවෝ. රජ්ජුරුවො කිව්වා 'හැබැයි තනියම යන්න බෑ. කණ්ඩායමක් එක්ක යන්න ඕන' කියලා. ඊට පස්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල කියන මහ රහතන් වහන්සේලාත්, මිහිදු හාමුදුරුවන්ගේ සහෝදරිය වුණු සංඝමිත්තා මහරහත් තෙරණියගේ ගිහි කාලයේ පුත්‍රයා වුණු සුමන සාමනේර හාමුදුරුවොත්, මිහිඳු මාහිමියන්ගේ මවගේ සොහොයුරියගේ දියණියගේ පුතෙක් වුණු භණ්ඩුක උපාසකතුමාත් මේ කණ්ඩායමට ඇතුළත් කර ගත්තා.

ඊට පස්සෙ මේ කණ්ඩායම සෘද්ධි බලයෙන් අපේ රටට වැඩම කරනවා. එහෙම වැඩම කරලා අපේ රටේ ප්‍රථම වරට උන්වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබුවේ, මේ ගල් තලාවයි. ඒ නිසා මිහින්තලා ගලට අපේ රටේ බෞද්ධයන් අතරේ මොන තරම් ආදරයක් සහ ගෞරවයක් තියෙනවද, ඒ ආදරය සහ ගෞරවය මේ ඉසින්බැස්සගලටත් හිමි වෙන්න ඕන. ඉතින් මිහිදු හාමුදුරුවො හොදට හිතලා බලලා තමයි ඒ දවසෙම අපේ රටට වැඩම කළේ. ඉතින් උන්වහන්සේ ඉසින්බැස්සගලට වැඩම කරනකොට, අපේ රටේ දේවානම්පියතිස්ස රජතුමාගේ මෞලි මංගල්‍ය උත්සවය. ඉතින් රජ්ජුරුවො මුළු දවස තිස්සෙම 40 000ක හමුදාවක් අරගෙන, මුළු කැළෑවම පීර පීර, සත්තු දහස් ගණන් දඩයම් කරනවා. මේ වෙලාවේ මිහිදු හාමුදුරුවෝ ඉසින්බැස්සගලේ භාවනායෝගීව හිටපු සෘෂීන් සහ මහරහතුන් එක්ක සුහදව කතා බහ කරලා, ඒ අයටත් ධර්මය දේශනා කරලා, ධර්ම දූත කණ්ඩායමත් එක්ක මිහින්තලාවට යනවා. මිහින්තලාවට ගිහින් මිහිදු හාමුදුරුවො අධිෂ්ඨානයක් කළා, තමන් වහන්සේ හැරුනු කොට, අනිත් පිරිසව නොපෙනී යන්න කියලා. මේ වෙලාවේ මිහින්තලා කදු මුදුනෙ හිටපු දේවතාවෙක් රත්තරං පාට, අලංකාරවත් මුවෙකුගේ වේශයක් මවාගෙන රජ්ජුරුවො ඉන්න දිහාවට ගියා.
මේ මුවාව පෙනුනේ රජතුමාට විතරයි. රජ්ජුරුවොත් ඉතින් දුනු ඊතල අරගෙන මුවා පස්සෙ ගියා. මුවා කෙලින්ම දුවගෙන දුවගෙන ගියේ මිහිදු හාමුදුරුවො ළගට. ඒත් එක්කම මුවා අතුරුදහන් වුණා. මිහිදු හාමුදුරුවො දැක්කා රජ්ජුරුවො ඒ පැත්තට දුවගෙන එනවා. ඉතින් මිහිදු හාමුදුරුවො රජතුමාට කිව්වා 'නවතින්න තිස්ස' කියලා. රජ්ජුරුවො නැවතුනා. රජ්ජුරුවන්ට පුදුමයි රටේ පාලකයා වුණු රජතුමාට අණ කරන, මේ කෙනා කවුද කියලා. ඊට පස්සෙ තමයි මිහිදු හාමුදුරුවො රජ්ජුරුවන්ට කිව්වේ 'සමනාමයං මහාරාජ ධමිම රාජස්ස සාවකා තවෙිව අනුකමිපාය ජන්බුද්දීපා ඉධාගතා' කියලා. ඒ කියන්නේ 'මහ රජ අපි ධර්ම රාජ වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිව් තලය කසාය වස්ත්‍රයෙන් බබළයි. තවත් මේ වගේ සෘද්ධිමත්, පරසිත් දන්නා, දිවකන් දන්නා මහ රහතන් වහන්සේලා දහස් ගණනක් දඹදිව වැඩ සිටියි' කියලා. ඉතින් මිහිදු හාමුදුරුවන්ගේ ස්වරූපය දැක්කම රජ්ජුරුවො තැන්පත් වුණා. සන්සුන් වුණා. ඊට පස්සෙ රජ්ජුරුවන්ගේ බුද්ධිය පරික්ෂා කරන්න උන්වහන්සේ ප්‍රශ්න හතරක් ඇහුවා. ඒවටත් රජතුමා සාර්ථකව උත්තර දුන්නා. ඊට පස්සේ මිහිදු හාමුදුරුවො අධිෂ්ඨාන කළා, තමන් එක්ක ආපු පිරිසව ආපහු දෘෂ්‍යමාන වෙන්න කියලා. ඉතින් රජ්ජුරුවන්ටත් පුදුමයි. රජ්ජුරුවො ඇහුවා 'කවුද මේ පිරිස?' කියලා. එතකොට මිහිදු හාමුදුරුවො කිව්වා 'මේ පිරිසත් මෙතනමයි හිටියෙ. මුළු කණ්ඩායමම දැක්කොත්, ඔබතුමා කලබල වෙයි කියලා, ඔබතුමාට නොපෙනෙන්න සැලැස්සුවේ' කියලා. ඉතින් රජ්ජුරුවො තවත් පැහැදුනා.
ඊට පස්සෙ මිහිදු හාමුදුරුවො රජ්ජුරුවන්ට ධර්මය දේශනා කරනවා. රජ්ජුරුවො තෙරුවන් සරණ ගිහින් බෞද්ධයෙක් වෙනවා. ඊට පස්සෙ අවිහිංසා සංකල්පය අපේ රටට එනවා. රජතුමා පියවර ගන්නවා මිහිදු හිමි ඇතුළු පිරිසට සිව්පසයෙන් උපස්ථාන කරන ගමන්, අපේ රට පුරාවටම මේ අසිරිමත් ධර්මය ව්‍යාප්ත කරන්නත්, උන්වහන්සේලා වෙනුවෙන් ආරාම ගොඩ නගන්නත්.
ඊට පස්සෙ මිහිදු හාමුදුරුවො මේ ඉසින්බැස්සගල ගැනත් රජතුමාට කියනවා. රජතුමා බොහොම සතුටට පත්වෙලා මේ ස්ථානයෙත් භික්ෂූන් වහන්සේලාට සහ ඉන්දියාවෙන් සෘද්ධියෙන් පැමිණෙන මහරහතුන්ට සහ සෘෂීන්ට වැඩ වාසය කරන්න ආරාම තනවනවා. මේ විහාරයේ තියෙන චෛත්‍යය කරවලා තියෙන්නෙත් දේවානම්පියතිස්ස රජ්ජුරුවො. රජ්ජුරුවො මුලින්ම හැදුවේ ථූපාරාමය. ඊට පස්සේ තමයි මේ චෛත්‍යය හදන්නේ. මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ දෙවනියට නිර්මාණය වුණු චෛත්‍යය තමයි ඉසින්බැස්සගල විහාරයේ තියෙන චෛත්‍යය. ඊට පස්සෙ එක එක රජවරුන්ගේ අනුග්රහයන් ඇතුව මේ ස්ථානය විහාරයක් විදිහට විටින් විට ගොඩ නැගුණා. ඔයගොල්ලො මේ ඇවිල්ලා ඉන්නේ මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලබපු, බොහොම පුණ්‍යවන්ත භූමියකටයි.
යුද්ධෙ තිබ්බ කාලේ මේවා මායිම් ගම්මාන. මේ ගල්තලාව උඩට නැග්ගම අක්කර ගාණක් යනකන් ලොකූ දුරක් පේනවා. ඈත තියෙන අනුරාධපුර පූජා නගරෙත් පේනවා. ඉතින් මේක දැක්කා එ.ල්.ටී.ටී.ඊ එකේ අය. මෙහාට තුන් වතාවක්ම ආවා. එයාලට ඕන වුණේ මෙතන එල්.ටී.ටී.ඊ කදවුරක් ගහන්න. මොකද මේක හොද ආරක්ෂක ස්ථානයක්. ඒ වගේම ලොකු වපසරියක් පේනවා. අපි ඉතින් ක්ෂණිකවම මේ ගැන හමුදාවේ මහත්තුරුන්ව දැනුවත් කළා. ඊට පස්සෙ හමුදාවෙ කට්ටියක් ඇවිල්ලා මෙහෙ නැවතුනා. එයාලා මේ විහාරය පිටිපස්සෙන් බංකරයක් හදලා, මෙහේ ආරක්ෂාවට හිටියා. එයාලා තමයි ඉතින් මේවා ආරක්ෂා කරන්න උදව් වුණේ. මහින්ද මහත්තයා යුද්ධෙ ඉවර කරනකන්ම මෙහේ හමුදාවේ කට්ටිය හිටියා.
ඉතින් මේ තමයි අපේ උරුමය. අපි මේවා ආරක්ෂා කරන්න ඕන. නැතිවෙලා යන්න දෙන්න නරකයි. මෙහාට වතුර ගේන්නේ අඩි 500ක විතර පයිප්පයකින්. පොසොන් පෝයට මිහින්තලේ කරනවා වගේ, මේ විහාරයෙත් වාර්ෂික පිංකමක් අපි කරනවා. "
ඔන්න ඔහොමයි හාමුදුරුවන් මේ ස්ථානයේ ඉතිහාසය කිව්වේ. හාමුදුරුවො කරපු විස්තරයේ ජනප්‍රවාදත් තිබුණා වෙන්න පුලුවන්. හැබැයි මේ ස්ථානයට මිහිදු හිමියන් වැඩම කළ බවට පුරාවිද්‍යාත්මක වශයෙන් මූලාශ්‍ර හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් මේ ලිපියෙන් මේ පුදබිම ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතෙනවා. මැදවච්චියෙ යන වෙලාවක ඔයාලත් මතක ඇතුව ඉසින්බැස්සගල රජමහා විහාරය වැදපුදා ගන්න යන්න.