පාසල් ජීවිතේ සොදුරු මතකයන්
ඕනෑම කෙනෙක්ගෙන් තමන්ගේ ජීවිතයේ සුන්දරම කාලය මොකක්ද කියලා ඇහුවොත්, එයාගෙ උත්තරය වෙන්නෙ "පාසල් කාලය" කියලා. ඒ උත්තරය ඇරුණු කොට, වෙන වෙන උත්තර දෙන අය හොයා ගන්නවත් නැති තරම්. මම කොළඹ ආනන්ද විද්‍යාලයට සම්බන්ධ වෙන්නෙ 1999 අවුරුද්දෙ. මුලින්ම පාසලට ඇතුළත් වුණේ 1999 ජනවාරි 08 වෙනිදා විතර.... මේ කියන්න යන්නෙ 1999 ඉදන් 2012 වෙනකන් මගේ පාසල් ජීවිතයේදි මගේ සිත් ගත්තු සොදුරු මතකයන් කිහිපයක් ගැනයි.
1 වසර සහ 2 වසර
1999 අවුරුද්දෙ මම හිටියෙ 1 කොළ පන්තියෙ. 2000 අවුරුද්දෙ හිටියෙ 2 කොළ පන්තියෙ. මේ පන්ති දෙකම භාරව කටයුතු කළේ අයේෂා ඉලුක්කුඹුර මැඩම්. ඒ කාලයේ පන්තියේ මම සුප්‍රසිද්ධ චරිතයක් වුණේ ඕන මළ දානයක් වුණ ගමන්ම අඩන්න පුරුදු වෙලා හිටපු නිසා. ඒ කාලෙ ගොඩක් සුන්දරයි. වැඩිය ඉගෙන ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ. ගොඩක්ම තිබුණෙ පොඩි පොඩි කණ්ඩායම් වැඩ.
ඉස්කෝලෙට ආපු මුල්ම දවසෙ ඒ කාලෙ විදුහල්පති ධූරයෙ හිටපු ටී.බී.දමුණුපොල සර්, අපිව සර්ගෙ Office එකට අඩගහලා, එක එක කාර්වල හැඩවලට තියෙන, දිලිසෙන කොළවල ඔතපු පොඩි චොකොලට් බෙදලා දුන්නා.
ඒ කාලයේ මාළිගාවත්තෙ මහා බෝධි විහාරයට, කුප්පියාවත්ත ජයශේඛරාරාම පුරාණ විහාරයට, අත්තනගල්ල රජමහා විහාරයට, දෙහිවල සත්වෝද්‍යානයට, පිළියන්දල පිගන් සංස්ථාවට, මරදාන රථවාහන පොලිස් කොට්ඨාසයට, කැළණිය රජමහා විහාරයට, වැඩිහිටි නිවාසයකට එහෙම අධ්‍යාපන චාරිකා එක්කන් ගියා තාමත් මතකයි.

ඒ කාලයේ පන්තියේ මට හොදම යාලුවො තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි තාරක කෝට්ටගේ. එයා දැන් ඉන්නෙ රට. අනිත් දෙන්නා තමයි ඉසුරු ජයසිංහ සහ කෝෂික හේවගේ කියන ඩබල. ඒ කාලයේ ගුටි කෑම් වාර්තා වුණේ බොහොම අඩුවෙන්. චිත්‍ර අදින්න සුළු හැකියාවක් තිබුණා. ඉතින් අයේෂා මැඩම් ඒ හැකියාව අදුර ගෙන, මාව චිත්‍ර පන්තියකට යොමු කළා. තව දුෂාන්ති කියලා, අයේෂා මැඩම්ගෙ සහයටත් මැඩම් කෙනෙක් හිටියා. අපි එයාට කිව්වෙ පොඩි මැඩම් කියලා. 1999 අපේ පන්තියෙන් සාංඝික දානයක් පිරි නැමුවා. ඒ වගේම අප්‍රේල්වල අවුරුදු උත්සවයකුත් තිබ්බා. මැයි මාසයේ වෙසක් පෝයට සමගාමීව සිල් සමාදන් වීමේ වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුණා. ඒ වගේම පුංචි පෙරහැරකුත් සංවිධානය වුණා. මම ඒ පෙරහැරේ ගියේ නලා කාරයෙක්ට. එදා සරමකුයි බැනියමකුයි ගහගෙන, රතු පාට ජටාවක් ඔලුවෙ ගහගෙන, නලාව පිඹ පිඹ ඉස්කෝලෙ වටේට ගියා.
මේ කාලෙ ඉංග්‍රීසි දිනේකට ප්‍රාථමික අංශයේ බටහිට තූර්ය වාදක කණ්ඩායමට අපිව ගත්තා. අපේ වැඩ පෙන්නන්න තිබ්බෙ බංකුවක් උඩ නැගලා. මම හිටියෙ පිටිපස්සෙම බංකුව උඩ. ඒ වගේම ඒක තමයි උසම බංකුව විදිහට තිබුණෙත්. ඉතින් එදා සංගීතය යන කොට, අපි අපේ අත්වල තිබ්බ සංගීත භාණ්ඩ වාදනය කළා. ඔහොම කරගෙන යනකොට, තදබදෙත් වැඩි නිසා දන්නෙම නැතුව, Balance නැතුව ගිහින් මාව පිටිපස්සෙන් බිමට වැටුණා. එතකොට 13 වසරෙ විතර සුදු දික් කලිසමක් ඇද ගත්තු අයියා කෙනෙක් "මල්ලි වැටුණද..????" කියලා මාව උස්සලා ආයිත් Shape එකේ බංකුව උඩින් තිබ්බා.
3 වසර සහ 4 වසර
3 නිල් පන්තියෙත් (2001), 4 නිල් පන්තියෙත් (2002) අපේ මැඩම් වුණෙ රාණි දිල්රුක්ෂි මැඩම්. 1, 2, 3, 4 වසරවල් වලට එන කොට, පන්ති භාර ගුරුතුමිය මාරු වුණාට, පන්තියෙ ඉන්න ළමයි ටික මාරු වුණෙ නෑ. පාසල් ජීවිතයේ වැඩිම ගුටි ප්‍රමාණයක් කෑවෙ 2001 සහ 2002 අවුරුදු දෙකේදි. ගොඩක්ම කෑවෙ ගෙදර වැඩ කරලා නැතුව. ඒ වගේම දගලලා, උගන්නන වෙලාවට කතා කර කර ඉදලත් සෑහෙන්න ගුටි කාලා තියෙනවා. අවුරුදු 13ක පාසල් ජීවිතය තුළ කාපු සැරම වේවැල් පාර කෑවෙත් දිල්රුක්ෂි මැඩම්ගෙන්ම තමයි. හැබැයි ඒ වේවැල් පාර මුළු පන්තියම කෑවා. IT Period එකක් ආපු දවසක අපි ඔක්කොම IT Lab එකට ගියා. ඒත් එකේ දොරවල් වහලා. ඉතින් අපි ඔක්කොම කතා කර කර හිටියා Period එක ඉවර වෙනකන්. කතා කරන එක ටික වෙලාවකට පස්සෙ මහා ඝෝසාවක් බවට පරිවර්තනය වෙනවා.
මේක ඇහිලා ලොකු මැඩම් දුවගෙන ආවා එතනට. ලොකු මැඩම් කියලා කිව්වෙ, ප්‍රාථමික අංශය භාරව ඉන්න මැඩම්ට. ඒ කාලෙ හිටියේ ජේ.ඩී.ඒ.රණසිංහ කියලා මැඩම් කෙනෙක්. මැඩම් අපේ මැඩම්ට බැන්නා. ඉතින් අපේ මැඩම්ට කේන්ති ගිහින් පන්තියෙන් ඔක්කෝලවම එළියට දාලා, පොළිමක් හැදෙන්න කිව්වා. අපිත් ඉතින් බයෙන් බයේ පෝලිමක් හැදුනා. හැමෝටම පන්තියට පෝලිමට එන්න කියලා, ඇතුල් වෙන ඇතුල් වෙන එක්කෙනාට වේවැල කැඩෙනකන් ගැහුවා. එක කකුලකට දෙක ගාණෙ, පාරවල් හතරක් ගැහුවා. ඒක තමයි මම කාපු සැරම වේවැල් පාර.
මේ කාලෙම තමයි අපිව පස් ගමට එක්කන් ගියේ. තව ඉස්කෝලෙ ඉදන් මරදානෙ පාලම ළගටත් අපිව එක්කන් ගියා. මේ කාලෙදි තමයි මම අපේ ඉස්කෝලෙ පෝතක බාලදක්ෂ කණ්ඩායමට සම්බන්ධ වුණේ. ඊට පස්සෙ හැම සිකුරාදා දවසකම හවස් වෙනකන් ඉස්කෝලෙ නැවතිලා අපිට ඒ ඒ විෂයන් ගැන ඉගෙන ගන්න වුණා. ඒකත් හරිම ජොලි වැඩේ. අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. විශේෂයෙන්ම කණ්ඩායමක් විදිහට එකට ඉන්න හැටි, එකිනෙකාගෙ අදහස් තේරුම් ගන්න හැටිත් අපි ගොඩක් ඉගෙන ගත්තා. එක එක ක්‍රියාකාරකම් වල නිරත වුණා. බාලදක්ෂ පා ගමන්වලට සහභාගි වුණා. ඉස්කෝලෙට එන ආරාධිත අමුත්තන්ව පිළිගන්න සහභාගි වුණා. නිවාඩු දවස් වලත් අපිට බාලදක්ෂ පුහුණු වීම් නිසා ඉස්කෝලෙ යන්න වුණා. තව බාලදක්ෂ ජම්බෝරි කිහිපයකටත් සහභාගි වෙන්න අවස්ථාව උදා වුණා.

ඔය කාලෙ අපේ ඉස්කෝලෙ විදුහල්පතිතුමාගෙන් ටොක්කකුත් කන්න වාසනාව ලැබෙනවා. තාරකයි, මායි දෙන්නම ඉස්කෝලෙ ආවෙ ගියේ, එකම වෑන් එකක. ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙලා අපි දෙන්නා පන්තියට යන්නෙ එකට. ඔහොම යන ගමන් අපි දෙන්නා ප්‍රාථමික අංශය හරියෙදි අලුතෙන් තීන්ත ගාපු කණ්ඩියක් දිගේ කකුල් දෙක මාරු කර කර, Balance කර කර යන කොට, එක පාරටම විදුහල්පතිතුමාට අහු වුණා. එතකොට හිටියෙ අබේරත්න සර්. "පාරක් තියෙද්දි මොකද මේ කණ්ඩියක් උඩ යන්නෙ..???? ආයිත් එහෙම කරන්නෙ නෑ. දැන් ඔයාලා දෙන්නා ආයිත් Main Gate එක ළගට ගිහිල්ලා, එතන ඉදන් ආයිත් එන්න ඕන"
|
කියලා අපි දෙන්නට ටොකු දෙකක් ඇන්නා. ඒ කාලෙම තමයි අපිව ක්‍රීඩා උත්සව වලට සහභාගි කරන්න පටන් ගත්තෙත්. 2001, 2002 අවුරුදුවල අපි හිටියෙ සරඹ සංදර්ශන වලට. 2002 තමයි මට ඉස්කෝලෙන් හම්බුණු පළවෙනි සහතිකය හම්බ වුණේ. ඒ සිංහල භාෂා දිනේකට (අනද පද්ම) රචනාවක් ලියලා. ඊට පස්සෙ පුස්තකාල දිනේදි පන්තියේ 3 වෙනියා වුණා මතකයි. ඒ දවස්වල තිබ්බෙ පරණ කුලරත්න ශාලාව. ඉතින් සමහරක් සමහරක් දවස්වලට පුංචි සුරංගනාවි, Mulan, Stuant Little 2, George Of The Jungle, MouseHunt වගේ සිංහල සහ ඉංග්‍රීසි චිත්‍රපටිත් පෙන්නුවා.
මේ කාලයේ සිරි දේවමිත්ත ධර්මපාල හාමුදුරුවන්ගේ (අනගාරික ධර්මපාලතුමාගේ), ජංගම රථය අපේ ඉස්කෝලෙට ගෙනාවා ප්‍රදර්ශනය කරන්න. මේක නවත්තලා තිබ්බෙ "ඕල්කට් පුස්තකාලය" ඉස්සරහා. ඒක දැක ගන්නත් මට වාසනාව ලැබුණා. 2001 අවුරුද්දෙම තමයි මම ඉස්කෝලෙට කටු වැඩ පොත් ගෙනියන්න පටන් ගත්තෙත්. ඒ දවස්වල ගෙදරදි කරගෙන එන්න දෙන පාඩම් වැඩ, මට ගොඩක් දවස්වල කරන්න අමතක වුණා. ඒ නිසා ඒ කාලෙ සෑහෙන්න වේවැල් පාර කෑවා. පස්සෙ කාලෙක වෙනම කටු වැඩ පොතක් ගෙනියන්න පටන් ගත්තා. එදාට එදාට ගෙදරදි කරන් එන්න දෙන වැඩ, ඔක්කොම ඒ පොතේ සටහන් කර ගත්තා. ගෙදර ඇවිල්ලා කටු වැඩ පොත බලලා, ඒකෙ සටහන් කරලා තියෙන විදිහට, ඒ ඒ විෂයන්වල වැඩ ටික ගෙදරදිම කළා. ඊට පස්සෙ ගෙදර වැඩ කරගෙන එන්නෙ නැතුව ගුටි කන එක, සෑහෙන ප්‍රතිශතයකින් අඩු වුණා. පස්සෙ මේක පුරුද්දක් විදිහට ඉහළ පන්ති වලට යන කොටත් කරගෙන ආවා. 2001 අවුරුද්දෙ 3 වසරෙන් ආරම්භ වෙච්ච ඒ පුරුද්ද, 2012 අවුරුද්දෙ 13 වසරට එන කොටත් තිබ්බා.
ඒ කාලෙ විවේක කාලය දුන්නම කෑම කාලා අපි දුවගෙන යන්නෙ ප්‍රාථමික අංශෙ තියෙන පොඩි උද්‍යානයට. එතනට ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා. ගොඩක් වෙලාවට කරන්නෙ අල්ලන සෙල්ලම් තමයි. ඊට අමතරව උද්‍යානයේ ඔන්චිල්ලා පැද්දා, එක එක තැන් උඩටත් නැග්ගා. මට මතකයි එක දවසක් යාලුවෙක් මගෙන් ඇහුවා සීසෝ එක පදින්න යන්න. මමත් ඉතින් හා කිව්වා. අපි දෙන්නම සීසෝ එකේ වාඩි වෙලා මේක පදින්න ගත්තා. සීසෝ එකෙන් වෙන්නෙ එක්කෙනෙක් උඩ යන කොට, අනිත් එක්කෙනා පහතට එනවා. ඉතින් යාලුවා උඩ යනකොට මම පහතට ආවා. පහතට ආපු ගමන්ම සීසෝ එකෙන් නැගිටලා, එතන තිබ්බ ලොකු ගලක් උස්සන් ඇවිත්, මම ඉදන් හිටපු තැනින් තියලා, පන්තියට දූවගෙන ගියා. දුවන් යනකොට අරයා උඩ ඉදන් කෑ ගගහා හිටියා මතකයි. ඔය වගේ පිස්සු වැඩ කරපු වෙලාවලුත් තිබ්බා ඉතින්. 2001 අවුරුද්දෙ දවසක් මැඩම් පන්තියෙ නැති වෙලාවක, පංතියේ හිටපු 50 දෙනාම, පොත්වල පිටු කඩලා, ගුලි හදලා, කොළ බෝල වලින් ගහ ගත්තා. එදත් ඔක්කොමටම වේවැල් පාර කන්න වුණා.
2002 ඉංග්‍රීසි දිනේට අපිට තිබ්බෙ ක්‍රිකට් තරගයක රගපාන්න. එදා මම හිටියෙ තරගය බලන්න ආපු ක්‍රීඩා ලෝලියෙක් විදිහටයි.

5 වසර
අපේ ඉස්කෝලෙ ළමයි ටික බෙදන්න ගත්තෙ 5 වසරෙදි. මම හිටියෙ 5-5 පන්තියෙ. පන්ති භාරව හිටියෙ කිත්සිරි ගුණරත්න සර්. වාසනාවකට වගේ මගේ හොදම යාලුවො තුන්දෙනාගෙන් තාරකයි, ඉසුරුයි ඇතුළත් වුණෙත් මම හිටපු පන්තියටමයි. ඒ කාලෙත් අපි ක්‍රීඩා උත්සවේ දවසෙදි සරඹ සංදර්ශනයකට හිටියා. තාරකත් හිටියෙ මගේ නිවාසෙම (අශෝක) නිසා, ගොඩක්ම තනි නොතනියට හිටියෙ එයා තමයි. මේ කාලෙදිත් වේවැල් පාර කිහිප සැරයක්ම කෑවා මතකයි.
අවුරුදු 13ක පාසල් ජීවිතයේ මම ගියපු හොදම අධ්‍යාපන චාරිකාව ගියෙත් මේ අවුරුද්දෙම තමයි. චාරිකාවෙ ගමනාන්තය වුණේ බදුල්ල. අපි බදුලු ගියේ කෝච්චියෙන්. එදා තමයි මම පළවෙනි වතාවට කෝච්චියක ගියේ. ඒ කෝච්චියේ පාටත්, අපේ ඉස්කෝලෙ කොඩියෙ පාටමයි. ඒ කෝච්චියෙ ගියපු දවස නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. දිය ඇළි, කැළෑවල් මැද්දෙන් අපි පරිසරය බල බල ගියා. එක රැයක් අපි බදුල්ලෙ ගිහින් නැවතුනා. දෙවෙනි දවසේ අපි උදේට කෑවේ පාන් සහ ඉදි ආප්ප. ඉදි ආප්පත් එක්ක කාපු පොල් සම්බෝලෙ රහ නම් තාමත් මතකයි. ඒක තමයි මම මගේ ජීවිතේ කාපු රහම පොල් සම්බෝලෙ. ඒකට ගහන්න පුලුවන් පොල් සම්බෝලයක් මට තාම හම්බ වෙලා නෑ. මේ ගමනෙදි අපි මුතියංගනය රජමහා විහාරය, බදුල්ල තේ කර්මාන්ත ශාලාව එහෙමත් බලන්න ගියා. අප්‍රසිද්ධ පන්සලක් බැලුවා. තව දුප්පත් ඉස්කෝලෙකට ආධාර වගයකුත් බෙදලා දුන්නා. බොහොම උද්‍යෝගයෙන් යන දවසෙ ගියාට මොකෝ, එන දවසෙ හැමෝම කොළඹ ආවෙ හොදටම හත වැදිලා.

5 වසරෙ ඉන්න කොට පුටු පෙරලියක් වුණත් මතකයි. ඒ කාලෙ විවේක කාලෙට එළියට ගිහින් පන්තියට එන කොට, පන්තියෙ හිටියෙ එක ළමයයි. එයාව පහු කරන් මගේ මේසෙ ළගට ගියාට....පුටුව පේන්න තිබ්බෙ නෑ. හොයලා බැලින්නම් අරයා හිනා වෙවී මගේ පුටුව උස්සන් ඉන්නවා. එයා ටිකක් උස මහත, ඇගපත තියෙන එක්කෙනෙක්. කොච්චර ඉල්ලුවත් පුටුව දුන්නෙ නැ. ඒකත් අරන් පන්තිය වටේට දිව්වා. මොකෝ මම එයත් එක්ක පොර බදන්නැයි..???? ඉතින් මම මොකක්ද කරන්නෙ කියලා හිත හිතා ඉන්න කොට, මට ගණ දෙවි නුවණ පහළ වුණා. මම මගේ යාලුවෙක්ගෙ පුටුවක් අරන්, මගේ මේසෙන් තියලා, මම ඒ පුටුවෙ ඉද ගත්තා. ටික වෙලාවකට පස්සෙ යාලුවත් පන්තියට ආවා. මගෙන් ඇහුවා එයාගෙ පුටුව දැක්කද කියලා. මම ඉතින් අර මගේ පුටුව උස්සන් ඉන්න පොරව පෙන්නුවා. ඉතින් මගේ යාලුවා ගිහින්, අරයට දෙකක් තුනක් ඇනලා, මගේ පුටුව ගෙනත් තිබ්බා. පස්සෙ එයා නැති වෙලාවක් බලලා, මම පුටු දෙක මාරු කර ගත්තා.
2003 අවුරුද්දෙ ජූනි මාසයේ විතර පොසොන් උත්සවය නිමිති කරගෙන, ප්‍රාථමික අංශයෙන් පෙරහැරක් සංවිධානය වුණා. ඒකෙ මම හිටියෙ කස ගහන්න. ඉතින් මම ගියේ පෙරහැරේ ඉස්සරහින්මයි. මේ පෙරහැර මරදාන වටේටම ගියා. කස ගැහිල්ල කෙසේ වෙතත්, පෙරහැරේ යන අහල පහළ අයට නම්, මගේ කසෙන් හොද හොද පාරවල් ගොඩක් වැදුනා.

6 වසර
අපි 6 වසරට යන්නෙ 2004 අවුරුද්දෙ. මම මුලින්ම හිටියෙ 6-4 පන්තියේ. ඒ පන්තිය භාරව හිටියෙ අමුණුගම කියලා මැඩම් කෙනෙක්. ඉතින් අමුණුගම මැඩම් මේ පන්තියටම ආවේණික වුණු නීතිරීති පද්ධතියක් නිර්මාණය කරලා තිබ්බා. ඔය කාලෙ එක එක දවස් වලට ගේන්න කියලා තිබ්බෙ, අමුණුගම මැඩම් දෙන ආහාර වට්ටෝරු. සමහරක් දවස්වලට ධාන්‍ය වර්ග. සමහරක් දවස්වලට පළතුරු. සමහරක් දවස්වලට එළවළු. ඉතින් ගෙනාවා වගේ නෙවේ කාලා ඉවර කරලා, කෑම පෙට්ටි ටික මැඩම්ට පෙන්නන්නත් ඕන. ඉතුරු වෙලා තිබ්බොත් මැඩම්ම ඇවිල්ලා අපිට බලෙන් කවනවා. මට පෙන්නන්නම බැරි දවස වුණේ එළවළු ගේන්න කියපු දවස. කැරට්, ගෝවා කොළ ජල වාෂ්ප පිටින්, අප්පිරියාවෙන් කෑවා මතකයි. වමනෙ කරපු නැති එක විතරයි. මැඩම් සමානුපාතික ක්‍රමයට ගරු කරපු කෙනෙක්. ඉතින් කෑම පෙට්ටිවල තියෙන එළවළු අඩුයි වගේ පෙනුනොත්, එළවළු වැඩියෙන් තියෙන අයගෙන් අරගෙන, අඩු අයට දෙනවා. ඉතින් එව්වත් කන්න වෙනවා. කාලයක් යන කොට මේක මළ ඇණයක් වෙන්න ගත්තා. ඊට පස්සෙ අමුණුගම මැඩම් අහක බලන වෙලාවක් බලලා, කෑම පෙට්ටියෙ තියෙන එළවළු ඔක්කොම බෑග් එකේ සාක්කුවක් අස්සට ඔබන්න පටන් ගත්තා.
මේ කාලෙම තමයි ක්‍රීඩා උත්සවේ තිබ්බෙ. 6 වසරෙ ඉදන් 9 වසර වෙනකන් ඉන්න අයට තිබ්බෙ නැටුමක්. 2004 ක්‍රීඩා උත්සවේට නටපු නැටුම තමයි, 6 ඉදන් 9 වසර වෙනකන් මම නටපු නැටුම් වලින් හොදම නැටුම. ඒකෙ තිබ්බෙ එක එක රැකියාවන් ගැන. අපේ නිවාසෙ හිටියෙ පිටි කොටන අය. නර්තනය කොච්චර ලස්සන වුණත් සෑහෙන කට්ටක් කන්න වුණා. පුහුණු වීම්වලට මාස 1 1/2ක් විතර ගියා. දවසෙන් 99%ක්ම ක්‍රීඩා පිට්ටනියෙ ඉදන් කරවල වුණා. තිබහට බොන්න වතුර නෑ. බඩගිනී හොදටම. පණ නෑ වගේ දැනෙනවා. හොදටම දූවිලි නෑවා. හරියට ඊජිප්තුවෙ කාන්තාරෙක වගේ. ඒ කාලෙ තිබ්බෙත් පරණ ක්‍රීඩා පිට්ටනිය. එහෙම කැප කිරීම් කරලා තමයි අපි අපේ දායකත්වය දුන්නෙ ඉතින්.
ඊට පස්සෙ 2004 මාර්තු 1 වෙනිදා පෙර වාසනාවකටද කොහෙද අපිව 6-6 පන්තියට මාරු කළා. මොකද 6-4 කියන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයේ පන්තියක් නිසා. තාරකත් මම ඉන්න පන්තියටම පැනගෙන ආවා. මේ කාලයේ අපේ පන්තියේ හිටියෙ පුෂ්පාංජලී නවරත්න කියලා මැඩම් කෙනෙක්. බොහෝම කරුණාවන්තයි. 6-6 පන්තිය තිබ්බෙ යකාගෙ කටේ. එක පැත්තකින් ජයන්ත සර්ගෙ පන්තිය. අනිත් පැත්තෙන් 6 වසරෙ Office එක. ඉතින් අපිට ගොඩක් වෙලාවට එකවර අභියෝග දෙකකට මුහුණ දෙන්න වෙනවා. ඝෝෂාව වැඩි වෙනකොට අංශ ප්‍රධානාචාර්ය රංජනී මැඩම් දුවගෙන එනවා Office එකේ ඉදගෙන. අනිත් පැත්තෙන් ජයන්ත සර් එනවා.

මේ කාලයේ මාර්තු මාසෙ තිබ්බා පා ගමනක් සංවිධානය කරලා. "සාරධර්ම සුරකිමු" තමයි තේමා පාඨය වුණේ. මේක ලොකුවට සංවිධානය කරලා තිබ්බා. ආදි ශිෂ්‍යනුත් ඇවිත් හිටියා. මගේ තාත්තත් සහභාගි වුණා. ඊට කලින් සිකුරාදා දවසෙ 6 වසරෙ හිටපු හැම එක්කෙනෙක්ටම රංජනී මැඩම්ගෙන් රතු එළියක් පත්තු වුණා. හැමෝම මේකට අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන කියලා නියෝගයක් දුන්නා. ඉතින් මමයි, තාරකත් මේකට සහභාගි වෙන්න තීරණය කළා. පා ගමනට අපේ පන්තියේ අයගෙ උනන්දුව කොච්චරද කියනවා නම්, අපේ පන්තියෙන් ඕකට ඇවිත් හිටියෙ මමයි, තාරකයි විතරයි. පස්සෙ ජයන්ත සර් ඇවිල්ලා, අපි දෙන්නව ජයන්ත සර්ගෙ කණ්ඩායමට ගත්තා.
එදා පා ගමන ඉවර වෙලා ගෙදර එන කොටත්, හරි අපූරු සිදුවීමක් වුණා. තාරකත් ආවෙ අපිත් එක්කමයි. එදා තාත්තා බැංකුවට යන්න ඕන කියලා, අපි දෙන්නව වාහනේ තියලා තමයි ගියේ. වාහනේ නතර කරලා තිබ්බෙ උස තැනක. එතකොට අපිට තිබ්බෙ කැබ් එකක්. ඒකෙ Hand Break වැඩ කරන්නෙ නැති නිසා, Gear එක Neutral කරලා තමයි ගියේ. තාරකට ඒ දවස්වල ඉදන්ම වාහන එළවන්න පුලුවන්. ඉතින් තාරක G1, G2, G3 ගගා Gear එක මාරු කර කර ඉන්න කොට, මෙන්න එක පාරටම වාහනේ උස තැනින් පහළට යන්න ගත්තා. මහා පාරෙ හෝ ගාලා වාහන. අද වගේම එදත් මම දන්නෙ Horn එක ගහන්න විතරයි. ඉතින් මම හනි හනිකට වාහනේ Horn එක ගහන්න ගත්තා. තාරකත් ඉස්සරහට නැමිලා අතින් වාහනේ Break එක තද කළා. සාර්ථක උත්සාහයක්. තාරකගෙ Break ගැහිල්ලට වාහනේ නතර වුණේ, මහ පාරෙ මැද්දට ඇවිල්ලා.. පැය භාගයකට පස්සෙ පොලීසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත්, වාහනේට නැගලා, වාහනේ කොහෙද අස්සක ගැහුවා.
ගුටි කෑම් ගත්තොත්.... 6 වසරෙදි කෑවෙ එකම එක වේවැල් පාරයි. ඒ ජයන්ත සර්ගෙන්. ජයන්ත සර් කියන්නෙ මොන වගේ පුද්ගලයෙක්ද කියලා, අපේ ඉස්කෝලෙ හිටපු පරණ අය හොදට දන්නවා. අල්විස් සර්ගෙ 2 වගේ.... මේ සර් නිස්කලංක බවට, නිහඩත්වයට ගොඩක් ඇලුම් කළා. ඒ සර් පන්තියේ ඉන්න වෙලාවට කිසිම සද්ධයක් කරන්න බෑ. ඇල්පෙනිත්තක සද්ධයක් ඇහුනත් සර්ට කේන්ති යනවා. ඒ වගේ වෙලාවට නම් බලන්නත් බයයි. සර් පාඩම කියලා දෙනකොට අත්වැරදීමකින් අපේ අතින් කාසියක් වැටිලා, කටර් එකක් වැටිලා ඒකෙන් සද්ධයක් ආවොත් ඒකටත් අම්බානෙකට ගහනවා.
ඉතින් සර් "ප්‍රායෝගික තාක්ෂණ කුසලතා" විෂය උගන්නන කොට, පන්තියේ අය 1000%ක් නිශ්ශබ්දයි. එක දවසක් ක්‍රියාකාරකමක් කරන්න අපිට පිට්ටනියට යන්න වුණා. පුටුවෙන් නැගිටින්න, පුටුව පස්සට ගන්න කොට "ක්‍රීස්" ගාලා බොහොම පුංචි හීරීම් සද්ධයක් පුටුවෙන් ආවා. ඒක බොහොම පුංචි සද්ධයක්. වැඩේ කියන්නෙ ඈත හිටපු සර්ට මේක ඇහුනා. ඉතින් සර් ඇහුවා. මම අහපු හැටියෙම අත ඉස්සුවා. මොකද වැරැද්ද පිළිගත්තෙ නැත්නම් සර් එන්නෙ, ඒ සද්ධෙ ඇහුණු තැනට. වටේ ඉන්න අයගෙ ප්‍රශ්න කරලා, වැරදිකාරයා හොයා ගන්න බැරි වුණොත්, සර් ඒ මුළු පළාතෙ ඉන්න ඔක්කොටම ගහනවා.... පන්තිය වෙනුවෙන් අත උස්සපු මාව දැකලා සර් කතා කළා. "අම්මලා තාත්තලා කියලා දුන්නෙ නැද්ද හරියට පුටුවෙන් නැගිටින හැටිවත්" කියලා දකුණු පැත්තෙ උරහිසට පාරවල් දෙකක් ගැහුවා.
ඒ කාලෙ හිටියා අකුරැටියේ ශ්‍රී විමලවංශ කියලා හාමුදුරුවො කෙනෙක්. ඒ හාමුදුරුවො තමයි අපිට බුද්ධාගම ඉගැන්නුවෙ. හැම හාමුදුරු නමක්ම එක වගේ නෑ කියලා මට තේරුම් ගියේ මේ හාමුදුරුවන්ගෙන් බුද්ධාගම ඉගෙන ගන්න කොට. හාමුදුරුවො හරි වසයි. පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා. දවසක් පන්තියෙ යාලුවෙක්ට කලන්තෙ දාලා වැටෙනකන් ගැහුවා මතකයි.

ඔය කාලෙ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විමල් පෙරේරා කියලා සර් කෙනෙක් ළගට, මම චිත්‍ර ඉගෙන ගන්න ගියා. ඒ සර් අපිව චිත්‍ර තරග වලට ඇන්දෙව්වා. ජපානෙ චිත්‍ර තරගයකටත් ඇන්දෙව්වා. මේ තරගෙන් මට රිදී පදක්කමක් හම්බුණා. මුලු ලංකාවෙන්ම දෙන්නෙක් විතරයි තේරිලා හිටියෙ. එක්කෙනෙක් මම. අනිත් එක්කෙනා මල්ලි කෙනෙක්. පුදුමෙ කියන්නෙ අපි දෙන්නම ආනන්දෙ. ඔය පදක්කමයි, සහතිකේ ආවෙත් අපේ ඉස්කෝලෙට. එතකොට අපිට චිත්‍ර ඉගැන්නුවේ අමරා මැණික් සිල්වා මැඩම්. මේ මැඩම් හොදට හොදයි වගේම නරකට අන්තිම නරකයි. මේ මැඩම්වුත් ඒ දවස්වල අපිට මේ තරගෙට අදින්න කිව්වා. ඒත් මම ඇන්දෙ නෑ. පදක්කමයි සහතිකෙයි දැකලා මැඩම්ගෙ හිතේ, මේක ලැබුණෙ මැඩම් කියලා අන්දවපු නිසා කියලා.
ඊට පස්සෙ මැඩම් මුළු ඉස්කෝලෙ වටේටම බෙර ගහන්න ගත්තා "මේ මගේ ගෝලයෙක්" කියලා. ඊට පස්සෙ අපිව අබේරත්න සර්ගෙ Office එකටත් එක්කන් ගියා. සර් එක්ක පින්තූර දෙක තුනක පෙනී ඉන්නත් වාසනාව උදා වුණා. ඊට පස්සෙ මැඩම් මාව චිත්‍ර තරග වලට අන්දවන්න ගත්තා හෝ ගාලා. මට විතරක් මුල් තැන දීපු අවස්ථාත් තිබ්බා. පස්සෙ කාලයක යනකොට මේක වදයක් වෙන්න ගත්තා. ඉස්සර ඉස්කෝලෙ ඇතුලෙ හම්බුණත්, මට මොකක් හරි වැඩක් දෙන්න, මගෙන් මොකක් හරි වැඩක් කරව ගන්න, මාව චිත්‍ර කාමරේ ඇතුළට ඇදන් ගියා. එහෙම වුණාම පැයකටවත් ගැලවෙනවා බොරු. පස්සෙ මැඩම් යන එන පාරවල් මග ඇරලා යන්න පුරුදු වුණා. මේ දවස්වල ඉස්කෝලෙ "අනද රේඛා" චිත්‍ර ප්‍රදර්ශනෙත් සහතිකයක් හම්බ වුණා. ඒ වගේම අමරා මැඩම්ගෙ බල කිරීම මත "චිත්‍ර කලා සංසදයට"ත් සම්බන්ධ වුණා. ඒ හරහා 2004 ඉදන් 2008 වෙනකන් චිත්‍ර කලා සංසදේ වැඩ වලටත්, උදව් කළා. ඒ වගේම ජීවිතේ කාපු සැරම ටොක්ක කෑවෙත් මේ කාලෙදිමයි.

7 වසර
7, 8, 9 පන්ති තිබ්බෙ අපේ ඉස්කෝලෙ මුවර් ගොඩනැගිල්ලෙ. මුවර් ගොඩනැගිල්ලට එන එක මගේ ලොකු හීනයක් වුණා. ඒ කාලෙ මට ලොකු Titanic පිස්සුවක් තිබ්බා. ඉතින් මුවර් ගොඩනැගිල්ල දකින දකින වෙලාවට, මට ඒක පෙනුනෙ Titanic නැවේ ආකෘතියක් විදිහට. 2005 අවුරුද්දෙ මම ඉන්නෙ 7-2 පන්තියෙ. ඒ පන්තියේ පන්ති භාරව හිටියේ බාලසූරිය කියලා මැඩම් කෙනෙක්. ටික කාලෙකට පස්සෙ ගයනි රොද්‍රිගු කියලා මැඩම් කෙනෙක් ඒ පන්තිය භාර ගත්තා. ඔය පන්තියටත් තාරක පැන ගෙන ආවා.
7 වසරෙ ඉන්න කොට, අපිට බුද්ධාගම ඉගැන්නුවේ අතපත්තු කන්දේ ආනන්ද හාමුදුරුවො (උසස් පෙළ කරන කොට බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්නුවෙත් ආනන්ද හාමුදුරුවොම තමයි). පළවෙනි දවසෙම හැමෝගෙන්ම අහන්න ගත්තා "දහම් පාසල් යනවද..???? " කියලා. දහම් පාසල් යන්නෙ නැති අයට පොඩි තර්ජනයක් දාන්නත් ආනන්ද හාමුදුරුවො අමතක කළේ නෑ. ඒ වෙන කොට මමත් දහම් පාසල් ගියේ නෑ. ආනන්ද හාමුදුරුවො වැඩ ඉන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයේ. අපේ පන්සල ආරම්භයේ ඉදන්ම බෙල්ලන්විල රජමහා විහාරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අදටත් අපේ පන්සලේ සමහරක් වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතෙයි. අපේ පන්සලේ ධර්ම දේශනා වලට, උත්සව වලට, දානමය පිංකම් වලට බෙල්ලන්විල රජමහා විහාරයෙනුත් එක්තරා මට්ටමකට දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ආනන්ද හාමුදුරුවො අපේ ගමේ පන්සල ගැන හොදට දන්නවා. "ඇයි අර ජී.එච්.පෙරේරා මාවතේ තියෙන්නෙ පරමධර්මවර්ධනාරාමයක්..???? ඇයි ඒකට යන්නෙ නැත්තෙ..???? වහාම ඒකට යන්න ඕන..???? ". ආනන්ද හාමුදුරුවො කියන්නෙ ටිකක් එක විදිහක හාමුදුරු නමක්. හොදට හොදයි වගේම, නරකට අන්තිම නරකයි. ඒ නිසා වැඩි හොදටත් එක්ක 2005 පෙබරවාරි 26 වෙනි ඉරිදා මමත් ගමේ පන්සලේ දහම් පාසලට සම්බන්ධ වුණා. ඒ ආනන්ද හාමුදුරුවන්ට තියෙන බයටමයි. ඒ දවස්වල අත්දිග ඇරලා කන පැලෙන්න ගහනවා. ඒ වගේම ළමයින්ව කළු ලෑල්ලෙ වැදෙන්න තල්ලු කළා. බඩෙන් අල්ලලා උඩට ඉස්සුවා. ඉතින් බුද්ධාගම Period එක කියන්නෙ මගේ බයම Period එක වුණා.
මේ අවුරුද්දෙම තමයි ඉස්කෝලෙන් මට හම්බුණු වටිනාම සහතිකෙත් හම්බ වෙන්නෙ. ඒ ත්‍යාග ප්‍රධානෝත්සවය දවසෙ, 2004 රිදී පදක්කම හම්බුණු චිත්‍රය වෙනුවෙන්. ඒ කාලෙම පෝතක බාලදක්ෂවල රිදී තරුව සමත් වෙනවා.

ඊට පස්සෙ පෝතක බාලදක්ෂ රන් තරුවත් සමත් වෙනවා. බාලදක්ෂ කියන එක කොටස් 3කට බෙදෙනවා. අනුපිළිවෙල එන්නෙ මෙහෙමයි.
01. පෝතක බාලදක්ෂ
02. බාලදක්ෂ
03. මානවක බාලදක්ෂ
රන් තරුව කියන්නෙ පෝතක බාලදක්ෂවල තියෙන උසස්ම ස්ථානය. ඒක සමත් වුණායින් පස්සෙ බාලදක්ෂ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් ඉගෙනීම් වැඩ කටයුතු අස්සෙ මේ වැඩවලම දිගටම ඉන්න බැරි නිසා, රන් තරුව ගත්තායින් පස්සෙ බාලදක්ෂ වලින් සමු ගන්නවා. ඔය කාලෙත් බාලදක්ෂ ජම්බෝරියකට සහභාගි වුණා කියලා මතකයි.

7 වසරෙ ඉන්න කොට "අනද රේඛා" එකෙන් ලෝකඩ පදක්කමක් හම්බුණා. ඒ අවුරුද්දෙ අධ්‍යාපන චාරිකාවක් ගෙනිච්චෙ නෑ. ඒ වගේම ක්‍රීඩා උත්සවයක් තිබ්බෙත් නෑ. මොකද 2004 දෙසැම්බර්වල ඇති වුණු සුනාමි ව්‍යසනය නිසා, ඒවට වෙන් කරලා තිබ්බ මුදල් ඔක්කොම ආධාර සදහා පරිත්‍යාග කරලා තිබුණා. මේ කාලෙ මගේ හොදම යාලුවන්ගේ ලැයිස්තුවට තවත් යාලුවෙක් එකතු වෙනවා. ඒ මිත්‍රත්වය අදටත් තියෙනවා. ඒ තමයි පුබුදු සුපුන් විජේසූරිය. අපි දෙන්නා යාලුවෙන්නෙත් හරි අපූරු දවසක. ඒ තමයි 2005 මාර්තු 31 වෙනි බ්‍රහස්පතින්දා. අප්‍රේල් 1 තමයි අපිට පළවෙනි වාර නිවාඩු දෙන්න තිබ්බෙ. එදා අපේ පාසල් ඉතිහාසයේ උඩුයටිකුරු වුණු දවසක්. එදා තමයි පළවෙනි වතාවට අබේරත්න සර්ව වැඩ තහනමකට ලක් වුණේ.
එදා අපි ඉස්කෝලෙ යනකොට, ඉස්කෝලෙ පුරා බිත්තිවල සටන් පාඨ අලවලා. සමහරක් තැන්වල එක එක පත්‍රිකා බෙදනවා. උදේ වරුවෙ මුලු ඉස්කෝලෙම විප්ලවයකට සැරසිලා වගේ. මුලු ඉස්කෝලෙම නිශ්ශබ්දයි. කිසිම සද්ධයක් බද්ධයක් නෑ. එදා අපි උදේ රැස්වීමේ පැයකටත් වඩා හිටන් හිටියා. එදා පන්සිල් දුන්නා විතරයි. ප්‍රවෘත්ති, ජාතික ගීය, පාසල් ගීය විකාශනය කළෙත් නෑ. පන්තියට ගියායින් පස්සෙ සෙනවිරත්න මැඩම් (7 වසර අංශ භාර මැඩම්) ඇවිල්ලා පන්තියේ දොර එළියෙන් අගුල් දැම්මා. අපි පන්තියේ හිර වුණා. ඊට පස්සෙ ඉස්කෝලෙ ගුවන් විදුලි සංගමයෙන් හෙන සද්ධෙට දේශාභිමානී ගීත දාන්න ගත්තා. ඊට පස්සෙ තමයි වැඩේ තේරුණෙ. අබේරත්න සර්ගෙ වැඩ තහනමට විරුද්ධව ඉස්කෝලෙ ඇතුළෙයි, එළියෙයි ලොකු උද්ඝෝෂණ. ගල් ගහනවා. කෑ ගහනවා. රතිඤ්ඤා වැල් පත්තු වෙනවා. කැරලි මර්දන ඒකකයෙන් උද්ඝෝෂණේ අයට නෙලනවා. පොලීසියෙන් කදුළු ගැස් ගහනවා. මුළු මරදානම එකම යුධ පිටියක් වෙලා. එදා සුපුන් ඉදන් හිටියෙ මගේ ළග. ඉතින් එදා ඉගැන්නුවෙත් නැති නිසා සුපුනුයි, මායි ආගිය විස්තර ගැන මුළු දවසෙම කතා කර කර හිටියා. ඉස්කෝලෙ එළියෙ මොන මොනාව වුණත් සුපුන්ගෙයි, මගෙයි කතාවට ඒක කොහෙත්ම බාධාවක් වුණෙත් නෑ. එදා ඉස්කෝලෙ 11ට විතර අවසන් කළා. ඊට පස්සෙ දවසෙ දෙන්න තිබ්බ වාර නිවාඩුව එදාම දුන්නා. දෙවෙනි වාරෙ ඉස්කෝලෙ පටන් ගත්තුවමත් මේ කලබලේ තිබුණා. එතකොට උසස් පෙළ පන්තිවල හිටපු අයියලා, අලුතෙන් පත් වෙලා ආපු විදුහල්පතිගෙ කාර්යාලයට ගල් ගහලා, දේපල වලට අලාභ හානි කරනවා, විදුහල්පතිගෙ වාහනේ කුඩු කරනවා මම සියැසින් බලා ගෙන හිටියා. ඊට පස්සෙ මාසයක් විතර ඉස්කෝලෙ වහලත් තිබ්බා.
ඔය කාලෙ තමයි ඉස්කෝලවලට රබර් බෑන්ඩ් මේනියාව ආවෙ. හැමෝම රබර් බෑන්ඩ් ගෙනල්ලා, කොළවලින් උණ්ඩ හදාගෙන, පිල් වලට බෙදිලා, එව්වායින් විද ගන්න පටන් ගත්තා. එක දවසක් වාර නිවාඩුව දෙන දවසෙ, පන්තිය ඇතුළෙ වතුරත් ගහ ගත්තා. හැමෝම පිස්සු නැටුවා. කොහොමින් කොහොම හරි අන්තිමේදි අපේ පන්තිය, 7 වසරෙ පන්ති 13න් නරකම පන්තිය වෙනවා.

8 වසර සහ 9 වසර
2006 අවුරුද්දෙ මම හිටියෙ 8-3 පන්තියේ. 2007 අවුරුද්දෙ හිටියෙ 9-3 පන්තියේ. මේ අවුරුදු දෙකේම අපේ පන්ති භාර මැඩම් වුණේ මංගලිකා අබේසුන්දර මැඩම්. මේ පන්තියට එද්දි සුපුන්ට අමතරව ආයිත් ඉසුරුවත් හම්බ වෙනවා. මේ දෙන්නම වාඩි වෙලා හිටියෙ මගේ ළග. මේ පන්ති දෙකේ ඉන්න කොටත් ගුටි කාපු අවස්ථා ගොඩක් තියෙනවා. 90%ක්ම වේවැල් පාර කෑවෙ මංගලිකා මැඩම්ගෙන්. ඒකෙනුත් 90%ක් ගෙදර වැඩ කරන්නෙ නැතුව ඉස්කෝලෙ ඇවිත්. ඉතිරිවා තව පොඩි පොඩි කොටස් වලට බෙදිලා යනවා. බුදු පහණ තියන්නෙ නැතුව වගේ සිද්ධීන් නිසා. ඒ දවස්වල පන්තිය අතු ගාන්න භාර දීලා තිබ්බ දවසෙ මම තමයි මුලින්ම එන්නෙ. ඉතින් මම පන්තියෙන් ගොඩාක් අතු ගානවා. ඊට පස්සෙ එන එක්කෙනා එතන ඉදන් අතු ගාන්න ගත්තම, විනාඩි 5න් පන්තියම අතු ගෑවිලා. ඊට පස්සෙ අපි කුණු ටිකත් කූඩෙට දාලා බලන් ඉන්නවා, ඊ ළගට එන එක්කෙනාට කුණු විසික් කරන වැඩේ භාර දෙන්න.
2006 අවුරුද්දෙ ක්‍රීඩා උත්සවෙත්, 2007 ක්‍රීඩා උත්සවෙත් අපි සහභාගී වුණු නැටුම්වල තිබුණෙත් එක එක රැකියා ගැන. 2006 අපේ නිවාසෙට හම්බ වුණේ අශ්වාරෝහකයන්ගෙ චරිත. 2007 හම්බුණේ ධීවරයන්ගෙ චරිත. ඒ දවස් වලත් ලොකු කට්ටක් කෑවා, මෙව්වට පුහුණු වෙන්න ගිහිල්ලම. 2006 අවුරුද්දෙ අපේ පන්තියේ ළමයෙක්ට පැපොල හැදුනා මතකයි. ඉතින් එයා ගෙදර නවතින්නෙ නැතුව ඊළග දවසෙත් ඉස්කෝලෙ ඇවිල්ලා. අපිට සිංහල උගන්නපු රුක්මා මැඩම් කිව්වා "මම හූනා කිව්වා වගේ කියනවා. හෙට වෙනකොට තව ළමයින්ට මේක බෝ වෙනවා" කියලා. ඊළග දවසෙ ඉසුරුට ඒක හැදුනා. ඉසුරුගෙන් මට හැදුනා. ඔහොම ඔහොම ගිහින් පන්තියෙන් හුග දෙනෙක්ට පැපොල බෝ වෙන්න ගත්තා. මේ නිසා මාසයක් මට ඉස්කෝලෙ යන්න වුණෙත් නෑ. ඉතින් ඒ මාසයේ බණ්ඩාරවෙල ගියපු අධ්‍යාපන චාරිකාවට මට සහභාගි වෙන්න බැරි වුණා.
මේ කාලෙම තමයි (2007) යුද්ධෙ ටිකක් දරුණුවට පටන් ගත්තෙ. ඒ නිසා මේ සිංහල බෞද්ධ ඉස්කෝලෙ ආරක්ෂාව තර කළා. හමුදාවෙන්, පොලීසියෙන්, සිවිල් සේවා ආරක්ෂක බලකායෙන් ඉස්කෝලෙ වටේට ලොකු Guard එකක් දුන්නා. ඒ අවුරුද්දෙ ඉදන් තමයි ගේට්ටුව ළග බෑග් පරික්ෂා කරන එක ආරම්භ වුණෙත්. ඒ දවස්වල මාසෙට කිහිප සැරයක් අපිට පුහුණුවක් දුන්නා හදිසි අවස්ථාවකදි ක්‍රියාත්මක වෙන්න ඕන අන්දම ගැන කියලා. ඉතින් මේකට පුහුණු වෙනවා කියලා මැරතන් වගේ ඉස්කෝලෙ වටේටම දිව්වා. මේ දේවල් නිසා අපේ පන්ති නායකයත් ටිකක් Form වුණා. අවුරුද්දක් විතර අපි එකට ඉදලත්, එයා ඒ දවස්වල උදේට පුරුද්දක් හැටියට අපේ ඉස්කෝලෙ හැදුනුම්පත් පරික්ෂා කරන්න ගත්තා.
2007 ගිය අධ්‍යාපන චාරිකාවත් මට අමතක කරන්න බැරි තරමේ චාරිකාවක්. ඒකත් මම ගිය හොදම හොද චාරිකාවක්. එදා අපි ගොඩක් විනෝද වුණා. ඒ චාරිකාවෙදි අපි ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා. මම බස් එකේ වාඩි වෙලා හිටියෙ ඩිල්ෂාන් ළග. අපි එයාට ලේසියට කිව්වෙ තිසේරා කියලා. එදා අපි ගියේ රත්නපුරේට. රත්නපුරේ කෞතුකාගාර බැලුවා. රත්නපුරේ පරණ වලව්වක් බැලුවා. රෙජිෆෝම් කර්මාත ශාලාවක් බලන්න ගියා. තේ කර්මාන්ත ශාලා දෙකක් බැලුවා. එක කර්මාන්ත ශාලාවකදි අපි එතන තියෙන තේ කොළ වලින් ගහ ගත්තත් එක්ක. අන්තිමටම ගියේ සබරගමුව මහා සමන් දේවාලයට.
මේ අවුරුද්දෙ අර රබර් බෑන්ඩ් මේනියාව ගොඩක් වැඩි වුණා. අනුන්ට කරදරයක් නොකර, මගේ පාඩුවේ හිටපු මටත් අහළ පහළින් එන උණ්ඩ වැදුනා. අත්වල ඒ ඒ තැන් ගෙඩි ගැහුනා. හොද ඉස්තරම් වර්ගයේ උණ්ඩයක එකක් වැදුනොත්, ඉන්න හරිම අමාරුයි. පස්සෙ ඉවසලා ඉවසලා බැරිම තැන වටේ ඉන්න අයට ගහන්න ගත්තා. ඒත් බැරිම තැන මාත් රබර් පටියක් ගෙනල්ලා කිහිප දෙනෙක්ට විද්දා. ඊට අමතරව කොළ කෑලි වලිනුත් ගහ ගත්තා. එහෙම යුද්ධයක් පටන් ගත්තම ඒක සති දෙකක් විතර දිගට දිගට යනවා.
2007 අවුරුද්දෙ මැද විතර ආයිත් "අනද රේඛා" එකට ඇදපු චිත්‍රයකට සහතිකයක් හම්බ වෙනවා. 2007 අවුරුද්දෙ සංස්කෘතික අමාත්‍යාංශයෙන් පවත්වපු චිත්‍ර තරගෙකට චිත්‍ර ඇදලා, මගේ චිත්‍රයකුයි, යාලුවෙකුගෙ චිත්‍රයකුයි තේරිලා තිබ්බා. ඉතින් අමරා මැඩම් අපිව විදුහල්පතිතුමාගෙ Office එකටත් ගෙනිච්චා. ඊට පස්සෙ අපිට මල්ලිලා 4 දෙනෙකුත් භාර දුන්නා. අපේ කණ්ඩායමට අයියලා 10කුත් එකතු වුණා. මේ කණ්ඩායම සහතික ප්‍රධානය කිරීමේ උත්සවයට ගෙනියන්න භාර දුන්නෙ අපේ රවින්ද්‍ර දෙමටදෙණිය සර්ට. අපිත් ඉතින් VIPලා වගේ ඉස්කෝලෙ බස් එකේ ගිහින් උත්සවේට සහභාගි වුණා. උත්සවය 1.30ට ඉවර වුණා. එළියට ඇවිත් බලද්දි බස් එක නෑ. ඉතින් බස් එක එනකන් හවස 3 වෙනකන් එතන හිටියා. අයියලා ටික එහෙම්මම ගෙදර ගියා. මගේ යාලුවත් ඒ අය එක්ක ගියා. මායි, මල්ලිලා 4 දෙනයි, සර්වුයි විතරයි ඉතුරු වුණේ. ඊට පස්සෙ සර් කාගෙද පෞද්ගලික වාහනයක් කතා කරගෙන තමයි අපිවත් ඒකෙ දාන් ඉස්කෝලෙට ආවෙ. එක මල්ලි කෙනෙක් සර්ගෙ ඔඩොක්කුව උඩ වාඩි වුණා. තව මල්ලි කෙනෙක් මගේ ඔඩොක්කුව උඩ. මේ පුංචි වාහනේ අපි ඔක්කොම හිර වෙලා ආවෙ හරියට සැමන් Pack කරලා වගේ. ඉස්කෝලෙට එනකොට ඉස්කෝලෙ බස් එක පුස්තකාලෙ ළග නවත්තලා තිබ්බා. ඕක දැකලා මට ආපු කේන්තිය මෙහෙමයි කියන්න බැරි තරම්....
මේ අවුරුද්දෙම අපිව ආයිත් පාරක් ග්‍රහලෝකාගාරය බලන්න එක්කන් ගියා. ඒ 9 වසරෙ විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන, ග්‍රහලෝක ගැන පාඩමකට. මේ කාලෙ එක දවසක් චිත්‍ර Period එකක් Cut කරන්න වුණා මතකයි. මේක පන්ති නායකයො ඇතුළු හැමෝම ගත්ත තීරණයක්. ඉතින් ඒකට පිටින් ගියොත් පාවා දීමක් වෙන නිසා, අපිත් ඔහේ හිටියා. ඉතින් පැය 1 1/2කට කිට්ටු කාලයක් චිත්‍ර කාමරේට නොගිහින්, අපි පන්තිය ඇතුළෙ හිටියා. ගොඩක්ම බය වුණේ ප්‍රසාද් සර්ට (අංශ භාර සර්) අහු වෙයි කියලා. කොහොමින් කොහොම හරි චිත්‍ර තිබ්බ 4, 5 Period දෙක ඉවර වුණා. ඊට පස්සෙ විවේක කාලය. ඉතින් හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. දෙයියනේ කියලා කෑම පෙට්ටිය ගන්න කොටම, මෙන්න බොලේ අමරා මැඩම් යක්ෂාවේශ වෙලා පන්තියට ආවා. ඊට පස්සෙ මම ඇතුළු පන්තියේ ඉන්න හැමෝටම කම්මුල් පාර බැගින් තෑගි දුන්නා....

10 වසර සහ 11 වසර
මම 2008 හිටියෙ 10-6 පන්තියේ. 2009 හිටියෙ 11-6 පන්තියේ. 10 වසරෙ අපේ පන්ති භාරව හිටියෙ රංජිත් පයාගල සර්. 11 වසරෙ පන්ති භාරව හිටියෙ මනෝරි හේවාවසම් මැඩම් (මෙම වසර දෙක මගේ සිත්ගත් මිහිරි අවුරුදු දෙකක් නෙවේ. ඒ නිසා පෞද්ගලික කාරණා කිහිපයක් මත මෙම වසර දෙක පිළිබදව සටහනක් නොතබමි )
12 වසර සහ 13 වසර
උසස් පෙළ කාලය කියලා කියන්නෙ මගේ වසර 13ක පාසල් ජීවිතයේ සුන්දරතම කාලයයි. මගේ ප්‍රීතිමත්ම අවුරුදු දෙක. ඒකට ගොඩක්ම හේතු වුණේ මගේ යාලුවො. මට උසස් පෙළ වලට හොදම හොද යාලුවො කණ්ඩායමක් ලැබුණා. ඒ වගේම ගුරුවරු කණ්ඩායමක් ලැබුණා. කලා අංශෙ යාලුවො මට ගොඩක් විශේෂයි. ඒකට හේතුව "ගම්පොලෙන් වෙනස් වුණු මම" කියන ලිපියෙ සටහන් කරපු නිසා ආයිත් සදහන් කරන්න අවශ්‍ය නෑ කියලා හිතුවා. මේ කාලයේ ගොඩක් වෙලාවට මම තැන්පත් චරිතයක්. ගොඩක් අය දන්නෙ නැති වුණාට, මම එහෙම ඉදගෙන ඒ ඒ අය කරන කියන දේවල් බලා ගෙන හිතින් ගොඩක් විනෝද වුණා.
12 සහ 13 වසරෙ අපේ පන්ති භාරව හිටියෙ රවීන්ද්‍ර දෙමටදෙණිය සර්. අපේ කලා අංශෙ පන්ති තිබුණෙ එකිනෙකට සම්බන්ධ කරලා. ඒ නිසා අපිට ඇතුළෙනුත් ඒ පන්ති හරහා යන්න පුලුවන්. චිත්‍ර කාමරේ ඇතුළෙ දොරෙන් 13-1 පන්තියට එන්න පුලුවන්. 13-1 පන්තියේ ඇතුළෙ දොරෙන් 13-2 පන්තියටත්, 13-2 පන්තියෙ ඇතුළෙ දොරෙන් 12-2 පන්තියටත් යන්න පුලුවන්. 12-2 පන්තියේ ඇතුළෙ දොර සම්බන්ධ වෙලා තියෙන්නෙ කලා අංශයේ කාර්යාලයට. ඒ දොර හරහා කාර්යාලයට ඇතුල් වෙන කොට, කාර්යාලය ඇතුළෙත් දොරක් තියෙනවා. ඒ දොරෙන් ඇතුල් වුණාම තියෙන්නෙ 12-1 පන්තිය. 12-1 පන්තිය ඇතුළෙ දොර හරහා අපිට භාෂා කාමරේටයි, ඉතිහාසය උගන්නන තැනටයි පිවිසෙන්න පුලුවන්. ඒ නිසා මුළු කලා අංශෙම එකම පවුලක් වගේ. එහා පන්තියේ අය අපේ පන්තියේ ඉන්නවා. අපේ පන්තියේ අය එහා පන්තියේ ඉන්නවා.
මේ කාලෙ හිටපු යාලුවන්ගෙන් ගොඩක්ම පරිස්සම් වුණේ ධනුෂ්කගෙන්. මොකද ධනුෂ්ක ළග භයානක ආයුධයක් තිබුණා. ඒ තමයි එයාගෙ ජංගම දුරකතනය. ඉතින් මේ පැපරාසියා ගොඩක් වෙලාවට අනිත් අය ගැන සෙවිල්ලෙන් හිටියෙ. හොරෙන් ඉදගෙන පින්තූර ගත්තු අවස්ථා ගොඩක් වාර්තා වෙනවා. ඉතින් මේ භයානක ආයුධය එයාගෙ අතේ තියෙන කොට, මම ගොඩක් වෙලාවට එයාව මග ඇරලා යන්න තමයි උත්සාහ කළේ. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණු අවස්ථාත් නැතුවා නොවේ....

අපේ කලා අංශෙ අපිට ඕනෑ තරම් නිදහස දීලා තිබුණා. ඉතින් කිසිම කලබලයක් නැතුව අපි නිදහසේ තමයි ඉගෙනීම් වැඩ කළේ. සමහරක් දවස් වලට සමහරක් කාල පරිච්ඡේදවල අපිට වැඩ නෑ. එහෙම දවස් වලට අපි කළේ කලා අංශය ඉස්සරහ තියෙන බංකුවේ වාඩි වෙලා කතා කර කර ඉන්න එක. ඇහැළ ගහ යට තමයි බංකු, පුටු, මේස තිබ්බෙ. ඉතින් ඒ ගහ යට ඉන්න කොට හරිම සැපයි. සිසිලසයි. කලා අංශෙ කොහොමත් පිහිටලා තිබ්බෙ භාහිර පරිසරයෙන් වෙන් වුණු, උස් ප්‍රදේශයක. මල් වවලා, ගස් වවලා, හැම තැනම චිත්‍ර ඇදලා..... බලන්න හරිම ලස්සනයි.
ඔය කාලෙ එක දවසක් උදේ රැස් වීමට විදුහලපතිතුමා කඩා පාත් වුණා මතකයි. ඒ කියන්නෙ අපේ ධර්මසේන සර්. ශිෂ්‍ය භට කණ්ඩායම පිහිටුවලා තිබ්බෙ අපේ කලා අංශෙට එහා පැත්තෙ. ඉතින් සර් ශිෂ්‍ය භට කණ්ඩායමේ අකටයුතුකම් හොයන්න ආපු වෙලාවක, අහම්බෙන් වගේ තමයි ආවෙ. ඇවිල්ලා අපිව පූර්ණ පරීක්ෂණයකට භාජනය කළා. රැවුල්, කොණ්ඩ එහෙම බැලුවා. මගේ උරහිසට තට්ටුවක් දාගෙන වටෙන් ඇවිත් කිව්වා "කෝ පෙන්නනො බලන්න නියපොතු" කියලා. ඉතින් මමත් වීරයා වගේ අත් දෙකේ නියපොතු පෙන්නුවා. මොකද මම නියපොතු වැවෙන්න නොදී කපන නිසා. මළ හත්තිලව්වයි... නියපොතු කපන්න අමතක වෙලා. නියපොතුවල කුණු පිරිලා. "මේ මොනවද මේ..???? ජරාව..!!!! " සර් ටිකක් සැරෙන් කිව්වා. මාත් ඉතින් ඒක අනුමත කරමින් දෙපාරක් විතර ඔළුව වැනුවා. සර්ගෙ හිතේ මට තේරුණේ නෑ කියලා. ඒ පාර සර් ඒක ටිකක් පැහැදිලි කළා. "ජරාව...????? ජරාව ජරාව....." . එදා තරම් බය වුණු දවසක් මගේ ජීවිත කාලයෙවත් නැද්ද කොහෙද.
ඔය පොඩි පන්තිවල නැති වුණාට ඒ කාලෙ නම් හරි හරියට Period Cut කළා. English Period එක හතර පාරක් Cut කළා. Econ. Period එක දෙපාරක් විතර Cut කළා. ශ්‍රියා මැඩම්ගෙනුයි, රම්‍යා මැඩම් ගෙනුයි බේරිලා ඒ වගේ හොර වැඩ කරන්න හරිම අමාරුයි. Cut කරපු නැති එකම විෂය වුණේ නිමල්

සර්ගෙ ඉතිහාසය Period එක විතරයි. එතන ඉදන් ඇති වෙන්න Fun එකක් ගන්න පුලුවන්. මොකද නිමල් සර් අපිට උගන්නන්නෙ විහිළු කර කර.
BC Period එක නම් හිසේ කෙස් ගාණටත් වඩා Cut කරලා තියෙනවා. ඒක මගේ විතරක් නෙවේ, BC කරපු අනිත් තුන්දෙනත් එක්ක එකතු වෙලා ගත්තු තීරණයක්. සෑහෙන්න ප්‍රමාණයක් අපි Cut කළා. ආනන්ද හාමුදුරුවො එහෙම දැන ගත්තා නම් අපිව හම ගහලා, රෙදි වැලක එල්ලයි. |
එක දවසක් BC වල හාමුදුරුවො අපිට රාජ්‍ය පාලනය ගැන ඉගැන්නුවා. ඒ පාඩමේ ඉස්සර මිනිස්සුන්ට දඩුවම් කරලා තියෙන ක්‍රම ගැනත් සාකච්ඡා කළා. හාමුදුරුවො සටහන දීලා ඉවර වුණායින් පස්සෙ, විස්තර කරන කොට, අතර මගදි අපෙන් ප්‍රශ්න අහනවා. එතකොට අපි උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. හැබැයි පොත බලන්න පුලුවන්. ආනන්ද හාමුදුරුවො මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඒ කාලෙ දීපු දඩුවම් ක්‍රමයක් නම් කරන්න කියලා. පොතේ මුලින්ම තිබ්බෙ හිස ගසා දැමීම ගැන. ඒක සටහනේ දීලා තිබුණෙ මෙහෙමයි.
* දෑත් පිටුපසට තබා බැද, වද මල් පළදවා, දං ගෙඩියට ගෙන ගොස් හිස ගසා දැමීම
ඉතින් නිකංම හිස ගසා දැමීම කියනවට වඩා මුළු වාක්‍යම කියන එක හොදයි කියලා හිතුවා. ඉතින් මම මුළු වාක්‍යම කිව්වා. "ආයිත් කියන්න"... ආනන්ද හාමුදුරුවො කිව්වා. ආයිත් මම මුළු වාක්‍යම කියෙව්වා. "ආහ්හ්හ්..???? " ආනන්ද හාමුදුරුවො එහෙම කිව්වා. ඊට පස්සෙ මම කිව්වා "හිස ගසා දැමීම" කියලා. "නෑ නෑ මුළු වාක්‍යම කියවනවා" ආනන්ද හාමුදුරුවො එහෙම කියද්දි මම ආයිත් සම්පූර්ණ වාක්‍යම කියෙව්වා. ඒ පාර ආනන්ද හාමුදුරුවො "මොකක් මොකක්..???" කියලා මගෙන් ඇහුවා. එදා හිටියෙ මායි, ලක්මිණයි විතරයි. ලක්මිණත් මං දිහා හිනා වෙවී බලන් හිටියා. මොකක් හරි කචල් එකක් ගිහින් කියලා හිතලා ආයිත් මම වාක්‍ය හිතෙන් කියෙව්වා. අම්මට සිරි.... මම දංගෙඩිය කියන වචනය වෙනුවට ලියලා තියෙන්නෙ වංගෙඩිය කියලා. මම මෙච්චර වෙලාවක් දංගෙඩිය වෙනුවට වංගෙඩිය කියලා තමයි කියලා තියෙන්නෙ. "වංගෙඩි...????? අපි නම් අහලා නෑ මේ වංගෙඩිවල තියලා හිස ගසා දානවා කියලා......... දංගෙඩිය..... හදා ගන්න ඒක.... දැන් කාලෙ ගෙවල්වල වංගෙඩි තියෙනවද..???? දකින්නත් නෑ නේද..???? " කියලා හාමුදුරුවො කට කොනින් හිනා වුණා.
ඔය කාලෙ එක දවසක් BC යන කොට රත්නායක සර්ව හම්බුණා. රත්නායක සර් ඉගැන්නුවේ නාට්‍ය හා රංග කලාව. රත්නායක සර් හැමෝ එක්කම කතා බහ කරනවා. හැබැයි කතාවට අහු වුණාම ගැලවෙන්න අමාරුයි. ඉතින් රත්නායක සර් මාත් එක්ක කතා කරන්න ගත්තා. විනාඩි 15ක් තිස්සෙ මගෙන් විස්තර

අහනවා. නම, ගම් පළාත, දෙමාපියන්ගෙ විස්තර.... ඔන්න ඔය වගේ... ඊට පස්සෙ ඇහුවා කරන විෂයවල් ගැන. කරන විෂයවල් තුන කිව්වයින් පස්සෙ සර් මෙහෙම අහනවා. "ආහ්... BC කරනවා නම් ඉතින් සිල් ගන්නවා ඇතිනෙ". මාත් ඉතින් හිනා වුණා. "සිල් ගන්නවද?" කියලා සර් ඇහුවා. මම කිව්වා "ඉස්සර නම් ගත්තා. දැන් නම් ගන්නෙ නෑ" කියලා. ඊට පස්සෙ සර්ට අහන්න ප්‍රශ්නයක් නැති තැන මගෙන් අහපි "කොහෙන්ද සිල් ගත්තේ?" කියලා.
|
සිල් ගන්නවා කියන කොට මතක් වෙනවා අපි 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිල් ගත්තු හැටි. එදා මුළු ඉස්කෝලෙම සිල් සමාදන් වුණා. අපේ අයත් එක්ක එකට ඉදගෙන අපි සිල් සමාදන් වුණා. එදා නම් අපේ විසේකාරයො ගොඩක්ම තැන්පත් වෙලා තමයි හිටියෙ. අපි සිල් සමාද වුණේ Hostel එකේ. 1,2,5,7,9 වගේ පන්ති වලත් සිල් සමාදන් වෙලා තිබ්බට, එදා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිල් සමාදන් වුණු දවස නම්, ජීවත් වෙලා ඉන්න තුරු අමතක වෙන එකක් නෑ.
උසස් පෙළ කරපු කාලෙත් හොදම කාලෙ වුණේ 2012 අවුරුද්දෙ මාර්තු මාසෙ. ඒ "අනද අභිමන්" අධ්‍යාපනික, සංස්කෘතික, වෙළද ප්‍රදර්ශනය තිබ්බ කාලෙ. මේක තමයි ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරපු විශාලම ප්‍රදර්ශනය. ඉතින් මේකට වැඩ කරන්නත් වුණා. මම සම්බන්ධ වුණේ ඉතිහාසය විෂයට. අපේ නිමල් සර්ගෙ සැලැස්ම වුණේ "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සංකල්පය ඉස්මතු වෙන විදිහේ නිර්මාණයක් කරන්න. මේ නිර්මාණය ගොඩක් අයගේ පැසසුමට ලක් වුණා. නිමල් සර් කියලා කියන්නේ හද්දා පිටිසර ගමක හැදුණු, දහසකුත් එකක් කම්කටළු මැද ජීවිතය ජය ගත්ත, සුන්දර මනුස්සයෙක්. සර් ගමේ ඉන්න කොට ඇසින් දුටු දේවල් සහ අත්දැකීම් පාදක කර ගෙන තමයි, මේක නිර්මාණය වුණේ. මේ නිර්මාණයට මූලිකත්වය ගත්තෙත් අපේ නිමල් සර්ම තමයි. ඒ වගේම මේ නිර්මාණය කරන්න 95% දායකත්වය දුන්නෙ 2013 උසස් පෙළ කරන මල්ලිලා ටික. අපි කළේ පුලුවන් පුලුවන් විදිහට පැත්තෙන් ඉදගෙන අත් උදව් දීපු එක තමයි.
ඒ වෙනකොට 13 වසරෙ අපිට පළවෙනි වාර විභාගයත් පටන් ගෙන. ඒ නිසා වාර විභාගය ඉවර වෙලා, 2012 මාර්තු 21 වෙනි බදාදා තමයි සහයෝගය දෙන්න කියලා ගියේ. ඒ වෙනකොට 13 වසරෙ ඉතිහාසය කරපු අනිත් අය අනිත් විෂයන්වල නිර්මාණ වැඩවලට සම්බන්ධ වෙලා. ඉතින් 13 වසරෙ අයගෙන් ඉතිරි වුණේ මමයි, චාමරයි, සජිතුයි, ප්‍රමිත්වුයි විතරයි. සර් අපිව යොමු කළේ ධම්මිකා මැඩම් ළගට. ධම්මිකා මැඩම් කියන්නෙ, කලා අංශයේ චිත්‍ර උගන්නන තවත් මැඩම් කෙනෙක්. මේ මැඩම් මේ නිර්මාණයට දායක වුණා. ඉතින් මේ මැඩම් යටතේ මුලු දවසෙම අපිට යකඩ කම්බි වලින් හදපු චෛත්‍යක, කොන් ටික කම්බි දගර වලින් ගැට ගහන්න වුණා. මේ අස්සෙ ශ්‍රියා මැඩම්, දැල්කදුර මැඩම්, රේණුකා මැඩම් එහෙම අපිට බීම ගෙනල්ලා ඇල්ලුවා මතකයි. ටික වෙලාවකට පස්සෙ 6 වසරෙ මල්ලිලා ටිකක් ඇවිල්ලා අපි හදන්න තටමන චෛත්‍යය දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකට පස්සෙ එයාලා අපෙන් ප්‍රශ්න අහන්න ගත්තා. "අයියේ මේ මොකක්ද අයියේ...අනේ කියන්නකො... කියන්නකො....මොකක්ද ඔය හදන්නෙ...???? " ...... මේක නිමල් සර්ටත් ඇහුණා. නිමල් සර් හැරෙන තැපෑලෙන් ඒ අයට උත්තරයක් දුන්නා. "මේකද කොල්ලො..???? මේක ඇවිල්ලා Merry Go Round එකක්. " ඕක අහපු අපි ඔක්කොටම මාර හිනා.
ඊට පස්සෙ දවසෙ අපේ කණ්ඩායමෙන් ආවෙ මමයි, ප්‍රමිත්වුයි විතරයි. ප්‍රමිත් එදා දේශපාලන විද්‍යාව ප්‍රදර්ශන කුටියෙ වැඩ වලට ගියා. ඒ නිසා 13 වසර ඉතිහාසය කරන අයගෙන් ඉතුරු වුණේ මම විතරයි. ඉතින් එදා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න වුණා. ධම්මිකා මැඩම් මගෙන් මරව මරව වැඩ ගත්තා.

තත්පරයක්වත් එදා විවේකයක් තිබ්බෙ නෑ. මේස, පුටු, බංකු, ගඩොල්, ලෑලි, ලී, වඩු ආම්පන්න එහේ ගෙනියනවා. මෙහේ ගේනවා. ආයිත් එහේ ගෙනියනවා. ආයිත් මෙහේ ගේනවා. එකම යුද්ධයයි. ලෑලි කපනවා, පොළොව අතු ගානවා, ගෙවල් හදනවා, පොළොව උඩ අලුතින් පස් පුරවනවා, පස් අතුරනවා, කම්බි කපනවා, දැල් වලින් පොඩි පොඩි මිනිස්සු හදනවා, කම්බි උස්සන් එනවා, එව්වා මිටියෙන් ගහලා ලෙවල් කරනවා, පොළොව හාරනවා, කොළ අහුලනවා, නිර්මාණ එහාට
|
අදිනවා, මෙහාට අදිනවා, එව්වට පාප්ප ගානවා, පත්තර කොළ ඉරනවා, ලණු ගැට ගහනවා.... මේ වගේ සෑහෙන්න මහන්සියක් වෙන්න වුණා. ඒ විතරක් නෙවේ එහාට මෙහාට බීම Supply කරන්න, පණිවිඩ ගෙනියන්නත් වුණා. යාලුවො අඩ ගහපු නිසා දේශපාලන විද්‍යා, ජපන් භාෂා ප්‍රදර්ශන නිර්මාණවලටත් සහයෝගය ලබා දෙන්න වුණා. එදා හවස ශ්‍රියා මැඩම් අපිට තේ හදලා දුන්නා මතකයි. එදා ගෙදර යන කොටත් සෑහෙන්න හවස් වෙලා. රෑ වෙන කොට, වෙච්ච මහන්සියේ හැටියට හොද පණ ගිහින්. කොච්චර මහන්සි වුණාද කිව්වොත් "ප්‍රාණික් හීලිං" ලිපියෙ සදහන් කරලා තියෙන මගේ ඇගේ ලේ අඩු වුණායින් පස්සෙ, ආපු ඔක්කොම අතුරු ආබාධ තත්ව ටික එකපිට එක එන්න ගත්තා. මොකද ඒ රෝගී තත්වය ඇති වුණේ, මීට සති දෙකකට විතර කලින්. ලොකු කැස්සක් ආවා. හතිය වගේ ආවා. හුස්ම ගන්න අමාරු වුණා. පපුව රිදෙන්න ගත්තා. හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. කලන්තෙ ගතියක් එන්න ගත්තා...... ඒ නිසා ඉතිරි දවස් දෙක තුනේ නිර්මාණ වැඩ වලට සහයෝගය දෙන්න ඉස්කෝලෙ යන්න බැරි වුණා.
අනද අභිමන් ප්‍රදර්ශනය විවෘත වුණේ 2012 මාර්තු 26 වෙනි සදුදා. ආයිත් මම ඉස්කෝලෙ ගියේ මාර්තු 27 වෙනි අගහරුවාදා. ඒ කියන්නෙ ප්‍රදර්ශනයේ දෙවෙනි දවසෙ. කලා අංශෙට එන කොට ලස්සනට ඒ නිර්මාණය ඉවර කරලා තිබුණා. " මහා පරිමාණයෙන් නැතත්, පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව, අංශු මාත්‍රයකින් හරි මේකට දායකත්වයක් දෙන්න පුලුවන් වුණා නේද..???? " කියලා, ඒ වෙලේ මට ලොකු සතුටක් ඇති වුණා. ඒක මෙච්චරයි කියලා කියන්න බැරි තරම්...!!!!!!!!

එදා දවසෙම කළේ යාලුවො එක්ක කැමරාවකුත් අරන්, ඉස්කෝලෙ වටේ රවුම් ගහපු එක. වැඩියෙන්ම ලැගුම් ගත්තෙ ජපන් භාෂා ප්‍රදර්ශන කුටියෙයි, භූගෝල විද්‍යා ප්‍රදර්ශන කුටියෙයි. එදා ගොඩක් තැන්වල ඇවිද්දා. ගෙදර යන කොට කකුල් දෙක කරේ තියාගෙන තමයි ගියේ. ඒ විතරක් නෙවේ..... යාලුවොත් එක්ක එකට ඉදගෙන පින්තූර ගන්නත්, "අනද අභිමන්" හොද අවස්ථාවක් වුණා. ඒ සතියෙම අපි හොදට විනෝද වුණා.
උසස් පෙළ විභාගය ලියලා ඉවර වුණායින් පස්සෙ නම් ලොකු දුකක් හිතට දැනුණා. මොකද යාලුවො අපෙන් ඈත් වෙලා යන නිසා. දැන් අපේ අරමුණු, දැක්මවල් ඔක්කොම වෙනස්. ඉතින් අපි හැමෝම බෙදිලා බෙදිලා එක එක පාරවල්වල ගමන් කරනවා. සමහරක් අය අපිව දාලා රට ගිහිනුත් එක්ක. මම කලිනුත් සදහන් කළා වගේ උසස් පෙළ කාලෙ තමයි මම ගත කරපු හොදම අවුරුදු දෙක. ආයිත් මේ වගේ සුන්දර කාලයක් එන්නෙ නෑ. ඒත් ඒ සුන්දර මතකයන් ටික හරි අපි සතුව තිබීමම සැනසීමට කාරණාවක් වෙනවා...!!!!!!!!