ආනන්දේ කළු ජූලිය
2005 අවුරුද්දේ මාර්තු 31 කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය උඩු යටිකුරු වුණු දවසක්. ආනන්දයේ එදා මෙදා ඉතිහාසය තුර ක්‍රියාත්මක වුණු දැවැන්තම අරගලය. ඒ තමයි ආනන්දයේ එවකට විදුහල්පතිධූරය දරපු බී.ඒ.අබේරත්න සර් පළවෙනි වතාවට වැඩ තහනමකට ලක් වුණු දවස. මේ අරගලය මාසයකටත් වඩා තිබුණා. මේ කාලය ඇතුළත ආනන්දයේ සෑම සියලු දෙයක්ම අතරමග ඇන හිටියා. සාමාන්‍යයෙන් ආනන්දයේ ගුවන් විදුලි සංගමයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ උදෑසන 6.45ට විතර. උදෑසන 6.45 සිට උදෑසන 7.25ට පාසල් රැස්වීම ආරම්භ වෙනකංම පාසල පුරාවටම තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දේශාභිමානී සහ ළමා ගීත විකාශය කෙරෙනවා. ඒත් එදා ඒ කිසිම දෙයක් නෑ. මුළු ඉස්කෝලෙම නිශ්ශබ්දයි. ප්‍රධාන ගේට්ටුව දෙපැත්තේ තියෙන තාප්පවල අතුරු සිදුරු නැතුව පෝස්ටර් අලවලා. ඒ පෝස්ටර්වල තිබ්බේ සටන් පාඨ. හරියට විප්ලවයකට ලෑස්ති වෙනවා වගේ.
අන්‍යාගමිකයන් රිංගවන්න
ආනන්දය දංගෙඩියට
අනද උරුමය රැක ගන්න
බෞද්ධයිනි පෙරට එන්න !
මගේ පොඩි ටාරා
පී පී ගෑවා
ජාතික පාසල්
ඔක්කොම කෑවා !
ආනන්දය රැක ගනිමු !
මේ අතරේ එක ළමයෙක් ගේට්ටුව ළග ඉදගෙන ඇතුල්වෙන හැම කෙනාටම කහ පාටට හුරු, පොඩි අත්පත්‍රිකාවක් බෙදනවා. ඒකෙ ගහලා තිබ්බේ බී.ඒ.අබේරත්න විදුහල්පතිතුමාව වැඩ තහනමකට ලක් කරලා කියලා. ඒකට හේතුව විදිහට මාධ්‍ය මගින් ප්‍රචාරය වුණේ අල්ලස් චෝදනාවක් කියලා. අත්පත්‍රිකාව කියවපු අපිට නම් ඒ සිද්ධිය අදහාගන්න බැරි වුණා. අබේරත්න සර්ගෙ කාලය තමයි මෑත භාගයේදී ආනන්දයේ ඇති වුණු ස්වර්ණමය යුගය. අබේරත්න සර් මුළු ඉස්කෝලෙම සංවර්ධනය කළා. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපන කටයුතුත් ගොඩ නැගුවා. මේ දේවල් කරන ගමන් ගුරුවරු සහ ශිෂ්‍යන් අතරේ ශක්තිමත් යාන්ත්‍රණයක් හැදුවා.

අපේ ඉස්කෝලෙ පිහිණුම් තටාක දෙකක් තියෙනවා. එකක් අති විශාලයි. අනික හරිම පුංචි. මේ පුංචි පිහිණුම් තටාකය ඉස්සර තිබ්බේ රවුම් හැඩයකට. බැලූ බැල්මට පේන්නෙ හරියට ළිදක් වගේ. මේක සම්පූර්ණයෙන්ම කඩලා, ලොව පිළිගත් ප්‍රමිතියකට අනුව පිහිණුම් තටාකයක් හදන්න අබේරත්න සර් පියවර ගත්තා. අබේරත්න සර් අපේ ඉස්කෝලෙ වැඩ භාර ගන්නකොට අපිට තිබුණේ අබලන් වුණු කුලරත්න ශාලාවක්. පිටින් බැලුවම පේන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වගේ. ඇතුළෙ වහලෙ පරාල ලී ඔක්කොම පේනවා. හරිම කැතයි. ඒත් අබේරත්න සර් මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා, හොද ප්‍රමිතියකට සහ සැලැස්මකට අනුව අලුතෙන්ම නිර්මාණය කළා.
සර් අපේ ඉස්කෝලෙ වැඩ භාර ගන්නකොට අපේ ක්‍රීඩා පිට්ටනිය හරියට සහාරා කාන්තාරයක් වගේ. ඒත් සර්ගේ කාලය ඇතුළත ක්‍රීඩා පිට්ටනියට අලුතෙන් තණපිඩලි අල්ලලා, වතුර මල් හයි කරලා, හරිත වර්ණ පිටියක් බවට පත් වුණා. සර් ප්‍රාථමික අංශය මුළුමනින්ම 5S කළා. ප්‍රාථමික අංශය පුරාවටම හොද පුරුදු සහ 5S ක්‍රමය ගැන දැන්වීම් පුවරු හයි කළා. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ නොකළ හැකි කියලා පාට පාට කසල බදුන් ස්ථාපිත කළා විතරක් නෙවේ ගමන් මාර්ගවල (පඩිපෙල්, පිවිසුම් මාර්ග, ප්‍රධාන සහ අතුරු මාර්ග) ඊතල හිටං ලකුණු කළා. ඉතින් හැම තිස්සෙම දකුණු පැත්තෙන් යන්න අපි පුරුදු වුණා.
6 වසරේ ඉදන් ඉහළ පන්තිවලට සිසු වැඩ පොත් ක්‍රමයක් ආරම්භ කළා. නාම ලේඛනයේ පිළිවෙල අනුව හැම දවසකම කවුරු හරි ළමයෙක්ට මේ සිසු වැඩ පොත ලැබෙනවා. එදා දවසේ කරන කියන දේවල් එයා ඒ පොතේ ලියන්න ඕන. ලියලා ඉවර වෙලා අදාළ ගුරුවරයාට පොත පෙන්නලා, අත්සන් කර ගන්නත් ඕන. මේ පොතේ එදා දවසේ කළ කී දේවල් ඔක්කොම සටහන් වෙලා තියෙනවා. සර් නිතරම වගේ පන්තිවලට කඩා පනිනවා. ඒ හැම පාරම සර් මුලින්ම බැලුවේ සිසු වැඩ පොත. හැම ළමයෙක්ම අනිවාර්යෙන්ම මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕන කියලා නීතියක් ගෙනාවා. ඉතින් අබේරත්න සර් මේ වගේ ගොඩාක් දේවල් අපේ පාසල වෙනුවෙන් කළා. මේ වගේ විදුහල්පති කෙනෙක්ව පාසලෙන් ඉවත් කරනවා කියන්නේ, ඒ පාසලට විශාල පාඩුවක්. ඒ නිසාම තමයි 2005 මාර්තු 31 මේ වගේ වැඩපිළිවෙලක් සංවිධානය වුණේ.

එදා එක Prefect අයියා කෙනෙක්වත් උදේ රැස්වීම වෙනුවෙන් අපිව පහළට එක්කරගෙන යන්න ආවේ නෑ. ඉදලා ඉදලා බැරිම තැන අපිම පහළට ගියා. ඒත් ඉතින් ඉස්කෝලෙ කිසිම සද්ධයක් බද්ධයක් නෑ. පන්සිල් සමාදන් වෙන්න පටන් ගන්නකොට වෙලාව 8.00 කිට්ටු කරලා ඇති. පන්සිල් දුන්නායින් පස්සෙ කිසිම හා හූවක් නෑ. අපිත් ඉතින් ඔහේ බලාගෙන හිටියා. ඒත් වෙනදා වගේ සිංහල සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශනය තිබ්බෙත් නෑ. පන්සිල් සමාදන් වෙලා විනාඩි 15කට විතර පස්සේ එක පාරටම ජාතික ගීයයි, පාසල් ගීයයි විකාශනය කළා. ඊට පස්සෙ තමයි අපි පන්තිවලට ගියේ. පැයක් විතර ගියාට පස්සේ දේශාභිමානී ගීත විකාශය වෙන්න පටන් ගත්තා මහා සද්ධෙට. වැඩියෙන්ම විකාශය වුණේ බණ්ඩාර ආතාවුද මහත්තයාගේ "නන් සුරන් බැතියෙන් පිදූ" ගීතය.
|
මේ දේශාභිමානී ගීතවල සද්ධෙත් පරද්දවලා ලොකු සද්ධයක් මහපාර දිහාවෙන් ඇහුනා. ඒකෙන් මේකෙන් අපිට තේරුම් ගියා එළියේ ලොකූ උද්ඝෝෂණයක් යනවා කියලා. එතකොට අපි හිටියේ 7 වසරේ. අපි දැක්කා 8 සහ 9 වසරවල්වල ඉන්න අයියලා පොලු කෑලි, පෝස්ටර් කෑලි අරගෙන පහළට දුවගෙන දුවගෙන යනවා. ඔන්න දැන් 7 වසරේ අපිත් එළියට බහින්න තමයි ලෑස්තිය...
|
ඒ කාලේ 7 වසරේ අංශ භාරව වැඩ කළේ සෙනවිරත්න කියලා මැඩම් කෙනෙක්. සෙනවිරත්න මැඩම් 2005 අවුරුද්ද අගදි විශ්‍රාම ගියා. ඉතින් සෙනවිරත්න මැඩම් ඇවිල්ලා ඔක්කෝම 7 වසරේ පන්තිවල දොරවල් වහලා, එළියෙන් අගුල් දැම්මා. උද්ඝෝෂණය නිසා මුළු පස්මහලම හිස් වෙද්දි, 7 වසරේ ළමයි විතරක් ඉතුරු වුණා. එක පැත්තකින් දේශාභිමානී ගීත. තවත් පැත්තකින් මහා උද්ඝෝෂණ සද්ධ. ඒ අස්සේ ඉස්කෝලෙන් එළියෙයි, ඉස්කෝලෙ ඇතුළෙයි හැම තැනම රතික්ඤා, චීන පටස් එහෙමත් මහා සද්ධෙට පුපුරන්න ගත්තා.
ඒත් එක්කම ආරංචියක් ආවා උද්ඝෝෂණේ ඉන්න අයට දිගට හරහට කදුළු ගෑස් ගහනවා කියලා. ආරංචිය ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ පිටිපස්සෙ ගේට්ටුවෙන්, පුලුවන් ඉක්මනට ගෙවල්වලට යන්න කියලා නියෝගයක් ආවා. ඉතින් අපි එදා පිටිපස්සේ ගේට්ටුවෙන් පිටවුණා. එතකොට වෙලාව උදේ 11.00ට විතර ඇති. එදාට පහුවෙනිදා (අප්‍රේල් 01) තමයි අපිට 1 වෙනි වාර නිවාඩුව හම්බ වෙන්න තිබ්බේ. ඒත් අපේ ඉස්කෝලෙ වාර නිවාඩුව මාර්තු 31ම ලැබුණා.
ඒ කාලයේ අපේ රටේ ජනාධිපතිතුමිය වුණු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය, අපේ රටේ පාසල්වල සිද්ධ වෙන අල්ලස් චෝදනා ගැන හොයලා බලන්න කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව හැදුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය (ටාරා ද මැල්). ඉතින් මේ උද්ඝෝෂණයට මූලිකත්වය අරගත්ත ගුරුවරු, ආදි

ශිෂ්‍ය සංගමය, දෙමාපියන් කිව්වේ ආනන්දයේ බෞද්ධ අධ්‍යාපන රටාවටත්, ආනන්දයේ ක්‍රීඩා සහ විභාග ජයග්‍රහණ වලටත්, ආනන්දයේ කීර්ති නාමයටත් තියෙන ඉරිසියාව නිසා ලේකම්වරිය විදුහල්පතිතුමාට අල්ලස් චෝදනාවක් එල්ල කළා කියලා.
කොහොම හරි සති දෙකක වාර නිවාඩුව ඉවර වෙලා දන්නෙම නැතුව ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආවා. අපිත් ඉතින් බොහොම ප්‍රීතියෙන් ඉස්කෝලෙ ගියා. ඒ හැම ප්‍රශ්නයක්ම දැන් හොදින් විසදිලා ඇති කියන සතුටුදායක සිතුවිල්ලත් එක්ක. ඒත් කවුරුත් නොහිතපු විදිහට මාර්තු 31 තිබුණු තත්වෙටත් වඩා, තත්වය දරුණු අතට හැරුණා. ඒ වෙනකොට ඉස්කෝලෙට "නෝනිස්" කියලා අලුත් විදුහල්පති කෙනෙක් පත් වෙලා ආවා. ආරංචියේ හැටියට මෙයා ඒ කාලයේ JVP එකෙන් පත් කරලා එවපු කෙනෙක්. |
ඒ වගේම කතෝලිකයෙක්. මේ කතෝලික විදුහල්පතිවරයාගේ ආගමනයත් එක්ක, පාසලේ තියෙන බෞද්ධ පරිසරයට හානියක් වෙයි කියලා හැමෝම බය වුණා. මේ බය නැති කරන්නමද කොහෙද නෝනිස් සර් බුදුන් වදින්න කියලා අපේ ඉස්කෝලේ බුදු මැදුරට ගියා. එහෙම ගියේ සපත්තු දෙකත් දාගෙනමලු. මේ තමයි ආනන්ද විහාරයට සපත්තු දාගෙන පුද්ගලයෙක් ඇතුළු වුණු පළවෙනි සහ එකම අවස්ථාව.
මේක දැක්කා ඉස්කෝලේ සහකාර විදුහල්පතිවරයා. ඒ කියන්නේ අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ ඉස්කෝලෙ සහකාර විදුහල්පති කෙනෙක් වුණාට, විදුහල්පතිටත් ඉහළින් තමයි හිටියේ. සමහරක් වෙලාවට ආනන්ද හාමුදුරුවන්ගේ කීමට විදුහල්පතිවරයා වැඩ කරපු අවස්ථාවල් එහෙමත් තිබුණා. ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය ඇතුළේ ඒ තරම් ලොකු බලයක් තිබුණා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේ අරගලය දියත් කරපු මහා මොළකරුවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට හොදටම කේන්ති ගියා, නෝනිස් සර් සපත්තු දාගෙන විහාර මන්දිරය ඇතුළට ගියපු එකට.
ඉතින් ආනන්ද හාමුදුරුවෝ විහාර මන්දිරය සදහටම වහලා දැම්මා, කාටවත් ඇතුල් වෙන්න බැරි විදිහටම. මේ සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ ගුවන් විදුලි සංගමයට නියෝගයක් ආවා ඉස්කෝලේ විකාශන වැඩ කටයුතු නවත්තලා දාන්න කියලා. ඉතින් ඉස්කෝලේ උදේට විකාශය කරන ජය පිරිත, ළමා සහ දේශාභිමානී ගීත විකාශය, පන්සිල් සමාදන් වීමේ වැඩසටහන, සිංහල ප්‍රවෘත්ති, ඉංග්‍රීසි ප්‍රවෘත්ති, ජාතික ගීය, පාසල් ගීය, විශේෂ නිවේදන, ඡත්තමානවක ගාථාව, විද්‍යාලීය ගීතය..... මේ ඔක්කොම නැවතුනා. ඉස්කෝලෙ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් ගලවලා තිබ්බා කියලත් සමහරු කිව්වා.

වාර නිවාඩුව අවසාන වුණු දවසේ ඉදලා ආනන්දෙට ඇදිරි නීතිය දැම්මා වගේ. කිසිම සද්ධයක් බද්ධයක්, හා හූවක් නෑ. මුළු ඉස්කෝලෙම පාළුවට ගියා. ආසාවට බලු බල්ලෙක්වත් දකින්න නෑ. තනියම ඉස්කෝලෙ ඇතුළෙ ඇවිදගෙන යන්නත් බය හිතුනා. සමහරක් දවස්වල, එකම වෙලාවට, ඉස්කෝලෙ හැම තැනින්ම රතිඤ්ඤා, චීන පටස් පුපුරන සද්ධ ඇහුනා. ඒවා සැලසුම් කරපු අයත්, ඒවා පිපිරෙව්වේ හොදට දෝංකාරය දෙන පැතිවල. උදාහරණයක් විදිහට ඉස්කෝලෙ තිබ්බ Toilets ගන්න පුලුවන්. ඒ කාලේ Toilets නම් ගන්න දෙයක් නෑ. හැම තැනම රතිඤ්ඤා කොළ. Toilets විතරක් නෙවේ. අවට පරිසරයත් එහෙමයි. රතිඤ්ඤා කොළ, අවට ගස්වලින් වැටෙන කොළ, පෝස්ටර් කොළ, අත්පත්‍රිකා කොළවලින් පිරිලා ඉතිරිලා. ඉස්කෝලෙ පවිත්‍ර කිරීමේ කටයුතු ඔක්කොම නැවතිලා. තාප්පවල, බිත්තිවල හිටං එක එක සටන් පාඨ ලියලා.
මේ අස්සේ කැරලිකාර ළමයින්ව අල්ලන්න ශිෂ්‍ය නායකයින්ට වෙනම මෙහෙයුමක් දියත් කරන්න වුණා. ඒත් ඒක හිතන තරම් සාර්ථක වුණේ නෑ. මොකද ශිෂ්‍ය නායකයින්ට වඩා, අනිත් පැත්තේ ඉන්න සේනාව වැඩියි. ඉස්කෝලෙ හැමෝගෙන්ම විරෝධතා ආවත්, නෝනිස් සර් හැමදාම ඉස්කෝලෙ ඇවිත් ඒ වැඩ කටයුතු ටික කරගෙන ගියා. හැබැයි ඉස්කෝලෙ නැවතුනේ නෑ. ඒ වගේම සර්ගේ ආරක්ෂාවටත් පොලීසියේ කිහිප දෙනෙක්ව දාලා තිබ්බා. අපි හිටියේ පස්මහලේ. පස්මහල ඉස්සරහම තියෙන නිසාත්, ප්‍රධාන පිවිසුමට මුහුණලා තියෙන නිසාත් අපි මේ අරගලයේ ගොඩාක් දේවල් දැක්කා.

මේ දවස්වල අපේ අංශයේ දිනපතා වාර්තා කරන ළමයි සහ ගුරුවරුන්ගේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩු වුණා. අපේ අංශයේ විතරක් නෙවේ, හැම අංශයකම එහෙම තමයි. දවසක් දවල් වරුවේ සියවස ශාලාව ඉස්සරහා ලොකූ කලබලයක් නිර්මාණය වුණා. අපිත් ඉතින් පස්මහලෙ බැල්කනියට වෙලා සිද්ධිය බලාගෙන හිටියා. සියවස ශාලාවේ තට්ටු දෙකයි. පහළ තට්ටුවේ තියෙන්නේ පොඩි රැස්වීම් ශාලාවක්. උඩ තට්ටුවේ තමයි විදුහල්පති කාර්යාලය තියෙන්නේ. බැලින්නම් අපේ ඉස්කෝලේ ඉන්න අයියලා මුළු සියවස ශාලාවම වටලලා. මුළු ගොඩනැගිල්ල වටේටම අස්සක් මුල්ලක් නෑරම, අයියලාගෙන් පිරිලා. එයාලා ඉතින් ශාලාව ඉස්සරහා රතිඤ්ඤා පුපුරනවා. ඒ මදිවට ගල් ගහනවා. ජනෙල් දොරවල් වලට තඩි බානවා. හූ තියනවා. බනිනවා. කෑ ගහනවා. එතන එකම යුධ පිටියක්. අහළ පහළ ඉන්න ගුරුවරුත් ඈත ඉදන් සිද්ධිය දිහා බලාගෙන හිටියට, ළගට ගියේ නෑ. සියවස ශාලාව ඇතුළෙන් දොර අගුලු දාලා. අයියලාගේ අරමුණ දොර කඩාගෙන ඇතුළට යන්න. ගොඩනැගිල්ල ඇතුළේ නෝනිස් සර් කොටු වෙලා. මේ සිද්ධිය පැයක් විතර තිබුණා. නවත්තන්නේ නැතුව එක දිගට රතිඤ්ඤා වැල් පිපුරුණා.
ඊට පස්සේ ඉස්කෝලෙට පොලීසියෙන් ආවා. පොලීසියෙන් ඇවිත් තමයි නෝනිස් සර්ව ඉස්කෝලෙන් එළියට එක්කගෙන ගියේ. ඒ මෙහෙයුමටත් පැය භාගයකට වඩා ගියා. එයාලට සර්ව ශාලාවෙන් එළියට ගන්නම ලොකු සටනක් දෙන්න වුණා. කොහොමින් කොහොම හරි සර්ව එළියට අරන්, පොලිස් වෑන් එක අස්සට දාගත්තා. වෑන් එක ඕන්නම් මීටර් 10ක් ඉස්සරහට යන්න ඇති. ඊට පස්සේ හැමෝම වෑන් එක වට කර ගත්තා. අපි මේ සිද්ධිය බලාගෙන හිටියේ උඩ තට්ටුවක ඉදන්. උඩ තට්ටුවක ඉදන් බලලත්, අපිට වෑන් එක හරියට පෙනුනේ නෑ. ඒ තරමට වෑන් එක වට කරලා මහා සේනාවක්. අන්තිමේදී ඉස්කෝලෙට එනකොට තිබ්බ පොලිස් වෑන් එක නෙවේ, ඉස්කෝලෙන් යනකොට තිබ්බේ. පැතිවල තිබ්බ වීදුරු නම් ඔක්කොම වගේ කුඩු වුණා. ඉස්සරහා තියෙන වීදුරුවත් කුඩු වුණා වගේ මතකයක් තියෙනවා.
ඉතින් 2005 පළවෙනි වාර නිවාඩුව ඉවර වෙලා, ඕන්නම් සතියක් හරි සති එක හමාරක් හරි යන්න ඇති. මේ දවස් ටිකම ඔය වගේ තමයි. හිටපු ගමන් ඉස්කෝලේ ඇල්පෙනිති හඩක් ඇහෙන තරමටම සන්සුන්. හිටපු ගමන් මුළු මරදානම හෙල්ලෙන විදිහට නොසන්සුන්. පස්සේ ඉස්කෝලේ දින නියමයක් නොමැතිව වහලා දැම්මා. ආයිත් ඉස්කෝලේ ඇරියේ සති දෙකකට විතර පස්සේ. ඒ කියන්නේ අබේරත්න සර් නඩුවෙන් දින්නම. ඊට පස්සේ තමයි මාස ගාණක් තිස්සේ නැවතිලා තිබ්බ ඉස්කෝලෙ වැඩ කටයුතු ආයිත් හරියාකාරව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ.

ආනන්දයේ ආදි ශිෂ්‍ය සංගමය තමයි අබේරත්න සර්ගේ හයියට හිටියේ. ඒ සංගමය නොහිටින්න අබේරත්න සර් නඩුවෙන් දිනනවා බොරු. ආයිත් අබේරත්න සර්ට අල්ලස් චෝදනාවක් එල්ල වෙන්නේ 2009 අවුරුද්දෙදි. හැබැයි ඒ අවස්ථාවෙදි නම් ආදි ශිෂ්‍ය සංගමය අබේරත්න සර් වෙනුවෙන් ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසාම අබේරත්න සර්ට 2009 අවුරුද්දෙදි අපේ ඉස්කෝලෙන් යන්න වුණා.
මේ අරගලය ගැන කියන්න හිතුනේ 2005න් පස්සේ ආනන්දෙට ආපු ගොඩක් අය (විශේෂයෙන්ම මල්ලිලා) මේ සිද්ධිය ගැන දන්නේ නැති නිසයි. එයාලට කියන්න ඕනකම තිබුණා, ආනන්දයේ එක්තරා අවුරුද්දක, එක්තරා මාසයක, එක්තරා දවසක, එක්තරා වෙලාවක මෙහෙම සිදුවීමක් වුණා කියලා. ඒ සිදුවීමත් එසේ මෙසේ එකක් නෙවේ කියලා, මේ ලිපිය කියෙව්වම තේරෙනවා ඇති.
මේ මම ඇසින් දැකපු දේවල් විතරයි. මම නොදැකපු දේවල් කොච්චර නම් ඇත්ද? මේ සටන ජයග්‍රහණය කරන්න කී දෙනෙක් නම් රෑ නිදිමරාගෙන සැලසුම් හදන්න ඇතිද? කී දෙනෙක් නම් රහස් සාකච්ඡා පවත්වන්න ඇත්ද? ඒ නිසාම අවුරුදු කිහිපයකට කලින් Facebook එකේ My Home Is Ananda College Page එකේ අයත් එක්ක එකතු වෙලා අපි ලස්සන වැඩක් කළා. අපි මේ සිදුවීම ගැන මතක් කරලා Post එකක් දැම්මා. ඒකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. මේ සටන වෙනුවෙන් බැහැලා වැඩ කරපු ගොඩක් අය, එයාලගේ අත්දැකීම් සහ තිරය පිටුපස වුණු දේවල් ගැන ලියලා තිබ්බා. ඒවා කියවන්න කැමති අය පහළ තියෙන බොත්තම ඔබන්න.

ඒ කාලේ අපි 7 වසරේ පුංචි ළමයි. ආනන්දයේ ප්‍රාථමික අංශයෙන් වෙන් වෙලා ආපු කෝඩුකාරයෝ. "සමගිය බලය වේ" කියන ප්‍රකාශය එදා හොදටම ඔප්පු වුණා. ආනන්දයට කරදරයක් ආවාම, ඒ වෙනුවෙන් මුළු ආනන්දයම එකතු වෙලා නැගී හිටියා. පහළින් තියෙන්නේ ඒ කාලයේ මේ සිද්ධිය ගැන පත්තරවල පල වුණු ලිපි කිහිපයක්..!!!!!
ප.ලි 01 -
මේ ලිපිය Facebook හරහා Share වෙන වාරයක් වාරයක් ගාණෙ, මම දන්නවා මම නොදැනුවත්වම, අනිත් පැත්තට මට මඩකුත් වැදීගෙන වැදීගෙන යනවා කියලා. ඒ නිසා අවුරුදු ගාණක් ගතවෙලා තිබුණත්, මේ ලිපියට පසුවදනකුත් එකතු කරන්න හිතුනා.
" ඔව්. සර්ට වංචා දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනා ගොඩක් තිබුණා. සමහරක් ඒවා ඇත්ත. ඒ නිසා තමයි අබේරත්න සර්, දෙවෙනි වතාවටත් වැඩ තහනමකට ලක් වුණේ. එහෙම චෝදනා නැත්නම්, දෙවතාවක්ම වැඩ තහනමකට ලක් වෙන්න කොහෙත්ම විදිහක් නෑ. ඒ වගේම එහෙම චෝදනා තිබුණෙ නැත්නම්, දෙවෙනි වතාවෙදි ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය නොලැබී යන්න හේතුවකුත් නෑ. මේ ලිපිය ලිවීමේ අරමුණ වුණේ ආනන්දයට අලුතෙන් ඉගෙනගන්න එන අයට, එක්තරා කාලයක ආනන්දයේ මෙහෙම දෙයක් වුණාය කියලා, ඒ අය නොදන්න ඉතිහාස කතාවක් සටහන් කරන එක විතරයි. ඊට අමතරව ආනන්දයට කරදරයක් වුණාම, ආනන්දයේ ඉන්න හැම කෙනෙක්ම තරහා මරහා අමතක කරලා දාලා එකමුතු වුණු එක පෙන්නන්නයි. ඒ ඇරෙන්න කාටවත් සුදු හුණු ගෑමක් නෑ. මේ කලබලය මහා වීර ක්‍රියාවක් විදිහට, සිංහලේ අන්තිම සටන විදිහට, එහෙමත් නැත්නම් මහා විප්ලවයක් විදිහට හදුන්වන්නවත් මට අවශ්‍ය වුණේ නෑ. හැබැයි, අබේරත්න සර් අවුරුදු 8ක ධූර කාලය තුළ "කළා කියලා පෙන්නන්න පුලුවන් දේවල් දහස් ගණනක් ආනන්දයට සහ අපිට ඉතුරු කරලා ගියා".
ඒ වගේම තවත් කාරණාවක් කියන්න තියෙනවා. ආනන්දය කියන්නෙ 1886දි අපේ රටේ බෞද්ධ පුනරුදය නිසා නිර්මාණය වුණු බෞද්ධ පාසලක්. ආනන්දය බෞද්ධ පාසලක් කියලා හදුන්වන්නෙ, ආනන්දයේ බෞද්ධ ළමයි ඉන්න නිසා නෙවේ. ආනන්දයේ දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ළමයි හිටන් ඉන්නවා. අපිත් එක්කත් ඕනෑ තරම් මුස්ලිම් ළමයි, බර්ගර් ළමයි, දෙමළ ළමයි එකට ඉදගෙන ඉගෙනගෙන තියෙනවා. ආනන්දය බෞද්ධ පාසලක් කියන්නෙ, නිර්මාණය වුණු දා ඉදන්ම බෞද්ධ ඉගැන්වීම් අනුව, බෞද්ධ සිතුවිලි සහ ආකල්ප අනුව ගමන් කරන නිසයි. මේ කාරණා නිසා "ආනන්දය බෞද්ධ පාසලක්" කියලා කිව්වම, එහෙම කියන්න මුල් වෙන කාරණා ගැන නොදන්න අය, අපිට ජාතිවාදියො කියනවා. හරියාකාර හේතු සහ නිර්වචන නොදැන, අපිට එහෙම කියන එක මොන තරම් අසාධාරණද? ඉතින් ඒ අයට ආරාධනාවක් කරන්න කැමති Facebook එකේ ඉදගෙන Keyboard වීරයො වෙන්නෙ නැතුව, එකම එක දවසක් ආනන්දයට ඇවිත්, උදේ 7.30 ඉදලා දවල් 1.30 වෙනකන්, ආනන්දය පුරාවටම ඇවිදලා බලන්න කියලා. " - 2017.02.24
ප.ලි 02 -
" රාජකීය විද්‍යාලයයේ අලුත් විදුහල්පති ලෙස පත්වූ බී. ඒ. අබේරත්න සර්ට සුබපැතුම්! යමක් ලියනවාද, නොලියනවාද කියා සිත සිතා සිටි මාතෘකාවක් ලියන්නට සිත්වූයේ අබේරත්න සර් ගැන තැන් තැන්වල දකින්නට තිබු අපබ්‍රංස කතා හේතුවෙනි...... අබේරත්න සර්ගේ පුද්ගලික ජීවිතය ගැන හෝ ඔහුගේ අතීතය ගැන කිසිවක් කියන්නට මා දන්නේ නැති නමුත් ඔහු පාසල තුළ සිටි කාලය තුළ ආනන්දයට කරන ලද සේවය ගැන කතා කිරීමට නම් මට ඉතා සාධාරණ අයිතියක් ඇති බව මම සිතමි..... දේශපාලන හෝ වෙනත් වාසි උදෙසා මිනිසකුගේ දුර්වලකම් පමණක් උලුප්පා දක්වන අවස්ථාවක, ඊට එරෙහිව කරුණු දැක්වීමේ යුතුකමක්ද ඇතැයි මම සිතමි......
මා ජීවිතේට හොර අත්සනක් ගසන්නට හවුල්ව ඇත්තේ එකම එක වරකි... ඒ අබේරත්න සර්ගේ අත්සන පමණි..... ඒ 2004 වර්ෂයේ ආනන්දයේ සංගීත කවයෙන් සංවිධාන කළ "මියැසිය" සංගීත සන්ධ්‍යාවට සමගාමීව පැවති සමස්ත ලංකා සාහිත්‍ය තරගාවලියේ කටයුත්තක් සඳහා ය... අදාළ උත්සවය පැවැත්වීම සඳහා විදුහල්පති අනුමැතිය දෙන ලිපිය කලට වේලාවට ලබාගන්නට නොහැකි වීම හේතුවෙන් අබේරත්න සර්ගේ අත්සන හොරට ගසන ලද්දේ මගේ අතිජාත මිත්‍රයකු විසිනි.. ඊට සති ගණනකට පසුව ඒ ලිපියම වෙනත් වැඩකට විදුහල්පති හමුවට රැගෙන ගිය විට, "මේ මගේ අත්සන නේදැයි" අබේරත්න සර් ඇසු සැටිත්, මා "ඔව් සර්" කියා ඇඟට පතට නොදැනී කියූ සැටිත් මට අද මෙන් මතක ය... එදා අපි සර්ව ඇන්දුවායැයි අපි සිතා සිටියෙමු... ඇත්තටම වී ඇත්තේ අපි සර්ව ඇන්දුවා කියා අපට සිතාගන්නට ඉඩ දී සර් අපිව ඇන්දවීම බව තේරුම්ගන්නට අපට වසර ගණනක් ගියේ ය....
අබේරත්න සර් ආනන්දයට කළ සේවය ආරම්භ වන්නේ පාසැලේ ගේට්ටුවෙනි....... සිය ධුර කාලය තුළ ඔහු කළ සියල්ල අමතක කළත් ආනන්දය ඇසට ප්‍රියමනාප ස්ථානයක් බවට පත්කිරීමම පමණක් වුවද ඔහු මතකයේ රඳවා තබා ගැනීමට හේතුවකි...... පාසලේ තාප්පය සහ ගේට්ටුවෙන් පටන් ගෙන, තැන්තැන්වල පිළිවෙලකට පාර දෙපැත්තේ තැබූ මල්පෝච්චියේ සිට, කුණු අස්කරන කාලසටහන දක්වා මුළු පාසල තුළම ප්‍රියමනාප පරිසරයක් තබාගැනීමේ ගෞරවය ඔහුට යා යුතුය..... සෑම පාසල් ශිෂ්‍යයෙකුම උදේට දකින දර්ශනය ප්‍රියමනාප වීමේ වැදගත්කම අප තේරුම් ගත්තේ ඔහු එය කළාට පසුව ය.....
පාසල තුළ පිරිසුදු පරිසරයක් හැදීම හැරෙන්නට අබේරත්න සර්ගේ අනෙක් වැදගත්කම වන්නේ බාහිර වැඩ කෙරෙහි දැක්වූ ආකල්පය ය...... අබේරත්න සර් නිසා නොවන්නට 2004දී යාන්තං වයස 18 කොලු ගැටවුන්ව සිටියදී පවා අපට රුපියල් ලක්ෂ පහ හය වියදම් කර සමස්ත ලංකා මට්ටමේ ඉවෙන්ට්ස් කරන්නට හැකියාවක් ලැබෙන්නෙ නැත..... 2003-2005 කාලය වන විට බෞද්ධ සංගමය, ශිෂ්‍ය විධායක ඒකකය, සංගීත කවය, සංනිවේදන ඒකකය, ගුවන්විදුලි සංගමය, ජීවවිද්‍යා සංගමය, ඉලෙක්ට්‍රොනික ශිෂ්‍ය සංගමය, නැටුම් කවය, චිත්‍ර කවය, නාට්‍ය සංගමය, පුරාවිද්‍යා සංගමය, හෙළ හවුල වැනි ක්ෂණිකව මතකයට එන ශිෂ්‍ය සංගම් ද ඇතුළුව ශිෂ්‍ය සංගම් සහ කවයයයන් විසි පහකට අධික සංඛ්‍යාවක් ආනන්දයේ ක්‍රියාත්මක තිබු අතර, ඉන් අවම වශයෙන් දහයක්වත් වසරකට රුපියල් ලක්ෂයකට එහා වියදම් කර පවත්වන සමස්ත ලංකා මට්ටමේ සංවිධාන කටයුතුවල නිරත වීම, එකල ආනන්දයේ සක්‍රියතාවට හොඳම සාධකයකි.... ඉතාම සරලව, 2003-2005 කාලයේ කොළඹ පමණක් නොව ලංකාවෙන්ම සක්‍රියම සහ දැවැන්තම සංවිධාන ශක්තිය පවත්වාගත්තේ ආනන්දයේ ශිෂ්‍ය ප්‍රජාව බව මම නිරහංකාරව සිහිපත් කරමි.....
මේ සියල්ලට වඩා අබේරත්න සර්ගේ එක විශිෂ්ට ලක්ෂණයක් මේ අවස්ථාවේ සඳහන් කළ යුතුය..... එනම් ඔහු වැඩ භාරගත් පළමු දිනයේ පටන්ම ආනන්දයේ හදගැස්ම හඳුනාගෙන සිටීමයි..... සෑම දිනෙකම සිරිත් පරිදි පවත්වන මල් පූජාවෙන් අනතුරුව, බුදුමැදුර ඉදිරියට වාර්තා කරන අබේරත්න සර්, බුදුමැදුර ඉදිරියේ සිටගෙන ඒ මුළු කාලයම බුදුන් වඳියි.... එසේ වඳින්නේ ද කම්මැලි කමට අත්දෙක කිහිල්ලේ ගහගෙන නොවේ... නිසිපරිදි අත්දෙක ඔසොවා නළලේ තබාගෙන ය..... උදේට අබේරත්න සර් බුදුන් වඳින දර්ශනයෙන් පටන් ගත්තාම ආනන්දය තුළ ඔහු විසින් කරන ලද සකලවිධ ක්‍රියාවකදීම, ආනන්දයේ අනන්‍යතාව නිසිපරිදි වටහාගැනීමට ඔහු සමත් විය..... ආනන්දය පවතින්නේ එහි ගොඩනැගිලි ටික නිසා හෝ, එහි ගුරුවරුන් නිසා හෝ නොව, එහි ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරීභාවය නිසා බව හොඳින් වටහාගෙන සිටි අබේරත්න සර්, සෑම විටෙකම ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම්වලට උපරිමයෙන්ම සහය දෙන්නට සැදී පැහැදී සිටියේ ය.....
අබේරත්න සර් යනු දෙවියකු හෝ බ්‍රහ්මයකු නොවේ.... සාමාන්‍යයෙන් ජනප්‍රිය පාසැල්වල විදුහල්පතිවරුන් විසින් සිදුකරනවායයි පැවසෙන වැරදි සමග සැසඳූ විට ඔහුගේ කිල්ලොටයේද හුණු පොඩ්ඩක් ඇතිවාට සැකයක් නැත..... නමුත් ආනන්දය වෙනුවෙන් ඔහු කළ කැපවීම සහ ඔහු යටතේ ආනන්දය ලබාගත් විජයග්‍රහණ සලකා බලන විට, අබේරත්න සර් යනු නිකංම නිකං "ගුරු හොරෙකු" ලෙස හංවඩු ගසනවා දැක දැක අපට කට පියාගෙන සිටීමට හැකියාවක් නැත...... ආනන්දයට එන්නට කලින් අබේරත්න සර් හිටියේ කිංස්වුඩ්හි ය.... දැන් ඔහු ඊළඟට යන්නේ රාජකීයයට ය..... සංගක්කාර ලංකාවේ කණ්ඩායමෙන් අස්ව ඉන්දියාවට සෙල්ලං කළොත් එදාට අපට දැනෙන හැගීමම, අබේරත්න සර් රාජකීයයට යාම ගැන දැනෙනවා කීම අතිශයෝක්තියක් නොවේ.... ධර්මරාජය සහ ආනන්දය සමග සසඳන විට රාජකීයය වනාහි වෙනම උප සංස්කෘතියක් ඇති තැනකි..... එහෙයින්ම අවංකවම අබේරත්න සර් රාජකීය පරිසරය බද්ධ වේ දැයි මම නොදනිමි.... එහෙත් ඔහුගෙන් ගතහැකි උපරිමය රාජකීයයන් ලබාගන්නේ නම්, රාජකීයයන්ගේ උපරිමයට වඩා දෙයක් කිරීමට ඔවුන්ට අවස්ථාව ඇති බව සිහිපත් කරමින් සටහන නිමා කරමි...... රාජකීයයිනි, උඹලා ගැන බොක්කෙන්ම ඉරිසියා ය.....!! "
- චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් 2016.01.15 දින ඔහුගේ Facebook ගිණුමේ තබන ලද සටහනකි