ගමේ පන්සල
2012 අවුරුද්දෙ අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුණෙ නොවැම්බර් 24 වෙනිදා. ඉතින් නොවැම්බර් 23 වෙනිදා දවල් 12.30 විතර ඉදන් හවස 6.30 වෙනකන්, තාප්පෙ උඩ නැගගෙන බෞද්ධ කොඩියි, බල්බ් වැලුයි එල්ලුවා. පාරට නැමිලා තියෙන අඹ ගහේ අතු ටිකත් ඔක්කොම වගේ කපලා දැම්මා. අපේ ගමේ පාල මාමත්, නෙල්සන් මාමා එක්ක එකතු වෙලා බරටම වැඩ.... පාරෙ අස්සක් මුල්ලක් නෑර අතුපතු ගානවා. මොකද හෙට කඨින පෙරහැර යන්නෙ අපේ පාරෙන්. මෙහෙම පාර අතුපතු ගාන ගමන් පාල මාමා කිව්වෙ "හෙට අපේ බුදු හාමුදුරුවො මේ පාරෙ වඩිනවනෙ" කියලා. ඒ ප්‍රකාශය මගේ හිතට තදින්ම දැනුනා.
ඉස්සර අපේ ගමේ හිටියා දොන් සුවාරිස් රාමනායක කියලා උප පොලිස් මුලාදෑනි කෙනෙක්. දවසක් මේ සුවාරිස් රාළහාමිට අපූරු අදහසක් පහළ වෙනවා. ඒ තමයි භික්ෂූන් වහන්සේ නමක් අපේ ගමට වඩම්මලා, උන්වහන්සේව වස් සමාදන් කරවලා, මහා සංඝරත්නය වෙනුවෙන් කඨින චීවර පූජාවක් සිද්ධ කරන්න. ඉතින් බොරලැස්ගමුවේ පරමධම්මනිවේස පිරිවෙනට ගිහින් එහේ හිටපු ලෙනදොර ශ්‍රී ධර්මරක්ඛිත නායක හාමුදුරුවන්ට තමන්ගෙ අදහස කිව්වම, නායක හාමුදුරුවොත් ගොඩක් සතුටු වෙලා ඒ අදහස පිළිඅරගෙන තියෙනවා. සුවාරිස් රාළහාමිත් පහු වෙනිදම අලුත් ආවාස ගෘහයක් හදන්න වැඩ පටන් ගන්නවා. කාලයක් ගියායින් පස්සෙ ආවාස ගෘහයේ වැඩ ඉවර වෙනවා.
1927 අවුරුද්දෙ ජූලි මාසයේ 14 වෙනිදට යෙදුනු ඇසළ පුර පසලොස්වක පෝය දවසෙ ආයිත් පරමධම්මනිවේස පිරිවෙනට යන, සුවාරිස් රාළහාමි මහත්තයා ලෙනදොර ධර්මරක්ඛිත හාමුදුරුවන්ට තමන්ගේ ආරාධනාව සිද්ධ කරනවා. ආරාධනාව පිළිඅරගන්න ධර්මරක්ඛිත හාමුදුරුවන්, මේ කටයුත්තට තමන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වුණු දන්කන්දේ උපතිස්ස හාමුදුරුවන්ව යෝජනා කරනවා. ඒත් එක්කම දන්කන්දේ උපතිස්ස හාමුදුරුවන් වස් සමාදන් වෙන්න, දොන් සුවාරිස් රාළහාමි මහත්තයා හදපු කුඩා ආවාස ගෘහයට වැඩම කරනවා. උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන සුවාරිස් රාළහාමි මහත්තයා ඇතුළු ගමේ අයට ඔක්තෝබර් 30 වෙනිදට කඨින චීවර පූජාවත් සාර්ථකව සිද්ධ කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊට පස්සෙ 1929 අවුරුද්දෙ ජූනි 07 වෙනිදා වෙනකොට නාගොල්ල නීග්රෝධාරාමාධිපති මාතලේ දිශාවේ ප්‍රධාන සංඝ නායක ධුරන්ධර දන්කන්දේ සිරි සරණතිස්ස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වුණු වෙරළුගස්තැන්නේ පේමානන්ද සාමනේරයන් වහන්සේත් මේ කුඩා ආවාස ගෘහයට වැඩම කරනවා. මේ අතරේ ඒ කාලෙ අපේ ගමේ තිබුණු "ආවාස දාන සමිතිය" හරහා දොන් සුවාරිස් රාළහාමිගෙම වෙන ඉඩමක් මිළට අරගෙන නව විහාරස්ථානයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වුණා. 1931 ජනවාරි මාසයේ 26 වෙනිදට යෙදුනු සුභ නැකතට අනුව කණු හිටවලා ඉඩම වෙන් කරලා, 1931 මාර්තු 02 වෙනිදා ඔප්පුව ලිවීමේ කටයුතුත් සිද්ධ වෙනවා. ඒ අවුරුද්දෙම ජූලි මාසයේ 27 වෙනිදා, තාවකාලිකව නිර්මාණය කරපු ආවාසගෙට ගෙවදීමේ උත්සවයත් පැවැත්වුණාලු. ඒ උත්සවය ලෙනදොර ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා කියලා තමයි සටහන් පොත්වල ලියවිලා තියෙන්නෙ.

ඒත් එක්කම සුවාරිස් මහත්තයා වස් සමාදන් කරවන්න හදපු තාවකාලික ආවාස ගෘහය අතෑරලා උපතිස්ස හාමුදුරුවන්, පේමානන්ද හාමුදුරුවන් එක්ක ස්ථීර පදිංචියට අලුත් ආවාස ගෘහයට වැඩම කරනවා. 1932 අවුරුද්දෙ ජනවාරි 17 වෙනිදා රෑ 7.00 වෙනකොට දායක සභාවේ හැමෝම මේ භූමි පරිශ්‍රයට රැස් වුණාලු. ඒ වෙන මොකටවත් නෙවේ, මේ විහාරස්ථානයට නම් තියන්න. එදා විහාරස්ථානයට දාන්න නම් කිහිපයක්ම යෝජනා වෙලා තියෙනවා. මේ හැම එකක්ම අතරින් "පරමධර්මවර්ධනාරාමය" කියන නම වැඩි දෙනාගේ කැමැත්තෙන් තෝරා පත් කර ගත්තලු.
පන්සලේ පළවෙනි විහාරාධිපති ධූරය දරන්නෙ දන්කන්දේ ශ්‍රී උපතිස්ස හාමුදුරුවො. උපතිස්ස හාමුදුරුවන්ගෙන් පස්සෙ, වෙරළුගස්තැන්නේ පේමානන්ද හාමුදුරුවො විහාරාධිපතීත්වයට පත් වෙනවා. ගමේ පන්සල අංග සම්පූර්ණ පන්සලක් බවට පරිවර්තනය වෙන්නෙ පේමානන්ද හාමුදුරුවන්ගෙ කාලයේ. 1978 පෙබරවාරි 11 වෙනිදා සිද්ධ වුණු උන්වහන්සේගේ අපවත්වීමෙන් පස්සෙ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හාමුදුරුවෝ විහාරාධිපති තනතුරට පත් වෙනවා. 2007 නොවැම්බර් 24 උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සෙ රත්තොට සීලවංස හාමුදුරුවෝ විහාරාධිපති පදවියට පත් වෙනවා. අපේ ගමේ පන්සල කොළඹ හතේ පන්සල් තරම් විශාල නෑ. බොහොම පුංචි. පුංචි වුණත් පන්සලක තියෙන්න ඕන හැම අංගයක්ම අපේ ගමේ පන්සලෙත් තියෙනවා. චෛත්‍යය, බෝධින් වහන්සේ, බුදු මැදුර, දේවාලය, ධර්ම ශාලාව, දහම් පාසල් ගොඩනැගිල්ල, ආවාස ගෙය....... මේ හැම එකක්ම. අපේ ගමේ පන්සල හරිම නිස්කලංකයි. කිසිම සද්ධයක් බද්ධයක් නෑ. සිත එකළස් කර ගන්න, බණක් භාවනාවක් කර ගන්න හොද තෝතැන්නක්.
ගමේ පන්සලේ තියෙන්නෙ මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයක්. අපේ පන්සලේ චෛත්‍ය රත්තණපිටියේ සහ රත්තණපිටිය අවට ගම්වාසීන්ගේ ආධාර ඇතිව, "ශ්‍රී සුජාතා උපාසිකා සමිතිය" මගින් 1956 වසරේ මැයි මස 11 වෙනිදා නිර්මාණය වුණු චෛත්‍යයක්. 1954 අවුරුද්දේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කරන්න මුල්ගල් තියලා, පරිත්‍යාගශීලීන්ගේ ආධාරත් එක්ක ඉක්මනින්ම චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ නිම කරන්න පුලුවන් වුණු නිසා 1955 අවුරුද්දෙ කොත් පැළදවීමේ සහ ශාරීරික ධාතූන් තැන්පත් කිරීමේ කටයුතු සිද්ධ කෙරුනා කියලා වාර්තා පොත්වල ලියවිලා තියෙනවා. අට විසි බුද්ධ ප්‍රතිමා සහිතව ගල් ඇතිරූ සලපතල මළුවක තිබුණු මේ චෛත්‍යය, 2015 අවුරුද්දෙ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඊට පස්සෙ සලපතල මළුවෙ වැලි අතුරලා, චෛත්‍යය වටේ අට විසි බුද්ධ ප්‍රතිමා වෙනුවට, ගෞතම බුද්ධ ප්‍රතිමා 4ක් තැන්පත් කෙරුනා.

විහාරයේ වර්තමාන බෝධීන් වහන්සේ වටා තියෙන ප්‍රාකාරය, රන්වැට සහ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලාව නම් විවෘත කළේ 2017 ඔක්තෝබර් 01 වෙනිදා, බෙල්ලන්විල විමලරතන සහ ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේලාගේ සුරතින්. මේ තමයි බෝධිය ආශ්‍රිතව කරපු 4 වෙනි ප්‍රතිසංස්කරණය.
තුන්වන ප්‍රතිසංස්කරණයේදී නම් සමාධි බුදු පිළිමයක් විතරයි තිබුණෙ. ඒ වගේම භාවනා ස්ථානයක් තිබුණා. ඒ බෝධි මණ්ඩපය සහ ප්‍රාකාරය අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහා නායක හිමියන් අතින් 2004 අවුරුද්දෙ පෙබරවාරි මාසයේ 05 වෙනිදා විවෘත කෙරුනා. ඊට අමතරව 1984 අවුරුද්දෙ ජූනි මාසයේ 18 වෙනිදාත්, 1934 අවුරුද්දෙ ජනවාරි මාසයේ 23 වෙනිදාත් තාවකාලික බෝධි මණ්ඩප නිර්මාණය වෙලා තිබිලා තියෙනවා.

ගමේ පන්සලේ වැදගත්ම සහ ප්‍රධානතම අංගය තමයි බුදු මැදුර. ගමේ පන්සලේ බුදු මැදුර හරිම පුංචියි. බොහොම සරල නිර්මාණයක්. ඒත් හරිම ලස්සනයි. බුදු මැදුරට ඇතුල් වෙන්න තියෙන්නෙ කුඩා ප්‍රමාණයේ මකර තොරණක් යටින්. බුද්ධ මන්දිරයේ නිර්මාණ කටයුතු අවසන් කරලා තියෙන්නෙ 1955 අවුරුද්දෙ ජූනි මාසයේ 12 වෙනිදා. මේ බුදු මැදුරේ වැඩ ඉන්නෙ එක බුදු පිළිම වහන්සේ නමක් විතරයි. මේ බුදු පිළිම වහන්සේ වැඩ ඉන්නෙ බුදු මැදුරෙ නැගෙනහිර බිත්තිය ළග. මේ බුදු පිළිමය දිහා හුග වෙලාවක් බලාගෙන හිටියම, පිළිමය හරහා අපිට ජීවමාන බුදු හාමුදුරුවන්ව මැවිලා පේනවා. බුදු පිළිමයේ ලක්ෂණ දිහා බැලුවම, මේ වගේ බුදු පිළිමයක් කොළඹ පළාතෙන් හොයා ගන්නත් නැති තරම්. යුග ගණනාවක දකින්න පුලුවන් ලක්ෂණ, මේ බුදු පිළිමයේ ගැබ් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහ නුවර යුගයේ ලක්ෂණ.....
උදා ;-
* ෂඩ් වර්ණ බුදු රැස් මාලාව
* දෑස් විවෘත වීම
* පැතලි මුහුණත
* සිරස්පත යෙදීම
* චීවරය රතු පැහැ ගැන්වීම
* භූමි ස්පර්ශ මුද්‍රාව
උදා ;-
* ෂඩ් වර්ණ බුදු රැස් මාලාව
* දෑස් විවෘත වීම
* පැතලි මුහුණත
* සිරස්පත යෙදීම
* චීවරය රතු පැහැ ගැන්වීම
* භූමි ස්පර්ශ මුද්‍රාව
බුදු පිළිමය දෙපැත්තෙ සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා දකින්න පුළුවන්. ඒ ළගම වටාපතක් අතින් ගත්ත හාමුදුරු නමකගේ සිතුවමක් සිතුවම් කරලා තියෙනවා.
බුදු මැදුරේ උතුරු සහ දකුණු දිශාවේ බිත්ති වෙන් වෙලා තියෙන්නෙ බිතු සිතුවම් සදහා. බිත්ති දෙකේම පහළ කොටසේ මල් අතින් ගත්තු, එකිනෙකට වෙනස් ඉරියව්වෙන් බුදු පිළිමය දිහා බලන් ඉන්න, භික්ෂූන් වහන්සේලාගේ සිතුවම් දකින්න පුලුවන්. උඩ කොටසේ සත් සතිය පිළිඹිබු කරන බිතු සිතුවම් දකින්න පුලුවන්. බිත්තිවල හිඩැස් පුරවලා තියෙන්නෙ පැරණි සිංහල සැරසිලි මෝස්තර වලින්.
සුපුරුදු පරිදිම බටහිර බිත්තියත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. බටහිර බිත්තියේ උඩ කොටසේ බුදුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිතුවමට නගලා තියෙනවා. යට කොටසේ බුදු හාමුදුරුවන් දෙස බලාගෙන ඉන්න හාමුදුරුවරු යුගල් දෙක ගානෙ, හතර නමක් සිතුවම් කරලා තියෙනවා.
බුදු මැදුරෙ වහලය කොටසෙ සිතුවම් කරලා තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගේ වේලාපත්කඩයයි.
පන්සලේ දේවාල මන්දිරය ප්‍රතිසංස්කරණය කරලා විවෘත කළේ 2014 මාර්තු 12 වෙනිදා. දේවාල මන්දිරයේ කතරගම, උපුල්වන්, සුමන සමන්, ඊශ්වර, පත්තිනි, ගම්භාර, දැඩිමුණ්ඩ, විභීශණ ආදී බෞද්ධ, දේශීය සහ හින්දු ලබ්ධික දෙව්වරුන් වෙනුවෙන් තනපු විමාන 8ක් දකින්න පුලුවන්.
අපේ පන්සල ගැන කතා කරන කොට "කතා කළ යුතුම මාතෘකාවක්" තමයි දහම් පාසල. මම දහම් පාසලට සම්බන්ධ වෙන්නෙ හරිම අහම්බෙන්. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 වසරෙ ඉන්න කොට, අපිට බුද්ධාගම ඉගැන්නුවේ අතපත්තු කන්දේ ආනන්ද හාමුදුරුවො (උසස් පෙළ කරන කොට බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්නුවෙත් ආනන්ද හාමුදුරුවොම තමයි). පළවෙනි දවසෙම හැමෝගෙන්ම අහන්න ගත්තා "දහම් පාසල් යනවද..???? " කියලා. දහම් පාසල් යන්නෙ නැති අයට පොඩි තර්ජනයක් දාන්නත් ආනන්ද හාමුදුරුවො අමතක කළේ නෑ.
ඒ වෙන කොට මමත් දහම් පාසල් ගියේ නෑ. ආනන්ද හාමුදුරුවො වැඩ ඉන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයේ. අපේ පන්සල ආරම්භයේ ඉදන්ම බෙල්ලන්විල රජමහා විහාරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අදටත් අපේ පන්සලේ සමහරක් වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතෙයි. අපේ පන්සලේ ධර්ම දේශනා වලට, උත්සව වලට, දානමය පිංකම් වලට බෙල්ලන්විල රජමහා විහාරයෙනුත් එක්තරා මට්ටමකට දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ආනන්ද හාමුදුරුවො අපේ ගමේ පන්සල ගැන හොදට දන්නවා. "ඇයි අර ජී.එච්.පෙරේරා මාවතේ තියෙන්නෙ පරමධර්මවර්ධනාරාමයක්..????

ඇයි ඒකට යන්නෙ නැත්තෙ..???? වහාම ඒකට යන්න ඕන..????".
ආනන්ද හාමුදුරුවො කියන්නෙ ටිකක් එක විදිහක හාමුදුරු නමක්. හොදට හොදයි වගේම, නරකට අන්තිම නරකයි. ඒ නිසා වැඩි හොදටත් එක්ක 2005 පෙබරවාරි 26 වෙනි ඉරිදා මමත් ගමේ පන්සලේ දහම් පාසලට සම්බන්ධ වුණා. ඒ වෙනකොට දහම් පාසලේ ප්රධානාචාර්යය වෙලා හිටියෙ ඥාණරතන හාමුදුරුවො. එදා පළවෙනි දවසෙ ඥාණරතන හාමුදුරුවො උගන්නපු පාඩමත් මට තාම මතකයි. වාරිජෝව ථලේ ඛිත්තෝ... ඕකමෝකත උබ්භතෝ... පරිප්ඵන්දතිදං චිත්තං... මාරධෙය්යං පහාතවේ... සැලෙන සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකු වැනිය... |
ඉතින් 2005 පෙබරවාරි 26 ඉදන් වාර විභාග, දහම් පාසල් විභාග, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විභාග, තරග විභාග ආදීය සමත් වෙවී ගිහින්, 2010 දහම් පාසල් අවසාන විභාගයටත් ලියලා, දහම් පාසලින් සමු ගන්නවා. මේ අවුරුදු 5ක කාලය ඇතුළත දහම් පාසලේ නිල ලාංඡනය තුන් පාරක් වෙනස් වුණා. ඒ වගේම 2005 වෙන කොටත් "සිරි සුජාතා දහම් පාසල" කියලා නම් කරලා තිබුණ දහම් පාසල, 2007 පඤ්ඤානන්ද හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සෙ "සිරි පඤ්ඤානන්ද දහම් පාසල" කියලා නම් කෙරෙනවා.
ඒ දවස්වල "මේ මොන කරුමයක්ද" කියාගෙන උදේ පාන්දර නැගිටලා, විවේකී ඉරිදා දවසත් කැප කරගෙන, දහම් පාසල් ගිය හැටි මට තාමත් මතකයි. ඒත් දහම් පාසලෙන් අයින් වුණාට පස්සෙ තමයි දහම් පාසලේ අගේ දැනුනේ. ගමේ දහම් පාසලෙන් මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. පත පොතේ දැනුමට අමතරව සාමාන්‍ය ජීවිතයේදී ජීවත් විය යුතු අන්දම හිටන්.... ඒ දවස්වල උදේ රැස් වීමෙදි කවුරු හරි එක්කෙනෙක්ට දහම් කතාවක් කරන්න පැවරිලා තිබුණා. මාසෙ අන්තිම සතියෙ ඉරිදා දවසෙ පවත්වපු, දහම් පාසල් සභාවෙත් එහෙමයි. ඉතින් මටත් ගොඩක් කතා භාර දීලා තියෙනවා. ඒ කතා මම හොදට කට පාඩම් කරගෙන ගිහින්, කරලත් තියෙනවා. ඒවාට ප්‍රශංසාත් හම්බ වෙලා තියෙනවා. සභාවක් ඉස්සරහට ගිහින්, බය නැතුව කතාවක් පවත්වන හැටි මම ඉගෙන ගත්තෙ ගමේ දහම් පාසලෙන්. දහම් පාසලේ ගත කරපු හැම තත්පරයක්ම රසවත්. ගොඩක් යාලුවන්ව වගේම ගිහි පැවිදි ගුරුවරුන්වත් ආශ්‍රය කරන්න පුලුවන් වුණා. දහම් පාසල හරහා ගමේ ඉන්න ගොඩක් අයව අදුර ගන්න ලැබුණු නිසා, ගමත් එක්ක තියෙන සම්බන්ධය තවත් පුළුල් වුණා.
ඒ වගේම දහම් පාසලට හොද ගුරු මණ්ඩලයක් හිටියා. ඒ හැමෝම ගුරු මුෂ්ටියකින් තොරව අපිට බොහෝම කරුණාවෙන් ඉගැන්නුවා. 2005 ඉදන් 2010 දක්වා කාලය ගත්තම, දහම් පාසලේ ස්වර්ණමය යුගය වුණේ බද්දේගම වංශාලංකාර හාමුදුරුවො ප්‍රධානාචාර්ය ධූරය දරපු කාලෙ. වංශාලංකාර හාමුදුරුවන්ගෙ ප්‍රතිපත්තිය ඇවිල්ලා අකුරට වැඩ කිරීම. ඒ නිසා දහම් පාසල ගොඩක් දියුණු වුණා.
උදේ 7.30ට පටන් ගත්තත්, 7.00ට කලින් පන්සලට ඇවිල්ලා, පන්සල අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරන්න වුණා. ඒ වගේම හැමදාම මල් ගේන්න නියම වුණා. හැමදාම දහම් පාසල් එන එක අනිවාර්ය අංගයක් වුණා. දහම් පාසල් ගියේ නැත්නම්, ආයිත් යන දවසකට වංශාලංකාර හාමුදුරුවන්ට කට උත්තර බදින්න ලෑස්ති වෙලා යන්න ඕන. පැය 4ක දහම් පාසල් කාලය, පැය 5ක් දක්වා දීර්ඝ වුණා. උදේ රැස්වීම, දහම් පාසල් සභාව, ත්‍යාග ප්රධානෝත්සව, අනිත් උත්සව සහ දහම් පාසල කේන්ද්‍ර කර ගත්තු පන්සලේ පිංකම් කටයුතු ඔක්කෝම ටික පිළිවෙලට හරියාකාරව මේ කාල පරිච්ඡේදයේ සිද්ධ වුණා.
මේ කාලයේ මගේ ප්‍රියතම විෂය වුණේ "අභිධර්මයයි". 2007 විතර ඉදන් අභිධර්මය උගන්නන්න ගත්තෙ වංශාලංකාර හාමුදුරුවො. වංශාලංකාර හාමුදුරුවො විෂයට අමතරව විෂයට පරි බාහිර දේවල් හිටන් අපට කියලා දුන්නා. ඒ කියලා දීපු හැම එකක්ම මගේ හිතට වැදුනා. චිත්තරූප මැවෙන විදිහට, බොහොම රසවත් විදිහට, විහිලු තහලු කර කර තමයි, වංශාලංකාර හාමුදුරුවො අපිට ඉගැන්නුවේ.
ඒ වගේම රත්තොට චන්දරතන, හෙරලියාවල රතනතිස්ස, ළිදවැවේ සංඝරතන, වැලිමඩ ඉන්දරතන වගේ උගත් බුද්ධිමත් තරුණ හාමුදුරුවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කාලයෙන් කාලයට පන්සලේ නැවතිලා අධ්‍යාපන කටයුතු කරන ගමන්, අපිටත් ඉගැන්නුවා. සර්ලා මිස්ලා අතරින් ලීලාවති මිස්, පද්මා මිස්, මහේෂිකා මිස්, සන්ධ්‍යා මිස්, ජයවර්ධන සර්, හිමිදිරි සර්, කන්නන්ගර සර් වගේ වැඩිහිටි ගුරුවරුත් කැපී පෙනෙන සේවාවක් කළා. අපේ දහම් පාසල මහා පරිමාණයේ දහම් පාසලක් නෙවේ. ඒ නිසා දහම් පාසලේ පන්ති 13න්, 10ක්ම තිබ්බෙ ධර්ම ශාලාව ඇතුළෙ. අනිත් පන්සල්වල වගේම අපේ ගමෙත් උදේ 6.30 ඉදන් හවස 6.30 වෙනකන්, හැම පෝය දවසකටම සිල් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. ඉතින් දහම් පාසල හරහා හත් අට වතාවක් විතර සිල් සමාදන් වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඒකත් අලුත් අත්දැකීමක් වුණා.