ප්‍රමිත්ගෙ පද පේළි
ලෝකයේ තියෙන මාධ්‍යන් අතරින් අද වඩාත්ම ප්‍රබල මාධ්‍යය වෙලා තියෙන්නෙ අන්තර්ජාලයයි. තොරතුරු දැන ගන්න වගේම, විනෝදාශ්වාදය ලබා ගන්නත් බොහෝ දෙනෙක් අද පිවිසෙන්නෙ අන්තර්ජාලයටයි. සයිබර් අවකාශය ඒ තරමටම අද මිනිස්සුන්ට සමීප වෙලා. මේ අතරේ අලුතෙන් සංගීත නිර්මාණ කරන නවකයින්, තම තමන්ගේ නිර්මාණ සමාජය අතරට ගෙනියන්නත් අන්තර්ජාලය කදිම තෝතැන්නක් කරගෙන තියෙනවා. ඒ මාධ්‍යක් වශයෙන් අන්තර්ජාලයේ තියෙන විවෘත බව නිසා.
අද අපේ "සොදුරු කතා බහ"ට එකතු වෙන්නේ අපේ රටේ සංගීත කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන, අන්තර්ජාලය හරහා අප හමුවට එන නවක සහ තරුණ සංගීතවේදියෙක්. ඒ වගේම සොදුරු මිනිසෙක්. ඒ තමයි ප්‍රමිත් ගනේආරච්චි. ඒ විතරක් නෙවේ, මීට වසර කිහිපයකට කලින් අපේ රටේ පවත්වපු ජනප්‍රිය රියලිටි වැඩසටහන් කිහිපයක් හරහා ලොකූ කතාබහකට ලක් වුණු චරිතයක්. මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වුණේ ප්‍රමිත්ගේ සංගීත පසුබිම සහ සංගීත නිර්මාණ ගැන හාරා ඇවිස්සීමක් කරන්න. ඉතින් අපි බලමු ප්‍රමිත් තමන්ගේ සංගීත ජීවිතය ගැන විස්තර කළේ කොහොමද කියලා....
අද අපේ "සොදුරු කතා බහ"ට එකතු වෙන්නේ අපේ රටේ සංගීත කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන, අන්තර්ජාලය හරහා අප හමුවට එන නවක සහ තරුණ සංගීතවේදියෙක්. ඒ වගේම සොදුරු මිනිසෙක්. ඒ තමයි ප්‍රමිත් ගනේආරච්චි. ඒ විතරක් නෙවේ, මීට වසර කිහිපයකට කලින් අපේ රටේ පවත්වපු ජනප්‍රිය රියලිටි වැඩසටහන් කිහිපයක් හරහා ලොකූ කතාබහකට ලක් වුණු චරිතයක්. මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වුණේ ප්‍රමිත්ගේ සංගීත පසුබිම සහ සංගීත නිර්මාණ ගැන හාරා ඇවිස්සීමක් කරන්න. ඉතින් අපි බලමු ප්‍රමිත් තමන්ගේ සංගීත ජීවිතය ගැන විස්තර කළේ කොහොමද කියලා....
01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** ගනේආරච්චිලාගෙ ගීතක සෞම්‍ය ප්‍රමිත් ගනේආරච්චි.
02. අද ඔබව හදුනන්නෙ?
** ප්‍රමිත් ගනේආරච්චි.
03. උපන්න ගම් පළාත?
** ඉපදුණේ රත්නපුරේදි. ගම ඇඹිලිපිටිය.
04. ඉගෙන ගත්ත පාසල?
** 5 වසර වෙනකන් කොළඹගෙආර මහා විද්‍යාලය කියන මගේ ගමේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තෙ. ජීවිතයේ මං කැමතිම මතකයන් තියෙන ලස්සනම කාලයක්. ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු සන්ධිස්ථානය.
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** O/L හොදටම Pass වුණත් මට ඕන වුණේ Arts කරන්න. මං කැමති විෂයන් ඉගෙන ගන්නයි ඕන වුණේ. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය තමයි මං තෝරගත්ත විෂයන් වුණේ. A 3ක් අරගෙන සමත් වෙන්න පුළුවන් වුණා.
06. දැන් ප්‍රමිත් මොනවද කරන්නෙ?
** මූලිකවම මං නීතිය හදාරනවා. ඊට අමතරව තමයි සංගීත වැඩකටයුතු කරගෙන යන්නෙ.
07. කොහොමද සංගීත ක්ෂේත්රයට අඩිතාලම වැටුනෙ?
** අපේ අම්මටයි අප්පච්චිටයි දෙන්නටම හොදට සින්දු කියන්න පුළුවන්. මං විතරක් නෙවෙයි මල්ලිලා දෙන්නත් හොදට සින්දු කියනවා. මුලින්ම ඉතින් මොන්ටිසෝරි කාලෙ ඉදලම සින්දු කියන වැඩවලට සම්බන්ධ වෙන්න වුණා.
08. ප්‍රමිත්ට පාසලෙන් ලැබුනු දායකත්වය සහ ප්රමිත්ගෙන් පාසලට ලැබුනු දායකත්වයන් ගැන මතක් කළොත්?
** ආනන්ද විද්‍යාලය කියන්නෙ ක්ෂේම භූමියක්. එතනට යන කිසිම කෙනෙක්ට වරදින්නෙ නෑ. ඉස්කොලෙදි සංගීතමය පැත්තෙන් මාව හදුනගත්ත ගුරුතුමා තමයි රත්නපාල සර්. අපේ ඉස්කෝලෙ සංගීත කවය භාරව හිටියෙ රත්නපාල සර්. ඊට අමතරව ඉස්කෝලෙ අපිට උගන්වපු හැම සර් කෙනෙක් මැඩම් කෙනෙක්ම වගේ මාව අදුනගෙන හිටියා. අපි සංගීත කවය විදියට සමස්ථ ලංකා ගායන තරග කිහිපයකට සම්බන්ධ වුණා වගේම දිනුවා. අපේ ඉස්කෝලෙ අවුරුද්දකට සැරයක් කරම Rhythm of the Maroons ප්‍රසංගය එක්කත් සම්බන්ධ වුණ. ඒවා හරි ලස්සන මතකයන්.
09. මුහුණු පොතේ කරක් ගහන්නත් කලින්, මුලින්ම කරක් ගැහුවේ රියලිටි වැඩසටහන්වල නේද?
** ඔව්. මං Sirasa Super Star වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වෙලාවෙ කවුරුත් නොහිතපු විදියට අවසාන 18 දෙනාට යන වටයෙන් ඉවත් වෙන්න වුණා. අනිත් Judgesලා දෙන්නම මාව ඉස්සරහට යන්න ඕන කියද්දි, හේෂාන් සර්ගෙ තනි තීරණයට මට අයින් වෙන්න වුණා. ඒක තමයි තරගයෙ ස්වභාවය. ඉස්සරහට යන කෙනා තෝරන්නෙ මං තෝරගන්න කණ්ඩායමේ Coach. ඉතින් මං තෝරගත්තෙ හේෂාන් සර්ව. ඒ සිද්ධිය කවදාවත් අමතක වෙන්නෙ නැති එකක්.
** අපේ අම්මටයි අප්පච්චිටයි දෙන්නටම හොදට සින්දු කියන්න පුළුවන්. මං විතරක් නෙවෙයි මල්ලිලා දෙන්නත් හොදට සින්දු කියනවා. මුලින්ම ඉතින් මොන්ටිසෝරි කාලෙ ඉදලම සින්දු කියන වැඩවලට සම්බන්ධ වෙන්න වුණා.
08. ප්‍රමිත්ට පාසලෙන් ලැබුනු දායකත්වය සහ ප්රමිත්ගෙන් පාසලට ලැබුනු දායකත්වයන් ගැන මතක් කළොත්?
** ආනන්ද විද්‍යාලය කියන්නෙ ක්ෂේම භූමියක්. එතනට යන කිසිම කෙනෙක්ට වරදින්නෙ නෑ. ඉස්කොලෙදි සංගීතමය පැත්තෙන් මාව හදුනගත්ත ගුරුතුමා තමයි රත්නපාල සර්. අපේ ඉස්කෝලෙ සංගීත කවය භාරව හිටියෙ රත්නපාල සර්. ඊට අමතරව ඉස්කෝලෙ අපිට උගන්වපු හැම සර් කෙනෙක් මැඩම් කෙනෙක්ම වගේ මාව අදුනගෙන හිටියා. අපි සංගීත කවය විදියට සමස්ථ ලංකා ගායන තරග කිහිපයකට සම්බන්ධ වුණා වගේම දිනුවා. අපේ ඉස්කෝලෙ අවුරුද්දකට සැරයක් කරම Rhythm of the Maroons ප්‍රසංගය එක්කත් සම්බන්ධ වුණ. ඒවා හරි ලස්සන මතකයන්.
09. මුහුණු පොතේ කරක් ගහන්නත් කලින්, මුලින්ම කරක් ගැහුවේ රියලිටි වැඩසටහන්වල නේද?
** ඔව්. මං Sirasa Super Star වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වෙලාවෙ කවුරුත් නොහිතපු විදියට අවසාන 18 දෙනාට යන වටයෙන් ඉවත් වෙන්න වුණා. අනිත් Judgesලා දෙන්නම මාව ඉස්සරහට යන්න ඕන කියද්දි, හේෂාන් සර්ගෙ තනි තීරණයට මට අයින් වෙන්න වුණා. ඒක තමයි තරගයෙ ස්වභාවය. ඉස්සරහට යන කෙනා තෝරන්නෙ මං තෝරගන්න කණ්ඩායමේ Coach. ඉතින් මං තෝරගත්තෙ හේෂාන් සර්ව. ඒ සිද්ධිය කවදාවත් අමතක වෙන්නෙ නැති එකක්.
|
|
10. මතකද මුලින්ම කරපු සංගීත නිර්මාණය සහ අවසානයට කරපු සංගීත නිර්මාණය?
** මුල්ම නිර්මාණය ගැන කියනවා නම්, ඒක කරේ මං 11 වසරේ වගේ ඉන්නකොට මං හිතන්නෙ. ගිටාර් එකක් ගත්ත අලුතමයි. ඒක එළියට දාපු සිංදුවක් නෙවෙයි. ඒක අහලා තියෙන්නෙ කිහිප දෙනයි. ඒත් මට හිතිලා තියෙන්නෙ, ඒක එළියට දාන්න ඕන කියලා. Super Star තරගයෙන් පස්සෙ මං කරපු මුල්ම සින්දුව තමයි "නෑ තාම නෑ" කියන සිංදුව. මගෙ යාලුවො එක්ක එකතු වෙලා තමයි ඒක කරේ. එතනින් පස්සෙ මං ටික කාලයක් සංගීත කටයුතුවලින් ඈත් වෙලා හිටියා. දැන් ආයෙත් මේ දවස්වල තව අලුත් සින්දුවක් කරගෙන යනවා. වැඩ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ළගදිම...
11. සංගීත නිර්මාණයක් කරනකොට මොන වගේ දේවල් ගැනද සැළකිලිමත් වෙන්නෙ?
** ඔක්කොටම කලින් මට සිංදුව රසවිදින්න පුළුවන් වෙන්න ඕන. මිනිස්සුන්ට රසවිදින්න පුළුවන් සිංදුවක් වෙන්න ඕන කියන එක තමයි මගේ නම් මුලිකම දේ.
12. මේ වගේ සංගීත නිර්මාණ හරහා ප්‍රමිත් සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද?
** සංගීතය කියන්නෙ හැගීම්, හදවත එක්ක කරන ගණුදෙනුවක්. මං කැමතියි ඒ ගණුදෙනුවට. සංගීතයෙදි මිනිස්සු සංවේදී වෙනවා. කාටවත් කියන්න බැරි හැගීම් එක්ක අවංක වෙනවා.
13. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගීත ගායනය කියන්නෙ හරිම ලේසි දෙයක් කියලා?
** මෙහෙමයි ඉතින්. අද නම් ඉතින් තාක්ෂණයත් එක්ක තාලෙට පද හතරක් කියාගන්න බැරි වුණත් සිංදු කියන්න පුළුවන්. ඒත් ඉතින් ගීතයකින් හදවතට කතා කරනවා කියන එක හැමෝටම කරන්න බෑ. මං උත්සාහ කරන්නෙ එතනට යන්න.
14. සිංහල භාෂාවට අමතරව දෙමළ, හින්දි, ඉංග්‍රීසි වගේ අනිත් භාෂාවන්වල ගීත ගායනා කරලා නැද්ද?
** හින්දි සිංදුවලට නම් ඇත්තටම සෑහෙන්න කැමතියි. ඒවා කියනවා. දෙමළ සිංදුත් සමහර ඒවා තියෙනවා හරිම කැමති. ඒවා කියනවා. ඉංග්‍රීසි සිංදු අහනවා. ඒත් ඒවා කියන්නෙ මං තනියෙන් ඉන්නකොට විතරයි.
15. ප්‍රමිත්ගේ වාදන හැකියාව සහ පද රචනයන් ගැන කතා කරනවා නම්?
** ගිටාර් එකයි, Organ එකයි Play කරනවා. සාමාන්‍යයෙන් Play කරනවා වුණාට ඉතින් ලොකු වාදකයෙක් කියන්න අමාරුයි. ලියපු සිංදු කිහිපයක් තියෙනවා. බලමු ඉස්සරහට ඒවා එළියට දාන්න පුළුවන්ද කියලා.
16. අද කාලෙ පදුරකට පයින් ගැහුවත්, සංගීත නිර්මාණවල යෙදෙන, එක එක විදිහේ තරුණ තරුණියො පනහක් හැටක්වත් අනිවාර්යෙන් විසික් වෙනවා. ගොඩක් අය සංගීත නිර්මාණ කරන්න පෙළඹිලා ඉන්නවා. අනාගතයෙත් එහෙම වෙයි. මේ අය ප්‍රමිත්ට අභියෝගයක් නෙවේද? මේ අයගෙන්, ප්‍රමිත් වෙනස් වෙන්නෙ කොහොමද?
** ලොකු ප්‍රශ්නයක්. අභියෝගයක් වෙන්නෙ අපි මේක තරගයක් විදියට ගත්තොත්නෙ. මං කැමති නෑ මේක තරගයක් විදියට ගන්න. මං සිංදු කියන්න කැමති නිසා කියනවා. ඒවා අහන්න කැමති මිනිස්සු ඉන්නවා නම් අහයි. එක්කෙනෙක් හරි ඉන්නවා නම් මං කියන සිංදු අහන්න, මං ඒ එක්කෙනා වෙනුවෙන් සින්දු කියනවා.
17. අමතක නොවන සිදුවීම් එහෙමත් තියෙන්න ඇති නේද?
** මගේ සංගීත ජීවිතේ නම් අමතක නොවෙන ලොකුම දේ තමයි මං කලිනුත් කිව්වා වගේ හේෂාන් සර්ගෙ තනි තීරණයට තරගයෙන් අනපේක්ෂිතව ඉවත් වෙන්න වුණ එක. ඊට පස්සෙ මේ ළගදි තව දෙයක් වුණා. අපි Valentine Day එකට කිරිකෝඩු හිතට සිංදුවට Cover Version එකක් කරා. ඒකට ගීතය නිර්මාණය කරලා තියෙන ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නෙ ගැන නම් ලොකුවට කතා නොකර ඉමු අපි. ඒ සිද්ධියෙන් නම් සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා.
18. ප්‍රමිත් දකින විදිහට සංගීත නිර්මාණවල යෙදෙන කෙනෙක් තුළ තිබිය යුතු ගුණාංග මොනවද?
** පළවෙනිම දේ Talent එක. Talent එක නැතුව කිසි දෙයක් කරන්න බෑ. දෙවෙනි එක නිහතමානිකම. අපේ ගීතවලට ආදරය කරන, අපිට ආදරේ කරන මිනිස්සුන්ට අපි අනිත් පැත්තට ආදරය කරන්න ඕන. ඔය තමයි මං හිතන්නෙ වැදගත්ම දේවල් දෙක.
19. ඕනකම තියෙනවා නම්, ගුරුවරයෙක් නැතුව වුණත් සංගීතය ඉගෙන ගන්න පුලුවන්ද?
** සංගීතය ඉගෙන ගන්නවා කියන එකෙන් අදහස් කරපු දේ මොකක්ද කියන එක එක්ක, ඒකට උත්තරේ වෙනස් වෙනවා. හරියටම කිව්වොත් මං O/Lවලට සංගීතය කරා ඇරෙන්න සංගීතය පැත්තෙන් කිසිම වෙන හැදෑරීමක් කරලා නෑ.
20. කවුද ප්‍රමිත්ගේ ප්‍රියතම ගායන ශිල්පියා සහ ශිල්පිනිය?
මං කැමතිම අර්ජිත් සිං. ඒ කටහඩ පුදුමාකාරයි. තව සෝනු නිගම්, ශ්‍රියා ගෝශාල් වගේ අයට සෑහෙන්න කැමතියි. ලංකාවෙ ගත්තොත් අලුත් පරම්පරාවෙන් භාතිය-සන්තුෂ්, කසුන් කල්හාර කියන්නෙ අති දක්ෂයො. සුනිල් එදිරිසිංහයන්ගේ, අමරදේවයන්ගෙ, අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතවලට ආසයි.
|
|
21. මේ වෙනකන් අහලා තියෙන ගීත නිර්මාණ අතරින්, වඩාත්ම සිත් ගත්තු ගීතය නම් කරන්න කිව්වොත්?
** Aashiqui 02 චිත්‍රපටයේ "Tum Hi Ho" සින්දුව තමයි මං අහපු සංවේදීම සිංදුව. මොන හේතුවක් හින්දද මන්දා ඒ සිංදුව අහද්දි හදවත ඇතුළෙම තැනක හැංගිලා තියෙන වේදනාවක් එළියට එනවා වගේ දැනෙනවා. ඒ සිංදුවත් එක්ක පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා මට.
22. සංගීතය පැත්තෙන් මොකක්ද ප්‍රමිත්ගෙ අවසාන ඉලක්කය? ප්‍රසංග වේදිකාවද?
** සංගීතය පැත්තෙන් මට ඕන එකම දේ තමයි නිකන්ම නිකන් ගායකයෙක් කියන එකෙන් එහාට ගිහිල්ලා මිනිස්සුන්ගෙ හදවතේ ජීවත් වෙන මනුස්සයෙක් වෙන එක.
23. අපි හිතමු කවදා හරි දවසක ප්‍රමිත්ට කවුරු හරි කියනවා "සංගීතය කර කර ඉන්න එකෙන් වැඩක් නෑ. ඔව්වා හරියන වැඩ නෙවේ. ඔව්වා කරලා කාටද හරි ගියේ? තේරුමක් නැති, කාලය කන වැඩ. ඕක නවත්තලා දාන්න" කියලා. ප්‍රමිත් මොකක්ද ඒකට දෙන උත්තරය?
** "හරි නොගියට කමක් නෑ ඉතින්. සිංදු කියන්නම්" කියන එක තමයි උත්තරේ. දවසක කටහඩ නැතුව ගිහිල්ලා සිංදු කියන්න බැරිවෙනකන්ම සිංදු කියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක මගේ ජීවිතේ මං කැමතිම පැත්තක්.
24. සංගීත කලාවට පිවිසෙන්න බලාගෙන ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නෙ?
** එහෙම උපදෙස් දෙන්න තරම් චරිතයක් කියලා නම් මං හිතන්නෑ. ඒත් එක දෙයක් කියන්න ඕන. පුළුවන් තරම් නිහතමානී වෙන්න. එතකොට මිනිස්සු ආදරේ කරයි. ඔයාලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න...!!!
|
|
25. මුහුණු පොතේ නම් ප්‍රමිත් දැන් ටික ටික ජනප්‍රිය වේගෙන එනවා. ඒ කියන්නෙ ප්රමිතුත් දැන් පොරක්ද?
** අපෝ නෑ. පොරකුත් නෙවෙයි, පොරක් වෙන්න ඕනත් නෑ. මං කලිනුත් කිව්වා වගේ මිනිස්සු ආදරේ කරන එක දිහා බලලා තමයි මං සතුටු වෙන්නෙ. එච්චරයි මට ඕන...
26. කොහොමද මේ වෙනකොට තියෙන රසිකයින්ගේ ප්‍රතිචාර? චෝදනා සහ විවේචන එල්ල වෙලාම නැද්ද?
** සතුටුයි කියන්න, ඇත්තටම ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා. අපේ වැඩවලට ආදරේ කරන පිරිසක් ගොඩනැගිලා ඉන්නවා පේනවා. අපි "චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ" Song එකට Cover එකක් කරා. ඒක Facebook එකේ ලක්ෂ 5කට කිට්ටු වෙන්න බලලා තිබ්බා. 27 000ක් විතර Share කරලාම තිබ්බා. හොද කියලා Comment දහස් ගාණක් වැටිලා තිබ්බා. ඒත් ඒ අතර එක Comment එකක් තිබ්බා "පට්ට කැතයි" කියලා. මං ඉතින් විශේෂයෙන්ම ඒකට Reply එකක් දැම්මා. එහෙම තමයි ඉතින්. මිනිස්සුනෙ අපි. මං නම් Covers කරන්නෙ "Covers කරන්න තියෙන විශේෂ ආසාවකට" නෙවෙයි. හැමොම කැමති තමන්ගෙම සිංදු කරන්න තමයි. ඒත් ඒක ඇතුළේ තියෙන ගැටලු "ඇයි ඔයා Covers කරන්නෙ? තමන්ගෙම ඒවා කරන්නකො" කියන අය දන්නෙ නෑ... Originals කරන්න කියලා කියන්න ලේසියි. Keyboard එකෙන් Comment එක Type කරන්න විතරනෙ, ඒක කියන කෙනාට තියෙන්නෙ. ඒත් කරනකොට, කරන කෙනා තමයි ඒවට තියෙන ප්‍රශ්න දන්නෙ.
27. ප්‍රමිත්ගෙ මල්ලිත්, ප්රමිත්ගෙම අඩිපාරෙම එනවා නේද? මල්ලි ගැනත් ටිකක් මතක් කරමු.
ඔව්. මල්ලි (ප්‍රමොත් ගනේආරච්චි) මේ වෙනකොට Derana Dream Star වැඩසටහනේ අවසන් 48 දෙනා අතරේ ඉන්නවා. මං හිතනවා මල්ලි තරගය ඇතුළේ සෑහෙන්න හොද ගමනක් යයි කියලා. මං ඇත්තටම ආඩම්බර වෙනවා මල්ලි ගැනත්. ඒ වගේම අපේ චූටි මල්ලිත් මිනිහගෙ වයස ආවම අපි මේ දැන් කරන දේවල් කරයි. දැනටත් එයා අපි ඒ වයසෙදි Pass කරගෙන ආපු වැඩ කරනවා, එයාගෙ ඉස්කෝලෙදි එහෙම. ඉතින් මට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් අයියා කෙනෙක් විදියට, මල්ලිලා දෙන්නා ගැනම.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** මූලිකවම මගේ නීති අධ්‍යාපන කටයුතු ටික ඉක්මනටම ඉවර කරගන්න ඕන. එතනින් එහා සංගීතය පැත්තෙන් බැලුවම, මිනිස්සු ආදරය කරන මගේම නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** අම්මා අප්පච්චි තමයි මුලින්ම මතක් කරන්න ඕන. මේ දේවල් ලැබිලා තියෙන්නෙ එයාලගෙන්. එතනින් එහා පැත්තෙ ආනන්ද විද්‍යාලය සම්බන්ධ හැම දේකටම මං ස්තුතිවන්ත වෙනවා. මොකද එතනින් තමයි ප්‍රමිත් ගනේආරච්චිව නිර්මාණය වෙන්නෙ. වැදගත්ම දේ මට ඉන්නවා සහෝදරයෝ වගේ යාලුවො Set එකක්. නම් කියන්න ගියොත් වැඩේ දිග වෙනවා. ඒත් දැන් මේක කියවනකොට ඒ කට්ටිය දන්නවා මේ කවුරු ගැනද කියන්නෙ කියලා. ඒ Set එක නැතුව මේ අද කරන දේවල් මේ විදියට වෙන්නෙ නෑ. අනිත් වැදගත්ම දේ, අපි මේ කරන දේවල් අහන බලන, අපිට අපේ වැඩවලට ආදරේ කරන මිනිස්සු.... එයාලගෙ ආදරේ නැතුව අපිට මේ දේවල් කරන්න බෑ.
30. කොහොමද ප්රමිත්ව සම්බන්ධ කර ගන්න පුලුවන්?
** 077-0628548 තමයි Number එක. හැබැයි Phone එක Answer කරන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා Facebook හරහා Contact කරගන්න පුළුවන්. එතකොට Message එක පේන්න තියෙන නිසා පරක්කුවෙලා හරි පුළුවන් විදියට Message එකක් දාන හැම කෙනෙක්ටම Reply කරන්න මං Try කරනවා.
|
|
ඉතින් ඔන්න ඔහොමයි අපි ප්‍රමිත් එක්ක කරපු කතා බහ අවසන් වෙන්නෙ. ප්‍රමිත් එක්ක කරපු මේ කතා බහ බොහොම රසවත් එකක් වුණා. ප්රමිත්ගෙන් අහන්න තව ගොඩාක් ප්‍රශ්න තිබුණත් "සොදුරු කතා බහේ" ආකෘතියට අනුව අකමැත්තෙන් වුණත් මේ සංවාදය ප්‍රශ්න 30කට සීමා කරන්න සිද්ධ වුණා. ඉතින් අපිත් ප්‍රමිත්ට මුළු හදවතින්ම සුභ පතනවා ඔහුගේ අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.
ප්‍රමිත්ට තවත් මේ වගේ හරවත් සහ ගුණවත් නිර්මාණ සමාජය හමුවේ දායාද කරන්න සහයෝගය ලබා දෙන්න කැමති නම් පහළින් තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න කියලත් මතක් කිරීමක් කරන්න කැමතියි. ඒ හරහා ප්‍රමිත් ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වෙයි....!!!!!
සැ.යු -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල පූර්ණ හිමිකාරීත්වය, ඒවායේ මුල් අයිතිකරුවන් සතුය.