BPISL අමතක නොවන සිදුවීම්
2009 දෙසැම්බර් 22 පටන් ගත්තු අපේ Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය නිසා අපිට බෞද්ධ පූජනීය සිද්ධස්ථාන 140කට වඩා ප්‍රමාණයක් අධ්‍යනය කරන්න වගේම ගවේෂණය කරන්නත් වාසනාව ලැබුණා. ව්‍යාපෘතියේ උත්පත්ති කතාව සහ අරමුණ ගැන "ගම්පොලෙන් වෙනස් වුණු මම" ලිපියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු නිසා ආයිත් ඒ ගැන මතක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතුනා. මේ ලිපිය වෙන් කෙරෙන්නෙ අපේ රටේ ඓතිහාසික ස්ථාන හොයාගෙන ගියපු ගමනේදී මුහුණ දීපු අමතක නොවන අත්දැකීම් සහ සිදුවීම් කිහිපයක් ගැන කියන්න. ව්‍යාපෘතිය වෙනුවෙන් ගියපු හැම සිද්ධස්ථානයක්ම බලන්න යෑමත් එක්තරා ආකාරයකට අමතක නොවන සිදුවීම් පෙළක් තමයි. මේ ඒ අතරෙන් තෝරා ගත්තු සිදුවීම් කිහිපයක්......
2014 අවුරුද්දෙ පළවෙනි සතියෙ ජීවිතෙ හතර වෙනි වතාවටත් අහම්බෙන් වගේ අනුරාධපුරයේ සංචාරය කරන්න අවස්ථාවක් හම්බුනා. ඒ සංචාරයේදිත් අපි ගොඩක්ම අවධානය යොමු කළේ අභයගිරි විහාර සංකීර්ණය වටේ තියෙන, වැඩි ජනතා අවධානයක් දිනා නොගත්ත, අප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් අධ්‍යනය කරන්න. ඒ ගමනෙදි දවල් 2.30ට විතර ගිනි මද්දහනෙ දෙවන සමාධි බුද්ධ ප්‍රතිමාව පිටිපස්සෙ තියෙන අභයගිරි ආවාස ගෘහය බලන්න ගියා. අභයගිරි ආවාස ගෘහය බලන්න ගියේ මම විතරයි. ඒ වෙලාවෙ හොදටම දවල් වෙලා. පළාතම පාළුවට ගිහින්. පේන තෙක් මානෙක මිනිස් පුළුටක් ආසාවකටවත් දකින්න නෑ.
චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තා අනුව අභයගිරියේ දේශීය සහ විදේශීය භික්ෂූන් 5000ක් නේවාසිකව හිදිමින් අධ්‍යාපනය ලැබුවා. මේ සංඝාරාමය තුළත් භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ වාසය කළාට කිසිම සැකයක් නෑ. මොකද සංඝාරාමයේ මායිම අක්කර ගණනාවක් ඈතට දිව යනවා. සංඝාරාමයට ඇතුල් වෙන දොරටුවෙ ඉදලා, කෙලවරටම යන්න විනාඩි 15ක විතර කාලයක් ගත වුණා. ඒ තරමටම මේ ස්ථානය විශාලයි. ඉඩම පුරාවටම දහස් ගණන් සදකඩ පහණ්, මුරගල්, කොරවක්ගල්, ගල් කණු, ගොඩනැගිලි පාදම් වගේ නටබුන් විසිරිලා තියෙනවා.
චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තා අනුව අභයගිරියේ දේශීය සහ විදේශීය භික්ෂූන් 5000ක් නේවාසිකව හිදිමින් අධ්‍යාපනය ලැබුවා. මේ සංඝාරාමය තුළත් භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ වාසය කළාට කිසිම සැකයක් නෑ. මොකද සංඝාරාමයේ මායිම අක්කර ගණනාවක් ඈතට දිව යනවා. සංඝාරාමයට ඇතුල් වෙන දොරටුවෙ ඉදලා, කෙලවරටම යන්න විනාඩි 15ක විතර කාලයක් ගත වුණා. ඒ තරමටම මේ ස්ථානය විශාලයි. ඉඩම පුරාවටම දහස් ගණන් සදකඩ පහණ්, මුරගල්, කොරවක්ගල්, ගල් කණු, ගොඩනැගිලි පාදම් වගේ නටබුන් විසිරිලා තියෙනවා.
නටබුන් ඔක්කොම තවමත් මහා ඝන කැළෑවෙන් වැහිලා. එදා හොදටම දවල් වෙලා, දාඩියත් සට සට ගාලා වැක්කෙරෙන්න ගත්තා. අව් කාෂ්ටකෙත් උහුලන්න බෑ. දවල්ට කාලත් නෑ. ඒ නිසා හොදටම බඩගිනියි. තානායමට යන්නත් හොදටම පරක්කු වෙලා තිබ්බෙ. කාලය සම්බන්ධව ප්‍රශ්නයක් මතු වෙලා තියෙන නිසා, හැම තැනක්ම ඡායාරූපගත කරන ගමන්ම වේගෙන් ඇවිදගෙන ඇවිදගෙන ආරාමයේ මායිමටම ගියා. වේගෙන් ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මම නතර වුණේ ලොකූ පොකුණක ගැට්ටක් ඉස්සරහින්. ඇත්තටම පොකුණ ඉස්සරහට යනකන්ම, එතන පොකුණක් තියෙනවා කියලා පෙනුනෙ නෑ. මොකද පොකුණ හදලා තියෙන්නෙ උස් භූමියට සාපේක්ෂව පහළට වෙන්න. මම ගියපු වේගය තව ටිකක් වැඩි වුණා නම්, මේ ලිපිය ලියන මම අද ජීවතුන් අතර නෑ. ඒ තරමට ඝන කැළෑවකින් වට වුණු, විශාල සහ ගැඹුරු පොකුණක්. අක්කර ගණනාවක් යනකන් ජන ශූන්‍ය කලාපයක්. අනිත් කාරණය තමයි මට පීනන්නත් බෑ. වැටුණත් ගොඩට එන්නත් බෑ. කවුරුත් දන්නෙත් නෑ..!!!!!!
ඓතිහාසික ස්ථාන හොයා ගෙන ගියපු ගමන් අතරින් අමතක නොවන සහ භයානකම සිදුවීම් මාලාවට මුහුණ දෙන්න වුණේ 2014 මාර්තු 27 වෙනිදා. නුගේගොඩ NSBM එකට සම්බන්ධ වෙලා 2014 මාර්තු 18 වෙනිදට අවුරුද්දකුත් වුණ නිසා ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි දහසක් වූ අගහිගකම් වලින් පෙලෙන දුෂ්කර පාසලකට පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව ආධාර සහ පරිත්‍යාග ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. පළවෙනි අධියරය වෙනුවෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ඉදලා කිලෝ මීටර් 30කට එහායින් තියෙන උඩමාදුර ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය තෝරා ගැනුණා. පැය 9ක වෙහෙසකාරී ගමනකින් පසුව උඩමාදුර ප්‍රාථමික විද්‍යාලයට ගිහින් ආධාර, උපකරණ සහ පරිත්‍යාග එහෙම බෙදලා දීලා, කොළඹ යන්න පිටත් වුණේ දවල් 2.30ට විතර.
අපි ආපු පාර තාවකාලිකව වහලා නිසා අපිට යන්න වුණේ ලදු කැළෑවක් සහිත පුංචිම පුංචි පාරකින්. වැස්ස නිසා පොළොව ඔක්කොම මඩ වෙලා. වාහනේ හරවන්නත් හරිම අමාරු වුණා. ආයිත් ආපස්සට යන්නත් බැරි තරමට පාර පටුයි. විදුහල්පතිතුමයි ගමේ මාමා කෙනෙකුයි අපේ පස්සෙන් ආවා, අපේ තනියට. වැස්ස නිසා වාහනේ 10 වතාවක් විතර තැන් කිහිපයකම එරුණා. කදු ගැට්ටෙන් එහාට වාහනේ පෙරලෙන්න ගිය අවස්ථාත් එමටයි. මේ නිසා පැය දෙකක්ම ගත වුණේ එක වෙලාවකට එරිලා තියෙන සහ එක වෙලාවකට නවත්තන්නෙ නැතුව ඉබේම පල්ලෙහට එන වාහනේ ලදු කැළෑවෙන් එළියට ගැනීමේ ක්‍රියාන්විතයට. දහයියා ගෙනල්ලා, ලී කෑලි හිර කරලා, ගල් දාලා, වාහනේ තල්ලු කරලා, හරවලා, උස්සලා තමයි අපේ අය ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ අභියෝගය ජය ගත්තෙ. ඒක හොද අත්දැකීමක් වුණත් ජීවිතයේ අත් විදපු භයානකම සිදුවීම් අතරට මේ සිදුවීමත් එකතු වෙනවා.
අපි ආපු පාර තාවකාලිකව වහලා නිසා අපිට යන්න වුණේ ලදු කැළෑවක් සහිත පුංචිම පුංචි පාරකින්. වැස්ස නිසා පොළොව ඔක්කොම මඩ වෙලා. වාහනේ හරවන්නත් හරිම අමාරු වුණා. ආයිත් ආපස්සට යන්නත් බැරි තරමට පාර පටුයි. විදුහල්පතිතුමයි ගමේ මාමා කෙනෙකුයි අපේ පස්සෙන් ආවා, අපේ තනියට. වැස්ස නිසා වාහනේ 10 වතාවක් විතර තැන් කිහිපයකම එරුණා. කදු ගැට්ටෙන් එහාට වාහනේ පෙරලෙන්න ගිය අවස්ථාත් එමටයි. මේ නිසා පැය දෙකක්ම ගත වුණේ එක වෙලාවකට එරිලා තියෙන සහ එක වෙලාවකට නවත්තන්නෙ නැතුව ඉබේම පල්ලෙහට එන වාහනේ ලදු කැළෑවෙන් එළියට ගැනීමේ ක්‍රියාන්විතයට. දහයියා ගෙනල්ලා, ලී කෑලි හිර කරලා, ගල් දාලා, වාහනේ තල්ලු කරලා, හරවලා, උස්සලා තමයි අපේ අය ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ අභියෝගය ජය ගත්තෙ. ඒක හොද අත්දැකීමක් වුණත් ජීවිතයේ අත් විදපු භයානකම සිදුවීම් අතරට මේ සිදුවීමත් එකතු වෙනවා.
ඊට පස්සෙ අපි විදුහල්පතිතුමයි, අපේ උදව්වට ආපු ගමේ අය ටිකයි එක්ක කන්ද පල්ලෙහට ගෑටුවා මඩ ටික හෝද ගන්න. අපි මඩ හෝද ගත්තු ගගේ උඩහට වෙන්න තමයි "ගොළු ඔළුව" තියෙන්නෙ. ඉතින් ඒකත් බලන්න යන තැනට විදුහල්පතිතුමා අපිව උනන්දු කළා. විනාඩි 15ක විතර දුරක් ගෙවා ගෙන ගල් වැටි, කටු පදුරු, කූඩැල්ලො, වලවල්, දිය ඇලි, දිය පාරවල් අස්සෙන් කන්ද බැහැලා, විශාල ගංගාව තරණය කරලා, ගගේ උඩහට අපි ගියා. කන්ද බැස්සායින් පස්සෙ හිතුනා ආයිත් කන්ද නගින්නම ඕනද කියලත්. මොකද ඒ තරම් දුරක් අපි පහළට පහළට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා. ගංගාව තරණය කරන්න, ගල් වැටි උඩින් සමබරව යන්න අපේ කට්ටිය වගේම, විදුහල්පතිතුමා ඇතුළුව අපිත් එක්ක ආපු ගමේ මාමලා දෙන්නත් ගොඩක් උදව් කළා. ගංගාවෙත් මධ්‍යම ප්‍රමාණයේ අතු කොටස් හතක් විතර අපි ගොඩක් අමාරුවෙන් තරණය කළා. වැස්ස නිසා වතුර හරිම සීතලයි. ඒ වගේම වතුර ගලාගෙන යන වේගෙත් ගොඩක් සැරයි. ගැඹුරුයි. අවස්ථා දෙකකදී ලිස්සලා වැටුණා විතරක් නෙවේ මගේ කැමරාවත් හොදටම තෙමුණා. එයින් එක අවස්ථාවකදී මාව ගග පල්ලෙහට ගහගෙන යන්නත් ගියා. වැස්ස නිසා ගල් උඩ වගේම කන්දත් ලිස්සනවා.
"ගොළු ඔළුව"ට යන ගමන හරිම දුෂ්කරයි. ඒ වගේම භයානකයි. ඒ නිසා කවුරුත් ලේසියෙන් සතා සර්පයා ගැවසෙන මේ මහා ඝන වනාන්තරය ඇතුළට යන්නෙ නෑ. අධික සීතලකින් සහ ගුප්ත බවකින් යුතු මේ කලාපය පිහිටලා තියෙන්නෙ ජනාවාසයෙන් ගොඩක් ඇතුළට වෙන්න. ඒ නිසා කාටවත් මේ ප්‍රදේශය පේන්නෙ නෑ. ගග තරණය කරගෙන උඩහට යන කොට කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දිය ඇල්ල ආරම්භ වෙන ලොකු ගල් තලාව නගින්න ඕන. මෙහෙම නගින කොට අඩි දහස් ගාණක් ගැඹුරු වලවල් සමූහයක් හමු වෙනවා. ඒවා ස්වභාවිකව ඇති වුණු ඒවාද, නැත්නම් හෙළයා විසින් නිර්මාණය කරපු ඒවාද කියලා කියන්න නම් හරියටම පුලුවන්කමක් නෑ. සමහරක් වලවල් ඇතුළේ ගංගාවේ වතුර පිරිලා තියෙනවා. ඒ වගේම ඈත ගල් තලාවලත් සමහරක් කොටස් කෘතිම විදිහට ඔපමට්ටම් කරපු ගතියක් දකින්නත් පුලුවන්. මෙහෙම හුග දුරක් ගෙවාගෙන යන කොට තමයි දකුණු අත පැත්තෙන් "ගොළු ඔළුව" හමු වෙන්නෙ. මේ තියෙන්නෙ අන්න ඒ "ගොළු ඔළුව"....!!!!!!!
ගල උඩ ඉදලා වේගෙන් එන වතුර පාර, ගලා ගෙන එන්නෙ ස්වභාවිකව ඔපමට්ටම් වුණු ගලේ විශාල කාණුවක් දිගේ. එහෙම ඇවිත් පහළට වැටෙන වතුර මේ විදිහට දිය සුළියක් ආකාරයට කැරකි කැරකි තියෙනවා. කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් එතනට වැටුණොත්, ආයිත් ගොඩ ඒමක් නෑ. ඒ තරමටම මෙතන භයානකයි. ඒ වගේම ගැඹුරුයි. විශාල ගල් වලින් වට වෙලා තියෙන නිසා මෙතනින් එහාට වතුර යනවා අඩුයි. වතුර වලින් 5%ක් වගේ සුළු ප්‍රතිශතයක් පහළට යන කොට, ඉතිරි 95% මෙතනින් එහාට යන්නෙ නැතුව අතුරුදහන් වෙනවා. ඒ නිසා ඒ වතුර ප්‍රමාණය භූගත ජල මාර්ගයක් හරහා ගිහින්, ගගේ කොතනකින් හරි මතු වෙනවා ඇති කියලා තමයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නෙ.
උඩ ඉදලා "ඔළුවක" / "මොළයක" හැඩේට ස්වභාවික කාණුව දිගේ පහළට එන වතුර වැටිලා හැදෙන සුළිය ළගත් අමුතුම හැඩයේ කුහරයක් තියෙනවා. මේ කුහරය ගල් තලාවට හොදින් විවෘත වෙලා තියෙන නිසා කුහරය යටට රිංගන්නත් පුලුවන්. ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ගල යට විශාල නිධානයක සිතියමක් කොටලා තියෙනවලු. ඒත් ඒ සිතියම හරහා නිධානය පස්සෙ ගියපු කාටවත් හරි ගියේ නෑලු. හැමෝටම වස් වැදිලා එක එක කරදර සතුරු උපද්‍රව වලට මුහුණ දෙන්න වුණාලු.
උඩ ඉදලා "ඔළුවක" / "මොළයක" හැඩේට ස්වභාවික කාණුව දිගේ පහළට එන වතුර වැටිලා හැදෙන සුළිය ළගත් අමුතුම හැඩයේ කුහරයක් තියෙනවා. මේ කුහරය ගල් තලාවට හොදින් විවෘත වෙලා තියෙන නිසා කුහරය යටට රිංගන්නත් පුලුවන්. ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ගල යට විශාල නිධානයක සිතියමක් කොටලා තියෙනවලු. ඒත් ඒ සිතියම හරහා නිධානය පස්සෙ ගියපු කාටවත් හරි ගියේ නෑලු. හැමෝටම වස් වැදිලා එක එක කරදර සතුරු උපද්‍රව වලට මුහුණ දෙන්න වුණාලු.
අවුරුදු 6000කට කලින් අපේ රටේ රාජ්‍ය පාලනය කරපු මහා රාවණ අධිරාජ්‍යයාට සම්බන්ධ තොරතුරුත් නුවර එළියෙන් හමු වෙලා තියෙනවා. සමහරක් විට මේ ඉසව්වත් රාවණ රජ්ජුරුවන්ගේ කතා පුවතට සම්බන්ධ වෙන්න බැරි කමක් නෑ. පැයක් විතර ගල් තලාව වටේ ගත කරපු අපි ආයිත් වෑන් එක දිහාවට පිටත් වුණා. හැබැයි ඒ වෙන පාරකින්. පුංචි ලදු කැළෑ, ගල් වැටි, දිය පාරවල්, ඒ දඩු, ලස්සන කුඹුරු යායවල්, නියරවල් පහු කරගෙන ගිහින් ආයිත් කන්ද නැගලා වෑන් එකට ගොඩ වුණේ ආයිත් කොළඹ බලා පිටත් වෙන්න. එහෙන් පිටත් වෙන කොටත් හවස 6.30ට විතර ඇති. එතකොට ආයිත් මොර සූරන වැස්සක් වහින්න ගත්තා. වැස්ස විතරක් නම් කමක් නෑ කියමුකො. ඒ අස්සෙ මගේ කකුලෙ කූඩැල්ලෙකුත් එල්ලිලා. අවුරුදු 21ක ජීවිත කාලය තුළ පළවෙනි වතාවට තමයි මාව කූඩැල්ලෙක් කෑවෙ.
ඉතින් ඔන්න ඔහොම තමයි සිධාදියෙ ඉදලා උඩමාදුර ප්‍රාථමික විද්‍යාලයට ගිය ගමන නිමා වෙන්නෙ. අත්දැකීම් රාශියක් අපිට මේ ගමනෙදි ලබා ගන්න පුලුවන් වුණා. විශේෂයෙන්ම ගංගාව තරණය කරන කොට සහ වාහනය මඩේ එරුණු අවස්ථාවෙදි එහෙම. ඒ වගේම අපේ රටේ ඉතිහාසය ගැන මෙතෙක් නොදැන හිටපු කරුණු ගොඩක් දැන ගන්නත්, ඓතිහාසික ස්ථාන වලට යන්නත් අවස්ථාව ලැබුණා. උඩමාදුර "ගොළු ඔළුව" මේකට හොද උදාහරණයක්. ඒ වගේ තැනකට කාටවත් ලේසියෙන් යන්න ලැබෙන්නෙත් නෑ. හෙලිකොප්ටර් එකකින් ගිහින් දැම්මොත් මිසක් මගේ නම් ආයිත් යන්න අදහසකුත් නෑ. ඒ තරමට ඒ ගමන දුෂ්කරයි. ඒත් ජීවිතේ එක වතාවක් හරි ගිහින් දැක බලා ගත්තු එක ගොඩක් වටිනවා.
2011 අවුරුද්දෙ ජීවිතයේ දෙවෙනි වතාවටත් මහ නුවර දළදා පෙරහැර බලන්න යන්න වාසනාව ලැබුණා. පෙරහැර නිසා මාළිගාව වටේටම අලි ඇත්තු ගැට ගහලා හිටියා. වන්දනාමාන කටයුතු ඉවර කරලා, අපි මාළිගාව වත්ත වටේ ඉන්න ඇත් පංතිය බලන්න කාලය වෙන් කළා. ගොඩක් අලි ඇත්තු ළග අලි බාසුන්නැහේලා හිටියෙ නැතත්, අලි ඇත්තු ළගට ගිහින් පින්තූර ගත්තෙ, දම්වැල් වලින් ගැට ගහලා තියෙන නිසා, ආරක්ෂාව ගැන බය වෙන්න ඕන නෑ කියන විශ්වාසය මත. ඒත් ගෙදර ගිහින් අර ගත්ත පින්තූර කම්පියුටරේට දාලා බැලුවායින් පස්සෙ තමයි ඒකෙ භයානකකම තේරුනෙ. ගොඩක් අලි ඉඩමෙ එක කෙලවරක හිටියට, ඒ අලීන්ව ගැට ගහලා තියෙන දම්වැලේ කෙලවර තියෙන්නෙ, ඉඩමෙ අනිත් මායිමේ. ඒ කියන්නෙ එයාලට ඕන නම් අපි ළගට එන්න වුණත් හැකියාව තිබිලා තියෙනවා.
ඊට කලින් දවසත් අමතක නොවන දවසක් (2011.08.11). එදා තමයි 3 වෙනි රන්දෝලි පෙරහැර තිබුණේ. එදා පෙරහැර කරඩුව වැඩැම්මෙව්වෙ කතරගම වාසනා. 2014 අප්‍රේල් මාසයේ අපි අතරින් සමු ගත්ත වෑවලදෙණියේ රාජාත්, මාළිගාවෙ ඉන්දි රාජාත් දෑලේ ගමන් කළා. අපි පෙරහැර බැලුවෙ මහ නුවර YMCA ගොඩනැගිල්ලෙ ඉදගෙන. වාසනා පෙරහැරේ ගමන් කළේ නැවති නැවති. ඔහොම ඉස්සරහට ඇවිත් නැවතුනේ හරියටම මගේ ඉස්සරහින්. ඒත් එක්කම කරඩුව මගේ පැත්තට ඇල වුණා. අපි හිටපු තට්ටුව වාසනාට වඩා ටිකක් උසයි. ඒ නිසා මම හිටියේ කරඩුවට සමාන මට්ටමක. වාසනා මම ඉස්සරහා නැවතිලා විනාඩි 4කට ආසන්න කාලයක් හිටියා. ධාතු කරඩුව, සැබෑ දළදා කරඩුවේ ආකෘතියක් වුණත් බුදුරජාණන් වහන්සේ ගැන ඒ වෙලාවෙ ඇති වුණු ශ්‍රද්ධාවෙ නම් අඩුවක් වුණේ නෑ. ඒ වගේ අවස්ථාවක් හැම කෙනෙක්ටම ලැබෙන්නෙත් නෑ. ඒක හරිම දුර්ලභ අවස්ථාවක්.
ඒ විතරක් නෙවේ විහාරස්ථාන බලන්න ගියපු ගමනෙදි අපේ රටේ කවුරුත් අතර හොද නමක් දිනාගෙන ඉන්න අතපත්තුකන්දේ ආනන්ද, මාලිම්බඩ පඤ්ඤාසාර වගේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා, කතා බහ කරන්නත් වාසනාව ලැබුණා. ඒ වගේම උන්වහන්සේලා දෙනම මගේ ආචාර්යවරුන් වෙනවා. ඒක මම ජීවිතයේ ලබපු ලොකු භාග්‍යක් විදිහට සළකනවා. ඊට අමතරව විහාරස්ථානයක හාමුදුරු නමක් මුණ ගැහුනම, ආගිය තොරතුරු කතා බහ කරලා, උන්වහන්සේලාව දැන අදුර ගන්නත් මම කවදාවත් පසුබට වුණේ නෑ. ඒ අතරින් නාවින්න රජමහා විහාරයේ, මැදවච්චිය ඉසින්බැස්සගල රජමහා විහාරයේ, කොහුවල විජයමංගලාරාමයේ, රූමස්සල ශ්‍රී විවේකාරාම විහාරයේ, බොරලැස්ගමුව පරමධර්මවර්ධනාරාම විහාරයේ නායක ස්වාමීන් වහන්සේලාත් විශේෂයි.
මේ වගේ අමතක නොවෙන සිදුවීම් ගොඩක් අපේ ව්‍යාපෘතියේ තිරය පිටුපස සිදුවීම් අතර තියෙනවා. එව්වත් පුලුවන් පුලුවන් විදිහට සටහන් කරලා, ඉස්සරහටත් වෙන සිදුවීම් එහෙමත් ඇතුළත් කරලා, අඛන්ඩව මේ ලිපිය යාවත්කාලීන කරගෙන යෑම තමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා දිගටම ඔබ සැමට මේ ලිපියත් එක්ක රැදිලා ඉන්න වේවි...!!!!!!!!!