දනාගෙ පලා මල්ල
Follow Me
  • මුල් පිටුව
  • ගමේ විත්ති >>>
  • ----- අපේ ගම
  • ----- පෘතුගීසී ආක්‍රමණය
  • ----- ගමේ පන්සල
  • ----- අපේ දහම් පාසල
  • ----- ආදර්ශමත් කතාවක්
  • ----- විමලරතනාභිධාන
  • ----- අයාලේ ගිය සිතක සටහන්
  • ----- කිවිපති ගලහේනේ හෙන්ද්‍රික්
  • ----- සොදුරු මං සළකුණු
  • ----- යකඩ කුරුල්ලෝ
  • පරම්පරාවෙ කතා >>>
  • ----- කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
  • ----- වැලිවිට ශ්‍රී සංඝරාජ පරපුර
  • ----- වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර
  • ----- ගුණානන්ද සිල්වත් තැන
  • ----- ජපන් රටට ගිය වලස් පැටව්
  • ----- දියතලාවෙන් ලියමනක්
  • ----- සීයාගේ රස කතා
  • ----- පරපුරක අවසානය
  • ශාස්ත්‍රාලයේ කතා >>>
  • ----- අනද විදු භූමිය
  • ----- පාසල් ජීවිතේ සොදුරු මතකයන්
  • ----- ආනන්දයේ පෙරළිය
  • ----- අපේ ඉතිහාසය සෑර්
  • ----- අපේ සයන්ස් සෑර්
  • ----- ආනන්දේ සඝ රස බස්
  • ----- ආනන්දේ කළු ජූලිය
  • ----- සිංහලේ දින දර්ශනය
  • ----- අගමැතිතුමා නෑ
  • හෙළ වෙද නැණ >>>
  • ----- ප්‍රාණික් හීලිං
  • ----- පාරම්පරික රස වෙදකමේ අනුහස්
  • NSBM මතක >>>
  • ----- ගුරුකුලයට අරුණල්ලක් 01
  • ----- ඒ කාලෙ NSBM
  • සොදුරු කතා බහ >>>
  • ----- සංහිදියාවයි ලොවට කියන්නේ
  • ----- මන්දාකිණියෙන් ඔබ්බට
  • ----- රංග භූමිය සිසාරා
  • ----- වයලීනෝ සබැදි කතා
  • ----- වයලීනෝ සබැදි කතා II
  • ----- වයලීනෝ සබැදි කතා III
  • ----- උපසිරැසි කොටන්නෝ
  • ----- සටන් භූමිය මත
  • ----- තුන්වෙනි සීනුව
  • ----- යටගියාව සොයා
  • ----- නටන්නමයි හිත
  • ----- ප්‍රමිත්ගෙ පද පේළි
  • ----- ප්‍රමිත්ගේ සෙනෙහසේ මතකය
  • ----- අරුම පුදුම ප්ලාස්ටික් කරාබු
  • ----- චක්‍රායුධ කැළ
  • ----- චක්‍රායුධ කැළ 02
  • ----- පාද යාත්‍රාවක වගතුග
  • ----- eLearning.lk
  • ----- Miyu Comics
  • යමින් එමින් ගමන් >>>
  • ----- යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත
  • ----- බෝම්බ බිය
  • ----- සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
  • ----- පන්සල පන්සලක් කරමු
  • ----- ඉසිපතනාරාමය සොයා
  • ----- මුහුදු වෙරළක උදෑසනක්
  • ----- මිල්ලංගොඩ ලොකු රාජා
  • ----- පාවෙන පොත්ගුල
  • ----- ගාලු ප්‍රදීපාගාරය වෙත
  • ----- බස් කතා
  • ----- රෝද තුනේ කතා
  • ----- යාචක සිතුවිලි
  • ----- දළ රළ පෙළ පැරදූ පිළිරු
  • ----- BPISL අමතක නොවන සිදුවීම්
  • ----- ඉරණම් විපාක පතන
  • මගේ කටුගේ >>>
  • ----- රත්තරං ඔරලෝසුව
  • ----- ඉපැරණි වාස්තු විද්‍යාව
  • ----- කැමරා සොහොයුරෝ
  • පරිකල්පිත >>>
  • ----- ජීවිත මතක පද
  • ----- ජීවිත මතක පද 02
  • ----- මිනිසාගේ අනාගතය
  • ----- අඹ බෞද්ධයො
  • ----- මට හිතෙන හැටි
  • ----- පිපුණු මලේ රුව
  • ----- ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
  • ගවේෂණ >>>
  • ----- ගවේෂණ අංක 01
  • ----- ගවේෂණ අංක 02
  • ----- ගවේෂණ අංක 03
  • ----- ගවේෂණ අංක 04
  • ----- ගවේෂණ අංක 05
  • ----- ගවේෂණ අංක 06
  • ----- ගවේෂණ අංක 07
  • ----- ගවේෂණ අංක 08
  • ----- ගවේෂණ අංක 09
  • ----- ගවේෂණ අංක 10
  • ----- ගවේෂණ අංක 11
  • ----- ගවේෂණ අංක 12
  • ----- ගවේෂණ අංක 13
  • අධ්‍යන >>>
  • ----- මාළිගාවේ නාගසිංහම්
  • ----- ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
  • ----- නත්තලේ විරාමය
  • ----- අමතක වුණු පාඩම
  • ----- බීමේ ආදීනව
  • ----- මිත්‍යාවක් මැද හිද
  • ----- ටෙලි රූ මතක 01
  • ----- ටෙලි රූ මතක 02
  • ----- කැමරන්ගේ කැලිෆෝනියන්
  • ----- සැබෑ සොහොයුරු කණ්ඩායම
  • ----- අවාසනාවන්ත ලුසිටානියා
  • ----- ඒ කාලේ Games 01
  • ----- ඒ කාලේ Games 02
  • ----- ජුරාසික් පාර්ක් වැරදි
  • ----- ධර්ම සංගායනා
  • ----- පාට මාරු කරන නැව්
  • ----- මහාමාරි වෛද්‍යවරු
  • ----- පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි?
  • ----- Titanic - Dunkirk සම්බන්ධය
  • ----- නත්තලේ ගීතය
  • ඇහුණු කතා >>>
  • ----- ඩොටේ අක්කා
  • ----- අපි නොදන්න ඇමරිකා
  • ----- අපි නොදන්න ඇමරිකා 02
  • ----- අපි නොදන්න ඇමරිකා 03
  • ----- ලොකු අයියා
  • ----- නවීගේ දහම් පාසල 01
  • ----- භූත ගෙදර
  • ----- කැවුම් පෙරේතයා
  • ----- තරසර ඇසතු රුක
  • පොඩි පොඩි වැඩ >>>
  • ----- වට්ඨගාමිණීගෙ කතාව
  • ----- කවරයේ කතාව
  • ----- කෝපි මේස පොත
  • අපේ CSS පංතිය>>>
  • ----- CSS පාඩම් අංක 01
  • ----- CSS පාඩම් අංක 02
  • ----- CSS පාඩම් අංක 03
  • ----- CSS පාඩම් අංක 04
  • ----- CSS පාඩම් අංක 05
  • ----- CSS පාඩම් අංක 06
  • ----- CSS පාඩම් අංක 07
  • ----- CSS පාඩම් අංක 08
  • ----- CSS පාඩම් අංක 09
  • ----- CSS පාඩම් අංක 10
  • මම ගැන >>>
  • ----- සංකල්පය
  • ----- අනිත් කෙරුම්
  • ----- මගේ දිනපොත
  • ----- මේ ගැනත් හිතන්න
  • ----- සොදුරු මතක සටහන්
  • ----- මට ලියන්න

ගාලු ප්‍රදීපාගාරය වෙත

2013 අවුරුද්දෙ දෙසැම්බර් මාසය ඉවර වෙන්න ඉස්සෙල්ලා ගාල්ල ප්‍රදීපාගාරය බලන්න යන්න අවස්ථාවක් ලැබුණා. එහෙම අවස්ථාවක් ලැබීමත් එක්තරා විදිහකට හරිම දුර්ලභයි. මොකද ප්‍රදීපාගාරය ඇතුළට පිවිසෙන්න නම් විශේෂ අවසරයක් තියෙන්න ඕන. ගාල්ලේ පරණ නගරය ගත්තම, ප්‍රදීපාගාරයටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ගාල්ල අවට මුහුදු සීමාවේ යන එන නැව් සහ බෝට්ටු වලට පණිවිඩ සහ සංඤ්ඥා නිකුත් කරන්නෙ, ගාලු කොටුවට සම්බන්ධ කරලා තියෙන මේ ප්‍රදීපාගාරයෙන්.
Picture
Picture
ලන්දේසි පාලන සමයේදිත් ගාලු කොටුවේ ප්‍රදීපාගාරයක් ස්ථාපිත කරලා තිබුණා කියලා වාර්තා පොත්වල කියවෙනවා. ඒත් මේ ඒ ප්‍රදීපාගාරය නම් නෙවේ. වර්තා අනුව ඉපැරණි ප්‍රදීපාගාරය ගින්නකින් විනාශ වෙනවා.

වර්තමාන ප්‍රදීපාගාරය නිර්මාණය වෙන්නෙ 1939 අවුරුද්දෙ The Government Factory සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ Kenneth De Kretser කියන බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයාගේ මූලිකත්වයෙන්. Cast Iron කියන යකඩ වර්ගයෙන් සුදු පැහැති වෘත්තාකාර කුළුනක් විදිහට හදලා තියෙන මේ ප්‍රදීපාගාරය මීටර් 26ක් විතර උසයි. 
Picture
Picture
Picture
Picture
Picture
Picture
තට්ටු 5කින් සමන්විත මේ ප්‍රදීපාගාරයේ ඉහළම කොටසෙ තමයි ආලෝකය නිකුත් කරන උපකරණ සවි කරලා තියෙන්නෙ. ප්‍රදීපාගාරයෙන් රාත්‍රී කාලයේදී තත්පර 15කට වරක් ආලෝක ධාරා 2ක් නිකුත් කරනවා. මේ ආලෝක ධාරා මීටර් 50ක් තරම් ඈතකට විහිදිලා යනවා. අධි බලැති විදුලි බල්බයක් වට කරලා තියෙන ගෝලාකාර වීදුරු බෝලය කරකැවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක වෙන්නෙ.
Picture
Picture
Picture
Picture
Picture
ප්‍රදීපාගාරයේ ඉහළම කොටසෙ ඉදලා අංශක 360ක වටයක් කරකැවුනොත් මීටර් 47ක දුර ප්‍රමාණයක් හොදින් දැක බලා ගන්න පුලුවන්. ඒ දුර ප්‍රමාණයට ගාලු කොටුව, ගාලු ප්‍රධාන නගරය විතරක් නෙවේ බොනවිස්ටා කොරල් පරයට ආසන්න මුහුදු ප්‍රදේශය හිටන් හොදින් දිස් වෙනවා. ප්‍රදීපාගාරයේ හැම තට්ටුවකම සමචතුරශ්‍රාකාර ජනේල සවි කරලා තියෙනවා දකින්න පුලුවන්.
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
Picture
ප්‍රදීපාගාරයේ ඉහළම කොටසට නගින එකත් ලේසි පහසු වැඩක් නෙවේ. මේ ප්‍රදීපාගාරයේ පඩි පෙළක් නෑ. මීටර් 26ම නගින්න තියෙන්නෙ ඉනිමං වලින්. කොටස් 5ට ඉනිමං 5ක් සවි කරලා තියෙනවා. ප්‍රදීපාගාරයේ මුදුනේ සුළං හමන දිශාව දැන ගන්න, උපකරණ සවි කරලා තියෙනවා දකින්න පුලුවන්.
Picture
Picture
Picture
ප්‍රදීපාගාරය ආසන්නයෙන්ම රේඩාර් පද්ධතිය සහ කාර්යාලය පිහිටුවලා තියෙනවා. ගාල්ල වරාය අධිකාරියෙන් පාලනය වෙන මේ කාර්යාලයේ රේඩාර් පද්ධතිය සකස් කරලා තියෙන්නෙ Analog ක්‍රමයට. වෙරළ සහ මුහුදු සීමාවට යන එන නැව් සහ බෝට්ටු වලට සංඤ්ඤා සහ පණිවිඩ නිකුත් කරන්නෙ මෙතනින්. ඒ අනුව වෙරළ සහ මුහුදු සීමාවට යන එන නැව් සහ බෝට්ටු, කාර්යාලයෙන් දෙන පණිවිඩ සහ උපදෙස් අනුව ක්‍රියා කරන්න ඕන. සීමාවේ නවතා තියෙන සහ ගමන් කරනා නැව් සහ කුඩා ප්‍රමාණයේ යාත්‍රා සියල්ලක්ම රේඩාර් පද්ධතියේ දිස් වෙනවා. පද්ධතියේ පරිගණක තිරය තත්පර කිහිපයකට වරක් යාවත්කාලීන වෙනවා. පරිගණක තිරයේ පෙන්නුම් කරන ප්‍රමාණය විශාල කළාම අදාල යාත්‍රාවේ නම, පිහිටලා තියෙන දුර ප්‍රමාණය, අක්ෂාංස දේශාංස වල පිහිටීම ආදී තොරතුරු පෙන්නුම් කරනවා.

සීමාව තුළට යාත්‍රාවක් පිවිසෙන කොට හෝ සීමාවෙන් එළියට යන කොට, යාත්‍රාව ප්‍රදීපාගාර කාර්යාලයට ඒ ගැන දැනුම් දීමක් කරන්න ඕන. ඒ අනුව පාලන මැදිරියෙන් ඒ සදහා නියමිත කාලයක් ලබා දෙනවා. එහෙම ලබා දෙන්නෙ සටහන් පොතක් බලා ගෙන. සටහන් පොතේ ඒ වෙලාවට සීමාවට පිවිසෙන සහ සීමාවෙන් බැහැර වන යාත්‍රා සහ වේලාවල් ගැන සටහන් කරලා තියෙනවා. ඒවත් කලින් ආපු පණිවිඩ වලින් සටහන් කරපු දත්ත. ඒ කාලය තුළදී යාත්‍රාවේ ඇතුල් වීම හෝ පිටවීම සිද්ධ වෙන්න ඕන. මේ විදිහට පෙර දැනුම් දීම් හරහා වෙරළ සහ මුහුදු සීමාවේ යාත්‍රා කරන යාත්‍රා ඝට්ටනය වීම සහ තදබදය පාලනය කෙරෙනවා. ඒ වගේම සුනාමි, සුළි කුණාට වගේ තත්වයන් පවතින කොට වෙරළ තීරයේ තත්වය ගැන යාත්‍රා වලට දැන්වීමටත්, පණිවිඩ හරහා ඒවායේ ගමන් මග වෙනස් කිරීමටත් මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.

Picture

Picture



Get your own Flash MP3 Player

Powered by Create your own unique website with customizable templates.