සටන් භූමිය මත
කලාව කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ සංගීත කලාව. නැත්නම් නැටුම් කලාව. නැත්නම් රංගන කලාව. නැත්නම් ගායන කලාව. එහෙමත් නැත්නම් චිත්‍ර කලාව. එතකොට මොකක්ද මේ සටන් කලාව කියන්නේ? ඒකත් කලාවක් තමයි. අපේ රටේ නම් "සටන් කලාව" කියන වචනය ජනතාව අතරට ගියේ මෑත භාගයේ. ඒ කියන්නේ 2010 වගේ. 2010දි තමයි මහා රාවණ චරිතය මිනිස්සු අතරට හරියාකාරව යන්න පටන් ගත්තේ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ අංගම්පොර සටන් කලාව ගැනත් ගොඩක් කතා බහට ලක් වුණා. මේ සූදානම් වෙන්නේ "සොදුරු කතා බහ" ලිපි මාලාවේ 7 වෙනි පරිච්ඡේදය ලියන්නයි. අද අපි ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ දක්ෂ සටන් ශිල්පියෙක්ව. ඒ තමයි සුපුන් හේවාගම. ඉපදුනේ 1991. සුපුන් හේවාගම කියන්නේ කුඩා කාලයේ ඉදලම සටන් ශිල්පය ඉගෙන ගන්න බොහොම ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ තිබ්බ ආසාව, උත්සහය, උනන්දුව සහ කැපවීම නිසාම අද එයා හොද තැනකට ඇවිත් තියෙනවා. ඒත් ඉතින් ඒ ආපු ගමන් මග, හරිම දුෂ්කර සහ කටුක ගමන් මගක්. තමන්ට හම්බවෙන සියලුම බාධක, අභියෝගයක් විදිහට භාර අරගෙන තමයි මේ සාර්ථක ගමන ඇවිත් තියෙන්නේ. ඉතින් සුපුන්ගේ ජීවිත කතාවෙන් ගොඩක් අයට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් අන්තර්ගතයි. අපි දැන් බලමු සුපුන් මොනවද අපිත් එක්ක කතා කළේ කියලා....
01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** හේවාගමගේ දොන් සුපුන් මධුශාන්
02. අද ඔබව හදුනන්නෙ?
** සුපුන්
03. උපන්න ගම් පළාත?
** මහර
04. ඉගෙන ගත්ත පාසල?
** මුලකුරු කියුවේ ඉනෝකා පෙරපාසලෙන්. සාමාන්‍ය පෙළ, එවකට කුමර මහා විදුහල ලෙස හැදින්වුණු පාසලෙන්. දැන් ජනාධිපති මහා විද්‍යාලය ලෙසයි හදුන්වන්නේ. උසස්පෙළදි මම පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතනයෙන්.
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** උසස්පෙළ කළේ 2010දි. කලා අංශයෙන්.
06. කොහොමද සටන් කලාවට ඔය හැටි ආසාවක් ඇති වුණේ?
** ඒක දිග කතාවක්. අපි ගාව නැති දේවල් වලටනේ මිනිස්සු හැටියට අපි ආස. මෙහෙමයි පටන් ගත්තේ. මගේ තාත්තා ඒ කාලේ කරාටේ සටන් කලාව තරමක් දුරට ඉගෙන ගෙන තියෙනවා. ඉතින් එයා එක්ක පොඩි කාලේදී විහිලුවට වගේ සෙල්ලම් කරනවා. පොඩි කාලේ මට මතකයි තාත්තගෙන් අහනවා මම "තාත්තේ කරාටේ ඉගෙන ගත්තහම සීයකට උනත් ගහන්ඩ පුළුවන්ද අනේ" කියලා. තාත්තා හිනා වෙලා "ඔව්" කියනව මට මතකයි. එහෙම කොහේ ගහන්නද කියල මට හිතෙනවා. ඒත් එක්කම හිතෙනවා "තාත්තා බොරු කියනවා යැයි" කියලා. ඔහොම ඉන්නකොට 9 වසරේදී වගේ මතක විදිහට, මම සටන් චිත්‍රපටි බලනවා. ගොඩක් වෙලාවට Master Bruce Leeගේ. ඔහොම බලල තනියම ගෙදර පුහුණුවිම් කරනවා. දන්න දෙයක් නෑ. හැබැයි දකින දේ ඒ විදිහට කරන්න දගලනවා. ඒ අතරතුරේ මම හොයනවා නියම, නිවැරදි සටන් කලාව කියන දේ ඉගෙන ගන්න තැනක්. නොයෙක් ආකාරයේ තැන් හම්බෙනවා. හැබැයි එකකටවත් යන්න මට සල්ලි නෑ...
කරාටේ පන්ති දාන්න කිව්වට අම්මා කැමතිත් නෑ. තාත්තා කැමතිත් නෑ. අම්මා අකමැති වෙන්න හේතුව සාමාන්‍යයිනෙ. ගුටිකයි කියන බය. තාත්තා අකමැති උනේ, ලංකාවේ සටන් කලාව වැටිලා තිබුන තැන එයා දන්න නිසා. පිරිසිඳු නිවැරදි කලාවක් නැති නිසා. ඔන්න දැන් මට පන්තිත් නෑ. සල්ලිත් නෑ. හැබැයි මට උණ තිබ්බා. විසබිජ වැටෙන්න වැටෙන්නනෙ ලෙඩේ වැඩි වෙන්නේ. මම සටන් චිත්‍රපටි බලන්න ගත්තා. එකම දේ සියපාරකටත් වැඩිය බලල ඇති. දෙබස් යනකොට කියන්න පුළුවන් තරං. Master Bruce Leeගේ චිත්‍රපටිවලින් කරලියට ආපු නන්චකුවට මන් ගොඩක් ආස කරා. ගන්න සල්ලි නැති උනත් මම කරපු වැඩේ ඉස්කෝලේ ටයි පටිය අරගෙන, ඒක එස්ලෝන් බට කෑලි දෙකක් ඇතුලට දාල ගැට දෙකක් ගහල, නන්චකුවක් විදිහට හදා ගත්තා. එහෙම හදාගෙන මට මතකයි කිහිලි දෙපැත්තේ තුවාලත් වෙලා ඉතින් හීරිලා. ඔරලෝසුව ඉස්සරහට ගිහින් තප්පර 60ට නන්චකුව වාර 120ට වැඩිය මම කරකොනවා. Punching Bag ගන්න සල්ලි නෑ. වැලි කොට්ට හදාගෙන ඒවාට තඩි බානවා. ඔහොම ඉන්නකොට සල්ලි ටිකකුත් එකතු කරගෙන මම පන්ති හොයනවා. හරි දෙයක් සහ නිවැරදි කලාවක් එතැනදී මට හම්බෙනවා.
මාස්ටර් ලලිත් කුමාරසිංහ.! හරි දේ එතන තියෙනවා කියලා තීරණේ කරපු මම ගෙදරටත් හොරා පන්තියට බැඳෙනවා. සපත්තු දෙකක් ගන්නවා සෙල්ලම් කරන්න. ඒ ගන්නෙත් ඉංග්‍රීසි පන්තියට සල්ලි දෙන්නේ නැතුව. පන්තියට ගියේ සියල්ල දත් වගේ. හැබැයි කොහොම හරි පන්තියේ පලවෙනි දවසේදීම කලන්තේ දාල වැටෙනවා. ගහගෙන නෙමෙයි. ව්‍යායාම කරලා. ඒ වගේම හති දාගෙන නන්චකුව කරකොපු මට, එදා තමයි මාස්ටර් කියුවේ "නන්චකුව තියෙන්නේ කරවන්න නෙමේයි මනුස්සයෝ, ගහන්න" කියලා. අන්තිමටයි හිතුනේ මොනවද මන් දන්නෙ කියලා.
07. ඉතින් මෙහෙම සටන් කලාව ඉගෙන ගන්න, බයක් දැනුනේ නැද්ද?
** නෑ. බයක් නෙමේ. දැනුනේ ආසාවක් විතරයි.
08 ඊට පස්සේ මොකද වුණේ? පාසල් කණ්ඩායමට එකතු වුණේ නැද්ද?
** නෑ. පාසලේ මම කරපු කලාව තිබුණ නෑ. මම ඉසේල්ලම ඉගෙන ගත්තේ චීන සටන් ක්‍රමයක් වෙන "කුන්ග් ෆු" කියන කලාව. පස්සේ "වූෂූ" (වුෂු කියන්නෙත් කුන්ග් ෆු සටන් කලාවම තමයි. ඒත් වෙනසක් තියෙනවා. වෙනස කියුවොත් කුන්ග් ෆු කියන්නේ සාම්ප්‍රදායික පිරිසිදු සටන් කලාවක්. ඒක වූෂු විදිහට ප්‍රභේද වෙනවා, ක්‍රීඩාවක් විදිහට මිනිස්සු අතරට එන්න ඕනේ නිසා. මොකද කුන්ග් ෆු කලාව තුළ තිබෙන සියලුම දේවල් ක්‍රීඩාවකට යොදවන්න බැරි නිසා). ඊට පස්සේ Master Bruce Lee විසින් නිර්මාණය කරපු "ජිට් කුන්ග් දෝ" කියන සටන් කලාවත් ඒත් එක්කම කරනවා. ජපන් සටන් කලාවක් වෙන "ජි ජිට්සු" (Jiu jitsu) හදාරනවා. නොයෙක් තැන්වලට යනවා. ඉගෙන ගන්නවා. දවස් ගණන් වැඩමුළුවල. ඔහොම ගිහින් කොහොම හරි, අද බස්නාහිර පළාත් පාසල් වූෂු සංගමයේ පුහුණුකරුවෙක් විදිහට සුදුසුකම් ලබල තියෙනවා. ඊට අමතරව පාසලේ උසස්පෙළදී Boxing ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. එහෙදි K.P.V.P Boxing Captain විදිහට සෙල්ලම් කළා, MAS ආයතනයේ අනුග්‍රහය යටතේ. Boxing ක්‍රීඩාවෙන් තව දුර යන්නත් තිබුන කියල හිතෙනවා. කොහොම හරි දැන් Boxing පුහුණුකරුවෙක් විදිහටත් MAS ආයතනයට සම්බන්ධ වෙලා ඉන්නවා. Sirasa Super Fighter, මගේ පිරිවෙනෙන් අපිත් එක්ක Boxing කරපු මල්ලි කෙනෙක් (බුද්ධික මනරම්).
09. එතකොට සටන් ක්‍රම ගොඩක් ඉගෙනගත්තම, ඔය ඔක්කොම පැටලෙන්නේ නැද්ද?
** බටර් කේක්, චොකලට් කේක්, අයිසිං කේක්, ස්ට්‍රොබෙරි කේක්... ඔය ඔක්කොම කේක්නෙ? රස විතරයි වෙනස්. හදන්නේ එකම ප්‍රධාන කළමණා දාලනෙ? ඒ වගේ තමයි. සටන් කලාවන් කිහිපයක් කළත් පැටලීමක් වෙන්න විදිහක් නෑ. වෙනස්කම් අතරින් වෙනස් දේවල් ඉගෙන ගන්න අවස්ථාව හම්බෙනවා. හරියට එක එක රස කේක් කනවා වගේ.
10. කුන්ග් ෆු ඉගෙනගෙන තියෙනවා. වූෂූ ඉගෙනගෙන තියෙනවා. ජිට් කුන්ග් දෝ ඉගෙනගෙන තියෙනවා. ජි ජිට්සු ඉගෙනගෙන තියෙනවා. තව බොක්සිං එහෙමත් ඉගෙනගෙන තියෙනවා. හැබැයි සටන් කලාව කිව්වම හැමෝටම මුලින්ම මතක් වෙන, "කරාටේ" ගැන මොකුත්ම කිව්වේ නෑ?
** කරාතේ ගැන යමක් කියුවොත් කරාතේ සටන් ශිල්පක්‍රම බොහොමයක් තියෙනවා. නොයෙක් Styles. ඔය අතරින් අද වෙනකොට කරාටේ කලාවක් වගේම ක්‍රීඩාවක් විදිහටත් හැදෑරිම් කෙරෙනවා. "කරාතේ" යන්නේහි තේරුම වෙන්නේ "හිස් අත", "හිස් අත් සටන් ක්‍රමය" යන්න. ඒ වගේම කරාතේ ජපන් ශිල්පිය ක්‍රමයක්. චීන කුන්ග් ෆු සටන් කලාවෙන්ම තමයි, කරාතේ සටන් කලාවත් බිහි වුණේ. ඉතින් ක්‍රීඩාවක්, කලාවක් වීදිහට නම් මම කරාතේ හදාරන්නේ නෑ. නමුත් කරාතේ කියන්නෙත් හොද ක්‍රීඩාවක් වගේම කලාවක්.
11. අපේ රටටම උරුම වුණු සටන් කලාවන් එහෙමත් කිහිපයක් තියෙනවා. ඒවා ගැන අධ්‍යනයක් හෝ ඉගෙනගැනීමක් කරලා නැද්ද?
** ඔව්. අංගම්, වෙනත් රටක සටන් කලාවක් ඉගෙන ගන්න නිවැරදි තැනක් හොයා ගන්නවටත් වඩා අමාරු වැඩක්. අපිටම ආවේණික වුණු අංගම්පොර, එහෙමත් නැත්තන් අංග හරඹ නිවැරදිව ඉගෙන ගන්න තැනක් හොයා ගන්න එක. කොහොම උනත් හේවාගම පරම්පරාව, කඩුවෙල කොරතොට අංගම් සම්ප්‍රදායට නෑකම් කියන බව මගේ තාත්තා කියල තියෙනවා. අංගම් සටන් සම්ප්‍රදාය හදාරලා නෑ. නමුත් අධ්‍යයනය කරනවා තවමත්. කොහොම උනත් ඈත අතීතයේ සිට පැවත එන මෙම අංගම් පොර ශිල්පය අයත් වෙන්නේ ලංකාවේ විසූ ආදිතම යක්‍ෂ ගෝත්‍රිකයන්ට. ඈත අතීතය වසර 30 000කට කිට්‌ටු කාලයක ඉදන් ගෝස්‌සර නම් වූ ශාක පොතු වර්ගයක ලියන ලද වර්ග පූර්ණිකාව හා පංචරක්‌ඛාවලිය නම්වූ ඉපැරණි ග්‍රන්ථ වලින් දැක්‌වෙන්නේ මේ සටන් කලාව, ඒ කාලයේ ජිවත් උන ඉසිවරුන් 9 දෙනකු මුල් වෙලා ආරම්භ උනා කියල තමයි. කාලයත් එක්කම හරි තැන හම්බුනොත් අපේ සටන් කලාවත් අනිවරෙන් ඉගෙන ගන්න ඕනේ.
12. මේ දක්වා ආපු ජීවිත කාලය තුළ මේවා ඉගෙන ගන්නකොට, අත්හදා බලනකොට වුණු රසවත් සිදුවීම් එහෙමත් ඇති නේද?
** අපොයි රසවත් දේවල් කොච්චර තියෙනවද? කට්ටිය එක්ක පුහුණුවීම් කරනකොට හැමදේම වගේ රසවත්. ඒ අතරින් අමතක නොවෙන දවසක් තමයි, බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය තුල වූෂු පුහුණු වැඩමුළුවකට සහභාගී උන කාලේ. ශ්‍රී ලංකා යුධ හමුදා වූෂු කණ්ඩායමත් එක්ක පුහුණුවීම් කළා. ඒ ගෙවුනු කාලේ කවදාවත් අමතක වෙන්නේ නැ. ඊළගට තවත් අමතක නොවන සිද්දියක් තමයි එල්.වී.ජයවීර අනුස්මරණ Boxing තරගයකදී, මගේ පුහුණුකරු ඉන්දික සර්ගේ මග පෙන්වීම යටතේ තප්පර 30-40ක් අතර කාලෙකදී තරගයක් නිමා කිරීම (Knockout). ඒක බොහොම රසවත් තප්පර කිහිපයක්.
13. තමන්ට වඩා වයසින් ලාබාල අයව පුහුණු කරනකොට, ඒ අයගේ හැකියාවන් ඉහළ නැංවීම සදහා මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්නේ?
** පොඩි අය පුහුණු කරනකොට ගොඩක් වෙලාවට නිර්මාණශීලි වෙන්න වෙනවා. හැමවෙලේම උපක්‍රමශිලිව සටන් කලාවට ආසාවක් ඇති වෙන විදිහට ඉගැන්වීම් කරන්න ඕනේ. ළමයි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ දකින දේවල්. ඒ නිසා නිවැරදි ක්‍රම උපායන්, අලුත් ක්‍රම උපායන් නිතරම පෙන්වන්න අවශ්‍යය වෙනවා. ඒකට Video Clips වගේ දේවල් භාවිතා වෙනවා.
14. සටන් කලාව ඉගෙන ගත යුත්තේ ආත්මාරක්ෂාවට විතරමද? කවදාවත්ම පිටස්තර කෙනෙකුට අතක්වත් උස්සලා නැද්ද?
** ප්‍රශ්න දෙකක් නෙහ්? 1. මගේ මතය අනුව නම් සටන් කලාව කෙනෙක් ඉගෙන ගන්න ඕනේ අරමුණු කිහිපයක් මත. පළවෙනි දේ එයට තිබෙන කැමැත්ත. ඊට පසුව තමයි අනෙක් දේවල්. කැමැත්ත ඇති වෙලා සටන් කලාව ඉගෙන ගන්න පුද්ගලයා, පස්සේ ආත්මාරක්ෂාව සලසා ගන්න අරමුණ මත්තේ ඉගෙන ගන්නවා. ඉන් පස්සේ ශරිර යෝග්‍යතාවය, නිරෝගීව ජීවත්වීම සහ සමාජයට යහපත් නිහතමානී පුද්ගලයෙක් වීම.. 2. සටන් කලාව ඉගෙන ගන්න පටන් ගත්ත තැන ඉදන් පුහුණුවීම හැර පිටස්තර අයත් එක්ක ගැටළු නම් ඇති කරගෙන නෑ මේ වෙනකල්. මන් හිතන්නේ සටන් කලාවක් ඉගෙන ගැනීමේ නියම අරමුණ විය යුත්තේත් එයයි. සටනකින් තොරව ගැටළු නිරාකරණය කර ගන්න පුළුවන් නම් එතන තමයි සටන් කලාවේ නියම ප්‍රයෝජන ගැනීම.
15. සටන් කලාව පුරුදු පුහුණු වෙනකොට, "මම තමයි පොර" කියලා කවදාවත්ම හිතිලා නැද්ද?
** මොකද නැත්තේ? එහෙම හිතන් ගිය පළවෙනි දවසෙම කලන්තේ හැදිලා අඩපන උනාට පස්සේ ඉදන්, පොර නෑ.... කොහොම උනත් සටන් කලාවට අවතීර්ණ වෙන මුල් කාලේදී ඕනෑම කෙනෙක්ට ඔය පොර හැගීම එනවා. නමුත් පසු කාලේදී තමන් විසින්ම තේරුම් ගන්නවා, සටන් කිරිමෙන් නෙමෙයි පොර වෙන්නේ. සටන් නොකර සිටීමෙන් කියලා. එහෙම බැලුවහම මමත් පොරක් තමයි දැන්, ඒ සටන් නොකර සිටීමෙන්.
16. ඕනෑම දෙයක් කුඩා අවධියේදී පුරුදු පුහුණු වුණාම පහසුයි. සටන් කලාව ඉගෙන ගන්න නම්, හොදම වයස විදිහට ඔබ දකින්නේ මොන වයස් කාලයද?
** පුංචි කාලේ ඉදන්ම සටන් කලාවක් ප්‍රගුණ කරන එක ගොඩක් හොදයි වගේම ඉදිරියට යන්න පුළුවන්. හේතුව කෙනෙකුගේ සටන් කලාවට අවශ්‍ය කරන ඒ නම්‍යතාවය ආදී දේවල් ඔප්නංවා ගන්න පහසුයි. අවුරුදු 4-6 අතර කාලේ ඉදන්ම සටන් කලාව පුහුණු කල හැකියි. නමුත් මගේ පෞද්ගලික මතය අනුව නම් දරුවෙක්ට යමක් තේරුම් ගන්න පුලුවන්, විමර්ශනය කරන්න පුළුවන් කාලේදී ඔහු විසින්ම තෝරාගැනීමක් කර ගන්න ඕනේ කියන එකයි. මොකද එහෙම නැතිනම් ඔහු යම් එක් දෙයකට කොටුවෙන්න පුළුවන්. සමහරවිට පොඩි කාලේදී මාවත් දෙමාපියෝ කරාතේ පන්තියකට දැම්ම නම්, මට මේ දුර එන්න වෙන්නේ නැති වෙන්නත් තිබුණා.
17. මේ කලාවන්වලත් නිල සාස්තරය තියෙනවද? ටිකක් ඒ ගැන කතා කරමු.
** නිල සාස්තරය හැමෝම කැමැති මාතෘකාවක්නෙ. ඔව්. හැම සටන් කලාවකම වගේ නිල එහෙම නැත්නම් Presser Point සම්බන්ධ වෙනවා. මිනිස්සු අතරේ වැරදි මත ගොඩක් තියෙනවා මේ නිල සම්බන්ධයෙන්. ගොඩක් අය හිතන්නේ නිල සාස්ත්‍රය තියෙන්නේ මිනිස්සු අඩපන කරන්න, මරන්න, කරදර කරන්න කියලා. නෑ ඒක සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. නිල සාස්තරය |
ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ ජිවත් කරවන්න. රෝග නිවාරණය කරන්න. මිනිස්සු අඩපන කිරීම වගේ දේවල් බොහොම පුංචි කොටසක් විතරයි. එහෙම කරන්න බෑ කියනවා නෙමෙයි. පුළුවන්. ඒත් හිතන්නකෝ නිලයක් එහෙම නැත්තන් Presser Point එකක් කියන්නේ මුළු ශරීරයෙන් බොහොම සියුම් තැනක පිහිටලා තියෙන ස්ථානයක්. කෙනෙක්ව මරන්න නැතිනම් අඩපන කරන්න ඔය නිලයක් හොයන්න කලින්, ඒ පුද්ගලයට ලං වෙන්න ඕනෙනේ. ඉතින් නිලයක් හොයාගෙන අල්ලලා මරනකල් කෙනෙක් ඉදියිද?
18. හොද සටන්කරුවෙක් තුළ තිබිය යුතු ගුණාංග විදිහට ඔබ දකින්නේ මොනවාද?
** හොද සටන්කරුවෙකු හැටියට හොද පුහුණුවක් තිබිය යුතුයි. නිතිපතා පුහුණුවීම්. ඊට අමතරව සමාජයේ හැම වෙලේම නිහතමානී පුද්ගලයෙකු විය යුතුමයි. තමන්ගේ සියලුම ගුරුවරුන්ට වගේම සහයකයින්ට ගරු කළ යුතුමයි. ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම තැනක, ඕනෑම පුද්ගල කාණ්ඩයක් තුළ සියලන්ටම ගරු කරනවාත් සමගම, අභිමානවත් ආදර්ශමත් චරිතයක් විය හැකි නම් ඔහු හොද සටන්කරුවෙක්.
19. මේ කලාවන් හදාරලා, මොනවද තමන්ට ලැබුණේ?
** මොනවද මට නොලැබුණේ? ජිවිතේ මම ලබා ගත්ත සියලුම දේවල්, ජයග්‍රහණ තුළින් ලැබුන සතුට, පරාජයන් විද දරාගැනීමට ලැබුන ශක්තිය, ඇතුළු සියලුම ජිවිතේ වටිනවායැයි මම හිතන හැමදේම, මට ලැබුනේ මේ සටන් කලාව නිසා. ඉදිරියත් එහෙම්ම වෙයි කියලා මම හිතනවා.
20. සටන් කලාවන් අතරින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රට මොකක්ද?
** සටන් කලාව අතින් සහ කලාව ප්‍රගුණ කරන්න පහසුකම් අතින්, මුලාශ්‍ර අතින් ඉදිරියෙන්ම ඉන්නේ චීනය කියල මම හිතනවා.
** හොද සටන්කරුවෙකු හැටියට හොද පුහුණුවක් තිබිය යුතුයි. නිතිපතා පුහුණුවීම්. ඊට අමතරව සමාජයේ හැම වෙලේම නිහතමානී පුද්ගලයෙකු විය යුතුමයි. තමන්ගේ සියලුම ගුරුවරුන්ට වගේම සහයකයින්ට ගරු කළ යුතුමයි. ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම තැනක, ඕනෑම පුද්ගල කාණ්ඩයක් තුළ සියලන්ටම ගරු කරනවාත් සමගම, අභිමානවත් ආදර්ශමත් චරිතයක් විය හැකි නම් ඔහු හොද සටන්කරුවෙක්.
19. මේ කලාවන් හදාරලා, මොනවද තමන්ට ලැබුණේ?
** මොනවද මට නොලැබුණේ? ජිවිතේ මම ලබා ගත්ත සියලුම දේවල්, ජයග්‍රහණ තුළින් ලැබුන සතුට, පරාජයන් විද දරාගැනීමට ලැබුන ශක්තිය, ඇතුළු සියලුම ජිවිතේ වටිනවායැයි මම හිතන හැමදේම, මට ලැබුනේ මේ සටන් කලාව නිසා. ඉදිරියත් එහෙම්ම වෙයි කියලා මම හිතනවා.
20. සටන් කලාවන් අතරින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රට මොකක්ද?
** සටන් කලාව අතින් සහ කලාව ප්‍රගුණ කරන්න පහසුකම් අතින්, මුලාශ්‍ර අතින් ඉදිරියෙන්ම ඉන්නේ චීනය කියල මම හිතනවා.
21. සටන් කලාවේ උපරිමයටම ගිහින් හිටියත්, කවදා හරි දවසක යම් කෙනෙක්, තුවක්කුවකින් වෙඩි තිබ්බ දවසට, ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි නේද?
** "සටන් කලාවේ උපරිමයට ගිහින් හිටියොත්" කියලා කියුවනේ? මම හිතනවා සටන් කලාවෙන් උපරිමයට ගිය කෙනෙක් නම් බොහොම නිහතමානී ආදර්ශමත් අයෙක්. ඉතින් එහෙම කෙනෙක්ට වෙඩි තියන්න කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා මම හිතන්නෙ නෑ. එහෙම කෙනෙක් ආවමයි කියමුකෝ. හොඳ සටන්කරුවෙක්ට ඒ වගේ අවස්ථාවක් මගහරින්න ඕන තරං අවස්ථාවන් තියෙනවා.
22. කවදා හරි දවසක වෙනත් රටක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් හම්බුණොත්, ඒ අවස්ථාව භාර ගන්නවාද?
** අනිවාර්යෙන් ඔව්. නමුත් ජිවිත කාලෙම නෙමෙයි. මොකද ඒවගේ අවස්ථාවකින් මේ රටේ ඉන්න අයගේ දැනුමට යමක් එකතු කරන්නත් එක්කම ඒ අවස්ථාව බාරගන්නවා.
23. සටන් කලාව ප්‍රගුණ කරපු රංගන ශිල්පීන් අතරින් බෲස්ලිට අමතරව, තවත් ප්‍රිය කරන රංගන ශිල්පීන් එහෙම ඉන්නවද?
** බොහොමයක් ඉන්නවා. ඒ අතරින් Tony Jaa, Donnie Yen, Jacky Chang, Michael Jai White. මේ කිහිප දෙනාට විශේෂයක් දක්වනවා. හේතුව සටන් ජවනිකා තුලදී නියම නිවැරදි ක්‍රම උපයෝගී කර ගන්නා අය වගේම, කැමරා ප්‍රයෝග බොහොම අඩුවෙන් භාවිත කරන අය වීම, සහ මේ කිහිප දෙනාගේ සටන් ශෛලීන් එකිනෙකට වෙනස් වීම.
24. මොකක්ද වඩාත්ම සිත්ගත්තු සටන් චිත්‍රපටය (Fighting Movie)? මොකක්ද හේතුව?
** Master Bruce Leeගේ චිත්‍රපට සියල්ලටම වගේ කැමති. ඊට අමතරව මෑත කාලයේ දි Tony Jaa රංගනයේ යෙදෙන Prachya Pinkaew විසින් අධ්‍යක්ෂණය කෙරු, The Protector (Tom-Yum-Goong) චිත්‍රපටය වඩාත්ම සිත් ගත්ත චිත්‍රපටයක් වුණා. හේතුව, සටන් කලාවන් කිහිපයක එකතුවක් විදිහට මේ චිත්‍රපටය මම දකිනවා. මාරාන්තික වගේම උපරිම තාක්ෂණයක් භාවිත වෙන තායිලන්තය සටන් සම්ප්‍රදායක් වෙන Muai Thai, එහෙම නැත්නම් Thai Boxing, Kung Fu, Jiu Jitsu, සහ Kapuera යන නිතර දකින්න නොලැබෙන සටන් කලා කිහිපයකම එකතුවක් මෙහි තියෙනවා.
21. සටන් කලාවේ උපරිමයටම ගිහින් හිටියත්, කවදා හරි දවසක යම් කෙනෙක්, තුවක්කුවකින් වෙඩි තිබ්බ දවසට, ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි නේද?
** "සටන් කලාවේ උපරිමයට ගිහින් හිටියොත්" කියලා කියුවනේ? මම හිතනවා සටන් කලාවෙන් උපරිමයට ගිය කෙනෙක් නම් බොහොම නිහතමානී ආදර්ශමත් අයෙක්. ඉතින් එහෙම කෙනෙක්ට වෙඩි තියන්න කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා මම හිතන්නෙ නෑ. එහෙම කෙනෙක් ආවමයි කියමුකෝ. හොඳ සටන්කරුවෙක්ට ඒ වගේ අවස්ථාවක් මගහරින්න ඕන තරං අවස්ථාවන් තියෙනවා.
22. කවදා හරි දවසක වෙනත් රටක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් හම්බුණොත්, ඒ අවස්ථාව භාර ගන්නවාද?
** අනිවාර්යෙන් ඔව්. නමුත් ජිවිත කාලෙම නෙමෙයි. මොකද ඒවගේ අවස්ථාවකින් මේ රටේ ඉන්න අයගේ දැනුමට යමක් එකතු කරන්නත් එක්කම ඒ අවස්ථාව බාරගන්නවා.
23. සටන් කලාව ප්‍රගුණ කරපු රංගන ශිල්පීන් අතරින් බෲස්ලිට අමතරව, තවත් ප්‍රිය කරන රංගන ශිල්පීන් එහෙම ඉන්නවද?
** බොහොමයක් ඉන්නවා. ඒ අතරින් Tony Jaa, Donnie Yen, Jacky Chang, Michael Jai White. මේ කිහිප දෙනාට විශේෂයක් දක්වනවා. හේතුව සටන් ජවනිකා තුලදී නියම නිවැරදි ක්‍රම උපයෝගී කර ගන්නා අය වගේම, කැමරා ප්‍රයෝග බොහොම අඩුවෙන් භාවිත කරන අය වීම, සහ මේ කිහිප දෙනාගේ සටන් ශෛලීන් එකිනෙකට වෙනස් වීම.
24. මොකක්ද වඩාත්ම සිත්ගත්තු සටන් චිත්‍රපටය (Fighting Movie)? මොකක්ද හේතුව?
** Master Bruce Leeගේ චිත්‍රපට සියල්ලටම වගේ කැමති. ඊට අමතරව මෑත කාලයේ දි Tony Jaa රංගනයේ යෙදෙන Prachya Pinkaew විසින් අධ්‍යක්ෂණය කෙරු, The Protector (Tom-Yum-Goong) චිත්‍රපටය වඩාත්ම සිත් ගත්ත චිත්‍රපටයක් වුණා. හේතුව, සටන් කලාවන් කිහිපයක එකතුවක් විදිහට මේ චිත්‍රපටය මම දකිනවා. මාරාන්තික වගේම උපරිම තාක්ෂණයක් භාවිත වෙන තායිලන්තය සටන් සම්ප්‍රදායක් වෙන Muai Thai, එහෙම නැත්නම් Thai Boxing, Kung Fu, Jiu Jitsu, සහ Kapuera යන නිතර දකින්න නොලැබෙන සටන් කලා කිහිපයකම එකතුවක් මෙහි තියෙනවා.
25. සටන් කලාවට අලුතෙන් එන අයට මොකක්ද දෙන පණිවිඩය?
** සැලෙන්න එපා. මොන බාධක ආවත්, මොන අභියෝග ආවත් තමන් කරන්නේ හරි දෙයක් නම්, වැරදි දෙයක් නෙමෙයි නම් උත්සහය අතරින්න එපා. නිවැරැදි දේ තෝර ගන්න වගේම, වැරදි දේ ප්‍රතික්ශේප කරන්න හයියක් තියෙන මිනිහෙක් වෙන්න..
26. සටන් කලාවට අවතීර්ණ වෙන්න හිතාගෙන ඉන්න කාන්තා පාර්ශවයට මොනවා හරි කිව්වොත් නරකද?
** කාන්තා පාර්ශවයට කියන්න තියෙන්නෙත් කලින් කියුව වගේම තමයි. නිවැරදි දේ තෝර ගන්න. මම කියන්නේ හරි කලාවක් වගේම, ඉගෙන ගන්න හරි සුදුසුකම් ලද අය. කාන්තා කියලා වෙනසක් නෑ. ජීවිතේ දී සටන කාටත් එකයි.
27. මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද?
** ඔව්. මෙතෙක් ආපු ගමන ගැන බොහොම තෘප්තිමත්.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** සටන් කලාව පැත්තෙන් බලාපොරොත්තුව නම්, දන්න ටික හරි විදිහට, සුදුසු අයට, නොමසුරුව දෙන්න වගේම, මම නොදන්නා දේ තවත් ඉගෙන ගන්න. සටන් කලාව පැත්තෙන් සිනමා නිර්මාණයක් කරන්නත් ආසාවක් තියෙනවා, සුදුසු අයත් එක්ක එකතුවෙලා.
29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
** අපොයි ඔව්. අම්ම, තාත්තා.. පසු කාලේදී තාත්තා මට සටන් කලාව ඉගෙන ගන්න ගොඩක් උදව් කළා. ඊට පස්සේ සටන් කලාව බිහි කරපු බෝධි ධර්ම භික්ෂුවගේ ඉදන් මගේ මුල් ගුරු ලලිත් ලක්ශ්මන් ගුරුපියාණන්, Boxing ක්‍රීඩාවේ දි මට පාර පෙන්නපු ඉන්දික ගුරුපියාණන් ඇතුළු මට යම් දෙයක් ඉගෙන ගන්න උදව් වුණු සියලුම දෙනාට, බොහොම ස්තුතිවන්ත වෙනවා.
30. සුපුන්ට ලියනවා නම්?
** [email protected]
ඔන්න ඔහොමයි සුපුන් එක්ක කරපු "සොදුරු කතා බහ" අවසන් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව බොහොම රසවත් සාකච්ඡාවක් වුණා. මේ හරහා මම වගේම ඔයාලත් ගොඩාක් දේවල් දැන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් සටන් කලාවන් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට, සටන් කලාව ගැන උනන්දු අයට අවස්ථාව තියෙනවා, සුපුන්ගේ ෆේස්බුක් ගිණුම හරහා සුපුන්ගෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්නත්, උපදෙස් ලබා ගන්නත්..!!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.