අපි නොදන්න ඇමරිකා - 01
අපි ජීවත්වෙන පෘතුවි ලෝකයට ඉන්නෙ එකම එක අයිතිකාරයයි. ඒ තමයි සොබාදහම. හැබැයි ඒ ඉස්සර..... අද වෙනකොට අපි ජීවත්වෙන ලෝකයේ අයිතිකාරයා වෙලා ඉන්නෙ ඇමරිකාව. ලෝකයේ තියෙන බලවත් රටවල් අතරේ පෙරමුණේ ඉන්න ගමන්, ලෝකයේ තියෙන අනිත් රටවල්වලට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නලා බය කරගෙන ඉන්නත් ඇමරිකාව සමත්වෙලා තියෙනවා. මේ නිසා ලෝකයේ ඉන්න ගොඩක් අය ඇමරිකානු රජයේ ඒ ප්‍රතිපත්ති ගැන සතුටු වෙන්නෙ නෑ.
"ඇමරිකාව" කියන වචනය ඇහුනම අපේ රටේ අය අතරේ වුණත් හිත්වල මැවෙන්නෙ කළු චිත්‍රයක්. ඒ අපේ රටේ ජනමාධ්‍යවලින් අපේ ඔළුවලට කාවද්දලා තියෙන ප්‍රවෘත්ති නිසා. අනිත් අතට ඇමරිකානු රජය සහ ඇමරිකාව කියන රට අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලත් මතක තියා ගන්න ඕන. ඇමරිකානු රජයේ ප්‍රතිපත්තිවලට, ඇමරිකාවේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාව පලි නෑ. ලෝකයේ තියෙනවා එක එක සම්මත නීති. මේවා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඒ අතරින් එක නීතියක් තමයි, ඕනෑම දෙයක හොද සහ නරක කියන දෙකම තියෙනවා කියන එක. හොද විතරක් තියෙන, එහෙමත් නැත්නම් නරක විතරක් තියෙන කිසිම දෙයක් නෑ. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕන, නරක අඩුවෙන් තියෙන සහ හොද වැඩියෙන් තියෙන දේ තෝරගෙන, නරක අහක් කරලා, හොද ටික විතරක් අරගන්න.

මේ ලෝකයේ තියෙන හොදම රට තමයි ශ්‍රී ලංකාව. හැබැයි ඒ අපිට විතරයි. ප්‍රංශකාරයින්ට මේ ලෝකයේ තියෙන හොදම රට තමයි ප්‍රංශය. ඉන්දියන්කාරයට මේ ලෝකයේ තියෙන හොදම රට තමයි ඉන්දියාව. අරාබිකාරයාට මේ ලෝකයේ තියෙන හොදම රට අරාබිය වෙනකොට, ඉතාලිකාරයාට මේ ලෝකයේ තියෙන හොදම රට ඉතාලිය වෙනවා. සෝමාලියන්කාරයට නම් සෝමාලියාව තමයි ලෝකයේ තියෙන හොදම රට.... ලෝකයේ තියෙන හොදම රට විදිහට තමන්ගෙ රට සළකන්නෙ, ඒ තමන් ඉපදුනු රට නිසා. තමන් ජීවත්වෙලා ඉන්න රට නිසා. නැතුව අනිත් රටවල්වල දේශපාලනික, ආර්ථික, සාමාජීය, තාක්ෂණික අංශයන් එක්ක සංසන්දනය කරලා නෙවේ.
අපේ රට ලස්සනයි. බලන්න ලස්සන ලස්සන තැන් ගොඩක් තියෙනවා. හොද මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්ත. අවලස්සන තැනුත් තියෙනවා. නරක මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම තමයි ඔය කියන ඇමරිකාව. ඒ වගේම අනිත් රටවල් එහෙමත්......
මගේ හොදම යාලුවෙක් (හොදම යාලුවා කිව්වත් කමක් නෑ) ඉන්නෙ ඇමරිකාවෙ. මෙයා දකුණු ඩකෝටාවල ස්ථීර පදිංචිකාරයෙක්. ඉතින් සතියකට සැරයක් මෙයා මට කතා කරනවා. එහෙම කතා කළාම අපේ සංවාද පැය දෙක තුන යනවා. ගොඩක් වෙලාවට මෙයා පුරුදුවෙලා ඉන්නවා එහේ ජීවත්වෙනකොට මෙයා ලබා ගත්තු අත්දැකීම්, මාත් එක්ක බෙදා හදා ගන්න. මෙයා කියන එව්වා අහනකොට මට තේරුණ දෙයක් තමයි, හිතන තරම් යකා කළු නෑ කියලා. ඇමරිකාව ගැන අපි හිතන් හිතපු විදිහ ගැන ලැජ්ජාවකුත්, අපේ රටේ ජනමාධ්‍ය ගැන කලකිරීමකුත් ඇති වුණා. මේ සංවාදවලින් ඇමරිකාව ගැන නොදැන ඉදපු දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් වුණා. ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් වුණා. ඒ නිසා තමයි ඒ දේවල් ඔයාලා එක්කත් බෙදා හදා ගන්න, මේ වගේ ලිපියක් ලියන්න ඕන කියලා හිතුවෙ. ඔයාලගේ කියවීමේ පහසුව වෙනුවෙන්ම ලිපිය, එක එක මාතෘකා යටතේ, කොටස්වලට බෙදුවා. මේ තියෙන්නෙ එයා ඇමරිකාව ගැන මට කියපු දේවල් ටිකක්....

01. නීරෝගිකම පරම සැපත වේ
" පහුගිය දවසක මම රෝහලකට ගියා. ලංකාවෙ වගේ පෝලිම්වල ඉන්න ඕන නෑ. විනාඩි පහෙන් මාව ඇතුළට ගත්තා. මුලින්ම මට හම්බුනේ හෙදියක්. මෙයා ඉතින් මගේ ලෙඩේ ගැන ප්‍රශ්න අහලා, බොහොම නිදහසේ පොඩි පොඩි පරීක්ෂණ ටිකක් කළා. ඒ කියන්නෙ බර මනින දේවල් වගේ. ඊට පස්සෙ එතනට දොස්තර ආවා. ගෑණු කෙනෙක්. එයා මගෙන් මුලින්ම ලෙඩ ගැන ඇහුවෙ නෑ. එයා ඇහුවෙ රට තොට විස්තර ගැන. 'මෙහේ කොහොමද? මෙහේ පාළුයිද? මෙහේ පරිසරයට හැඩ ගැහුනෙ කොහොමද? අම්මයි තාත්තයි හොදින්ද?' ඔන්න ඔය වගේ ප්‍රශ්න. මේ විදිහට ගොඩක් වෙලා ආගිය තොරතුරු කතා කළා. මෙයාලා මුලින්ම කරන්නෙ ලෙඩත් එක්ක යාලුවෙන එක. ලෙඩත් එක්ක හොද සම්බන්ධයක් ගොඩ නගන එක. කායික සුවය ලබා දෙන්න කලින්, මානසික සුවයක් දෙන එක...
මම ගියේ පුංචි කැස්සකට බෙහෙත් ගන්න. පුංචි ලෙඩක් වුණත්, එයාලා ඒක ලොකු ලෙඩක් විදිහට තමයි හිතුවෙ. විනාඩි 40ක් තිස්සෙ ලොකූ පරීක්ෂණ ගොඩක් කළා. පෙනහළු හිටං පරීක්ෂා කළා. ඊට පස්සෙ බෙහෙත් ලිව්වා. බෙහෙත් ලියනකොට මෙයා එකම බෙහෙත් ජාතිය තියෙන, හැබැයි ආයතන කිහිපයකින් නිෂ්පාදනය කරපු නිෂ්පාදන කිහිපයක් ගැනම විස්තර කළා. ඊට පස්සෙ ඒ හැම එකකම මිළ ගණං ගැන දැනුවත් කළා. මොකේද වැඩිම මිළ තියෙන්නෙ, මොකේද අඩුම මිළ තියෙන්නෙ, මිළ වැඩි එකේ සහ අඩු එකේ වෙනස.... ඔන්න ඔය වගේ. එයා බලෙන් බෙහෙත් ලිව්වෙවත්, එයා එයාට හිතෙන දේ නිර්දේශ කරන්නවත් ගියේ නෑ. මටම තෝර ගන්න කිව්වා. ඊට පස්සෙ එයත් මාත් එක්ක ආවා බෙහෙත් දෙන තැනට. එයාම බෙහෙත් ටික අරන් දුන්නා. ඊට පස්සෙ ඒවායේ තියෙන අතුරු ආබාධ ගැන මට එකින් එක කිව්වා. 'වතුර තිබහා හැදෙයි. කැරකිල්ල එන්න පුලුවන්. එහෙම වුණොත් මාරු කරමු' කියලා. සතියකට පස්සෙ මෙයා මගේ ලෙඩ ගැන අහලා ඊමේල් එකක් එවලා තිබ්බා. ඊට පස්සෙ සති කිහිපයක් යනකන් අතරින් පතර මට කතා කරලා, මගේ ලෙඩ ගැන ඇහුවා.
ලංකාවෙ නම් කොහොමද? ලෙඩේ කිව්වායින් පස්සෙ විනාඩි පහෙන් බෙහෙත් ලියලා ඉවරයි. දොස්තරට ඕන බෙහෙත තමයි දෙන්නෙ. ඒත් ගොඩක් වෙලාවට මිළෙන් වැඩිම එක ලියලා දෙනවා, එයාට වාසි වෙන විදිහට. එක දොස්තර කෙනෙක්වත්, අපිට දෙන බෙහෙත්වල අතුරු ආබාධ ගැන අපිට කියලා දෙනවද?
අනිත් අතට ඇමරිකාවෙ වෛද්‍යවරු හැමතිස්සෙම බලන්නෙ බෙහෙත් නොදී ලෙඩාව සුව කරන්න. එයාලා මුලින්ම කරන්නෙ එක එක ස්වභාවික ක්‍රම නිර්දේශ කරන එක. හරියට පළතුරුවල යුෂ වගේ. ඇමරිකාවෙ දොස්තරලගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් රජයේ රෝහල්වල විතරයි ප්‍රතිකාර කරන්නෙ. ඒ දොස්තරලා ලංකාවෙ දොස්තරලා වගේ වැඩ මුරය ඉවර වුණාම, පෞද්ගලික රෝහල්වලට එන්නෙ නෑ. අපේ ගොඩක් දොස්තරලා පෞද්ගලික රෝහල්වලට යන්නෙ සල්ලි බලාපොරොත්තුවෙන්. ඒක තමයි ඇත්ත. ඒත් ඇමරිකාවෙ 90%කටත් වැඩි දෙනෙක් එහෙම පෞද්ගලික රෝහල්වලට යන්නෙ නැත්තෙ, ඒ අයට රජයෙන් ඇති වෙන්න වැටුප් දෙන නිසයි. ඒ නිසා එයාලා වැඩ කරන පැය ගාණට වැඩ කරලා, දවසේ ඉතුරු පැය ගණන එයාලගෙ ගෙවල්වල ඉදන්, පවුලේ අයත් එක්ක ගත කරනවා.
ඒ වගේම මෙහේ දොස්තරලා වැඩ බෙදාගෙන නෑ. ලොකු පොඩි භේදයක් නැතුව ඕන වැඩක් කරනවා. අපි හිතමු රෝද පුටුවක ලෙඩෙක් ඉන්නවා. එයාව ගෙනියන්න ඕන මොකක් හරි කාමරයකට. ඒත් ඒ වෙලාවෙ සාත්තු සේවකයෙක් හොයා ගන්න නෑ. එහෙනං සාත්තු සේවකයෙක් එනකං ඉන්නෙ නැතුව, දොස්තරම ලෙඩාව රෝද පුටුවෙන් තල්ලු කරගෙන ඒ කාමරේට යනවා.
මෙහේ තව අපූරු ක්‍රමයක් තියෙනවා. අපි හිතමු මොකක් හරි අසාධ්‍ය රෝගියෙක් ඉන්නවා කියලා. එහෙනං ඒ වගේ අයව භාර දෙනවා විශේෂඥ දොස්තරලා හතර දෙනෙක්ට. එක දොස්තර කෙනෙක්ට විතරක් භාර දෙන්නෙ නෑ. අර දොස්තරලා හතර දෙනත්, එක එක අංශවල අය. උගුර කණ නාසය, මානෝ වෛද්‍ය, පිළිකා.... ඔය වගේ. මෙයාලා කරන්නෙ තම තමන්ගෙ අංශවලට අනුව ලෙඩාව පරික්ෂා කරලා, වාර්තා හදලා, හතර දෙනාම එකට කතා කරලා, තනි වාර්තාවක් හදනවා. එක දොස්තර කෙනෙක්ට වැරදෙන්න පුලුවන්. හැබැයි දොස්තරලා හතර දෙනෙක්ට වැරදෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒකට එයාලා ලෙඩාගෙන් ලේ සාම්පලයක් අරගෙන, ඒ ලේ සාම්පලයෙන් පරීක්ෂණ 10ත් 15ත් අතර ගාණක් කරනවා. හැබැයි අපේ නම් ඒකෙ අනිත් පැත්ත. පරීක්ෂණ 10ක් කරන්න ඕන නම්, 10 පාරක් ලෙඩාගෙන් ලේ ගන්නවා.
මෙහේ MBBS නෑ. මෙහේ ඉන්න හැම සාමාන්‍ය දොස්තර කෙනෙක්ම, විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒකට හේතුව තමයි ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයො අවුරුදු 4ක් ඉගෙන ගත්තට, ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයො අවුරුදු 8ක් ඉගෙන ගන්නවා.
ඔක්කොම රෝහල් හදලා තියෙන්නෙ සම්මත ක්‍රමයටයි. එකම සැලසුමට. ඉතින් මොන රෝහලකට ගියත් ඇතුළෙ දේවල්, කාමර තියෙන්නෙ එකම විදිහටයි. ඒ නිසා ඕන කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුලුවන්. හැම රෝහලකම උඩ හෙලිකොප්ටර් අංගනයක් තියෙනවා. හදිසි අසනීප තත්වයක් එහෙම ඇති වුණොත්, ගෙදර ඉදලා දැනුවත් කළාම, ඒ අය විනාඩි 5ක් වගේ සුළු කාලයක් ඇතුළත එනවා. අපි ඉන්න ගෙදර යාලුවෙක් අසනීප වුණාම, ඒ අය ඇවිල්ලා එයාගෙන් ලේ සාම්පලයක් ගත්තා. ඊට පස්සෙ ඒ වෙලාවෙම, කොම්පියුටරයකට දාලා, Reports ටික දුන්නා. එක පරීක්ෂණයක් නෙවේ එතන කරලා තියෙන්නෙ. පරීක්ෂණ ගොඩාක් කරලා. ලංකාවෙ නම් Blood Reports දෙන්න අඩුම ගාණේ පැය 24ක්වත් යනවා. නැත්නම් දවස් කිහිපයක්, සති කිහිපයක් යනවා. "

02. අපි ඔක්කොම රජවරු
" ලංකාවෙ වගේ ඇමරිකාවෙ නම් රස්සාවල් අතරේ කුල නෑ. සමානාත්මතාවය කියන එක තියෙන්න පුලුවන් උපරිමයටම තියෙනවා. මිනිස්සු මිනිස්සු අතරේ පරතර නෑ. මෙහේ පාර අතුගාන මනුස්සයත් එකයි. විශ්වවිද්‍යාල පීඨාධිපතිත් එකයි. හැම වෘත්තියක්ම සළකන්නෙ එක සමාන විදිහට.
ඒ වගේ හැම වෘත්තියකටම මිනිස්සු ගරු කරන්න, ඒවා අගයන්න පුරුදු වෙලා ඉන්නවා. පාරෙ කුණු අරන් දාලා පාර සුද්ධ කරන මිනිහට වුණත්, පෙදරේරුවට වුණත්, පත්තර බෙදන කෙනාට වුණත්, කාටවත් අත පාන්නෙ නැතුව, හොදට ජීවත් වෙන්න පුලුවන් තරමේ වැටුප් හම්බවෙනවා. අලුතින් ඉඩමක් අරගන්න, අලුත් ගෙයක් හදාගන්න, දරුවන්ට හොදට උගන්වන්න, ගෙදරට අලුත් ගෘහ උපකරණ ටිකක් ගන්න.... ඒ අයට පුලුවන් තමන්ගේ අනාගතය ගැන ලස්සන සැලසුමක් හදන්න.
ලංකාවෙ නම් අපි අපිම උසස් සහ පහත් කියලා වෘත්තීන් නම් කරගෙන ඉන්නවා හරිම අසාධාරණ විදිහට. උසස් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි දොස්තරවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, නීතීඥයො, කථිකාචාර්යවරු, පරිපාලකයො වගේ අයව දාලා තියෙන්නෙ. පහත් යැයි සම්මත කරගෙන ඉන්න වෘත්තීන්වලට තමයි කරණවෑමියො, කොන්දොස්තරවරු, රියදුරෝ, පිරිසිදු කිරීම්වල ඉන්න අය, ගොවියො, කම්කරුවො වගේ අයව දාලා තියෙන්නෙ. මේ අයට අලුතින් ඉඩමක් අරගන්න, අලුත් ගෙයක් හදාගන්න, දරුවන්ට හොදට උගන්වන්න, ගෙදරට අලුත් ගෘහ උපකරණ ටිකක් ගන්න වගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු නෑ. මේ අය බලන්නෙ එදා වේල කාලා ජීවත් වෙන්න.
මෙහේ ගෙවල්වල වහල ගහන කෙනා පවා ගෙවල්වලට වැඩ කරන්න එන්නෙ හොද අත් දිග කමිසයක්, බෙල්ට් එකක් තියෙන හොද කලිසමකට යට කරලා, හොද මේස් සපත්තු දාගෙන, ඊයෙ පෙරේදා වගේ දවසක එළියට දාපු හොදම හොද වාහනයකින්. මොකද එයාලට හොද අභිමානයක් තියෙනවා තමන්ගෙ රස්සාව ගැන.ඒ වගේම 'තමන්ගේ ශ්‍රමය මංකොල්ල කන්නෙ නෑ' කියන හැගීමත් තියෙනවා. මෙහේ කෑම පිළිගන්වන කෙනෙක්ගෙ (Waiter) වැටුප රුපියල් 90 000ක් විතර වෙනවා.
මම කැස්ස හැදිලා බෙහෙත් ගන්න ගිය වෙලාවෙ මුලින්ම මාව බලපු හෙදිය මාත් එක්ක කතා කළාට පස්සෙ කිව්වෙ 'Linsey will see you' කියලා. පස්සෙ තමයි දැක්කෙ ඒ කිව්වෙ දොස්තරට කියලා. එයා කිව්වෙ නෑ 'Doctor Linsey will see you' කියලා. එයා නිකං නම කියලා තමයි දොස්තරට කතා කළේ. හැබැයි ඒ හෙදිය හරිම සාමාන්‍ය හෙදියක්. ඒ දොස්තර හොදට ඉගෙන ගත්තු, අපේ රටේ නම් කාලෝ ෆොන්සේකා වගේ ඉහළටම ගියපු මහාචාර්ය කෙනෙක්. ඒක දොස්තරටත් කිසිම ගාණක් නෑ. ලංකාවෙ එහෙම දෙයක් වුණා නම් මොකක් වෙයිද? සාමාන්‍ය හෙදියක්, දොස්තර කෙනෙක්ට නම කියලා කතා කළා නම්? කියන්න තියෙන ඔක්කොම කුණුහරුපවලින් බැනලා, සංගම් එකතුවෙලා "දොස්තරලට ආමන්ත්‍රණය කරන ක්‍රම" ගැන අලුත් චක්‍රලේඛයක් ගෙන්න කියලා, උද්ඝෝෂණ කරලා, වැඩ වර්ජනයකුත් කරයි. අපේ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව ගැන උපාධියක් තියෙන මහාචාර්යවරයෙක් ඉන්නවා. එයාගෙ නම ජෝර්ජ්. හැමෝම එයාට කියන්නෙ ජෝර්ජ් කියලා. සුළු උදව්වලට ඉන්න අය වුණත් කතා කරන්නෙ එහෙමයි. කවදාවත් 'Doctor ජෝර්ජ්' කියලා කතා කරන්නෙ නෑ. ඒත් එයාට ගාණක් නෑ. "

03. ඇමරිකාවෙ එයාලගෙ පොලිසිය
" ලංකාවෙ නම් පාරෙදි පොලීසියෙන් වාහනේ නැවැත්තුවම, අපි වාහනෙන් බැහැලා එයාලා ළගට යන්න ඕන නෙහ්. හැබැයි මෙහේ නම්, එයාලම අපි ළගට එනවා. හරිම සුහද විදිහට කතා කරලා වැරැද්ද පෙන්නලා දෙනවා. මෙහේ පොලිස් කාර්වල හයි කරලා තියෙනවා පොඩි Computer System එකක්. ඒකෙන් පුලුවන් රියදුරු බලපත්‍ර ගැන වගේම, රියදුරාගේ කලින් වැරදි ගැන තියෙන ඔක්කොම විස්තර බලන්න.
දවසක් මගේ යාලුවෙක් ගමනක් යනකොට එක පාරටම පොලීසියෙන් නැවැත්තුවා. පොලීසියේ කෙනා ඇහුවලු 'සමාවෙන්න. ඔබතුමා වරදක් කරපු නිසයි නතර කළේ. ඔබතුමා දන්නවාද, ඔබතුමා කරපු වැරැද්ද ගැන?' කියලා. යාලුවා 'නෑ' කිව්වම කිව්වලු 'වේගය වැඩියි. ඒ නිසයි නතර කළේ' කියලා, දඩයක් ලිව්වලු. ඒත් දඩය ගෙවන්න යාලුවට සල්ලි තිබිලා නෑ. පස්සෙ අර Computer System එකෙන් යාලුවගෙ රියදුරු වාර්තාව බැලුවලු. මීට කලින් වැරදිවලට අහුවෙලා නැති නිසා දඩය ලිව්වෙ නෑලු. 'කලින් වැරදි නැති නිසා සමාව දෙනවා. අපි මේ දේවල් කරන්නෙ ඔබතුමන්ලාගෙම ආරක්ෂාවටයි. ආයිත් මේ වගේ වැරදි කරන්න එපා. එහෙනං සුභ ගමන්' කියලා යන්න දුන්නලු.
තව එකක් තමයි මෙහේ පොලීසිය හරිම කාර්යක්ෂමයි. උදාහරණයක් විදිහට මෙහේ පාරෙ හයි කරලා තියෙනවා කණු. ඒවායෙ තියෙනවා බොත්තමක්. අපි හිතමු පාරෙ යනකොට කවුරු හරි කරදරයක් කරන්න හැදුවා කියලා. එහෙම නැත්නම් මොකක් හරි පැහැර ගත්තා කියලා. එහෙම වුණාම තියෙන්නෙ ටක් ගාලා ඒ බොත්තම ඔබන්න. ඒක ඔබලා විනාඩි දෙකක් ඇතුළත, එතනට පොලිස් කාර් එකක් එනවා. ඒ තරමටම කාර්යක්ෂමයි. අපි ඉන්න ගෙදර මගේ යාලුවෙක්ට අපස්මාරය හැදුනා එක පාරටම. අපි ඉතින් 911වලට කතා කළා. 911වලට කතා කරන්න ආරක්ෂාව සම්බන්ධ දෙයක්ම වෙන්න ඕන නෑ. ඕනම කරදරයක් වුණාම කතා කරන්න පුලුවන්. මොකද මෙහේ ඔක්කොම ජාල එකිනෙකට සම්බන්ධ කරලයි තියෙන්නෙ. ඉතින් 911වලට කතා කළාම, ඉක්මනට රෝහලකට පණිවිඩය දෙනවා. අපි ඉතින් 911වලට කිව්වා. මට තාමත් හිතාගන්න බෑ, පණිවිඩය කියලා, විනාඩි 1 1/2යි ගියේ. එක පාරටම වාහනේ නළා සද්ධ දාගෙන, සයිරන් සද්ධ දාගෙන පොලිස් කාර් ගොඩක් ආවා. ඊට පස්සෙ එයාලා බැහැලා, මගේ යාලුවට උදව් කළා. එයාලා ගොඩාක් මිත්‍රශීලී. ඒ වෙනකොටත් එයාලා රෝහලකට පණිවිඩය යවලා තිබ්බෙ. විනාඩි 5ක් ගියේ නෑ රෝහලෙනුත් ආවා. පොලීසියේ අය යනකොට මගේ පිටට තට්ටුවක් දාගෙන කියලා ගියේ 'කිසිම දේකට බය වෙන්න එපා. ඕනම දේකට අපි ඉන්නවා. යාලුවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකක් හරි ඕන වුණොත්, ආයිත් 911වලට කතා කරන්න' කියලා.
ඇමරිකාවෙ පොලීසිවලින් බහුතරයකටම හෙලිකොප්ටර් තියෙනවා. එකක් නෙවේ. තුන හතරක්වත් තියෙනවා. ඉතින් ආපදාවක් වුණාම, ආරක්ෂාව සම්බන්ධව අවශ්‍යතාවයක් වුණාම එයාලා ඒවා පාවිච්චි කරනවා. ගුවන් හමුදාවෙන් උදව් හම්බවෙනකන් ඉන්නෙ නෑ. ඒ වගේම හැම පොලීසියකටම හොද වාහන තියෙනවා. වාහන 40ක් විතර තියෙන පොලීසිත් තියෙනවා. "

04. රකිමු අපි පරිසරය
" අපි ඉන්න පළාත හරිම පිරිසිදුයි. පාරෙ විසි කරපු ටොෆි කොළයක්වත් ආසාවකට දකින්න නෑ. ඒ තරමටම පිරිසිදුයි. මේ පළාතෙ පාරවල්වල පොලීසියෙන් දකින්නත් නැති තරම්. ඒත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා පාරවල් එහෙම පිරිසිදුවට තියා ගන්න. අපි හිතමු කවුරු හරි බීපු කෙනෙක්, අසිහියෙන් ඉන්න නිසා පාරෙ බෝතලේ විසික් කරලා ගියා කියලා. එහෙනං ඊට පස්සෙ එන කෙනා අනිවාර්යෙන්ම ඒක අරගෙන ගිහින්, ළගම තියෙන කුණු බාල්දියකට දානවා.
දවසක් අපේ එහා පැත්තෙ ගෙදර මහා රෑ සාදයක් තිබ්බා. මේක ඉවර වෙනකොට මුළු පළාතම හැඩි වෙලා. පාරෙත් කාපු බීපුවා විසික් වෙලා. ඇත්තටම ඒ දේවල් කළේ ළමයි ටිකක්. එයාලා හොදටම බීලා හිටියෙ. හැබැයි එහෙමයි කියලා අහළ පහළ මිනිස්සු පෙත්සම් ගහන්න ගියේ නෑ. 'උන්ගෙ දේවල් උන් බලා ගත්තු දෙන්. අපිට මොකෝ?' කියලා අහක බලන් හිටියෙ නෑ. පහුවෙනිදට ඒ ගෙදර ළගින් වැඩට යන අය, ඒ කුණු ඔක්කොම, පහත් වෙලා පොඩි පොඩි බෑග්වලට දාගෙන, ටික ටික අරන් ගියා. ටික වෙලාවක් යනකොට ඒ ගෙදර සාදයක් තිබ්බද කියලවත් හිතාගන්න බැරි තරමටම පිරිසිදු වුණා.
මෙහේ අය හැමතිස්සෙම හිතන්නේ ඒක යුතුකමක් විදිහටයි. හැමතිස්සෙම හිතන්නෙ මේ අපේ පරිසරය කියලා. මෙහේ 'මගේ' කියලා දෙයක් නෑ. ඔක්කොම 'අපේ'. හිම වැටෙන කාලෙට පාරෙ යන එන මිනිස්සු ලිස්සලා වැටෙන නිසා, අපේ ගෙවල් ඉස්සරහ තියෙන හිම ටික අරන් දාන්න ඕන. ඒක අපේ යුතුකමක්. මෙහේ එක පවුලක් ඉන්නවා. එයාලා එයාලගෙ හිම අරන් දාලා, මේ පාරෙ තියෙන අනිත් ගෙවල්වල හිමත් ඔක්කොම අරන් දාලා, සුද්ධ කරනවා. කවුරුත් කියලා නෙවේ. ඒ එයාලා ඒක යුතුකමක් කියලා හිතන නිසා. අපි පාරට එනකොට අපිට කරන්න වැඩක් නෑ. අපේ හිම ගොඩත් සුද්ධ කරලා. හැමෝම හැමෝටම උදව් කර ගන්නවා. අනිත් අයත් එහෙමයි. අනිත් අයගෙ ගෙවල් ඉස්සරහත් පිරිසිදු කරනවා. ලොකු මහන්සියක් යනවා. ලොකු කාලයක් යනවා. අතින් පෙට්‍රල් ගහගෙන ඒ දේවල් කරන්නෙ එයාලගෙ තියෙන පරාර්ථකාමිත්වය නිසයි. "

05. නෑ. අපිට පුලුවන් !
" මෙහේ මම දකින හොදම දෙයක් තමයි කවුරුත් රජයෙන් දෙනකන් ඉන්නෙ නෑ. එයාලා එයාලට පුලුවන් විදිහට වැඩ ටික කරගෙන යනවා. උදාහරණයක් විදිහට අපේ විශ්වවිද්‍යාලයේ දවසක් දේශනයක් යන වෙලාවෙ Projector එකක් පිච්චුනා. ලංකාවෙ වුණා නම් කරන්නෙ ඒක පැත්තකට විසික් කරන එක. ඊට පස්සෙ අමාත්‍යාංශයට දන්වලා, එහෙන් ටෙන්ඩර් කැදවලා, හොද එකක් තෝරලා, සාකච්ඡා කරලා, සල්ලි පාස් කරලා..... මේ ඔක්කොම කරන්න මාසයක්වත් යනවා. සමහරක් වෙලාවට මාස ගණනාවක් වුණත් පරක්කු වෙන්න පුලුවන්. හැබැයි ඒ සිද්ධියෙදි කළේ, කැඩුණු බිදුණු දේවල් අලුත්වැඩියා කරන App එකකින් පොඩි ආයතනයකට කතා කළා. එයාලා ඇවිල්ලා විනාඩි දෙකෙන් අලුත් Projector එකක් හයි කරලා ගියා. අපිට ඒක දැනුනෙවත් නෑ. ඊට පස්සෙ සාමාන්‍ය විදිහට පාඩම කරගෙන ගියා.
විශ්වවිද්‍යාලවල වුණත් ගොඩාක් පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ විකුණලා තමයි විශ්වවිද්‍යාලවල වියදම් ටික ආවරණය කර ගන්නෙ. ඉතින් විශ්වවිද්‍යාලවලට රජයෙන් සල්ලි හම්බවෙන්නෙම නැති තරම්. මොකද හොද පරීක්ෂණයක් කරලා, ඒක 'Microsoft' වගේ ලොකු ආයතනයකින් ගත්තොත්, ඒක විශ්වවිද්‍යාලයට සෑහෙන ලාභයක් වෙනවා වගේම, රජයේ සල්ලිත් ඉතුරු වෙනවා. ඒ නිසා ශිෂ්‍යයින්ගෙන් අය කරන ගාස්තුව සෑහෙන්න අඩුයි. මොකද අර පරීක්ෂණ විකුණලා ලාභ උපයන්න පුලුවන් නිසා.
අපේ නම් රාජ්‍ය අංශයේ අය, පෞද්ගලික අංශයේ අයත් එක්ක බැලුවම අකාර්යක්ෂමයි. ප්‍රධානතම හේතුව තමයි වැඩ කළත්, නැතත් එයාලට වැටුප් හම්බවෙන නිසා. හැබැයි ඇමරිකාවෙ එහෙම බෑ. එහෙම වුණොත් රස්සාවෙන් අයින් කරනවා. ඒ නිසා මිනිස්සු වැඩ කරන්න උනන්දුයි. තමන් ඉන්න පාර කැඩිලා නම් අවට කට්ටිය එකතුවෙලා, එයාලම පාර හදා ගන්නවා. පාලම කැඩිලා නම්, පොදු ගොඩනැගිල්ලක් කැඩිලා නම්, එහෙමත් නැත්නම් අලුත් එකක් හදා ගන්න ඕන නම්, අවට ඉන්න අය එකට එකතු වෙලා ඒ ටික කර ගන්නවා. රජයට වද දෙන්න යන්නෙ නෑ. "

06. ඇයි අපිට? අපිටත් පුලුවන්!
" ඇමරිකාවෙ මිනිස්සු හරිම ස්වාධීනයි. කලින් කිව්වා වගේම රජයෙන් විතරක් නෙවේ, ගෙදර අයගෙන්වත් යැපෙන්න කැමති නෑ. මම දැකලා තියෙනවා වයස අවුරුදු අසූ ගණන්වල විතර ආච්චිලත් තනියෙන් Super Market ඇවිල්ලා, එයාලගෙම සල්ලිවලින් බඩු අරගන්නවා. එයාලා කැමති නෑ වයසට ගියත් ළමයින්ගෙන් යැපෙන්න. අපේ නම් වයසට ගියාම මොකුත් කරන්නෙ නැතුව ඉන්නවනෙ. හැමදේම ළමයින්ගෙන් සහ වටේ ඉන්න අයගෙන් බලාපොරොත්තු වෙවී. ළගටම ගෙනල්ලා දෙනකන් ඉන්නවා. ඒත් මෙහේ ඒකෙ අනිත් පැත්ත. ළමයි සළකන්නෙ නැතුව ඉන්නෙ නෑ. ළමයි සළකනවා. ඒත් එයාලා, එයාලගෙ වැඩ තනියෙන් කර ගන්නවා. හැකියාව නැති අය අනිත් අයගෙන් උදව් ගන්නවා. හැකියාව තියෙන අය තනියෙන් කර ගන්නවා.
ආබාධිත වෙලා ඉන්න අය පවා තමන්ගෙ දේවල් තනියෙන් කර ගන්නවා. කොටින්ම කිව්වොත් අංශ භාගය හැදිලා, දකුණු පැත්ත පණ නැති වුණත්, එයාලා රෝද පුටුවෙන් ඇවිල්ලා, පණ තියෙන වම් පැත්තෙන් හරි බඩු අරගන්නවා. අපේ නම් එහෙම වුණාම සමහරක් අය මොකුත් වැඩක් නොකර, ඒකම පෙන්න පෙන්න හිගා කනවනෙ."

07. එයාලත් මිනිස්සු !
" ඇමරිකාවේ මොකක් හරි දෙයක් නිර්මාණය කරනකොට ආබාධිත මිනිස්සු ගැනත් හිතනවා. ලංකාවේ ඒ දේ සෑහෙන්න අඩුයි. මෙහේ හැම ගොඩනැගිල්ලකම වගේ බොත්තමක් තියෙනවා. ඒක එබුවම නිකංම දොර ඇරෙනවා. ඒ බොත්තම දාලා තියෙන්නෙ, ආබාධිත අයට ඔබන්න. ගොඩක් ගොඩනැගිලිවල එයාලට වෙනමම Lift එකක් වෙන් කරලා තියෙනවා. ඇතුල් වෙන දොර ළගම, එයාලට වාහන නවත්තන්න විශේෂ තීරුවක් වෙන් කරලා තියෙනවා. Super Marketsවල ඇතුළෙ වුණත් එයාලට ලේසියෙන් යන්න එන්න පුලුවන් විදිහට තමයි රාක්ක පෙළගස්වලා තියෙන්නෙ. ගොඩක් වාහනවල රෝද පුටුවල එන අයට නගින්න පුලුවන් විදිහට දිග ඇරෙන පඩි පෙළක් තියෙනවා. සමහරක් වාහනවල රෝද පුටුව උස්සලා ඇතුළට ගන්න එකක් හයි කරලා තියෙනවා. ඒ රෝද පුටුත් අපේ වගේ අතින් කරකවන පුටු නෙවේ. පොඩි එන්ජිමක් හයි කරලා තියෙනවා. රෝද නිකංම කරකැවෙනවා. "
08. Loudspeaker නැති පල්ලි
" මෙහෙත් ගොඩක් පල්ලි තියෙනවා. එක එක ආගම් තියෙනවා. එක එක නිකායවල් තියෙනවා. එක එක ආගමික සංවිධාන තියෙනවා. හැබැයි ලංකාවෙ පන්සල්, පල්ලි, කෝවිල්වල වගේ කන් බීරි වෙලා යන තරමටම සද්ධෙ වැඩි කරගෙන, මුළු රටටම ඇහෙන්න Loudspeaker දාන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ජීවන කටයුතුවලට බාධා කරන්නෙ නෑ. අපි පූජාවක් කරනවා කියලා, මුළු රටටම කෑ ගහන්න යන්නෙ නෑ. Loudspeaker නොදා පල්ලිය ඇතුළෙ තමයි පූජාව කරන්නෙ. අවට මිනිස්සුන්ට බාධාවක් වෙන්නෙ නැති විදිහට. එහා ඉඩමෙ ඉන්න මනුස්සයවත් දන්නෙ නෑ, පල්ලියෙ පූජාවක් කරනවා කියලා.
තව එකක් තමයි මෙහේ නම් ඒ අයට බස් ටිකට් එක වුණත්, අපේ රටේ වගේ නොමිළේ හම්බ වෙන්නෙ නෑ. ඒ අය සල්ලි ගෙවලා ගන්න ඕන. රජයෙන් ගහන බද්ද වුණත් අඩු කරන්නෙ නෑ. ඒ ගාණම ගෙවන්න ඕන. ගොඩක් මිනිස්සු තමන්ගෙ ආගමේ ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති පිළිපදිනවා. අනිත් අයට ඒ බව පෙන්නන්න යන්නෙ නෑ. අනිත් ආගම්වලට ගරහන්න යන්නෙ නෑ. තමන්ගෙ ආගම උලුප්පලා පෙන්නන්න හදන්නෙත් නෑ. "

09. ඇමරිකන් අධ්‍යාපනය
" ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන් අතරේ ශක්තිමත් යාන්ත්‍රණයක් හැදිලා තියෙනවා. දවසක් අපිට දේශනයක් යන වෙලාවෙ යාලුවෙක් අත උස්සලා කිව්වා 'ඔයා කියන දේවල් මොකක්වත් අපිට තේරෙන්නෙ නෑ. ඔයාගේ දේශනය හරිම නීරසයි. හරිම Boring. ඒ නිසා අපිට වෙන ක්‍රමයකට කියලා දෙන්න පුලුවන්ද?' කියලා. ඉතින් ගුරුවරයා ඇහුවා 'මම කියලා දෙන ඒවා නොතේරෙන තව අය ඉන්නවද?' කියලා. පන්තියෙන් භාගෙකටත් වඩා අත ඉස්සුවා. ඊට පස්සෙ ගුරුවරයා කිව්වා 'අනේ මට සමාවෙන්න. මට බොහොම කණගාටුයි ඒ ගැන. කොහොමද මම උගන්නන විදිහ හදා ගන්න ඕන? හොද ඉගැන්වීම් ක්‍රම ගැන ඔයාලා යෝජනා කරන්න. හොදම යෝජනා දෙන අයට මම වැඩිපුර ලකුණු දෙනවා. ගොඩක් ස්තූතියි වැරැද්ද පෙන්නලා දුන්නට' කියලා. ඊළග සතිය වෙනකොට එයා හොදට එයාගෙ ඉගැන්වීම් ක්‍රමය හදා ගත්තා. ළමයි ආසාවෙන් ඉගෙන ගත්තා. වෙනදා වගේ නීරස වුණේ නෑ. එයා නිහතමානී වුණා. පාඩම් තේරෙන්නෙ නැති අයට දවස් තුනක් වෙන් කළා අමතර පන්තිවලට. ඒ ඉගැන්නුවෙත් නොමිළේ. එයාට හිටිය උපාධිය අරගත්තු හොදම ශිෂ්‍යයො දෙන්නෙක් උදව්වට ගෙන්න ගත්තා. ඊට පස්සෙ ළමයි සහ එයාලා අතරෙත් සම්බන්ධයක් හැදුවා. ළමයි දන්නෙ නැති ඒවා, ඒ දෙන්නගෙන් අහලා දැන ගත්තා.
ලංකාවෙ ඒ වගේ දෙයක් හීනෙන්වත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? අපි එහෙම කිව්වොත්, ගුරුවරයා හිතන්නෙ අපි එයාට අපහාස කළා කියලා නෙහ්? 'ඔයා කවුද මට එහෙම කියන්න? මට අර උපාධිය තියෙනවා. මේ උපාධිය තියෙනවා. ඉන්න බැරි නම් යනවා පණ්ඩිතයා නොවී' කියලා තිත්ත කුණු හරුපෙන් බැනලා, පන්තියෙන් එළියටත් දාලා, අම්මලා තාත්තලවත් ගෙන්වලා, විදුහල්පතිටත් කියලා, ඕන්නම් ඉස්කෝලෙනුත් අස් කරලා දායි... මෙහේ විශ්වවිද්‍යාලවල තියෙනවා පොඩි Form එකක්. ඒක දෙනවා විෂයක් ඉවර වුණාම පුරවන්න. ඒකෙ තියෙන්නෙ ඒ ඉවර වුණු විෂය උගන්නපු ගුරුවරයා ගැන ප්‍රශ්න ගොඩක්. ඒ Form එකෙන් තමයි තීරණය වෙන්නෙ, 'ඒ ගුරුවරයා මේ අයත් එක්ක තව දුරටත් ඉදිරි විෂයන් එක්ක ඉන්න ඕනද? නැද්ද?' කියන එක. ඉතින් ගුරුවරයා ගැන සෘනාත්මක ප්‍රතිචාර ගොඩක් තිබුණොත්, ආදේශක ගුරුවරයෙක්ව දානවා ඉස්සරහට එන විෂයන්වලට.
මෙහේ ඇහිපිය ගහන වේගයට හැම දේම යාවත්කාලීන වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් තියෙන්නෙ Windows 24 කියලා? අද මහා රෑ Windows 25 ආවා නම්, හෙට පාන්දර වෙනකොට Labවල හැම Computer එකකම තියෙන්නෙ Windows 25. එයාලා අලුත්ම Software එක දානවා. අනිත් එක ලංකාවෙ වගේ නෙවේ. මෙහේ විශ්වවිද්‍යාලවල ඕන තරම් වෙලාවක් Computer Lab පාවිච්චි කරන්න පුලුවන්. ඔක්කොම තියෙන්නෙ Original Softwares. ඒවත් අපිට ඒ Software එකට අදාළ ආයතනවලින් දීලා තියෙන්නෙ නොමිළේ. මොකද අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවාවක් විදිහට. පර්යේෂණාගාරවල රසායනික ද්‍රව්‍ය ටික තියෙනවා. හැම ළමයෙකුටම එක ගාණේ Computer තියෙනවා. පුස්තකාලයක් ගත්තොත්, ඒවායේ තියෙනවා පොත් ලක්ෂ පහක් විතර. එක විෂයකට, මහාචාර්යවරු පහක් විතර ඉන්නවා. ඉතින් එක මහාචාර්යවරයෙක් උගන්නන දේ තේරෙන්නෙ නැත්නම්, එයාට පුලුවන් වෙන මහාචාර්යවරයෙක්ගෙන් ඉගෙන ගන්න.
උත්තර පත්‍ර පරීක්ෂා කරන්න වෙනම Computer තියෙනවා. අතින් පරික්ෂා කරන්නෙ නෑ. ඒ වගේම මේ වගේ පහසුකම් නිසාම සෑහෙන හොද පරීක්ෂණ ගොඩක් කරන්න, ශිෂ්‍යයො දිරිමත් වෙනවා. අවුරුද්දකට සෑහෙන පරීක්ෂණ සහ නව නිපැයුම් සංඛ්‍යාවක් මෙහේ විශ්වවිද්‍යාලවල ළමයි එළියට දානවා. ළමයිනුයි, ගුරුවරුයි හැමෝම එකට එකතු වෙලා, ආසාවෙන් වැඩ කරනවා. එයාලා තමයි විශ්වවිද්‍යාලයේ වියදම්වලට ප්‍රධාන ආදායම හොයලා, ලාභ උපයන්නෙ. ඒ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එයාලගෙ නව නිපැයුම් සහ පරීක්ෂණ, අයෝජකයින්ට හරි වෙනත් ආයතනවලට හරි විකුණලා. ඒ නිසා එයාලා සමාජයට බරක් වෙන්නෙ නෑ. මෙහේ පළවෙනි අවුරුද්දෙ ළමයි වැඩ පටන් ගන්නෙම රොබෝලා හදලා. අන්තිම අවුරුද්දෙ අය වැඩ ඉවර කරන්නෙ ලෝකයට මොකක් හරි අලුත් දෙයක් හොයාගෙන.
අනිත් එක තමයි විශ්වවිද්‍යාලවලත් සමානාත්මතාවය තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ කෑම දෙන තැනට අඩුම ගාණෙ ළමයි 100ක්වත් එකතු වෙනවා. විශ්වවිද්‍යාලයේ ඉන්න ඉහළම කෙනා තමයි උපකුලපති. ඒ වුණාට උපකුලපතිත් පෝලිමේ ඉදලා තමයි, කෑම එක ගන්නෙ. එයාට පුලුවන් පෝලිමේ ඉන්නෙ නැතුව කෙලින්ම ගිහින් කෑම එකක් ගන්න. ඒත් එයා එහෙම කරන්නෙ නෑ. අනික එහෙම ඉන්න ගමන් ඒ පෝලිමේ ඉන්න ළමයි එක්ක කතා කරලා, අඩුපාඩු හොයනවා. එක දවසක් පෝලිමේ ඉදගෙන එහෙම අඩුපාඩු අහනකොට, එක ළමයෙක් කිව්වා පොතක් ගැන. එයා කිව්වා පුස්තකාලයේ හොද පොතක් තියෙනවා. හැබැයි ඒකෙ පිටපත් 15යි තියෙන්නෙ, ඒ නිසා කවදාවත්ම ඒ පොත අරගන්න වෙන්නෙ නෑ, ළමයි ඉක්මනටම අරගෙන යනවා කියලා. එදාම හවස අපිට උපකුලපතිගෙන් ඊමේල් එකක් එනවා, අර ළමයා කියපු පොතේ අලුත් පිටපත් 60ක් පුස්තකාලයට දැම්මා කියලා. විශ්වවිද්‍යාලවල විතරක් නෙවේ, මෙහේ ළමා නිවාසවලත් ඔය ක්‍රමවේදයම තමයි. හැම ළමයෙක්ටම එක ගාණෙ Computer තියෙනවා. ඉගෙන ගන්න හොදට සැප සම්පත් වෙන් කරලා තියෙනවා.
අධෝරක්ත කිරණ හොයා ගත්ත, අගහරු ව්‍යාපෘතියේ වැඩ කරන, නාසා එකේ සරත් ගුණපාල ගැන අපි ආඩම්බර වෙනවා. මෑතකදී ලෝහමය හයිඩ්‍රිජන් ගැන අලුත් සොයා ගැනීමක් කළා, ඒත් ඇමරිකාවෙ ඉන්න, සිංහල විද්‍යාඥයෙක්. අපේ අය හරිම ආඩම්බරෙන් කියනවා 'සරත් ගුණපාල ලංකාවෙ කෙනෙක්' කියලා. 'අහවලා ලංකාවෙන් ගියපු කෙනෙක්' කියලා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න ඒ අයට හරි ගියේ ඇත්තටම ලංකාවෙ ඉදලද? නැත්නම් ඇමරිකාවට ගියපු නිසාද කියලා? ලංකාවෙ හිටියා නම් ඒ අයට විද්‍යාඥයො වෙන්නවත්, ලෝකයට අලුත් දෙයක් හොයලා දෙන්නවත් පුලුවන් වෙන්නෙ නෑ. මොකද ලංකාවෙ රජයෙන් ලක්ෂ ගණන්, බිලියන ගණන් ආධාර දෙන්නෙත් නෑ. අනිත් අතට උනන්දු කරවන්නෙත් නෑ. එයාලා ලංකාවෙම හිටියා නම් එයාලා එක්කො උපකාරක පංති පවත්වන අය. නැත්නම් විශ්වවිද්‍යාලවල හරි පාසල්වල හරි උගන්වන සාමාන්‍ය ගුරුවරු.
ඇමරිකාවෙ අධ්‍යාපනය ගැන කතා කරනකොට D2L Learning System එක ගැන අමතක නොකරම බෑ. මේකෙ කොටස් 12ක් තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පුලුවන් තමන්ගේ ගෙදර වැඩ, පැවරුම් සහ ව්‍යාපෘති අන්තර්ජාලය හරහා මේකට දාන්න. ඒවත් වෙන වෙනම වර්ග කරලා තමයි තියෙන්නෙ. එතකොට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ට පුලුවන් අන්තර්ජාලය හරහා ඒවා බලලා, ඒවට ලකුණු දෙන්න. ඒ වගේම ශිෂ්‍යයින්ගේ පරණ වාර්තා බලන්න, ප්‍රගති වාර්තා සංසන්දනය කරන්න එහෙමත් පුලුවන්. ශිෂ්‍යයින්ට පුලුවන් මේක හරහා මහාචාර්යවරුන්ට නොතේරෙන ප්‍රශ්න තියෙනවා නම්, දැන ගන්න ඕන කරන විෂය කරුණු තියෙනවා නම් යවන්න. ඒකට වෙලාවක් නෑ. මහා රෑ වුණත් යවන්න පුලුවන්. මහාචාර්යවරු වුණත්, ඒවා දැක්ක හැටියෙම උත්තර එවනවා. අපි හිතමු කාටහරි විශ්වවිද්‍යාලයේ දේශනයකට යන්න වුණේ නෑ කියලා. එහෙනං එයාට පුලුවන්, මේක හරහා එදා දවසේ දේශනයේ කරපු කියපු දේවල් බලා ගන්න සහ දේශනවල සටහන් ටික බලාගන්න. මේ නිසා කොළ ඉතුරුයි. ලොකු වියදමක් ඉතුරුයි.
ඒ ඒ පාඨමාලාව ගැන සම්පූර්ණ විස්තර ඒකෙ තියෙනවා. තමන් කරන විෂයන් ගැන තියෙනවා. උදාහරණයක් විදිහට විෂයේ නම, අංකය, උගන්වන ගුරුවරයා ගැන විස්තර, විභාග පවත්වන දින, පැවරුම් භාර දිය යුතු දින, විෂය නිර්දේශය, දේශන තියෙන දවස්, දේශන තියෙන වෙලාවල්, දේශන තියෙන ස්ථාන, විශේෂ දැනුවත් කිරීම් වගේ දේවල්. ඒවත් Auto Update වෙනවා. D2L Learning System එක හරහා Clicker කියලා App එකකට Register වෙන්න ඕන. පැමිණීම් එහෙමත් නැත්නම් Attendants වාර්තා කරන්නෙ ඒක හරහා. ගුරුවරයා එක එක ළමයගෙ නම කියන්නෙ නෑ. විනාඩියකට Port එකක් අරිනවා. ඒ අතරෙ තමන්ගෙ අංකය Click කළාම, ඒක Auto Record වෙනවා. D2L Learning System එක හරහා අපිට පොත් ඇණවුම් කරන්න පුලුවන්. විෂයන් සම්බන්ධව Text Books, Tutorials, References, මාර්ගෝපදේශන පොත් වගේ දේවල් බලන්න පුලුවන්. Data Locker කියලා එකක් තියෙනවා. ඒකෙන් පුලුවන් රහසිගත දේවල්, පිටට යන්න නොදී තියාගන්න. ගොඩාක් ආරක්ෂාකාරී විදිහට හදපු එකක්. ඒ වගේම තමන්ගේ පාඨමාලාව කරන අනිත් යාලුවන්ට සහ ගුරුවරුන්ට, කථිකාචාර්යවරුන්ට Messages යවන්නත්, එයාලා එක්ක Chat කරන්නත් පුලුවන්. තව Advisersලා එක්ක වගේම, Tech Supportersලා එක්ක වුණත් Chat කරලා ඕන දෙයක් ගැන විස්තර දැනගන්න පුලුවන්. Free Tuition ගන්න පුලුවන්.
දේශනය යන වෙලාවෙදි අහන ප්‍රශ්නවලටත් ලකුණු දෙනවා. ඒවට උත්තර දෙන්න ඕනත් මේක හරහම තමයි. සිරස ලක්ෂපති එකේ වගේ අපිට උත්තර හතරක් තෝරගන්න තියෙනවා. අපිට තියෙන්නෙ මේක හරහා ගිහින් උත්තරයක් තෝරගන්න. ළමයි 100ක් හිටියොත් 100 දෙනාගෙන්ම අහන්න බෑ නෙහ්? ඒ නිසා මේ ක්‍රමය හරහා හැම ළමයෙක්ගෙම දැනුම මට්ටම පරීක්ෂා කරන්න පුලුවන්කම තියෙනවා. තව තියෙනවා Disability Service කියලත් එකක්. මේ System එක හරහා ආබාධිත අයට පුලුවන්, තමන්ට තියෙන ප්‍රශ්න කියන්න. අපි හිතමු රෝද පුටුවකින් යන ළමයෙක්ට, එක පන්තියක දොරකින් ඇතුළට යන්න බෑ කියලා. එහෙනම් මේක හරහා ඒ අදාළ අය දොර කඩලා, ලොකු දොරක් දාලා හරි, ඒ ළමයගෙ ප්‍රශ්නය විසදලා දෙනවා. ඔය වගේ දාහක් දේවල් මේක හරහා කරන්න පුලුවන්.
නීති ගැන මතක් කරනවා නම්, ඇමරිකාවේ නීති හරිම තදයි. වාර්තාවක් වුණත් ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට නැත්නම් ලකුණු දෙන්නෙ නෑ. ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවල A එකක් කියන්නෙ ලකුණු 100 - 90 අතර ප්‍රමාණයක්. B එකක් කියන්නෙ ලකුණු 89 - 80 අතර ප්‍රමාණයක්. ලකුණු 79ත් - 70ත් අතර ප්‍රමාණයක් ගත්තොත් C එකක් හම්බවෙනවා. ලකුණු 69 - 61ක් ගත්තොත් D එකක් හම්බවෙනවා. 60ත් 60ට අඩු ලකුණු ගන්න හැමෝටම හම්බවෙන්නෙ F එකක්. ඒ කියන්නෙ ආයිත් ඒ විභාගය ලියන්න වෙනවා. ඉතින් ඇමරිකාවෙ විශ්වවිද්‍යාලවලින් හොද මොළකාරයො එළියට එන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. පැවරුම් සහ ව්‍යාපෘති අකුරටම පරීක්ෂා කරනවා. ඒ ඉතින් Computer (Algorithms) හරහා. ඒ පරික්ෂා කරන්නෙත් මුළු ඇමරිකාවෙම තියෙන විශ්වවිද්‍යාලවල දත්තවලින්. අපි හිතමු Washington University එකේ ඉන්න කෙනෙක්, South Dakota University එකේ ඉන්න කෙනෙක්ගේ ව්‍යාපෘතියක් හොරෙන්, තමන්ගෙ වගේ ඉදිරිපත් කළා කියලා. එහෙනං අර Computer එකේ වැටෙනවා South Dakota University එකේ මුල්ම ව්‍යාපෘතිය කරපු කෙනාගෙ ඔක්කොම විස්තර ටික. ඒ වගේම පිටපත් කරලා තියෙන්නෙ මොන මොන දේවල්ද කියලත්. එහෙම වුණොත් ඒ වෙලාවෙම පරීක්ෂණයක් පවත්වලා දඩුවම් දෙනවා. එක්කො එක ශ්‍රේණියක් පහළට දානවා. A එකක් තියෙනවා නම්, ඒක B කරනවා. නැත්නම් ඒ විෂය තව පාරක් මුල ඉදලා ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නෙ විභාගය ලියන්න තව අවුරුද්දක් ඉන්න වෙනවා. PHD එකක් වගේ කරන කෙනෙක් නම් කෙලින්ම විශ්වවිද්‍යාලයෙන් අයින් කරනවා. අපි හිතමු මොකක් හරි අසනීපයක් නිසා එයාට විභාගය ලියන්න එන්න වෙන්නෙ නෑ කියලා. එහෙනං එයාට පුලුවන් ගෙදර ඉදගෙනම විභාගය ලියන්න. හැබැයි විභාග අධීක්ෂක කෙනෙක් එයාගෙ ගෙදරට එනවා. විභාග අසමත් වෙන්න පුලුවන් තුන්පාරයි. දෙපාරක් අසමත් වුණු හැටියෙම, අනතුරු ඇගවීමක් කරනවා, පාඨමාලාව මාරු කරන්න කියලා. මුදල් බලයට මෙහේ තැනක් නෑ.
තව අත්දැකීමකුත් කියන්නම්. මගේ යාලුවෙක් අසනීප වුණා. එයාගෙ බෙහෙත්වල ගණන් ගොඩක් සැරයි. ඉතින් වියදම වැඩි නිසා, මෙයා බෙහෙත් ගන්න එක ගැන බයෙන් හිටියෙ. සල්ලි ඉවරවෙයි කියලා. පස්සෙ මේ ගැන විශ්වවිද්‍යාලයෙන් දැන ගත්තා. ඊට පස්සෙ බෙහෙත් සමාගම් කිහිපයකට කතා කරලා, අහලා තියෙනවා, 'ආර්ථික අපහසුතා තියෙන ළමයෙක්ට අඩුවට බෙහෙත් දෙන්න පුලුවන්ද?' කියලා. එක සමාගමකින් කැමති වුණා. ඒ සමාගමෙන් ඒ බෙහෙත්වල වියදම 90%කින් නිදහස් කළා. දැන් හැම මාසෙම ඒ බෙහෙත්, විශ්වවිද්‍යාලයට එවනවා. දහස් ගාණක් ළමයි ඉන්න විශ්වවිද්‍යාලයක් වුණත්, විශ්වවිද්‍යාලයෙන් ළමයගෙන් ළමයට හොයලා බලනවා.
ඒ වගේම මෙහේ ඇදුම් පැළදුම් හෝදගන්න පුලුවන් නොමිළේ. ඒකටත් App එකක් තියෙනවා. මෙහේ නම් Laundries 4ක් තියෙනවා. අපිට පුලුවන් කැමති එකක් තෝරගන්න. ඒකෙ ඔක්කොම වැටෙනවා. කීයක් මේ වෙලාවෙ පාවිච්චි වෙනවද? කීයක් පාවිච්චි වෙන්නෙ නැද්ද? කියලා. අපි ගිහින් රෙදි දාලා, එළියට ඇවිල්ලා ඉන්නවා. රෙදි හේදිලා, වතුර බේරලා ඔක්කෝම දේවල් ඉවර වුණාම, අර App එකෙන් අපිට Notification එකක් එනවා, ඇවිත් රෙදි ටික අරන් යන්න කියලා.
තව එකක්.... ලංකාවේ වෛද්‍යවරුන්ට ජීවිත කාලයටම තියෙන්නෙ එක බලපත්‍රයයි. එකක් අරගත්තම, මැරෙනකන්ම ඒක විතරයි. ඒත් මෙහේ වෛද්‍යවරුන්ට බලපත්‍රය අවුරුදු පහෙන් පහට අලුත් කරන්න වෙනවා. එහෙම අලුත් කරනකොට, විභාගයක් තියලා තමයි අලුත් කරන්නෙ. ඒ නිසා මෙහේ වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා අවුරුදු පහෙන් පහට විභාගයකට පෙනී ඉන්න. ඒ නිසා එයාලා නිතරම යාවත්කාලීන වෙනවා. "

10. No බස්
" ඇමරිකාවෙ තරුණ ළමයි බලන්නෙ අවුරුදු 16 වුණු හැටියෙම වාහනයක් ගන්න. මෙහේ පවුලෙ හැම කෙනෙක්ටම වගේ වාහනයක් තියෙනවා. එකම පවුලෙ හතරක් ඉන්නවා නම්, හතර දෙනාටම වාහන තියෙනවා. ඉතින් මිනිස්සු බස් පාවිච්චි කරනවා අඩුයි. අපි ඉන්න පැත්තෙ නම් බස් දකින්නවත් නෑ. ඒ නිසා අපි කරන්නෙ බඩු ගන්න යන්න ඕන වුණත්, බස් සේවාවකට කතා කරන එක. එතකොට එහෙන් බස් එකක් එවනවා අපි ඉන්න තැනට. ඒකත් හෙන ලොකු බස් එකක්. 20කට විතර යන්න පුලුවන්. ඒත් අපි විතරයි එතකොට ඒකෙ ඉන්නෙ. රජයෙන් කරන්නෙ මේ වගේ අයව දිරිමත් කරන එක. එතකොට රජයට බස් ගැන අමුතුවෙන් බලන්න ඕන නෑ. ඒ නිසා රජයෙන් කරන්නෙ මේ වගේ සේවාවන් දෙන ආයතන බලලා එයාලට වට්ටම් දෙන එක, බදු අඩු කරන එක වගේ දේවල්. "
11. විශ්වාසවන්ත අසල්වැසියො
" අපි ඉන්න පළාතෙ ගෙවල්වල ගේට්ටු, තාප්ප හයි කරලා නෑ. ඔක්කොම විවෘතව තමයි තියෙන්නෙ. ඒ නිසා අපි දන්නවා අපේ වට පිටාවෙ ඉන්න මිනිස්සු ගැන. අසල්වැසියො වුණත් හරිම හොදයි. අපිව අදුරන්නෙ නැති වුණත්, ඉස්සර ඉදන්ම දන්න අදුරන කෙනෙක් වගේ හිනා වෙනවා. මූණට මූණ හම්බුනත් බුම්මගෙන යන්නෙ නෑ. හොදට හිනාවෙලා 'How are you?', 'Good day to you', 'Good morning', කියාගෙන තමයි යන්නෙ.
මේ පැත්තෙ කිසිම ගෙදරක දොරවල් Lock කරන්නෙ නෑ. මොකද අසල්වාසීන්ට, අනිත් අසල්වාසීන් විශ්වාසයි. හොරු නෑ! දවසක් අපි යතුරක් තියලා ගියා එහා ගෙදර. එතකොට එයාලා කිව්වා 'අපි විනෝද ගමනක් යනවා. සති දෙකකට පස්සෙ එන්නෙ. දොර අගුළු දාලා නෙවේ යන්නෙ. ඒ නිසා ඕන දවසක දොර ඇරන් ඇතුළට ගිහින් අරගන්න' කියලා. "

12. අපූරු Gadget එකක්
" ගොඩක් ආසාධ්‍ය ලෙඩ තියෙන අයට මෙහේ ඉස්පිරිතාලවලින් හයි කරනවා පොඩි උපකරණයක්. සමහරුන්ගෙ ඇදුමෙ Tag එකක් විදිහට හයි කරනවා. තවත් සමහරුන්ගෙ ඇග ඇතුළෙ Chip එකක් විදිහට හයි කරනවා. ඒ ලෙඩාගෙ ශරීරයේ වෙන වෙනස්වීම් එයාලා එහේ ඉදන් බලන් ඉන්නවා. ලෙඩාට හෘදයාබාධයක් හැදෙන්න යනවා නම්, එයාලා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා, ලෙඩාගෙ ගෙදරට ගිලන් රථයක් එවනවා. නැත්නම් ලෙඩාගෙ ගෙදර අයට දැනුම් දෙනවා. ලෙඩාට ඒ හෘදයාබාධය හැදෙන්න සෑහෙන වෙලාවක් තියලා එයාලා ඒක අදුරගන්නවා. ඒ නිසා ලෙඩාගෙ ජීවිතය බේරගන්න පුලුවන් වෙනවා, හෘදයාබාධය හැදෙන්න විනාඩි ගාණකටත් කලින් ඉදලම. "
ඔන්න ඔය වගේ දේවල් තමයි මගේ යාලුවා, අපි නොදන්න ඇමරිකාව ගැන කිව්වෙ. මේ ලිපිය ලියලා ඉවරවෙනකොට මට ආවෙ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි "අපි අද කොතනද?" කියන ප්‍රශ්නය. අපි හැමදාමත් කරන්නෙ අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන (ලිඛිත ඉතිහාසය) කියව කියව ඉන්න එකයි. ඒක අපේ මුත්තලාගෙ කාලෙ ඉදන්ම තියෙන දෙයක්. අපිට නිකමටවත් පුලුවන් වුණාද අවුරුදු 2501 ඉතිහාසයක් ගැන කියන්න? නැත්නම් 2502 ඉතිහාසයක් ගැන? අපි තාමත් 2500න් නැවතිලා. අපි හරිම ආඩම්බරෙන් කියනවා අපේ මුතුන් මිත්තො මහා දාගැබ් හැදුවෙ, සුද්දො හෙළුවෙන් ගල් ගුහා අස්සෙ ඉන්න කාලෙ කියලා. හැබැයි අද? අද ඒ සුද්දම අපිව පහු කරගෙන අවුරුදු ගණනාවක්ම ඉස්සරහට ගිහින්. අපි 2500න් නැවතිලා. අපි හැමතිස්සෙම කියන්නෙ අපේ මුතුන් මිත්තො අරෙහෙම කළා. මෙහෙම කළා කියලා. ඒත් එහෙම කිව්වා කියලා ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. අපි උත්සාහ කරන්න ඕන එහෙම තාක්ෂණයක් තිබුණා නම්, එහෙම ශිල්ප ක්‍රම තිබුණා නම්, ඒවා ආයිත් හොයාගෙන ප්‍රයෝජනයට ගන්න.
2014 අවුරුද්දෙ අනුරාධපුරේ සදහිරු සෑයට මුල්ගල් තියනකොට සතුටු වුණු අයගෙන් උඩින්ම හිටපු කෙනෙක් තමයි මම. මොකද අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන අධ්‍යනය කරන, ගවේශනය කරන කෙනෙක් විදිහට, අපි දන්නවා පොළොන්නරු යුගයෙන් පස්සෙ මහා දාගැබ් කර්මාන්තය නැත්තටම නැති වුණා කියලා. එහෙම වෙලා අවුරුදු දහස් ගාණකට පස්සෙ නිර්මාණය වෙන පළවෙනි විශාලතම චෛත්‍යය තමයි සදහිරු සෑය. ඒ කියන්නෙ පොළොන්නරුවේ විශාලම චෛත්‍යය වෙන රන්කොත් සෑයටත් වඩා ලොකුයි. ඒක හැදුවායින් පස්සෙ අඩුම තරමේ අපිට වර්තමාන ඉතිහාසය ගැන හරි ආඩම්බර වෙන්න පුලුවන්.
මේ ලිපියෙදි අපි ඇමරිකාව ගැනම කියන්නෙ නැතුව, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව සංසන්දනය කර කර ලිව්වෙ, එතකොට අපි ඉන්න තැන ගැන අවබෝධ කරගන්න පහසු වෙන නිසයි. ලිපිය කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි ඇමරිකාවට කඩේ ගිහින් කියලා. ඒත් මම මේකෙ ඇතුළත් කරලා තියෙන අනිත් ලිපිත් ඔක්කොම කියෙව්වා නම් තේරුම් ගන්න පුලුවන් අපි එහෙම කරන අය නොවන වග. අපි කැමතියි ඇමරිකාවට වඩා අපේ රට හොදයි කියන්න. ඇත්ත තිත්තයි. ඒත් ඇත්තයි. අපි ඇමරිකාවට වඩා ආගමික සහ සංස්කෘතික අංශයන් අතින් ඉස්සරහින් ඉන්න පුලුවන්. ඒත් අනිත් අංශ? දේශපාලනික අංශය, තාක්ෂණික සහ ආර්ථික අංශ? සාමාජීය අංශ?
මම නම් දකින්නෙ මේක අපේ පාලන ක්‍රමයේ වැරැද්දක් විදිහටයි. දැන් මේ යන ක්‍රමය මාරු කරන්න අමාරුයි. අපේ ඡන්දවලින් පාර්ලිමේන්තු යන හැම කෙනාම කියන්නෙ මේ ක්‍රමය වෙනස් කරලා, හොද මාවතකට ගන්නවා කියලා. ලංකාවේ දේශපාලනය කියන්නෙ මඩ ගොඩක්. ඉතින් අරෙහෙම කියාගෙන මඩ ගොඩ සුද්ධ කරන්න, මඩට බහින කෙනා, ඒ මඩ වළේ එරෙනවා. එයාට ආයිත් ගොඩ ඒමක් නෑ.
අපි මේ ලිපියෙ ලිව්වෙ ඇමරිකාවෙ හොද දේවල් ගැන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඇමරිකාවෙ නරක දේවල් නෑ කියලා. නරක දේවල් එහෙමත් අනන්තවත් තියෙනවා. අපි කතා කරපු සමහරක් කරුණු පොදු වෙන්නෙ දකුණු ඩකෝටාවට විතරයි. දකුණු ඩකෝටාව කියන්නෙ ඇමරිකාව නෙවේ. ඇමරිකාවෙ පුංචි කොටසක් විතරයි. ඒත් නරක දේවල් ගැන කතා කරලා පලක් නෑ. ඒ නිසයි අපි ආදර්ශමත් දේවල් ගැන විතරක් සදහන් කළේ.
අපිත් මේ ලිපියේ තියෙන කරුණු ආදර්ශයට අරගෙන ක්‍රියාත්මක වෙමු. අපිට මොන රජයක් ආවාත්, රජයෙන් මොන ලබ්බක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා රජයෙන් කරනකන් ඉන්නෙ නැතුව, ශ්‍රී ලාංකීය පුරවැසියන් විදිහට එකට එකතු වෙලා අපි වැඩ කරමු! අපි රට හදමු!
මේ ලිපිය ලියනකොට මට මතක් වුණා ප්‍රවීණ කිවිපති, ලේඛක, ගීත රචක, නීතිඥවේදී අනුර හෑගොඩ මහත්මා දවසක් පත්තරේකට ලියලා තිබුණු ලිපියක්. විනෝද වෙන්නත් එක්ක ඒකත් මෙතනම ලියන්න හිතුවා. දවසක් අනුර මහත්මයා ගියාලු අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පරිපාලන නිළධාරිනියක් හම්බවෙන්න. ඒ වෙලාවෙ එතන හිටපු නිළධාරිනියකට 'ඔයා' කියලා කතා කරපු නිසා, අනුර මහත්මයට කන් දෙකෙන් දුම් විසිවෙන්න හොදවෑයින් දෙකක් අහගන්න හම්බුනාලු. මොකද ඒ වගේ තැනකදි රජයේ නිළධාරිනියන්ට කතා කරන්න ඕන ඔබතුමිය, මැඩම්, මිස් කියලලු. එදායින් පස්සෙ කවදාවත් පරිපාලනයට සම්බන්ධ ආයතනයකට ගියාම අනුර මහත්මයා සිංහලෙන් කතා කළේ නෑලු. ඉංග්‍රීසියෙන්මලු කතා කළේ.
සිංහල භාෂාවේ 'ඔයා' කියලා හදුන්වන්න ඕන තරම් වචන තියෙනවා. ඔබ, ඔබතුමා, ඔබ වහන්සේ, යුෂ්මතා, තමුසෙ, නුඹ, උඹ, ඔහේ, තා, තෝ, බොල, තමුන්නාන්සේ වගේ වචන..... හැබැයි ඉංග්‍රීසි භාෂාවේ 'ඔයා' කියලා හදුන්වන්න තියෙන්නෙ එකම එක ඉංග්‍රීසි වචනයයි. ඒ තමයි 'You' කියන වචනය. ඉංග්‍රීසියෙන් You කිව්වම, කලින් සදහන් කරලා තියෙන සිංහල වචන ඔක්කොම නියෝජනය වෙනවා. ඔබතුමියට කියන්නෙත් You කියලා. උඹට කියන්නෙත් You කියලා.