යාචක සිතුවිලි
පාරේ තොටේ නිතරම යන එනකොට නිතරම හම්බ වෙන පිරිසක් තමයි, අනිත් අයගෙන් උදව් උපකාර ඉල්ලගෙන එන අසරණ මිනිස්සු. බස් කතා ලිපියෙත් බස් එකට ගොඩවෙන අසරණ මිනිස්සු ගැන ලිව්වට, මේ අය ගැන වෙනමම ලිපියක් ලියන්න හිතුනේ බස් එකට ගොඩවෙන අයට සාපේක්ෂව පාරෙ ඉන්න පිරිස වැඩි නිසයි. අවුරුදු දෙදහස් පන්සීයකට විතර කලින් අපේ බුදු හාමුදුරුවන් අපිට ඉගැන්නුවා "කවුරුත් උපතින් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නෙ නෑ" කියලා. උන්වහන්සේගේ අදහස වුණේ "බ්‍රාහ්මණයෙක් වීම හෝ වසලයෙක් වීම තීරණය වෙන්නේ අපි කරන කියන දේවල් අනුව" කියලයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කළේ අද ධනවත් කෙනා හෙට දුප්පතෙක් වෙන්නත්, අද දුප්පත් කෙනා හෙට ධනවතෙක් වෙන්නත් පුලුවන් කියලයි.
උන්වහන්සේගේ දර්ශනය තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණවලින් සමන්විතව අසරණයින්ට පිහිට වීමේ යහපත් ක්‍රියාවන් ගැන හිසේ කෙස් ගාණටත් වඩා සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් අපි පොහොසත්කම සහ දුප්පත්කම මනින්න පුරුදු වෙලා තියෙන්නෙ මුදල්වලින්. මුදල් ගොඩක් තියෙනවා නම් එයා පොහොසතෙක්. මුදල් නැත්නම් එයා දුප්පතෙක්. ඒත් ඉතින් පොහොසත්කම සහ දුප්පත්කම මනින්න මුදල් විතරක්ම උපයෝගී කර ගන්න එක අසාධාරණයි කියලත් හිතෙනවා. මොකද කොච්චර දුප්පත් වුණත් ඒ මිනිස්සුන්ගෙ හිත්වල, සමහරක් පොහොසතුන්ටත් වඩා පොහොසත් සිතුවිලි, සිතුම් පැතුම්, අදහස්, ප්‍රාර්ථනා, සිරිත් සහ හොද පුරුදු තියෙන්න පුලුවන් නිසා.
පාරේ යනකොට එහෙම උදව් ඉල්ලන අසරණ මිනිස්සු දැක්කම අපි කාගෙත් හිත උණු වෙනවා. මොකද පාර අයිනේ බල්ලෙක් මැරිලා හිටියත් "අනේ අපොයි" කියපු ජාතියක් අපි. ඒත් ඉතින් දැන් හුගක් අයට තියෙන ගැටළුව තමයි, මෙහෙම උදව් ඉල්ලන අයගෙන් "ඇත්තටම උදව් ඉල්ලන්නෙ කවුද?" කියලා තෝර ගන්න තියෙන ගැටළුව. මොකද සම'හරක්' අය අද මේක රස්සාවක් කරගෙන. දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා, මහන්සිවෙලා වැඩක් පලක් කරලා මුදල් උපයන්න හොදට පුලුවන්කම තියාගෙනත්, මේ විදිහට රගපාන අය ඕන තරම් ඉන්නවා. එයාලා කරන්නේ ඉතින් අපේ හිත හොදකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක තමයි. එහෙම කරන ගොඩක් අයට, අපි කොයි කාටත් වඩා සල්ලි තියෙනවා. මේවා ව්‍යාපාර විදිහට කරන අයත් නැතුවා නෙවේ.
මේවා ගැන කියද්දි මතක් වෙන්නේ ජාතික රූපවාහිනියේ ගියපු "දූවිලි මල්" ටෙලි නාට්‍යය. ඒකෙ සිරිල් වික්‍රමගේ මහත්තයා හරිම අපූරු චරිතයක් රගපානවා. මේ චරිතය ජීවත් වෙන්නෙ මුඩුක්කු පරිසරයක. මේ මනුස්සයගෙ රස්සාව තමයි හිගා කන එක. උදේ පාන්දරම නැගිටලා, එක කකුලක බැන්ඩේජ් රෝලකුත් ඔතාගෙන, රෝද පුටුවක වාඩිවෙලා ටවුම පැත්තට ගිහින් හිගා කනවා. ආයිත් හවසට ගෙදර ඇවිල්ලා, බැන්ඩේජ් රෝලත් ගලවලා දාලා, රෝද පුටුවත් පැත්තකින් තියලා, දෙපයින් හිටගන්නවා. පාරේ තොටේ බොරුවට හිගමන් යැද්දට මෙයාලට හොද නවීනපන්නයේ කාර් එකකුත් තියෙනවා.

සමහරක් අය ගොඩක් වෙලාවට ගැවසෙන්නේ වැඩියෙන් මිනිස්සු ගැවසෙන තැන්වල. ගොඩක් වෙලාවට හන්දිවල. එහෙමත් නැත්නම් ආගමික ස්ථාන ළග. පන්සලක් ළග හිටියොත් ගොඩක් අය එයාලා දිහා බලනවා. සමහරක් අය (හැමෝම නෙවේ) තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කරනවා. දරු මල්ලන්ව ඉස්සරහට දාගෙන සිගමන් යදින අය මේකට හොද උදාහරණයක්. "හිගන්නාගේ තුවාලය වගේ" කියලා කියමනක් අපි අතරේ ජනප්‍රිය වෙලා තියෙන්නෙත් මේ නිසාම තමයි. සමහරක් අය කැමති නෑ එයාලගෙ අත්වල, කකුල්වල තියෙන තුවාල සනීප වෙනවට. තුවාලය පෙන්න පෙන්න තමයි එයාලා මිනිස්සුන්ගෙන් කීයක් හරි ඉල්ලන්නේ. ඒත් තුවාලය හොද වුණා කියන්නේ එයාලට මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න බැරුව යනවා කියන එකයි. ඒ නිසා සනීප කරගන්න පුලුවන්කම තිබිලත්, ඒවාට බෙහෙත් ගන්නෙ නැති අයත් ඉන්නවා.
නුගේගොඩ ප්‍රසිද්ධ පන්සලක් ඉස්සරහා සමහරක් දවසට හවසට ඉන්නවා සීයා කෙනෙක්. මේ සීයා ඉස්සර හිටියේ නුගේගොඩ බෝ ගහ ළග. ඒ කාලෙ එක දවසක් පන්ති ඇරිලා යනකොට මේ සීයා බෝ ගහ ළග වාඩිවෙලා, පාරෙ යන එන අයට එයාගේ අදෝනාව කියනවා. මුල්ම දවසෙ මම සීයාව පහු කරගෙන ගිහිල්ලත්, ආයිත් දුක හිතිලා ඇවිල්ලා, රුපියල් 50ක් දුන්නා. එතකොට සීයා කිව්වේ "වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. හොදට ඉගෙනගෙන දොස්තර මහත්තයෙක් වෙන්න ඕන" කියලා. මම ඒ එන්නෙත් NSBM එකේ හදාරන Web Designing උපාධියට යන පන්තිය ඇරිලා. මම ඉතින් කට වහගෙන හිනා වුණා. ආයිත් දවසකුත් මේ සීයාව ඒ තැනම, මූණටම හම්බ වුණා. පව් නිසා මම එදත් රුපියල් 20ක් දුන්නා. එදා සීයා කිව්වේ "විශ්වවිද්‍යාලේ යන්නම වාසනාව ලැබෙන්න ඕන" කියලා. ඊට පස්සෙ තමයි පන්සල ඉස්සරහට මාරු වුණේ. ඒ දවස්වල යාලුවෙක්ගෙන් අත මාරුවකට රුපියල් 100ක් ඉල්ල ගත්තා. ඒත් මට එයාව සෑහෙන කාලෙකට හම්බුනේ නෑ. ආයිත් දවසක් පන්ති ගිහින් එනකොට මෙන්න සීයා ඉන්නවා පන්සල ඉස්සරහා. ඒ ගමන මම අර රුපියල් 100න්, රුපියල් 50ක් දුන්නා. මොකද මගේ සල්ලියක් නෙවේ නිසා. අනික මටත් වඩා ඒ පින යන්නේ යාලුවටනෙ. එතකොට සීයා කිව්වා "ඉංජිනේරුවෙක් ! ඉංජිනේරුවෙක් හොදෙ! හොදට ඉගෙනගෙන ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕන" කියලා. තවත් දවසක් ගිහින් එනකොටත් අර සීයා ඉන්නවා. ඒ පාර මම ඉතුරු රුපියල් 50ත් දීලා දැම්මා. එතකොටත් සීයා කිව්වා "විභාගෙ ඉහළින්ම ජය ගන්න ඕන" කියලා.

ඊට පස්සෙත් එක දවසක් ඔන්න සීයා ඉන්නවා. දැන් සීයාට දෙන්න සල්ලි නෑ. දෙනවා කියලා හැමදාම දෙන්නත් බෑ. මොකද අපිටත් නැති බැරි කාලයක් එන නිසා. සීයා ඉතින් පාරේ යන එන අයට කතා කරන ගමන් මටත් කතා කළා. "අනේ මහත්තායා කීයක් හරි.... ආහ් !!!! මහත්තයා" කියලා මාව අදුර ගත්තා. මම ඉතින් යන ගමන් හිනාවෙලා "කීයක්වත් නෑ" කියලා හගවන්න ඔළුව දෙපැත්තට වැනුවා. "ආහ් කමක් නෑ මහත්තයා. හරි මහත්තයා යන්න පරිස්සමෙන්. බුදු සරණයි" කියලා කිව්වා. මට ඉතින් හරි සන්තෝසයක් ආවා. මොකද සීයාට මාව මතක නිසා. ඊට පස්සෙත් දවස් ගණනාවක්ම මම සීයාව පහුකරගෙන ගියා. සල්ලි දුන්නෙ නෑ. ඒත් ඒ හැමදාම සීයා මාව අදුර ගත්තා. හැමදාම මම ඔළුව දෙපැත්තට වැනුවා. සීයාත් හිනා වෙලා "හරි මහත්තයා හරි" කියලා කිව්වා.
දවසක් උදේ වරුවක නුගේගොඩ හන්දිය පහුකරගෙන ඇවිදන් යනකොට අහම්බෙන් වගේ සීයාව දැක්කා. ඒත් ඒ මම පන්සල ඉස්සරහා හවසට දකින සීයා නෙවේ. පන්සල ඉස්සරහා දකින සීයා හරිම අප්‍රසන්නයි. අපිරිසිදුයි. කමිසේ උඩ බොත්තම් දෙක තුන ගලවලා. කමිසෙයි සරමයි හොදටම පොඩිවෙලා. කොණ්ඩෙ කපුටු කූඩුව වගේ අවුල් වෙලා. එයාට එයාගෙම කියලා මොකුත්ම දෙයක් අහළ පහළ නෑ.

හැබැයි එදා ඒ සීයා හරිම ප්‍රසන්නයි. කොණ්ඩෙ ගාණට මිම්මට පීරලා. කමිසයෙයි, සරමෙයි කිසිම ඉරක් ගිහින් නෑ. බොත්තම් ටිකත් හොදට දාලා, හරිම පිළිවෙලයි. උරහිසේ ලොකු Side Bag එකකුත් තියාගෙන කොහෙදෝ යනවා. මාත් ඉතින් පොඩි දුරක් සීයාගේ පස්සෙන්ම ගියා තිබුණු කුතුහලය නිසාම. ඒත් ඉතින් යන එකේ ඉවරයක් නැති නිසා, මම වැඩේ අතෑරලා දැම්මා. එදා ගෙදර යනකොට මට හිතුනෙ කාරණා දෙකයි. එක්කො මේ සීයා කරන්නෙ බොරුවක්. එහෙමත් නැත්නම් අදුරන අයට මුහුණ දෙන්න බැරිකමට
|
හොර රහසේ කරන දෙයක්. නුගේගොඩ නගරයට අයිති වෙන ප්‍රසිද්ධ හංදියක ඉන්නවා, පාරේ Colour Light එකට නවත්තන වාහනවලින් හිගමන් යදින ගෑණු කෙනෙක්. මෙයාගෙ එක අතක් කොටයි. ඒ වගේම පණ නෑ. ඇදගෙන ඉන්නෙත් ගොඩක් අපිරිසිදු වුණු ඇදුම්. ඒත් මෙයා ජීවත්වෙන ඉසව්වෙ ඉන්න අපේ තාත්තාගේ යාලුවෙක් දවසක් තාත්තාට කිව්වලු, මෙයා මේ වැඩේ කරන්න ගෙදරින් පිටත්වෙන්නෙ හොද Office අදින විදිහෙ ඇදුමක් ඇදගෙන කියලා.
තවත් නුගේගොඩ ඉසව්ව යටතේ තියෙන ප්‍රසිද්ධ හන්දියක, ඒත් Colour Light එකට නවත්තන වාහනවලින් හිගමන් යදින මනුස්සයෙක් ඉන්නවා. ගොඩක් අය අද හිගමන් යදින්නේ වෛද්‍යය වාර්තා පෙන්න පෙන්න. මෙයාගේ වෛද්‍යය වාර්තාව දාලා තියෙන්නේ හොද වීදුරු පින්තූර රාමුවක් ඇතුළෙ. එක අතකින් මේකත් තියාගෙන, අනිත් අතින් හිගමන් ඉල්ල ඉල්ල, වාහනෙන් වාහනේට ඇවිදිනවා. මෙයා වාහන ළගට ඇවිල්ලා කියන්නෙ එකම දෙයයි.
"මට Cancer එකක්. සල්ලි දෙන්න" ජීවිතේ හම්බුණු ජොලිම අසරණ මනුස්සයව හම්බුනේ 2015 ජනවාරි දෙවෙනි සතියේ වගේ. "සර් ! සර්ලා දෙන දෙයින් තමයි අපිත් ඉතින් ජීවත් වෙන්නේ. මහින්ද මහත්තයා නම් ගියා. දැන් ඉතින් යහපාලන ආණ්ඩුවක් නෙහ්! එහෙනං ජය වේවා. මෛත්‍රී වේවා සර්! සර්ලටත් මෛත්‍රී යුගයක්ම උදා වෙන්න ඕනි !" |