නටන්නමයි හිත
අද අපි කතා කරන්න යන්නෙ නැට්ටුක්කාරයෙක් එක්ක. නැට්ටුක්කාරයෙක් කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නෙ වෙස් තට්ටුව පැළද ගත්ත, උඩරට නර්තන ශිල්පියෙක්ව. හැබැයි මෙයා නම් දේශීය නර්තන සම්ප්‍රදායන්ටම සීමා වෙන්නෙ නැතුව විදේශීය නර්තන සම්ප්‍රදායන් එහෙමත් අධ්‍යනය කරලා, ඒ ඔස්සෙ තමන් විසින්ම අලුත් නර්තන අංගයන් නිර්මාණය කරලා, අපේ රටේ නර්තන කලාවට නව ආරක්, එහෙමත් නැත්නම් නව්‍යතාවක් එකතු කරන්න උත්සාහ කරන කෙනෙක්. තවත් විදිහකින් කියනවා නම් පෙරළියක් ඇති කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මෙයාට නම් කවදාවත් පොළොව නම් ඇද නෑ. ඒ වගේම හිතුවොත් ඇද වුණු පොළොවක වුණත් නටන්න බැරිකමක් නෑ! නමින් ධනුෂ්ක මධුරංග කරුණාරත්න. මහා විසේකාර චරිතයක්. හරිම දාන්ගලයක් තියෙන්නෙ. ඒ වුණාට ධනුෂ්කට මේ වගේ නර්තන කටයුතු කරන්න මේ විසේකාර බව සහ දාන්ගලේ සමහරක්විට වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වෙන්නත් ඇති. අපි ඉතින් ඒක ධනුෂ්කගෙන්ම අහලා බලමුකො.
01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම?
** ගනේපොල ආරච්චිගේ ධනුෂ්ක මධුරංග කරුණාරත්න.
02. අද ඔබව හදුනන්නෙ?
** නම් කීපයක් තියනවා. ඉස්කෝලේ වසූ. කැම්පස් එකේ දෙලා.
03. උපන්න ගම් පළාත?
** රාගම තමයි ඉපදුනේ.
04. ඉගෙන ගත්ත පාසල?
** මම 1 වසරෙ ගියේ ගමේ ඉස්කෝලෙ වෙන ගෝනහේන සූරියආරච්චි ප්‍රාථමිකයට. ඒත් ඒකට ගියේ 1 වසරට විතරයි. 2 ඉඳලා එහා ගම වන උඩුපිල ප්‍රාථමිකයට ගියා. ඉන්පස්සෙ 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ.
05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** උසස් පෙළ කළේ 2012. කලා අංශයෙන්. කරපු විෂයයන් තමයි ජන සන්නිවේදනයයි, නර්තනයයි, නාට්‍ය හා රංග කලාවයි.
06. දැන් මොනවද කරන්නෙ?
** දැන් කැලණිය සරසවියේ තුන් වන වසරේ ඉගෙන ගන්නවා.

07. කොහොමද නර්තනය සදහා අඩිතාලම වැටුනේ? මතකද ඒ දවස?
** එහෙම මෙදා කියලා නෑ. පොඩි කාලේ ඉඳන්ම මම නටන්න දක්ෂයි. පොඩිම කාලේ නටන පින්තූර පවා තියෙනවා. මොන්ටිසෝරියේ Concert එකෙත් ගොඩක්ම නැටුවේ මම. ඒ නිසා පොඩි කාලේ ඉඳල නටන්න ආසාවක් වගේම හැකියාවකුත් තිබුණා කියලා කිව්වොත් හරි.
08. ඊට පස්සෙ මොකද වුණේ?
** ඊට පස්සෙ ඉතින් නටන්න ලැබුණු අවස්ථාවල නැටුවා. පංතිවල තෑගි බෙදා දීමේ උත්සවවල, ඉස්කෝලේ එක එක උත්සවවල... නැටුම් හදන්න පුරුදු කරන්නත් ඔය කාලෙම නොදැනිම පටන් ගත්තා. දහම් පාසලේ උත්සවවලට, පෙරහැරට, ඔය යාලුවන්ගේ පොඩි පොඩි වැඩවලට එහෙම, මම ඉතින් මගෙන් දෙන්න පුලුවන් Sup එක දුන්නා. ඉස්කෝලේ එහෙම ටිකක් ජනප්‍රිය උණා නැටුම් නිසාම. මොකක් හරි නැටුමක් හදාගන්න තිබ්බොත් මැඩම්ලා ආවා හොයාගෙන. මතක්වෙද්දිත් හිනා යනවා ඒ කාලේ. කොහොම හරි කැම්පස් ආවාට පස්සෙ නර්තන ජීවිතයේ ලොකු වෙනසක් උණා කිව්වොත් හරි. මොකද මාත් එක්ක තකට තක නටන්න පුලුවන් කොල්ලො කෙල්ලො ටිකක් හම්බුණේ කැම්පස් ආවට පස්සෙ. ඒ නිසා මගේ නර්තනයේ පරාසය වැඩි උණා කිව්වොත් හරි. කැම්පස් එකේදි තමා දක්ෂතා තවත් පුලුල් කරගන්න පුලුවන් උණේ. කැම්පස් එකෙත් අපේ Batch එකේ නැටුම් පැත්තෙන් වෙන්න ඕන දේවල් කළේ මම.
09. නර්තනය හරහා ධනුෂ්කගෙන් පාසලට ලැබුණු දායකත්වය ගැන මතක් කළොත්?
** ඉස්කෝලේ මතක විදිහට මුලින්ම නැටුවේ English Day එකට Bahama mama කියන සිංදුවට. ඊට පස්සෙ ඔය Sports Meetවල සරඹවල එහෙම ඉස්සරහින්ම මම හිටියා. අපිට නැටුම් කරපු සර් Pavilion එකේ ඉඳලා කෑගහලා කියනකොට මම තමයි ඉස්සරහම ඉඳන් හරියට ඒවා අල්ලගෙන, අනිත් උන්ටත් කියලා දුන්නේ. උසස් පෙළ කරනකොට කලා අංශයෙන් ආයේ සිය ගාණක් Day තියනවනවනේ. ජපන් දිනය කියයි, ප්‍රංශ දිනය කියයි ඔය වගේ... ඕවගේ නැටුමක් තිබ්බොත් මැඩම්ලා මට තමයි කියන්නේ. ආයේ මොන කරණමක් ගහලා හරි නොදන්න නැටුමක් උණත් දන්න විදිහට හදලා දෙනවා. ඒ වගේම "අග්‍රා" කියලා අවුරුදු ගාණක් නැවතිලා තිබ්බ කලා අංශයේ කලා උළෙල අපිට පහල Batch එකේ මල්ලිලත් එක්ක එකතු වෙලා පටන් ගත්තේ අපි. ඒක සුපිරියටම තිබුණා. ඉස්කෝලෙම සතියක් විතර යනකන් ඒක ගැන එහෙන මෙහෙන් කතා කළා. ඒකේ Itemවල ගොඩක් වැඩ කරන්නත් මම දායක වුණා. ඒ වගේම ඉස්කෝලේ 125 වන සංවත්සරයට තියපු අනඳ අබිමන් ප්‍රදර්ශන කාලේ නැටුම්වලින් දෙන්න පුලුවන් Sup එක දුන්නා. එහෙම බැලුවහම ඉතින් ඉස්කෝලේ කාලේ කරපුවා ගැන පට්ට සතුටුයි.

|
|
10. ධනුෂ්ක නර්තනය වගේ විෂය භාහිර ක්‍රියාකාරකම් රැසක නිරත වුණත්, අවසානයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. කොහොමද අධ්‍යාපනයයි, නර්තන කටයුතුයි දෙකම සමබරව කරගෙන ගියේ?
** ම්ම්ම්... කොහොමත් ඉස්සර ඉඳන්ම මම අපේ භාෂාවෙන් කිව්වොත් පිස්සු කෙළපු චරිතයක්. මාව නොදන්න මිනිස්සු හිතන් ඉන්නේ මම හරිම නිෂ්ශබ්ධ චරිතයක් කියලා. නමුත් මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා ඒ කතාවේ ඇත්ත නැත්ත. ශිෂ්‍යත්වය සමත් උනේ නම් ඇත්තටම මම ඉගෙනීමට දක්ෂ නිසා. මම අපේ ඉස්කෝලෙන් දෙවනියා. ඒත් කිව්වට විශ්වාස කරන්න සාමන්‍ය පෙළ වෙනකොට මම අන්තෙටම වැටිලා හිටියේ. 11 වසරෙ පළවෙනි වාර විභාගේ මම 43 වෙනියා. මගෙ පොතක් අරන් බැලුවොත් මාර අපිළිවෙලයි. මම හිතන් හිටියට මම දක්ෂයි කියලා මුලු පංතියම හිතන් ඉදලා තියෙන්නෙ මම එච්චර වැඩ බැරි Dial එකක් කියලා. කොහොම හරි අපේ දෙමාපිය රැස්වීම දවසේ අම්මට එන්න බැරිවෙලා අම්මා ඊළඟ දවසේ ඇවිත් අපේ පංති භාර මැඩම් වෙච්ච නීලා මැඩම් හම්බුණා. එදා අම්ම මුලු පංතියම ඉස්සරහා ඇඬුවා. "මැඩම් මෙයාගේ තාත්තා රට ඉන්නේ. මම උදේ කිරි එක පවා ඇඳ ළඟට ගෙනත් දෙනවා" කියලා. ඊට පස්සෙ අංශ ප්‍රධාන ජානකී මැඩම් ගාවටත් ගියා. පංතිවලට නොගිය අනන් මනන් ඔක්කොම Report ඇදලා අරන් මට කට උත්තර නැති කළා. කොහොම හරි මම එදා හිතුවා මම කොහොම හරි ආපහු පරණ පුද්ගලයම වෙනවා කියලා. ඊට පස්සෙ දෙවන වාර විභාගයෙන් මම 33 වෙනියා උණා. තුන්වන වාර විභාගයෙන් 23 වෙනියා උණා. සාමාන්‍ය පෙළට A6යි, B2යි F1යි ගත්තා. F ජපන්වලට. ආසාවට කළාට හරියට කරගන්න උනේ නෑ.
11. ඊට පස්සෙ?
** මගෙ ප්‍රතිපල ඇහුවම සමහරු පුදුම උණ බව මට තේරුණා. මොකද මම දුර්වල ළමයෙක් කියලයි හිතන් හිටියේ. ඉතින් ඒ නිසා කොච්චර භාහිර වැඩ කළත් වාසනාවට මට අන්තිම මොහොතේ හරි Chance එක එනවා. උසස් පෙළත් එහෙමයි. මාරම සුන්දර කාලයක්. මුලු Section එකම පවුලක් වගේ. ගුරුවරුත් එහෙමයි. පිස්සු කෙළපු වාර අනන්තයි. කොහොමහරි අනඳ අබිමන් තිබුණනෙ. ඒකට හොඳටම මහන්සි උණා. මාර අත්දැකීම් ටිකක්. ඒක ඉවර වුණේ අප්‍රේල්. එදා ඉඳලා පාඩම් කරනවා කියලා හිතන් හිටියේ. ඒ නිසා එදා ඉඳලා පාඩම් කළා. අනඳ අබිමන් වගේ දෙයක් නොතිබ්බා නම් හෙට පාඩම් කරනවා ගගා කල් දදා ඉන්න තිබ්බා. නමුත් හැමදේම හොඳටම වුණා. ඒ නිසා උසස් පෙළට A2යි, B1යි (A නර්තනය, A නාට්‍ය හා රංග කලාව, B ජන සන්නිවේදනය) පුලුවන් වුණා. Z එක 1.7ක් හා දිස්ත්‍රික්කයේ 103 වගේ මට මතක. Island 1004 වගේ. මම හිතන්නේ අන්තිම මොහොතේ වැඩේ ගොඩ දාගැනීමේ හැකියාව මට තිබුණා කියලා.

12. වේදිකා නාට්‍යවල රගපෑමේදිත්, නර්තන හැකියාව ඉවහල් වුණාද?
** නර්තනයෙන් ලැබුණු සබකෝලය නැතිවීම ගොඩක් බලපෑවා. මට රඟපෑමේ හැකියාවත් පොඩි කාලේ ඉඳලම තිබුණා. ඒත් නැටුමට තරම් ආසාවක් ඒ ගැන තිබුණෙ නෑ. මාව ඒ අංශයෙන් යොමු කරන්න කවුරුත් හිටියෙත් නෑ. නමුත් ලක්නීල් සර් සහ සමන් සර් කියන ගුරුවරු දෙන්නා ඉස්කෝලෙට ආවට පස්සේ නාට්‍ය අංශයෙන් වැඩ ගොඩක් වෙන්න ගත්තා. එතකොට තමයි මමත් ඒවට සම්බන්ධ වුණේ. නාට්‍ය තරඟවලින් සමස්ථ ලංකා ජයග්‍රහණ පවා අරගෙන තියනවා.
13. මේ කාලය වෙනකොට අපි ධනුෂ්කව දකින්නේ බටහිර නර්තනවලින් විතරයි. ඇයි හිටි හැටියෙම පෙරදිග නර්තනයෙන් ඈත් වුණේ?
** මම හිතන්නේ මම ඒක ඉගෙනගෙන නෑ කියලා. ඉස්කෝලේ වෙස් මංගල්‍යයක් තියනකොට ඒ එක්කම වෙස් බැන්දත් මට තේරෙනවා මම මටම වංචාවක් කරගෙන තියෙන්නේ කියලා. ඒ නිසා හරියට ඉගෙනගෙන නටනවා ඇරෙනවා ආයේ නටන් නෑ කියලා මම හිතාගත්තා. ඒක ඇත්තටම වැරදියි. ලංකාවේ අද වෙනකොට 50, 60 කුට්ටි පිටින් මේ පොඩි පොඩි කොල්ලො වෙස් බන්දනවා. ගුරුවරු උණත් එහෙම කරන එක වැරදියි, තමන්ගේ ගෝලයා ඒකට සුදුසු නැත්නම්.
14. නර්තන අංගයන් හරහා ධනුෂ්ක සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
** මම ඇත්තටම නටන්නේ මම ඒකෙන් සතුටක් ලබන නිසා. ඒක මගෙ Passion එක නිසා. කොච්චර වෙන දේවල් කළත් හිත නතර වෙන්නේ එතන. අනිත් කලාවන් වගේම නර්තනයෙනුත් මිනිස් මනස කලඹන්න පුළුවන්. තව හුඟක් ඉගෙනගෙන මට පුලුවන් දෙයක් කරන්න උත්සහ කරනවා.

15. සාමාන්‍යයෙන් නර්තන අංගයක් සදහා ධනුෂ්කගේ සූදානම්වීම මොන වගේද?
** ඒක තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට කරන Item එකට දෙන මූලිකත්වය අනුව තමයි.
16. ඒ කිව්වෙ?
** ඒ කියන්නේ සාමන්‍ය අවස්ථාවක නම් හුඟක් මහන්සි වෙන්නෙ නෑ. සාමාන්‍ය තත්වයෙන් හදනවා. ඒත් විශේෂ අවස්ථාවක නම් මුල ඉදන්ම ඒ ගැන හිතනවා. Concept එක මොකද්ද, කව්ද ගන්නේ නටන්න, මොකද්ද Track එක වගේ දේවල්. ඊට පස්සෙ මුලින්ම කරන්නේ Track එක ලස්සනට හදලා ගන්නවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ නැටුම හදන ගමන් පුරුදු වෙනවා. සාමාන්‍ය නැටුමක් නම් දවස් දෙක තුනෙන් පුලුවන්. වඩාත් ආකර්ශනීය අංගයක් කරන්න සතියක්, එක හමාරක් යනවා බොරු කියන්න ඕන නෑනේ. ඒත් ඉතින් Full Time කරලා නෙවෙයිනේ. අපිට තියන අනිත් වැඩ අස්සේ වෙලාව හොයාගෙන කරලා. අන්තිමට තමා ඇදුම් හොයන්නේ දහ අතේ.

17. නර්තන අංග ඉදිරිපත් කරනකොට වුණු අමතක නොවන සිදුවීම් එහෙම වෙලා තියෙනවද?
** මරු වැඩ වෙලා තියනවා. ඔන්න එක සැරයක් "අනද අබිමන්වල" නැටුමක් තිබ්බා. අරාබි එකක්. මගෙ යාලුවෙක් තමයි කෙල්ලට නැටුවේ. ඔන්න පළවෙනි දවසේ මුල්ම වතාවට නටන්න ගත්තා. අම්මට හුඩු ටිකකින් මගෙ අරාබි කලිසම පැත්තකින් ගැලවෙන්න ගත්තා. ඒ අස්සේ යාලුවගේ හැට්ටේත් ගැලවෙන්න ගත්තා කියලා මිනිහා මම දිහා බලපු බැල්මෙන්ම තේරුණා. කොහොම හරි නොතේරෙන්න නටන ගමන්ම මම මගෙ ඇදුම වගේම, උගෙ ඇදුමත් හරිගස්ස ගස්ස තමයි නැටුවේ. මොකද හැට්ටේ ඌට හදාගන්න බෑනේ. අම්මෝ හීන් දාඩිය දැම්මා එදා නම්. ඊට පස්සෙ කටු දෙක තුන ගහගෙන තමයි නැටුවේ...
මේක වුණේ කැම්පස් එකේ Leo එකේ උත්සවයක නටන්න ගිහින්. මම Leo එකේ සාමාජිකයෙක්. ඉතින් තව කෙල්ලෙක් එක්ක පුරුදු වෙලා ඔන්න නටනවා. ඔක්කොම ගාණට වෙලා අන්තිමම තත්පරේදි මේකි මගෙ කකුලෙ වැදිලා වැටුනේ නැතෑ. වැටුණා මදිවට නිදන් ඉන්න පොඩි ළමයෙක් වඩා ගන්න කියනවා වගෙ අත් දෙකත් මගෙ පැත්තට දික්කරන්.. අම්මෝ.. හිනා කාලා මැරෙනවා. කොහොම හරි ඒ ළමයව උස්සල අරන් Joke එකක් වගේ ඒක ඉවර කළා. ඒ නැටුම පොඩ්ඩක් Joke Type එකට ගිය නිසා සමහරු හිතුවේ ඒක නැටුමෙම කෑල්ලක් කියලා. ඒ නිසා වැඩිය අවුලක් ගියේ නෑ. ඊට අමතරව නැටුම මගදි අමතක වෙලා තියනවා. Track එක දානකම් විනාඩියක් විතර Stage එක උඩ හිටන් ඉඳලා තියනවා. හැබැයි දැනට නම් කවදාවත් වැටිලා නෑ දෙවි පිහිටෙන්. පුරුදු වෙන්න ගිහින් ගෑණු ළමයි අල්ලලා කරකවලා අන්තිමට ඊළඟ දවසේ එද්දී, ඒ ළමයි අත් ඇදිලා අත්වල Bandage බැදන් ඇවිල්ලා තියෙනවා.

18. නර්තනය හරහා මේ වෙනකොට ලබාගෙන තියෙන ජයග්‍රහණ ගැන මතක් කිරීමක් කළොත්?
** පාසල් කාලේ ගොඩක් තරඟ තිබුණේ ශාස්ත්‍රීය පැත්තට. ඒ නිසා මට වැඩිය අවස්ථාව ලැබුණේ නෑ. වැඩිය තරඟවලට යන්න ආසාවක් මට තිබුණෙත් නෑ. තරඟ කියලා ගියේ මේ ළඟදී Korean Embassy එකෙන් සංවිධානය කරපු K-pop Word Festival 2015 එකට. ඒකත් මාත් එක්ක නටපු ගෑණු ළමයා කිව්ව නිසා. මොකද පළවෙනි තෑග්ගට කොරියාවේ සංචාරයක් කියලා තිබුණේ. ඉතින් අපි කොහොමහරි නටලා පළවෙනි ස්ථානය ගත්තා. ඒත් යන්න වුණේ නෑ. මොකද අපිට එක Ticket එකයි දුන්නේ. ඒකටත් 40 000ක බදු ගෙවලා තමයි යන්න තිබුණේ. ඇත්තටම කොහෙ තියෙන සල්ලිද අපිට. ඉතින් ඒක අල්ලලා දාලා නිකන් හිටියා. එක්කෙනෙක් දාලා එක්කෙනෙක් යන්න දෙන්නම කැමති වුණෙත් නෑ. ඒ වගේම කැම්පස් එකට අලුත් විද්‍යාර්ථීන් විදිහට ආවහම "මංජුසාව" කියලා කලා උළෙලක් තියනවා. හැම දක්ෂතාවයක්ම එලිදක්වන්න. ඒකෙත් අපි ප්‍රථම ස්ථානය ගත්තා. නර්ථන අංශයේ. ඒක නම් ඇත්තටම අපේම Batch එකේ සජිත අනුත්තර තමයි හැදුවේ.
19. කවුද වඩාත්ම ප්‍රිය කරන නර්තන ශිල්පියා?
** එහෙම එක්කෙන්ක ඇත්තටම නෑ. ඒත් ශහීඩ් කපූර්ට කැමතියි. හොඳ නර්ථන ශිල්පියෙක්.
20. දක්ෂ නර්තන ශිල්පියෙක් වෙන්න නම්, මොකක්ද කරන්න ඕන?
** මම හිතන්නේ නර්ථන ශිල්පියෙක් වෙනවට වඩා මම කැමතියි මගේ නර්තන නිර්මාණ ශිල්පියා කියන පැත්තට. නටන්න ගොඩක් අයට පුලුවන්. ඒත් නැටුම් හදන්න, එහෙම නැත්නම් Choreography කරන්න හැමෝටම බෑ. මම මේ කියන්නෙ මම මාර වැඩ්ඩෙක්, ඒ පැත්තෙන් කියලා නෙවෙයි. ඒත් යම්කිසි දක්ෂතාවයක් තියෙනවා. ඒ පැත්තෙන් බැලුවම මම හිතන්නේ තියෙන්න ඕනෙම දේ තමයි නිදහසේ හිතන්න පුලුවන් නිර්මාණශීලී මනසක්. ඊට අමතරව හොදට ඇග පවත්වගන්න ඕනේ. මොකද නටනකොට ඇහැට ලස්සනට පේන්නේ අපේ ඇඟ නිසා. ඒ වගේම කට්ට කන්න, කැපකිරීම් කරන්න, අලුතෙන් ඉගෙනගන්න ආසාව කුතුහලය තියෙන්න ඕන. වැදගත්ම දේ කොච්චර දැනගත්තත්, පුලුවන් උණත් මට තව ඉගෙනගන්න ගොඩක් තියනවා, මට වඩා දන්න ගොඩක් මිනිස්සු ඉන්නවා කියලා නිතර නිතර මෙනෙහි කරලා ඒක මතක් කරගන්න එක.

21. ධනුෂ්ක වැඩිපුරම බටහිර පන්නයට නැඹුරු, වේග රිද්ම නර්තනයේම යෙදෙන්නෙ, සමාජය අතරේ කැපී පේන්න සහ "පොරක්" වීමේ අදහසින් කියලා කවුරු හරි කිව්වොත්?
** දනුල, පියවි සිහියට වරෙන්. එහෙම එකක් නෑ. අනික එහෙම නැටුවයි කියලා පොරක් වෙනවද? මම නම් හිතන් නෑ. නටන්න ගොඩක් වෙලා තියෙන්නේ ඒ වගේ ඒවට. නැතුව එහෙම හිතලා කරපු දෙයක් නෙවෙයි. 22. දැන් ටික කාලෙක ඉදන් ධනුෂ්කලා තවත් අලුත් වැඩක් කරනවා නේද? ** ඔව්. මේක අපි ළඟදී තමයි පටන් ගත්තේ. මෙච්චර කාලයක් අදි මදි කර කර හිටියත් අන්තිමේ පටන් ගත්තා. නම "Dancing mood on" choreography and dancing team. |
23. විස්තරයක් කරමු බලන්න.
** අපේ කැම්පස් එකෙම පිරිසක් එක්ක තමයි මේ වැඩේ පටන් ගත්තේ. සාමාන්‍යයෙන් ඕනම Event එකකට කාටහරි නැටුමක් හදාගන්න ඕනෙ කියලා හිතමු. නැත්නම් Wedding එකක Surprise Dance එකක් කරන්න ඕන කියලා හිතමු මනමාලිට. ඒමත් නැත්නම් වෙන තරඟයකට හෝ ඕනම දේකට නැටුමක් නිර්මාණය කරගන්න ඕනේ කියලා හිතමු. ඒ ඕනම වෙලාවක අපේ සේවාව ලබාගන්න පුලුවන්. අපි අවශ්‍ය කරන විදිහට ඒ නැටුම් නිර්මාණය කරලා දෙනවා විතරක් නෙවෙයි පුරුදු කරලත් දෙනවා. ඒ වගේම එහෙම නැත්නම් අපේ නර්තන කණ්ඩායමකුත් තියෙනවා. ඕනම Event එකකට අපේ සේවාව ලබාගෙන ඒ අවස්ථාව තවත් වර්ණවත් කරගන්නත් පුලුවන්. ඒ වගේම තව ටික කාලෙකින් නටන්න කැමති අයට මුල ඉඳලා උගන්නන්න පංතියක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.
24. ඕනකම තියෙනවා නම්, ගුරුවරයෙක් නැතුව වුණත් නර්තනය ඉගෙන ගන්න පුලුවන්ද?
** අපොයි පුලුවන්. හැබැයි ඕනකම වගේම හැකියාවත් තියෙන්න ඕනෙ. හැබැයි යන ගමනේදී කොහෙදි හරි ගුරුවරයෙක් අවශ්‍යම වෙනවා.
25. පෙරදිග වේවා... බටහිර වේවා.... වර්තමානයේදී අපේ රටේ තරුණ පරපුර අතරේ නර්තනයට හිමිවෙලා තියෙන්නෙ මොන වගේ තැනක්ද? අනාගත ගමන්මග මොනවගේ වෙයිද? මේ වගේ කලා කටයුතු සදහා රජයේ දායකත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුලුවන්ද?
** අද වෙනකොට කොල්ලො කෙල්ලො කියලා නෑ. නර්තනයට පාසල් මට්ටමේ ඉදලා ලොකු තැනක් ලැබිලා තියෙනවා කියලා හිතෙනවා. ඒක ගැන ඇත්තටම සතුටුයි. පොඩි කාලේ ඉදලම නැටුම් හදාරලා ඒ පැත්තෙන් තමන්ගේ දරුවන්ව යවන්න සමහර දෙමව්පියෝ මහන්සි වෙනවා. දොස්තරලා ඉංජිනේරුවො වෙන්න දගලන ලෝකෙක එහෙම දේවල් වෙන එකත් ආශ්චර්යක් වගේ. අනික දැන් ලංකාවේ නර්තන ක්ෂේත්රය බලන් ඉද්දි දියුණු වෙනවා. ඇදුම් පැලදුම්, වේදිකා, තාක්ෂණය... කොයි පැත්තෙන් ගත්තත් ඒ ගැන සතුටුයි. හැබැයි උඩරට නැටුම් කලාව වගේම, පහතරට හා සබරගමු නැටුම් කලාවන්ටත් පාසල් තුළ තව ඉඩ විවර වෙන්න ඕන.
26. අලුතින් නර්තනයට පිවිසෙන්න ආසාවෙන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නෙ?
** මට නම් කියන්න තියෙන්නේ පුලුවන් තරම් විවිධ විවිධ ශෛලීන් ඉගෙනගන්න කියලා. ඒ වගේම කවදවත් හරි මම තමා වැඩ්ඩ කියල හිතලා යන යන තැන Dance කෑලි දාලා පෙන්නලා තැනක් ගන්න යන්න එපා. බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ විකාරයක් වගේ. ඒ වගේම කරණම් ගහන එකටවත්, ඇග කඩන එකටවත්, පාරවල් දාන එකටවත් විතරක් නෙවෙයි නැටුම් කියන්නෙත්. ඒකත් ඔලුවේ තියාගන්න ඕන.
27. නර්තනය හරහා මෙතෙක් පැමිණි ගමන්මග ගැන තෘප්තිමත්ද?
** ඔව්. ඒත් දුකක් තියනවා හරියට මග පෙන්වීමක් ලැබුණේ නෑ කියන එක ගැන. පොඩි කාලෙම හොද මග පෙන්වීමක් ලැබුණා නම් අද මීට වඩා හොඳ තැනක ඉන්න තිබුණා කියලා හිතෙනවා. ඒත් නොලැබුන ඒවා ගැන මොකටද වද වෙන්නෙ? ලැබිලා තියෙන ඒවා ගැන සතුටු වෙනවා. දැන්වත් තව ඉගෙනගන්න ඕන.
28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
** නර්ථනය පැත්තෙන්ම ඉදිරියට යන්න තමයි. ලංකාවේ හොද Choreographer කෙනෙක් වෙන්න හීන දකිනවා.
29. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** මගේ අම්මට තමයි ලොකුම ස්තූතිය. මගෙ අතපය නොකඩා මාව හදලා මගෙ හැම බරක්ම කරට අරන් මේ දක්වා මගෙ පස්සෙන්ම හිටියේ අම්මා. මගෙ හීනවලට කවදාවත් අම්මා උදව්වක් මිසක් එරෙහි වුණේ නෑ. ඒ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ වගේම තාත්තටත්. මේ වෙද්දිත් එයා රට. තාත්තටත් ස්තූති කරනවා. අක්කත් ඕන දේකට මාත් එක්ක හිටියා. ඒ වගේම මගෙ යාලුවො. ඉස්කෝලේ, ගමේ, කැම්පස් එකේ, මාව හැම තිස්සෙම එක පියවරක් ඉස්සරහට තියන්න කියල තල්ලු කරපු යාලුවො හැමදෙනාටම ස්තූතියි.
30. ධනුෂ්කව සම්බන්ධ කර ගන්නවා නම්?
** ඔව්.
මගේ අංකය - 075 7 181 046
Facebook - https://www.facebook.com/danushka.wasuu
E mail - [email protected]
ඉතින් ඔන්න ඔහොමයි අපි ධනුෂ්ක එක්ක කරපු කතා බහ අවසන් වෙන්නෙ. ඉතින් අපිත් ධනුෂ්කට මුළු හදවතින්ම සුභ පතනවා ඔහුගේ අනාගත වැඩ කටයුතු සහ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් ධනුෂ්කට තවත් මේ වගේ හොද නිර්මාණ සමාජය හමුවේ දායාද කරන්න සහයෝගය ලබා දෙන්න කැමති නම් පහළින් තියෙන සමාජ වෙබ් අඩවිවල ශාඛාවන් එක්ක එකතු වෙන්න. ඒ හරහා ධනුෂ්ක ඉස්සරහට කරන්න යන අලුත් දේවල් ගැන දැන ගන්නත්, ඒවාට උදව් කරන්නත් ඔයාලට පුලුවන් වේවි...!!!!!!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති "කතෘ හිමිකම" සටහන් නොකළ සියලුම ඡායාරූප, සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තැනැත්තා විසින් ලබා දුන් ඒවා බව කරුණාවෙන් සළකන්න.