ජීවිත මතක පද
පහුගිය දවසක කවුරුත් හොදට දන්න අදුරන ඉස්සර මියැසියේ රසකතාවලින් ඔබ හමුවට ආපු සහ දැන් වයලගෙ කාමරයෙන් ඔබ හමුවට එන වයලීනෝ හිටිහැටියෙම අපේ ගෙදර ආවා. එහෙම ඇවිල්ලා කතා කර කර ඉන්න අතරෙ මම වයලීනෝගෙ ඔළුවට පොඩි අදහසක් දැම්මා. වයලීනෝ කොහොමත් ගීතවලට විචාර ලියනවට සිංහල බ්ලොග් ලෝකයේ ප්‍රසිද්ධයි. ඉතින් මම කිව්වා "ගායනය, පද රචනය සහ සංගීතය අතින් ඔයා කැමතිම ගීත 10ක් ගැන ලියන්න" කියලා. අදහස දාලා බොහොම ටික කාලයක් ඇතුළත වයලීනෝ, එයා කැමතිම ගීත 10 ගැන අලගිය තැන්, මුලගිය තැන් ඔක්කොම ටික දාලා, හොද අංග සම්පූර්ණ ලිපියක් පල කළා.
ඔහොම ඉන්න අතරෙ මටත් හිතුනා ඒ තාලෙම ලිපියක් ලියන්න. හැබැයි ඒ, කැමතිම ගීත ගැන නෙවේ. මගේ හිතට වැදුනු සහ හිතේ තදින්ම රැදිලා තියෙන ගීත කිහිපයක් ගැනයි. ඒ කියන්නෙ සමහරක් සමහරක් අත්දැකීම්වලට සම්බන්ධ ගීත. ඒ වගේම සමහරක් සමහරක් දේවල් දකිනකොට නිතරම මතකයට එන සහ නොනවත්වාම හිතේ වාදනය වෙන ගීත. මේ ලිපිය ගීත 10කට සීමා වෙන්නෙ නෑ. හිතේ තදින්ම රැදිලා තියෙන ගීත ඔක්කොම ටික මේ ලිපියේ සටහන් වෙලා තියෙනවා. ඒ හැම ගීතයක් පිටිපස්සෙම මොකක් හරි කතාවක් තියෙනවා.

මතක් වෙන, මතක් වෙන විදිහට තමයි මේ ගීතවල පෙළ ගැස්සවීම කරලා තියෙන්නෙ. මේ හැම ගීතයක්ම ජීවිතයේ මතක පදයක් වෙන්න බලපාලා තියෙන ප්‍රධානතම සාධකය තමයි, පද රචනය. මොකද පද රචනයේ තමයි ඒ කතාව හෝ අත්දැකීම ගැබ් වෙන්නෙ. ඒත් අනිත් අතට ගායනය සහ සංගීතය කියන සාධක දෙකත්, මේ ගීත හිතේ රදවලා තියන්න වක්‍රව දායකත්වයක් සපයලා තියෙනවා. එහෙනං අපි කියවමු, අහමු මගේ ජීවිත මතක පද ටික...
01. අහසෙ ඉන්නවලු
මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නෙ අපේ ආදරණීය ලයනල් රන්වල මහත්මයා. රන්වල මහත්මයගෙ ගීත නිර්මාණ, අපේ අයට නම් මතක් වෙන්නෙ අලුත් අවුරුදු කාලයට විතරයි. එහෙම මතක් වෙන්නෙත් අලුත් අවුරුද්ද හා බැදෙන ගීත නිර්මාණ කිහිපයක් විතරයි. ඊට පස්සෙ ඊළග අලුත් අවුරුද්ද එනකන් එතුමා ගැනවත්, එතුමාගේ ගීත ගැනවත් කිසිම මතකයක් නෑ. රන්වල මහත්මයා අපේ රටේ ඉපැරණි ජන ගී සහ කවි අධ්‍යනය කරලා, ගවේෂණය කරලා, ඒවා සංරක්ෂණය කරන අතරෙම, ඒවායේ සාරය සහ ආකෘතිය අනුව අලුත් අලුත් ගීත නිර්මාණ බිහි කළා. ඒ අතරින් එකක් තමයි "අහසෙ ඉන්නවලු" ගීතය. මේක ටිකක් අප්‍රකට ගීතයක්. පහතරට ශාන්තිකර්මවල ආභාශයෙන් නිර්මාණය කරලා තියෙන මේ ගීතයේ මුල් ගායනයට ලයනල් රන්වල මහත්මයට, සමන් ද සිල්වා මහත්මයත් සහයෝගය දීලා තියෙනවා.
අපේ ගමේ මේ වෙනකොට රජමහා විහාර පහක් ඉතුරුවෙලා තියෙනවා. ඒ අතරින් අද වෙනකොට නම් ගොඩක් ප්‍රසිද්ධ සහ ප්‍රධානම පන්සල තමයි බෙල්ලන්විල රජමහා විහාරය. බෙල්ලන්විල රජමහා විහාරයේ ඉතිහාස කතාව පටන් ගන්නවා කියන්නෙ අනුරාධපුර යුගයේදී. ඒ දෙතිස්ඵල රූපී බෝධීන් වහන්සේව රෝපණය කිරීමත් එක්කයි. ඉතින් අදවෙනකොට මේ බෝධීන් වහන්සේව වන්දනාමාන කරන්න, දවසකට දහස් ගණන් බෞද්ධයො, ලංකාවේ සතර දිශාවෙන්ම එනවා. බෙල්ලන්විල රජමහා විහාරයට ගිහින්, බෝ මළුවෙ වාඩිවෙලා ඉන්නකොට, මට හැම තිස්සෙම මේ ගීතය මතක් වෙනවා. බෙල්ලන්විල බෝධි පරිශ්‍රයට යන එන අය දන්නවා, ඒ ඉසව්වෙ තියෙන්නෙ මොන වගේ පරිසරයක්ද කියලා. බෝධිය වටේටම තියෙන්නෙ එක එක දෙව්වරු වෙනුවෙන් නිර්මාණය කරපු දේවාල සහ දේව කුටි. දේවාල කියන්නෙ අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියත් එක්ක බැදුනු දෙයක්. හින්දු අයට දේවාල නෑ. ඒ අයට තියෙන්නෙ කෝවිල්. ඉතින් ඈත අතීතයේ ඉදලම දේවාල නිර්මාණය වුණේ, පන්සලක් මුල් කරගෙනයි.
දේවාලයක් නිර්මාණය කරන්නෙ දෙව්වරු වෙනුවෙන්. දෙව්වරුන්ට පුද පූජා පවත්වලා, වන්දනාමාන කරලා, භාර හාර වෙලා, අපේ ප්‍රශ්න සහ සිතුම් පැතුම් කපු මහත්තයා හරහා දෙවියන්ට කීවම, දෙවියන් ඒ ප්‍රශ්න විසදලා, අපේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරලා දෙනවා කියලා, අපේ පැරණි මිනිස්සු විශ්වාස කළා. පන්සල්වල බෝ ගස් උඩ සම්‍යදෘෂ්ඨික බෞද්ධ දෙව්වරු වැඩ ඉන්නවා කියලා තමයි, ඒ කාලෙ ඉදන්ම එන විශ්වාසය. බෙල්ලන්විල බෝධියත් දේව කතාවලට ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම නිල්, රතු, සුදු ආලෝක ධාරා විහිදුවමින් උපුල්වන්, කතරගම, සූනියම් දෙව්වරු මහ රෑට මේ බෝධිය වන්දනාමාන කරන්න යනවා එනවා කියලා අපේ පැත්තෙ විශ්වාසයක් තියෙනවා. ඊළගට 1850 ගණන්වල අත්තිඩිය විහාරවාසී තෙන්ගොඩගෙදර හාමුදුරුවො, මහා ඝන කැළෑවකින් වටවෙලා තියෙන මේ බෝධිය හොයා ගත්තෙ, බෝධියෙන් ඇහුණු බෙර සද්ධයක් දිගේ ඇවිල්ලා කියලා තමයි ජනප්රවාදයේ තියෙන්නෙ. හාමුදුරුවන්ට බෝධියට එන පාර හොයා ගන්න පුලුවන් වෙන විදිහට, බෝධිය ළග ඉදගෙන බෙර ගැහුවෙ, බෝධියට අධිගෘහිතවෙලා ඉන්න දෙව්වරු කියලා තමයි ඒ කතාවෙ තියෙන්නෙ. ඉතින් බෝධිය වටේ තියෙන දේව කුටිවල එක එක විදිහේ දෙව්වරු ඉන්නවා. එහෙම කියලා මම අදහස් කළේ දේව පිළිම. ඒ දේව මණ්ඩලයත් හරියට පළතුරු සලාදයක් වගේ. බෞද්ධ දෙව්වරු, හින්දු දෙව්වරු වගේම මිත්‍යා දෙව්වරුත් ඉන්නවා. උපුල්වන්, කතරගම, සුමන සමන්, විභීෂණ, ගණපති, සූනියම්, නාථ, පත්තිනි, දැඩිමුණ්ඩ, ගම්භාර, ඊශ්වර, සරස්වතී, ලක්ෂ්මි ආදී වශයෙන් ගොඩාක් දේව කුටි තියෙනවා. ගොඩක් මිනිස්සු බෝධිය වන්දනා කිරීමේ අරමුණටත් වඩා දේව වන්දනාව කරන්න තමයි එන්නෙ.
සාමාන්‍යයෙන් බෝධියෙන් සංඛේතවත් වෙන්නෙ ජීවමාන බුදු හාමුදුරුවන්වයි. නමුත් අද වෙනකොට නම් බෝධියටත් වඩා ලොකු තැනක් දේවාල සංකීර්ණයට ලැබිලා. ඉතින් බෝධිය ළගට හිත සමාධිගත කරගන්න භාවනා කරන්න එන අයට, බුද්ධ වන්දනා සහ බෝධි වන්දනාවල යෙදෙන්න එන අයට, හිත නිදහස් කරගන්න එන අයට, මේ දේවාල නිසා හරියට බාධා වෙනවා. කොයි වෙලාවෙ බැලුවත් මහා සද්ධෙට ඇහෙන්නෙ කපු මහත්තුරුන්ගෙ අදෝනා සහ දේව කන්නලව්. ඒ ඒ දේව කුටිවල ඉන්න කපු මහත්තුරු, ඒ ඒ දෙවියන් වෙනුවෙන්, අනිත් අයගෙ කන්නලව් වැහිලා යන විදිහට, තරගෙට වගේ සද්ධෙන් කියනවා. ඒ වගේම නිතරම "දඩොං බඩොං චොස් පොස්" ගාලා, දිගට හරහට පොල් ගහන සද්ධත් ඇහෙනවා. දේව පූජාව තියනකොටත්, මුලු පළාතටම ඇහෙන්න ගැටබෙර, තම්මැට්ටම්, දවුල් ගහන්වා. සීනු දහයක් විතර එක පාර නාද කරනවා. මේවත් ලොකු බාධාවක්. ගොඩක් මිනිස්සු අනිත් අයට කලින් තමන්ගෙ පූජා වට්ටිය පූජා කරගන්න පොර කනවා. ඒ නිසා පෙළක් වෙලාවට බෝ මළුවෙ ලොකූ තදබදයක් ඇති වෙනවා. මුළු පූජා වට්ටියම, කටට කෙළ එන, ලොකු ලොකු, පාට පාට පළතුරු ජාතිවලින් පුරවලා, හදුන් කූරක් දෙකක් ගහලා, මල් මාලයක් එල්ලලා. මොණර කොළ දෙක තුනකුත් තියලා තමයි දෙන්නෙ. බෝ මළුවෙ හදුන්කූරු සුවදටත් වඩා වැඩි සුවදක්, දේවාලවල තියෙන පළතුරුවලින් එනවා. හිතේ තියෙන බර නිදහස් කරගන්න එහෙම දේවල් කළත්, ඒ වගේ දේවල් අවබෝධයක් නැතුව කරන්න යන එක නුවණට හුරු නෑ. එතකොට වෙන්නෙ හැම දෙයක්ම දෙවියන්ම කරලා දෙනකන් බලාගෙන ඉන්න එකයි.
බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ "තමාගේ පිහිට තමාමයි" කියලයි. තමන්ට වෙන කිසිම කෙනෙක්ගෙ පිහිටක් නෑ. අනිත් අතට එක කතාවක තියෙනවා සතරවරම් දෙව්වරු බුදු හාමුදුරුවන්ට වැදලා "රාජකාරී බහුලයි" කියලා, එසැණින්ම එතනින් පිටත්වෙලා ගියාය කියලා. කල්ප කාලාන්තරයකට වරක් පහළ වෙන බුදුවරයෙක්වත් ඇසුරු කරන්න ඒ අයට වෙලාවක් නැත්නම්, අපි වගේ කෙළෙස් සහිත පෘතග්ජන මිනිස්සු ගැන කවර කතාද? ඒ වගේම දෙව්වරු කියන්නෙ අධිසංවේදී ජීවීන් කොටසක්. අපිට සුවද දේවල්, ඒ අයට ගද වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට සබන් කෑල්ලෙන් ලොකු සුවදක් එනවා. මොකද සබන් කෑල්ල පිරිසිදුයි. හැබැයි දෙවියන්ට සබන් කෑල්ල ගද වෙන්න පුලුවන්. ඒ කියන්නෙ සබන් කෑල්ල පිරිසිදු මදියි. ඉතින් සාමාන්‍ය මිනිස්සු ළගට දෙවියන් ළං වෙයිද කියලත් සාධාරණ සැකයක් තියෙනවා. අද නම් ගොඩක් දේවාල, සල්ලි උපයන මහා පරිමාණ ව්‍යාපාර බවට පත්වෙලා. ඒ ඒ කපු මහත්තුරු එකතුවෙලා ඒකාධිකාරියක් හිටන් පවත්වාගෙන යනවා. ඔය වගේ දේවල් නිසා තමයි බෙල්ලන්විල බෝධිය ළගට වෙලා ඉන්නකොට ලයනල් රන්වලයන්ගේ "අහසෙ ඉන්නවලු" ගීතය හැමදාම මතක් වෙන්නෙ.

02. සඳක් බැස ගියා අවර ගිරේ
කොළඹ ආනන්දයේ ඉගෙනගන්නකොට මම උසස් පෙළ කළේ, කලා අංශයෙන්. උසස් පෙළ කාලය කියලා කියන්නෙ මගේ වසර 13ක පාසල් ජීවිතයේ සුන්දරතම කාලයයි. මගේ ප්‍රීතිමත්ම අවුරුදු දෙක. ඒකට ගොඩක්ම හේතු වුණේ මගේ යාලුවො. මට උසස් පෙළවලට හොදම හොද යාලුවො කණ්ඩායමක් ලැබුණා. ඒ වගේම ගුරුවරු කණ්ඩායමක් ලැබුණා. කලා අංශෙ යාලුවො මට ගොඩක් විශේෂයි. අපි ඔක්කොම හිටියෙ හරියට එක නැට්ටෙ දෙහි වගේ. හැමෝම එකා වාගේ සහයෝගයෙන් වැඩ. කාට හරි, මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, මුලු කලා අංශෙම එතන. හැමෝම කරුණාවන්තයි. හැමෝටම ඕන වෙලාවක, කාට හරි උදව් කරන්න බලාගෙන ඉන්න හිත හොද මිනිස්සු. රට, ජාතිය, ආගම, භාෂාව ගැන කැක්කුමක් තියෙන අය. ඒ අයගේ සිතුවිලි ගොඩක් වෙනස්. නිදහස් චින්තනය එයාලා උපරිමයෙන් පාවිච්චි කළා. හරිම සරලයි. ඒ අයගෙ හිත් ඇතුළෙ මනුස්සකම පිටාර ගලනවා. පුදුමාකාර සෞන්දර්ය හැගීම්වලින් පරිපූර්ණ වුණු කට්ටියක්. එයාලා ළග මාන්නයක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. සමහරක් වෙලාවල්වලදි කතා කරන්න වෙලා නැති වුණත්, දත් 32ම පේන්න මූණ පුරා හිනා වේගෙන තමයි යන්නෙ. මට හිටිය හොදම යාලුවො ටික තමයි ඒ. අවුරුදු 13ක පාසල් ජීවිත කාලයේ මම දැකපු හොදම "මැඩම්ලා සර්ලා" Set එක හිටියේ කලා අංශයේ. අපිට උගන්නන්නේ නැති ගුරුවරු හිටන්, අපිව හොදට අදුරනවා. අපේ නම් විතරක් නෙවේ විස්තර හිටන් දන්නවා.
අපේ කලා අංශෙ පන්ති තිබුණෙ එකිනෙකට සම්බන්ධ කරලා. ඒ නිසා අපිට ඇතුළෙනුත් ඒ පන්ති හරහා යන්න පුලුවන්. චිත්‍ර කාමරේ ඇතුළෙ දොරෙන් 13-1 පන්තියට එන්න පුලුවන්. 13-1 පන්තියේ ඇතුළෙ දොරෙන් 13-2 පන්තියටත්, 13-2 පන්තියෙ ඇතුළෙ දොරෙන් 12-2 පන්තියටත් යන්න පුලුවන්. 12-2 පන්තියේ ඇතුළෙ දොර සම්බන්ධ වෙලා තියෙන්නෙ කලා අංශයේ කාර්යාලයට. ඒ දොර හරහා කාර්යාලයට ඇතුල් වෙන කොට, කාර්යාලය ඇතුළෙත් දොරක් තියෙනවා. ඒ දොරෙන් ඇතුල් වුණාම තියෙන්නෙ 12-1 පන්තිය. 12-1 පන්තිය ඇතුළෙ දොර හරහා අපිට භාෂා කාමරේටයි, ඉතිහාසය උගන්නන තැනටයි පිවිසෙන්න පුලුවන්. ඒ නිසා මුළු කලා අංශෙම එකම පවුලක් වගේ. එහා පන්තියේ අය අපේ පන්තියේ ඉන්නවා. අපේ පන්තියේ අය එහා පන්තියේ ඉන්නවා. අපේ කලා අංශෙ අපිට ඕනෑ තරම් නිදහස දීලා තිබුණා. ඉතින් කිසිම කලබලයක් නැතුව අපි නිදහසේ තමයි ඉගෙනීම් වැඩ කළේ. සමහරක් දවස්වලට සමහරක් කාල පරිච්ඡේදවල අපිට වැඩ නෑ. එහෙම දවස්වලට අපි කළේ කලා අංශය ඉස්සරහ තියෙන බංකුවේ වාඩි වෙලා කතා කර කර ඉන්න එක. ඇහැළ ගහ යට තමයි බංකු, පුටු, මේස තිබ්බෙ. ඉතින් ඒ ගහ යට ඉන්න කොට හරිම සැපයි. සිසිලසයි. කලා අංශෙ කොහොමත් පිහිටලා තිබ්බෙ භාහිර පරිසරයෙන් වෙන් වුණු, උස් ප්‍රදේශයක. මල් වවලා, ගස් වවලා, හැම තැනම චිත්‍ර ඇදලා..... බලන්න හරිම ලස්සනයි.
උසස් පෙළ විභාගය ලියලා ඉවර වුණායින් පස්සෙ නම් ලොකු දුකක් හිතට දැනුණා. මොකද යාලුවො අපෙන් ඈත් වෙලා යන නිසා. දැන් අපේ අරමුණු, දැක්මවල් ඔක්කොම වෙනස්. ඉතින් අපි හැමෝම බෙදිලා බෙදිලා එක එක පාරවල්වල ගමන් කරනවා. සමහරක් අය අපිව දාලා රට ගිහිනුත් එක්ක. මම කලිනුත් සදහන් කළා වගේ උසස් පෙළ කාලෙ තමයි මම ගත කරපු හොදම අවුරුදු දෙක. ආයිත් මේ වගේ සුන්දර කාලයක් එන්නෙ නෑ. ඒත් ඒ සුන්දර මතකයන් ටික හරි අපි සතුව තිබීමම සැනසීමට කාරණාවක් වෙනවා.
ඉතින් විවේක වෙලාවට ඉස්කෝලෙ කලා අංශය පැත්තෙ ගියාම, එහෙමත් නැත්නම් කලා අංශයේ අපිත් එක්ක හිටපු යාලුවෙක්ව එහෙම හම්බුනාම මට ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ "සදක් බැස ගියා අවර ගිරේ" ගීතය තමයි මුලින්ම මතක් වෙන්නෙ. ඒ වගේම මනසේ පසුබිමින් වාදනය වෙන්නෙත්. මේ ගීතය ලොකු කුඩා බාල මහළු භේදයක් නැතුව, හැම කෙනෙක්ම ආස කරන ගීතයක්. මේ ගීතයේ නම් තියෙන්නෙ ගමේ ඉස්කෝලයක් ගැනයි. ඒ වගේම ඒක මිශ්‍ර පාසලක්. දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ, ගමේ පාසලේ වැඩට අපි, මල් වගේ සිනාසුනු කෙල්ලන් හා.... වගේ පදවලින් ඒ බව පේනවා. ඒත් ආනන්දය කියන්නෙ නම් පිරිමි ළමයි විතරක් ඉන්න, නගරයේ තියෙන පාසලක්. ඒ වුණත්, නගරයේ වේවා ගමේ වේවා.... ඕනම පාසලකින් එළියට ආපු සෑම සියලු කෙනෙක්ම මේ ගීතයේ කොටස්කාරයො වෙනවා. මේ ගීතයෙත් හැමෝගෙම සිත්ගත්ත, ප්‍රසිද්ධ සහ ජනප්‍රියම කොටස තමයි "තවත් වරක් මට පාසල් යන්නට - ලැබුණොත් මම යනවා" කියන කොටස. සාමාජ ජාල හරහා තමන්ගෙ පාසල් කාලෙ පින්තූර පල කරන හැමෝම වගේ, ඒ පින්තූර දාන්නෙ, මේ වාක්‍ය කොටසත් එක්කයි. මමත් එහෙමයි. තවත් වරක් මට පාසල් යන්නට, ලැබුණොත් මම යනවා. හැබැයි එහෙම යන්නෙ ශිෂ්‍යය නායකයින් නැති, විෂයන් උගන්නන්නෙ නැති දවසක් වුණොත් විතරයි..!!!!!

සම්බන්ධිත ලිපි - පාසල් ජීවිතයේ සොදුරු මතකයන්
03. ආනන්දේ අද ආනන්දයි
කොළඹ ආනන්ද විද්‍යාලය ගැන හිසේ කෙස් ගාණටත් වඩා, අහසෙ තරු ගාණටත් වඩා, පොළොවෙ වැලි ගාණටත් වඩා ගොඩාක් ගීත ලියවිලා තියෙනවා. ඒ ගීත අතරින් ජීවිතය තියෙන තුරු අමතක නොවෙන ගීතයක් තමයි "ආනන්දේ අද ආනන්දයි" කියන ගීතය. මේ ගීතය රචනා කරලා තියෙන්නෙ විමල් අබේසුන්දර. ඒ කියන්නෙ ආනන්දයෙන් බිහිවුණු කීර්තිමත් ආදි ආනන්දියෙක් වෙන ප්‍රණීත් අබේසුන්දර මහත්මයගෙ පියා. සංගීතය, අනිල් මිහිරිපැන්න මහත්මයා සැපයුවා කියලා තමයි දැනගන්න ලැබුණෙ. ආනන්දය හරහා ගමනක් යනකොට, ආනන්දෙටත් වඩා උසට හදලා තියෙන බුද්ධ මන්දිරය දකිනකොට මට මතක්වෙන ගීතයක් තියෙනවද, එහෙනං ඒ මේ ගීතය තමයි. මේ ගීතය හදුන්වන්නෙ ආනන්දයේ දෙවෙනි පාසල් ගීතය විදිහටයි. ඒ නිසා ඡත්තමානවක ගාථාව කියලා පාසල නිමාවෙනකොට, හැමදාම මේ ගීතයත් වාදනය කරනවා. ඊට අමතරව උත්සවයක් නිමා කරනකොටත් මේ ගීතය වාදනය කරනවා. බුදු මැදුර දකිනකොට මේ ගීතය මතක් වෙන්න හේතුව තමයි, ආනන්දයේ තියෙන බෞද්ධ පරිසරය ගැන, මේ ගීතයෙන් කියවෙන එක.
ආනන්දය කියන්නෙ 1886දි අපේ රටේ නිර්මාණය වුණු බෞද්ධ පුනරුදය නිසා නිර්මාණය වුණු බෞද්ධ පාසලක්. ආනන්දය බෞද්ධ පාසලක් කියලා හදුන්වන්නෙ, ආනන්දයේ බෞද්ධ ළමයි ඉන්න නිසා නෙවේ. ආනන්දයේ දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ළමයි හිටන් ඉන්නවා. ආනන්දය බෞද්ධ පාසලක් කියන්නෙ, නිර්මාණය වුණු දා ඉදන්ම බෞද්ධ ඉගැන්වීම් අනුව, බෞද්ධ සිතුවිලි සහ ආකල්ප අනුව ගමන් කරන නිසයි. මේ කාරණා නිසා "ආනන්දය බෞද්ධ පාසලක්" කියලා කිව්වම, එහෙම කියන්න මුල් වෙන කාරණා ගැන නොදන්න අය, අපිට ජාතිවාදියො කියනවා. මේ ගීතය හරිම සරල ගීතයක්. ආනන්දයි කියන කොටස් හැරුණම, පද තියෙන්නෙ බොහොම ටිකයි. ඒ හැම පදයෙන්ම කියවෙන්නෙ ආනන්දයේ තියෙන බෞද්ධකම ගැනයි. සංගීතයත් හරිම සරලයි. ඔක්කොම තියෙන්නෙ සරල සංගීත භාණ්ඩ. දාලා තියෙන සංගීතයේ එක අවස්ථාවක, බට නළා වාදනයක් ඇහෙනවා. ඒ වාදනය හරිම මිහිරී. මේ ගීතය හිතේ රැදෙන්න, ඒ බට නළා වාදනයත් ඉවහල් වුණා.
ඊටත් අමතරව මේ ගීතය ඇහෙනකොට ආනන්දයේ දහවල් 1.30ට ඇතිවෙන පරිසරය ගැනත් මතක් වෙනවා. ඒ වෙලාවට ආනන්දය යුධ පිටියක් වෙනවා. දූවිලි කුණාටුවක් වගේ දූවිලි ඇවිස්සිලා. ළමයි එහේ දුවනවා. මෙහේ දුවනවා. ගේට්ටු ළග තදබද ඇති වෙලා. දිග පෝලිම්. සමහරක් තැන්වල ළමයි දෙන්නා දෙන්නා යන පෝලිම්. පොත් අත්සන් කරන්න විදුහල්පති කාර්යාලයට යන අපේම ගුරුවරු. එතකොට රාජකාරි කටයුතු කරන, කටේ කෙළ හිදෙනකන් කෑ ගහන ශිෂ්‍යනායකයො.... මේ ඔක්කොමත් මතක් වෙනවා.

04. අනදතා පාන
මම කලින් මතක් කළා වගේ ආනන්දය ගැන ලියවුණු ගීත ගොඩ අතරින්, වැඩියෙන්ම ජනප්‍රිය වුණු ගීතය තමයි "අනදතා පාන" කියන ගීතය. මේ ගීතය නිර්මාණය වුණේ 2012 අවුරුද්දට යෙදුනු ආනන්දයේ 125 වෙනි සංවත්සරය වෙනුවෙන්. මේ 125 වෙනි සංවත්සරය වෙනුවෙන් 2012 මාර්තු මාසයේ, සතියක ප්‍රදර්ශනයක් සංවිධානය වුණා. ඒ තමයි "අනද අභිමන්" අධ්‍යාපනික, සංස්කෘතික, වෙළද ප්‍රදර්ශනය. මේක තමයි ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරපු විශාලතම ප්‍රදර්ශනය. බිම් අගලක් නෑර මුළු ඉස්කෝලෙම ප්‍රදර්ශන කුටි තිබුණා. මේ ගීතයේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ ගීතය ගායනය කරන්නෙ ආනන්දයෙන් බිහි වුණු අතිදක්ෂ තරුණ පරපුරේ කලාකරුවන් පිරිසක්වීම. මේ ගායකයො අතරේ ජගත් වික්‍රමසිංහ, මධුමාධව අරවින්ද, භාතිය ජයකොඩි, ජනනාත් වරකාගොඩ, සහන් රන්වල, නිමන්ත හේෂාන්, ඉසුරු ජයරත්න, කසුන් කල්හාර, අකලංක ගනේගම, දුමාල් වර්ණකුලසූරිය, හර්ෂණ දිසානායක, සජිත අනුත්තර ඇන්තනී, ඉන්ද්‍රචාපා ලියනගේ වගේ සුප්‍රසිද්ධ චරිත ඉන්නවා. නුවන් කුමාර කටුගම්පොලගේ පද රචනයට, සංගීතය මුසු කරලා තියෙන්නෙ සහන් රන්වලයි. මේ ගීතය කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් හැම කෙනෙක්ම "පිස්සො වගේ පිස්සො වගේ" මේ ගීතය තම තමන්ගේ ජංගම දුරකතනවල Ring Tone එක විදිහට අවුරුදු ගාණක් යනකන්ම පාවිච්චි කළා. ගීතයට යොදලා තියෙන්නෙත් දේශීය සහ අභිමානවත් හැගීමක් එන සංගීතයක්. මුලින්ම පිඹින හක්ගෙඩියම ඇති ඇගේ තියෙන රෝම කූප කෙලින් වෙන්න. ඒ සහන් රන්වල අතින් නිර්මාණය වුණු නිසා වෙන්න ඇති.
ගීතය පුරාම තියෙන්නෙ ආනන්දීයන්ගේ තියෙන අභිමානවත් බව, තේජවන්ත බව, යහපත් ගුණාංග, කාර්යභාරය, වගකීම් සහ යුතුකම් වගේ දේවල්. තරුණ පරපුරේ ගායන ශිල්පීන් ගායනා කරන නිසා, මේ ගීතය ගොඩක් ජව සම්පන්න විදිහට නිර්මාණය වෙලා තියෙනවා. වචන වුණත් ගොඩක් ශක්තිමත් වචන. ඕනම ආනන්දීයෙක්ට තමන්ගේ පාසල ගැන ආදරයකටත් වඩා අභිමානයක් ඇති වෙනවා. "වෙඩි වැස්සට සැලෙන්නෑ - අඩි පස්සට හැරෙන්නෑ" කියන කොටස සහ "අපි ආනන්දේ පුත්තූ" කියන කොටස, ගොඩක් සාමජජාල වෙබ් අඩවි හරහා ආනන්දය ගැන කරන පලකිරීම්වලට පාවිච්චි කරනවා. ඒ නිසා ඒ කොටස්, මේ ගීතයේ තියෙන ජනප්‍රියම පද මාලා විදිහට හදුන්වන්න පුලුවන්. ආනන්දයේ හිටපු කීර්තිමත් විදුහල්පතිකෙනෙක් වුණු ධර්මසේන සර්, නිතරම කියන්න පුරුදු වෙලා හිටපු කතාවක් තියෙනවා. ඒ තමයි "ආනන්දයේ දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් ආනන්දය බබළනවා වෙනුවට ආනන්දයෙන් බැබළෙනවා. අනිත් පිරිස, ආනන්දය බබළවමින්, ඒ එළියෙන් බැබළෙනවා. ඔබ අයිති විය යුත්තේ මෙයින් දෙවැනි කොටසටයි" කියන ප්‍රකාශය. මේ ගීතයත් වලංගු වෙන්නෙ, අන්න ඒ දෙවෙනි පිරිසටයි.
මේ ගීතය මගේ ජීවිත අත්දැකීමක් වෙන්නෙ කොහොමද? ඒකට උත්තරය තමයි මමත් ඒ කාලයේ ආනන්දයේ හිටියා. අපේ ඉතිහාසය සර්ගෙ සැලැස්ම වුණේ ප්‍රදර්ශනය වෙනුවෙන්, "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සංකල්පය ඉස්මතු වෙන විදිහේ නිර්මාණයක් කරන්න. සර්, හද්දා පිටිසර ගමක හැදුණු, දහසකුත් එකක් කම්කටළු මැද ජීවිතය ජය ගත්ත, සුන්දර මනුස්සයෙක්. සර් ගමේ ඉන්න කොට ඇසින් දුටු දේවල් සහ අත්දැකීම් පාදක කර ගෙන තමයි, මේක නිර්මාණය වුණේ. මේ නිර්මාණය කරන්න 99%ක් දායකත්වය දුන්නෙ 2013 උසස් පෙළ කරන මල්ලිලා ටික. අපි ඒ අවුරුද්දෙ උසස්පෙළ ලියන්න ඉන්න නිසා, අපිව සහභාගි කරගත්තෙ බොහොම සුළුවෙන්. අපි කළේ පුලුවන් පුලුවන් විදිහට පැත්තෙන් ඉදගෙන අත් උදව් දීපු එක තමයි. ඒ කාලෙ මම හිටියේ භයානක අසනීප තත්වයක් මත. එහෙම වෙලත් මාත් දවස් තුනක් විතර උපරිම ශක්තියෙන් උදේ ඉදලා හවස් වෙනකන් වැඩ කළා. තත්පරයක්වත් විවේකයක් තිබ්බෙ නෑ. චෛත්‍යයක් කම්බිවලින් ගැට ගැහුවා. මේස, පුටු, බංකු, ගඩොල්, ලෑලි, ලී, වඩු ආම්පන්න එහේ ගෙනියනවා. මෙහේ ගේනවා. ආයිත් එහේ ගෙනියනවා. ආයිත් මෙහේ ගේනවා. එකම යුද්ධයයි. ලෑලි කපනවා, පොළොව අතු ගානවා, ගෙවල් හදනවා, පොළොව උඩ අලුතින් පස් පුරවනවා, පස් අතුරනවා, කම්බි කපනවා, දැල්වලින් පොඩි පොඩි මිනිස්සු හදනවා, කම්බි උස්සන් එනවා, එව්වා මිටියෙන් ගහලා Level කරනවා, පොළොව හාරනවා, කොළ අහුලනවා, නිර්මාණ එහාට අදිනවා, මෙහාට අදිනවා, එව්වට පාප්ප ගානවා, පත්තර කොළ ඉරනවා, ලණු ගැට ගහනවා.... මේ වගේ සෑහෙන්න මහන්සියක් වෙන්න වුණා. ඒ විතරක් නෙවේ එහාට මෙහාට බීම Supply කරන්න, පණිවිඩ ගෙනියන්නත් වුණා. යාලුවො අඩ ගහපු නිසා දේශපාලන විද්‍යා, ජපන් භාෂා ප්‍රදර්ශන කුටිවල නිර්මාණවලටත් සහයෝගය ලබා දෙන්න වුණා.
ඒක පාසල් ජීවිතයේදී ලබා ගත්ත ගොඩක් සුන්දර සහ කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඊළග සතියෙ ප්‍රදර්ශනය පටන් ගත්තා. ඉතින් දවසෙම කළේ යාලුවො එක්ක කැමරාවකුත් අරන්, ඉස්කෝලෙ වටේ රවුම් ගහපු එක. එදා ගොඩක් තැන්වල ඇවිද්දා. ගෙදර යන කොට කකුල් දෙක කරේ තියාගෙන තමයි ගියේ. ඒ විතරක් නෙවේ..... යාලුවොත් එක්ක එකට ඉදගෙන පින්තූර ගන්නත්, "අනද අභිමන්" හොද අවස්ථාවක් වුණා. ඒ සතියෙම අපි හොදට විනෝද වුණා. ඒ ප්‍රදර්ශනය ගැන මතක් වෙන මතක් වෙන හැම පාරම, ඒ ගීතය නිරායාසයෙන්ම මගේ මනසේ පසුබිමින් වාදනය වෙන්න ගන්නවා. කොහොමත් හැම අවුරුද්දකම මාර්තු මාසයේ තුන්වන සතියේදී මට මේ ප්‍රදර්ශනය, අනිවාර්යෙන්ම මතක් වෙනවා. එහෙම මතක් වුණේ නැතත්, Facebook එක හරි මතක් කරලා දෙනවා.

05. සයුරේ තෙතී
"සයුරේ තෙතී" ගීතය ඇතුළත් වුණේ 2012 අවුරුද්දෙ අග භාගයේ ජාතික රූපවාහිනියෙන් විකාශය කරපු "සුජාත දියණි" කොරියානු ටෙලිනාට්‍යයේ, එක්තරා කොටසකයි. මේ කතාව ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ලොකූ ජනප්‍රියත්වයකට වගේම ලොකූ විවේචන ප්රහාරවලටත් ලක් වුණු, අපේ රටේ රසස්වාදයේ හැරවුම් ලක්ෂ්යකට පාර කපපු, ඒ පාරෙන් භාගෙට භාගයක්ම ලොකු නාය යෑමකට ලක් වුණු නාට්‍යක්. ගායනය සහ සංගීතය ගැන විස්තර හොයා ගන්න නැති වුණත්, පද රචනය පිටිපස්සෙ නම් අතුල රන්සිරිලාල් මහත්මයාගේ හස්ථයක් ඇති කියලා හිතෙනවා. ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයේ ඉන්න චංගුමී කවදාවත් මුහුද දැකලා තිබිලා නෑ. එයාගෙ මාමා, එයාව මුහුද බලන්න එක්කන් යනවා. අන්න ඒ දර්ශනයේදී තමයි මේ ගීතය වාදනය වෙන්නෙ. සම්පූර්ණ ගීතයේදි නම් ගායකයෙක් සහ ගායිකාවකගේ කටහඩක් ඇහුණත්, අන්තර්ජාලයේ හොයා ගන්න පුලුවන් වුණේ ගායිකාවගේ කටහඩ තියෙන කොටස විතරයි.
2013 අවුරුද්දෙ පළවෙනි මාසයේදී වාද්දුව වෙරළ තීරයට ආවා. එදා වැහි වළාකුළු සහිත අහසක් තිබ්බෙ. හැබැයි පොඩ්ඩක්වත් වැස්සෙ නෑ. ලොකු හුළගක් තිබ්බා. අව්ව තිබ්බෙ අඩුවෙන්. අපේ අය මුහුදෙ නාන්න යනකොට, මම කළේ දවස පුරාම එහා කෙළවරටයි, මෙහා කෙළවරටයි ඇවිදපු එක. ඇවිද්දා කියනවටත් වඩා සක්මන් කළා කිව්වොත් හරි. හරියට භාවනාවක් වගේ. වට පිටාවෙ තියෙන පරිසරය බල බල, හෙමින් හෙමින් අඩිය තියනකොට, ඒ දවසෙ මගේ ඔළුවෙ නොනවත්වාම වාදනය වුණේ මේ ගීතයයි. කිසිම කලබලයක් නැති, හිත සන්සුන් කරන, හරිම සාමකාමී ගීතයක්. අද වුණත් තනිකමක් දැනුනම, පාලුවක් දැනුනම, මේ ගීතය මතක් වෙන අවස්ථාවල් නැත්තෙමත් නෑ.

සම්බන්ධිත ලිපි - මුහුදු වෙරළක උදෑසනක්
06. දන්නෝ බුදුන්ගේ
"දන්නෝ බුදුන්ගේ" ගීතය ඇතුළත් වෙන්නෙ 1903දි නිර්මාණය වුණු සිරිසගබෝ වේදිකා නාට්‍යයේ. මේ ගීතය රචනා කරලා තියෙන්නෙ ජෝන් ද සිල්වා ශූරීන්. සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ ඉන්දීය සංගීතවේදී විශ්වනාත් ලෞජිගෙන්. මේ ගීතය ආරම්භයේ ඉදලා, අද වෙනකන්, එක එක අය අතින්, එක එක විදිහට විකාශණයවෙලා ආපු ගීතයක්. ඒ නිසා මේ කාල පරාසය ඇතුළත, ගීතයේ පද රචනය විතරක් ස්ථාවරව තියෙද්දි සංගීතය සහ ගායනය කියන අංශ දෙක, එක එක විදිහේ වෙනස්කම්වලට ලක් කරලා, එක එක විදිහේ "දන්නෝ බුදුන්ගේ ගීත" නිර්මාණය වුණා. එක කාලෙක දක්ෂ ගායන ශිල්පිනියක් (කිශානි ජයසිංහ) මේ ගීතය ඔපේරා ශෛලියෙන් ගායනා කරලා, අපේ දායක සභාවත් ගොඩක් කලබල වුණා. මේ ගීතය මොන මොන විදිහට විකාශණයවෙලා ආවත්, ගොඩක්ම භාවිතාවෙන්නෙ සහ ප්රසිද්ධවෙලා තියෙන්නෙ ශෛලීන් තුනයි. එකක් පණ්ඩිත් අමරදේව මහත්මයා ගායනා කරන ගීතය. තව එකක් තමයි රුක්මණී දේවී මහත්මිය ගායනා කරන ගීතය. අනිත් එක නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීතය. මේ ගීත නම්, වෙසක් කාලෙට නැතුවම බැරි ගීත. මගේ හිත් ගත්තෙ නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීතයයි. මට මේ ගීතය හැම වෙසක් පෝය දවසකම උදේ පාන්දර එළිය වැටෙන්න කලින් ඇහැරෙනකොට, ඉබේම මතක් වෙනවා. එහෙම මතක් වෙන්නෙ මේ ගීතයේ මුලින්ම වාදනය වෙන බුදු ගුණ නොහොත් බුදුන් වදින ගාථාව නිසා. ගීතයට අනුකූලව, ගාථාවත් හරි ලස්සනට, හානියක් නොවෙන විදිහට ගායනා කෙරෙනවා. ඉතින් මේ ගීතය නිසා වෙසක් පෝය දිනය වගේ සුභම සුභ දවසක, උදේ පාන්දරම, ඒ අසිරිමත් මිනිසාගේ ගුණ නිරායාසයෙන්ම මතක් වෙනවා කියන්නෙත්, හරිම වාසනාවක්.
සංගීතයත් හරිම සරලයි සහ සංසුන්. නන්දා මාලනී මහත්මියගේ ගායනයත් හරිම ලයාන්විතයි. හොදට හිතට දැනෙනවා. ඈත අතීතයේ ඉදලම කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුවන්විදුලි සංගමයෙන් උදේ 6.30 ඉදලා 7.25 වෙනකන් සුභාවිත ගීත විකාශය කරනවා. ඒ කාල පරාසයේ මුලින්ම විකාශය කරන්නෙ මේ ගීතයයි. බුදු ගුණ පාඨත් එක්ක වාදනය වෙලා එනකොට, උදේ පාන්දර හිතට කියාගන්න බැරි තරමේ මොකක්දෝ එකක් දැනුනා ඒ දවස්වල. හැබැයි මේ ගීතය බුදු ගුණ ගීතයක් නෙවේ කියලත් හැමෝම මතක තියාගන්න ඕන. මේ ගීතයෙන් කියවෙන්නෙ පැරණි රජ කාලයේ අනුරාධපුර නගරයේ තිබුණු පරිසරය ගැනයි. ගෝඨාභය, සංඝතිස්ස සහ සිරිසගබෝ කියන රාජ කුමාරවරු තුන්දෙනා අනුරාධපුර නගරය දැකලා, ඒ වෙලාවෙ ඒ අයට හිතුණ දේවල්. ඒ කියන්නෙ අනුරාධපුරයේ වැඩ ඉන්න මහරහතන් වහන්සේලා ගැන සහ ජල පොකුණුවලින් පිරුණු ස්වභාව සෞන්දර්ය ගැනයි.

07. කන්දේ ලන්දේ
බොරලැස්ගමුවෙ පිල්ලෑව පන්සල ඉස්සරහා තියෙන ජී.එච්.පෙරේරා මාවතෙන් හැරිලා අපේ ගෙදරට පයින් ඇවිදන් එනකොට, එහෙමත් නැත්නම් බොරලැස්ගමුව හංදියේ ඉදලම අපේ ගෙදරට පයින් ඇවිදන් එනකොට, මේ ගීතය නිරායාසයෙන්ම මට මතක් වෙනවා. හැබැයි එහෙම මතක් වෙන්නෙ කිසිම කලබලයක් නැතුව, නැදුන්ගමුවෙ රාජා වගේ හෙමින් ඇවිදන් ආවොත් විතරයි. මේ ගීතය රෝහණ බැද්දගේ ශූරීන්ගේ ගීත නිර්මාණ අතරේ තියෙන ගීත අතරින්, කවුරුත් වගේ ප්‍රිය කරන ගීතයක්. පද රචනයට සහ සංගීතයට දායකත්වය ලබා දුන්නෙ කවුද කියලා නම් අවංකවම දන්නෙ නෑ. හැබැයි දේශීය සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ ගොඩාක් යොදාගෙන, දේශීයත්වය ඉස්මතු වෙන විදිහට තමයි නිර්මාණයවෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම ආරම්භයේ ඉදලා අවසානය වෙනකන් වාදනය කෙරෙන ගැට බෙර නාදයට, ගොඩාක් හිත යනවා.
ගමේ තියෙන සුන්දරත්වය සහ ගමේ සුවද ගැන තමයි මේ ගීතය පුරාවටම තියෙන්නෙ. ආදීවාසී නායක අපේ වන්නිලැත්තො එක වැඩසටහනකදි කිව්වා ගමක් නැතිවෙලා යන්න ක්‍රම හතරක් තියෙනවා කියලා. එක ක්‍රමයක් තමයි ගමේ පාරවල් හොදට හැදිලා, ගම සහ නගරය එකට සම්බන්ධවීම. තව ක්‍රමයක් තමයි ගමට විදුලි සැපයුමක් ලැබීම. ඉතුරු ක්‍රම නම් මතක නෑ. කොහොම හරි බොරලැස්ගමුවත් ඉස්සර ලස්සන ගමක් වෙලා තිබ්බා. අද නම් නගරයක් වෙලා. හැබැයි වාසනාවකට වගේ බොරලැස්ගමුවට යටත්වෙලා තියෙන සමහරක් පැතිවල නම් තාමත් ගමක ස්වභාවය තියෙනවා. හැබැයි ඒත් 100%ක්ම නෙවේ. ග්‍රාමීය සහ නාගරික පරිසරයන් දෙකම මිශ්රවුණු ස්වභාවයක්. අපි ඉන්න ජී.එච්.පෙරේරා මාවතේ වුණත් හය හතර නොතේරෙන කාලෙ ඉදන්ම, ගමක ස්වභාවයක් තිබුණා. හැබැයි දැන් නාගරික ස්වභාවයක් ඇතිවෙලා. ගමේ ගතිය ටික ටික අඩුවෙමින් යනවා. මෙහේ තිබ්බ ලදු කැළෑ ඔක්කොම වගේ කපලා, දැන් ඒවායේ ගෙවල් හදලා. ඒ කාලෙ දුර්ලභව දකින්න හිටපු සත්තු දැන් නෑ. ඒ කාලෙ සුලභව දකින්න හිටපු සත්තු, දැන් දුර්ලභ සත්තු වෙලා. ඒ කාලෙ හිටපු සත්තු අතරින් හිවල්ලු, ඉබ්බො, පොරෝ කෑදැත්තො, හෝතම්බුවො, සිවුරු හොරු, සුදු රෙදි හොරු, රත් මූණත් කොට්ටෝරුවො, රතු කෑරැල්ලු, වදුරො, කලවැද්දො, පැණි කුරුල්ලෝ වගේ සත්තු දැන් නැහැ. උන් ඔක්කොම ගමෙන් යන්න ගිහින්. සමහරක් කුඹුරු අතෑරලා දාලා. ඒවත් ගොඩ කරලා ගෙවල් හදලා. මිනිස්සුන්ගෙම ගොන් වැඩ නිසා ගමේ තිබ්බ ඇළවල්වල වතුර හිර වුණා. ඉතින් ඒවත් හිදිලා ගිහින්, දිය හඹරලවලින් වැහිලා ගියා. ජෛව විවිධත්ව පද්ධතිය එතනින්ම ඉවරයි.
ඒ කාලෙ දකින භූමිතෙල් කරත්ත, අද නම් නෑ. ඉස්සර හිටියා හොද ලස්සනට ජාතික ඇදුමෙන් සැරසුණු සීයලා. ගොඩක් ගමේ මිනිස්සු, ඉස්සර හම්බවෙන හැමෝටම හිනා වුණා. අනිත් කෙනත් එයාලට හිනා වුණා. ඒ මනුස්සකමටයි. දැන හැදුනුම්කමට නෙවේ. ඒත් අද එහෙම හිනා වුණොත්, අනිත් කෙනා හිතන්නෙ "මූට පිස්සුද?" කියලා. ගොඩක් වෙලාවට රවාගෙන, බුම්මගෙන, අහක බලාගෙන යනවා. ඉස්සර ගමේ ගොඩක් ගෙවල්වල තාප්ප තිබ්බෙ නෑ. වැටවල් තමයි තිබ්බෙ. ගේට්ටු වෙනුවට කඩුල්ලක් තිබ්බා. දැන් හතර වටේටම තාප්ප බැදගෙන. දැන් එහා ඉඩමෙ ඉන්නෙ කවුද කියලවත් අදුරන්නෙ නෑ. අපිව වුණත් තාක්ෂණය විසින් යටත් කරගෙන තමයි ඉන්නෙ. විදුලිය නැති වුණොත්, හුළං වදින්න එළියට බහිනවා මිසක්, නැත්නම් ලැප්ටොප් සහ ජංගම දුරකථන එක්ක Honeymoon ගිහිල්ලා වගේ, ගෙවල් ඇතුළට වෙලාම තමයි ඉන්නෙ. අනිත් අයත් එක්ක කතා කරන්නවත්, සැප දුක හොයලා බලන්නවත් අපිට වෙලාවක් නෑ. ලෝකෙ යන රටාවත් එක්ක අපිටත් දැන් සල්ලි පස්සෙ දුවන්න වෙලා. ඉස්සර ගමේ හරියට උත්සව තිබ්බා. ශාන්තිකර්ම තිබ්බා. පෙරහැරවල් තිබ්බා. දැන් මේවත් ටික ටික අඩුවෙලා යන බවක් පේනවා.
ඉස්සර ගමේ නිතරම පේන්න හිටිය, හැමෝගෙම දුක සැප හොයපු ගොඩක් මිනිස්සු දැන් ගමේ නෑ. එක්කො මැරිලා. නැත්නම් ගමෙන් ගිහින්. ඒත් නැත්නම් රටෙන් ගිහින්. ගම්කාරයො දැන් අඩුවේගෙන යනවා. අද ඉන්න ගොඩක් අය පිට පළාත්වලින් පදිංචියට ආපු අය. නැත්නම් එක එක දේවල් නිසා නවාතැන්පලවල් හොයාගෙන ආපු අය. ඒ අයගෙනුත් සමහරක් දෙනා, ඒ අය ආපු ප්‍රදේශවල හිටපු මානසිකත්වයෙන්ම තමයි ඉන්නෙ. ඉතින් සමහරක් දෙනා නිසා, එකම පාරෙ තියෙන ගෙවල් තුන හතර ගහ මරාගත්ත, රණුඩු වුණු, පොලීසි ගියපු සිද්ධීන් ඕන තරම් තියෙනවා. ඒ වගේ ටික දෙනෙක් හිටියම හොදටම ඇති ගමේ සමගිය විනාශ වෙන්න. පොඩ්ඩක් හරි ගමේ මිනිස්සු එකතුවෙලා ඉන්නෙ සහ අපි ඉන්න පැත්තෙ ගමේ ස්වභාවය ආරක්ෂා වෙන්න හේතු වුණු එකම දේ පන්සල විතරයි. තාමත් වාසනාවකට "ගමයි පන්සලයි" කියන සංකල්පය හරි ඉතුරුවෙලා තියෙනවා. ඒ කාලෙ ඉදන්ම ගමට පන්සලෙන් වුණු සේවාවන් සහ හැම මානව සංවර්ධන ව්‍යාපෘතියක්ම තාමත්, ඒ විදිහටම කෙරීගෙන යනවා. හැබැයි භෞතිකව ගත්තොත් අද පන්සලත් හොදටම වෙනස් වෙලා. ඒ වගේමයි ගමේ දේවාලෙත්. ඒ කාලෙ චාම් සහ සරල විදිහට, ලස්සනට, කිසිම අඩුපාඩුවක් සහ දෝෂයක් නැතුව තිබ්බ පරණ ඉදිකිරීම් ඔක්කොම කඩලා දැම්මා. ඒ වෙනුවට ඒ ඒ තැන්වල විශාල ඉදිකිරීම් සිද්ධ වුණා. ඒ නිසා පන්සලේ වුණත් තිබ්බ පෞරාණික ගතිය අද නෑ.

සම්බන්ධිත ලිපි - අයාලේ ගිය සිතක සටහන්
08. සේද මාවත දිගේ
"සේද මාවත දිගේ" කියලා කිව්වට, මේ ගීතය නම් කරලා තියෙන්නෙ "ස්තූති ශ්‍රී ලංකා" කියලයි. පද රචනය, කැළුම් ශ්‍රීමාල් මහත්මයාගෙන්. සංගීතය, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ගෙන්. මේ ගීතය ගායනා කරන්නෙ තරුණ පරපුර සහ ළමා පරපුර නියෝජනය කරන, අපේ රටේ ජනප්‍රිය ශිල්පීන් පිරිසක්. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගොඩනැගිලා තියෙන මේ ගීතය ගායනා කරන්නෙ භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, කසුන් කල්හාර, ශානිකා වනිගසේකර, රොෂාන් ප්‍රනාන්දු, බාචි සුසාන්, සංගීත් විජේසූරිය, නිරෝෂා විරාජිනී, අශාන්ති ද සිල්වා, සහන් රන්වල, ජනනාත් වරකාගොඩ, උමාරියා සිංහවංශ, ළහිරු පෙරේරා, දුෂ්යන්ත් වීරමන්, රන්ධිර් විථාන, ශිව කුමාර්, සෙන්ටිග්‍රේට්ස් කණ්ඩායම, ඩේමියන්, අයොමි, බුද්ධික ඇතුළු පිරිවරයි. දෙරණ නාලිකාවෙන් ප්‍රසිද්ධ වුණු සරිත්, සුරිත් සහ හිමාශ මනුප්රියත් මේ ගීතයට දායකත්වය ලබා දීලා තියෙනවා.
මේ ගීතය නිර්මාණය වුණේ 2013 ශ්‍රී ලංකාවේ පවත්වපු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ආරම්භක උත්සවය වෙනුවෙන්. ලෝකය හතර වටින් ආපු රාජ්‍ය නායකයින් සහ විදේශීය ධූත පිරිස් දහස් ගාණක් මේ ගීතය එදා ශ්‍රවණය කළා. අපිත් රූපවාහිනියෙන් මේක සජීවීව ඇහුවා සහ බැලුවා. මේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී එවකට හිටපු රජයේ ප්‍රධාන ඉලක්කය වුණේ, අනිත් සාමාජික රටවල් එක්ක තවත් සුහදතාවය වර්ධනය කරලා ආර්ථික සහ සාමාජීය වශයෙන් ප්රතිලාභ ලබා ගැනීම සහ හුවමාරු කර ගැනීමයි. ඒ වෙනකොටත් ගෝඨාබය රාජපක්ෂ මහත්මයාගේ නාගරික සංවර්ධන වැඩපිළිවෙල නිසා අපේ රට භෞතික අංශය අතින් සංවර්ධනය වෙමින් තමයි තිබ්බෙ. කොළඹ දිස්ත්‍රික්කයෙ ඉන්න අපිටත් පුදුම හිතුනා, ඇත්තටම මේ ලංකාවද කියලා. ඒ තරමටම භෞතික අංශය අතින් හරිම ලස්සනක් සහ පිරිසිදුකමක් තමයි තිබුණෙ. හැබැයි සංවර්ධනය කිව්වම භෞතිකව වගේම අභ්‍යන්තරිකවත් තියෙන්න ඕන. ඒ කියන්නෙ මානව සංවර්ධනයත්.
මේ ගීතය ගායනයට තරුණයින් සහ ළමයින් ඉන්න නිසා මේක ගොඩක් වේග රිද්ම සහ ජවයෙන් පිරුණු ගීතයක්. හොද රසවින්දනයක් ලබන්න පුලුවන්. ගීතයෙන් කියවෙන්නෙ ලංකාවෙ තියෙන සුන්දරත්වය ගැනයි. සංගීතය ගැන කියන්න නම් වචන නෑ. පද රචනය, ගායනා සහ සංගීතය කියන මේ ඔක්කොම, ටකට ටක. කොළඹ දිස්ත්‍රික්කයේ හිටියත් කොළඹ අග නගරයට අපේ ගෙදර ඉදන් කිලෝ මීටර බර ගාණක් තියෙනවා. අනිත් අතට අපේ ගණුදෙණුව තියෙන්නෙ බොරලැස්ගමුව වටේ තියෙන ප්‍රදේශවල විතරයි. ඉතින් කොළඹ අග නගරය පැත්තට යැවෙන්නෙ, කෝටියකට එකක් වගේ. හොදට එළිය තියෙන වෙලාවක යැවුණොත්, මම කරන්නෙ නගරයේ තියෙන සුන්දරත්වය සහ පිරිසිදුකම විදින එකයි. කොළඹ වරාය, මුහුදු වෙරළ, මුහුද, ජනාධිපති මන්දිරය, ලෝක වෙළද මධ්‍යස්ථානය, වරාය චෛත්‍යය, ගාලු පාර, බේරෙ වැව, සීමා මාලකය, Arcade ගොඩනැගිල්ල, නිදහස් චතුරශ්‍රය..... ඔය වගේ 21 වෙනි සියවසට අයිති දේවල් ගොඩාක් නෙත ගැටෙනවා. එහෙම නෙත ගැටුණු කලින් අවස්ථාවල මට මේ ගීතය කිහිප පාරක්ම මතක් වුණා. ස්වභාව සෞන්දර්ය වගේම ඉදි කිරීම් අංශය අතිනුත් පරිපූර්ණයි.

09. තුන් හෙළ මංගල්ලෙ
මේකත් නව පරපුරේ ගීතයක්. හැබැයි අපේකම, ගැමිකම, සංස්කෘතිය, දේශීයත්වය ඉස්මතු වෙන ගීතයක්. මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නෙ ජනනාත් වරකාගොඩ. මේ ගීතය ගායනයට ජනනාත් වරකාගොඩට සහයෝගය ලබා දෙනවා සහන් රන්වල සහ ඉසුරු ජයරත්න දෙපල. මේ තුන්දෙනාම එකම වයස් සීමාවල ඉන්න, එකම කාලෙකදි එළියට ආපු ආදි ආනන්දියෝ. මේ තුන්දෙනාගෙම තාත්තලා අපේ රටේ ප්‍රසිද්ධ සහ කලාව වෙනුවෙන් වැඩ කරන / වැඩ කරපු, හැමෝගෙම ගෞරවයට පාත්‍ර වුණු මිනිස්සු. ඒ අය අතරිනුත් එක්කෙනෙක් ආනන්දයෙන් බිහි වුණු තවත් ශ්‍රේෂ්ඨ ආදි ශිෂ්‍යයෙක්. අනිත් කෙනා ආනන්දයෙන් බිහි වෙන ශිෂ්‍යයන් වෙනුවෙන් කැප වුණු ගුරුවරයෙක්. මේ ගීතයේ වීඩියෝව නම් අන්තර්ජාලයෙන් හම්බවුණේ නෑ. ඒ වීඩියෝවෙ නම් මේ ගීතය ගායනා කරන තුන්දෙනාගෙ ළමයින්ව හිටන් රූගත කරලා තිබුණා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඩාක් ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඒත් අලුත් අවුරුද්ද කියලා කියපු ගමන්ම මගේ ඔළුවට එන්නෙ කිරි ඉතිරේවාවත්, මේ අවුරුදු කාලේවත්, ඇවිල්ල ඇවිල්ලාවත්, කොහෝ කොහෝවත් නෙවේ. මෙන්න මේ නව පරපුරේ ගීතයයි. සිංහල අවුරුද්දෙදි තියෙන පරිසරය මේ ගීතයේ ලස්සනට විස්තර කරලා තියෙනවා. අපේකම වගේම, හෙළ සිරිත් විරිත් ගැනත්. අපේ අවුරුද්ද හරි විශේෂ අවුරුද්දක්. ආසියාවෙ අපිට විතරයි මේ වගේ අවුරුද්දක් තියෙන්නෙ. යුරෝපීය රටවල්වල අයට අවුරුද්ද තියෙන්නෙ තත්පරයයි. රාත්‍රී 11.59 පහුවෙනිදා පාන්දර 12 වෙනවා. ඊට පස්සෙ ඉවරයි. ඕන නම් දවස් දෙකක් කාලා බීලා විනෝද වෙයි. එච්චරයි. ඒත් අපේ අවුරුද්ද දවසකට දෙකකට සීමා නොවී මාසයක් පුරාවටම තියෙනවා. සමහරක් විට මාසයකට වඩා තියෙනවා. එතෙනදි අපි ඔක්කෝම එකම නැකතකට තමයි වැඩ කරන්නෙ. ගෙවල් අතරේ තියෙන සුහදත්වය වර්ධනය කරගන්න කැවිලි පිගන් හුවමාරු කරනවා. එක්තරා කාලයක් තිබුණා මායිම්වල ඉන්න ශ්‍රී ලංකා යුධ හමුදාවෙ අය, එල්.ටී.ටී.ඊ එකේ මායිමට ඇතුල්වෙලා ඒ අයට සිංහල කැවිලි පිගානක් ගෙනිහින් දෙන. ඒ වගේම එල්.ටී.ටී.ඊ එකෙනුත් අපේ අයට දෙමළ කැවිලි පිගානක් දෙන. මට මතක විදිහට සටන් විරාම කාලයේ වෙන්න ඕන. ඉතින් අලුත් අවුරුදු දවසෙ පරණ තරහා මරහා අමනාපකම් අමතක කරලා දාලා, සුහදත්වය වර්ධනය කර ගන්නවා. නව වසරේ වැඩ කටයුතු හොදට සැලසුම් කරනවා වගේම පරණ අවුරුදුවල වැරදි හදා ගන්නත් කටයුතු කරනවා. ඈත ගම්බිම්වල ඉන්න නෑදෑයින්ව බලන්න යනවා. සෙල්ලම් සහ ක්‍රීඩා කරනවා. ඒ කාලෙ හිතේ තියෙන ප්‍රශ්න ටිකක් පැත්තකින් තියලා, හරිම විවේකයෙන් සහ නිදහසෙන් තමයි ඉන්නෙ.
මේ ගීතය අලුත් අවුරුදු කාලෙට නිරායාසයෙන්ම මතක් වෙන ගීතයක්. විශේෂයෙන්ම අවුරුද්ද ළග ළගම එන බවට හැගවෙන කැවිලි සුවද, රතිඤ්ඤා සද්ධ, කොහාගෙ නාදය, රතිඤ්ඤා කඩ, අවුරුදු ක්‍රීඩා වගේ දේවල් දකිනකොට සහ ඇහෙනකොට මතක් වෙනවා. ඒ හැරුණුකොට මේ ගීතය අලුත් අවුරුදු කාලෙට නොවරදවාම ශ්‍රවණය කරන්නත්, මම පුරුදු වෙලා ඉන්නවා.

10. Jiya Dhadak Dhadak Jaaye
"රහට් ෆාටේ අලී ඛාන්" ගායනා කරන "ජියා දඩක් දඩක් ජායේ" කියන මේ ගීතය තියෙන්නෙ 2005 නිර්මාණය වුණු "කල්යුග්" හින්දි චිත්‍රපටයේ. චිත්‍රපටය නම් බලලා නැති වුණත්, චිත්‍රපටයට වඩා මේ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා කියලා තමයි ආරංචිය. මේ ගීතයත් ගොඩක්ම තදින් හිතේ රැදිලා තියෙන ගීතයක්. මේ ගීතයේ නම් තියෙන්නෙ ප්‍රේමය පදනම් කර ගත්ත සිද්ධියක්. ආදරවන්තිය ගැන, ආදරවන්තයාගේ හිතේ රැදිලා තියෙන සිතුවිලි. දැන් ප්‍රශ්නයක් එයි මටත් ආදර කතාවක් තියෙනවද කියලා. අනේ නෑ. තාම නම් එහෙම එකක් නෑ. හින්දි භාෂාව ගැන කිසිම දැනුමක් නැතත්, මේ ගීතය හිතේ රැදවිලා තියෙන්නෙ ගායකයාගේ ලස්සන කටහඩ නිසාත්, සරලම සරල සංගීතය නිසාත්. මේකෙන්ම ඔප්පු වෙනවා සංගීතය කියන්නෙ පන්තියකට, ජාතියකට, ආගමකට, භාෂාවකට, රටකට සීමා කරන්න පුලුවන් දෙයක් නෙවේ කියලා. මේක ඇවිල්ලා විශ්ව භාෂාවක්. මේ ගීතය මගේ හිතේ පසුබිමින් වාදනය වෙන්නෙ එකම එක වෙලාවකට විතරයි. ඒ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම. එහෙම වාදනය වෙන්නෙත් බස් එකේ යනකොට විතරයි. ඒත්, කොණේම ආසනයක ගියොත් විතරයි. ජනේලෙන් එළිය බලාගෙන, වම් අත නිකටට අරගෙන, ප්‍රශ්නෙ ගැන කල්පනා කරනකොට, මොකක් නිසාද දන්නෙ නෑ මේ ගීතය මතක් වෙනවා. මගේ ක්‍රියා කලාපය, ගීතයේ අර්ථයට හාත්පසින්ම වෙනස් දෙයක් වුණත්, මේ ගීතයම මතක් වෙන්නෙ මම කලින් කිව්වා වගේම ගායකයාගෙ තියෙන ලයාන්විත කට හඩත්, ඒ කට හඩටම හරියන මියුරු සංගීතයත් නිසා වෙන්න ඇති. මොකද මේක බොහොම හෙමිහිට ගායනා කෙරෙන සහ වාදනය කෙරෙන, නිවුණු සිංදුවක්.
ඉතින් ලිපිය හොදද? ආරම්භයේ ඉදලම පැයකටත් වඩා නාස්තිකරගෙන හරිම අමාරුවෙන් මෙච්චර දුරක් හරි කියවගෙන ආපු එකට ගොඩක් පිං. ඒ වගේම බොහොම ස්තූතියි. මේ ලිපිය දැනටමත් සෑහෙන දිගවෙලා තියෙන නිසා මේ ටික මෙතනින් නතර කරන්න හිතුවා. ඉතුරු කොටස, වෙනම ලිපියකින් ලියන්න හිතුවා. මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන ගීත ගැන තියෙන මතකයන් අපිත් එක්ක පහළින් බෙදාගන්නත් අමතක කරන්න එපා. මේ ලිපියේ දෙවෙනි කොටසට යන්න පුලුවන්, පහළ තියෙන බොත්තම ඔබලා...