ජල වාෂ්ප සහ අමනුෂ්‍යයෝ
21 වෙනි සියවසේ ආරම්භයත් එක්කම අපිට උදා වුණේ ඩිජිටල් යුගයක්. ඒකට සෘජුවම බලපෑවෙ විද්‍යාව සහ තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවයි. මේ ලියන්නෙ කැමරා වලට සම්බන්ධ කාරණාවක් ගැන මගේ මතය. 90 දශකය වෙනකොටත් අපි හැමෝම පාවිච්චි කළේ "රීල්" දාන කැමරා. ඒත් අද තත්වෙ ගොඩක් වෙනස්. අද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ ඩිජිටල් කැමරා වර්ග. "රීල්" දාන කැමරා පාවිච්චි කරන අය අද හොයා ගන්නවත් නැති තරම්. ඩිජිටල් කැමරාවකින් පින්තූරයක් Flash කරලා ගත්තාම පින්තූරයේ සමහරක් වෙලාවට සුදු පාට තිත් සටහන් වෙලා තියෙනවා. ඉංග්‍රීසියෙන් මෙව්වට කියන්නෙ Orbs කියලා.
Orbs කියන වචනයට සිංහල තේරුම එන්නෙ ගෝලය කියලා. මණ්ඩලය කියලත් කියනවා. Flash කරලා ගන්න පින්තූරවල සුදු තිත් සටහන් වෙන මාතෘකාව ගොඩක්ම ජනප්‍රිය වුණේ පහු ගිය අවුරුදු දෙක තුනේ. මේ ගැන අපේ රටෙනුත් එක එක විදිහේ අදහස් සහ මත එළියට ආවා. ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන් හිටන් ඒ ඒ අයගේ අදහස් සහ මත ප්‍රකාශයට පත් කළා. ගොඩක්ම ආන්දෝලනයකට තුඩු දුන්, මධ්‍යස්ථව සිතා බැලිය යුතු, විවාදාත්පන්න මාතෘකාවක් හැටියට Orbs කියන මේ මාතෘකාව පත් වුණා.
මේ අතරේ ගොඩ දෙනෙක් කිව්වා මේ "දේවතා එළි" කියලා. දේවතා එළියක් කියන එකෙන් අදහස් වෙන්නෙ දෙව්වරුන්ගේ ශරීරයෙන් විහිදෙන ආලෝකයට. ඒ නිසා ඒ අය කියන්න පුරුදු වුණා කැමරාවල සටහන් වෙන සුදු තිත් වලින් සටහන් වෙලා තියෙන්නෙ සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා කියලා. ඒ අතරේ තවත් පිරිසක් මනුෂ්‍ය වාසයට නුසුදුසු, අපිරිසිදු තැන්වල පින්තූර අරන්, ඒවායෙ සටහන් වෙලා තියෙන සුදු පාට තිත් පෙන්නලා "සුදු පාට තිත් වලින් පේන්නෙ දෙව්වරු නම්, මනුෂ්‍ය වාසයකටවත් නුසුදුසු මේ වගේ තැන්වලට දෙව්වරු වඩියිද...???? " කියලා ඒ මත ඛන්ඩන කරන්න උත්සාහ කළා.
ඒ නිසා ඒ අයගේ අදහස වුණේ රාත්‍රී කාලයේදි කැමරාව Flash කරලා පින්තූරය ගන්න කොට, පියවි ඇහැට නොපෙනෙන, එළිමහන්වල තියෙන කෝටි ප්‍රකෝටි ජල වාෂ්ප වලට Flash කරපු ආලෝක කදම්බය ගිහින් වැදිලා, ගන්න පින්තූරයේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප පෙන්නුම් කරනවා කියලයි.
ඒත් අපිට නොපෙනෙන ලෝකයකුත් තියෙනවා කියන කාරණාව අපි සිහියේ තබා ගන්න ඕන. මනුෂ්‍යයන් සහ වෙනත් ග්‍රහලෝකවල වාසය කරන පිටසක්වළ ජීවීන් ඇරුණු කොට මේ විශ්වයේ සහ ලෝකයේ, තවත් මනුෂ්‍යයන් නොවන, මිනිස් ඇසකට දැකිය නොහැකි අදෘෂ්‍යමාන අමනුෂ්‍ය කොට්ඨාස වාසය කරනවා කියලා බුද්ධ දේශනාවේ අභිධර්ම පිටකය පුරාවටම, සාක්ෂි සාධක ඇතුව කියවිලා තියෙනවා. අමනුෂ්‍ය හෙවත් මිනිසුන් නොවන ජීවීන් කොට්ඨාස හැටියට රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්, දිව්‍ය ලෝකවල දෙව්වරුන්, අපායවල්වල ප්‍රේත, යක්ෂ, පිසාච ආදීන් සහ තාවකාලික භවයක උත්පත්තිය ලබලා ඉන්න ගන්ධබ්බයින්ව ගන්න පුලුවන්.
ඒ නිසා මේ මත එක පාරටම බැහැර කරන්න හැකියාවක් නෑ. ඒ වගේම සමහරක් අය කියනවා ජල වාෂ්ප කැමරාවේ කාචයේ බැදිලා, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සුදු පාට තිත් පේනවා කියලා. එහෙනම් කැමරා කාචයේ කොටසකට විතරක් සීමා වෙන්නෙ නැතුව, මුළු කාචය පුරාවටම සටහන් නොවෙන්නෙ ඇයි කියලත් මෙතනදි ප්‍රශ්නයක් මතු වෙනවා. රාත්‍රී කාලයේදී Flash කරලා පින්තූර ගන්න කොට ගොඩක් වෙලාවට පින්තූරයේ සුදු පාට තිත් විදිහට සටහන් වෙන්නෙ ජල වාෂ්ප. ඒ නිසා රාත්‍රී කාලයට ඒ මතයේ වලංගුතාවය බොහෝ සෙයින් තියෙනවා.
ඒත් දහවල් කාලයේ කට්ට අව්වෙ, ගිනි මද්දහනෙ, හුළගක් නැති පරිසරයක Flash කරලා පින්තූරයක් ගත්තමත් සමහරක් වෙලාවට සුදු පාට තිත් සටහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ කාරණාව ගැන මතයක් ඉදිරිපත් කරන්න කලින් සියදහස් වාරයක් හිතන්න ඕන. පහතින් තියෙන්නෙ 2012 අවුරුද්දෙදි මම රත්තණපිටිය හංදියේ, පාලම ළගදි නිකමට ගත්තු පිංතූරයක්.

ඒ කාලෙ මෙතන බොහොම අපිරිසිදු තැනක්. පින්තූරෙ බැලුවම වුණත් හිතාගන්න පුලුවන්නෙ..???? ඒ පින්තූරයේ සුදු පාට තිත් (Orbs) ගොඩක් සටහන් වෙලා තියෙනවා දකින්න පුලුවන්. ඒ අතරින් රතු පාට රවුම අස්සෙ තියෙන එකේ සැළකිය යුතු විශේෂත්වයක් තිබුණා. ඒ කොටස විතරක් විශාල කරලා ගත්තහම, ඒ ගෝලය අස්සෙ මොකක් හෝ රූපයක් තියෙනවා කියලා පේනවා.
පහළ තියෙන පින්තූරවලින් ඒ රූපය හොදටම දකින්න පුලුවන් වෙන විදිහට සළකුණු කළා. දැන් බලන්න පේනවද කියලා...
අභිධර්ම පිටකයේ හැටියට මේ වගේ අපිරිසිදු තැන්වල ප්‍රේතයන් වගේ අමනුෂ්‍ය කොට්ටාස ගැවසෙනවා. ඒ වගේම ප්‍රේතයන්ගේ ශරීරයේ ස්වභාවය ගැන විස්තර කරලා තියෙන කරුණුත් එක්ක බැලුවම, ඒ පින්තූරයේ තියෙන රූපයෙයි, අපායගාමී වෙලා ඉන්න ප්රේතයාගෙයි කිසිම වෙනසක් දකින්න නෑ....
පහළින් තියෙන්නෙ 2010 අවුරුද්දෙ අපේ ගෙදර තිබුණු සාංඝික දානයකදි ගත්තු පින්තූරයක්. එතනත් සුදු පාට තිතක් දිස් වෙලා තියෙනවා. එදා දානය දවසේ මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුටම පිං අනුමෝදන් කළා. ඉන් එක් පුද්ගලයෙක් මිය ගියේ ඊට හරියටම අවුරුද්දකට කලින්. පුද්ගලයෙක් මනුෂ්‍යයෙක් ලෙස නැවත උත්පත්තියක් ලබලා නැත්නම් (අපායගාමී වෙලා / අන්තරාභවයක ඉන්නවා නම්), ඒ පුද්ගලයාට පිං අනුමෝදන් කළාම, ඉන්න තත්වයට වඩා සුගතිගාමී ජීවිතයකට යන්න පුලුවන් වෙනවා කියලා ධර්මයේම සදහන් වෙලා තියෙනවා. ඒ වගේම ගෙවල්වල සාංඝික දානවලදි මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් පිං අනුමෝදන් කරන කොට, මියගිය කෙනා නැවත උත්පත්තියක් ලබලා නැත්නම්, සමහරක් වෙලාවල් වලදී ඒ දානමය කටයුත්ත තියෙන ස්ථානයට එනවා කියලා ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන්ගේ පොතක තිබ්බා. ඒ වගේම මේ පින්තූරය දවල් වරුවකදි ගත්තු එකක් කියලත් සිහියේ තබා ගන්න ඕන.

ඒ වගේම රුවන්වැලි මහා සෑය පූජා භූමිදේදි ගන්න පින්තූරවලත් මේ වගේම සුදු තිත් සටහන් වෙලා තියෙන එක හැමෝම දන්න කරුණක්. ඒ නිසා රුවන්වැලි මහා සෑයේ ගත්තු පින්තූරවල තියෙන සුදු පාට තිත් වලට "දෙව්වරුන්ව ආරෝපණය කරන්න" පෙළඹිලා ඉන්න සංඛ්‍යාව ගොඩක් වැඩියි. මම 2010 අවුරුද්දෙ අගෝස්තු මාසයේ අන්තිම සතියේ රුවන්වැලි මහා සෑයේ පින්තූර ගත්තමත් ඒ පින්තූරවල තිත් සටහන් වෙලා තිබුණා. ඒ නිසා ඒ පින්තූර අතරින් තෝරා ගත්තු පින්තූර 3කුත් දාන්න අදහස් කළා.
ඒ පින්තූරවල සටහන් වෙලා තිබ්බ තිත් හෙවත් ගෝලවල තියෙන විශේෂත්වය තමයි, මේවා එක එක පාටවලින් සටහන් වෙලා තිබීම.

මෙතන තුන්වෙනි රූපයේ තියෙන කෝණයට කැමරාවෙන් පින්තූර 10ක් විතර මම එක දිගට ගත්තා. ඒ හැම පින්තූරෙම මේ සුදු පාට තිත ඒ විදිහටම තිබ්බා. ඒ වගේම ඒ හැම පින්තූරෙම සුදු පාට තිතේ ස්ථානගත වීම වෙනස්. පින්තූර ටික එක පෙළට තිබ්බහම, ඒ සුදු පාට තිත, දකුණු දිශාවට ගමන් කරලා තියෙනවා වගේ දෙයක් පේනවා.
ඒ වගේම කැළණිය රජමහා විහාරයේ සහ බෙල්ලන්විල රජමහා විහාරයේ ගත්තු සමහරක් පින්තූරවල සටහන් වෙලා තියෙන තිත්, විශාල කරලා බලන කොට දෙව්වරුන්ගේ රූපවලට සමාන අන්දමේ ඡායාවන් සටහන් වෙලා තිබ්බා.
පහතින් තියෙන්නෙ දළදා පෙරහැරේ කරඩුව වඩම්වන්න විනාඩි කිහිපයක් තියලා මම ගත්තු පින්තූරයක්.

පහතින් තියෙන්නේ අන්තර්ජාලයෙන් උපුටා ගත්තු අපේ රටේ පූජා භූමිවල, තවත් මේ වගේම ඡායාරූප කිහිපයක්.
මේ තර්ක විතර්කත් එක්ක බලන කොට මේවා ගැන නිශ්චිත උත්තරයක් දෙන්න කාටවත් හැකියාවක් නැහැ කියන එක තමයි මගේ පුද්ගලික මතය. මේවා කෙළින්ම පිළිගන්න බෑ. ඒ වගේම කෙළින්ම බැහැර කරලා දාන්නත් බෑ. පහු ගිය දවස්වල අපේ රටේ තිබුණු සර්වඥ ධාතු ප්‍රදර්ශන වලදි මාධ්‍යවේදීන් ධාතුන් වහන්සේගේ ගත්තු පින්තූරවලත් මේ වගේ සුදු පාට ගෝල සහ ආලෝකයන් විශාල සංඛ්‍යාවක් සටහන් වෙලා තිබුණා. මොකද "කොටියා ආවා... කොටියා ආවා..." කියලා කෑ ගැහුවා වගෙ නෙවේනෙ... කොටියා ආවම.... ඒ වගේ සුදු පාට ගෝල සටහන් වෙලා තියෙන පින්තූර අතරේ බැරි වෙලාවත් අමනුෂ්‍ය ජීවියෙකුගේ හරි ඡායාරූපයක් තිබුණොත් මිනිස්සු ඒකත් පිළිගන්න එකක් නෑ. ඒ නිසා 50 - 50 වගේ ස්ථාවරත්වයක ඉදගෙන තමයි මේ මාතෘකාව දිහා බැලිය යුත්තෙ..!!!!!!!!
* ඉහත මාගේ ඡායාරූපවල ඇති සුදු පැහැති ගෝලවලින් පෙන්නුම් කරනුයේ අමනුෂ්‍යයෙක් විය හැක. නැතහොත් වායුගෝලයේ පවතින ජල වාෂ්ප විය හැක. මා මෙය 100%ක් විශ්වාස කරන්නේද නැත. එසේම 100%ක් අවිශ්වාස කරන්නේද නැත. 50%ක් විශ්වාස කරමින්, ඉතිරි 50% අවිශ්වාස කරමින් මධ්‍යස්ථව සිටීමට උත්සාහ කරන්නෙ ඡායාරූපකරණ විෂය ගැන මා තුළ කිසිදු අවබෝධයක් නොමැති නිසා ය. මා විසින් ගන්නා ලද ඉහත ඡායාරූප වලින් කියවෙන දේ වටහා ගැනීමට උත්සාහ කිරීම, ලිපියේ ලියා ඇති කරුණු කාරණා පිළිගැනීම සහ නොපිළිගැනීම ඔබට භාරය *
~ සංවාදයට විවෘතයි ~
~ සංවාදයට විවෘතයි ~