අපේ ගම
ඉස්සර ඉදන්ම මගේ හිතට ආපු ප්‍රශ්නයක් තමයි අපේ ගමේ ඓතිහාසික කතන්දරය මොකක්ද කියන එක. අපේ ගමට නම හැදුන හැටි, ගමෙන් රටට වුණු සේවාව, සිංහල රාජාවලියත් එක්ක අපේ ගමට තියෙන සම්බන්ධය ගැන කරුණු දැන ගන්න විදිහක් නැතුව ඉන්න කොට, අහම්බෙන් වගේ අපේ ගම ගැන හොද වටිනා කියන විස්තර ටිකක් දැන ගන්න ලැබුණා. 2007 අවුරුද්දෙ විතර නැදිමාලෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ගියපු වෙලාවක එක පොතක අන්තිම පිටුවේ තිබ්බ සටහනක් තාත්තා පෙන්නුවා. ඒ සටහනේ තිබ්බෙ අපේ රටේ එක එක ගම් වලට නම ආපු හැටි. ඒ නාමාවලියෙ අපේ ගම ගැනත් සදහනක් තිබ්බා. අපේ ගම තමයි බොරලැස්ගමුව කියලා කියන්නෙ.
අපේ ගම ගැන ඉතිහාසයේ පළවෙනි වතාවට අහන්න ලැබෙන්නෙ කෝට්ටේ 6වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමයේදී. කොට්ටේ 6වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමය කියන්නෙ අපේ රටේ සුවිශේෂී කාල වකවානුවක්. ඒ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නිසා නෙවේ. අපේ රට රජ කෙනෙකු අතින් අවසන් වරට එක්සේසත් වුණු යුගය නිසා..!!!!!

උතුරේ යාපනය රාජධානියේ ආර්ය චක්‍රවර්තීන් බලවත් වෙලා, සිංහල රාජධානිවලට ප්‍රහාර එල්ල කිරීමත් එක්ක කුරුණෑගල සිට ගම්පලටත්, ගම්පල සිට කෝට්ටෙටත් සිංහල රාජධානිය ආරක්ෂාව පතා නිරිත දිගට විතැන් වෙනවා. කෝට්ටේ රාජධානියේ ආරම්භක පාලකයා වන 6වෙනි පරාක්‍රමබාහු රජතුමා අපේ රටේ වැඩ භාර ගන්නෙ, අපේ රට දේශපාලනික වශයෙන් අවුල් වියවුල් වුණු යුගයක. උතුරේ විශාල යුද්ධයක්.... දකුණේ කැරලි කෝලහාල..... දකුණු ඉන්දීය විජයනගර් අධිරාජ්‍යයෙන් විශාල ආක්‍රමණයක්... මේ කාලයේ රටේ තිබුණු ප්‍රධානතම ප්රශ්නය වන උතුරේ යුද්ධය හෙවත් යාපා පටුන ජයග්‍රහණය කරන්න පරාක්‍රමබාහු රජතුමා පියවර ගන්නවා. පරාක්‍රමබාහු රජතුමා ගොඩ නගන හමුදාවට දහස් ගණන් සිංහල තරුණයින් එකතු වෙනවා. මේ හමුදාවට වැඩිම පිරිසකගේ දායකත්වය ලැබුණෙ අපේ ගමෙන්. අපේ ගමෙන් තරුණයින් හමුදාවට
|
එකතු වුණා විතරක් නෙවේ, යුද්ධයට අවශ්‍ය කරන ආයුධ පවා නිෂ්පාදනය වෙනවා. යුද්ධය ජයග්‍රහණය කරන්න අපේ ගමෙන් ලැබුණු දායකත්වය සුළු පටු එකක් නෙවේ. ඒ නිසා ඒ කාලයේ අපේ ගම හැදින්නුවේ බල රැස් ගම (බලය එකතු කළ ගම්මානය) කියලා. ඒක පස්සෙ කාලයක බර ලැස් ගම, බොර ලැස් ගම ආදී වශයෙන් විකාශනය වෙලා "බොරලැස්ගමුව" වෙනවා. අපි එදා යුද්ධය ඉහළින්ම ජයග්‍රහණය කරනවා (1415). ඒ එකම ජාතියක්, එකම රටක්, එකම ධජයක් යන සංකල්පය යටතේ රජ කෙනෙකු විසින් අවසන් වරට ලංකාව එක්සේසත් කරපු යුගයයි.
ඒ දේශපාලනික අංශය. අපේ ගම ආගමික අංශය අතිනුත් ගොඩක්ම පොහොසත්. කෝට්ටෙ යුගයේ නිර්මාණය වුණු විහාරස්ථාන අතරින් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය දෙවෙනි වෙන්නෙ, කෝට්ටේ රජමහා විහාරයට විතරයි. කෝට්ටෙ රජමහා විහාරය වගේම පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයත් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නෙ 6වෙනි පරාක්‍රමබාහු රජතුමාටයි. සුනෙත්‍රාදේවි කියන්නෙ 6වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ මෑණියන්ට. 6වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ විහාරය නිර්මාණය කරන්නෙ එතුමාගේ මෑණියන්ව සිහිවීම පිණිසයි.
අද වෙන කොට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශේෂ වෙලා තියෙන වැදගත්ම කොටස විදිහට ඉපැරණි පිළිම ගෙය හදුන්වන්න පුලුවන්. මේ බුද්ධ මන්දිරයේ කෝට්ටේ යුගයට අයිති බුද්ධ ප්‍රතිමා, මූර්ති සහ සිතුවම් ගණනාවක් දකින්න පුලුවන්. ඒ වගේම මේ බුද්ධ මන්දිරයේ සැලැස්ම, 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරපු කෝට්ටේ රජමහා විහාරයේ බුද්ධ මන්දිරයේ සැලැස්මට 100%ක් සමාන වීම තවත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවේ පැපිලියාන විහාරයේ ප්‍රතිමා සහ සිතුවම් ස්ථාන ගත කරලා තියෙන්නෙත්, කෝට්ටේ විහාරයේ ආකාරයටමයි.
බුද්ධ මන්දිරය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රධාන කොටසෙ තමයි කෝට්ටේ යුගයේ ලක්ෂණ සහිත ප්‍රතිමා තියෙන්නෙ. ප්‍රතිමා ගෘහයේ නැගෙනහිර සහ බටහිර කොටස්වල ඉදි බුද්ධ ප්‍රතිමා ද්විත්වයක් දකින්න පුලුවන්. ප්‍රතිමා ද්විත්වය අසලම හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ උපුල්වන් දේව ප්‍රතිමාවක් දකින්න පුලුවන්. උතුරු කොටසේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙනවා. සැතපෙන ප්‍රතිමාවට ඉදිරිපස තියෙන දකුණු කොටසේ සතර වරම් දේව රූප, මහ රහතන් වහන්සේලා, බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් සිතුවම් කරලා වියන් තලය සහ හිඩැස් සිංහල සැරසිලි මෝස්තර වලින් පුරවලා තියෙනවා. මන්දිරයේ ප්‍රධාන කොටසට ඇතුල් වෙන්න තියෙන්නෙ ඉපැරණි මකර තොරණක් යටින්. කෝට්ටේ යුගයේ නිර්මාණය වුණු මේ මකර තොරණ, අදටත් සුරක්ෂිතව තිබීම අපි කාගෙත් වාසනාවක්. මකර තොරණේ දොරටු පාල රූප වෙනුවට අඹලා තියෙන්නෙ උපුල්වන්, කතරගම, සුමන සමන් ආදී දෙව්වරුන්ගේ ප්‍රතිමා. මකර තොරණ උඩ සාම්ප්‍රදායික බ්‍රහ්ම සහ දේව මණ්ඩල අඹලා තියෙනවා. තොරණේ මැද කොටසේ කගවේනුන් දෙන්නෙකුත්, තොරණට පිටුපසින් මහ නුවර යුගයේ ලක්ෂණ සහිත මල් සහ ලියවැල් මෝස්තරයකුත් දකින්න පුලුවන්.

බුද්ධ මන්දිරයේ දෙවෙනි කොටස නිර්මාණය කරලා තියෙන්නෙ, ප්‍රධාන හෙවත් ඉපැරණි කොටස කේන්ද්‍ර කරගෙනයි. දෙවෙනි කොටසේ දකින්න තියෙන්නෙ කොළඹ යුගයේ නිර්මාණය වුණු ප්‍රතිමා. දකුණු පැත්තෙ සත් සතිය පිළිඹිබු කරන ප්‍රතිමාත්, වම් පැත්තෙ සූවිසි විවරණය නිරූපණය කරන ප්‍රතිමාත් තැන්පත් කරලා තියෙනවා. ඊට අමතරව මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් සහ සීවලී මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් එහෙමත් දකින්න පුලුවන්.
අදත් සුනෙත්‍රාදේවි රජමහා විහාරයට ගියාම කෝට්ටේ යුගයට අයිති ටැම් ලිපි සහ පුවරු ලිපි දකින්න පුලුවන්. මේ විහාරයේ රෝපණය කරලා තියෙන්නෙ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු ඉපැරණි ශාඛාවක්.
කෝට්ටේ යුගයේ ඇති වුණු අධ්‍යාපනික ප්රබෝධයට මූලිකම හේතුව වුණේ පිරිවෙන් අධ්‍යාපනයයි. කෝට්ටේ යුගයේ පිරිවෙන් ගැන කතා කරන කොට, පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන මුල් තැනක් ගන්නවා. සුනෙත්‍රාදේවි පිරිවෙන පාලනය වුණේ, සුනෙත්‍රාදේවී රජමහා විහාරයෙන්. ඒ රජමහා විහාරයේම කොටසක් හැටියට.
බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශ දෙක වෙන් වෙන්නෙ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයෙන් සහ පිරිවෙනෙන්. ඒ නිසා මේ අගනා පූජනීය ස්ථාන ද්විත්වයට බොරලැස්ගමුවත් හිමිකම් කියනවා.
බොරලැස්ගමුවේ අනිත් ආගමික සිද්ධස්ථාන ගැන කතා කරන කොට බෙල්ලන්විල රජමහා විහාරය අපිට අමතක කරන්න බෑ. බෙල්ලන්විල රෝපණය කරලා තියෙන්නෙ දෙතිස් ඵල රූපී බෝධින් වහන්සේ නමක්. මේ භූමියේ ඉතිහාසය අනුරාධපුර යුගයටම දිව යනවා. මේ ස්ථානයේ දෙතිස් ඵල රූපී බෝධීන් වහන්සේ රෝපණය කරන්නෙ අනුරාධපුර යුගයෙදි. බෝධීන් වහන්සේ රෝපණය කළායින් පස්සෙ අනුරාධපුර යුගයේ ඉදලා ගම්පල යුගය දක්වා මේ පූජා භූමියේ ඉතිහාසය ගැන කොහෙවත් සදහනක් නෑ. ආයිත් මේ පූජා භූමිය ගැන සදහන් වෙන්න ගන්නෙ කෝට්ටේ යුගයේදි. ඒ සාහිත්‍ය මූලාශ්‍ර හරහා. කෝට්ටේ රාජධානි කාලයේ මේ පූජා භූමිය පාලනය වෙලා තියෙන්නෙ සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශාඛාවක් විදිහටයි. කෝට්ටේ යුගයේ එල්ල වෙන පෘතුගීසී ආක්රමණයත් එක්ක මේ පළාත් ජන ශූන්‍ය වෙලා, කැළෑවලින් වැහිලා යනවා. ආයිත් මේ පූජා භූමිය හොයා ගන්නෙ 1850 අවුරුද්දෙ.
ජනප්රවාදයට අනුව 1850දි විතර අත්තිඩිය විහාරවාසී තෙන්ගොඩගෙදර හාමුදුරුවො තොටියෙක් එක්ක, ජල මාර්ගයක් ඔස්සේ පැපිලියාන දිහාවට ජන ශූන්‍ය වෙලා ගිය මහා ඝන වනාන්තරයක් හරහා ගමන් කරනකොට බෙර හඩක් ඇහෙන්න අරගෙන තියෙනවා. පස්සෙ බෙර සද්ධෙ ඇහෙන්නෙ කොතනින්ද කියලා විපරම් කරලා බලන කොට සරුවට වැඩුනු වනාන්තරයක් ඇතුළෙන් ඇහෙන බවට උන්වහන්සේට හැගිලා, ඔරුවෙන් බැහැලා, කැළෑවත් පීරාගෙන බෙර සද්ධය ඇහෙන දිහාවට ගිහින් තියෙනව. ඔහොම ගිහින් ගිහින් අන්තිමට නතර වෙලා තියෙන්නේ විශාල බෝ ගහක් යට. ඒ බෝ ගහ තමයි අද බෙල්ලන්විල රජමහා විහාරයේ වැඩ ඉන්නෙ.
කෝට්ටේ යුගයෙදි බෙල්ලන්විල විහාරයේ හැම භෞතික සම්පතක්ම විනාශ වෙලා ගියත් බෝධීන් වහන්සේ විතරක් විනාශ නොවී ආරක්ෂා වෙලා තියෙනවා. ඊට පස්සෙ තෙන්ගොඩගෙදර හාමුදුරුවො මේ කැළෑව එළි පෙහෙළි කරලා බෙල්ලන්විල විහාරය නැවත නිර්මාණය කරලා, මේ විහාරයේ අධීක්ෂණ කටයුතු අත්තිඩි පුරාණ රජමහා විහාරයට පවරලා තියෙනවා. අද නම් බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ හැරුණු කොට, අනිත් සියලුම දේවල් වර්තමානයේ නිර්මාණය වුණු ඒවා.

කොළඹ යුගයේ බුද්ධ ප්‍රතිමා දකින්න පුලුවන් විහාරස්ථාන අතරින් බෙල්ලන්විල රජමහා විහාරය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. ඊටත් වඩා බෙල්ලන්විල රජමහා විහාරයේ බුදු මැදුරේ ඇති බුද්ධ ප්රතිමාවල කැපී පෙනෙන ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ බුදු පිළිම දිහා බලාගෙන ඕනෑ තරම් වෙලාවක්, ඕනෑම ඉරියව්වකින් ඇසිපිය නොහෙලා බලන් ඉන්න පුලුවන්. ඒ තරමට ඒ බුදු පිළිම පියකරුයි. බුදුන් වහන්සේගේ ,මහා පුරුෂ ලක්ෂණ සහිත ඒ අසිරිමත් දේහය මනාව සකස් කරලා තියෙනවා. පිළිමවලට ගාලා තියෙන වර්ණවල සංයෝජනයත් අති විශිෂ්ඨයි. ඒ පිළිම දිහා බලාගෙන ඉන්නකොට බුදුන් වහන්සේ සජීවීව අපේ ඉදිරිපිට වැඩ ඉන්නවා වගේ දැනෙනවා. බුද්ධ ප්රතිමාවලට අමතරව අඹලා තියෙන දේව රූප, බෝධිසත්ව රූප, මහරහත් සහ පෘතග්ජන ගිහි පැවිදි පිරිස්වල රූපත් හරිම ජීවමානයි. හරිම තාත්විකයි. සජීවියි. ඒ වගේම ඒ පිළිම කොයි තරම් තාත්වික විදිහට නිර්මාණය කරලා තියෙනවද කිව්වොත්, බුදු හාමුදුරුවන්ගෙ බද පටිය හිටන් චීවරය අස්සෙන් පේන විදිහටයි නිර්මාණය කරලා තියෙන්නෙ. බෙල්ලන්විල රජමහා විහාර බුදු මැදුරේ බිතු සිතුවම් නිර්මාණවල දායකත්වය දරලා තියෙන්නෙ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති මහත්තයා.
|
|
අපේ ගමේ පන්සල් අතරින් රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය විහාරයත් එක්තරා ආකාරයකට විශේෂ විහාරස්ථානයක්. මේ පන්සල නිර්මාණය වෙන්නෙ 1927 අවුරුද්දෙ. රත්තණපිටියෙ ඉදලා ප්‍රදේශ 3ක් යනකන් ඉස්සර පන්සලක් තිබිලා නෑ. ඒ නිසා පරමධර්මවර්ධනාරාම විහාරය ප්‍රදේශ 3කට අයිති වුණා. අද වුණත් මේ විහාරයේ පිංකම් වැඩවලට ප්‍රදේශ 3ක පිරිසකගේ සහභාගීත්වයක් දකින්න පුලුවන්.
(රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරය ගැන වැඩි විස්තර සහ ඡායාරූප බැලීමට "ගමේ පන්සල" ලිපිය වෙත පිවිසෙන්න)
මහ මෙව්නාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පස්සෙ කාලයක හට ගත්ත සම සතළිස් බෝධීන් වහන්සේලාගෙන්, දෙනමක් බොරලැස්ගමුවේ රෝපණය කළා කියලත් මතයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ මතය අනුව ඉන් එක් බෝධීන් වහන්සේ නමක් තමයි බෙල්ලන්විල බෝධිය. අනිත් බෝධිය නිශ්චිත වශයෙන්ම හදුනා ගෙන නැති වුණත් ගොඩක් අය ඒ පිල්ලෑවෙ බෝ සමිදු කියලා විශ්වාස කරනවා. කොහොම වුණත් පිල්ලෑවෙ පන්සල මෑත කාලයේ ගොඩ නැගුනත්, ඓතිහාසික පිල්ලෑවේ බෝ සමිදුන්ගෙ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වාම දිව යනවා කියලා තමයි කාගෙත් අදහස.
පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ තියෙන සෙල්ලිපි වලට අනුව පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයට 1450 වෙන කොට අක්කර 378ක භූමි භාගයක් හිමි වෙලා තියෙනවා. බෙල්ලන්විල රජමහා විහාරය පාලනය වුණෙත් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයෙන්. ඒ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශාඛාවක් විදිහට. ඒ නිසා පිල්ලෑවේ බෝධිය ආශ්රිත පූජා භූමියත් බොහෝ දුරට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය යටතේ තියෙන්න ඇති කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මොකද බෙල්ලන්විල රජමහා විහාරය, පිල්ලෑවේ බෝධිය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන සුනෙත්රාදෙවි රජමහා විහාරය කියන සිද්ධස්ථාන හතරම අයිති වෙන්නෙ බොරලැස්ගමුවට. ඈත අතීතයේ ඉදලම පිල්ලෑවේ බෝධිය පිහිටලා තියෙන භූමියේ හාස්කම් තියෙනවා කියලා විශ්වාසයක් ප්‍රදේශවාසී ජනතාවගේ හිත් තුළ තියෙනවා.

එදා අපේ ගමේ ආර්ථිකය වුණේ කෘෂි කර්මාන්තයයි. අද අපේ ගම නාගරීකරණය වුණාට, අදටත් අපේ ගමේ අක්කර ගණන් කුඹුරු අස්වද්දනවා. බොරලැස්ගමුව වැවෙන් තමයි කුඹුරුවලට වතුර සැපයෙන්නෙ. ඒ කුඩා ඇළ මාර්ග හරහා...
බෙලි + ආන් + විල = බෙල්ලාන් විල = බෙල්ලන් විල = බෙල්ලන්විල
බෙල්ලන්විල = බෙලිකැලේ කුඹුරු යාය (අරිසෙන් අහුබුදු ශූරීන්)
බොරලැස්ගමුවේ වැව කෝට්ටේ යුගයේ නිර්මාණය කරපු වැවක් කියලා තමයි සැලකෙන්නේ. වර්තමාන ආර්ථිකය ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් මැටි නිධිය පිහිටලා තියෙන්නෙ බොරලැස්ගමුවේ. ඉතින් පිගන්මැටි වලට බොරලැස්ගමුව ගොඩක් ප්‍රසිද්ධයි.

ආර්ථික අංශය අතින් අපේ ගම එහෙම පොහොසත් වෙන කොට ස්වභාව සෞන්දර්ය ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. අපේ ගමේ නරි පවා ගැවසෙන විශාල ලදු කැළෑ සහ වනාන්තර තියෙනවා. ඒවා තුළ දේශීය මෙන්ම විදේශීය පක්ෂීන් සහ සිව් පා, බහු පා සතුන් විශාල ප්‍රමාණයක් සැරි සරනවා. මේ වන බිම් වන සතුන්ට ගැවසෙන්න කදිම තෝතැන්නක්. ඒ ඒ ලදු කැළෑවල දිග පළල මෙච්චරයි කියලා ඇස්තමේන්තු කරන්න පුලුවන් කමක් නෑ. ඒ තරමටම ඒවා විශාලයි. ඒවා තුළ විශාල ජෛව විවිධත්වයක් ගැබ් වෙලා තියෙනවා. බෙල්ලන්විල රජමහා විහාරය ළග තියෙන විශාල ප්‍රමාණයේ ලදු කැළෑව දැන් "කුරුලු අභය භූමියක්" විදිහට නම් කරලා තියෙනවා.
අද වෙන කොට සංවර්ධනයත් එක්ක අපේ ගමේ ගොඩක් දේවල් වෙනස් වෙලා. මිනිස්සුත් එහෙමයි. ලදු කැලෑ ටිකෙන් ටික අඩු වෙනවා. වෙල් යායවල් ගොඩ කරනවා. ඇවිදීමේ උද්‍යාන නිර්මාණය වෙලා. හෝටල් ඉදි වෙලා. ගමේ ගතිය ඉස්සරට වඩා දැන් ටිකක් අඩුයි. මේ තියෙන්නෙ ඒවට උදාහරණ කිහිපයක්. මේ තියෙන්නෙ පිල්ලෑව පන්සල ඉස්සරහා තියෙන වෙල් යාය. අද ඒක ඇවිදීමේ උද්‍යානයක් බවට පත් වෙලා. පිල්ලෑව පන්සලට පිවිසෙන ස්ථානය ඉස්සරහ තිබ්බ මල් කඩ අද නෑ. ඒ වෙනුවට අද තියෙන්නෙ කෑම කඩ.
සාමාජීය අංශය ගත්තොත් රටට වැඩ ඇති, රටට ණය නැති, රටම ණයගැති උගත් ගිහි පැවිදි විශාල පිරිසක් බොරලැස්ගමුවෙන් බිහි වුණා. ඒ වගේම බොරලැස්ගමුවේ වාසය කළා. ඒ නිසාම ඒ අතරින් මුලු රටම දන්න අදුරන කිහිප දෙනෙක් ගැනත් මතක් කරලම මේ ලිපිය අවසන් කරන්න හිතුවා.