ටෙලි රූ මතක 01
අයාලේ ගිය සිතක සටහන් ලිපියට නිතරම වගේ හොද ප්‍රතිචාර ලැබෙමින් පවතින නිසා, දෙවෙනි කොටසකුත් ලියන්න හිතුනා. හැබැයි මේකට පාදක කර ගත්තෙ අපේ ගමේ ජීවිතය නම් නෙවේ. ඒ කාලේ පුංචි තිරයේ විකාශනය වුණු හොද උසස් මට්ටමේ, හරවත් සහ ගුණවත් ටෙලිනාට්‍යය ගැන. ඒ කියන්නේ 2008 අවුරුද්දට කලින් විකාශය වුණු, මගේ සිත් ගත්තු ටෙලිනාට්‍යය. ඒ දවස්වල මොන වැඩේ තිබ්බත්, මේ නාට්‍ය ටික වරද්දන්නෙ නැතුව, එකක් නෑර බැලුවා. ඒවා දැන් කාලෙ විකාශය වෙන කසිකබල් ටෙලිනාට්‍ය ළගින්වත් තියන්න බෑ. හරියට අහසට පොළව වගේ. ඒ ටෙලිනාට්‍ය ගොඩක්ම ජනප්‍රිය වෙන්න ඒවායේ රගපාපු දක්ෂ නළු නිළියන්ගේ කැපවීම, අධ්‍යක්ෂකවරුන්ගේ අත්දැකීම් වගේම, ඒවායේ තේමා ගීතත් තදින්ම බලපෑවා. සමහරක් ටෙලිනාට්‍ය ජනප්‍රිය වුණේ ඒවයේ තේමා ගීත නිසා.
මේ ලිපිය ලියන්න අදහස ආවේ 2016 අවුරුද්දෙ පෙබරවාරි/මාර්තුවල. ඒත් ඒ දවස්වල තිබුණු අධ්‍යාපනික වැඩ සහ විභාග නිසා ඒ අදහස එහෙම්මම යට ගියා. මේ කාලය ඇතුළත වෙන වෙන බ්ලොග්වල හුග දෙනෙක්, මේ මාතෘකාව යටතේ ලිපි ගණනාවක්ම ලියලා තිබුණා. ඒත් ඒ ලිපිවල ඒ අයට මග හැරුණු ටෙලිනාට්‍ය එහෙමත් නැතුවා නෙවේ. ඒ නිසා තමයි මේ ලිපිය පහුවෙලා හරි ලියන්න හිතුවෙ. කලින් කිව්වා වගේම මේකෙ ඇතුළත් කරලා තියෙන්නෙ "මම බලපු සහ මගේ සිත් ගත්තු" ටෙලි නාට්‍යය විතරයි. ඒ වගේම මේවායේ ලැයිස්තු ගත කිරීම, ඒ ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරපු අවුරුදුවලට අනුවවත්, මගේ ප්‍රියතාවයේ මට්ටම අනුවවත් නොවන බවත් මතක තියාගන්න ඕන.

01. භවත්‍රා
භවත්‍රා විකාෂණය වුණේ 2006 හෝ 2007 අවුරුද්දෙ. ඒ ජාතික රූපවාහිනිය හරහා. භවත්‍රා කියන්නෙ ඒ කාලයේ විකාශනය වුණු ඉහළම මට්ටමේ ටෙලිනාට්‍යයක්. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඒ නිර්මාණයේ තිබුණු සංකල්පයයි.
ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන ග්‍රහලෝකයක ඉදලා පිටසක්වල ජීවියෙක් එනවා අපේ රටේ තියෙන ටිකක් ගම්බද පළාතකට. මේ ගමේ තියෙන කැළෑවෙ ඉදගෙන ගහකොළ, දිය ඇළි, ගංගා, ඇළ දොළ ගැන වගේම කැළෑවෙ ඉන්න සතා සිව්පාවුන් ගැනත් අධ්‍යනයන් සහ පරීක්ෂණවල නියැලෙනවා. මේ කාලය වෙනකොට ගම පුරාවටම ලොකු බියක් පැතිරෙන්න ගන්නවා. හිටි ගමන් මිනිස්සු අතුරුදහන් වෙනවා. ගම පුරාම කුෂ්ඨ රෝගයක් ව්‍යාප්ත වෙන්න ගන්නවා. කැළෑව පැත්තෙන් එක එක අමුතු සද්ධ ඇහෙන්න ගන්නවා. අහසෙ අමුතු අමුතු එළි දකිනවා. එක එක දේවල්වලට මිනිස්සු බයවෙලා ලෙඩ වෙන්න ගන්නවා. රෑට තනියෙන් ගමනක් බිමනක් යන්නවත් මිනිස්සු පෙළඹෙන්නෙ නෑ. ටික කාලයක් ගියාම මේ පිටසක්වල ජීවියාට හිතෙනවා ගම ගැනත් අධ්‍යනයක් කරන්න. ඉතින් මේ ජීවියා මනුෂ්‍ය ශරීරයක් මවාගෙන ගමට එනවා. එහෙම ඇවිල්ලා ගමේ පන්සලේ නතරවෙලා මිනිස්සු ගැන අධ්‍යනය කරනවා.

ඒ විතරක් නෙවේ පන්සලේ තියෙන බණ පොත්, ඉතිහාස පොත් එහෙමත් කියවලා දැනුම එකතු කරනවා. ගමේ තවත් ගෙදරක නැවතිලා ඉන්නවා තාරකා විද්‍යාඥයෙක්. ගමේ වෙන අමුතු අමුතු අත්භූත දේවල් නිසා මෙයාට ඉව වැටෙනවා ගම අවටින් පිටසක්වල ජීවීන් ආව ගිය බවට සළකුණු තියෙනවා කියලා. ඉතින් මෙයා ඒ ගැන විශාල පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා.
|
ගමේ වෙද මහත්තයට හිටියා ලස්සන දුවෙක්. මේ වෙනකොටත් වෙද මහත්තයාගෙ දුව සහ තාරකා විද්‍යාඥයා අතරේ ලොකු ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගිලයි තිබුණෙ. ඒත් ඒකට අර මනුෂ්‍ය වේශයෙන් ඉන්න පිටසක්වල ජීවියා හරස් වෙනවා. අන්තිමේදි මේ මොකුත් නොදන්න වෙද මහත්තයාගෙ දුව, අර පිටසක්වල ජීවියාව කසාද බදිනවා......... ඔන්න ඔහොම තමයි ඒ කතාව ගලාගෙන ගියේ.
මේ කතාවට ඒ කාලයේ අපේ රටින් වගේම, ලෝකයේ අනිත් රටවල්වලින් හොයා ගත්තු පිටසක්වල ජීවීන් සම්බන්ධ කතා, පරීක්ෂණ සහ සාධකත් ඇතුළත් කරලා තිබුණා. අස්වනු වෘත (Crop Circles), පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීම්, පිටසක්වල ජීවීන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ස්ත්‍රීන්ගෙන් හටගත්තු දරු උපත් උදාහරණ විදිහට දක්වන්න පුලුවන්. මේ ටෙලිනාට්‍යයේ වැඩි හරියක්ම තිබුණේ CGI / VFX තාක්ෂණය. දැන් මේක ආපහු බලනකොට අපිට ගොඩාක් තාක්ෂණික දෝෂ අහුවෙනවා. ඒත් ඒ කාලෙ අපිට ඒවා එකක්වත් පෙනුනෙ නෑ. මේ තාක්ෂණයන්වලින් ඒ කාලෙ මේ වගේ ටෙලිනාට්‍යයක් නිර්මාණය වුණා කියන්නෙ, ඒ කාලෙ අපි ලබපු ලොකු විජයග්‍රහණයක්.
පිටසක්වල ජීවියා ගැන කියනවා නම් මේ පිටසක්වල ජීවියාව නිර්මාණය කරලා තියෙන්නෙ ඇමරිකාවේ රොස්වෙල් සිද්ධියෙන් ගොඩට ගත්ත පිටසක්වල ජීවීන්ගේ රූප අනුවයි. ඒ විතරක් නෙවේ, ලෝකයේ පිටසක්වල ජීවීන් ගැන වාර්තා වුණු සිද්ධීන්ගෙන් වැඩි හරියකම ලියවිලා තියෙන්නෙ ඒ ස්වරූපය තියෙන ජීවීන් ගැනයි. "භවත්‍රා" කියන ග්‍රහලෝකයෙන් ආපු මේ ජීවියත් ඉන්නෙ නිර්වස්ත්‍රව. ලොකු ඔළුවක් සහ කෙට්ටු ශරීරයක් තමයි තියෙන්නෙ. විශාල ඇස්, කුඩා කටක්, කුඩා නාසයක්, දිග දෑත් සහ දිග ඇගිලි... මේ ගැන කියනකොට මට මතක් වෙනවා කාලෙකට කලින් මම ලියපු මිනිසාගේ අනාගතය කියන ලිපියත්. මේ ජීවියාට පුලුවන් වේගයෙන් දුවන්න. ගව් ගණනාවක් ඈතට පනින්න. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ අපි වතුර බොනවා වගේ, භවත්‍රාවේ ජීවීන් බොන්නෙ කිරි. ඉතින් මේ ජීවියාටත් කිරි නැතුව ජීවත් වෙන්න බෑ. කිරි නැති වුණාම මේ ජීවියා අප්‍රාණික වෙනවා වගේම, එයා මතු කරගෙන ඉන්න මනුෂ්‍ය ස්වරූපයත් නැති වෙනවා.

මාස ගණනාවක් තිස්සෙ අපි අතරේ ජනප්‍රිය වුණු මේ ටෙලිනාට්‍යය හිටි හැටියෙම විකාශය වෙන එක නවතිනවා. කාටවත් හිතා ගන්න බැරි වුණා ඒ ගැන. ඊට පස්සෙ සෑහෙනම සෑහෙන කාලෙකට පස්සෙ මේ ටෙලිනාට්‍යය නැවතුනු තැන ඉදලා ආයිත් විකාශය වෙන්න ගත්තා. දෙවෙනි වර විකාශයේදී මේ කතාව ටිකක් ඉක්මනට ඉක්මනට යන්න ගත්තා වගේම, අලුත් චරිත සෑහෙන ප්‍රමාණයක් එකතු වෙන්න ගත්තා. කතාවේ තිබුණු ලස්සන සහ සංකල්පනාවල ප්‍රගතිය ටිකක් පහළ ගියා.
කතාවේ ප්‍රධාන චරිතවලට වගේම සුළු චරිතවලට පවා රංගනයෙන් දායක වුණේ අපේ රටේ ජනප්‍රිය සහ අතිදක්ෂ රංගන ශිල්පීන්. ලිපියේ ඇතුළත් කරලා තියෙන චරිත ගත්තොත්, වෙද මහත්තයාගේ චරිතයට දායකත්වය දුන්නෙ ජෝ අබේවික්‍රම මහත්මයා. නායක හාමුදුරුවන්ට හිටියෙ බන්දුල විතානගේ මහත්මා. මේ දෙන්නම අද අප අතර නෑ. පිටසක්වල ජීවියාගේ මනුෂ්‍ය ස්වරූපයට, වෙද මහත්මයාගේ දුවට, තාරකා විද්‍යාඥයාට පිළිවෙලින් සේනක විජේසිංහ, මංජුලා තිළිණි, සනත් විමලසිරි කියන අය දායකත්වය දුන්නා. මේ ටෙලිනාට්‍යය, මංජුලා තිළිණි රගපාපු මුල්ම පෙළේ ටෙලිනට්‍යයක් කිව්වොත් හරි. ඒ වගේම මේ කතාවේ උප චරිත දෙකකට, දිවි රග මඩලින් සමුගත්ත තවත් දෙන්නෙක් හිටියා. ඒ තමයි රෙබේකා නිර්මාලි සහ සිරිල් ධර්මවර්ධන දෙපල.
දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය තමයි මේකෙ තේමා ගීතය ගායනය කළේ. තේමා ගීතයත් හරිම අද්භූතජනක සහ ගුප්ත විදිහට තමයි රචනාවෙලා තිබ්බෙ. සංගීතයත් එහෙමයි. ඒ කාලේ බොහොම පුංචි වයස්වල හිටපු අපිට, රෑ 9.00ට මේ ටෙලිනාට්‍යය ඉවර වෙනකොට මහා ලොකු අමුතු බයක් දැනුනා. තනියෙන් වැසිකිළියට යන්නත් බයයි. කළුවරටත් බයයි. මොකද ඒ හැම වෙලාවකම, අපිට මැවිලා පෙනුනෙ අර පිටසක්වල ජීවියාවයි. එයා කොහේ හරි ඉදගෙන, අපි දිහා බලාගෙන ඉන්නවා වගේ සිතුවිල්ලක් අපේ හිත්වලට ආවා....

02. මායාරත්න
මායාරත්න විකාශනය වුණේ 2002 අවුරුද්දෙ සිකුරාදා දවස්වලට, ස්වර්ණවාහිනියෙන්. මේකෙත් තිබුණේ භවත්‍රා ටෙලිනාට්‍යයට ටිකක් සමාන සහ භයානක නිර්මාණ සංකල්පනාවක්. මේ කතාවට මුල් වෙන්නෙ මැණික් බෝතලයක්. ටිකක් ගම්බද පළාතක ඉන්න මනුස්සයෙකුට මහා ඝන කැළෑවක තිබිලා හම්බවෙනවා මැණික් ගල් ගොඩක් තියෙන බෝතලයක්. මෙයා මේක ඇරලා මැණික් එළියට ගන්නවත් එක්කම බහිරවයෙක් මතු වෙනවා. බහිරව වේශයක් කිව්වට ඇත්තම කිව්වොත් යකෙක්. සාමාන්‍ය වෙලාවට මනුෂ්‍ය වේශයෙන් හිටියත්, කවුරු හරි පිටස්තර කෙනෙක් මේ මැණික් බෝතලයට අත තිබ්බම මෙයා යකෙක් වෙනවා. ඇස් රතුවෙලා, මූණ කළුවෙලා, උල් දත් එනවා. එහෙම වුණාම ඉතින් ඒ මනුස්සයව මරලා තමයි පස්ස බලන්නෙ.
ඒත් මේ යකා අර මනුස්සයට මැණික් බෝතලය අරගෙන යන්න අවසර දෙනවා. හැබැයි එක කොන්දේසියක් මත. මැණික් බෝතලය තියන්න ඕනි යකාගෙ ගාවින්. මැණික් වියදම් කරන්නෙ කොහොමද කියන එක තීරණය කරන්න ඕනත් ඒ යකාම තමයි. ඉතින් මේ යකා මේ මනුස්සයාට අභය දානය දෙනවා. ඊට පස්සෙ මේ මනුස්සයාගෙ දුර නෑදෑයෙක් විදිහට, මෙයාගෙ ගෙදරම නැවතිලා ඉන්නවා. නොපෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. තුන් වේලටම මස් ජාති ඕන. පන්සල් ළගින් යන්න බයයි. කලින් ආත්මයේ පොහොසතෙක් වෙලා හිටපු මේ යකා, ඒ මැණික්වලට තිබුණු ආසාවත් එක්කම තමයි මැරිලා තියෙන්නෙ. ඒ නිසා තමයි යක්ෂ ආත්මයක් ලබලා තියෙන්නෙ. මේ ගෙදර මනුස්සයට හිටියා ලස්සන දුවෙක්. පස්සෙ ඉතින් මේ යකයි, ඒ දුවයි අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. ඒක කෙලවර වෙන්නෙ විවාහයකින්. විවාහයෙන් පස්සෙ මේ ගෑණු ළමයවත්, යක්ෂණියක් කරනවා. ගෙදර මනුස්සයට මානසික රෝගයක් හැදෙනවා. අන්තිමට ඉතින් මැණික් බෝතලයක් නිසා ඇති වුණු තෘෂ්ණාවක් නිසා මුළු පවුලක්ම විනාශයට පත්වෙනවා.
වේශ නිරූපණය කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නෙ ලස්සන කිරීමක්. ඒත් ඒක වැරදි සිහිපත්වීමක්. වේශනිරූපණ ශිල්පියෙක්ට පුලුවන් චරිතයක් ලස්සන කරන්න වගේම කැත කරන්නත්. යක්ෂ චරිතය ගත්තොත්, වේශනිරූපණය 100%ක්ම හොදට කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්.

ප්‍රධාන චරිතවලට වගේම සුළු චරිතවලට පවා හිටියේ ජනප්‍රිය සහ අතිදක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. මැණික් බෝතලය හොයා ගත්ත මනුස්සයට හිටියෙ විජේරත්න වරකාගොඩ මහත්මා. එයාගෙ දුවගෙ චරිතයට දෙන්නෙක් පණ පෙව්වා. යක්ෂණිය වෙන්න කලින් එක රංගන ශිල්පිනියකුත්, යක්ෂණියක් වුණාට පස්සෙ තවත් රංගන ශිල්පිනියකුත් හිටියා. යක්ෂයාගේ චරිතයට හිටියේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා. ඒ කාලෙ පුංචි වයසෙ හිටපු අපි, මේ කතාව ඉවරවෙනකොටත් තනියෙන් ඉන්න බය වුණා. මොකද ඒ තරමටම භයානක වේශනිරූපණයක් තමයි යකාට දාලා තිබුණෙ. ඒ වගේම තෘෂ්ණාව කියන දේ දුරු කරන්න කියලත්, පිං දහම් කරන්න කියලත් මේ ටෙලිනාට්‍යයෙන් අපිට පණිවිඩයක් දුන්නා. තේමා ගීතයත් හරිම ගුප්තයි. මේ තේමා ගීතය ගායනා කරන ගායන ශිල්පියාගේ කටහඩ ඇහුවම හුග දෙනෙක්ගෙ මතකයට ආවෙ බංදුල විජේවීර මහත්මාවයි. ඒත් ඇත්තටම ඒක ගායනා කරලා තියෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මා.
03. චක්‍රායුධය
2006 / 2007 නිර්මාණය වෙන මේ විශිෂ්ඨ ටෙලිනාට්‍ය විකාශනය වුණේ ස්වාධීන රූපවාහිනියේ. හරිම අපූරු සංකල්පයක් යටතේ නිර්මාණය වුණත්, මේක හුග දෙනෙක් අතරට ගියේ නැති බවක් පෙනුනා. මේ කතාව ගෙතෙන්නෙ අතීතයත් වර්තමානයත් කියන කාල දෙකම උපයෝගී කරගෙනයි. මේ කතාවට අනුව ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන්නු කැප්පෙටිපොල නිළමෙතුමා ළගින්ම ආශ්‍රය කරපු, එතුමාගේ හිතවතෙක් තමයි මඩාටුවේ අප්පුහාමි කියන්නෙ. නිළමෙතුමාගෙ ළගින්ම හිටපු උපදේශකයෙක් වගේම ප්‍රභල සටන් ශිල්පියෙක්. සටනක් මැදදි ඉංග්‍රීසි සොල්දාදුවෙක්ගෙන් වෙඩි කන මඩාටුවේ අප්පුහාමි සිහි නැතුව වැටෙනවා. ඊට පස්සෙ කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිස, මඩාටුවේ අප්පුහාමිව උස්සගෙන යනවා දක්ෂ වෙදෙක් ළගට. අප්පුහාමිගෙ ඇගේ තියෙන වෙඩි උණ්ඩ අරන් දැම්මත්, ඉතිරි ජීවිත කාලයේම අප්පුහාමිට එක්තැන් වෙලා ඉන්න වෙයි කියලා, වෙද උන්නැහේ කැප්පෙටිපොල නිළමෙට කියනවා. ඒ කියන්නෙ හරියට කෝමා තත්වයක් වගේ. අප්පුහාමිගෙ කේන්දරය බලන වෙද උන්නැහේ සහ වටේ ඉන්න අය තීරණය කරනවා පැරණි සෘෂිවරුන්ගේ ක්‍රමයකට අනුව අප්පුහාමිව බෙහෙත් ඔරුවකට දාලා, හංගලා තියන්න. මේ ක්‍රමය නිසා අප්පුහාමි දීර්ඝ නින්දකට යනවා. කවුරුත් මේ බවක් දන්නෙත් නෑ. මේක ගැන දන්න අය නිදහස් අරගලයට සම්බන්ධ වෙලා හිටපු නිසා, ඒ හැම කෙනෙක්මත් මරණ දඩුවම්වලට ලක් වෙනවා.
සියවස් ගණනාවක් ගියායින් පස්සෙ ඌව වෙල්ලස්ස පැත්තෙ පැරණි විහාරස්ථානයක නායක හාමුදුරු නමකටයි, ගමේ වෙද මහත්තයෙකුටයි මේ විහාරයේ වලලලා තිබුණු සියවස් ගණනාවක් පරණ පෙට්ටියක් හම්බ වෙනවා. පෙට්ටිය ඇතුළෙ තියෙනවා සිලින්ඩරාකාර යතුරක්. විහාරය පිටිපස්සෙ තියෙන ගල් ලෙනේ තියෙනවා යතුරු කටක්. ඉතින් මේ අය ඒ ලෙන ඇරලා බලනවා. ලෙනේ තැන්පත් කරලා තියෙනවා පරණ පුස්කොල පොතක්.
|
|
මේ පුස්කොල පොතේ, අර පරණ කතා ප්‍රවෘත්තිය ලියවිලා තියෙනවා. ඊට පස්සෙ ඒකෙ තියෙන විස්තර අනුව කැළෑවක් පීරගෙන යනවා මඩාටුවේ අප්පුගේ සිහිමුර්ජා වුණු දේහය හොයා ගන්න. ගල් ලෙනක් ඇතුළෙ තිබිලා අන්තිමට ඒ දේහය හම්බවෙනවා. ඊට පස්සෙ දේහය ඔරුවෙන් ගොඩට ගන්නවා. ගොඩට අරගෙන අප්පුහාමිව සිහිමුර්ජාවෙන් මුදවලා, වර්තමාන ලෝකය ගැන උගන්නනවා. ඊට පස්සෙ අප්පුහාමිව ගමට එක්කන් එනවා, වෙද මහත්තයාගේ දුර නෑදෑයෙක් විදිහට. ඊට පස්සෙ කතාව පුරාවටම යන්නෙ ගමේ ජීවිතය ගත කරන අප්පුහාමි ගැනයි. 18 වෙනි ශතවර්ෂය සහ 21 වෙනි ශතවර්ෂය අතරේ තියෙන වෙනස, ඒ වගේම 21 වෙනි ශතවර්ෂයට හැඩගැහෙන්න උත්සාහ කරන හැටි ගැනයි. ඒ වගේම ගමේ ඉන්න දොස්තර නෝනා කෙනෙක්ටත් අප්පුහාමිගෙ හිත යනවා. 18 වෙනි සියවසේදි අප්පුහාමි එක්තරා ලස්සන යුවතියකගෙ හිත දිනාගෙනයි හිටියෙ. 21 වෙනි සියවසේදි මුණ ගැහුනු ඒ නෝනටත් තියෙන්නෙ ඒ යුවතියගෙ මූණමයි. ඉතින් අප්පුහාමි මේ නෝනටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි කතාව ගලාගෙන යන්නෙ.
කතාවේ රගපානවා අතිදක්ෂ නළු නිළි පිරිසක්. ඒ අය අතරින් නායක හාමුදුරුවන්ට පණ පොවපු ජී.ආර්.පෙරේරා මහත්මා, වෙද මහත්තයට පණ පොවපු වසන්ත විට්ටච්චි, මඩාටුවේ අප්පුහාමිට සහ දොස්තර නෝනාට පණ පොවපු ශ්‍රියන්ත මෙන්ඩිස් සහ නයනා කුමාරි ප්‍රධානයි.
ගීත ගැන කතා කරනකොට තේමා ගීතය ගැන අමතක කරලා බෑ. මේ ටෙලිනාට්‍යයට තියෙන්නෙ හරිම ලස්සන තේමා ගීතයක්. ඒක හරිම ලයාන්විතයි. ඒ ගීතය ලස්සන වෙන්න ගීතය ගායනා කරපු අමරසිරි පීරිස් මහත්මාගේ සහ නීලා වික්‍රමසිංහ මහත්මියගේ හඩවල් වගේම පසුබිමින් ඇහෙන ගැට බෙර වාදනයත් ඉවහල් වෙලා තියෙනවා. ඊට අමතරව මේ ටෙලිනාට්‍යයේ තවත් රණ ගීතයකුත් තියෙනවා. අමරසිරි පීරිස් මහත්මා ගායනා කරන මේ ගීතය අහනකොට ලොකූ දේශාභිමානී හැගීමක් හිතට දැනෙනවා. ගීතයේ රූප රචනයත් අතිවිශිෂ්ඨයි.

04. නෝනාවරුනි මහත්වරුනි
1998 / 1999 අවුරුදුවල සිරසෙන් විකාශය වුණු මේ ටෙලිනාට්‍යය ලොකු කුඩා හැමෝගෙම අවධානයට ලක් වුණා. ඉළ ඇට ඇදෙන තරමටම හාස්‍යයට බර වුණු ටෙලියක්. එක ළග තියෙන ගෙවල් දෙකක ජීවත්වෙන පවුල් දෙකක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. එක ගෙදරක ඉන්නවා ප්‍රේමචන්ද්‍ර කියලා හාදයෙක්. මධුරි තමයි එයාගෙ නෝනා. මේ දෙන්නට හිටියා නාහෙට අහන්නෙ නැති මංජු කියලා දඩබ්බර පුත්‍ර රත්නයක්. එහා ගෙදර හිටියෙ මාලිනන්දනී කියලා ජනප්‍රිය ටෙලි නිළියක් සහ නිහාල් කියන එයාගේ සැමියයි. ප්‍රේමචන්ද්‍රගෙ හිත තිබුණෙ නිහාල්ගෙ බිරිද වුණු මාලිනන්දනී ළගයි. නිහාල්ගෙ හිත තිබුණෙ ප්‍රේමචන්ද්‍රගෙ බිරිද වුණු මධුරි ළගයි.
ප්‍රේමචන්ද්‍රට හිටියා ප්‍රේමචන්ද්‍රටම හරියන රත්නපාල කියලා ගජ යාලුවෙක්. මේ දෙන්නම එකම කන්තෝරුවෙ තමයි වැඩ කළේ. මේ දෙන්නට හිටියේ මරු ලොක්කෙක්. ඒ ලොක්කට ගොතයක් තිබුණා. හැමතිස්සෙම කතා කරන්නෙ ගොත ගගහයි. උදාහරණයක් විදිහට "ප්‍රේමචන්ද්‍ර මෙහෙන් යනවකො අයිසේ" කියන වාක්‍යය උච්චාරණය කළේ.... "ප්‍රේ ප්‍රේ ප්‍රේ ප්‍රේමචන්ද්‍ර... මේ මේ මේ මෙහෙන් යනවකො අයි අයි අයිසේ" කියලයි. ඒ වගේම අන්තිම වචනය කියවලා ඉවර වෙනකොට ළග ඉන්න කෙනාටත් ගහනවා. මේ ලොක්කට තව පුරුද්දක් තිබුණා මහා සද්ධෙට සිංදු කියන ගමන් Keyboard එකට තඩි බාන.

මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වයන් ගණනාවක්ම තියෙනවා. ආරම්භයේ ඉදලම ගැඹුරු චරිතවලට විතරක් දායකත්වය දුන්නු අප අතරින් සමුගත්තු අපේ ආදරණීය විජය නන්දසිරි මහත්මා, පළවෙනි වතාවට මේ හරහා විකට චරිතයකට දායකත්වය දුන්නා. මේකෙන් පත්තු වුණු පළවෙනි වෙඩි මුරයෙන් පස්සෙ තමයි, එතුමා ඊට පස්සෙ දිගටම අනිත් ටෙලිනාට්‍යයවලත් විකට චරිතවලම ඉන්න ගත්තෙ. ඒ වගේම මේ හරහා "ප්‍රේම් - මධුරි" සහ "ප්‍රේම් - රත්නෙ" කියලා සුසංයෝග දෙකක් නිර්මාණය වුණා. මේ ටෙලිනාට්‍යයෙන් පස්සෙ මධුරිට හිටපු කුසුම් රේණු මහත්මියත් එක්ක ටෙලිනාට්‍යය ගණනාවකටම, එතුමියගේ සැමියා විදිහට රංගනයෙන් දායක වෙන අතරෙම, රත්නපාල චරිතයට පණ පොවපු රොඩ්නි වර්ණකුල මහත්මා එක්ක, එතුමාගේ අඹ යාලුවා විදිහට ටෙලිනාට්‍යය ගණනාවකම පෙනී හිටියා. ඊට අමතරව ටෙලිනාට්‍යය අතරමැද නිහාල් චරිතයේ වෙනසක් වුණා.
ඒකට හේතුව වුණේ නිහාල් චරිතය නිරූපණය කරමින් හිටපු ග්‍රැන්විල් රොද්‍රිගෝ මහත්මා කවුරුත් නොහිතපු වෙලාවක රිය අනතුරකින් අප අතරින් සමු ගැනීමයි. ඒ කාලෙ මගේ ප්‍රියතම රංගන ශිල්පියා සහ ගායන ශිල්පියා වුණේ එතුමයි. මම කොච්චර එතුමාට ආදරය කළාද කිව්වොත්, පත්තරවල පල වුණු එතුමාගේ හැම පින්තූරයක්ම ඒ කාලයේ කපලා එකතු කළා. එතුමාගෙන් පස්සෙ මේ චරිතයට දායක වුණේ ජයසේකර අපෝන්සු මහත්මයයි.
අනිත් විශේෂත්වයන් ගැන මතක් කරනවා නම් මංජුට රගපාපු මනෝජ් දෙනෙපිටියගේ පළවෙනි ටෙලිනාට්‍යයයි. |
ඒ විතරක් නෙවේ ප්‍රේමචන්ද්‍රගෙ සහ රත්නපාලගේ ලොක්කා විදිහට හිටපු විල්සන් ගුණරත්නයන්ගේ ගොත ගැසීමේ විලාශය, ඒ කාලෙ හිටපු පුංචි ළමයිනුත් හරි හරියට අනුකරණය කරන්න පටන් ගත්තා. අපේ රටේ මේ ආකෘතියේ ටෙලිනාට්‍යයක් විකාශය වුණු පළවෙනි වතාවත් මේක වෙන්න ඕන.
කලින් නම් සදහන් කරපු අයට අමතරව මාලිනන්දනීට සනෝජා බිබිලේත්, මාලිනන්දනීගේ අධ්‍යක්ෂකවරුන් විදිහට ඥාණාංග ගුණවර්ධන සහ ආනන්ද වික්‍රමගේ කියන මහත්වරුත්, කාර්යාලයේ සේවිකාවක් විදිහට මානෙල් වානගුරු මහත්මියත්, නිතරම මධුරිට ප්‍රේමචන්ද්‍ර ගැන ඕපදූප කියපු කුසුමා විදිහට සමදරා ආරියවංශත් රංගනයෙන් දායක වුණා. ඒ වගේම තවත් ප්‍රවීණ අය මේකෙ සහාය චරිතවලට රගපෑවා. ටෙලිනාට්‍යයේ තේමා ගීතයත් හරිම සිත් ගාන්නා සුළුයි.
පස්සෙ කාලෙක සිරස නාලිකාවෙන්ම විකාශය කරපු "කතුර" කියන හාස්‍යෝත්පාදක දේශපාලන සංවාදාත්මක ටෙලි නාට්‍යය, "නෝනාවරුනි මහත්වරුනි" ටෙලි නාට්‍යයේම දිගුවක් විදිහට හදුන්වන්න පුලුවන්. "කතුර" වැඩසටහනේ පළවෙනි කොටස් තුන හතර බැලුවා නම්, ඒක හොදටම තේරෙනවා. ඊටත් පස්සෙ කාලෙක ජාතික රූපවාහිනියේ විකාශය වුණ "එතුමා" ටෙලිනාට්‍යය නිර්මාණය වෙන්නෙ, "කතුර" වැඩසටහනේ සාරය සහ සංකල්පය අනුවයි.

05. එතුමා
මේක නම් විකාශය වුණු අවුරුද්ද හරියටම මතක නෑ. ඒත් විකාශය වුණේ නම් ජාතික රූපවාහිනියෙන්. "නෝනාවරුනි මහත්වරුනි" එකේ මම සදහන් කරපු සුසංයෝග දෙකේම උච්ඡතම අවස්ථාවක්, අපිට "එතුමා" ඔස්සෙ දැක ගන්න පුලුවන් වුණා. අපිට මේකෙදි ශ්‍රී ලාංකීය දේශපාලනයේ සැබෑ ස්වරූපය උපහාසයට ලක් කිරීමක් බලා ගන්නත් පුලුවන්. මන්ත්‍රී වරප්‍රසාද හිතුමනාපෙට පාවිච්චි කරන, ඇමතිකමක් ගැන සිහින මවන, බොහොම අඩු අධ්‍යාපන මට්ටමක් සහිත, හරිම කපටි, මෝඩ මන්ත්‍රීවරයෙක් වුණු රාජා මන්ත්‍රීට වෙන එක එක දේවල් ගැන තමයි මේ කතාව ගෙතෙන්නෙ. මන්ත්‍රීතුමාට ඉන්නවා මන්ත්‍රීතුමාටම හරියන, මන්ත්‍රීතුමාගේ ඕනම තුප්පහි වැඩකට සහයෝගය දෙන කාර්යය මණ්ඩලයකුත්. ඒ තමයි මන්ත්‍රීතුමාගේ දකුණු අත, එහෙමත් නැත්නම් සම්බන්ධීකාරක සුමනසිරි, ඕනෑම වෙලාවක බුලත් විටක් හපාගෙන අනුමත වෙච්ච ගමන්ම ඉන්න ලියන මහත්තයා සහ පියන්වරයා විදිහට ඉන්න විපුලෙ.
මන්ත්‍රීතුමාගෙ බිරිද හරිම ඉහළ පැලැන්තියේ වංශවත් කෙනෙක්. මෙයාට හිටියා හැමතිස්සෙම ඉංග්‍රීසියෙන් කතා කරන මාමා කෙනෙකුත්. එයා තමයි මෙයාලට උපදෙස් දෙන්නෙ. ලාභ ප්‍රයෝජන අරගන්නම මන්ත්‍රීතුමාට උදව් පදව් කරපු දෙන්නෙක් තමයි කළු මුදලාලි සහ අමද්‍යප සංගමයේ සභාපතිතුමා කියන්නෙ. රාජා මන්ත්‍රීට කන් ඇහීමේ දෝෂයක් තිබුණා. ඉතින් සමහරක් වෙලාවට "ඇහුන් නෑ" ගානවා. මේක ඒ කාලෙ ළමයි වගේම වැඩිහිටියන් එහෙමත් අනුකරණය කරන්න ගත්තා. තව "සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි. ආරක්ෂාවයි" කියන එකත් ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙවේ ලියන මහත්තයා නිතරම කියන්න පුරුදු වෙලා හිටපු "මල්ලි හරි මල්ලි" කියන වාක්‍යයත් ජනප්‍රිය වුණා.

රාජා මන්ත්‍රීට රගපාපු විජය නන්දසිරි මහත්මා විතරක් නෙවේ, මාමා විදිහට රගපාපු බන්දුල විතානගේ මහත්මත් අද අප අතර නෑ. මේකෙ රගපාපු හැමෝම හරියට එක නැට්ටෙ දෙහි වගේ. හැමෝම එකිනෙකාට සම්බන්ධ, එකම කාලයේ ක්ෂේත්‍රයට ආපු, එකම වයස් සීමාවට අයිති, අන්‍යේන්‍යය වශයෙන් හොද සම්බන්ධතාවක් සහ සහයෝගයක් ඇති හොද පිරිසක්. ඒ අතරින් විජය නන්දසිරි මහත්මාට අමතරව ලාල් කුලරත්න, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය, විපුල විතානගමගේ, ලලිත් ජනකාන්ත, හේමන්ත ඊරියගම වගේ අය ඉහළින්ම ඉන්නවා... ඊට අමතරව කුසුම් රේණු මහත්මිය රගපෑවා රාජා මන්ත්‍රීගේ බිරිද විදිහට. පොලිස් ස්ථානාධිපති විදිහට හිටපු සද්ධා උත්පලකන්දගේ මහත්මයව නම් ටෙලි තිරයේ දැක්ක කාලයක් මතක නෑ. ඊට අමතරව ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු වගේ ප්‍රවීණයින් ගණනාවක්ම සහාය චරිතවලට හිටියා. අඩුවකට හිටියෙ ඇන්ටන් ජූඩ් සහ ප්‍රියන්ත සෙනවිරත්න දෙපල විතරයි. ඒ දෙන්නත් හිටියා නම් තවත් ලස්සන වෙන්න තිබ්බා.
මේ ටෙලිනාට්‍යය ජනප්‍රිය වෙන්න තේමා ගීතයත් බලපෑවා. හරිම ලස්සන, විනෝදයට බර, වේගවත් ගීතයක්. මේකෙ ගායනය, පද රචනය, සංගීතය කියන තුනම හරියටම හරි. එහෙම වුණේ නැත්නම් තමයි ඉතින් පුදුමෙ. මොකද මේ ගීතය රචනා කරලා තියෙන්නෙ ලූෂන් බුලත්සිංහලයන්. සංගීතය සපයලා තියෙන්නෙ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ගායනා කරලා තියෙන්නෙ අයිවෝ ඩෙනිස් සහ ලෙස්ලි ප්‍රනාන්දු දෙපල...

2016 අවුරුද්දෙ "සුහද කොකා" විදිහට නිර්මාණය වුණෙත් මේ ටෙලිනාට්‍යයම තමයි. "එතුමා" ඉවර වුණාම "මෙතුමා" කියලත් ටෙලිනාට්‍යක් ආවා. ඒකෙත් හිටියෙ "එතුමා" එකේ රගපාපු අයම තමයි. හැබැයි චරිත මාරුවෙලා. "මෙතුමා" ඉවරවෙන කොටම ආවා "මැති නැති දා" කියලා එකක්. මන්ත්‍රීවරු දෙන්නෙක් නොදන්න පළාතක පයින් ඇවිදන් යද්දි, පාරෙ අතරමං වෙලා, පිස්සොන්ට බෙහෙත් කරන වෙදෙක්ගෙන් පාර අහනවා. මේ වෙදාගෙ හිතේ තමන්ගෙන් බෙහෙත් අරගන්න පිස්සො දෙන්නෙක් කියලා, බලෙන්ම හිසකුඩිච්චි දාලා මේ දෙන්නව එහේ තියාගන්නවා. මේ දෙන්නා නැති නිසා මන්ත්‍රී නෝනලා දෙන්නා, දේශපාලනයට ඇවිල්ලා, මේ දෙන්නගෙ පුටු දෙක අරගෙන. මේ මොකවත් දන්නෙ නැති මන්ත්‍රීවරු දෙන්නා, වෙද මහත්තයට බැලමෙහෙවරකම් කරනවා. මන්ත්‍රීවරු දෙන්නට හිටියෙ විජය නන්දසිරි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් දෙපල. හැබැයි මේ දෙක නම් ජනප්‍රිය වුණේ නෑ.
06. තක්සලාව
විකාශනය වුණු අවුරුද්ද නම් මතකයේ නෑ. ඒත් ස්වාර්ණවාහිනියේ ඉදිරිපත් කිරීමක් කියලා නම් මතකයි. "තක්සලාව" මම දකින්නෙ 2016 අවුරුද්දේ තිරගත වුණු "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ ටෙලි නිර්මාණයක් විදිහටයි. කතා තේමාව එකයි. ඒ වගේම හරිම කාලෝචිතයි. බොහොම තරුණ ගුරුවරියකට, බොහොම දුෂ්කර ගමකට ගුරු පත්වීමක් හම්බවෙනවා. නියගයට අහුවුණු, වේලිලා ගියපු ශුෂ්ක පරිසරයක් තියෙන, අලි ගම් වදින, සතා සර්පයින් වන සතුන් ගැවසෙන, ගුරු පාරක් තියෙන, විදුලිය නැති, පහසුකම් නැති ගමක්. මේ ගමේ ඉස්කෝලෙ තියෙන්නෙ පුංචි පොල් අතු පැළක් විතරයි. ළමයි එන්නෙ සාමාන්‍ය ඇදුම් ඇදගෙන. සෙරෙප්පු දෙකක් ගන්නවත්, පොතක් පතක් ගන්නවත් මේ ගමේ මිනිස්සුන්ට සල්ලි භාගෙ නෑ. හරිම අමාරු ජීවිතයක් ගෙවන්නෙ. පැළ ඇතුළෙ හැමෝටම ඉඩ නෑ. ඉස්කෝලෙ සමහරක් පන්ති තියෙන්නෙ ගස් යට. ඒත් ප්‍රාථමික අංශයක් විතරයි තියෙන්නෙ.
ඉතින් මේ ඉස්කෝලයේ දිගටම සේවය කරන්න හිතාගන්න ගුරුවරිය මේ පැල්පත ලොකු කරලා, වෙනම මඩුවක් හදනවා පොල් අතුයි, මැටියි පාවිච්චි කරලා. ඊට පස්සෙ වෙනම පුස්තකාලයක් හදලා, ළමයින්ට ගුරුතුමියගෙ වියදමෙන් අකුරු ඉගෙන ගන්න පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ අරගෙන දීලා, පාසල් නිළ ඇදුම් මස්සවලා, හැම ළමයෙක්ම අධ්‍යාපනික වැඩවලට උනන්දු කරවලා, ඉස්කෝලෙ එන්නෙ නැති ළමයින්වත් ඉස්කෝලෙ එන විදිහට වැඩපිළිවෙලක් හදනවා. උගන්වන ක්‍රමයත් අමුතුම සහ ප්‍රායෝගික ක්‍රමයකට කරනවා. මේ නිසා ගමේ හැමෝගෙම වගේ හිත් දිනා ගන්නත්, ඉස්කෝලය දියුණු කරන වැඩවලට සහයෝගය අරගන්නත් පුලුවන් වෙනවා. මේ ඉස්කෝලයේ හිටියෙ තවත් එක ගුරුතුමෙක් විතරයි. ජාතික ඇදුමෙන් සැරසිලා ඉන්න එයා තමයි ඉස්කෝලෙ විදුහල්පති. විදුහල්පතිතුමාගෙන් විතරක් නෙවේ, ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙනුත් අප්‍රමාණ සහයෝගයක් ගුරුතුමියට හම්බුනා.
ඉස්කෝලෙත් එක එක විදිහේ ළමයි තමයි හිටියෙ. බිහිරි ළමයෙක් හිටියා. පන්සලේ පොඩි හාමුදුරුවොත් ඉගෙන ගත්තෙ මේ ඉස්කෝලෙ. ඉස්කෝලෙට එන්න තියෙන්නෙ ලදු කැළෑවක් මැද්දෙ. ලදු කැළෑවෙ ගහක් උඩ ඉන්නවා ළමයෙක්. ගුරුතුමිය කරන්නෙ හැමදාම මේ ගහ යටින් කතන්දර පොතක්, එහෙමත් නැත්නම් අකුරු ලියන්න පොතක් තියලා යනවා. මේ ළමයා මේ පොතෙන් ප්‍රයෝජන අරගෙන ආයිත් මේ පොත ගහ යටින් තියනවා. පහුවෙනිදට ගුරුතුමිය ඒ පොත අරන් ඒ ළමයා ලියලා තියෙන ඒවායේ හරි වැරදි බලලා, අලුත් පොතක් තියනවා. ගුරුතුමියගේ කැපවීම කොයිතරම්ද කියනවා නම් ගමේ වැඩිහිටියන්ටත් අකුරු උගන්වන්න වෙනම පන්ති පැවැත්තුවා.

කාලයක් ගියාම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකුත් එනවා මේ ඉස්කෝලෙ ගැන වාර්තාවක් ලියන්න. මේ ගුරුතුමිය ඉස්කෝලෙට උදව් කරනවට කැමති නැති මනුස්සයෙකුත් හිටියා. ඒ තමයි ලූකස්. ලූකස්ට තිබ්බා කුඹුරු. ඒවායේ වැඩ කරන්න ළමයි ඕන. ගුරුතුමිය ඉස්කෝලෙට ආපු එකෙන්, කුඹුරු වැඩවලට ළමයි එන එක නැවතුනා. ඉතින් එයාගෙ වැඩේම ගුරුතුමියට තර්ජනය කරන එකයි, ගම පුරාවටම කැළෑ පත්තර ගහලා, කට කතා පතුරවන එකයි. දවසක් ඉස්කෝලෙ අයව ගුරුතුමිය එක්කන් යනවා සීගිරිය බලන්න. ගිහින් එනකොට ලූකස් ඉස්කෝලෙ ගිනි තියලා දාලා. ඒත් ගුරුතුමිය ආයිත් ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ පොල් අතු මඩුව තිබ්බ විදිහටත් වඩා හොදට හදනවා. ඊට පස්සෙ ගුරුතුමිය යන එන පාරක ලූකස් ඌරන්ට අටවන තුවක්කුවක් බදිනවා. අන්තිමේදි ගුරුතුමියගෙ කකුලට වෙඩි වැදිලා ඉස්පිරිතාලෙ අරන් යනවා. එදා ඉදලා ගුරුතුමියගෙ කකුල අඩපණයි. ඊට පස්සෙ ගුරුතුමිය ඉස්කෝලෙන් අස්වෙලා කොළඹ යනවා.
අවුරුදු ගණනාවකට පස්සෙ ගුරුතුමියට ආරාධනාවක් හම්බවෙනවා ඉස්කෝලෙට එන්න කියලා. ඒ උපහාර උළෙලකට. ගුරුතුමියත් යනවා. ඒ කාලෙ වෙනකොට ගම හොදටම වෙනස් වෙලා. සිසුන් ගණන සීඝ්‍රයෙන් වර්ධනය වෙලා. හැමෝටම නිළ ඇදුම් තියෙනවා. කලින් තිබ්බ පොල් අතු මඩුව පුස්තකාලයක් විදිහට තියෙන අතරේ වටේටම ගොඩනැගිලි නිර්මාණය වෙලා. ගුරුතුමියගේ ගෝල බාලයින් හැමෝම හොද වැදගත් තැන්වල රැකියාවේ නිරත වෙනවා. ඉස්කෝලෙ විදුහල්පති විදිහට ඉන්නෙ ඒ කාලෙ වාර්තාව ලියන්න ආපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාව. එයා වගේම විදුහල්පතිතුමා ඇතුළුව ගුරුතුමියට උදව් කරපු ගමේ හැමෝම හොදටම වයසට ගිහින්. ලොකු හාමුදුරුවො අපවත්වෙලා. පොඩි හාමුදුරුවො, නායක හාමුදුරුවො වෙලා. ඒ වගේම ගුරුතුමියට ඒ කාලයේ නවාතැන් දුන්නු ගෙදර හිටපු ගෑණු මනුස්සයාගෙ පුතා, ගුරුතුමියට තුවක්කුව බැදපු ලූකස්ට වෙඩි තියලා හිරේ ගිහින්. කතාවේ අන්තිම කොටස හරිම සංවේදි එකක් වුණා. ඉවරවෙන කොට ඇස් දෙක හොදටම දනවා. ඒ තරමටම ඇස් දෙකේ කදුළු.
ගුරුතුමිය, විදුහල්පති, ලූකස්, ගුරුතුමියට නවාතැන් දුන්නු කාන්තාව, කාන්තාවගේ පුත්‍රයා (සේනක), කාන්තාවගේ බෑනා වගේ චරිතවලට පණ දුන්නෙ පිළිවෙලින් හිමාලි සයුරංගි, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, චාන්දනී සෙනවිරත්න, ජගත් මනුවර්ණ, චමින්ද සම්පත් ජයවීර යන අයයි. අනිත් චරිතවලටත් දක්ෂ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක්ම පණ දුන්නත් ඒ අයගේ නම් මතකයේ නෑ.
07. සෙල්ලම් ගෙදර
මේක 2001, 2002, 2003 අවුරුදුවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වුණා. මම දකින විදිහට 100%ක්ම ළමයින් වෙනුවෙන්ම නිෂ්පාදනය වුණු එකම ටෙලිනාට්‍යය මේකද කොහෙද. හැමදාම හවසට එකම තැනකට එකතු වෙන්න පුරුදුවෙලා ඉන්න ළමයි පිරිසක්, සමාජයේ තියෙන මොකක් හරි මාතෘකාවක් ගැන කතාවෙලා, ඒ මාතෘකාවට අදාළව සෙල්ලම් ගෙදරක් දානවා. ඉතින් පුංචි ළමයි ලිප්ස්ටික් තලි ගාගෙන, රැවුල් ඇදගෙන, සාරි පටලවගෙන රගපානවා ලොකු ලොකු මිනිස්සු විදිහට. ගෙවල් හදලා, පොඩි පොඩි අහක දාන කොහු මිටවල් එකතු කරලා වාහන හදලා..... බලන් ඉන්නකොටත් හිනා. ඒක අපි උපරිමයෙන්ම රස වින්දා ඒ කාලේ. තේමා ගීතයත් විශිෂ්ඨයි. ලොකු අර්ථයක් තියෙනවා. ගායිකාවගේ කට හඩත් ලස්සනයි. යක් බෙරෙත් එක්ක හොද රසයක් එකතුවෙලා තියෙනවා. මේ නාට්‍යයේ හැමදාම එකම ළමා නළු නිළි පිරිස නෙවේ හිටියේ. හැම සතියෙම අලුත් අලුත් අය තමයි ඉන්නෙ. ඒ නිසා ඒ අයගේ මූණු මතක හිටියේ නෑ. 2002 අවුරුද්දෙ ආපු බිහිසුණු ගං වතුරට, මේකෙ රගපාපු ගෑණු ළමයෙක් අහුවෙලා නැති වුණා. ස්වාධීන රූපවාහිනියෙනුත් ඒ ආරංචිය පල කළා. ළමයාගෙ මූණ මතක නැතත්, රගපාපු කතාව මතක නැතත්, එදා නම් මේ නාට්‍ය බලපු අපි හැමෝම දුක් වුණා.
08. හිරුට මුවාවෙන්
හිරුට මුවාවෙන් ආවේ කවදද, විකාශනය වුණේ මොකේද කියලා නම් කියන්න දන්නෙ නෑ. හේතුව ඉතින් මම ඒ කාලෙ හිටියෙ නැති නිසා. මේක බැලුවෙ මොකක් හරි සැටලයිට් නාලිකාවක, නැවත විකාශයකදි. අපේ අම්මලා තාත්තලාට අනුව නම් ඒ කාලෙ මේක බලන්න පුදුම උණක් තිබ්බලු. වරද්දන්නෙ නැතුව බැලුවලු. මේක ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ "හිරුට මුවාවෙන්" කියලා නෙවේ. "ඉදි ආප්ප කතාව" කියලා. හේතුව ඉදි ආප්ප හදන ගෙදරක හිටපු ගෑණු ළමයෙක් අල්ලලා ගෙතුන කතාවක් නිසා. ලොයිඩ් කරලියද්ද කියන්නෙ කර්මාන්ත ශාලාවක් අයිති හොද ඉහළ පැලැන්තියක ජීවත් වෙන කෙනෙක්. මෙයාගෙ එකම එක පුතා තමයි කුසල්. ලොයිඩ් කර්මාන්ත ශාලාවේ වැඩ විතරක් නෙවේ, ගෙදර වැඩත් හමුදා පාලනයක් යටතෙ තමයි කරගෙන ගියේ. මේ ගෙදරට හැමදාම ඉදි ආප්ප සපයනවා, ඒ ගමේම දුප්පත් පවුලක විල්සන් කියලා මනුස්සයෙක්. මෙයාට හිටියා චණ්ඩි ගතිගුණ තියෙන පුතෙකුයි, දූලම තුන් දෙනෙකුයි. ඉතින් කොහොමින් කොහොමහරි කුසල් සහ විල්සන්ගේ දෙවෙනි දුව වුණු ප්‍රීතිමාලි අතරේ ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ටික කාලයක් යද්දි තමයි කුසල්ට ඉව වැටෙන්නෙ කුසල්ගෙ හොදම යාලුවත් ප්‍රීතිමාලිට ඇහැ ගහගෙන ඉන්නෙ කියලා. ඒ වගේම ප්‍රීතිමාලිගෙ අයියා සහ ගෙදර අයත් මේ සම්බන්ධෙට කැමති වුණේ නෑ. කුසල්ගෙ ගෙදරින් ප්‍රීතිමාලිගෙ ගෙදරට දැඩි තර්ජන එල්ලවෙනකොට, කුසල්ව නිවාස අඩස්සියේ තියෙන තත්වයකට පත් වුණා. කුසල් සහ ප්‍රීතිමාලි මේ තර්ජන සහ අභියෝග ජය ගන්න හදන විදිහ තමයි කතාවෙ යන්නෙ.
කුසල් නිතරම යන්න පුරුදු වෙලා හිටියෙ එයාගෙ ලොකු තාත්තාගෙ ගෙදරට. තාත්තාගෙ තරම් රෞද්‍ර ගතිගුණ ලොකු තාත්තට පිහිටලා නෑ. හරිම සරල කරුණාවන්ත මනුස්සයෙක්. ඉතින් මේ දෙන්නා හරිම යාලුයි. විහිළුවෙන් තමයි ඉන්නෙ. ලොකු තාත්තාගෙ නෝනා, ඒ ගෙදර පූසෙක් ඇති කළා. එයාට නම දාලා තියෙන්නෙ "ජැක්සන්" කියලා. ඉතින් කොයි වෙලාවෙ බැලුවත් ලොකු අම්මා "ජැක්සන් ජැක්සන් ජැක්සන්" කියලා එක
|
|
රටාවකට, මහ සද්ධෙට කෑ ගහනවා. ඒ ගෙදර පූසාට තිබුණෙ, ලොකු තාත්තාටවත් නැති සැළකිලි. "චකබ්‍රලාස්" කියන වචනය මිනිස්සු අතරට ආවෙ මේ නාට්‍යයෙන්. තරුණ වයසෙ හිටපු කුසල් සහ කුසල්ගෙ යාලුවා අතරේ වුණු දෙබස් නිසාත්, කුසල් සහ කුසල්ගෙ ලොකු තාත්තා අතරේ හුවමාරු වුණු දෙබස් නිසත් මේ නාට්‍ය සිනහවෙන් පිරුණා. රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ රංගනයත් හරිම තාත්විකයි. මේකෙ තේමා ගීතය හරිම සරලයි. සරල වාදන භාණ්ඩ. ඒ නිසා ඒ සංගීතය මතක හිටිනවා. මේකෙ රගපාපු අයගෙන් සැළකිය යුතු පිරිසක් අද අපි අතරේ නෑ. ඒ අතරින් කුසල්ගෙ අම්මා, කුසල්ගෙ තාත්තා, කුසල්ගෙ ලොකු තාත්තා, ප්‍රීතිමාලිගෙ තාත්තා, ප්‍රීතිමාලිගෙ අයියා විදිහට රගපාපු මානෙල් ජයසේන, දයා අල්විස්, ජී.එච්.ජයවර්ධන, රාජා සුමනපාල, සිරිල් ධර්මවර්ධන වගේ අති දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ප්‍රධානයි. කුසල් විදිහට කමල් අද්දරආරච්චි රගපානකොට, ප්‍රීතිමාලා විදිහට චම්පා ශ්‍රියාණි වික්‍රමතන්ත්‍රි රගපෑවා. කුසල්ගෙ යාලුවා විදිහට ශ්‍රියන්ත මෙන්ඩිස් සහයෝගය දුන්නා.
09. නාන කාමරේ
ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු "නාන කාමරේ" ටෙලිනාට්‍යය, විකාශනය කරපු අවුරුද්ද නම් දිව අග තිබ්බට, එළියට එන්නෙම නෑ. ප්‍රධාන චරිතය රගපාන්නෙ බංදු සමරසිංහ මහත්මයා. බංදු සමරසිංහ මහත්මයාගෙ ටෙලිනාට්‍යය සහ චිත්‍රපට හිසේ කෙස් ගාණටත් වඩා බලලා ඇති. හැබැයි මම දැකපු විශිෂ්ඨතම රංගනය තියෙන්නෙ මේ ටෙලිනාට්‍යයේ. ගොඩක් දෙකයි පනහෙ චිත්‍රපටවල වගේ, අපිටම කුචිකවාගෙන හිනා යන අවස්ථා මේකෙ නෑ. මේකෙ තියෙන්නෙ එතුමාගේ ස්වභාවික විහිළු. ඒවට කිසිම ආයාසයකින් තොරව හිනා යනවා. සමහරක්විට මේකෙ අධ්‍යක්ෂණයට සහය වුණු ගිරිරාජ් කෞශල්‍ය මහත්මයගෙ මෙහෙයවීම නිසාද දන්නෙත් නෑ. නාට්‍යය රසවත් වෙන්න රංගන ශිල්පියාගේ හැකියාව වගේම පිටපත සහ අධ්‍යක්ෂකවරයත් ප්‍රබල වෙන්න ඕන. රෝයි ද සිල්වා මහත්මයා අධ්‍යක්ෂණය කරපු පිස්සු ඩබල්, සර් ලාස්ට් චාන්ස් වගේ චිත්‍රපටවලින් විජය නන්දසිරි මහත්මයා නිකං ගොම ගොඩක් ගාණට වැටුනත්, ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයා අධ්‍යක්ෂණය කරපු සිකුරු හතේ, සුහද කොකා චිත්‍රපටවලින් සහ එතුමා ටෙලිනාට්‍යයෙන්, විජය නන්දසිරි මහත්මයා ඉහළින්ම වැජඹුනා. කොහොම හරි බංදු මහත්මයාගේ රංගනය නම් අතිවිශිෂ්ඨයි. මේ ටෙලිනාට්‍යය බලන්න ඉදගත්තම, හැමදාම කැස්සක් එක්ක තමයි නැගිට්ටෙ. ඒ තරමටම හිනාවෙලා. බංදු සමරසිංහ මහත්මයා නිරූපණය කළේ පොඩි මහත්තයාගේ චරිතය. පොඩි මහත්තයා කියන්නෙ එක ගමක, නාන කාමරයක් පවත්වාගෙන යන, උසස් පෙළ පතකින් පැවතුනත්, සාමාන්‍ය විදිහට ජීවත්වෙලා ඉන්න, සරල මනුස්සයෙක්. පෙනුමෙන් නම් කොමඩි චරිතයක් වුණාට, ඇත්තටම ගත්තොත් පොඩි මහත්තයා කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි කොමඩියක් විදිහට පේන්නෙ එයා ගන්න සමහරක් තීන්දු තීරණ සහ එයාගේ කතා කරන, යන එන විදි නිසා. මේ කතාව පුරාවටම ගියේ නාන කාමරයේදි පොඩි මහත්තයට වෙන එක එක විදිහේ ජල්තර වැඩ ගැනයි.
බිංදු (රොඩ්නි වර්ණකුල) තමයි පොඩි මහත්තයාගෙ දකුණු අත. ඉතින් මේ දෙන්නා අතරෙ කිසිම රහසක් නෑ. පොඩි මහත්තයගෙ මැණිකෙ (සුසිලා කෝට්ටේගොඩ) හරිම කටකාර, විසේකාර චරිතයක්. පොඩි මහත්තයාට හරිම ආදරේ. ආදරේ වැඩිකම නිසාම බනිනවා. පොඩි මහත්තයාගෙ හිත තිබුණෙ ගමේ කඩේ හිටපු ලස්සන සුකුමාල ගැහැණියක් වුණු සුමනාවතී (රෙබේකා නිර්මලී) ළගයි. සුමනාවතීගෙ මිනිහා සාදිරිස් (ලාල් කුලරත්න). ඕපදූප හොයන මැෂිමක්. ඕන්නැති දෙයක් නෑ. කතා කරන්න ගියාම නතර කරන්නෙම නෑ. ඊට අමතරව ගමේ හිටියා ලෝව්රන්ස් (ප්‍රියන්ත සෙනවිරත්න) කියලා ඉහළ පැලැන්තියක, ටයි කෝට් තොප්පි බස්තම්වලින් සැරසුණු ඉංග්‍රීසි කතා කරන මහත්තයෙක්. මෙයා තමයි මේ අයගෙ උපදේශක. තව හිටියා හැමතිස්සෙම හින්දි සිංදුවෙන්ම කාලය ගෙවන, කෑමට බීමට උපන් හපන්කම් තියෙන, මෝඩ පහේ චරිතයක්. එයාට හැමෝම කිව්වෙ බහිරව (ඇන්ටන් ජූඩ්) කියලා. ඉතින් මේ අය තමයි මේ නාට්‍යය රසවත් කළේ. තවත් ප්‍රසිද්ධ අය සහය චරිතවල හිටියා.
තේමා ගීතයත් හරිම විනෝදයි. ඇන්ටන් ජූඩ් සහ රොඩ්නි වර්ණකුල දෙපලගේ ගායනයෙන් හැඩවෙලා තියෙනවා. මේකට රංගන දායකත්වය සපයපු රෙබේකා නිර්මාලි මහත්මියව සහ ඇන්ටන් ජූඩ් මහත්මයව ආදරයෙන් සිහිපත් කරන්න ඕන මේ අවස්ථාවෙදි. මේකෙන් පස්සෙ ආවා "දර ගැරෙජ්" කියලා ටෙලියකුත්. ඒකෙත් හිටියෙ මේ චරිතම තමයි. ඒකෙ නාන කාමරය වෙනුවට තිබුණෙ ගරාජ් එකක්. ඒක නම් මේක තරම් ප්‍රසිද්ධ වුණේ නෑ.
ඒ වගේම මේ ටෙලිනාට්‍යය දෙකටම පාදක වෙලා තියෙන්නෙ බංදු සමරසිංහ මහත්මයාගෙ තාත්තාගෙ චරිතයක් කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? බංදු මහත්මයාගෙ තාත්තා විශ්‍රාම ගියායින් පස්සෙ නාන කාමරයක් සහ ගරාජ් එකක් දැම්මලු. එයාටත් ඒ පැත්තෙ කට්ටිය කිව්වෙ "පොඩි මහත්තයා" කියලලු. ඒ වගේම බංදු මහත්මයාගෙ තාත්තාට වුණු සමහර වැඩත්, මේ නාට්‍යයවල අන්තර්ගත කරලා තියෙනවා. උදාහරණයක් විදිහට "නාන කාමරේ" එක දර්ශනයක් තියෙනවා..... පොඩි මහත්තයා විතරක් ගෙඩි කන, පොඩි මහත්තයම හිටවලා තියෙන පැපොල් ගහකින්, පැපොල් ගෙඩියක් බහිරවට කඩලා දෙනවා මැණිකේ. පොඩි මහත්තයා මේක ගැන අහනකොට මැණිකෙ කියනවා "කපුටො දෙන්නෙක් උස්සන් ගියා" කියලා. පොඩි මහත්තයා දැන ගන්නවා, එයාට හොරෙන් මැණිකෙ කාටහරි මේකෙ ගෙඩි දීලා කියලා. පොඩි මහත්තයා පොරවක් අරන් ඇවිත් "මම හිටවපු පැපොල් ගහේ මට ගෙඩි කන්න බැරිද? මට කන්න බැරි නම්, වෙන එකෙකුටවත් මේකෙ කන්න බෑ" කියලා පැපොල් ගහ කපනවා. මේක බලන් හිටපු මැණිකෙ, ඒ පොරවම අරන් ගිහින් හේතුවක් නැතුව, එයා හිටවපු කෙහෙල් ගහක් කපලා දානවා. මේ සිදුවීම බංදු මහත්මයා පොඩි කාලයේ එයාගෙ ගෙදර වුණු ඇත්ත සිදුවීමක්.

10. ඉන්ගම්මාරු කතා
මතකය හරි නම් මේක විකාශය වුණේ 1997 / 1998 අවුරුදුවල ජාතික රූපවාහිනිය හරහා. ඒ කාලෙ තිබුණු හොදම ටෙලිනාට්‍යයක්. මුඩුක්කු පරිසරයක් තියෙන ඉඩමක, පැල්පත් අටවගෙන ජීවන යුද්ධය ජය ගන්න දගලන මිනිස්සු සහ ඒ අය වටා ගෙතෙන දේශපාලනික, සාමාජීය, සංස්කෘතික, ආර්ථික තත්වයන් ගැන කියවෙන කතා තමයි විකාශය වුණේ. මේකෙන් සමාජයට පණිවිඩයකුත් දුන්නා. මේ වගේ පරිසරවල ඉන්න බහුතරයක් මිනිස්සු, අපි හිතන තරම්ම නරක මිනිස්සු නෙවේ කියන එක. ඒ අය තුළත් මනුෂ්‍යත්වය කියන දේවල් තියෙනවා කියන එක. ඒ අයත් මිනිස්සු කියන එක. හැබැයි නරක ගතිපැවතුම් තියෙන අයත් නැතුවා නෙවේ. මේ අය අතරෙ ලොකු එකමුතුකමක් තියෙනවා. උදාහරණයක් විදිහට කාට හරි කරදරයක් වුණාම හැමෝම එතන. මේකට රංගන දායකත්වය දුන්න හැමෝම සුප්‍රසිද්ධ අය. ඒ අතරින් ප්‍රධාන චරිතයක් රග දක්වපු අපේ ආදරණීය එච්.ඒ.පෙරේරා මහත්මා වගේ අය අද අපි අතරේ නෑ. තවත් සමහරු දැන් විදෙස්ගත වෙලා. තවත් හුග දෙනෙක් රංගන ජීවිතයට සමු දීලා. තේමා ගීතයට තිබුණෙ හරිම සරල ගීතයක්. "අ ආ අ ආ අ ආ අ ආ ආආආආආ...." කියන තාලෙන් තමයි ගියේ. ටෙලිනාට්‍යයේ අනිත් පසුබිම් සංගීත ගත්තොත්, කලබලයක් ඇති වුණාම යක් බෙරයක් සහිත ගීතයක් වාදනය කෙරෙව්වා. ඒකටත් මම ගොඩක් ආස කළා.
11. අසල්වැසියෝ
අභාවප්‍රාප්ත වුණු බන්දුල විතානගේ ශූරීන් අධ්‍යක්ෂණය කරපු, සෝමවීර සේනානායක ශූරීන් රචනා කරපු, ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ ටෙලිනාට්‍යයත් මට බලන්න හම්බුණේ දෙවන වර විකාශනයෙදි. හැබැයි මුලින්ම විකාශය වුණේ 1989 කියලයි ආරංචිය. එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර ඉන්නවා ගෑණු කෙනෙක්. මෙයාගෙ නම ජොසපින්. ජොසපින්ගෙ මහත්තයා එයාව දාලා ගිහිල්ලා. ජොසපින්ට ඉන්නවා ගෑණු ළමයිම තුන් දෙනෙක්. මෙයාලා මධ්‍යම පාන්තිකයින් යටතට වැටුණත් ඉහළ පාන්තිකයින් වගේ සමාජය ඉස්සරහා පෙනී ඉන්න උත්සාහ කළා. ලොකු දුව තමයි සුරංගනී. එයා හරියට ඉගෙන ගෙනත් නෑ. රූප සම්පත්තිය පිහිටලත් නෑ. එයා ගොඩක් වයස වුණත්, තාම කසාද බැදලා නෑ. මේ නිසා මෙයා මානසික රෝගයකින් තමයි ඉන්නෙ. දෙවෙනි දුව කුමාරි. ටිකක් දුරට ඉගෙනගෙන තියෙන, රූප සම්පත්තිය තියෙන, කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සාහ කරමින් ඉන්න කෙනෙක්. තුන්වෙනි දුව තමයි ප්‍රියානි. එයා උසස්පෙළ ලියන්න ලෑස්තිවෙන කෙනෙක්.
මේ ගෙදර පිටිපස්සට වෙන්න හිස් කාමරයක් තියෙනවා. ඉතින් ආදායමක් උපයන්න ඕන නිසා මෙයාලා කළේ එක පවුලකට මේ කාමරය බදු දීපු එකයි. ඒ කාමරය බද්දට ගත්තෙ තාත්තා කෙනෙකුයි, පුතාලා දෙන්නෙකුයි. තාත්තාගෙ නම පෝල්. හැමෝම කතා කළේ පෝල් මහත්තයා කියලා. මෙයාට හරි හමන් රස්සාවක් නෑ. ටයි කෝට් ඇදලා ඉහළ පැලැන්තියෙ කෙනෙක් විදිහට සමාජය රවට්ටන ගමන්, එක එක තැරැව්කාර වැඩ කර කර, රේස් ඔට්ටු දදා ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම සමාජයට කියන්නෙ වැදගත් නීතීඥයෙක් කියලයි. මෙයාට හිටියා පුතාලා දෙන්නෙක්. ලොකු පුතා තමයි ජයමංගල. එයා පත්තර කන්තෝරුවක අකුරු අමුණන කෙනෙක්. එයා ළග හොර බොරු නෑ. සාධාරණ කෙනෙක්. එයාගෙ හිතේ කසාදයක් කර ගන්න අදහසක් නෑ. පොඩි පුතා ප්‍රදීප්. මෙයා හැමෝටම කියන්නෙ එයා ඉන්ජිනේරුවෙක් කියලා. ඒත් ඇත්තටම එයා ගරාජ් එකක බාස් කෙනෙක්.
ඉතින් ඉහළ පැලැන්තියේ පවුලක් කියලා තමයි පෝල් මහත්තයා පුතාලත් එක්ක මේ ගෙදර ආවේ. ජොසපිනුත් පෝල් මහත්තයාට කියලා තිබුණෙ එයාලත් ඉහළ පැලැන්තියේ පවුලක් කියලා. ජොසපින්ට අදහසක් තිබුණා කොහොම හරි වැඩිමහල් දුවලා දෙන්නව, පෝල් මහත්තයාගෙ පුතාලට කසාද බන්දවලා දෙන්න. පෝල් මහත්තයට අදහසක් තිබුණා පුතාලා දෙන්නව ඒ ළමයින්ට කසාද බන්දවලා, ජොසපින්ගෙ ගෙදරයි ඉඩකඩම් ටිකයි දෑවැද්දට ලියා ගන්න. සුරංගනීගේ හිත තිබුණේ ජයමංගලටයි. ඒත් ජයමංගලට නම් කසාදයක් ගැන කැමැත්තක් ආසාවකටවත් ආවේ නෑ. මේ අතරේ ප්‍රදීප් සහ කුමාරි අතරේ ආදර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ජොසපිනුත් කෑම ව්‍යාපාරයකට අත ගහනවා. පෝල් මහත්තයාලට කෑම විකුණනවා උදේටයි රෑටයි.

ටික කාලයක් ගියායින් පස්සෙ දෙගොල්ලන්ගෙම හොර වැඩ, දෙගොල්ලන්ටම මාට්ටු වෙනවා. ඔන්න ඉතින් එක ගෙදර ඉදගෙන දෙගොල්ලන්ම දෙගොල්ලන්ට විරුද්ධව එක එක විදිහේ වැඩ කරනවා. ජොසපින්ලට පෝල් මහත්තයලව එලව ගන්න ඕන වෙනවා. ඒත් පෝල් මහත්තයට විරුද්ධව මොකුත් කරන්න බෑ. මොකද එයාලා කාමර කුලිය වරද්දන්නෙ නැතුව දෙනවා. අන්තිමේදි ඉතින් එයාලව යවා ගන්න ඕන නිසා කෑම දෙන එකයි, වතුරයි, විදුලියයි නතර කරනවා. එහෙම කරලා තමයි මෙයාලව ගෙදරින් යවන්නෙ.
හැබැයි මේක බලාගෙන ඉන්න පුලුවන් තරමේ සුන්දර කතාවක්. විනෝදයට බර දේවල් එහෙමත් නැතුවා නෙවේ. පෝල් මහත්තයා, ජයමංගල, ප්‍රදීප්, ජොසපින්, සුරංගනී, කුමාරි, ප්‍රියානි කියන චරිත හය තමයි ප්‍රධාන චරිත. ඒවට හිටියේ පිළිවෙලින් හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඇලන් සිල්වෙස්ටර්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස් කියන නළු නිළි පිරිස. යශෝධා විමලධර්මත් හිටියා ප්‍රියානිගේ මිතුරියක් විදිහට. ඒ කාලේ හරි හුරුබුහුටි කෙල්ලක්. තවත් ප්‍රසිද්ධ අය ගොඩක් මේකෙ හිටියා. ඒ අයගෙනුත් කිහිප දෙනෙක් අද අපි අතර නෑ. ග්‍රැන්ඩ්විල් රොද්‍රිගෝ මහත්මා එයින් එක්කෙනෙක්. ඊට අමතරව ජොසපින්ට පණ දීපු ඇලන් සිල්වෙස්ටර් මහත්මියත් හුග කාලෙකට කලින් අභාවප්‍රාප්ත වුණා. ඒක අදටත් හුග දෙනෙක් දන්නෙ නෑ. මාධ්‍යයෙන් ප්‍රචාරය කළෙත් නෑ. ඇලන් සිල්වෙස්ටර් මහත්මිය කලාවට කරපු කැප කිරීම් වෙනුවෙන් කාගෙවත් ඇගයීමකටවත් ගෞරවයකටවත් පාත්‍ර වුණේ නෑ කියන එකයි මගේ අදහස.
පිටපත ලියපු සෝමවීර සේනානායක ශූරීන් මේ හැම චරිතයක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේදී දැකපු සමාජයේ එක එක පන්තිවල ජීවත්වෙන චරිත ඔස්සේ. සෝමවීර සේනානායක මහත්තයාගෙ ගෙදර ඉස්සරහින් ඒ දවස්වල නිතරම එහාට මෙහාට මනුස්සයෙක් යන්න පුරුදුවෙලා හිටියලු. හැමදාම එකම ඇදුම ඇදගෙනලු යන්නෙ. කළු කලිසම, සුදු කමිසය, කෝට් බෑය, කිහිල්ලෙ ගහගෙන යන හද්ද පරණ බෑග් එකක් එහෙම තියෙනවලු. එහෙම ගිහිල්ලා හම්බවෙන අයගෙන් විකුණන්න තියෙන දේවල් ගැන අහලා, තැරැව්කාර වැඩ කරනවලු. භාගයක් ඉංග්‍රීසියෙන් කතාවලු. ඉතිරි භාගෙ සිංහලෙන්ලු. කුතුහලය නිසා සෝමවීර මහත්තයා දවසක් මෙයාගෙ පස්සෙන් ගියාලු. කරන කිසිම වැඩක් නෑලු. ඔහේ ඇවිද ඇවිද ඉදලා, තැපැල් කන්තෝරුවට ගිහින්, ටෙලිග්‍රෑම් ලියන එව්වට උදව් කරලා කීයක් හරි අරන් ආයිත් එනවලු. ඊට පස්සෙ ඒ පැත්තෙම තවත් ලන්සි මනුස්සයෙක් හිටියලු. මෙයාගෙ වැඩේ පොල් කඩන එකලු. මෙයා පොල් ගහට නැගලා, පොල් ගෙඩියට තට්ටු කරලා "Not Bad" කියනවලු. ඉතින් මේ දෙන්නගෙ එකතුවෙන් තමයි පෝල් මහත්තයව නිර්මාණය කරලා තියෙන්නෙ. "I know the law" කියන වචනයත් පෝල් මහත්තයාගෙ කටින් නිතරම පිටවුණු වචනයක්. ටෙලිනාට්‍යයට බොහොම සිත් ගන්නා සුළු, වේගවත් තේමා ගීතයක් තිබුණා. ඒක ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ නිර්මාණයක්. ටෙලිනාට්‍යයේ ජොසපින් සහ දූලා තුන්දෙනා නිතරම කතා වෙන දෙයක් තමයි බඩු මුට්ටුවල, හාල් එළවළුවල මිළ ගණන්. ඒ නිසා මේකෙන් ඒ කාලෙ තිබුණු ආර්ථිකය ගැනත් හොද දැනුමක් එකතු කරගන්න පුලුවන්.

12. දෙයියෝ සාක්කි
මේ ටෙලිනාට්‍යය විකාශය වුණු අවුරුද්ද නම් මතක නෑ. හැබැයි විකාශය වුණේ ජාතික රූපවාහිනියෙන්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ හරිම අපූරු සංකල්පයක් යටතෙයි. සංකල්පය ගැන කියනවා නම් දිව්‍යලෝකයේ ඉදලා දෙව්වරු තුන්දෙනෙක් මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට ඇවිත් ලෞකිකත්වයට ලොල් වෙලා, ස්ත්‍රී ඇසුරට වැටිලා, එයාලගෙ ධ්‍යාන චිත්ත බලය නැතිවෙලා යනවා. ඉතින් මෙයාලට ආයිත් දිව්‍යලෝකෙට යන්න බැරි වෙනවා. කර කියා ගන්න දෙයක් නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා මනුෂ්‍ය ලෝකයේ කොටුවෙලා ඉන්න.
මේ තුන්දෙනාම ටිකක් මැදි වයසෙ දෙව්වරු. ගමන් කරනකොට දකුණු අත උස්සලා, ආශිර්වාද කරන ස්වරූපයෙන් තමයි යන්නෙ. ඒ කාලෙ නම් මේ ටෙලිනාට්‍යයට විරුද්ධවත් මතයක් ගොඩ නැගුනා. දෙව්වරුන්ට අපහාස කරනවා කියලා. දේව චරිත ත්‍රිත්වයට රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන කියන මහත්වරු. තේමා ගීතයත් ඉස්තරම්. ගායනා කරලා තියෙන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මේ කතාවෙන් පස්සෙත් කොටස් දෙකක්ම ආවා. එක කොටසක තිබුණෙ මේ දෙව්වරුන්ව හොයන්න, දිව්‍යලෝකයෙන් දේවතාවියන් තුන් දෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වෙන්නෙ මේ දෙව්වරුන්ට වුණු දේම තමයි. ඊළග කොටසෙ මේ කණ්ඩායම් දෙක හොයන්න, තුන් දෙනෙක්ගෙන් සැදුම්ලත් තවත් තරුණ දේව කණ්ඩායමක් මනුෂ්‍ය ලෝකයට එනවා. ඒ අයටත් වුණේ කලින් කණ්ඩායම්වලට වුණු සිද්ධියම තමයි. හැබැයි මේ කොටස් දෙක නම් සාර්ථක වුණේ නෑ.

13. හිට් විකට්
මේක 2006 / 2007 වගේ කාලෙදි ජාතික රූපවාහිනියෙන් විකාශය කරපු ටෙලියක්. හොද සංකල්පයක්. මේකෙ තියෙන්නෙ ක්‍රිකට්වලට පිස්සු වැටුනු මනුස්සයෙක් (සරත් කොතලාවල) ගැනයි. මෙයාගෙ හදවත ගැහුනෙත් "ලබ් ඩබ් ලබ් ඩබ්" ශබ්දයෙන් නෙවේ. "ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්" ශබ්දයෙන්. කොයි වෙලාවෙ බැලුවත් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්. මෙයාට හිටියා කට සැර බිරිදකුයි (ජයනි සේනානායක), දුවෙකුයි (පියුමි ශානිකා), පුතෙකුයි. ඉතින් මේ ක්‍රිකට් සිහියෙන් ඉන්න නිසා මෙයාට වෙන ඇබැද්දි ගැන තමයි ටෙලිය පුරාවටම තිබුණෙ. අන්තිමේදි මේ මනුස්සයා එයාගෙ පුතාවත් බලෙන්ම එයාගෙ ඉස්කෝලෙ ක්‍රිකට් කණ්ඩායමට දාලා, එයාටත් ක්‍රිකට් උණ පුරුදු කරනවා. මෙයාට හිටියා ගජ යාලුවෙක් (ආදරණීය ඇන්ටන් ජූඩ් මහත්මයා). මේ දෙන්නම එක වල්ලෙ පොල් වගේ. එයත් හෙනම හෙන ක්‍රිකට් පිස්සෙක්. හරිම විනෝදයට බර කතාවක් තමයි "හිට් විකට්" කියන්නෙ.
14. ගල් පිළිමය සහ බොල් පිළිමය
මේ කතාව 2005 / 2006 වගේ කාලයක ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණු එකක්. මේක 90 දශකයේ වුණු එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. බ්‍රිතාන්‍යයේ ප්‍රදර්ශනයකට හදපු පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන පිළිමයේ ආකෘතියක්, ප්‍රදර්ශනය ඉවරවෙලා ලංකාවට ගෙනල්ලා, වරායෙ පැත්තකට විසික් කරලා තියනවා. මළ, මුත්‍ර, කුණු, ජරාව මැද්දෙ තියෙන මේ පිළිමය තියන්න තැනක් නැතුව ඉන්න වෙලාවක රජයෙන් තීරණයක් අරගන්නවා මේක පොලොන්නරුවට ගෙනල්ලා, ගල් විහාරයේ සැතපෙන පිළිමය ළගින්ම තියන්න. මේ විහාරය බලාගන්න දීලා තියෙන්නෙ උපාලි කියලා මනුස්සයෙක්ට. උපාලි හරිම ශ්‍රද්ධාවන්තයි. හැමදාම උදේ හවස ඇවිල්ලා හැම තැනම පරීක්ෂා කරලා බලලා, සුද්ධ පවිත්‍ර කරලා, මල් පහන් පූජා කරලා, පන්සිල් අරගන්නවා. උපාලිට මේ විහාරයේ වැඩවලින් සොච්චම් පඩියක් හම්බවෙනවා. ඒ ඇරුණම කුඹුරු ගොවිතැන් කරනවා. උපාලිගේ සහායට තවත් කෙනෙක්ව පත් කරලා තියෙනවා. උපාලිට පුතෙක් ඉන්නවා උසස්පෙළ කරන.
ඉතින් අර බොල් පිළිමයත්, ගල් පිළිමය ළගින් තැන්පත් කළායින් පස්සෙ ගල් පිළිමයේ තිබ්බ ඓතිහාසික වටිනාකම එහෙම් පිටින්ම ගියා. ඒ විහාරය අස්වාභාවික වුණා. විහාරයට එන හැමෝම ගල් පිළිමය පැත්තකට දාලා, බොල් පිළිමයට වදින්න කරන්න පටන් ගත්තා. මොකද බොල් පිළිමය පාට ගාපු ලස්සන එකක්.
උපාලිට සහ ගමේ කිහිප දෙනෙක්ටම හිතට අමාරුයි. මෙයාලා ඉතින් සැරෙන් සැරේ කිහිප වතාවක්ම මේ ගැන ඉහළට පැමිණිලි කරනවා. ඒත් රජයේ තීරණයක් නිසා, මේ පිළිමය එතනින් ඉවත් කරන්න ඉහළ නිළධාරීන් කැමැති වුණේ නෑ. |
උපාලිගේ පුතාගෙ පන්තියේ හිටියා කොල්ලො රැලක්. මෙයාලා සාහිත්‍යය පොතපත කියවලා, ජාතික උණක් අරන් හිටපු අය. මෙයාලා එකතුවෙලා මේ පිළිමය අයින් කරන්න ජාතික සටන් ව්‍යාපාරයක් ගෙනිච්චා. අන්තිම හරිය නම් හරියටම මතක නෑ. හැබැයි බොල් පිළිමයට බෝම්බයක් ගහනවා වගේ මතකයක් තියෙනවා. මේකෙ ප්‍රසිද්ධ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රංගනයේ යෙදුනා. උපාලිට රගපෑවෙ ජයලත් මනෝරත්න මහත්මා. උපාලිගේ පුතා තමයි ජගත් බෙනරගම. උපාලිගෙ බිරිද ගීතා කාන්ති ජයකොඩි මහත්මිය. ජනක් ප්‍රේමලාල් මහත්මයා රගපෑවා උපාලිගෙ පුතාගෙ සිංහල ගුරුවරයා විදිහට. උපාලිගෙ සහායකවරයාගේ චරිතය රගපෑවේ ගාමිණී අම්බලංගොඩයි. ධනංජය සිරිවර්ධන, සුජීව ප්‍රියලාල් වගේ අය රගපෑවා උපාලිගෙ පුතාගෙ ඉස්කෝලෙ යාලුවො විදිහට.
ගමේ කංකානම් උන්නැහේගේ චරිතය අභාවප්‍රාප්ත වුණු දයා අල්විස් මහත්මයා රගපාද්දි, උපාලිගේ නෑදෑ චරිතයකට දායක වුණා විනී වෙත්තසිංහ මහත්මයා. විනී වෙත්තසිංහ මහත්තයත් අපෙන් සමු අරගෙන හුග කාලයක් වෙනවා. ඒ මහත්මයාගෙත් කැපවීමට මම දන්න විදිහට නිසියාකාර ගෞරවයක්වත්, ඇගයීමක්වත් ලැබුණෙ නෑ. මරණය ගැන එකම එක මාධ්‍යකින් විතරක් කිව්වා. ඒත් ඒ මාධ්‍යයේ ඒ දවස්වල විකාශය වෙමින් තිබුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයකට, විනී මහත්මයා රංගනයෙන් දායකත්වය දීපු නිසා.
|
තව සෑහෙන ප්‍රසිද්ධ ශිල්පීන් සේනාවක් මේකෙ හිටියා. තේමා ගීතය සහ තේමා ගීතයට දාලා තියෙන රූප රචනය නම් අතිවිශිෂ්ටයි. මේ ගීතය ලියලා තියෙන්නෙ ඩබ්ලිව්.ජයසිරි මහත්මයා. ගායකයාගේ ගැඹුරු කටහඩ, සැතපෙන පිළිමයේ රූපවලට හරියටම ගැලපෙනවා. තේමා ගීතයට දාලා තියෙන්නෙ රාත්‍රී කාලයක අරගත්තු රූප. උදේ දවල් අපි දකින සැතපෙන පිළිමයේ සහ රාත්‍රියේ දකින්න තියෙන සැතපෙන පිළිමයේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා කියලා කවුරුත් දන්නෙ නෑ. රාත්‍රී කාලයේ අපි දකින්නෙ අංග සම්පූර්ණ සැතපෙන පිළිමයක්. ඉර එළිය තියෙනකොට අපි නොදකින අංග ලක්ෂණ රැසක්, රාත්‍රී කාලයේදී අපිට දකින්න පුලුවන්.
15. රම්‍ය සුරම්‍ය
2004 / 2005 ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු මේ නාට්‍ය, අපි කලින් කතා කරපු "අසල්වැසියෝ" ටෙලිනාට්‍යයේ නිර්මාණ සංකල්පයට ගොඩක් දුරට සමානයි. හැබැයි වෙනස්කම් නැත්තෙමත් නෑ. එක ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ඉන්නවා අඹු සැමි යුවලකුයි, දුවෙකුයි, පුතෙකුයි. මේක සිංහල බෞද්ධ පවුලක්. ඒ ඉඩමෙම තවත් ගෙයක් තියෙනවා, අර ගෙදරට මූණ දාලා. ඒක බද්දට දීලා තියෙන්නෙ. ඒ ගෙදරත් ඉන්නවා අඹු සැමි යුවලකුයි, දුවෙකුයි, පුතෙකුයි. හැබැයි එයාලා සිංහල කතෝලික. බද්දට දීපු ගෙදර ගෑණු මනුස්සයට ඕන ඒ ගෙදර මිනිස්සුන්ව යවලා ගැලපෙන කට්ටියක්ව පදිංචි කරගන්න. බද්දට දීපු ගෙදර පදිංචිවෙලා ඉන්න ගෑණු මනුස්සයට ඕන, කට්ට කාගෙන හරි ඒ ගෙදරම ඉන්න. ඉතින් මේ ගෙවල් දෙක තරහයි. ඒත් ඇත්තටම තරහාවෙලා ඉන්නෙ ගෑණු දෙන්නා විතරයි. ගෙවල් දෙකේම ඉන්න පිරිමි අය, එයාලගෙ ළමයි, අනිත් ගෙවල්වල ඉන්න අයත් එක්ක හිනා වෙනවා. කතා බහ කරනවා.
කතෝලික පවුලෙ තවත් දුවෙක් ඉන්නවා. එයා ජීවත් වෙන්නෙ වෙනම. හිටපු ගමන් ඒ පවුලෙ පිරිමි කෙනාගෙ අම්මයි, තාත්තයි ඇවිල්ලා එහේ නැවතිලා ඉන්නවා. ඒ ගෙදර පුතාගෙ වැඩේ හැමදාම සද්ධෙට Drums Practice කරන එකයි. ඉතින් ගෙවල් අයිතිකාර ගෙදර ගෑණු කෙනා ඒකට ගහන්න කියලා හැමදාම හවසට කන් අඩි පැලෙන්න පිරිත් දානවා. අර ගෙදර අය පිරිත් සද්ධෙ වැහිලා යන්න කතෝලික ගීත වාදනය වෙන ඒවා දානවා. ගෙවල් අයිතිකාර ගෙදර ගෑණු කෙනාගෙ මල්ලිත් හැමතිස්සෙම එහේ යනවා එනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක්. කොයි වෙලාවෙ බැලුවත් කට ගොන්නක් බීගෙන වැනි වැනි තමයි ඉන්නෙ. පියවි සිහියෙන් ඉන්න වෙලාවට හැමතිස්සෙම කටේ තියෙන්නෙ ඊශ්‍රයලෙයි පලස්තීනෙයි තියෙන යුද්ධය ගැනයි. බද්දට දීලා තියෙන ගෙදර පදිංචිවෙලා ඉන්න පිරිමි කෙනාගෙ තාත්තා මිනී බෑන්ඩ් ගහන කෙනෙක්. මේ දෙන්න හරි හිතවත්.
කොහොමින් කොහොම හරි ගෙවල් අයිතිකාර ගෙදර ඉන්න ගෑණු ළමයගෙයි, බද්දට ආපු ගෙදර ඉන්න පිරිමි ළමයගෙයි අතරෙ ආදර සම්බන්ධයක් ඇති වෙනවා. මේකට තාත්තලාගෙන් නම් ආශිර්වාදය හම්බුණාට, අම්මලා අතරේ තිබුණු යුද්ධය තවත් ලොකුවට පැතිරෙනවා. ඉතින් ගෙවල් දෙකටම එක එක සතුරුකම්, කෙනෙහිලිකම් කරන මේ අය තේරුම් ගන්නවා ළමයි දෙන්නට මුල් තැන දෙන්න ඕන කියලා. ඔන්න ඉතින් ගෙවල් දෙකේම අය හරිම මිත්‍රශීලී වෙලා එකමුතු වෙනවා. ගෑණු ළමයා කසාද බැදලා අල්ලපු ගෙදරට යනවා.

තව ටික කාලයක් ගියායින් පස්සෙ බද්දට දීලා තියෙන ගෙදර ගෑණු ළමයයි, ගෙවල් අයිති ගෙදර පිරිමි ළමයයි අතරෙත් සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඔන්න ඉතින් ආයිත් ගෙවල් දෙකම යුධ පිටියක් වෙනවා. පස්සෙ ඉතින් ආයිත් මෙයාලා එකමුතුවෙලා ඒ දෙන්නවත් බන්දලා දානවා. බද්දට දීලා තියෙන ගෙදර ගෑණු ළමයා, ගෙවල් අයිතිකාරයින්ගෙ ගෙදරට එනවා. එයා සැපට හැදුනු කෙනෙක්. ගෙවල්වල වැඩ ගැන අවබෝධයක් නෑ. ඔන්න දැන් ඒ ගෙදර ගෑණු මනුස්සයා දිගට හරහට බනිනවා. ඉවසන්න බැරි නිසා මේ ළමයා ආයිත් අල්ලපු ගෙදරට යනවා. ආයිත් ගෙවල් දෙකම යුධ පිටියක් වෙනවා.
සෑහෙන කාලයක් ගියායින් පස්සෙ ඔන්න ආයිත් එකමුතු වෙනවා. ඔන්න ඔය විදිහට තරහා වෙවී, යාලු වෙවී එකමුතු වෙන පවුල් දෙකක් ගැන තමයි කතාව පුරාවටම යන්නෙ. හරිම ලස්සනයි. කට ගොන්නක් බීගෙන රගන ගෙවල් අයිතිකාර ගෙදර ගෑණු කෙනාගෙ මල්ලිගෙ චරිතය රගපාන සහ එහා ගෙදර පිරිමි කෙනාගෙ මිනී බෑන්ඩ් ගහන තාත්තාගෙ චරිතය රගපාන ජයලත් මනෝරත්න සහ හේමසිරි ලියනගේ දෙන්නා ඒ චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. හරිම විනෝදබර චරිත. ළමයින්ගෙ චරිත වුණත් විනෝදයට බරයි. අනිත් හැම චරිතයකටමත් හිටියෙ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන්. නීල් අලස්, චාන්දනී සෙනවිරත්න, සුමින්ද සිරිසේන, කාංචන කොඩිතුවක්කු, බිමල් ජයකොඩි, සුජානි මේනකා වගේ අය ගොඩක් හිටියා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ නවක රංගන ශිල්පියෙක් විදිහට, ඉන්ද්‍රචාපා ලියනගේත් ප්‍රධාන චරිතයක් රගපානවා....

ඉතින් ලිපිය හොදද? ආරම්භයේ ඉදලම පැයකටත් වඩා නාස්තිකරගෙන හරිම අමාරුවෙන් මෙච්චර දුරක් හරි කියවගෙන ආපු එකට ගොඩක් පිං. ඒ වගේම බොහොම ස්තූතියි. මේ ලිපිය දැනටමත් සෑහෙන දිගවෙලා තියෙන නිසා මේ ටික මෙතනින් නතර කරන්න හිතුවා. ඉතුරු කොටස, වෙනම ලිපියකින් ලියන්න හිතුවා. මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන ටෙලිනාට්‍යය ගැන තියෙන මතකයන් අපිත් එක්ක පහළින් බෙදාගන්නත් අමතක කරන්න එපා. මේ ලිපියේ දෙවෙනි කොටසට යන්න පුලුවන්, පහළ තියෙන බොත්තම ඔබලා...