උපසිරැසි කොටන්නෝ
අපේ රටේ සයිබර් අවකාශයේ නිතරම කරක් ගහන අයට නම් "බයිස්කෝප් සිංහලෙන්" කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවේ. ලෝකයේ නිර්මාණය වෙන විවිධ රූපවාහිනි කතා මාලා සහ විවිධ චිත්‍රපට වලට අදාල සිංහල උපසිරැසි කොටස්, අපේ රටේ බයිස්කෝප් පිස්සන් අතරේ බෙදා හරින්න බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ කිසිදු ලාභ ඉපැයීමේ පරමාර්ථයකින් තොරවයි.
මේ අතරේ කණ්ඩායමේ එක්තරා මට්ටමකට ක්‍රියාකාරී සාමාජිකයෙක් එක්ක සංවාදයක නිරත වෙන්න අපිට හැකියාව ලැබුණා. මේ වෙනකොට වැඩියෙන්ම සිංහල උපසිරැසි සපයලා තියෙන 10 දෙනා අතර ඉන්න මේ කෙනා, මේ වෙනකොට (2015.04.10) උපසිරැසි 130කට අධික ප්‍රමාණයක් සපයලා තියෙනවා. ඒත් එයාගේ නම සහ විස්තර ප්‍රසිද්ධ කරනවට නම් එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඉතින් එයාගේ අනන්‍යතාවය ආරක්ෂා කරමින්, දනාගේ පලා මල්ලෙන් කෙරෙන "සොදුරු කතා බහ" විශේෂාංගයේ තවත් පිටුවක් පෙරලන්න තමයි මේ සූදානම.

01. කොහෙද ගම් පළාත?
** පල්ලෙවෙල
02. උපන් අවුරුද්ද?
** 1993
03. "බයිස්කෝප් සිංහලෙන්" ගැන කෙටි හැදින්වීමක් කරමුද?
** බයිස්කෝප් සිංහලෙන් කියන්නේ ඉස්සර රූපවාහිනී නාලිකාවල ගිය විදේශ චිත්‍රපට විකාශනය අඩුවුනු කාලෙ, ඒ අඩුව පුරවන්න එකතු වුණු නිදහස් නිර්මාණකරුවන් පිරිසක් විසින් හදපු වෙබ් අඩවියක්. මූලික අරමුණ තමයි රූපවාහිනී නාලිකාවලට වඩා ඉක්මනින් උපසිරසක් චිත්‍රපට ලෝලීන්ට සමීප කිරීම හා ඒ හරහා නරඹන අයට ඇති වන බාධාවන් අඩු කිරීම. ඒ කියන්නේ සමහරක් රූපවාහිනී නාලිකාවල වෙළද දැන්වීම් ගොඩක් දාන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට රජයෙන් යම් යම් බාධාවන් තියෙනවා. ඒවා මග හැරලා, චිත්‍රපට වලට හොද උපසිරැසියක් ලබා දීම සහ අලුත් චිත්‍රපට වලට ඉක්මනින්ම උපසිරැසි ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. ඒ කාලයේ ප්‍රධාන වශයෙන් චිත්‍රපට විකාශය කෙරුනේ සිරස, ස්වාධීන රූපවාහිනිය වගේ නාලිකාවල විතරයි. ඉතින් විශාල අවකාශයක් තුළ ඇති, විවිධ අංශ ඔස්සේ යන, විවිධ විෂයන් ඔස්සේ නිකුත් වෙන සෑම සියලු චිත්‍රපටයක්ම නාලිකා කිහිපයකින් විකාශය කරන්න අමාරුයි. ඒ අඩුව පුරවන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විශාල දායකත්වයක් දැක්වූවා.
04. එතකොට කොහොමද මේකට සම්බන්ධ වුණේ?
** මුලින්ම සම්බන්ධ වුනේ 2012 සැප්තැම්බර් මාසයේ. ඒ කාලේ පත්තරේක ලිපියක් පල වුණා මේ වෙබ් අඩවිය සහ ඒවායේ විස්තර ගැන. ඒක කියෙව්වායින් පස්සේ මට හිතුනා ඒකට සම්බන්ධ වෙන්න තිබ්බ නම් හොදයි කියලා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමයි මේකට සම්බන්ධ වුණේ.
05. එතකොට සම්බන්ධ වෙන්න ආසාව ඇති වුණේ?
** ඉස්සර මාත් චිත්‍රපටි බලන්න ආසයි. රූපවාහිනියේ ගියපුවායින් විනෝදයක් ලැබුවා. මම ටයිටස් තොටවත්ත ශූරීන් සහ ඔහුගේ සමකාලීන අයගේ උපසිරැසි රසවිදපු කෙනෙක්. එයාලා මහන්සියෙන් තමයි ඒ දේවල් කළේ. ඉතින් මම පොඩි කාලේ එයාලා නිසා ලබපු සතුට, තව කෙනෙක්ට දෙන්න පුලුවන් නම් හොදයි කියලා හිතුනා.

06. කාටද මුල්ම උපසිරැසිය පෙන්නුවේ? මොකක්ද ඒ වෙලාවේ ලැබුනු ප්‍රතිචාරය?
** මගේ හොදම මිතුරාට. එයා ගොඩක් අගේ කළා සහ ගොඩක් වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නා. ඉතින් වඩා හොද උපසිරැසියක් වෙනුවෙන් ඒ අඩුපාඩු නැවත හැදුවා.
07. මේ මොහොත වෙනකොට උපසිරැසි කීයක් සපයලා තියෙනවද?
** 130කට වැඩි ප්‍රමාණයක්.
08. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
** ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මේ නිසාම මට අලුත් යාලුවෝ බොහෝ දෙනෙක් මුණ ගැහෙන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ වගේම ඔවුන්ගේ අගය කිරීම් නිසා මම නිහතමානී සතුටක් විඳලා තියනවා.
09. එතකොට කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කරනවා නම්?
** ඉතාමත් හොදයි. ඔක්කොගෙන්ම ලොකු සහයෝගයක් හම්බ වෙනවා. මේක එක්කෙනෙක්ගෙ වැඩක් නෙවේ. හැමෝම එකිනෙකාට උදව් කරනවා. කෙනෙක් සිංහල උපසිරැසිය හැදුවායින් පස්සෙ ඒක තව කෙනෙක් පරීක්ෂා කරලා හරි වැරදි බලනවා. තව කෙනෙක් ඒකට අදාළ පින්තූරයක් හොයනවා. තව කෙනෙක් දෙබස්වල නියමිත කාලයට උපසිරැසිය දර්ශනය වෙනවද කියලා බලනවා. තව කෙනෙක් උදව් කරනවා ගැලපෙන ටොරන්ට් ටික හොයන්න. උපසිරැසිය හදන කෙනාට වෙලාව නැත්නම්, ඒකට අදාළ ලිපිය ලියන්නේ තවත් එක්කෙනෙක්. තව එක්කෙනෙක් අදාළ චිත්‍රපටයට, ටෙලි නාට්‍ය මාලාවට අදාළ පූර්ව ප්රචාරක පටයක් හොයන්න උදව් කරනවා. ඉතින් මේක තනි කෙනෙක්ගෙ වැඩක් නෙවේ. කණ්ඩායම් වැඩක්. හැමෝටම හැමෝම උදව් කර ගන්නවා.
10. සාමාන්‍යයෙන් මාසයකට උපසිරැසි කීයක් විතර සපයනවද?
** ඒක හරියටම කියන්න බෑ. විභාග සහ වෙන වෙන වැඩ නිසා මාස 4ක් 5ක්, ඊට වැඩි කාලයක් නොදී හිටියා. නිවාඩු වෙලාවේ ඉන්න කොට මාසෙකට ලොකු ගානක් දුන්නා. විනෝදාංශයක් නිසා විවේකය තියෙන වෙලාවට කරනවා. නැත්නම් සෑහෙන කාලයක් නොකර ඈත් වෙලා ඉන්නවා. 11. මෙහෙම උපසිරැසි කොට කොටා ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියලා නිකමටවත් හිතිලා නැද්ද? ** ඇත්තෙන්ම නෑ. විනෝදයක් ලබලා තියෙනවා. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉංග්‍රීසි අලුත් යෙදුම්, විවිධ සංස්කෘතීන්, සිනමාව හරහා ලබා දෙන විවිධ මට්ටම්වල දැනුම, විද්යාත්මාක යෙදුම් ගොඩක් ඉගෙන ගන්න ලැබුණා. මම කරපුවා විශාල ප්‍රමාණයක් නරඹන්නන් අතරට ගියා. ඒවාට සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිචාර ලැබුණා. සෑහෙන දෙනෙක් ඒවා බාගත කළා. ඉතින් මානසික තෘප්තියක් ලැබුණා. මහන්සියෙන් කරපු වැඩකට ලොකු ඇගයුමක් ලැබුණා. හොද කණ්ඩායමක් ලැබුණා. ඉතින් කිසිම දවසක, අදවෙනතුරු එහෙම නිශ්පලයි කියලා හිතිලා නෑ. 12. මේ වැඩේ කරන කොට මොන වගේ අභියෝග සහ බාධාවන්ටද මුහුණ දෙන්න ලැබුනේ? ** විභාග සහ අධ්‍යාපන කටයුතු නිසා වෙලාව වෙන් කිරීමේ ගැටලුවක් තියෙනවා. කතා මාලා කරනකොට නියමිත වෙලාවල් වලට දෙන්න අතපසු වුනු වෙලාවල් තියෙනවා. උපසිරැසියක් දෙනකොට නිවැරදිව දෙන්න ඕන. එක සංස්කෘතියක නිපදවන එකක් තව සංස්කෘතියකට නොගැලපෙන්න පුලුවන්. සමහර ඉංග්‍රීසි වචන වලට සිංහල වචන නෑ. සමහර ඒවා ගැඹුරුයි. ඉතින් මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් සරල වචන වලින් ලියන්න ඕන. කාල රේඛාවේ තත්පර කිහිපයක ලොකු දෙබසක් යන වෙලාවට, උපසිරැසිය දික් කරන්න බෑ. එතකොට කියවීමේ අපහසුතාවක් ඇති වෙනවා. මොකක් හරි කතා මාලාවක් අගහරුවාදා දවසක විකාශය වෙනවා නම්, බදාදා වෙනකොට ඒකට උපසිරැසි හදලා දෙන්න ඕන. ඒත් මොකක් හරි වැඩක් වැටුනොත් පරක්කු වෙනවා. ඉතින් කාලය කළමණාකරණය කර ගන්න එක ලොකු අභියෝගයක්. කතා මාලාවක් පරක්කු වුනොත් ඉවසීම නැතුව යන සමහරු බනිනවා. 13. කොහොමද තමන් පරිවර්තනය කරන වචන සහ වාක්‍යවල නිවැරදිභාවය ගැන තහවුරු කර ගන්නේ? ** මම උපසිරැසි කරනකොට ගොඩක් වෙලාවට මට නොතේරෙන වචනයක් තිබුනොත් අන්තර්ජාලයෙන් තේරුම හොයා ගන්න උත්සාහ කරනවා. නැත්නම් අනිත් අයගෙන් උදව් ඉල්ලනවා. ඉතින් එයාලා විවිධ විකල්ප |
රාශියක් දෙනවා. හොදම එක තෝර ගන්නවා. බලපු අයගේ අදහස් අනුව දුර්වලතා හදාගෙන, ඊළග එක වඩාත් නිවැරදිව දෙන්න උත්සාහ කරනවා.
14. මේ වෙනුවෙන් කාලය වැය කරන එක, තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු වලට බාධාවක් වෙන්නේ නැද්ද?
** සමහර වෙලාවට එහෙම වෙනවා. ඒත් මම ලබන තෘප්තිය බාධාවට වඩා වටිනවා.
15. කණ්ඩායමට සම්බන්ධ වුනු කාලය අතරතුර සිදු වුණු රසමුසු දේවල් සහ අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද?
** අපි ඉස්සෙල්ලම හම්බුනු අවස්ථාව. ඒ හමුවට විදේශ රටවල්වල ඉදන් අපිට උදව් කරපු අයත් ආවා. ඒක අමතක නොවන සිදුවීමක්. කොහොමටවත් දකින්න නොලැබෙන රොයිලි, හසන්ත වගේ අයියලා ඉතාලිය සහ ඕමානය වගේ රටවල්වල ඉදලා වැඩ දාලා, ඒ වෙනුවෙන්ම ආවා. ලංකාව පුරා විසිරිලා ඉන්න අනුරාධපුරය, ගාල්ල, මහ නුවර වගේ පැතිවල ඉන්න අයත් එකතු වුනා. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා තමයි ඇත්තටම අපේ කණ්ඩායම දැක්කේ. එදා හැමෝම වෙනදටත් වඩා හොදින් එකිනෙකාව අදුරගෙන මුලින්ම කතා බහ කරපු දවස.
16. වැඩියෙන්ම උපසිරැසි හදන්න කැමති මොන වගේ කතා වලටද?
** විද්‍යා ප්‍රබන්ධ කතාවලට, ඉතිහාසයේ විවිධ මොහොතවල් විස්තර කරන කතා වලට (2 වන ලෝක යුද්ධය වගේ), මධ්‍යකාලීන යුගය විස්තර කරන රූපවාහිනි කතා මාලාවලට ගොඩක් කැමතියි.
17. ඒකට හේතුව?
** ඒවායෙන් යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන්. විද්‍යා ප්රබන්ධයකදී වචන සහ විවිධ න්‍යායන් ගැන ඉගෙන ගන්න පුලුවන්. ඉතිහාසයට සම්බන්ධ එකකදී නම් දේශපාලන, සාමාජීය, ආර්ථික තත්වයන් ගැන දැනුමක් ලබා ගන්න පුලුවන්. ඒ තුලින් විනෝදයක් ලබන්නත් පුලුවන්. ඒ නිසා ෆැන්ටසි කතා වලට වඩා සත්‍ය සමග මුසු වුනු ඇත්තටම සිදු වුනු කතා බලන්න කැමති.

18. බයිස්කෝප් එකේ තියෙන කතා අතරින් වඩාත්ම සිත් ගත්ත කතාව මොකක්ද?
** Da Vinci's Demons
19. ඇයි ඒ?
** ඒක මම ආස යුගයක් වටා පාදක වෙලා තියෙන නිසා. ඉතාලියේ පුනරුද සමය. ගොඩක් කල් ඉදන් අධ්‍යනය කරලා තියෙනවා. ඒවාට අදාළ දේවල් ඒකෙත් තියෙනවා. ඒ වගේම හරිම නිර්මාණශීලියි.
20. උපසිරැසි සපයන්න කතා තෝර ගන්න කොට, මොන වගේ කරුණු ගැනද සැළකිලිමත් වෙන්නේ?
** කතාවේ ස්වභාවය, කතා කරන මාතෘකාවේ ස්වභාවය, කතා මාලාවේ ස්වභාවය, අධ්‍යක්ෂණය, නළු නිලියෝ, භාෂා වෙනස්කම් ගැනත් සැළකිලිමත් වෙනවා. කොමඩි චිත්‍රපටයක නම් එක සංස්කෘතියක හාස්‍යයක්, තවත් සංස්කෘතියක හාස්‍යකට ලක් වෙන්නේ නෑ. ඒ නිසා හාස්‍ය චිත්‍රපට අත්හැරීමට සිදු වෙනවා.
21. වඩාත්ම කැමති අධ්‍යක්ෂකවරයා කවුද?
** විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ජේම්ස් කැමරන්. එයා වෙනස් මාතෘකා ගැන හිත යොමු කරපු කෙනෙක්. තව ඩේවිඩ් එස්. ගොයර්ටත් කැමතියි.
22. ප්‍රියතම රංගන ශිල්පියා ගැන කතා කරනවා නම්?
** ලියනාඩෝ ඩිකැප්රියෝ සහ ජොනී ඩෙප්ට ගොඩක් කැමතියි. එයාලා විවිධ විදිහේ එකකට වඩා හාත්පසින්ම වෙනස් චරිත රගපාන්න පුලුවන් අතිදක්ෂ රංගන ශිල්පීන්. Da Vinci's Demons කතා මාලාවේ ටොම් රයිලිගේ රංගනයටත් කැමතියි.
23. එතකොට ආසම රංගන ශිල්පිනිය ගැන කියනවා නම්?
** එම්මා ස්ටෝන්, එම්මා වොට්සන්, යුවෝන් ස්ට්රාහොව්ස්කි, ක්‍රිස්ටීන් ස්ටිවෝර්ට්, ටියා කැරේයර් වගේ අයට ආසයි.
24. කවදා හරි දවසක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ලැබුණොත්, මොන වගේ එකක්ද හදන්න කැමතියි?
** ලෝක ඉතිහාසයේ සිදු වුනු සිදුවීමක් ගැන හදන්න තියෙනවා නම් කැමතියි.
25. මොනවද ඉස්සරහට උපසිරැසි සපයන්න කියලා හිතාගෙන ඉන්න චිත්‍රපට?
** තාම හිතලා නෑ. මන් කැමති වෙන විදිහේ එකක් ආවොත් දෙනවා.
26. ඇත්තම කියන්න. ඔහොම දිගට හරහට උපසිරැසි සපයන්නේ "පොරක්" වෙන්න හිතාගෙන නේද?
** පොරක් වෙන්න නම් අමාරුම ක්‍රමේ මේක. එක අකුරක් වැරදුනු ගමන් ඒ වෙනුවෙන් Meme හදන්න, උපහාසයට ලක් කරන්න ගොඩක් අය ඉන්නවා. නොබලපු අය පවා වැඩ අතපසු කරගෙන එනවා ඒ වගේ වැඩවලට. නමුත් අගය කිරීමට පෙලඹෙන්නෙ බොහෝම අඩු පිරිසක්.
27. ස්තූති කරන්න ඕන පිරිසකුත් ඇති නේද?
** බයිස්කෝප් එකට දායකත්වයක් දක්වපු හැමෝටම ස්තූති කරන්න කැමතියි. කලින් කිව්වා වගේම, මේක තනි කෙනෙක්ගෙ එකක් නෙවේ. ඒකට සම්බන්ධ හැමෝටම ස්තූතිය අයිතියි. ප්‍රතිචාර ලබා දෙන, උපසිරැසි හදන, වෙබ් අඩවිය මෙහෙයවන මේ හැමෝටම...
28. මේ වෙලාවේ බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා, උපසිරැසි ලබා දෙන්න ආසාවෙන් ඉන්න පිරිසකුත් ඇති. මොකක්ද ඒ අයට බයිස්කෝප් එක වෙනුවෙන් කියන්න තියෙන්නේ?
** මේක හරිම අමාරුයි. ලොකු කැපවීමක් තියෙන්න ඕන. සමහර චිත්‍රපටවල පේළි 1000, 2000, 3000 තියෙනවා. තමන්ට ඒක සතුටින් සහ කැපවීමෙන් කරන්න පුලුවන් කියලා හිතෙනවා නම් විතරක් එකතු වෙන්න. කැපී පේන්න වගේ වෙනත් අරමුණු වලින් එන අයගෙන් වෙන්නේ හානියක්.
29. මේ වැඩේට සම්බන්ධ වෙනවා නම්?
** E-Mail එකක් යවලා තමන් කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටිය සහ ඒ ගැන විස්තර දැන ගන්න ඕන. ගොඩක් අය, තව කෙනෙක් උපසිරැසි දීපු එකකටම උපසිරැසි හදලා ආයිත් එවනවා. ඒ නිසා කලින් කතා කරලා, එකක් වෙන් කරගෙන උපසිරැසි හදන්න ඕන.
30. ඔයාලට ලියනවා නම්?
** [email protected]
ඔන්න ඔහොමයි මේ කතා බහේ සමාප්තිය සනිටුහන් වෙන්නේ. මේ සංවාදයේ අරමුණ වුණේ උපසිරැසි ලියන්නන්ගේ කැපවීම ගැන සමාජයට පෙන්වන්නත්, ඒ වගේම මේ අයගේ අදහස් සහ අත්දැකීම් පාඨකයන් අතරේ බෙදා හදා ගැනීමයි. බයිස්කෝප් කණ්ඩායමේ එක් අයෙක් විතරක් මේ කතා බහට සහභාගී වුණාට, මෙයාගෙන් නියෝජනය වන්නේ සමස්ථ කණ්ඩායමයි..!!!!!!
ප.ලි -
මෙම ලිපියේ ඇතුළත් කර ඇති සියලුම ඡායාරූප, "බයිස්කෝප් සිංහලෙන්" වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.