භූත ගෙදර
ලෝකයේ ප්‍රධානතම ආගම් හතරක් තියෙනවා. ඒ තමයි බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම සහ කතෝලික/ක්‍රිස්තියානි ආගම. මේ ආගම් සහ දර්ශන හතරේම අමනුෂ්යන් ගැන කතා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල අමනුෂ්යන් ගැන තොරතුරු ගොඩාක් සදහන් වෙනවා. විශේෂයෙන්ම අහිධර්ම පිටකයේ. බුදු දහමට අනුව අමනුෂ්යන් කියලා කියන්නේ මිනිසුන් නොවෙන ජීවීන්ට. ඒ කියන්නේ දෙව්වරු, බ්‍රහ්මයින්, යක්ෂයින්, ප්‍රේතයින්, පිශාචයන්, කුම්භාණ්ඩයන්, ගන්ධබ්බයන් වගේම ඇසට පෙනෙන සහ නොපෙනෙන සත්තු (තිරිසන් සත්තු) සහ පිටසක්වල ජීවීන් වගේ අය. මුගලන් මහරහතන් වහන්සේ අමනුෂ්යන් දැකීමේ සහ ඔවුන් සමග සන්නිවේදනය කිරීමේ අති දක්ෂයෙක් කියලා බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙනවා. බුද්ධ දේශනාවල අමනුෂ්යන් ගැන සදහන් වෙලා තියෙන තොරතුරු, මේ ලිපියේ ලියන්න නම් දීර්ඝායුෂ ලබන්න ඕන. මොකද ඒ තරමටම අනන්තයි. අප්‍රමාණයි.
මේ ලිපියට මේ විදිහට ප්‍රවේශයක් ගත්තෙ, අමනුෂ්යන් සම්බන්ධ සත්‍ය සිදුවීමක් කියන්න. මේ සිදුවීමට මුහුණ දීපු ප්‍රධාන පෙළේ අය අද ජීවතුන් අතර නැතත්, මෙයාලගේ නම් ගම් හෙළි නොකරන්න තීරණය කළා. මේ සිදුවීමට මුහුණ දුන්නේ අපේ නෑදෑ පිරිසක් සහ තාත්තාගේ යාලුවෙක්. මේක සත්‍ය සිදුවීමක් වුණත්, මේ කතාව භාර ගන්න වගේම ප්‍රතික්ෂේප කරන්නත් ඔයාලට අයිතිය තියෙනවා කියලා මුලින්ම මතක් කරන්න කැමතියි.
මේ ලිපියට මේ විදිහට ප්‍රවේශයක් ගත්තෙ, අමනුෂ්යන් සම්බන්ධ සත්‍ය සිදුවීමක් කියන්න. මේ සිදුවීමට මුහුණ දීපු ප්‍රධාන පෙළේ අය අද ජීවතුන් අතර නැතත්, මෙයාලගේ නම් ගම් හෙළි නොකරන්න තීරණය කළා. මේ සිදුවීමට මුහුණ දුන්නේ අපේ නෑදෑ පිරිසක් සහ තාත්තාගේ යාලුවෙක්. මේක සත්‍ය සිදුවීමක් වුණත්, මේ කතාව භාර ගන්න වගේම ප්‍රතික්ෂේප කරන්නත් ඔයාලට අයිතිය තියෙනවා කියලා මුලින්ම මතක් කරන්න කැමතියි.
නුගේගොඩ නගරයට අයිති වෙන ප්‍රසිද්ධ ප්‍රදේශයක අපේ නැදෑ වෙන ගෙයක් තිබුණා. මේ ගෙදර අන්තිම කාලයේ හිටියේ අම්මා කෙනෙකුයි, දුවෙකුයි, ගෙදර වැඩවලට උදව් කරන ගෑණු කෙනෙකුයි. සෑහෙන කාලයක් ගියායින් පස්සෙ මේ ගෙදර වැඩවලට උදව්වට හිටපු කෙනා ඒ ගෙදරම මැරුණා. ටික කාලයක් ගියායින් පස්සෙ මේ ගෙදර හිටපු දුව දරුණු විදිහට ලෙඩ වෙන්න ගත්තා. මුළු ඇගම ටික ටික දුර්වල වෙන්න අරගෙන, සිහි කල්පනාව නැතුව ගියා. අන්තිමේදී මෙයා එක්තැන් වුණා. අරගන්න කිසිම කෑමක් බීමක් ඇගට අල්ලන්නෙ නෑ. ඒ වගේම හිටපු ගමන් මෙයා දරදඩු වෙන්නත් ගත්තා. නිතරම වගේ අවේශයෙන් කෑ ගහන්න ගත්තා. එන්න එන්නම මේ තත්වය වැඩි වුණා. දොස්තරලට පෙන්නලා දීර්ඝ කාලයක් තිස්සෙ බෙහෙත් ගත්තත් වැඩක් වුණේ නෑ. අන්තිමේදි ඉතින් මේ ගෙදර පිරිතක් කිව්වා. දානයක් එහෙමත් දුන්නා. ඒත් කිසිම වෙනසක් නෑ. මේ දුවගේ තත්වය එහෙම්මමයි. ඊට පස්සෙ ඉතින් කට්ටඩියො ගෙන්නල්ලත් යන්තර ගැටගහලා, නූල් ගැට ගහලා, දෙහි කපලා, ඒ පැත්තෙන් වෙන්න ඕන දේවලුත් කළා. ඒත් එහෙම්මම තමයි. ශරීරය එන්න එන්නම අප්‍රාණික වෙන අතරේ ආවේශ වෙලා කෑ ගහන එකත් එන්න එන්නම වැඩි වුණා.
ඊට පස්සේ මේ ගෙදරත් එක්ක හිතවත්කම් තියෙන කිහිප දෙනෙක් එකතු වෙලා නුවර එක්තරා ප්‍රදේශයක වැඩ ඉන්න ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරපු, බොහොම සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්සේ නමකගෙන් උදව් අරගන්න තීරණය කළා. මේ මෙහෙණින් වහන්සේ මේ වගේ දේවල් සම්බන්ධ ප්‍රශ්නවලට, රෝගවලට ප්‍රතිකාර කරන්න ගොඩක් දක්ෂයි. ඒ වගේම කලින් මේ වගේ දේවල්වලට ලක් වුණු අපේ නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකුටම පිහිටවෙලත් තියෙනවා.
ඊට පස්සේ මේ ගෙදරත් එක්ක හිතවත්කම් තියෙන කිහිප දෙනෙක් එකතු වෙලා නුවර එක්තරා ප්‍රදේශයක වැඩ ඉන්න ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරපු, බොහොම සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්සේ නමකගෙන් උදව් අරගන්න තීරණය කළා. මේ මෙහෙණින් වහන්සේ මේ වගේ දේවල් සම්බන්ධ ප්‍රශ්නවලට, රෝගවලට ප්‍රතිකාර කරන්න ගොඩක් දක්ෂයි. ඒ වගේම කලින් මේ වගේ දේවල්වලට ලක් වුණු අපේ නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකුටම පිහිටවෙලත් තියෙනවා.
ඉතින් අන්තිමේදි ඒ ගෙදරට මෙහෙණින් වහන්සේ වැඩම කළා. නූලකට මතුරලා ලෙඩාගෙ කරට නූල දාන්න යනකොටම, එක පාරටම ලෙඩා ආවේශ වුණා. කතා කළේ මහා අමුතුම කට හඩකින්. "මම තමයි _ _ _ _. මම මැරිච්ච දවසෙ ඉදන්ම මේ ගෙදරයි හිටියෙ. මේ ගෙදර වෙන දේවල් ඔක්කොම බලාගෙනයි හිටියේ. මම මේ ගෙදර එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෙ නෑ. කොහොමත් මම මේ ලෙඩාව ඉක්මනටම මගේ ළගට ගන්නවා. මේ ගෙදර අනිත් අයටත් මේ දේම තමයි වෙන්නේ". ලෙඩ වෙලා හිටපු දුව කතා කළේ ඒ ගෙදර මැරිච්ච වැඩට හිටපු ගෑණු කෙනාගෙ කට හඩින්. "මම තමයි _ _ _ _." කියලා කිව්වෙත් එයාගෙ නම. කොහොම හරි මෙහෙණින් වහන්සේ ලෙඩාට නූල ගැට ගහලා, පිරිත් කියලා, සෙත් ශාන්තියක් කළා. ටික කාලයක් ගියාට පස්සෙ මේ ලෙඩ වෙලා ඉන්න ළමයාගෙ අම්මත් අසනීප වුණා එකපාරටම. ටික දවසකින් අම්මා නැති වුණා. අම්මා නැති
|
වෙලා, අම්මගෙ හත් දවසෙ දානෙ දවසෙ, දුවත් නැති වුණා. ඊට පස්සෙ ටික කාලයක් යනකං මේ ගෙදර පාලුවට ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ නෑයො ටික එකතුවෙලා මේ ගෙදර විකුණුවා. මේ ගෙදර අරගත්තෙ අපේ තාත්තාගෙ යාලුවෙක්. ඒත් මේ සිද්ධිය ගැන තාත්තා යාලුවට කිව්වේ නෑ. ඉතින් මේ යාලුවා තමන්ගෙ බිරිදයි, පුතයි එක්ක මේ ගෙදර පදිංචියට ආවා. සෑහෙන කාලෙකට පස්සෙ අපේ තාත්තාට හිතුනා, මේ යාලුවගෙන් සැප දුක් අහන්න. ඒ වෙනකොට මේ යාලුවා, එයාගෙ පවුලත් එක්ක මේ ගෙදර අතෑරලා දාලා, වෙන ගෙදරකට පදිංචියට ගිහින්. ඉතින් තාත්තා මේකට හේතුව ඇහුවම, යාලුවගේ උත්තරය වුණේ
මෙන්න මේ වගේ උත්තරයක්. "ආපෝ ඒ ගෙදර ඉන්න බෑ. ඒ ගෙදර හොල්මන් තියෙනවා. ගෙදර දොර ජනේල වහලා, කොහේ හරි ගමනක් ගිහින් එනකොට, වහලා ගියපු දොර ජනේල ටික ඇරිලා තියෙනවා. ගෙදර ඇතුළෙ ඉන්නකොට, තවත් කවුරු හරි අපිත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා. සමහරක් දවස්වල මහා දවාලේ ගෙදර ඇතුළෙ ඉන්නකොට, ගේට්ටුව ළග ඉදලා කවුරුහරි කෙනෙක් වත්ත ඇතුළට එනවා වගේ පේනවා. ඒත් එළියට ගිහින් බලනකොට කවුරුවත් පේන්න නෑ. මහා රෑට එක එක අමුතු සද්ධ ඇහෙනවා. අපේ
|
පුතා හිටපු ගමන් අසනීප වෙන්න ගත්තා. එයාගෙ ඇගේ එක පාරටම වනයක් හැදුනා. ඒක මුළු ඇගපුරාවටම පැතිරෙන්න ගත්තා ලේත් එක්ක. හිටපු ගමන් ගෙදරින් හෙන ගදක් එනවා. පස්සෙ දවසක මම රෑ හීනයක් දැක්කා. වයසක ටිකක් කැත ගෑණු කෙනෙක් ඇවිල්ලා හීනෙන් කිව්වා, 'ඉක්මනටම මේ ගෙදරින් යන්න. නැත්නම් යහතින් ඉන්න දෙන්නෙ නෑ' කියලා. පස්සෙ ඉතින් කට්ටඩියෙක්ව ගෙනල්ලා ගෙදරට ශාන්තියක් කළා. එයා කිව්වා 'මේ ගෙදර බලගතු ප්‍රේතයො තුන්දෙනෙක් ජීවත් වෙනවා' කියලා. පස්සෙ ඉතින් මේ ගෙදර අතෑරලා ආවා. ඒත් එක්කම පුතාගෙ අසනීපෙත් හොද වුණා. දැන් ආයිමත් ඒ දවස්වල වගේම කරදරයක් නැතුව හොදින් ඉන්නවා. "