ගවේෂණ අංක 07
49. අනුරාධපුර දළදා මාළිගාව
වර්තමානයේ මහ නුවර දළදා මාළිගාවේ වැඩ සිටින වම් දළදා වහන්සේව, අනුරාධපුර යුගයේ තැන්පත් කරලා තිබිලා තියෙන්නේ මේ දළදා මාළිගාව තුළයි. අනුරාධපුර දළදා මාළිගාව පිහිටලා තියෙන භූමිය අයිති වෙන්නෙ ඇතුලු නුවරටයි. ඇතුලු නුවර පුරාවිද්‍යා කැණීම් කරන භූමිය පිටිපස්සට වෙන්න තමයි දළදා මාළිගාව තියෙන්නෙ. ඒ කියන්නෙ රුවන්වැලි සෑය ඉස්සරහා ඉදලා කුට්ටම් පොකුණට යන පාරෙ. දළදා මාළිගාව ධාතුසේන, 1 වන අග්ගබෝධි, 4 වන මිහිදු වගේ රජවරුන්ගේ කාලවල් වලදී ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. මේ අතර කාලයේදී දළදා මාළිගාව ගින්නකින් විනාශ වුණා කියලත් සදහන් වෙනවා.
දළදා මාළිගාවට පිවිසෙන්න ස්ථාන දෙකක් තියෙනවා. මේ ස්ථාන දෙකේම පියගැට පෙළ දෙපැත්තෙ කැටයම් නොකරපු ප්‍රාථමික මට්ටමේ මුරගල්, සදකඩ පහණ් සහ කොරවක්ගල් තියෙනවා. ගලින් නිර්මාණය කරලා තියෙන මාළිගාවේ ජනේල සහ වාහල්කඩවල් අදටත් සුරක්ෂිතයි. මාළිගාව මැද්දෙ දළදා වහන්සේව තැන්පත් කරලා තිබුණු හතරැස් ආසනය දැක ගන්න පුලුවන්. මාළිගාව වටේට තවත් ගොඩනැගිලි කිහිපයක ගල් කණු සහ ඒ ඇතුළත තිබුණු කොටස් දැක ගන්න හැකියාව තියෙනවා.
50. අනුරාධපුර ගෙඩිගේ
මේ ගොඩනැගිල්ල තියෙන්නෙ දළදා මාළිගාව පිටිපස්සෙ. අනුරාධපුර යුගයේ ධාතුඝරයක් විදිහට තියෙන්න ඇති කියලා අනුමාන කරන මේ ගොඩනැගිල්ලේ දොරවල සහ ජනේල සංඛ්‍යාව ගණනින් අප්‍රමාණයි. 1969 අවුරුද්දෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගෙඩිගේ ආශ්‍රිතව සිද්ධ කරපු කැණීම් වලදී වසර 7000කට පෙර පැවති මානව ජනාවාසයක් ගැනත් තොරතුරු හම්බ වෙලා තියෙනවා.
51. මහාපාලි දාන ශාලාව
අනුරාධපුර දළදා මාළිගාවට එහා පැත්තෙන් නිර්මාණය කරලා තියෙන මේ දාන ශාලාව, දෙවනපෑතිස් රජතුමා විසින් ක්‍රි.පූ 3 වන සියවසේ නිර්මාණය කරවපු එකක් කියලා තමයි සදහන් වෙන්නෙ. මේ දාන ශාලාවට භික්ෂූන් වහන්සේලා 800ක් විතර දානය වළදන්න ඇවිත් තියෙනවා. භික්ෂූන් වහන්සේලා එක පෙළකට ආපු නිසා තමයි "මහාපාලි" කියන නම වැටිලා තියෙන්නෙ. මේ දාන ශාලාවෙන් බෙදා හරින දානය පිළියෙල කරලා තියෙන්නෙ රාජකීය මුළුතැන්ගෙයින්.
මේ දාන ශාලාව 1 වන උපතිස්ස, 1 වන අග්ගබෝධි, 2 වන අග්ගබෝධි, මහානාග, ශිලා මේඝවර්ණ, 4 වන අග්ගබෝධි, 2 වන දප්පුල, 4 වන මිහිදු කියන රජවරුන්ගේ කාල වකවානු වලදී ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. මහාපාලි දාන ශාලාවේ නටබුන් විශාල භූමි ප්‍රදේශයක විසිරිලා පැතිරිලා තියෙනවා දකින්න පුලුවන්. අද වෙනකොට දාන ශාලාවේ ඉතුරු වෙලා තියෙන ශෛලමය බත් ඔරුවේ දිග අඩි 21කට වැඩියි. පළල අඩි 5යි. මහාපාලි දාන ශාලාවේ දිග අඩි 120ක් සහ පළල අඩි 128 වෙලා තියෙනවා.

52. අනුරාධපුර ගල් පාලම
අනුරාධපුරයේ පෙරිමියන්කුලම හරහා යන පාරේ දකුණු පැත්තෙන් හමුවෙන වෙල් යාය දිගේ ගියාම ගල් පාලම පිහිටලා තියෙන ස්ථානයට පිවිසෙන්න පුලුවන්. මේ ගල් පාලම නිර්මාණය වෙලා තියෙන්නෙ මල්වතු ඔය හරහා. අවුරුදු දෙදහස් ගාණක් ගිහිල්ලත් මල්වතු ඔය හරහා හිටවලා තියෙන ගල් කණු තාමත් ඒ විදිහටම තිබීම පුදුම හිතෙන කාරණාවක්. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දඹකොළ පටුනට වඩම්මවපු ශ්‍රී මහා බෝධිය එතන ඉදලා මහමෙව්නා උයනට යනකන්ම වඩම්මවලා තියෙන්නෙ චතුරංගනී සේනාවෙන් සැරසුනු පෙරහැරකින්. මේ පෙරහැර මහමෙව්නා උයනට ගිහින් තියෙන්නෙ මේ ගල් පාලම මතින්. ඒ කියන්නෙ මේ ගල් පාලම සංඝමිත්තා මහරහත් තෙරණියගේ පාද ස්පර්ශය ලබලා තියෙනවා.
53. තොලුවිල නටබුන්
තොලුවිල තියෙන්නෙ අනුරාධපුරයේ යාපනය හංදිය කිට්ටුව. අක්කර ගණනාවක භූමි භාගයක් පුරාවටම විසිරිලා පැතිරිලා තියෙන ගොඩනැගිලිවල අත්තිවාරම් කොටස්, පොකුණු, ගල් කණු, මුරගල්, සදකඩ පහණ්, කොරවක්ගල්, කණු රැදවුම්, වතුර පීලී, ප්‍රතිමා කොටස් ගැනලා ඉවර කරන්න බැරි තරමටම දකින්න පුලුවන්. මේ විහාරයේ දැනට ශේෂ වෙලා තියෙන්නෙ 10 වන සියවසේ නිර්මාණය කරපු ඉදි කිරීම්. තොලුවිල පබ්බතාරාමය කියලා හදුනාගෙන තියෙන මේ විහාරයේ දෙකෙලවරේ විශාල හතරැස් වේදිකා දෙකක් දකින්න පුලුවන්.
එක වේදිකාවක් උඩ ආසනඝරයක් තියෙනවා. ඒ නිසා ඒ වේදිකාව ප්‍රතිමා ගෘහයක් විදිහට භාවිතා වුණා කියලා හිතන්න පුලුවන්. අනිත් වේදිකාවේ ධාතු ගර්භය දක්වා නිර්මාණය කරපු චෛත්‍යයක් දකින්න තියෙනවා. ධාතු ගර්භය සහිත වේදිකාවට නගින්න පියගැට පෙළවල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. නටබුන් අතර තියෙන මුරගල්වල පුන්කලස් රූප දකින්න පුලුවන්.
දිය අගලකින් වට කරලා තිබුණු මේ පූජා භූමියේ දැනට ඉතුරුවෙලා තියෙන්නෙ 7-9 සියවස්වල කරපු ඉදිකිරීම්. මේ විහාරයට වතුර ගෙනල්ලා තියෙන්නෙ නුවර වැවෙන්. මේ විහාරයෙන් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ ඉදි බුද්ධ ප්‍රතිමාවක් හොයාගෙන තියෙනවා. ඉදි බුද්ධ ප්‍රතිමාව තමයි "තොලුවිල බුද්ධ ප්‍රතිමාව" නමින් සුප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ (ජාතික කෞතුකාගාරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට තැන්පත් කර ඇති ප්‍රතිමාව). ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ මිහිදු මහ රහතන් වහන්සේ චේතිය පබ්බතයේ ඉදලා මහා විහාරයට වැඩම කරනකොට, මේ ස්ථානයේ නවාතැන් ගත්තා කියලත් කියනවා.

54. අභයගිරි සන්නිපත ශාලාව
සන්නිපත ශාලාව කියලා හදුන්වන්නේ රැස්වීම් පවත්වන ශාලාවටයි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පාර්ශවයන් රැස්වීම් පවත්වන්න භාවිතා කරපු ශාලාව "අභයගිරි සන්නිපත ශාලාව" කියලා හදුන්වනවා. මේ තමයි අපේ රටෙන් හොයා ගත්ත විශාලම සන්නිපත ශාලාව. නිර්මාණය කරලා තියෙන්නෙ අභයගිරි ස්තූපය ඉස්සරහා.
දැනට දකින්න තියෙන ශාලාව අනුරාධපුර යුගයේ පසු භාගයේ නිර්මාණය වුණු එකක්. මුල් ශාලාව කණිට්ඨතිස්ස රජතුමාගේ අදහසකට අනුව ක්‍රි.ව 2 වන සියවසේ නිර්මාණය වුණා කියලා තහවුරු කරගෙන තියෙනවා. ඒ ශාලාවේ ගඩොල් බැමි මත තමයි වර්තමානයේ තියෙන ශාලාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ ශාලාවට සතර දිශාවෙන්ම පිවිසෙන්න පුලුවන්කම තිබිලා තියෙනවා. ශාලාවේ මැද තමයි සභා මණ්ඩපය තිබිලා තියෙන්නෙ.
55. විජයබා මාළිගාව
ථූපාරාමය ළග තියෙන මහාබෝධි විද්‍යාලය ළග තමයි මේ මාළිගාව දකින්න තියෙන්නෙ. 1 වන විජයබාහු රජතුමා තමයි 5 වන මහින්ද රජතුමාගේ කාලයේ අපේ රටට එල්ල වුණු දරුණු චෝල ආක්‍රමණයෙන් අපේ රට මුදවා ගත්තේ. පොළොන්නරු රාජධානියේ ආරම්භක පාලකයා විදිහට සැළකෙන්නෙත් මේ රජතුමාම තමයි. චෝල පාලනයෙන් අපේ රට මුදා ගත්ත 1 වන විජයබාහු රජතුමා තමන්ගේ රාජාභිෂේකය සිද්ධ කළේ මේ මාළිගාවේ ඉදන්. දෙමහල් ගොඩනැගිල්ලක් විදිහට තිබුණු මේ මාළිගාව අතාරින රජතුමා අභිෂේකයෙන් පස්සෙ පොළොන්නරුවට යනවා.
මේ නිර්මාණය පොළොන්නරු යුගයේ රජමාලිගා සැලසුම් සම්ප්‍රදායට සමානකම් පෙන්වනවා. මාළිගාවේ ඉදිරිපස වගේම පිටුපසිනුත් දොරටුවක් තියෙනවා. සෑම දොරටුවක් දෙපැත්තෙම සංඛනිධි සහ පද්මනිධි ඉන්න මුරගල් ද්විත්වයක් දකින්න පුලුවන්. මාළිගාවේ අත්තිවාරම පරික්ෂා කළාම, කුටි ගණනාවක් තිබිලා තියෙනවා කියලා නිගමනයකට එළඹෙන්න පුලුවන්. මාළිගාව මැද්දෙ තියෙන බිත්තියේ අතරින්පතර බිතු සිතුවම් දැක ගන්න පුලුවන්.
56. දක්ඛින ස්තූපය
දක්ඛින ස්තූපය පිහිටලා තියෙන්නේ අනුරාධපුරයේ මිහිදු මාවතේ. ඒ කියන්නේ වර්තමානයේ නිර්මාණය වෙමින් තියෙන සදහිරු සෑය එහා පැත්තේ. නගරයේ දකුණු දිශාවෙන් පිහිටලා තියෙන නිසා තමයි මේකට "දක්ඛින ස්තූපය" කියලා කියන්නෙ. ඒ වගේම "දකුණු දාගැබ" කියලත් කියනවා. මේ චෛත්‍යය වළගම්බා රජතුමාගේ අමාත්‍යවරයෙක් විසින් ඉදි කළා කියලා තමයි දැනට පවතින මතය. තාමත් හරියාකාරව අවධානයකට ලක් වෙලා නැති, ගරා වැටුනු මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ සුවිශේෂී භූමියක.
වංශ කතාවලට අනුව තමන්ගේ ආදාහනය මේ ස්ථානයේ සිද්ධ කරන්න ඕන කියලා මිහිදු හාමුදුරුවො, දේවානම්පියතිස්ස රජතුමාට දන්වලා තියෙනවා. ඒ වගේම ඉතිහාසය අනුව දුටුගැමුණු මහ රජතුමාගේ ආදාහනය සිද්ධ කරලා තියෙන්නෙත් මේ ස්ථානයේදීමයි. දුටුගැමුණු රජතුමාගේ ආදාහනය සිදු කරපු ස්ථානය මත නිර්මාණය වුණු මෙ දැවැන්ත ස්තූපයෙන් දුටුගැමුණු මහ රජතුමාගේ භෂ්මාවශේෂ හොයා ගත්තා. මේවා මහ රජතුමාගෙම භෂ්මාවශේෂ බව සෙනරත් පරණවිතාන ශූරීනුත් තහවුරු කළා. අද වෙනකොට ඒවා ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව තියෙනවා.

දක්ඛින ස්තූපය වටේටම ඉපැරණි නටබුන් රැසක්ම නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ අතර කුඩා ප්‍රමාණයේ ඇතෙකුගේ කැටයමකුත් දකින්න පුලුවන්. චෛත්‍යයේ පැති දෙකක ශිලා ස්ථම්භ දෙකක් තියෙනවා. මේ දෙකේම දෙපැත්තේ ලස්සන කැටයම් තියෙනවා. එක ස්ථම්භයක මානව රූපයක් සහ පුන්කලස් සහිත ලියවැලකුත්, අනිත් ස්ථම්භයේ සත්ව රූප සහිත ලියවැලකුත් කැටයම් කරලා තියෙනවා.