ඒ කාලෙ NSBM
කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ කරන කාලයෙ මට තේරුම් ගියපු එක දෙයක් තමයි, "කවදාවත් විශ්වවිද්‍යාල ප්රවේශයකට නම් හිමිකම් කියන්න ලැබෙන්නෙ නෑ" කියන එක. ඒකට ප්‍රධානතම හේතුව වුණේ, වාර විභාග පහකම ආර්ථික විද්‍යාව විෂයට F සාමාර්ථ හිමිවීම. ඒ කාලෙ ආසාව තිබුණෙ උසස්පෙළ ප්‍රතිපලවලින් පස්සෙ පුරාවිද්‍යා විෂයට සම්බන්ධ භාහිර උපාධියක් කරන්න. අවුරුදු මිලියන ගාණක ජෛව විවිධත්ව පද්ධතියක් තිබුණත්, අවුරුදු 140 000ක විතර අඛන්ඩ මානව ඉතිහාසයක් හදුනාගෙන තිබුණත්, අපේ රටේ පුරාවිද්‍යාවට තියෙන්නෙ හරිම සෝචනීය තත්වයක්. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල, කෞතුකාගාර දෙපාර්තමේන්තුවල, මධ්‍යම සංස්කෘතික අරමුදලෙ වැඩ කරන සහ වැඩ කරපු කිහිප දෙනෙක්ගෙන්ම මේ ගැන ඇහුවත්, එයාලා කිව්වෙ මේ අංශයට එන්න තියා, එන්න හිතන්නවත් එපා කියලයි. ඒ තරමටම රජයෙන් කුඩ අම්මාගෙ සැලකිලි. ඉතින් කරන්න දෙයක් නැතුව ඔහේ වැනි වැනී හිටියම, පත්තරයක NSBM ගැන දාලා තිබුණු දැන්වීමක් දැකලා තාත්තා කිව්වා "මේකට හරි යන්න" කියලා. ඊට පස්සෙ පහුවෙනිදම ඉල්ලුම් පත්‍රත් දැම්මා.
ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යාලය, එහෙමත් නැත්නම් National School of Business Management කියන එක තමයි ඔය NSBM කියන එකේ අදහස. ඒ කාලෙ NSBM එක, අද තරම් ප්‍රසිද්ධ නෑ. NSBM කිව්වම, ගොඩක් අය හිතුවෙ මම බැංකුවක වැඩ කරනවා කියලා (NSB එක වගේ). තවත් සමහරු කිව්වා "හොර තැනක් වෙන්නත් පුලුවන්. ඔය වගේ හොර බොරු කරන තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා මේක ගැන තව හොයලා බලන්න" කියලා. පස්සෙ බැරිම තැන, මම කියන්න ගත්තා "මම NIBM එකේ ඉගෙන ගන්නවා" කියලා. NIBM කිව්වම කවුරුත් දන්නවනෙ. අනිත් අතට NSBM කියන්නෙත් NIBM එකේම කොටසක් තමයි. ඊට පස්සෙ ඉතින් තව ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. "ඇත්තද මචං. මරුනෙ. මමත් NIBM එකේ. ඔයා මොන Batch එකේද? මොකක්ද කරන්නෙ?". දැන් ඉතින් දීපල්ලකො උත්තර. ඔන්න ඉතින් අනිත් අතට උත්තර දෙනවා, "NIBM කිව්වට NIBM එකේම නෙවේ. NSBM එකේ" කියලා. ඔන්න ඔහොමයි ඒ දවස්වල NSBM යන නාමයේ තත්වය.

NSBM එක තිබුණෙ නුගේගොඩ. මේකට අයිති ගොඩනැගිලි හතරක් තිබුණා. දෙකක් පාරෙ එහා පැත්තෙ. ඉතුරු දෙක පාරෙ මෙහා පැත්තෙ. අපි හිටියෙ මෙහා පැත්තෙ තිබුණු "පරිගණක විද්‍යා ඒකකයෙ". ඉතුරු තුන අයිති වුණේ "ව්‍යාපාර කළමණාකරණ ඒකකයට". NSBM කියන්නෙ හරියට ඉස්සර කාලෙ තිබ්බ කොන්ස්තන්තිනෝපල් නගරය වගේ. ඉස්සර කාලෙ පෙරදිග සහ බටහිර ලෝකය එකට යා වුණේ, එහෙමත් නැත්නම් එකට සම්බන්ධ වුණේ කොන්ස්තන්තිනෝපල්වලින් කියනවනෙ. NSBM එකත් ඒ වගේ තමයි. එහෙත් ලෝක කිහිපයක එකතුවක් දකින්න පුලුවන්. ධනපති පංතියේ අය, මධ්‍යම පංතියේ අය, නිර්ධන පංතියේ අය, Posh අය, හෙළ සිරිතට විරිතට ඉන්න අය, අයාලෙ යන අය, ටියුබ් ලයිට් වගේ අය, නිහතමානී අය, ලස්සන අය, කැත අය, කුහක අය, අහසින් යන අය, පොළොවෙ පය ගහලා ඉන්න අය, සිහින ලෝකවල ඉන්න අය..... ඔය වගේ දවසක් යනකන් වුණත්, කැටගරි ලැයිස්තුව කියාගෙන යන්න පුලුවන්.
ලංකාව කියන්නෙ තුන්වන ලෝකයේ රටක්ලුනෙ. ඒක අපේ මුත්තාගෙ කාලෙත් එහෙමයි. සීයාගෙ කාලෙත් එහෙමයි. තාත්තාගෙ කාලෙත් එහෙමයි. මගේ කාලෙත් එහෙම්මමයි. මේ යන විදිහට මගෙන් පස්සෙ කාලෙකත් එහෙම වෙයි. ඉතින් NSBM Green University / හරිත විශ්වවිද්‍යාල සංකල්පයත් ඒ වගේම තමයි තිබුණෙ. අපිට කලින් ආපු අයට ඒ සීනි බෝලය පෙන්නුවා. අපිටත් ඒ සීනි බෝලයම පෙන්නුවා. අපිට පස්සෙ ආපු අයටත් ඒ සීනි බෝලයම පෙන්නුවා. ඒ වුණාට ඒ සීනි බෝලය හම්බුනේ, අපිට පස්සෙ ආපු අයටත්, පස්සෙ ආපු අයට. ඉතින් ඔය හරිත විශ්වවිද්‍යාලයට යන්න නොලැබීම අපේ ජීවිතයේ එක්තරා අවාසනාවක් වගේම අනිත් අතට කරුණු කාරණා කිහිපයක් නිසා වාසනාවක් කියලත් කියන්න පුලුවන්.
මම තෝර ගත්තෙ "වෙබ් අඩවි නිර්මාණකරණය" ගැන උපාධියක්. ඒ ඉතින් ඒ කාලෙ වෙනකොට Weebly, Blogspot එහෙම පොඩ්ඩක් අතපත ගාලා තිබුණු නිසා, ඇති වුණු ආසාවට. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට අපිට එන්න කියලා දවසක් දීලා තිබුණා. මම ඉතින් ඊට කලින් දවසෙ ඒ පැත්තෙන් ගමනක් යන ගමන්, එදාම ගොඩ වුණා. අනපේක්ෂිත පැමිණීමක් නිසා එදා සම්මුඛ පරීක්ෂණයට හිටියෙ එක කථිකාචාර්යවරයෙක් විතරයි. මම ඉතින් හරිම නිදහසේ අහන ප්‍රශ්නවලට උත්තර දුන්නා. එදා හිටියෙත් මම විතරයි. හැබැයි ඊට පස්සෙ දවසෙ තිබ්බ ඇත්තම පරීක්ෂණයට නම්, හැම ළමයෙක්ම ඇවිල්ලා තිබුණා. ඒ වගේම කථිකාචාර්යවරු හතර පස් දෙනෙක්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් තමයි, පරීක්ෂණය පවත්වලා තියෙන්නෙත්. කලින් දවසෙ ගියපු නිසා, එදා මම ගියේ නෑ. මම බේරුණා ඉතින්.
පළවෙනි දවසෙ අපේ කණ්ඩායමේ ළමයි 15කට ආසන්න ප්‍රමාණයක් හිටියා. අපේ කණ්ඩායම කිව්වෙ, "වෙබ් අඩවි නිර්මාණකරණය" සහ "ජන මාධ්‍ය" උපාධි දෙකම කරන ළමයි. වෙබ් අඩවි නිර්මාණකරණය ඉගෙන ගන්න ළමයි හිටියෙ 5ක්ද කොහෙද. අනිත් හැමෝම ජන මාධ්‍ය ළමයි. පළවෙනි දවස නිසා, මාත් ඉතින් එදා කිට මරලා තමයි ගියේ. තේරෙන සිංහලෙන් කිව්වොත් Office Suite / Formal ඇදලා. ඒ කියන්නෙ හොද වැදගත් පන්නයේ කමිසයක් ඇදලා, කලිසමට යට කරලා, Belt එකක් දාලා, මේස් සපත්තු දාලා.... හොද වැදගත් මහත්මයෙක් වගේ තමයි ගියේ. ගිහින් බැලින්නම් ඉතුරු අය හැමෝම සාමාන්‍ය විදිහට (Casual) තමයි ඇද පැළදගෙන ඇවිත් තියෙන්නෙ. මට ඉතින් එදා පොළොව පලාගෙන යන්න හිතුනා. මුල් කාලෙ අපිට සංකීර්ණ විෂයන් තිබුණෙ නෑ. ඒ නිසා ඕන තරම් අපිට නිදහස තිබුණා. මුල් කාලයෙ තිබ්බෙ නිකං චිත්‍ර අදින විෂයන් ටිකක්. හරිම සරලයි. "අපි මෙච්චර ගාණක් වියදම් කරගෙන NSBM ආවෙ මේ ටික ඉගෙන ගන්නද?" කියලත්, ඒ කාලෙ මම මගෙන්ම ඇහුවා. ඒ වුණාට ටික ටික ඉස්සරහට යන්න යන්න, ඒවා ටික ටික සංකීර්ණ වෙන්න ගත්තා.
පළවෙනි අවුරුද්දෙ වැඩි හරියක්ම අපිට තිබුණෙ කණ්ඩායම් වැඩ. ඒ වගේම මේ උපාධි දෙකම කරන අයව, එකට දාලා තමයි ඉගැන්නුවෙ. ඉතින් අපි අතරෙ අන්‍යෝන්‍ය සුහදතාවයන් හරිම වේගයෙන් ගොඩ නැගුනා. හැමෝගෙම ආර්ථික, ආගමික, සාමාජීය, සංස්කෘතික පසුබිම් එක සමානයි. අනිත් අතට තිබුණු වැදගත්ම දේ තමයි හැමොටම තිබුණෙ එක වගේ අදහස් සහ සිතුවිලි. ඒ නිසා අපි ඔක්කොමලම හිටියෙ හරියට "එක නැට්ටෙ දෙහි" වගේ. මුල් දවස් කිහිපය ඇතුළත තුන් දෙනෙක්ම අයින් වුණා. ඉතුරු වුණේ දොළොස් දෙනයි. ඒ දොළොස් දෙනා තමයි ඔය පහළ පින්තූරුවල ඉන්නෙ.

මුලින්ම ඉන්නෙ පියුමාල් අයියා. මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. ගෙවල් බණ්ඩාරවෙල. දෙවනියට ඉන්න දමිත් අයියා, අවුරුදු දෙකක් වැඩිමල්. ගෙවල් නිට්ටඹුවෙ. තුන්වෙනියට ඉන්නෙ මෙලාන්. එයා මහනුවර. හතරවෙනියට ඉන්නෙ කැළුම්. එයා බත්තරමුල්ලෙන්. මේ දෙන්නම මගේ වයසෙ. ඊට පස්සෙ ඉන්නෙ සුචින්ත අයියා. මට වඩා අවුරුද්දක් වැඩිමල්. එයා මොරටුවෙන්. ඊට පස්සෙ ශෙහාන්. ශෙහානුත් මගේ වයසෙ. ශෙහාන් ඉන්නෙ පන්නිපිටියෙ. දිවානි අවුරුද්දක් බාලයි. එයා කළුබෝවිලෙන්. ඔෂාන් අයියා තමයි, අපේ කණ්ඩායමේ හිටපු ජ්‍යේෂ්ඨතමයා. අවුරුදු හතරක් වැඩිමල්. මහගෙවල් කුරුණෑගල වුණාට, ඒ කාලෙ හිටියෙ කිරුලපනේ. ඊට පස්සෙ ඉන්න හරීන් අයියත් මට වඩා අවුරුද්දක් වැඩිමල්. එයා කොට්ටාවෙන්. ඊට පස්සෙ ඉන්නෙ සුපුන් අයියා. අවුරුදු දෙකක් වැඩිමල්. ගම් පළාත නම් මතකයේ නෑ. ඊට පස්සෙ මම. ඊට පස්සෙ ඉන්නෙ ගයත්‍රි අක්කා. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. ඉන්නෙ නුගේගොඩ. අපි දොළොස් දෙනාට, තම තමන්ට අනන්‍ය වුණු ලක්ෂණත් තිබුණා.
පියුමාල් අයියා ගේමක් ගැහුවොත්, ඒ ගේම ගහන්නෙ යටින්. ඕන කෙනෙක් එක්ක කතා බහ කරලා, තත්පරෙන් ඒ කෙනා එක්ක යාලුවීමේ හැකියාවක් එයාට තියෙනවා. NSBM එකට ඇවිල්ලා, මම පළවෙනියටම දැන අදුර ගත්තෙ පියුමාල් අයියවයි. පියුමාල් අයියා තමයි මගේ කොම්පාසුව. පියුමාල් අයියා එක්ක අපායට වුණත් ගිහින් එන්න පුලුවන්. මොකද පියුමාල් අයියා නැවතිලා ඉන්නෙ අපේ ගෙවල් ළග නිසා.
දමිත් අයියා තරම් සැහැල්ලුවෙන් හිටපු කෙනෙක්ව, මම මේ ජීවිතේට දැකලා නෑ. දමිත් අයියාට උලත් එකයි. පිලත් එකයි. ලෝක විනාශෙ ආවත් එයාට ගාණක් නෑ. එයා ජොලියෙ. දමිත් අයියාගෙ කට හරිම සද්ධයි. හරියට රහසක් කොදුරලා කිව්වත්, ඒ රහස පන්තියේ හැමෝටම ඇහෙන තරම්.
මෙලාන් ! කන්ද උඩරට අභිමානයලුනෙ. ඇපල් නිෂ්පාදනයක් ගැන අහන්න හම්බුනොත්, අපිට මුලින්ම මතක් වෙන්නෙ මෙලාන්ව. එයා තරම් ඇපල් නිෂ්පාදන ගැන දන්න කෙනෙක්, මේ විශ්වයේ නෑ. හරිම උත්සාහවන්තයි. තනියෙන් ඉගෙන ගන්න තමයි එයාට ඕන. ඒ වෙනකොටත් එයා, එයාගෙම කියලා ආයතනයක් පටන්ගෙන තිබුණෙ. නිහතමානී. කොච්චර දේවල් දැනගෙන හිටියත්, අපි කාටවත් ආඩම්බරකම් පෙන්නුවේ නෑ. කුප්පිවලට හරිම දක්ෂයි. ඒ වගේම හරිම කටකාරයි. එයා එක්ක කතා කරලා දිනන්න බෑ. ගහට නැග්ග මිනිහටත් උත්තරයක් තිබුණා වගේ, එයාටත් මොකාක් හරි උත්තරයක් තියෙනවා කියන්න.

කැළුම් කියන්නෙ අපේ අයගෙ හිටපු විසේකාරම චරිතය. කිසිම කෙනෙකුට නිදහසේ ඉන්න දුන්නෙ නෑ. පුදුමාකාර දාංගලයක් තමයි තිබුණෙ. එයා හිටියෙ නැත්නම් කිසිම Go එකක්, එහෙමත් නැත්නම් කිසිම Kick එකක් නෑ. එයා තමයි මුළු කණ්ඩායමම Rock කළේ. අනිත් අයට නැති පුදුමාකාර නිර්මාණශීලී අදහස් ගොඩක් එයාට තිබුණා. Photography, Videography, Illustration, Drawing වගේ අංශවලටත් හරිම දක්ෂයි. අපේ කාට හරි ප්‍රශ්නයක් වුණොත්, කැළුම් මුලින්ම එතන. කැළුම් උදේ පාන්දරම NSBM එනවා. දේශන පටන් ගන්නකන් එයාගෙ වැඩේම කෙල්ලො දිහා බලන් ඉන්න එක තමයි. එයාලගෙ එක එක අගපසග ගැන, හැසිරීම් රටා ගැන එහෙම... බලන් ඉන්නවා කියන එක වෙනුවට, අධ්‍යනය කරනවා කියන වචනය තමයි ඇත්තටම ගැලපෙන්නෙ. සමහරක් වෙලාවට අහක ඉන්න අපෙනුත් අදහස් අහනවා. කැළුම් කියන්නෙ කෙල්ලන් ගැන දන්න අය අතරින් අග්‍රස්ථාන තනතුරේ වුණත් පිහිටවන්න පුලුවන් කෙනෙක්.
මම ඇරුණම "නිශ්ෂබ්ද විලියම්" චරිතය රගපෑවෙ සුචින්ත අයියා තමයි. සාපේක්ෂ වශයෙන් අඩුවෙන් කතා කළත් හැමෝම එක්ක හරිම සුහදයි. මොරටුවේ කතෝලිකයෙක් වුණත්, බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක්. ඉතින් සමහරක් වෙලාවට එයාට, අපිටත් වඩා බුද්ධාගම ගැන, ඉතිහාසය ගැන දැනුමක් තියෙනවා. ඕන උදව්වක් ඉල්ලුවොත්, 'නෑ බෑ' නොකියා කරනවා.
ශෙහාන් කියන්නෙ අද වෙනකොට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. හැමදාම රූපවාහිනී නාලිකාවල, ටෙලි නාට්‍යවල දකින්න ඉන්න චරිතයක්. එයා රගපෑමට වගේම නිවේදනයටත් දක්ෂයි. ඒක හුගදෙනෙක් දන්නෙ නෑ. ඒ වගේම විහිළු තහළු කර කර තමයි හිටියෙ. එයාට තිබුණා, එයාටම ආවෙණික වුණු, එයාම හදා ගත්ත වචන Set එකක්. ඒ වගේම හරිම ක්‍රියාශීලී චරිතයක්.

දිවානි තමයි අපේ කණ්ඩායමේ හිටපු අහිංසකම චරිතය. අපේ කට්ටිය එයාට කිව්වෙ "කූඹිච්චි" කියලා. දිවානිටත් තියෙනවා හොද නිර්මාණශීලී අදහස්. ඉංග්‍රීසි දැනුමත් ඉස්තරම්. ගෑණු ළමයෙක් වුණාට, එයා හැසිරුනෙත් පිරිමි ළමයෙක් වගේම තමයි. කැළුම්ට නම් දිවානිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම්, නින්ද යන්නෙත් නැති තරම්. ගොඩක් වෙලාවට දිවානි ඉන්නෙ කැළුම්ට බැනගත්ත ගමන්ම තමයි. ඒ බනින්නෙත් විනෝදෙට මිසක් ඇත්තට නෙවේ. අනිත් අය ගැන හොදට හොයලා බැලීමේ පුරුද්දක් එයාට තිබුණා.
ඔෂාන් අයියා නම් දේශපාලනය පැත්තට බරයි. මොකද එයා අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන පරපුරකට උරුමකම් කියන කෙනෙක්. එයා නම් ඒ දවස්වලත් දේශපාලනේමයි. අදත් දේශපාලනේමයි. හෙටත් දේශපාලනේම තමයි. ඔෂාන් අයියාට පුදුමාකාර හැකියාවක් තිබුණා, අනිත් අයට පද හදන්න. තමන් කරපු දේවල්, අනිත් අයගෙ පිටින් යවන්නත් මිනිහා දක්ෂයා. ඒත් ඉතින් ඇත්තට නෙවේ. විහිළුවට ! ඒ වගේම තමන්ගෙ නිර්මාණයක් ඇරුණම, අනිත් ඕනෑම කෙනෙක්ගෙ නිර්මාණයක් දැක්ක ගමන්ම "කැතයි නෙහ්?" කියලා කියන පුරුද්දකුත් එයාට තිබුණා.
සුපුන් අයියා නම් ආත්මාරක්ෂක සටන් කලාවේ කෙළවරටම ආපු කෙනෙක්. ඒ නිසාම කොච්චර ප්‍රශ්න තිබ්බත්, එයාට ඒවා දරා ගැනීමේ ලොකු හැකියාවක් තිබුණා. හරිම නිහතමානී. අනිත් අයට නැති සංවේදී ගුණයක් එයාට තිබුණා. ඕනම ප්‍රශ්නයක් (පෞද්ගලික ප්‍රශ්න පවා) එයා එක්ක කතා කරන්න පුලුවන්. ඒ තරමටම එයා විශ්වාසවන්තයි. අනිත් අයට කේලම් කියන ජාතියේ කෙනෙක් නෙවේ. කොච්චර වෙලාවක් නාස්ති වුණත්, අපේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා, එහෙමත් නැත්නම් අපේ ප්‍රශ්න ඔක්කොම අහගෙන ඉදලා, අපිත් එක්ක කතා බහ කරලා, අපේ හිත සැහැල්ලු වෙනකන්, එයා නෙවේ අහක බලන්නෙ. හැබැයි අපේ කණ්ඩායමේ හිටපු අද්භූතම චරිතයත් එයා තමයි. මේ ඉන්නවා. මේ නෑ. දවසක් එනවා. මාස දෙක තුනක් එන්නෙ නෑ. ආයිත් දවසක් එනවා. ආයිත් මාස දෙක තුනක් එන්නෙ නෑ.

හරීන් අයියා, නිතරම අපේ අය අතරේ විහිළු තහළුවලට ලක් වුණු කෙනෙක්. අපි දැකලා තියෙන හොදම Gamer තමයි හරීන්. හරීන් නම් Game. Game නම් හරීන්. එයාට හැකියාවක් තියෙනවා අනිත් අයව දිරි ගන්වන්න. ඒ වගේම හිතේ එකක්. එළියෙ එකක් නෑ. හරිම විශ්වාසවන්තයි.
ගයත්‍රි අක්කා ගාව නම් "සැබෑ අක්කා" කෙනෙක්ගෙ ලක්ෂණ තියෙනවා. අපිට හරිම ආදරයෙන් තමයි කතා බහ කළේ. කොයි වෙලේ බැලුවත් "මල්ලී" කියා ගත්තු ගමන්ම තමයි. ඉංග්‍රීසි දැනුම අති විශිෂ්ඨයි. හැම පැවරුමක්ම මුලින්ම කරලා ඉවර කළේ ගයත්‍රි අක්කා තමයි. අපිට පාඩම් වැඩ කර ගන්න බැරි වුණාම, බලෙන් තමයි උදව් කරන්නෙ. අපි ගයත්‍රි අක්කාව පාවිච්චි කළේ අපේ ඉදිරි ආරක්ෂක වළල්ල විදිහටයි. පැවරුමක් කල් දාගන්න ඕන වුණාම, අපි එයාව තමයි ඉස්සරහට දැම්මෙ. එයා ඉතින් එයාගෙ මායම් ඔක්කොම දාලා, පැවරුම කල් යන විදිහට චාටු කතාවෙන් වැඩේ සිද්ධ කරනවා.
ඔන්න ඔහොමයි අපේ හැටි. මේ තමයි උසස් පෙළෙන් පස්සෙ මට හම්බවුණු හොදම යාලුවො කණ්ඩායම. මම වැඩිමල් අයට කතා කළේ අයියා / අක්කා කියලා. ඒ බයකට එහෙම නෙවේ. යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ. එහෙම කළේ සුහදත්වය සහ බැදීම වැඩි දියුණු කර ගන්න. ඉතින් එයාලත් මට කතා කළේ "මල්ලි" කියලා. එහෙම ඇහෙනකොට, සහෝදර සහෝදරියන් නැති මට දැනෙන හැගීම, වචනවලට පෙරලන්න අමාරුයි. NSBM එකේ ගත කරපු හැම තත්පරයක්ම රසවත්.

මුල් කාලෙ ඉතින් හරීම විනෝදයි. ඒක ඇවිල්ලා අසීමිත විනෝදයක්. පළවෙනි අවුරුද්ද පුරාවටම වගේ තිබ්බෙ කණ්ඩායම් වැඩ. Typography විෂයට තිබ්බා, අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම ගැවසෙන තැනක් තෝරගෙන, ඒවා පුරාවටම ඇවිදින ගමන්, වෙළදසැල්වල ගහලා තියෙන ආකර්ශනීය නාම පුවරුවල පින්තූර ගන්න. කණ්ඩායම් දෙකක් ගියේ "මැජෙස්ටික් සිටී" එකට. අපිත් ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මුහුදු වෙරළෙ ඇවිදින්න ගියා. සාප්පු සවාරිවල නිරත වුණා. හොද හොද කෑම කඩ බල බල, ඒවට ගිහින් බඩ පැලෙන්න කෑවා. තව කට්ටියක් චිත්‍රපටි බලන්න ගියා.
මට මතකයි මේ විෂය උගන්නපු කථිකාචාර්යවරිය අපිට පැවරුමක් දුන්නා. ඒ පැවරුමේ තිබ්බෙ දේශගුණික විපර්යාස ගැන පෝස්ටරයක් නිර්මාණය කරන්න. මාත් ඉතින් දන්න ඔක්කොම ශිල්ප ටික දාලා, හරිම අමාරුවෙන් පෝස්ටරයක් හැදුවා. කථිකාචාර්යතුමිය ඒක බලලා කියපි "Wow. Very good. This is for kids noh?" කියලා. මටත් ඉතින් කට වහගෙන හිනා. දන්න ඔක්කොම ශිල්ප දාලා, උපරිම ශක්තියම පාවිච්චි කරලා චිත්‍රයක් ඇදලා පෙන්නුවම, මිස්ගෙ හිතේ ඒක පුංචි ළමයි වෙනුවෙන් කරපු දෙයක් කියලා. ඒ තරමටම මගේ පෝස්ටරේ, එහෙමත් නැත්නම් මගේ නිර්මාණ හැකියාව සම්භාවනීයයි පිංවතුනි.

මේ කාලෙම අපිට Photoshop ඉගෙන ගන්නත් වුණා. ඔය දවස්වල අපේ කට්ටිය හැදුවා බොහොම රහසිගත Facebook Group එකක්. මේක හැදුවෙ අපේම අධ්‍යාපන වැඩ වෙනුවෙන්. Online ඇවිල්ලත් කට්ටියට එකට එකතු වෙලා වැඩ කරන්න. හැබැයි දවස් දෙක තුන යනකොට, මේක නිකං විනෝදයට බර සැණකෙලියක් වෙන්න ගත්තා. තව ටික කාලයක් යනකොට යුධ පිටියක් බවට පරිවර්තනය වුණා. හැමෝම කණ්ඩායම් දෙකකට බෙදිලා, දෙපැත්තෙ ඉන්න අයට මඩ ගහන්න ගත්තා. ඉතින් එක එක මාදිලියේ මඩ පෝස්ටර් හැදෙන්න ගත්තා. ඒකට පාවිච්චි කළේ Photoshop. ඇත්තටම පන්තියටත් වඩා ඒකෙන් තමයි අපි Photoshop ඉගෙන ගත්තෙ.
මට මතකයි දවසක් අපිට හදිස්සියේම බත්තරමුල්ලෙ මළ ගෙදරක යන්න වුණා. මමයි, ඔෂාන් අයියයි, පියුමාල් අයියයි, කැළුමයි, සුචින්ත අයියයි, දමිත් අයියයි තමයි ගියේ. ඉතින් ඔන්න දවල් වරුවම ඉවරයි. හවස් වරුවෙ කට්ටිය කතා වුණා හරීන් අයියගෙ ගෙදර යන්න. මේ වගේ වෙලාවල්වලට ඉතින් මම කොච්චර කැමති නැති වුණත්, මෙයාලගෙ තීන්දු තීරණවලට එකග වෙන්න වුණා. මොකද පාරවල් ගැන එච්චර දන්නෙ නැති නිසා. සුචින්ත අයියා ඇරෙන්න අපි ඔක්කොම හරීන් අයියාගෙ ගෙදර යන්න පිටත් වුණා. ශෙහාන්, මෙලාන් එහෙමත් එනවා කියලා දැනුම් දුන්නා. අපි ඉතින් බස් එකේ කොට්ටාවෙ යනවා. මාත් ඔහේ යනවා. අපි කොට්ටාවට ගියේ අතුරුගිරිය පාරෙන්. මම ඒ පාර ගැන දැනගෙන හිටියෙ නෑ. කොහොමහරි හරීන් අයියාගෙ ගෙදරට යන පාර තිබුණෙ හංදියට කලින්. ඒ වෙනකොට අන්තිම Halt එකට කලින් Halt එකත් පහුවෙලා තිබුණෙ. අන්තිම Halt එක තමයි, Bus Stand එක.
හරීන් අයියාගෙ ගෙදර පාර හරියවෙනකොට, බස් එක ඉස්සරහට ඇදෙන අතරෙම මුං ටික දඩබඩ ගාලා බස් එකෙන් බැහැගෙන බැහැගෙන ගියා. ඔන්න ඉතින් මං ෆුල් හොල්මන්. දැන් මම විතරයි බස් එකේ. මම හරීන් අයියාගෙ ගෙදර තියෙන තැන දන්නෙත් නෑ. මාත් ඕන මගුලක් කියලා බස් එකෙන් බැස්සා. ඇත්තම කියනවා නම් බස් එකෙන් පැන්නා. මොකද මම ඊට කලින්, යන බස් එකකින් බැහැලා තිබුණෙ නෑ. අනිත් එක අපි බැස්සෙත් පිටිපස්සෙ දොරෙන්. ඉතින් මෙලෝ යකෙකුට අපි බහිනවා පේන්නෙත් නෑ. මම ඉතින් ඩොල්ෆින් කෙනෙක් වගේ උඩින් ගිහින්, හරහට වැටුණා. අපේ මිනිස්සු ටික ඈත ඉදන් දුවගෙන ආවා. බස් එකත් නැවැත්තුවා. වටේ හිටපු කිහිප දෙනෙකුත් දුවගෙන ආවා. වටේ පිටේ ඉන්න මිනිස්සුත් බලන් ඉන්නවා. මමත් ඉතින් ටක්බක් ගාලා නැගිටලා "යමු යමු" කියාගෙන, අපේ අයටත් වඩා වේගයෙන් ඇවිදගෙන ඉස්සරහට ඉස්සරහට ගියා, ඒ ඉසව්ව නොපෙනී යනකන්ම. "පනින්න බැරි නම් කියන්න එපැයි බං. අපි හිතුවෙ උඹට පුලුවන් කියලා". එහෙම කිව්වෙ කැළුම්. "අපරාදෙ අපිට හෙටත් මළ ගෙදරක ගිහින්, ලබන සතියෙ දානෙකට යන්න තිබ්බ Chance එකක්නෙ Miss වුණේ". එහෙම කිව්වෙ පියුමාල් අයියා. "මල්ලි කොට්ටාව තමයි අන්තිම එක. කොට්ටාවෙන් බැස්සොත්, ආයිත් දුරක් එන්න වෙනවා. ඒ නිසයි අපි මෙතනින් බැස්සෙ. නැත්නම් මෙතන බහින්න තැනක් නෑ". ඔෂාන් අයියාත් කටහඩ අවධි කළා. "ඒ කියන්නෙ මෙතන Halt එකක් නැද්ද? කුණුහරුපනෙ කරන්නෙ..!!!!!" එහෙම කිව්වෙ මම. එදායින් පස්සෙ අද වෙනකනුත්, මම බස් එකක පිටිපස්සෙන් නම් බැස්සෙ නෑ. කොහොම හරි දණහිසේ සත

25ක විතර තුවාලයක් තිබුණා. පොඩි පොඩි තැළුම් වගයක් තිබ්බා. අමාරුවෙන් හරීන් අයියාගෙ ගෙදරට ගියා. අපේ කට්ටිය නිවාඩු වෙලාවට හරීන් අයියාගෙ ගෙදර යන්නෙ එක්කො Game එකක් ගහන්න. නැත්නම් ක්‍රිකට් මැච් එකක් ගහන්න. නැත්නම් අපිට හරීන් අයියාගෙන් ඇති වැඩක් නෑ! ඊට පස්සෙ ඉතින් ඔක්කොමලා ක්‍රිකට් මැච් එක ගහන්න, එහා පැත්තෙ තියෙන පොඩි ඉඩමකට යන්න කතා වුණා.
මේ අස්සෙ හරීන් අයියා කියපි "ඔයිට වඩා ලොකු පිට්ටනියක් තියෙනවා. අද අපි ඒකෙ ගහමු" කියලා. අපේ අයත් හැරෙන තැපෑලෙන් ප්‍රශ්නයක් අහපි. "දැන් උඹ දන්නවද ඕක තියෙන තැන?". හරීන් අයියා Phone එක අරින ගමන් "Google Map එකෙන් බලන් යන්න පුලුවන්" කියලා කිව්වා. ඔන්න ඉතින් අපි බැට්ද, බෝලද, විකට් පොලුද, බීමද, අරවද මේවද.... ඔක්කොම අරගෙන පිට්ටනිය හොයාගෙන යනවා. හරීන් අයියා තමයි |
මහදැන මුත්තා. එයා ඉතින් Google Map එකත් බලන් ඉස්සරහින් යනවා. අපි ගෝලයො රොත්ත වගේ පිටිපස්සෙන් යනවා. යනවා යනවා යනවා යනවා... ගමනෙ කෙළවරකුත් නෑ. හරීන් අයියත් ඔහේ ඇවිදගෙන යනවා. අපිත් ඔහේ පස්සෙන් යනවා. දැන් අපේ අයගෙ රතු කටු ඔක්කොම පැනලා. ඔන්න ඉතින් බනින්න පටන් ගත්තා. ඒ හැම වෙලාවෙම හරීන් අයියා කිව්වෙ "දැන් ළගයි. දැන් ළගයි" කියලා. කොහොමහරි පැය භාගයකටත් වඩා ඇවිදලා ඇවිදලා, ඔන්න ඉතින් ගමනාන්තයට ළගා වුණා. ඒ වුණාට එතන තිබ්බ පිට්ටනියක් නෑ. එතන තිබ්බෙ තට්ටු දෙකෙ ගෙදරක්. නයිටියක් ඇද ගත්තු ගෑණු කෙනෙක්, උඩ තට්ටුවේ ඉදන් අපි දිහා කන්න වගේ බලන් හිටියා මතකයි. ඊට පස්සෙ අපේ කට්ටිය දෙස් දෙවොල් තිය තිය ආයිත් හැරිලා ආවා. එදා අපේ කට්ටිය ක්‍රිකට් ගැහුවා. හැබැයි හරීන් අයියාගෙ Google Map පිට්ටනියෙ නම් නෙවේ. එතන ළග තියෙන පොඩි ඉඩමක. "Google Map" බලාගෙන Trip එකක් ගියා වගේ" කියලා එදා අලුතෙන් ප්රස්ථා පිරුළකුත් හැදුනා.
මේ කාලෙම අපේ අය පටන් ගත්තා Dream Friends Productions කියලා පොඩි Youtube Channel එකක්. ශෙහාන්ගෙ තමයි මේකෙ සංකල්පය. එයාට ඕන වුණා NSBM එක ඇතුළෙම ඉදගෙන අධ්‍යාපනික වැඩවලට වඩා එහා ගිය දෙයක් කරන්න. ඉතින් මේක ටිකක් විනෝදය පැත්තට බර දේවල් වෙනුවෙන් නිර්මාණය වුණු එකක්. මේ කාලයේ අපේ කට්ටිය ගීත කිහිපයක්ම හැදුවා. තව Reality ඝනයේ වැඩසටහන් කිහිපයකුත් නිෂ්පාදනය කළා.
පළවෙනි අවුරුද්දෙ අන්තිම මාසය වෙනකොට අපිට Concept Development විෂයට Board Game එකක් හදන්න වුණා. අනාගතයේ මතු යම් දවසක ලෝකයේ සිද්ධවෙන්න පාරිසරික විනාශයක් වළක්වගන්න එක තමයි අපිට හම්බුනු මාතෘකාව. සංකල්පය අපිම හදලා, ලෑල්ලත් අපිම නිර්මාණය කරලා, කවර, ඉත්තො, උපදේශන පොත්.... මේ හැම දෙයක්ම බිංදුවේ ඉදලම අපි නිර්මාණය කරන්න ඕන. ඉතින් පන්තිය කණ්ඩායම් දෙකකට බෙදුවා. දෛවයේ සරදමක් නිසාද දන්නෙ නෑ ඔක්කොම වැඩකාරයො ටික හිටියෙ එක කණ්ඩායමක. අනිත් කණ්ඩායමේ හිටියේ අයිස් පප්පලා ටිකක් (මාත් හිටියේ ඒකේ). මේක නිර්මාණය කරන කාලය අතරතුර මරු මරු දේවල් වුණා.
අපි ඉතින් ගොඩක් හිතලා හිතලා හොද සංකල්පයක් ගොඩ නැගුවා. හරිම ලේසියෙන් කරගන්න පුලුවන් එකක්. වැඩි මහන්සියක් නැතුව. ඒක අහගෙන හිටපු විෂය භාර සර් ඒකට තව ටිකක් කුළුබඩු දාලා, එයාගෙ අදහස් එහෙමත් එකතු කරලා, මහා පරිමාණයේ දෙයක් විදිහට ගොඩ නැගුවා. හැබැයි සර් කිව්වෙ, "කැමති නම් විතරක් ඒ Concept එක ගන්න. නැත්නම් කරගෙන ආපු එකම, කරගෙන යන්න" කියලයි. අපේ නායකත්වය (හරීන්) මොකද කළේ, සර්ගෙ Concept එකෙන්ම වැඩේ දෙමු කියලා, කර කර හිටපු ඒවා අහක දාලා, අලුත් සංකල්පයට මාරු වුණා. ඔන්න දැන් ආයිත් මුල ඉදන් වැඩ. මේ අස්සෙ අපේ කණ්ඩායමේ හිටපු අය අතරෙත් පොඩි පොඩි ගෝරි එහෙම ගිහින්, ඔන්න දැන් එක්කෙනෙක් අයින් වුණා. දැන් ඉන්නෙ හතර දෙනයි. හැබැයි දහ දෙනෙක්ගෙ විතර වැඩ කරන්න තියෙනවා. ඉතින් රෑ නිදි මරාගෙන, හරියට නිදා ගන්නෙත් නැතුව තමයි අපි වැඩ කළේ. දේශන නැති දවස්වලත් අපි NSBM එකට ගිහින් වැඩ. සෙනසුරාදා, ඉරිදා, පෝය දවස්වල හරීන් අයියාගෙ ගෙදර ගිහින් රෑ වෙනකන්ම වැඩ. කණ්ඩායම් නායක, තමයි ගිනි පත්තු වෙලා හිටියෙ. ඔක්කොම බර එයාටනෙ. ඒ දවස්වල අපිට ශරීර කෘත්‍ය කරන්නත් යන්න බැරි තරම්. එහෙම ගියත් එයා ඇහුවෙ "දැන් ඕකද මේ වෙලාවෙ කරන්න තියෙන වැදගත්ම දේ?" කියලයි.
Deadline එකත් ටික ටික ළං වුණා. ඔක්කොම කරන්න වෙලාව මදි. ඉතින් සර් අපේ කණ්ඩායමට විතරක්, තව සතියක කාලයක් වැඩිපුර දුන්නා. අපි හැමෝගෙම ඉහේ මලක් පිපුණා ඉතින්. නීතියේ හැටියට කර කර හිටපු වැඩ, අන්තිම දවසෙ ඉදිරිපත් කරන්න ඕන. අන්තිම දවසෙ ඉදලා, දවස් හතක් ගියායින් පස්සෙ ඒ වැඩ ටික පිළිවෙලක් කරලා භාර දෙන්න ඕන. ඉතින් අපිත් වේගයෙන් වැඩ කරන එක නතර කළා. මොකද තව වැඩිපුර සතියක් අපිට හම්බුනු නිසා. මාත් ඉතින් ගෙදර යන වෙලාවට පන්සල් බලන්න ගියා. අනිත් අය විනෝද වෙන්න, එක එක ගමන් ගියා. කොහොම හරි මෙන්න බොලේ කණ්ඩායම අතෑරලා ගියපු කෙනා ආයිත් කණ්ඩායමට එනවා කියලා, සර්ට කියලා. සර් ඉතින් අපිට දීපු වැඩිපුර සතිය අවලංගු කළා. අපිටත් දැන් වැලේ වැල් නෑ. හොදටම මළ. අපිත් ඉතින් අර යෝධයා එනකන් බලන් හිටියා. ඒත් එන පාටක් නෑ. අද එයි. හෙට එයි. ඔහොම බලන් හිටියා. අන්තිම දවසටත්, දවස් දෙක තුනක් තියෙද්දි තමයි තේරුනේ, ඌ අලි පොල්ලක් තිබ්බා තමයි කියලා. අපි ඉතින් සර්ගෙන් ආයිත් අර වැඩිපුර සතිය ඉල්ලුවා. සර් කිව්වා "ඒකට පරක්කු වැඩියි" කියලා. අපි ඉතින් තියෙන ශිල්ප දාලා නිර්මාණයක් ඇටෙව්වා. Board Game Characters ටික, Illustrationවලින් ලස්සනට ඇදගන්න ඕන. ඒත් සර් අපිට බුරුලක් දුන්නා, වෙලාව නැති නිසා, ඒ ටික කොලවල ඇදලා, පාට පැන්සල්වලින් හරි පාට කරන්න කියලා. කොහොම හරි අපි ඉතින් දඩබඩ ගාලා වැඩ ටික කරගෙන කරගෙන ගියා. ළග තිබ්බ මුද්‍රණ ආයතනයකට තමයි ලෑල්ලයි, පෙට්ටියයි මුද්‍රණය කරන්න දුන්නෙ. ඒවායේ මිනුම් ටික මැන්නෙ හරීන් අයියා. ඒත් අන්තිම දවසට, කලින් දවසෙ මහා රෑ...

ඔන්න දැන් අන්තිම දවස ආවා. ඒ වෙලාවෙ තමයි අපේ දෙන්නෙක් ගිහින්, මුද්‍රණ වැඩවලට දීලා තිබ්බ පෙට්ටියයි, ලෑල්ලයි ගත්තෙත්. එක්කෙනෙක් මගදි මට Call එකක් දුන්නා.
එක්කෙනා - මේ කෝ හරීන්? ඌ ඉන්නවද?
මම - නෑ. එයා අනිත් බඩු ටික ගේන්න එළියට ගියා.
එක්කෙනා - ඌ මහා කැරි## හු###නෙ ඕයි! මහ හු###### ##නෙ කරලා තියෙන්නෙ?
මම - දැන් මොකක්ද ප්‍රශ්නෙ?
එක්කෙනා - Board එක Box එකට වඩා ලොකුයි. Box එකෙන් Board එක වහන්න බෑ. ඒ ප## Measurements අරන් තියෙන්නෙ වැරදියට. පිස්සු හු####...
මම - දැන් ඔයාලා කොහෙද ඉන්නෙ?
එක්කෙනා - දැන් හංදියේ ඉන්නෙ. මේ එන ගමන් !
කොහොම හරි ඉතින් කාරණාව ඇත්ත තමයි. දැන් මොනවා කරන්නද ඉතින්? දුක තමයි රංජනී කිව්වලු. ඒත් ඉතින් හරීන් අයියාටම දොස් කියන්නත් බෑ. මොකද ඒ මිනියා තමයි අපේ නල්ලමලේ කණ්ඩායමේ වැඩ ඔක්කොම ටික, මෙච්චර දුර හරි ඇදගෙන ඇදගෙන ආවෙ. එයා නොහිටින්න අපිට මේ ටික, මෙහෙමවත් ඉවර කරන්න හම්බ වෙන්නෙ නෑ. ඔන්න දැන් ඉදිරිපත්කිරීම් කරන වාරය ආවා. අපි ඉතින් අනිත් කණ්ඩායමට ආරම්භයක් ගන්න කියලා ආරාධනා කළා. එයාලගෙ නිර්මාණ අති සුපිරි විදිහට තිබ්බා. ඒ විතරක්ද? වෙනම Trailer එකකුත් හදලා. එච්චරද? නෑ, Behind the Scenes Video එකකුත් හදලා. අපි ඉතින් කලිසමේ තෙමා ගත්තෙ නැති ටික විතරයි. මේ වෙනකොටත් අපි එකෙක්කෙනා මේ මේ දේවල් ටික කියනවා කියලා, බෙදාගෙන හිටියෙ. ඒ අස්සෙ ඒවාත් අපි මාරු කර ගත්තා. දැන් කියන්න හිටපු දේවල් නෙවේ කියන්න වෙලා තියෙන්නෙ. ඒවත් මතක නෑ. ඔන්න දැන් අපේ වාරෙ. අපි ඉතින් ඉස්සරහට ගිහින් ඔහේ කියාගෙන කියාගෙන ගියා. Power Point Presentations නෑ. මමයි, ශෙහානුයි කතා කළේ මතකයෙන්. මම හිරවෙනකොට ශෙහාන් උදව් කළා. පියුමාල් අයියා Instruction Manual එකෙන් කියෙව්වා. Designs පෙන්නුවේ A4 Half Sheet කොළවලින්. හරීන් අයියා එයාගෙ කොටස කියෙව්වෙ කොහොමද දන්නවද? Photoshop එක Open කරලා, ඒක බලාගෙන. මතක් වෙනකොටත් මැරෙන්න හිනා. සර්ටත් හිනා. අපිටත් හිනා. සර් හරීන් අයියාගෙන් එක එක ප්‍රශ්න අහනවා. එයානෙ නායකයා. අපි කටවල් වහගෙන හිනා වෙනවා පිටිපස්සෙ ඉදගෙන.

NSBM එකේ ගත කරන දෙවෙනි අවුරුද්ද වෙනකොට, අපේ අයගෙන් භාගයකටත් වඩා NSBM එකෙන් හැලුනා. ඒකට එක එක හේතු තිබුණා. ඉතුරු වුණේ හත් දෙනයි (මම, මෙලාන්, දමිත්, කැළුම්, පියුමාල්, සුචින්ත, දිවානි). දිවානි තමයි අපිට ඉතුරු වුණු එකම ගෑණු ළමයා. ඒ වුණාට එයත් පිරිමි ළමයෙක් වගේ, පිරිමි ළමයි ගොඩේම හිටියා. එයාට ඒවා ගාණක් නෑ.
දෙවෙනි අවුරුද්දෙ මාර්තු විතර වෙනකොට NSBM ඇවිල්ලා අවුරුද්දක් ඉවර වුණා. ඒක සමරන්න අපේ පංතියේ අය හරි අපූරු වැඩක් කළා. ඒ තමයි දහසක් වූ අගහිගකම් වලින් පෙලෙන දුෂ්කර පාසලකට පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව ආධාර සහ පරිත්‍යාග ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. අනිත් අය කරනවා වගේ DJ party, අර Dance මේ Dance වලට වඩා හැමෝගෙම කැමැත්තෙන් මේ වගේ ව්‍යාපෘතියක් නිර්මාණය වුණේ ඒකෙන් කාට කාටත් ප්‍රයෝජනයක් තියෙන නිසා. ඒ වගේම අර්ථයක් තියෙන නිසා. ඒකෙන් හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් නිසා. ඒ වගේම අපූරු සිහිවටනයක් වෙන නිසා. මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පළවෙනි වතාවට සංකල්පය ගෙනාවෙ කැළුම්. මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී මේ ව්‍යාපෘතියට දේශ දේශාන්තර වලිනුත් ගොඩක් පරිත්‍යාග සහ ආධාර එකතු වුණා. කොච්චර දේවල් එකතු වුණාද කියනවා නම් ගමන පිටත් වෙන්න පැය තුනක් හතරක් තියෙද්දිත් අපිට ආධාර එකතු වුණා.

මේකට නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ඉදලා කිලෝ මීටර් 30කට එහායින් තියෙන උඩමාදුර ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය තෝරා ගැනුණා. 1 වසරෙ ඉදලා 5 වසර වෙනකං විතරක් පංති තියෙන මේ ඉස්කෝලෙ අධ්‍යාපනය ලබන මුළු සිසුන් ගණන 24ක්. විදුහල්පතිතුමා හැරුණු කොට තවත් ගුරුවරු 2 දෙනෙක් බොහොම කැපවීමෙන් ළමයින්ට සිප් සතර කියා දෙනවා. හරිම දුෂ්කර ගම්මානයක්. මුළු ගමෙන්ම විදුලිය තියෙන්නෙ ඉස්කෝලෙට විතරයි. රෑට වැඩිය ගමන් බිමන් නෑ. මොකද රෑට කැළේ ඉන්න අලි ගම් වදිනවලු. ගමයි නගරයයි එක්ක තියෙන සම්බන්ධය බිදිලා. ඒකට තියෙන ප්‍රධානතම ප්රශ්නය තමයි, ගමයි නගරයයි අතරේ තියෙන දුර. ඉතින් ගමේ ළමයින්ට නගරය බලන්න නම්, කැස්සක් උණක් හැදිලා ලෙඩ වෙන්නම ඕනලු. චොකොලට් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අයත් එතන හිටියා. ගමේ ආර්ථිකය රැදිලා තියෙන්නෙ කෘෂිකර්මාන්තය මත. සමහරක් ළමයින්ගෙ අම්මා නෑ. සමහරුන්ගෙ තාත්තා නෑ. අම්මයි තාත්තයි දෙන්නම නැති ළමයිනුත් ඉන්නවා. එකම ශාලාවෙ තමයි පංති ඔක්කොම පවත්වාගෙන යන්නෙ. එව්වායෙත් වහළවල්, තහඩු ඔක්කොම අබලං වෙලා. ඉතින් අපි දවසෙම කළේ එයාලා එක්ක විනෝදයෙන් කාලය ගත කරපු එක. චිත්‍ර ඇන්දා. එයාලාගෙ ඉදිරිපත් කිරීම් (නර්තන සහ ගායනා) රස වින්දා. එයාලා එක්ක කතා බහ කළා. තෑගි බෙදුවා. දවල් කෑමෙන් පස්සෙ ටික වෙලාවක් ආගිය කතා කිය කියා හිටපු අපි, කොළඹ යන්න පිටත් වුණේ දවල් 2.30ට විතර.
අපි ආපු පාර තාවකාලිකව වහලා නිසා අපිට යන්න වුණේ ලදු කැළෑවක් සහිත පුංචිම පුංචි පාරකින්. මේ අස්සෙ ලොකු වැස්සක් වහින්න ගත්තා. වැස්ස නිසා පොළොව ඔක්කොම මඩ වෙලා. වාහනේ හරවන්නත් හරිම අමාරු වුණා. ආයිත් ආපස්සට යන්නත් බැරි තරමට පාර පටුයි. විදුහල්පතිතුමයි ගමේ මාමා කෙනෙකුයි අපේ පස්සෙන් ආවා, අපේ තනියට. වැස්ස නිසා වාහනේ 10 වතාවක් විතර තැන් කිහිපයකම එරුණා. කදු ගැට්ටෙන් එහාට වාහනේ පෙරලෙන්න ගිය අවස්ථාත් එමටයි. මේ නිසා පැය දෙකක්ම ගත වුණේ එක වෙලාවකට එරිලා තියෙන සහ එක වෙලාවකට නවත්තන්නෙ නැතුව ඉබේම පල්ලෙහට එන වාහනේ ලදු කැළෑවෙන් එළියට ගැනීමේ ක්‍රියාන්විතයට. දහයියා ගෙනල්ලා, ලී කෑලි හිර කරලා, ගල් දාලා, වාහනේ තල්ලු කරලා, හරවලා, උස්සලා තමයි අපේ අය ගමේ අයත් එක්ක එකතු වෙලා ඒ අභියෝගය ජය ගත්තෙ. ඒක හොද අත්දැකීමක් වුණත් ජීවිතයේ අත් විදපු භයානකම සිදුවීම් අතරට මේ සිදුවීමත් එකතු වෙනවා.

ඊට පස්සෙ අපි විදුහල්පතිතුමයි, අපේ උදව්වට ආපු ගමේ අය ටිකයි එක්ක කන්ද පල්ලෙහට ගෑටුවා මඩ ටික හෝද ගන්න. විනාඩි 15ක විතර දුරක් ගෙවා ගෙන ගල් වැටි, කටු පදුරු, කූඩැල්ලො, වලවල්, දිය ඇලි, දිය පාරවල් අස්සෙන් කන්ද බැහැලා, විශාල ගංගාව තරණය කරලා, ගගේ උඩහට අපි ගියා. ඊට පස්සෙ අපි මඩ ඔක්කොම හෝද ගත්තා. කන්ද බැස්සායින් පස්සෙ හිතුනා ආයිත් කන්ද නගින්නම ඕනද කියලත්. මොකද ඒ තරම් දුරක් අපි පහළට පහළට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා. ගංගාව තරණය කරන්න, ගල් වැටි උඩින් සමබරව යන්න අපේ කට්ටිය වගේම, විදුහල්පතිතුමා ඇතුළුව අපිත් එක්ක ආපු ගමේ මාමලා දෙන්නත් ගොඩක් උදව් කළා. අවස්ථා දෙකකදී ලිස්සලා වැටුණා විතරක් නෙවේ මගේ කැමරාවත් හොදටම තෙමුණා. වැස්ස නිසා ගල් උඩ වගේම කන්දත් ලිස්සනවා. ගග තරණය කරගෙන උඩහට යන කොට කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දිය ඇල්ල ආරම්භ වෙන ලොකු ගල් තලාව නැගලා ටික දුරක් ගියාම අපිට දකින්න හම්බවෙනවා "ගොළු ඔළුව" කියලා තැනක්.
ගල උඩ ඉදලා වේගෙන් එන වතුර පාර, ගලා ගෙන එන්නෙ ස්වභාවිකව ඔපමට්ටම් වුණු ගලේ විශාල කාණුවක් දිගේ. එහෙම ඇවිත් පහළට වැටෙන වතුර දිය සුළියක් ආකාරයට කැරකි කැරකි තියෙනවා. කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් එතනට වැටුණොත්, ආයිත් ගොඩ ඒමක් නෑ. ඒ තරමටම මෙතන භයානකයි. ඒ වගේම ගැඹුරුයි. විශාල ගල් වලින් වට වෙලා තියෙන නිසා මෙතනින් එහාට වතුර යනවා අඩුයි. වතුර වලින් 5%ක් වගේ සුළු ප්‍රතිශතයක් පහළට යන කොට, ඉතිරි 95% මෙතනින් එහාට යන්නෙ නැතුව අතුරුදහන් වෙනවා. ඒ නිසා ඒ වතුර ප්‍රමාණය භූගත ජල මාර්ගයක් හරහා ගිහින්, ගගේ කොතනකින් හරි මතු වෙනවා ඇති කියලා තමයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නෙ. උඩ ඉදලා "ඔළුවක" / "මොළයක" හැඩේට ස්වභාවික කාණුව දිගේ පහළට එන වතුර වැටිලා හැදෙන සුළිය ළගත් අමුතුම හැඩයේ කුහරයක් තියෙනවා. මේ කුහරය ගල් තලාවට හොදින් විවෘත වෙලා තියෙන නිසා කුහරය යටට රිංගන්නත් පුලුවන්. ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ගල යට විශාල නිධානයක සිතියමක් කොටලා තියෙනවලු. ඒත් ඒ සිතියම හරහා නිධානය පස්සෙ ගියපු කාටවත් හරි ගියේ නෑලු. හැමෝටම වස් වැදිලා එක එක කරදර සතුරු උපද්‍රවවලට මුහුණ දෙන්න වුණාලු.

NSBM එකේ හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසය වෙනකොට දවස් දෙකක ප්‍රදර්ශනයක් තියනවා. NSBM එකේ ගොඩනැගිලි හතරෙම, හැම තට්ටුවකම ප්‍රදර්ශන කුටි පවත්වනවා. දෙවෙනි අවුරුද්දෙ අපිටත් මේ ප්‍රදර්ශනයේ බර කරට ගන්න වුණා. අපිට හම්බුනා ලොකු ශාලාවක්. හැබැයි ශ්‍රම බලකායෙ හිටියෙ හත් දෙනයි. නිර්මාණවලට සැලසුම් සහ සංකල්ප ගොඩ නැගුවෙ කැළුම්. මිනිහගෙ අදහස් එහෙමත් ලේසි නෑ. හරි විශාලයි. ඉතින් අපිට බිංදුවේ ඉදලම වැඩ පටන් ගන්න වුණා. සති දෙකක් තිස්සෙ NSBM එක ඇතුළෙ ඉදගෙන වැඩ. පමුණුවෙ රෙදි කඩවල් ගාණෙ යනවා, නුගේගොඩ රෙදි කඩවල් ගාණෙ යනවා, නාවල Hardware කඩවල්වල ඇවිදිනවා, ලී මඩුවලට යනවා, පොත් සාප්පුවලට යනවා... වැඩවල ඉවරයක් නෑ. සාමාන්‍යයෙන් අපි වැඩ පටන් ගත්තෙ උදේ 8.00ට. වැඩ ඉවරවෙලා NSBM එකෙන් එළියට බහිනකොට, පහුවෙනිදා පාන්දර 2.30 / 3.00 වෙලා. සමහරක් දවස්වල NSBM එකේම නතර වුණා.
අපේ උපාධි භාරව කටයුතු කරපු (අධ්‍යක්ෂක) මිස්, පහළ Batch එකේ අය බොහොම ටික දෙනෙකුයි, උඩ Batch එකේ අයියලා තුන් දෙනෙකුයි, වෙන උපාධි කරන දෙන්නෙක් (මලිත් අධිකාරි, අශාන් රණසිංහ) අපිට උපරිමයෙන් සහයෝගය දුන්නා. උදේ රෑ ගෙවෙනවා තේරුනේ නෑ. සමහරක් දවස්වල දෙන්නා තුන්දෙනා එනවා අපේ ගෙදර නවතින්න. සෑහෙන්න පරක්කු වෙලා තමයි කෑම කෑවෙත්. මහන්සි හොදටම. අපි කාපු කට්ට, අපි විතරයි දන්නෙ. NSBM එකේ AC කාමර අස්සෙ හිරවෙලා, ලොකු පුටුවල ඉන්න අය මේ වෙනකනුත් දන්නෙ නෑ, අපිට මුහුණ දෙන්න වුණු ප්‍රශ්න ගැන.
ඒ කාලෙ මහා රෑ නිසා, NSBM එක ඇතුළෙ මොකෙක්වත් නෑ. මට ඉතින් කාශ්‍යප රජ්ජුරුවොත් මතක් වුණා. කාශ්‍යප රජ්ජුරුවො සීගිරියෙ හිටියෙ, හරියට කුවේරයා, ආලකමන්දාවෙ ඉන්නවා වගේලුනෙ. දවසක් මට මතකයි මහා පාන්දර වෙනකං වැඩ කර කර ඉදලා, පාන්දර 2.30ට විතර නුගේගොඩ හංදියේ කෑම කඩයකට ගියා රෑට කන්න. මමයි, කැළුමයි, පියුමාල් අයියයි, මම අර කලින් කියපු මලිත් සහ අශානුයි... හැමෝම "පාන්" කියා ගන්න බැරුව, හොදටම හාමතේ හිටියෙ. ඉතින් හැමෝම කතා කර ගත්තා බඩගින්නෙ හැටියට කොත්තු කන්න. ඔන්න ඉතින් Order එක ගන්න අයියා කෙනෙක් ආවා. "කොත්තු තුනක් දාන්න". එහෙම කිව්වෙ කැළුම්. ඊට පස්සෙ අයියා ඇහුවා "ඩොල්ෆින් දාන්නද?" කියලා. මම හිටියෙ හෙම්බත්වෙලා, ඔළුව මේසෙ ගහගෙන. හීනෙන් වගේ මතකයි කැළුමයි, පියුමාල් අයියයි දෙන්නම උඩ බිම බලනවා. මොකද ඒ වෙනකොටත් අපි ඕක ගැන අහලා තිබ්බෙ නෑ. පස්සෙ ඒ අයියම කිව්වා පරාටා එක කෑලි කෑලි කපලා හදන කෑමක් කියලා. මලිතුත් ඒක ගැන කියලා දුන්නා. මේ අස්සෙ ඔළුව මේසෙට ගහගෙන ඉන්න මගේ අත හොල්ලලා කැළුම් ඇහුවා "ඩොල්ෆින් කමක් නෑ නේද?" කියලා. ඒ වෙලාවෙ පියවි සිහියත් නැතිකොට මම කියපි "ඩොල්ෆින් කෙනෙක් බැරි නම්, තල්මහෙක් හරි ගේන්න කියනවා" කියලා. කල්පනා කරලා කියපු දෙයක් නෙවේ. ඒ වුණාට ඒකට හැමෝම බඩවල් අල්ලන් හිනා වුණා.

NSBM එකේ ප්‍රධාන ගොඩනැගිල්ල මෙහා පැත්තෙ තියෙන, පොඩි ගොඩනැගිල්ල ළග තියෙනවා නෙල්ලි ගහක්. මේ නෙල්ලි ගහේ තියෙන ගෙඩිවලින් භාගෙට භාගයක්ම කැඩුවෙ කැළුම්. එක දවසක් මහා රෑක මෙහෙම වැඩ කර කර ඉන්නකොට, කැළුම්ට නෙල්ලි කන්න අදහසක් පහළ වුණා. හැබැයි පහළ අතුවල නෙල්ලි නෑ. ඉතින් පියුමාල් අයියාගෙ උරහිස අල්ලගෙන, හරිම අමාරුවෙන් තාප්පෙට නැගලා, තාප්පෙත් අඩමානෙට ඉදගෙන, සෑහෙන වෙලාවක් නෙල්ලි කැඩුවා. ඔක්කොම නෙල්ලි ටික දික් කරන්නෙ මට. මගේ අත් දෙකේම 30ක් විතර එකතුවෙලා. ඔක්කොම උස්සන් ඉන්න බැරි නිසා, මම ඒ ඔක්කොම ලේන්සුව අස්සට දාලා ගැටයක් ගැහුවා. කැළුම් බොහොම අමාරුවෙන් පහළට බැහැලා, නෙල්ලි ඉල්ලුවා. මාත් ඉතින් ලේන්සුව දික් කළා. "ආපෝ. උඹ ඕකෙන් මූණත් පිහ දානවා නේද? මොකක්ද බං ඔය මළ ජරාව? අපිට එපා. උඹම කාපං" කියලා, ඔක්කොම නෙල්ලි ටික මට සන්තක වුණා.
ඔය වගේ වැඩ ගොඩක් ඒ කාලෙ වුණා. කොහොම හරි අපි වැඩ ටික, අන්තිම මොහොතෙ ඉවර කළා. ප්‍රදර්ශනයත් දවස් දෙක පුරාවටම අතිසාර්ථකව පැවැත්වුවා. අපිත් ගොඩක් විනෝද වුණු දවස් දෙකක් වුණා. ගොඩාක් හොද ප්‍රතිචාර හම්බුණා.

මේ ප්‍රදර්ශනයට ලෑස්තිවෙන කාලයේ, Interior Designing උපාධිය කරන අයත් එක්ක සීතල යුද්ධයකුත් කළා. ඒ කාලෙ එව්වා ලෙසටම කළාට, දැන් බලද්දි එව්වා හරි සුන්දර මතක. මේ යුද්ධය පටන් ගත්තෙ වැසිකිළියක් බෙදා ගන්න බැරුව කියලා කිව්වොත්, සමහරක්විට ඔයාලා පුදුම වෙන්නත් ඇති. අපි හිටපු කොටසේ සැලසුම තමයි ඔය පහළින් ඇදලා තියෙන්නෙ. මේක ඇත්තම සැලසුම නෙවේ. තව දොරවල්, හිඩැස් එහෙම තිබුණා. ඒත් ඔයාලට පැහැදිලි අදහසක් ගන්න ඕන නිසා තමයි, අත්‍යාවශ්‍ය අංග ටික විතරක් දැම්මෙ. අපි දෙගොල්ලන්ට තිබුණෙ ශාලා දෙකක්. හැබැයි ශාලා දෙකක් තිබුණට, අපි හැමෝටම තිබුණු පොදු අංගය තමයි වැසිකිලිය.
මේ ශාලා දෙකේම මේස පුටු ගොඩක් තියෙනවා. ඉතින් ශාලා හිස් කරන්න ඕන නිසා, අපි මේස පුටු ඔක්කොම, එක උඩ එක හිටින විදිහට පිටිපස්සෙ කොටසට ඇද්දා. අනිත් ශාලාවෙ හිටපු අයත් ඒ දේම කළා. ඔය කැළුම්ලා, පියුමාල් අයියලා මොළවල් කල්පනා කරලා, සැලසුමක් ඇතුව ඒ මේස පුටු ස්ථානගත කළාට, අර ඈයො නම් එහෙම කළේ නෑ. ඔය පහළින් තියෙන සැලසුමේ, රතු පාටින් ලකුණු කරලා තියෙන්නෙ අපි ස්ථානගත කරපු මේස පුටු. නිල් පාටින් ලකුණු කරලා තියෙන්නෙ, එයාලා ස්ථානගත කරපු මේස පුටු.
එයාලා විසින්ම එයාලට වැසිකිළියට යන්න තියෙන පාර අවහිර කර ගත්තා. දැන් වැසිකිලියෙ අයිතිය තියෙන්නෙ අපිට. අපේ කණ්ඩායමේ හිටියෙ දහයකට අඩු ගාණක්. ඒත් එයාලගෙ කණ්ඩායමේ හිටියා 40ක් 50ක් විතර. අපි ඉතින් අපේ ශාලාවේ වැඩ කර කර ඉන්නකොට, එයාලා අපේ ශාලාව හරහා වැසිකිළියට යන්න පුලුවන්. එතකොට අපි කර කර ඉන්න වැඩ ඔක්කොම දකිනවා. අනික අපිටත් ලොකු බාධාවක්. ඔන්න ඉතින් කැළුම් ඉංග්‍රීසි කැපිටල් අකුරුවලින් DO NOT ENTER කියලා දැන්වීමක්, පොඩි කොළ කෑල්ලක ලියලා, අපේ දොර ළග ගැහුවා. ඊළගට ශාලාවෙ තියෙන හැම වීදුරු ජනේලයක්ම, පත්තර කොළවලින් වැහුවා. එයාලත් සටනට බැස්සා. එයාලත් එයාලගෙ දොර ළග දැන්වීමක් එහෙම ගහලා, එයාලගෙ ශාලාවෙත් වීදුරු, පත්තර කොළවලින් වැහුවා.
හවසට NSBM එකේ දේශන ඉවර වෙනවත් එක්කම, ළමයි එන යන එක නවතිනවා. ඉතින් අපි දෙගොල්ලො මහා රෑ වෙනකං වැඩ. එක එක වැඩවලට උඩට පහළට යනකොට, මූණට මූණ හම්බුණත් අපි දෙගොල්ලොම අහක බලාගෙන තමයි ගියේ. මේ අස්සෙ එක දවසක් එයාලගෙ ශාලාවෙ බිත්තියෙ ඉංග්‍රීසි අකුරුවලින් නරක වචනයක් ලියලා. එයාලගෙ උපාධිය භාරව ඉන්න මිස්, එයාලගෙන් ප්‍රශ්න කරනකොට, එයාලා කියලා ඕක අපි කරපු වැඩක් කියලා. ඔන්න ඉතින් නොකරපු වැරැද්දකට, අපිව අහුවෙන්න යද්දි අපේ උපාධිය භාරව හිටපු මිස්ට ගණදෙවි නුවණ පහළ වුණා. අපේ මිස් කියලා, හැමතැනම කැමරා හයි කරලා තියෙන නිසා, ඒවායෙන් බලමු කියලා. ඔන්න ඉතින් එහෙම බලන්න යද්දි, එයාලගෙ කණ්ඩායමේ එක්කෙනෙක්ම වරද පිළිඅරගෙන තිබුණා.
තවත් දවසක් මෙයාලා පහළ වඩු වැඩ කරලා, ඒවා අස් කරන්නෙත් නැතුව, පහළ තට්ටුවම අපායක් කරලා දාලා. ඔන්න දැන් ආයිත් ප්‍රශ්නයක් ආවා, කවුද මේ කැත වැඩේ කළේ කියලා. ඔන්න ඉතින් කලින් වගේම එයාලා අපිව මාට්ටු කළා. මේකෙදිත් අපේ මිස්ගෙ මතය වුණේ, කැමරාවලින් බලමු කියලා. බැලින්නම් උන්ම තමයි එතන වැඩ කරලා තියෙන්නෙ.
කොහොම හරි ප්‍රදර්ශනය බලන්න ආපු ගොඩක් අය අපෙන් අහපු දෙයක් තමයි, "ඔය දෙගොල්ලො කතා වෙලාද මේ දේවල් කළේ?" කියන එක. බැලින්නම් එයාලා කරලා තියෙන්නෙත් අපේ නිර්මාණෙම තමයි. අපේ සංකල්පයමයි. ඉතින් කොහොමද කියන්න රටක් ඉස්සරහට තියා පස්සට බැරි නම්, අඩුම ගාණෙ පැත්තට හරි අරගෙන යන්නෙ?

ඔය කැමරා කියනකොට මතක් වෙන තව දෙයක් තමයි, අපි නිකං ඉන්න වෙලාවට කැමරා දිහා බලාගෙන, ඒවට ඇද කළා කියන එක. ගොඩක් වෙලාවට කැළුම් අපිට දස වද දෙන වෙලාවල්වලට මම කළේ, කැමරා එකට අත වනලා, කැළුම්ව පෙන්නලා අවධානය ගන්න හදපු එක. කැමරාවලට අමතරව, NSBM එකේ තිබ්බ අනිත් අංග ගැන කතා කරනකොට, වැසිකිළියක වුණු සිද්ධියක් මතක් වෙනවා. අර උඩ සිතියමේ තියෙන වැසිකිළියෙම තමයි ඒ සිද්ධිය වුණෙත්. අපි ප්‍රදර්ශනය දවසෙ වැඩ කරපු ශාලාවෙ එක දවසක්, එක කට්ටියකට දේශනයක් තිබුණා. අපිටත් දේශනයක් තිබුණා අර Interior Designing අය වැඩ කරපු ශාලාවේ. මම කලින්ම කිව්වනෙ මේ දෙකටම පොදු එකම දේ වැසිකිළිය කියලා. අනිත් වැසිකිළිවලට වඩා මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. මේකට ඕනම කෙනෙක්ට යන්න පුලුවන්. ගැහැණු / පිරිමි කියලා බෙදලා නෑ. වැසිකිලියෙ දොර ඇරගෙන ඇතුළට ගියාම, ඇතුළෙ කුටි තුනක් තියෙනවා.
ඔන්න ඉතින් මම අපේ ශාලාවෙ ඉදලා, වැසිකිළියට ගිහින්, අවශ්‍ය වැඩේ කරගෙන වැසිකිළි කුටියෙ දොර ඇරගෙන එළියට එනවත් එක්කම, අපි හොදට දන්න කියන හිතවතෙකුත් එතනින් ඇතුල් වුණා. මිනිහා ඇතුල් වෙනකොටම "ඒ මචං පොඩ්ඩක් ඔහොම හිටපං. මං වැඩේ කරන් එනකං" කියලා කිව්වා. මම ඇහුවා "ඒ මොකටද මම මෙතන ඉන්නෙ? මට අවශ්‍යතාවයක් නෑනෙ ඉතින්?" කියලා. ඒ පාර පොර "උඹ පොඩ්ඩක් ඔහොම හිටපංකො" කියලා කියාගෙනම, වැසිකිලි කුටි තුනෙන්, එක කුටියක් අස්සට ගියා. මම ඉතින් එතන ඉදන් මක් කරන්නද? මං ඉතින් ප්‍රධාන වැසිකිලි දොරෙන් එළියට ඇවිත්, Phone එක ඔබ ඔබ හිටියා.
මේත් එක්කම අර අනිත් ශාලාවෙ පිටිපස්සෙ දොරත් ඇරගෙන ගෑණු ළමයි දෙන්නෙක්, අත් දෙකත් අල්ලගෙන වැසිකිළියෙ ප්‍රධාන දොරෙන් ඇතුල් වුණා. ඊට පස්සෙ ඇතුළෙන් මහා සද්ධෙට කෑගහනවා ඇහුනා. ඊට පස්සෙ ගෑණු ළමයි දෙන්නා, මහා සද්ධෙට හිනාවෙවී එතනින් දුවගෙන ගියා. මේ අස්සෙ අපේ අර හිතවතා, කමිසයත් භාගෙට එළියෙ දාගෙන, කලිසමත් ඇරගෙන, කලිසමෙන් කමිසය යට කර කර "කවුද? කවුද?" කියලා දඩිබිඩියෙ දුවගෙන ආවා. මොකක්ද වුණේ කියලා හිතාගන්න පුලුවන්ද?
හිතවතා - උඹ මාර එකෙක්නෙ?
මම - ඇයි?
හිතවතා - මම කිව්වනෙ උඹට එතනින් ඉන්න කියලා. මම දොර Lock කරන්නෙ නැතුවනෙ ගියේ. අර යෝධියො දෙන්නා ඒ දොර ඇරියා.
මම - ඉතින් ඇයි හත් දෙයියනේ දොර Lock කළේ නැත්තෙ?
හිතවතා - මම ඉතින් ඒකනෙ උඹට එතන ඉන්න කිව්වෙ.
මම - ඉතින් Toilet යද්දි දොර Lock කරන්නෙ නැතුව යන සිරිතක් තියෙනවද?
හිතවතා - මම හිතුවෙ නෑ බං, මේකට ගෑණු අයත් රිංගනවා කියලා !
ඒ කාලෙ NSBM එකේ තිබ්බ තවත් වැදගත් අංගයක් තමයි ඇතුල්වෙන තැන තිබ්බ TV එක. ගොඩක් වෙලාවට මේකෙ දාලා තිබ්බේ Discovery වගේ අධ්‍යාපනික නාලිකා. ඒවා දැම්මා කියලා බලු බල්ලෙක් බලන්නෙ නෑ. හැබැයි ක්‍රිකට් මැච් එකක් යන දවසට, මැච් එක නම් අනිවාර්යෙන්ම දානවා. ඒ වගේ දවස්වලට එතන ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ. ඒ තරමටම ළමයි පිරුණා. ඒ දවස්වල අපිට සෙනසුරාදා උදේ පන්තියක් තිබුණා. සෙනසුරාදා උදේට නම් TV එකේ "සූටිං මාටිං" දාලා තියෙනවා. "සූටිං මාටිං" බලන්න තියෙන ආසාවට, ඒ දවස්වල ගොඩක් උදේ පාන්දරම ආවා. තව දවසක් යනකොට, ඇතුළෙ මොකෙක්වත් නෑ. ඒ වෙලාවෙ TV එකේ මහා සද්ධෙට Wrestling Match එකක් දාලා තිබුණා.

ඊළගට Lift එක! අපි හිටපු "පරිගණක ඒකකයෙ" තිබුණෙ තට්ටු හතරක් විතරයි. මේකෙ තිබුණෙ හෙන පුංචි Lift එකක්. මේකෙ යනවා නම් යන්න වෙන්නෙ හරියට, ටිං කරපු මාළු වගේ.
ඒකෙ නැහෙනවට වඩා සැපයි, පඩිපෙළෙන් යන එක. මම නම් ඕකෙ ගියේ බොහොම කලාතුරකින්. එක දවසක් නොසිතූ මොහොතක මේ වගේ වැඩකට මුහුණ පාන්න වුණා. මොන වගේ වැඩක්ද? ඔය පහළ තියෙනවා වගේ වැඩක්. කැළුම් තමයි ඒ කැත වැඩේ කළේ. |
හැබැයි මම විසික් වුණේ බිමට නෙවේ. Lift එක ඇතුළට. පියුමාල් අයියා තමයි Lift එකේ බොත්තම ඔබලා උඩට ගෙනිච්චෙ. කථිකාචාර්යවරුයි, ළමයිනුයි, කාර්යය මණ්ඩලයේ අයයි දෙනෝ දාහක් බලන්
|
ඉන්දැද්දි තමයි, මාව ඔහොම පැහැරගෙන උඩට ගෙනිච්චෙ. ඒ වුණාට මගේ පන්තිය තිබුණෙ පහළ. මම එදා කැළුම්ටයි, පියුමාල් අයියටයි ලස්සන වචනයකුත් කිව්වා. ටික වෙලාවකට පස්සෙ Lift එකේ උඩට ගියපු මම, ආයිත් දෙනෝ දාහක් බලන් ඉන්දැද්දි, මොකුත් නොවුණු ගානට පඩිපෙළෙන් බැහැගෙන බැහැගෙන පහළට ආවා.
|
මගේ Phone එකත්, ඒ කාලෙ පොදු අංගයක් තමයි ඉතින්. මට මගේ නොවන මගේම Phone එකක් තිබුණා. හැමෝටම තිබුණෙ සුපිරි ගණයෙ ඒවා. ඒවායෙන් කරන්න බැරි වුණේ ගෑණියෙක්ව පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක්ව ගෑණියෙක් කරන්නයි විතරයි. අනිත් ඕනෑම දෙයක් පුලුවන්. මට තිබුණෙ දුප්පත් Phone එකක්. ඒකෙන් කරන්න පුලුවන් Calls ගන්න එකයි, SMS ගහන එකයි. බොහොම කලාතුරකින් Internet අහු වෙනවා. ඒ වුණාට හැමෝම පාවිච්චි කළේ මගේ Phone එක. මොකද මගේ Phone එක හරියට මහා භාණ්ඩාගාරය වගේ. උතුරන්න සල්ලි තිබුණා. සල්ලි ඉවර වෙනකොට මම සල්ලි දානවා. හැබැයි ගෙදර අය දන්නෙ නෑ. මම සෑහෙන කාලෙකින් සල්ලි දානවා දැක්කෙ නැති නිසා, අම්මත් ඔන්න මගේ Phone එකට සල්ලි දානවා. තාත්තා දන්නෙ නෑ එව්වා. තාත්තා හිතනවා, මගේ Phone එකේ සල්ලි ඉවරවෙලත් ඇති කියලා. ඔන්න ඉතින් තාත්තත් සල්ලි දානවා. අන්තිමට ඉතින් උතුරන්න සල්ලි. හැබැයි කතාබහ කරන්න කාත් කවුරුත් නෑ. ඉතින් ඉන්නකන්ම මේ යක්කු ටික කළේ මගේ Phone එකෙන් Calls ගත්තු එකමයි. මල් කඩන වැඩවලටත් පාවිච්චි කළා. එව්වා මේ විනාඩියේ දෙකේ එව්වා නෙවේ. සමහරක් ඒවා පැය භාගෙටත් වැඩියි.
මෙලාන්ගෙ සීයා නැති වුණෙත් මේ කාලෙම තමයි. කැළුමයි, මමයි, දමිත් අයියයි, පියුමාල් අයියයි මළ ගෙදර ගියා. මහනුවර ඉදලත් සැළකිය යුතු දුරක් තිබුණා. කොළඹින් පිටත් වුණේ හවස හයයි ගාණකට වගේ. ඒ පැත්තට යනකොට රෑ 11ත් පහු වෙලාද කොහෙද. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගම්බද පළාතක්. පාරෙ ආසාවට එක Light එකක්වත් නෑ. ලොකූ වෙල් යායවල් කිහිපයක්ම තිබුණා. මාර සීතලයි. පොඩි පොදකුත් තිබුණා. බස් එකෙන් බැහැපු තැන ඉදලා, මළ ගෙදරට සෑහෙන දුරක් තිබුණා. ඒත් කට්ට කළුවරයි. පාරෙ කවුරුත් පේන්න නෑ. ඉතින් කට්ටිය තම තමන්ගේ Phoneවල Torch එක ගහගෙන තමයි ගියේ. දමිත් අයියාගෙ වැඩේම පාරේ ඉන්න බල්ලො අවුස්සපු එක. ඉතින් බල්ලො මහා සද්ධෙට බුරනවා. උඩු බුරනවා... කොහොම හරි අපි මළ ගෙදරට ගියා ඉතින්. එදා අපි එහේ නතර වුණා.
පහු වෙනිදා උදේ අපි පොඩ්ඩක් වටේ පිටේ ඇවිදින්න ගියා. හරිම ලස්සන පැත්තක්. ටික දුරක් යනකොට පුංචි කඩයක් තිබුණා. මෙලාන් ගියා බත් ඔතන කොළ ටිකක් අරගන්න. කැළුම් කිව්වා "දනුල, මේ එතනට ගිහින් අහගෙන එන්නකො රුපියල් පහේ ටොපියක් කීයද කියලා".... මාත් ඉතින් කඩේ ළගට ගියා. අහන්න ඔන්න මෙන්න තියලා තමයි මතක් වුණේ "රුපියල් පහේ ටොපියෙ ගාණ, රුපියල් පහමයි නේද" කියලා. ඇහුවා නම් එහෙම විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව යනවා.

අපි කොළඹ ආවෙ කෝච්චියෙ. දමිත් අයියා නිට්ටඹුවෙන් බැස්සා. කැළුමයි, මායි, පියුමාල් අයියයි මරදානෙ ස්ටේශමෙන් බැස්සා. ඒ වෙලාවෙ හෙන ගහණ වැස්ස. මරදානෙ ස්ටේශමේ ඉදලා ගෙදර යන්න එපැයි. මම ඉතින් ඔහේ හිටියා. මොකද පියුමාල් අයියා හිටියෙ අපේ ගෙවල් ළග නිසා, ගමරාළ දිව්‍යලෝකෙ ගියා වගේ, මටත් පුලුවන් පියුමාල් අයියා යන දිහාවකටම යන්න. ඔන්න දැන් පියුමාල් අයියාට මතක නෑ, කොහෙන්ද බස් එක ගන්න ඕන කියලා. ඉතින් පියුමාල් අයියා කැළුම්ගෙන් ඇහුවා. "අන්න අරෙහට ගිහිල්ලා, එතනින් පාර පැනලා, අරෙහෙන් ගිහින්, අරෙහට හැරිලා, කෙලින්ම යන්න" කියාගෙන කැළුම් එතනින් චුත වුණා. දැන් හෙන ගගහා වැස්සක් වහින අස්සෙ පියුමාල් අයියයි, මමයි යනවා කැළුම් කියපු විදිහට. යනවා යනවා ඉවරයක් නෑ. පස්සෙ ඉතින් අපි ආපස්සට ආවා. ඇවිල්ලා හංදියෙන් දකුණට හැරිලා කෙලින් ගියා. ඊට පස්සෙ ආයිත් ආපස්සට ඇවිල්ලා, වමට හැරිලා කෙලින් ගියා. ආයිත් ආපස්සට ඇවිල්ලා, තව පාරකින් ගියා. ඒ පාරෙ වටයක් ගිහින් ආයිත් හංදියටම ආවා. එහෙම යන අස්සෙ අපි නෙළුම් කුළුණ එහෙමත් බැලුවා. ඒ කාලෙ ඒක හදන්න ගත්ත ගමන් වගේ තමයි තිබුණෙ. මටත් හිනා ඒ අස්සෙ. අවුරුදු 13ක් මරදානෙ ඉස්කෝලෙකටනෙ ගියේ. ඒත් මරදාන දන්නෙ නෑ. කොහොම හරි කිහිප දෙනෙක්ගෙන් විස්තර අහලා තමයි, හරිහමං බස් එකකට නැග්ගෙ.
තවත් සුන්දර මතක ගැන මතක් කරනකොට, මතක් වෙනවා අපේ උපාධි භාරව හිටපු මිස්ගෙ, ඒ කියන්නෙ සදමාලි මිස්ගෙ උපන්දිනයට කරපු වැඩක්. දෙවෙනි අවුරුද්දෙ වගේ තමයි මතක. කැළුම්ලට ඕන වුණා, මිස්ට Surprise Party එකක් දෙන්න. බොහොම චාම් විදිහට. මිස් උදේට එන්න කලින්, මිස්ගෙ Office කාමරේට ඇවිල්ලා, පොඩි Decoration පාරක් එහෙම දාලා, පුංචි පහේ සංග්‍රහයක් දෙන්න.කැළුම්ලගෙ අදහස වුණේ හයිඩ්රිජන් පුරවපු බැලුම් බෝලවලින් සැරසිල්ලක් දාන්න. බැලුම් බෝල ගොඩක්, Office කාමරේ ඇතුළෙම උඩ යවලා තියන්න. ඉතින් කැළුම්, පියුමාල් අයියා සහ මම ගියා නුගේගොඩ ගම්සභා හංදිය පැත්තෙ තියෙන බැලුන් කඩයකට. මේ කඩේ හයිඩ්රිජන් බැලුන් Supply කරන තැනක්.දොරෙන් ඇතුල් වෙනකොටම හයිඩ්රිජන් පුරවපු බැලුමක් තිබුණා උඩ ගිහිල්ලා. හැමෝටම ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. ඒත් බැලුම ළගට ගිහින් බැලුවම තමයි දැක්කෙ, මේක නූලකින් එල්ලපු බැලුමක් කියලා. ඇහැට පේන්නෙ නැති තුනී නූලක්, බැලුමෙ උඩ සෙලෝටේප් එකකින් අලවලා, නූලේ ඉතුරු කෙළවර වහලට ගැට ගහලා. ඒත් ඈතට බැලුවම පේන්නෙ හයිඩ්රිජන් පුරවලා වගේ. පස්සෙ ඉතින් අපි ඔක්කොම එතනින් එළියට ආවා. "මූ නම් Entrance එකේම බැලුමක් ගැට ගහලා, උගෙ Business එක නැති කරගන්න හදන්නෙ." කැළුම්ට මැරෙන්නම හිනා. පහුවෙනිදා හයිඩ්රිජන් බැලුන් සංකල්පය වෙනුවට අපි ක්‍රියාත්මක කළේ ඒ සංකල්පයම තමයි. මිසුත් මුලින්ම හිතලා තියෙන්නෙ, ඒ හුලං පුරවපු බැලුන් කියලා....

Web Entrepreneurship කියන විෂයට අපිට ඉගෙන ගන්න තිබුණා ව්‍යවසායකත්වය ගැන. හැබැයි ඒක උගන්නපු කථිකාචාර්යවරයා මේකෙ Web කියන කෑල්ල කැපුවා. අපිට Entrepreneurship ගැන කියලා දුන්නා. හැබැයි Web Entrepreneurship ගැන නෙවේ. සර් කියලා දුන්නෙ අපිට මොනම හේතුවකටවත් ප්‍රයෝජනයට එන්නෙ නැති ඒවා. අන්තිම පැවරුමට අපිට තිබුණේ අපේම කියලා ව්‍යාපාරයක් ගොඩ නගලා පෙන්නන්න. ඒ කියන්නෙ ඒකට අවශ්‍ය කරන සැලසුම් සහ වාර්තා ඉදිරිපත් කරන්න. හැබැයි වෙබ් අඩවි නිර්මාණකරණයට සම්බන්ධ ව්‍යාපාරයක් තෝරා ගැනීම සපුරා තහනම්. ඒක යකාගෙ නීතියක්. මොකද ඒ වගේ දෙයක් තමයි අපිට අවශ්‍යම දේ. ඒත් ඉතින් මොනවා කරන්නද? ඉතින් වෙබ් අඩවි නිර්මාණකරණ උපාධි හදාරන අය ඉදිරිපත් කළේ බෙහෙත් තෙල් ව්‍යාපාර, බනිස් ව්‍යාපාර, නිමි ඇදුම් ව්‍යාපාර වගේ දේවල්වල සැලසුම්.
ඔය වගේ මතක තමයි මේ කාලෙ ගැන තියෙන්නෙ. තව ගොඩාක් තියෙනවා. හොදම ටික තමයි තෝරලා බේරලා ලිව්වෙ. ඔක්කොම ලියන්න ගියොත් ලබන ආත්මෙ වෙනකන්ම ලිය ලියා ඉන්න වෙයි. මේ කාලෙ වෙනකොට දමිත් අයියත් අපිව දාලා ගියා. ඉතුරු වුණේ මම, මෙලාන්, දිවානි, සුචින්ත, කැළුම් සහ පියුමාල් යන අය විතරයි. මම හිටපු Web Designing Batch එක තමයි NSBM එකේ තිබ්බ ලොකුම Batch එක. මුළු සිසුන් සංඛ්‍යාව දෙකක්. පහළවක් විතර හිටපු කණ්ඩායමෙන් අන්තිමටම ඉතුරු වුණේ හය දෙනයි.
අන්තිම අවුරුද්දෙ ඉතින් ව්‍යාපෘති හතරක් කරන්න වුණා. ඒකෙන් දෙකක් හරිම දරුණු ගණයේ ව්‍යාපෘති. මම නම් හීනෙන්වත් හිතුවෙ නෑ, මට ඒක කරගන්න පුලුවන් වෙයි කියලා. HTML, CSS විතරක් දැනන් හිටපු මම, කාගෙන්වත් කිසිම උදව්වක් නැතුව, සති තුනෙන් Final Project එක කළා PHPවලින්. Final Project එක කරනකොට තමයි මම ඇත්තටම PHP ඉගෙන ගත්තෙත්. මම හැදුවෙ අපේ රටේ රජමහා විහාරවල දත්ත ගබඩා කරන්න පුලුවන් Database (Content Management System) එකක්. ඒකත් හරියට සංගක්කාරලා, මුරලිලා ලංකාවේ ගහපු අන්තිම මැච් එක වගේ. පළවෙනි පැවරුම පන්සලකින් ආරම්භ කරලා, අවසන් ව්‍යාපෘතිය අවසන් කළෙත් පන්සලකින්. කිසිම දෝෂයක් තිබුණෙ නෑ. ඔක්කොම මෙහෙයුම් ටික අගේට වැඩ. ඊට පස්සෙ දේශීය සහ විදේශීය වශයෙන් වාචික පරීක්ෂණ දෙකකටත් මුහුණ දෙන්න වුණා. ඒ හැම එකකටම අපි සාර්ථකව මුහුණ දුන්නා. ඒ ඉතින් "දුක් වින්දොත් සැප ලැබෙයි" කියන සංකල්පයේම හිත පිහිටුවාගෙන, හැම සැප සම්පතක්ම අතෑරලා, හරිහමං කෑමක් බීමක්වත් නැතුව, පාන්දර තුන හතර වෙනකං වැඩ කිරීමේ ප්‍රතිඵල තමයි. 2016 රජයෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබ්බා රාජ්‍ය විශ්වවිද්‍යාලවල දේශන, රෑ 8.00 වෙනකන්ම තියන්න. මේකට ගොඩක් අය බයවෙලා තිබුණා. ඒත් අන්තිම කාලය වෙනකොට අපිට රෑ 9.00 කිට්ටු වෙනකන්ම දේශන තිබුණා. උදේ රස්සාව කරලා, හවස ගිනි අව්වෙ දූවිලි වැදි වැදි බස් එනකන් හිටන් ඉදලා, බස් එකේ වේලි වේලි ඇවිත්, එක හුස්මට රෑ වෙනකන්ම වැඩ කරන්න වුණා, ලොකු බඩගින්නකුත් එක්කම.
පස්සෙ ඉතින් උපාධි ප්රධානෝත්සවයෙදි අපිට උපාධි පිරිනැමුනා. ඊට පස්සෙ කථිකාචාර්යවරුන් සහ කථිකාචාර්යතුමියන් වෙනුවෙන් සරල උත්සවයක් එහෙමත් ලෑස්ති කළා.

කාලය අනුව NSBM එකේ පාඨමාලා වර්ග දෙකයි. එක වර්ගයක් සම්පූර්ණ කරන්න අවුරුදු තුනක් යනවා. අනිත් වර්ගය සම්පූර්ණ කරන්න අවුරුදු හතරක් යනවා. මම තෝර ගත්තෙ අවුරුදු තුනක පාඨමාලාවක්. NSBM එකට ආපු මුල්ම දවසෙ, මම තරම් සතුටු වුණ කෙනෙක් තවත් නෑ. මොකද අපේ පාඨමාලාව අනිත් අයගෙ වගේ අවුරුදු හතරක් යන්නෙ නැතුව, අවුරුදු තුනෙන් ඉවර වෙන නිසා. එතකොට මේ මළ දානෙන් ඉක්මනට (අවුරුද්දකට කලින් හරි) අයින් වෙලා යන්න පුලුවන් වෙනවා.
ඒත් අද හිතෙනවා "අපේ පාඨමාලාවත් අවුරුදු තුනක් නොවී, අවුරුදු හතරක් වුණා නම් කොච්චර හොදද?" කියලා...

NSBM එකේ මගේ යාලුවො හැමෝටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. එක්කෙනෙක්ට විශේෂ ස්තූතියක් පිරිනමන්නත් කැමතියි. ඒ ඉතින් මගේ සගයට. මෙලාන්ට. Web Designing කණ්ඩායමේ අන්තිමටම ඉතුරු වුණේ මමයි, මෙලානුයි විතරයි. මෙලාන් තමයි අවුරුදු තුනක් තිස්සෙ මාවත් තල්ලු කරගෙන, තල්ලු කරගෙන ආවෙ. මෙලාන් නැත්නම්, මමත් කලින්ම අයින්වෙලා. 2014 ජනවාරි මාසයේ මමත් තීරණයක් ගත්තා මේකෙන් අයින් වෙන්න. ඒ ඉතින් පාඩම් වැඩ ඔක්කොම චකබ්ලාස් කරගෙන. මෙලාන් තමයි බලෙන්ම එයා ඉන්න තැනට මාව ගෙන්නගෙන, පාඩම් වැඩ ටික කියලා දුන්නෙ. එදා නිදහස් දවස. නිදහස් දවසෙ තියෙන නිදහස කැප කරලා, ලංකාව ගහන මැච් එකත් කැප කරලා, මං වෙනුවෙන්ම නුවර ඉදලා කොළඹ ආවා. පැය 6ක් විතර එදා පාඩම් කියලා දුන්නා. ඒ මම එයාගෙන් උදව් ඉල්ලන්නත් කලින්... නැත්නම් මාත් කලින්ම හැලිලා. ඊට පස්සෙ ඉතින් පුලුවන් පුලුවන් වෙලාවට කුප්පි දැම්මා, පැවරුම් සහ ගෙදර වැඩ කරන්න, විභාගවලට එහෙම මෙලාන් ගොඩක් උදව් කළා. එයා දන්න හැම දෙයක්ම, කිසිම ගුරු මුෂ්ඨියක් නැතුව මටත් කියලා දුන්නා. ඒ නිසා මෙලාන්ට කොච්චර ස්තූති කළත්, කොච්චර පිං දුන්නත් මදි.
මෙලාන් කිව්වම දිවානිව අමතක කරන්න බෑනෙ. අනිත් විශ්වවිද්‍යාලවල, පාසල්වල, පන්තිවල වගේම අපේ කණ්ඩායමෙනුත් ආදර කතාවක් ලියවුණා. ඒ ඉතින් මෙලාන් සහ දිවානි අතරෙ. දෙන්නම ටකට ටක. දිවානි නම් ඒ කාලෙ ඉදන්ම මෙලාන්ගෙ අස්සෙමයි හිටියෙ. ඒත් මෙලාන්ගෙන් නම් අපිට එහෙමටම කියලා ප්‍රතිචාරයක් පෙනුනෙ නෑ. ඒ වුණාට කොහොම හරි අනංගයාගෙ ඊතලයෙන් මෙලාන්ට නම් බේරෙන්න හම්බුණේ නෑ. අනිත් අය වෙනුවෙන්, ඒ දෙන්නටත් සුභ පතන්න කැමති මේ වෙලාවෙ.

කාර්යය මණ්ඩලයේ අයවත් මතක් කරන්න ඕන. කාර්යය මණ්ඩලය කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නෙ ලොකු පුටු රත් කර කර, බිත්ති හතරකට කොටු වුණු, සීත කාමරවල ඉන්න අයව. හැබැයි මම අදහස් කළේ, NSBM පොළවෙ පය ගහලා හිටපු මිනිස්සු. ඒ මිනිස්සු නැත්නම් එයාලා කරයි බම්බුවක්. උදේ පාන්දර දේශන පටන් ගන්න පැයක් විතර තියලා ඒ පැත්තට ගියාම, ගොඩක් අය පිරිසිදු කිරීමේ කාර්යයන්වල ඉන්නවා. වයසක ආච්චිලත් හරිම අමාරුවෙන් බිමට නැමිලා අතුපතු ගානවා. මේස පුටු එහාට මෙහාට කරනවා. වැසිකිළිවල ජරාව අරන් දානවා. කුණු මළු උස්සන් යනවා. ඒවා ඉතින් මෙයාලා විනෝදෙට කරපු දේවල් නෙවේ. ඒ අයගෙ ජීවන යුද්ධය දිනන්න කරන දේවල්. හැබැයි එයාලා නිසා තමයි එතන ලස්සන වුණේ. එතන පිළිවෙල වුණෙ. ඒත් එයාලට නිසියාකාර ඇගයීමක් හම්බුනේ නෑ. මාත් ඒ දවස්වල උදේට අවස්ථාවක් හම්බුනොත්, මේස පුටු අදින්න, එහාට මෙහාට කරන්න උදව් වුණා. ඒ මිනිස්සුන් ගාව තිබුණේ අව්‍යාජ හිනාවක් සහ රත්තරං හදවතක්. ඒ වගේමයි ලිපිකරු අය, ආරක්ෂක සේවයේ අය එහෙම හිටියෙ නැත්නම්, ඇත්තටම එතන පිස්සන් කොටුවක් වෙනවා.
උගන්නපු අය ගැනත් කියන්න එපැයි. නැත්නම් ඒක ලොකු අඩුවක්.
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන සදමාලි මිස්ට. ඒ කියන්නෙ අපේ උපාධි භාරව හිටපු මිස්ට. සදමාලි මිස් අපිට අම්මා කෙනෙක් වගේ. අපේ හැම දෙයක්ම හොයලා බැලුවෙ මිස් තමයි. අපිට මොකක් හරි අසාධාරණයක් වුණාම, මිස් හැම තිස්සෙම අපේ පැත්ත අරන් තමයි කතා කළේ. ප්‍රදර්ශන තියෙන කාලෙට, උදේ පාන්දර ඇදපු සාරිය පිටින් මිසුත් අපිත් එක්ක මහා රෑ වෙනකන් වැඩ කළා. සමහරක් දවස්වල NSBM එකේ නැවතුනා. සෙනසුරාදා ඉරිදා දවස්වලත් ගෙදර ඉදන් NSBM ඇවිල්ලා, පුලුවන් පුලුවන් විදිහට උදව් කළා. මිස්ගෙ උදව් හම්බුණේ නැත්නම් “ගුරුකුල අරුණලු” ව්‍යාපෘතිය කවදාවත් කරන්න වෙන්නෙ නෑ. අපේ අයත් පුරුදු වෙලා හිටියා දේශන නැති වෙලාවට සදමාලි මිස්ගෙ Office කාමරේට ගිහින්, මිස් එක්ක ඔහේ කතා කර කර ඉන්න. මිස්ටත් ඒක කවදාවත් වදයක් වුණේ නෑ.
මිස් තමයි අපිට පළවෙනි දේශනය කළෙත්. නිර්මාණකරණය (Designing) ගැන අපිට මුල අකුරු කියලා දුන්නෙ සදමාලි මිස්. පළවෙනි දවසෙ මිස් කියපු දේ තාමත් අපිට මතකයි. "ඔයාලා හරි නිෂ්ශබ්ධයි නෙහ්. කතා කරන්නෙම නෑ නෙහ්. අනිත් Batchවල අය නම් හරිම සද්ධයි" කියලා කිව්වා. හැබැයි ටික කාලයක් යනකොට මිස්ට ගම රට දාලා යන්න හිතෙන තරමටම අපේ අයගෙ කටවල් සද්ධ වෙන්න ගත්තා. Design Studies 01, Design Studies 02, Research Methodology කියන විෂයවල් අපිට ඉගැන්නුවා. ඊට අමතරව අපේ නිබන්ධනයත් ඇතුළුව අවසන් ව්‍යාපෘති හතරම අපිට සාර්ථකව නිම කරව ගන්න ලොකූ දායකත්වයක් ලබා දුන්නා.
මට මතකයි දවසක් අපි පන්ති නෑ කියලා හිත හිත ඉන්නකොට, එක පාරටම පන්තියක් දැම්මා. ලොකු ගෙදර වැඩකුත් දීලා. ඒක කරන්න සතියක් විතර යනවා. හැබැයි ඒ පන්තිය කරන ගුරුවරයා, පන්තිය කරන්නෙ 2/3 නියෝජනයක් තිබ්බොත් විතරයි. කාරණා කිහිපයක් නිසා මෙලාන්ට එදාට එන්නම වෙනවා. දමිත් අයියා එදාට විනෝද ගමනක් දාගෙන. දමිත් අයියා ආවෙ නැතත්, මෙලානුයි මායි ඉන්න නිසා, පන්තිය එදාට කරන්න තමයි කටයුතු සූදානම් කරගෙන තිබුනෙ. ඒ පාඩමක් අතෑරෙනවා කියන්නෙ, ආයිත් ඉදිරියක් නෑ වගේ වැඩක්. ඉතින් දමිත් අයියව බේරගන්නත් ඕන. ගෙදර වැඩේටත් කල් ඕන. මායි දමිත් අයියයි ගිහින් සදමාලි මිස්ට කිව්වා, පන්තිය කරන්න වෙන එකක් නෑ, 2/3 නියෝජනයක් නෑ කියලා. මිස් හේතු ඇහුවම, දමිත් අයියා කිව්වා "මිස්, හෙට ගාල්ලෙ Trip එකක් යනවා". මම කිව්වා "මිස් හෙට Appointment එකක් දාගෙන තියෙන්නෙ" කියලා. මිස් කිව්වා "මට දනුලව නම් විශ්වාසයි. දනුල නම් බොරු කියන්නෙන් නෑ. ඒත් මට දමිත්ව තමයි විශ්වාස නැත්තෙ" කියලා. මිස්ගෙ කාමරෙන් එළියට ආවම, දමිත් අයියට මළ පැනලා "යකොව් අපිට මේ ඉදලා ඉදලා ඇත්තක් කියන්නත් බෑ. ඇත්තක් කිව්වත් බොරු කියලා හිතනවා. මූට තියෙන සැළකිල්ල බලහංකො. මූ බොරුත් ඇත්ත වගේ කියනවනෙ" කියලා.

දක්ෂික ජයතිලක... NSBM එකට ආපු භාහිර කථිකාචාර්යවරයෙක්. දක්ෂික සර් කියන්නෙ මගේ ජීවිත කාලය තුළ මට හම්බුනු හොදම ගුරුවරුන් දෙන්නාගෙන් එක්කෙනෙක්. මේ දෙන්නම කොළඹ ආනන්දෙට සම්බන්ධවීම තවත් විශේෂත්වයක්. දක්ෂික සර් කියන්නෙ මහා පොළොවෙ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. ඉතින් සමාජය ගැන හිසේ කෙස් ගාණටත් වඩා අත්දැකීම් තියෙනවා. හැම තිස්සෙම සමාජයත් එක්ක ගණුදෙනු කරනකොට වුණු අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තා. සර් මහා පාන්දර ඇහැරිලා තමයි අපිට උගන්නන්න තියෙන දේවල් ගැන සැලසුම් කරන්නෙ. ඊට පස්සෙ අනිත් හැමෝටමත් වඩා දේශනය පටන් ගන්න පැයකට කලින් පන්තියට එනවා. හරියටම 9.00ට පටන් ගන්නවා. අතරමැද විවේක කාලවල් මොනවත් නෑ. දේශනය 12.00ට ඉවර වෙන්න තිබ්බත්, සර් ඒක ඉවර කරන්නෙ 12.25ට විතර. ඊට පස්සෙ 12.30 වෙනකන් විනාඩි 5ක විතර වීඩියෝවක් හැමදාම අපිට පෙන්නනවා. ඒවායෙත් තිබුණෙ සමාජය ගැනම තමයි. අපි ජීවත්වෙන සමාජය ගැන ගැඹුරින් බලන්නත්, සමාජය අපි හිතන තරම් ලස්සන නෑ කියලා හිතන්නත් පුරුදු කළා. ඒ හැම වීඩියෝවකම පරාර්ථකාමීත්වය, මානව දයාව, වැඩිහිටියන්ට සැළකීම වගේ ආදර්ශ තිබුණා. දක්ෂික සර් වෙලාවකට මහත්මා ගාන්ධි වගේ. අනිත් අතට ඇඩොල්ෆ් හිට්ලර් වගේ. සර් බනින්න ගත්තම මුළු NSBM එකටම ඇහෙන තරම්. සර් අපිට ඉගැන්නුවා Digital Imaging 01 (Photoshop), Web Designing 01, Web Designing 02 කියන විෂයවල්.
"You are wasting your parents' money & your time" කියන වාක්‍ය, දක්ෂික සර්ගෙ කටින් නිතරම පිටවුණු වාක්‍යක්. දක්ෂික සර් අපිට විවේක කාලයක් දුන්නෙ නැත්තෙත් මේ හේතුව නිසාම තමයි. නීතිරීති අනුව නම් විවේක කාලයකට පැයක් දෙන්න ඕන. ඒත් සර් කිව්වෙ "ඔයාලාගෙ අම්මලා තාත්තලා මේකට සල්ලි ගෙවලා තියෙන්නෙ පැයක් නිකං ඉන්නද?" කියලයි. සර්ට පුලුවන් වුණා අපේ හිත්වල තියෙන දේවල් අදුර ගන්න. සැගවුණු දක්ෂතා අදුර ගන්න. ඒ විතරක් නෙවේ ඒවා අගය කරලා, උනන්දු කරවලා, තව තවත් ඔපමට්ටම් කරලා දෙන්නත්. සර් ගොඩාක් ලිපි ලියන්න මාව උනන්දු කෙරෙව්වා. ඒ දවස්වල CSS මතක හිටියෙම නෑ මට. "තියෙනවා නේද පලා මල්ලක් කියලා එකක්? පලා මල්ලෙ ලියලා දානවකො ඔව්වා. CSS සිංහලෙන් !". ඊට පස්සෙ තමයි CSS ගැන ලිපි මාලාවක් ලිව්වෙ. ඊට පස්සෙ සර් කිව්වා, තාක්ෂණික ලිපි ඇතුළත් වෙනමම බ්ලොග් එකක් පටන් ගන්න කියලා. ඊට පස්සෙ එහෙම බ්ලොග් එකකුත් පටන් ගත්තා. විශේෂත්වය තමයි ඒකෙ මම දාන්නෙ ඉංග්‍රීසි ලිපි.
සර් සේවාදායකයො දහස් ගණනක් එක්ක ගණුදෙණු කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් අපිට නිතරම කිව්වා. විෂය නිර්දේශයටම කොටුවෙලා ඉන්නෙ නැතුව, සර් දන්න සහ අපේ බුද්ධි මට්ටමට අහු කරගන්න පුලුවන් කියලා හිතෙන සෑම සියලු දෙයක්ම සර් ඉගැන්නුවා. ඒ නිසා තමයි අපි අදටත් කිසිම බාධාවක් නැතුව ජීවිකාව කරගෙන යන්නෙ. නැත්නම් ඇත්තටම විෂය නිර්දේශයේ නම් තිබ්බ ඉටිගෙඩියක් නෑ. සර් විෂය නිර්දේශය විතරක් කියලා දීලා නිකං හිටියා නම්, අපි තාම වලේ. සර් හැම තත්පරේම මේ විෂය පථය ගැන යාවත්කාලීන වෙන කෙනෙක්. සර් කියලා දීපු දේවල්වල නිර්වද්‍යභාවය තේරෙන්නෙ ජීවිකාව කරනකොට තමයි. ඒ නිසා හැමදාම වගේ මට දක්ෂික සර්ව නම් මතක් වෙන එක වෙනවම තමයි. අපි ඒ දවස්වල සර්ට හොර රහසෙ කොච්චර බැන්නත්, කොච්චර දොස් කිව්වත්.... ඇත්තටම දක්ෂික සර් කියන්නෙ අදෘෂ්‍යමාන දෙව්වරුන්ට වන්දනාමාන කරන සමාජයක ඉන්න, දෘෂ්‍යමාන දෙවි කෙනෙක්. අපෙ අවසන් නිබන්ධනයට මම ලිව්වෙ "Responsive Web Designing" ගැන. ඒකෙ රචනා කරපු කරුණුවලින් 95%ක් විතර දැම්මෙ, ඒ දවස්වල සර් කියලා දීපු කරුණු තමයි. NSBM එකේ මට මුණු ගැහුනු හොදම හොද ගුරුවරු දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි දක්ෂික සර්. මං අද මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ දක්ෂික සර් සහ අනිත් ගුරුවරයා නිසා තමයි.

එතකොට කවුද අනිත් හොදම NSBM ගුරුවරයා? ඒ තමයි ලක්රුවනි මිස්. ලක්රුවනි විමලරත්න මිස් කියන්නෙත් NSBM එකට ආපු භාහිර කථිකාචාර්යවරයෙක්. අනිත් මිස්ලගෙ එක කනකින් රිංගලා, අනිත් කනෙන් අපි එළියට ආවට, ලක්රුවනි මිස් එක්ක ඒ සෙල්ලම් හරි යන්නෙ නෑ. අපි හැරෙනකොට මිස් දන්නවා, පොල් පැලේ කන්න තමයි හැරෙන්නෙ කියලා. ලක්රුවනි මිස් අපිට ඉගැන්නුවේ Typography 02 කියන විෂය. වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට අකුරු පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක තමයි මේකෙන් ඉගැන්නුවෙ. අකුරු වර්ග, නීතිරීති, භාවිතා කරන ස්ථාන... ඔන්න ඔය වගේ. මිස්ගේ දේශන හරිම රසවත්. සමහරක් දවස්වල ඒවට සම්බන්ධ Games එහෙමත් හොයාගෙන එනවා. අන්තිම පැවරුමට අපිට තිබුණෙ Web Template එකක් Design කරන්න. මාත් ඉතින් දන්න ශිල්ප දාලා හොද ලස්සන එකක් නිර්මාණය කළා. ඒක තමයි ඒ වෙනකොට මම නිර්මාණය කරපු හොදම එක.
"පුතා. මෙහෙමයි. මට නම් මේක දැක්කම පුදුම කේන්තියක් ආවේ. මේ මොකක්ද මේ හදලා තියෙන්නෙ? මම කියලා දීපු එකම එක දෙයක්වත්, මේකෙ දාලා නෑනෙ?" කියලා බැනගෙන බැනගෙන ගියා. Design එකයි, Typography ඔක්කොම අවුල්. ඒ කාලේ අපි රස්සාවල් කළේ නැති නිසා, අපිට ඇත්ත ලෝකය ගැන අත්දැකීම් තිබුණෙ නෑ. ඉතින් මට මිස් එක්ක පුදුම කේන්තියක් ආවා. ඊට පස්සෙ මිස් මගේ ළගින් වාඩිවෙලා, පැයකටත් වඩා මාත් එක්ක කතා කළා. මට ගොඩාක් අවවාද දුන්නා. ඒ දීපු හැම අවවාදයක්ම, උපදෙසක්ම "අකුරක් නෑර" මට තාමත් හොදට මතකයි. මිස් එදා Web Designing Industry එකේ ඇත්ත තත්වය ගැන මට පැහැදිලි කළා. කොහොම හරි එදා ඉදලා මට ලක්රුවනි මිස්ව "අරහං". යන යන තැන මිස්ට බැන බැන යනවා. සදමාලි මිස්ටත් කිව්වෙ "ඉස්සරහා Lecturesවලට නම් ලක්රුවනි මිස්ව අපිට දෙන්න එපා. මිස් එක්ක වැඩ කරන්න බෑ" කියලයි.
පස්සෙ ඉතින් Websites ගැන හොයනකොට, Internshipවලට වැඩ කරනකොට තේරුනා, එදා මම හදපු ඒ Template එක පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ කියලා. මිස් එදා කිව්වා "ඔයා ඇත්තටම Fail. හැබැයි මම ඔයාව Fail කරන්නෙ නෑ. ඔයා මේක පාඩමක් කරගන්න" කියලා. මිස් එදා ඒ කියපු දේ සහ ගත්තු තීරණය, ඇත්තටම මගේ ජීවිතේ Turning Point එකක් වුණා. ඒකට මම ගොඩක් ගරු කරනවා. මිස් නිසා තමයි හරියට වෙබ් එකක් Analyze කරන හැටිවත් ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ ඉතින් හැමදාම පුරුද්දක් විදිහට Websites ගැන Research එකක් කරන්න පොඩි වෙලාවක් වෙන් කර ගන්නවා. දක්ෂික සර් සහ ලක්රුවනි මිස් නිසා තමයි මම ඇත්තටම මේ තත්වයෙන් ඉන්නෙ. ඒ දෙන්නා තමයි, මම ජීවත් වුණු සිහින ලෝකයෙන්, මාව මුදවා ගත්තෙ. ඉතින් Design එකක් එහෙම දානකොට ලක්රුවනි මිස්වත් මට හැමතිස්සෙම මතක් වෙනවා.

ඊළගට සංජය සර්. සංජය සර් (සංජය ඇල්විටිගල) කියන්නෙත් භාහිර කථිකාචාර්යවරයෙක්. සංජය සර් වැඩ කරන ආයතනය පටන් ගත්තෙ දක්ෂික සර්වුයි, සංජය සර්වුයි එකතුවෙලා කියනවලුනෙ. සංජය සර් තමයි අපිට වැඩිම විෂයන් ප්‍රමාණයක් උගන්නපු ගුරුවරයා. වැඩිම කාලයක් අපි හිටියෙ සංජය සර් එක්ක තමයි. සංජය සර් කියන්නෙත් අපිට හම්බුණු හොද ගුරුවරයෙක්. රත්තරං මිනිහෙක්. සර් අපිට ඉගැන්නුවා,
01. Interactive Media Studies (CSS)
02. Interactive Web Studies 01 (Flash)
03. Interactive Web Studies 02 (Flash)
04. Web Scripting 01 (PHP)
05. Web Scripting 02 (PHP)
06. Web Application Development Methodology (Group Work)
සංජය සර් කියන්නෙ කරට අත දාගෙන වුණත් ඉන්න පුලුවන් මට්ටමේ ගුරුවරයෙක්. ඒ තරමටම අපිත් එක්ක හිතවත්. අනිත් අතට සුපිරිම සුපිරි මීටරයක්. සර්ට හොද තර්කානුකූලව සිතීමේ හැකියාවක් තියෙනවා. ඕනම ප්‍රශ්නයකට සර් ළග විසදුමක් තිබුණා. විසදුමක් නොතිබුණු ප්‍රශ්නයක් තිබුණත්, සර් ඊළග සතියෙ එනකොට එව්වට උත්තර හොයාගෙන ආවා. "අපිටත් කවදා හරි සංජය සර් වගේ වෙන්න පුලුවන් නම්" කියලා අපිට හිතුනු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. අනිත් ගුරුවරු වගේ ඉස්සරහා මේසෙ වාඩිවෙලා ඉගැන්නුවෙ නෑ. සර් අපි ළග තියෙන පුටුවක් ඇදලා, ඒකෙ වාඩිවෙලා තමයි ඉගැන්නුවෙ. විෂයට අමතරව තවත් දේවල් සර් අපිට කියලා දුන්නා. අත්දැකීම් බෙදා ගත්තා. සර් හරිම ක්‍රියාශීලී චරිතයක්. ඒ වගේම සර්ටම ආවේණික වුණු අංග චලන තිබුණා. සර් සමහරක් දේවල් හිතන්නෙ ඇහිපිය ගහන්නෙ නැතුව, ඇස් ලොකු කරගෙන, දඹර ඇගිල්ල කට කොනට තියාගෙන. ඔහොම ටික වෙලාවක් ඉදලා, හෙන ගහනවා වගේ දඹර ඇගිල්ලා දික් කරලා (සුදු ලෑල්ලට, පරිගණක තිරයට, අපේ ඉස්සරහට) කියවගෙන කියවගෙන යනවා. ඒ වගේම ඔළුව උස්සන්නෙ නැතුව, ඇස් කොනින් (හොරැහින්) බැලීමේ පුරුද්දකුත් සර්ට තියෙනවා.
සංජය සර් නිසා තමයි අදටත් මම පිළිවෙලකට Code (Line by Line) කරන්නෙ. නැත්නම් මම තාමත් Codes ගහන්නේ පළතුරු සලාදයක් වගේ. අද වෙනකොට මේ තත්වයෙන් ඉන්න සංජය සර්ත් මට ගොඩක් උදව් කළා. දක්ෂික සර් වගේම අපේ දක්ෂතා, හැකියාවන් අදුර ගත්තා. Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය කරන්න ගොඩක් ධෛර්යමත් කළා. ඒ වෙනුවෙන් මුදල් වියපැහැදම් කරලා අලුතින් Domain එකකුත් දීලා, Server එකකුත් දීලා, Website එකකුත් දීලා, මහා පරිමාණයෙන් කරගෙන යන්න ලොකූ සැලසුමක් හැදුවා. ඒත් එක්තරා හේතු ගණනාවක් නිසා පළවෙනි අදියරේම මගේ අතින් ඒක නතර වුණා. ඒ ගැන නම් තියෙන්නෙ ලොකු දුකක්.
සර් එක්ක කරපු විෂයන් අතරින් අපි ගොඩක්ම විනෝද වුණේ Flash විෂයෙදි. අපි කතන්දර පොත් හැදුවා. Animations හැදුවා. Games හැදුවා. මොනවද කළේ නැත්තෙ?

ලිපියේ මුල් හරියෙ තියෙනවනෙ Board Game එකක් හදන්න ගිහිල්ලා අපිට වුණු සන්තෑසියක් ගැන. ඒ නිර්මාණය හැදුවෙ අකිල සර්ගෙ විෂයට. අකිල සර්ට Games Designing ගැන ලොකු දක්ෂතාවයක්, හැකියාවක් තියෙනවා. අකිල සර් මැලේසියාවේ Limkokwing විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන, එහෙත් කිහිප සැරයක්ම කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. අකිල සර් දේශනවලට උගන්නන්න ආවෙ සාමාන්‍ය විදිහට. හරියට ඉගෙන ගන්න එන ළමයෙක් වගේ. ඉතින් ගොඩක් අය දැනගෙන හිටියේ නෑ, අකිල සර් කියන්නෙ කථිකාචාර්යවරයෙක් කියලා. සර්ගෙ කාලෙ තමයි අපේ කණ්ඩායමේ ස්වර්ණමය යුගය වුණේ. ඒ කාලෙ කවුරුත් අස්වෙලා තිබුණෙ නෑ. හැමෝම හිටියා. හැමෝම එකට එකතුවෙලා, කණ්ඩායමක් විදිහට වැඩ කළා. ලොකුම ලොකු විනෝදයක් ලැබුවා.
අපිට Web Usability, Usability Studies කියන විෂයවල් දෙක ඉගැන්නුවේ නදීරා අහංගම මිස්. NSBM එකේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යතුමියක්. මේ මිස් උගන්නපු පාඩම් අපිට හැමදාමත් ප්‍රයෝජන වෙනවා. වෙබ් අඩවියක් නිර්මාණයේදී අපි සැළකිලිමත් විය යුතු කරුණු ගැන තමයි ඉගැන්නුවේ. මොකද අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන්නෙ අපිට නෙවේ. සාමාන්‍ය මිනිස්සුන්ට. එයාලවත් ගැහැණු, පිරිමි, ළමා, යෞවන, වැඩිහිටි, අබාධිත, ආබාධිත නොවන, උගත්, නූගත්, දේශීය, විදේශීය වශයෙන් ඛාණ්ඩ කරන්න පුලුවන්. ළමා වෙබ් අඩවියක් වැඩිහිටියන්ගෙ වෙබ් අඩවියක් විදිහට හැදුවොත් එතන ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ දේවල් තමයි සාකච්ඡා වුණේ. සමහර ඒවා හරිම පුංචි දේවල්. ඒත් ඒ පුංචි දේත්, අපිට අරගන්න පුලුවන් තරමේ ලොකු දෙයක් ගැබ් වෙලා තිබුණා. නදීරා මිස් එකපාරටම දොර ඇරගෙන ඇවිල්ලා උගන්නගෙන උගන්නගෙන යනවා. කිසිම කතාවක් නෑ. විශේෂත්වය තමයි අපි මිස් එක්ක මාස හයක් විතර ඉදලත්, මිස් අපේ නම් ගම් ගැන එක දවසක්වත් අහපු නැති එක. අදටත් අපේ නම් දන්නෙ නෑ.
අපිට උගන්නපු ගුරුවරු කිහිප දෙනෙක් වෙනුවෙන් අපි සංවිධානය කරපු පුංචි උපහාර උළෙලෙදි මම නදීරා මිස්ට කිව්වා "මිස්, මට මිස්ව හැමදාම මතක් වෙනවා. ඒ වුණාට හරි දුකයි." කියලා. මිස් ඇහුවා "අනේ...ඇයි ඒ?" කියලා. ඉතින් මම කිව්වා "මේ වෙනකොට මිස් කියලා දීපු Design Principles, Golden Heuristics, Usability Studies හැම දේම දාලා Websites 40කටත් වඩා හදලා තියෙනවා. ඒත් Approve වෙලා ඒ විදිහටම හදලා භාර දෙන්න වුණේ දෙකයි. අනිත් හැම එකක්ම Clientsලට ඕන ඕන විදිහට වෙනස් කර ගත්තා. ඒකෙන් මේකෙන් ඒ ඔක්කොම ටික වනයක් වුණා" කියලා.
එතනදි "Approve වෙලා ඒ විදිහටම හදලා භාර දෙන්න වුණේ දෙකයි" කියන වෙලාවෙදි තමයි, එදා පින්තූර ගත්ත හාදයා, ඔය පහළ තියෙන පින්තූරය අරගෙන තියෙන්නෙ.

Internet Applications විෂය ඉගැන්නුවා වාසනා සහබංදු මිස්. තවත් භාහිර කථිකාචාර්යවරියක්. මේ කාලෙත් ගොඩක් විනෝද වුණා. මොකද විෂය රසවත් නිසා. අපිට තිබුණෙ 3D Maxවලින් නිර්මාණ හදන්න. මේ විෂයට පැවරුම් දෙකක් තිබුණා. එක පැවරුමක තිබුණේ Tutorial එකක් හදන්න. අනිත් එකට තිබුණා, දන්න ඔක්කොම ශිල්ප දාලා, කැමති මාතෘකාවක් යටතේ, කැමති නිර්මාණයක් කරන්න. Tutorial එකට හැදුවා පොඩි චෛත්‍යයක්. ලේසියි නෙහ්? කොටුවයි, රවුමයි, කොටුවයි, ත්‍රිකෝණයයි. දෙවෙනි පැවරුමට හදන්න පුලුවන් නිර්මාණයක් ගැන හිත හිතා හිටියත්, කිසිම අදහසක් ආවෙ නෑ. පස්සෙ වාසනා මිස් කිව්වා "ඉතින් දනුල ඔයාට පුලුවන්නෙ ඒකට, ඕකම ටිකක් Develope කරලා ගන්න?" කියලා. කාරණාව ඇත්ත තමයි. අන්තිමේදි ථූපාරාම චෛත්‍යයක් විදිහට තිබුණු චෛත්‍යය, රුවන්වැලි මහා සෑයක් වුණා. පරණ පින්තූර බල බල, ඒ කාලෙ රුවන්වැලි මහා සෑ පූජා භූමිය මේ විදිහට තියෙන්න ඇති කියලා හිත හිත, නිර්මාණය ගොඩ නැගුවා. අන්තිමේදි හිතුවටත් වඩා හොදට ඒක ආවා. හරියටම පැය 48ක් ගියා වැඩේට. වාසනා මිස්ට ගොඩක් ස්තූති කරනවා ඒ විදිහේ රසවත් විෂයක් අපිට ඉගැන්නුවට.
|
|
Vector Graphics, Digital Imaging 02 (Photography), Design Studies 03 කියන විෂයවල් ඉගැන්නුවෙ තවත් භාහිර කථිකාචාර්යවරියක් වුණු නයෝමි ද සිල්වා මිස්. මිස් තමයි ඔය Illustration වැඩ, Graphic Designing වැඩ එහෙම අපිට කියලා දුන්නෙ. මොනවා නැතත් නයෝමි මිස්ගෙ කාල සීමාවෙදි හොද Portfolio එකක් හදාගන්න පුලුවන් වුණා. මොකද හැමදාම කළේ Designing. කන පැලෙන්න ගෙදර වැඩත් දුන්නා. අදටත් නයෝමි මිස් කියලා දීපු දේවල් හරිම ප්‍රයෝජනවත්. නයෝමි මිස් හැම කෙනෙක් එක්කම හිතවත්. ඒ වගේම මිස්ට තියෙනවා පුදුමාකාර කටක්. කවුරු හරි මිස්ට මොකක් හරි විහිළුවට දෙයක් කිව්වොත්, ඒකට අනිත් පැත්තට දමලා ගහන්න පුලුවන් තරමේ RPG එකකුත් (උත්තරයකුත්) මිස් ළග තියෙනවා. මිස්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා අලුත් අලුත් නව්‍යතා හදුන්වලා දෙන්න සහ අලුත් සංකල්ප ගොඩනගන්න.
ඊට අමතරව Typography 01 උගන්නපු සුමන්ත්‍රි සමරවික්‍රම මිස්ව, Web Entrepreneurship උගන්නපු ප්‍රසාද් පීරීස් සර්ව, Web 03 උගන්නපු උදේශ් අමරසිංහ සර්ව, Database Management උගන්නපු සංදීපා කන්නංගර මිස්ව, HTML උගන්නපු නදුනි ඒකනායක මිස්ව, ගිණුම්කරණය උගන්නපු ලුලීෂා ද සිල්වා මිස්ව, මානව සම්පත් කළමණාකරණය ගැන උගන්නපු මහිකලා නිරංගා මිස්ව, ව්‍යාපාර අධ්‍යනය උගන්නපු සශිනි ගයනිකා මිස්වත් බොහොම ආදරයෙන් මතක් කරන්න කැමතියි. අපේ විෂය භාර ආචාර්යවරු විදිහට නොහිටියත් ශානක ද සිල්වා සර්, කසුන් හෙට්ටිආරච්චි සර්, චනුදි මිස් එහෙමත් අපිට සෑහෙන්න උදව් කළා.
ඊටත් අමතරව ඉහළ කණ්ඩායම්වලින් අපිට නොසෑහෙන්න ගුරුහරුකම්, දැනමුතුකම්, අවවාද, උපදෙස්, සහයෝගය ලැබෙනකොට, පහළ කණ්ඩායම්වලින් සෑහෙන්න උදව් එහෙමත් හම්බුනා. ඒ අතරින් ශංඛ සමරසිංහ, මනුර අල්විස්, ධනුෂ්ක දිමුතු, අමායා, අකලංක ලියනගේ, ධනුෂ්ක ගුණවර්ධන, චලනි හෑගොඩ, සුධාරක ප්‍රියංකර, අචිනි පුවක්ඕවිටිය, මොහොමඩ් ෆයාඩ් වගේ නම් ඉහළින්ම තියෙනවා.

තවත් දේවල් තිබුණත් මෙතනින් නවත්තන්න කැමතියි. ඔක්කොම ලියන්න වෙලාවක් නෑ. මේ ටික ලියන්නත් දවස් 12ක් ගියා. ඉතින් ඔන්න ඕකයි අපේ NSBM ජීවිත කතාව.
ප.ලි -
01. ඇතුළත් කර ඇති වීඩියෝවල හිමිකාරීත්වය තරිදු කැළුම් ඩයස් නානායක්කාර සතුය.
02. Trump විසික් වෙන Gif එක www.sports.vice.com වලින් උපුටා ගන්නා ලදී.
අමතර කරුණක් දෙකක් :-
01. අවුරුදු තුනක් තිස්සෙ එකතු වුණු අපේ NSBM ජීවිත කතාවේ සමස්ථ ඡායාරූප එකතුව - මෙතනින්
02. ගුරුකුල අරුණලු ව්‍යාපෘතියේ නිළ ඡායාරූප එකතුව - මෙතනින්
03. 2013 අවුරුද්දේ ප්‍රදර්ශනයේ නිළ ඡායාරූප එකතුව - මෙතනින්
04. ගුරුකුල අරුණලු ව්‍යාපෘතියේ සම්පූර්ණ කතාව - මෙතනින්
05. ශෙහාන් කොඩිකාර සමග කරපු සම්මුඛ සාකච්ඡාව - මෙතනින්
06. සුපුන් මධුශාන් හේවාගම සමග කරපු සම්මුඛ සාකච්ඡාව - මෙතනින්
07. අවසන් ව්‍යාපෘතියට ලියපු නිබන්ධනය - මෙතනින්
08. අවසන් ව්‍යාපෘතියට හදපු වෙබ් අඩවිය - මෙතනින්
09. අවසන් ව්‍යාපෘතියට හදපු දත්ත ගබඩාව - මෙතනින්
10. දක්ෂික සර්ගෙ කීමට ලියපු CSS ලිපි මාලාව - මෙතනින්
11. දක්ෂික සර්ගෙ කීමට නිර්මාණය කරපු තාක්ෂණික බ්ලොග් එක - මෙතනින්
12. සංජය සර් එක්ක එකතු වෙලා හදපු Flash Animations වලින් කොටසක් - මෙතනින්
13. නයෝමි මිස් නිසා හැදුනු Portfolio එක - මෙතනින්
14. උදේශ් සර්ගෙ Web 03 පැවරුම - මෙතනින්
15. නයෝමි මිස්ගෙ පළවෙනි පැවරුම - මෙතනින්
16. නයෝමි මිස්ගෙ දෙවෙනි පැවරුම - මෙතනින්
17. නයෝමි මිස්ගෙ තුන්වෙනි පැවරුම - මෙතනින්
18. නයෝමි මිස්ගෙ හතරවෙනි පැවරුම - මෙතනින්
19. නයෝමි මිස්ගෙ පස්වෙනි පැවරුම (අංක 01) - මෙතනින්
20. නයෝමි මිස්ගෙ පස්වෙනි පැවරුම (අංක 02) - මෙතනින්
21. නදීරා මිස්ගෙ Web Usability අන්තිම පැවරුම - මෙතනින්
22. සුමන්ත්‍රි සමරවික්‍රම මිස්ගෙ පළවෙනි පැවරුම (කණ්ඩායම් පැවරුමක්) - මෙතනින්
23. දක්ෂික සර්ගෙ පළවෙනි Photoshop පැවරුම - මෙතනින්
24. සදමාලි මිස්ගෙ Typograhpy පැවරුමක් - මෙතනින්
25. සංජය සර් එක්ක කරපු තවත් වැඩක් - මෙතනින්
26. කැළුම්ගෙ VFX වැඩක් - මෙතනින්
27. දක්ෂික සර්ගෙ දේශනයක් - මෙතනින්
28. දිවානි ජයතිලක සමග කරපු සාකච්ඡාව - මෙතනින්
29. සංජය සර්ගෙ දේශනයක් - මෙතනින්