විමලරතනාභිධාන
මාදුළුවාවේ ඕන තරම් හාමුදුරුවරු ඉන්න පුලුවන්. ඒත් මාදුළුවාවේ හාමුදුරුවො කිව්වම, ඒකෙන් අදහස් වෙන්නෙ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්වයි. බලංගොඩ ඕන තරම් හාමුදුරුවරු ඉන්න පුලුවන්. ඒත් බලංගොඩ හාමුදුරුවො කිව්වම, ඒකෙන් අදහස් වෙන්නෙ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්වයි. බෙල්ලන ඕන තරම් හාමුදුරුවරු ඉන්න පුලුවන්. රේරුකානේ ඕන තරම් හාමුදුරුවරු ඉන්න පුලුවන්. ඒත් බෙල්ලන හාමුදුරුවො කිව්වම, රේරුකානේ හාමුදුරුවො කිව්වම, ඒකෙන් අදහස් වෙන්නෙ බෙල්ලන ශ්‍රී ඥාණවිමල සහ රේරුකානේ චන්දවිමල හාමුදුරුවරුන්.
ඒ වගේමයි බෙල්ලන්විල හාමුදුරුවොත්. බෙල්ලන්විලින් කොච්චර හාමුදුරුවරු බිහි වුණත් බෙල්ලන්විල හාමුදුරුවො කිව්වම, අපිට මුලින්ම මතකයට එන්නෙ සහ ඒකෙන් අදහස් වෙන්නෙ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්වයි.
බෙල්ලන්විල හාමුදුරුවන් කියන්නෙ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, බුදු දහම, භාෂාව වෙනුවෙන් තනි මිනිහෙකුට කරන්න පුලුවන්ද කියලා හිතා ගන්නවත් බැරි විශාල වැඩ කොටසක් සහ සේවාවක් කරපු හිමි නමක්. ලංකාවේ ජාතීන් සහ ආගම් අතර සාමය සමගිය ගොඩනගන්න, වැරදි දේශපාලන ක්‍රියාවන්ට විරුද්ධ වෙන්න, බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ජාත්‍යන්තරයට රැගෙන යන්න, අඩු ආදායම් ලාභී පවුල්වල ආර්ථික ශක්තිය වැඩි කරන්න, රෝහල් වගේ ස්ථානවල සුභ සාධන කටයුතු නගා සිටුවන්න ක්‍රියා කරපු හිමි නමක්. කාටවත් බය නෑ. කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගත්තා. ජාත්‍යාන්තර වශයෙන් ලංකාවට ලොකූ කීර්තියක් ගෙනාවා, ශාසනික වැඩකටයුතු හරහා. අපේ රටේ එදාමෙදා තුර බිහි වුණු සුප්‍රසිද්ධ හිමි නමක්. බොහොම ප්‍රියමනාප චරිතයක්. මහා ගැඹුරු කටහඩක්. මහා පෞර්ෂයක් !

ඒ වගේම බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී පදවිය දරමින් ශාසනික වැඩ කටයුතු කරන අතරේ, KAICIID උපදේශන මණ්ඩලයේ සාමාජිකයෙකු වෙමින්, ජාතික සංඝ සම්මේලනය ස්ථාපිත කරමින්, බෞද්ධ සහ ඉංග්‍රීසි පොත්පත් විශාල ප්‍රමාණයක් රචනා කරමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වෙමින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හොබවමින්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යන පාසලේ භාහිර මහාචාර්යවරයකු වෙමින්, ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි මහා සංඝ සභාවෙහි අනු නායක ධූරය හොඹවමින් කටයුතු කරනු ලැබුවා.
බෙල්ලන්විල රජමහා විහාරය තියෙන්නෙ අපේ ගමේ. ඒ කියන්නෙ බොරලැස්ගමුවේ. අපේ ගෙදර ඉදලා බෙල්ලන්විල රජමහා විහාරයට තියෙන්නෙ හූවක දුරක්. අපේ ගමේ කොච්චර රජමහා විහාර තිබ්බත්, කොච්චර පුරාණ විහාර තිබ්බත්, කොච්චර නවීන විහාරස්ථාන තිබ්බත්, බෙල්ලන්විල රජමහා විහාරය තමයි අපේ ගමේ ප්‍රධානතම පන්සල විදිහට අපි හදුන්වන්නෙ. ඉතින් බොරලැස්ගමුව ගම්වාසීන් වුණු අපේ හිත්වලත් විමලරතන හාමුදුරුවන්ට තිබ්බෙ ලොකු ආදරයක් සහ ගෞරවයක්.

|
|
අපේ ප්‍රාදේශීය පන්සල (රත්තණපිටිය) තියෙන්නෙ, අපේ ගෙදරට ගෙවල් 6කට එහා පැත්තෙ. ඒ තමයි බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය. 1929 අවුරුද්දේ නිර්මාණය වෙන මේ පන්සල සහ බෙල්ලන්විල රජමහා විහාරය අතරෙ තිබ්බෙ සමීප සම්බන්ධයක්. මේ නිසා ඉස්සර ඉදන්ම බෙල්ලන්විල රජමහා විහාරයේ මොකක් හරි වැඩක් සිද්ධ කරනවා නම්, ඒ දේ වෙනුවෙන් පරමධර්මවර්ධනාරාම විහාරයෙන් සහයෝගය සහ සහභාගීත්වය ලබා දුන්නා. අනිත් අතට පරමධර්මවර්ධනාරාම විහාරයේ මොකක් හරි වැඩක් සිද්ධ කරනවා නම්, ඒ දේ වෙනුවෙන් බෙල්ලන්විල රජමහා විහාරයෙන් සහයෝගය සහ සහභාගීත්වය ලබා දුන්නා.
බෙල්ලන්විල පෙරහැර දවස්වලට අපේ පන්සලෙන් හැම අවුරුද්දකම එක දවසක් දානය පිළියෙල කරනවා. බෙල්ලන්විල දේව දූත පෙරහැර, බෙල්ලන්විල රජමහා විහාරයේ ඉදලා අපේ පරමධර්මවර්ධනාරාමයට ඇවිත්, ආශිර්වාද සහ චාරිත්‍ර කටයුතු කරලා, ආයිත් බෙල්ලන්විල විහාරයටම පිටත්වීමේ පැරණි චාරිත්‍රයක් තිබිලා තියෙනවා (මේ චාරිත්‍රය අවුරුදු 40කට පස්සෙ ආයිත් පටන් ගත්තා).
පරමධර්මවර්ධනාරාම විහාරයේ ධර්ම දේශනාමය වැඩසටහන්වලට, කඨින පිංකමට, සාංඝික දානවලට වගේම උත්සව අවස්ථාවලට බෙල්ලන්විල පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරු විශාල ප්‍රමාණයක සහභාගීත්වය තියෙනවා. ඒ අතරින් විමලරතන හාමුදුරුවන්ගේ දායකත්වය අති විශිෂ්ඨයි. අපේ පන්සලේ පවත්වපු හැම පිංකමකදීම, හැම වැඩසටහනකදීම, හැම ව්‍යාපෘතියකදීම, හැම උත්සවයකදීම බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී බෙල්ලන්විල විමලරතනාභිධාන නායක හිමියන්ගේ නොමද දායකත්වය, සහභාගීත්වය, ආශිර්වාදය, නායකත්වය සහ අනුශාසකත්වය ලැබුණා. මම හිතන්නෙ පරමධර්මවර්ධනාරාම විහාරස්ථ ඉතිහාසයේ කඨින චීවර පූජෝත්සවය වෙනුවෙන්, වැඩිම වාර ගණනක් සහභාගිවෙලා තියෙන්නෙත් විමලරතන හාමුදුරුවන්ම තමයි. අනිත් අතට අපේ පන්සලේ වැඩිම මුල් ගල් ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන්නෙත්, වැඩිම ඉදිකිරීම් ප්‍රමාණයක් විවෘත කරලා තියෙන්නෙත් විමලරතන හාමුදුරුවන්ම තමයි.
ඒ නිසා උන්වහන්සේ නිතරම අපේ පන්සලේ දකින්න ලැබුණු හිමි නමක්. පන්සලේ තුන්වන විහාරාධිපති පදවිය දරපු වෙරළුගස්තැන්නේ පඤ්ඤාණන්ද නායක හාමුදුරුවො සහ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවො කියන්නෙ සමකාලීනයො. විමලරතන හාමුදුරුවන්, පඤ්ඤාණන්ද හාමුදුරුවන්ට වඩා අවුරුදු 4ක් වැඩිමල්. ඉතින් ඒ මිත්‍රත්වයත්, විහාරස්ථාන දෙක අතර තිබුණු සම්බන්ධය ශක්තිමත් වෙන්න අනිවාර්යෙන්ම බලපෑවා.

2007 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී වුණු වෙරළුගස්තැන්නේ පඤ්ඤාණන්ද නායක හාමුදුරුවන්ගේ හදිසි අපවත්වීමේදී, බොහොම කඩිසරව වැඩවලට සහයෝගය දුන්නා. ආදාහන උත්සවයෙන් පස්සෙ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය ලොකු අවදානම් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ නව විහාරාධිපති හිමි නමක් පත් කර ගැනීමේ ප්‍රශ්නයටයි. මොකද ඊළගට පත්වෙන විහාරාධිපති හිමියන්ගේ චරිත ස්වභාවය අනුව තමයි ගමේ සහ ගමේ පන්සලේ ඉදිරි අනාගතය තීරණය වෙන්නෙ. ඒ නිසා එතනදී ගන්න තීරණය 100%ක්ම හරි තීරණයක් වෙන්නත් ඕන.
සමහරක් දෙනෙක් ඉල්ලුවේ නව විහාරාධිපති හාමුදුරුවො, වැඩිහිටි බහුශ්‍රැත හාමුදුරු නමක් වෙන්න ඕන කියලා. ඒ වගේම ඒ කාලයේ අවුරුදු 27ක් විතර වුණු පොඩි හාමුදුරුවන්ට ඒ තරම් අත්දැකීම් නැහැ කියලත්, පන්සල ඒ නිසා අනතුරකට පත්වෙයි කියලත් කිව්වා. මේ අතරෙ සමහරක් පන්සල්වල නායක හාමුදුරුවරුත් අපේ පන්සලේ විහාරාධිපති තනතුර අරගන්න බැල්ම දාගෙන ඉන්න අතරෙ, පන්සලත් එක්ක ප්‍රශ්න ඇතිකරගෙන, පන්සල අතහැර ගියපු සමහරක් හාමුදුරුවරු හිටන් විහාරාධිපති පදවිය වෙනුවෙන් ආයිත් පන්සලට වැඩම කළා. මේ ප්‍රශ්නය විසදන්න අන්තිමට මැදිහත් වුණෙත් බෙල්ලන්විල හාමුදුරුවන්ම තමයි. නව විහාරාධිපති හිමි නමක් පත්කර ගැනීම වෙනුවෙන්, විහාරස්ථ ධර්ම ශාලාවේදී රැස්වීම් වට කිහිපයක්ම පැවැත්තුවා. ඒ හැම රැස්වීමකටම සහභාගිවෙලා, මූලාසනය දැරුවේ විමලරතන හාමුදුරුවන්.
උන්වහන්සේ පොඩි හාමුදුරුවන් ගැන විශ්වාසය සහ බලාපොරොත්තු තියලා, හොදට දුරදිග කල්පනා කරලා, පොඩි හාමුදුරුවන්වම පත් කරන්න කටයුතු කළා. එදා බෙල්ලන්විල හාමුදුරුවො මේ ප්‍රශ්නයට මැදිහත් නොවෙන්න, අපේ පන්සලට මොනවැයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. මොකද පරමධර්මවර්ධනාරාම විහාරය කේන්ද්‍ර කරගත්ත මුළු ප්‍රදේශ තුනක්ම දෙකට බෙදෙන්න වුණත් පුළුවන්කම තිබුණා. ඒ තීරණය කොච්චර දුරට හරි තීරණයක්ද කියලා කෙනෙක්ට බලාගන්න පුලුවන්, අපේ පරමධර්මවර්ධනාරාම විහාරයට ඇවිත් එදා පොඩි හාමුදුරුවො වෙලා හිටපු, අද අපේ රත්තොට සීලවංස ලොකු හාමුදුරුවො පන්සල සහ ගම කේන්ද්‍රකරගෙන සිද්ධ කරන සුභ සාධන, භෞතික සහ මානව සංවර්ධන ව්‍යාපෘති කන්දරාව දැක්කම.

2007න් පස්සෙ අපේ ලොකු හාමුදුරුවන්ගේ ප්‍රධාන අනුශාසකයා වුණෙත්, හැම කරදරයකදීම, හැම ප්‍රශ්නයකදීම උන්වහන්සේ පිහිට පැතුවෙත් විමලරතන හාමුදුරුවන්ගෙන්. උන්වහන්සෙත් අපේ පන්සලේ වැඩවලට වැඩම කළේ ගොඩක් උනන්දුවෙන් සහ ගොඩක් සන්තෝසෙන්. ඊළගට බෙල්ලන්විල හාමුදුරුවන්ගේ ගජ මිත්‍රයෙක් වුණු අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවො තමයි අපේ ඉස්කෝලෙ (කොළඹ ආනන්දේ) සහකාර විදුහල්පතිධූරය හෙබවූයෙ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත අපේ ඉස්කෝලෙ සමහරක් උත්සවවලට එහෙම බෙල්ලන්විල හාමුදුරුවො වැඩම කළා.
ඔය වගේ දේවල් නිසා තමයි මගේ නොමද ගෞරවය උන්වහන්සේට හිමිවෙන්නෙ. ඒ වගේම මගේ ජීවිත කාලය තුළ මම දැක්ක චරිත අතරින් කැපී පෙනෙන චරිතයක් වෙන්නෙ. උන්වහන්සේව අන්තිම වතාවට මම දැක්කෙ 2017 අවුරුද්දෙ ඔක්තෝබර් 01 වෙනිදා. ඒ තමයි උන්වහන්සේ අපේ පන්සලට වැඩම කරපු අන්තිම වතාව. ඒ අභිනවයෙන් ඉදිකරපු බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයටයි. මටත් අවස්ථාව ලැබුණා එදා උන්වහන්සේගේ හොද පින්තූර කිහිපයක් අරගන්න. මේ ලිපියේ පල කරලා තියෙන්නෙ අන්න ඒ පින්තූරවලින් කිහිපයක්.
අපි දහම් පාසලේ ඉගෙන ගන්න කාලෙ දහම් පාසල් ත්‍යාග ප්‍රධානෝත්සවවලටත් උන්වහන්සේගේ වැඩමවීම සිද්ධ වුණත්, උන්වහන්සේගේ වාසනාවන්ත අත් දෙකෙන් සහතිකයක් ලබා ගන්න තරම් අපි වාසනාවන්ත වුණේ නෑ. ඒ වගේම 2014 අවුරුද්දේ මැද ඉදලා අපේ පන්සලේ ව්‍යාපෘතියක් වෙනුවෙන් සදාකාලික සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න මට සිද්ධ වුණා. ඉතින් ඒ හරහා විමලරතන හාමුදුරුවන්ව දැන අදුරගන්න, උන්වහන්සේ එක්ක කතා කරන්නත් හිතේ කොනක විශාල ආසාවක් නොතිබුණාම නෙවේ.

උන්වහන්සේගේ තිබ්බ විශිෂ්ඨම ලක්ෂණ දෙකක් මම දැකලා තියෙනවා. අපේ පන්සලේ උත්සවවලදි මූලාසනය උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තිබ්බත්, උන්වහන්සේ කිසිම වෙලාවක මූලාසනය භාර ගන්න කැමති වුණේ නෑ. භාර ගන්න වුණත්, භාර ගත්තෙ අකමැත්තෙන්. ඒ වගේම උන්වහන්සේගේ නමේ මුලට මහාචාර්ය, කෝට්ටේ සංඝ සභාවේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති, කථිකාචාර්ය වගේ වචන සහ වාක්‍ය කෑලි දාලා කතා කරනවට, උන්වහන්සේ පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ, උන්වහන්සේගේ තිබ්බ අව්‍යාජ නිහතමානීකම නිසයි.
උන්වහන්සේ හදිසි අනතුරකට පත්වෙන වෙලාවෙ මම හිටියේ රැකියා ස්ථානයේ. ආයතන ප්‍රධානී තමයි අපිට ප්‍රවෘත්තිය කිව්වෙ. ඒ වෙලාවෙම මම පුවත් වෙබ් අඩවි කිහිපයකටම ගිහින් බැලුවා. කාරණාව ඇත්ත තමයි. ඒත් මම හිතුවේ ඒක සුළු සිද්ධියක් කියලා. ඊට පස්සෙ ගෙදර ගියාම ප්‍රවෘත්තිවලින් දැන ගත්තා උන්වහන්සේ ඉන්නෙ දැඩිසත්කාර ඒකකයේ කියලා. ඒ වෙලාවෙ නම් ලොකු දුකක් ඇති වුණා. ඊට පස්සෙ ඒ කතාව එතනින් ඉවරයි. පහුවෙනිදා තමයි යාලුවෙක් කරන පුවත් වෙබ් අඩවියක Facebook පිටුව හරහා දකින්නේ, උන්වහන්සේ අපවත් වුණා කියලා. ලංකාවේ පුවත් වාර්තාකරණ වෙබ් අඩවි අතරින් ඒ වෙබ් අඩවිය තමයි මම දකින විදිහට වේගවත්ම වෙබ් අඩවිය. ඒ වගේම ඒකෙන් වාර්තා කරපු කිසිම තොරතුරක් තාම වැරදිලා නෑ. මට තාමත් මතකයි ඒ ප්‍රවෘත්තිය කියවලා මගේ පපුව ගැහුන වේගය. පපුව පැලිලා යන තරමටම ගැහුණා. මම ඒ වෙලාවෙම යාලුවට පණිවිඩයක් යැව්වා, "Confirm ද?" කියලා අහලා. හැරෙන තැපෑලෙන් යාලුවගෙන් "ඔව්" කියලා උත්තරයක් ලැබුණා.

බෙල්ලන්විල හාමුදුරුවො අපවත්වෙලා. මොකක්ද මේ වුණේ? මට ඒ වෙලාවෙ මොකුත්ම හිතාගන්න බැරිවුණා. සෑහෙන කාලයක් අසනීපවෙලා වගේ හිටියා නම්, අපිට කල්තියාම හිත හදා ගන්න තිබ්බා. ඒත් කිසිම ලෙඩක් දුකක් නැතුව හොදට නීරෝගීව හිටපු හාමුදුරුවො, ස්වභාවික නොවන, අස්වාභාවික අනතුරකින් ක්ෂණයෙන් එකපාරටම නැති වුණා කිව්වම, ඒක දරාගන්න අමාරුයි. මේ හිටියා, මේ නෑ.....!!!!!
ඊට පස්සෙ මිදුලට ගිහින් තැඹිලි කොඩිය දැම්මා. මම විශ්වාස කරනවා, මුලින්ම තැඹිලි කොඩි දාපු 10 දෙනා අතරෙ මමත් ඉන්නවා කියලා....... ඊට පස්සෙ ඒ වෙලාවෙ කර කර හිටපු වැඩ ඔක්කොම ටික නතර කරලා, මගේ කැමරාවෙ සටහන් වුණු උන්වහන්සේ ඉන්න පින්තූර ඔක්කොම බල බල, පරමධර්මවර්ධනාරාම විහාරය වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිහිපයක් නිර්මාණය කරන්න ගත්තා.
මහා රෑ වෙනකොට පාරෙ වාහන සද්ධ අඩුවෙනවා. එතකොට අපිට පරිසරය හොදට ඇහෙනවා. බෙල්ලන්විල පන්සලේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා විකාශය කරපු මහා සතිපට්ඨාන සූත්‍රය, අපිට මහා රෑට හොදට ඇහුනා. ඒ ශබ්දය දවස් 5ක් යනකන්ම අපිත් අපේ ගෙදර ඉදන් අහගෙන හිටියා. උන්වහන්සේගේ දේහය පන්සලට අරගෙන ඇවිත් තිබුණෙ මහා රෑ.

පහුවෙනිදට තමයි ජාතික නිදහස් දිනය තිබුණෙ. ජනාධිපතිතුමත් එදා ජාතික කොඩිය, කොඩි කණුවෙ උඩටම ඉස්සුවා. හැබැයි මට හිතුණ දෙයක් තමයි, එදා ජාතික කොඩිය ඉහළටම නැතුව, කොඩි කණුවෙ මැදක් වෙනකන් විතරක් එසෙව්වා නම්, එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ විමලරතන හාමුදුරුවන්ට කරපු ඉහළම ගෞරවය ඒ සිද්ධිය විදිහට ඉතිහාසගත වෙන්න පුලුවන් කියන එක.
අපි ඊට පස්සෙ දවසෙ යන්න තීරණය කළා. උදේට, දවල්ට, හවසට, රෑට උන්වහන්සේට අවසාන ගෞරව පුද කරන්න ආපු අයගේ විශාල පෝලිම් තිබුණා. ඒ නිසා අපි හිතුවා පහුවදා පාන්දර 12.30ට, 1.00ට විතර යන්න. හැබැයි පාන්දර 1.00යි කියලා නෑ. ඒ වෙලාවෙත් ලොකු සෙනගක් හිටියා උන්වහන්සේට අවසන් ගෞරව පුද කරන්න.
හාමුදුරුවන්ගේ නිසල දේහය තැන්පත් කරලා තිබුණා, ධර්ම ශාලාව මැද, ටිකක් උසට හදපු වේදිකාවක. හරිම ලස්සනට සරසලා තිබුණා. එක මේසයක් පුරාවටම උන්වහන්සේ රචනා කරපු බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය ගැන කියවෙන සිංහල සහ ඉංග්‍රීසි පොත්පත් ප්‍රදර්ශනය කරලා තිබුණා.

උන්වහන්සේගේ අවසන් කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩ පිටියේදී සිදු කරනවා කියලා මාධ්‍ය මගින් දැනුම් දුන්නා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ අපේ ගෙදර අතරේ දුර, මීටර 900ක්. මම හැමදාම උදේට සහ හවසට, යන්නෙ එන්නෙ ඒ හරහා. ඉතින් විශ්වවිද්‍යාලයෙත් සැරසිලි කටයුතු පටන් ගත්තා. ප්‍රධාන ගේට්ටුව වහලා, ඒ ඉස්සරහා ලොකූ තොරණක් හදන්න පටන්ගෙන තිබ්බා. විශ්වවිද්‍යාල භූමිය වටේටම ලොකු තැඹිලි කොඩි දාලා තිබුණා. විශ්වවිද්‍යාලය ඇතුළෙත් සෑහෙන දුරක් යනකන් කොඩි කණුවල තැඹිලි කොඩි දාලා, උන්වහන්සේගේ පින්තූර තියෙන බැනර් එල්ලලා, ශෝක ප්‍රකාශ ප්‍රදර්ශනය කරලා තියෙනවා, එළියෙ ඉදන්ම අපි දැක්කා.
බෙල්ලන්විල රජමහා විහාරයේ ඉදලා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අවමංගල්‍ය පෙරහැරේ ගමන්මග යෙදිලා තිබුණේ ශ්‍රී පේමානන්ද මාවත හරහා. ශ්‍රී පේමානන්ද මාවතට අපේ ගෙදර ඉදලා තියෙන්නෙ මීටර 300ක දුරක්. එතන ඉදලා විශ්වවිද්‍යාලයට මීටර 500යි. මේ පරාසයේ පාර පුරාවටම උඩ සහ පාර දෙපැත්තෙ එකම තැඹිලි කොඩි යායක් තිබුණා. විමලරතන හාමුදුරුවන් කියන්නෙ රටක් ලෝකයක් වටිනා හිමි නමක්. විමලරතන කියන භික්ෂු චරිතය බිහි වෙන්නෙ අපේ ගමෙන්. උන්වහන්සේ වැඩ වාසය කළේ අපේ ගමේ. උන්වහන්සේට අපි ආදරෙයි. උන්වහන්සේ ශාසනය වෙනුවෙන් කරපු වැඩ කොටසට අපි ගොඩක් ණයයි. ඉතින් මමත් තීරණය කළා, උන්වහන්සේගේ ආදාහන උත්සවයට යන්න. ඒ ගමනට මාත් එක්ක එකතු වුණා දර්ශන අයියා. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත්, මියැසියේ රසකතා සහ හස්ථිනාපුරය ලියන වයලීනෝ.
දේහය රැගත් පෙරහැර පිටත් වෙන්න තීරණය කරලා තිබුණේ දවල් 1.00ට. හවස 3.00ට තමයි විශ්වවිද්‍යාලයට ළගා වෙන්න නියමිතව තිබුණෙ. මමත් ඉතින් දවල් 1.00 වෙනකන් බෙල්ලන්විල පැත්තේ ශබ්දවිකාශන යන්ත්‍රවලින් ඇහෙන දේවල් අහගෙන හිටියා. අපි හිතුවේ විනාඩි 30ක්, පැයක් විතර කාල සටහන එහා මෙහා වෙයි කියලා. ඒත් හරියටම දවල් 1.00ට දේහය අරගත්ත පෙරහැර පන්සලෙන් පිටත් වුණා. මම දවල් 1.30ට විතර විශ්වවිද්‍යාලය පැත්තට පිටත් වුණා. දේහය රැගෙන එන්න පැය 2ක් විතර තිබුණත්, ගමේ පාර දෙපැත්තෙම සෙනග හිටියා.

අපි යනකොටත් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉස්සරහ හද හද තිබ්බ විශේෂ තොරණේ සැරසිලි කටයුතු ලස්සනට ඉවර කරල තිබුණා. පාර දෙපැත්තේ, විශ්වවිද්‍යාලය ඇතුළෙ ගිහියන් සහ පැවිද්දන්ගෙන් සැදුම්ලත් විශාල සෙනගක් දකින්න පුළුවන්කම තිබුණා.
"ඉඳල වැඩක් නෑ. උගත් වියත් හාමුදුරුවරු ටිකෙන් ටික අපවත්වෙනවා. ආයිත් ඉතින් මේ වගේ හාමුදුරුකෙනෙක් බිහි වෙන එකක් නෑ. ඕනෑ තරම් උගත් හාමුදුරුවරු ඉන්නව. හැබැයි ඒ අය ළග කිසිම පෞර්ෂයක් නෑ. පෞර්ෂයක් තියෙන හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය ළග උගත්කමක් නෑ. පෞර්ෂයයි උගත්කමයි දෙකම තියෙන හාමුදුරුවරු ඉන්නෙ හරිම අඩුවෙන්. විමලරතන හාමුදුරුවෝ කියන්නේ ඒ වගේ හාමුදුරු නමක්. විමලරතන හාමුදුරුවෝ ළඟ තියෙන ඒ මහා පෞර්ෂය වෙන කිසිම හාමුදුරු නමක් ළඟ තියෙනවා මම නම් දැකලා නැහැ .
මොන ආණ්ඩුව ආවත් මොන වැරැද්ද කලත් කියන්න තියෙන දේ කෙළින්ම මූණටම කියනවා. කාටවත් බය නෑ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා. ඒ අතින් බලනකොට මහනුවර නායක හාමුදුරුවරුන්ට වඩා ලොකු බලයක් විමලරතන හාමුදුරුවන්ට තිබුණා. ජපුර කැම්පස් එකේ ඉගෙන ගන්න ඕනම ළමයෙක්ගෙ ජීවිතේ එක්තරා හීනයක් තමයි විමලරතන හාමුදුරුවන්ගේ අතින් උපාධිය අරගන්න එක. ඒක කෙනෙකුට ජීවිතේ හම්බවෙන ගොඩක් දුර්ලභ අවස්ථාවක්. ඒක ගොඩක් වටිනවා. දැන් ඉතින් ඉස්සරහට එන ළමයින්ට ඒ අවස්ථාව නැති වෙනවා." දර්ශන අයියා කියාගෙන කියාගෙන කියාගෙන ගියා.

දන්නෙම නැතුව හවස 3.00ට ළං වේගෙන ආවා. ඒ වෙලාවෙ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති, බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවො එතනට වැඩම කළා. ඒත් එක්කම ටික ටික හේවිසි සද්ධය ඇහෙන්න ගත්තා. ඒකෙන් සන්නිවේදනය වුණා දැන් පෙරහැර ළග ළගම එනවා කියලා. වට පිටාවෙ ඉන්න හැමෝම පාර දෙපැත්තට ආවා. අපිත් පාර අයිනට වෙලා බලන් හිටියා.
පෙරහැරේ ඉස්සරහින්ම ඇවිදගෙන ආවා හාමුදුරුවරු දෙනමක්. එක හාමුදුරුවො කෙනෙක් තමයි අපේ ඉස්කෝලෙ හිටපු සහකාර විදුහල්පතිවරයෙක් වෙන, අපිට 7 වසරෙදි බුද්ධාගම උගන්නපු, උසස් පෙළවලදි බෞද්ධ ශිෂ්ටාචාරය උගන්නපු, අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවො. ආනන්ද හාමුදුරුවො සාමනේර කාලෙ ඉදලා 2012 විතර වෙනකන්ම බෙල්ලන්විල රජමහා විහාරයේ තමයි වැඩ ඉදලා තියෙන්නෙ. විමලරතන හාමුදුරුවන් එක්ක අවුරුදු 40කට ආසන්න සමීප ඇසුරක් තිබිලා තියෙනවා. පෙරහැර ඉස්සරහින් වැඩම කරපු අනිත් හාමුදුරුවො තමයි, විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හාමුදුරුවො.
අවමංගල්‍ය පෙරහැරක් වුණත් මේක මහ නුවර සතර මහා දේවාල සහ දළදා පෙරහැරෙන් සැදුම්ලත් ඇසළ මහා පෙරහැර තරමටම දිගට තිබුණා. මුලින්ම ආවෙ පොලිස් ආරක්ෂක යතුරු පැදි. ඊළගට මල්වඩම් අරගෙන ආවා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම. ඊට පස්සෙ තැඹිලි කොඩි සහ විමලරතන හාමුදුරුවන්ගේ පින්තූර අරගෙන ආවා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, බෙල්ලන්විල රජමහා විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසල ඇතුළු බෙල්ලන්විල රජමහා විහාරයට අනුබද්ධිත දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්.

ඊට පස්සෙ ආවෙ දවුල්, තම්මැට්ටම් සහ හොරණෑවලින් සැදුම්ලත් හේවිසි කණ්ඩායමයි. එයාලගෙ මළ බෙර වාදනයෙන් මුළු පළාතම රැව් දුන්නා. මළ බෙර වාදනය කියන්නෙ කනට ප්‍රිය උපදවන වාදනයක් නෙවේ. ඒත් එහෙම හරි වාදනයක් අහන්න ලැබුණු එකත්, එක අතකින් ලොකු දෙයක්. මොකද ඒවා දවසින් දවස අභාවයට යන නිසා. බෙර වාදකයින්ට පිටිපස්සෙන් මුරායුධ, පන්දම්, සේසත් මැද්දෙන් තමයි විමලරතන හාමුදුරුවන්ගේ දේහය තැන්පත් කරපු රන්සිවිගෙය ආවෙ.
රන්සිවිගෙය ඇතුළෙ තිබ්බ මිනී පෙට්ටිය දකිනකොට පපුව හෝස් ගාලා ගියා. ඒ, ආයිත් ඉතින් බෙල්ලන්විල විමලරතන කියලා හිමි නමක් අපේ රටෙන් බිහිවෙන්නෙ නැති නිසා. ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු හිමි නමක්, අපේ ඇස් ඉස්සරහම අවසන් ගමන් යන නිසා...... මේ අතරෙ ගුවන් හමුදාවෙ හෙලිකොප්ටරයකින් උඩු ගුවනෙ ඉදලා විටින් විට, රන්සිවිගෙයට මල් වරුසා වැස්සෙව්වා. බෙර සහ නළා හඩ මධ්‍යයේ රන්සිවිගෙයත් ටික ටික ඉස්සරහට ඇදුනා. අපිත් රන්සිවිගෙයට වම් පැත්තෙ ඉදගෙන ඉස්සරහට ඉස්සරහට ගියා. රන්සිවිගෙයට පිටිපස්සෙන් කිලෝ මීටර ගණනාවක් යනකන්ම ලොකු කුඩා, බාල මහළු මහා සංඝරත්නය වැඩම කළා.
ඊට පස්සෙ රන්සිවිගෙය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වුණා. එතනදී විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු, ආචාර්යවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු පෙරහැරට එකතු වුණා. මාත් එක්ක හිටපු දර්ශන අයියා මේ හැම දෙයක්ම වීඩියෝ කළා.
මේ සිද්ධිය දර්ශන අයියාගෙ කැමරා ඇසට අහුවුණේ මෙන්න මේ විදිහටයි. මම හිටියෙ දර්ශන අයියට එහා පැත්තෙ. ඉතින් මගේ ඇස්වල සටහන් වුණෙත් ඔය රූප රාමුම තමයි.

රන්සිවිගෙය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනියට ඇදෙනකොට, අපිත් අහු මුළුවලින් රිංග රිංග ඒක පස්සෙන් ගියා. ආදාහන උත්සවයට වැඩම කරලා හිටපු පොඩි හාමුදුරුවරු දැක්කම, හිත නිවිලා ගියා. ඒ තරමටම උන්වහන්සේලාගේ පිං පාට. බලන් ඉන්න හරි ආසයි. පාට පාට සිවුරු ගොඩයි. ඒ තමයි අපේ රටේ බුදු සසුනේ අනාගතය. බුදු සසුනේ චිරපැවැත්මට භික්ෂූන් වහන්සේලා අත්‍යාවශ්‍ය සාධකයක්. බුදු හාමුදුරුවො තුන්වරක් අපේ රටට වැඩම කළත්, මහින්දාගමනය වෙනකන් අපේ රටේ බුදු දහම ආරක්ෂාවෙලා නොතිබුණේ, බුදු හාමුදුරුවන් අපේ රටේ භික්ෂු ශාසනය ඇති කළේ නැති නිසයි.
බුද්ධ පුත්‍රයෙක්ට අවසන් ගෞරවය පුද කරන්න, තවත් බුද්ධ පුත්‍රයො දස දහස් ගණනක් එකම වෙලාවකදි, එකම ස්ථානයකට වැඩම කරලා. ශාසනික කටයුතු හරහා පුංචි පුංචි හාමුදුරුවරුන්ගේ ජීවිතවලට ආලෝකය ලබා දුන්නු, උන්වහන්සේලාව පෝෂණය කරපු, උන්වහන්සේලාගේ අනාගතය ගොඩ නගපු විමලරතන හාමුදුරුවන් ජාතියෙන් සමු ගන්න දවස..... උන්වහන්සේ තවත් අවුරුදු 100කට විතර හරියන්න සේවාවක් කරලා තමයි සමුගන්නෙ.....
රන්සිවිගෙය සහිත පෙරහැර පිට්ටනිය දිහාවට යනකොට, අපි පෙරහැරෙන් වෙන්වෙලා පොඩ්ඩක් නිස්කලංක තැනකට ගියා. මොකද අපි හම්බවුණේ අවුරුද්දකට විතර පස්සෙ. කතා කරන්න තියෙන දේවල් බොහොමයි. ඒ වෙනකොට අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු පටන් අරගෙන. ශබ්ද විකාශන යන්ත්‍ර හරහා අපිට ඇහෙනවා එක එක අය කතා පවත්වනවා. ඊට පස්සෙ අපිත් ගියා පිට්ටනිය පැත්තට.

මේ අස්සෙ සෑහෙන පිරිසක් එක එක විදිහේ අත්පත්‍රිකා, පෝස්ටර්, පින්තූර බෙදන්න ගත්තා. ඒ හැම එකකම තිබුණේ විමලරතන හාමුදුරුවන්ගේ පින්තූරයක්. එහෙමත් නැත්නම් විචාරයකින්, නිසදැසකින්, කවි පෙළකින් උන්වහන්සේට උපහාර පිදීමක්. "ආහ් මේ ටික දාගන්න. ඔය වගේ දෙයක් මතක තියාගන්න එක වටිනවා. ආයේ ඉතින් ඔහොම කෙනෙක් ඇතිවෙන්නේ නැහැ" දර්ශන අයියත් කොහෙන්දෝ මන්දා විමලරතන හාමුදුරුවන් ගැන තියෙන අත්පත්‍රිකා ගොඩක් එකතු කරගෙන ඇවිත් මට දුන්නා.
"එතකොට ඔයාට?" මම එයාගෙන් ඇහුවා. "මගේ ටික මගේ ගාව තියෙනවා. මේ ඔයාගෙ ටික. පිළිවෙලකට දාගන්න බෑග් එක ඇතුළට. නමන්න, පොඩි කරන්න එපා. එහෙම වුණොත් ඒක හෙන අපරාධයක්." කියලා කියපු දර්ශන අයියා, ඒ කොළ ටික ලස්සනට පිළිවෙලකට කිසිම කලබලයක් නැතුව රෝල් කරලා, මගේ බෑග් එක අස්සට එබුවා. "මේවා දකිනකොට කවදා හරි මතක් වෙයි, අපිත් නායක හාමුදුරුවන්ට උපහාර දක්වන්න ආවා නේද කියලා".... එහෙම කියපු දර්ශන අයියා ඊට පස්සෙ මට සමුදීලා, රත්නපුරේ යන්න පිටත් වුණා.

ඒ වෙලාවෙ කරවල බිම එලලා වේලගන්න පුලුවන් තරමේ සැරම සැර අව්වක් තිබුණෙ. මුළු ඇගම පිච්චෙනවා. දර්ශන අයියා ගියාට පස්සෙ, මම තනියම පිට්ටනියේ තියෙන චිතකය ළගට ඇවිදගෙන ඇවිදගෙන ගිහින්, එක කොනක හිටගත්තා.
පිට්ටනියෙ කෙළවරක තිරයක් හයි කරලා තිබුණා. ඒ තිරයේ පෙන්නන දර්ශන ටික බලාගෙන හිටියා. බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවන්ගේ කතාව, ගොම්බද්දල ධමිත හාමුදුරුවන්ගේ කතාව, විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිගේ කතාව, මැල්කම් රංජිත් කාදිනල් පියතුමාගෙ කතාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාව අහගෙන හිටියා, තිරය දිහා බලාගෙන. මේ අතරේ අහසෙ එක කොණක කට්ට කළු වැහි කළුවක් පේන්න තිබුණා.
චිතකය ලස්සනට හදලා තිබුණා. හුළං හමනකොට චිතකයේ කොන්වල තියෙන රැළි, මුහුදු රැල්ල වගේ එහාට මෙහාට යන හැටි මම බලාගෙන හිටියා. මේ වෙනකොට උන්වහන්සේගේ දේහය තැන්පත් කරලා තිබුණෙ වේදිකාවකයි. තාම මතක වස්ත්‍ර පූජා කරලා, ආගමික වතාවත් සිද්ධ කරලා නෑ. අහසෙ කොනක තිබ්බ කළු වලාව ටික ටික, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අහස ආක්‍රමණය කළා. ලොකු කුණාටුවක් එන්න වගේ සැර හුළගක් හමන්න ගත්තා. මේ නිසා හුග දෙනෙක් ගෙවල් දොරවල්, පන්සල් බලා යන්න පිටත් වුණා. මම අහස දිහා බලන් ඉන්නවා දැකපු හාමුදුරුවො කෙනෙකුත් "ලොකු වැස්සක් එන්නයි යන්නේ" කියාගෙන හිනාවෙලා යන්න ගියා. අහස එන්න එන්නම කළුවෙලා, උඩ බලාගෙන ඉන්නත් බය හිතෙන විදිහේ මහා භයානක තත්වෙකට පරිවර්තනය වුණා.
ඒ වෙලාවෙ හවස 5.00ට විතර ඇති. තව ඉතුරුවෙලා තියෙන්නෙ අගමැතිතුමාගෙ කතාවයි, ජනාධිපතිතුමාගෙ කතාවයි විතරයි. ඊට පස්සෙ මතක වස්ත්‍ර පූජාව කරලා, චිතකය දල්වයි. ඒත් කාළගුණය එනපොට හොද නෑ. පිට්ටනිය තිබ්බෙ ලොකු පල්ලමක. ඇතුල් වෙන්න තිබ්බේ පුංචි තැනකින්. මහා වැස්සක් එක පාරටම වැස්සොත්, සෙනග දහස් ගාණක් දුවන්න ගන්නවා. ඒ අර පුංච් තැනෙන්. ඒ වගේම ලොකු කන්දක් නගින්න තියෙනවා. ලක්ෂ ගාණක් වටින මගේ කැමරාව සහ ආම්පන්න ටික විනාස වෙනවා. අකුණු ගහන්න ගත්තොත්, එළිමහන් ස්ථානයක් නිසා තවත් භයානකයි. ඉතින් මම හරිම අකමැත්තෙන්, හිතට එකග නැතුව, චිතකය දල්වන්න ඔන්න මෙන්න තියෙද්දි ගෙදර යන්න හිතුවා. අන්තිම වතාවට මම උන්වහන්සේගේ චිතකය දිහා බලාගෙන, උන්වහන්සේට නමස්කාර කළා, අත්දෙකම නළල උඩ තියාගෙන.

මහා කළු වලාව යටින්, ලොකු සැර සුළගත් කාගෙන මම ගෙදරට පයින් ඇවිදන් ගියා. "විමලරතන හාමුදුරුවන් අද අපෙන් සමුගන්න නිසා, පරිසරයත් කම්පාවෙලා" ගෙදරට ඇවිදන් යන ගමන්, මම මටම කියා ගත්තා.
විශ්වවිද්‍යාලයෙන් පිටත්වෙලා භාගයක් දුර යනකොට මහා වැස්සක් කඩාගෙන පාත්වුණා. එසේ මෙසේ වැස්සක් නෙවේ. නා කපන වැස්සක්. මමත් ඉතින් හොදටම තෙමි තෙමී ගෙදර දිහාවට ඇවිදගෙන ආවා. පෘතුගීසීන්ගේ උඩරට ආක්‍රමණය වගේ විශ්වවිද්‍යාලය පිටිපස්සෙ තියෙන කන්දත් නැග්ගා. ඒ අස්සෙ පාරෙ කොටසක් ඒ ඩිංගට වතුරෙන් යටවෙලා. කොරේ පිට්ට මරේ වගේ, එක කකුලක් ලෙඩ වුණා. ඒ අස්සෙ තියන අඩියක් අඩියක් ගාණෙ සෙරෙප්පුව ලිස්සනවා තෙත නිසා. හුළග නිසා වතුර ඇගට එන්න ගත්තා. බෑග් එක ඇතුළටත් යන්න ගත්තා. එක අතකින් සෙරෙප්පු දෙක අරගෙන, අනිත් අතෙන් කුඩේ අරගෙන, වැලමිටෙන් බෑග් එක බඩට තද කරගෙන, මඩවලවල්, කාණු හරහා හෙමින් හෙමින් ගෙදර ආවා.
ගෙදරට ළං වෙනකන්ම මම හිත හිතා ආවෙ එකම එක දෙයයි. "මම මේ කට්ට කන්නෙ, එහෙමත් නැත්නම් මේ කැපවීම කරන්නෙ බෙල්ලන්විල හාමුදුරුවන් වෙනුවෙන්. උන්වහන්සේ අපේ රටට, ජාතියට, ආගමට, භාෂාවට කරලා තියෙන දේවල් එක්ක බැලුවම, මේක මොකක්ද? මේක තමයි මට, උන්වහන්සේට කරන්න පුලුවන් හොදම උපහාරය" කියන සිතුවිල්ලයි. "ෂික්. අන්තිම මොහොත වෙනකන් ඉන්න බැරි වුණා නෙහ්. හරිම අපරාධයක්." හොදටම හෙම්බත්වෙලා ගෙදර ඇවිත් ඉස්සරහා බංකුව උඩ ඉදගන්න ගමන් මම අම්මට කිව්වා. "කමක් නෑ. පුළුවන් තරමක් හිටියනෙ. ඔහොම හරි ගිහිල්ලා ආවනෙ. ඒකත් කොච්චර ලොකු දෙයක්ද?" කියලා අම්මා හරිම ආදරයෙන් මගේ ඔළුව අත ගෑවා.
ඔන්න ඔහොමයි එදා දවස ඉවර වුණේ. මම විශ්වවිද්‍යාලයෙන් පිටත්වෙලා විනාඩි 15කට විතර පස්සෙ දේහය චිතකය ඇතුළට දැම්මා කියලා දැනගන්න ලැබුණා. අදටත් මම දුක් වෙනවා, මට අන්තිම මොහොත වෙනකන් රැදිලා ඉන්න බැරිවුණු එකට. එදා රෑ ප්‍රවෘත්තිවලින්, චිතකය දල්වන දර්ශනය මම බැලුවා. විමලරතන හාමුදුරුවන් අපවත් වුණු දවසෙ ඉදලා, ආදාහනය කරන දවස වෙනකන්ම, අපේ රටේ හැම ප්‍රවෘත්ති නාලිකාවක්ම උන්වහන්සේගේ අපවත්වීම ගැන හැමදාම වාර්තා කළා. ඒ අතරින් මගේ නම් හිතට ඇල්ලුවේ දෙරණ නාලිකාවෙන් කරපු වාර්තා කිරීමයි.
උන්වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කරපු දවසෙ, දෙරණෙන් කරපු අන්තිම වාර්තාකරණය තමයි පහළින් තියෙන්නෙ. හරිම සංවේදී. ඒකට ඒ ලස්සන පසුබිම් සංගීතයත් බලපානවා. ඒවගේම අපේ අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවොත් ගොඩක් දුක්වෙන රූප රාමුවකුත් පෙන්නනවා. ආනන්ද හාමුදුරුවො කියන්නෙ ගහක් ගලක් වගේ හාමුදුරු නමක්. ඒත් ඒ වෙලාවෙ උන්වහන්සේ අඩන දර්ශනයක් පෙන්නනකොට, මගේ ඇස්වලටත් කදුළු ආවා. "සියල්ල නැසෙන සුළුයි" කියලා ගිහියන්ට බණ කිව්වට, උන්වහන්සේලත් රහත් වෙලා නෑ තාම. උන්වහන්සේටත් බෙල්ලන්විල හාමුදුරුවො එක්ක අවුරුදු 40කට ආසන්න බැදීමක් තිබුණා, කල්‍යාණ මිත්‍රයෙක් විදිහට.

උන්වහන්සේ අපවත් වුණේ හදිස්සියෙමයි. මේ හිටියා. මේ නෑ. අන්න ඒ නිසා තමයි අදටත් උන්වහන්සේගේ අපවත්වීම අපිට විශ්වාස කරන්න බැරි. අපේ හිත්වලට මෙච්චර අමාරු. අදටත් මේක හීනයක්. උන්වහන්සේ අපවත් වුණේ හෘදයාබාධයක් නිසාද, ලිස්සා ඇද වැටුණු නිසාද, ඇතා ගහපු නිසාද කියන එක නෙවේ වැදගත්. උන්වහන්සේ අතින් සිද්ධ වුණු වටිනා වැඩකටයුතු සහ උන්වහන්සේගේ සිතුම් පැතුම් ඉදිරියටත් පවත්වාගෙන යෑමයි. අනිත් අතට අපි හැමෝම එන්නෙ මොකක් හරි ආයුෂ ප්‍රමාණයක් අරගෙන. ඒ ආයුෂ ප්‍රමාණය ඉවර වුණාම යන්න වෙනවා.
විමලරතන හාමුදුරුවො අරගෙන ආවේ අවුරුදු 75ක විතර ආයුෂ ප්‍රමාණයක්. ඒ ආයුෂ ඉවර වුණාම උන්වහන්සේ යන්න ගියා. ආයුෂ ඉවරවෙලා යන්න වෙනකොට, මරණය කියන දේ එක එක විදිහට එන්න පුලුවන්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් පන්සලේදී මේ අනතුර නොවුණා නම්, විමලරතන හාමුදුරුවො තාමත් ජීවත්වෙයි නේද කියලා. එහෙම එකක් නෑ. උන්වහන්සේගේ ආයුෂ ප්‍රමාණය ඉවරවෙනකොට, උන්වහන්සේට මරණය ගෙන ආවේ හෘදයාබාධයකින් (මේ ලෝකෙට අරගෙන එන ආයුෂ ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. ඒකට ගොඩාක් පිං කුසල් කරන්න ඕන. ඒ වගේම භාවනා කරන්න ඕන. අවුරුදු 80ක ආයුෂ අරගෙන මේ ලෝකෙට ආපු බලංගොඩ හාමුදුරුවො, භාවනාව නිසා අවුරුදු 102ක් ආයු වැළදුවා).
විමලරතන හාමුදුරුවන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කළාට, උන්වහන්සේ ඇතුළු අපි කවුරුත් නිවන් දකින්නෙ නෑ ඊළග ආත්මයේදී. ඒකයි තිත්ත වුණත් ඇත්ත කතාව. මගේ ප්‍රාර්ථනය මේකයි.....
විමලරතන හාමුදුරුවන්ට සුගතිගාමී ආත්මයක් ලැබෙන්න කියලයි. මේ වෙනකොට පිං අවශ්‍ය කරන තැනක ඉන්නවා නම්, අපි විසින් කරපු පිං කුසල්වල බලයෙන් උන්වහන්සේට ඊළග ආත්මයෙත් මේ ලංකාවෙ, හොද තැනක, හොද සැප සම්පත් තියෙන, සිංහල බෞද්ධ පවුලක ඉපදෙන්න ලැබිලා, රට ජාතිය ආගම භාෂාව සහ ලෝකය වෙනුවෙන් තවත් වැඩකොටසක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනය ලැබෙන්න කියලයි. මේ ආත්මයේදී ලබාගත්ත ඒ මහා දැනුම් සම්භාරය, ඊළග ආත්මයෙත් පිහිටන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ආත්මයේදිවත්, නිර්වාණය කරා යන මේ ගමනේදී එක අඩියක් හරි ඉස්සරහට තියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණොත් අන්න එතකොට පුලුවන්වෙයි නිවන් දකින්න. හැබැයි ඒ ඊළග ආත්මයේ නෙවේ. සසර කෙළවර...!!!!!
උන්වහන්සේ අද අපි අතරෙ නැතත්, උන්වහන්සේ ජීවත්වෙලා ඉන්නකොට අපේ රට වෙනුවෙන් සහ බුදු සසුන වෙනුවෙන් කළ කී දේවල් සදා අනුස්මරණීයයි..!!!!!

ඒ වගේම උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගී වුණ අවස්ථාව නම්, මගේ පණ තියෙනකන් මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ...!!!!!
මේ ලිපියේ ඇතුළත් කරලා තියෙන අනිත් වීඩියෝ දර්ශනවල පූර්ණ හිමිකාරීත්වය, ඒවායේ මුල් අයිතිකරුවන් සතුයි. ඒ ඒ වීඩියෝවල මාතෘකා උඩ Click කළොත්, ඔයාලට පුලුවන් ඒවායෙ මුල් ගිණුම්වලට යන්න.

අමතර කරුණක් දෙකක්
01. විහාරාධිකාරී
බෙල්ලන්විල විමලරතන හාමුදුරුවො අපවත් වෙනකන්ම, සෑහෙන පිරිසක් හිතන් හිටියෙ උන්වහන්සේ තමයි බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති හාමුදුරුවො කියලා. ඒත් ඒක වැරදියි. උන්වහන්සේ තමයි බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී හිමියන්. විහාරාධිපති නෙවේ. විහාරාධිපති කියන්නේ විහාරස්ථානයේ ඉහළම තනතුරටයි. විහාරාධිකාරී කියන්නෙ විහාරස්ථානයේ දෙවනියට ඉහළම තනතුරටයි. විහාරාධිකාරී තනතුර දෙවෙනි වෙන්නෙ, විහාරාධිපති තනතුරට විතරයි. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති හාමුදුරුවන් තමයි, බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවන්. තවත් විදිහකින් කිව්වොත්, බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා නොහොත් අයියා. "විහාරාධිකාරී" තනතුර ගැන අපිට විස්තර කළේ, ආගිය කතා සහ ඊ-අටුවාව හරහා අපි අතරට එන හසිත ගුණසිංහ අයියා.
02. විමලරතනාභිධාන
බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අපවත්වීමත් එක්ක කරලියට ආපු වචනයක් තමයි "විමලරතනාභිධාන" කියන වචනය. මේ වචනය ගැන බෙල්ලන්විල රජමහා විහාරවාසී ඌරැපැලැව්වේ හේමාරාම හාමුදුරුවො අපිට කිව්වෙ මෙහෙමයි.....
" අභිධානය හෙවත් නම දරන්නාවූ
විමලරතනාභිධාන = විමලරතන නැමැති නම දරන්නාවූ "

03. අවාසනාවන්ත 2018
බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ (75) හදිසි අපවත්වීම සිද්ධ වුණේ පෙබරවාරි 03 වෙනිදා. දරණාගම කුසලධම්ම හාමුදුරුවන්ගේ (55) හදිසි අපවත්වීම සිද්ධ වෙන්නෙ මාර්තු 03 වෙනිදා. ඒ, විමලරතන හාමුදුරුවන් අපවත්වෙලා හරියටම මාසෙකට පස්සෙ. ඒ අතර කාල පරාසයේදී කටුකුරුන්දේ ඤාණානන්ද හාමුදුරුවන්ගේ (78) අපවත්වීම සිද්ධ වුණා (2018.02.22). අභිධර්මය සම්බන්ධව පොත්පත් විශාල ප්‍රමාණයක් රචනා කරපු විනයධර, ධර්මධර, භාවනායෝගී පැවිදි පඩිරුවනක් විදිහට උන්වහන්සේ ප්‍රසිද්ධයි. ධරණාගම කුසලධම්ම හාමුදුරුවන්ගේ අපවත්වීම සිද්ධවෙලා මාසයක් පිරෙන්න, දවස් තුනක් තියෙද්දි, අහංගම ආනන්ද නායක හාමුදුරුවන් (86) අපවත් වෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළත්, උන්වහන්සේ වැඩියෙන්ම ප්‍රසිද්ධවෙලා හිටියේ සත්ව අවිහිංසාවාදියෙක් විදිහටයි. අර ගව ඝාතනාගාරයකදි නිදහස් කරපු ගවයෙක්, දණ ගහගෙන ඉන්න ප්‍රසිද්ධ පින්තූරයේ ඉන්නෙ අහංගම ආනන්ද හාමුදුරුවො.
04. මහා සතිපට්ඨාන සූත්‍රය
බෙල්ලන්විල හාමුදුරුවන්ගේ දේහය විහාරස්ථානයේ තැන්පත් කරලා තියෙන දවස්වල, ශබ්ද විකාශන යන්ත්‍රවලින් විකාශය කරපු සතිපට්ඨාන සූත්‍රය තමයි මේ තියෙන්නෙ. අහන් ඉන්න තරමටම හිත සමාධිගත වෙනවා. වචන හරිම පැහැදිලියි. සජ්ජායනා කරලා තියෙන්නෙ කවුරුත් දන්න කියන, ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවො.
|
05. ශ්‍රී පේමානන්ද මාවත
විමලරතන හාමුදුරුවන්ගේ දේහය රැගත් පෙරහැරේ, ගමන්මග ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය කළේ මෙන්න මෙහෙමයි.....
"රත්තනපිටිය මංසන්ධියෙන් හැරී විශ්වවිද්‍යාල මාවත ඔස්සේ......"
හුග දෙනෙක් රත්තණපිටිය හන්දියේ ඉදලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනකන් තියෙන මාර්ගය, විශ්වවිද්‍යාල මාවත, එහෙමත් නැත්නම් කැම්පස් පාර කියලා හදුන්වන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ පාරෙ ඇත්ත නම තමයි "ශ්‍රී පේමානන්ද මාවත". ඒ ගැන හුග දෙනෙක් දන්නෙ නෑ. මේ පාර නම් කරලා තියෙන්නෙ බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දෙවන විහාරාධිපති ධූරය දරපු අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හිමියන්ගේ නමින්. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය සකලංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරලා, ගම්වාසීන් සහ විහාරස්ථානය අතර තිබුණු සම්බන්ධතාවය ශක්තිමත් කරන්න උන්වහන්සේ සමත් වුණා.

06. යතිවර සම්භාවනා
ලිපියට ඇතුළත් කරන්න විමලරතන හාමුදුරුවන්ගේ වීඩියෝ හොයන අතරෙ අහම්බෙන් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වෙනුවෙන් පවත්වපු උත්සවයක වීඩියෝ දර්ශන කිහිපයක් හම්බවුණා. මේකත් මේ ලිපියෙන්ම බෙදාගන්න හිතුනා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හාමුදුරුවෝ, දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ සහ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ මේ රූපරාමුවල ඉන්නවා.
|
|
07. අත්පත්‍රිකා සහ පෝස්ටර්
එදා දර්ශන අයියා දීපු අත්පත්‍රිකාවලින් "කිහිපයක්" තමයි මේ තියෙන්නෙ. ලස්සනයි කියලා හිතුණු පින්තූරය, කාමරේ පොත් රාක්කය ළග ඇලෙව්වා. ඒ පින්තූරය දකින හැමවෙලාවෙම විමලරතන හාමුදුරුවන් ගැනත්, එදා අපි සහභාගී වුණ ආදාහන උත්සවය ගැනත් මතකයට එනවා.
08. විමලරතන හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයට කලින් දවසෙ ලියපු සටහනක් !
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිටිපස්සෙ තියෙනවා පාරක්. ඒකට කියන්නේ ශ්‍රී පේමානන්ද මාවත කියලා. දැන් ගොඩක් අය ඒකට කියනවා විශ්වවිද්‍යාල මාවත, එහෙමත් නැත්නම් කැම්පස් පාර කියලා. මේ කියන පාර, මම පෙර පාසල් යන කාලෙයේ ඉදන්ම අබලන් වෙලා තිබ්බ පාරක්. වැඩිය නෑ. මීටර් 350ක්, 400ක් ඇති මේ අබලන් වුණු කොටසට. මම 1 වසරෙ ඉන්නකොට ඒ පාර, කෑලි කෑලි ගිහින් තිබ්බෙ. ශිෂ්‍යත්ව පන්තිවල ඉන්නකොටත් එහෙම්මම තමයි. සාමාන්‍ය පෙළ පන්තිවල ඉන්නකොටත්, ඒ විදිහටම කෑලි කෑලි ගිහින් තිබ්බා. උසස් පෙළ කරනකොටත්, NSBM එකේ ඉන්නකොටත්, රස්සාව කරනකොටත් කෑලි කෑලි ගිහින්, වාහනේකට තියා පයින් යන කෙනෙක්ටවත් පහසුවෙන් යාගන්න බැරි වෙන විදිහට ඉරි තලලා, අලි නාවන අලි වලවල් හෑරිලා, පාංශු ඛාදනයවෙලා, වල් වැදිලයි තිබ්බෙ. ඒත් ඊයේ හදිසියේම මේ පාර වහලා, Full Carpet කළා. දැන් ඒක හරියට දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ. උදේ 8.00ට විතර වහපු පාර හවස 4.00 විතර වෙනකොට විවෘත කළා. ආසන්න වශයෙන් පැය 6යි පිළිසකර කිරීමට ගතවෙලා තිබ්බෙ. ඇයි ඒ? ඒ, හෙට බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවන්ගේ දේහය රැගත් පෙරහැර ගමන් කරන්නෙ ඒ පාරෙන් නිසා. නිකන් නෙවේ. රාජ්‍ය ගෞරවයත් ඇතුව.... ඒත් බැරිවෙලාවත් නායක හාමුදුරුවන්, අපවත් වුණේ නැත්නම්....??????
09. මතක සටහන්
දර්ශන අයියට අමතරව එදා තවත් කිහිප දෙනෙක්ව මුණ ගැහුනා. එක්කෙනෙක් තමයි මිතුන් අල්විස්. එකම ඉස්කෝලෙ, එකම පන්තියෙ, එකම මේසේ, අවුරුදු 5ක් හිටියා....... ඊළගට දර්ශන අයියගෙ හොදම යාලුවා, සාලක අයියා. සෑහෙන කාලෙක ඉදලා දැන අදුරගන්න උවමනාවක් තිබුණා. අන්තිමේදි එදා තමයි අපි හම්බවුණේ. සාලක අයියත්, නිර්නාමිකව බ්ලොග් එකක් කරනවා. බෙල්ලන්විල රජමහා විහාරවාසී ඌරැපැලැව්වේ හේමාරාම හාමුදුරුවන්ව ඈත ඉදන් දැක ගත්තා පළවෙනි වතාවට සජීවීව. ඊට අමතරව අනුර මාමාවත් මුණ ගැහුනා. අනුර මාමා කියලා කිව්වේ, කිවිපති අනුර හෑගොඩ ශූරීන්ටයි.
10. ජාගේ හායින්
විමලරතන හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවයට එන්න කලින්, මම කම්මැලිකම යන්නත් එක්කලා අහ අහ හිටියේ ඒ.ආර්.රහුමාන් විසින් සංගීතවත් කරපු "ගුරූ" චිත්‍රපටයේ ගීතයක්. ඒ ගීතයේ වචන තේරුනේ නැති වුණාට, සංගීතයට මගේ හිත ඇදිලා ගියා. කියාගන්න බැරි ලස්සනක් තියෙන්නෙ. එදා බෙර ගහන අය අතරින් නායක හාමුදුරුවන්ගේ දේහය රැගත් රන්සිවිගෙය එනකොට, මට ඔය ගීතය මතක් වුණා. ටික වෙලාවක් බෙර ගහන අයගෙ බෙර වාදන ඇහෙන එක නැවතිලා, මෙන්න මේ ගීතය මගේ ඔළුවෙ වාදනය වුණා..... ඒ නිසා ඒකත් බෙදාගන්න හිතුනා. මේ, දර්ශන අයියාගෙ වීඩියෝවම තමයි. ඒකට ඒ පසුබිම් සංගීතය දාලා, ටිකක් සංස්කරණය කළා !
|