ගවේෂණ අංක 09
65. සද්ධර්මතිලක විහාරයේ විජයොත්පාය
ගම්පල සද්ධර්මතිලක විහාරය කිව්වට, ගොඩක් අය මේ විහාරය දන්නේ ගම්පල ගඩලාදෙණි විහාරය කියලා. මේ විහාරය නිර්මාණය වෙන්නෙ ගම්පල 4 වෙනි බුවනෙකබාහු රාජ්‍ය පාලන කාලයේදි. ඒ කියන්නේ 1266දි වගේ. විහාරය නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නේ "සේනාධිලංකාර" කියන අමාත්‍යවරයා. විහාර සැලැස්ම නිර්මාණය කරන්නේ "ගනේෂ්වරාචාර්ය" කියලා දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පියෙක්. විහාරයේ වැඩ වලට අනුශාසනා උපදෙස් දීලා තියෙන්නෙ "ධර්මකීර්ති" කියලා හාමුදුරු නමක්. සද්ධර්මතිලක විහාරය නොහොත් ගඩලාදෙණි විහාරය ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉපැරණි බුද්ධ මන්දිරය නිසා.
මේ බුද්ධ මන්දිරය දකුණු ඉන්දියාවේ විජයනගර් අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණවලට නෑකම් කියනවා. ඒක නිර්මාණය කරලා තියෙන්නෙ "ගෙඩිගේ" සම්ප්‍රදායට අනුවයි. ඒ කියන්නෙ ගොඩනැගිල්ලේ උඩ "ශිඛර" වගේ හදලා තියෙනවා. බුදු මැදුර එළියෙ වගේම ඇතුළෙත් එක එක ජාතියේ කැටයම්, චිත්‍ර, ප්‍රතිමා ගණනාවක් තියෙනවා. ඒත් මේ විහාරස්ථානයට පිවිසෙනකොට, ඉස්සරහින්ම දකින්න තියෙන විජයොත්පාය ගැන අවධානය යොමු කරන්නේ කීයෙන් කී දෙනාද? ඒ නිසාම ගවේෂණ අංක 09 ලිපියේ, පළවෙනි අප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානය විදිහට ගඩලාදෙණි විහාරයේ විජයොත්පාය ගැන ලියන්න තීරණය කළා.

මේ විදිහේ අපේ රටේ තියෙන එකම ගොඩනැගිල්ල තමයි මේ. ප්‍රධාන චෛත්‍යයේ හතර පැත්තෙන් බුදු ගෙවල් හතරක් තියෙනවා. බුදු ගෙවල්වල වහල උඩ තවත් උප චෛත්‍යය හතරක් නිර්මාණය කරලා තියෙනවා. ඒ උප චෛත්‍යය හතර මැද්දෙ තමයි ප්‍රධාන චෛත්‍යය තියෙන්නෙ. හැම බුද්ධ මන්දිරයක්ම, බුද්ධ ප්‍රතිමාවකින් සහ ඉපැරණි බිතු සිතුවම් ගණනාවකින් සමන්විත වෙනවා. බුද්ධ මන්දිරවල තියෙන බුද්ධ ප්‍රතිමා, සිව් ආකාරයකට නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්. ඒ හැම ප්‍රතිමාවක් පිටිපස්සෙම මකර තොරණක් නිර්මාණය කරලා තියෙනවා. මේ බුද්ධ මන්දිර ගම්පල, කෝට්ටේ, මහ නුවර කියන යුග ත්‍රිත්වයේම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
බිත්තිවල නිර්මාණය කරලා තියෙන සිතුවම්වලින් බහුතරයක් මේ වෙනකොටත් විනාශයට පත්වෙලා. ගොඩක්ම තියෙන්නේ මහ නුවර යුගයේ සිතුවම්. මේ සිතුවම්වලට වැඩි වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ කහ පාට. විජයොත්පායෙදී ජාතක කතා, බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්, බෝධිසත්ව රූප, සූවිසි විවරණය, මහරහතන් වහන්සේලා, විහාරයට අනුග්‍රහය දක්වපු පුද්ගලයන්ගේ රූප, මහ නුවර යුගයේ සිංහල සැරසිලි මෝස්තර ගණනාවක්ම අධ්‍යනය කිරීමේ හැකියාව තියෙනවා. විජයොත්පායේ බුද්ධ මන්දිරවල පිටත බිත්තිවල ඇත් රූප කැටයම් කරලා තියෙනවා. ඒ හැම ඇතෙක්ම අලංකාර වස්ත්‍රයකින් සරසලා තිබීම තවත් විශේෂත්වයක්.
66. පොල්හේන්ගොඩ සිරි ඇලන්මැතිනියාරාමය
පොල්හේන්ගොඩ සිරි ඇලන්මැතිනියාරාම විහාරය ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් වැඩ ඉන්න පන්සල නිසා. පහුගිය කාලයේ නම් විහාරයේ ඉන්න අලි නිසාත්, මේ විහාරය ප්රවෘත්ති මාධ්‍යන්වල ගොඩක්ම ජනප්‍රිය මාතෘකාවක් වුණා. ඒත් හුගක් අය මේ විහාරයේ ඉතිහාසය ගැන නම් දන්නේ නෑ. ඒ නිසාම ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ විහාරය, මෑත භාගයේ නිර්මාණය වුණු විහාරයක් කියලා. පොල්හේන්ගොඩ සිරි ඇලන්මැතිනියාරාමයේ ඉතිහාසය අවුරුදු 100කටත් වඩා වැඩියි කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? මේ විහාරය නිර්මාණය වෙන්නේ 1882 අවුරුද්දේ. ඒ කියන්නේ දැන් අවුරුදු 130කටත් වඩා පරණයි.
මේ විහාරය නිර්මාණය කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නේ "නෙලී චාර්ලට් හෙන්ට්රියෙට් ද ඔලිවෙරා" කියලා නෝනා කෙනෙක්. එයාව "ඇලැන් රෝස්" කියලත් හදුන්වලා තියෙනවා. ඒ නමින් තමයි මේ විහාරස්ථානයේ නම නිර්මාණය වෙලා තියෙන්නේ. විහාරස්ථානයේ තියෙන ඉපැරණි ඉදිකිරීම් අතරින් අවුරුදු 100කටත් වඩා ඈත ඉතිහාසයකට උරුමකම් කියන, ඉපැරණි බුද්ධ මන්දිරය නම් කරන්න පුලුවන්. මේ බුද්ධ මන්දිරයේ ගෘහ නිර්මාණ ආකෘතිය ගොඩක්ම පරණයි.

බුද්ධ මන්දිරය හරිම පොඩියි. ඇතුළේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ ඉන්න මධ්‍යම ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. බුද්ධ ප්‍රතිමාවේ පිටුපසින් නිර්මාණය කරලා තියෙන ආසනය හරිම තේජාන්විතයි. බුද්ධ ප්‍රතිමාව දෙපැත්තේ සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ සිතුවම් ද්විත්වයක් දකින්න පුලුවන්. උන්වහන්සේලා බුදුන් වහන්සේට නමස්කාර කරමින් ඉන්නේ බිම දණ නමාගෙන. වියන්තලය අලංකාර නෙළුම් මල් මෝස්තරයකිනුත්, විහාර මන්දිරයේ සියලුම බිත්ති, බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්වලිනුත් අලංකෘතවෙලා තියෙනවා. මේ චිත්‍ර ලංකාවේ බෞද්ධ පුනරුද සමයේ නිර්මාණය වුණු චිත්‍ර. ඒ යුගයේ නිර්මාණය වුණු බෞද්ධ සිතුවම්වල මූලික ලක්ෂණ මේ සිතුවම්වලත් දැක ගන්න පුලුවන්. ඒ වගේම මේ සිතුවම් එම්.සාර්ලිස් මහතාගේ සිතුවම් ශෛලියට ගොඩාක් සමානයි. බුදු මැදුරේ බිත්ති පේළි සහ තීරුවලට බෙදලා තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ.
67. බොරැල්ල ගෝතමී විහාරය
බොරැල්ලේ ගෝතමී විහාරය නිර්මාණය වෙන්නේ 1900 අවුරුද්දේ. ගෝතමී විහාරය කිව්වම මුලින්ම අපේ මතකයට එන්නේ ජෝර්ජ් කීට් මහත්තයාවයි. මොකද ගෝතමී විහාරයේ බුද්ධ මන්දිරයේ එතුමා විසින් සිත්තම් කරන ලද සිතුවම් අන්තර්ගතවෙලා තියෙන නිසා. ගෝතමී විහාරය 1900 අවුරුද්දේ නිර්මාණය වුණත්, ජෝර්ජ් කීට් මහතාගේ ආගමනය සිද්ධ වෙන්නේ 1939 අවුරුද්දේ. මේ විහාරයේ බුද්ධ මන්දිරය කොටස් දෙකකින් යුක්ත වෙනවා. ප්‍රධාන කොටස වටේ තමයි දෙවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. දෙවෙනි කොටසේ තමයි ජෝර්ජ් කීට් මහතාගේ සිතුවම් දකින්න තියෙන්නේ. 1939 අවුරුද්දේ බුද්ධ මන්දිරයේ දෙවෙනි කොටසේ බිත්තිවල සිතුවම් අදින ජෝර්ජ් කීට් මහත්තයා, අවුරුද්දක් ඇතුළත ව්‍යාපෘතිය නිම කරනවා.
මුලින්ම බුදු මැදුරේ දෙවෙනි කොටසේ බිත්තිවල සුදු පාට ගාලා, ඊට පස්සේ ඒ උඩින් දුඹුරු පාට රේඛාවලින් චිත්‍ර ඇන්දා කියලා තමයි කියවෙන්නේ. පස්සේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම මත ඒ සිතුවම් පාට කරනවා. මේ සිතුවම්වලට 100%ක්ම පාදක කරගෙන තියෙන්නේ බුද්ධ චරිතය. සිතුවම් අදින්න උපයෝගී කරගෙන තියෙන්නේ තද වර්ණ. සිතුවම්වල රූප ජීව ප්‍රමාණයට වඩා විශාලයි. ඒ සිතුවම් බෙදා වෙන් කරලා නෑ. කතාවක් ගලාගෙන යන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ජෝර්ජ් කීට් මහතාටම ආවේණික ශෛලියක් යටතේ නිර්මාණය වෙන මේ සිතුවම්වලට, සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තර එකතු කරන්නේ එල්.ටී.පී.මංජු ශ්‍රී මහත්තයා. මේ චිත්‍ර අදින්න ජෝර්ජ් කීට් මහත්තයා කිසිම මුදලක් අය කරගෙන නෑ කියලත් සදහන් වෙනවා.
බුද්ධ මන්දිරයේ පළවෙනි කොටස තමයි, ආරම්භයේ ඉදලා තියෙන පැරණිම බුදු මැදුර. මේ බුදු මැදුරේ විශාල බුද්ධ ප්‍රතිමාවකුත්, පස්වග මහණුන්ගේ ප්‍රතිමාත් දැක ගන්න පුලුවන්. බිත්ති කොටස් දෙකකට බෙදලා තියෙනවා. උඩ කොටසේ සත් සතිය සිත්තම් කරලා තියෙනවා. යට කොටසේ භික්ෂූන් වහන්සේලාගේ රූප සිත්තම් කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ රෝපණය කරලා තියෙන්නේ ජය ශ්‍රී මහා බෝධියෙන් හට ගත්ත ශාඛාවක්.
68. තිසා වැව
තිසා වැව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාටයි. තිසා වැව කියලා කියන්නේ අනුරාධපුරයේ තියෙන වැව්වලින් ඉදිරියෙන්ම තියෙන වැවක්. ඒ වගේම අපේ රටේ තියෙන පරණම වැවක්. ආර්යය වංශික රජවරුන්ගෙන් වැවක් නිර්මාණය කරපු දෙවැනි / තුන්වෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඉස්සර කාලයේ රජවරු අභිෂේක උත්සවය සිද්ධ කළේ තිසා වැව ළග, තිසා වැවේ වතුරෙන්. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතු වලටත් ගන්නෙ තිසා වැවේ වතුර විතරයි. ඒ සම්ප්රදාය නම් අදත් නොනවත්වාම කර ගෙන එනවා. ඒ වගේම ඉස්සර සම්ප්රදායක් විදිහට රුවන්වැලි මහා සෑයේ ආගමික කටයුතුවලටත් අරගත්තේ තිසා වැවෙන් එන වතුර විතරයි. ඒ විතරක් නෙවේ ඉසුරුමුණි විහාරයේ, රන්මසු උයනේ, අභයගිරි ආරාම සංකීර්ණයේ තියෙන පොකුණුවලටත් වතුර එන්නේ තිසා වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහා.
අද කාලේ වගේ නෙවේ ඒ කාලේ. අද කාලෙ නම් ඡන්දය දීලා ජනතා නියෝජිතයෙක් කියලා එක්කෙනෙක් පත් කර ගන්නෙ, බොහෝ දුරට තම තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න. ඒත් ඒ කාලයේ මිනිස්සු ඕනෑම පාලකයෙකුගෙන් බලාපොරොත්තු වුණේ කාරණා දෙකයි. ඒ තමයි ආගම සංවර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. රට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය. කෘෂිකර්මයෙන් සහල් නිෂ්පාදනය වෙනවා. සහල් කියන්නේ බත්. තුන් වේලටම අපි බත් කෑවා. මේ තමයි රටේ ආර්ථිකය. කෘෂිකර්මයට ජලය ඕන. ජලය නැතුව කරන්න බෑ. ජලය සැපයෙන්නෙ වැව් වලින්. වර්ෂාව නැති කාලයක් වුණත්, කුඹුරු කරන්න පුළුවන් වැව් ජලයෙන්. මේ තමයි අපේ රටේ ආර්ථිකය. ඒ තරමට වැව් වැදගත්. කාලිංග මාඝ අපේ රටට ආපු ගමන් කළේ වැව් ටික කඩාගෙන කඩාගෙන ගියපු එකයි. වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. මාඝ නිකන්ම රටේ බලය අල්ල ගත්තා. ඒකෙන්ම පේනවා වැවක තියෙන වටිනාකම.

ක්‍රිස්තු පූර්ව 300දි නිර්මාණය වුණු මේ වැවේ ජල ධාරා ප්‍රදේශය වර්ග සැතපුම් 2ක් වෙනවා. උපරිම ධාරිතාව අක්කර අඩි 3215යි. වගාබිම් ප්‍රදේශය අක්කර 910ක් වෙනවා. වැව් බැම්ම සැතපුම් 1කටත් වඩා දිගයි.
69. තිඹිරිගස්යාය අශෝකාරාමය
මේ විහාරය තියෙන්නේ තිඹිරිගස්යායේ. මේ විහාරයේ විශේෂත්වයන් දෙකක් තියෙනවා. පළවෙනි විශේෂත්වය තමයි, කොළඹ යුගයේ නිර්මාණය වුණත් මේ විහාරය අවුරුදු 100කට වඩා පරණයි. දෙවෙනි විශේෂත්වය තමයි මේ විහාරයේ තියෙන බුද්ධ මන්දිරයේ නිර්මාණවලට දායකත්වය ලබා දීලා තියෙන්නේ එම්.සාර්ලිස් මාස්ටර්. කොළඹ යුගයේ ඇති වුණු බෞද්ධ පුනරුදය වෙනුවෙන් සාර්ලිස් මාස්ටර් නිහඩ මෙහෙවරක යෙදුනා. ඒ කාලේ අපේ රටේ ගෙවල්වල එල්ලලා තිබුණේ බ්‍රිතාන්‍යයේ මහරැජිණගේ, ජෝර්ජ් රජ්ජුරුවන්ගේ පින්තූර. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නිසා එතුමා බෞද්ධ සිතුවම් ඇදලා, ජර්මනියට යවලා, ලිතෝ ක්‍රමයට මුද්‍රණය කරලා, රට පුරා බෙදා හැරියා. එතුමාගේ චිත්‍ර අදටත් පරණ ගෙවල්වල තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය චිත්‍රයක් විදිහට සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම හදුන්වන්න පුලුවන්. එතුමා විසින් නිර්මාණ දායකත්වය ලබා දීපු විහාරස්ථාන අතරින් ප්‍රධානතම විහාරස්ථානයක් විදිහට අශෝකාරාමය හදුන්වන්න පුලුවන්. එතුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වගේම, දක්ෂ ප්‍රතිමා ශිල්පියෙක්. අශෝකාරාමයේ තියෙන චිත්‍ර වගේම ප්‍රතිමාත්, එතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු ඒවා.
මේ විහාරයේ බුදු මැදුර කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. ප්‍රධානතම කොටසේ විශාල සමාධි බුද්ධ ප්‍රතිමාවකුත් ඒ ප්‍රතිමාව දෙපැත්තේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාත්, හිටි බුද්ධ ප්‍රතිමාවකුත් දකින්න පුලුවන්. මේ බුද්ධ ප්‍රතිමා ද්විත්වයේම චීවරය කහ පාටයි. සිරස්පත හරිම ලස්සනයි. දෙනෙත් විවරවෙලා. හරිම ප්රතාපවත්. මහා පුරුෂ ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. මේ කොටස හරහා ඊළග කොටසට පිවිසෙන්න පුලුවන්. ඊළග කොටස වෙන් කරලා තියෙන්නේ බුද්ධ පරිණිර්වානය පෙන්නුම් කරන ප්‍රතිමාවක් වෙනුවෙන්. තුන්වෙනි කොටසේ බුදුරජාණන් වහන්සේගේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අඹලා තියෙනවා. හතරවෙනි කොටසේ සංකස්සපුර ඉනිමං දර්ශනය අඹලා තියෙනවා.
ප්‍රතිමාත් හරිම තාත්විකයි. ඒ ඒ අංග ලක්ෂණ ඒ විදිහටම අඹලා තියෙනවා. සංකස්ස ඉනිමං දර්ශනයේ අඹලා තියෙන සංකස්සපුර ජනයාගේ සහ දෙව්වරුන්ගේ භාවයන් ගොඩක් ඉස්තරම්.
හැම දොරකම මකර තොරණක් දකින්න පුලුවන්. හිඩැස්වල රහතන් වහන්සේලාගේ සහ දෙව්වරුන්ගේ රූප. අනිත් හැම බිත්තියක්ම රාමුවලට බෙදලා, බුද්ධ චරිතය සිතුවමට නගලා තියෙනවා. ඒවා හරිම තාත්වික සහ වර්ණවත් සිතුවම්.
70. කොළඹ ඉසිපතනාරාමය
මේ විහාරස්ථානය තියෙන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයට එහා පැත්තෙ තියෙන ඉසිපතන මාවතේ. මේ පන්සල නිර්මාණය වෙන්නේ 1916 අවුරුද්දේ. ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වලා තියෙන්නේ ඩී.ඩී.පේදිරිස් මහත්තයා. ඩී.ඩී.පේදිරිස් මහත්තයාගේ පුතා තමයි හෙන්රි පේදිරිස් කියන්නේ. 1915 අවුරුද්දේ ගම්පොළදි පටන් ගත්තු සිංහල මුස්ලිම් කෝලහාලය රට පුරා ව්‍යාප්ත වුණා. ඒ කාලේ හමුදාවේ කැප්ටන් කෙනෙක් විදිහට හිටපු හෙන්රිට කොළඹට එන විරෝධතාකරුවන් පිරිසක්ව පාලනය කරන්න යන්න වුණා. එයා අශ්වයා පිටින්ම විරෝධතාකරුවන් ඉස්සරහට ගිහින් ප්රශ්නය ගැන සාකච්ඡා කරලා, එයාලව විසුරුවා හැරියා. ඒත් කට කතාව ගියේ හෙන්රි පේදිරිස් අශ්වයා පිටින්ම විරෝධතාකරුවන් ළගට ගිහින්, එයාලට එකතු වුණා කියලා. මේ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් හෙන්රිව අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සේ යුධාධිකරණයෙන් තීරණය කළා මෙයාට වෙඩි තියලා දාන්න. හෙන්රි පේදිරිස් පැවතගෙන එන්නේ ප්‍රභූ පැලැන්තියකින්. ලොකූ ධනස්කන්ධයක් මෙයාලට තිබුණා. මේ අතරේ ඩී.ඩී.පේදිරිස් මහත්තයා, එයාගේ පුත්‍රයාව බේරගන්න සල්ලි එකතු කරමින් හිටියා. රට පුරාම මිනිස්සු තීන්දුවට විරුද්ධ වෙන්න අරගත්ත නිසා, බ්‍රිතාන්‍යය ආණ්ඩුවෙන් තීරණය කරනවා හැකි ඉක්මනින්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. ඉතින් ඩී.ඩී.පේදිරිස් මහත්තයාට තමන්ගේ පුතාව බේරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒ එකතු කරපු සල්ලිවලින් තමයි, පුත්‍රයාට පිං පිණිස මේ විහාරස්ථානය නිර්මාණය කරන්නේ.
මේ විහාරස්ථානයෙත් තියෙනවා සුවිශාල අලංකාරවත් බුදු මැදුරක්. මේ බුදු මැදුරටත් නිර්මාණ දායකත්වය සපයලා තියෙන්නේ එම්.සාර්ලිස් මාස්ටර්. බුදු මැදුරට පිවිසෙනකොටම මකර තොරණක් යට තැන්පත් කරලා තියෙන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් දැක ගන්න පුලුවන්. මකර තොරණෙන් ඇතුළු වුණාම බුදු මැදුරේ ප්‍රධාන කොටසට පිවිසෙන්න පුලුවන්. ප්‍රධාන කොටසේ සැරියුත් මුගලන් හිමිවරුන් මධ්‍යයේ වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමාවකුත්, සැතපෙන බුද්ධ ප්‍රතිමාවකුත්, විශාල හිටි බුද්ධ ප්‍රතිමාවකුත්, ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවකුත් දැක ගන්න පුලුවන්.
බුදු මැදුරේ ප්‍රධාන කොටස වටේ තමයි දෙවෙනි කොටස තියෙන්නේ. දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ මකර තොරණ ළගින්. දෙවෙනි කොටසේ සූවිසි විවරණය, සත් සතිය සහ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ප්රතිමාවලට අඹලා තියෙනවා. සත් සතියේ යටතේ එන රුවන් සක්මන අඹලා තියෙන ආකාරය විශේෂයි. රුවන් සක්මනේදි වුණේ බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගිලා සක්මන් කිරීමක්. ගොඩක් පන්සල්වල රුවන්සක්මන පෙන්නුම් කරන්නේ මුහුණට මුහුණ බලාගෙන ඉන්න බුද්ධ ප්‍රතිමා දෙකකින්. ගොඩක් අය වැරදියට හිතනවා බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට තවත් බුද්ධ ශරීරයක් මවා ගත්තා කියලා. ඒත් ඒක වැරදි වටහා ගැනීමක්. ඒකෙන් අර්ථවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක දිශාවක සිට අනිත් දිශාවටත්, අනිත් දිශාවේ සිට ආපසු ආරම්භක දිශාවටත් සක්මන් කරන ආකරයයි. ඒත් ඉසිපතනාරාමයේ මේ මතය දුරුකරන්නද කොහෙද, මුහුණට මුහුණ බලාගෙන ඉන්න ප්‍රතිමා දෙක අතරමැද්දෙන් තවත් ප්‍රතිමාවක් අඹලා තියෙනවා. ප්‍රධාන ප්‍රතිමාවෙන් උන්වහන්සේ සක්මන් කිරීමත්, අනිත් ප්‍රතිමා ද්විත්වයෙන් සක්මන් කරන දිශාවන් පෙන්වීමකුත් එතනදි වෙලා තියෙනවා.
ඒ වගේම පස්වග මහණුන් අතරින් ජේෂ්ඨතම කෙනා වුණේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රතිමාව අඹනකොට උන්වහන්සේගේ කේශ ප්‍රමාණය අවම කරලා තියෙනවා දකින්නත් පුලුවන්.
ඒ වගේම පස්වග මහණුන් අතරින් ජේෂ්ඨතම කෙනා වුණේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රතිමාව අඹනකොට උන්වහන්සේගේ කේශ ප්‍රමාණය අවම කරලා තියෙනවා දකින්නත් පුලුවන්.
චිත්‍ර ගැන කතා කරනවා නම්, අස්සක් මුල්ලක් නෑරම චිත්‍ර ඇදලා. හිඩැස් ඔක්කොම සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තරවලින් පුරවලා. වියන් තලය වෙන් කරලා තියෙන්නේ දිව්‍යලෝක හයටත්, සොළොස්මස්ථානවලට සහ නෙළුම් මල් මෝස්තරවලට. බිත්තිවල උඩ තීරුවේ (5%) සූවිසි විවරණය ඇදලා තියෙනවා. ඉතිරි කොටස්(95%) රාමුවලට බෙදලා ඒවායේ ජාතක කතා සහ බුද්ධ චරිතය ඇදලා තියෙනවා. මේ මන්දිරයේ තියෙන සිතුවම් ප්‍රමාණය ගණන් කරලා ඉවර කරගන්න බෑ. ඒ තරමටම අප්‍රමාණයි. මේවා අතරේ ගොඩාක් ජනප්‍රිය චිත්‍ර එහෙමත් තියෙනවා. මෙතන තියෙන සමහරක් චිත්‍ර ප්‍රාථමික අංශයේ බුද්ධාගම විෂයේ පෙළපොත්වල හිටං මුද්‍රණය කරලා තියෙනවා. මේ බුද්ධ මන්දිරයේ එක බිත්තියක් පේදිරිස් පරපුර වෙනුවෙන් වෙන් කරලා තිබීම තවත් විශේෂත්වයක්. ඒ බිත්තියේ හෙන්රි පේදිරිස් සහ ඔහුගේ දෙමාපියන්ව කළු සුදු චිත්‍රයට නගලා තියෙනවා.
71. කලා වැව
මිත්සෙන් රජතුමාගේ කාලයේ තමයි අපේ රටට "ෂඩ් ද්‍රවිඩ" ආක්‍රමණය එල්ල වෙන්නෙ. ඒ කියන්නෙ පාණ්ඩු, පාරින්ද, කුද්ද පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය කියලා ද්‍රවිඩ කුමාරවරු හය දෙනෙක්, ලොකු හමුදාවක් එක්ක අපේ රට ආක්‍රමණය කරනවා. මේ කාලයේ අපේ රටේ තිබ්බෙ සම්පූර්ණයෙන්ම ඒකාධිකාරී ද්‍රවිඩ පාලනයක්. ප්‍රභූ පවුල්, හාමුදුරුවරු, මිනිස්සු දහස් ගණනක් ඝාතනය වෙනවා. කුමාරවරු ඝාතනය වෙනවා. මේ කාලයේ තමයි ධාතුසේන චරිතය කරලියට එන්නෙ. වසභ රජ්ජුරුවන්ගෙන් ආරම්භ වෙච්ච ලම්බකර්ණ වංශය මිත්සෙන් රජ දවස වෙනකන්ම තිබුණා. ධාතුසේන කුමාරයටත් සිංහාසනයට උරුමයක් තිබුණා. ධාතුසේන කුමාරයා මෞර්ය වංශිකයෙක්. ඒ කියන්නෙ යසලාලකතිස්ස රජතුමාගේ වංශයේ.
ධාතුසේන කුමාරයගෙ මාමා කෙනෙක් හිටියා, මහණ වෙලා. මේ හාමුදුරුවන්ගෙ නම "මහානාම". මේ මහා වංශය ලියපු හාමුදුරුවො කියලා තමයි අපේ ඉතිහාසඥයන් පිළිගන්නෙ. ඉතින් ධාතුසේන කුමාරයට සිංහාසනයට උරුමයක් තියෙන නිසා, ඒක කුමාරයගේ ජීවිතයට ලොකු තර්ජනයක් වෙන්න පුලුවන්. ඒක නිසා කුමාරයා පුංචි කාලයේම, මහානාම හාමුදුරුවො කුමාරයව මහණ කරවනවා. කුමාරයත් සාමණේර හාමුදුරු නමක් විදිහට ජීවිතය ගත කරනවා. මේ අතරේ බණ දහම් වගේම, රාජ්‍ය පාලන මූලධර්ම ගැනත් ඉගෙන ගන්නවා. ඔය කාලයේ ද්‍රවිඩයන්ට ආරංචි වෙනවා සිංහාසනයට උරුමකම් කියන කුමාරයෙක්, සාමණේර හිමි නමක් විදිහට ඉන්නවා කියලා. මේ නිසා මහානාම හාමුදුරුවන්ට සිද්ධ වෙනවා කුමාරයත් අරගෙන විටින් විට පළාතෙන් පළාතට පැනලා යන්නත්. පාලකයා හිටියොත් රට ආරක්ෂා වෙනවා. රට රැකෙනවා. පාලකයා කොහේ හිටියත් පාලකයම තමයි. පාලකයා ජීවතුන් අතර හිටියොත්, එයාට පුළුවන් අනාගතයේ කවදා හරි දවසක නැගී සිටින්න. පාලකයා නැති වුණොත් මුළු රටම නැති වෙනවා. ඉතින් මහානාම හාමුදුරුවො මේ කුමාරයව තරුණ කාලය වෙනකන් රැක බලා ගන්නවා. කුමාරයට ආරක්ෂාව දෙනවා. තරුණ වයසට ආවයින් පස්සෙ කුමාරයව උපැවිදි කරලා, ලොකු හමුදාවක් හදනවා.
ඊට පස්සෙ සැලසුම් සකස් කරලා, කල් යල් බලලා අරගලය දියත් කරනවා. සැලැස්මට අනුව හොර රහසෙම කුමාරයා සේනාවත් එක්ක ඇවිත්, රාත්‍රී කාලයේ අනුරාධපුරයට ඇතුල් වෙනවා. ඒත් ඒ වැඩේ නම් ලේසි වෙන්නෙ නෑ. මොකද එදා මහ හයියෙන් වැහැලා, අනුරාධපුරේ කලා ඔය පිටාර ගලනවා. ජල මට්ටමත් හොදටම වැඩියි. කලා ඔය තරණය කරලා අනුරාධපුරේට ඇතුල් වෙන්න සිංහල හමුදාවට ලොකු දුෂ්කර ක්‍රියාවක් කරන්න වුණා. මේකට සෑහෙන කාලයකුත් ගියා. කොහොමින් කොහොම හරි සිංහල හමුදාව කලා ඔය තරණය කරලා, අනුරාධපුරයට ඇතුල් වුණා. මේ වෙලාවෙදි ධාතුසේන කුමාරයා, කලා ඔය දිහාවට හැරිලා, කලා වැවට පොඩි සද්ධයකුත් දානවා. "උඹ මට අද බාධාවක් වුණා වගේම, කවදා හරි දවසක මම උඹටත් බාධාවක් වෙනවා". ඊට පස්සෙ කුමාරයා හමුදාවත් එක්ක ගිහින්, දෙමළ හමුදාවල් එක්ක සටන් කරනවා. ද්‍රවිඩ නායකයො එකින් එක ඝාතනය වෙන්න ගන්නවා. මෙහෙම ගිහිල්ලා අන්තිම ද්‍රවිඩ නායකයයි, දෙමළ හමුදාවයි ඝාතනය වෙනවා. ධාතුසේන කුමාරයා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා. අපේ රට එක්සේසත් කරනවා.

ඊට පස්සේ රජතුමා මුලින්ම හැරෙන්නේ කලා ඔය දිහාවට. අනුරාධපුරය අල්ල ගන්න යනකොට කලා ඔයට සද්ධෙ දැම්මා වගේම, ඒක කරලත් පෙන්නනවා. අක්කර 4425ක කලා ඔය හරස් කරලා, වැවක් හදනවා. ඒ තමයි "කලා වැව". ඊට පස්සෙ කලා වැවේ හතර පැත්තෙන් සොරොව් 4ක් නිර්මාණය කරනවා. ඒ කාලේ කලා වැවෙන් ගන්න වතුරෙන් කුඹුරු අක්කර 7000ක් විතර අස්වද්දලා තියෙනවා. අද කාලෙ වගේ නෙවේ. ඒ කාලෙ කන්න තුනකට වගා කළා කියනවනෙ. අපේ රට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යටත් වෙලා තියෙන කාලෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව රුපියල් 400 000ක් වියදම් කරලා කලා වැව ප්‍රතිසංස්කරණය කරන්නෙ, ඒ තරමටම කලා වැව වැදගත් වෙන නිසා. පිටවාන අඩි 216 පළලයි. අඩි 170ක් දිගයි. වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වෙනවා. පළල අඩි 200ක් වෙනකොට දිගින් සැතපුම් 3ක් විතර වෙනවා. මේ වැවේ වතුර යන්නේ අනුරාධපුරයේ තිසා වැවට.
ධාතුසේන රජතුමාගේ මරණය නම් ස්වභාවික මරණයක් නෙවේ. ධාතුසේන රජතුමාගේ බිසවට පුත්‍රයෙක් හිටියා "මුගලන්" කියලා. ධාතුසේනගෙන් පස්සෙ රජකම හිමි වෙන්නෙ මුගලන් කුමාරයට. ධාතුසේන රජතුමාගෙ තවත් බිසවකගෙ පුත්‍රයෙක් හිටියා "කාශ්‍යප" කියලා. කාශ්‍යප මුගලන්ට වඩා වැඩිමල්. ධාතුසේන රජතුමා මුගලන් කුමාරයට රජකම දෙන්න කලින්, කාශ්‍යප කුමාරයා රජතුමාව හිර කරලා බලෙන් රජකම ගන්නවා. ජීවිත අවදානම නිසා මුගලන් කුමාරයා, කාශ්‍යපගෙන් බේරෙන්න ඉන්දියාවට පැනලා යනවා. ඒත් එක්කම කාශ්‍යප කුමාරයාගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් හොල්මන් කරන්න ගන්නවා. "අපේ තාත්තා දැන් අවුරුදු ගාණක් මේ රටේ රජ්ජුරුවෝ. අපේ රටේ මිනිස්සුත් බොහොම කැමැත්තෙන් හිටියෙ. මිනිස්සු මේ විශාල කාලය ඇතුළත වටිනා වස්තුව එහෙමත් ගෙනත් දෙන්න ඇති. මේ වස්තුව ඔක්කොම ටික මගේ කර ගන්න ඕන". එහෙම හිතපු කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාගෙන් වස්තුව ඉල්ලනවා. එතකොට ධාතුසේන රජතුමා මෙහෙම කියනවා. "ඔව්. මගේ ගාව වස්තුව තියෙනවා. ඒ වගේම වස්තුව එකතු කරලා ලොකු නිධානයකුත් තියෙනවා. මාව කලා වැව ළගට එක්කන් ගියොත් මම ඒ නිධානය පෙන්නන්නම්". ඉතින් මේක විශ්වාස කරන කාශ්‍යප කුමාරයත් නිධානය ගන්න, ධාතුසේන රජතුමාව, ධාතුසේන රජතුමාම නිර්මාණය කරපු කලා වැව ළගට එක්කගෙන යනවා. කාශ්‍යප කුමාරයාට මේ නිධානය, වස්තුව ගන්නකන් ඉවසිල්ලක් නැතුව යනවා. "ඕයි. කෝ දැන් ඔය කියන නිධානය..???". එතකොට කලා වැව පෙන්නලා ධාතුසේන රජතුමා කියනවා "මේ තමයි නිධානෙ" කියලා. මේක අහපු කාශ්‍යප රජතුමාට යක්ෂයා ආවේශ වෙනවා. "මේකටද යකෝ උඹ අපිව මෙච්චර දුරක් එක්ක ආවෙ..???? " කියාගෙන කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාව කලා වැවේ බැම්මට හේත්තු කරවලා, හිතවත් අයත් එක්ක මැටි වලින් ගහලා රජතුමාව ඝාතනය කරනවා.
ඉතින් ධාතුසේන රජතුමාගේ ඒ ප්‍රකාශය ගැන වංශ කතාකරුවො ගොඩක් ඉහළින් වර්ණනා කරලා තියෙනවා. මොකද වැව තමයි ඒ කාලයේ අපේ රටේ ආර්ථිකය. වැව නෑ කියන්නෙ, කුඹුරු කරන්න බෑ. කුඹුරු කරන්න බෑ කියන්නෙ බත් කන්න බෑ. බත් කන්න බෑ කියන්නෙ මිනිස්සු බඩගින්නෙ. ඒක නිසා ධාතුසේන රජතුමා කලා වැව, නිධානයකට උපමා කළා කියලා අද කාලයේ අයත් විශ්වාස කරනවා.

හැබැයි ඉතින් ජනප්රවාදයේ තියෙන විදිහට නම් ධාතුසේන රජතුමාට ඇත්තටම නිධානයක් තිබිලා තියෙනවා. ඒක හංගලා තිබිලා තියෙන්නෙ කලා වැවේ පතුලේ. අද නැති වුණාට ඉස්සර ඔය අවුකන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රාවලට මැණික් ගල් අල්ලලා තිබුණලු. ඒත් එහෙම ගල් අල්ලපු බවක් නම් අද පරික්ෂා කරලා බැලුවට පේන්න නෑ. ඒත් ජනප්රවාදයේ තියෙන විදිහට අවුකන බුදු පිළිමයේ නේත්‍රාවලට (මැණික් ගල් උඩට) පතිත වෙන හිරු කිරණ, පරාවර්තනය වෙලා කලා වැව මැද්දෙ එක තැනකට දර්ශනය වෙලා තියෙනවා. අන්න ඒ දර්ශනය වෙච්ච තැන යට, පතුලෙ ඒ නිධානය හංගලා තිබුණලු.
අදත් කැළෑවල නිධාන හොයා ගන්න පුලුවන් වෙන්න ඒ වගේ සළකුණු තියෙනවා. අපේ අය කරන්නෙ එතන නිධානයක් කියලා, සළකුණ තියෙන තැන කඩලා, එතන හාරනවා. නිධානය තියෙන තැන අදුර ගන්න සළකුණ එපැයි. සළකුණ නැතුව යනවා කියන්නෙ ඉතින් නිධානය සැගවිලා යනවා කියන එකයි. සමහරක් අය උපකල්පනය කරනවා ධාතුසේන රජතුමා, කාශ්‍යප කුමාරයට නිධානය ගැන කිව්වෙ නැත්තෙ, කිව්වත් නැතත් රජතුමාව මරලා දාන නිසා වෙන්න ඇති කියලා. තවත් අය හිතනවා රජතුමා කලා වැව දිහාවට අත දික් කරලා පෙන්නුවේ, කලා වැව ඇතුළෙ තියෙන නිධානයටයි. ඒත් කාශ්‍යප කුමාරයා ඒක වැරදියට වටහා ගත්තාය කියලා. හැබැයි මේක ජනප්‍රවාදයක් විතරයි. ඒත් මේ ජනප්‍රවාදය බැරි වෙලාවත් ඇත්තක් නම්, ධාතුසේන රජතුමාගේ නිධානය අදටත් කලා වැවේ පතුලෙ, කොහේ හරි තැනක සැගවිලා ඇති...!!!!!!!!

72. බළලු වැව
කලා වැව හැදුවායින් පස්සේ ධාතුසේන රජතුමා අතගහන ඊළග දැවැන්ත ව්‍යාපෘතිය තමයි බළලු වැව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය. කලා වැව එහා පැත්තෙන් බළලු වැව හදලා, මේ වැව් දෙක එකට සම්බන්ධ කරනවා. මේ නිසා අපේ රටේ එකිනෙකට සම්බන්ධ වුණු වැව් යුග්මයක් විදිහට "කලා බළලු වැව් යුග්මය" හදුන්වන්න පුලුවන්. කලා වැවෙන් පිටාර ගලන වතුර යන්නේ, බළලු වැවට. තද වර්ෂාවක් පතිත වෙන කාලෙට නම්, මේ වැව් දෙක පේන්නේ එකම වැවක් විදිහටයි.