මුහුදු වෙරළක උදෑසනක්
රටක් කියලා නමක් දුන්නට, ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නෙ දූපතක්. මොකද ලංකාව හතර දිශාවෙන්ම වට වෙලා තියෙන්නෙ මහ මුහුදෙන්. අපේ රටේ තරම් සුන්දර වෙරළ තීරයක්, තවත් කොහේ හරි රටක ඇති කියලා හිතන්න අමාරුයි. ඒකට හේතුව තමයි අපේ රටට තියෙන්නෙ කඩතොළු සහිත වෙරළක්. ඒ නිසා පිටස්තර ලෝකයේ ඕනෑම කෙනෙක්ට අපේ රටට පහසුවෙන් ඇතුල් වෙන්න පුලුවන්. ඒ වගේම අපේ රටේ ඕනෑම කෙනෙක්ට, පහසුවෙන්ම පිටස්තර ලෝකය දිහාවට යන්නත් පුලුවන්.
අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න තරම් අපේ රටේ වෙරළ තීරය අති ප්‍රබල සාධකයක් වෙනවා. එළාර, සත් ද්‍රවිඩ, ෂඩ් ද්‍රවිඩ, පරන්තක, කරිකාල, රාජ රාජ, රාජේන්ද්‍ර, කාලිංග මාඝ...... මේ ආක්‍රමණ හැම එකක්ම සිද්ධ වුණේ අපේ රටේ වෙරළේ පිහිටීම නිසා. අද වුණත් රජරටට ගියාම, මේ ආක්‍රමණ නිසා අපේ රටේ ඉතිහාසයට වෙච්ච බලපෑම සියැසින්ම දැක බලා ගන්න පුලුවන්. පොළොන්නරු යුගයේ අග භාගයේ කාලිංග දේශයේ ඉදන්, මාඝ ඇතුළු 24 000ක දකුණු ඉන්දීය ද්‍රවිඩ හමුදාවක්, මහා තිත්ථයට ගොඩ

බහින්නෙ මධ්‍යම රාත්‍රියත් පහු කරලා. පහු වෙනිදා අපේ රටේ මිනිස්සු උදේ පාන්දර නැගිටින කොට, මාඝ රජරට අල්ල ගෙනත් ඉවරයි. "එය යකුන් නැටූ යුධ පිටියක් සේ විය" කියලා තමයි ඒ සිදු වීම, අපේ පරණ සාහිත්‍ය මූලාශ්‍ර වාර්තා කරන්නෙ.
2013 ජනවාරි මාසයේ මැද වගේ දවසක මටත් මුහුදු වෙරළෙ කරක් ගහන්න යන්න පොඩි Chance එකක් හම්බුණා. ඒ අපේ සෙනල් මල්ලි රට යන නිසා, ඒ වෙනුවෙන් පවත්වපු සුහද හමුවක් නිමිති කරගෙන. එවකට පැවති දහසකුත් එකක් |
ලෙඩ රෝග මධ්‍යයේ, බැරි මරගාතෙ මටත් මේකට සහභාගී වෙන්න වුණා. මොකද අපේ ගෙදර නියෝජනය කරමින් මට විතරයි යන්න වුණේ. විනෝද වෙන්න, Fun ගන්න යන, ගමන් බිමන් වලට නම් මගේ ඒ හැටි කැමැත්තක් නෑ. ඒත් මුහුදු වෙරළෙ අසිරිය බලන්න ආසාවක් ඇති වුණු නිසා මේ ගමනට එකතු වෙන්න හිතුවා. ඒ නිසාම මේ දවස වෙනුවෙන්ම, අලුත්ම අලුත් කැමරාවකුත් ගත්තා. එදා අපි ගියේ වාද්දුවෙ Villa Ocean හෝටලය ඉස්සරහා තියෙන මුහුදු වෙරළට. අපි යන කොටත් හොදටම දවල් වෙලා. මම ගොඩක්ම කැමති හුදකලා වෙලා ඉන්න. මොකද ලෝකයේ තියෙන හොදම කලාවලු හුද කලාව කියලා කියන්නෙ. ඒ නිසා අනිත් අය අනුකරණය කරගෙන, අනිත් අය ගොඩේම ඉන්නෙ නැතුව, මම ටිකක් පැත්තකට වෙලා, වෙන් වෙලා ඉන්න අවස්ථා අනන්තයි. අප්‍රමාණයි. තමන්ගෙ පාඩුවේ, නිදහසේ, නිවී සැනසිල්ලෙ ඉන්නවා තරම්, මම තවත් ආස කරන දෙයක් වෙන නෑ.
අනිත් කට්ටිය දවසපුරා මුහුදේ නාන අතරේ, සුපුරුදු පරිදිම එදත් මම අනිත් අයගෙන් වෙන් වෙලා, වෙරළ දිගේ ඈතට ඇවිදින්න ගත්තා. සෑහෙන දුරක් හෙමිහිට හෙමිහිට ඇවිදගෙන යන කොට මනසටයි, හිතටයි කියා ගන්න බැරි තරමේ ලොකු සැහැල්ලුවක් දැනුනා. රැල්ල නැගෙන සද්ධය දිහා අහගෙන ඉන්න කොට, රැල්ල නැගෙන රටාව දිහා බලාගෙන ඉන්න කොට කාටවත් එහෙම වුණේ නැත්නම් තමයි පුදුමෙ. හැම මොහොතකම ,එකම රටාවකට නැගෙන මුහුදු රළ දිහා ඇසි පිය නොහෙලා බලා ඉන්න පුළුවන්. ඒක හරියට භාවනාවක් වගේ. මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන යන කොට, හිතට එක එක විදිහේ සිතුවිලි එන්න ගත්තා. ඇවිදගෙන යන කොට ආපු ඒ වගේ සිතුවිලි එකතු කළොත්, පිටු 1000ක පොතක් වුණත් ලියන්න පුලුවන්.
පොඩි කාලේ "මුහුදු වෙරළ" ගැන ඕනෑ තරම් රචනා ලියලා ඇති. ඕනෑ තරම් චිත්‍ර ඇදලා ඇති. ඕනෑ තරම් කවි ලියලා ඇති. ඒත් පොත පතට කොටු කරලා, මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි අසිරියක් මුහුදු වෙරළට ගියාම දකින්න පුලුවන්. ඒ වගේමයි මුහුදු රළ පහරෙයි, සුළගෙයි හඩ මිශ්‍ර වෙලා ඇහෙන අමුතු ශබ්දය... ඒ වගේම ඇගට වැදෙන නැවුම් සීතල සුළග නිසා අමුතුම ප්රබෝධයක්, සැනසිල්ලක් සහ සුවයක් දැනෙනවා.
එදා ඉර අව්ව වැටිලා මුලු වෙරළ තීරයම තඹ පාටට හුරු රත්තරං පාටින් දිලිසෙනවා. බලන්න හරිම ලස්සනයි. ශ්‍රී සම්බුද්ධ පරිණිර්වානය දවසෙ අපේ රටට ගොඩ බැහැපු විජය කුමාරයා, අපේ රටට "තම්බපණ්ණිය" කියලා නමක් දෙනවා. ඒ විජය කුමාරයා ගොඩ බැහැපු තැන තිබ්බ තඹ පැහැයට හුරු පොළොව දැකලා. ඉතින් මටත් එදා විජයාවතරණය මතක් වුණා. විජය කුමාරයා අපේ රට "තම්බපණ්ණිය" කියලා නම් කළේ හොද තර්කයක් ඇතුව කියලා එදා මට තේරුම් ගියා.

එදා මුහුදු වෙරළට ඇවිත් හිටපු අයගෙන් 95%ක්ම හිටියෙ තම තමන්ගෙ පවුල් එක්ක ආපු විදේශීය සංචාරකයො. ඒක දැකලා මට ලොකු සන්තෝසයක් ඇති වුණා. අවුරුදු 30ක ශාපලත් කුරිරු යුද්ධය ඉවර වෙනවත් එක්කම අපේ රටට හොද කාලයක් උදා වුණා. විශේෂයෙන්ම අපේ සංචාරක ව්‍යාපාරයට. ලංකාව කියලා කියන්නෙ ලෝකයේ පැරණිම ඉතිහාසයක් ඇති රටක්. අපිට ඉන්දියාවටත් වඩා විශාල ඉතිහාසයක් තියෙනවා. මේ වෙන කොටත් අපිට පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරපු අවුරුදු මිලියන 100ක ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරපු අවුරුදු 137 000ක මානව ඉතිහාසයක් තියෙනවා. ඒක නිකංම නිකං මානව ඉතිහාසයක් නෙවේ. අභිමානවත් මානව ඉතිහාසයක්.
මේ නිසා 2010 ඉදන්ම අපේ රට ලෝක වාර්තා පොතේ වාර්තා පිට වාර්තා තියනවා. අද මේ අසිරිමත් රට, ලෝකයේ සංචාරය කළ යුතු පළවෙනි සහ හොදම රට විදිහට නම් කරලා තියෙනවා. ඒ ලෝකයේ රටවල් 300කට කිට්ටු ප්‍රමාණයක් අතරින්. ඒ නිසා අපි මේ ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕන. ඉතින් ඒ කරුණු ටික අවබෝධ කරගෙන ඈත රටවල ඉදලා විදේශීය සංචාරකයො මේ අසිරිමත් දේශය බලන්න මෙහාට එන කොට, තාමත් අපේ රටේ සුන්දරත්වය හරියාකාරව වටහා ගත්තෙ නැති, අපේම මිනිස්සු ලක්ෂ ගණන් සල්ලි වියදම් කරගෙන නිවාඩුවට පිටරටවල්වල බඩ ගානවා. ඒ ගැන නම් මතක් වෙනකොටත් දුකයි. අපේ රටේ |
බලන්න තියෙන එව්වත් එක්ක, ඒ රටවල්වල බලන්න තියෙන එව්වා සංසන්දනය කළොත්, එව්වා මහා අමු විහිළු.
ජනනී ජන්ම භූමීශ්ච
ස්වර්ගාදපි ගරීයසී
" වැදූ මවත්, උපන් බිමත් ස්වර්ගයට වඩා අගනේය "
තව ටිකක් ඔහොම ඇවිදින ගමන් මුහුදෙ වතුරත් එක්ක සුද්ධ වෙලා, වෙරළට ගහගෙන එන එක එක හැඩයේ, එක එක ප්‍රමාණයේ, එක එක පාටවල්වල සිප්පිකටු ගොඩකුත් මම අහුල ගත්තා. ඒ කවදා හරි දවසක මේ ගමන සිහිපත් වෙන්න, මතක සටහනක් විදිහට.
අපි අද මේ විදිහට අපේ රටේ බයක් සැකක් නැතුව නිදහසේ ඇවිදින්නෙ අපේ වීරෝධාර රණවිරුවො නිසා. ඒ අය නොහිටින්නට අද අපේ රට සුසාන භූමියක් වෙලා. ඒ නිසා ඒ අයවත් මේ වෙලාවෙ ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි.

තවත් ඈතට ඇවිදගෙන යන කොට වෙරළ තීරයට ඇතින්නකුත් ආවා. මේක එතන හිටපු කාටත් අමුතු දර්ශනයක් වුණා. සාමාන්‍යයෙන් අපි හීලෑ කරපු අලියෙක් හෝ ඇතෙක් දකින්නෙ පෙරහැරක. එහෙමත් නැත්නම් පන්සලක හරි වලව්වක හරි. එහෙමත් නැත්නම් මහ පාරෙ ඇවිදගෙන යන කොට. ඒත් මුහුදු වෙරළක ඇතෙක් හෝ අලියෙක් ඇවිදිනවා කියන්නෙ කලාතුරකින් දකින්න හම්බ වෙන අවස්ථාවක්.
මේ ඇතින්න තමයි ලංකාවේ හෝටලයක් විසින් හිමිකාරීත්වය දරන එකම ඇතින්න. මේ වාද්දුව Villa Ocean හෝටලයේ මොනිකා ඇතින්න. මෙයාගෙ රාජකාරිය තමයි උදෑසන ආහාරයෙන් පස්සෙ එතන ගැවසෙන විදේශීය සංචාරකයන්ව සතුටු කරන එක. එදා මෙයාගෙ පිටේ නැගලා විනෝද වෙන්න, මෙයත් එක්ක එකට ඉදගෙන පින්තූර ගන්න ගොඩක් විදේශීය සංචාරකයො පොර කන හැටි මම පැත්තකට වෙලා බලාගෙන හිටියා. මොකද යුරෝපීය රටවල්වල මේ වගේ හීලෑ කරපු අලි දකින්න නෑ. ඒ රටවල අලි ඇත්තු ඉන්නෙත් සත්වෝද්‍යානවල විතරයි.

මුහුදු වෙරළ දිගේ තවත් ඈතට ඇවිදගෙන යන කොට මතක් වුණු තවත් සිදුවීමක් තමයි 2004 දෙසැම්බර් 26 වෙනි ඉරිදා දවස. එදා සිද්ධ වුණු ඒ ඛේදවාචකය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒක හැමෝම දන්නවා. එදා මෙදා තුර සමස්ථ ලෝක ඉතිහාසයේ සිදු වුණු ප්රබලතම ස්වභාවික ව්‍යසනය. මට මතක හැටියට අපිත් එදා ගාල්ලෙ යන්න හිටියා. ඒත් මොකක්දෝ වාසනාවකටද මන්දා, එදාට යොදාගෙන හිටපු ගමන, ඊට කලින් සතියෙ ගියා. " හත්දෙයියනේ.... එදා ඒ විදිහට ප්‍රචණ්ඩකාරී වෙලා හිටියෙත් මේ මුහුදම නේද...???? " කියලා පස්සෙ මට මතක් වුණා. සුනාමියක් ආවා කියලා මුහුද අපේ සතුරෙක් වුණේ නෑ. අද අපිට එව්වා මතකත් නෑ.
ඒත් නිදාගෙන ඉන්න මේ මහ මුහුද ආයිත් කවදා හරි දවසක අවධි වෙන්න බැරි කමකුත් නෑ. එදාට තමයි අපේ මිනිස්සුන්ට ආයිත් මතක් වෙන්නෙ, මෙහෙම සිදු වීමක් කලිනුත් වුණා නේද කියලා. එතකං මෙව්වා මතක නෑ.
තවත් ඈතට යන කොට ධීවරයො පිරිසක්, මුහුදෙ ඉදන් මාළු දැලක් ගොඩට අදිනවා. මේ දැල ගොඩට අදින්න විදේශීය සංචාරකයිනුත් එක් වුණා. ඒ අයගෙ මුහුණු වලින් පෙනුනා, මේ දැල අදින ගමන් ඒ අය ගොඩක් විනෝද වෙනවා කියලා. දැලත් සෑහෙන්න බරයි. ඒවායෙත් පින්තූර ගන්න උවමනාවක් ආවට, ඒ ළගට යන්න හිතේ කිසිම ප්‍රියතාවයක් ඇති වුණේ නෑ. දහස් ගණන් අසරණ අහිංසක සත්තු වේදනා විද විද ඉදලා, මැරිලා යනවා බලන්න ආස කරන්නෙ මොන මිනිහද..???? පාරක බලු පැටියෙක් දාලා ගිහින් තිබ්බත්, "අනේ අපොයි" කියලා දුක් වෙන ජාතියක් අපි. මේක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න කොට, මට අපේ ඉස්කෝලෙ උසස් පෙළ ඉතිහාසය උගන්නපු නිමල් සර් කියලා දීපු කතාවක් මතක් වුණා. සර් මේක කිව්වේ "සීතාවක රාජධානියේ පරිහාණිය" කියන මාතෘකාව යටතේ, 1 වෙනි රාජසිංහ රජතුමා අරිට්ඨකීවෙණ්ඩු කියන හින්දු පූජකවරයගෙ උපදෙස් මත, බුදු දහම අතෑරලා හින්දු දහම වැළද ගැනීම ගැන සාකච්ඡා කරන කොටයි.
ඉස්සර අපේ රට සිංහල බෞද්ධ රටක්. ඒත් අද නම් අපේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා. අද අපේ රටේ මුහුදු බඩ පළාත්වල ඉන්න වැඩි දෙනෙක් සිංහල කතෝලික මිනිස්සු. ඒත් ඒ අය පරම්පරා කිහිපයකට කලින් සිංහල බෞද්ධ මිනිස්සු. මේ අයගෙ ජීවනෝපාය වුණේ ධීවර් කර්මාන්තය. ඒ අය ධීවර කර්මාන්තයෙන් තමයි ජීවත් වුණේ. වෙන විකල්පයක් නැති නිසා ජීවත් වෙන්න මේක කළාට, මේ අය මේ කර්මාන්තය කළේ ඒ හැටි කැමැත්තකින් නෙවේ. බුද්ධාගමේ හැටියට සත්ව ඝාතනය කියන්නෙ විශාල වරදක්. ඒ නිසා ඒකෙන් අපිට පව් සිද්ධ වෙනවා. අකුසල කර්ම රැස් වෙනවා. මරණයෙන් පස්සෙ දුගතිගාමී වෙනවා. සමහරක් විට අපායගාමී වෙන්න වුණත් ඉඩ තියෙනවා. එක මාළුවෙක්ගෙ ජීවිතය අහිමි කළත්, මාළු 1000කගෙ ජීවිත අහිමි කළත්, මේ ආත්මයේ හරි ලබන ආත්මෙක හරි ඒ කරපු පාප කර්මයට විදවන්න වෙනවා.
බුද්ධ ධර්මය අනුව මසුන් මැරීම අයිති වෙන්නෙත්, නොකළ යුතු රැකියාවක් විදිහට. ඒ වගේම පංචශීල ප්රතිපදාවටත් මේක පටහැනි ක්‍රියාවක්. 1505 අපේ රටට එන පෘතුගීසින්, මුලින්ම අල්ල ගන්නෙ අපේ රටේ තියෙන වෙරළබඩ පළාත්. මෙහෙම අල්ල ගෙන මුහුදු තීරයේ ඉන්න මිනිස්සු අතරේ කතෝලික ධර්මය ව්‍යාප්ත කරනවා. කතෝලික ධර්මය ව්‍යාප්ත කිරීම කියන්නෙ පෘතුගීසීන් පෙරදිගට එන්න හේතු වුණු කාරණා වලින් ප්‍රධානතම කාරණාවක්. ඉතින් ධීවරයන්ගෙ ප්‍රශ්නෙටත් ඒක ඇතුළෙම තිබිලා උත්තරයක් ඒ අයටම හම්බ වෙනවා. කතෝලික ආගමට අනුව අපි ජීවත් වෙන්නේ මේ ආත්මෙ විතරයි. පුනර්භවයක් සහ පුනරුත්පත්තියක් ගැන විශ්වාසයක් කතෝලික දහමේ නෑ. එහෙම ගත්තොත් මේ ආත්මෙ මොනවා කළත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒ නිසා ගොඩක් ධීවරයො කතෝලික දහම කැමැත්තෙන්ම වැළද ගත්තා.

ඉතින් මේ සෑම සියලු කාරණාවක් ගැනම සළකලා බලන කොට උදෑසන මුහුදු වෙරළ තීරය පෙම්වතුන්ගේ සහ ව්‍යායාම් කරන අයගෙ වගේම විනොද වෙන අයගේ පාරාදීසයක් වීම ඒ හැටි පුදුම විය යුතු කාරණාවක් නෙවේ...!!!!!!!!