සීයාගේ රස කතා
මගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා.. ඉපදුනේ 1927 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ. සීයා තමයි පවුලේ වැඩිමලා වුණේ. සීයට මල්ලිලා දෙන්නෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා. 1933 අවුරුද්දේ ගාල්ල උනන්විටිය සිංහල බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය ලබලා, බද්දේගම රතනසාර බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයෙන් සහ ශාන්ත අන්තෝනි ඉංග්‍රීසි විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබලා, ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය (ඉංග්‍රීසි මාධ්‍ය) විශිෂ්ඨ ලෙස සමත් වෙනවා. ඊට පස්සේ රජයේ ලිපිකරු සේවා විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී ඉදලා, දිවයිනෙන්ම 10 වෙනි ස්ථානය හිමි කර ගන්නවා. 1945 අවුරුද්දේ ලිපිකාර සේවයට බැදෙන සීයා ටිකෙන් ටික ලිපිකරු සේවයේ අධි ශ්‍රේණියටම ගමන් කරනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන ගාල්ල කාර්මික විද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුර හොබවනවා. 1945 අවුරුද්දෙන් ආරම්භ වුණු සීයාගේ රාජ්‍ය සේවය, 1982 අවුරුද්දෙදි අවසන් වෙනවා. රාජ්‍ය සේවයේ නිරතවෙලා ඉන්න කාලය අතරතුර දිසාපතිවරු 3 දෙනෙක්ගෙන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුගෙන්ම විශිෂ්ඨ සේවා සම්මාන ලබා ගන්නත් සීයා වාසනාව ලබනවා.
රැකියාවෙන් විශ්‍රාම ගත්තත් සීයා විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කළේ නෑ. සීයා බෝපේ - පෝද්දල ප්‍රාදේශීය සභා අනුබද්ධ මහජන පුස්තකාල පාඨක සමාජයේ සභාපති විදිහට සේවය කළා. ඊට පස්සේ විධායක කමිටුවේ සාමාජිකත්වය දැරුවා. ඒ විතරක් නෙවේ ගාල්ල - අක්මීමණ රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමික සුභ සාධක සංසදයේ අනුශාසක ධූරයත් දැරුවා. සීයාගේ ගම් පළාත ගාල්ලේ බද්දේගම වුණත්, රාජ්‍ය සේවයේ නිරතවෙලා ඉන්න කොට සීයා රට වටේම වැඩ කළා. ඒ නිසා සීයා රජයේ සහ සමාජයේ උසස් සහ සුප්‍රසිද්ධ පුද්ගලයන්ව ගොඩක් ළගින් ආශ්‍රය කළා. සීයාට ගොඩක් දේවල් අහන්න වගේම දකින්නත් ලැබුණා. ගොඩක් අත්දැකීම් ලැබුණා.
ඉතින් සීයාගේ අත්දැකීම්, සීයා අපි එක්කත් බෙදා ගත්තා. අපිව හම්බුණාම ගොඩක් රසවත් දේවල් කියනවා. ඒ ඔක්කොම මතක තියාගන්නත් අමාරුයි. සීයා ලබාගෙන තියෙන අත්දැකීම් සමුදාය මහා සාගරයකට උපමා කරමු. ඒ අත්දැකීම් වලින් සීයා අපිට කියලා තියෙන්නේ පිහිණුම් තටාකයක් තරම් දේවල් විතරයි. ඒත් ඉතින් ඒවායෙන් අපේ මතකයේ නම් තියෙන්නේ බෝතල් මූඩියකට අල්ලන ප්‍රමාණය විතරයි. ඒවායෙනුත් තෝරලා බේරලා වතුර බිංදුවක් තරම් ප්‍රමාණයක කරුණු කාරණා ටිකක් හරි මේ වගේ ලිපියකින් බෙදා හදා ගන්න හිතුවා. මතක් වෙන, මතක් වෙන එව්වත් ලියලා, මේ ලිපිය දිගටම යාවත්කාලීන කරගෙන යන්න තමයි අදහස තියෙන්නේ. ඔයාලගේ කියවීමේ පහසුව වෙනුවෙන්ම ලිපිය, එක එක මාතෘකා යටතේ, කොටස්වලට බෙදුවා.

කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර
" අපේ පරම්පරාවෙන් මහණ වුණු ශ්‍රේෂ්ඨතම හාමුදුරුවෝ තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවෝ. වැලිවිට සරණංකර හාමුදුරුවන්ගෙන්, අත්තරගම පඩිවරයාගෙන් ඉගෙනගෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙයි, රාජාධි රාජසිංහ රජතුමාගෙයි අනුශාසකවරයා විදිහට කටයුතු කළා. පස්සේ හාමුදුරුවොයි රජ්ජුරුවොයි අතර තියෙන සම්බන්ධයට ඉරිසියා කරපු කට්ටියක් රජ්ජුරුවන්ට කියනවා, හාමුදුරුවෝ ලන්දේසීන් එක්ක කුමන්ත්‍රණය කරනවා කියලා. ඊට පස්සේ හාමුදුරුවන්ව හිර කරලා දානවා. මේ වෙලාවේ තමයි හාමුදුරුවෝ බාරස කාව්‍ය ලියන්නේ. ලංකාවෙන් බිහි වුණු විශිෂ්ඨ කවියක්. බර කව ගබ සක ! පස්සේ මේක රජ්ජුරුවන්ට අරිනවා. රාජාධි රාජසිංහ රජ්ජුරුවො කියන්නේ ලොකු උගතෙක්. රජ්ජුරුවන්ට මේකෙ තේරුම හොයා ගන්න බැරුව, අනිත් අයගෙන් අහනවා. ඒ අය දන්නෙත් නෑ. පස්සේ හාමුදුරුවන්වම ගෙන්නලා තේරුම අහගන්නවා. හාමුදුරුවන්ගේ බහුශ්‍රැතකම ගැන පැහැදිලා, සමාව අරගෙන, පහතරට සංඝනායක පදවියයි, සිරිපාදේ නායක පදවියයි, පල්ලෙබැද්ද සංඛපාල විහාරයයි දෙනවා. ඒ විතරක් නෙවේ පල්ලෙබැද්දෙන් අක්කර 13 000ක් හාමුදුරුවන්ට නින්ද ගමක් විදිහට පූජා කරනවා.
කරතොට හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව අදවෙන කොට පරම්පරා 11ක් වෙනකං ඇවිල්ලා තියෙනවා. ඔය සෑම් විජේසිංහ එහෙම මේ පරම්පරාවට තමයි අයිති. පස්සේ ඉතින් සුද්දන්ගේ කාලය වෙනකොට පරම්පරාවට අයිති ඉඩකඩම් වෙන වෙන අය අයිති කර ගත්තා. පස්සේ විජේසිංහලා එකතු වෙලා එව්වට නඩු කියලා, ඉඩකඩම් ටික අපේ අතට අරගෙන, ඒ ඔක්කොම ටික පල්ලෙබැද්දේ සංඛපාල විහාරයට පූජා කළා. හැබැයි අක්කර 2ක් අපිට නැති වුණා. ඒ ටික ලන්සියෙක් බලෙන් අර ගත්තා. "
(කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ චරිත කතාව සහ විජේසිංහ ගිහි පරපුර ගැන අංග සම්පූර්ණ තොරතුරු කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර ලිපියේ ඇතුළත් කරලා තියෙනවා)

මීගමුවේ ජීවිතය
" කාලයක් මම මීගමුවේ වැඩ කළා. ඉතින් ඒ කාලේ මුළු මීගමුවෙන්ම බෞද්ධ පවුල් තිබ්බේ 35යි. අනිත් ඔක්කොම කතෝලික මිනිස්සු තමයි හිටියේ. එකම එක පන්සලයි තිබ්බේ. පොලීසියේ නම් ගොඩක් බෞද්ධ අය වැඩ කළා. වෙසක් එකට පන්සල හරහා අපි වෙසක් කලාප සංවිධානය කළා මීගමුවේ. වැඩි හරියක් කතෝලික මිනිස්සු හිටියට, එයාලත් ඒ වැඩවලට උදව් කළා. සාමකාමී පරිසරයක් තිබුණේ. හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ තමයි මීගමුවේ බෞද්ධාගමික දේවල්වලට ගොඩක්ම කැප වුණේ. හැබැයි ඒ කාලේ පල්ලියෙන් තමයි මීගමුව පාලනය කළේ. පල්ලියට විරුද්ධව යන්න මිනිස්සු බයයි. මීගමුවේ ගොඩක්ම හිටියේ ධීවර පවුල්. ඒ කාලේ පල්ලියෙන් කියලා තිබුණා හවසට මාළුවලට අයිස් දාන්න එපා කියලා. ඉතින් හවස් වෙනකොට මාළු අඩු ගාණට තමයි විකුණන්නේ. එක එක ජාතියේ මාළු වර්ග, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්සෝ ගොඩාක් අඩුවට විකුණුවේ. ඉතින් මිනිස්සු පල්ලියේ රූකඩ වෙලා තමයි හිටියේ.
එක දවසක් ඔයාලගේ සුදු මාමා (සීයාගේ පුතා) ගේට්ටුව ළග ඉන්නකොට ක්‍රිස්තියානි ළමයෙක් මාමාට ගලකින් ගැහුවා තුවාල වෙන්න. ඒ කාලේ මීගමුව පොලීසියේ දිසානායක අංකල් තමයි ස්ථානාධිපති. එයාට කිව්වම එයා පොලීසියෙන් දාලා, හැම ගෙයක්ම Search කළා. අර ළමයා පැනලා ගිහින්. මාස 6කට විතර පස්සේ මාමා ඒ ළමයව දැකලා, මට ඇවිත් කිව්වා. පස්සේ ඉතින් ඒ ළමයව අපි අල්ල ගත්තා. ඊට පස්සේ ඉතින් ගැටුමක් ඇති කර ගන්න ඕන නැති නිසා යන්න දුන්නා.
මීගමුවේ හිටියා ප්‍රනාන්දු කියලා කෙනෙක්. එයා දේශපාලන වැඩ වලට සම්බන්ධයි. එයා ඡන්දේ ඉල්ලුවට කවදාවත් දිනුවේ නෑ. දවසක් මම ඇහුවා 'ඇයි හැමදාම ඡන්දෙන් පැරදෙන්නේ?' කියලා. එයා කිව්වා 'අයියෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. පල්ලියෙන් කියලා තියෙන්නේ UNP ඇරුණම අනිත් හැම පක්ෂයක්ම කොමියුනිස්ට්. කොමියුනිස්ට් අයට ඡන්දේ දුන්නම කෙලින්ම අපායේ ඉපදෙනවලු. ඒ පව හෝදගන්න බෑ කියලා. මම පොදු පෙරමුණේ වුණත් UNP නොවන හැම පක්ෂයක්ම දාලා තියෙන්නේ කොමියුනිස්ට් ගොඩට' කියලා. ඉතින් මම කිව්වා මිනිස්සුන්ට ඡන්දේ දෙන්න කියන්න. පියතුමා දන්නේ නෑනේ මිනිස්සු කාටද ඡන්දය දෙන්නෙ කියලා. ඊට පස්සේ මිනිහා කියනවා 'මෙයාලා පව් සමා කරන වෙලාවේ පියතුමා ළගට ගියාම, පියතුමාට ඒක ගැන කියනවා. එතකොට පියතුමා දැන ගන්නවා. ඊට පස්සේ ඉතින් පියතුමා මෙයාලට බනිනවා පාපිෂ්ඨයා ! සමා කර ගන්න බැරි පාපයක් කරලා තියෙන්නේ කියලා.'
ඉතින් පල්ලියෙන් තමයි මිනිස්සු පත් වුණේ මීගමුවට. දවසක් පල්ලියේ විවාහ උත්සවය ගන්න දුන්නේ නෑ කතෝලික මනුස්සයෙක්ට. බැලින්නම් එයා සම සමාජකාරයෙක්. පස්සේ බිෂොප්ට කියන්න ගියාලු, පල්ලියේ උත්සවය ගන්න දෙන්නේ නෑ කියලා. ඊට පස්සෙලු උත්සවය ගන්න දුන්නේ. තවත් දවසක් ඒ වගේම තවත් පක්ෂයක කෙනෙක්ගේ මරණයක් වෙලා, පල්ලියේ වලලන්න දුන්නේ නෑ. පස්සේ පල්ලියේ ගේට්ටුව ළග සෑහෙන සෙනගක් එකතු වෙලා ඉදලා, එතන ලොකු රණ්ඩුවක් ගියා. මමත් එතන හිටියා. සේරමලා පියතුමාට බැන බැන ගේට්ටුව තල්ලු කරන්න දගල දගල හිටියා. කොහොම හරි එතන හිටපු කෙනෙක් කිව්වා 'අපි ඔක්කොම එකතු වෙලා යටින් තද කරලා ගේට්ටුව උස්සමු' කියලා. පස්සේ ගේට්ටුව ගලවන්න ගියා. ඒක දැකලා පියතුමා බය වුණා හොදටම. ඊට පස්සේ වලලන්න ඉඩ දුන්නා. "
(දිසානායක අංකල් කියන්නේ මගේ තාත්තගේ පාර්ශවයේ මුත්තා කෙනෙක්. මගේ තාත්තගේ අම්මගේ අම්මගේ මල්ලී. අපි කිව්වේ පොලීසියේ අත්තා කියලා. පොලීසියේ අත්තයි, අපේ අම්මගේ තාත්තයි ගජ යාලුවෝ. මේ දෙන්නා තමයි මගේ අම්මගෙයි තාත්තගෙයි විවාහයේ මහා මොළකාරයෝ දෙන්නා)

හීනටියන ධම්මාලෝක හිමියන්ගේ ඇසුර
" මීගමුවේ ඉන්න කාලේ තමයි හීනටියන ධම්මාලෝක හාමුදුරුවන්ව අදුර ගත්තේ. හෙන දැන උගත් හාමුදුරු නමක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මමත් ඒ හාමුදුරුවන්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ලෝකයේ ආගම් ගැන මහා දැනුමක් තිබුණා. අද ගොඩක් හාමුදුරුවරු අනිත් ආගම් ගැන දන්නේ නැතුවනේ විවේචනය කරන්නේ. මේ හාමුදුරුවෝ ලෝකයේ තියෙන හැම ආගමක් ගැනම අධ්‍යනය කළා. අප්‍රිකාවේ තියෙන ගෝත්‍රික ආගම් ගැන හිටං ඉගෙන ගත්තා. ඒත් කවදාවත් අනිත් ආගම් විවේචනය කළේ නෑ. ඉස්සර කාලයේ තිබිලා නැති වෙලා ගියපු ආගම් ගැනත් දැනගෙන හිටියා. හාමුදුරුවෝ ඒ ආගම් කොටස් වලටත් බෙදුවා. බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, කතෝලික ආගම තමයි ලෝකයේ තියෙන ප්‍රධානම ආගම් 4. ඊට පස්සේ මේ 4 කොටස් 2කට බෙදුවා. පුනර්භවය පිළිගන්න සහ නොපිළිගන්න. පුනර්භවය පිළිගන්න ආගම් 2 වුණේ බුද්ධාගමයි, හින්දු ආගමයි. නොපිළිගන්න ආගම් 2 තමයි ඉස්ලාම් සහ කතෝලික. "
පානදුරේ අරියධම්ම හිමියන් හමුවීම
" මම පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ට මාසයක් ඇබිත්තකම් කළා. හාමුදුරුවන්ගේ හැම දෙයක්ම හොයලා බලලා, ඒවා කරලා දුන්නා. හාමුදුරුවන්ගේ සම්බන්ධීකාරක වුණෙත් මම. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ තමයි සිංහලෙන් බෝධි පූජා තියන එක, ගාථා කියන එක පටන් ගත්තේ. ධර්ම දේශනා එහෙමත් හරිම හොදයි. ඉතින් ගොඩාක් අය මේ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. සෝම හාමුදුරුවන්ගේ කාලේ වගේම, මේ හාමුදුරුවන්ගෙ කාලයෙත් හුග දෙනෙක් හැදුනා. හොර මැරකම් අඩු වුණා. හාමුදුරුවෝ රට වටේම ධර්ම දේශනා තිබ්බා. හාමුදුරුවෝ කළුතරත් ධර්ම දේශනා කිහිපයක් තිබ්බා. හාමුදුරුවන්ගෙන් බණ අහන්න ගොඩක් අය යන එන නිසා, හාමුදුරුවන්ට තාවකාලිකව නතර වෙන්න ටිකක් විශාල තැනක් ඕන වුණා. පස්සේ හාමුදුරුවන්ව අපි නතර කළේ නඩුකාරවරයාගේ නිළ නිවසේ. දිසානායක කියලා කෙනෙක් නඩුකාර නිළ නිවස සල්ලි ගෙවලා මාසයකට අර ගත්තා. නඩුකාර නිළ නිවසේ ටෙලිෆෝන් එක පාවිච්චි කළේ නෑ. රජයේ දේපලක් නිසා. මොකද හරි නෑනේ. ඉතින් මගේ ටෙලිෆෝන් එකට තමයි හාමුදුරුවන්ගේ ඔක්කොම කෝල්ස් ආවේ.
කළුතර සංවිධානය කරපු හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව අහන්න මහා සෙනගක් ආවා. ධර්ම දේශනාව තියන්න තිබ්බේ හවස 4.00ට. ඒ වුණාට උදේ 11.00 විතර ඉදන් සෙනග එනවා හෝ ගාලා. මේ අස්සේ පත්තරේක ගියා 'පානදුරේ අරියධම්ම හිමියන් රජයේ දේපලවලින් අයුතු ප්‍රයෝජන ගනියි' කියලා ලිපියක්. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ කියන්නේ නිවුණු හාමුදුරුවෝ කෙනෙක්. මේක දැකලා හාමුදුරුවන්ට හොදටම කේන්ති ගියා. 'දිසානායක මහත්තයා සල්ලි ගෙවලානේ මේ ගෙදර මාසයකට අරන් දුන්නේ. මේකෙ හෙන බොරුනේ කියලා තියෙන්නේ, මම මෙහේ පිනට ඉන්නවා කියලා. මේක වහාම වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරනකං මම අද බණ කියන්නේ නෑ' කියලා හාමුදුරුවෝ කිව්වා. එතකොට ඉතින් පත්තරේ ගිහින් ඉවරයිනේ. වෙනස් කරන්න බෑනේ. අපි ඉතින් හාමුදුරුවන්ට හරියට ආයාචනා කළා ධර්ම දේශනය තියන්න කියලා. හාමුදුරුවෝ බෑම කිව්වා. පස්සේ ඉතින් වෙන හාමුදුරු නමක් වඩම්මලා තමයි ධර්ම දේශනාව කළේ.
දවසක් මට ජනාධිපති මන්දිරෙන් කතා කරලා කිව්වා ධර්ම දේශනාවකට ජනාධිපති මන්දිරේට වඩින්න ආරාධනා කරනවා කියලා. මම ඇහුවා 'කවුද කතා කරන්නේ?' කියලා. 'ඒක ඔහේට වැඩක් නෑනේ. කියපු දේ කරන්නකෝ' කියලා එහා පැත්තේ කතා කරපු කෙනා කිව්වා. මම ඉතින් මේ සිද්ධිය හාමුදුරුවන්ට කිව්වා. 'මම ජනාධිපතිට බය නෑ. ජනාධිපති මන්දිරෙන් නෙවේ, මොකා කතා කළත් මම එන්නේ නෑ කියන්න' කියලා හාමුදුරුවෝ ටිකක් කේන්තියෙන් කිව්වා. අරියධම්ම හාමුදුරුවොත් තරුණ කාලයේදීමයි අපවත් වුණේ. සෝම හාමුදුරුවන්ට වගේම වස දීලා අපවත් කෙරෙව්වා කියලත් කතාවක් තියෙනවා. "

බද්දේගම හිමියන් සමග
" අපේ බද්දේගම හාමුදුරු නමක් හිටියා. අපේ නෑයොත් වෙනවා. හෙන දරදඩුයි. ලංකාවෙන් පාර්ලිමේන්තු ගියපු මුල්ම හාමුදුරුවරු අතරේ මේ හාමුදුරුවොත් ඉන්නවා. හාමුදුරුවෝ ඉස්කෝලෙ යන කාලයේ හෙන JVPකාරයෙක්. ඉතින් දෙවතාවක්ම ගෝරි දාගෙන ඉස්කෝලෙන් එලෙව්වා. දෙවෙනි පාර එලවපු වෙලාවේ ඉස්කෝලෙ එළියේ ඉන්නකොට, පංති භාරව හිටපු මිස් ඇහුවලු 'ඇයි එළියේ ඉන්නේ?' කියලා. පස්සේ ඉතින් විස්තරේ කිව්වලු. ඊට පස්සේ විදුහල්පති ළගට ගිහින් මිස් කිව්වලු 'සර් මේ ළමයව අරගන්න. නැත්නම් මාත් මේ ඉස්කෝලෙන් අස් වෙනවා' කියලා. ඊට පස්සේ ආයිත් හාමුදුරුවන්ව ඉස්කෝලෙට අරගත්තලු. හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට තේරුණා කියලා දැනගත්තම, හාමුදුරුවෝ කල්පනා කළාලු කාටද මුලින්ම මේ සතුටුදායක ආරංචිය කියන්නේ කියලා. මුලින්ම මතක් වුණේ අර මිස්වලු. පස්සේ හාමුදුරුවෝ මිස්ව හොයාගෙන ගිහින් මිස්ව බදාගෙන, මිස්ට ඒ ආරංචිය කිව්වලු. ඉතින් මිස් හොදටම ඇඩුවලු සතුට දරාගන්න බැරුව. හාමුදුරුවොත් ඇඩුවලු. ඒ මිස් නිසාලු හාමුදුරුවෝ හොදට ඉගෙනගෙන, මහණ වෙලා හොද ගමනක් ආවේ. මිස් එදා හාමුදුරුවන්ව ඉස්කෝලෙට ගත්තේ නැත්නම්, JVP නිසා පොලීසියෙන් වෙඩි කාලා මැරෙන්න තිබ්බලු.
හාමුදුරුවෝ ඉස්සර හෙනට බිව්වා. ඉස්සර ඉංග්‍රීසි බෑ. කැඩිච්ච ඉංග්‍රීසිවලින් කතා කළේ. ඉතින් හාමුදුරුවන්ගේ ඉංග්‍රීසි කතා අහන අහන අය හිනා වුණා. පස්සේ හාමුදුරුවෝ හොදට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අද හාමුදුරුවන්ට හොදටම ඉංග්‍රීසි පුලුවන්. හාමුදුරුවෝ ආගමික සහජීවනය වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඒ නිසා අනිත් ආගම්වල අයවත් හොදට දැන අදුර ගත්තා.
ඒ කාලේ පල්ලියේ Mother කෙනෙක් නැති වුණා. මේ හාමුදුරුවෝ අවමංගල්‍ය උත්සවේ පටන් ගන්නත් සෑහෙන වෙලාවකට කලින් ආවා. ඇවිත් එතන අයත් එක්ක කතා කරලා, උත්සවය ගැන එහෙම හොයලා බැලුවා. පස්සේ වාඩි වෙලත් හිටියා. හාමුදුරුවොත් කතාවක් පැවැත්තුවා. භූමදානය කරලා ඉවරවෙලත් සෑහෙන වෙලාවකට පස්සේ තමයි හාමුදුරුවෝ ගියේ. එතනට ආපු Fathersලා, Mothersලා, Sistersලා හැමෝම අතරින් හාමුදුරුවෝ කැපී පෙනුනා. මොකද අර හැමෝම සුදු පාටටනේ අදින්නේ. ඉතින් සුදු ඇදන් ඉන්න 1000ක් විතර අය අතරින්, තැඹිලි පාට සිවුර නිසා හාමුදුරුවෝ කැපී පෙනුනා. "
(මේ හාමුදුරුවෝ අපේ රටේ සුප්‍රසිද්ධ හිමි නමක්. ඒ නිසා හාමුදුරුවන්ගේ නම දැම්මේ නෑ. ඒ වුණාට දන්නෝ දනිති)

වලව් පැලැන්තිය
" මගේ මුත්තා කෙනෙක් හිටියා. එයා වාසල මුදලි කෙනෙක්. වාසල මුදලි කියන්නේ, මුදලිටත් වඩා ඉහළ තනතුරක්. මුත්තට ළමයි හිටියේ නෑ. ඒ වුණාට ලොකූ සල්ලි ගොඩකුයි, මහා දේපලකුයි තිබ්බා. ඉඩකඩම් වලින් විතරක් තිබ්බා අක්කර 2000කටත් වඩා. ඒ කාලේ අවුරුද්දට එහේ ගියාම අපිට සල්ලි දෙනවා. ලොකු වට්ටියක සල්ලි මිටි බැදලා තිබුණා. 100 කොළ වලින් තමයි සල්ලි තිබුණේ. ඒ කාලේ 10 කොළ එහෙම තිබුණේ නෑ. ඒ කාලේ 100ක් කියන්නේ, අද කාලේ නම් ලක්ෂයක් විතර වෙනවා. මුත්තගෙ මුණුබුරෙක් වෙන දේශපාලඥයෙක් හිටියා. කොමියුනිස්ට්කාරයෙක්. ඒකත් හෙන වක්‍ර නෑකමක්. මිනිහා ඉතින් මුත්තගෙන් සල්ලි අරගන්න එකම තමයි කළේ. 20 000, 30 000 කඩා වඩා ගත්තා. සල්ලි ඕන වෙලාවට විතරයි මුත්තා බලන්න ආවේ. දවසක් මම ඉස්කෝලෙ ඉවරවෙලා මුත්තාගේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවක එක පාරටම ජේ.ආර්.ජයවර්ධන ආවා.
ඇවිල්ලා බැන්නා 'ඇයි කැත වැඩ කරන්නේ?' කියලා. මුත්තා ඇහුවා 'කැත වැඩ? මොකක්ද මම කරපු කැත වැඩේ?' කියලා. ඊට පස්සේ ජේ.ආර් කිව්වා 'ඇයි දැන් කොමියුනිස්ට්කාරයින්ට සල්ලි දීලා උදව් කරන්නේ? අපේ පක්ෂෙට උදව් කළොත් නරකද?' කියලා. පස්සේ මුත්තා කිව්වා 'එයා මගේ මුණුබුරා. මම ඒකයි එයාට සල්ලි දුන්නේ. මුණුබුරාට නොදී මම වෙන කාට දෙන්නද?' කියලා, මට කිව්වා 'ගිහින් චෙක්පොත අරගෙන රුපියල් 10 000ක් ලියන්න' කියලා. මම ඉතින් ලිව්වා. ඊට පස්සේ මුත්තා ඒක ජේ.ආර්ට දුන්නා. කොහොම හරි මුණුබුරා මැරුණා. එයා හොදටම අසනීප වෙලා ඉන්නකොට ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නැවැත්තුවා. එතකොට සර් ජෝන් කොතලාවල ඉස්පිරිතාලේ අයට කිව්වා 'මෙයා වාමාංශික කෙනෙක්. ඒ නිසා වහාම ඕකෙන් අහක් කරන්න' කියලා. ඊට පස්සේ ආණ්ඩුවේ එකකට දැම්මා. ඒත් ටික කාලයයි හිටියේ. හරියටම 1952දී. මුත්තාගේ අයියාගේ පුතෙක් හිටියා. එයා බැන්දේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ අයියාගේ දුවෙක්ව. හෙන විශාලෙට උත්සවේ ගත්තා. අපිත් ගියා ඒකට. ඒ වුණාට ඒක හරි ගියේ නෑ.
අපේ අම්මත් වලව් පරම්පරාවකින් ආපු කෙනෙක්. ඉතින් හෙන උජාරුවට තමයි හිටියේ ඒ දවස්වල. පරම්පරාවේ නම්බුව බේරගෙන තමයි වැඩ කළේ. උත්සවයකට ගියත් හොදට ඇද පැළදගෙන තමයි ගියේ. එහෙම ගිහින් පුටුවක වාඩි වුණෙත්, එයාට හරියන ජාතියේ එකක් නම් විතරයි. ඒ පුටුව හරි නෑ කියලා හිතුනොත්, ඒකෙ වාඩි වෙන්නෙ නැතුව වෙන තැනකට යනවා. ආශ්‍රය කළෙත් ගොඩක් උසස් අයව. ඒ කාලේ වලව්වල ඉන්න අයට ලොකු පිළිගැනීමක් තිබුණා. දැන් නම් එහෙම වලව් තිබ්බ තැනක දූවිල්ලක්වත් හොයා ගන්න නෑ. "

ලදක් සහේට ගත් තිස්සේ හිමියෝ
" අපේ පරම්පරාවෙන් හාමුදුරුවරු කිහිප නමක්ම මහණවෙලා හිටියා. බද්දේගමෙන් තමයි වැඩියෙන්ම මහණ වුණේ. ඉස්සර තිස්සමහාරාමේ අපේ මහප්පා කෙනෙක් හිටියා මහණවෙලා. පස්සේ වදුරඹ පන්සලේදී අපවත් වුණා. ඒ කාලේ තිස්සමහාරාමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ඕන වුණා හොද වංශවත් කුලයක කෙනෙක්ව මහණ කරවන්න. ඉතින් අපේ විජේසිංහ පරම්පරාවේ කෙනෙක්ව තමයි මහණ කළේ. හාමුදුරුවොත් සල්ලි වියදම් කරලා කාර් එකක් ගෙදරට යවලා, ඒකෙන් තමයි පන්සලට ගෙන්න ගත්තෙත්. පන්සලට රට වටෙන්ම ආධාර එනවනේ. ඉතින් එව්වායෙන් හොදට ඉගැන්නුවා. එක දවසක් බලනකොට මේ යකා ගෑණු ළමයෙක් එක්ක ඉදලා අහුවුණා. පස්සේ ඉතින් මොනවා කරන්නද? සිවුරු ඇරලා මාස ගාණක් අපේ නෑයෙක්ගේ ගෙදර නැවතිලා ඉදලා, ආයිත් සිවුර දාගෙන පන්සලට ගියා. ඒත් භාර ගත්තේ නෑ. පින තිබ්බේ නෑ. තිස්සමහාරාමේ කියන්නේ එසේ මෙසේ තැනක් නෙවේනෙ. ඒ වැඩේ කර ගත්තේ නැත්නම්, කවදා හරි දවසක තිස්සමහාරාමේ නායක හාමුදුරුවෝ වෙන්න තිබ්බා. "
තිස් හත් වසරක රාජ්‍ය සේවය
" මම ඉතින් අවුරුදු 37ක් රාජ්‍ය සේවයේම තමයි හිටියේ. 55දී පැන්ෂන් එක ගත්තා. ඒ කාලේ අද වගේ ගෑණු අය වැඩිය රස්සා කළේ නෑ. ගාල්ලෙ කච්චේරියේ 300ක් හිටියා. ගෑණු අය හිටියේ 2යි. ඒ කාලේ රාජ්‍ය සේවය හරිම පිරිසිදුයි. ඒත් නෑකම්, දැන හැදුනුම්කම් නිසා රස්සා දීපු වෙලාවල් තිබ්බා. මාත් සෑහෙන දෙනෙක්ව Interview කරලා තියෙනවා. Interview Board එකේ තව කිහිප දෙනෙක්ම හිටියා. ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ වගේ ඉස්කෝලවලින් එන අයට ඒ දවස්වල ලොකු තැනක් තිබුණා. මොකද හොද දැන උගත් අය තමයි ඒ වගේ ඉස්කෝල වලින් ආවේ. එක්කෙනෙක් හිටියා, එයා ගත්තෙම ආනන්දෙන් එන අය විතරයි. මියුසියස් එකේ අයටත් හොද පිළිගැනීමක් තිබ්බා. ඒ කාලේ මියුසියස් එකට ලේසියෙන් ළමයෙක්ව දාගන්න බෑ. ඒ තරමටම අමාරුයි. ලොකු තරගයක් තිබුණා. ඒක තමයි ඒ දවස්වල හොදම බාලිකා පාසල.
70න් පස්සේ තමයි රාජ්‍ය සේවය අපිරිසිදු වෙන්න පටන් ගත්තේ. පොදු පෙරමුණ බලයට ආවයින් පස්සේ. ඉතින් එදා ඉදලා මන්ත්‍රී ලිස්ට් එකෙන් තමයි බදවා ගැනීම් කළේ. එහෙම කළේ නැත්නම් ඉහළින් ලොකු බලපෑමක් එල්ල වුණා. ඉතින් ඒ දවස්වල සුදුසුකම්වලට තැනක් ලැබුණේ නෑ. අපේ ලොක්කෙක් හිටියා. එයා ආපු ගමන්ම කියන්නේ 'කෝ කෝ දෙන්න මන්ත්‍රී ලිස්ට් එක. අනිත් අයව යවලා දාන්න. මට නාස්ති කරන්න වෙලාවක් නෑ' කියලා.
එක දවසක් රියදුරු වෘත්තියට මම තුන්දෙනෙක්ව Interview කළා. තුන්දෙනාගෙන් සුදුසුකම් තිබුණේ ඩග්ලස් කියලා කෙනෙක්ට. ඒ වුණාට මිනිහා තද UNPකාරයා. ඉතින් එයාව ගන්න එපා කිව්වා. ඒ වුණාට එයාට තමයි හොදටම සුදුසුකම් තියෙන්නේ. පස්සේ මම බද්දේගම නියෝජ්‍ය ඇමතිට කතා කළා. හරි හොද මනුස්සයෙක්. මාත් එක්ක ගොඩක් හිතවත්. මම ඉතින් ඇමතිට කිව්වා මෙහෙම වැඩක් වෙලා තියෙනවා. එයාව දාන්නත් දෙන්නේ නෑ. මොකද කරන්නේ කියලා. ඇමති ගත් කටටම කිව්වා 'බය නැතුව දාන්න. මොනවා හරි වුණොත් මම බලා ගන්නම්. මම දාන්න කිව්වා කියන්න. අපිට බෑ නිකරුනේ මිනිස්සුන්ව මරන්න. රියදුරෙක් විදිහට අරගන්න ඕන හොදට එලවන්න පුලුවන් කෙනෙක්ව. නැත්නම් නිකරුනේ පාරේ යන අහිංසක මිනිස්සු මැරෙනවනේ' කියලා කිව්වා."

ඔරලෝසු කණුවේ බට්ටා
"දවසක් ගාල්ල කච්චේරියේ වැඩ කරන කොට, යාලුවෝ එක්ක ගියා ඔරලෝසු කණුව බලන්න. හෙන දවල්. අපි කණුව උඩටත් නැග්ගා. ඒක ඇතුළේ ඉතින් යන්ත්‍ර සූත්‍ර වැඩ කරනවා. මාත් ඉතින් නිකං එව්වා මෙව්වා අතපත ගාලා බැලුවා. ඒ පාර අපි පහළට ආවා. පහළට ඇවිත් උඩ බලද්දි ඔරලෝසුවේ බට්ටා නතර වෙලා කියලා. පස්සේ ආයිත් ඒකෙ තියෙන එව්වා එහාට මෙහාට කළාම තමයි වැඩ කරන්න පටන් ගත්තේ. ආයිත් පහළට ආවයින් පස්සේ තමයි දැක්කේ වෙලාව යන්නේ විනාඩි 30ක් පරක්කු වෙලා කියලා. ඒ පාර අපි එහෙම්මම ආවා. ගාල්ලේ ටවුමේ මිනිස්සු ඒ කාලයේ අලුත් අවුරුද්දෙ චාරිත්‍ර වාරිත්‍ර කළේ, ඔරලෝසු කණුවේ වෙලාව බලලා. ඒ කාලේ ගාල්ලට සිංහල අලුත් අවුරුද්ද උදා වුණේ විනාඩි 30ක් පරක්කු වෙලා."
හෙන්රි දිසානායක දළදා පෙරහැර බලපු හැටි
" මම දෙපාරක් දළදා පෙරහැර බැලුවා. පළවෙනි පාර නම් හරියටම බලන්න වුණේ නෑ. ඒකටත් එක්ක හරියන්න දෙවෙනි පාර හොදට බැලුවා. දෙවෙනි පාර පෙරහැර බැලුවේ ලොකු බිල්ඩිමක ඉදගෙන. හෙන්රි දිසානායක තමයි එතන ලෑස්ති කරලා දුන්නේ. හෙන්රි දිසානායක ඉතින් අපේ ඥාතියානේ. මට කතා කළේ මාමා කියලා. එයා මට බෑණා වෙනවා. ඉතින් ඔන්න පෙරහැර යන අතරේ හෙන්රිත් ඇවිල්ලා මගේ ළගින් වාඩි වුණා. එයා ආවේ පෙරහැර බලන්න නෙවේ. එයා බෝතලේකුත් උස්සන් ඇවිල්ලා පෙරහැර යන අස්සේ අඩිපුඩි ගැහුවා දිගට හරහට.
මේ අතරේ අහළ පහළ ඉන්න මිනිස්සුන්ට ආරංචි වුණා හෙන්රි දිසානායකත් පෙරහැර බලන්න ඇවිල්ලා කියලා. ඒ පාර ඉතින් මිනිස්සු එයාව හොයන්න ගත්තා. මේ අතරේ එක මිනිහෙක් පල්ලෙහා ඉදලා උඩට ඇවිල්ලා 'කෝ කෝ? අපේ හෙන්රි දිසානායක හිටපු මන්ත්‍රීතුමා ආවා කියලා ආරංචියක් ආවා. කෝ මන්ත්‍රීතුමා ඉන්නවද?' කියලා හෙන්රිගෙන්ම ඇහුවා. පස්සේ හෙන්රි කිව්වා 'ආපෝ ඒ යකා කලින්ම යන්න ගියා' කියලා ඒ මිනිහව පිටත් කරලා ඇරියා. "

ආගම මිනිසාගේ අබිං
" ඉස්සර මම ගියේ කතෝලික ඉස්කෝලෙට. එහේ ඔක්කොම අය උග්‍ර කතෝලික. පියතුමා තමයි කතෝලික ධර්මය ඉගැන්නුවේ. මම විතරයි බෞද්ධයෙක්ට හිටියේ. ඉතින් පියතුමා දවසක් පාඩමකදී ඉගැන්නුවා 'කතෝලික දහම හැරුණුකොට අනිත් ආගම් ඇදහීම විශාල පාප කර්මයක්. උදාහරණයක් විදිහට හාමුදුරුවරුන්ගෙන් බණ ඇසීම ගන්න පුලුවන්' කියලා. මම හිටියේ පන්තියේ ඉස්සරහම පේළියේ. ඉතින් මගේ මූණටම දමලා ගැහුවා වගේ වුණා. මම ඉතින් බෞද්ධ, කතෝලික ආගම් දෙකම ඉගෙන ගත්තා. මගේ ළග පැරණිතිස්තමේන්තුවත් තියෙනවා. නවතිස්තමේන්තුවත් තියෙනවා. බයිබලයේ තියෙනවා ජේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 4000කට කලින් දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියලා. ඉතින් අවුරුදු 4000කට කලින් මේ ලෝකය තිබ්බේ නැද්ද? කියලා මට හිතුනා. මම මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. එයා උග්‍ර කතෝලික. එයා කිව්වා 'පුලුවන්. අපි අද අවුරුද්දකට දවස් 365ක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කාලයේ අවුරුද්දකට දවස් 10 000ක් විතර තියෙන්න ඇති' කියලා මිනිහා ප්‍රශ්නෙන් ලිස්සුවා. ඒත් මිනිහා දීපු උත්තරෙත් වැරැද්දක් නෑ.
හැම ආගමකින්ම ගන්න පුලුවන් හොද දේවල් ටික ගන්න පුලුවන් නම් එච්චරයි. නැතුව ආගම්වලට බෙදිලා හිටියට වැඩක් නෑ. ගොඩක් අය බෞද්ධ වෙලා තියෙන්නේ නමට. ඒ වුණාට බුද්ධාගම ගැන මොකුත්ම දන්නේ නෑ. කාර්ල් මාක්ස් කිව්වේ 'Religion is the opium of the people' කියලා. ඒ කියන්නේ 'ආගම මිනිසාගේ අබිං' කියලා. කාර්ල් මාක්ස් ආගම් ගැන ගොඩක් දේවල් ලිව්වා. එයා ලියපු පොත් අපේ රටේ පුස්තකාලවල නම් ලේසියෙන් හොයා ගන්න නෑ. හරිම සංකීර්ණ ඉංග්‍රීසි වචන තියෙන්නේ. මම පරිවර්තකවරු දෙන්නෙක්ව හම්බවෙලා කිව්වා එයාගේ පොත් සිංහලට පරිවර්තනය කරන්න කියලා. එයාලා කිව්වේ ඒවා පරිවර්තනය කළත්, සිංහලෙන් නියම අදහස එන්නේ නෑ කියලා.
සිංහල වෙලා ඉපදුනොත් එයා බෞද්ධ වෙනවා. මුස්ලිම් කෙනෙක් විදිහට ඉපදුනොත් කැමති වුණත්, අකමැති වුණත් එයා ඉස්ලාම්. දෙමළ නම් හින්දු. ඉතින් ඉපදෙනකොටම ආගම බලෙන්ම පැටවෙනවා. මම නම් කියන්නේ වයස අවුරුදු 18දී දෙන්න ඕන තමන් කැමති ආගම තෝර ගන්න. අකමැත්තෙන් ආගමක් අදහලා තේරුමක් නෑනේ. අපේ රටේ ගොඩක් විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු, ලොකු ලොකු දොස්තරලා, ලොකු ලොක්කෝ එහෙම ආගම් පිළිගන්නේ නෑ. එයාලාට ආගමක් නෑ. එයාලා අනුගමනය කරන්නේ කාර්ල් මාක්ස්ගේ ඉගැන්වීම්. "

බ්‍රැඩ්මන් වීරකෝන්ගේ ටයිමින්
" දවසක් අපිට බ්‍රැඩ්මන් වීරකෝන් එක්ක රැස්වීමක් තිබ්බා. රැස්වීමට 10 දෙනෙක් විතර එන්න හිටියා. අපි 3 දෙනයි ඇවිල්ලා හිටියේ. 'Let's Start' කියලා කිව්වා. අපි කිව්වා 'There are few people to come' කියලා. ඊට පස්සේ එයා කිව්වා 'No No No. This is the correct time' කියලා රැස්වීම පටන් ගත්තා. රැස්වීම යන වෙලාවෙදී අනිත් අය ආවා අතරින් පතර. අරයා ඒ එක්කෙනෙක් දිහාවත් බැලුවේ නෑ. අපි 3 දෙනා දිහා බලාගෙන තමයි කතා කළේ. අදහස් ඇහුවෙත් අපි 3 දෙනාගෙන් විතරයි. අනිත් අයව සතේකටවත් ගණන් ගත්තේ නෑ. එයාගේ හැටි එහෙමයි. වෙලාවක් කිව්වොත් වෙලාවටම එනවා. උදේ 9.00 නම් 9.00 වෙනකොට එනවා. "