ගවේෂණ අංක 01
BPISL හෙවත් Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය ගැන පසුගිය ලිපි වලින් ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති. මේ වෙනුවෙන් අපි ලංකාවේ නාගරීකත්වයෙන් මිදුනු ගොඩක් ග්‍රාමීය පළාත් වලත් සංචාරය කරනවා. මේ සංචාර වලදී අපි ඉපැරණි ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩක් ස්ථාන බලන්න ගියා. එහෙම යන කොට අපිට හම්බුණු, "අප්‍රසිද්ධ" ස්ථාන ගැන හෙළි කිරීමක් කරන්න ඕන කියලා අදහසක් පහළ වුණා. මොකද මේ වගේ ඓතිහාසික වටිනාකමක් ඇති "අප්‍රසිද්ධ" ස්ථාන සමාජයෙන් වහන් විය යුතු නැති නිසා. ඉතින් ගමන් වලදි අපේ නෙත ගැටුණු අප්‍රසිද්ධ ස්ථාන ගැන ඔබව දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ ඇරඹෙන්නෙ. එක ලිපියකට ස්ථාන 8 බැගින් ලිපි මාලාවක් විදිහට ඇරඹෙන මෙහි ප්‍රධාන අරමුණ අප්‍රසිද්ධ ස්ථාන ගැන සමාජය දැනුවත් කිරීම සහා ඒවා බලන්න යෑමට සමාජයට උත්තේජනයක් ලබා දීමයි.
01. විජිතපුර රජමහා විහාරය
අනුරාධපුරයට යන බොහෝ බැතිමතුන් අනිවාර්යෙන්ම වන්දනාමාන කරන්න යන ස්ථානයක් තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. සුප්‍රසිද්ධ සැස්සේරුව (රැස් වෙහෙර) ප්‍රතිමාවේ ඉදලා කිලෝ මීටර 16ක් එහායින් තියෙන අවුකන විහාරයට යන බොහෝ දෙනෙක්ගේ අවධානයට පාත්‍ර නොවෙන ස්ථානයක් තමයි විජිතපුර විහාරය. අවුකනට එහායින් තියෙන මේ විහාරය පිහිටලා තියෙන්නෙ විජිතපුර මධ්‍ය මහා විද්‍යාලය ඉස්සරහා. විජිතපුරය කිව්වම අපි කාගෙත් මතකයට එන්නෙ දුටුගැමුණු රජතුමා. අනුරාධපුර බලකොටුව සොළීන්ගෙන් අත්පත් කර ගන්න සිංහල හමුදාව, ඊට පස්සෙ හැරුණෙ විජිතපුර බලකොටුව දිහාවටයි. දුටුගැමුණු සහ එළාර රජවරු අතර අවසන් සටන සිද්ධ වුණේ මේ ප්‍රදේශයේදියි. මේ විහාරය නිර්මාණය කරන්නෙ අන්න ඒ විජිතපුර ජයග්‍රහණය සිහිපත් කරන්නයි.
විජිතපුර බලකොටුව වටලන මෙහෙයුමේදී, සිංහල හමුදාව ඒ සදහා සූදානම් වුණේ මේ විහාරය පිහිටලා තියෙන භූමියේ ඉදලා කියලා කියවෙනවා. දුටුගැමුණු රජතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය වුණු මේ විහාරය විවිධ කාල වලදී වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. විජිතපුර රජමහා විහාරයට එන කාගෙත් මුලින්ම අවධානයට ලක් වෙන්නේ "කඩු ගෑ ගල" දෙසටයි. ජනප්‍රවාදයේ තියෙන විදිහට විජිතපුර සටනෙදි දුටුගැමුණු රජතුමා සහ සේනාව තමන්ගේ කඩු සහ ආයුධ මුවහත් කරන්න මේ ගල යොදා ගෙන තියෙනවා.

විහාරයේ චෛත්‍යය පිහිටලා තියෙන්නෙ ඉපැරණි විෂ්ණු දේවාලයට එහා පැත්තෙන්. ටිකක් විශාල ප්‍රමාණයෙන් යුක්ත ඉපැරණි චෛත්‍යය තරමක් දුරට විශේෂයි. බුබුලාකාර හැඩයෙන් යුතු මේ චෛත්‍යයේ කොත් කැරැල්ල සිලින්ඩරයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. කොත් කැරැල්ලේ වගේම, හතරැස් කොටුවෙත් සියුම් කැටයම් නිර්මාණ දකින්න පුලුවන්. ස්තූපය වටේට භූමියෙන් හොයා ගත්තු පැරණි සිරිපතුල් ගල් රාශියක් තැන්පත් කරලා තියෙනවා. ස්තූපයේ මුරගල් ඉපැරණි වුණත් හොදින් ආරක්ෂා වෙලා තියෙනවා දකින්න පුලුවන්.
ඊට අමතරව චෛත්‍යය වටේට පිහිටලා තිබුණු ඉපැරණි ගොඩනැගිලි 12ක විතර කුඩා කුඩා නටබුන් කොටස් දකින්න පුලුවන්. සමහරක් නටබුන් අතරේ බහිරව රූප වලින් සැදුම්ලත් ගල් පඩි, පෙන 7 සහ පුන්කලස් මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ් විශාල ප්‍රමාණයක් දැක ගන්නත් පුලුවන්.

විහාරයේ නව බුද්ධ මන්දිරයට වම් පසින් තියෙන ගොඩනැගිල්ල විහාරයේ සංඝාරාමය විදිහට තිබුණු ගොඩනැගිල්ලක් විදිහට තහවුරු කරලා තියෙනවා. ගලින් නිම කරන ලද අත්තිවාරම්, ගල් කණු, කණු රැදවුම් කොටස්, ප්‍රාථමික මට්ටමේ කැටයම් නොකළ මුරගල් සහ සදකඩ පහණ් ඒ අතර දකින්න පුලුවන්.
මේ විහාරයේ බුද්ධ මන්දිරය අද ඊයේ ඉදි වුණු එකක්. මේකෙ ප්‍රතිමා සහ චිත්‍රවල තාත්විකත්වය කොච්චරද කියනවා නම් ජීවිත කාලය තුළ මම බලපු මන්දිර අතරින් ලස්සනම බුද්ධ මන්දිරය, විජිතපුර විහාරයේ බුද්ධ මන්දිරය කියලා කියන්න පුලුවන්.
02. බලපොකුණ රජමහා විහාරය
කිරුලපනේ පිහිටලා තියෙන බලපොකුණ රජමහා විහාරය කියන්නේ ඉතිහාසයට ලැදි බොහෝ දෙනෙක්ට මග ඇරෙන තවත් අප්‍රසිද්ධ විහාරස්ථානයක්. කොහුවල ඉදන් කොළඹ පැත්තට යන කොට, තුන් වෙනි බස් නැවතුම්පොළෙන් බැහැලා (බොතේජු කර්මාන්ත ශාලාව ඉස්සරහින්), මීටර් 300ක් විතර 'බලපොකුණ පුරාණ විහාර පාර' දිගේ ගියාම විහාරයට ළගා වෙන්න පුලුවන්. මේ ප්‍රදේශයට බලපොකුණ කියලා නම හැදෙන්නෙ "බට-පොකුණ" (බට-සොල්දාදුවන්) කියන වචනය විකාශනය වෙලා. ජනප්‍රවාදයට අනුව ගල් තලාවකින් වට වුණු විශාල පොකුණක් සහිත මේ විහාරය සහ කෝට්ටේ රාජධානිය උමගකින් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. කෝට්ටේ රජතුමා රාජධානියේ ඉදන් උමං මාර්ගය හරහා බලපොකුණ විහාරය වන්දනාමාන කරන්නත්, පොකුණෙන් ජල ස්නානය කරන්නත් ඇවිල්ලා තියෙනවා. කෝට්ටේ රාජධානියට 1505න් පස්සෙ එල්ල වුණු පෘතුගීසී ආක්‍රමණ නිසා මේ විහාරය, පොකුණ සහ උමං පද්ධතිය මුලුමනින්ම විනාශ වෙනවා. විනාශ වෙලා ගියපු පොකුණෙන් කුඩා කොටසක් අදත් අපිට දැක ගන්න පුලුවන්.
කෝට්ටේ යුගයෙම පසු කාලය වෙන කොට මේ භූමිය හාස්කම් සහිත භූමියක් වෙනවා. ඒ නිසා මිනිස්සු විශ්වාස කරලා තියෙනවා මේවා දැඩිමුණ්ඩ දෙවියන්ගේ හාස්කම් කියලා. මේ නිසාම පොකුණ ළග දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැප කරපු කුඩා දේවාලයක් නිර්මාණය වෙනවා. මේ දේවාලය හදුන්වන්නෙ "බලගල්ලේ දේවාලය" කියලයි.
පොකුණ, උමග සහ දේවාලය පිහිටලා තියෙන්නෙ ගල් තලාවේ පහළ කොටසෙ. ගල් තලාවෙ ඉහළ කොටසෙ තමයි විහාරස්ථානය තියෙන්නෙ. පෘතුගීසී යුගයේ මුලුමනින්ම විනාශ වුණු මේ විහාරස්ථානයේ අද නම් දකින්න තියෙන්නෙ වර්තමාන ඉදි වුණු ස්තූපයක් සහ බුද්ධ මන්දිරයක්. බුද්ධ මන්දිරය කෝට්ටේ යුගයේ ගෘහ නිර්මාණ කලාවට අනුව වර්තමානයේ ඉදි වුණු එකක්.
බුදු මැදුරේ ප්‍රධාන කොටසේ විශාල ඉදි පිළිමයක් තියෙනවා. ඉදි පිළිමය දෙපැත්තෙ අගසව් දෙනමගේ ප්‍රතිමා, භික්ෂූන් වහන්සේලා දෙනමකගේ ප්‍රතිමා, සුමන සමන් දිව්‍යරාජයාගේ සහ උපුල්වන් දෙවිදුන්ගේ ප්‍රතිමා දකින්න පුලුවන්. බිත්ති සිංහල සැරසිලි මෝස්තර වලින් වගේම මහ රහතන් වහන්සේලාගේ රූපවලින් පුරවලා තියෙනවා. මන්දිරයේ දෙවෙනි කොටස පිහිටලා තියෙන්නෙ ප්‍රධාන කොටස කේන්ද්‍ර කරගෙනයි. දෙවෙනි කොටස පැදකුණු කරන කොට වියන් තලයේ එකිනෙකට වෙනස් මහ නුවර යුගයේ මෝස්තර විශාල ප්‍රමාණයක් බලන්න පුලුවන්. වම් පැත්තේ කොටස සූවිසි විවරණය නිරූපණය කරන ප්‍රතිමා වලටත්, දකුණු පැත්තේ කොටස සත් සතිය නිරූපණය කරන ප්‍රතිමා වලටත් වෙන් වෙලා තියෙනවා.
03. පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය
1420න් පසුව නිර්මාණය වෙන පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය, නිර්මාණය කරන්න අනුග්‍රහය දක්වන්නෙ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමයි. ඒ තමන්ගේ මෑණියන් වුණු සුනෙත්‍රාදේවි බිසව සිහිපත් කරන්නයි. පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන ගැන බොහෝ දෙනෙක් අහලා තිබුණත් රජමහා විහාරය ගැන අහපු සහ දැකපු අය හොයා ගන්නවත් නැති තරම්. පැපිලියාන හංදිය මැද්දේ පිරිවෙන පිහිටලා තිබුණත්, රජමහා විහාරය හංදියේ කෙලවර පිහිටලා තියෙන නිසා හුග දෙනෙක්ගෙ අවධානය දිනා ගන්න සමත් වෙලා නෑ. පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන අද පිරිවෙන් විහාරස්ථානයක් විදිහට වෙනම තිබුණත් කෝට්ටේ යුගයේ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන පාලනය වුණේ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයෙන්.
ඒ විතරක් නෙවේ බෙල්ලන්විල රජමහා විහාරය පාලනය වෙලා තිබුණෙත් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය යටතේ. ඒ පැපිලියාන විහාරයේ ශාඛාවක් විදිහටයි. බෙල්ලන්විල විහාරයේ සියලුම පාලන කටයුතු සිදු වෙලා තියෙන්නෙ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයෙන් බවත් මතක තියා ගන්න ඕන. පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය පුරාවටම පැරණි ගල් කණු, අත්තිවාරම් කොටස් වගේම සෙල්ලිපිත් දකින්න පුලුවන්. සුනෙත්‍රාදේවි පිරිවෙනේ තියෙන සෙල්ලිපි අනුව රජමහා විහාරයට 1450 වෙන කොට අක්කර 378ක භූමි භාගයක් හිමි වෙලා තියෙනවා.

අද වෙන කොට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ ශේෂ වෙලා තියෙන වැදගත්ම කොටස විදිහට ඉපැරණි පිළිම ගෙය හදුන්වන්න පුලුවන්. මේ බුද්ධ මන්දිරයේ කෝට්ටේ යුගයට අයිති බුද්ධ ප්‍රතිමා, මූර්ති සහ සිතුවම් ගණනාවක් දකින්න පුලුවන්. ඒ වගේම මේ බුද්ධ මන්දිරයේ සැලැස්ම, 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරපු කෝට්ටේ රජමහා විහාරයේ බුද්ධ මන්දිරයේ සැලැස්මට 100%ක් සමාන වීම තවත් විශේෂත්වයක්. ඒ විතරක් නෙවේ පැපිලියාන විහාරයේ ප්‍රතිමා සහ සිතුවම් ස්ථාන ගත කරලා තියෙන්නෙත්, කෝට්ටේ විහාරයේ ආකාරයටමයි.
බුද්ධ මන්දිරය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රධාන කොටසෙ තමයි කෝට්ටේ යුගයේ ලක්ෂණ සහිත ප්‍රතිමා තියෙන්නෙ. ප්‍රතිමා ගෘහයේ නැගෙනහිර සහ බටහිර කොටස්වල ඉදි බුද්ධ ප්‍රතිමා ද්විත්වයක් දකින්න පුලුවන්. ප්‍රතිමා ද්විත්වය අසලම හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ උපුල්වන් දේව ප්‍රතිමාවක් දකින්න පුලුවන්. උතුරු කොටසේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙනවා. සැතපෙන ප්‍රතිමාවට ඉදිරිපස තියෙන දකුණු කොටසේ සතර වරම් දේව රූප, මහ රහතන් වහන්සේලා, බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් සිතුවම් කරලා වියන් තලය සහ හිඩැස් සිංහල සැරසිලි මෝස්තර වලින් පුරවලා තියෙනවා.

මන්දිරයේ ප්‍රධාන කොටසට ඇතුල් වෙන්න තියෙන්නෙ ඉපැරණි මකර තොරණක් යටින්. කෝට්ටේ යුගයේ නිර්මාණය වුණු මේ මකර තොරණ, අදටත් සුරක්ෂිතව තිබීම අපි කාගෙත් වාසනාවක්. මකර තොරණේ දොරටු පාල රූප වෙනුවට අඹලා තියෙන්නෙ උපුල්වන්, කතරගම, සුමන සමන් ආදී දෙව්වරුන්ගේ ප්‍රතිමා. මකර තොරණ උඩ සාම්ප්‍රදායික බ්‍රහ්ම සහ දේව මණ්ඩල අඹලා තියෙනවා. තොරණේ මැද කොටසේ කගවේනුන් දෙන්නෙකුත්, තොරණට පිටුපසින් මහ නුවර යුගයේ ලක්ෂණ සහිත මල් සහ ලියවැල් මෝස්තරයකුත් දකින්න පුලුවන්.
බුද්ධ මන්දිරයේ දෙවෙනි කොටස නිර්මාණය කරලා තියෙන්නෙ, ප්‍රධාන හෙවත් ඉපැරණි කොටස කේන්ද්‍ර කරගෙනයි. දෙවෙනි කොටසේ දකින්න තියෙන්නෙ කොළඹ යුගයේ නිර්මාණය වුණු ප්‍රතිමා. දකුණු පැත්තෙ සත් සතිය පිළිඹිබු කරන ප්‍රතිමාත්, වම් පැත්තෙ සූවිසි විවරණය නිරූපණය කරන ප්‍රතිමාත් තැන්පත් කරලා තියෙනවා. ඊට අමතරව මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් සහ සීවලී මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් එහෙමත් දකින්න පුලුවන්.
04. සංඛපාල රජමහා විහාරය
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇඹිලිපිටිය පාරෙ පල්ලේබැද්දටත් ඇඹිලිපිටියටත් අතර මහා මාර්ගය අසල සංඛපාල රජ මහා විහාරස්ථානය පිහිටලා තියෙනවා. දුටුගැමුණු රාජ්‍ය පාලන සමයේ නිර්මාණය වුණු මේ රජමහා විහාරය, නිර්මාණය කරන්නෙ දස මහා යෝධයන් අතර හිටපු "ඵුස්සදේව" කියන යෝධයා. හමුදාවේ දුනුවායෙක් විදිහටත් සේවය කරපු ඵුස්සදේවගේ ප්‍රධාන රාජකාරිය වුණේ ජය සංඛයක් එහෙමත් නැත්නම් හක් ගෙඩියක් පිඹින එක. එළාර සමග පැවති සටන් වලදී, අත්පත් කර ගන්නා සෑම ද්‍රවිඩ හමුදා පාලන ප්‍රදේශයක් පාසාම, ඵුස්සදේවට සංඛය පිඹීමේ රාජකාරිය නියම වුණා. සංඛයෙන් නිකුත් වන හඩෙන්, ඈත ගම් බිම් වලට සංනිවේදනය වුණේ යුද්ධය ජයග්‍රහණය කිරීම අත ළග බවයි. ඒ වගේම ඒ ඔස්සේ හමුදාවේ සෙබලුන්ගේ චිත්ත ධෛර්යත් ඔප් නැංවුණා. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ ඵුස්සදේව කරපු සේවය වෙනුවෙන් රජතුමා පල්ලෙබැද්ද ප්‍රදේශයේ අක්කර 12 000ක භූමි භාගයක්, ගම්වරයක් විදිහට ඵුස්සදේවට දෙනවා.
මේ භූමි භාගය මත තමයි ඵුස්සදේව යෝධයා මේ විහාරය නිර්මාණය කරන්නෙ. විහාරයේ කදු මුදුනේ ජය සංඛය නිධන් කරපු නිසා, මේ විහාරය සංඛපාල විහාරය කියලා ප්‍රසිද්ධ වෙනවා. කාලයක් ගියායින් පස්සෙ ඵුස්සදේවත් භික්ෂු ශාසනයට ඇතුළත් වෙලා, මේ විහාරයේම වැඩ වාසය කරන ගමන්, භාවනා කරලා අර්හත් භාවයට පත් වුණා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. විශාල ගල් තලා සහිත කදු මුදුනක පිහිටලා තියෙන මේ විහාරයේ උසම ස්ථානය විදිහට ස්තූපය පිහිටි ගල් තලාව හදුන්වන්න පුලුවන්. ඒ ස්ථානයට අංශක 360ක වපසරියක් පේනවා. ඒ වගේම විශාල වනාන්තරයකුත් දැක ගන්න පුලුවන්.

ගල් තලාවේ ස්ථරවල පිහිටීම අනුව කොටස් කිහිපයකට බෙදලා තියෙන මේ විහාරයේ ගල් ගුහා 20කටත් අධික ප්‍රමාණයක් දකින්න පුලුවන්. ඒ අතරින් එක් ගල් ගුහාවක් කතරගම දේවාලයක් විදිහටත්, ගල් ගුහා 3ක් බුද්ධ මන්දිර විදිහටත් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. කටාරම් කොටලා තියෙන ඉතිරි ගුහාවල භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ වාසය කරලා තියෙනවා. ඒ බව සංඛපාල විහාරයේ ශිලා ලේඛන වලිනුත් තහවුරු වෙලා තියෙනවා.
කලින් කිව්වා වගේම මේ විහාරයේ ගුහා තුනක් වෙන් කරලා තියෙන්නෙ බුද්ධ මන්දිර විදිහටයි. ඒ අතරින් බුද්ධ මන්දිර දෙකක් වර්තමානයේ නිර්මාණය කරපුවා. 1 වෙනි මන්දිරයේ බුදුන් වහන්සේගේ සත් සතිය නිරූපණය වන ප්‍රතිමා දකින්න පුලුවන්. 2 වෙනි මන්දිරයේ සමාධි ඉරියව්වෙන් වැඩ සිටින ප්‍රතිමාවකුත්, ශාසන ඉතිහාසය සහ සත් සතිය නිරූපණය කරන පැරණි සහ නූතන සිතුවම් විශාල ප්‍රමාණයකුත් දැක ගන්න පුලුවන්.
3 වන ගුහාවේ මහ නුවර යුගයේ ලක්ෂණ සහිත ඉපැරණි සැතපෙන පිළිමයකුත්, විශාල සහ කුඩා ප්‍රමාණයේ ඉදි සහ හිටි ප්‍රතිමා ගණනාවකුත්, මහ නුවර යුගයේ චිත්‍රත් දැක ගන්න හැකියාව තියෙනවා. සියලුම බුද්ධ මන්දිරවල ඡායාරූප ගැනීම තහනම් කරලා තිබුණු නිසා, එකක් දෙකක් හැරුණු කොට, සමස්ථ මන්දිරයම ආවරණය වෙන විදිහට ඡායාරූප ගන්න නම් අපිට අවස්ථාවක් ලැබුණේ නෑ.

05. සපුගස්කන්ද රජමහා විහාරය
කොළඹ නුවර පාරේ කිරිබත්ගොඩ නගරයෙන් මාකොල හංදිය හරහා මේ විහාරයට යන්න පුලුවන්. "සපුගස්කන්ද" කියන්නෙ විහාරය පිහිටලා තියෙන විශාල ගල් කන්ද හදුන්වන්න භාවිතා කරපු නමක්. "ගලේ පන්සල" කියලා ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය වෙලා තියෙන මේ රජමහා විහාරය නිර්මාණය කරන්නෙ ලංකාවේ අන්තිම සිංහල රජතුමා වුණු "ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ" රජතුමා. ඒ ලන්දේසි පාලන අවධියේදියී. එහෙම නිර්මාණය කරපු මේ විහාරයේ පාලන කටයුතු භාර දෙන්නෙ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවටයි. 1505දි ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසී ධූත පිරිස, කෝට්ටේ රජතුමා හමුවෙන්න මාළිගාවට ගියපු මාර්ගය (පරංගියා කෝට්ටේ ගියා වගේ) වැටිලා තියෙන්නෙත් මේ රජමහා විහාරය ආසන්නයෙන්මයි. මේ විහාරය යටතේ පාලනය වුණු විහාරස්ථාන ද්විත්වයක් ගැන සදහන් වෙනවා. ඒ තමයි බියංවලමංකඩ පුරාණ ශ්‍රී මහා විහාරය සහ දෙමටගොඩ ශෛලාරාම විහාරය. හෙළ රජ දවස ඉදලම සපුගස්කන්ද රජමහා විහාරය ලෝ සුපතල මහා සංඝ පීතෘවරුන්ට සෙවණ ලබා දුන් විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.
වැලිවිට සරණංකර සංඝරාජ, ටිබෙට් ජාතික එස්.මහින්ද, කලල් ඇල්ලේ ආනන්ද සාගර (කේයස්), බළංගොඩ ආනන්ද මෛත්‍රෙය, හීනටියන ධම්මාලෝක, තල්පාවිල ශීලවංශ, වල්පොල රාහුල, මංජු ශ්‍රී ආදී වශයෙන් සංඝ පීතෘවරු විශාල සංඛ්‍යාවක් සපුගස්කන්ද රජමහා විහාරයේ නේවාසිකව වැඩ ඉදලා තියෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නයෙන් පිහිටලා තියෙන, මහ නුවර රාජධානි සමයේ නිර්මාණය වුණු සපුගස්කන්ද විහාරය වටා කුඩා ප්‍රමාණයේ වන ලැහැබ්, දිය කඩිති සහ ගල් තලා දකින්න පුලුවන්. විහාරයට පිවිසෙන ස්ථානයේ ඉදලා, ගල් තලාවට වෙනකන්ම අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා අඹලා තියෙනවා. බුදුරදුන් ප්‍රමුඛ ඒ ඒ මහ රහතන් වහන්සේලාගේ දේහ ලක්ෂණ මැනවින් ඉස්මතු වෙන විදිහට නිර්මාණය කරලා තියෙන ඒ ප්‍රතිමා වලට තද වර්ණාලේපයක් යොදලා තියෙනවා.
අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා ආසන්නයෙන්ම නිර්මාණය කරලා තියෙන මහින්දාගමනය දැක්වෙන ප්‍රතිමා, විහාරයට එන හැම කෙනෙක්ගෙම අවධානයට ලක් වෙනවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ.
ඊට පස්සෙ අපිට හමුවෙන්නෙ පොළොන්නරු ගල් විහාරයේ ආකෘතියක්. ඉදි බුද්ධ ප්‍රතිමා ද්විත්වයත්, හිටි ප්‍රතිමාවත්, පරිණිර්වාන ප්‍රතිමාවත් ඒ හා සමානව නිර්මාණය කරන්න උත්සහයක් දරලා තියෙනවා. මේ ප්‍රතිමා සමූහයත් වර්තමානයේ නිර්මාණය වුණු ඒවා. ගල් විහාරයට පිටිපස්සෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියක් දැක ගන්නත් පුලුවන්. අවුකන පිළිමය වටේට අටවිසි බුදුවරු බුද්ධත්වය ලබා ගන්න කොට පිටදුන් බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙනවා. අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා පිටුපසින් බිත්ති පුරාවට මාතුපෝසක ජාතකය, දළදාගමනය, සංඝමිත්තාඝමනය අර්ධ මුර්තියට නගලා තියෙනවා.
රජමහා විහාරයේ ඉතිහාසය අනුව විහාරය මහ නුවර යුගයේ ඉදලම විවිධ ගරා වැටීම් වලට කිහිප වතාවක්ම ලක් වෙලා තියෙනවා. කැළෑවෙන් වැහිලා යෑමත්, ජන ශූන්‍ය කලාපයක් නිර්මාණය වීම සහ ආක්‍රමණ වලට ලක් වීම ඊට හේතු විදිහට දක්වන්න පුලුවන්. ඉතිහාසය අධ්‍යනය කරන්නන්ට අද මේ විහාරයේ අධ්‍යනය කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ බුද්ධ මන්දිරය විතරයි. මහ නුවර යුගයේ පසු භාගයේ නිර්මාණය වෙලා තියෙන මේ සුවිසල් මන්දිරය කොටස් හතරකට බෙදලා තියෙනවා. මන්දිරයේ ප්‍රධාන කොටස විදිහට දෙවෙනි කොටස හදුන්වන්න පුලුවන්.

දෙවෙනි කොටසේ විශාල ඉදි පිළිමයක් තැන්පත් කරලා තියෙනවා. දෙපැත්තෙ හිටි ප්‍රතිමා ද්විත්වයකුත්, හිටි ප්‍රතිමා අසලින් මෛත්‍රී බෝධිසත්වයන්ගේ සහ උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමා ද්විත්වයකුත් දකින්න පුලුවන්. ඒ ඒ ප්‍රතිමා උඩ මකර තොරණ් සහ ෂඩ් වර්ණ මාලා දකින්නත් පුලුවන්. බිත්ති තීරු වලට බෙදලා, හැම තීරුවකම කඩුපුල් මලක් අතින් ගත්තු මහ රහතන් වහන්සේලා දහස් ගණනක් සිත්තම් කරලා තියෙනවා.
ඊළගට අපිට වැදගත් වෙන්නෙ බුදු මැදුරේ පළවෙනි කොටස. ඒ කොටසෙත් උපුල්වන් දේව ප්‍රතිමාවක්, බෝධිසත්ව ප්‍රතිමාවක්, සාමාන්‍ය ප්‍රමාණයේ ඉදි බුද්ධ ප්‍රතිමාවක් වගේම සැතපෙන පිළිමයකුත් දකින්න පුලුවන්. සැතපෙන පිළිමයට ඉස්සරහින් සතර වරම් දේව රූප සිත්තම් කරලා තියෙනවා. ඊට අමතරව බිත්ති කොටස් |
දෙකකට බෙදලා පහළ කොටසෙ එක එක ජාතියේ මල් අතින් ගත්තු මහ රහතන් වහන්සේලාත්, සිංහල සැරසිලි මෝස්තර ආශ්‍රයෙන් නිර්මාණය කරපු මල් වර්ගත්, මිත්‍යා සත්ව රූපත්, ඉහළ කොටසේ සූවිසි විවරණයත් දකින්න පුලුවන්. ප්‍රතිමා මහ නුවර යුගයේ නිර්මාණය වුණත් ඒවායේ කෝට්ටේ යුගයේ ලක්ෂණත් සුළු ප්‍රමාණයක් ගැබ් වෙලා තියෙනවා.
තුන්වෙනි කොටසේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා, ජාතක කතා නිරූපණය වෙන මෑත කාලයේ නිර්මාණය කරපු බොහොම තාත්වික මට්ටමේ ප්‍රතිමා දකින්න පුලුවන්. ඒ ඒ ප්‍රතිමාවලට පිටුපසින් තියෙන බිත්තිවල, ඒ ඒ කතාවට ගැලපෙන ආකාරයේ සිතුවම් සිත්තම් කරලා තියෙනවා. වියන් තලයේ අපේ රටේ ඉපැරණි පූජනීය සිද්ධස්ථාන සිතුවම් කරලා තියෙනවා.
බුද්ධ මන්දිරයේ හතර වෙනි කොටසෙන් තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කොටස් වලට පිවිසෙන්න තියෙන්නෙ. ඒ ඒ කොටස්වල දොරටු වලට ඉහළින් විශාල මකර තොරණක් සහ සාමාන්‍ය ප්‍රමාණයේ දොරටු පාල රූප, මධ්‍යම ප්‍රමාණයේ සිංහ රූප අඹලා තියෙනවා. හතර වෙනි කොටසත් ගොඩක් ඉපැරණියි. මකර තොරණේ හරි මැද තියෙන ප්‍රතිමාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ ප්‍රතිමාවක් විදිහට හදුනාගෙන තියෙනවා. ඒ ප්‍රතිමාවෙ බෝධිසත්ව ලක්ෂණ නොමැති වීම සහ රාජකීය ලක්ෂණ ඉස්මතු කරලා තිබීම එහෙම හදුන්වන්න හේතු වෙනවා. ඉතිරි බිත්ති තීරු ගණනාවකට බෙදලා අඛන්ඩකථන ක්‍රමයට ජාතක කතා විශාල ගාණක් සිතුවම් කරලා තියෙනවා. මේ මන්දිරයේ බිත්තිවල සිතුවම් නොකරපු කොටසක් නෑ. සිතුවම් අධ්‍යනය කරපු ඉතිහාසඥයන්ගේ මතය අනුව සිතුවම්වල විවිධ කාලවල්වල ලක්ෂණ තියෙනවා. ඒ නිසා සිතුවම් විටින් විට, එක එක කාලවල නිර්මාණය කරපුවා මිසක්, එකම කාලයේ නිර්මාණය කරපුවා නෙවේ. වියන් තලයේ එකිනෙකට වෙනස් මහා පරිමාණයේ සිංහල සැරසිලි මෝස්තර 20කට වැඩි ප්‍රමාණයක් සිතුවම් කරලා තියෙනවා.
බුදු මැදුර හරහා චෛත්‍යය මළුවට පිවිසෙන්න පුලුවන්. බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නෙ චෛත්‍යය මළුවට පහළින් තියෙන ගල් ස්ථරයේ. එතනට ගියාම ශ්‍රී පාද කන්ද, කොළඹ නගරය වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනි දැල්ලත් හොදින් දැක ගන්න පුලුවන්. බෝධීය ආසන්නයේ පුංචි දිය කඩිත්තක් තියෙනවා. ඒ ළගින්ම කුඩා ප්‍රමාණයේ ඉපැරණි ස්තූපයක ආකෘතියක් දකින්න පුලුවන්.
06. තන්තිරිමලේ පුරාණ සංඝාරාමය
අනුරාධපුරයේ යන ගොඩක් දෙනෙක් ජීවිතයේ එක වතාවක් හරි අනිවාර්යෙන් වැද පුදා ගන්න යන සිද්ධස්ථානයක් විදිහට තන්තිරිමලේ රජමහා විහාරය හදුන්වන්න පුලුවන්. තිවක්ක බමුණුගම කියලා අතීතයේ හදුන්වපු තන්තිරිමලේ හරහා තමයි ශ්‍රී මහා බෝධිය අනුරපුරයේ මහ මෙව්නා උයනට වැඩම කළේ. ශ්‍රී මහා බෝධියෙන් හට ගත්තු අෂ්ට ඵල රූපී ශාඛාවලින් එක ශාඛාවක් තමයි තන්තිරිමලේ බෝධිය. අක්කර 250කටත් වැඩි භූමි භාගයකට හිමිකම් කියන මේ පුද බිමේ බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නෙ ශෛලමය සැතපෙන සහ සමාධි ප්‍රතිමා ද්විත්වයටත්, ස්තූපය සහ බෝධියටත්, කෞතුකාගාරයටත්, විශාල පොකුණ සහ නව බුදු මැදුරටත් විතරයි. ඒත් මේ පූජා භූමිය පුරාවටම තවත් දැක බලා ගත යුතු ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ අතරට තන්තිරිමලේ සංඝාරාමයත් අයිති වෙනවා. ඒ හැරුණු කොට වැදි චිත්‍ර ලෙන, පොත්ගුල ආදී ස්ථානත් නම් කරන්න පුලුවන්.
ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ ඉදි කෙරුණු මේ ගොඩනැගිල්ල විහාරයේ ප්‍රධාන සංඝාවාසය විදිහට හදුනාගෙන තියෙනවා. ඒ කියන්නෙ මහා නායක පදවිය ධරපු ස්වාමීන් වහන්සේ වැඩ සිටි ආරාමයයි. ගල් සහ ගඩොල් උපයෝගී කරලා නිර්මාණය කරලා තියෙන මේ ගොඩනැගිල්ල කොටස් කිහිපයකින් යුක්තයි. මැද කොටසේ ගලින් නිම කරපු හතරැස් පොකුණකුත්, ඉදිරිපස සහ පසුපස ගල් පඩි පෙළකුත්, කෙළවරේ වජ්‍රාසනයක් සහ ගල් කණු රදවලා තබපු ශෛලමය කොටස් දැක ගන්න පුලුවන්.

07. වෙස්සගිරිය
අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයට දකුණු පැත්තෙ ඉදන් හැතැප්ම 1/2ක් විතර ගියාම වෙස්සගිරිය දැක ගන්න පුලුවන්. වෙස්සගිරිය කියලා කියන්නෙ ලංකාවේ පළවෙනි භික්ෂු ආරාම වලින් එකක්. මිහිදු හිමියන්ගෙන් පැවිදි බව ලැබූ, වෛශ්‍යය කුලයට අයත් භික්ෂූන් 500ක් මෙහි වාසය කළ නිසා මේ ආරාමය වෙස්සගිරිය (වෛශ්‍යය+ගිරි) බවට පත් වෙනවා. විශාල භූමි භාගයක් පුරාවටම වෙස්සගිරි ආරාමය දිව යනවා. වෙස්සගිරි ආරාමයට ඇතුල් වෙන කොටම අපිට හමු වෙන්නෙ නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණයක්. ගල් කණු පමණක් ශේෂ වෙලා තියෙන මේ ගොඩනැගිලි අනුරපුර යුගයේ පසු භාගයේ නිර්මාණය වුණු ඒවා විදිහට හදුනාගෙන තියෙනවා.
භූමියට පිවිසෙන තැනම තියෙන නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණය පහු කරගෙන ආරාමය ඇතුළට යන කොට සාමාන්‍ය ප්‍රමාණයේ ගිරි ලිපියක් දකින්න පුලුවන්. මේ ලිපිය වෝහාරිකතිස්ස රජුගේ පුත්‍රයෙක් වුණු දෙවන සිරිනාග රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී, බක් මස තුන්වන දින ලියන ලද ලිපියක්. පැරණි සිංහල භාෂාවෙන්, අපර බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියලා තියෙන මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි වෙස්සගිරි ආරාමය ගැන කිසිවක් සටහන් කරලා නොමැති වීම සහ රජු විසින් අවට ගම්බිම් වල කරන ලද සංවර්ධන කටයුතු ගැන පමණක් සදහන් වීම. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට අයිති මේ ලිපියට වම් පැත්තෙන් ගල් පඩි පෙළක් දකින්න පුලුවන්. ගල් පඩි පෙළ ඔස්සේ ආරාමයේ ගල උඩ පිහිටලා තියෙන කොටසට පිවිසෙන්න පුලුවන්. කුඩා ප්‍රමාණයේ පොකුණු සහ භික්ෂූන් වහන්සේලා වැඩ විසූ ගල් ගුහා 23කින් සමන්විත ඉහළ කොටසට පිවිසියාම අනුරාධපුරයේ පූජා භූමියත් හොදින් දිස් වෙනවා.
ගල් ලෙන්වල කටාරමට ඉහළින් කොටලා තියෙන සෙල්ලිපි ලංකාවේ පැරණිතම සෙල්ලිපි කියලා හදුනාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉපැරණිම චිත්‍රත් අපිට වෙස්සගිරි විහාරයේ ගල් ලෙන් වලින් හමු වෙනවා. විහාරයේ ගල් තලාව පුරාවටම පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් යුක්ත, ලංකාවේ පැරණිම සෙල්ලිපි දැක ගන්න පුලුවන්.

ගල් තලාව උඩත් නටබුන් වුණු ආරාමයක කොටසක් දැක ගන්න පුලුවන්. ගල් කණු අතර අපිට ආරාමයේ ඉපැරණි ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් සහ කොරවක්ගලක් දැක ගන්න පුලුවන්. බැලූ බැල්මට මේවා හුණු ගල් වලින් තමයි නෙළලා තියෙන්නෙ. ඊට අමතරව කාල හෝරා චක්‍රයක්, වජ්‍රාසනයක් සහ සිරිපතුල් ගලකුත් භූමියේ දකින්න පුලුවන්.
ගල් තලාව මත තියෙන සෙල්ලිපි කිහිපයක පින්තූර පහළින් දැක ගන්න පුලුවන්..!!!!!
08. ඉසුරුමුණි රංමසු උයන
අනුරාධපුර ඉසුරුමුණි රංමසු උයන ගොඩක්ම සුප්‍රසිද්ධ වුණේ ඊයෙ පෙරේදා. ඒ අපේ අය ආයිත් රාවණා ශිෂ්ටාචාරය ගැන තොරතුරු ගවේෂණය කරන්න පටන් ගන්නවත් එක්ක. රංමසු උයන ගැන පත්තරවල, සගරාවල කොච්චර ලිපි පල වුණත් තාමත් මේ ප්‍රදේශය ජනතාවගේ "සෘජු" අවධානයට ලක් වෙලා නෑ. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් ප්‍රදේශයට ළගා වෙන්න පුලුවන් ගමන් මාර්ගය පෙන්නුම් කරන නාම පුවරු එකක්වත් ස්ථානගත කරලා නොමැති වීම ගැන දක්වන්න පුලුවන්. රංමසු උයනට පිවිසෙන ගමන් මාර්ගය ගැන සදහනක් කළොත්, ඉසුරුමුණි රජමහා විහාරයට වම් පැත්තෙන් තියෙන පුංචි ගුරු පාර දිගේ ඉස්සරහට ගිහින්, තිසා වැවේ බැම්ම උඩට නැගලා, වම් පැත්තට හැරිලා සැළකිය යුතු දුරක් ගමන් කළාම, වම් අත පැත්තෙ පහළට වෙන්න හමු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ පුත් කුමාරයා වුණු සාලියට, අශෝකමාලාව මුණ ගැහුණු රංමසු උයන නොහොත් මේ මගුල් උයන නිර්මාණය වෙන්නෙ දේවානම්පියතිස්ස රජ දවසේ. එදා ඉදලා මේ උයන රජවරුන්ගේ රාජකීය උද්‍යානය විදිහට පරිහරනය වෙනවා. දේවානම්පියතිස්ස රජ දවස ඉදලා අනුරපුර යුගයේ පසු භාගය වෙනකන් විවිධ රජවරු අතින් විවිධ ඉදි කිරීම් මේ උයනේ නිර්මාණය වෙලා තියෙනවා. සීගිරි උද්‍යානයට විතරක් දෙවෙනි වෙන මේ උද්‍යානයේ, උද්‍යානයක තියෙන්න ඕන සෑම සියලු දෙයක්ම දකින්න පුලුවන්. හැබැයි අද වෙන කොට නම් මේ ඔක්කොම නටබුන් බවට පත් වෙලා.
රංමසු උයනට ඇතුල් වුණායින් පස්සෙ විශාල නටබුන් ගොඩක් මැද්දෙන් අපිට පල්ලෙහට බහින්න වෙනවා. මෙහෙම පල්ලෙහට බහින කොට හමුවෙන ප්‍රධානතම සංධිස්ථානය විදිහට ශෛලමය පොකුණ හදුන්වන්න පුලුවන්. මේ පොකුණේ උඩ කොටසේ කුඩා ප්‍රමාණයේ කුටියක් තියෙනවා. පොකුණෙන් ජලස්නානය කරන්න කලින්, වස්ත්‍ර මාරු කරපු ස්ථානය විදිහට මේ කුටිය හදුනාගෙන තියෙනවා. කුටිය දෙපැත්තෙ ගලෙ "දිය කෙළින ඇතුන්ගේ රූප" කැටයම් කරලා තියෙනවා. මේවා බොහෝ දුරට ඉසුරුමුණි රජමහා විහාරයේ පොකුණ ළග කැටයම් කරලා තියෙන ඇතුන්ගේ රූපවලට සමානයි. හැබැයි ඊට වඩා ගල ඇතුළට වෙන්න කැටයම් කරලා තියෙනවා.
මේ පොකුණ පහු කරගෙන ටික දුරක් ඉස්සරහට ගියාම හමු වෙන කුඩා පාරෙන් දකුණු පැත්තට හැරිලා යන කොට නටබුන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. මේ නටබුන් කන්දරාවෙන් හෙළ රජ දවස මේ උයන තිබුණු විදිහ ගැන හොද රූපයක් මවා ගන්න පුලුවන්. මේ නටබුන් අතරේ කැටයම් නොකරපු කොරවක්ගල්, මුරගල්, ගල් පඩි, ආසන, ගල් කණු, සදකඩ පහණ්, කුඩා ප්‍රමාණයේ පොකුණු, අත්තිවාරම් කොටස්, පාලම්වල කොටස් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. රංමසු උයන කියන්නේ ආගමික නොවන ස්ථානයක්. මේ වගේ ස්ථානයකින් සදකඩ පහණක් සොයා ගැනීමෙන් අපිට තීරණය කරන්න පුලුවන්, සදකඩ පහණ කියන්නෙ බෞද්ධ පූජනීය ස්ථාන වලට සීමා නොවී ඉන් ඔබ්බට ගියපු කලා නිර්මාණයක් කියලා.
මේ නටබුන් ගොඩ පහු කරලා තවත් ඉස්සරහට යන කොට, තවත් පොකුණක් හමු වෙනවා. මුලින්ම හමු වුණු පොකුණට වඩා මේ පොකුණේ ආකෘතිය ටිකක් වෙනස්. පොකුණේ ගල් ආසන දෙකක් තැන්පත් කරලා තියෙනවා. ඒවායේ ආරුක්කු සහිත කැටයම් දකින්න පුලුවන්. පොකුණ උඩ නිර්මාණය කරලා තියෙන කුටිය, ගොඩක් විශාලයි. කුටියට ඇතුල්වෙන ස්ථානය ඉස්සරහින් ඇතෙකුගේ හැඩයට කැටයම් කරපු කොරවක් ගලකුත්, පුන්කලස් රූප සහිත මුරගලකුත් දකින්න පුලුවන්. වම් පැත්තෙන් තියෙන කුඩා පොකුණ, ප්‍රධාන පොකුණේ ජලය පිරිපහදු කරන්න භාවිතා කරපු එකක්. මේ උද්‍යානයේ තියෙන හැම පොකුණකටම වතුර එන්නෙ තිසා වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහා.
මේ පොකුණත් පහු කරලා තවත් ඉස්සරහට යන කොට උද්‍යානයේ තියෙන නටබුන් ටික ඉවර වෙනවා. ඒත් එක්කම දකුණු අත පැත්තෙන් ගල් පර්වතයක් හමු වෙනවා. මේ ගල උඩට නැග්ගම, ගලට හේත්තු වෙලා තියෙන තවත් ගලක් හමු වෙනවා. මේ ගල උඩටත් නැග්ගම තමයි ආන්දෝලනාත්මක කතා බහකට භාජනය වුණු "සක්වල ගල" දකින්න පුලුවන් වෙන්නෙ. ගලේ පිටිපස්සෙ කැටයම් කරලා තියෙන නිසා මේක ඉස්සරහට පේන්නෙ නෑ. ඒ නිසා උයනට එන ගොඩක් දෙනෙක්ට මේක මග ඇරෙනවා. මේ ස්ථානයේ ගල් තලාවක් මත වෘත්තයක් ඇදලා, ඒක ඇතුළත නොයෙක් නොයෙක් සංඛේත සටහන් කරලා තියෙනවා දකින්න පුලුවන්. මේ සංඛේත වලින් නිරූපණය වෙන්නේ විශ්වයේ තියෙන වෙනත් චක්‍රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ජීවීන් සිටිනා ග්‍රහලෝකවලට පෘතුවියේ සිට යානයකින් ගමන් කළ යුතු සැලැස්මයි. තාක්ෂණය මීට වඩා දියුණු වුණු යුගයක, මේ සැලැස්ම නිසියාකාරව අවබෝධ කර ගත්තොත් අපිට නැවතත් ඔවුන් සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්න පුලුවන්.
රාවණා ශිෂ්ටාචාරයට සම්බන්ධ ලෝකයේ රටවල් කිහිපයකින්ම සක්වල ගල් හොයාගෙන තිබුණත්, ඒවා අතරින් වඩාත්ම පැහැදිලි සක්වල ගල විදිහට රංමසු උයනේ සක්වල ගල හදුන්වන්න පුලුවන්. ඊජිප්තුවේ සහ පේරු රටේ සක්වල දොරටුවල තියෙන ගොඩක් සංඛේත අපේ සක්වල දොරටුවෙත් සටහන් වෙලා තියෙනවා. ඊට එහා පැත්තෙන් විශාල කණුවක් දකින්න පුලුවන්. ඇතැම් අය විශ්වාස කරන විදිහට පැරැන්නෝ මේක උඩ අධි බලැති පලිගු බෝලයක් ස්ථානගත කරලා, ඒ හරහා වෙනත් වෙනත් ග්‍රහලෝක වලට ගිහින් තියෙනවලු. සමහරක් විට රුවන්වැලි සෑය වගේ විශාල ගොඩනැගිලි නිර්මාණය වීමට පිටසක්වල තාක්ෂණය යොදා ගත්තා වෙන්නත් බැරි කමක් නෑ. රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය කරන දවසේ ආකාසයෙන් එළිය විහිදුවමින් ආපු නොයෙක් නොයෙක් හැඩයෙන් යුතු ජීවීන් සහ ඔවුන්ගේ වාහන ගැනත් අපේ රටේ ඉපැරණි පොත්පත්වල සදහන් වෙනවා. මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ හිටපු පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූවත් කුමක් හෝ කරුණක් නිසා ඒ සබදතා බිද වැටිලා තියෙනවා. අද වුණත් පිටසක්වල ජීවින් ආලෝක වර්ෂ ගණනාවක් එහා ඉදලා පෘතුවියට එන්නෙ ,අතීතයේ පැවැත් වූ ඒ සබදතා නිසා හෝ ඒ සබදතා අලුත් කර ගන්න ඕන නිසා වෙන්නත් බැරි කමක් නෑ.

ඒ වගේම මේ තාරකා දොරටුව හරහා අවුරුදු 6000කට කලින් මහා රාවණ රජ දවසේ වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණා කියලත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා. (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්) ඒක සත්‍යක් නම මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාරවල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරලා ,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගන්න ඇති.
මුලු මහත් ලෝකයා වශී කළ සීගිරිය අවුරුදු 6000කට පෙර මහා රාවණයන්ගේ රජ මාළිගාව වෙලා තිබුණා කියලා මතයක් තියෙනවා. රාවණා යුගයේ අපේ මුතුන් මිත්තෝ ඒ විදිහට සම්බන්ධතා ගොඩ නගපු බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් හමු වුණු මැටි ඵලකයක තිබුණු "බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" දැක්වෙන සටහනෙන් මේ මතයත් එක්තරා ප්‍රමාණයකට තහවුරු වෙනවා.
සිංහ මිනිසුන් ;- සිංහ නමින් සිඔහලයන් / හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි ;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා)
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රා වල රූපත් ඇදලා තියෙනවා.

රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මගුල් උයනේ කියලා සමහරක් අය කියනවා. ඒ වගේම රාවණා රජුට විකිරණශීලී අවි ආයුධ තිබුණා කියලත් බොහෝ දෙනෙක් කියනවා. සක්වල ගලෙන් නොනැවතී රංමසු උයන තවත් ගොඩක් ඈතට විහිදිලා යනවා. ගමන් මහන්සිය නිසාම සක්වල ගල තියෙන ප්‍රදේශයෙන් නැවතුනත්, උයනේ කෙළවරින් විශාල පොකුණු සමූහයක් පිහිටලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා.
|