පන්සල පන්සලක් කරමු
Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය පටන් ගත්තායින් පස්සෙ අපිට, කලින් අවුරුදු වලට සාපේක්ෂව අපේ රටේ තියෙන බෞද්ධ පූජනීය සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් බලන්න යන්න අවස්ථාව ලැබුණා. මේ ලිපිය ලියන මොහොත වෙන කොටත් (2014.09.07) අපේ රටේ නූතන සහ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන 147කට පා තබන්න අපිට හැකියාව ලැබුනා. අද වෙන කොට අපේ රටේ හැම ගමකම අවම වශයෙන් එක පන්සලක් හරි තියෙනවා. පන්සල් තුන හතරකට හිමිකම් කියන ගම් නැතුවා නෙවේ. පන්සලක් කියලා කියන්නෙ හුදෙක් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ස්ථානයක් විතරක්ම නෙවේ. ගිහියන් පවා නිතර යන එන, විමුක්තිය(නිවන) උදෙසා ආධ්‍යාත්මය ගොඩ නගා ගැනීමට උත්සාහ කරන ස්ථානයක්. ඉතින් Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය වෙනුවෙන් අපි බලන්න ගියපු විහාරස්ථාන වලදි අපිට දකින්න ලැබුණු දේවල් කිහිපයක් පාදක කරගෙන මේ ලිපිය ලියන්න හිතුවා.
ජීවමාන බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන්ම බුද්ධ ප්‍රතිමා නෙළීමේ කලාව තිබිලා තියෙනවා. ජීවමාන බුදු හාමුදුරුවන්ගේ ශරීර ප්‍රමාණයටම, බුදු හාමුදුරුවන්ගේ රූපයක් සදුන් දර ලීයකින් නෙළලා, මාළිගාවෙ තියලා කොසොල් රජතුමා ජීවමාන බුදුන්ට කරනවා හා සමානව ඒ රූපයට වන්දනාමාන කළා කියලා කෝසල බිම්බ වර්ණනාවේ සදහන් වෙනවා. ඒ වගේම ලංකාවේ දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා රාජ්‍ය පාලන කාලවලත් ප්‍රතිමා නෙලීමේ කලාව තිබිලා තියෙනවා. ඒ නිසා ලෝකයේ පළවෙනි බුද්ධ ප්‍රතිමාව කැටයම් කිරීමේ ගෞරවය කනිෂ්ක රජතුමාගෙන් ගිලිහිලා තියෙනවා. ඒත් ක්‍රමවත් විදිහට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ කලාව, ලෝකයේ සතර දිග් භාගයටම ව්‍යාප්ත කිරීමේ ගෞරවය කනිෂ්ක රජතුමාට හිමි වෙන්න ඕන.
මේ වෙනකොට ග්‍රීසියේ දේව ප්‍රතිමා නෙළීමේ කලාව ආරම්භ වෙලා. ඒ නිසා රජතුමා ග්‍රීසියෙන් දක්ෂ ශිල්පීන් පිරිසක් ඉන්දියාවට ගෙන්න ගන්නවා. ඊට පස්සෙ ඉන්දියාවේ වැඩ උන් අතීතය දැකීමේ ඥාණයක් තියෙන මහ රහතන් වහන්සේලාගෙන්, සැබෑ ගෞතම බුදු හාමුදුරුවන්ගේ අභ්‍යන්තරික සහ භාහිර දේහ ලක්ෂණ ගැන තොරතුරු ලබාගෙන, ඒ තොරතුරු පදනම් කරගෙන, ග්‍රීක ශිල්පීන් ලවා බුද්ධ ප්‍රතිමාවක් නෙළනවා. ඊට පස්සෙ ග්‍රීක ශිල්පීන් විසින් ඉන්දියානු කැටයම් ශිල්පීන් වෙතටත්, ඉන්දියානු කැටයම්

ශිල්පීන් වෙතින් මුළු මහත් ලෝකයටත් මේ පිළිම නෙළීමේ කලාව ව්‍යාප්ත වෙනවා. යුගයෙන් යුගයට, කාලයෙන් කාලයට, රටින් රටට බුද්ධ ප්‍රතිමා වෙනස් වුණත් අපි හැමෝම වන්දනාමාන කරන්නෙ එකම බුදු කෙනෙකුට. රහත් නොවූ පෘතග්ජන අපි බුදු පිළිම නිර්මාණය කරලා ඒවා වන්දනා කරනවා. බුද්ධ ප්‍රතිමා වන්දනා කිරීමෙන් අපි විශාල මානසික සුවයක් ලබනවා.
ප්‍රතිමාව ඉස්සරහා බුද්ධානුස්සතිය වඩනවා. උන්වහන්සේගේ කරුණාබර දෙනෙත් දිහා බලලා අපේ ප්‍රශ්න, දුක්ගැනවිලි හිතින් ප්‍රකාශ කරනවා. බුදු පිළිමයක් දිහා අපි බලාගෙන ඉන්න කොට අපේ හිත ඉබේම සමාධි ගත වෙනවා. ඒ නිසා බුද්ධ ප්‍රතිමාවක් දිහා අපිට ඕනෑම වෙලාවක්, එකම ඉරියව්වෙන්, දවසක් වුණත් බලා ගෙන ඉන්න පුලුවන්. |
බුද්ධ ප්‍රතිමාවන් අජීවී වුණත්, ඒවායෙන් නිරූපණය කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේවයි. ඒත් අපේ සැදැහැති බෞද්ධයන්ගේ තියෙන "අධික ශ්‍රද්ධාව" නිසා නොදැනුවත්කමින්ම අතපසුවීම් ගොඩක් වෙනවා. ඒකෙන් වෙන්නෙ බුදුරජාණන් වහන්සේට විශාල අගෞරවයක් වෙන එක. පිංකම් කර ගන්න විහාරයට ඇවිත්, ගොංකම් කරලා පව් රැස් වෙන එක. ගොඩක් විහාරස්ථානවල මල් ආසනයේ මදිවට, සමාධි ඉරියව්වෙන් භාවනායෝගීව නිර්මාණය කරලා තියෙන බුද්ධ ප්‍රතිමාවල දෙඅත් වලත් මල් තියලා.
බුදු හාමුදුරුවන්ට පිළියෙල කරන දානය අපි උන්වහන්සේ වෙනුවෙන් පිළිවෙලකට පූජා කරන්න ඕන. ඒත් සමහරක් විහාරස්ථානවල ඒ දේ හරියටම දකින්න නෑ. ආහාර බන්දේසිය අගක් මුලක් නැතුව පිරිලා ඉතිරිලා යන තරමටම පුරවලා. බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන අතුරුපස වර්ගත් (පළතුරු), ප්‍රධාන බන්දේසිය ඇතුළටම ඔබලා. කෙහෙල් ඇවරි පිටින් දාලා. ප්‍රධාන බුද්ධ පූජාවට අදාළ නොවන ආහාර පාන තියෙනවා නම්, ඒවා වෙනමම තැන්පත් කරන්න වග බලා ගන්න ඕන. ඒ විතරක් නෙවේ සමහරක් පන්සල්වල දවල් තැන්පත් කරපු බුද්ධ පූජාව රෑටත් එහෙම්මමයි. ආහාර පාන වලට ඇදිලා එන පුංචි පුංචි කෘමී සතුන්ගෙන් මුළු පළාතක්ම පිරිලා.
නිගන්ඨනාතපුත්ත කියන්නෙ ජීවමාන බුදු හාමුදුරුවන්ගෙ කාලයේ ඉන්දියාවෙ හිටපු තවත් ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයෙක්. බුදුරජාණන් වහන්සේගේ සහ නිගන්ඨනාතපුත්තගේ ජීවිත කතාව වගේම, ඉගැන්වීම් එහෙමත් සුළු වශයෙන් හෝ සමානයි. ශ්‍රී ලංකාවෙන් තුරන් වුනාට ඉන්දියාවේ අදත්, නිගන්ඨනාතපුත්තගේ ජෛන දහම ආරක්ෂා වෙලා තිබෙනවා. ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමා සහ නිගන්ඨනාතපුත්ත හෙවත් ජෛන මහාවීරගේ ප්‍රතිමා එක සමානයි. ශාස්තෘවරු දෙදෙනාව නිවැරදිව හදුනා ගන්න පුලුවන් එකම ක්‍රමය තමයි වස්ත්‍රය. බුද්ධ ප්‍රතිමාවල සිවුරක් කැටයම් කරලා තියෙනවා දකින්න පුලුවන්. ඒත් මහාවීර ප්‍රතිමාවල කිසිම වස්ත්‍රයක් (ඇදුමක්) දකින්න නෑ. මොකද ජෛනයන් ශරීරයට අධික දුක් දීමේ අරමුණින් නිර්වස්ත්‍රව හිටියා.

අපේ විහාරස්ථානවල ප්‍රතිමා නිර්මාණය කරපු මුර්ති ශිල්පීන් කවදාවත් බුදුරජාණන් වහන්සේව, ජෛන මහාවීරට ආරෝපණය කළේ නෑ. බුද්ධ දේහය වටේට හොදින් සැකසූ චීවරයක් කැටයම් කළා. තනි රැලි හෝ දෙරැලි හෝ රැලි නොහිටින විදිහට චාම් ආකාරයට නිර්මාණය කරලා කහ/තැඹිලි/රතු/දුඹුරු පැහැයෙන් වර්ණවත් කළා. බුදු පිළිම කොච්චර චමත්කාරජනකද කියනවා නම් වැඩිහිටියන්ටත් කලින් පුංචි ළමයින්ගේ ආකර්ශනය දිනා ගන්න සමත් වෙනවා. සමහරක් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා වලටත් සිවුරු අන්දවලා. පුදුමෙ කියන්නෙ කලා ශිල්පියා බුද්ධ ප්‍රතිමාවට ලස්සන චීවරයක් කැටයම් කරලා තියෙද්දිත් සිවුරු අන්දවන එකයි. ඒත් බුද්ධ |
ප්‍රතිමාවට කතා කරන්න පුලුවන් නම්, උන්වහන්සේ අපිට කියයි "මේ සිවුර දුෂ්කර පලාතක වැඩ වාසය කරන, භික්ෂූන් වහන්සේ නමකට පූජා කරන්න" කියලා. ගොඩක් පන්සල්වල පිළිමගෙය ඇතුලෙ ප්‍රතිමාවල මකුළු දැල් බැදිලා. දූවිලි තට්ටු වලින් පිරිලා. අපේ හාමුදුරුවරුන්ට මේ ප්‍රතිමා පිරිසිදු කරන්න මතක් වෙන්නෙත් වෙසක් පුර පසළොස්වක පෝයක් ළග එන කොට විතරයි. ඒ නිසා බුද්ධ මන්දිර සතියකට එක වතාවක් හරි පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් විහාරාධිපති, විහාරාධිකාරී, විහාරවාසී හිමිවරු සහ දායක ඇත්තන් එකතු වෙලා සංවිධානය කර ගන්නවා නම් ගොඩක් වටිනවා.
වයස අවුරුදු 80දී බුද්ධ පරිණිර්වානයට ආසන්න වෙන කොට බුදුරජාණන් වහන්සේගේ ශරීරය වෙනස්කම් රැසකට භාජනය වුණා කියලා ධර්මයේම සදහන් වෙනවා. උන්වහන්සේගේ ශරීරයෙන් නිකුත් වෙන ෂඩ් වර්ණ මාලාවේ දීප්තිය අඩු වීම, කොණ්දේ සහ උදරයේ ආබාධ වලින් පෙලීම, ඇවිදීමේ අපහසුතා ඇති වීම, ශරීරය රැලි වැටීම ආදීය උදාහරණ විදිහට දෙන්න පුලුවන්. බුද්ධ පරිණිර්වානයට ආසන්න වෙන කොට බුදුරජාණන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන්ව අමතලා කිව්වෙ "ආනන්දය, මට ක්ලාන්තය දැනෙයි. හිඳගන්න අසුනක් පනවන්න. ආනන්දය, මට පිපාසයි. පානය කිරීමට වතුර ටිකක් ගෙනෙන්න. මගේ වයස ගත වී ඇත. ඉතිරිව ඇත්තේ තවත් ස්වල්පයෙකි. මම දැන් ජරාවෙන් දිරුණේ වෙමි, වයසින් වැඩි සිටීයේ වෙමි, ජාතියෙන් මහලු බවට පැමිණියේ වෙමි, බොහෝ කල් ඉක්ම වූයෙමි. වයස්හූගේ කෙළවරට පැමිණියෙමි, මාගේ වයස දැන් අසූවක්ව පවතී. ආනන්දය, ජරාවට පැමිණි රථයක් පෑස්සීමාදියෙන් ප්‍රතිසංස්කරණ කිරීමෙන් යම්සේ පවතීද ආනන්දය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරිරය අර්හත් එල වේගයෙන් බඳනා ලදුව යැපේයයි සිතමි" කියලයි.
ඒත් අපි විහාරස්ථානවල බුද්ධ මන්දිර වලට පිවිසුනාම අපි හැම තැනම දකින්නෙ තරුණ බුදු කෙනෙක්ව. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවේ වයස අවුරුදු 80දි වුණත් අපේ විහාරස්ථානවල පිරිනිවන් පාන්නෙ වයස අවුරුදු 35ක විතර තරුණ බුදු කෙනෙක්. තවත් ප්‍රතිමා බලාගෙන ඉස්සරහට යන කොට අපිට හැගෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවේ සියලුම සිදුවීම් වෙලා තියෙන්නෙ එකම වයසකදි වගේ හැගීමක්. එහෙමත් නැත්නම් බුදු කෙනෙක් යනු කවදාවත් වයසට නොයන පුද්ගලයෙක් කියලා.

ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ලස්සනම චිත්‍ර සහ ප්‍රතිමා කලාව තියෙන්නෙ අපේ රටේ. ඒත් මේ සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕන කියන එකයි "මගේ පෞද්ගලික අදහස". බුද්ධ ධර්මයට අනුව අපේ ප්‍රධාන අරමුණ තමයි උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. නිර්වාණය සදහා ශ්‍රද්ධාව සහ ප්‍රඤ්ඤාව කියන කරුණු දෙක ගොඩක් වැදගත් වෙනවා. ශ්‍රද්ධාව ඔස්සේ තමයි ප්‍රඤ්ඤාවට එළඹෙන්න පුලුවන් වෙන්නෙ. ප්‍රඤ්ඤාව ඔස්සේ තමයි අපිට නිවන් මග සාක්ෂාත් කර ගන්න පුලුවන් වෙන්නෙ. බුද්ධ චරිතය ආශ්‍රයෙන් ප්‍රතිමා සහ චිත්‍ර නිර්මාණ කරන කොට, බුදුන් වහන්සේගේ ඒ ඒ වයස් වලට ගැලපෙන විදිහට නිර්මාණය කළොත්, ඒ හරහා අපේ බෞද්ධයන්ට "ත්‍රිලක්ෂණය" ගැන හොද පණිවිඩයක් දෙන්න පුලුවන්.
එතකොට ඒ නිර්මාණ දිහා බලන අයට "කල්ප කාලාන්තරයකට වරක් විශ්වය තුළ පහළ වෙන, තුන් ලොවටම අග්‍ර වුණු, මේ වගේ උත්තම පුද්ගලයෙකුටත් වයසට ගිහින්, දුර්වල වෙලා, පිරිනිවන් පාන්න වුණා නම්, පෘතග්ජන අපි ගැන කවර කතාද?" කියලා හිතෙයි. ප්‍රතිමාව දැකලා ශ්‍රද්ධාව උපද්දවා ගන්න පුලුවන් වගේම, ප්‍රතිමාවෙන් දෙන ඒ පණිවිඩය හරහා නිර්වාණය සාක්ෂාත් කර ගන්න අපි යන සසර ගමන, තව තවත් ඉක්මන් කර ගන්න වෙර වීර්යය යොදන්න පුලුවන්. ඒ ඔස්සේ ප්‍රඤ්ඤාවටත්, ප්‍රඤ්ඤාව ඔස්සේ නිර්වාණයටත් පිවිසෙන්න ශක්තියක් වෙයි.
පන්සල්වල දකින්න පුලුවන් තවත් වැරදි දෙයක් තමයි බුද්ධ මන්දිර ඇතුළෙ හදුන්කූරු පත්තු කරන එක. ගොඩක් පන්සල්වල එහෙම කරන්න එපා කියලා තියෙද්දිත්, මන්දිරය ඇතුළෙ හදුන්කූරු පොකුරු පිටින් පත්තු කරලා. ඉතින් වන්දනාමාන කරන්න මන්දිරයට එන අයට හුස්ම ගන්නත් බෑ. ඇස් ඇරගෙන ඉන්නත් බෑ. කොටින්ම කිව්වොත් බුදු පිළිමය තියෙන්නෙ කොහෙද කියලාවත් පේන්නෙ නෑ. ඒ විතරක්ද? අච්චර ලස්සනට හදුන්කූරු ගහන්න, පහන් පත්තු කරන්න විශේෂ තැන් හදලා තියෙද්දිත් ගොඩක් අය බිමත් පහන් පත්තු කරලා. හදුන්කූරු ගහලා. එහෙම ගහලා තියෙන්නෙත් එක්කො බෝධිය පැදකුනු කරන පාරෙමයි. නැත්නම් චෛත්‍යය පැදකුනු කරන පාරෙ. මේවා දකින කොට ලොකු දුකක් හිතෙනවා. අපේ බෞද්ධයො මෙච්චරටම මෝඩද කියලා.

දැන් අපේ රටේ ගොඩක් පන්සල්වල දකින්න තියෙන අනිවාර්යය අංගයක් තමයි දේවාලය කියන්නෙ. අනුරාධපුර යුගයේ ඉදලම දේවාල සංකල්පය අපේ රටේ තිබිලා තියෙනවා. අපේ රටට දේවාල සංකල්පය ආවෙ ද්‍රවිඩ බලපෑමත් එක්ක. හැබැයි අද තියෙන තත්වය ගොඩක් වෙනස්. අද දේවාලයක් කිව්වොත් ඒක අනිවාර්යෙන්ම බෞද්ධයින්ට අයිති තැනක්. ඒ දේවාලයට මොකක් හරි පන්සලකත් සෘජු බලපෑමක් තියෙනවා. ලංකාවේ හින්දු අයට දේවාල නෑ. එයාලට තියෙන්නෙ හින්දු කෝවිල්. දේවාල වෙන් කරලා තියෙන්නෙ බුද්ධ ශ්‍රාවක බෞද්ධ දෙව්වරුන් වෙනුවෙන්. ඒ නිසා ඉස්සර ඉදන්ම පන්සල් ආශ්‍රය කරගෙන දේවාල නිර්මාණය කිරීමේ සංස්කෘතියක් අපි අතර තිබුණා. ඒ දේවාලවල බෞද්ධ දෙව්වරුන් වෙනුවෙන් පුද පූජා පැවැත්තුනා. නාථ හෙවත් මෛත්‍රී බෝධිසත්වයන්, සුමන සමන් දිව්‍යරාජයා, කතරගම දෙවියන්, උපුල්වන් දෙවියන්, පත්තිනි මෑණියන් වගේ දෙව්වරු බෞද්ධ දෙව්වරු විදිහට අපේ මිනිස්සු වන්දනාමාන කළා. ඊට අමතරව ගම්භාර හෙවත් දැඩිමුණ්ඩ දේව සංකල්පයත් අපි අතර තිබුණා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ග්‍රාමීය මට්ටමෙනුත් දෙව්වරු හිටියා. මහසෙන් දෙවියන්, මින්නේරිය දෙවියන් ආදී අය උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.
ඒ වගේම බෞද්ධ අපි අතර විශ්වාසයක් තියෙනවා සම්‍යදෘෂ්ඨික දෙව්වරු යහපත් ධාර්මික බෞද්ධයින්ට උදව් උපකාර කරනවා කියලා. ඒ වගේම පොළෝ තලයේ වැඩ ඉන්න දෙව්වරුන්ගෙන් බහුතරයක්, විහාරස්ථානවල තියෙන බෝධි වෘක්ෂ මත වැඩ ඉන්නවා කියලා. මේ නිසාම බෞද්ධයින් උදෙසා පන්සල් ඇතුළෙම දේවාල නිර්මාණය වුණා. ඒත් මේ දේවාල වලත් ගොඩක් අඩුපාඩු දකින්න පුලුවන්. පන්සලක දේවාලයක් තියෙනවා නම් දේවාලය නිර්මාණය වෙන්න ඕන, පන්සල් වත්තේ කෙලවරට වෙන්න. මොකද බුදුන් වහන්සේට කරන පූජාවන් සහ දෙව්වරුන්ට කරන පූජාවන් අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුන් වහන්සේ කියන්නේ තුන් ලෝකයටම අග්‍ර වුණු පුද්ගලයෙක්. දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්න බ්‍රහ්මයින්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර වුණා. ඒ නිසා විහාරයේ මුල් තැන දෙන්න ඕන බුදුන් වහන්සේට මිසක් දෙව්වරුන්ට නෙවේ.
චෛත්‍යය, බෝධිය, බුද්ධ මන්දිරය අසලින්ම දේවාල පිහිටලා තියෙනවා නම් ඒකෙන් බෞද්ධයින්ගේ ආගමික කටයුතු වලට ලොකු බාධාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම භාවනා කරන කොට, ගාථා සහ පිරිත් කියන කොට වගේ. මොකද ගොඩක් බෞද්ධයින් පන්සල් එන්නෙ හිත සන්සුන් කර ගන්න. ඒකට නිස්කලංක පරිසරයක් අවශ්‍යමයි. සමහරක් පන්සල්වල බුද්ධ පූජාවටත් කලින් දේව පූජාව තියෙනවා. බුද්ධ මන්දිරයේ තේවාව ගහන්න කලින් දේව මන්දිරයේ තේවාව ගහලා පූජාවන් සිද්ධ කරනවා. මේවා නම් කොහෙත්ම අනුමත කරන්න අමාරුයි. ඒ වගේම සමහරක් පන්සල්වල දේවාලයේ කපු මහත්තයාගෙ තනතුර භික්ෂූන් වහන්සේලා කරන අවස්ථාත් දැකලා තියෙනවා. ඒවා ධර්ම විනයට පටහැනී කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ. සමහරක් විහාරස්ථානවල දේවාලය තියෙන්නෙත් බුද්ධ මන්දිරය ඇතුළෙමයි.

අලුතෙන් දේවාල සංකීර්ණයක් නිර්මාණය කරනවා නම් තෝරා ගන්න දෙව්වරු පිරිස අනිවාර්යෙන්ම බෞද්ධ දෙව්වරුන් වෙන්න ඕන. හින්දු සහ මිත්‍යා දෙව්වරු ඉන්නවා නම් දේවාලයෙයි, හින්දු කෝවිලයි අතර වෙනසක් නෑ. ඒ නිසා මේවා පටලවා ගන්න නරකයි. සමහරක් පන්සල්වල හිංසාවේ රැජිණ විදිහට හදුන්වන කාලි මෑණියන්ගේ ප්‍රතිමා හිටන් දකින්න තියෙනවා. ඒ වගේම ගනේෂ්වර, ශිව, ලක්ෂ්මි, සරස්වති, ඊශ්වර වගේ හින්දූන් වැදුම් පිදුම් කරන බෞද්ධ නොවන දෙව්වරුන්ටත් ඉඩ වෙන් කරලා. බෞද්ධ සාහිත්‍යට අනුව කතරගම දෙවියන් කියන්නෙ බෞද්ධ දෙවි කෙනෙක්. ඒත් හින්දු ආගමෙත් කතරගම දෙවියන්ව පිළිගන්නවා. හැබැයි ඒ හින්දු දෙවි කෙනෙක් විදිහට. හැබැයි අපි දෙගොල්ලොම වදින්නෙ එකම දෙවි කෙනෙක්ට. ඒත් හින්දු ආගමට අනුව කතරගම දෙවියන්ට මුහුණු 6ක් සහ අත් 12ක් තියෙනවා. වැඩ ඉන්නෙ මොණරෙක්ගෙ පිටේ. ඒ ඒ අත්වල නොයෙක් වර්ගයේ ආයුධ තියෙනවා. රාජ සහ දේව ආභරණ වලින් සැරසිලයි ඉන්නෙ.
ඒත් බෞද්ධයින්ට අනුව කතරගම දෙවියන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක්ගේ රූපයක් තියෙන, තනි රෙද්දකින් සැරසිලා ඉන්න, බොහොම සරල දෙවි කෙනෙක්. හැබැයි පන්සල්වල තියෙන දේවාලවල තියෙන්නෙම හින්දු අය විශ්වාස කරන කතරගම දෙවියන්ගේ රූපය. ඉතින් මේ වගේ මිත්‍යාවන් පන්සල් වලින් බැහැර කරන්න ඕන. ඒ වෙනුවට ගන්න පුලුවන් බෞද්ධ දෙව්වරු ඕනෑතරම් ඉන්නවා. ජනවසභ දෙවියන් (බිම්බිසාර රජතුමා), ශක්‍ර දෙවියන්, සතර වරම් දෙව්වරු, මඝ මානවකයා, මාතෘ දිව්‍යරාජයා වගේ....
කොළඹ සුප්‍රසිද්ධ හංදියක පන්සලක් තියෙනවා. මේ පන්සල එහා පැත්තෙ සුප්‍රසිද්ධ මල් ශාලාවකුත් තියෙනවා. මේ පන්සලෙ දේවාලය තියෙන්නෙ පන්සල කෙලවරට වෙන්න තියෙන හිස් ඉඩමක. මේ ඉඩම, අර මල් ශාලාවට බදු දීලා තියෙන්නෙ. ඉතින් අර මල් ශාලාවේ මල්වඩම් හදන වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ, මේ දේවාලය ළග ඉදගෙන. ඒ පැත්තට යන්න අමාරුයි. මල්වඩම්වලින් සැර ගදක් එනවා. ඉතින් මෙහෙම තැන්වලට දෙවියො වඩීවිද?

සමහරක් බෞද්ධයින් පන්සල් විනෝද සැණකෙලියක් කර ගන්නවා. සමහරක් අය හිතන් ඉන්නෙ පන්සල කියන්නෙ පෙම්වතුන්ගේ නවාතැන්පලක් කියලා. තවත් සමහර අය හිතන් ඉන්නෙ බෝ මළුව කියන්නෙ චිත්‍ර අදින තැනක් කියලා. ඒ නිසාම ගොඩක් පන්සල්වල "සංවරව හැසිරෙන්න" වගේ පුවරු හිටවලත් තියෙනවා. පන්සල පුරාවටම පහන් තිර පැකට්, හදුන්කූරු පැකට්, ෂොපින් බෑග් විසික් කරලා. සමහරක් බෞද්ධයින් පන්සලට මොකක් හරි දෙයක් පූජා කරන්නෙම තමන්ගෙ නමත් එක්ක. පන්සලට ගේට්ටුවක් පරිත්‍යාග කළත්, පහණ් වැටක් පූජා කළත්, බෞද්ධ කොඩි ටිකක් පූජා කළත් ඒ හැම එකක්ම පූජා කරන්නෙ, තමන්ගෙ නම ගහලා. "අහවලා විසින් පූජා කරන ලදී" කියලා. ඒක හරිම අප්‍රසන්න වැඩක්. පන්සලට යමක් පූජා කරන්න ඕන ඒ ගැන අවබෝධයෙන්. පූජා කරන දේ ගැන තියෙන සිතුවිලි හිතින් අතෑරගන්න ඕන. ඒ දේ ගැන මුළු ගමටම පෙන්වන්න ඕනකමක් නෑ. එහෙම කෙරුවෙ නෑ කියලා පූජා කරලා ලබා ගත්තු පිනේ අඩුවක් වෙන්නෙත් නෑ.
සමහරක් පන්සල්වල විහාරාධිපති හිමිවරු පන්සල ව්‍යාපාරික ස්ථානයක් කරගෙන. තමන්ට ඕන ඕන විදිහට පන්සල හදලා. වර්තමානයේ විහාරාධිපතිව වැඩ ඉන්න හාමුදුරුවන්ගෙ ප්‍රතිමාවක්, ඒ හාමුදුරුවන්ම හදාගෙන. කරාටෙ පන්තිවලට, ටියුෂන් පන්තිවලට, නැටුම් පන්තිවලට පන්සල බද්ධට දීලා. බලන බලන තැන තමන්ගෙම පින්තූර ගහගෙන. එක්කො චිත්‍ර අන්දවලා. අත හැරීම අමතක කරලා. බහු භාණ්ඩික තත්වයකට පත් වෙලා. පන්සලේ පෙරහැර කරන්නෙත් ටිකට් විකුණලා. සමහරක් පන්සල්වල මහ සද්ධෙට ශබ්ද විකාශන යන්ත්‍ර හතර පහ හයි කරගෙන ආධාර ඉල්ලනවා. එව්වායෙ නිවේදන කටයුතු වලට දාලා ඉන්නෙත් පන්සලේ සාමනේර හාමුදුරුවරු. ඒවායෙන් කෑ ගහන කොට, පන්සලට යන එන උදවියටත් ආගමික වත්පිළිවෙත් ටික හිත එකලාසියක් කරගෙන කර ගන්න බෑ. මේ වගේ දේවල් වෙන කිසිම ආගමක මම දැකලා නෑ. මෙච්චර මුදල් ඉල්ලගෙන යදින තැනට අද පන්සල පත් වෙලා. හැම තැනම ප්‍රචාරක පුවරු හයි කරලා. අම්බලමක්ද පන්සලක්ද කියලාවත් හිතා ගන්න බෑ.
පන්සල් වලත් අලුතෙන් දේවල් හදනවා හදනවා ඉවරයක් නෑ. පන්සලක අලුතෙන් යමක් විවෘත කරන්නෙම, තවත් මොකක් හරි දේකට මුල් ගලක් තියලා. ඒවට ගෙන්න ගන්නෙත් ගමට කිසිම සම්බන්ධයක් නැති ලොකු ලොකු දේශපාලඥයො.

අද වෙන කොට බුදු දහම ප්‍රධාන වශයෙන් කොටස් හතරක බෙදිලා තියෙනවා. මේ කොටස් හතරේම අරමුණ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. කොටස් හතරෙන්ම වන්දනාමාන කෙරෙන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සේව. ඒත් ඒ ඒ රටවල්වල දේශපාලනික, සංස්කෘතික, ආර්ථික, සාමාජීය අංශයන් එක්ක, ඒ ඒ කොටස්වල, එක එක විදියේ වෙනස්කම් දකින්න පුලුවන්. මේ කොටස් හතරෙන්ම නිර්ව්‍යාජම කොටස තමයි ථේරවාදි බුදු දහම. ඒ කියන්නෙ බුදුන් වහන්සේගේ ඉගැන්වීම්, අංශු මාත්‍රයක වෙනසක්වත් නැතුව ඒ විදිහටම පවත්වාගෙන යන කොටස. ඉතින් සුපිරිසිදු ථේරවාදී බෞද්ධ රටක් වුණු අපේ රටේ පන්සල්වල ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරගන්න ඕන.
ඒත් මහායානික බෞද්ධ සංස්කෘතීන් එක්ක කලවම් වෙලා, කොමඩියක් වුණු පන්සලුත් අපේ රටේ නැතුවා නෙවේ. උදාහරණයක් විදිහට ගොඩක් පන්සල්වල මහායානික ප්‍රතිමා නිර්මාණය වෙලා තියෙනවා. ඒවායේ ගෞතම බුද්ධ ප්‍රතිමා නෑ. ඒ වෙනුවට තියෙන්නෙ මහායානිකයන් විශ්වාස කරන අමිතාභය බුදුන් වහන්සේගේ ප්‍රතිමා. සමහරක් පන්සල්වල මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා වෙනුවට තියෙන්නෙ, මහායානිකයන්ගේ අවලෝකිතේශ්වර, මංජු ශ්‍රී, පද්මපානි, තාරා දේවි ප්‍රතිමා. සමහරක් පන්සල්වල Laughing Buddha කියලා හදුන්වන විරූපී ප්‍රතිමා හිටන් තැන්පත් කරලා, ඒවාටත් මල් පහන් හදුන්කූරු තියලා. චීනය වගේ රටවල්වල වාමන සහ බහිරව රූප විදිහට තියෙන ප්‍රතිමා, ගොඩක් අය බුද්ධ ප්‍රතිමා විදිහට වැරදියට වටහාගෙන ඉන්නවා.

ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන රජමහා විහාරවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීට වඩා ලොකු අවධානයක් හිමි වෙන්න ඕන. සමහරක් රජමහා විහාරවල පුරාවස්තු තියාගන්න තැනක් නැති නිසා, පන්සල් වත්ත පුරා හිතුමතේ ගොඩ ගහලා. මෙව්වා අව්වට, වැස්සට, හුළගට විනාශ වෙනවා. අපේ මුතුන් මිත්තො අපි වෙනුවෙන් දහඩිය මහන්සිය වගුරවලා කරපු නිර්මාණ, අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න අපේ අයට ඕනකමක් නෑ. ඒ නිසා ගමේ දායක ඇත්තො එක්ක එකතු වෙලා, එහෙම තියෙන වටිනා කියන දේවල් එක තැනකට ගෙනල්ලා, පිළිවෙලකට තියලා පුංචි කෞතුකාගාරයක් හදන්න. එහෙම කර ගන්නවත් බැරි නම් පළාතේ තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරයට භාර දෙන්න.
ඒ වගේම ඓතිහාසික වටිනාකමකින් යුක්ත ඓතිහාසික බෞද්ධ පූජනීය සිද්ධස්ථාන අවට පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් කිහිප දෙනෙක් හරි යොදවන එක ගොඩක් වටිනවා. ගොඩක් තැන්වල ඒ ස්ථාන බලන්න එන අය, ඓතිහාසික පුරාවස්තු ගලවගෙන ගිහින්. එක්කො තම තමන්ගෙ නම්, එක එක දුරකතන අංක, කිසිම තේරුමක් නැති දිග හෑලි, පුරාවස්තු උඩ සහ අවට තියෙන ගස් කොළන්වල ලියලා යනවා.

පන්සල් වලට ගියාම අපි මේ වගේ ගොඩක් දේවල් දකිනවා. ඒ හැම දෙයක්ම මෙතන සටහන් කරලා නෑ. එත් ඉස්සරහට ඒ ටිකත් පුලුවන් පුලුවන් විදිහට, මේ ලිපියේම සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපිය කියවලා අපේ සහෝදර හාමුදුරුවරු සහ සැදැහැවත් බෞද්ධයින් අපිත් එක්ක තරහා ගන්න කාරි නෑ. මොකද මේ ලිපියෙන් අදහස් වෙන්නෙ නෑ ලංකාවේ තියෙන හැම පන්සලක්ම මේ වගේ කියලා. ඒ වගේම හැම භික්ෂුවක් සහ ගිහියෙක් තුළම වැරදි තියෙනවා කියලා. ඒ නිසා තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ. අපේ වැරදි හදා ගන්න ඕන අපිම තමයි. ඒ නිසා අපි හැමෝම අද ඉදන්වත් අපේ පන්සල, පන්සලක් කරන්න හිතට ගමු. බෞද්ධයන් හැටියට අපිට පිළිවෙලකට ජීවත් වෙන හැටි කියලා දීපු, අපේම බුදු හාමුදුරුවන් වැඩ ඉන්න පුණ්‍ය භූමියක් අපිලිවෙළ වෙන්න ඉඩ දෙන්නෙ ඇයි...?????