සිරකරුවන්ද මනුෂ්‍යයෝ වෙත්
වැලිකඩ බන්ධනාගාරය එහෙමත් නැත්නම් මැගසින් බන්ධනාගාරය කියලා කියන්නෙ ලංකාවේ තියෙන විශාලතම බන්ධනාගාරයටයි. මේ බන්ධනාගාරයේ තමයි ලංකාවේ නම ගිය අපරාධකාරයින්ව, බරපතල වැරදි කරපු අයව රදවලා තියෙන්නෙ. අක්කර 48ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මේ බන්ධනාගාරය නිර්මාණය කරලා තියෙන්නෙ 1841 අවුරුද්දෙ. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, කැමරන් ආණ්ඩුකාරවරයාගෙ කාලයේ. බන්ධනාගාරයේ රැදෙව්වන් 1700කටත් වඩා ප්‍රමාණයක් දාන්නත් පුලුවන්ලු.
වැලිකඩත් මරදානත් අතර තියෙන්නෙ බොහොම පුංචි දුරක්. ඒ නිසාම ගෙදර ඉදලා ඉස්කෝලෙ ගියෙත්, ඉස්කෝලෙ ඉදලා ගෙදර ආවෙත් වැලිකඩ හරහා. මෙහෙම යන එන කොට හැමදාම වැලිකඩ බන්ධනාගාරය මගේ අවධානයට ලක් වුණා. මුර සංචාරයේ යෙදෙන හමුදා සෙබළුන්, ආරක්ෂක වැටවල්, පාර අයිනෙ ඉන්න පොලිස් නිළධාරීන්. ඒ වගේම පොලිස් නිළධාරීන් එක්ක අත්වල මාංචු නැතුව නිදැල්ලේ පාරෙ එහාට මෙහාට ඇවිදින රැදෙව්වන්ව දැකලත් මම ගොඩක් පුදුම වුණා. "පොලීසියට ඒ මිනිස්සුන්ව ඒ තරමටම විශ්වාසද?" කියලා.
වැලිකඩත් මරදානත් අතර තියෙන්නෙ බොහොම පුංචි දුරක්. ඒ නිසාම ගෙදර ඉදලා ඉස්කෝලෙ ගියෙත්, ඉස්කෝලෙ ඉදලා ගෙදර ආවෙත් වැලිකඩ හරහා. මෙහෙම යන එන කොට හැමදාම වැලිකඩ බන්ධනාගාරය මගේ අවධානයට ලක් වුණා. මුර සංචාරයේ යෙදෙන හමුදා සෙබළුන්, ආරක්ෂක වැටවල්, පාර අයිනෙ ඉන්න පොලිස් නිළධාරීන්. ඒ වගේම පොලිස් නිළධාරීන් එක්ක අත්වල මාංචු නැතුව නිදැල්ලේ පාරෙ එහාට මෙහාට ඇවිදින රැදෙව්වන්ව දැකලත් මම ගොඩක් පුදුම වුණා. "පොලීසියට ඒ මිනිස්සුන්ව ඒ තරමටම විශ්වාසද?" කියලා.
ඒ වගේම හැමදාම බන්ධනාගාරය පහු කරන කොට මගේ අවධානයට පාත්‍ර වෙන ප්‍රධානම දේ විදිහට, බන්ධනාගාර තාප්පයේ ඇදලා තියෙන චිත්‍ර ටික හදුන්වන්න පුලුවන්. ඒ චිත්රවලිනුත් "මව සහ දරුවා" චිත්‍රයට මම ගොඩක් ආස කළා. සෙනෙහෙබර මවක් දරුවෙක් වඩා ගෙන ඉන්න ඒ චිත්‍රය, බන්ධනාගාර තාප්පයේ උසටම සිතුවම් කරලා. සරල රේඛා විතරක් උපයෝගී කරගෙන සිතුවම් කරලා තියෙන මේ චිත්‍රයට භාවිතා කරලා තියෙන්නෙ තනි වර්ණයක් විතරයි. මේක දකින ඕනෑම කෙනෙක්ට තමන්ගෙ අම්මාව ඒ වෙලාවෙ මතක් වෙනවා. ඊට අමතරව තාප්පය දිගටම චිත්‍ර ඇදලා තියෙනවා දකින්න පුලුවන්. ඒ චිත්රවල බන්ධනාගාරයක පරිසරය, උසාවි පද්ධතිය, යහපත් විදිහට ජීවත් වෙන හැටි වගේ දේවල් මාතෘකා වෙලා තියෙනවා. මේ හැම එකකටම යටින් Prisoners Are Human Beings (සිරකරුවෝ මනුෂ්‍යයෝය) කියලා ලොකුවට ගහලා තියෙනවා.
දවසක් ඉස්කෝලෙ ඇරිලා "ආනන්ද මාවත" දිගේ ඇවිදගෙන එන කොට බන්ධනාගාරයේ බස් එකකින් හිරකාරයො ගෙනියනවා. "ආනන්ද මාවත" කියන්නෙ ගොඩක් පටු පාරක්. වාහන දෙකකට එක පාර ඉස්සර කරන්න බෑ. ඒ වගේම පාර පුරා ළමයි. වාහන තදබදය නිසා බස් එක නැවතිලා තිබුණෙ. බස් එක ඇතුළෙ හිටපු අය හිටියෙ බස් එකේ දැල් ගහපු ජනේල ළග ශීට්වල. ඒ අය හරිම දුකෙන් තමයි හිටියෙ.
එයාලා බස් එක ළගින් යන එන අයට කිව්වෙ "දරුවො පේනවා නේද අපිට වෙලා තියෙන දේ? ඒ නිසා කවදාවත් පහු බහින්න එපා. ඉගෙන ගන්න කාලෙ පුලුවන් තරම් හොදට ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා, හොදට ජීවත් වෙන්න" කියලා. තවත් සමහරු කිව්වා "කවදාවත් මොනම දේකටවත් කේන්ති ගන්න එපා" කියලා. |
ඒ වගේම "හිරගේ ඇතුළට එන්න තියා, ඒ ගැන හිතන්නවත් එපා" කියලත් තව කට්ටියක් කිව්වා. ඉතින් මාත් විනාඩි 5ක් විතර යන ගමනත් නවත්තලා, පැත්තකට වෙලා මේවා අහන් හිටියා. එයාලා ගොඩක් වෙලා බස් එක ළගින් එහාට මෙහාට යන ළමයින්ට මේ වගේ දේවල් ගොඩක් කිව්වා. එයාලා මේවා කියද්දි නම් ඇත්තටම ලොකු දුකක් ආවා. ඒ හැම වචනයක් වචනයක් ගානෙම මට හිතුනෙ එයාලා කරපු වැරදි වලට ගොඩක් පසුතැවෙනවා ඇති කියලා. ඒත් එයාලට ඒ කරපු වැරදි ආයිත් නිවැරදි කරගන්න විදිහක් කොහෙත්ම නෑ. ඒත් එයාලා බන්ධනාගාරය ඇතුලෙ ගතින් විදින දුක, කරපු වැරැද්ද නිසා සිතින් විදින දුක තවත් කවුරු හරි අනාගතයේ විදිනවා දකින්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සමහරක් විට මේ පුංචි වචන
ටිකෙන් හරි ඒ යහපත් බලාපොරොත්තුව ඉටු වෙයි කියලා එයාලට හිතෙන්න ඇති. ඊට පස්සෙ මම බන්ධනාගාරයේ ඉන්න හැම කෙනෙක් දිහාම වෙනස් කෝණයකින් බලන්න පුරුදු වුණා. හැම කෙනෙක්ම වැරදිකාරයො නෙවේ. මොකද නොකරපු වැරදිවලට, ක්ෂණික කෝපය නිසා හිතන්නෙ නැතුව කරපු වැරදි නිසත්, තමන්ව ඝාතනය කරන්න එනකොට තමන්ගෙම ආත්මාරක්ෂාව වෙනුවෙන් ඒ කෙනාව ඝාතනය කරපු නිසා හිරේ ගිය අය ඕනෑතරම් ඉන්නවා. කලින් මොන මොන වැරදි කළත්, තමන් කරපු වැරැද්ද ගැන හිතෙන් දුක් වෙලා, කවදා හරි නිදහස් වුණු දවසක වැරදි හදාගෙන, යහපත් ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්න අයත් ඕනෑ තරම් ඉන්නවා. හරියට චණ්ඩාශෝක, අංගුලිමාලා වගේ අය ධර්මාශෝක, අංගුලිමාලා මහ රහත් තෙරුණ් වුණා වගේ..!!!!!
බන්ධනාගාරයේ තාප්පයේ ලොකුවට ගහලා තිබ්බ Prisoners Are Human Beings (සිරකරුවෝ මනුෂ්‍යයෝය) කියන වාක්‍යයේ නියම අර්ථය මට තේරුම් ගියේ එදා. |
වලාගැබින් මිදුනු සදක්
අහස එළිය කරන ලෙසින්
පමා බවින් මිදුනු කෙනෙක්
මුළු ලෝකෙම එළිය කරයි
"යමෙක් මුලදී පමා වී, පසුව නොපමා වේද, හෙතම වලාගැබින් මිදුනු සදක් සේ මුලු ලෝකයම බබලවන්නේය" [බුදුන් වහන්සේ]