මිත්‍යාවක් මැද හිද
පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරපු ලංකාවේ මානව ඉතිහාසය අවුරුදු 137 000ක් විතර වෙනවා. ඒ කාලෙ ඉදලම ටික ටික ඉස්සරහට ඉස්සරහට ඇවිත් තමයි, අපි අද ඉන්න තත්වයේ ඉන්නෙ. අද අපේ රටේ ජාතීන් ගණනාවක්ම ඉන්නවා. ඒ අතරින් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතීන් ප්‍රධානයි. ඊට අමතරව බර්ගර්, මැලේ, ආදිවාසී, කාපිරි වගේම නිදහසින් පස්සෙ වෙනත් රටවල්වලින් අපේ රටට ඇවිල්ලා අපේ රටේ පුරවැසියො වුණු අයත් ඉන්නවා. ඉතින් ජාතීන් අතරෙත් විවිධත්වයක් ඇති වුණා. මේ විදිහට ජාතීන් ගොඩක් ඉන්න නිසා අපිට බෞද්ධ දර්ශනය, හින්දු දහම, ඉස්ලාම් දහම, කතෝලික දහම වගේ ආගම් සහ දර්ශන ගොඩකුත් ලැබුණා. ඒ හරහා එක එක විදිහේ සංස්කෘතීන් බිහි වුණා. සමහරක් සංස්කෘතීන් ජාතීන් අනුවත්, සමහර සංස්කෘතීන් ආගම දහම අනුවත් වෙනස් වෙනවා. ඊටත් අමතරව මිනිස්සු ජීවත්වෙන නගරය, දිස්ත්‍රික්කය, පළාත අනුවත් ඒ ඒ අයට ආවේණික වුණු වෙනස්කම් ගොඩ නැගුනා. කතා කරන භාෂාව සහ වචන, කෑම බීම, ඇදුම් පැළදුම්, උත්සව, සිරිත් විරිත් වගේ දේවල් උදාහරණ විදිහට නම් කරන්න පුලුවන්. මේ නිසා ලංකාව කියන්නෙත් ඉන්දියාව වගේම විවිධත්වයක් තියෙන රටක්. ලංකාවෙ කොහේ ගියත් ඒ ඒ ප්‍රදේශය අනුව, ඒ ඒ ජාතීන් සහ ආගම් අනුව, ඒ ඒ සංස්කෘතීන් අනුව විවිධත්වයක් ගන්නවා. එහෙම විවිධත්වයක් තියෙන එක හොද දෙයක් කියලයි මගේ නම් අදහස. නැත්නම් හරිම ඒකාකාරී වෙන්න තිබුණා.
මේ විවිධත්වය නිසා ඒ ඒ ආගම්වලට අනුව, ඒ ඒ සංස්කෘතීන්ට අනුව, ඒ ඒ ජාතීන්ට අනුව එක එක විදිහේ ඇදහීම් සහ විශ්වාස ගොඩාක් දැක ගන්න පුලුවන්. එක පිරිසකට තමන්ගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් දෙයක් විදිහටත්, අනිත් අයගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් නැති දෙයක් විදිහටත් පේන්න පුලුවන්. අනිත් පිරිසටත් තමන්ගේ දේවල් හරවත් දේවල් විදිහටත්, අනිත් අයගෙ දේවල් හරයක් නැති දේවල් විදිහටත් පේන්න පුලුවන්.
මේ විවිධත්වය නිසා ඒ ඒ ආගම්වලට අනුව, ඒ ඒ සංස්කෘතීන්ට අනුව, ඒ ඒ ජාතීන්ට අනුව එක එක විදිහේ ඇදහීම් සහ විශ්වාස ගොඩාක් දැක ගන්න පුලුවන්. එක පිරිසකට තමන්ගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් දෙයක් විදිහටත්, අනිත් අයගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් නැති දෙයක් විදිහටත් පේන්න පුලුවන්. අනිත් පිරිසටත් තමන්ගේ දේවල් හරවත් දේවල් විදිහටත්, අනිත් අයගෙ දේවල් හරයක් නැති දේවල් විදිහටත් පේන්න පුලුවන්.
හැබැයි ඒ මොන සංස්කෘතිය ගත්තත්, ඒකේ අන්තයටම යෑමේ ප්‍රතිපලයක් නිසා ඇතිවෙන දෙයක් තමයි "මිත්‍යාව" කියන්නෙ. මේ මිත්‍යාව හැම සංස්කෘතියකම වගේ දකින්න පුලුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරට ජනාධිපතිවරණයට තරග කරලා පැරදුනු දවසෙ තමයි, අපේ රටේ මිනිස්සු මිත්‍යාවට එරෙහිව "මෑත කාලයේදී" පළවෙනි වෙඩි මුරය පත්තු කළේ. ඊට පස්සෙ සමාජ ජාලවල වගේම, පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී වගේ ජනමාධ්‍යවලත් මිත්‍යාවට එරෙහිව ලොකු පිබිදීමක් ඇති වුණා. ඒ පිබිදීම එදා ඉදලා අද වෙනකන්ම නොකඩවා පැවතීගෙන එනවා.
මේ අතර කාලයේ යන්තර මන්තර, හදහන්, නැකැත්, පොරොන්දම්, අදෘෂ්‍යමාන බලවේග වගේ ගොඩාක් මිනිසාගේ ඇසට දෘෂ්‍යමාන නොවන දේවල්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. ඒ වගේම ඒ මත බිදින්න, ඒවට පක්ෂවත් කතා කරපු අය ගොඩක් හිටියා. ලෝකයේ තියෙන හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පු කරලා නැති නිසාත්, සාමාන්‍ය මිනිස් ඇසට පේන්නෙ නැති ගොඩාක් දේවල් තියෙනවා කියලා බුදුන් වහන්සේ පවා කියලා තියෙන නිසාත්, මම නම් මධ්‍යස්ථව ඉන්න තමයි හැමතිස්සෙම බලන්නෙ. ඒවා පිළිගන්න අයට මොනවත් කියන්න යන්නෙත් නෑ. ඒවා පිළිනොගන්න අයට මොකුත් කියන්න යන්නෙත් නෑ. මොකද ඒවා පිළිගැනීම සහ නොපිළිගැනීම ඒ ඒ අයට අයිති දෙයක්. ඒක ඒ අයගෙ කැමැත්ත. ඒ අයගේ විශ්වාසය. අනිත් අතට ඒ දේවල් ගැන මට කිසිම අත්දැකීමක් සහ දැනුමක් නැති නිසා (පක්ෂව හෝ විපක්ෂව), ඒ දේවල් ගැන ලියන එක කොහොමත් සුදුසු නෑ.
හැබැයි මම ජීවත්වෙලා හිටපු අවුරුදු කිහිපයට සමහරක් අපි අතරේ පවතින මිත්‍යා විශ්වාස ගැන අත්දැකීම් කිහිපයක්ම ලබා ගන්න පුලුවන් වුණා. ඉතින් ඒ අත්දැකීම් ගැන සහ ඒවායේ තියෙන හරසුන් බව ගැන මේ විදිහේ ලිපියක් ලියන්න හිතුනා. මේවායෙන් බහුතරයක් හැම සංස්කෘතියකටම අයිති පොදු විශ්වාස. මේවා අද ඊයේ ගොඩනැගුනු ඒවා නෙවේ. කල්ප කාලාන්තරයක් තිස්සෙ අපි අතරට පාරම්පරිකව ආපු දේවල්.
හැබැයි ඒ මොන සංස්කෘතිය ගත්තත්, ඒකේ අන්තයටම යෑමේ ප්‍රතිපලයක් නිසා ඇතිවෙන දෙයක් තමයි "මිත්‍යාව" කියන්නෙ. මේ මිත්‍යාව හැම සංස්කෘතියකම වගේ දකින්න පුලුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන්වන වරට ජනාධිපතිවරණයට තරග කරලා පැරදුනු දවසෙ තමයි, අපේ රටේ මිනිස්සු මිත්‍යාවට එරෙහිව "මෑත කාලයේදී" පළවෙනි වෙඩි මුරය පත්තු කළේ. ඊට පස්සෙ සමාජ ජාලවල වගේම, පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී වගේ ජනමාධ්‍යවලත් මිත්‍යාවට එරෙහිව ලොකු පිබිදීමක් ඇති වුණා. ඒ පිබිදීම එදා ඉදලා අද වෙනකන්ම නොකඩවා පැවතීගෙන එනවා.
මේ අතර කාලයේ යන්තර මන්තර, හදහන්, නැකැත්, පොරොන්දම්, අදෘෂ්‍යමාන බලවේග වගේ ගොඩාක් මිනිසාගේ ඇසට දෘෂ්‍යමාන නොවන දේවල්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. ඒ වගේම ඒ මත බිදින්න, ඒවට පක්ෂවත් කතා කරපු අය ගොඩක් හිටියා. ලෝකයේ තියෙන හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පු කරලා නැති නිසාත්, සාමාන්‍ය මිනිස් ඇසට පේන්නෙ නැති ගොඩාක් දේවල් තියෙනවා කියලා බුදුන් වහන්සේ පවා කියලා තියෙන නිසාත්, මම නම් මධ්‍යස්ථව ඉන්න තමයි හැමතිස්සෙම බලන්නෙ. ඒවා පිළිගන්න අයට මොනවත් කියන්න යන්නෙත් නෑ. ඒවා පිළිනොගන්න අයට මොකුත් කියන්න යන්නෙත් නෑ. මොකද ඒවා පිළිගැනීම සහ නොපිළිගැනීම ඒ ඒ අයට අයිති දෙයක්. ඒක ඒ අයගෙ කැමැත්ත. ඒ අයගේ විශ්වාසය. අනිත් අතට ඒ දේවල් ගැන මට කිසිම අත්දැකීමක් සහ දැනුමක් නැති නිසා (පක්ෂව හෝ විපක්ෂව), ඒ දේවල් ගැන ලියන එක කොහොමත් සුදුසු නෑ.
හැබැයි මම ජීවත්වෙලා හිටපු අවුරුදු කිහිපයට සමහරක් අපි අතරේ පවතින මිත්‍යා විශ්වාස ගැන අත්දැකීම් කිහිපයක්ම ලබා ගන්න පුලුවන් වුණා. ඉතින් ඒ අත්දැකීම් ගැන සහ ඒවායේ තියෙන හරසුන් බව ගැන මේ විදිහේ ලිපියක් ලියන්න හිතුනා. මේවායෙන් බහුතරයක් හැම සංස්කෘතියකටම අයිති පොදු විශ්වාස. මේවා අද ඊයේ ගොඩනැගුනු ඒවා නෙවේ. කල්ප කාලාන්තරයක් තිස්සෙ අපි අතරට පාරම්පරිකව ආපු දේවල්.
හෙම්බිරිසාවක් එහෙම ඇවිල්ලා, නහය බර වුණාම, කිහිඹුම් යන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒත් කිහිඹුම් අරින එක හරිම අසුභ දෙයක් විදිහට තමයි අපේ පැරැන්නො විශ්වාස කළේ. අවුරුදු දහස් ගාණකට කලින් ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය වගේ රටවල්වල අය විශ්වාස කළා කවුරුහරි කිහිඹුමක් ඇරියම, ඒ කිහිඹුමේ වේගයට, කිහිඹුම අරින කෙනාගෙ ආත්මයත් ශරීරයෙන් එළියට විසික්වෙලා යන්න පුලුවන් කියලා. එහෙම වුණාම එළියේ ඉන්න නරක ආත්මයකට / බලවේගයකට පුලුවන් වෙනවලු, කිහිඹුම නිසා ආත්මයක් නැතිව ගිය ඒ ශරීරයට ඇතුල් වෙන්න. ඊට පස්සෙ ඒ ශරීරය මෙහෙයවන්නෙ අර නරක ආත්මය විසින්ලු. ඉතින් ඒ නරක ආත්මය, ඒ ශරීරය හරහා කරන තරමක් කරන්නෙ නපුරු, පව් එකතු වෙන වැඩලු.
යුරෝපය වගේ රටවල්වල අය නම් කාට හරි කිහිඹුමක් ගියාම "දෙවි පිහිටයි" කියන්න පුරුදුවෙලා හිටියා. ඒ අය හිතුවේ කිහිඹුම යන වෙලාවට හදවත නවතිනවා කියලා. ඉතින් ඒ අය විශ්වාස කළා කිහිඹුම යන කෙනාට "දෙවි පිහිටයි" කියලා කිව්වම, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මත හදවත නතරවෙන එකක් නෑ කියලා. ඉතින් රටින් රටට, කලාපයෙන් කලාපයට, කිහිඹුම් යෑමෙන් ඇතිවෙන අසුභ ප්‍රතිපලයත් වෙනස් වුණා.
අපේ අය විශ්වාස කළා ගමනක් යන්න කලින් කිහිඹුමක් ඇරියොත්, ඒ ගමන යන කෙනාට බාධාවක් වෙනවා කියලා. ඉස්සර අපේ සීයා ගාල්ලෙ ඉදන් කොළඹ ආවම, අපේ ගෙදර තමයි නැවතුනෙ. ඊට පස්සෙ මාසයක් විතර ඉදලා තමයි ගාල්ලෙ යන්නෙ. එහෙම ඇවිල්ලා මාසයක් විතර ඉදලා, දවසක් සීයා ගාල්ලෙ යන්න ලෑස්ති වුණා. උදේ 8.00ට තමයි අපේ ගෙදරින් පිටත් වෙනවා කියලා කිව්වෙ. 7.45 වෙනකොට සීයා සම්පූර්ණයෙන්ම ලෑස්තිවෙලා, සාලෙට වෙලා හිටියා. මම එදා උදේ 7.55ට විතර තමයි කෑම කන්න පටන් ගත්තෙ. එදා උදේ මට ටිකක් හෙම්බිරිසාව. ඉතින් 8.00 වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට එක පාරටම හචිමක් ගියා. ඊට පස්සෙ තව එකක් ගියා. තුන්වෙනි එකත් ගියා. ඊට පස්සෙ එකදිගටම, නවත්තන්නෙ නැතුව කිහිඹුම් යන්න ගත්තා. 8.20 විතර වුණා. ඒත් හොදටම කිහිඹුම් යනවා. නහයත් බරවෙලා. ඒ වගේම සීයාගෙ කටහඩත් තාම ඇහෙනවා.
පස්සෙ අම්මා දුවගෙන ඇවිත් කියනවා "ඕක කොහොම හරි නවත්තගන්න. ඕක නිසා සීයා යන්නෙ නැතුව බලාගෙන ඉන්නවා" කියලා. කොහොම හරි කිහිඹුම් යන එක නතර වුණා. ඊට පස්සෙ තමයි සීයා ගෙදරින් පිටත් වුණේ. එතකොට 8.30ත් පහුවෙලා. මම එදා තමයි දැන ගත්තෙ එහෙමත් විශ්වාසයක් තියෙනවා කියලා. කුතුහලය නිසාම සීයා ගාලු යනකන් බලාගෙන හිටියා. සීයා නම් කිසිම කරදරයක් නැතුව ගාල්ලෙ ගිහින් තිබ්බා. ඒ මම පුංචි කාලෙ. ඉතින් එදා ඉදලා මේ දක්වාම ඉස්කෝලෙ යන්න, පන්ති යන්න, දහම් පාසල් යන්න, ගමන් බිමන් යන්න, විනෝද චාරිකා යන්න, රස්සාවට යන්න අනන්තවත් ගෙදරින් එළියට බහිනකොට, කිහිඹුම් ගිහින් තියෙනවා. ඒ වෙලාවට ඉතින් මට අර සීයාගෙ සිද්ධිය මතක් වෙනවා. කුතුහලය නිසාම ඒක හිතේ තියාගෙන තමයි මාත් ගමන පිටත් වෙන්නෙ. ඒත් ගෙදර ඇවිත් ආයිත් මතක් කරලා බලනකොට, එහෙම වුණු කිසිම අතුරු අන්තරාවක් නෑ!
එහෙම නොනැවතුනු අපේ පැරැන්නො, සමහරක් සත්තුන්ටත් සුභ සහ අසුභ කියන දෙක ආරෝපණය කරලා තියෙනවා. සත්තුන්ට විතරක් නෙවේ, එයාලගෙ හැසිරීම් රටාවලටත් එහෙමයි. කැළේ රජා කිව්වොත් අපිට මතක් වෙනවා සිංහයාව. කැළේ ඉන්න කපටියා කිව්වම අපිට මතක් වෙනවා නරියව. කැළේ ඉන්න ආඩම්බරම සතා කිව්වම අපිට මොණරවත්, කැළේ ඉන්න පඩිතුමා කිව්වම බකමූණවත් මතක් වෙනවා. සිංහයා පෞර්ෂයෙන් හරිම අභිමාණවත් නිසාත්, නරියා පෞර්ෂයෙන් පොහොසත් නැති නිසාත්, මොණරා හරිම ලස්සන නිසාත්, බකමූණා හරිම නිහඩ නිසාත් අපේ පැරැන්නො සහ රචකයො ඒ ඒ සත්තුන්ට, ඒ ඒ නිළ තල දුන්නා. ඉතින් මේ සුභ සහ අසුභ විදිහට වෙන් කරන එකත් ඒ විදිහෙම දෙයක්.
අයාලේ ගිය සිතක සටහන් කියන ලිපියේ මම කිව්වා ඉස්සර අපේ ගෙදර පිටිපස්සෙ තිබ්බෙ මහා ඝන කැළෑවක් කියලා. ඒ කාලයේ අක්කර ගාණක් යනකන් ආසාවටවත් ගෙයක් පේන්න තිබ්බෙ නෑ. මනුස්සයෙක් දකින්න හිටියෙ නෑ. ඉතින් මේ කැළෑවේ හිටියා නරි රංචුවක්. රෑ වෙනකොට මෙයාලගෙ වැඩේම හූ තියලා, මහා සද්ධෙට කෑ ගහන එක. ඉතින් ඒ වෙලාවට මුළු පළාතම නරීන්ගෙ හූවෙන් වැහිලා යනවා. ඒ තරමටම සද්ධයි. නරීන්ගේ හූව නතර වෙනකොට, අපේ පැත්තෙ පාරවල්වල ඉන්න බල්ලොයි, ගෙවල්වල ඉන්න බල්ලොයි උඩු බුරන්න ගන්නවා. ඒ උඩු බිරිල්ලත් සෑහෙන වෙලාවක් යනකන්ම තියෙනවා.
අපේ පැරැන්නො නරීන්ගෙ හූවයි, බල්ලොන්ගෙ උඩු බිරිල්ලයි හැදින්නුවේ අසුභ ලකුණු විදිහටයි. ඒකට හේතුවක් තමයි ඒ අවස්ථාවේදී ඒ සත්තුන්ගෙන් පිටවෙන සද්ධයේ අමිහිරි සහ මූසල බව. ඉතින් අපි අතරේ විශ්වාසයක් තියෙනවා එහෙම සිද්ධියක් වුණොත්, ඒකෙන් කියවෙන්නෙ ගමට ලොකු වින්නැහියක් අත ළග එනවා කියලා. ඒත් අපේ ගමේ නම් ඒ දවස්වලට එහෙම මොකුත්ම වුණේ නෑ. අනිත් අතට අපේ පළාතේ ඒ දවස්වල නරි හූ තියපු හූ තිවිල්ලටත්, ඒකෙන් බල්ලො උඩුබුරපු උඩු බිරිල්ලටත් එහෙම වුණා නම්, අද අපේ ගම තිබ්බ තැනක්වත් හොයා ගන්න නෑ. නරීන්ගෙ උඩු බිරිල්ලත්, ඒ අයගේ සන්නිවේදන මාධ්‍යක් වෙනවා. මොකකට හරි බය වුණාම, කාළගුණයේ වෙනස්වීමක් දැනෙනවා නම්, සහකාරියක් හොයාගන්න ඕන වුණාම, යාලුවෙක්ට කතා කරන්න ඕන වුණාමත් ඒ අය උඩු බුරනවා. ඒ වගේම එක්කෙනෙක් උඩු බිරුවොත්, ඒ සද්ධය නිසා සමහරක් අයත් නිකන්ම උඩු බුරනවා. ඒක නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක්.
2009 අවුරුද්දෙ මට මතකයි එක පාරටම අපේ ගෙදර ඇතුළට ආපු පොල්කිච්චෙක් Fan එකේ වැදුනා. එහෙම්මම විසික්වෙලා බිම වැටුණා. එයාගෙ තටුවක් සම්පූර්ණයෙන්ම කඩලා ගිහින්. තටුවක් නැති නිසා පියාඹගන්නත් බෑ. ඉතින් එයාව එළියට දැම්මොත්, අනිවාර්යෙන්ම කාගෙ හරි ගොදුරක් වෙනවා. ඒ නිසා අපි හිතුවා එයා මැරෙනකන්ම අපේ ගෙදර තියාගන්න. හොදට ඉඩකඩ තියෙන, පොඩි කුරුළු කූඩවක් ගෙනල්ලා එයාව ඒක ඇතුළට දැම්මා. ඊට පස්සෙ දවසෙ තුන්වේලටම කෑම දුන්නා. වතුර දුන්නා. දවසට සැරයක් කූඩුව පිරිසිදු කළා. අපේ පවුලෙ කෙනෙක් විදිහටම එයාව බලාගත්තා. ගොඩක් අය ඇහුවා "ඇයි පොල්කිච්චෙක්ව තියාගෙන ඉන්නෙ? සාමාන්‍යයෙන් පොල්කිච්චො තියාගන්නෙ නෑ නේද?" කියලා. මොකද ඉස්සර කාලෙ ඉදන්ම එන පිළිගැනීමක් තියෙනවා පොල්කිච්චා කියන්නෙ, ඇති කරන කෙනාට විපත් ගෙනල්ලා දෙන අසුභ කුරුල්ලෙක් කියලා. විශේෂයෙන්ම මරණය. ජනප්රවාදයේ හැටියට නම් ඒ මරණයෙන් කිසිම කෙනෙක්ට ගැලවෙන්න බැරිලු. මේක අපේ රටේ විතරක් නෙවේ, අනිත් රටවල්වලත් තියෙන මතයක්. සමහරු කියනවා එහෙම විපත් වෙන්නෙ තනි පොල්කිච්චෙක් හිටියොත් විතරයි කියලත්. ඒත් ඉතින් එහෙමයි කියලා ඒ පොල්කිච්චාව කාගෙ හරි ගොදුරක් කරන්න පුලුවන්ද? අනික ඒ කතාව පොල්කිච්චා දන්නෙත් නෑ නෙහ්. ඉතින් අපි මාසයක් විතර ඒ පොල්කිච්චව තියන් හිටියා. ඊට පස්සෙ ඌ මළා. පොල්කිච්චා අපේ ගෙදර හිටපු කාලය අතරතුර නම් කිසිම අයහපත් දෙයක් අපිට වුණේ නෑ.
තවත් සමහරු විශ්වාස කරනවා පොල්කිච්චො නෙවේ, ගෙවල් ඇතුළේ මොනම ජාතියේ කුරුල්ලෙක්වත් ඉන්න එක හොද නෑ කියලා. ඒකත් මරණය ගෙන දෙන අසුභ ලකුණක්ලු. ඒ වුණාට අපේ ගෙවල්වල නම් ඉස්සර ඉදන්ම, මේ වෙනකනුත් හිසේ කෙස් ගාණටත් වඩා එක එක විදිහේ කුරුල්ලො කූඩු හදාගෙන මාස ගණන් ඉදලා තියෙනවා. අපි නම් තාමත් පණ පිටින්. බකමූණෙක් කෑ ගැහුවමත්, ඒකෙන් කාට හරි මරණයක් ළගා වෙනවා කියලා විශ්වාස කරනවා. අපේ පිටිපස්සෙ කැළෑවෙත් ඒ දවස්වල බකමූණො ඕනතරම් කෑ ගහනවා රෑට. ඒත් ඒ කාලෙ අපේ පැත්තෙ නම් කොහෙවත් මරණයක් වුණේ නෑ.
ඊළගට කළු පූසො. කළු පූසා කියන්නෙත් හරිම අසුභ සතෙක් කියලයි මුළු ලෝකයේම තියෙන පිළිගැනීම. ගමනක් යනකොට කළු පූසෙක්ව දැක්කොත්, ඒ යන ගමන හරියන්නෙ නෑ කියලා තමයි අපේ සීයලා ආත්තම්මලා වුණත් විශ්වාස කළේ. මේ මිත්‍යා මතය අවුරුදු දහස් ගාණක් තිස්සෙ ලෝකයේ තිබුණු දෙයක්. ඊජිප්තුවේ අය විශ්වාස කළා බල්ලන් තමන්ගෙ ආරක්ෂකයින් කියලත්, පූසෝ නපුරු බලවේග හරහා මිනිස්සුන්ට විපත් ගෙන දෙනවා කියලත්. යුරෝපීය රටවල්වල මිනිස්සුන්ගෙ සිතුවිල්ලක් තිබුණා නපුරු මායාකාරියො (Witches), තමන්ගෙ සුරතල් සතා විදිහට කළු පූසන්ව ඇති කරනවා කියලා. තවත් සමහරු හිතුවා අමනුෂ්‍යයො විසින් මනුෂ්‍යයන්ගේ ඔත්තු බලන්න, අමනුෂ්‍ය ලෝකයේ ඉදලා එවපු සත්තු ජාතියක් කියලා. අනිත් පූසන්ට සාපේක්ෂව කළු පාට පූසන්ට කළු වර්ණය නිසා, ටිකක් භයානක සහ අප්‍රසන්න පෙනුමක් ලැබිලා තියෙනවා. ඒකත් හේතුවක්. අපේ රටේ නම් කළු වර්ණයෙන් සංඛේතවත් කරන්නෙ පව්, අකුසල්, නරක, අයහපත වගේ දේවල්. අනිත් අතට මහා සොහොන් අවතාරයට, කළු පූසෙක්ගේ වේශයක් අරගන්න පුලුවන් කියලා අපි අතරේ පාරම්පරික විශ්වාසයක් පැවතීගෙන එනවා.
කළු පාට ඒ පූසාට ස්වභාවිකවම හම්බවුනු පාටක්. ඒත් අපේ මිනිස්සු ඒක තේරුම් ගත්තෙ නෑ. අපි ගෙදරින් එළියට බහිනකොට කළු පූසෙක් එතනින් ගියොත්, ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ පූසා අපිට කරදරයක් කරන්න එනවා කියලා. ඒකෙන් කියවෙන්නෙ නෑ, ඒ පූසා අපිට බාධාවක් ගෙන දෙනවා කියලා. ඒකෙන් කියවෙන්නෙ ඒ පූසා කොහාට හරි ඇවිදගෙන යනවා කියලයි. කාලයක් තිස්සෙ අපි අදුරන සහ අපේ නෑදෑවෙන ගෙවල් තියෙනවා පූසො ඇති කරන. ඒ පූසො අතරේ කළු පූසොත් ඉන්නවා. ඒත් ඒ පවුල් තාමත් යස අගේට හොදට ජීවත් වෙනවා. ඒ අයට නම් දවසින් දවස හරි යනවා.
පූසො සම්බන්ධව තියෙන තව විශ්වාසයක් මතක් වෙනවා. ඒ තමයි මහා රෑක පූසො දෙන්නෙක් මහා සද්ධෙට වලියක් ගියොත්, පහුවෙනිදා ඒ ළග තියෙන ගෙදර අසමගියක් හෝ රණ්ඩුවක් ඇති වෙනවා කියන එක. අපේ ගෙවල් වටේ අයාලෙ යන පූසො, සමහරක් දවස්වලට අපේ ගෙදර තාප්පෙ උඩ නිදාගන්නවා. සමහරක් දවස්වල මහා රෑට, ගොඩක් වෙලාවට මහා පාන්දර 1.00ට විතර පූසෝ මහා සද්ධෙට කෑ ගගහා රණ්ඩු වෙනවා ඇහෙනවා. ඒක කණට හරිම අමිහිරි ඝෝෂාවක්. හරිම මූසලයි. ඒත් ඒ දවස්වල අපේ ගෙවල්වල නම් එහෙම රණ්ඩු ඇති වුණේ නෑ.
උදේකට කාක්කෙක් ගහක අත්තක වහලා කෑ ගැහුවම "ගෙදරට අමුත්තෙක් එනවා" කියලා කියවෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. මම මේක කාලයක් තිස්සෙ අධ්‍යනය කරපු දෙයක්. ඒත් එහෙම කෑ ගහපු දවස්වලට තමයි, අපේ ගෙදරට කවුරුත්ම ආවෙ නැත්තෙ. කාක්කා කෑ ගහන්නෙ අමුත්තෙක් එනවා කියලා නෙවේ. ඒක ඒ සතාගෙ සන්නිවේදන මාධ්‍යය. සමහරවිට "මිල්ටන්. මිල්ටන්. ඉක්මනට පියාඹලා වරෙං මචං. කෑම ටිකක් හම්බුනා" කියනවා වෙන්න පුලුවන්. කොහාටත් වුණේ ඕකමනෙ. අපේ අය හිතන්නෙ අලුත් අවුරුද්ද උදාවෙන නිසා කොහා කෑ ගහනවා කියලා. ඒත් ඇත්තටම කොහා දන්නෙ නෑ, අලුත් අවුරුද්දක් උදා වෙනවා කියලා. කොහා කෑ ගහන්නෙ බිත්තර දාන නිසා. ඉතින් කොහාගෙ කරුමෙකට හරි, අපේ කරුමෙකට හරි, අලුත් අවුරුදු මාසයත්, කොහා බිත්තර දාන මාසයටම වැටිලා තියෙනවා.
කාක්කෙක් ගහක අත්තක වහලා කෑ ගහන එක සුහයි කියලා කිව්වට, කාක්කා කෑ ගහන්නෙ නැතුව ඉන්න එක අසුභයිලු. මම කලින් කිව්වනෙ පූසා කළු පාට නිසාත්, පූසා මායාකාරියන්ගෙ සුරතල්ලු විදිහට ඉන්න නිසාත් මිනිස්සු පූසොන්ට බයයි කියලා. ඒ දේම කාක්කටත් තියෙනවා. උදේට දොර ඇරලා එළියට යනකොට මුලින්ම කාක්කෙක් දැක්කොත්, එදාට මොකක් හරි අසුභ දෙයක් වෙනවා කියලත් සමහරු විශ්වාස කරනවා. කාක්කො පහක් එකට ඉන්නවා දැක්කොත් ඒකෙන් අසනීප උදාවෙනවා කියලත්, කාක්කො හයක් එකට ඉන්නවා දැක්කොත්, ඒකෙන් මරණය උදා වෙනවා කියලත් සමහරු විශ්වාස කරනවා. එහෙම බැලුවම ඉතින් අපි මැරිච්ච තැන්වල ගසුත් පැළවිලා. අනිත් අතට මිනිස්සු අසනීපවෙලා වෙලා, මිනිස්සු වද වෙලා ගිහින්. මේ විශ්වාස නම් ගොඩක්ම තිබිලා තියෙන්නෙ අතීත යුරෝපයේ.
හූනෙක් කෑ ගහන එකෙනුත් අසුභ දෙයක් වෙනවා කියලා පරණ අය කියනවා. ඒත් තාම නම් එහෙම වුණේ නෑ. එතකොට හූනු පලාපල කියලා, හූනන්ටම වෙන්වුණු පලාපලත් තියෙනවනෙ. මිනිස්සුන්ගෙ එක එක ශරීර අවයවවලට හූනෙක් වැටුණම, ඒ මිනිහට ඉස්සරහදි වෙන්නෙ මොකක්ද කියලා තමයි ඒවායෙන් කියවෙන්නෙ. පරණ අය නම් තාමත් මේවා ගැන විශ්වාස කරනවා. තරුණ පරම්පරාව නම් විශ්වාස කරන්නෙම නැති තරම්. මගේ ඇගටත් වහලෙ ඉදන් හූනො වැටෙන වැටෙන වෙලාවට, මමත් ඉතින් කුතුහලය නිසා ලිත අරගෙන බලනවා. වැඩේ කියන්නෙ බලන බලන වෙලාවට තියෙන්නෙ මම මැරෙනවා කියලමයි. ආසාවකටවත් ධන යෝගයක් එන තැනකට හූනෙක් වැටියන්. ඒත් බලන බලන සැරේට, මැරෙණවා කියලමයි තියෙන්නෙ. එහෙම මැරුණා නම් ඉතින්, මම මේ වෙනකොට 20 වතාවක් විතර මැරිලා. ඒ දවස්වල අපේ ගෙදර වැඩවලට උදව් කරන්න ගෑණු කෙනෙක් නතරවෙලා හිටියා. මැදි වයසෙ කෙනෙක්. එයා හූනු පලාපල අකුරටම විශ්වාස කළා. දවසක් එයාගෙ දකුණු අතට හූනෙක් වැටුනා වහලෙ ඉදන්. මෙයා ඉතින් අපිටත් දස වධ දීලා ලිතක් හොයා ගත්තා. ලිතේ තිබ්බෙ මැරෙනවා කියලා. මේක බලපු වෙලාවෙ ඉදලා, ඒ මනුස්සයා බලාගත්ත අත කල්පනා කර කර ඉන්නවා. හරිම දුකෙන් "අනේ මම මැරෙයි නෙහ්" කිය කිය නිතරම කියනවා. කම්පනයකින් තමයි එදා දවසෙම එයා හිටියෙ. ඒත් තාමත් එයා ජීවතුන් අතර. කවදා හරි දවසක මැරෙයි. ඒ ඉතින් කර්ම ශක්තිය ඉවර වුණු දවසක.
අපේ අය නැගෙනහිර දිශාව සුභ දිශාවක් විදිහටත්, බටහිර දිශාව අසුභ දිශාවක් විදිහටත් හදුන්වන්න පුරුදුවෙලා ඉන්නවා. සූර්යයා කියන්නෙ පෘතුවියේ ශක්තියයි. සූර්යයා නිසා තමයි අපි ජීවත්වෙන්නෙ. සූර්යයා විනාශ වෙනවා කියන්නෙ අපිට පැවැත්මක් නෑ කියන එක. නැගෙනහිරින් තමයි සූර්යය උදා වෙන්නෙ. ඒ නිසා නැගෙනහිරින් සූර්යයා උදාවීමෙන් අපේ අය ජීවය, ප්රබෝධය, පිබිදීම, උත්පත්තිය වගේ සුභ පැත්තට බර දේවල් සංඛේතවත් කර ගන්නවා. බටහිර දිශාවෙන් සංඛේතවත් කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. මොකද ඒ පැත්තෙන් තමයි සූර්යයා බැහැලා ගිහිල්ලා නැතිවෙලා යන්නෙ. ඒ නිසා මරණය, විනාශය බටහිර දිශාවෙන් සංඛේතවත් කරනවා. මගේ ඇදේ ඔළුව තියාගන්න පැත්ත තියෙන්නෙ නැගෙනහිරට මුහුණ දාලා. ඉතින් මම ගොඩක් වෙලාවට නිදාගන්නෙ නැගෙනහිරට ඔළුව හිටින විදිහට. සමහරක් වෙලාවට නින්ද යන්නෙ නැති වුණාම, ඒකාකාරී වුණාම මම කරන්නෙ කොට්ටෙ අනිත් පැත්තට දාගන්න එක. ඒ කියන්නෙ බටහිර දිශාවට ඔළුව හිටින විදිහට. එහෙම දාලා නිදාගත්තොත් පහු වෙනිදට බැණුම් කෝටියයි. ඒත් මම නම් තාමත් පණ පිටින්. ඒ වගේම විද්‍යාත්මක කතන්දරය ඕකෙ අනිත් පැත්ත. අපිට සූර්යයා නැගෙනහිරින් පායනවා පෙනුනට, ඇත්තටම සූර්යයා පායන්නෙ බටහිරින්. අපිට සූර්යයා බටහිරින් බහිනවා පෙනුනට, ඇත්තටම බහින්නෙ නැගෙනහිරින්. එතකොට එතනත් පරස්පරයි.
තව අපේ අය විශ්වාස කරනවා ගමනක් යනකොට දකුණු කකුල පෙරට තියන්න කියලා. මමත් ගමනක් යද්දි මුලින්ම තියන්නෙ දකුණු කකුල. ඒ අර විශ්වාසය නිසා නම් නෙවේ. මම පුරුදුවෙලා තියෙන්නෙ එහෙමයි. හැබැයි ඒ දවස්වල ඉස්කෝලෙ යන්න කලබලේට දුවන් යනකොට, වම් කකුල තිබුණු අවස්ථාත් තියෙනවා. ඒ වෙලාවට ඉතින් ටක් ගාලා අර විශ්වාසයත් ඔළුවට එනවා. ඒත් ගෙදර ඇවිල්ලා කල්පනා කරලා බලනකොට, වෙච්ච අසුභ සිද්ධියකුත් නෑ.
තවත් විශ්වාසයක් තියෙනවා ගමනක් යන්න ගෙදරින් එළියට බැහැලා දොර වහනකොට, කවදාවත් වම් පැත්ත බලාගෙන දොර වහන්න එපා කියලා. කෙලින්ම දොර දිහා බලාගෙනම, දොර වහන්න ඕනලු. වම් පැත්ත බලාගෙන වැහුවොත්, ගමන ගියායින් පස්සෙ ගෙදරට සොර සතුරො ඇතුල් වෙනවලු. ඒත් මම නම් දොර වහන්නෙම වම් පැත්ත බලාගෙන. එහෙම නම් ඉතින් අපේ ගෙදර හිසේ කෙස් ගාණටත් වඩා මංකොල්ල කාලා.
ඒ විතරක් නෙවේ. තවත් මතයක් තියෙනවා මොකක් හරි ගමනක් යන්න ගෙදරින් එළියට බැහැලා, ටික දුරක් ගිහින්, ආයිත් ගෙදරට හැරිලා එන එක හොද නෑ කියලත්. එහෙම කළොත් යන්න ගිය ගමන අසාර්ථක වෙනවලු. මම නම් හිසේ කෙස් ගාණටත් වඩා එහෙම කරලා ඇති. ඒත් ඔය කියන විදිහේ අසුභ දෙයක් වුණා කියලා නම් අත්දැකීමක් නෑ.
මට මතකයි ආනන්දෙට ගියපු පළවෙනි දවස. කොළඹ ආනන්ද විද්‍යාලය කියන්නෙ, "ජනප්‍රිය පාසල්" කියන වර්ගීකරණයට දාලා තියෙන ප්රමුඛ පෙළේ පාසලක්. අදටත් ආනන්දෙට ළමයෙක්ව දාගන්නවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවේ. ඉතින් තාත්තගෙ කැපවීම නිසා මාවත් ආනන්දෙට තේරුණා. පළවෙනි දවසෙ උදේ පාන්දර කිරිබත් කටක් එහෙම කාලා, කැවුම් කොකිස් කාලා, හා හා පුරා කියලා ඉස්කෝලෙ යන්න කාර් එකට නැග්ගා. කාර් එකට යතුර දාලා ගහනවා ගහනවා, වාහනේ හ්ම් සද්ධයක් නෑ. වාහනේ කැඩිලා. පස්සෙ තාත්තා බයික් එක හරවලා ගත්තා බයික් එකේ යමු කියලා. බයික් එකේ ටයර් එකක හුළං ගිහින්. ඊට පස්සෙ බාප්පගෙ වාහනයක් ඉල්ලගෙන තමයි ගියේ. එහෙම යනකොට අසරණ දුප්පත් මිනිහෙක්වත් (හිගන්නෙක්) මූණටම හම්බුණා (මගේ මතකය හරි නම්). මගක් දුර යනකොට ඔන්න බාප්පගෙ වාහනෙත් මග හිට්ටා. ඊට පස්සෙ වාහනේ පැයක් විතර එක තැන තියාගෙන හැදුවායින් පස්සෙ තමයි ඉස්කෝලෙට ගියේ. ළගදි දවසක මේ කතාව මතක් කරන ගමන් අම්මා කිව්වා, තාත්තා එදා හොදටම බය වෙලා හිටියලු. සැරෙන් සැරේ අම්මට කිව්වලු "අසුභයි නේද?" ගගත්. ඒත් කොහොම හරි එදා වෙලාටම ඉස්කෝලෙට ගියා. එහෙම ගියපු පාර 1999 ඉදන් අවුරුදු 13ක් කිසිම කරදරයක් නැතුව, ඉස්කෝලෙටත් පුලුවන් පුලුවන් විදිහට උදව් කරලා, ඉස්කෝලෙ නමත් බබළවලා, මගේ නමත් බබළවගෙන, 2012 අවුරුද්දෙදි බොහොම ගෞරවනීය විදිහට පාසල් ජීවිතයට සමු දුන්නා.
ගෙවල් ඇතුළෙ කුඩ ඉහළන එක හරිම අසුහ දෙයක් කියලා තමයි අපේ වැඩිහිටියො කියන්නෙ. ඒත් පුංචි කාලෙ අපි ගෙවල් ඇතුළෙ කොච්චර කුඩ ඉහළගෙන සෙල්ලම් කරන්න ඇතිද? මේකත් අනවබෝධයෙන් කියන දෙයක්. මේ කතාව අපේ රටට සම්බන්ධ කතාවක් නෙවේ. පිටරටින් ආපු කතාවක්. ඉස්සර ඒ රටවල්වල මිනිස්සු සූර්යයාව දේවත්වයෙන් සැළකුවා. ඒ අය හිතුවේ සූර්යයා කියන්නෙ ඇත්තටම දෙවි කෙනෙක් කියලා. ඉතින් ඒ අය කුඩ හැදුවේ සූර්යයාවත් සම්බන්ධ කරගෙනයි. අපි කුඩයක් ඉහළන්නෙ සූර්යයා නිසයි. සූර්යයාගේ කිරණවලින් ආරක්ෂා වෙන්න. ඉතින් සූර්යයා ඉස්සරහා ඉහළන්න තියෙන කුඩය, සූර්යයා පේන්න නැති ඇතුළක ඉදගෙන ඉහළුවොත්, ඒකෙන් සූර්යයා කෝප වෙනවා කියලා ඒ අය හිතුවා.
ඒ වගේම කුඩය ඉහළනවා වහින වෙලාවට. එතකොට වැහි දෙවියොත් එක්ක තමයි කුඩය සම්බන්ධ වෙන්නෙ. ඒ නිසා ඇතුළක ඉදගෙන කුඩයක් ඉහළුවොත්, වැහි දෙයියො කෝප වෙයි කියලා හිතුවා. අපේ රටේ නම් වැඩිහිටියො කියන්නෙ ගෙදර ඇතුළෙ කුඩයක් ඉහළුවොත් "කසාද බදින දවසට වහිනවා" කියලයි. වහිනවා තමයි. අප්‍රේල්, මැයි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ කාලෙක කසාද බැන්දොත්. අනිත් අතට කසාද බැදපු කෙනෙක් ගෙදර ඇතුළෙ ඉදගෙන කුඩයක් ඉහළුවොත් මොකක් වෙයිද? එතකොට කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල වැඩ කරන හැමෝගෙම මගුල් දවස්වල වහිනවද?
වහිනවා කියනකොට මතක් වෙනවා තවත් මිත්‍යා විශ්වාසයක්. මම පුංචි කාලෙ අපේ ගෙදර වැඩවල උදව්වට ආච්චි කෙනෙක් ආවා. මේ ආච්චිගෙ එක පුරුද්දක් තිබුණා. දැන් විදුලි කොටනකොට සමහරක් වෙලාවට අපි බයට, එහෙම නැත්නම් කණට අමාරු නිසා කණ් දෙක, අත් දෙකෙන් වහගන්නවා නෙහ්? ඒ ආච්චි මට කණ් දෙකෙන් අත් දෙක වහගන්න දුන්නෙම නෑ. එයා කියනවා "අකුණු ගහන වෙලාවට අත් දෙකෙන් කණ් දෙක වහගත්තම, ඒ කෙනාට අකුණු වදිනවා" කියලා.
2011 අවුරුද්දෙ පන්සලේ කඨින පෙරහැරේදි කඨින සිවුර අපේ ගෙදර ළගට එනකොට උදේ 7.00ට විතර ඇති. තවත් මීටර් 600ක වටයක් යන්න තිබුණා. ඉතින් හුගක් ගෑණු මිනිස්සු කතා වුණා "හරි නම් ඉර පායන්න කලින් පන්සලට යන්න ඕන. දැන් හොදටම ඉර පායලා. ඒ නිසා හරිම අසුභයි. මේක නම් හොද වැඩක් නෙවේ" කියලා. අද අපේ අය අතරෙ විශ්වාසයක් තියෙනවා කඨින සිවුරට ඉර අව්ව වැටුනොත් ඒක අසුභයි කියලා. අනිවාර්යෙන්ම ඉර එළිය වැටෙන්න කලින්, පන්සල ඇතුළට ගන්න ඕන කියලා. මේකත් වැරදි මතයක්. පාරම්පරිකව එන කතාවෙ නම් කියලා තියෙනවා "කොස් කොළ නැට්ටට ඉර එළිය වැටෙන්න කලින් පන්සලට අරගන්න" කියලා. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඉර එළිය වැටෙන්න කලින් පන්සල ඇතුළට ගන්න කියන එක. හැබැයි ඒ ගොඩාක් ඉස්සර. එහෙම කරන්න ඒ අයට හේතුවක් තිබුණා.
ඉස්සර කාලෙ නිකංම නිකන් සුදු පාට රෙද්දක් තමයි අරගෙන ගියේ. පන්සලට ගෙනිච්චායින් පස්සෙ ඒක කපලා කොටලා, මහලා කරලා, ඒ වෙලාවෙම පඩු මිශ්‍රණ හදලා, පඩු පොගවලා, වේලෙන්න ඇරලා තමයි පූජා කරන්නෙ. ඉතින් මේ ක්‍රියාවලියට වරු භාගයක් විතර යනවා. කොච්චර පඩු දැම්මත් වැඩක් නෑ, පූජා කරන වෙලාවට සිවුර වේලිලා නැත්නම්. අන්න ඒ නිසා තමයි ඉර පායන්න කලින් ඇතුළට අරගන්න කියලා තියෙන්නෙ. ඒ කියන්නෙ හැකි ඉක්මනින්ම අරගන්න කියලා. එතකොට හාමුදුරුවරු දහවල් දානය වළදන වෙලාව වෙනකන්ම, වෙලාව අරගෙන ඉක්මනට මේ වැඩ ටික කරලා, ඒ වෙලාවට පූජා කරනවා. ඉර පායන්න කලින් ඉක්මනටම වැඩ ටික පටන් ගත්ත නිසා, කාලය ගැන බය වෙන්න දෙයක් නෑ. හැබැයි පරක්කුවෙලා වැඩ පටන් ගත්තොත් කාල කළමණාකරණය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
අද නම් පන්සලක දෙකක ඇරුණම, අනිත් හැම පන්සලකම වගේ කඨින සිවුර පෙරහැරේ යන්නෙ 100%ක්ම නිම කරලා. ඒකත් කඩෙන් රෙදි අරගෙන, ගෙදරදි මහණ මේශිමෙන් එකට පූට්ටු කර කර මහලා. 100%ක්ම වැඩ ඉවර කරපු සිවුරක් නිසා, ගියපු ගමන්ම පූජා කරන්න තමයි තියෙන්නෙ. ඒ නිසා පොඩ්ඩක් පරක්කු වුණාට බය වෙන්න දෙයක් නෑ. සිවුරට ඉර එළිය වැටෙන එක හොද නෑ කියන කතාව, කාල කළමණාකරණය ගැන ප්‍රශ්න එන නිසා ඉර එළිය වැටෙන්න කලින් සිවුර පන්සල ඇතුළට අරගන්න කියලා තියෙන කතාව නිසා හැදුනු වැරදි විශ්වාසයක්.
පන්සල කිව්වම දේවාලයේ වුණු සිද්ධියකුත් මතක් වෙනවා. දවසක් ගමේ පන්සලේ දේවාලයේ තිබ්බා ගම්මඩු ශාන්ති කර්මයක්. යක් බෙර 8ක් ගැහුවා. ඒ ශාන්ති කර්මයේදි අපේ කපු මහත්තයා පරල වුණා. ඔළුව ඇගෙන් ගැලවිලා යන විදිහටම ඔළුව වනන්න ගත්තා. ඇග වනන්න ගත්තා. හූ තියලා කෑ ගහන්න ගත්තා. බෙර ගැහිල්ලත් නතර වුණේ නෑ. විනාඩි 15ක් 20ක් එක දිගට වැඩේ ගියා. ඊට පස්සෙ ටික ටික බෙර සද්ධෙ අඩු කළා. එහෙම වෙනවත් එක්කම කපුවගෙ චලනයනුත් එන්න එන්න ටික ටික අඩු වුණා. ඊට පස්සෙ ඔළුව විතරක් හෙමිහිට හෙමිහිට කරකවන්න ගත්තා. බෙර සද්ධෙ සම්පූර්ණයෙන්ම නැවතුනාට පස්සෙ, කපුවගෙ චලනයනුත් එහෙම්මම නැති වුණා. ඊට පස්සෙ ගල් ඉන්න වගේ එක තැන හිටපු කපු මහත්තයා, බිමට වැටුණා. මුළු ඇගම ගල්වෙලා, දරදඩු වෙලා තිබුණා. ගම්මඩුව බලන්න ආපු ගොඩක් අය හිතුවෙ කපුවට අමනුෂ්‍යයෙක් වැහිලා ආවේශ වුණා කියලා.
ඊට පස්සෙ ගම්මඩුවේ නර්තන සහ වාදන ශිල්පීන් පොඩි විවේකයක් ගත්තා. ඒ නිසා ඔක්කොම වැඩ ටිකකට නැවතුනා. මම ඉතින් මේ ගැන කල්පනා කළා. ගම්මඩුවක් තියන්නෙ ගමට ආශිර්වාද කරලා, සෙත්පතන්න. ඒ වගේම පාරම්පරික විශ්වාසය අනුව ගම්මඩුවකදි මුල් වෙන්නෙ දෙව්වරු සහ දේව ආශිර්වාදය. ඉතින් දෙව්වරුත් සම්බන්ධයි නම් පොතේ හැටියට නරක බලවේගයකට මේ වගේ වෙලාවකදි ආවේශ වෙන්න බෑ. එහෙනම් හොද බලවේගයකටම තමයි ආවේශ වෙන්න පුලුවන්.
ඒත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. බණ කතාවක තියෙනවා බුදු හාමුදුරුවන් හරි මහ රහතන් වහන්සේ නමක් හරි රජ කෙනෙක්ට කරන දේශනාවක්. ඒ දේශනාවෙදි රජතුමා අහනවා "දෙව්වරුන්ට මනුෂ්‍යයන් අතරේ ඉන්න පුලුවන්ද?" කියලා. එතකොට දේශකයාණන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් මෙහෙම අහනවා. "රජතුමනි, ඔබතුමා සංචාරයේ යනකොට හිගන මනුස්සයෙක්ව දකිනවා. මෙයා මඩ ගොඩක බැහැගෙන තමයි ඉන්නෙ. ඇදුම් නෑ. කුසට ආහාරයක් නෑ. ගදයි. නාලා නෑ. හරිම අපිරිසිදුයි. අප්‍රසන්නයි. ඔබතුමා මේ මනුස්සයව මාළිගාවට අරගෙන ගිහින් හොදට පිරිසිදු කරනවා. ඊට පස්සෙ හොද ඇදුම්, කෑම බීම, ඉදුම් හිටුම් දීලා, හොද සැප සම්පත් දෙනවා. ටික කාලයක් ගියායින් පස්සෙ ඔබතුමා කියනවා ඒ මනුස්සයාට, අර කලින් හිටපු තැනට ගිහින් ඒ විදිහටම ඉන්න කියලා. එයා කැමති වෙයිද?" කියලා. එතකොට රජතුමා "නෑ" කියලා පිළිතුරු දෙනවා. "ආන්න ඒ වගේමයි දෙව්වරුත්" කියලා දේශකයාණන් වහන්සේ දේශනා කරනවා.
අභිධර්මයේ තියෙන කතා අරගෙන බැලුවම දෙව්වරු කියන්නෙ අධිසංවේදී ජීවීන් කොට්ඨාසයක්. ඒ අයට ගද සුවද කියන දේ සෑහෙන දැනෙනවා. අපි හොදට පිරිසිදුවෙලා, සබන් ගාලා, සුවද විළවුන් දාලා 100%ක් පිරිසිදුවට හිටියත්, සමහරක් දෙව්වරුන්ට අපිව අපිරිසිදුයි. ඒ කියන්නෙ ඒත් පිරිසිදුකම මදි. ඉතින් එහෙම එකේ දෙවේ කෙනෙක්ට පුලුවන්ද මිනිහෙක්ට ආවේශ වෙන්න?
ඉතින් එතන වුණේ ආවේශයක් නෙවේ. ඒ දේ වුණේ බෙර සද්ධෙ නිසා. යක් බෙරය තමයි අපේ රටේ බෙරවලින් ලොකුම සද්ධයක් පිට කරන බෙරය. ඒකත් හරිම භයංකාර සද්ධයක්. ඉතින් ඒ වගේ වෙලාවක හිත දුර්වල වුණොත්, සද්ධයේ වැඩිකම නිසා පරල වෙන්න පුලුවන්. මේක නූතන විද්‍යාවෙන් ඔප්පු කරපු දෙයක්. අපේ රටේ මේ ගැන පරීක්ෂණ කරලා, මේ දේ ඔප්පු කරපු අයගෙන් පෙරමුණේම ඉන්නෙ අපි අතරින් සමු ගත්ත, අපේ ආදරණීය වෛද්‍යය ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහත්මයා.
අධික ධ්වනි ශක්තිය නිසා වෙන මේ වගේ පරලවීම් ශාන්තිකර්මවලදි විතරක් නෙවේ, සංගීත සංදර්ශනවලත් වෙනවා. දවසක් මේරියන්ස් කණ්ඩායමේ සංගීත සංදර්ශනයකදි ගෑණු කෙනෙක් වේදිකාවට නැග්ගලු, සංගීතය යන අතරතුර. ඊට පස්සෙ හොදට නටන්න ගත්තලු. මේරියන්ස් කණ්ඩායමටත් හරිම සන්තෝස හිතුනලු. එයාලත් තව සද්ධෙ වැඩි කළාලු. මේ ගැණු කෙනත් නටනවා නටනවා ඉවරයක් නෑලු. පොඩ්ඩක්වත් විවේකයක් ගන්නෙ නෑලු. ඒත් එක්කම ඊළග සිංදුව දැම්මලු. ඒකෙත් නටනවලු. කොහොම හරි සිංදුව ඉවර වුණාලු. එතකොටත් නටනවලු. බැලින්නම් අර අධික ශබ්ධය නිසා ඒකට පරල වෙලාලු.
අනිත් අතට කිළි. අපිරිසිදු විදිහට හිටියොත් කිල්ලට අහු වෙනවා කියලා, අපේ අය අතරේ විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය බලපෑමකට අහුවෙනවා කියලා. අපිරිසිදු අයට වින කරන යක්කු විදිහට අරගන්නෙ ඔය සන්නි යක්කු. ඒවා අපේ අයම හදා ගත්ත දේවල්. ජනප්‍රවාද කතා අනුව අපේ හොල්මන් කතාවල ඉන්න භයානකම යකා තමයි රීරි යකා කියන්නෙ. අපිරිසිදු අයට රීරි යකා කරදර කරනවා කියලා පිළිගැනීමක් තියෙනවා. අනිත් අතට දේව කෝපයකට ලක් වෙන්න පුලුවන් කියලත් විශ්වාස කරනවා. දේවාලයකට යනකොට 100%ක්ම හොදට නාලා පිරිසිදු වෙලා තමයි යන්න ඕන. මළ ගෙදරකට ගිහින් ආවාම, හොදට නාලා, ඇගපත මූණ හෝදගන්න ඕන. දාඩිය ගද පොඩ්ඩක්වත් දැනෙන්න දෙන්න හොද නෑ. එහෙම වෙන්න ඇරියොත් අමනුෂ්‍යයන්ගෙන් බලපෑමක් වෙනවා කියලත්, සමහරක් ඈයො කරදර කරනවා කියලත්, සමහරක් ඈයො මරණය ගෙන දෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා.
මම නම් ආගමික ස්ථානයකට යනකොට විශේෂ පිරිසිදු කිරීමක් කරගන්නෙ නෑ. අපේ ගමේ දේවාලෙට යන්නෙම දාඩිය වැක්කිරි වැක්කිරි. දවසක් කතරගම මහා දේවාලය ඇතුළට ගියා, සති දෙකක් විතර ඇගපත හෝදගන්නෙ නැතුව. මාසයක් ඇගපත හෝද ගන්නෙ නැතුව සබරගමු සුමන සමන් දේවාලය ඇතුළට, මාතර විෂ්ණු දේවාලය ඇතුළට, මහනුවර සතර මහා දේවාල ඇතුළට ගිහින් තියෙනවා. මළ ගෙදරක ගිහින් ආවාත් ඇගපත හෝදගෙන පිරිසිදුවීමක් මගේ නම් නෑ. ගොඩක් වෙලාවට ඇදගෙන ගියපු ඇදුම පිටින්ම තමයි ගෙදරත් ඉන්නෙ. සමහරක් වෙලාවට එහෙම්මම නිදා ගන්නවා. දවසක් දාඩිය පිටින් මළ ගෙදරක හිටියා එකම ඇදුම පැය 17ක් ඇදගෙන. ඒත් මේ වෙනකන් නම් එහෙම අදෘශ්‍යමාන බලවේගයකින් බලපෑමක් වෙලා නෑ. හැබැයි අභිධර්මයේ තියෙන බහුතරයක් කතා නිසාත්, ආටානාටිය සූත්‍ර දේශනාව නිසාත්, එක්තරා සිද්ධියක් නිසාත් මේ විෂය "මිත්‍යා විශ්වාස" කියන ගොඩට දාන්න තාමත් මම ලෑස්ති නෑ. ඒත් මේ ගැන තියෙන මගේ අත්දැකීම බෙදාගන්න ඕන නිසයි, ඒ කතාවත් මෙතනම ලිව්වෙ.
ගෙදරක වෙස් මූණක් එල්ලුවම වස් දොස් දුරුවෙනවා කියලා අපේ අය විශ්වාස කරනවා. මේක එන්නෙ ඇස්වහ කටවහ කියන සංකල්පය එක්ක. ගෙදරක හැමෝටම පේන්න වෙස් මූණක් එල්ලුවම, ගෙදර දිහා බලන කෙනාට මුලින්ම බැලෙන්නෙ ගෙදර නෙවේ. වෙස් මූණ. ඒ නිසා "ෂා! හරී ලස්සන ගෙයක්" කියලා කියනවා වෙනුවට, එයාගෙ හිත බොහොම සුළු වෙලාවකට ගැස්සෙනවා. ඒ, වෙස් මූණේ තියෙන භයානක ස්වභාවයට. ඉතින් කියන්න ගියපු දෙය කියාගන්න බැරුව, ඒක නිකංම මතක නැතුව යනවා. ඔන්න ඕක තමයි උපක්‍රමය. වෙස් මූණ දැකපු නැති කෙනා කියන්න ඕන දේ කියනවා. ඒ නිසා වෙස් මූණක් එල්ලපු පලියට එහෙම වෙන්නෙ නෑ. ඒ කෙනා වෙස් මූණ දිහා බලන්නත් ඕන. අනිත් අතට ඇස්වහ කටවහ කියන්නෙ මගේ අත්දැකීම් අනුව නම් අවිනිශ්චිතයි. හරියන වෙලාවලුත් තියෙනවා. හරියන්නෙ නැති වෙලාවලුත් තියෙනවා.
ඊළගට වීදුරු, ඉනිමං සහ අශ්ව ලාඩම්වලට සම්බන්ධ විශ්වාස තුනක් ගැන මතක් වුණා. මේ තුනම අපේ රටේ ඒවා නෙවේ. පිටරටවල්වලින් ආපු දේවල්. එකක් තමයි වීදුරුවක් බිදෙන එක, අසුභයි කියන විශ්වාසය. කෝප්පයක් වේවා, පිගානක් වේවා, කණ්ණාඩියක් වේවා, ජනේලයක් වේවා.... ඕනෑම වීදුරුවක්. එහෙම බැලුවොත් අපි ජීවත්වෙලා හිටපු කාලෙට අපේ අතින් කොච්චරක් නම් වීදුරු බිදෙන්න ඇතිද? මම කියවලා තියෙන විදිහට මේකත් මේ රෝමයේ ඉදලා ආපු විශ්වාසයක්. රෝමන්වරුලු මුලින්ම වීදුරු කණ්ණාඩි හදන්න පටන් ගත්තෙ. එයාලා විශ්වාස කළාලු වීදුරුවක් බිදුනොත්, අවුරුදු හතක් යනකන්ම අසුභයි කියලා. ඒ විශ්වාසය යුරෝපය හරහා ආසියාවට එනකොට අවුරුදු හත කෙසේ වෙතත්, අසුභයි කියලා කියන්න ගත්තා. වීදුරුවෙන් අපේ මූණ පේනවා නෙහ්? ඉතින් ඒ අය හිතුවා වීදුරුව සහ අපි අතරේ ලොකු බැදීමක් තියෙනවා කියලා. වීදුරුව බිම වැටුණම, වීදුරුව කෑලි කෑලි යනවා වගේ, ඒකෙන් අපේ ආත්මයත් කෑලි කෑලි වෙනවා කියලා එයාලා හිතුවා. සමහරු විශ්වාස කළා වීදුරුවෙන් මූණ බැලුවම පේන්නෙ අපේ ආත්මය කියලා. වීදුරුව බිදිලා කෑලිවලට ගියාම, ඒ අය හිතුවා දැන් වීදුරුවෙන් අපේ ආත්මයට එළියට එන්න බැරුව, අපේ ආත්මය සදාකාලිකවම හිරවෙලා ඉන්නවා කියලා.
දැකලා තියෙනවා නේද නමන්න පුලුවන් ඉනිමං? ඒවා නැමුවම ත්‍රිකෝණයක් වගේ තමයි තියෙන්නෙ. එහෙම ඉනිමං යටින් යන්න එපා කියලා සමහරු කියනවා. මොකද ත්‍රිකෝණයෙන් සංඛේතවත් වෙනවා ජීවිතය. ත්‍රිකෝණයක් හරහා යනවා කියන්නෙ ජීවිතය හරහා යෑමක්. ඒ නිසා ඒක අසුභයි කියලා සමහරක් රටවල්වල මිනිස්සු විශ්වාස කරනවා. අපේ ගෙදරත් තියෙනවා එහෙම ඉනිමගක්. මම නම් ඒ ඉනිමග එහාට මෙහාට උස්සන් යන්නෙත්, ඉනිමග යට ඉදගෙන (ත්‍රිකෝණය ඇතුළෙ ඉදගෙන).
සමහරු අශ්ව ලාඩමක් එල්ලනවා ගෙදර. ඒ ගෙදරට සුභ වෙන්න කියලා. ඒත් ඒ විශ්වාසයේ උත්පත්ති කතාව ඒ අය දන්නෙ නෑ. ඒක එන්නෙත් යුරෝපයේ ඉදලා. සමහරක් රටවල්වල අය විශ්වාස කළාලු අශ්ව ලාඩමක් එල්ලුවම, නපුරු මායාකාරියො බය වෙනවා කියලා. හැබැයි දැන් නම් ඇත්ත අශ්ව ලාඩම් වෙනුවට හැමෝම වගේ එල්ලන්නෙ අශ්ව ලාඩම්වල ආකෘති.
ආයිත් පොඩ්ඩක් අපේ රටේ මිත්‍යා විශ්වාසවලට එමුකො. ගෙවල්වල සීවලී හාමුදුරුවන්ගෙ රූප එල්ලන එකත් තේරුමක් නැති වැඩක් විදිහට තමයි මම නම් දකින්නෙ. සීවලී හාමුදුරුවන් කියන්නේ ගෞතම බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වුණු මහා ශ්‍රාවක හිමි නමක්. උන්වහන්සේ කලින් ආත්මවල ගොඩාක් දන් දුන්න නිසා, උන්වහන්සේ ගෞතම බුදු සසුනේ ඉපදුනාම ඒ පින් ඵලදුන්නා. ඒ නිසා උන්වහන්සේට සිව්පසයෙන් ලැබෙන්න තියෙන හැම දෙයක්ම, කිසිම අඩුවක් නැතුව ලැබුණා. ඒ තරම් පුණ්‍ය ශක්තියක් උන්වහන්සේට තිබුණා. දවසක් බුදුන් වහන්සේ ශ්‍රාවක පිරිසක් එක්ක සැරියුත් හාමුදුරුවන්ගේ සහෝදර හිමි නමව බලන්න දුර බැහැරකට වැඩම කළාලු. එහෙම යනකොට බොහොම දුෂ්කර පාරක් හම්බුණාලු. මේ පාර දිගේ සෑහෙන දුරක් යන්නත් තියෙනවා. ඉතින් හාමුදුරුවරුන්ට දානය ගැන ප්‍රශ්නයක් මතු වුණාලු. ඒ වෙලාවෙ තමයි බුදු හාමුදුරුවො, ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන්නෙ "සීවලිත් අපිත් එක්ක ආවාද?" කියලා. ආනන්ද හාමුදුරුවො "එහෙමයි" කිව්වම, බුදු හාමුදුරුවන් කියනවා "එහෙනන් ඒ ගැන බය වෙන්න එපා" කියලා.
ඉතින් මේ දුර ගෙවෙනකන්ම සීවලී හාමුදුරුවන්ගේ පුණ්‍ය මහිමය නිසා උන්වහන්සේටත්, බුදුන් වහන්සේ ප්රමුඛ ශ්‍රාවක පිරිසටත් දානය හම්බුනාලු හරි හරියට. බුදුන් වහන්සේට දානය ලැබෙන්නෙ නැතුව ගිහින් කුසගින්නේ හිටියත්, සීවලී හාමුදුරුවන්ට කවදාවත් කුසගින්නෙ ඉන්න ලැබුණෙ නෑලු. උන්වහන්සේ මිනිස්සු නැති පළාතකට ගියත්, කොහොම හරි දානය හම්බ වුණාලු.
මේ නිසා අපේ රටේ බෞද්ධයොත් තම තමන්ගෙ ගෙවල්වල ඇතුල්වෙන තැන සීවලී හාමුදුරුවන්ගෙ රූපයක් එල්ලගෙන ඉන්නවා. අපේ අය හිතනවා එහෙම එල්ලගෙන හිටියම, අපිටත් ආහාර පානවලින් හිගයක් එන එකක් නෑ, අපිටත් හැමතිස්සෙම සැප සම්පත් උදා වෙනවා කියලා. ඒත් හිතට එකගව කල්පනා කරලා බලන්න, ඒක එහෙමද කියලා? බුදු හාමුදුරුවන් දේශනා කළේ "තමන්ගෙ පිහිට තමාමයි" කියලා. අපි මහන්සිවෙලා වැඩ කළොත්, ඒකෙ ප්‍රතිඵල විදිහට අපිට සල්ලිත්, ඒ හරහා කෑම බීමත්, අනිත් දේවලුත් ලැබෙනවා. කිසිම වැඩක් කරන්නෙ නැතුව, සීවලී මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලන් හිටියම, අපිට සෞභාග්‍ය උදාවෙයිද? අනිත් අතට සීවලී හාමුදුරුවන් කියන්නෙ, මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට වන්දනාමාන කරන එකේ වැරැද්දක් නෑ. ඒත් ලාභ ප්‍රයෝජන ලබාගන්න, එක එක දේවල් ප්‍රාර්ථනා කරන එක නම් ලොකුම ලොකු පවක්.
අපේ අය බෝධියට ගිහින් කරන්නෙත් ඔය වැඩේමයි. බුදු හාමුදුරුවන්ව බලන්න එන ගොඩක් අය, බුදු හාමුදුරුවන් නැති වෙලාවට හරිම දුකෙන් හැරිලා ගිහින් තියෙනවා. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුවන්ට කියලා බෝධියක් රෝපණය කරන්නෙ. බුද්ධ දේශනය අනුව බෝධියෙන් සංඛේතවත් වෙන්නෙ බුදු හාමුදුරුවන්වයි. ඉතින් බුදු හාමුදුරුවො හිටියෙ නැති වෙලාවල්වලට උපාසක උපාසිකාවන් බෝධිය වන්දනාමාන කරලා ගියාලු. අද වුණත් අපි පන්සලට ගිහින් වදින්නෙ නිකංම නිකං ගහකට නෙවේ. අපේ බුදු හාමුදුරුවන්ට. ඒත් අපේ අය කරන්නෙ මොකක්ද? ඒ ගිහිල්ලත් එක එක සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. බුදු හාමුදුරුවන් සියල්ල අත්හැරපු බෝධිය ළග ඉදගෙන, සියල්ල ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා.
අනිත් අතට සීවලී හාමුදුරුවන්ගේ පුණ්‍ය මහිමය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. මම කලින් කිව්වනේ බුදු හාමුදුරුවො කුසගින්නෙ හිටියත්, සීවලී හාමුදුරුවන්ට එහෙම වෙලා නෑ කියලා. සීවලී හාමුදුරුවො ගොඩාක් දන්දීලා පිං කරලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි සීවලී හාමුදුරුවෝ කොච්චර දන්දීලා තියෙනවද, ඊට වඩා දස දහස් ගුණයක් වැඩියෙන් බුදු හාමුදුරුවන් දන්දීලා තියෙනවා. ඒක උන්වහන්සේ සාරසංඛෙයිය කල්ප ලක්ෂයක් තිස්සෙ කළා කියලා තමයි බෞද්ධයින්ගේ විශ්වාසය. මේ සංසාරය පුරාවටම උන්වහන්සේ කෑම බීම විතරක් නෙවේ, ඇස් ඉස් මස් ලේ වගේම, තමන්ගේ ශරීරයත් පූජා කරලා තියෙනවා. ඒක අමතක කළත් බුදු කෙනෙක් වෙන්න බෑ, දාන පාරමිතාව පුරන්නෙ නැතුව. 100%ක්ම දාන පාරමිතාව පිරුවොත් තමයි බුදු කෙනෙක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒ කතාවෙත් පුංචි ගැටළුවක් නැත්තෙමත් නෑ. අනිත් අතට බුද්ධ පරිණිර්වානය සිද්ධ වෙලත්, දැන් අවුරුදු 2500කටත් වඩා වැඩියි. ඒත් අදටත් බුදු හාමුදුරුවන්ට උදේ, දවල්, රෑ නොවරදවාම දානය ලැබෙනවා.
තව මිනිස්සු අතරේ වේගයෙන් ප්‍රචාරය වෙන කොළයක් තියෙනවා. A4 කොළයක, කළු සුදු පාටින්, සිංහල අකුරෙන් දෙපැත්තම මුද්‍රණය කරලයි තියෙන්නෙ. එක පැත්තක පානදුරේ ප්‍රසිද්ධ බුදු පිළිමෙ පුංචි පින්තූරෙකුත්, ධර්ම චක්‍ර දෙකක පින්තූර දෙකකුත් තියෙනවා. "මෙය බුද්ධියෙන් කියවන්න !" කියලා තමයි පටන් ගන්නෙ. නාගරාජයෙක් ගැන තමයි තියෙන්නෙ. ඒ කොළය පිටපත් කර කර බෙදා හරින්න කියලත්, එහෙම වුණේ නැත්නම් කරදරවලට මුහුණ දෙන්න වෙනවා කියලත්, එහෙම ක්‍රියාත්මක වුණු සහ නොවුණු අයට අත්වුණු හොද සහ නරක විපාක ගැනත් ඒ කොළයේ සදහන් වෙනවා. ගොඩක් අය බයවෙලා මේක පිටපත් කරලා බෙදා හරිනවා. මේකත් අමුම අමු බොරුවක්. මේක ගැන මම ගොඩක් අධ්‍යනය කරලා සවිස්තරාත්මකව ලිපියක් ලිව්වා ඒ දවස්වලම. ඒ නිසා ඒක ගැන ආයිත් සදහන් කරන්න අදහසක් නෑ. ඔයාලට පුලුවන් පහළ බොත්තම හරහා ඒ ලිපිය කියවන්න.
සමහරු හිතනවා අලීන්ගේ බඩ යටින් රිංගුවම වස් දොස් දුරුවෙනවා කියලා. මේකත් අමුම අමු මිත්‍යා මතයක්. ඇත්තටම සතෙකුට පුලුවන්ද අපිට අනාගතයේදී වෙන්න තියෙන විපත්ති දුරු කරන්න? ඉතින් අපේ මෝඩ වැඩිහිටි අය, හයක් හතරක් නොතේරෙන පුංචි බබාලත් උස්සගෙන අලීන්ගෙ බඩ යටින් යනවා. මම මේ ගැන අපේ අලි විශේෂඥයෙකුගෙනුත් ඇහුවා. එයා දුන්නෙ මෙන්න මේ වගේ උත්තරයක්. "ඒක නම් බොරු කතාවක්. මනුස්සයෙක් බය උනාම ඇඟේ සමේ තියෙන ග්රන්ථිවලින් පෙරමෝනයක් වගේ රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙනවා. මේ නිසා තමයි අලියා දැනගන්නේ අපි බයවෙලා කියලා. අලියාගේ බඩ යටින් යන්න යන්න අපිට ඒ දේ හුරු දෙයක් වෙනවා. එතකොට අර පෙරමොනය ශ්‍රාවය වෙන්නේ නෑ. ඒ නිසා බය ගතිය නැති වෙනවා. අලියෙක්ට බය නෑ කියන්නේ ඉතිං ඊට වඩා අඩු තව ගොඩක් අයට බය නෑ කියන එක. මේ බය ඇතිවීම නවත්වන්න තමයි අලියාගේ බඩ යටින් යන්නේ. ඒත් අද කාලේ ග්‍රහ අපල දුරුවෙන්න ඒවා මේවා කිය කියා යනවා. ඔය ක්‍රියාවලිය ඇතිවෙලා තියෙන්නේ අලි බලන කෙනාට මුදල් උපයාගන්න උවමනාව නිසා. අලියාගේ බඩ යටින් ගියාම දෙන මුදලෙන් ඒ අය තමන්ගේ ඕනා එපාකම් සපුරාගන්නවා. ඒකයි මේ සම්ප්රදාය ඇතිවෙලා තියෙන්නේ. හැබැයි මම අර මුලින් කිව්ව හේතුව විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා."
මට අවුරුදු 6ක් 7ක් විතර පුංචි කාලෙ පුංචි නළාවක් තිබුණා. ඒක ප්ලාස්ටික් නළාවක්. මම ඉතින් ඕක රෑට පිඹිනවා. ඒ කාලවල්වල අපිට වෙන කරන්න වැඩක් තිබුණෙත් නෑ නෙහ්. ඕක පිඹිනකොට අම්මා බනිනවා "මේ මහා රෑ නලා පිඹින්න ගන්න එපා. රෑට නළා පිඹිනකොට, ගෙදර ඇතුළට නයි එනවා" කියලා. අම්මා එහෙම කිව්වෙ නයි නටවන අය ගැන හිතලා. එහෙම ගත්තම ඉතින් අපේ රටේ නයිවලින් භාගෙට භාගයක්ම ඉන්න ඕන පන්සල්, දේවාල, කෝවිල් ඇතුළෙ.
නයි නටවන මනුස්සයාගෙ නයා නැටුවට, අනිත් නයි නළා සද්ධවලට නටන්න අපේ ගෙවල් අස්සට එන්නෙ නෑ. අනිත් අතට නයි නටවන මනුස්සයා කරන්නෙත් පොඩි උපක්‍රමයක්. නයි නටවන මනුස්සයා නළාව පිඹින ගමන් අත් දෙක එහාට මෙහාට හොල්ලනවා. නයත් ඉතින් ඒ මනුස්සයට ගහන්න ඉලක්කය අරගන්න, මනුස්සයගෙ අත් දෙක වැනෙන වැනෙන පැත්තට වැනි වැනී ඉන්නවා. මනුස්සයා නලා පිඹින එක නතර කරලා, අත් දෙක වනන එකත් නතර කළාම, අත් දෙක ඉලක්ක කර කර හිටපු නයත් වැනෙන එක නතර වෙනවා. ඇත්තටම නයා වැනෙන්නෙ අර මිනිහගෙ අත් දෙක අනුව. ඒ වැනිල්ල අපිට පේන්නේ නර්තනයක් විදිහට. ඒත් ඇත්තටම නයා නටන්නෙ නෑ.
ඒ වගේම අපේ ගෙදර අයගෙ තවත් නීතියක් තියෙනවා. ඒ තමයි රෑට නියපොතු කපන්න දෙන්නෙ නෑ. එහෙම කරන්න හොද නෑලු. අදටත් රෑක නියපොතු කප කප ඉන්නවා දැක්කොත්, ළගට ඇවිල්ලා දොස් කියනවා. මේකත් අපේ රටට එන්නෙ ජපානය වගේ විදේශීය රටවල් හරහා. ඒ මිනිස්සු විශ්වාස කළා රෑට නියපොතු කැපුවොත්, තමන්ගේ දෙමාපියන්ගේ මරණය තමන්ට දකින්න වෙන්නෙ නෑ කියලා. ඒකෙන් කියවෙන්නෙ ඊට කලින් තමන් අකාලයේ මැරිලා යනවා කියලයි.
ඒ අය විශ්වාස කළා නියපොතුවලත් තමන්ගෙ ආත්මය තියෙනවා කියලා. ඒක කැපුවොත් රෑට ඒ ආත්මය නපුරු ආත්මයක් විදිහට ඇවිත් තමන්ට නපුරුකම් කරනවා කියලත්, නියපොතු කැපුවම පාන්දර 3.00න් පස්සෙ නපුරු බලවේග ආකර්ශනය වෙනවා කියලත් ඒ අය විශ්වාස කළා. මේ අතරෙ තවත් කතාවක් තියෙනවා. ඒ කාලෙ අද වගේ නියපොතු කපන්න ක්‍රමවත් උපකරණ තිබ්බෙ නැති නිසා, ඒ කාලෙ අය නියපොතු කපලා තියෙන්නෙ පිහි වගේ හොදටම මුවහත් වුණු, ලොකු ආයුධවලින්. විදුලි බලයත් හොයාගෙන නැති නිසා, රාත්‍රී කාලයේදි එයාලා නියපොතු කපලා තියෙන්නෙ හද එළියෙන්. නැත්නම් ගිනි මැලයක් ගහලා. ඒ නිසා හරියට පේන්නෙත් නෑ. එහෙව් එකේ පිහිය ලිස්සුවොත්, ඇගිල්ලම කපලා යනවා. ඒකට විෂබීජ ගියොත් මරණය ළගා වෙනවා. ඒ නිසා ඒ අය රෑට නියපොතු කපන එකෙන් වැළකුණා.
අපි පුංචි කාලෙ ඉස්කෝලෙදි මේසවලට, පුටුවලට, කෑමවලට විතර නෙවේ ඇස් පිහාටුවලටත් රණ්ඩු වුණා. ඒ කාලෙ පුංචි ළමයි අතරේ විශ්වාසයක් තිබුණා, ඇස් පිහාට්ටක් වැටුණම, ඒක දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරලා උඩ දැම්මම, ඒක ඇත්තක් වෙනවා කියලා. අපිත් නොතේරුම්කමට එහෙම කරපු අවස්ථා තිබ්බා. ඒ විශ්වාසය පුංචි ළමයින්ට කොහොම ආවද දන්නෙ නෑ.
මේ විශ්වාසයේ උච්ඡතම අවස්ථාව විදිහට මම දකින්නෙ පූජනීය ස්ථානවල කාසි විසික් කරලා කරන ප්‍රාර්ථනා. මේ දේ ගොඩක්ම දකින්න තියෙන්නෙ පරණ නටබුන් වුණු පන්සල්වල. ගොඩක් අය සිරිපතුල් ගල්වලට, පොකුණුවලට, සදකඩ පහණ්වලට, සෙල්ලිපිවලට, පිළිමවලට කාසි විසික් කරලා එක එක දේවල් ප්‍රාර්ථනා කරනවා. මේවට නම් කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ. මොකද නටබුන් කියන්නෙ පැරණි ඉදිකිරීම්වල ශේෂ වුණු කොටස්වලට මිසක්, ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන දේවල්වලට නෙවේ. තව සමහරු පන්සල්වල තියෙන ලොකූ ගල්වලට පුංචිම පුංචි කෝටු කෑලි හේත්තු කරලා තියෙනවා. ඒ අය විශ්වාස කරනවා ඒ චූටි කෝටු කෑලි නිසා මොනම හේතුවක් නිසාවත් ඒ ගල පන්සල පැත්තට පෙරලිලා, විනාශයක් වෙන එකක් නෑ කියලා.
ඊළගට ගොඩක් දෙනා විශ්වාස කරනවා මිනී පෙට්ටිය ගෙදරින් එළියට ගෙනියනකන්ම බරයි. ගෙදරින් එළියට ගෙනාවායින් පස්සෙ බර නැති වෙනවා. ඒ මළ මිනියට අරක්ගෙන හිටපු ආත්මය, මිනිය ගෙදරින් එළියට ගන්නවත් එක්කම, මිනියෙන් චුත වුණු නිසා කියන මතය. මේක අපිට ප්‍රායෝගිකව කරලා බලන්න පුලුවන්. මොකක් හරි බර දෙයක් උස්සලා ටික දුරක් අරගෙන ගිහින් බලන්න. ඒ දේ උස්සලා, භාගයක් දුර යනකන්ම අපිට දැනෙන්නෙ ලොකු බරක්. හැබැයි ටික දුරක් අරගෙන යද්දි ඒ බර ටික ටික නැතිවෙනවා. හේතුව තමයි, ඒ වස්තුව උස්සනකන්ම අපේ ඇග දන්නෙ නෑ, ඒ වස්තුවට තියෙන්නෙ මොන වගේ බරක්ද කියන එක. ටික දුරක් බර අරගෙන යනකොට, අපේ ඇග නිකන්ම ඒකට හැඩ ගැහෙනවා. වස්තුවේ බර එහෙම්මමයි. ඒත් අපිට දැනෙන්නෙ ඒ බර අඩු වුණා වගේ.
ඉතින් ඔව්වා තමයි දැනට මට තියෙන අත්දැකීම්. ඉස්සරහටත් ගොඩක් අත්දැකීම් ලැබෙයි. ඒ වගේම අමතක වුණු ඒවත් මතක් වෙයි. ඒ ඔක්කොම දාලා, මේ ලිපිය දිගටම යාවත්කාලීන කරගෙන යන්න තමයි අදහස. ඒ නිසා දිගටම රැදිලා ඉන්න වෙයි. දවසක් මේ දේවල් ගැන මගේ යාලුවෙක් එක්ක සාකච්ඡා කළාම, ඒ යාලුවා මට මෙහෙම දෙයක් කිව්වා.
"අපි හිතමු කෙනෙක් ඉන්නවා. මෙයාට හිතෙනවා එක්තරා මිත්‍යා විශ්වාසයක් නිසා මෙයාට විපතක් වෙන්නයි යන්නෙ කියලා. බැරි වෙලාවත් මෙයා පාරේ යන කොට බස් එකකට හැප්පුනොත්, මෙයා නිගමනය කරනවා ඒක වුණේ ඒ මිත්‍යා විශ්වාසය නිසා කියලා. එයා ඒක හිතෙන් අයින් කරලා 'මට කරදරයක් වෙන්නේ නැහැ' කියලා තමන් විසින් තමන්වම සනසා ගන්න හදනවා. මෙතනදි අමතක වෙනවා වෙනුවට නැවත නැවත අවිඥාණිකවම මතකයට නැගීමක් සිදුවෙනවා. මේ හේතුවෙන් එදිනෙදා සිදුවන අහඹු සිදුවීම් පවා වෙන්නේ මේ මිත්‍යා විශ්වාසය නිසයි කියන සිතුවිල්ල අදාළ පුද්ගලයා තුළ පහළ වෙන්න පුලුවන්. ඉතින් කෙනෙක්ට ඇතිවන අධික බය නිසා ඔහුට හෝ ඇයට යම් හානියක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අධික කම්පනයට ලක්වෙන කෙනාට හදවත් රෝග, අධික උණ ගතිය, ආහාර අරුචිය, නින්ද නොයාම, මායාවන් පෙනීව, හැඟීම් දැනීම් අවුල්වීම වගේ ගොඩක් ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න පුලුවන්. ඉතින් මෙතනදි වෙන්නෙත් පුද්ගලයෙක් අධිකව විශ්වාස කරන මතයක් උපයෝගී කරගෙන, ඒ කෙනාගෙ බය අවුස්සලා, මානසිකත්වය අවුල් කරලා, ඒ අයව පීඩාවට පත් කිරීමක් කියලා අපිට තර්ක කරන්න පුලුවන්. ඒත් එයා මීට කලින් දවසක හැප්පුනොත් නිගමනය කරනවා එහෙම වුණේ රියදුරාගේ තියෙන නොසැළකිලිමත්කම නිසා කියලා."
ඉතින් මටත් කියන්න තියෙන්නෙ ඒ දේම තමයි. හැබැයි මෙතනදි මම මෙහෙම දෙයකුත් කියන්න කැමතියි. මම මෙතනදි කිව්වෙ නෑ මන්තර කියන්නෙ මිත්‍යාවක් කියලා. හේතුව මට තාමත් ඒ ගැන පක්ෂව හෝ විපක්ෂව කරුණු දක්වන්න දැනුම සහ අත්දැකීම් නෑ. හැබැයි මම කිව්වා කිඹුහුමක් යන එක අසුභයි කියන දේ මිත්‍යාවක් කියලා. හේතුව මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. මම කිව්වෙ නෑ බන්ධනයක් කරනවා කියන්නෙ මිත්‍යාවක් කියලා. හේතුව මට තාමත් පක්ෂව හරි විපක්ෂව හරි කරුණු ලියන්න දැනුමක් සහ අත්දැකීම් නෑ. හැබැයි මම කිව්වා පොල්කිච්චෙක් ඇති කරපු පලියට මිනිස්සු මැරෙන්නෙ නෑ කියලා. හේතුව මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් මට මෙතනදි ඕන වුණේ මම ලබලා තියෙන අත්දැකීම් අනුව කරුණු දක්වන්න. අනිත්වා ගැන අත්දැකීම් සහ හරියාකාර අධ්‍යනයක් කරන්නෙ නැතුව එක පාරටම කියන්න බෑ බොරුයි කියලත්. මොකද බුද්ධ දේශනාව අනුව ගත්තොත් (විශේෂයෙන්ම අභිධර්ම පිටකය) තාමත් විද්‍යාවට අහු වුණු නැති ගොඩාක් දේවල් මේ විශ්වයේ තියෙනවා. ඒ වගේම අනිත් අතට "ලූලා නැති වලට කණයා පණ්ඩිතයාලු" කියනවා වගේ "විද්‍යාව නැති කලට, මිත්‍යාව රජ කරනවා". ඒ නිසා මේක ගොඩක් සිහි නුවණින්, හරිම පරිස්සමෙන්, තෝරලා බේරලා සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්.
විනෝදයටත් එක්ක ලිපිය ඉවර කරන්න කලින් මේ වගේ දේවල් නිසා අපිට මුහුණ පාන්න වුණු අත්දැකීම් ටිකකුත් ලියලම ඉවර කරන්න හිතුනා. එක දවසක් අපිට එක්තරා ව්‍යාපෘතියකට ගොඩාක් දුර යන්න වුණා. ඉතින් අපි හිතුවා පාන්දර 2.00ට පිටත් වෙන්න. හැබැයි පිටත් වෙන්න කලින් දවසෙ රෑ 10.00ට විතර එක්කෙනෙක්ගෙ ගෙදරින් කිව්වා "පාන්දර 12.10න් පස්සෙ රාහු කාලය උදා වෙනවා. ඒ නිසා රාහු කාලයට කලින් පිටත් වෙන්න" කියලා. ඉතින් පාන්දර 2.00ට විතර පිටත් වෙන්න තිබ්බ එක, කලින් දවසෙ රෑ 11.45ට පිටත් වෙමු කියලා තීරණය වුණා. හැමෝම 12.00 වෙනකොට ආවා. ඒත් එක්කෙනෙක් ආවෙ නෑ. ඔන්න දැන් 12.05ත් වුණා. ඒ කෙනාට කතා කරලා බැලුවම, එයා එන්න තව විනාඩි 30ක්වත් යනවලු. ඒත් තව විනාඩි 5කින් රාහු කාලය ලබනවා. ඉතින් මොකද වුණේ දන්නවද? හැමෝම වෑන් එකට නැගලා, පිටත්වීම සංඛේතවත් කරන්න මීටර 50ක විතර දුරක් ඉස්සරහට ගිහින්, අර කෙනා එනකන් එතන නවත්තන් හිටියා.
දෙසැම්බර් 31 පරණ අවුරුද්ද ඉවරවෙලා, ජනවාරි 01 අලුත් අවුරුද්ද ලබනකොට, අපේ ගෙදර ගොඩක් වෙලාවට රණ්ඩු. ඒ ඉතින් එක එක විශ්වාස නිසා. දවසක් දෙසැම්බර් 31 රෑ 11.45ට විතර රෑට කෑම කන්න ගත්තා. අම්මා කිව්වා 11.59 වෙනකොට ඉවර කරන්න කියලා. කලින් අවුරුද්දෙ කෑම, අලුත් අවුරුද්දෙ කන්න හොද නෑලු. ඔන්න ඉතින් රණ්ඩුවක්..... තව දවසක් මතකයි දෙසැම්බර් 31 රෑ 11.59 කිට්ටු කරද්දි මට වැසිකිලි යන්න ඕන වුණා. ඒත් ජනවාරි 01 ලබලත්, විනාඩි කිහිපයක් යනකන් ඒ වැඩේ කරන්න දුන්නෙ නෑ. මොකද දෙසැම්බර් 31 වැසිකිළියට ගිහින්, අලුත් අවුරුද්දෙ ජනවාරි 01 වෙනිදා එළියට එන එක, ඒ තරම් සුභ නෑලු.
රස්සාව කරනකොටත් අපිට සමහරක් මිත්‍යා මතවලට නෑඹුරු වුණු අය හම්බවෙනවා. එක දවසක් සංචාරක කර්මාන්තය සම්බන්ධ වෙබ් අඩවියක එක්තරා අයිකනයකට Google Navigation ලාංඡනය දැම්මා. ඒ අයිකනයේ පහළ කොටස තියෙන්නෙ හරියට පහළට යන ඊතලයක් විදිහට. ඒ වෙබ් අඩවියේ සේවාදායකයා කතා කරලා මට කිව්වා "ඇයි එහෙම එකක් දැම්මෙ? වහාම ඒක ගලවන්න. අග කොටස පහළට යන ඊතලයක් විදිහට තියෙන්නෙ. ඒක හරිම අසුභ ලකුණක්" කියලා. පස්සෙ බැලින්නම් ඒ කෙනා, තරුණ මැණික් ව්‍යාපාරිකයෙක්.
අවසාන වශයෙන් මේ මැතකදි වුණු සිද්ධියකුත් කියන්නම්. අපේ සේවාදායකයෙකුට දවස් පහක් ඇතුළත වෙබ් අඩවියක් හදාගන්න ඕන වුණා. අපි ඉතින් හතරවෙනි දවස වෙනකොට හදලා දුන්නා. පස්වෙනි දවසෙ දවල් මේ මනුස්සයා පිටු දෙකක විතර කොළයක් පිරෙන්න වෙනස්කම් ලැයිස්තුවක් කිව්වා. ඊට පස්සෙ කියපි "අද හොද නැකතක් තියෙන දවසක්. කොහොම හරි මට Website එක අදම ඉවර කරලා දෙන්න. අදම Launch කරන්න ඕන. නැත්නම් ආයිත් ලබන මාසෙ අහවල් දවස වෙනකන් ඉන්න වෙනවා" කියලා. කොහොම හරි ඉතින් අන්තිම මොහොතෙ නිසා අපිට ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. දැන් ඉතින් එයාට හොදටම මළ පැනලා. අපිට අවුරුදු 100කට ඇති වෙන්න හොදවැයින් දේවල් ගොඩක් කිව්වා. ඊට පස්සෙ කිව්වා තව මාස එක හමාරකින් දාන්න කියලා. ඊට සතියකට පස්සෙ ඔන්න ආයිත් සුභ නැකතක් තියෙන දවසක් හොයාගෙන කොහොම හරි. අපිට එදාට මේක දාන්නලු, උදේ 9.00 සහ 10.00 අතර. වැඩේ කියන්නෙ එදා අපි නිවාඩු. එදා විශේෂ දවසක්. ඒ තමයි වෙසක් දවස. ඒත් මේ යකාගෙන් වදේ. අපි මොකක්ද දන්නවද කළේ? අපි කළේ වෙසක් දවසට කලින් දවසෙම ඒ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරලා, ගෙදර ගියා. ඒත් අපේ සේවාදායකයා නම් වෙබ් ලිපිනයට පිවිසෙන්න නැකැත් දවසෙ, නැකැත් වෙලාව එනකන්ම හිටියා. එයා හිතුවෙ අපි ඒ වෙලාවෙම ඒක දැම්මා කියලා.