බීමේ ආදීනව
අද වෙනකොට මත්පැන් ගැන අපේ රටේ තියෙන්නේ ලොකු කතිකාවතක්. සමහරු මත්පැන්වලට පක්ෂවත්, මත්පැන්වලට විරුද්ධවත් අදහස් දක්වනවා. මේ අතරෙ තවත් පිරිසක් මධ්‍යස්ථව ඉදගෙන අදහස් දක්වනවා. ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් තුනෙන්, දෙකක්ම මත්පැන් භාවිතය පිළිකුල් කරනවා. ඒ තමයි හින්දු සහ ඉස්ලාම් කියන ආගම්. ලෝකයේ තියෙන ප්‍රධානතම දර්ශනයක් වෙන බුදු දහම තුළ, මත්පැන් වෙළදාම් කිරීම නොකළ යුතු වෙළදාමක් විදිහටත්, පංචශීලයේ මත්පැන් භාවිතයෙන් වළකින ලෙසටත් උපදෙස් දෙනවා. ඒ වගේම පිරිහීමට බලපාන ප්‍රධාන සාධකයක් විදිහටත් ඉගැන්වෙනවා. කිරි කන මිනිහා තමයි කිරිවල තියෙන රසය සහ ගුණය දන්නෙ. ඒ නිසා නොබොන මම, මත්පැන් ගැන කතා කරන එක කොහෙත්ම සුදුසු නෑ. ඒ වගේම තමයි මේකෙ අනිත් පැත්ත. බීමේ ආදීනව ගැන ගොඩක් වෙලාවට අවබෝධයක් තියෙන්නෙ නොබොන මිනිස්සුන්ට මිසක් බොන මිනිස්සුන්ට නෙවේ. මෙතනදි මම බොන මිනිස්සු කියලා අදහස් කළේ වීදුරුවක් දෙකක් බොන, "පමණට" අරගන්න කාණ්ඩයේ අයට නෙවේ. බෝතලයක් දෙකක් බීලා "පමණට වඩා" අරගන්න කාණ්ඩයේ අය ගැන. තවත් පැහැදිලිව කියනවා නම් වෙරි වෙන්නම ගහන මිනිස්සු ගැන.
පුංචි පන්තිවල ඉදලා ලොකු පන්තිවලට එනකන්ම අපිට "බීමේ ආදීනව" කියලා බුද්ධාගම, සමාජ අධ්‍යනය, සෞඛ්‍ය, විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂයන් යටතේ හැම අවුරුද්දකම පාඩම් මාලාවක් ඉගැන්නුවා. ඒ හැම පාඩමකම තිබුණෙ එකම කොකිස් අච්චුව. ඒ කියන්නෙ එකම කරුණු කාරණා ටික. මේ ලිපිය ලියන්න හිතුවෙ එහෙම ඉගෙන ගත්තු කාරණා කොච්චරක් දුරට ඇත්තද කියලා පෙන්නන්න.

මේ දවසක් විනෝද සාදයකදි වුණු සිදුවීමක්. අපේ ළගම ඥාතියෙක් නිසා තමයි මේ අත්දැකීම ලැබුනෙ. කතාවට මුල පිරුවෙත් අදාළ තැනැත්තම තමයි.
" දනුල, මම ගත්තා DSLR එකක්. හොද කැමරාවක්. තාම පාවිච්චි කරලා නෑ. ඒක පාවිච්චි කරන විදිහ තේරෙන්නෙත් නෑ. Settings ගොඩයි. මම වෙලාවක ඒක ඔයාට දෙන්නම්. ඔයා ඒක පාවිච්චි කරන්න. ඒක ඉගෙන ගෙන, පස්සෙ කාලෙක දෙන්න. අපේ ළමයින්ටත් තාම තේරෙන්නෙ නෑ. එයාලත් පොඩියි නෙහ්. කිසිම ප්‍රශ්නයක් නෑ දනුල. ඕක ගෙනිහිල්ලා, ඔයා ඉගෙනගන්න. අපිටත් වඩා ඔයාට කොහොමත් ඕනවෙනවනෙ වැඩවලට? "
< විනාඩි දෙකකට පසු >
" මම හිටපු ගමන් ඔයාගෙ ලිපි කියවනවා. ඒක හොදයි. ඔයාට හොද ලිවීමේ හැකියාවක් තියෙනවා. පොතක් ගහන්න අදහසක් නැද්ද? පොතක් ගහමු. මගේ යාලුවෙක් ගැහුවා පොතක්. පොඩි ළමයින්ට. චිත්‍ර තියෙන. කතා තියෙන. ඒකෙ ඇති දෙයක් නෑ. පොඩි පොතක්. ඒ වුණාට ඒක නියමෙට විකිණුනා. ඒ වගේ ඔයත් තනියම කතා ලියන්න. පොඩි ළමයින්ට... මම දන්න අය ඉන්නවා එහෙම තැන්වල වැඩ කරන. එයාලා ලවා Printing වැඩ කරන්න පුලුවන් නෙහ්. අර ජානකී සූරියආරච්චි කියලා ඉන්නෙ? අන්න එයා වගේ පොඩි ළමයින්ට ලිව්වා නම්, හොදට විකිණෙයි පොත්. මොකද ඔයාට හොදට ලියන්න පුලුවන්නෙ. පුංචි ළමයින්ට ලියමු පොතක්. හොද Profit එකක් ගන්න පුලුවන්. මම උදව් කරන්නම්. "
< විනාඩි පහකට පසු >

මේ විදිහට එකම කරුණු කාරණා ටික, විනාඩි පහෙන් පහට, මේ පුද්ගලයා 12 වතාවක්, ඒ විදිහටම කිව්වා. ඉතින් හිතා ගන්න පුලුවන් නේද, ඒ වෙලාවේ මෙයා කොච්චර ප්‍රමාණයක් අනුමත වෙලා ඉන්න ඇතිද කියලා? මේ සිද්ධියෙන් තහවුරු වුණා කරපු කියපු දෑ අමතකවීම කියන කරුණ.

උසස්පෙළ කාලේ මම අපේ රටේ සුප්‍රසිද්ධ උසස්පෙළ උපකාරක පන්ති කරන සර් කෙනෙක් ගාවට ගියා. මේ සර්ගෙ පන්තිය තිබ්බෙ සර්ගෙ ගෙදරමයි. සර්ගෙ ගෙදරට අල්ලපු ගෙදර තමයි මේ සර්ගෙ මල්ලි හිටියෙ. දවසක් පන්ති යනකොට, සර්ගෙ මල්ලිගෙ ගෙදර සුදු කොඩිවලින් පුරවලා, බැනර් එහෙම එල්ලලා. බැලින්නම් මල්ලි නැතිවෙලා. අපි හිතුවෙ පන්ති නැතිවෙයි කියලා. ඇයි ඉතින් සර්ගෙම මල්ලි නෙහ්. ඒත් සර්ගේ නෝනා ඈත ඉදන් අපිට කිව්වා "අද පන්ති තියෙනවා" කියලා. අපිටත් පුදුමයි. මොකද සර්ගෙ මල්ලි නැතිවෙලා තියෙන්නෙ එදා නෙවේ. ඊට කලින් දවසෙ. ඉතින් දේහයත් ගෙනල්ලා නෙහ් තියෙන්නෙ. අපිත් ඉතින් පන්තියට ගියා. සර් ඉතින් කිසිම වෙනසක් නැතුව, වෙනදා වගේම පාඩම කරගෙන ගියා.
ඒත් එදා හුග දෙනෙක් හැරිලා ගිහින් තිබ්බා, පන්ති නෑ කියලා හිතලා. ඒකට ඊළග සතියේ සර් කිව්වෙ මෙහෙම කතාවක්..... " එදා හුග දෙනෙක් පන්ති නෑ කියලා හැරිලා ගිහිල්ලා. මම අහන්නෙ එදා පන්ති නෑ කියලා එයාලට කිව්වෙ කවුද කියලා? මම හැමදාම පන්ති තියනවා. මගේ පන්තිය නැවතෙන්නෙ, මම මැරුණු දවසට විතරයි. මැරුණෙ මගේ මල්ලි මිසක් මම නෙවේනෙ. ඒ මනුස්සයා හැමදාම කරටි කැඩෙන්න බොනවා. අපි ඉතින් හැමදාම කිව්වා, බොන්න එපා කියලා. අන්තිමේදි බීලා බීලා ලෙඩ වුණා. ඊට පස්සෙ මළා. ඌ අපි කිව්ව දේවල් ඇහුවෙ නැති වුණාට, අපි මක් කරන්නද? ඌ නිසා අපිට පුලුවන්ද අපේ වැඩ පාඩු කරගන්න? "
මේ සිද්ධියෙන් තහවුරු වුණා රෝගාබාධවලට ගොදුරුවීම සහ හිතවතුන් දුරස්වීම කියන කරුණු.

බීමේ ආදීනව ගැන ඉස්මතුවෙන තවත් සිද්ධියක් කියනවා නම්, දවසක් අපේ ගමේ පාළු පාරක බීපු මිනිහෙක්ව මූණට මුලිච්චි වුණා. ඒ වෙලාවෙ පාර මැද්දෙ බල්ලෙක් නිදාගෙන හිටියා. මේ මිනිහා මොකද කළේ, බල්ලා ළගට ගිහින්, ඒ මිනිහගෙ තියෙන ඔක්කොම වෙර දාලා ගැහුවා පයින් පාරක්. මේ බල්ලා කෑ ගහගෙන පණ කඩන් දිව්වා. ඊට පස්සෙ මේ මිනිහා මහා සද්ධෙට හිනා වෙවී ඉදලා මාව දැකලා කියාපි "කොහොමද මගේ වැඩ? One Man Show! One Shot! බල්ලා
|
Knockout!" කියලා. ඊට පස්සෙ වැනි වැනී මං ළගට ආවා, මාත් එක්ක High Five එකක් ගහන්න. මම අත ඉස්සුවේ නැතිකොට, මගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියා.
මේ සිද්ධියෙන් තහවුරු වුණා සමාජයේ පිළිකුලට භාජනයවීම සහ සමාජයෙන් කොන්වීම කියන කාරණා. ඇයි ඉතින් නිකං ඉන්න සතෙකුට ඔහොම ගැහුවම, පිළිකුල් නොවී තියේද?
ඒ පාඩමටම දාන්න පුලුවන් තවත් සිද්ධියක් මතක් වුණා. ඒ තමයි දවසක් බස් එකේ යනකොට බීපු මිනිහෙක් නැග්ගා. කොච්චර බීලා හිටියද කිව්වොත්, හරියට නිකං රූකඩයක් වගේ. බෙල්ල දෙකට කැඩිලා වගේ නමාගෙන තමයි හිටියේ. කකුල් දෙකට නැමිලා. අත් දෙක පොඩ්ඩක් උඩට ඉස්සුවත් නැමෙනවා. නැග්ග ගමන් බස් එකේ කණුව බදා ගත්තෙ හරියට පොල් ගහක් බදා ගන්නවා වගේ. විශේෂම දේ ඒක නෙවේ. එදා බස් එකේ හැම Seat එකකම එක්කෙනා ගානෙ තමයි හිටියෙ. ඒ කියන්නෙ බස් එකේ තිබ්බ හැම Seat එකකම, තවත් වැඩිපුර එක්කෙනෙක්ට ඉදගන්න පුලුවන්කම තිබ්බා. ඒත් අර මනුස්සයා ළගට එනකොට, Seatවල වාඩිවෙලා හිටපු හැමෝම කළේ ඒ හිස්තැන් බෑග්වලින්, මළුවලින් ආවරණය කරගත්ත එක. සමහරු එයාට එන්න බැරි විදිහට, Seat එකට ඇතුළ් වෙන කොනට වෙලා, කකුල් පළල් කරගෙන හිටියා. බීලා හිටපු නිසා කවුරුත්ම එයා තමන් ළගින් ඉදගන්නවට කැමති වුණේ නෑ.
තව දවසකුත් ඒ වගේම දෙයක් වුණා බස් එකේදි. හොදටම මත් වෙලා හිටපු කෙනෙක්ට, Seat එකක ඉදන් ඉන්න කෙනෙක්, එයා ඉන්න Seat එකේ ඉදගන්න දුන්නෙ නෑ. බීපු කෙනා අවුරුදු ගාණකින් නාලා නැති, ඉරුණු කමිසයකුයි, පොඩි කොට කලිසමකුයි ඇදගත්ත, බැලූ බැල්මට රස්තියාදුකාර පෙනුමක් තියෙන කෙනෙක්. ඊට පස්සෙ ඒ දෙන්නා අතරේ පොඩි වාදයකුත් ඇති වුණා. වාදය දුර දිග ගිහින් මෙන්න බොලේ බීපු කෙනා, එක පාරටම ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. "Now what are you saying? Say. What are you saying? I'm a respectable man" කියලා සට සට ගාලා කටින් ඉංග්‍රීසි පිට වුණා.

මට මතකයි අපි නුවර එළියට චාරිකාවක් ගියා 2007දි. එහෙම ගියේ පවුල් හයක් හතක් විතර එකතුවෙලා. රියදුරු කෙනෙකුයි, සහායකයෙකුයි කතා කරගෙන බස් එකක තමයි ගියේ. අපි නුවර එළියේ රෑ දෙකක් ගත කළා. මේ රෑ දෙකේදිම බස් එක එලවපු මිනිහයි, සහායට ආපු කෙනයි නිදා ගත්තෙ බස් එකේ. අපේ වැඩිහිටි අය, දෙවෙනි දවසෙ මේ දෙන්නට බෝතල් දෙකක් යැව්වා. රෑ කෑමට මේ දෙන්නට අපේ නවාතැන්පලට එන්න වුණා. එතකොට මේ දෙන්නා දරුණුවටම අනුමතවෙලයි හිටියේ. බස් එක එලවපු කෙනා ගොඩක් වයසයි. උදේ, දවල්, හවස අපේ වැඩිහිටි අයට "මහත්තයා" කියලා ආමන්ත්‍රණය කළාට මොකද, අනුමතවීම ඩබල් ත්‍රිබල් වුණායින් පස්සෙ, මෙයා අපේ
|
වැඩිහිටි අයව ආමන්ත්‍රණය කළේ "පුතා" කියලා. ඔන්න ඊළගට උගත් පාඩම. තමන්ගේ තත්වය අමතකවීම.
තවත් දවසක් විවාහ මංගල්‍ය උත්සවයකදිත් අත්දැකීමක් ලැබුනා. ඒත් අපේ ඥාතියෙක්. හොද දැන උගත්, බුද්ධිමත් මනුස්සයෙක්. ඒ වගේම විශ්‍රාම දිවියෙන් කල් ගෙවන කෙනෙක්. හැමෝම අතරෙ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වුණු චරිතයක්. එදා සතුට වැඩිකමට මෙයාගෙ අනුමතවීම ටිකක් වැඩි වුණා. Bar එකේ දොරෙන් එළියට එන ගමන් මහා සද්ධෙට කියාපි "මම තව පොඩ්ඩෙන් Ladies කෙනෙක්ගෙ ඇගේ හැප්පෙනවනේ" කියලා. හැමෝම එක්ක මහා සද්ධෙට කතාව. හෙන ගහනවා වගේ, හැමෝගෙම පිටවල්වලට තට්ටු කර කර, අත්පුඩි ගගහා, හරියට කෙලින් ඉන්න බැරුව, වැනි වැනී, කරවල්වලට අත දාගෙන.... යන්නෙ කොහෙද මල්ලෙ පොල්... මාතෘකාවට අනුව නෙවේ, කතා කරන්නෙ. ගොඩක්ම හිනා යන දේ තමයි, මෙයා ප්‍රතිපත්තියක් විදිහට, කතා කරනකොට කවදාවත් භාෂා දෙකක වචන කතා කරන්නෙ නෑ. සිංහල නම් 100% සිංහල. ඉංග්‍රීසි නම් 100% ඉංග්‍රීසි. ඒත් එදා මෙයා කිව්වේ "මම තව පොඩ්ඩෙන් Ladies කෙනෙක්ගෙ ඇගේ හැප්පෙනවනේ" කියලා. ඒත් මෙයා පියවි සිහියෙන් හිටියා නම් කියන්නේ "මම තව පොඩ්ඩෙන් ගෑණු කෙනෙක්ගෙ ඇගේ හැප්පෙනවනේ" කියලා.
මේකෙන් ඉස්මතු වෙනවා පමණට වඩා ගත්තම තමන්ගේ තත්වය අමතකවීම, ප්‍රතිපත්ති අමතකවීම, උන් හිටි තැන් අමතකවීම, තමන්ට තමන්ව පාලනය කර ගන්න බෑ සහ ගෞරවය නැතිවීම වගේ දේවල් වෙනවා කියලා.
අපේ සීයා කෙනෙකුත් ඒ දවස්වල හරි හරියට බිව්වා. එතකොටත් වයස 80 ගාණක්. හැමදාම බොන්නෙ නෑ. ඒත් බොන්න හම්බුනු වෙලාවට තිතටම මත. එහෙම වෙලාවට කවුරු හරි ළගින් ඉන්න ඕන. නැත්නම් යන්නෙ කකුල් හතරෙන්. ඔන්න ඊළග ආදීනවය. ඇවිදීමේ අපහසුව.

අපේ තවත් හිතවතෙක් ඉන්නවා, අපේ පවුල් එකතු වෙලා සංවිධානය කරන පොදු වැඩවලට ඇවිල්ලා උදව් උපකාර කරන. එයා නැත්නම් ඒ කටයුතු සංවිධානය කරන්නත් අමාරුයි. ඒ තරමටම බැහැලා වැඩ. කටයුතු ඉවර වුණාම, වැඩිහිටි පිරිස ටිකක් අනුමත වෙලා සිංදුවක් දෙකක් කියනකොට, මෙයත් එතනට එනවා. අනිත් අය ටික ටික "පමණට" අනුමත වෙනකොට, මෙයා එක පාරෙන්ම "පමණ ඉක්මවා" අනුමත වෙනවා.
|
එහෙම වුණාම ඉතින් Current වැදිලා වගේ නටන්න ගන්නවා. බෙර සද්ධෙට, මෙයා ආවේශ වෙලා වගේ නොනවත්වාම නටනවා. එහෙම නැටුවම දහ දොළොස් වතාවක් විතර ලිස්සලා වැටෙනවා. අපිට හිනා. ඒත් මෙයාට ගාණක් නෑ. ආයිත් නැගිටලා අනිත් අතට නටනවා. ඒ වෙලාවට මේ ලෝකෙ සිහියක් නෑ. බෝම්බයක් පිපුරුණත්, එයාට ගාණක් නෑ. ඒක ඉතින් අපිට හරිම විනෝදයක්. ඔන්න ඊළග ආදීනවය. "සමාජයේ හාස්‍යට ලක් වීම".
ඒ ඉතින් එයාගෙ හැටි. හැමතිස්සෙම එහෙම තමයි. එක දවසක් විනෝද සාදයකදි මෙයා සංගීතෙට නටන්න ගත්තා. එතන හිටපු තවත් කෙනෙක් මෙයාට විනාඩි 15න් 15ට මත්පැන් වීදුරු දෙනවා. මෙයත් ඉතින් පිටිපස්සට ගිහින් අනුමත වෙලා, ආයිත් ඇවිල්ලා නටනවා. වැඩේ කියන්නෙ මෙයාට මත්පැන් වීදුරුව දෙන ගමන්, මේක දෙන කෙනත් අනුමත වෙනවා. ඔහොම ඉතින් පැය දෙකක් ගියා.
අන්තිමේදි නටපු කෙනා ගල් ඉන්න වගේ කෙලින් ඉන්නවා. නටපු කෙනාට විනාඩි 15න් 15ට මත්පැන් දීපු කෙනාට "පාන්" කියා ගන්නවත් |
බැරි තරමට වෙරි. බැලින්නම් වීදුරුව හම්බ වෙන, හම්බ වෙන සැරේට අර මිනිහා, පිටිපස්සට ගිහින් බොනවා වගේ, ඒ ටික වෙනම බෝතලේකට දාගෙන. "මහත්තයාගේ හිතේ මම ඔක්කොම බිව්වා කියලා. ඒ වුණාට මම පිටිපස්සට ගිහින් Stock එකට දාගත්තා" කියලා අර මිනිහා කිව්වා. ඊට පස්සෙ ඉතින් එයා රෑට තනියම බත් කන ගමන්, නිවීසැනසිල්ලෙ අනුමත වුණාලු. සැරින් සැරේ එයාට මත්පැන් වීදුරු දීපු කෙනා බොහොම අමාරුවෙන් ගෙදර ගියා. මේකෙන් අපිට තහවුරු වෙනවා, පමණට වඩා අරගත්තම "පහසුවෙන් මුලාවට පත් වෙනවා" කියලා.
දැනට මගේ මතකයේ තියෙන්නෙ ඔච්චරයි. ඉදිරියේදිත් අනිවාර්යෙන්ම මේ වගේ අත්දැකීම් ලැබෙයි. ඒවත් මේ ලිපියටම ඇතුළත් කරන්නම් ඉස්සරහට. මේ ලිපියෙන් මම කියන්නෙ නෑ "බොන එක නවත්තන්න" කියලා. බොන නොබොන එක තමන්ගෙ කැමැත්තක්. හැබැයි සතුටට බිව්වත්, දුකට බිව්වත්, හේතුවක් නැතුව බිව්වත් "පමණ ඉක්මවා බොන්න එපා" කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක බොන කෙනාටත්, බොන කෙනා වටේ ඉන්න පිරිසටත් හානිදායක වෙනවා. ඒ වගේම ලිපියේ තියෙන එක් එක් සිද්ධියට ලියලා තියෙන නිගමනයන් හරහා ඔප්පු වෙනවා, පාසල් විෂය නිර්දේශවල බොරු වගේම, අපිට ඇත්තත් උගන්නලා තියෙනවා කියලා..!!!!!!