මාළිගාවේ නාගසිංහම්
" දළදාව උදෙසා සිදු කරන පුද සිරිත් සඳහා 'තේවාව' කියන වචනය භාවිතා කෙරෙනවා. මේ වචනය සැකසුණාය කියන්නේ 'තේවෛයි' කියන දමිළ වදනින් කියලා තමා පිළිගැනෙන්නේ. රජතුමෙක්ට කරන පුද සත්කාර සහ ආවතේව සඳහා තමා තේවෛයි කියන වදන භාවිතා වෙලා තියෙන්නේ. ලංකාවේදී දළදාවටත් රජෙක් හා සමානව පුද සත්කාර කිරීමත් එක්ක 'තේවාව' කියන යෙදුම භාවිතා වෙලා තියෙනවා. මේ හැරෙන්නට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරද්දී උන්වහන්සේට අග්‍ර උපස්ථායක ආනනද හාමුදුරුවෝ කරපු පුද සත්කාරත් මේ තේවාවේදී ගුරු කොට ගන්නවා. මහනුවර දළදා මාළිගාවේ සිදු කෙරෙන දළදා තේවාව ගත්තාම ඒක භික්ෂූන් වහන්සේලාගේ වගේම ගිහි නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් තමා සිදුවෙන්නේ. මේ සඳහා සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලා සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකට තමා අයිති වෙන්නේ.
දළදා මාළිගාවේ මධ්‍යයේ තියෙන පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තමා දළදාව තැන්පත් කරලා තිබෙන්නේ. මේ නිසා ඒ ගොඩනැගිල්ල වැඩසිටින මාළිගය විදිහට හඳුන්වනවා. මේ ගොඩනැගිල්ලට පහළ තට්ටුවෙන් වගේම ඉහළ තට්ටුවෙනුත් පිවිසීමේ හැකියාව තිබෙනවා. දළදා තේවාව සුපුරුදු පරිදි දිනපතා කුමන වාතාවරණයකදී වුවත් පැවැත්වෙනවා. මේ දළදා තේවාවේ ආරම්භය සිදුවෙන්නේ උදෑසන 5.15 ට පමණ ආරම්භ වෙන 'අලුයම් පූජාවෙන්'. දළදා මාළිගාවේ හේවිසි වාදනය භාර වෙලා ඉන්න පිරිස වැඩසිටින මාළිගාවේ ඉදිරියේ තිබෙන හේවිසි මණ්ඩපයේ ඉදන් හේවිසි වාදනය ආරම්භ කිරීමත් එක්ක තමා අලුයම් පූජාව ආරම්භ වෙන්නේ. "
ඔන්න ඔහොම තමයි ආගිය කතාවල, "හොර රහසේ කරන වැඩේ හෙළිවේ" ලිපියේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දෛනිකව සිදු කෙරෙන තේවා කටයුත්ත ගැන, හසිත ගුණසිංහ අයියා පූර්විකාව අරගෙන තිබුනෙ. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම, සිවුරු පිරිකර පිලිගැන්වීම, පාදෝවනය කිරීම, තෙත මාත්තු කිරිම, පවන් සැලීම, චාමර සැලිම, ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුම් ඇල්ලීම, සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම වගේ කටයුතු රාශියක් තේවා කටයුතු වලදි සිදු කෙරෙනවා. ආරම්භයේ ඉදලා සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආපු පුද පූජාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර අදටත් දළදා මාළිගාවේ සිදු කිරීම විශේෂත්වයක්.

දළදා මාළිගාවේ සිදු කෙරෙන පූජාවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා.
01. දෛනික පූජා
02. සප්තාහික පූජා
03. වාර්ෂික පූජා
දෛනික පූජා කියන්නෙ දිනපතාම සිදු කරන පූජාවන්ට. සප්තාහික පූජා කියන්නෙ සතියකට එක වරක් කරන පූජාවන්ට. අවුරුද්දකට එක වරක් සිදු කරන පූජාවන්, වාර්ෂික පූජා කියලා හදුන්වනවා. මෙතනින් දෛනිකව සිද්ධ කරන පූජාවත් කොටස් තුනකට බෙදෙනවා.
01. අළුයම පූජාව
02. නව පෑ පූජාව
03. හැන්දෑ පූජාව
හසිත අයියාගෙ ලිපියෙ තිබ්බත් වගේම "අළුයම්දුරේ" නොහොත් අලුයම් පූජාව පටන් ගන්නෙ උදෑසන 5.15ට සිද්ධ කරන හේවිසි නාදයෙන්. උදෑසන 5.30 වෙනකොට වැඩ සිටින මාලිගයේ දොරවල් විවෘත කරලා, උදෑසන 6.00 වෙන කොට මුළුතැන් බුද්ධ පූජාව සිදු කරනවා.
මුළුතැන් පූජාවේදි දළදා වහන්සේ වෙනුවෙන් පිළියෙල කරන ආහාරවේල රත්තරං පාත්‍රවල තැන්පත් කරලා, ඒ රත්තරං පාත්‍ර ටික කදක් ආධාරයෙන් වැඩසිටින මාළිගාවට අරගෙන ගිහින් පූජා කිරීමක් සිද්ධ වෙනවා. මේ රත්තරං පාත්‍ර අරගෙන යන්න පාවිච්චි කරන කදේ කෙදි රන් පැහැයට හුරු නිසා, "රන්කද" කියන අර්ථයෙන් "හේමකද" කියලා හදුන්වනවා. අනිත් විහාරස්ථානවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තබන පූජාව "බුද්ධ පූජාව" කියලා හැදින්නුවාට, දළදා මාළිගාවේ සිදු කෙරෙන පූජාව හදුන්වන්නෙ "මුළුතැන් පූජාව" කියලා. මොකද ඈත අතීතයේ දළදා වහන්සේ වෙනුවෙන් පිළියෙල කෙරෙන දානය සකස් වුණේ රජ මාළිගාවෙ රාජකීය මුළුතැන්ගෙයින්.

|
නව පෑ පූජාව නොහොත් දහවල් පූජාව පටන් ගන්නෙ උදේ 10.00ට විතර. ඒ වෙනුවෙන් උදේ 9.30 වෙනකොට මාලිගාවේ දොරවල් විවෘත කරලා, හේවිසි වාදනය පටන් ගන්නවා. මේ පූජාව 11.00 වෙනකන්ම සිද්ධ කෙරෙනවා. ඒ අනුව උදෑසන මුළුතැන් පූජාවට හාල්සේරු 12ක බත්, අවුල්පත් වර්ග 7ක්, ව්‍යංජන වර්ග 8ක්, කැඳ සහ
|
කිරිබත් පිළියෙල කරනවා. දහවල් පූජාවට හාල් සේරු 20ක බත්, ව්‍යංජන වර්ග 32ක්, අවුල්පත් වර්ග 8ක්, කැඳ සහ කිරි බත් පිළියෙල කරනවා. හැන්දෑ පූජාවේ කටයුතු ආරම්භ කරන්නෙ හවස 6.15ට සිද්ධ කරන හේවිසි වාදනයත් එක්ක (හැන්දෑ දුරය). හැන්දෑ දුරය පටන් අරගෙන විනාඩි 15ක් ගියායින් පස්සෙ, හවස 06.30ට දොරවල් විවෘත කිරීම සිද්ධ කරනවා. මේ කටයුතු සිද්ධ කරලා මිනිත්තු 30කට පස්සෙ සවස ගිලන්පස බුද්ධ පූජාව සිද්ධ කරනවා.
ඊට පස්සෙ රාත්‍රී 7.30ට තවත් ගිලන්පස පූජාවක් සිද්ධ කරනවා. මේක නම් කරලා තියෙන්නෙ "දෙවැනි ගිලන්පස" කියලා. මේ චාරිත්‍රය දළදා මාළිගාවට විතරක් සුවිශේෂී වුණු දෙයක්. මේ ගිලන්පස පූජාවන් දෙකටම සීනි, සූකිරි, අමු ඉඟුරු, ගිතෙල්, මී පැණි, උක් පැණි, සුදු හකුරු, කළු හකුරු, තෙලිඡ්ජ, දොඩම් යුෂ, අඹ, අන්නාසි, මුද්දරස්පලම් වගේ ද්‍රව්‍යන් 14ක් ඇතුළත් වෙනවා.
මේ කියන දෙවැනි ගිලන්පස බුද්ධ පූජාවේ ඉතිහාස කතාව ආරම්භ වෙන්නෙ, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදියි. ඒ කියන්නෙ 1750ත් 1782ත් අතර කාල වකවානුවක. නායක්කාර් වංශිකයෙක් වුණත් බුදු දහම වැළදගෙන, බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් දැනෙන්න වැඩ කොටසක් ඉෂ්ඨ සිද්ධ කරපු රාජ්‍ය පාලකයෙක් විදිහට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, සිංහලේ රාජ නාමාවලියේ ඉදිරියෙන්ම ඉන්නවා.
ඒ කාලයේ දළදා මාළිගාවේ සිද්ධ කරන තේවාවන් සදහා රටේ පාලකයා වුණු රජතුමාගේ සහභාගීත්වය අනිවාර්යය අංගයක් වුණා. විශේෂයෙන්ම රජතුමා රාජකීය මුළුතැන්ගේ ඉදලා වැඩ සිටින මාළිගාව දක්වාම පූජාව අරගෙන ගිහින් තියෙන අවස්ථාවල් එහෙමත් තියෙනවා. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට රජ වාසලේ තිබුණු වැඩ රාජකාරි කටයුතු ගොඩක් නිසා සවස ගිලන්පස පූජාව තියන වෙලාවට එන්න බැරි වුණා. ඒත් රාජකාරි කටයුතු පුලුවන් ඉක්මනින් ඉවර කරලා, දළදා වහන්සේ වන්දනා කරන්න යන්න රජතුමා අදහස් කළා. මේ නිසාම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා "තව සුළු වෙලාවකින් දළදා වහන්සේ වන්දනා කරන්න රජතුමා සම්ප්‍රාප්ත වෙනවා ඇති" කියලා පණිවිඩයක්, පණිවිඩකරුවෙක් ලවා තේවාව භාර නායක හාමුදුරුවන් ළගට පිටත් කරලා යවනවා. තේවාව භාර නායක හාමුදුරුවන්ට පණිවිඩය ලැබෙන කොටත් සවස ගිලන්පස පූජාව තැන්පත් කරලා, තේවාව කටයුතු ටිකත් සිද්ධ කරලා, යතුරු පයිංඩ කරනවා. ඒ
කියන්නෙ පූජාව වෙනුවෙන් විවෘත කරපු දළදා මන්දිරයේ දොරවල් ටික වහන ගමන්. ඉතින් "තේවා කටයුතු අවසන් නිසා සම්ප්‍රදායට පටහැනිව මොනම හේතුවක් නිසාවත් ඇතුල් මාලිගාවේ දොරවල් අරින්න බැහැ" කියලා තේවාව භාර නායක හාමුදුරුවො, රජතුමාට පණිවිඩයක් යවනවා.
ඊට පස්සෙ රජතුමා පහළ මාලයේ දොරකඩ ළගට ඇවිත් තේවාව භාර නායක හාමුදුරුවන්ව හමුවෙලා මේ ගැන කතා කරනවා. තේවාව භාර නායක හාමුදුරුවන්ගේ තීරණයට ගරු කරන රජතුමා "දෙවන ගිලන්පස පූජාවක් සිද්ධ කරන්න අවසර |
ලබා දෙන්න" කියලා ඉල්ලීමක් කරනවා. තේවාව භාර නායක හාමුදුරුවන් රජතුමාගෙ ඉල්ලීම අනුමත කරනවා. ඊට පස්සෙ රජතුමා පහල මාලයේදී තවත් ගිලන්පස පූජාවක් පිළියෙල කරලා, දළදා වහන්සේට පූජා කරනවා. එදා ඉදලා අද වෙනකන්ම දළදා මාළිගාවේ සවස ගිලන්පස පූජාවල් දෙකක් පවත්වන්නෙ අන්න ඒ නිසයි. මේත් එක්කම දළදා වහන්සේගේ තේවා කටයුතු වලට හින්දු බලපෑමත් එකතු වෙනවා. "නාගසිංහම්" කියන්නෙ මේකට හොද උදාහරණයක්. ඔන්න දැන් තමයි අපි ලිපියේ නියම මාතෘකාවට පිවිසෙන්නෙ. එදා රජතුමා පළවෙනි වතාවට දෙවෙනි ගිලන්පස පූජාව තියලා, වන්දනාමාන කටයුතු කරලා, දළදා වහන්සේ උදෙසා සිද්ධ කරන ශබ්ද පූජාව සදහා නාගසිංහම් වාදනය කෙරෙව්වා කියලා තමයි කියවෙන්නෙ. මේකට "නාගසිත්තම්" , "නාගසින්නම්" කියලත් කියනවා. නාගසිංහම් වාද්යවෘන්දයට අයිති වෙන්නෙ සංගීත භාණ්ඩ තුනයි.
01. කුඩා දමිළ බෙරය
02. කයිතාලම
03. දමිළ නලාව
නාගසිංහම් වාදනයට යොදා ගන්න බෙරය දකුණු ඉන්දීය හින්දු සම්ප්‍රදායත් එක්ක නිර්මාණය වුණු සිලින්ඩරාකාර බෙරයක්. හින්දු කෝවිල්වල වාදනය කරන "තාවිල්" කියන බෙරයට ගොඩක් සමානයි. මේකට සිංහලෙන් කියන්නේ "තබ්බෝරුව" කියලා. කයිතාලම කියන්නෙ තාලම්පටට වඩා විශාල එකක්. බටහිර සංගීතයේ සිම්බල් එකට වඩා කුඩායි. කොහොමත් තඹ / පිත්තල / ලෝකඩ වලින් තමයි මෙව්වා හදන්නෙ. තාලම්පටේ වගේම මේකෙත් මැද්දෙ හිල් විදලා තහඩු දෙක නූල් පොටක් ආධාරයෙන් සම්බන්ධ කරලා තියෙනවා. දකුණු ඉන්දියාවෙ නම් මෙව්වාට කියන්නෙ "ජල්රා" කියලා. දෙමළ භාෂාවෙන් "කයි" කියන්නෙ අතට. "තාලම්" කියන්නෙ තාලයට. ඉතින් මේ වචන දෙකේ එකතුවෙන් තමයි කයිතාලම කියන නම හැදිලා තියෙන්නෙ. නාගසිංහම් වලට යොදා ගන්නෙ දිග නළාවක්. මේක ඉන්දියාවේ "නාදස්වරම්" නලාවට ගොඩක් සමානයි. පෙරදිග ලෝකයේ නලාවන් අතරින් අධික ශබ්දයක් පිට කරන නලාවක්. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දෙවැනි ගිලන්පස පූජාව ආරම්භ කිරීමත් එක්ක නාගසිංහම් වාදනයත් දළදා මාළිගාවට එකතු වෙනවා.
නාගසිංහම් වාදනයත් අයත් වෙන්නෙ දළදා මාළිගාවේ තේවා කටයුතුවල ශබ්ද පූජාව යටතට. හැබැයි නාගසිංහම් වාදනය හැමදාම දකින්න නෑ. නාගසිංහම් වාදනය දකින්න ලැබෙන්නෙ සුවිශේෂී අවස්ථාවල විතරයි.

බලන්න පහළ තියෙන වීඩියෝව. මේ වීඩියෝව පුරාවටම ඇහෙන්නේ කයිතාලමේ ශබ්දයයි.
දළදා මාළිගාවේ සප්තාහික පූජාවක් වෙන, ඒ කියන්නෙ සතියකට වරක් සිද්ධ කරන නානුමුර මංගල්‍යයේදී නාගසිංහම් වාදනය කෙරෙනවා. හැම බදාදා දවසකම දළදා මාළිගාවේ නානුමුර මංගල්‍යය සිද්ධ කරනවා. බදාදා අළුයම් පූජාවෙන් පස්සෙ වැඩසිටින මාළිගයේ තියෙන අනවශ්‍ය පුද පූජා ද්‍රව්‍ය ඉවත් කරලා, සියලුම පූජා භාණ්ඩ සෝදලා, ඒවාට සුවද දුම් ඇල්ලීමක් කරනවා. එදාට නාගසිංහම් වාදකයින්ද ඇතුළුව තේවාවේ නිරත වෙන ගිහි පැවිදි සියලුම දෙනා මාළිගාවෙන් දෙන තම්බපු දෙහි ලෙලි හිසේ ගාලා සෝදලා, අඹරපු සදුන් දියර වලින් නාලා පිරිසිදු වෙන්න ඕන. මේක රාජ නියෝගය අනුව සිද්ධ කෙරෙන චාරිත්‍රයක්. ඊට පස්සෙ නව පෑ පූජාවට 9.15ට විතර මාළිගාවේ දොරවල් විවෘත කරනවා. මේ අතරෙදි කාරිය කෝරාළගේ (දියවඩන නිලමේවරයාට පසු ශ්‍රී දළදා මාලිගාවේ සිටින ඊළඟ ඉහළම නිලධාරියා. ශ්‍රී දළදා තේවා සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරවීම අඩු පාඩු සොයා බැලීම ඔහුට පැවරෙන රාජකාරියකි) අධීක්ෂණය යටතේ පෞරාණික ඖෂධ වට්ටෝරුවලට අයිති නානු විශේෂයක් මුළුතැන්ගේ පිළියෙල කරනවා. ඊට පස්සෙ ඒ නානු ශබ්ද පූජාව යන අතරතුර තේවාව භාර නායක හාමුදුරුවන්ට ලැබෙන්න සලස්වනවා. ඊට පස්සෙ දළදා කරඩුව තැන්පත් කරලා තියෙන ගන්ධ කුටියේ තේවාව භාර නායක හිමියන් සහ තවත් හාමුදුරුවරු කිහිප නමක් එකතු වෙලා, මුලුතැන්ගෙයින් ලබා දුන්නු නානු උපයෝගී කරගෙන අවශ්‍ය පූජා කටයුතු සිද්ධ කරනවා. මේ පූජාවන් සිද්ධ කරන්නෙ රහසිගතව.
එදාට පහළ මාලයේ වැඩ සිටින මාළිගාවේ එළිමහන් ස්ථානයේ (දියවඩන නිළමේවරයාගේ කාර්යාලය ඉදිරිපස) නාගසිංහම් වාදනය කෙරෙනවා. ඒ දේශීය සහ සාම්ප්‍රදායික හේවිසි වාදනය ආරම්භ කරනවත් එක්ක. හැබැයි නාදස්වරම් පිඹින්නෙ නෑ. නාගසිංහම් වාදනයේ නිරත වෙලා ඉන්න අය, හින්දු සම්ප්‍රදායට අනුව උඩුකය නිරාවරණය කරලා, පපුව ළගට ඇදගත්තු සුදු පැහැති සරමකින් තමයි සැරසිලා ඉන්නෙ. ඒ වගේම දමිළ බෙරය ගහන්නෙ බිම වාඩි වෙලා. නාගසිංහම් වලදී බෙරය සහ කයිතාලම ගහන්නෙ එකම නාද මාලාවකට.
බලන්න පහළ තියෙන වීඩියෝව. ඒකෙ පළවෙනි තත්පර 18 යනකංම, ප්‍රධාන බෙර වාදනයට පසුබිමින් ඇහෙන්නේ නාගසිංහම් වාදනයයි.

දළදා මාළිගාවට පළාත් 4කින් පනික්කිවරු 4ක් පත් කරලා තිබුණා. මේ පළාත් 4ට මාතලේ පිදවිල්ල, දුම්බර පිදවිල්ල, ඉහළ දොළොස් පත්තුව, පහළ දොළොස් පත්තුව කියන ප්‍රදේශ ඇතුළත් වෙනවා. පනික්කිවරුන්ගේ රාජකාරිය වුණේ දළදා වහන්සේව ආරක්ෂා කිරීම සහ තේවා කටයුතු හොදින් සිද්ධ කර ගැනීමට පූර්ණ දායකත්වය ලබා දීමයි. දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව සිද්ධ කරන පංච තූර්ය වාදනය සිදු වෙන්නෙ මේ අයගේ මූලිකත්වයෙන්.
ඊට අමතරව සතර පෝයට, සතර මංගල්‍යයට, හැම බදාදා දවසකම සිද්ධ කරන නානුමුරයට නාගසිංහම් වාදනය කිරීමට කටයුතු යෙදීමත් පනික්කිවරුන්ගේ මූලික වගකීමක් වෙනවා. ඒ කාලයේ පනික්කිවරුන්ගේ රාජකාරී කටයුතු සම්බන්ධීකරණය කරන්න "සංඝක්කාර" කියලා මුලාදෑනියෙක් පත් කරලා තියෙනවා.

නානුමුර මංගල්‍යයට අමතරව අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය කියන අවස්ථා වලත්, ඒ අවස්ථාවන්ට සම්බන්ධ පෙරහැරවල් වලත්, සතර පෝහෝ දිනයන්වල සිදු කරන තේවා කටයුතු සදහත් නාගසිංහම් වාදකයන් සහභාගි වෙනවා. ගොඩක්ම ඉස්සර මහ නුවර දළදා පෙරහැරක් තිබුණෙ නෑ. ඒ කාලයේ තිබුණේ විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි කියන දේවාල වලින් සැදුම්ලත් "සතර මහා දේවාල" පෙරහැර. සතර මහා දේවාල පෙරහැරට, දළදා මාළිගාවේ පෙරහැරත් එකතු කරලා "ඇසළ මහා පෙරහැර" ආරම්භ කරන්නෙ 1753දි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හාමුදුරුවන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට කරපු යෝජනාවක් අනුවයි.
ඒ අනුව 1753 අවුරුද්දෙදි, ඒ කියන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ ආරම්භ කරපු දළදා පෙරහැරට සහභාගි වෙන්නත් නාගසිංහම් වාදකයන්ට අවස්ථාව ලැබෙනවා. මොකද පෙරහැර කරඩුව වීදි සංචාරය කරන කොට, ඒ වෙනුවෙන් ශබ්ද පූජා පැවැත්වීම සම්ප්රදායක්. දළදා පෙරහැරේදී පෙරහැර කරඩුව වඩම්වන මංගල හස්ථිරාජයාගේ ඉදිරියෙන් ගමන් කරන්න තරම් නාගසිංහම් වාදනය කරන ශිල්පීන් භාග්‍යවන්ත වෙනවා. පෙරහැරේ මංගල හස්ථිරාජයාගේ ඉදිරිපස දෙපසින් නාගසිංහම් වාදකයන් 6 දෙනෙක්, කණ්ඩායම් 2කට බෙදිලා ගමන් කරනවා. ඒ අනුව කණ්ඩායම් දෙකේම ගමන් කරන අය කුඩා දමිළ බෙර වලින්, කයිතාලම් වලින්, නාදස්වරම් වලින් සමන්විත වෙලා ඉන්නවා. පෙරහැර අවස්ථාවේදී මේ හැමෝම උඩරට හේවිසි ඇදුමෙන් තමයි සැරසිලා ඉන්නෙ. බෙර වාදන ශිල්පීන් දෙදෙනා ඔළුවේ සුදු රෙදි කඩක් ඔතාගෙන ඉන්නවා දකින්න පුලුවන්. දමිළ බෙරයත්, කයිතාලමත් එකම රටාවකට නාද දෙන අතරේ නලාවෙන් තත්පර 8ත් 10ත් අතර යන නාදයක් පිට කරනවා. පෙරහැර පුරාවටම නලාවෙන් පිට වෙන්නෙ එකම නාදයයි. අපේ හොරණෑ වගේ දීර්ඝ නාද මාලාවක් පිඹින්නෙ නෑ. මේ නලාවෙන් පිට කරන නාදය, ඇතෙකුගේ කුංචනාදයට ටිකක් සමානයි.
ඒ වගේම සමහරක් පෙරහැර අවස්ථා වලදී මංගල හස්ථිරාජයා ඉදිරියෙන් යන නාගසිංහම් වාදකයන් අතරින් එක කණ්ඩායමක දමිළ බෙරය තියෙන කොට, අනිත් කණ්ඩායමේ දමිළ බෙරය වෙනුවට දවුලක් භාවිතා කරනවා දැකලා තියෙනවා. ඒකට හේතුව නම් තාම හොයා ගන්න බැරි වුණා. පහළ තියෙන වීඩියෝවල රූපගත වෙලා තියෙන්නෙ මංගල හස්ථිරාජයා සධාතුක කරඩුව, මාළිගාවෙන් පිටතට වඩම්වන අවස්ථාව. මේ වීඩියෝ පුරාවටම නාගසිංහම් වාද්යවෘන්දයත්, නාගසිංහම් ශබ්ද මාලාවත් දැක ගන්න, ශ්‍රවණය කරන්න පුලුවන්.

පහළ වීඩියෝවේ නම් විනාඩි 18:15 ඉදලා 19:00 වෙනකංම නාගසිංහම් ශබ්දය හොදින් රැව් පිලිරැව් දෙනවා. මේක නම් අනිවාර්යෙන්ම බැලිය යුතුමයි.
මේ වීඩියෝ එකත් 3.00 ඉදලා බැලුවා නම්....
මේ තියෙන්නේ දළදා පෙරහැර සදහා සධාතුක කරඩුව මාළිගා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන මොහොත. වීඩියෝව පුරාවටම නාගසිංහම් නාද මාලාව ශ්‍රවණය කරන්න පුලුවන්.
පහළ තියෙන වීඩියෝ එකේ නම් නාගසිංහම් ශබ්ද මාලාව ඇහෙන්න ගන්නේ 3.40 ඉදලා...
පහළින් තියෙන්නේ ගොඩක්ම දුර්ලභ වීඩියෝ එකක්. නෙරංජන් විජේරත්න මහත්මයා මාළිගාවේ දියවඩන නිළමේ පදවිය හොඹවන කාලයේ, මාළිගාව ගැන කරපු වාර්තාමය වැඩසටහනක්. මේකෙත් නාගසිංහම් වාදනය දකින්න තියෙනවා. මම හිතන්නේ නාගසිංහම් වාදනය දකින්න තියෙන පරණම වීඩියෝ එක, මේක වෙන්න ඕන. එදා සහ අද වාදනය අතරේ ලොකූ වෙනසක් දකින්න පුලුවන්. අද තත්පර කිහිපයකට සීමාවෙන නළාවේ ශබ්දය, ඒ කාලයේ සාමාන්‍ය හොරණෑවක් වගේ, නාද මාලාවකට පිඹලා තියෙනවා.
පහළ තියෙන වීඩියෝ එකෙත් ප්‍රධාන වශයෙන්ම අහන්න තියෙන්නේ නාගසිංහම් නාද මාලාවම තමයි...
පහළ තියෙන වීඩියෝවේ නම් මිනිත්තු 1.05 ඉදලා 3.20 වෙනකනුත්, ඒ වගේම මිනිත්තු 16.00 ඉදලා 17.30 වෙනකනුත් නාගසිංහම් ශබ්දය ශ්‍රවණය කරන්න පුලුවන්.
නාගසිංහම් වාදනය හැමදාම, හැම තැනම, හැම තිස්සෙම දකින්න ලැබෙන දෙයක් නෙවේ. ඒ නිසා මේක ගැන වැඩි ජනතා අවධානයක් යොමු වෙන්නෙ නෑ. මේක ගැන තොරතුරු දන්න අය ලේසියෙන් හොයා ගන්න නෑ. ඒ වගේම කොහෙවත් නාගසිංහම් ගැන වැඩි විස්තර සදහන් වෙන්නෙත් නෑ. මේ ලිපිය ලියන්න ගොඩක්ම පාදක කර ගත්තෙ මම දැකලා තියෙන දේවල් සහ දැකපු දේවල් වලින් ගොඩ නගා ගත්ත උපකල්පන. ඊට අමතරව ලිපිවල සදහන් වෙලා තියෙන කොටස් ගොඩක් එකට එකතු කරලා, නාගසිංහම් ගැන විස්තර දම්වැලක් වගේ එකින් එක ගැලපුවා. එහෙම කරලත් මේක ගැන හොයා ගන්න ලැබුනෙ බොහොම පුංචි තොරතුරු ප්‍රමාණයක්. ඉතින් මේ ලිපිය තිතකින් නැතුව කොමාවකින් ඉවර කරන්න කැමතියි. ඉස්සරහටත් නාගසිංහම් වාදනය ගැන තොරතුරු හොයනවා. එහෙම හොයලා හම්බවෙන තොරතුරු දාලා, මේ ලිපිය යාවත්කාලීන කරන්න තමයි මගේ අදහස.
නාගසිංහම් වාද්‍යවෘන්දය ගැන හොයන්න, දළදා මාළිගාවේ තේවා කටයුතුවල අපැහැදිලි තැන් නිරාකරණය කරන්න මට ගොඩක්ම උදව් වුණේ කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයේ ප්‍රදර්ශකවරයෙක් විදිහට සේවය කරන, ආගිය කතා ඔස්සේ අපේ දැනුම් පිපාසය සන්සිදලන හසිත චාමිකර ගුණසිංහ අයියා. ඒ නිසා හසිත අයියව මේ වෙලාවෙ බොහොම ආදරයෙන් ස්තූති පූර්වකව මතක් කරන්න කැමතියි. නාගසිංහම් වාදනය ගැන ලියන්න තොරතුරු නැතුව අදහස අතෑරලා ඉන්න වෙලාවක, නාගසිංහම් වාදනයේ උත්පත්ති කතාව හොයලා දුන්නෙ මියැසියේ රසකතා වලින් අපි අතරට එන "වයලීනෝ" නොහොත් දර්ශන ප්‍රභාත් අයියා. ඒ වගේම ලිපියට අවශ්‍ය කරන පින්තූර සපයපු, මම නොදන්න පුංචි පුංචි වචනවල තේරුම් හොයලා දීපු ඩිෂාන් රාජපක්ෂ සහ මෙලාන් යාපා සහෝදරවරු දෙන්නාටත් මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි. නිලංග තමයි කයිතාලම කියන වචනය හැදිලා තියෙන විදිහ පැහැදිලි කරලා දුන්නෙ.

මූලාශ්‍ර :-
01. ආගිය කතා
{හොර රහසේ කරන වැඩේ හෙළිවේ - හසිත ගුණසිංහ}
02. දිවයින බදාදා අතිරේකය (2013.08.07)
{දළදා පූජා පිළිවෙත}
03. www.si.wikipedia.org
{දළදා තේවාව}
04. බුදුසරණ අන්තර්ජාල කලාපය (2012.08.01)
{දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන පූජා චාරිත්‍ර - නාරම්පනාවේ ආනන්ද හිමි}
05. www.sridaladamaligawa.lk
{දළදා තේවාව}
06. www.en.wikipedia.org
{Nayaks of Kandy}
07. www.si.wikipeida.org
{කීර්ති ශ්‍රී රාජසිංහ රජු}
08. Hooks & Spears
{URUMI MELAM}
09. දිවයින බදාදා අතිරේකය (2013.08.21)
{හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය - රාජා පුෂ්පකුමාර}
10. දිනමිණ සජීව ජාල පුවත්පත (2009.07.31)
{දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය - ඉන්දික පොල්කොටුව}