ආනන්දේ සඝ රස බස්
බෞද්ධ පුනරුද සමයේ නිර්මාණය වුණු කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධාගමික පරිසරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා. මොකද ඒවා ගැන අනද විදු භූමිය කියන ලිපියේ මම ගොඩක් කරුණු කාරණා සදහන් කළා. ආනන්ද විද්‍යාලය හදුන්වන්නේ "ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ" කියලා. ඒකට පාසලේ ඓතිහාසික පසුබිම වගේම, මහා සංඝරත්නයේ උත්සහය සහ කැපවීමත් ගොඩක්ම බලපෑවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල, සිරි දේවමිත්ත ධර්මපාල වගේ මහා තෙරුන් වහන්සේලාගේ විශිෂ්ඨ කැපවීමෙන් නිර්මාණය වුණු ආනන්ද විද්‍යාලය, තව තවත් ඉහළට ගෙනයන්න එස්.මහින්ද, බළංගොඩ ආනන්ද මෛත්‍රීය, දිවියාගහ යසස්සි, කොටගම වාචීස්සර, පොල්වත්තෙ බුද්ධත්ත, පරවාහැර වජිරඥාණ, හබරකඩ ඉන්දරතන, අඹන්වෙල පඤ්ඤාසේකර, හීනටියේ ධම්මාලෝක වගේ මහා සංඝ පීතෘවරු "විශාල පිරිසක්" විශාල වශයෙන් කැප වුණා.
මේ ලිපිය ලියන්නේ මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්න කොට, ආනන්දේ උගන්නපු සහ ආනන්දෙට ආව ගිය ස්වාමීන් වහන්සේලා ගැන මතකය අවධි කරන්න. ඒ කියන්නේ වර්ෂ 1999ත් 2012ත් අතර කාල වකවානුව....

අපේ ඉස්කෝලේ අවුරුද්දකට කිහිප සැරයක්ම, 1 ශ්‍රේණියේ ඉදලා 13 ශ්‍රේණිය දක්වා තිබ්බ හැම පන්තියකම ළමයි වෙනුවෙන් ධර්ම දේශනා මාලාවක් සංවිධානය කරනවා. ආනන්දේ ඉගෙන ගත්ත කාලය තුළ මට දුර්ලභම දුර්ලභ ගණයේ ධර්ම දේශනාවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට අපි හිටියේ 1 වසරේ හරි, 2 වසරේ හරි. ඒ කියන්නේ 1999 හෝ 2000. ධර්ම දේශනාව සිද්ධ කළේ වෙන කවුරුවත් නෙවේ, අපවත් වී වදාළ අති පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. ඒ තමයි මම සෝම හාමුදුරුවන්ව දැකපු ජීවිතේ පළවෙනි සහ අවසාන අවස්ථාව. ඉතින් ඒ සිද්ධිය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. සෝම හාමුදුරුවෝ ධර්ම දේශනාව කළේ පුංචි ළමයින්ට තේරෙන විදිහට. හරිම සරලව. සෝම හාමුදුරුවන්ගේ මූණේ තිබ්බේ හරිම ප්‍රසන්න ගතියක්. ඒ වගේම හරිම ලස්සන හිනාවක්. ඒක විස්තර කරන්න අමාරුයි. පිං සහ පව්, හොද වැඩ සහ නරක වැඩ, පුනර්භවය වගේ දේවල් ගැන ධර්ම දේශනාවේදී කියවුණා.
එක වෙලාවකදී සෝම හාමුදුරුවෝ කිව්වා සෙනසුරාදා සහ ඉරිදා දවස්වල "උදේ පාන්දර 6.00ට නැගිටින අය අත උස්සන්න" කියලා. ඉතින් කිහිප දෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ කිව්වා "උදේ පාන්දර 7.00ට ඇහැරෙන අය අත උස්සන්න" කියලා. ඉතින් ඒ වෙලාවට ඇහැරෙන අයත් අත ඉස්සුවා. මම ඒ දවස්වල සති අන්තයේ චිත්‍ර පන්තියකට ගියා. ඒ නිසා මමත් නැගිට්ටේ 7.00ට. ඕන්න් ඉතින් මාත් ඇහි පිය ගහන වේගයෙන් අත ඉස්සුවා. ඊට පස්සේ කිව්වා "හා හොදයි. එහෙනං අත උස්සන්න බලන්න 8.00ට නැගිටින අය". ඒකට ඉතුරු වෙලා හිටපු අය අත ඉස්සුවා. ඊට පස්සේ හාමුදුරුවො කිව්වා "උදේ 6.00ට ඇහැරෙන්නේ හොද ළමයි. උදේ 7.00ට ඇහැරෙන අයයි, 8.00ට ඇහැරෙන අයයි ඔක්කොම කම්මැලියෝ". ඕක අහලා මට අම්බානෙකට මළ. උදේ 7.00ට ඇහැරෙන අපිවත් දැම්මේ 8.00ට ඇහැරෙන ළමයින්ගේ ගොඩට. ඇයි යකොව් අපි මධ්‍යස්ථව ඉදලත්, අපිටත් වැටුනේ කම්මැලී කියන ලේබල් එකනේ.
කර්මය සහ පුනර්භවය ගැනත් පුංචි ළමා මනසට තේරුම් ගන්න පුලුවන් විදිහේ හොද හොද කතා ටිකක් කිව්වා. එක දවසක් හාමුදුරුවො ඉස්පිරිතාලෙකට යනකොට නෝනා කෙනෙක් හිටියලු නහය තුවාල කරගෙන. බැලින්නම් මහත්තයා ගහලලු. හැමතිස්සෙම මහත්තයා බීගෙන ඇවිත් ගහනවලු. පස්සේ මෙයාව මෝහනය කෙරෙව්වලු. මෙයා ගිය ආත්මේ පිරිමියෙක්ලු. මේ ආත්මේ එයාගේ මහත්තයා එයාට කරන ටිකමලු, ගිය ආත්මේ එයා එයාගේ නෝනට කරලා තියෙන්නේ. මේ කතාව නම් මට හොදට මතකයි. මොකද මේ කතාව හාමුදුරුවෝ රූපවාහිනියේ ගියපු ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වලත් නිතරම කියනවා.

හාමුදුරුවො ධර්ම දේශනාව කරගෙන යන අතරතුර, හාමුදුරුවන්ගේ ඉස්සරහින්, හාමුදුරුවෝ හරහා කඩදාසි රොකට් එකකුත් පියාසර කළා. හාමුදුරුවො රොකට් එක අතට අරන්, ඒක පෙන්නලා ඇහුවා "කවුද මේක කළේ?" කියලා. ඒත් කිසිම කෙනෙක්ගෙන් උත්තරයක් නෑ. හාමුදුරුවොත් ඉතින් ආයි ආයි ඒ ප්‍රශ්නෙම ඇහුවා. ඒත් කවුරුත් "හ්ම්" සද්ධයක් නෑ. ඊට පස්සේ හාමුදුරුවො කිව්වා "ආනන්දේ ඉන්නේ හරි නරක ළමයිනේ" කියලා.
අන්තිම හරියෙදි හාමුදුරුවො අපිට භාවනා කරන්න ඉගැන්නුවා. මට මතක හැටියට මෛත්‍රී භාවනාවද කොහෙද. භාවනාව ඉවර වෙනකොට එක |
ළමයෙක්, තව ළමයෙක්ව පෙන්නලා කිව්වා "සාධු, මෙයා භාවනා කරන්නේ නැතුව ඇස් ඇරගෙන හිටියා" කියලා. ඊට පස්සේ සෝම හාමුදුරුවො ඇහුවා "ඉතින් ඔය පුතා කොහොමද ඒක දන්නේ? පුතත් භාවනා කරන්නේ නැතුව, ඇස් ඇරගෙන හිටියා නේද?" කියලා. එහෙම කිව්වා විතරයි ළමයින්ගේ හිනාවෙන්ම මුළු ශාලාවම පිරී ඉතිරී ගියා. අපි හිටියේ මැද හරියේ වගේ. අනේ ඉතින් ඒ ළමයගේ මූණ බලන්න තිබ්බා නම්......
ආයිත් 2003 අවුරුද්දේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවොත් ධර්ම දේශනාවක් කළා. එතකොට අපි 5 වසරේ. හාමුදුරුවෝ පන්සිල් දෙන්නත් කලින් මුලින්ම කිව්වේ "මේ ධර්ම දේශනාව ඉවර වුණායින් පස්සේ, මම හැම පුතෙක්වම නැගිට්ටවලා ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න බැරි වුණොත් හිටගෙනම ඉන්න වෙයි" කියලා. ඇත්තම කියනවා නම් ඒක ධම්මාලෝක හාමුදුරුවෝ අපිට දාපු ඇමක්. අපිත් ඉතින් ඇම ගිල්ලා. හාමුදුරුවෝ ප්‍රශ්න අහයි කියලා, අපිත් ඉතින් හරිම අවධානයෙන් කොච්චර "චා" වුණත් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. අන්තිමේදී ප්‍රශ්න අහන්නෙත් නැතුව හාමුදුරුවො ශාලාවෙන් එළියට වැඩම කළා.
2007 අවුරුද්දේ, ඒ කියන්නේ අපි 9 වසරේ ඉන්නකොට දොඩම්පල රාහුල හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් තිබ්බා. හාමුදුරුවො එන්න කලින්, කොළඹ නාලන්දේ හාමුදුරුවො කෙනෙක් ඇවිත් ධර්ම දේශනාවක් කරලා ගියා. රාහුල හාමුදුරුවො ධර්ම දේශනාව කරන්න පටන් ගත්තා විතරයි, කාන්තාරෙක අතරමං වෙලා ඉන්න මනුස්සයෙක්ට වතුර බිංදුවක් ලැබුණා වගේ වුණා. නිදි කිර කිරා, ශාලාවේ තැන් තැන්වල භාගෙට භාගයක් බුදියගෙන හිටපු ළමයි ඔක්කොම නැගිට්ටා. ධර්ම දේශනාව ඉවර වෙනකංම අපි හරිම ආසාවෙන් අහන් හිටියා. අහන් ඉන්නවටත් වඩා හිනාවෙවී හිටපු එක තමයි වැඩි හරියක්ම කළේ. ඒ ඉතින් රාහුල හාමුදුරුවන්ගේ ධර්ම දේශනා විලාශය නිසා. අද වෙනකොට නම් මේ ධර්ම දේශනාවේ කරුණු වලින් මතකයේ තියෙන්නේ එකම එක දෙයක් විතරයි.
අපි හුග දෙනෙක් ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන ගාථාව කියන්න පුරුදු වෙලා තියෙන්නෙ මෙහෙම.
වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේ සුපතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලං සදා
හාමුදුරුවො කිව්වා "සබ්බඨානේ සුපතිට්ඨිතං" නෙවේ. හරි එක ඇවිල්ලා "සබ්බඨානේසු පතිට්ඨිතං" කියන එක කියලා. "සු" යන්න එකතු වෙන්න ඕන මුලට තියෙන "සබ්බඨානේ" කියන කොටසට මිස, අගට තියෙන "පතිට්ඨිතං" කියන කොටසට නෙවේ කියලා. ඉතින් එච්චර කාලයක් මාත් ගාථාව කියලා තියෙන්නේ වැරදියට. රාහුල හාමුදුරුවො එදා ඒ කියලා දීපු දේ නිසා, මම එදාම ඒ වැරැද්ද හදා ගත්තා.
අපේ ඉස්කෝලෙ ආරම්භයේ ඉදලම මාලිගාකන්ද මහා බෝධි විහාරයත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. අදටත් ඒක එහෙම්මමයි. 2001 අවුරුද්දේ, ඒ කියන්නේ අපි 3 වසරේ ඉන්නකොට, මාලිගාකන්දේ පන්සලට බෞද්ධ කොඩිත් අරගෙන පුංචි පෙරහැරක් ගියා. මාලිගාකන්ද පන්සලට ගියායින් පස්සේ, ආගමික වත්පිළිවෙත් ටික සිද්ධ කළේ බානගල උපතිස්ස හාමුදුරුවෝ.

අපේ ඉස්කෝලේ උගන්නපු හාමුදුරුවරු ගැන මතක් කරනවා නම්, හාමුදුරුවරු හය නමක් ඉගැන්නුවා. 1999 අවුරුද්දේ, 1 වසරේ ඉන්නකොට මේ හය නමම වඩම්මලා පන්තියෙන් සාංඝික දානයක් පිරිනැමුවා. ඊට පස්සේ හාමුදුරුවරු හිටියේ පස් නමයි. 1 වසරේ ඉදලා 5 වසර වෙනකන්ම අපිට බුද්ධාගම ඉගැන්නුවේ පන්ති භාරව හිටපු සර්ලා මැඩම්ලා. ඒත් 6 වසරට ආවයින් පස්සේ ඒ ඔක්කොම වෙනස් වුණා.
2004 අවුරුද්දේ, ඒ කියන්නේ අපි 6 වසරේ ඉන්නකොට අපිට බුද්ධාගම ඉගැන්නුවේ අකුරැටියේ විමලවංශ හාමුදුරුවො. හාමුදුරුවො කෙනෙක්ගෙන් ඉගෙන ගන්න, හැමෝටම අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. ඒ නිසා ඒ දවස්වල මම ගොඩක් සතුටු වුණා. හාමුදුරුවෝ අපිට මුලින්ම ඉගැන්නුවේ නෙළුම් මලේ කතාව. "නෙළුම් මල මඩ වතුරේ හැදුනට, ඒක කවදාවත් මඩේ ගෑවෙන්නේ නෑ. මඩවලින් වෙන් වෙලා, මඩ වතුරේ නොගෑවී ඉන්නවා. ඒ වගේ තමයි ළමයත්. ළමයත් සමාජයේ ඉන්න ඕන ඒ විදිහට. නරක වලින් පිරුණු සමාජයේ, නරක දේවල් වලින් මිදිලා ඉන්න ඕන". ඊට පස්සේ හාමුදුරුවො අපිට ඒකට අදාළව චිත්‍රයක් අදින්නත් කිව්වා. චිත්‍රය බලලා හාමුදුරුවෝ පොතේ අත්සන් කළා. ඒක දැකලා මගේ සන්තෝසේ ඉහ වහා ගියා. ඇයි ඉතින් හාමුදුරු නමකගෙ අත් අකුරුනේ. ඒ වගේම ලොකු අභිමානයක් ඇති වුණා. ඒත් සති දෙකක්, තුනක් ගියායින් පස්සේ ඉහ වහා ගියපු සන්තෝසයට සහ අභිමානයට හෙණ ගැහුවා වගේ වුණා. අකුරැටියේ විමලවංශ හාමුදුරුවන්ගේ සැබෑ ඉගැන්වීමේ රටාව අපිට තේරුම් ගියේ අන්න එතකොටයි.
විමලවංශ හාමුදුරුවො හොදට හොදයි. නරකට අන්තිම නරකයි. හැම හාමුදුරු නමක්ම එක වගේ නෑ කියලා මට තේරුම් ගියේ මේ හාමුදුරුවන්ගෙන් බුද්ධාගම ඉගෙන ගන්න කොට. හාමුදුරුවො හරි වසයි. පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා. වේවැලෙන් ගහන්න ගත්තම, නවත්තන්නේ නැතුව ගහගෙන ගහගෙන යනවා. දවසක් පන්තියේ ළමයෙක්ට කලන්තෙ දාලා වැටෙනකන්ම ගැහුවා. ඒ වුණාට විමලවංශ හාමුදුරුවො හොදට හොදයි. හාමුදුරුවෝ දක්ෂ කවිකාරයා. ලස්සනට කවි කියන්න පුලුවන්. ඒ නිසා විෂය නිර්දේශයෙන් වැඩි හරියක්ම ඉගැන්නුවේ කවි. පැවරුම් වලටත් දුන්නේ කවි සහ ගීත කටපාඩම් කරලා කියන්න. එහෙම පාඩම් කරවපු කවි වලින් කිහිපයක් තාමත් මගේ මතකයේ තියෙනවා.
තිලෝ වැසි සැමා පැටලුනු සසර බැමිවලින් - තිලෝනාථ වී ගලවා ගන්න සහමුලින්
අලෝකික දහම ගන්නට මහණකම තුළින් - කළෝ මහබිනික්මන් ගැලවිලා ගිහි දැලින්
වළා ගැබින් මිදුනු සදක් - අහස එළිය කරන ලෙසින්
පමා බවින් මිදුනු කෙනෙක් - මුළු ලෝකෙම එළිය කරයි
දැන ඉගෙන ගත්තම - තමයි කෙනකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම - ඔහුට සළකයි රටේ ඔක්කොම
මහා ජයමංගල ගාථාවල සිංහල තේරුම සහිත කවිය, බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට, අම්මා සදකි, සොම්නස හෝ සන්තාපය හමුවේ, මේ ගසේ බොහෝ ....... වගේ කවි සිංදු ගොඩක් කට පාඩම් කෙරෙව්වා. තව රාහුල හාමුදුරුවන් සහ බුදු හාමුදුරුවන් අතර ඇති වුණු සංවාදය, ත්‍රිවිධ රත්නයේ ගුණ, ආනාපානාසතිය, ත්‍රිවිධ ඤාණ, ඥානවන්තයාගේ ගුණ, සිරිපාදය, සොළොස්මස්ථාන, මිහිදු හිමියන්ගේ අඹ පැනය, දේවානම්පියතිස්ස සහ අශෝක රජවරුන් අතරේ හුවමාරු වුණු ලියමන, මහින්දාගමනය, පන්ච ඉන්ද්‍රීය, දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම්, නව නම්බු වගේ ගොඩක් දේවල් හරිම රසවත් විදිහට ඉගැන්නුවා.
" ජනනී ජන්‍මභූමිශව ස්වර්ගාදපි ගරීයසී " - වැදූ මවත්, උපන් බිමත් ස්වර්ගයට වඩා අගනේය

දවසක් හාමුදුරුවෝ උගන්න උගන්න ඉන්නකොට එහා පන්තියේ අයගේ මහා ඝෝෂාව. ඉතින් හාමුදුරුවො වේවැලත් අරගෙන එහා පන්තියට ගිහින් දෙතුන් දෙනෙක්ට පත බාලා, ඔක්කොම ළමයි ටික අපේ පන්තියට ගෙනල්ලා පිටිපස්සේ හිටවලා තියලා, පාඩම උගන්නන්න පටන් ගත්තා. "ඔයාලා හිටගෙන ඉන්න නිසා ඔන්න මාත් ඉදගන්නේ නැතුව, අද හිටගෙන පාඩම උගන්නනවා" කියලා හාමුදුරුවො කිව්වා. ඒ නිසා හාමුදුරුවො ගැන පොඩි පැහැදීමකුත් අපිට ඇති වුණා. ඒ වගේම හාමුදුරුවන්ගේ වැඩ හරිම කෙලින්.
ඒ දවස්වල නිවාඩු කාලෙට පුස්කොළ පොතක් හදන්න දුන්නා. එහෙම හදපු කාඩ්බෝඩ් පුස්කොළ පොත මගේ ළග තාම තියෙනවා. තව ප්‍රහේළිකාවක් හදන්න දුන්නා. බිත්ති ලිතක් හදන්න දුන්නා. බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට, කියන කවියේ තියෙන දේවල් ඉංග්‍රීසියෙන් ලියාගෙන එන්න කිව්වා. ඔය වගේ අමුතු අමුතු වැඩ තමයි හාමුදුරුවො දුන්නේ.
අපි ප්‍රාථමික අංශයේ ඉන්න කොට පවත්වපු සීල සමාදාන වැඩසටහනකටත් උන්වහන්සේ වැඩම කළා. අපිට එදා සක්මන් භාවනාව කියලා දුන්නා. මේක තිබ්බේ බැඩ්මින්ටන් ශාලාවේ. ඊට පස්සේ අපිට ශාලාව වටේට සක්මන් භාවනාවේ යෙදෙන්න කිව්වා. වට දෙක තුනක් ගියාට පස්සේ හාමුදුරුවෝ කිව්වා "හා හොදයි. දැන් එහෙනං ඔය දොරත් ඇරගෙන පිට්ටනිය වටේට යන්න" කියලා. ඒ වෙලාවේ හෙන කට්ට අව්ව. අපි ඉතින් පිට්ටනිය වටේට සක්මන් භාවනා කළා. අපේ ඉස්කෝලේ පිට්ටනියේ විශාලත්වය දැකපු අය දන්නවා. හෙන ලොකු පිට්ටනිය වටේ අපි සක්මන් භාවනාවේ ගියා. වටේ ඉවර වෙනකොට හාමුදුරුවෝ දොර ළගට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මම ශාලාවට ඇතුල් වෙනකොට මගේ ඔළුව අල්ලලා කිව්වා "ආහ්! හොදටම රත් වෙලා. හොදට භාවනා කරලා තියෙනවා" කියලා.
අපේ ඉස්කෝලේ හාමුදුරුවරු පන්සිල් දුන්නේ දවස් බෙදාගෙන. විමලවංශ හාමුදුරුවෝ පන්සිල් දුන්නේ බ්‍රහස්පතින්දා. එදාට අපිට බුද්ධාගම විෂයත් තිබුණා. ඉතින් බ්‍රහස්පතින්දා උදේට විමලවංශ හාමුදුරුවො නැතුව, වෙන හාමුදුරු නමක් පන්සිල් දුන්නා කියන්නේ නිවන් ගියා වගේ තමයි. එහෙම වෙන්නේ විමලවංශ හාමුදුරුවෝ ඉස්කෝලෙට වැඩම කරන්නේ නැති දවස්වල. ඉතින් ඒ වගේ දවස්වල උදේට කිසිම ආතතියක් නෑ.

|
|
2005 අවුරුද්දේ, 7 වසරට එනකොට "පින සින්ගල්, කරුමේ ඩබල්" වුණා. මොකද අපිට බුද්ධාගම ඉගැන්නුවේ අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවෝ. මේ පන්තියට ආවයින් පස්සේ තමයි විමලවංශ හාමුදුරුවන්ගේ අගේ තේරුණේ. අනේ විමලවංශ හාමුදුරුවො හොදයි කියලා හිතුනා. ආනන්ද හාමුදුරුවො තමයි මුළු ආනන්දෙම Run කළේ. ඉස්කෝලෙ සහකාර විදුහල්පති වුණෙත් ආනන්ද හාමුදුරුවන්ම තමයි. සහකාර විදුහල්පති කෙනෙක් වුණත්, ඉස්කෝලෙ හිටපු විදුහල්පතිලා හිටං ආනන්ද හාමුදුරුවන්ගේ කීමට වැඩ කරපු අවස්ථා තිබුණා. ආනන්ද හාමුදුරුවො අපේ පන්තියේ තනිකරම ඒකාධිපති පාලනයක් අරගෙන ගියා.
අපි හැමෝටම මතක් වුණේ එකම එක දෙයයි. "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා - බුදු හාමුදුරුවනේ".... ආනන්ද හාමුදුරුවො හොදට නරකයි. නරකට අන්තිම නරකයි. විමලවංශ හාමුදුරුවො වගේ වේවැල පාවිච්චි කළේ නෑ. කෙලින්ම ගැහුවේ කම්මුලට. හාමුදුරුවො ගහන ගැහිලි, අවුරුදු 12ක තරම් වයස ළමයින්ට ඔරොත්තු දෙන්නේ නෑ. ඒ නිසා ළමයි හැමෝම හාමුදුරුවන්ට බයෙන් තමයි හිටියේ. දවසක් යාලුවෙක්ට ගැහුවා නැතිවෙලා යන්නම. එහෙම ගැහුවෙත් පියවර වශයෙන්.
මුලින්ම එක කම්මුලකට ගැහුවා "චටාස්" ගාලා. ඊට පස්සේ අනිත් කම්මුලට ගැහුවා. ඔන්න "චටාස්" දෙකයි. ඊට පස්සේ බඩ මිරිකලා, බඩෙන්ම උඩට උස්සලා බිම දැම්මා. ඊට පස්සෙ කොලර් එකෙන් අල්ලලා කළු ලෑල්ලෙ වැදෙන්න විසී කළා, යගුලිය විසි කරනවා වගේ. "දඩෝං". ඊට පස්සේ ඒ ළමයා කළු ලෑල්ලේ වැදිලා කරුමෙට වගේ ආයිත් හාමුදුරුවො ඉන්න දිහාවට ඇදිලා ආවා. ඊට පස්සෙ හාමුදුරුවො ළමයව තල්ලු කරලා දැම්මා. ආනන්ද හාමුදුරුවො පාඩම උගන්නනකොට හොදට අහගෙන ඉන්න ඕන. අතරමගදි එක පාරටම, කාව හරි නැගිට්ටවලා ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න බැරි වුණොත් දෙයියන්ගෙම පිහිටයි. මේ කාලයේ අබේරත්න සර්ව පළවෙනි වතාවට අල්ලස් සහ දූෂණ චෝදනාවකට අල්ල ගත්තු වෙලේ ඉස්කෝලෙ ලොකු කලබලයක් ගියා. ඒක මාස දෙකක් විතර තිබුණා. ඒ මෙහෙයුමෙත් ප්‍රධාන මොළකාරයා වුණේ ආනන්ද හාමුදුරුවෝ.
සමහරක් පන්ති වලට බුද්ධාගම ඉගැන්නුවේ හගුරන්කෙත චන්ද්‍රරතන හාමුදුරුවෝ. චන්ද්‍රරතන හාමුදුරුවන් කියන්නේ හරිම කරුණාවන්ත හාමුදුරු නමක්. ඉතින් අපි ඒ පන්තිත් එක්ක හරිම ඉරිසියාවෙන් තමයි හිටියේ. චන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ගෝල බාලයො නොවුණත් ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙත්, ඉස්කෝලෙ ගිය අවස්ථාවලදි චන්ද්‍රරතන හාමුදුරුවො අපිත් එක්ක හරිම හිතවත් විදිහට කතා බහ කළේ, අවුරුදු ගාණක ඉදන් දන්න අදුරන කෙනෙක්ව හම්බවුණා වගේ.

ආනන්ද හාමුදුරුවෝ අපේ පන්තියට ආපු පළවෙනි දවසෙම හැමෝගෙන්ම අහන්න ගත්තා "දහම් පාසල් යනවද..???? " කියලා. දහම් පාසල් යන්නෙ නැති අයට පොඩි තර්ජනයක් දාන්නත් ආනන්ද හාමුදුරුවො අමතක කළේ නෑ. ඒ වෙන කොට මමත් දහම් පාසල් ගියේ නෑ. ආනන්ද හාමුදුරුවො වැඩ ඉන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයේ. අපේ ගමේ පන්සල ආරම්භයේ ඉදන්ම බෙල්ලන්විල රජමහා විහාරයට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අදටත් අපේ පන්සලේ සමහරක් වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතෙයි. අපේ පන්සලේ ධර්ම දේශනා වලට, උත්සව වලට, දානමය පිංකම් වලට බෙල්ලන්විල රජමහා විහාරයෙනුත් එක්තරා මට්ටමකට දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ආනන්ද හාමුදුරුවො අපේ ගමේ පන්සල ගැන හොදට දන්නවා. "ඇයි අර ජී.එච්.පෙරේරා මාවතේ තියෙන්නෙ පරමධර්මවර්ධනාරාමයක්..???? ඇයි ඒකට යන්නෙ නැත්තෙ..???? වහාම ඒකට යන්න ඕන. ඔය දහම් පාසල් යන්නෙ නැති ළමයි ලබන සතිය වෙනකොට අනිවාර්යෙන්ම දහම් පාසල් යන්න පටන් ගන්න ඕන. මම අනිවාර්යෙන්ම හොයලා බලනවා ඒක ගැන". ඊට පස්සේ තමයි ඉතින් මාත් දහම් පාසල් යන්න පටන් ගත්තේ. ආනන්ද හාමුදුරුවන්ට තිබ්බේ ටිකක් රෞද්‍ර බැල්මට් එකක්. ඉතින් මූණ දිහා බලන්නත් බයයි. ආනන්ද හාමුදුරුවන්ගේ කටහඩත් බොහොම අභිමානවත් කටහඩක්.
ඒ කාලේ අපි හිටියේ පස් මහලේ. පස් මහලේ හැම පන්තියකම පිටිපස්සෙම බිත්තියේ ලොකු සමචතුරස්‍රාකාර හිඩැසක් තියෙනවා. ඒකට ඩ්‍රිල් ගහලා තියෙන්නේ. ඩ්‍රිල් එකට එහායින් තියෙන්නෙ අල්ලපු පන්තිය. ඉතින් ඒ පන්තියේ අයට අපේ පන්තිය පේනවා. අපේ පන්තියේ අයට ඒ පන්තිය පේනවා. එක දවසක් අල්ලපු පන්තියේ හෙන සද්ධේ. හාමුදුරුවෝ ගිහිල්ලා ජනේලයෙන් බලාගෙන ඉදලා, කෑ ගහපු අයට ජනේලේ ළගට එන්න කිව්වා. අපි හිතුවේ අත දාලා ගහයි කියලා. ඒත් ඒ අයට හාමුදුරුවො කිව්වේ Period එක ඉවර වෙනකං ඩ්‍රිල් එක උඩ නැගන් ඉන්න කියලා. ඉතින් ඒ අය වදුරෝ වගේ විනාඩි 10ක් විතර ඕක උඩ නැගගෙන, එල්ලිලා හිටියා.
8 සහ 9 වසරේ (2006 සහ 2007) හිටපු අවුරුදු දෙකේම අපිට බුද්ධාගම ඉගැන්නුවේ මෙදේරිපිටියේ තපස්සි හාමුදුරුවො. තපස්සි හාමුදුරුවන්ගේ පැමිණීමත් එක්ක අවුරුදු දෙකක් තිස්සේ බුද්ධාගම විෂය වෙලාගත්තු ඒකාධිපති පාලනය අහවර වුණා. තපස්සි හාමුදුරුවො හොදට හොදයි. නරකට ඉතා හොදයි. තපස්සි හාමුදුරුවන්ට තිබ්බේ හරිම නිවුණු කටහඩක්. හාමුදුරුවෝ ගොඩක් සංවරයි. හාමුදුරුවෝ එක වචනයක් කතා කළත් ඇති, අපේ හිත් සමාධිගත වෙන්න. ඒ නිසා තපස්සි හාමුදුරුවො කියලා දෙන පාඩම් ඇහුනේ පන්තියේ ඉස්සරහ පෙළි දෙක තුනේ ඉන්න අයට විතරයි. ගොඩක් වෙලාවට හාමුදුරුවො

කතා කරන දේවල් ඇහෙන්නෙත් නැති තරම්. මේ නිසා අවුරුද්දේ අන්තිම කාලය වෙනකොට තපස්සි හාමුදුරුවන්ගේ සංවර සහ කාරූණික භාවයෙන් අපේ අය ප්‍රයෝජන ගත්තා. හාමුදුරුවො උගන්නන කොට සමහර අය කතා කර කර හිටියා. තවත් සමහරු කොල බෝල ගහගන්නවා. තව සමහරු වතුර ගහගන්නවා. ඒත් හාමුදුරුවො කාටවත් ගැහුවේ නෑ. පන්තියෙන් එළියට දාපු එක තමයි
|
කළේ. ඉතින් පන්තියෙන් එළියට යන්න බලාගෙනම, ඒ වගේ වැඩ කරපු පිරිසකුත් හිටියා. එහෙම වුණාම පන්තියේ ඇතුළට වඩා, පන්තියෙන් එළියේ එයාලට ඕන තරම් නිදහස තියෙනවා. තපස්සි හාමුදුරුවෝ හැම පැවරුමකදීම, පන්තියේ හැමෝටම 100න් 100 දුන්නා. කවදාවත් 100න් පහළ ලකුණු දුන්නේ නෑ. ඒක තපස්සි හාමුදුරුවන්ගේ මම දැකපු විශේෂත්වයක්.
10 වසරේ ඉන්නකොට බුද්ධාගම ඉගැන්නුවේ වල්හපුතැන්නේ නන්දසුමන හාමුදුරුවෝ. නන්දසුමන හාමුදුරුවෝ තමයි අපේ ඉස්කෝලේ පැවිදි ආචාර්ය මණ්ඩලයේ හිටපු උසම හාමුදුරුවෝ. නන්දසුමන හාමුදුරුවෝ ව්‍යාකරණ නීති රීති අකුරටම බැලුවා. ඒ නිසා අපේ සටහන්වල උක්ත ආක්‍යාත පද, ව්‍යරණ සහ ව්‍යාකරණ, ලිංග භේදය මේ හැම එකක්ම එකින් එක, බල බල නිවැරදි කළා. මුල්ම දවසේ කටපාඩම් ගත්තු ගාථාව තමයි "යථා සංඛාර ධානස්මිං" කියන ගාථාව.
යථා සංඛාර ධානස්මිං - උජ්ඣි තස්මිං මහාපථේ
පදුමං තත්‍ථ ජායෙත - සුචි ගන්ධං මනෝරමං
එවං සංඛාර භූතෙසු - අන්ධ භූතෙ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය - සම්මා සම්බුද්ධ සාවකො
ඒත් විමලවංශ හාමුදුරුවො කියලා දීපු නෙළුම් මලේ කතාවම තමයි. හැබැයි ටිකක් Advance කරලා.
මහමඟ අසල දැමූ කසල ගොඩක්හිද මනා සුවඳවත් පැහැපත් සිත් ඇඳ ගන්නා සුලු වූ පියුමක් හටගන්නේ යම් සේද එමෙන්ම කසල බඳු අඳබාල පුහුදුන් ජනයා අතර මිනිසුන් අතර බුදුසව් රහතන් වහන්සේ ලෝකයා ඉක්මවා නුවණින් බබළන සේක.

සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නකොට (2009) අපිට බුද්ධාගම ඉගැන්නුවේ වේපතඉර හේමාලෝක හාමුදුරුවො. අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටපු හාමුදුරුවරු අතරින් ලස්සනටම පන්සිල් දුන්නෙත්, අනිත් ආගමික වතාවත් සිද්ධ කළෙත් හේමාලෝක හාමුදුරුවෝ. හේමාලෝක හාමුදුරුවන්ගේ කාලයෙත් අපිට හැමදාම වගේ ධම්මපදයේ ගාථා කටපාඩම් දෙන්න සිද්ධ වුණා. ඒ අතරින් මගේ මතකයේ නම් තියෙන්නේ "උට්ඨානවථෝ සතිමථෝ" කියන ගාථාව විතරයි. මොකද ඒක කට පාඩම් දෙනකොට මට අන්තිම පේළිය අමතක වුණා. කොච්චර මතක් කරන්න උත්සාහ කළත් මතක් වුණේ නෑ. මම හිතුවේ හාමුදුරුවෝ නෙළයි කියලා. ඒ වුණාට හරිම ප්‍රියමනාප විදිහට දත් 32ම පේන්න හිනාවෙලා, "හරි හරි" කියලා ඔළුව වනලා ඊළග ළමයා ළගට ගියා. ඒත් කොහොම හරි මම අන්තිම මොහොතේ, අන්තිම පේළියත් කිව්වා. හේමාලෝක හාමුදුරුවෝ හරිම සුන්දර විදිහට අපිට පාඩම් ඉගැන්නුවා. ඒ හාමුදුරුවන්ගේ අත්දැකීම් සහ රසකතා එහෙමත් එකතු කරලා. බුද්ධාගම අච්චුපොත් ගෙනාවේ නැති වුණාම හාමුදුරුවෝ ඇහුවේ "Where is your book?" කියලා.
අපි තමයි හේමාලෝක හාමුදුරුවන්ගෙන් අන්තිමටම බුද්ධාගම ඉගෙන ගත්තු ශිෂ්‍ය පරම්පරාව. අවුරුද්දේ මැද හරියෙදි හේමාලෝක හාමුදුරුවො විශ්‍රාම ගත්තා. ඒ වෙනුවෙන් චාම් උත්සවයකුත් පැවැත්තුවා. 11 වසරේ ඒ වෙනකොට ඉගෙන ගනිමින් හිටපු ළමයි 700ක් විතර හේමාලෝක හාමුදුරුවන් ළගට පෝලිමේ ඇවිත් වැන්දා. 2013 අවුරුද්දෙත් හේමාලෝක හාමුදුරුවන්ව දැක ගන්න ලැබුණා. එතකොට අපිත් ආදි ශිෂ්‍යයෝ වෙලා. ඒ හෙළ සිසු හවුලෙන් ගහපු දින දර්ශනයක් ප්‍රසිද්ධ කිරීමේ සහ ඊලියන් ද සිල්වා ශූරීන්ට උපහාර පිදීමේ උත්සවයකදී. ඒ උත්සවයේදී හේමාලෝක හාමුදුරුවෝ කරපු දේශනාව සිංහලේ දින දර්ශනය කියන ලිපියේ අන්තර්ගත කරලා තියෙනවා.
හේමාලෝක හාමුදුරුවන්ගෙන් පස්සේ ඉතිරි මාස ටිකේ බුද්ධාගම විෂය ඉගැන්නුවේ මෙදේරිපිටියේ තපස්සි හාමුදුරුවෝ. තපස්සි හාමුදුරුවන්ට ඒ පන්තියේ උගන්නන එක ලේසි වුණේ නෑ. මොකද ඒක තමයි 11 වසරේ පන්ති අතර තිබුණු අන්තම පන්තිය. ඒ පන්තියේ බුද්ධාගම උගන්නන්න ඇවිල්ලා, හාමුදුරුවෝ සත පනහේ කාසියක ගාණට වැටුනා.

2010 අවුරුද්දේ උසස් පෙළ වලට කලා අංශයට ගියාට පස්සේ, බෞද්ධ ශිෂ්ටාචාරය කරන්න වැටුනේ ආනන්ද හාමුදුරුවෝ කියහංකෝ. ඔන්න ඉතින් දැන් බය දෙකයි. ඒ මදිවට බෞද්ධ ශිෂ්ටාචාරය කරන්න ළමයි හිටියෙත් තුන්දෙනයි. "මම ඉස්කෝලේ සහකාර විදුහල්පති. ඒ වගේම විනය මණ්ඩලයේ සභාපති. බෞද්ධ සංගමයේ වැඩ වලත් ඉන්නවා. ශිෂ්‍ය නායක මණ්ඩලයෙත් සභාපති දාලා තියෙන්නේ මාව. ඒ නිසා හැමතිස්සෙම එක එක රැස්වීම් සහ වැඩ රාජකාරි තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට උගන්නන්න මට නම් වෙලාවක් නෑ. ඔයාලා ඕන නම් පන්ති ගිහිල්ලා හරි ඉගෙන ගන්න". ඔන්න අපි හා හා පුරා කියලා බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න අතපොත් තබපු දවසේ ආනන්ද හාමුදුරුවො කියපු කතාව.
උසස් පෙළ පන්තියෙදී ආනන්ද හාමුදුරුවෝ අපිට ගහන්න ආවේ නෑ. ඒත් ඉතින් බනින ටික නම් අපරාදේ කියන්න බෑ, කිසිම අඩුපාඩුවක් නැතුව බැන්නා. ආනන්ද හාමුදුරුවෝ අපිට හැමදාම ශ්ලෝක පාඩම් කරන්න දුන්නා. ඒවා හරිම අමාරු, සංකීර්ණ ශ්ලෝක. වචන උච්චාරණය පට්ට අමාරුයි. අපිට එහෙම පාඩම් කරන්න දුන්නට ආනන්ද හාමුදුරුවන්ටවත් ඒ ශ්ලෝක හරියට මතක නෑ. අපි කටපාඩම් දෙන වෙලාවට, නිවැරදිභාවය බලාගන්නෙත් හාමුදුරුවන්ගේ දින පොතෙන්. අපිත් ඉතින් ආනන්ද හාමුදුරුවන්ගේ පරම්පරාව මතක් කර කර තමයි මේවා පාඩම් කළේ. හැබැයි පස්සේ තමයි ඒකෙ වටිනාකම දැනුනේ.
අපි ඒවා පාඩම් කළේ කැමැත්තකින් නෙවේ. ආනන්ද හාමුදුරුවන්ට තියෙන පරාණ බයට. එහෙම පාඩම් කරපු නිසා අපිට උසස් පෙළ ප්‍රශ්න පත්තරේට හොදට ලියන්න ලැබුනා. එහෙම පාඩම් කරපු ගාථා, ශ්ලෝක අදටත් අපිට කටපාඩම්. ඕන තැනකින් ඇහුවොත්, පට ගාලා කියත හැකි සිංහල තේරුමත් එක්ක. අපිට තපස්සි හාමුදුරුවෝ වගේ ආචාර්යවරයෙක් ලැබුනා නම් අපි ජීවිතේට ඕවා පාඩම් කරන්නේ නෑ. බෞද්ධ ශිෂ්ටාචාරය සටහන් ටික තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ දින පොතක. ඒ පොත බලාගෙන තමයි හාමුදුරුවො අපිට සටහන් ලියාගන්න දුන්නේ. ඒ පොත නැති වුණා කියන්නේ, හාමුදුරුවෝ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්නලා හමාරයි.

ආනන්ද හාමුදුරුවන්ගේ කාර්යාලය තිබ්බෙත් කලා අංශය ඇතුළෙම තමයි. බෞද්ධ ශිෂ්ටාචාරය විෂයේ කාල සටහන, ආනන්ද හාමුදුරුවන්ට මතක නෑ. ඉතින් Period එක තියෙන වෙලාවට අපි ගිහින් ආනන්ද හාමුදුරුවන්ට මතක් කරන්න ඕන. හාමුදුරුවෝ එන්නේ 3/3 නියෝජනය තිබ්බොත් විතරයි. නැත්නම් පොතක් පතක් බලාගෙන පන්තියට වෙලා ඉන්න කියලා කියනවා. සමහරක් වෙලාවට කාර්යාලයට යනකොට හාමුදුරුවො පත්තර දුසිමක් විතර බල බල ඉන්නවා. සමහරක් වෙලාවට හාමුදුරුවො සැතපෙනවා. ඒත් හුගක් වෙලාවට හාමුදුරුවන්ගේ කාර්යාලය වහලා තමයි තිබ්බේ.
සතියකට කාල පරිච්ඡේද 10ක් තිබ්බත්, හාමුදුරුවෝ ඉගැන්නුවේ කාල පරිච්ඡේද 2ක් හෝ තුනක් විතරයි. සමහරක් සතිවල එක කාල පරිච්ඡේදයක්වත් ඉගැන්නුවේ නෑ. බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ පාඩම් 10ක් තිබ්බත්, ආනන්ද හාමුදුරුවෝ පළවෙනි පාඩමවත් ආවරණය කරලා දුන්නේ නෑ. පළවෙනි පාඩමෙත් මුල් කොටස් කිහිපය විතරයි කළේ. ඒ මදිවට විෂය සම්බන්ධව කරුණු දන්නේ නෑ කියලා අම්බානෙකට බනිනවා. හාමුදුරුවෝ උගන්නනකොට තත්පරෙන් තත්පරේට වගේ ඈනුම් අරිනවා. එහෙම ඇරියෙත් කටට අත තියන්නේ නැතුව. ඉතින් අපිටත් මාර නිදිමතයි. ආනන්ද හාමුදුරුවො එනකොට මේස, බංකු, ගුරු මේසය, ගුරු පුටුව හොදට පිහදාලා, සුදු ලෑල්ලක්, ඒවායේ පෑන් එහෙම ගෙනල්ලා, ශිෂ්‍ය වාර්තා, පන්ති වාර්තා පොත් එහෙම පිළිවෙලට ගෙනල්ලා තියෙන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ දවසක් අපිට ඉගැන්නුවා ප්‍රාග් බෞද්ධ යුගයේ බ්‍රාහ්මණ වංශිකයන් විසින් කාන්තා සමාජය ගැන කියපු ප්‍රකාශන වගයක්.

දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාසනම්
සයනේ මරණං තුර්යාත් - ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී " ස්ත්‍රියගේ දර්ශනයෙන් සිහි විකල්වේ. ස්පර්ශයෙන් ධනය විනාශ වේ. සයනයෙන් මරණය ගෙන දෙයි. ස්ත්‍රිය යනු රාක්ෂියකි. " ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණස්‍ය කාකයෝ මතස්‍යපාදේ ජලේ පස්ශෙයත් - ස්ත්‍රි වාක්‍යං නවිශ්වසේත් " අට්ටික්කා ගස්වල මල් නොපිපේ. සුදු කපුටන් දක්නට නොලැබේ. මත්ස්‍යන්ට පාද නැත. එහෙත් ඒවා සත්‍ය යැයි විශ්වාස කළත්, ස්ත්‍රී වාක්‍ය කිසි විටෙක විශ්වාස නොකළ යුතුය. " |
මුඛ පද්ම දළාකාරං - වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රෝ - හෘදයේතු හලා හලං " ස්ත්‍රියගේ මුහුණ පියුමක් බදුය. වචන සදුන් මෙන් සිසිලසය. කතාව මී පැණි වැනිය. නමුත් හදවතින් හලා හල විෂ සහිතය " බාල්යේ පිතුර්වසේ තිෂ්ඨේත් - ප්‍රාණි ග්‍රාහස්‍ය යෞවනේ පුත්‍රානං භර්තරී ප්‍රේතේ - නභජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් " කාන්තාව බාල කාලයේ පියා යටතේද, විවාහ වූ පසු සැමියා යටතේද, මහළු වයසේ පුතුන් යටතේද ජීවත් විය යුතුය. කාන්තාවට කිසි දිනක නිදහස ලබා නොදිය යුතුය " |
අපි "බූට" කන්න කලින් ආනන්ද හාමුදුරුවෝ අපි ගැන හිතලමද කොහෙද මෙව්වා ඉගැන්නුවා. ඉතින් මොනවා නැතත් අපිට ඒ පාඩම නම් මතක හිටියා. පාඩම ඉවර කරලා "ඔහේලත් කවදා හරි දවසක ගෑණියෙක් ගනිද්දි මේව්වා ගැන හිතලා බලන්න" කියලා කට කොණින් හිනා වුණා. ආනන්ද හාමුදුරුවෝ පන්තියෙන් ගියාට පස්සේ, අපි හැමෝම කතා වුණේ ස්ත්‍රී ප්‍රජාව ගැන ඉගෙන ගත්තු පාඩම නෙවේ, ආනන්ද හාමුදුරුවෝ කට කොණින් හිනා වුණු එක ගැන. මොකද හාමුදුරුවෝ එහෙම ආවට ගියාට අඩුම ගාණේ ආසාවටවත්, කට කොණින්වත් හිනා වෙන්නේ නෑ. ඉතින් ඒක දැකලා අපි ඔක්කොටම පුදුම හිතුනා.
එක දවසක් හාමුදුරුවො අපිට රාජ්‍ය පාලනය ගැන ඉගැන්නුවා. ඒ පාඩමේ ඉස්සර මිනිස්සුන්ට දඩුවම් කරලා තියෙන ක්‍රම ගැනත් සාකච්ඡා කළා. හාමුදුරුවො සටහන දීලා ඉවර වුණායින් පස්සෙ, විස්තර කරන කොට, අතර මගදි අපෙන් ප්‍රශ්න අහනවා. එතකොට අපි උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. හැබැයි පොත බලන්න පුලුවන්. ආනන්ද හාමුදුරුවො මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඒ කාලෙ දීපු දඩුවම් ක්‍රමයක් නම් කරන්න කියලා. පොතේ මුලින්ම තිබ්බෙ හිස ගසා දැමීම ගැන. ඒක සටහනේ දීලා තිබුණෙ මෙහෙමයි.
" දෑත් පිටුපසට තබා බැද, වද මල් පළදවා, දං ගෙඩියට ගෙන ගොස් හිස ගසා දැමීම " ඉතින් නිකංම හිස ගසා දැමීම කියනවට වඩා මුළු වාක්‍යම කියන එක හොදයි කියලා හිතුවා. ඉතින් මම මුළු වාක්‍යම කිව්වා. "ආයිත් කියන්න"... ආනන්ද හාමුදුරුවො කිව්වා. |
ආයිත් මම මුළු වාක්‍යම කියෙව්වා."ආහ්හ්හ්..???? " ආනන්ද හාමුදුරුවො එහෙම කිව්වා. ඊට පස්සෙ මම කිව්වා "හිස ගසා දැමීම" කියලා. "නෑ නෑ මුළු වාක්‍යම කියවනවා" ආනන්ද හාමුදුරුවො එහෙම කියද්දි මම ආයිත් සම්පූර්ණ වාක්‍යම කියෙව්වා. ඒ පාර ආනන්ද හාමුදුරුවො "මොකක් මොකක්..???" කියලා මගෙන් ඇහුවා. මොකක් හරි කචල් එකක් ගිහින් කියලා හිතලා ආයිත් මම වාක්‍ය හිතෙන් කියෙව්වා. අම්මට සිරි.... මම දංගෙඩිය කියන වචනය වෙනුවට ලියලා තියෙන්නෙ වංගෙඩිය කියලා. මම මෙච්චර වෙලාවක් දංගෙඩිය වෙනුවට වංගෙඩිය කියලා තමයි කියලා තියෙන්නෙ. "වංගෙඩි...????? අපි නම් අහලා නෑ මේ වංගෙඩිවල තියලා හිස ගසා දානවා කියලා......... දංගෙඩිය..... හදා ගන්න ඒක.... දැන් කාලෙ ගෙවල්වල වංගෙඩි තියෙනවද..???? දකින්නත් නෑ නේද..???? " කියලා සම්පූර්ණයෙන්ම හිනා වුණා. එදා තමයි ආනන්ද හාමුදුරුවෝ පළවෙනි වතාවට හිනාවෙනවා දැක්කේ. ඒ වගේම අන්තිම වතාවටත්.
ආනන්ද හාමුදුරුවෝ වාර විභාග වලට හැදුවේ යක්ෂ පේපර්. කාලය පැය තුනයි. ප්‍රධාන ප්‍රශ්න 5යි. ප්‍රධාන ප්‍රශ්න, රෝම ඉලක්කම් වලින් අනු කොටස් වලට බෙදෙනවා. අනු කොටස් සිංහල ස්වර යටතේ තව තව කොටස් වලට බෙදෙනවා. ඉතින් තීන්ත ඉවර වෙනකන් ලියන්න ඕන. හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. හැමදාම කාලය මදි වෙලා ප්‍රධාන ප්‍රශ්නයක් දෙකක් ලියන්න වෙලාව නැතුව යනවා. ඒ තරමට විචාරාත්මක ප්‍රශ්න දුන්නේ. ලියලා ඉවර වුණායින් පස්සේ දකුණු අතේ මැණික් කටුවට බුදු සරණයි දෙවි පිහිටයි ! ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනකොට එක අකුරක්වත් වැරදෙන්න බෑ. හරියටම ලියන්න ඕන. මොකක් හරි අකුරක් වැරදිලා, අපි ඒක කපලා ලිව්වොත්, කපපු අකුර වටේ ලොකු රවුමක් ඇදලා, ඒකටත් ලකුණක් දෙකක් අඩු කරනවා.
ඒ දවස්වල බෙල්ලන්විල රජමහා විහාරයට ගියාම හාමුදුරුවො හිටියොත්, හාමුදුරුවන්ටත් වදිනවා. එතකොට හාමුදුරුවෝ අපේ අම්මලා තාත්තලාට කිව්වේ "මෙයාලා එන්නෙත් නෑනෙ ඉස්කෝලෙ. ඉතින් පාඩම් උගන්නන්න වෙන්නෙම නෑ" කියලා. කොහොම හරි පහු පහු වෙනකොට අපි ඔක්කොටම මේ වැඩේ එපා වුණා. අපිට උගන්නන්න හාමුදුරුවන්ට ඕනකමක් තිබුණෙත් නෑ. ඔහේ කරන්නංවාලේ කළා. ඊට පස්සේ අපි කාල පරිච්ඡේදය තියෙන වෙලාවට හාමුදුරුවන්ට මතක් කරන්න ගියේ නෑ. ඒ වෙලාවට අපි එකට එකතු වෙලා පාඩම් කළා. කොහොම හරි 2012 අවුරුද්දේ මුල වගේ, හාමුදුරුවෝ විශ්‍රාම ගත්තා.
හාමුදුරුවෝ ඉස්කෝලෙන් විශ්‍රාම යන්න හුගකාලෙකට කලින්, ඉස්කෝලෙ උත්සවයක් තිබ්බා. ආනන්ද හාමුදුරුවෝ තමයි ඒකට මූලිකත්වය ගත්තෙත්. මට මතක විදිහට පොතක් දොරට වැඩීමේ උත්සවයක්. ඒකෙ මුලසුනේ හිටියේ අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල හාමුදුරුවෝ. තව පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන වගේ ප්‍රසිද්ධ හාමුදුරුවරු ඇතුළුව තවත් හාමුදුරුවරු 100 නමක් විතර සහභාගි වුණා. දිනේශ් ගුණවර්ධන එහෙමත් ආවා. බෙල්ලන ශ්‍රී ඤාණවිමල හාමුදුරුවෝ කියන්නේ මම ගොඩක් ගෞරව කරපු හාමුදුරු නමක්. උන්වහන්සේගේ පොත්පත්, උන්වහන්සේගේ චරිත කතා මම ඒ දවස්වල හිසේ කෙස් ගාණට කියෙව්වා. ආනන්ද මෛත්‍රීය සහ රේරුකානේ චන්දවිමල මහා නා හිමිවරු නැති වුණත්, ඤාණවිමල හාමුදුරුවෝ හරි අපි අතරේ අද වැඩ ඉන්නවා නේද? කියලා නිතරම කල්පනා කළා. ඉතින් උන්වහන්සේව සජීවීව දැක ගන්න ලැබුණු එක මේ ජීවිතයේදී මම ලබපු භාග්‍යක් විදිහට සළකන්න කැමතියි.

අපේ ඉස්කෝලේ ගොඩක් උත්සව අවස්ථාවලට හබරකඩ ඉන්දරතන හාමුදුරුවන්ට ආරාධනා ලැබුණා. හබරකඩ ඉන්දරතන හාමුදුරුවොත් හුගක් ඉස්සර අපේ ඉස්කෝලේ ආචාර්යවරයෙක් විදිහට හිටියා. දවසක් උදේ ඉස්කෝලෙ යනකොට බුදු මැදුර ළග ඉන්දරතන හාමුදුරුවෝ හිටියා. එතකොට අපේ හේමාලෝක හාමුදුරුවෝ විශ්‍රාම ගත්තු අලුත. ඉතින් මම හිතුවේ ඒ ඉන්නේ හේමාලෝක හාමුදුරුවෝ කියලා. හාමුදුරුවො දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට තමයි දැක්කේ මේ ඉන්නේ හේමාලෝක හාමුදුරුවෝ නෙවේ කියලා. මේ හාමුදුරුවරු දෙන්නගෙම මූණු එක වගේ. හැබැයි හේමාලෝක හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ තැඹිලි පාට සිවුරක්. ඉන්දරතන හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ කහ පාට සිවුරක්. මාව දැකල ඉන්දරතන හාමුදුරුවො හරිම ප්‍රියමනාප විදිහට හිනා වුණා.
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඉස්කෝලේට ආව ගිය සහ අපේ ඉස්කෝලේ ආචාර්යවරු විදිහට වැඩ හිටපු හාමුදුරුවරු ගැන මගේ මතකය. එක එක හාමුදුරුවරු ගැන මගේ මතකයේ තියෙන සෑම සියලු දෙයක්ම සටහන් කළා. සමහරක් හාමුදුරුවරුන්ට අපහාස කරලා තියෙනවා කියලත්, සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුලුවන්. ඒත් ඉතින් මගේ ලිපිවල කවදාවත් බොරු නම් ලියවෙන්නේ නෑ. ඇත්ත තිත්තයි. ඒත් ඇත්තයි. ආනන්දේ හිටපු පරණ අය මේ දේවල් ගැන හොදටම දනිති. මේ ලිපියට අවශ්‍ය කරන පින්තූරවලින් බහුතරයක්ම අර ගත්තේ බෙල්ලන්විල රජමහා විහාරයේ සහ කොළඹ සාම විහාරයේ Facebook පිටුවලින්. ඊට අමතරව ආනන්දේ ඡායාරූප සංගමයේ Facebook පිටුවෙන්, ලංකාදීපෙන් වගේම තවත් වෙබ් අඩවි කිහිපයකින් ඡායාරූප උපුටා ගත්තා. ඒවායේ හිමිකාරීත්වය සහ ගෞරවය, ඒවායේ අයිතිකරුවන්ට හිමිවෙනවා.
මේ හාමුදුරුවරුන්ට කරන ගෞරවයක් විදිහට 2004 ඉදලා 2012 වෙනකන් පාවිච්චි කරපු බුද්ධාගම සහ බෞද්ධ ශිෂ්ටාචාරය සටහන් පොත් තාමත් මම පරිස්සමට තියාගෙන ඉන්නවා. පහළ තියෙන්නේ ඒ ඒ අවුරුදුවල අපිට බුද්ධාගම උගන්නපු හාමුදුරුවරුන්ගේ අත් අකුරින් යුක්ත, කෙටි අත්සන්. හේමාලෝක හාමුදුරුවන්ගේ අත්සන විතරයි නැත්තේ. හේමාලෝක හාමුදුරුවෝ කවදාවත් අපේ සටහන් පොත් බැලුවේ නෑ.

ප.ලි
01) 2018.12.16
අතිගෞරවාර්හ පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි.....
අවුරුදු 5කට පස්සෙ තමයි දැක්කෙ. කොළඹ ආනන්ද විද්‍යාලයේදි උන්වහන්සේගෙන් අවසන් වරට බුද්ධාගම විෂය ඉගෙන ගත්ත ශිෂ්‍ය පරම්පරාව තමයි අපි. ජීවිතයේ පළවෙනි වතාවට අද උන්වහන්සේ සමග සුහද පිළිසදරක නිරත වෙන්න වාසනාව ලැබුණා. ඒ නිසා අද දවස මගේ ජීවිතයේ අමතක නොවන දවසක් විදිහට සනිටුහන් වෙනවා...
02) 2019.01.02
මේ පින්තූරු ටික මට පෙන්නුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණියේ අපේ පන්තිභාර ගුරුතුමිය වුණු, අපේ ආදරණීය අයේෂා මැඩම්. 1999 අවුරුද්දෙ මැදක වගේ, ආනන්දෙ ප්‍රාථමික අංශයේ, 1 ශ්‍රේණියෙන් අපේ ඉස්කෝලෙ වැඩ හිටපු මහා සංඝරත්නය වෙනුවෙන් දින පහක් පුරාවට සාංඝික දානමය පිංකමක් පැවැත්තුවා. මේ පින්තූර අපි හිටපු 1 කොළ පන්තියට, දානය භාර වුණු දවසෙ ගත්ත පින්තූරවලින් "තෝරා ගත්ත" කිහිපයක්.....
මේ පින්තූර ප්‍රසිද්ධ කරන්න හිතුනේ, ඒ කාලෙ අපේ ඉස්කෝලෙ හිටපු හාමුදුරුවරුන්ට කරන ගෞරවයක් විදිහටයි. මෙතන තරුණ සහ මැදි වයසෙ ඉන්න හාමුදුරුවරු, අද වෙනකොට වැඩිහිටි හිමිවරු බවට පත්වෙලා. මොකද මේ පින්තූරු අරගෙන තියෙන්නෙ අවුරුදු 20කට කලින්. මේ පින්තූරවල ඉන්න එක හිමි නමක්වත් උපැස් යුවලක් පැලදලා නෑ. පින්තූරු අරගෙන තියෙන්නෙ අපේ ආදරණීය කුලරත්න අංකල් වෙන්න ඕන. අනිත් අතට මේ හාමුදුරුවරුන් අසුන්ගෙන ඉන්න අනුපිළිවෙල අනුව, උන්වහන්සේලා පැවිදි වුණු අනුපිළිවල ගැනත් හොද සහ පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන්. ඒක මෙච්චර කාලයකට නොදැන හිටපු කරුණක්. ඒ අනුව පැවිදි දිවියේ ජ්‍යේෂ්ඨත්වයේ අනුපිළිවෙල හැදෙන්නෙ මෙහෙමයි.
පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි, පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි, පූජ්‍ය අකුරැටියේ විමලවංශ හිමි, පූජ්‍ය මෙදේරිපිටියේ තපස්සි හිමි.......
1999 අවුරුද්දෙ පුංචියට ඉදගෙන මෙහෙම දානවේල පිළිගන්වපු අපි, 2012 අවුරුද්දේ උසස්පෙළ ජ්‍යේෂ්ඨ පන්තිය වෙනකන්ම, මෙතන ඉන්න හැම හාමුදුරු නමකගෙන්ම බුද්ධාගම (6-11) සහ බෞද්ධ ශිෂ්ටාචාරය (12-13) විෂයන් ඉගෙන ගන්න වාසනාව ලැබුවා. එදා මහා සංඝරත්නය සහ ධාතු කරඩුව වැඩම කෙරෙව්වෙ දවුල්, තම්මැට්ටම් ගගහා පුංචි පෙරහැරකින්. මට නම් තාමත් එදා දවස ගැන මුල සිට අග දක්වාම මතකයි. පුණ්‍යානුමෝදනාව සිද්ධ කළේ ආනන්ද හාමුදුරුවො. එදා මම නම් පළවෙනි වතාවට එක වචනයක් ගැන ඉගෙන ගත්තා. ඒ තමයි.......................................................... "අට පිරිකර".