බස් කතා
බස්වල යනකොට බස්වලට සමාජයේ එක එක තලවල ඉන්න, එක එක විදිහේ අය ගොඩ වෙනවා. ඉතින් සමාජය ගැන හොද අධ්‍යනයක් කරන්න නම්, බස් එකකටම ගොඩ වෙලා බලන්න ඕන. මොකද අපිට එකම තැනකදි, එක එක විදිහේ කතා විලාශ, හැසිරීම් රටා, ඇදුම් පැලදුම් ආදී නා නාප්‍රකාර දේවල් ගොඩක් අධ්‍යනය කරන්න පුලුවන්. ඉතින් අද හිතුනා බස්වල යනකොට දකින්න සහ අත්විදින්න ලැබුනු අත්දැකීම් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න.
බස් එකේ යන උදවියගෙන් උදව් උපකාර ඉල්ලගෙන එක එක විදිහේ අය බස්වලට ගොඩ වෙනවා. ඒක නම් අපේ රටේ බස්වල හරිම සුලභ දසුනක්. මෙහෙම ගොඩවෙන අය වර්ග දෙකයි. සමහරු තමන්ගේ දුක් ගැනවිලි කියලා කීයක් හරි ඉල්ලගෙන යනවා. තවත් සමහරු තමන්ගේ දුක් ගැනවිලි කියලා, එතනින් නතර වෙන්නේ නැතුව, බස් එකේ යන උදවියව සතුටු කරන්න පුලුවන් මොකක් හරි දෙයක් කරලා, කීයක් හරි ඉල්ලගෙන යනවා. ගොඩක් වෙලාවට ඉතින් එයාලා ඉදිරිපත් කරන්නේ විරිදු ගායනයක්. එහෙමත් නැත්නම් ඩොල්කියකින් පොඩි වාදනයක්. සමහරු බටනලා පිඹිනවා. ඔන්න ඔය වගේ. ඒත් ඊට වඩා එහා ගිය දේවල් කරන අයත් නැතුවා නෙවේ.
දවසක් යාලුවෝ එක්ක මහනුවරට යනකොට බස් එකට ගොඩ වුණා වීදුරු ගිලින මනුස්සයෙක්. මුලින්ම මෙයා එයාගේ දුක්ගැනවිල්ල කියාගෙන කියාගෙන ගියා. ඊට පස්සෙ මෙන්න බොලේ එක පාරටම මල්ලකින් ෆ්ලෝරසන් බල්බ් එකක් ඇදලා ගත්තා. ඊට පස්සේ මේක කට ඇතුළට දාලා හපන්න ගත්තා. එහෙම කරන ගමන්, සැරෙන් සැරේ උගුරට තට්ටු කර කර, උගුර ඇතුළේ තියෙන වීදුරු කෑලි පහළට යවනවා. "මිනිස්සු ජීවත් වෙන්න කරන දේවල්ද මේ?" කියලා ඒ වෙලාවේ මට හිතුනා. සමහරක් අය මේ දර්ශනය බලන් ඉන්න බැරිකමට අහක බලා ගත්තා. බල්බ් එක ගිලලා ඉවර වුණායින් පස්සේ, මේ මිනිහා මල්ලෙන් තව බල්බ් එකක් ඇදලා ගත්තා. ඊට පස්සේ ඒකත් කන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් බස්වල

|
යනකොට උදව් ඉල්ලගෙන එන අසරණ මිනිස්සු වැඩි නිසා, ගොඩක් වෙලාවට මම එයාලා වෙනුවෙනුත් කීයක් හරි ගෙනියනවා. ඒත් ඉතින් එදා නම් මේ මනුස්සයාට කීයක් හරි දීලා උදව් කරන්න මගේ හිත දුන්නේ නෑ. මොකද අපි එයාට සල්ලි දෙනවා කියන්නේ, එයා තවත් දිරිමත් වෙනවා කියන එක. එයා දිරිමත් වෙනවා කියන්නේ, මේ වැඩේ දිගටම කරගෙන යනවා කියන එක. එයා මේ වැඩේ දිගටම කරගෙන
|
යනවා කියන්නේ, මරණයට අත වනනවා වගේ වැඩක්. තවත් දවසක් බස් එකේ යනකොට, බස් එකට ගොඩ වුණා පොත් ගොඩාක් අරගත්ත මනුස්සයෙක්. එයත් මුලින්ම එයාගේ අසරණකම ගැන මිනිස්සුන්ට කිව්වා. ඊට පස්සේ එයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. "මම නිකන් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න කැමති නෑ. ඒ නිසා මම මේ පොත් ටික ඔයාලට බෙදනවා. මේ විනාඩි කිහිපයට මේ පොත්වලින්, මොකක් හරි දැනුමක් ගන්න පුලුවන් නම් ඒ හොදටම ඇති". එහෙම කියලා ඉස්සරහා පේළියේ ඉදලා, පිටිපස්සේ පේළියට වෙනකංම ඉදගෙන ඉන්න, හිටගෙන ඉන්න හැම කෙනාටම එයා පොත් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියා. මහා ලොකු පොත් නෙවේ. හරිම සරල, පිටු 9ක් 10ක් තියෙන පොඩි දැනුම මිනුම පොත්.
ඊට පස්සේ අනිත් අතට ආයිත් ඉස්සරහට ගිහින්, බෙදපු පොත් ටික, එකතු කරගෙන කරගෙන ගියා. සෑහීමකට පත් වුණු අය තමන්ට ලැබුනු පොත ආයිත් දෙනගමන්ම, ඒ මනුස්සයාට සුළු ආධාරයකුත් කළා. ඔය වගේ එක එක අලුත් කලාවන් හොයා ගත්ත අය තමයි දැන් බස්වලට ගොඩ වෙන්නේ.
දවසක් මහරගමදි බස් එකට ගොඩ වුණා, ටිකක් |
අලුත් තාලෙට ඇද ගත්තු අක්කා කෙනෙක්. මෙයා බස් එකට ආව ගමන් රියදුරු මහත්තයාට Pen Drive එකක් දීලා, Setup එකේ Remote එක ඉල්ල ගත්තා. ඊට පස්සෙ මෙයා පොඩි දේශනයක් එහෙම කරලා, එයාගෙ දුක් ගැනවිල්ලත් කියලා, Remote එකෙන් සිංදුවක් දැම්මා. එව්වායෙ තිබ්බෙ පසුබ්මි සංගීත. මෙයා ඉතින් පසුබිම් සංගීතයට අනුව සිංදුව කියනවා. ඒක ඉවර වෙනකොට ඔන්න තවත් සිංදුවක් දාලා කියනවා. ඊට පස්සෙ පොඩි දේශනයක්. ඒක ඉවරවෙනකොට තවත් සිංදුවක්. ඊට පස්සෙ ආයිත් මෙයාගේ දේශනයක්. කිලෝ මීටර් 5.5ක් ගිහිල්ලා, මම බස් එකෙන් බහිනකොටත් මේ අක්කා සිංදු
කියනවා. එතකොටත් සිංදු 6ක් විතර කියලා ඉවරයි. මේ අක්කාගේ දේශනවලින් 95%කම තිබ්බේ වාක්‍ය දෙකයි. "මට හොද කටහඩක් තියෙනවා. මට හොද හැකියාවක් තියෙනවා ගීත ගායනයට". ඒක තමයි හිනා යනම දේ. තමන් තමන්වම තනියෙන් වර්ණනා කර ගැනීම. ඒ අක්කාගේ හැකියාව සහ කටහඩ කොච්චර උසස්ද කියනවා නම්, කිලෝ මීටර් 5.5ක් යනකංම මම බස් එකේ ජනේලෙන් එළියට බෙල්ල දාගෙන තමයි ගියේ.
|
එක දවසක් හම්බුනා හිටිවන විරිදු කියන කෙනෙක්. හරිම තරුණ පිරිමි ළමයෙක්. වැඩි වයසක් නෑ. සාමාන්‍යයෙන් විරිදු කියලා සල්ලි අරගන්න එක සිරිත වුණාට, මෙයා කළේ ඒකෙ අනිත් පැත්ත. මෙයා විරිදු පද ටික ගොඩ නැගුවෙ එයාට සල්ලි දෙන අය දුන්නු ගාණ සහ එයාලගෙ භාහිර ස්වරූපය අනුසාරයෙන්. ඒ නිසා එයාට සල්ලි හම්බවෙන හම්බවෙන පාරට තමයි, එයා විරිදු පද කිව්වෙ.
මේ අතරේ ඉතින් එක එක දේවල් අලෙවි කරන අයත් ගොඩවෙනවා. එක දවසක් බස් එකකට ගොඩවුණා කන්හැදි විකුණන කෙනෙක්. එකක් රුපියල් 25ක්ද කොහෙද. මෙයා ගොඩවෙලා තමන්ගේ කතාව කිව්වා විතරයි, මැද පේළියේ ඉන්න වයසක ඇන්ටිලා දෙන්නෙක් "කන් හාරන එකක් ගත්තොත් හොදයි නේද? මේ අපිට ඔය කන් හාරන එව්වා දෙකක් දෙන්න" කියලා මහා සද්ධෙට කෑ ගැහුවා. ඒක අහන් හිටපු හැමෝම කටවල් තද කරගෙන හිනා වුණා.
මේ වගේ දේවල් නොකර තමන්ගේ අසරණකම කියලා නිකං ආධාර සහ පරිත්‍යාග අරගන්න අයත් ඉන්නවා. ගොඩක් වෙලාවට මෙයාලා මේ කියන්නේ ඇත්තද? බොරුද? කියලා හිතාගන්න බෑ. සමහරු දිහා බැලුවම නම් ඉහෙන් බහින රෝගයක් නෑ. ඔහොම දුක් ගැනවිලි කියාගෙන එන අයගෙන් බහුතරයක්ම වැඩ කළ හැකි මට්ටමේ ඉන්න ජනතාව. ඉතින් "ඇයි මෙයාලට දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා, මොකක් හරි රස්සාවක් කරලා, දියුණු වෙන්න බැරි?" කියන ප්‍රශ්නය මට නිතරම හිතෙනවා. එහෙම එන සමහරක් අයගෙ පැටිකිරිය කාලයක් තිස්සෙ හොදට දන්න කොන්දොස්තරලා නම්, මෙයාලා බස් එකට ගොඩ වුණු ගමන්ම කියනවා "කවුරුත් මෙයාලට සල්ලි දෙන්න එපා" කියලා.
දවසක් මොකක් හරි ප්‍රසිද්ධ ආයතනයකින් කට්ටියක් ඇවිත් පිළිකා රෝගීන් වෙනුවෙන් පුලුවන් උපකාරයක් කරන්න කියලා ඉල්ලුවා. ගොඩක් අය සල්ලි දුන්නා. මාත් ඉතින් රුපියල් 50ක් දුන්නා. මට එහා පැත්තේ හිටියේ ටිකක් මරුමුස් පෙනුමක් තියෙන, කණ්ණාඩි දාපු, ටිකක් පොෂ් ටයිප් එකේ ඇන්ටි කෙනෙක්. එයා මගෙන් අහපි "ඒ වගේ තැන්වලින් ඔහොම කරන්න අවසර දෙනවද?" කියලා. මම ඉතින් අහිංසක විදිහට හිනාවෙලා "දන්නේ නෑ" කියලා කිව්වා. "නිකං බොරුනේ......." කියලා මට බනින්න කට ගන්නවත් එක්කම, මොකක් හරි වාසනාවකට දන්නෙම නැතුව මම බහින තැන ළං වුණා. මං ඉතින් දඩිබිඩි ගාලා නැගිටලා, ඉස්සරහට ගියා.
අනිත් අතට දැන් අලුත්ම ක්‍රමයක් නිර්මාණයවෙලා තියෙනවා. ඒ තමයි හිගා කාලා දෙන දාන. දවසක් වැඩ කරන තැනට ආවා හොදට ඇද පැළද ගත්ත ගෑණු කෙනෙක්. හොද ගාම්භීර පෙනුමක් තියෙන කෙනෙක්. එහෙම ඇවිල්ලා කිව්වා "අපි අපලෙකට හරක් නිදහස් කරනවා. අපි සල්ලි තියෙන මිනිස්සු. ඒත් අපලෙ ගෙවෙන්න නම් තමන්ගෙ සල්ලි නැතුව, ඒකට අනිත් අයගෙ සල්ලිවලින් කරන්න ඕන" කියලා. ඊට දවස් දෙකකට විතර පස්සෙ බස් එකේ එනකොට. බස් එකට මනුස්සයෙක් ගොඩ වුණා. එයා කියනවා අපලයක් නිසා හිගමන් යදින්න වෙලා. ඒ හම්බවෙන සල්ලිවලින් දානයක් දුන්නම, අපලෙ නැති වෙනවලු. ඊට පස්සෙ මාසෙත්, මේ මනුස්සයම බස් එකට ගොඩ වුණා. තාමත් එයාට දානය දෙන්න, හරියට සල්ලි එකතුවෙලා නෑ. ඒ වෙලාවෙ මට හිතුනෙ එකම එක දෙයයි. "මොකක්ද දෙයියනේ අපේ රටේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ? ඉස්සර කාලෙ Star Gate එකකින් එහෙ මෙහේ ගියපු මිනිස්සුලු නේද අපි..?????"
මේ අතරේ බස් එකේ යන කවුරු හරි එක මගියෙක්වම ඉලක්ක කරගෙන බස් එකට නගින අයත් ඉන්නවා. දවසක් බස් එකේ ඉස්සරහා ඕන තරම් හිස් ආසන (10කටත් වඩා) තියෙද්දි, මැද හරියේ මම ගාවින්ම තරුණයෙක් වාඩි වුණා. මට නම් මෙයා ගැන එවෙලේම සැක හිතුනා. දැන් කතාවට අල්ල ගනීවි, දැන් කතාවට අල්ල ගනීවි කියලා හිත හිතා ඉන්න අතරේ ඔන්න ඉතින් කතාවට අල්ල ගත්තා. "අර පාරෙන් නේද කොළඹ යන බස් යන්නෙ? මේ පාරෙන් කොට්ටාවට යන්න පුලුවන් නේද? අවිස්සාවෙල්ලට යනවා නම්, කොට්ටාවෙන් ගන්න පුලුවන් නේද? මොකක්ද බස් අංකය?". මාත් ඉතින් එව්වට උත්තර දුන්නා. ටිකක් වෙලා ගියා. ඔන්න මම හිතුවත් වගේම බොරුව දැම්මා. "මල්ලි මට ලොකු උදව්වක් කරන්න පුලුවන්ද? මම වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වෙලා එන ගමන්. අම්මව බලන්න යන්නෙ. ඒත් අම්මලවත් තාම දන්නෙ නෑ. මට යන්න ඕන අවිස්සාවෙල්ලට. යන්න සල්ලි කීයක්වත් නෑ. මට රුපියල් 100ක් විතර දෙන්න පුලුවන්ද?". මෙයා මේක කියනකොට, මට මතක් වුණා මෙයාම දවසක් විජේරාම හංදියෙ හම්බවෙලා, ඕකම කිව්වා නේද කියලා. අද දෙවෙනි පාර. මේත් එක්කම කවුද කෙනෙක් මගේ උරහිසට තට්ටු කළා, පිටිපස්සෙ ඉදගෙන. ඒ තමයි කොන්දොස්තර මාමා. "ඔයා මත්තෙගොඩින් නේද බහින්නෙ?" කියලා අහන ගමන්, සද්ධෙ පිටනොවෙන විදිහට තොල්වලින් කිව්වා "දෙන්න එපා" කියලා. මම කොහොමත් දෙන්න නෙවේ හිටියෙ. මම දුන්නෙ නෑ. එයා ටිකක් වෙලා ආසනේ ඔළුව ගහන් ඉදලා, බැහැලා ගියා. පස්සෙ කොන්දොස්තර තැන කිව්වා "එයා නිතරම ඔහොම බොරු කියලා සල්ලි කඩා ගන්නවා. එක දවසක් ගහලා එලෙව්වත් එක්ක" කියලා.

දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකේ ගෙදර යන වෙලාවක, ලංගම School බස් එකකින් ගිය කොල්ලෝ රෑනක්, මම ගිය බස් එකේ හිටපු අහිංසක චූටි නංගිලා රොත්තක් නෑවිලා යන්න දැවැන්ත ජල ප්‍රහාරයක් එල්ල කළා. අපේ බස් එකේ ගියපු අහිංසක චූටි නංගිලා 10ක් විතර නෑවුනා. ඒ වුණාට තව ගොඩාරියක් නංගිලා හිටියා. නංගිලා ටික නෑවිලා යනවාත් එක්කම, ඒ බස් එකෙන් ලොකූ හූවක් කිව්වා. අපේ බස් එකේ
|
ගියපු හැමෝම හරිම අප්‍රසන්න විදිහට තමයි ඒ බස් එක දිහා බැලුවේ. මම ගියේ හිටගෙන. මාත් ඉතින් නැවිලා, ජනේලයෙන් බැලුවා මොකක්ද ඒ බස් එක කියලා. බැලින්නම් අපේ ඉස්කෝලෙ බස් එකක් කියහංකෝ. ඒ කාලෙ මම ගෙනිච්චේ Side Bag එකක්. මම ඉතින් කාටවත් පේන්නෙ නැති වෙන්න Shape එකේ, සාක්කුවේ කොනට අල්ලලා තියෙන Badge එක වහගත්තා, Bag එකේ පටියෙන්.
බස් එකේ ගමන් කරන නා නාප්‍රකාර මගී ජනතාව ගැන කතා කරනවා නම් ඉතින්....... මොනවද කතා කරන්න නැත්තේ..????? සමහර අය බස් එකට නැග්ග වෙලාවේ ඉදලා නිදි. නිදාගන්න එකාට ඉදගෙන හිටියත් එකයි. හිටගෙන හිටියත් එකයි. ඒ වුණාට ඉතින් අපේ උරහිස්වලට හේත්තු වෙන එක තමයි ප්‍රශ්නේ. සමහරක් අය බස් එකට නැග්ග වෙලාවේ ඉදලා කන්වලට ඇඹ ගහගෙන. ආහ් ! ඇඹ නෙවේ. Earphones ගහගෙන. ඉතින් කොන්දොස්තර උන්දෑ ළගට ඇවිල්ලා තට්ටු කරනකංම දන්නේ නෑ. වාඩිවෙලා යන අයගෙන්, සීට් එකේ මුලින්ම වාඩි වුණු එක්කෙනා තමයි 80%ක් විතර ඉඩ අයිති කර ගන්නේ. බලන්න එපැයි වක්කඩ වගේ කකුල් දෙක ඈත් කරගෙන, රාජකීය පවුලේ අය වගේ යන උජාරුව. ඉතින් පහුවෙලා වාඩිවෙන එක්කෙනාගේ එක කකුලක් ඇතුළේ. අනිත් කකුල එළියේ. එහෙම වුණාම හිටගෙන ඉන්න අයටත් කරදරයි. සමහරක් නෝනලාගේ බෑග් තියෙන්නේ අපේ මූණුවල. බෙල්ලවල් අස්සේ. කිසිම ගාණක් නැතුව ඔහේ වන වන යනවා.
හරි ක්‍රමේ තමයි පිටිපස්සෙන් බස් එකට නැගලා, ඉස්සරහින් බහින එක. ඒත් අපේ ගොඩක් අය නගින්නෙම ඉස්සරහින්. ඉතින් ඉස්සරහ දොර ළග ලොකු තදබදයක් ඇති වෙනවා. මොකද පිටිපස්සෙන් නැගලා, ඉස්සරහට ඉස්සරහට ආවට.... ඉස්සරහින් නැගලා, පිටිපස්සට යන්න අමාරු නිසා... දවසක් මහරගමින් එන බස් එකකට මිනිස්සු ඉස්සරහින් නැගලා, නැගලා, ඉස්සරහා ලොකුම ලොකු තදබදයක් ආවා. ඒත් බස් එකේ මැදයි අගයි ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් කොන්දොස්තර මහත්තයා සෑහෙන වෙලාවක් ඒ මිනිස්සුන්ට කිව්වා, පිටිපස්සට එන්න කියලා. ඒත් මිනිස්සු ඇහුවේ නෑ. එතනම හිර වෙලා හිටියෙ. පස්සෙ කොන්දොස්තර මහත්තයා වැඩේ අතෑරියා. වැඩේ අතාරින්න කලින් කොන්දොස්තර මහත්තයා, ඒ මිනිස්සුන්ට කතා කළේ මෙන්න මෙහෙමයි...
පළවෙනි පාර - පිටිපස්සට එන්න. ඕන තරම් ඉඩ තියෙනවා.
දෙවෙනි පාර - කිව්වම අහලා ඉස්සරහා ඉන්න අය පිටිපස්සට එන්න. මෙහේ ඉඩ තියෙනවා.
තුන්වෙනි පාර - ඔච්චරටම ආසද හිරවෙලා යන්න?
හතරවෙනි පාර - ඔහොම එක ගොඩේ ඉදලා පොකට් ගැහුවම අපිට නම් කියාගෙන එන්න එපා.
පස්වෙනි පාර - මේ ඔය ගොඩේ පොකට් ගහන අයත් ඇති. ඒ නිසා මේ ඉඩ තියෙන තැන්වලට එන්න.
හයවෙනි පාර - කොච්චර කිව්වත් ඔයාලා පොකට් ගහන අය අස්සෙමනෙ ඉන්නෙ.
හත්වෙනි පාර - ඔච්චරටම ආසද ඔයාලගෙ සල්ලි, පොකට් ගස්සවන්න?
අටවෙනි පාර - පොකට් ගැහුවම ඔයාලටමනෙ වදේ. ආයිත් කොච්චර මහන්සි වෙන්න ඕනද ID හදන්න? පොලීසි ගානෙ රස්තියාදු වෙන්න ඕන නේද?
නව වෙනි පාර - සල්ලිකාරයො වෙන්න ඇති ඉතින්. හහ්.
දහවෙනි පාර - ඔයාලා ඕන එකක් කරගන්න. හැබැයි පොකට් ගැහුවම අපි නෑ හොදේ !!!!!!

අපේ රටේ බස්වල සමහරක් ආසන, වෙන් කරලා තියෙනවා දකින්න පුලුවන්. මුල් ආසනය පූජ්‍ය/පූජක පක්ෂයට. මැද ආසනයක් ගැබිණි මව්වරුන්ට. තව ආසනයක් ආබාධිත පුද්ගලයන්ට. ඒ වුණාට මේවායෙන් හරියටම ක්‍රියාත්මක වෙන්නේ පූජ්‍ය/පූජක පක්ෂයට වෙන් කරලා තියෙන ආසනය විතරයි. ගැබිණි කාන්තාවක්, ආබාධිත කෙනෙක් ගොඩ වුණාම නම් එයාලව පේන්නෙත් නැති තරම්. ඒ තරමටම එයාලගේ ආසනය පරිත්‍යාග කරන්න
|
ඉදිරිපත් වෙන අය අඩුයි. අයිනක ඉදගෙන හිටියොත් නම් ආබාධිත අයට, ගැබිණි කාන්තාවන්ට කියලා නෑ, මම නම් වැඩිහිටි අයට වගේම, පුංචි නංගිලා, මල්ලිලා, දුවලා, පුතාලටත් ආසනය පරිත්‍යාග කරනවා. ඉතින් කොනක වාඩිවෙලා හිටියොත්, කොහොමත් දිගටම වාඩිවෙලා යනවා බොරු. මග දිගටම ආසනය පරිත්‍යාග කරන්න වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට හිටගෙන තමයි යැවෙන්නේ. මොකද විනාඩියකට, දෙකකට වාඩිවෙලා ඉන්න එක තේරුමක් නැති නිසා. මෙහෙම ආසන පරිත්‍යාග කරන්න ගිහින් වෙච්ච අකරතැබ්බත් නැතුවා නෙවේ. සමහරක් වෙලාවට කවුරු හරි කෙනෙක්ට ආසනය පරිත්‍යාග කරන්න කියලා හිටගෙන, එයාට කතා කරන්න එයා ළගට යනකොට, එයාට වෙන කෙනෙක් ආසනයක් දීලා. මගේ ආසනය දිහාවට හැරෙනකොට ඒ ඩිංගට එතන වෙන යෝධයෙක් ඉදගෙන. සමහරක් වෙලාවට කෙලවරේ ඉන්න එක්කෙනා බහිනකොට, කොහොමත් හිටගෙන එයාට ඉඩ දෙන්න වෙනවා. එහෙම ඉඩ දෙනකොට එතනට වෙන දෙන්නෙක් රිංග ගන්නවා, අපිවත් පෙරලගෙන.
එක දවසක් බස් එකට ගොඩ වුණා හාමුදුරු නමක්. මේ හාමුදුරුවන්ට ඉස්සරහින් ආසනයක් දෙන්න කවුරුත් උනන්දු වුණේ නෑ. හාමුදුරුවෝ විනාඩියක් විතර හිටගෙන ගියා. කොන්දොස්තර අයියා හිටියේ පිටිමපස්සෙ සෙනග ගොඩේ හිරවෙලා. එයා එතන ඉන්න ගමන් හයියෙන් කිව්වා "හාමුදුරුවන්ව දැක්කෙ නෑ වගේ ඉන්න. එතකොට හරි. වැරදිලාවත් බලන්න එපා හාමුදුරුවො දිහා. එතකොට Seat එක දෙන්න වෙනවනෙ? දැක්කෙ නෑ වගේ ඉන්න මූණු හංගගෙන" කියලා. ඊට පස්සෙ තමයි හාමුදුරුවන්ට ඉදගන්න, ඉස්සරහින් ආසනයක් හම්බුණේ.
දවසක් බස් එකක ඉදගෙන යනකොට මට එහා පැත්තේ පේළියේ ඉදගෙන හිටියා වයසක සීයා කෙනෙක්. හැබැයි බැලූ බැල්මට හරිම වැදගත් පාටයි. හොද පිළිවෙලට ඇදගෙන, පිළිවෙලට කොණ්ඩේ පීරලා. කතාවක් තියෙනවානෙ රූපයෙන් මිනිස්සුන්ව මනින්න යන්න එපා කියලා. ඒක මෙතනට හරියටම ගැලපෙනවා. රූපයේ තිබ්බ වැදගත්කම එයාගේ කතාවේ තිබ්බේ නෑ. හිටගෙන හිටපු එක්කෙනෙක්ට වැරදිලා සීයාගේ කකුල පෑගිලා. ඒ සීයාට හොදටම මළ.

"අහකට ගන්නවා මනුස්සයෝ කකුල. මගේ මේ කකුල ඔපරේෂන් කරලා ඉන්නේ. ඇවිදින්නවත් හොද නෑ. ඇගිලිවල ඇට පුපුරලා. මාව මරන්නද ඕයි හදන්නේ..?" ආයිත් ඔන්න ටික වෙලාවකින් අර මනුස්සයා වැරදිලා කකුල පාගලා. ඔන්න සීයා ආයිත් සිංහනාද කළා. "සැරයක් කිව්වා නේද ඔතනින් යන්න කියලා? මාව මරන්නද හදන්නේ?". ආයිත් ටික වෙලාවක් ගියායින් පස්සේ ඔන්න ආයිත් කකුල පෑගිලා. ඒ පාර සීයා හෙන සැරට
|
බැන්නා. පස්සේ ඒ මනුස්සයත් ඉදලා ඉදලා බැරිම තැන, පිටිපස්සට ගියා. ඇත්තම කතාව ඇවිල්ලා ඒ සීයා කකුල තියන් ඉන්න හැටියට, පෑගුනේ නැත්නම් තමයි පුදුමේ. අර මිනිහා ගියා විතරයි, එතනට තව මිනිහෙක් ඇවිත් හිට ගත්තා. එයා දන්නේ නෑ සීන් එක. එයත් කරුමෙට වගේ වැරදිලා කකුල පෑගුවා. ඔන්න ඉතින් සීයාට ආයිත් යක්ෂයා ආවේශ වුණා. "ඔය කකුල පාගන්න එපා හරකෝ. කකුල ඔපරේශන් කරලා තියෙන්නෙ. කකුලෙ ඇට පුපුරයි. මාව මරන්නේ නැතුව එහාට වෙනවා." ඒ පාර ඒ මිනිහාත් එතනින් ගියා. ඔන්න ඒ පාර එතනට තවත් අහිංසක මනුස්සයෙක් ඇවිත් හිටගත්තා. "බූරුවෝ කකුල පාගන්න එපා." බැලින්නම් එයත් කකුල පාගලා. ඔය විදිහට සීයා බහිනකංම, එතනට එන එන එක්කෙනා, ඒ සීයාගෙන් ඇති පදම් බැණුම් අහගත්තා. ඒ වුණාට ඉතින් එයත් තේරුම් ගන්න ඕන, ඇතුළේ තියෙන ලෙඩ, එළියට පේන්නේ නෑ කියලා.
ඉස්සර කාලෙක තවත් මේ වගේම වුණු බැන ගැනීමක් මතක් වෙනවා. දවසක් එක බස් එකක යනකොට, ඒ බස් එක කිසිම මාර්ග සංඤාවක් පිළිපැද්දෙ නෑ. කහ ඉරේ මිනිස්සු පාර පනිද්දිත්, රතු එළි පත්තුවෙලා තියෙද්දිත්, කිසිම ඉවක් බවක් නැතුව අහු මුළුවලින් දාගෙන, බයික්වල, බස්වල ගෑවී නොගෑවී ලෑල්ලට පාගලා තමයි ගියේ. බහින මිනිස්සුන්ව බස් එකෙන් බස්සවන්න තියෙන හදිස්සිය කොච්චරද කියනවා නම්, හරියට බස් එකෙන් තල්ලු කරන ගාණට. මේ අස්සෙ "කොන්දොස්තර මහත්තයා. පොඩ්ඩක් මෙහාට ආවා නම්" කියලා කට හඩක් පිටිපස්සෙන් ආවා. ඊට පස්සෙ වුණේ මෙන්න මේ වගේ දෙයක්.
මගියා - ඔයාලා ඒ කරන වැඩේ හරිද?
කොන්දා - මොන වැඩේද?
මගියා - ඔහොම වේගෙන් යන එක?
කොන්දා - දැන් මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය?
මගියා - පපුවත් ගැහෙනවා මේ යන වේගෙට. අහුමුළුවලින් දාලා, මාර්ග නීතිවලට අවනත වෙන්නෙ නැතුවනෙ යන්නෙ.
කොන්දා - ඉතින්?
මගියා - මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක නේද ඔයාලා මේ සෙල්ලං කරන්නෙ?
කොන්දා - දැන් මෙතන මොකක්වත් වුණේ නෑනෙ. අපි යන්නෙ අපිට ඕන විදිහට. තමුසෙ කවුද අපිට යන විදිහ කියලා දෙන්න. බැරි නම් ගිහින් දාගන්නවා Complain එකක්.
මගියා - ඔව් දානවා තමයි.
කොන්දා - ඉතින් දානවා ඕයි
මගියා - දැන් අනතුරක් වුණාට පස්සෙද Complain එක දාන්න ඕන අපි? එතකොට වැඩක් තියෙනවද? අනතුර වෙන්න කලින් ඒක වළක්ව ගන්න බැරිද?
කොන්දා - දැන් මෙතන අනතුරක් වුණාද?
මගියා - අනතුරක් වුණාට පස්සෙද අපි Complain එක කරන්න ඕන?
කොන්දා - අනතුරක් වුණාද මෙතන දැන්?
මගියා - අනතුරක් වුණාට පස්සෙද එතකොට Complain එක දාන්නෙ?
කොන්දා - තමුසෙ ඉස්සරවෙලා කියනවා, මෙතන අනතුරක් වුණාද කියලා?
මගියා - අනතුරක් වුණේ නෑ. ඒත් අනතුරු වෙන්න ගියානෙ.
කොන්දා - ඔව්. ඒත් අනතුරක් වුණේ නෑනෙ?
මගියා - ඒ වුණාට අනතුරු වෙන්න ගියානෙ.
කොන්දා - අනතුරු වෙන්න යන්න ඇති. ඒත් අනතුරක් වුණේ නෑනෙ. අනතුරු මගෑරලනෙ යන්නෙ.
මගියා - ඒත් අනතුරක්......
කොන්දා - තමුසෙට කියන දේ තේරෙන්නෙ නැද්ද? අනතුරක් වුණේ නෑනෙ... මෙතන පැනලා දෙන්නෙ නැතුව කට වහන් ඉන්නවා. යන්න බැරි නම් පලයං බස් එකෙන්. අපි යන්නෙ අපිට ඕන විදිහට. ඔය එක එකාට ඕන විදිහට නෙවේ..
ඒ වුණාට හොද කොන්දොස්තර මහත්තුරු ඕන තරම් ඉන්නවා කියලත් කියන්න ඕන. 138/2 මාර්ගයේ ඉන්නවා කොන්දොස්තරවරයෙක්. මෙයා කවදාවත් මිනිස්සුන්ට බස් එකේ පිටිපස්සෙ දොරෙන් බහින්න දෙන්නෙ නෑ. බැරිවෙලාවත් බැස්සොත්, ඒ වෙලාවෙම මනුස්සයාගෙ පස්සෙන් ගිහින්, ඒ මනුස්සයට දොස් කියනවා. මොකද රියදුරු මහත්මයා දන්නෙ නෑ, පිටිපස්සෙන් මිනිස්සු බහිනවා කියලා. එයා දන්නෙ නැතුව අද්දනවා. ඉතින් ඒ කොන්දොස්තරවරයා එහෙම කරන්නෙ, මගීන්ගෙම ආරක්ෂාව වෙනුවෙන්.
ඒ දවස්වල මම ආපු එක බස් එකක් තිබුණා. මේ වගේ මාර්ග නීති කඩ කිරීම් නිසා ඒකෙ හිටපු කොන්දොස්තරවරයයි, රියදුරයි හැමතිස්සෙම රණ්ඩු වුණා. කොන්දොස්තරට ඕන කළේ මාර්ග නීතිවලට අනුව යන්න. ඒත් රියදුරාට ඕන වුණේ ඒකෙ අනිත් පැත්ත. මේ නිසාම ගොඩක් වෙලාවට මේ දෙන්නම බැන ගන්නවා, එක එක සත්තුන්ගෙ නම් කිය කියා. පස්සෙ කාලෙක කොන්දොස්තරවරයා මේ බස් එකෙන් අයින් වෙලා, ඒ පාරෙම වෙන බස් එකක වැඩ කරන්න ගියා.
දවසක් බස් එකේ යනකොට බීපු මිනිහෙක් නැග්ගා. කොච්චර බීලා හිටියද කිව්වොත්, හරියට නිකං රූකඩයක් වගේ. බෙල්ල දෙකට කැඩිලා වගේ නමාගෙන තමයි හිටියේ. කකුල් දෙකට නැමිලා. අත් දෙක පොඩ්ඩක් උඩට ඉස්සුවත් නැමෙනවා. නැග්ග ගමන් බස් එකේ කණුව බදා ගත්තෙ හරියට පොල් ගහක් බදා ගන්නවා වගේ. විශේෂම දේ ඒක නෙවේ. එදා බස් එකේ හැම Seat එකකම එක්කෙනා ගානෙ තමයි හිටියෙ. ඒ කියන්නෙ බස් එකේ තිබ්බ හැම Seat එකකම, තවත් වැඩිපුර එක්කෙනෙක්ට ඉදගන්න පුලුවන්කම තිබ්බා. ඒත් අර මනුස්සයා ළගට එනකොට, Seatවල වාඩිවෙලා හිටපු හැමෝම කළේ ඒ හිස්තැන් බෑග්වලින්, මළුවලින් ආවරණය කරගත්ත එක. සමහරු එයාට එන්න බැරි විදිහට, Seat එකට ඇතුළ් වෙන කොනට වෙලා, කකුල් පළල් කරගෙන හිටියා. බීලා හිටපු නිසා කවුරුත්ම එයා තමන් ළගින් ඉදගන්නවට කැමති වුණේ නෑ.
තව දවසකුත් ඒ වගේම දෙයක් වුණා බස් එකේදි. හොදටම මත් වෙලා හිටපු කෙනෙක්ට, Seat එකක ඉදන් ඉන්න කෙනෙක්, එයා ඉන්න Seat එකේ ඉදගන්න දුන්නෙ නෑ. බීපු කෙනා අවුරුදු ගාණකින් නාලා නැති, ඉරුණු කමිසයකුයි, පොඩි කොට කලිසමකුයි ඇදගත්ත, බැලූ බැල්මට රස්තියාදුකාර පෙනුමක් තියෙන කෙනෙක්. ඊට පස්සෙ ඒ දෙන්නා අතරේ පොඩි වාදයකුත් ඇති වුණා. වාදය දුර දිග ගිහින් මෙන්න බොලේ බීපු කෙනා, එක පාරටම ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. "Now what are you saying? Say. What are you saying? I'm a respectable man" කියලා සට සට ගාලා කටින් ඉංග්‍රීසි පිට වුණා.

බම්බලපිටියෙ ඉදලා මත්තේගොඩට දුවන පරණ තාලයේ ලංගම බස් එකක් තියෙනවා. මේකෙ ගමනාන්තය ලියලා තියෙන එක පුවරුවයි හයි කරන්න පුලුවන්. ඉතින් ගමනාන්තය ළං වෙනකොට, පුවරුව ගලවලා, වෙන එකකට මාරු කරන්න ඕන. මත්තේගොඩ ඉදලා බම්බලපිටියට යනකොට, "බම්බලපිටිය" කියන පුවරුව හයි කරන් යනවා. බම්බලපිටියෙ ඉදලා මත්තේගොඩට එනකොට, "මත්තේගොඩ" කියන පුවරුව හයි කරන් යනවා. මේ බස් එක අන්තිමටම මත්තේගොඩට එන්නෙ හවස 5.45ට විතර. අන්තිම වැඩ මුරයෙදි බස් එක යන්නෙ, මත්තේගොඩ ඉදලා, මහරගමට විතරයි. කොට්ටාව - මත්තේගොඩ අතර ඉන්න මිනිස්සු මේ බස් එක ගැන හොදට දන්නවා. ඒත් එක දවසක් බස් එකට හැමතිස්සෙම වගේ ගොඩ වෙන කෙනෙක්, කොන්දොස්තර අයියාගෙන් ඇහුවා "අද කොට්ටාවට යනවා නේද?" කියලා. මත්තේගොඩ හංදියේ ඉදලා, කොට්ටාව හංදියට කිලෝ මීටර් 4ක් විතර තියෙනවා ආසන්න වශයෙන්. කොට්ටාව හංදියට තමයි සාමාන්‍යයෙන් මත්තේගොඩින් නගින 98%ක්ම වගේ යන්නෙත්. එදා කොට්ටාවේ හංදියෙන් බැස්සෙ නැත්තෙ මම විතරයි. කොට්ටාව හංදියෙන් කවුරුත්ම බස් එකට නැග්ගෙ නෑ. මත්තේගොඩ ඉදලා මහරගමට ආසන්න වශයෙන් කිලෝ මීටර් 5.5ක් විතර තියෙනවා. කොට්ටාව හංදියේ ඉදලා මහරගමින් මම බහිනකන්ම, මම විතරයි බස් එකේ ගියේ. වෙන කිසිම කෙනෙක් ගියේ නෑ. පස්සෙ බැලින්නම්, කොන්දොස්තර අයියට පුවරුව මාරු කරන්න අමතක වෙලා. මත්තේගොඩ ඉදලා මහරගමට ඇවිල්ලා තියෙන්නෙ "මත්තේගොඩ" කියන පුවරුව ගහගෙන.
බස් එකේ ඉන්න කොන්දොස්තර මහත්වරු, එහෙමත් නැත්නම් අයියලා, මාමලා කරන්නේ හරිම ගෞරවනීය රස්සාවක්. කොන්දොස්තර වැඩේ කරන එකත් ලේසි නෑ. අපි ඉතින් ඒකට ගරු කරන්න ඕන. ඒ වගේම එයාලගේ රස්සාව තියෙන්නේ අපි නිසයි. එයාලත් අපිට ගරු කරන්න ඕන. සමහරක් වෙලාවට රුපියලට, දෙකට රණ්ඩු සරුවල් වෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා. රුපියල් 15ක විතර ටිකට් එකට, රුපියල් 500ක් දික් කළාම, කාගෙද වරද? ගොඩක් බස්වල සල්ලි ගන්නවා මිසක් ටිකට් දෙන්නේ නෑ. ඉතින් මතක නෑ. සල්ලි ගෙව්වට පස්සේ, ආයිත් අපි ළගට ඇවිල්ලා ටිකට් ගන්න කියලා කියනවා. ඉස්සර නම් බස්වල Foot board එකේ 100ක් එල්ලිලා ගියත් මෙයාලට ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් නම් Foot board එකේ එල්ලිලා යන්න දෙන්නේ නෑ. දැක්ක හැටියෙම බනිනවා. හැම තිස්සෙම "ඉස්සරහට යන්න" කියලා කියන එකත් ඒ තරමටම ප්‍රායෝගික නෑ. ජීවිතෙන් ඉස්සරහට යන එක වෙනම කතාවක්. ඒත් ඇගිල්ලක් ගහන්නවත් ඉඩක් නැතුව තියෙද්දිත්, "ඉස්සරහට යන්න" කියන එකනෙ ප්‍රශ්නේ. ඉතුරු සල්ලි දෙන්නෙ නැති එක වෙනම කතාවක් වුණාට කොන්දොස්තර මහත්වරුන්ට ගණන් සාස්තරය ගැන තියෙන්නේ පුදුම හැකියාවක්. ඇසි පිය ගහණ වේගයෙන් ගණන් හදනවා. වෙලාවකට ඒ ගැන පුදුමත් හිතෙනවා. අතර මැද තැනක ඉදලා, තවත් තැනකට අරගන්න ගාණ ඇහුවම, ඇහිපිය ගහන වේගෙට ගාණ කියනවා.
ඉතුරු සල්ලි කියනකොට කතාවක් මතක් වෙනවා. දවසක් මහරගම ඉදලා පිටකොටුවෙ යන්න, බස් එකට ගොඩ වුණු මගියෙක්, කොන්දොස්තරවරයාට රුපියල් 5000ක නෝට්ටුවක් දුන්නා. මේ වෙලාවෙ කොන්දොස්තරවරයාට එච්චර ගාණක් මාරු කර ගන්න තරම් සල්ලි තිබ්බෙ නෑ. මගියා ගාවත් තිබිලා තියෙන්නෙ රුපියල් 5000 නෝට්ටුවම විතරයි. "ඔයාලා මාර අමාරුවක නෙහ් අපිව දාන්නෙ? 10 000 නෝට්ටුවක් තිබ්බා නම්, ඔයාලා ඒකත් උස්සන් එයි" කියලා, කොන්දොස්තරවරයා කිව්වා.
සමහරක් බස් නම් නිකං බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ. මාස ගාණකින් සුද්ධ කරලා නෑ. සමහරක් බස් නම් නිකං පන්සල් කෝවිල් පල්ලි වගේ. හරිම පිරිසිදුයි. හදුන්කූරු පත්තු කරලා. බුදු පිළිම තියලා. දේව පිළිම තියලා. ජේසුස් වහන්සේගේ පිළිම තියලා. සමහර ඒවායේ ස්ටිකර් / පින්තූර අලවලා. සීවලී හාමුදුරුවොත් ඉන්නවා. ඒවා වටේට බල්බ් දාලා, මල් මාලා දාලා වැඩ කෝටියයි. සමහරක් බස්වල ඇතුළෙත් එක එක වැකි ලියලා තියෙනවා දකින්න පුලුවන්.
තවත් දවසක හරිම අපූරු වැඩක් වුණා. එක සතියක හතර වතාවක් විතර එකම බස් එකේ ගියා. හැමදාම ඒකෙ හිටපු කොන්දොස්තර රුපියල් 3ක් වැඩියෙන් ඉතුරු දෙනවා. මම ඉතින් කියනවා 3ක් වැඩියි කියලා. පස්සෙ බැලින්නම් ඒ ඉන්නෙ බස් එකේ කොන්දොස්තර නෙවේ. බස් රියදුරා. කොන්දොස්තර ගමේ ගියා කියලා, වෙන කෙනෙක්ව දාගෙන බස් එක දුවවන අතරෙ, බස් එකේ රියදුරු තැන, කොන්දොස්තර තැනගෙ රාජකාරිය කරනවා. මේක නම් මට පෙනුනෙ අර කාගෙද වැඩේ, කවුද කළා වගේ වැඩක්.

රියදුරු මහත්වරු ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන්නේ වේගය ගැන. පාරේ යන ත්‍රීවිල් සහ මෝටර් බයික් ඇරුණම වැඩියෙන්ම දෝෂ දර්ශනයට ලක් වෙන්නේ බස් එලවන උදවිය. හැම අනතුරකටම මුල අධික වේගය තමයි. දවසක් බස් එකක් හෙන වේගයෙන් යනවා. කොච්චර වේගයෙන්ද කිව්වොත් කොන්දොස්තරටවත් හිටගෙන ඉන්න බැරි තරම්. මෙහෙම යනකොට ඉස්සරහා ඉන්න නෝනා කෙනෙක්, බස් එකේ මීටරේට එබුනා. ඊට පස්සේ රියදුරු මහත්තයාගෙන් ඇහුවා "ඔයා යන Speed එක වැඩි නෙහ්? ඔයා Speed එක පන්නලා නේද යන්නේ? ඔයාලට ඔච්චර Speed එකෙන් යන්න අවසර නෑ නේද?" කියලා. "ඒ වුණාට අපි යනවා මිස්" කියලා, රියදුරු මහත්තයා උත්තරයක් දුන්නේ පොඩි හිනාවකුත් එක්ක. ගොඩක් වෙලාවට ඉතින් එහෙම වෙන්නේ පෞද්ගලික බස් සහ පෞද්ගලික බස් අතරෙයි, පෞද්ගලික බස් සහ රජයේ බස් අතරෙයි. ඒ ඉතින් බස් එක පුපුරන තරමටම, වැඩි වැඩියෙන් සෙනග අද්දගෙන, අතට එන ගාණ සරු කර ගන්න. ඉතින් බස්වල යනවා නම් අනිවාර්යෙන්ම අපේ අන්තිම කැමති පත්‍රයත් ලියලම යන්න ඕන.
ගොඩක් අය බස් එකට ගොඩ වෙන්නත් කලින් තමයි බස් එක අද්දන්නේ. සමහරක් වෙලාවට බහින්න කලිනුත් අද්දනවා. තවත් සමහරක් වෙලාවට බස් එක යන ගමන්ම, බැහැ ගන්න කියලා කෑ ගහන වෙලාවලුත් තියෙනවා. බස් එක නැවැත්තුවත්, ඒ නවත්තන්නෙත් පාරට කපලා. ඒ ඉක්මනට යාගන්න ඕන නිසා. අක්කරයක් විතර දුරින් Traffic එකක් පේන්න පටන් ගන්නකොටම, හෝ(ර්)න් එක නොනවත්වාම ගහනවා. සමහරක් බස්වල මහා සද්ධෙට සිංදු දාගෙන. රියදුරු මහත්තයා කැමති සිංදු තමයි අපිත් අහන්න ඕන. Bell ගැහුවට ඇහෙන්නෙත් නෑ.
දවසක් බස් එකක හයි කරලා තිබ්බ රූපවාහිනියකට, රූපරචනා සහිත ගීත වගයක් දාලා තිබ්බා. ටිකක් පරණ, අර්ථාන්විත ගීත ටිකක්. ඒ ඒ ගීත සහ ඒ ඒ ගීතවලට අදාල රූප-රචනයේ තිබ්බෙ හරිම අපූරු සම්බන්ධයක්. උදාහරණ කිහිපයක් කියනවා නම්,
ගීතය - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ....
රූපරචනය - වදුරන් රැලක් විදුලි රැහැනක් දිගේ එහාට මෙහාට දුවන, ගස්වලින් එහාට මෙහාට පනින දර්ශනයක්
ගීතය - බුදු කරුණා දෑස තෙමී....
රූපරචනය - වල් අලියෙක්, මෝටර් රථයකට පහර පිට පහර දෙන දර්ශනයක්
ගීතය - දන්නෝ බුදුන්ගේ...
කකුල් දෙකෙන් සිට ගත් එළදෙනක්, තනපුඩුවලින් මිනිසෙකුට කිරි විදින අතර, මිනිසා කට අරිමින්, එහාටත් මෙහාටත් පනිමින් කිරි බොන දර්ශනයක්

මේ දක්වා ආපු ජීවිත කාලය තුළ මම දෙපාරක් බස් එකෙන් වැටුනා. එක පාරක් බස් එක යද්දි කලබලේට බහින්න ගිහින්. එදා කොට්ටාව පැත්තට ගියා යාලුවෝ එක්ක. අපිට බැහැගන්න ඕන තැන හරහා තමයි බස් එක යන්නේ. ඒත් බස් එක නවත්තන්නේ කොට්ටාවෙන්. අපිට බැහැගන්න ඕන තැන පහු කරනකොට යාලුවෝ ටික ටක් ටක් ගාලා බැහැ ගත්තා. මම ඉතින් තැන දන්නෙත් නෑ. මාත් ඕන එකක් වෙච්චදෙන් කියලා බැස්සා. ඇත්තම කිව්වොත් පැන්නා. කකුල පැටලුනා. වැටුණා. එතකොට යාලුවෝ ටික හිටියේ හෙන ඈත. එයාලා දුවගෙන ඇවිත් මාව නැගිට්ටවලා, අරගෙන ගියා. මට මතකයි ඈත ඉන්න ත්‍රීවිල් මාමා කෙනෙකුත් දුවගෙන ආවා. අපි යනකං බස් එකත් ටික වෙලාවක් නවත්තලා තිබ්බා.
අනිත් පාර බස් එකෙන් බහිනකොට බස් එක අද්දලා. ඒ අපේ ගමේ පාර ඉස්සරහා. එදත් මම ලැජ්ජාවට ආපස්ස බලන්නේ නැතුව නැගිටලා, වේගෙන් ඇවිදගෙන ගියා පාර ඇතුළට. බස් එකත් හෙන |
වෙලාවක් නවත්තලා තිබ්බා. වෙනදට නම් ගමේ වැඩක් පලක් නැති අය, කයිය ගහන්නේ එතන තියෙන ලෑලි බංකුවල වාඩි වෙලා. හොද වෙලාවට එදා කට්ට දවල්. බලු බල්ලෙක් පේන්න හිටියේ නෑ. මේ දෙපාරම හයියෙන් බිම ඇදන් වැටුනත් සුළු තුවාල සහ හීරීම් විතරයි තිබුනෙ. බැරිවෙලාවත් ඔළුව එහෙම වැදුනා නම් මම එතනම ඉවරයි.
තව දවසක් බස් එකක යද්දි, ඒ බස් එකේ පිටිපස්සේ කැමරාවක් හයි කරලා තිබුණා. කැමරාව හරවල තිබ්බෙ බස් එකේ පිටිපස්සේ දොරටයි. කැමරාවේ සජීවී රූප රාමු, බස් එකේ ඉස්සරහ කණ්නාඩිය ළඟ හයි කරපු පොඩි මොනිටරේකින් පෙන්නනවා. බස් එකේ රියදුරා, බස් එක අද්දන්න කලින්, ඒ මොනිටරය දිහා බලලා තමයි අද්දන්නේ. මේ ක්‍රමය අපේ රටේ හැම බස් රථයකටම යෙදුවොත්, බස් රථයේ පිටිපස්සෙ දොරෙන් බහිනකොට සහ නගිනකොට වෙන අනතුරු විශාල ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන්.
මේ වෙලාවෙ තවත් සිද්ධියක් මතක් වෙනවා. දවසක් ටිකට් එකට සල්ලි අරගනිද්දි මගේ සාක්කුවෙන් රුපියල් 100ක් වැටිලා. මම දන්නෙත් නෑ. සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ කොන්දොස්තර තැන මගේ ළගට ඇවිල්ලා "ඔයාගෙ සල්ලි වැටුණද?" කියලා අහලා, මට ඒක දුන්නා. ඒක හොදටම හිතට දැනුණු දෙයක්. මොකද එයාට ඕන්නම් තිබ්බා, ඒක මගෙන් අහන්නෙත් නැතුව, එයාගෙ සල්ලි මිටිය අස්සට දාගන්න.
ඔන්න ඔහොමයි අපේ රටේ බස්වල හැටි. දැනට මතක් වෙන්නේ ඔච්චර තමයි. සමහර විට ඉස්සරහදි තව තව අත්දැකීම් හම්බවෙයි. එව්වත් ඉස්සරහදි ලියලා දාන්නම්. මගේ නම් පැතුම අපේ රටේ ප්‍රවාහන සේවය තව තවත් දියුණු වෙන්න කියන එකයි. ආසන ගාණට විතරක් මිනිස්සු අරගන්න, බස් එකට නගිනකොට සහ බස් එකෙන් බහිනකොට අද්දන්නේ නැති, අපේ ඉතුරු සල්ලි ගාණට මිම්මට බේරලා දෙන, අනිවාර්යෙන් ටිකට් එකක් හම්බවෙන, මගීන්ට ගරු කරන යුගයක් දකින එක තමයි බස්වල යන එන කොයිකාගෙත් පැතුම. හැබැයි තව එකක් මතක තියා ගන්න ඕන. මේ විදිහේ යහගුණ දන්න, මගීන්ට හොදට සේවාව ලබා දෙන, මගීන්ගේ ආරක්ෂාව ගැන නිතරම සැළකිලිමත් වෙන රියදුරු සහ කොන්දොස්තර මහත්තුරුත් නැතුවා නෙවේ...!!!!!!